පොළොන්නරු යුගයේ සාහිත්‍ය

ක්‍රි.ව 1070 පමණ සිට ක්‍රි.ව 1214 පමණ දක්වා කාලය පොළොන්නරු යුගය නම්වේ. 1070 දී පමණ චෝල ආක්‍රමණිකයන් පලවා හැරීමෙන් පසු පළමුවන විජයබාහු රජ විසින් පොළොන්නරු නගරය තම අගනුවර වශයෙන් තෝරා ගන්නා ලදී. එතැන් සිට කාලිංග මාඝ ආක්‍රමණය කරන තෙක් කාලය තුළ පොළොන්නරු නගරය මෙරට අග නගරය විය. පොළොන්නරු යුගයේ දී ග්‍රන්ථ රාශියක් ලියවී තිබේ. ගද්‍ය පද්‍ය මෙන් ම සාහිත්‍ය විචාරය ද දියුණු තලයකට පත් ව තිබෙන්නට ඇති බව එම කෘති පරිශීලනයෙන් අවබෝධ වෙයි. මේ කාලය තුළ පාලි, සංස්කෘත භාෂා දෙකෙහි ම ඇසුර සිංහල සාහිත්‍යයට ලැබුණි. දකුණු ඉන්දියානු බලපෑම මත දමිළ බසද ඇතැම් ලේඛන සඳහා භාවිත කොට ඇත. සන්න, ගැටපද, පරිකථා, ව්‍යාකරණ ග්‍රන්ථ, බුද්ධ ධර්මය විෂය කොටගත් ගද්‍ය හා පද්‍ය ග්‍රන්ථ රාශියක් මේ යුගයේ බිහිවිය. කාලිංග මාඝ ආක්‍රමණයෙන් පසු මේ පොත්පත් ගිනි තබා විනාශ කළ නිසා අද දක්‌වා ඉතිරිව ඇත්තේ ස්‌වල්පයක්‌ පමණි.

පොළොන්නරු යුගයේ ලියවුණු සන්න හා ගැටපද අතර වෙසතුරු ගාථා සන්‍නය, මහාබෝධි වංශ ග්‍රන්ථිපදය, ජාතකට්ඨකථා ග්‍රන්ථි පදාර්ථ වර්ණනා, ජාතක සන්නය, අටදා සන්නය, කකුදුසිඛ සන්නය, සසදා සන්නය, දාඨාවංශ සන්නය, අභිධම්මත්ථ සංගහ සන්න, විනය සන්නය, පරිවාර ගණ්ඨිපද සන්‍නය, ජානකී හරණ සන්නය, මේඝදූත සන්‍නය, කාව්‍යාදර්ශ සන්‍නය සඳහන් කළ හැක.
ගද්‍ය රචනා වශයෙන් ධර්මප්‍රදීපිකාවත්, අමාවතුර, බුත්සරණ, දහම්සරණ, සඟසරණ, සිංහල ථූපවංශය හා සඳ ලකුණත් දැක්විය හැකිය. සිංහල භාෂාවට ලියවුණු පැරණිම ව්‍යාකරණ ග්‍රන්ථය වන සඳ ලකුණ ද, පද්‍ය ග්‍රන්ථවන සසඳාවත හා මුවදෙව්දාවත ද මේ යුගයේදී රචනා කර ඇත.

අමාවතුර

අමාවතුර

අමාවතුර ග්‍රන්ථය රචනා කරලන ලද්දේ ගුරුළුගෝමී කතෘතුමන් විසිනි. ඒ පිළිබඳව ග්‍රන්ථාවසානයේ දක්වා ඇත. “ගුරුළුගෝමීන් විසින් කරන ලද අමාවතුර නම් පුරිසදම්මසාරථී පද වර්ණනා නිමි”. පුරිසදම්මසාරථී ගුණය විස්තෘත කරනු වස් මෙම අමාවතුර ග්‍රන්ථය ප්‍රකරණය කළ බව දැක්විය හැක. අමා’ යනු නිවණට ද, දිවබොජුනට ද, මිහිරි දැයට ද නමකි. ‘වතුරු’ යනු ගලා පැතිර ගිය දියට ද, පැතිර යෑමට…

බුත්සරණ

බුත්සරණ

මෙම ග්‍රන්ථයෙහි කතෘතුමන් වන්නේ විද්‍යාචක්‍රවර්ති නම් මහා පඬිවරයෙකි. මෙම ග්‍රන්ථයෙහි නොයෙක් තැන්වල ‘බුත්සරණ’ යන වචනය සඳහන් වෙයි. ග්‍රන්ථය අවසානයේ සඳහන් පරිදි “අමෘතාවහ නම් වූ බුද්ධ චරිතය නිමි.” යන්නෙන් දැක්වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ චරිත කථාව මෙම ග්‍රන්ථයෙන් වර්ණනා කරන බවයි. බුදු සරණ ම මෙහි විශේෂයෙන් හඳුන්වා දෙන බව එමඟින් පෙනී යයි. විද්‍යාචක්‍රවර්ති කතෘතුමන් සෑම විටම බුදු ගුණයක්ම…