බුත්සරණ

මෙම ග්‍රන්ථයෙහි කතෘතුමන් වන්නේ විද්‍යාචක්‍රවර්ති නම් මහා පඬිවරයෙකි. මෙම ග්‍රන්ථයෙහි නොයෙක් තැන්වල ‘බුත්සරණ’ යන වචනය සඳහන් වෙයි. ග්‍රන්ථය අවසානයේ සඳහන් පරිදි “අමෘතාවහ නම් වූ බුද්ධ චරිතය නිමි.” යන්නෙන් දැක්වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ චරිත කථාව මෙම ග්‍රන්ථයෙන් වර්ණනා කරන බවයි. බුදු සරණ ම මෙහි විශේෂයෙන් හඳුන්වා දෙන බව එමඟින් පෙනී යයි.

විද්‍යාචක්‍රවර්ති කතෘතුමන් සෑම විටම බුදු ගුණයක්ම සඳහන් කරමින් එවැනි වූ බුදුන් සරණ යාමක් පිළිබඳ ශ්‍රද්ධා සම්පන්න සිතුවිලි සිත් තුළ ඇති කිරිම අරමුණු කර ගෙන තිබේ. එසේම කාව්‍ය ව්‍යවහාරයන්ද ලෝක ව්‍යවහාරයන්ද එකතු කර ගත් උපමා රාශියක් මගින් බුදුන් වහන්සේගේ අප්‍රමාණ වූ ගූණ පැහැදිළි කරමින් සැකසුණු මිශ‍්‍ර කතා කතුවරයානන් වහන්සේ උචිතානුචිත විවේක බුද්ධියෙන් හා සෞන්ධර්යාත්මක චිත්තන රටාවෙන් පැහැදිළි කරයි.

 

source: https://si.wikibooks.org/wiki/බුත්සරණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *