Month: May 2021

සද්ධර්මරත්නාවලිය

සද්ධර්මරත්නාවලිය

සද්ධර්මරත්නාවලිය යනු සද්ධර්ම නැමැති රත්නයන්ගෙන් යුතු ආවලී හෙවත් වැල යන අරුත දෙයි. අතිශයින් ම වටිනා දහම් කොටස් ගෙන රචනය කොට ඇති බව ඉන් හැඟවෙයි. මෙය බෞද්ධ සාහිත්‍යයෙහි ප්‍රකට කථා වස්තු කොටසක් රසවත් ව ඉදිරිපත් කරන අතර, ඒ කථා වස්තු මගින් ධර්ම කරුණු පිළිබඳ ව අසන්නාගේ අවධානය යොමු කරන අයුරේ ධර්ම ග්‍රන්ථයක් සේ සැලකිය හැකි ය….

අමාවතුර

අමාවතුර

අමාවතුර ග්‍රන්ථය රචනා කරලන ලද්දේ ගුරුළුගෝමී කතෘතුමන් විසිනි. ඒ පිළිබඳව ග්‍රන්ථාවසානයේ දක්වා ඇත. “ගුරුළුගෝමීන් විසින් කරන ලද අමාවතුර නම් පුරිසදම්මසාරථී පද වර්ණනා නිමි”. පුරිසදම්මසාරථී ගුණය විස්තෘත කරනු වස් මෙම අමාවතුර ග්‍රන්ථය ප්‍රකරණය කළ බව දැක්විය හැක. අමා’ යනු නිවණට ද, දිවබොජුනට ද, මිහිරි දැයට ද නමකි. ‘වතුරු’ යනු ගලා පැතිර ගිය දියට ද, පැතිර යෑමට…

බුත්සරණ

බුත්සරණ

මෙම ග්‍රන්ථයෙහි කතෘතුමන් වන්නේ විද්‍යාචක්‍රවර්ති නම් මහා පඬිවරයෙකි. මෙම ග්‍රන්ථයෙහි නොයෙක් තැන්වල ‘බුත්සරණ’ යන වචනය සඳහන් වෙයි. ග්‍රන්ථය අවසානයේ සඳහන් පරිදි “අමෘතාවහ නම් වූ බුද්ධ චරිතය නිමි.” යන්නෙන් දැක්වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ චරිත කථාව මෙම ග්‍රන්ථයෙන් වර්ණනා කරන බවයි. බුදු සරණ ම මෙහි විශේෂයෙන් හඳුන්වා දෙන බව එමඟින් පෙනී යයි. විද්‍යාචක්‍රවර්ති කතෘතුමන් සෑම විටම බුදු ගුණයක්ම…

පූජාවලිය

පූජාවලිය

මෙම මහා ධර්ම ග්‍රන්ථය මයුරපාද පරිවේනාධිපති බුද්ධ පුත්‍රයන් වහන්සේ විසින් ක්‍රි. ව. 1266-75 (බු.ව. 1809-1818) අතර කාලයේ දී රචනා කර ඇතැයි සැලකේ.  සමන්තකූට පර්වත පර්‍යාන්තයෙහි පිහිටි පළාබත්ගල දේව ප්‍රිතිරාජ ඇමතියා විසින් කරවා පිළිගන්වන ලද ‍දෙමහල් පහයෙහි දී මෙය රචනා කර ඇත. නවගුණ පාඨයට අයත් අරහං බුදු ගුණය වර්ණනා කරමින් මෙය රචනා කර ඇත.  මෙහි ප්‍රමාණය…

උම්මග්ග ජාතකය

උම්මග්ග ජාතකය

පන්සිය පනස් ජාතක පොතෙහි දැක්වෙන ජාතක කථා අතර දීර්ඝතම සහ ප්‍රඥාවේ මහිමය විශද වන ජාතක කථාවක් වශයෙන් උම්මග්ග ජාතකය හඳුන්වා දිය හැකි ය. උමඟක් කේන්ද්‍ර කරගත් කතා වස්තුව පවතින නිසා උම්මග්ග ජාතකයට ඒ නම යොදා ඇත.දාහතරවන සියවසේදී කුරුණෑගල රජ කළ හතරවන පරාක්‍රමබාහු රජු දවස වීරසිංහ පතිරාජ ඇමතිවරයා ගේ අනුග්‍රහයෙන් බහු කර්තෘ මණ්ඩලයක් විසින් කුරුණෑගල යුගයේදී…

සැළලිහිණි සන්දේශය

සැළලිහිණි සන්දේශය

සැළලිහිණි සන්දේශය ෂඩ්භාෂාපර‍මේශ්වර තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් ලියූ සන්දේශ කාව්‍යයකි. රහල් හිමියන් ගේ උසස් ම කාව්‍යය‍ ලෙස සාහිත්‍යකාමින්ගේ පැසසුම් දිනා සි‍‍ටින්නේ සැළලිහිණි සන්දේශය යි. එය රචිතව ඇත්තේ සවන පැරකුම්බා රජුගේ කණිටු දියණියන් වන ලෝකනාථා හෙවත් උලකුඩය දේවියට, රාජ්‍ය භාරයට පුත් කුමරකු ලබා දෙන ලෙස කැලණියේ විභීෂණ දෙවියන්ට කෙරෙන ආයාචනක ස්වරූපයෙනි.