අමාවතුර

අමාවතුර ග්‍රන්ථය රචනා කරලන ලද්දේ ගුරුළුගෝමී කතෘතුමන් විසිනි. ඒ පිළිබඳව ග්‍රන්ථාවසානයේ දක්වා ඇත. “ගුරුළුගෝමීන් විසින් කරන ලද අමාවතුර නම් පුරිසදම්මසාරථී පද වර්ණනා නිමි”. පුරිසදම්මසාරථී ගුණය විස්තෘත කරනු වස් මෙම අමාවතුර ග්‍රන්ථය ප්‍රකරණය කළ බව දැක්විය හැක. අමා’ යනු නිවණට ද, දිවබොජුනට ද, මිහිරි දැයට ද නමකි. ‘වතුරු’ යනු ගලා පැතිර ගිය දියට ද, පැතිර යෑමට ද නමකි. මේ පොතෙහි වැකියක් පදයක් අකුරක් නො හැර අමා (මිහිර) පැතිර පවතී. එහෙයින් ‘අමාවතුර’ යන නම මේ පොතට ඉතාමත් සුදුසු ය.

source: https://si.wikibooks.org/wiki/අමාවතුර

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *