පොතේ විස්තරය
අමාවතුර හෙළ ගත්වැළෙහි උසස් මැ තැනැ දිලියෙහි. මෙය අසෝ වසැ ගෙතිණැයි නියම කොටැ මැ කියනුවට ඉසව්වක් නැතුදු දොළොස්වන සියවසැ අග කොටසට අයත් එකෙකැයි පිළිගන්නට කරුණු පැනෙයි.
අප බුදුහු අතීතයෙහි සාරාසඞ්ඛ්‍ය කපුසුවහස්[9] මතුයෙහි සුමෙධ නම් මහ තව්සක් වැ දිවකුරු බුදුන් හමු වැ අතට පත් නිවන් පියා මහ කුළුණින්[10] ගොර බිරම් සසර[11] වැදැ පැරුම් පුරා පඤ්චායුධ[12] ජාතක ‘සුතනු’ ජාතකාදියැ බිහිසුණු දරුණුන වන යකුන්[13] සධම්[14] දෙස්නෙන් දමා පන්සිල්හි[15] පිහිටවමින්, දෙවධම්මජාතක තයොධම්ම ජාතකාදියැ පිහිටවමින්, දෙවධම්මජාතක තයොධම්ම ජාතකාදියැ දියරක්සන් දමා සුගිමොක් මඟට පමුණුවමින් මහාසුතසොමජාතක ජයද්දිසජාතකාදියැ මිනීමස් කන නරයකුන් දමා රජයෙහි පැවිජියෙහි[16] පිහිටවමින් සුවණ්ණමිග ජාතක මහාමොරෙ ජාතකාදියැ තමන් බැඳු වැද්දන් දමා ලොවී-ලොවුතුරා සැපත් වළඳවමින්, ඉල්ලිස ජාතක සුධාභොජන ජාතකාදියැ මහ මසුරන් දමා මහදන් දෙවමින්, මතකභත්ත ජාතක ධොනසාඛ[17] ජාතකාදියැ ප්රාණාතිපාතයෙහි[18] දොස් දක්වමින්, තුන් වන සීලවිමංස ජාතක පස් වන සීලවීමංස ජාතකාදියැ අදත්තාදානයෙහි දොස් දක්වමින්, ලොහකුම්හි ජාතක මහානාරදකස්සප ජාතකාදියැ, පරදාරසමාගමයෙහි දොස් දක්වමින්, චෙතිය ජාතක තක්කාරු[19] ජාතකාදියැ මෘෂාවාදයෙහි[20] දොස් දක්වමින්, කුම්භ ජාතක භද්‍රඝට ජාතකාදියැ සුරාපානයෙහි[21] දොස් දක්වමින්, වණ්ණාරොහ[22] ජාතක සන්ධිභෙද ජාතකාදියැ පිශුන[23] වචනයෙහි දොස් දක්වමින්, නන්දිවිසාල ජාතක සුජාතා[24] ජාතකාදියැ පරුෂ වචනයෙහි දොස් දක්වමින්, තිත්තිර ජාතක අකාලරාවි ජාතකාදියැ ප්රලාපයෙහි[25] දොස් දක්වමින්, දුරාජාන ජාතක ඉන්ද්රිය ජාතකාදියැ සතුන් සතන්හි දිලි නැඟි[26] රා-ගිනි නිවමින්, එකපණ්ණ ජාතක තිලමුට්ඨි ජාතකාදියැ කො-ගිනි[27] නිවමින් මාතඞ්ග ජාතක මහාබොධි ජාතකාදියැ මිසදිට්හ[28] බිඳැ සතුන් සම්දිට්හයෙහි පිහිටවමින්, සන්ථව ජාතක නඞ්ගුට්ඨ[29] ජාතකාදියැ මිථ්‍යා තපස්හි දොස් දක්වමින්, සෙතකෙතු ජාතක උද්දාලක[30] ජාතකාදියැ කොහොන්[31] පිළිවෙත්හි දොස් දක්වමින්, පාරාපත ජාතක[32] රුචිර ජාතකාදියැ ලොලතායෙහි දොස් දක්වමින්, බ්‍රහ්මදත්ත ජාතක අට්ඨිසෙන ජාතකාදියැ යාච්ඤායෙහි දොස් දක්වමින්, ගිජ්ඣ ජාතක චතුද්වාර ජාතකාදියැ දුර්වවස්ති දොස් දක්වමින්, සාලිත්ථක[33] ජාතක කොකාලික[34] ජාතකාදියැ අතිමුඛරතායෙහි දොස් දක්වමින්, මහිලාමුඛ ජාතක මනොජ ජාතකාදියැ විපක්ෂසෙවායෙහි දොස් දක්වමින්, භීමසෙන ජාතක කටාහක[35] ජාතකාදියැ විකත්ථනයෙහි[36] දොස් දක්වමින්, සුවණ්ණහංස ජාතක මහාවාණිජ ජාතකාදියැ අතිලොභයෙහි දොස් දක්වමින්, කූටවාණිජ ජාතක මච්ඡුද්දාන[37] ජාතකාදියැ කූට ව්‍යවහාරයෙහි[38] දොස් දක්වමින්, ලාභගරභ[39] ජාතක ලොසක ජාතකාදියැ ලාභොත්පාදයෙහි,[40] ලාභාන්තරායකරණයෙහි දොස් දක්වමින්, සම්මොදමාන ජාතක භරු[41] ජාතකාදියැ කලහයෙහි[42] දොස් දක්වමින්, සඤ්ජිවක[43] ජාතක ගොධ ජාතකාදියැ අනිෂ්ටප්රග්රහයෙහි[44] දොස් දක්වමින්, වරණ[45] ජාතක ගජකුම්භ ජාතකාදියැ අලසතායෙහි දොස් දක්වමින් දධිවාහන ජාතක සීලානිසංස ජාතකාදියැ අසුත් සමාගමයෙහි[46] දොස් දක්වමින්, සත්සමාගමයෙහි අනුසස් දක්වමින්, අලීනචිත්ත ජාතක පදමාණවක[47] ජාතකාදියැ ධැමිට් වැ[48] රජ කෙරෙමින්, උරග ජාතක කුලාවක ජාතකාදියැ නාගුරුළුමුළු රක්මින්,[49] ඛරපුත්ත[50] ජාතක දද්දභ ජාතකාදියැ ගිනි වැදැ මියන රජනුදු මුහුදු වැදමියන සිවුපාවනුදු වළක්වමින්,[51] ථුස[52] ජාතක මූසික ජාතකාදියැ රජනට වන අනාගතභය වළක්වමින්,[53] රාජොවාද ජාතක අනෙක් (තෙසකුණ) රාජොවාද ජාතකාදියැ රාජානුශාසනයෙන්[54] සත්නටසෙත් කෙරෙමින්, මහාසාර ජාතක බන්ධනමොක්ඛ ජාතකාදියැ බන්ධනගත සත්ත්වයන් බන්ධනයෙන් මුදමින්, කච්ඡප[55] ජාතක ජවසකුණ[56] ජාතකාදියැ දුඃඛිත සත්ත්වයන් සුඛිත කෙරෙමින්, මහාසුපින ජාතක අට්ඨසද්ද ජාතකාදියැ සශොක සත්ත්වයන් නිශ්ශොක කෙරෙමින්, දසණ්ණක ජාතක කාම ජාතකාදියැ සරොග සත්ත්වයන් නීරොග කෙරෙමින්, කුස ජාතක භොජාජානීය ජාතකාදියැ තමන් ගෙනැදුන්, රුපු රජුනට අභය දෙවමින්, ගුණ ජාතක කුරුඞ්ගමික ජාතකාදියැ උපකාරයනට ප්‍රත්‍යුපකාර කෙරෙමින්, මහාඅස්සාරොහ ජාතක පලාස ජාතකාදිය, මඳ උපකාරයෙක්හි පැහැදැ සත්නට අර්ධරාජ්‍ය[57] දෙමින්, මහානිධාන පාමින් වට්ටක ජාතක මච්ඡ ජාතකාදියැ ගින්නෙන් නස්නා සත්නට ලැව්ගිනි නිවමින්,[58] මහවැසි වස්වමින්, අසදිස ජාතක මහා උම්මග්ග ජාතකාදියැ යමක්හුවෙරින්[59] ලෙහෙ[60] නොසොල්වා කැටක් ගෙනැ ලුහුබඳනා කපුටු[61] සෙනඟක් සෙයින්, හීයක් ගෙනැ ලුහුබඳනා කපුටු සෙනඟක් සෙයින්, හීයක් ගෙනැ ලුහුබඳනා වඳුරු සෙනඟක් සෙයින්, [62]රුපුරජ සෙනඟ ලුහුබැඳ, බුදු වූ දවස් බුන් මරසෙනඟ සෙයින් බිඳැපියා සත්නට සෙත් කෙරෙමින්, මාතුපොසක ජාතක සාලිකෙදාර ජාතක සොණනන්ද[63] ජාතකාදියැ සතුන් මවුවටන් පිය වටන් ධැම්හි පිහිටවමින්, සොමදත්ත ජාතක මට්ටකුණ්ඩලී ජාතකාදියැ දිලි-නැඟි පුත්රශොක නිවමින්, සුජාත ජාතක තත්කල[64] ජාතකාදියැ පීතෘශොක සන්සිඳුවමින්, මතරොදන ජාතක උරග ජාතකාදියැ සැනැහැති[65] මල් බෑයනුදු උරෙහිදා දරුවනුදු මළ කලැ දොම්නස් නො කෙරෙමින්, අනනුසොචීය ජාතක දසරථ ජාතකාදියැ මළානට වලප්නා සතුන් සධම්[66] දෙස්නෙන් අස්වසමින්,[67] තින්දුක[68] ජාතක සුරුචි[69] ජාතකාදියැ පැන වෙසෙස් දක්වමින්, පුණ්ණනදී ජාතක ගාමණිචණ්ඩ ජාතකාදියැ පැන
විජසමින්[70], සුසීම ජාතක තිත්තිර[71] ජාතකාදියැ ළදරුවක් වැ[72] එක රැයෙකින් ත්‍රිවෙද නිමවා-ගෙනැ, “තොප අතැවැස්සනට[73] මෙසෙ කියව”යි[74] ආචාර්ය හට වෙද සෝධා[75] දෙමින්[76], වටුවක් මැ ගල්මුදුනෙන් බස්නා හොයක් සෙ පන්සියක්[77] දෙන හට[78] ත්‍රිවෙද ප්‍රතිපාදනා කෙරෙමින්, සම්භව ජාතක සත්තුභස්ත[79] ජාතකාදියැ පැන විසජනෙන්, සතුන් සොම්නස් මහවිල්හි ගලා සනහමින්, පරොඝසහස්ස ජාතක සිරිකාලකණ්ණි ජාතකාදියැ නුවණැතියන්ටද් ලොවැඩ[80] පසස්නානටද් සඞ්ග්‍රහ කෙරෙමින්, සාධීන ජාතක නිමි ජාතකාදියැ විජයත්රථ අරා දෙව්ලො[81] ගොස් දෙවියන් තුස්වමින්, සිගාල ජාතක චුල්ලපලොභන[82] ජාතකාදියැ ඡන්දරාගයෙහි දොස් දක්වමින්, තක්ක ජාතක නලිනී[83] ජාතකාදියැ ස්ත්රීලීලාවලොකනයෙහි දොස් දක්වමින්, මුදු ලක්ඛණා[84] ජාතක සඞ්කප්ප ජාතකාදියැ ශුභ වශයෙන් බැලීමෙහි දොස් දක්වමින්,[85] ආසඞ්ක ජාතක උම්මදන්තී ජාතකාදියැ ස්ත්රීරූපදර්ශනයෙහි දොස් දක්වමින්, මොර ජාතක කක්කට ජාතකාදියැ ස්ත්‍රී ශබ්දයෙහි දොස් දක්වමින් පුප්ඵරත්ත[86] ජාතක අලම්බුසා[87] ජාතකාදියැ ස්ත්‍රී ශරීර ස්පර්ශයෙහි දොස් දක්වමින්, කණවෙර[88] ජාතක අට්ඨාන ජාතකාදියැ ස්ත්‍රී සංසර්ගයෙහි දොස් දක්වමින්, කුම්මාසපිණ්ඩ[89] ජාතක ගඞ්ගමාල ජාතකාදියැ තමන් අනන්තරජන්මයෙහි එක් දවසද් දුන් දනින් හා එක් රැයක් රැකි සිලින් රජසපු ලද[90] පරිදි[91] කියා සතුන් දන්සිල්හි[92] පිහිටවමින්, ආදිත්ත ජාතක දසබ්‍රාහ්මණ ජාතකාදියැ විචෙය්යදාන[93] දෙවමින්, කුම්භකාර ජාතක භික්ඛාපරම්පර[94] ජාතකාදියැ පසේබුදුන් පුදමින්, සඞ්ඛ ජාතක මහාජනක ජාතකාදියැ සත් දවසක් නිරාහාරව වැ මහමුහුදු පිහිනන කලුදු දිවබොජුන් පිළිඛෙව්[95] කොටැ පෙහෙවස් මැ රක්මින්, තෙලපත්ත ජාතක සමිද්ධි ජාතකාදියැ දිව්‍ය රූපද්[96] ඉන්ද්රිය භෙද කොටැ නො බලමින්, ගන්ධාර ජාතක කණ්හ[97] ජාතකාදියැ තවුස් පැවිජි වැ පන්සිල් මාත්‍රයක්[98] රක්නා කලැ ද පවා බලවත් අපිස්සතොස්බවට පැමිණෙමින්, කාක ජාතක භද්‍රසාල ජාතකාදියැ නෑයනට වැඩ කෙරෙමින්, දුම්මෙධ ජාතක අයකූට ජාතකාදියැ ලො[99] වැඩ කෙරෙමින්, ධජවිහෙඨන[100] ජාතක මහාකණ්හ ජාතකාදියැ සසුන් වැඩ කෙරෙමින්, නිග්‍රොධමිග ජාතක නන්දිමිග ජාතකාදියැ සධම්[101] දෙස්නෙන් දරුණු රජුන් දමා හැම සත්නට අභයදාන[102] දෙමින්, සරභඞ්ග ජාතක සඞ්කිච්ච ජාතකාදියැ තමන් පොළොව පළා පෑ නරක දැකැ වෙවුළන සතුන් තදන්තර්ධානයෙන් අස්වසමින්, ජවනහංස ජාතක වලාහකඅස්ස ජාතකාදියැ මරණ මුවපත්[103] හසුන්, යක් මුවපත්[104] මිනිසුන් පියායෙන් පිටින් තරවමින්, සච්චඞ්කිර ජාතක චුල්ලපදුම[105] ජාතකාදියැ දියෙන් යනුවන් ජලදුර්ගයෙන් නඟමින්, සරභමිග ජාතක මහාකපි ජාතකාදියැ නරාවළැ[106] හුණුවන් නරක ප්‍රපාතයෙන් උද්ධරමින්,[107] මහාකපි ජාතක සුප්පාරක ජාතකාදියැ මරණ මුවපත් වඳුරන් වළබමුවපත් වෙණෙඳුන්[108] ගඟමුහුදු[109] පරතෙරට පමුණුවමින්, අබ්භන්තර ජාතක ලොමසකස්සප[110] ජාතකාදියැ උග්රතපසින් ශක්‍රභවන කම්පිත කෙරෙමින්, අකිත්ති ජාතක භිස ජාතකාදියැ ගිහිසපු[111] උර සක්මල් සෙ දැකැ තපොවන එළෙඹෙමින්, මඛාදෙව ජාතක සයභ[112] ජාතකාදියැ පඤ්චකාමගුණ විෂමිශ්ර අමෙධ්‍ය සෙ[113] ගරහමින්, සොමනස්ස ජාතක සුසීම ජාතකාදියැ වලප්නා නෑයන් යමපලුන් සෙපියා තවවල් නික්මෙමින්, සොණ ජාතක දරීමුඛ ජාතකාදියැ ලැව්ගිනිගත්[114] වන ගහනයෙකින් නික්මෙන ඇතක්හු සෙයින් රජසපු හැරැපියා[115] නික්මෙමින් උදඤ්චනී[116] ජාත චිත්තසම්භූත ජාතකාදියැ කාමපඞ්කයෙහි ගැලී-ගිය[117] සතුන් නඟා පැවිජිතලයෙහි පිහිටවමින්, චන්දකින්නර ජාතක සාම ජාතකාදියැ තමන් මියන සෙ වීදි රදුන්[118] කෙරෙහි දොම්නස්ස නො කෙරෙමින්, මහාඛන්තිවාද[119] ජාතක චුල්ලධම්මපාල[120] ජාතකාදියැ තමන් කටුමගිගායෙන් සප්වා[121] අත්පාකන්නාසාද්[122] කස්පා[123] පාවිළිඹින්[124] කඩුසිළින් ළෙහි ඇනැ මරන රජුන් කල්යහළුවන් සෙ දක්මින්,[125] මහාසීලව ජාතක එකරාජ ජාතකාදියැ ඇමැතිමඬුලු ඇතොවුරු කොටාරදහස් පැහැරැ ගෙනැ තමන් සොහොන්වළැ සිඟල්බත් කොටැ ගැලු, දොරතුරෙහි එල්වූ, රදුන් පිය පුතුන්[126] සෙ දක්මින්,[127] ඛදිරඞ්ගාර ජාතක සස ජාතකාදියැ දන් දෙනු සඳහා දිලියෙන ගිනිමැදට පුල්පියුම්විලට[128] සෙ වදිමින්, සීලවජාතක ඡද්දන්ත ජාතකාදියැ තමනට[129] වධ කළ වැද්දනට සිය අතින් සරස් විහිදිනා[130] දළ කපා-දෙමින්,[131] භූරිදත්ත ජාතක සංඛපාල ජාතක චම්පෙය්‍ය ජාතකාදියැ තණපතක් සෙ දිවි පියා පොළොව පෙරළන්නක්හු සෙ[132] සිල් පොහො පිසමින්, වෙලාම ජාතක මන්ධාතු ජාතකාදියැ සත්නට රුවන්වහරෙ වස්වමින්, කුරුධම්ම ජාතක සිචි ජාතක විසය්හ ජාතක වෙස්සන්තර ජාතකාදියැ දන්වහරෙ වස්වමින් මහෞෂධ පණ්ඩිත කල්හි, වීධුර පණ්ඩිත කල්හි, සෙනක පණ්ඩිත කල්හි, කෙවිලි රජකල්හි, හස්රජ[133] කල්හි, ගිරාසෙනෙවි කල්හි, සුවන් මොනර කල්හි, රූරුමුව කල්හි, කුකුරු කල්හි, සුපත්[134] කපුටු කල්හි, තුණ්ඩිල හූරු කල්හි, සත්නට ධම්වහරෙ[135] වස්වමින්, කුද්දාල සමාගමයෙහි හත්ථිපාල[136]
සමාගමයෙහි ජොතිපාල සමාගමයෙහි, අයොඝර සමාගමයෙහි, චුල්ලසුතසොම[137] සමාගමයෙහි, මූගපක්ඛ සමාගමයෙහි, සතුන් ශීලාදිගුණයෙහි පිහිටවමින් මෙසෙ තමන් බෝසත්කල්හි මැ පුරිසදම්මසාරථි වන බැවින් නො එක් දෑකෙළසුවහස්හි[138] දුර්දාන්තසත්ත්වයන් දමා ශීල සමාධි ප්රඥාලක්ෂණ ගුණධර්මයන්[139] පිසමින්[140], සත්කෘත්යාභ්යාස[141] නෛරන්තර්යාභ්යාස[142] දීර්ඝකාලාභ්යාස විසින් බොධිසම්භාර ධර්මයන් මුහුකරුවමින්, දැමි දමනු සඳහා සවන්ඤණ ගබ්[143] ගන්වා-ගෙනැ[144] වෙසතුරු[145] අත් බැවින් සැවැ තුසී පුරෙහි[146] උපන්හු.
දුර්දාන්තදමන නම් පළමු වන පරිච්ඡේද[147] නිමි.
මෙසෙ ඔවුන් තුසීපුරයෙහි ඉපැදැ[1] සත්පනස් කෙළ සැට ලක්ෂයක් අවුරුදු දෙව්සපු[2] වළඳා වැඩැ වසන කල්හි[3] දසදහසක් ලොධාහි දෙව්බඹහූ පූර්වනිමිත්ත දැකැ එක් සක් වළෙකැ මුළු දී “බුදු වන මහතෙක් කොහි[4] වෙසෙ හො[5]!” යි බලනුවො අප මහබොසතාණන් දැකැ තුසීපුරට[6] ගොස් වැදැ[7] මුදුනෙහි ඇඳිලි බැඳැ “බුදු වන්නට කලා” යි ආරාධනා කළහ.[8]
එ කල්හි මහබොසතාණො පඤ්චමහාවිලොකනා[9] කොටැ බුදු වන්නට කල් බව දැනැ දෙව්පිරිස් පිරිවරා නඳුන් උයන් වැදැ තුසීපුරෙන්[10] සැවැ දඹදිවැ මැදුම් පියෙසැ කිඹුල්වත් නුවරැ ඔකාවස්කුල අබරණ සුදොවුන් මහ රජහු පිණිසැ මහාමායා දෙව්රැජින කුසැ[11] පිළිසිඳැ-ගත්හු.
මහාමායදෙවී ඇසළ පුනු පොහොයට[12] සත් දවසක් ඇති කුල පටන්-ගෙනැ දෙව්නුවරක් සෙයින් සදන ලද කිඹුල්වත්පුරෙහි දෙව්පිරිස් බඳු මහ පිරිස් පිරිවරා සැණකෙළැ[13] පොහොදවස්[14] ගඳදියෙන් නහා ගඳවිලෙවුන්[15] ගෙනැ සව් බරණින්[16] සැදී, සතර ලක්ෂයක් ධන වීසදා මහදන් දී වරභොජන වළඳා, පෙහෙ වැ, දිවවිමන් පරයන සිරියහන් ගබට වැදැ සිරියහන් මතුයෙහි හෙවැ නිදන්නට වන්නී, මෙබඳු ස්වප්නයක් දුටු. කිසෙයැ යත්:-[17] සතරවරම් මහ රජහු[18] ඇය යහනින් මැ නඟාගෙනැ හිමවත් පියෙසට ඇරැ සැට යොදුන් රග්ගල්[19] තෙලෙහි පිහිටි සත්යොදුන් මහසල්රුක් යටැ බහා-තබා එකත්පස් වැ සිටියො. එ කල්හි ඔවුන් ගෙ දෙව්හි අවුදු, දෙවිය නූතත්දහතළට[20] හැරැ මිනිස්මල හරනා[21] සඳහා නහවා දිවපිළී හඳවා දිවගඳින් විලෙවුන්[22] ගන්වා[23] දිවමල් පළඳවා, එයට නුදුරු තන්හි එක් රිදී පවියෙක්[24] ඇති, එහි ඇතුළු[25] රන්විමනෙක් ඇති, එ විමන්හි පැදුන් දසට හිස ලා දිවයහනක් පන්වා[26] එ යහන්හි වඩා හෙවූහු.
එ කල්හි අප මහබොසතාණො සරා වලා ගබක් සෙයින් සුදු ඇත්වෙසක් දක්වා, එයට නුදුරු තන්හි එක් රන්ගලෙක් ඇති, එ ගල්හි සැරැ එයින් බැසැ රිදී පව්වට නැඟී[27] උතුරු දිසායෙන් අවුදු රිදීදමක් බඳු අතින් සුදුපියුමක් ගෙනැ, කිලැ, රන් විමනට වැදැ, මෑණියන් හොත් යහන තුන් යලක් පැදකුණු කොටැ දකුණු ඇලයෙන් කුසට[28] වන්නවුන් වැනි වූහු. මෙසෙ ඇසළ පුනු පොහොයැ උත්තරසළ[29] නකතින් මවුකුසැ පිළිසිඳැ-ගත්හු.
එ කල්හි දෙවි පිබිදැ රජ හට සැළ කළහ.[30] රජ සිවුවෙ ගෙවාදත් බමුණන් සූසැටදෙනකු[31] ගෙන්වා-ගෙනැ සත්කාර කොටැ මහත් භොග දී සිහින කියා “කිමෙක් වෙ?” යි පිළිවත. බමුණො “මහරජ, තා ගෙ දෙවිය කුසැ ගබ පිහිටි යැ. පිතෙක් තට උපද්දී. ගෙ ගිහිගෙහි සිටියෙ[32] නම්, සක්විති රජ වෙ[33] පැවිජි වී නම්, බුදු වෙ”යි කීහු.
ඔවුන් මවු-කුසැ පිළිසිඳැගත් විගැස එක පැහැරැ දසදහස් ලොධා කම්පිත වී යැ. දසදහසක් සක්වළැ අපමණ අලොක වී යැ. එශොභා දක්නට කණහු[34] ඇස් ‘ලදැහැ. බිහිරිහු[35] ශබ්ද ඇසූහැ. ගොළුවෙ ගායනා කළහැ. පිළුහු[36] නැටුහැ. කුදුහු ඉදි සිරිරි[37] ඇති වූහැ. බන්ධනගත සත්ත්වයො බන්ධනයෙන් මුක්ත වූහැ. හැම නිරයැ ගිනි නිවිණ.[38] ප්‍රෙතයන් ගෙ සා-පිපාසා[39] සන්හිනැ.[40] තිරිසන් ගතිතැ සත්නට[41] භය නැති වි යැ. හැම සතුන් ගෙ රොග සන්හිනැ.[42] හැම සත්හු ප්‍රිය[43] තෙපුල් ඇති වූහ. අස්හු මියුරු ආකාරයෙන් කුල්ති. ඇත්හු සොම්නස් වැ ගර්ජනා කෙරෙති. සිංහයො නාද කෙරෙති.[44] හැම බෙරහු තමන් තමන් ගෙ[45] ධ්වනි වුහුට්හු. නොසොල්වන ලද දෙව් මිනිසුන් ගෙ පළඳනා රැව්පිළිරැව් දී ගුගුළෙ. හැම දෙසෙහි පහන් පැහැ වි යැ. හැම සත්නට සුව ජනවමින් සුවඳ මෙලෙක් සිහිල් සුළඟ හැමී යැ. අකාලමෙඝ නඟා වැසි වට. පොළොවිනුදු[46] දිය නැඟී පොළො-තෙලෙහි[47] ඇවිද්දි. පක්ෂීහි[48] ආකාශයෙන් යන ගමන් පීහැ. ගඞ්ගාවො[49] නො ගොස් සිටියහ. මහ මුහුදැ දිය[50] මියුරු වී යැ. හැම තැන්[51] පස්පියුමින් සැදුම් ලද දියෙහි ගොඩෙහි පුෂ්පයො විකසිත වූහැ. හැම රුකැ හැම ලියෙහි කඳවෙළෙපැ ශාඛායෙහි පස්පියුම් පිපි යැ.[52] පොළො-තල ගල්-තල[53] බිඳැ-ගෙනැ[54] මතුමතුයෙහි සත් සත්බුමු වැ දඬුපියුම්[55] නික්මිණ. අහසැ පියුම් වියන් වි යැ. හාත්පස්හි[56] මල්වැසි වට. ආකාශයෙහි දිවබෙර ගුගුරයි. සියලු දසදහසක් සක්වළ වටා වුහුටු මල් ගුළාවක්[57] වැනි වි යැ. පෙළා[58] බැඳි මල්කලබක් වැනි[59] වි යැ. සදා-තුබු මල් අස්නක් වැනි වි යැ. එකමාලා මාලිනි වී යැ. තෙවුනා වල් විදුනා ඇති වි යැ.
පුෂ්පධූපගන්ධපරිවාසිත වි යැ. පරම සෞභාග්යප්රාප්ත වී.
මෙසෙ පිළිසිඳැ[60] ගත් මහසත්හු ගෙ පිළිසිඳ පටන් ගෙනැ මහබොසතාණ ට දූ මෑණියනට දූ උපද්‍රව වළකනු සඳහා මෙ සක්වළැ සතර වරම්මහරජහු කඩු ගත් අත් ඇති වැ ඇතුළු සිරියහන්ගබැ රකවල් ගත්හැ. තුබූ දස දහසක් සක්වළැ සතලිස් දහසක් වරම්මහරජහු[61] සහපිරිවරින් අවුදු ගබ්දොර[62] පහදොර[63] පටන්-ගෙනැ සක්වළගල් දක්වා වටා අරක් ගත්හු. මෑණියො සුවපත් වූවාහු. නොලෙඩ සිරිරු ඇත්තාහු, ඇතුළුකුසැ නැබමඬුලු බලා පලක් බැඳැ වැඩැ හුන් පුතණුවන් පහන් පැහැ ඇති මිණිරුවනෙක්හි ඇවුණු[64] රත්පලස්හුයක් සෙයින් දක්නාහු, දසමස් අවසන්හි දෙමා-පියන් කරා යාටි වැ[65] සුදොවුන් මහරජාණනට සැළ කොළො.
රජාණො කිඹුල්වත් නුවර පටන්-ගෙනැ දෙව්දැහැ නුවර දක්වා මඟ සම කරවා සුදුවැලි ඔවා කෙහෙල් ඉඳුවා[66] පුන්කලසදදපෙළින් සදා දෙවින් ගනරන්මුවා සිවිගෙකෙක්හි[67] සුදු මෙළෙක්[68] යහන්හි වඩා-හිඳුවා දහසක් ඇමැත්තන් ලවා සිවිගෙ ගන්වා[69] මහත් පිරිවරින් නඟා යවුහු. දෙනුවර මැදැ දෙනුවර වැස්සන් ගොස් සැණ[70]කෙළෙනා ලුම්බිනීවන[71] නම් මඟුල් සල්වනයෙක් ඇති.
එ කල්හි එ සල්වනය මුල පටන්-ගෙනැ ශාඛාග්ර[72] දක්වා මලින් සැදුම් ලද. ශාඛා අතුරෙහි දු මල් අතුරෙහි දු පස් වනක් බමර ගණන් හා නන් විසිතුරු ලිහිණිගණයො මියුරු සරයෙන්[73] කුල්මින්[74] ඇවිදිති. සියලු ලුම්බිනීවනය තව්තිස[75] දෙව්නුවරැ සිත්ලිය වනය වැනි වි යැ. එ දක්නා හා දෙවිනට සල්වනැ කෙළෙනා රිසි වී යැ.[76] ඇමැත්තො දෙවින් ගෙනැ සල්වනයට වන්හැ. දෙවිහි[77] කෙළෙමින් ගොස් මඟුල් සල්මුලට එළැබැ සල්අත්තැ[78] ගතැටි වූ හැ. සල්අත්ත හුයා-පී වෙබඩඅගක්[79] සෙයින්, නැමී දෙවීන් අතට උපගත වි යැ. ඔවුන් සල්අත්ත ගත් වීගසැ, කර්මජ වාතයො චලිත වූහැ. එකල්හි ඇමැත්තො වටා කඩතුරා බැඳැ පිටත් වැ සිටියාහැ. ඔවුන් සල්අත්ත මැ ගෙනැ[80] සිටියවුන්, කුසින් බොසතාණො ප්‍රසුත වූහැ. එකෙණෙහි සුදවස්[81] වැසි රාත් මහබඹහු අවුදු රන්දැලින් බොසතාණන් පිළිගෙනැ මෑණියන් පෙරට[82] සිටැ. “දෙවිය, සොම්නස් වා[83] මහානුභාව ඇති[84] පිතෙක් තිට උපනැ”යි කීහැ.
සෙසු සත්හු මවුකුසින් නික්මෙන කලැ, අසුචි මුසු වැ නික්මෙති. මොහු වනාහි බණ පලගෙකින් බස්නා මහතෙර කෙනකුන් සෙයින් දෙ අත් දෙපා දික් කොටැ සිටැ[85] මවුකුසැ කිසි දැයෙකින් මුසු නො වැ පිරිසිදු වැ විසදවැ[86] කසී වතෙක් හි වසා තුබූ දැරඟමිණි රුවනක් සෙයින් දිලියෙමින් මවුකුසින් නික්මුණුහු. ඔවුන් එසෙ පිරිසිදු සිරිරි[87] ඇත ද, බොසතාණණ්ටද් මෑණියන්ටද් සත්කාර සඳහා අහසින් දෙදියධාරායෙක් නික්මැ මෑණියනුදු බොසතාණනුදු සැනෑවි.[88]
එකල්හි මහබොසතාණන් රන්දැලින් පිළිගෙනැ සිටි මහබඹුන් අතින් සතරවරම් මහරජහු මඟුල් සම්මත වූ සුවපහස් ඇති අඳුන් දිවි සමින් පිළිගත්හු. ඔවුන් අතින් මඟුල් මහ ඇමැතියො දුහුල් සුඹුළුයෙන්[89] පිළිගත්හු. මිනිසුන් අතින් බැසැ පොළොවැ වැඩැ-සිටැ පැදුන් දසා[90]” බැලූහු. එ දෙසෙහි අනත් අපරිසෙ[91] ලොධා[92] එක්හෙළි වි යැ. එහි දෙව්මිනිස්හු[93] ගඳින් මලින් මුදා “මහාපුරුෂය, මෙහි තා හා සම කෙනෙකුදු[94] නැති. තව වැඩි[95] කෙනෙක් නම් කොහි?”යි[96] කීහු. මෙසෙ සතර දිසාද්[97] සතර අනු දිසාද් උඩද් යටද් යන දසදිසා බලා තමන් හා සුදුසු කෙනකුන් නො දැකැ උතුරු දිසා[98] බලා සත් පියවර[99] නඟා[100] වැඩැ සිටියො.
එ කල්හි මහබඹ[101] තුන් යොජුන්[102] පමණ සෙ-සත් මුදුනට වැඩි යැ. සුයාම නම දෙව්රජ තුන්ගවු පමණ වල්විදුනා සැලි යැ. සන්තුසිත නම් දෙව්රජ මිණිවටාපත් සැලි යැ. සක්දෙව් රජ එක්සියවිසිරියන් විජයතුරා[103] සක[104] පිම්බ[105]. සෙසු දෙවියො රුවන් කරඬු රුවන්මරවැඩි[106] මිණිවොටුනු ගෙනැ පිරිවැරූහු. බොසතාණො සත්පියවර වැඩැ සිටැ, අනත් අපරිසෙ ලොධාහි තමන් හා සම කෙනෙකුන් නැති පරිදි, හැම තැනට තමන් ඇගි වූ පරිදි, දක්මින්[107] “අග්ගොහමස්මිලොකස්ස” – යනාදීන් සිංහනාද කළහ. මවුකුස්හි පිළිසිඳැගත් කල්හි සෙයින් මැ මවුකුසින් ප්‍රසූත වූ කල්හි දු දෙතිස් පූර්වනිමිත්තයො[108] පහළ වූහු. එ කල්හි දෙ නුවරැ රජ දරුවො බොසතාණන් ගෙනැ කිඹුල්වත්පුර[109] මැ ගියො.
එ දවස් කුළුදෙවුල්[110] සෘෂියාණො සුදොවුන් මහරජාණන් ගෙහි වළඳා දිවා විහාර සඳහා තව්තිස දෙව්නුවර[111] ගොස් නඳුන් උයන්හි සමවත් සමවැද නැංගාහු, සැණ[112] කෙළෙනා දෙව්පිරිස් දැකැ “මෙ වෙනි[113] සොම්නසෙක් තොපට යම් කලෙකැ නුවූවිරී යැ. කවර කරුණෙන් මෙසෙ සැණකෙළුව?” යි පුළුවුත්හු. එ සඳැ දෙවියො සුදොවුන් මහරජහු පුතණු[114] කෙනෙක් උපන්හු. ඔහු බොමැඩැ හිඳැ බුදු වැ ධම්සක්[115] පවත්වති. “ඔවුන් ගෙ අනන්ත වූ බුද්ධලීලා බලම්හැ.[116] බණ අසම්හ යි, සොම්නස්මහ”[117] යි කීහු. තවුස්පාණො[118] දෙවියන් ගෙ තෙපුල් අසා වහවහා දෙව්ලොවින් බැසැ රජගෙට වැඳැ පැන්වූ[119] අස්නෙ වැඩැ හිඳැ[120] “මහරජ, තා පුතණු කෙනෙක් උපන්හු ල. ඔවුන් දක්මහ”යි[121] කීහ.
එ කල්හි රජ, කුමරු[122] පළඳනායෙන් සැදි පුතණුවන් වඩාගෙනැ තවුස්පාණන්[123] වඳනට එළවි යැ. එ කෙණෙහි බොසතාණන් දෙපත්ල පෙරැළි සෘෂියාණන්[124] මුදුනෙහි පිහිටි යැ. එ අත්බැවැ බොසතාණන් ගෙන් වැඳුම් ගන්නට නිසි කෙනෙක් මුළු තුන්ලොවැ ඇත්තාහු නො වෙති.
ඉදින් නො දැනැ බොසතාණන් හිස සෘෂියාණන් පා මුලට එළවූහ නම්, ඔවුන් හිස් සත් කඩක් වැ පැළෙයි. එ කල්හි සෘෂියාණො හුනස්නෙන් නැඟී බෝසතාණන් වැන්දහු.[125] රජ එ පෙළහර දැක තමා පුතණුවන් වැන්ද. සෘෂියාණො අතීතයෙ සතලිස් කපක් හා අනාගතයෙහි සතලිස් කපක් හා මෙස අසූ කපක් දක්ති.[126] ඔහු බොසතාණන් ගෙ රූප සම්පත් දැකැ “බුදු වෙ හො” බුදු නො වෙ හො?[127] “බලන්නාහු, එකාන්තයෙන් බුදු වන සෙ දැක සතුට් වැ සෙන්නට වන්හැ. එක්බිති “මම මොහු, බුදු වූවහු[128] දක්මි හො නො දක්මී හො?”[129] බලන්නාහු, අතුරෙහි මැ තමන් මියැ අරූතෙලෙහි උපදනා සෙ දැක එ උතුමා දක්නා[130] නො ලැබෙමි”[131] වලප්නට වන්හැ. ඇමැත්තො එ දැකැ, “වහන්සෙ, කුමට සෙව? කුමට වල්පව” යි පුළුවුත්හ. “මොහු බුදු වන සෙ දැකැ සතුට් වැ[132] සෙමි; මා මොහු නොදක්නා සෙ දැකැ රෑණි[133] වැ වලම්පි[134]” යි කීහු.
එක්බිති බොසතාණන් පස් වන දවස් නහවා පායින් ගන්වා රජගෙ[135] සිවුදෑගඳින් පිරිබඩ කොටැ ලද පස්මල් ඉසැ හිඳිනා අසුන් පනවා සිවු වෙ[136] ගෙවා දත් බමුණන් අටතු රාසියක් දෙනා ඇරැ හිඳුවා[137] කිරිබත් වළඳවා සත්කාර කොටැ ලකුණු බැලැවූහු.[138] හැම දෙන මා සමඟ හුන් ප්‍රධාන බමුණන් අට දෙනා කෙරෙන් සත් දෙනෙක් බොසතාණන් දෙතිස් මහපුරිස් ලකුණු දැකැ “මෙ දරු ගිහිගෙයි සිටියෙ, සක්විතිරජ වෙ,[139] පැවිජි වුව, බුදු වෙ”යි කීහු.[140] ඔවුන් ඇම දෙනා හට[141] ළඳරු කොණ්ඩඤ්ඤ නම් බමුණු දරු බලා “එකාන්තයෙන් බුදු වෙ” යි කී.
එක් දවසක් රජු ගෙ වප් මඟුලෙක් වී යැ. එ දවස් මුළු නුවර දෙව් නුවරක්[142] සෙයින් සැදුහැ. රජ දෙව්පිරිස් බඳු මහපිරිවරින්[143] නික්මෙන්නෙ, පුතණුවන් වඩා-ගෙනැ කෙත්-වත් අබියෙසැ ගනසා දඹරුක්පයෙක්හි[144] යහන් සලකා පුතණුවන් එහි වඩා-හොවා උඩ විසිතුරු වියන් බඳවා වටා කඩතුරා බඳවා රකවල් දී සව්බරණින්[145] සැදී ඇමැති දහස් පිරිවරා කෙතට ගියෙ,[146] එ සඳැ බොසතාණන් පිරිවරා හුන් කිරි මවුහු රජු ගෙ ඉසුරු බලන්නට ජවනිකායෙන් පිටත් වූහු. බොසතාණන් ඇතුළු වටනැ කිසි කෙනකුන් නො දැකැ හොත් තැනින් නැඟි පලක් අවුළුවා වැඩ-හිඳැ ‘අනාපන්’[147] හවා පළමුවන ධෑන්[148] නිපද වූ කල්හි, කිරි මවුහු ඇතුළු වටනැ වැදැ බලන්නාහු එ පෙළහර දැකැ ගොස් රජ හට කීහු. රජ වෙළවි වැ අවුදු දඹරුක්[149] නො පියා සිටි, සෙ[150] දැකැ, පලක් බැඳැ යහන් මතුයෙහි උන් බොසතාණන් දැකැ “පුතණුවෙනි, මෙ දෙ, වැනි වැඳුමැ”[151] යි බැසැ-හෙවැ වැන්ද.[152]
එක්බිති බොසාතාණො පෙරඩ මසැ සඳ සෙ සිරින්[153] වැඩැ සත් හැවිරිදි විය පැමිණැ සක්දෙව්රජහු ගෙ යෙදුමෙන් විශ්වකර්මයා විසින් මවා දෙන ලද සොමි සිහිල් පහන් දිය පිරුණු පස් පියුමෙන් සන් රුවන්මුවා[154] පොකුණෙහි පොකුණෙහි සහ පිරිවරින් දියකෙළි කෙළැ[155] ක්‍රමයෙන් වැඩැ[156] සොළොස් හැවිරිදි විය පැමිණැ මුළු ලොවට එක් රජ වූහු.
එ කල්හි පියමහරජාණො හිමන්[157] ගිමන් වසන්[158] තුන් සෘතුවට නිසි කොටැ දිවවිමන් පරයන තුන් පහයක් කරවා “එකි එකි කුලෙන් “එකි එකි කුමරියක[159] සදා දී එවන්නෙ”යැ යි නෑයනට හසුන් දුන්හු. එ කල්හි රජදරුවො “සිද්ධත් කුමරු[160] සිවුමැලි යැ; ළදරු යැ; කිසි ශිල්පයක් දන්නෙ නො වෙයි; සඞ්ග්‍රාමයෙක් වී නම්, කුමක් කෙරෙයි? ඇපි අප දරුවන් නො දෙම්හ”යි කීහු. එ පවත් අසා මහබොසතාණො “මාගෙ ශිල්ප බැලියටියන් අන් සත් දවසෙකින් එන්නෙ යැ”යි නුවර බෙර පියෙවි කරවා සත් වන දවස් රාජාඞ්ගනයෙහි මඩුවක් කරවා මඩුයෙහි මහ පිරිස් පිරිවරා වැඩැ-හිඳැ, දහසක් පිරිමින් දුනුදිය නඟන දුන්නක් ගෙන්වා-ගෙනැ[161] යට දුනු මුඩාව වම් පයැ මහපට ඇඟිලි පිටැ[162] තබා හුනස්නෙ[163] මැ හිඳැ දුනුදිය නඟා, අපොළො[164], මුළුලො[165] එකකොලාහල කොටැ අනුන් හා අසාධාරණ කොටැ ලොකයෙහි වැටෙන තාක් ශිල්ප දැක්වූහු. එ දැක්වූ පරිදි සරභඞ්ග ජාතකයෙහි ආ නියායෙන් දත යුතු.
එකල්හි ශාක්‍ය රජදරුවන් විසින් සදා-දෙන ලද සතලිස් දහසක් නළුවන් පිරිවරා නන් විසිතුරු මිණිරසින් අලු රුවන්විමන්[166] බඳු තන් පහාකුස්හි නැටුම් ගඳෙවු[167] ගත් සුරවමියන් බඳු වර වමියන් ගෙ මඳලස් වහස්[168] බැල්මෙන් පිනපිනා මහත්[169] සම්පත් අනුභව කරන්නාහු, එක් දවසක් උයන් කෙළියට[170] යාටි වැ පහයින් බැසැ රුවන්රිය අරා සියුරඟසෙනඟ පිරිවරා උයන් වඩනාහු. ජරාරූ දැක නැවැතැ දෙවන වරැ ව්‍යාධි[171] රූ දැකැ, තුන්වන වරු මළ රූ දැකැ, සතරවනවරු පැවිජිරූ දැකැ උයන් ගොස් දෙව්පිරිස් පිරිවරා නඳුන් උයන් වන් සක්දෙව්රජහු ගෙ ලීලායෙන් උයන්කෙළි කෙළැ මඟුල් පොකුණෙහි සනහා[172] මඟුල් සලවට[173] වැඩැ-හිඳැ විස්කම් දෙව්පුත්හු විසින් මඟුල්කපු වෙස් ගෙනැ දසදහසක් දිවසළුවෙන් හිස් වෙළා මිණිවොටුනු පළඳවා සව්බරණින්[174] සදන ලද්දාහු, පසඟතුරු රැවින් හා මඟුල්ගීන් දසදිසා[175] පුරමින් රුවන්රිය අරා යසසිරින් වොරජමින් නුවර වැදැ කිසාගොතමිය විසින් කියන ලද නිබ්බුතපද අසා සුවහස්[176] වටනා මුත්හර දී පහාතල අරා සිරියහන්හි වැඩැ හොත්හු.[177]
එකල්හි දිවසරන් බඳු සතලිස්දහසක් නළුවො සව් බරණින්[178] සැදී, පසඟතුරු ගෙනැ මහපුරිසා[179] පිරිවරා[180] නැටුම් ගඳෙවු[181] පැවැත්වූහු. එකෙණෙහි මහබොසතාණො නිදන්නට වන්හු. ඔවුන් නිදන සෙ දැකැ නළුවො තමන් තමන්[182] ගත් පසඟතුරුයෙහි වැතිරැ හෙවැ නිදන්නට වන්හු.
එකල්හි මහබොසතාණො පිබිදැ යහන්මත්තෙ පලක් බැඳැ වැඩැ-හුන්නාහු, ගඳතෙලෙ[183] දිළියෙන පහනින් නිදි ගත් මාගමුන්, නැහැ හඬවනුවන්, මීයෙන් වැහෙන කෙළින් තෙත් සිරිරු ඇතියවුන්, දත් කනුවන්,[184] කස් නවුන්[185] වලප්නවුන්. වළ කට[186] ඇතියවුන්, නොමුවහ රහස් පියෙස් ඇතියවුන්, දුඟඳ වා[187] විහිදුනවුන්, දැකැ සංවෙග කොටැ ශක්රභවනයක් බඳු මහල්තල අමුසොහොනක් සෙ වටහා-ගිය කල්හි, මුළු තුන්ලො[188] ගිනිගත් ගෙකක්[189] සෙ දැකැ “අද මා පැවිජි වන්නට ගිය මැනැවැ”යි යහනින් නැඟී, ගොස් හිණිගෙහි[190] හොත් සත්[191] මහ ඇමැත්තා පොබයා-ගෙනැ අසකු සදා ගෙනැ එන් කොටැ අස්හලට නඟා-යවූහු.
හෙ ගොස් දිලියෙන පහන් ඇති සමන් මල්වියන් යටැ රමණී[192] බිම් පියෙසැ සිටි කත්[193] නම් අස්රජහු දැකැ ඉතා කැකුළු කොටැ සදන්නට[194] පටන් ගත්. එ සඳැ, අස්: “අද මහිමි මහබිනික්මන් කටටි බඳැ”යි සතුටු වැ මහත් කොටැ කුල්නට වනැ. පැතිරැ-ගිය එ හඬ දෙවියො කිසි කෙනකුන් නො ඇසියැ දුන්හු.
බොසතාණො රාල්[195] කුමරුන් දැකැ පහයින් බැසැ අශ්වයා කරා එළබැ, “මෙ රෑ තො මා තරවා. මම් මුළු ලො තරවමී” නැඟී අස් පිටැ වැඩැ-හුන්හු. එ අස් දිග අටළොස් හතැ. දිගට සුදුසු උසා[196] ඇතියෙ යැ. බල ඇත්තෙ යැ, ජව ඇත්තෙ යැ, සව්සුදැ.[197] උහු කුල්නා හඬ හො ඇක්මෙන හඬ හො මුළු නුවරැ පැතිරැ-යන බියෙන් දෙවියො තමන්ගෙ අනුභාවයෙන් කුල්නා හඬ නො පැවැත්තැ දුන්හැ. ඇක්මෙන ඇක්මෙන පියවරට අත්[198] දිගු[199] කොටැ අත්ලෙහි ඇක්මවා-ගත්හු. මහාබොසතාණො අස්පිටැ වැඩැ-හිඳැ සන් මහ ඇමැත්තා අසූ වල[200] ගන්වාගෙනැ පසළොස්පැ ගිය වේලෙහි[201] මහදොර අබියෙසට වැඩියො.
එකල්හි[202] රජ: “බොසතාණන් යම් කවර වේලෙකැ නුවරදොර විවර කරවා නික්මෙතී[203]” බියෙන් යුවළ දොර පුවරියෙහි[204] එකි එකී දොරබියෙළි දහස් පුරුෂයන්[205] මිසැ විවර නොකට හැකි පරිද්දෙන් කැරැවි. බොසතාණො වනාහි ඇත්ගණනින් කෙළ දහසක් ඇත්නට බල ඇතියව්හු[206] පුරුෂගණනායෙන් දසකෙළදහසක්[207] පුරුෂයනට බල ඇතියව්හු. “ඉදින් දොර විවර නොවී නම්, මම අස් පිටැ හුන්නෙම් මැ[208] වල්පතැ[209] ගෙනැ සිටි සන්හු සමඟ[210] අසු දෙකළවෙයින්[211] හැඳැවාගෙනැ අටළොස් හත් පවුරු පැනැයෙමි” සිතූහු සන් මහ ඇමැති: “ඉදින් දොර විවර නොවී නම්, මහිමියා මා දසරුයෙහි හිඳුවාගෙනැ අසුරජු දකුණු කිසිල්ලෙන් ගෙනැ පවුරු පැනැ යෙමී” සිතී යැ. අස්තෙමෙ දු: “ඉදින් දොර විවර නොවී නම්, මම මහිමියා පිටැ හිඳුවා ගෙනැ, වල්හි ගත් සන්හු සමඟ පවුරු පැනැ යෙමී” සිති. එකල්හි දෙවියො දොර විවර කළො.
එ කෙණෙහි මැ මරදෙව්පිත් අවුදු අහසැ සිට සිද්ධත් කුමර, අන්[212] සත්දවසෙකින් තට සක්රුවන්[213] පාළ වෙයි; දෙ දහසක් කොදිව්[214] හා[215] සතර මහ දිවින් සැදුම් ලද සක්වළැ එක්රජ කෙරෙහි;[216] නො යා, නවත”යි, කී. එ කල්හි බොසතාණො[217] තො[218] කවරෙහි? පිළිවිසැ, “මම් මරදෙව්පිත්මි” කී කල්හි “මට සක්රුවන් පාළ වන බව් දන්මි. මම රජ නො කැමැත්තෙමි. දසදහස්ලොධා ගුගුරුවා බුදුවෙමි” වදාළො. එ සඳැ මර: “මෙ තන පටන් ගෙනැ තට කාමාදි තුන් විතර්කයෙන් යම් විතර්කයෙන් උපන් නම්, දනිම් නො!” යි සිත්හසර[219] බලනුයෙ සෙයක් සෙයින් පා නොවී.
බොසතාණො අතට පත් සක්විති රජ අලුයමැ දැමූ කෙළ පිඬක් සෙයින් පියා “ඇසළපුනුපොහො” දවස් නුවරින් නික්මැ-සිටැ නුවර බැලියැටි වූහු. එකෙණෙහි මහ පොළො කුඹල් සකක් සෙයින් කැඩි ඔවුන් නුවර බල්වා සිටිවි යැ.[220] ඔහු නුවර බලා නැවැතී අස්පිටැ හිඳැ මහත්[221] පෙරහරින් මහත් පිරිවරින් වඩිත්. එකල්හි දෙවියො බොසතාණන් පෙරට[222] සැටදහසක් මිණිදඬු වැට පහන් නැඟුහු. පිටිපසැ දු දකුණත් පසැ දු වමත්පසැ දු සැට සැටදහස් මිනිදඬුවැටපහන් නැඟුහු. සෙසු දෙවියො සක්වළගබ් පිරි, සක්වළ මුවවිටු දක්වා අපමණ මිණිදඬු වැඩ පහන් ගෙනැ සිටියො තුබු දෙවියො ද නා ගුරුළු ගජඹ ආදීහු ද දිවගඳින් දිවමලින් දිවදුමින් දිවසඳුන් සුන්නෙන් පුදමින් යෙති. පරසතු මදාරා ඈ දිවකුසුමින් මහ මෙවැසිදහරින් මෙන් අහස්කුස් පිරිණි. දිවගඳෙවු පැවැත්තැ. පෙරටද් පිරිපසැද් දකුණත්පස්හිද් වමත්පස්හිද් අටසැට සුවහසක්[223] දිවපසඟතුරු පැවැත්තැ. සෙසු දිවගඳැවියො[224] පසඟතුරු ගෙනැ සක්වළ මුවවිටු දක්වා සිටියාහැ. එ හඬ මුහුද්කුසු[225] මහමෙගජුන් [226]සෙයින් යුගඳුරු පවියෙහි රළ ගැසෙන හඬ සෙයින් පොළො තෙලෙහි පටන් ගෙනැ අකනිටා බඹලො දක්වා එකකොලාහල වි යැ. මෙබඳු ශොභායෙන් වඩනාහු, එ රෑ තුන් රජයක් ඉක්මැ තිස්යොජනෙකින් මත්තෙහි අනොමා ගඟ තෙරට පැමිණියො.
එ අස් වනාහි නැබින් තුබු සක්නිමෙක්හි ඇවිදුනාක්හු සෙයින් සක්වළ මුවවිටියෙහි ගෙනැ සක්වළ ගබ වටාලා පෙරවරු බත්වේලෙ අවුදු සිටිනට නිසි ජව ඇතියෙ, එදා දෙවිබඹනාගුරුළු ආදීන් විසින් අහසැ සිටැ වුහුටු ගඳමල්හි ගැලී-ගිය සිරිරු ඇති වැ, දිවකුසුම් කඩා යනුයෙන් ලස් වැ තිස් යොජනක් තැන් මැ ගියෙ.
එ කල්හි මහබොසත් ගංතෙරැ වැඩැ-සිටැ, “මෙ කිනම් ගඟෙකැ”යි ඇමැත්තා පිළිවිසැ අනොමා නමැ යි කීයෙන් “අප ගෙ පැවිජි අනොම, අලාමක වෙ”යි අස් හට විළුම්සන් කොටැ අසු අඩ[227] ඉස්බක් පමණ පළල් ගඟ පැනැ පරතෙර ගොස් සිටි කලැ අසු පිටින් බැසැ රිදීපටක් බඳු වැලි විටැ වැඩැ පළඳනාද් අසුද් සන් මහ ඇමැත්තා හට දක්වා-දී, පැවිජි නො වියැ දි ඔහුට සමු දී, සිටැ, “මෙ කෙහෙ මහණ හට සරුප් නොවෙ”යි තමන් හිසැ කෙහෙ කපන්නට නිස්සන් නැත්තෙන්[228] දකුණ’තින් කඩුව ගෙනැ වමතින් මුහුළු[229] හා සමඟ කෙහෙ ගෙනැ සිඳැ, “ඉදින් මම බුදු වෙම් නම්, අහසැ සිටිව යි, බුදු නො වෙම් නම්, බිමට බසීව”යි අහසට වුහුට. එ කෙස් දා[230] යොජනක් පමණ තන්[231] නැඟි අහසැ සිටියෙ යැ. සක්දෙව්රජ යොජුන් පමණ රුවන් කරඬියෙකින්[232] කෙස්දා පිළිගෙනැ මෙර මුදුනෙහි තව්තිසා දෙව්නුවරැ[233] සිළුමිණිසෑ පිහිටිවි.
එ සඳැ මහබොසත්, “මෙ මා හන් කසිවත් මහණ හට සරුප් නොවෙ”යි සිතී යැ. එ කෙණෙහි මහබඹ මහණ පිරිකර ඇරැ දක්වා-දී, සිවුරු හැඳ පෙරෙවැ උතුම් පැවිජි වෙස් ගෙනැ හැම සංවර ඉටා-ගත් කල්හි, ගැළැවු සළු සඟළ[234] හිසින් පිළිගෙනැ බඹලොවට ඇරැ දොළොස් යොජුහු සළුමහසෑ පිහිටිවි.
මහබොසතාණො පැවිජි වැ අනුපියඅඹවනයට වැදැ පැවිජිසුවෙන් උපන් සොම්නසින් සතියක් එහි දවස් යවා[235] පෙරවරු පයින් තිස්යොජනක් නන් ගොස් රජගහානුවර වැදැ ගෙපිළිවෙලින් අහර සිඟත්.
එකල්හි මුළු නුවර මහසත්හු ගෙ රූදස්නෙන් නාලාගිරිහි වන් රජගහා නුවර සෙයින් අසුරන් වන් දෙව්නුවර සෙයින් ඇළලවී.[236] නුවරවැසියො ගොස් “මහරජ, මෙසෙ වූ සත්ත්වයෙක් නුවර වැද අහර සිඟයි. උහු[237] දෙවියකු බව් නො දන්මහ.[238] බඹකු[239] නයකු ගුරුළකු යකකු මිනිසකු බව් නො දන්මහ”යි සැල කළො.
රජ සිහිමැදුරෙ සිටැ බලනුයෙ, මහපුරිසා දැකැ විස්මිත වැ, “මම ද මොහු දෙවියකු බව නො දන්මි. බඹකු නයකු ගුරුළකු යකකු මිනිසකු බව් නො දන්මි. තොපට උපායක් කියමි. මොහු පස් පස්[240] යව. ඉදින් දෙවියෙක් වී නම්, බඹෙක් වී නම් නුවරින් නික්මැ දෙව්ලො බඹලො බලා යෙයි. නයෙක් වී නම්, පොළො කිමිදැ යෙයි; ගුරුළෙක් වී නම්, අහසැ පියා පහර යෙයි; යකෙක් වී නම්, නොපැනි යෙයි; මිනිසෙක් වී නම්, ලද් අහර ඇරැ එක් තෙනෙකැ[241] හිදැ වළඳ කෙරෙ”යි යෙදී.
මහසත් යපෙන පමණ අහර[242] සිඟා-ගෙනැ වන් දොරින් නික්මැ පඬවනම් පවු අබියෙසට එළබැ රුක්සෙවළල්ලෙක්හි[243], වැඩැ-හිඳැ අහර වළඳන්නට ආරම්භ කෙළෙ.[244] පෙරැ ඔවුන් තෙවැසි[245] ගඳහැල් සාලෙබත් නන් අග්රෙසෙත්[246] වැළැඳුනට ඇසැ නො පහළ විරි අහර අත පහරුත් මැ,[247] අතුණු පෙරැළි කටින් නික්මැ යන පමණ පිළිකුල් උපනැ එකල්හි “අහරැ පිළිකුල්සඤ්ඤ”[248] භාවනා කොටැ පස්විකා වැළඳුහු.
පස් පස් ගිය දූතයො දැකැ ගොස් එ පවත් රජ හට සැළ කළහ. වෙලෙවි වැ[249] ගොස් මහසත්හු කරා එළබැ දැකැ පැහැදැ නම්-ගොත් පිළිවිසැ පෙරැ තමා සබඳ[250] බව් දැනැ තමාගෙ රජ ඔව්නට පිළිපෙවී යැ. ඔහු “මහරජ, මට රජෙන් කම් නැති. අතට පත් සක්විති රජ පියා ආයෙමි දැන් බුදු වන්නට යෙමි.” වදාළහ. රජ,[251] තෙපි[252] එකාන්තයෙන් බුදු වව, බුදු වූ[253] කලැ මා ගෙ විජිතයට වඩනෙ මැනැවැ”යි අයදී යැ.
මහසත් රජ හට පිළින දී ගොස් කලම් තව්සා හා උද තව්සා හා දෙතව්සන් ගෙ අසපුවට එළබැ, ඔවුන් ගෙ සමයෙහි නිවන් නැති සෙ දැකැ, එහි ඉඳැ ‘රුවාරූ[254] අට සමවත’ උපයා උල්වෙල් දනවු ගොස්, නිල්දලා හො තෙරැ රමණි ‘සල්වලයෙහි[255] වෙසෙමින් සහවුරුද්දක් පොළො පෙරළනුවන් සෙයින් අහට ගැට ලනුවන් සෙයින් කිසි කෙනකුදු විසින් නො කට හැකි කෙළ පත් මහත් වීර්යය කොටැ, එයින් නික්මැ ගම්-නියම්ගමට පැමිණැ, සිනිඳු අහරින් සිරිරු[256] සතපාගෙනැ, වෙසඟපුනුපොහො දවස් පස් මහසිහින දැකැ විචාරා පාසිවුරු ගෙනැ වේලා බලා අජපල් නුගරුක් මුල්හි සවනක් රසින් දිලියෙමින් වැඩැ හුන්හු.
එකල්හි උරුවෙල් දනවුයෙහි සෙනානී නම් නියම්ගම්හි සෙනානී කෙළෙඹියා දු සුජාතා නම් දැරි තමා විය පත් කල්හි, “ඉදින් මම සමාන කුලදරුවක්හු කෙරෙ වැසැ කුලුඳුලෙ පුතකු ලදිම් නම්, තට හවුරුදු පතා ලක්ෂයක් ධන විසඳා කිරිබත් දෙමි” නුග දෙවියා අයදැ බරණැස් සිට්හු[257] කෙරෙ වැසැ යස නම් පුතකු ලද කල්හි දහසක් දෙනුන් වැල්මී වෙනෙහි කවා, ඔවුන් කිරි දෙවැ පන්සියක්[258] දෙනුන් පොවා ඔවුන් කිරි දෙවැ දෙසියපනස් දෙනක[259] පොවා, ඔවුන් කිරි දෙවැ එක්සියපස්විසි දෙනක පොවා, ඔවුන් කිරි දෙවැ සූසැට දෙනක පොවා, ඔවුන් කිරි දෙවැ දෙතිස් දෙනක පොවා, ඔවුන් කිරි දෙවැ සොළොස් දෙනක පොවා, ඔවුන් කිරි දෙවැ අට දෙනක පොවා, ඔවුන් කිරි[260] මෙසෙ බොල් මියුරු ඔජස් ඇති වූ කල්හි වෙසඟ පුනුපොහො දවස් උදය මා නැඟී එ අට දෙනුන් කිරි දෝනා සඳහා මුදා-ලූ[261] වස්සන් දෙනුන් තනමුලට ළඟා නොවූ[262] කල්හි, එළවු නවමු බඳුන්[263] පිරි කිරි වැහුණු[264] කල්හි, එ පෙළහර දුට්[265] සුජාතා සිය අතින් කිරි නෙැ නවමු බඳනෙහි එවැ[266] අගරු දෙව්දුරු – සඳුන් – කළුවැල්දර උදා කිරිබත් පිසන්නට පටන්ගත්.
බත් පැසෙන කල්හි මහත් මහත් බිබුළු නැඟී දක්ෂිණාවෘත්ත වැ ඇවිද්දි. එක ටිකෙකුදු පිටතැ නො හෙයි.[267] උදුනෙන් මදදුමෙකුදු නොනැඟෙයි. එ කල්හි සතර වරම් මහරජහු අවුදු[268] උදුනෙ සතර දෙසැ රකවල් ගත්හ. සක්දෙව්රජ අවුදු දදා බට පෙණෙහෙලි[269] නඟා[270] ගිනි දල්වයි. මහබඹ ළුප් මුදුනට කොටැ සෙසත් නඟා සිටියෙ යැ. දස දහස් ලොධාහි දෙවියො දෙව්ලොව්හි මිනිස් ලොව්හි[271] ඇති තාක් ඔජස්හි[272] තමන් ගෙ අනුභාවයෙන් දඬුඑල්බෑ[273] මීයක් පෙළා.[274] මී ගන්නවුන් සෙ[275] ගෙනැ එ බජනෙහි[276] ඔත්හු[277]
සුජාතා එ අසිරි මහපෙළහර දැකැ “පුණු” නම් දස කැඳවා බැණැ “මෙ තෙක් කල් මෙවෙනි පෙළහරයක්[278] නුදුටුවිරූමු[279]. අපගෙ දෙවතා අද අපට ඉතා පහන් වනැ. වෙළෙවි වැ ගොස් දෙවොල හැමැදැ එ”යි නඟා යවු. හො වෙළෙවි වැ වෙළෙවි වැ අජපල් නුගමුලට ගොස් රුක්මුල්හි පැදුන්ලොධා බලා වැඩැ හුන් මහසත්හු ගෙ ශරීරයෙන් නික්මෙන සවනක් රසින් සියලු රුක සතුරුවන් රුකක් සෙයින් දිලිසෙන සෙ දැකැ, “අද අපගෙ දෙවතා රුකින් බැසැ සිය අතින් කිරිපිඬු පිළිගන්නට හුන්නෙ වනැ”යි බිය පත් වැ ගොස් සුජාතාවනට සැළ කළා. හො ඇය තෙපුල් අසා සතුට් වැ[280] තමා දෙටු දු තන්හි[281] තබා, සව්බරණින් සදා, ලක්ෂයක් වටනා ගන[282] රන්පයක් කිරිබතින් පුරා, රන් තලියෙකින් පියා[283] සුදුපිළියෙන්[284] වසා, තොමෝ සව්බරණින් සැදී, කිරිබත් පය සිය මුදුනෙ[285] තබාගෙනැ, මහත් පෙරහරින්[286] මහත් පිරිවරින් නුගරුක් මුලට යන්නී, මහසත්හු දැකැ සොම්නසින් පිනා, රුක්දෙවිය යන සිතින් දුටු තැන පටන්-ගෙනැ නතු නතු වෙමින් ගොස් හිසින් කසුන්පය බහා-ගෙනැ පියන් ගළවා රන්කොතුරුයේ[287] සුවඳමලින් වැසු දිය ගෙනැ අතැ එවැ පය[288] අතැ තබා[289] බැසැහෙවැ වැඳැ “යම් සෙ මාගෙ මනොරථ[290] මුදුන් පත් ද, එසෙයින් මැ තොපගෙ මනොරථ නිපදිව”යි බෑණැ සුවහස් වටනා රන්පය මහසත් හට පියා පැදකුණු කොටැ ගියා.
එකල්හි මහසත් හුනස්නෙන් නැඟී බත්පය ගෙනැ නිල්දලා– හො තෙර[291] ගොස් හැම මහබොසතුන් බුදු වන දවස් සනහන[292] සුපිහිටි තොට පය බහා-තබා දියට බැසැ සනා[293] සිවුරු හැඳැ පෙරෙවැ පැදුන් දසා බලා වැඩැ-හිඳැ එකුන් පනස් පිඬක් කොටැ වළඳා රන්පය ගෙනැ “ඉදින් මම් අද බුදු වෙම් නම්, මෙපය උඩුහො බලා යෙව”යි, “බුදු නොවෙම් නම්, යට හො බලා යෙව”යි දිය පිටැ විහිදැ, එ පය හො මැදට ගොස් දිය පිටින් හොමැදැ උඩුහො බලා අසූ හතක් තන් ගොස් එක් සළාවැටමෙක්හි ගැලී මහකෙළ නාරජහු භවනයට වැදැ පෙරැ තුන් බුදුන් වැළඳූ තුන් පය මතු කොටැ එයට යට වැ සිටි කල්හි, එ හොතෙරැ[294] පුපිපි සල්වෙනෙහි දිවාවිහාර කොටැ සවසැ දෙවියන් විසින් සල්වෙනෙහි පටන් ගෙනැ බොමඩ දක්වා පළල අට ඉස්බක් තන්හි රුවන්පවුරු හා රුවන්වැලි සියො රුවන් බිම්හි රුවන් කලස තබා, දිවමහනෙලින් සදා, තන්හි තන්හි රුවන් තොරණ, මල්තොරණ නඟා රුවන්ඇගෑ මල්ඇගෑ නඟා, එහි මියුරු රැවින් හඬන මිණිකිකිණිදැන් බහා-ලා, නන් විසිතුරු[295] දද පෙළින් හා සෙසතින් සැදුම් ලද මැඟින් දෙව් බඹ නා ගුරුළු ආදීන් විසින් ඉස්නා දිවකුසුම් වහරෙයින් පුදන[296] ලැබෙමින් දිවගඳෙවු නැටුම් පවත්නා කල්හි, දසදහස්ලොධා එක මලස්නක් සෙයින් සැදුණු කල්හි,[297] සාධුකාර ශබ්දයෙන් එකනිනාද වූ කල්හි පුන් පැරුම් සෙත් බමුණා දැන් අටමිටක් කුසතණ ගෙනැ බොමඬට එළඹැ දකුණු දෙසෙහි උතුරුදසා[298] බලා වැඩැ – සිටියො.
එ කෙණෙහි දකුණුසක්වළ බැසැ රසාතෙලෙහි ගැලී ගියාක් වැනි වි යැ. උතුරු සක්වළ නැඟී බව අග්හි[299] පහරනාක් වැනි වි යැ. ඔහු “මෙ තන්[300] හිඳැ බුදු වන්නට නොතන් වනැ”යි මහබො පැදැකුණු කොටැ පැළ දෙසෙහි දු උතුරු දෙසෙහි දු වැඩැ-සිටැ එසෙයින් මැ ගැලෙන[301] දෙස් දැකැ පැදුන් දසට එළබැ එතන[302] නො ඇළැලසිටි සෙ දැකැ “මෙ හැම බුදුන් විසින් අවිජහිත කෙලෙස් පඳුරු විදහස තනැ”යි[303] තණ අගැහි[304] ගෙනැ සලා[305] එ විගස නිපන් තුදුස් හත් තණපලග්[306] මතුයෙහි මහබොකඳට පිට දී පැදුන් දස බලා දැමී[307] දැමුව මැනවින් “බුදු වැ මිසැ නො නැඟෙමී” සිවුරඟවර ඉතා වැඩැ-හුන්හු.
එකල්හි සක්දෙව්රජ එක් යලක් පිඹි කලැ[308] දසදහසක් යොජුන් තවුතිසැ දෙව්නුවරැ පැතිරැ සාර මසින්[309] සන්හිඳුනා ධ්වනි ඇති එක්සියවිසිරියන් ‘විජයතුරා’ – සක මහපුරිසා පෙරට පිඹිමින් සිටියෙ යැ. එසෙයින් මැ පන්සිකා දෙව්පිත් බෙල්වපඬු[310] නම් තුන් ගවු පමණ වෙණ ගෙනැ වයමින් සිටියෙ යැ. සුයාම නම් දෙව්රජ තුන්ගවු[311] පමණ වල්විදුනා ගෙනැ සලමින් සිටියෙ යැ. සන්තුසිත නම් දෙව්රජ මිණිතල් වැට ගෙනැ සලමින් සිටියෙ යැ. මහබඹ පුන්සඳක් බඳු සෙසත් වඩා සිටියෙ යැ. මහකෙළ නාරජ අසූදහසක් නළුවන් පිරිවරා ස්තුති කෙරෙමින් සිටියෙ යැ. දෙතිස් දෙව්කුමරියො දිවකුසුම් පිරුණු රුවන් සුමුගු ගෙනැ පුදමින් සිටියාහ. සියලු දසදහසක් සක්වළැ දෙවියො සැණවෙස් ගෙනැ හාත්පස්හි දදපෙළ කෙහෙල්පෙළ තොරණ පෙළ මල්දම්පෙළ පුන්කලසපෙළ දුමොළොසුපෙළ මිණිදඬු වැටපෙළ අටමඟලාපෙළ ගෙනැ, පොළොතෙලෙහි පටන් ගෙනැ අකනිටා බඹලො[312] දක්වා, අතුරු නැති වැ සිටියො.
එකල්හි මරදෙව්පිත්, “සිද්ධත්කුමර මාගෙ විෂය ඉක්මීයැටි[313] වනැ. ඔහු කාමවිෂය ඉක්මැ නොයා-දුන මැනැවැ”යි දහසක් අත් මවා ගිනි ගෙනැ දිලියෙන නොඑක් ආයුධ ගෙනැ යෙළසියක්[314] යොදුන් ගිරිමෙවුලා නම් ඇතහු[315] නැඟී පෙරට දොළොස් යොදුන්, දකුණත් පස්හි දු වමත් පස්හි දු දොළොස් දොළොස් යොදුන්, පිටිපසින් සක්වළගල් දක්වා සිටි, (උසායෙහි) නවයොදුන්, නොඑක් වෙස් නොඑක් අවි ගත්, පොළොව පැළි යන්නාක්[316] වැනි හඬ ඇති මර සෙනඟ පිරිවරා දහසක්[317] යොදුනෙහි පටන් ගෙනැ සෙණ[318] සුවහස් බස්නා කලක් බඳු ගොර බිරම් හඬින්[319] මුළුලොම් එකනිනාද කෙරෙමින් “සිද්ධත් – කුමරහු ගන්ව, අන්ව, බඳුව,[320] පයැ ගෙනැ පරසක් වළ පියව”යි අණවමින්[321] එයි.
ඔහු එසෙ මරසෙනඟ ගෙනැ එත් එත්, දසදහස් ලොධාහි දෙව්බඹහු නතු නතු වූ දෙසෙහි හී පැලැහැ.[322] මහකෙළ නා රජ පොළො කිමිදැ පන්සියක් යොදුන් මන්දෙරික[323] නම් නාග භවනයට ගොස් දොහො අතින්[324] මුහුණු පියාලා හොත්තෙ යැ. සක්දෙව්රජ විජයතුරා-සක පිටට[325] කොටැ ගෙනැ ගොස් සක්වළ මුවචිටියෙහි සිටියෙ යැ. මහබඹ සෙසත සක්වළගල[326] හෙළාපියා බඹලො බලා ගියෙ.
මෙසෙ හැම දෙව්බඹන් පැලෑ කල්හි මහසත් එකලා වැ හිඳැ පිටිපසින්[327] එන මරසෙනඟ දැකැ “මෙතෙක් දෙන මා හුදකලහු යා යුද්ධයට එති. මෙහි මා කිසි නෑ කෙනෙක් ඇත්තාහු නො වෙති. දසපාරමිතාවො මා බොහො කලක් පුටු යොධයන් වැන්නාහ. එබැවින් පාරමිතා බල ගෙනැ මරබල මැඩැ-පිව මැනැවැ”යි පැරුම් සිමිදුමින් වැඩැ-හුන්හු. එකල්හි මරපිරිස් ගල්සෙල් සෙයින් වැතිරෙමින් අවුදු වටා-ගත්හ.
එකල්හි[328] මෙයින් මැ මුහු ලුහුබැඳ-පිව මැනැවැ”යි මරහු විසින් මවන ලද මහ සුළඟහු[329] සතර දෙසින් නැඟී යොජුන් දෙයොජුන් තුන්යොජුන් පමණ ගල් කුළුහු[330] උපුරා අහසට නඟා ලා, වන[331] දු, ගසුදු, රුකු[332] දු, එසෙයින් මැ උපුරා අහසට නඟා ලා, සුන් සුන් කෙරෙමින් ගොස් මහසත්හු කරා පැමිණැ සිවුරු කනකුන් සලන්නට නොපොහොසත් වැ ගියො. එක්බිති “දියවතුරෙහි[333] ගලා පරා-පිච මැනැවැ”යි වලාකුළු සහස් සුවහස් නඟා පොළොව් සිල් කොටැ පියන්නා සෙ වස්වන ලද වැසි වනහිස් ගලමින් ගොස් මහසත්හු ගෙ සිවුරෙහි පිනිබිඳක් සා දියබිඳක් නො හෙළි යැ. එක්බිති පහණ වැසි වස්වන මරහු විසින් මවන ලද මහත් මහත් ගල් කුළුහු දුමමින් දිලියෙමින් අහසින් ගොස් මහසත්හු කරා පැමිණැ දිව මල්ගුළුබවට ගියො. එක්බිති ආයුධ වැසි වැස්වන[334] මරහු විසින් මවන ලද නන් නන් ආයුධයො දුමමින් දිලියෙමින් අහසින් ගොස් මහසත්හු කරා පැමිණැ කිවමල් දම් බවට ගියො. එසෙයින් මැ මවන ලද අඟුරුවැසි දුමමින් දිලියෙමින් අහසින් ගොස් මහසත්හු කරා පැමිණැ දිවමල් බවට ගියෙ.[335] එ සෙයින් මැ මවන ලද හළුවැසි[336] දුමමින්[337] දිලියෙමින් අහසින් ගොස් මහසත්හු පාමුලැ දිව සඳුන් සුනු බවට ගියෙ. එසෙයින් මැ මවන ලද සියුම් වැලිවැසි දුමමින් දිලියෙමින් අහසින් ගොස් මහසත්හු පාමුලැ[338] දිවකුසුම් රොන් බවට ගියෙ. එසෙයින් මැ වස්වන ලද කලල් වැසි දුමමින් දිලියෙමින් අහසින් ගොස් මහසත්හු පාමුලැ දිවගඳ බවට ගියෙ. එක්බිති “සිද්ධස් කුමරහු බවා ලුහුබැඳ පිව මැනැවැ”යි මරහු විසින් මවන ලද සිවුරඟින් යුත් මහ අඳුරු මහසත්හු කරා පැමිණැ හිරිරසින් බුන් අඳුරු සෙයින් අතුරුධන් වී.
මෙසෙ මර මෙ නවමහ වැස්සෙන් මහසත්හු නො නට සෙ දැකැ කො-ගිනින් දිලි[339] මෙරගල් සක්වළගල් පවා කිළිල් සෙයින් කඩන්නට පොහොසත් වූ තමාගෙ චක්‍රායුධය මහසත් හට විහිටැ. හෙ ගොස් මහසත්හු මුදුනෙ මල් සතක්[340] සෙයින් සිටියෙ.[341] මරපිරිස්වැසියනුදු විසින් විහිදුනා ලද, ගල්කුළුහුදු අවිසුවහස්හුදු අහසින් ගොස්, පැරුම් සිමිදුමින් හුන් මහසත්හු කරා පැමිණැ, දිවකුසුම් වැ වගුළො.
දෙවියො සක්වළමුවවිටියෙහි සිටැ කකර නඟ නඟා “සිද්ධත් – කුමරහු ගෙ රූසපුවට නට හො! නො නට හො!” – බලත්. එ කල්හි මරදෙව්පිත් කෙළවරට තකා-ගත් චක්රායුධයෙනු[342] දු කරුණු දෑ නැති සෙ දැකැ මහසත්හු කරා එළබැ “සිද්ධත් කුමර, තෙල පලඟින් නැඟි යැ.[343] පලග තා නො ගැත්තෙ යැ; මා ගැත්තෙ යැයි” කී[344] යැ.
කියග මාරය, “පැරුම් පිරු මහබොසතුන් බුදු වන දවස් පැමිණෙන පලග තා ගැති බවට දෙස්හු කවරහ?”යි කීහ.[345] “මුහු හැම දෙන මැ දෙස් හ”යි මර සෙනඟට හත[346] පෑ කල්හි, මරපිරිස්[347] වැසියන් විසින්, “මම දෙස්මි, මම දෙස්මි”යි පොළොව් පැළී යන පමණ මහහඬ පැවැත් වූ කල්හි, මරහු විසින්, “සිද්ධත් කුමර, තට දෙස්හු කවරහ?” යි කීයෙන් “මට මෙ තන දෙස් කියන්නට නිසි සිතක් ඇති කෙනෙක් ඇත්තාහු නො වෙති”යි කියා සිවුරුගැබින් දකුණත් නෙරැ සෙසු අත්බව් හැරැ වෙසතුරු අත්බැවැ සතසතුමහදන් දුන් තැන් පටන්-ගෙනැ පැරැම්බිම්හි ලා රැව්පිළිරැව් දී හඬා දැන් කුමට නො[348] බණහි? පොළොවට අත් දිගු කළහැ.
එ සඳැ මහපොළොව රැව්දහස් රැව්සුවහස් විහිදැ හැඬුවැ. එ සඳැ යෙළසියක් යොදුන් ගිරිමෙවුලා නම් ඇත් දණ එවැ, බැසැ-හෙවැ, මහපුරිසා සරණ ගියෙ. මරදෙව්පිත් බිය පත් වැ මරපිරිස්[349] හා සමඟ ගත් ගත් අවි පිළි පළඳනා පියා[350] පැලැයි. එකල්හි දෙව්බඹහු පලන[351] මරපිරිස් දැකැ, මර පරද;[352] සිද්ධත් කුමර දිනි යැ, ජයමඟුල්[353] කරම්හ”යි නයි නයින් කරා යවු හැ. ගුරුළුහු ගුරුළුන් කරා යවුහැ. දෙවියො දෙවියන් කරා යවුහැ. බඹහු බඹුන් කරා යවුහැ. මෙසෙයින් දසදහස් ලොධා වැසි දෙව් බඹහු සතුටු සොම්නස්වැ ජයමඟුල් ගොහමින් ගඳමල් ගෙනැ අවුදු මහසත්හු[354] පිරිවැරූහ.
මෙ සෙයින් මහපුරිසා හිරි නොඑප්සෙන තුරු මාර විජය කොටැ පෙරයම්හි නොඑක් ඉකුත් දෑ කෙළසුවහස්හි නො පැකිලැ පවත්නා පුවෙනිවස්නුවණ ලදින් මැදුම්යම්හි[355] අනත්අපරිසෙ ලොධාහි තමන්[356] තමන් කළ කැමින් දුක් විඳුනා සුව විඳුනා සතුන් නිරවසෙස්නෙන් දක්නා දිවසක් නුවණ උපයා[357] අලුයම්හි දොළොස් ඇඟින් යුත් පිළිසසුමුපා[358] වටවිවට[359] විසින් අනුලොම් පිළිලොම් විසින් සිමීඳුත් සිමිඳුත්, දසදහසක් සක්වළ දියපොළොව අවසන් කොටැ දොළොස් වටෙකැ කම්පිත වී යැ. මහසත් වනාහි දසදහස් ලොධා ගුගුරුවා අරුණු නැඟෙන තුරු[360] සව් කෙලෙස් පහා බුදු වී.
එ කල්හි පැදුන් සක්වළ මුවවිටියෙහි සිටැ නැඟු දදයෙහි අග්[361] පැළ සක්වළ මුවවිටියෙහි ලෙළෙයි. පැළ සක්වළ මුව විටියෙහි සිටැ නැඟු දදයෙහි අග්13 පැදුන් සක්වළ මුවවිටියෙහි ලෙළෙයි. උතුරු සක්වළ මුවවිටියෙහි සිටැ නැඟු දදයෙහි අග්13 දකුණු සක්වළ මුවවිටියෙහි ලෙළෙයි. දකුණු සක්වළ මුවවිටියෙහි සිටැ නැඟු දදයෙහි අග්13 උතුරු සක්වළ මුව විටියෙහි ලෙළෙයි. පොළො තෙලෙහි සිටැ නැඟු දදයෙහි අග්13 අකනිටා[362]බඹලොවැ ලෙළෙයි. අකනිටා බඹලොවැ සිටැ නැඟු දදයෙහි අග් පොළො තෙලෙහි[363] ලෙළෙයි. එදා දසදහසක් සක්වළ එක දදවනයක් සෙයින් එක මල්අස්නක් සෙයින් එක ගඳසැළියක්[364] සෙයින් එක මල් කලබක් සෙයින් සැදුම් ලද.[365]
මෙ සෙයින් බුදුහු ගිනි ගත් යපිඬෙක්හි අබ්ධා සෙයින් තමන් සතන්හි සිටි කෙලෙස් වාසනාලව දු[366] නො තබා මඟ නුවණින්[367] කඩා සව්නෙ දැනැ “අනෙකජාතිසංසාරං” – යනාදීන් උදන් ඇනුහු.
ස්වසන්තානදමන නම් දෙවන පරිච්ඡෙද[368] නිමි.
මෙසෙ බුදු වැ උපන් අනා හිඳැ “මම් සියුරා[1] සැකි කප් සුවහසක් මෙ පලග සඳහා දිවීමි. මෙ තාක් කල් මෙ[2] පලග සඳහා මැ[3] හිස් කඩා දින්මි. ඇස් උපුරා[4] දින්මි. හදමස් උපුට දින්මි. රන්ලිය සෙයින් වොරොජනා[5] දරුවනුදු නවයොව්නෙන් දිළියෙන අඟනනුදු අන් හට[6] දස් කොටැ දින්මි. මෙහි මැ හිඳැ මාරවිජය කෙළෙමි. මා මෙහි හුන්නහු ගෙ මනදොළ පිරිණ. මෙ පලගින් දන් නො නැංග මැනැවැ”යි අනෙකෙළ සුවහස් සමවත් සමවජමින්[7] සතියක් එහි මැ වැඩැ-හුන්හු.
එකල්හි ඇතැම් දෙවි කෙනෙක්,[8] “සිද්ධත් කුමර තව පලග නො පියයි. බුදු නු[9] වූ බන්දැ”යි සිතූහු.
එකල්හි බුදුහු දෙවියන්[10] ගෙ අදහස් දැකැ අහසට නැඟි අහස් යුවළ යුවළ කොටැ ගිනිකඳ දියකඳ විහිදුවමින් සවනක් රස් වීරමින් ‘යමාමහපෙළහර’ දක්වා දෙවියන්16 ගෙ කුකුස් හැරැ, අහසින් බැසැ මහබොයින්[11] ඉසාන[12] දෙසෙහි වැඩැ සිටැ “මෙ රුක්මුල්හි හිඳැ බුදු වීමි” යි සියුරා සැකි කප්සුවහසක් පිරු පැරුමෙහි පල[13] ලද තුන් සත්දවසක් එක ඉරියව්වෙන් වැඩැ-සිටැ ඇසිපිය නො හෙළා පස්පෑ දිස්නා දිගුපුළුලැසින් පිදුහු. එක්බිති බොපලග හා නුවණින් පිදු තැන් හා දෙඅතුරෙහි[14] දෙවියන් මැවූ පැළපැදුන් දිග්[15] රුවන් සක්මන්හි සද්දවසක් සක්මන් කොළො. එක්බිති මහබොයින්[16] වායව්යාදෙසෙහි දෙවියන් මැවු රුවන්ගෙයි වැඩැ-හිඳැ සද් දවසක් දහම් සිමිඳියො. මෙසෙ සතර සතියක් බොමැඬැ දවස් යවා අජපල් නුග මුලට එළබැ එහි වැඩැ හිඳැ සද් දවසක් සමවත්සුව අනුභව කොළො. එ කල්හි මාරකන්යාවො තුන් දෙන “බුදුන් කාමපාසයෙන් බැඳැ- ගෙනැ යම්හ”යි අවුදු තුන් දෙන සියක් විලස් දක්වා නොඑක් ලීලායෙන් භාවභාවයෙන් නො පැලැඹියැ හී[17] පැරැදැ ගියො.
එක්බිති[18] මුදලිඳුවිල්[19] තෙරට එළබැ මිදෙල්රුක් මුල්හි වැඩැ-හුන්හ. එකල්හි මුදලිඳු නාරජ විලින් නැඟී දසදෙසෙහි ගැවැසි-සිටි නිල් වදුල් දැකැ බුදුනට වැසිසුළඟ මැසිමදුරු පිරිපත් වළකනු සඳහා වටා සද්දරණ පටක් එවැ පණයෙන්[20] සොයා ගෙනැ සිටියෙ යැ. බුදුහු පිළිමිණිමුවා ගඳකිළියෙක්හි වසනුවන් සෙයින් දරණගැබැ සද්දවසක් සමවත්සුවෙන්[21] දවස් යවුහු.
එක්බිති කිරිපළුවනට එළබැ කිරිපළු රුක්මුල්හි වැඩැ හිඳැ සද්දවසක් සමවත් සුවෙන් මැ දවස් යවුහු. මෙසෙ සත්සතියැ එකුන් පනස්දවසක් අතර කිස නැති වැ සමවත් සුවෙන් දවස් යවු කල්හි සක්දෙව්රජ අමාඅරළු ඇරැ-දිනැ. එ වැළඳු කල්හි බුදුනට සිරිරු කිස[22] ඇති වි යැ. එක්බිති ඔහු මැ දුන් නාලිය දැහැටි[23] වළඳා නුතන්දහතළා[24] පැනින් මුව දෙවැ එ මැ රුක්මුල්හි වැඩැ – හුන්හු.
එ සඳැ තපුස්ස භල්ලික[25] නම් දෙ බෑ වෙණෙඳො[26] පන්සියක්[27] ගැලින් බඩු ගෙනැ කිරිපළුවනය වෙත[28] ගෙනැ යෙති. පෙරැ ඔවුන් නෑ වූ දෙව්දුවක්[29] එ වනයෙහි වසන්නී, ඔවුන් ලවා බුද්නට[30] දන් දෙවී යැටි වැ ඔවුන් ගෙ පන්සියක් ගැල් නැබ දක්වා පොළොව ගලා-පිව. ඔවුන් ගඳමල්දුම් පුදා දෙවියන් අයදනට වන් කල්හි දෙව්පිරිස් පිරිවරා අහස්හි සිටැ දෙව් දු බුදුන් ගෙ අපමණ ගුණ කියා බුදුනට දන් දෙනු කළා. ඔහු[31] මිහිපිඬු ගෙනැ බුදුන් කරා එළැබැ මීපිඬු පිළිගන්නට අයජියහ.[32] මහබඹුහු දුන් පය බුදුන් කිරිපිඬු පිළිගන්නා දවස්[33] අතුරුධන් වී.[34] කිරිපිඬු පිළිගත් පය නාලොවැසියනට[35] සෙත් නිසා නිවාමින් ගියෙ. බුදුහු “කිමෙකින්[36] මී-පිඬු පිළිගන්මි හො!” යි සිතූහු. එ සඳැ සතරවරම්මහරජහු ඉඳුනිල් මිණිමුවා සතරපයක් එළවූහ. බුද්හු[37] එ පා නො ගත්හු.[38] එ සඳැ මුඟුවන් පැහැ ඇති සෙල්මුවා සතරපයක් එළවුහු. බුද්හු සතර දෙව්පුතුන් කෙරෙහි අනුකම්පායෙන් සතර පය පිළිගෙනැ මතුමත්තෙහි තබා “එක්[39] වෙව” යි ඉටුහු. සතර පය මුවවිටි[40] පැනෙන සතර හිරක් ඇති එක්පය[41] වි යැ. බුදුහු එ පයින් මීපිඬු පිළිගෙනැ වළඳා අනුමෙව්නි[42] කොටැ දෙවෙණෙඳන් බුද්සරණ-දහම්සරණ[43] දෙකැ පිහිට්වුහැ.[44] එව්හු පුදන්නට නිසි[45] වතක් ඇරැවූහු. බුදුහු ජලවුල’ත්ලෙන්[46] හිස් පිරිමැදැ කෙස්දා දී වදාළහ. එව්හු රුවන් කරඬියෙන් පිළිගෙනැ රථයෙ වඩා-තබා පුද කෙරෙමින් සිය නුවර ඇරැ දාගප්[47] කොටැ දා නිදන් කළහ.
බුදුන් හුනස්නෙන් නැඟී අජපල් නුගමුලට එළැබැ එහි වැඩැ-හිඳැ “තමන් පිළිවුදු දහම් ගැඹුරුසෙ, සතුන් කෙලෙස්බැරිසෙ, සිතත්, සිතත් බුදුනට “ධම්[48] දෙසම්හ.” යන සිත් නො උපන. එකල්හි මහබඹ බුදුන් ගෙ අදහස් දැනැ[49] මුළුලො නස්සි”යි දසදහස්[50] ලොධා උපුල්වා[51] මහහඬින් හඬා දසදහසක් සක්වැළැ බඹපිරිස් දෙව්පිරිස් පිරිවරා දික් කළ අතක් වක් නොකරන තුරු අවුදු බුදුන්[52] පෙරට පෙනි බුදුන් වැඳැ වටදැණි[53] වැ මුදුනෙහි ඇඳිලි බැඳැ හිඳැ ධම්[54] දෙසුව මනා සෙයට ආරාධනා කෙළෙ.[55]
එ සඳැ බුදුහු බුදු ඇසින් දසදහස්[56] ලොධා බලනුවො, විනෙජනන් දැකැ මහබඹහු අයජමෙහි[57] ගිවිසැ, පළමු ධම් කහට දෙසමි හො!” යි සිතා “ආළාර-කලම් නම් උදරම් නම් දෙමහතව්සො නුවණ ඇතියව්හු”යි බලනුවො, ඔවුන් පෙරට[58] මැ මියැ අරූතල ගියසෙ දැකැ පස්වග සඟුන් තම හට[59] වහල්සෙ සිතා “ඔහු කොහි වෙසෙති[60] හො!” යි බලනුවො, බරණැස් නිසා ඉසිපතන්හි වසනුවන් දැකැ එයට ගොස් එව්නට[61] ධම්සක් පැවැත්වුව මැනැවැ”යි කිහිපදවසක් බොමඩ අබියෙස්හි වැසැ ඇසළපුනුපොහො දවස් බරණැස් වඩනට අටළොස් යොජුන් මඟ පිළිපන්හ.[62]
බුදුහු අතර මඟැ උපක නම් ආජීවකයක්හු දැකැ මත්තෙ ඔහට[63] වන වැඩැ දැකැ තමන් බුදු පරිදි[64] වදාරා එ මැ දවස් සවස් වෙලෙ ඉසිපතනයට වැඩියො.
පස්වග සඟහු බුදුන් – වඩනවුන්, දුරින් දැකැ “මෙ පධනින් පහ වැ ඉසුරුකුලෙහි ඉපැදු[65] සිනිඳු අහර වළඳා පිරිහුන්[66] සිරිරු ඇති වැ, පහන් ඉඳුරන් ඇති වැ, රන්වන් වැ එයි. “මුහු[67] නො[68] වඳම්හ; හුනස්නෙන් නො ද නැඟෙම්හ; උතුම් කුලෙයි උපන් වන බැවින් හිඳුනා අසුන් දෙම්හ”යි අස්නක් පන්වා තබා කතිකා කොටැ-ගෙනැ හුන්හු.
බුදුහු ඔවුන් අදහස් දැනැ හැම සතුන් කෙරෙහි පැතිරැ සිටි මෙත් සිත් හකුළුවා ඔවුන් කෙරෙහි පැවැත්වූහ. ඔහු[69] බුදුන් වඩුත් වඩුත්, තමන් ගෙ කතිකායෙහි නො සිටියැ හී හුනස්නෙන් නැඟී ගොස් වැදැ පාසිවුරු ගෙනැ වඩා-හිඳුවා පා දොවා බුදුබව නොදන්නාහු, නම්[70] කිය කියා බෙණෙති. එ කල්හි බුදුහු, “මහණෙනි, මට නමිනුදු ‘ආවුසො වාද’[71] යෙනුදු ව්‍යවහාර නො කරව.[72] මම රාත්මි[73]” තමන් බුදු බව් හඟවා පැන්වූ උතුම් අස්නෙහි දසදහස් ලොධාහි දෙව්බඹපිරිස් පිරිවරා වැඩැ හිඳැ, පස්වග සඟුන් අමතා දම්සක් පවතුන්[74] සුතන්[75] දෙසූහු. ඔවුන් කෙරෙහි කොණ්ඩඤ්ඤ මහතෙරහු සොවාන් වූහු. අටළොස් කෙළක් බඹහු රාත් වූහු. අසඞ්ඛ්යක් දෙවියො සොවන් සෙදගැමි අනගැමි වූහු. බුදුහු එහි මැ වෙස් එළබැ, තුබූ සතර දෙන හට සතර දවසක් අවවාද කොටැ සොවන් කළහ.
විසේණියැ පස් දෙන හට අනත්ලකුණුසුත් දෙසා රහත් කොළො.
එකල්හි බරණැසැ යස නම් සිට්දැරියෙක්[76] හිමන් ගිමන් වසන් තුන්[77] සෘතුවට කරවන ලද[78] තුන් පහාහි නළුපිරිස්[79] පිරිවරා උඩුමහලින් යටිමහල් නො[80] බැසැ වසනුයෙ, එ දවස් රෑ නැටුම් ගඳෙවු[81] විඳුමින්[82] හෙවැ නිදනුයෙ, පිබිදැ, තමන්[83] තමන් ගත් පසඟතුරුයෙහි වැතිරැ හෙවැ නිදන මාගමුන් ගෙ විකාර දැකැ සංවෙග ඇති වැ හොත් යහනින් නැඟී රුවන්මරවැඩි සඟල පයින් ගෙනැ පහයින් බැසැ නුවරින් නික්මැ ඉසිපතන් ගොස්, අලුයම්හි විහාරයෙන් නික්මැ අබවස්හි[84] දිළියෙන පහන්රුක්[85] සෙයින් සිටැ සක්මන් කරන බුදුන් දැකැ “මොබ[86] එ යස[87]”යි වදාළ කල්හි නිසැක වැ අවුදු වැඳැ ධම්දෙසුන්[88] අසා සොවාන් වැ අලුයෙහි සොස්නෙන්[89] ආ පිය හට දෙසූ දෙස්නෙන් රාත් වි යැ. පියෙ සොවන් වී. ඔහු සබඳ සෙසු සිට් දරුවො සූපනස්දෙනෙක්, “ඔහු පැවිජි වූහැ.” යනු අසා ඉසිපතන් ගොස්, දැකැ, බුදුන් කෙරෙ බණ අසා එහි භික්ඛුභාවයෙන්[90] පැවිජි වැ රාත් වූහු.
මෙසේ ලොකයෙහි බුදුන් ඇතුළු වැ රාතන් එක් සැට දෙනකු නිපන් කල්හි, බුදුහු වස් වැසැ පවරා, “මහණෙනි, දනවු සැරී සරන්නට එළබෙව. දෙදෙනෙක් එක් මඟින්[91] නො යව. ගිය ගිය තන්හි ධම් දෙසව. සත්වැඩ සාහව[92]” යි සඟුන් සැට දෙනා එ එ තැනට නඟා-යවා තුමුහු[93] උරුවෙල් දනවු වඩනාහු, අතර මඟැ කපුවන උයන්[94] කෙළනට ගිය රජ කුමරුවන් තිස් දෙන හට ධම් දෙසා සොවාන් සෙදගැමි අනගැමි කොටැ එහි භික්ඛුභාවයෙන් පැවිජි දී සැරිසරනුවට නඟා-යවා, උරුවෙල් දනවු එළබැ තුන් දහස් පන්සිය සොළොස් පෙළහරක් දක්වා තවුස් දහස් පිරිවර ලද[95] උරුවෙල් කසුඛු,[96] ගයාකසුඛු13 නදීකසුඛු13 නම් තුන් මහතව්සන් ගෙ දුලද බිඳැ, එහි භික්ඛුභාවයෙන් පැවිජි දී ගයාසීසයෙහි වැඩැහිඳ “ආදිත්තපරියාය”-සුතන්[97] දෙසා රාත් කොටැ ගෙනැ එ රාත් සඟුන් දහසක් දෙනා පිරිවරා බිම්සරමහරජ හට[98] දුන් පිළිනයෙන් මිදෙනු සඳහා රජගහා නුවර අබියෙස්හි යටිවන උයන් වැඩියො.
එ කල්හි රජ බුදුන් වැඩි පරිදි උයන්පල්ලා අතින් අසා දොළොස් නුහුවක්[99] බමණන්[100] හා ගහපතීන්[101] පිරිවරා අවුදු තරුපිරිවර ලද[102] පුන්සඳක් සෙයින් සඟපිරිස් පිරිවරා සවනක් ගණ බුදුරසින්[103] දිළියෙමින් වැඩැහුන් බුදුන් දැකැ, සක්ලකුණින් විසිතුරු පතුල් දැකැ වැඳැ, සහපිරිවරින් එකත්පස් වැ හිනි.[104] එ[105] පිරිසැ ඇතැම් කෙනෙක්, “කිම හො? මහමහණ උරුවෙල්කස්බන් නිසා බඹසරවස් සෙරෙයි[106] හො? යි සිතුහු. බුදුහු ඔවුන් ගෙ අදහස් දැනැ[107] “කස්බ, ජනයන්[108] සිතැ කුකුස් හර”යි වදාළො. එ කල්හි උරුවෙල්කසුබ් මහ තෙරහු හුනස්නෙන් නැඟි බුදුන් වැඳැ ‘බුදුහු මට ගුරුහ. මම්[109] බුදුන් ගෙ සවුයෙමි” යි අහස්හි[110] තලයක් පමණ තැනට නැඟී දුමදුමා දිළිදිළී හොමින් හිඳිමින් සිටිමින් සක්මන් කෙරෙමින් අතුරුධන් කෙරෙමින්[111] අහසින් බැසැ බුදුන් පා වැඳැ තමන් සවු පරිදි භගවා, දෙවන වටැ අහස්හි දෙ තලයක් පමණ තැනට නැඟී,[112] තුන් වන වටැ තුන් තලයක් පමණ තැනට නැඟී, පස් වන වටැ පස් තලයක් පමණ තැනට නැඟී, සවන වටැ ස තලයක් පමණ තැනට නැඟී, සත් වන වටැ, සත් තලයක්[113] පමණ තැනට නැඟී දුමා දිළී හෙවැ හිඳැ සිටැ සක්මන් කොටැ අතුරුධන් පැමිණැ පෙළහර දක්වා අහසින් බැසැ, “බුදුහු මාගෙ ගුරුහ. මම්[114] බුදුන් ගෙ සවුයෙමි”යි බුදුන් පා වැඳැ එකත්පස් වැ හුන්හු.
එ කල්හි මුළු පිරිස් වැසියො එ පෙළහර[115] දැකැ, “අහො! බුදුහු මහානුභාව ඇතියව්හැ. එබඳු දුලද්[116] ගෙනැ ‘රාත්මී’ වැටෙන උරුවෙල් කස්බො පවා දුල්ද් බිඳැ බුදුන් විසින් දමන ලදහ”යි බුදුන් ගෙ ගුණ වැනුහු බුදුහු “මුහු[117] දැන් මතු දැමුයෙම් නො වෙමි. අතීතයෙහි දු දැමුයෙමි”යි ඔවුන් මියුලු[118] නුවරැ අඞ්ගාති නම් රජක් වැ ගුණ නම් නුවටක්හු කරා එළබැ “මෙලො නැති. පරලො නැති. කම් නැති කම්හි[119] ඵල නැතී” දුලද්[120] ගෙනැ වැටෙන කල්හි, තමන් බඹ[121] වැ ඉසිවෙසින්[122] අවුදු ධම් අසා දුලද් බුන්[123] පරිදි දක්වමින් මහානාරදකස්සප[124] ජාතකය දෙසා සිවුසස් වදාළහ.
එ කල්හි, බිම්සර රජ[125] එකොළොස් නුහුවක්[126] දෙනා හා සමඟ සොවාන් වි යැ. එක් නුහුයෙක්[127] වැඳැ සරණ ගියෙ[128]. රජ බුදුන් කෙරෙහි හිඳැ තමාගෙ පස් මනදොළක් පිරුණු[129] සෙ කියා සරණ ගොස් සෙට දවසට පවරා හුනස්නෙන්[130] නැඟී බුදුන් වැඳැ පැදකුණු කොටැ නුවර ගියෙ[131]. අලුයෙහි බුදුන් දුටු නුදුට්[132] අටළොස් කෙළක් රජගහා වැසියො[133] බුදුන් දක්නට උදයැ මැ නුවරින් නික්මැ යටිවන උයන් ගියො. තුන් ගවු මඟ[134] නොපොහොනු වි යැ. සියලු යටිවන උයන් මිනිසුන් විසින් අතුරු නැති වි යැ. සියලු යටිවන උයන් මිනිසුන් විසින් අතුරු නැති වි යැ. මහජනයො තමන් ගෙ ඇස්පසුරෙන් බුදුන්ගෙ රූමුහුදු[135] පිහිනා[136] පරතෙර සො දැක්කැ හෙත්. මෙසෙ දෙතිස්වරලකුණෙන් සැදුම් ලද අසු අනුව්‍යඤ්ජනයෙන් දිළියෙන බුදුන් බඳ බලන මහජනා[137] අතුරු නැති වැ උයනද් මඟද්[138] හැසි ගැවසි සිටි කල්හි, එක් පැවිජිකෙනකුදු[139] නික්මෙන්නට මඟ අවසර නොවී.
එ කල්හි සක්දෙව් රජ බුදුන් සඟුන් සුන්බත් වන බියෙන් යහපත් මණව්වෙසක් මවා-ගෙනැ බුදුන් පෙරමඟට[140] බැසැ-සිටැ දෙවානුභාවයෙන්[141] අවසර කොටැ-ගෙනැ බුදුන් ගෙ ගුණ වනා යසගී කියමින් පෙරට[142] වැ ගියෙ. මහජනයො ඔහුගෙ රූසිරි[143] දැකැ “ඇප්25 මෙවෙනි දරුවකු යම් කලෙකැ නුදුටුවිරිම්හ. මෙ කෙසෙ වු දරුයෙකැ[144] හො!” යි කීහු. එකල්හි දෙව්රජ “තමා බුදුන් ගෙ මෙහෙකරු[145] පරිදි” කී යැ. බුදුහු සක්දෙව් රජහු අවසර කොටැ දුන් මඟ පිළිපැදැ මහණ දහස් පිරිවරා රජගහා නුවරට වන්හැ.
රජ බුදුපාමොක් සඟනට[146] දන් දී “වහන්සෙ, මම තුණුරුවන් විනා වාස[147] කරන්නට නොහැක්කෙමි. වෙලෙ වුව, මැනෑ මැ යැ; නොවෙලෙ වුව, මැනෑ මැ යැ; බුදුන් කරා එළබෙමි.[148] යටිවන උයන් ඉතා[149] දුරැ; මෙ මා ගෙ වෙළුවන උයන් නොදුරු;[150] නො ද ආසන්න යැ; යන එන කලට සුව යැ; බුදුනට නිසි සෙනස්නැ. මාගෙ මෙ උයන් පිළිගන්නෙ මැනැවැ”යි රන් කොතුරුයෙන් මලින් ගඳින් වැසුණු මිණි වන් පහන් දිය ගෙනැ වෙළුවන උයන් දෙනුයෙ, බුදුන් අතැ දිය ඔත. බුදුන් උයන් පිළිගත් විගසැ “බුදුසස්නෙහි මුල් බටැ” යි මහා පොළො ගුගුළෙ. දඹදිව් තෙලෙහි වෙළුවන උයන් තබා, පොළො ගුගුරුවා ගත් අනෙක් වෙහෙරෙක් නැති. ලක්දිවැ මහවෙහෙර තබා පොළො ගුගුරුවා ගත් අනෙක් වෙහෙරෙක් නැති. බුදුහු වෙළුවන උයන් පිළිගෙනැ රජ හට අනුමෙව්නි[151] කොටැ හුනස්නෙන් නැඟී සඟුන් පිරිවරා වෙළුවන උයන් වැඩියො. එකල්හි සැරියුත් මුගලන්[152]” දෙදෙන දෙසිය පනස් දෙනකු[153] ගෙනැ බුදුන් කරා එළබැ එහි භික්ඛුභාවයෙන් පැවිජි වැ සහපිරිවරින් රාත් වැ අගසවු තන් පත් වූහු.
මෙසේ බුදුන් වෙළුවන උයන්හි සත් වැඩ සාහමින් වසන කල්හි, සුදොවුන්[154] මහරජාණො “මපුතණුවො බුදු වැ ධම්සක් පවත්වා රජගහා[155] නිසා වෙළුවන උයන්හි වෙසෙති” යනු අසා එක් “මහ ඇමැත්තක්හු දහසක් පුරුෂයන් පිරිවරා රජගහා[156] නුවර ගොස් සුදොවුන් මහරජාණො තොප දැක්කැටියහයි, ම පුතණුවන් ගෙනැ[157] තා අව මැනැවැ”යි නඟා යවුහු. “හෙ ඉතා මැනැවැ”යි සුදොවුන් මහරජාණන් ගෙ තෙපුල් මුදුනෙන් පිළිගෙනැ දහසක් පුරුෂයන් පිරිවරා වහා මැ සැට යොජුන් මඟ ගෙවා ගොස් බුදුන් පිරිස් මැදැ වැඩැහිඳැ ධම් දෙසන වෙලායෙහි වෙහෙරට වැදැ, “රජු ගෙ හසුන් දැන් තබම්හ”යි පිරිස් අන්තයෙ සිටැ බුදුන් කෙරෙහි[158] බණ අසා සහපිරිවරින් රාත් වැ නො බැණැ බුදුන් කෙරෙහි විසි. රජානො එ මැ නියායෙන් අනෙක් අට වරෙක්හි දහස් දහස් පුරුෂයන් පිරිවර දී ඇමැත්තන් අට දෙනකු යවූහු. ඔහු හැමදෙන[159] රාත් වැ පැවිජි වැ නො බැණැ බුදුන් කෙරෙහි මැ වුසුහු. රජාණො හස්නකුදු ඇරැ[160] කියන කෙනකුන් නො ලදින්, “එ තෙක් දෙනා කෙරෙහි මට සැනැහැත්තන්[161] නැත්තෙන්[162] මට හස්නකුදු ඇරැ[163] නො කීහැ.[164] මා කීවක්[165] කරන්නෙ[166] කවර හො!”යි, සියලු රජබල බලනුවො, තමන්ගෙ හැම කාර්ය[167] සාධන, ඇතුළත්, විස්වස් ඇති, පුතණුවන් හා එක දවස් උපන්, වැලි කෙළියෙහි පටන් ගෙනැ ඔවුන්[168] හා පුරුදු සබඳ, කාලුදායි[169] නම් ඇමැත්තක්හු දැක ඔහු කැඳවා-ගෙනැ, “මපුතණුවන් දැක්කැටි වැ නව වරෙකා නව ඇමැත්තකු දී නවදහසක් පුරුෂයන් යවීමි.[170] එකෙකුදු[171] අවුදු[172] හස්නකුදු නො කී.[173] දිවියෙහි නියන නැති. මා දිවි ඇති විගසැ මපුතණුවන් ඇරැ මා දක්වන්නට[174] නිස්සෙහි දැ?”යි කීහැ. “මහරජ මම් පැවිජි වන්නට අවසර ලැබෙම් නම්, නිස්සෙමි” කී යැ. “තො පැවිජි වැ හො, නොපැවිජි වැ හො මපුතණුවන් ඇරැ මා දක්ව”යි කීහැ. හෙ[175] “මහරජ[176] ඉතා මැනැවැ”යි රජාණන් ගෙ හසුන් ගෙනැ රජගහා නුවර ගොස් බුදුන් ධම් දෙසන වෙලෙහි පිරිස් අන්තයෙහි සිටැ බණ අසා සහපිරිවරින් රාත් වැ එහි භික්ඛුභාවයෙන් පැවිජි වී.
ඔහු සතට දවසක්[177] ගිය කලැ මැදින්දිනැ පුර පොහො දවස් “හිමන්[178] කල් ඉකුත්යෙ යැ; වසන්[179] කල් පත්තෙ යැ; පොළො තල හීතණයෙන් ගැවැසීගත්තෙ යැ; වන ළැව් සුපිපියෙයැ;[180] වඩනට නිසි කලැ”යි සළකා[181] බුදුන් කරා එළබැ සැට ගයෙකින් බුදුන් කුලනුවර වැඩිය[182] මනා බව් කියා ගමන් වැනුහු.[183] එ කල්හි බුද්හු “කිම, උදය, මියුරු සරයෙන් ගමන් වනහි?”යි වදාළො. එ සඳැ මහතෙරහු, “වහන්සෙ මුබ පියාණො සුදොවුන් මහරජාණො මුබ දැක්කැටියහ”යි කීහු. “මැනැවැ උදය, නෑයනට සංග්‍රහ කෙරෙමි, බික්සඟනට සැල කරව”යි වදාළො. “මැනැවැ, වහන්සෙ” යි ගොස් නඟනට සැළ කළහ. සඟහු අවුදු බුදුන් පිරිවැරුහු. බුදුහු අඟු-මගධ දෙරටවැසි කුල දරුවන් දසදහසක් දෙනා හා කිඹුල්වත් වැසි දසදහසක් දෙනා හා මෙසෙ විසිදහසක් රාත් සඟුන් පිරිවරා හස්ගණ[184] පිරිවර[185] ලද මහහස්රජක්හු[186] සෙයින් රජගහා නුවරින් නික්මැ එක් දවසකට එක් යොජනක් බැවින්[187] රජගහා නුවරින්[188] සැටයොජුන් කිඹුල්වත් නුවර,[189] යොජුන් යොජනෙහි[190] වෙහෙරැ වෙසෙමින්, “දෙමසෙකින් ගිය මැනැවැ”යි නික්මුණුහු.
මහතෙරහු, “බුදුන් නික්මුණු පරිදි රජ හට සැල කළ මැනැවැ”යි අහසින් ගොස් රජගෙයි පාල වූහු.[191] රජානො මහතෙරුන්[192] දැකැ සතුටු වැ මහාරඟ පලක් මත්තෙ වඩා හිඳුවා තමනට යුතු කොටැ තුබු නන්[193] රසබොජනෙන්[194] පය පුරා දුන්හු. මහතෙරහු, හුනස්නෙන් නැඟි යන ආකාර දැක්වූහු. “හිඳැ වළඳන්නේ යැ”යි කීයෙන්, “බුදුන් කරා ගොස් වළඳම්හ”යි කීහු. “බුදුහු කොහි යැ පුතණුවෙනි?” කීයෙන්, “විසිදහසක් සඟුන් පිරිවරා තොප දක්නට නික්මුණුහු”යි කීහ. රජාණො සතුටු වැ “තෙප් වළඳව. මපුතණුවන් මෙ නුවර එන තන් දක්වා මොබින් බත් ගෙනැ වඩව[195]” යි කීහු. මහතෙරහු ගිවිස්සහ. රජාණො මහතෙරුන් වළඳවා පය ගඳසුන්නෙන් උළා-පියා උතුම් බොජනෙන් පුරා, “බුදුනට දෙව”යි මහතෙරුන් අතැ තුබූහු. මහතෙරහු හැමදෙනා දක්නාසෙ මැ පය අහසට විහිදැ තුමුහු ද අහසට නැඟි බත් ඇරැ බුදුන් අතැ තුබූහු. බුදුහු වැළැඳූහු. එ නියායෙන් මහතෙරහු දවසැ දවසැ බත් ගෙනැ යෙති. බුදුහු අතරමඟැ පියමහරජාණන් ගෙ මැ බත් වැළැඳූහු. මහතෙරහු බුදුන් බත් වැළඳවූහු. එක්බිත්තෙන දවසැ දවසැ “බුදුහු මෙ තෙක් තන්[196] වැඩියහ. මෙතෙක් තන් වැඩියහ”යි බුදුනු ගෙ ගුණ කියා සියලු රජකුලන් බුදුන් නුදුටු[197] ද, බුදුන් කෙරෙහි ප්‍රසාද ඉපදවූහු[198] එයින් ඔව්නට බුදුහු කුල පහදවන්නන් කෙරෙහි අග තනතුරු වදාළො.
රජහු බුදුන් වැළැතැ[199] වැඩි කල්හි, “අප ගෙ නෑ උතුමා දක්මහ”යි රැස් වැ බුදුන් වාස[200] කරන්නට නිසි තැන් බලන්නාහු, නිග්රොධ නම් ශාක්යරජහු ගෙ උයන රමණීසෙ දැකැ එ සදන්නට යොදා තුමූ[201] ගඳමල් ගෙනැ පෙරමඟට යන්නාහු, පළමු[202] සව්බරණින්[203] සැදි ළදරු ළදරු දරුවන්[204] හා දැරියන් නඟා-යවුහු. එක්බිති රජකුමරුවන්[205] හා රජ කුමරියන් නඟා-යවූහු. ඔවුන් එක්බිති තුමුහු ගොස් ගඳින් මලින් පුදමින් බුදුන් ගෙනැ නිග්රොධරාමයට වැඩුහු. බුදුහු එහි[206] විසිදහසක් සඟුන් පිරිවරා පැන්වූ බුදුඅස්නෙහි වැඩැහුන්හු. සැහැමහරජහු[207] අභිමානයෙන්, “සිද්ධත් කුමර අපට ළදැරි යැ. අප මලැ, අප බෑනෙ යැ, පිතැ, මුනුබුරෙ යැ”යි සිතා ළදරු ළදරු රජකුමරනට, “තෙපිවඳව. ඇපි තොප පිටිපසැ හිඳුම්හ” කීහු. ඔවුන් එසෙ හුන් කල්හි, බුදුහු ඔවුන්ගෙ අදහස් දැනැ “මා නැයො නො වඳිති. ඔස! ඔවුන්[208] වැඳැවුව මැනැවැ”යි සතර වන ධැන්[209] සමවැදැ හුනස්නෙන් නැඟී ඔවුන් හිසැ පියපස් ඕනවුන් සෙයින් අහසට නැඟී සියල් සිරිරින් දියකඳ ගිනිකඳ විහිදමින් සවනක් රැස් විරමින් යමාමහපෙළහර දැක්වූහු.
පියමහරජාණන් එ අසිරි මහපෙළහර දැකැ, “වහන්සෙ, මම තොප, උපන් දවස් කළුදෙවුල්[210] මහතව්සා වඳවන්නට එළවුවන් ගෙ, පා පෙරැළී ඔහු මුදුනෙ පිහිටිසෙ දැකැ තොප වහන්සෙ වැන්දෙමි. හෙ මාගෙ පළමු වන වැඳම යැ.[211] වප්මඟුල් දවස් දඹරුක් පයැ සිරියහන් මතුයෙහි පලක්[212] බැඳැ වැඩහුන්නා දැක, දඹසෙයද් නොපෙරෙළෙනසෙ දැකැ, වැන්දෙම් මැ යැ. හෙ දෙවන වැඳුම යැ දැන් මෙ[213] නොදුටු විරි පෙළහර දැකැ වඳිමි.[214] මෙ මාගෙ තුන් වන වැඳමැ”යි[215] වැඳි කල්හි, බුදුන් නො වැඳ සිටිනට නිසි එක රජෙකුදු නො වීයැ. හැම දෙන මැ වැඳියො.
මෙසෙ බුදුහු නෑයන් වඳවා[216] අහසින් බැසැ පැන් වූ අස්නෙ වැඩැ-හුන්හ. බුදුන් වැඩ-හුන් කල්හි නෑයන් ගෙ සමාගම මුදුන් පැමිණි යැ. හැමදෙන[217] එකඟසිත් වැ හුන්නාහු. එ කල්හි මහමෙ නැඟී පොකුරුවැසි වට. එ වැස්සෙහි[218] “තෙමෙම්හ”[219] යි සිතුවො තෙමෙති. “නො තෙමෙම්හ”14 යි සිතුවන් වෙරැ එක දිය බිඳෙකුදු නො හෙයි. එ අසිරි පෙළහර[220] දුටු රජහු විස්ම පත් වූහු. බුදුහු “දැන් මතු නොවෙයි, මාගෙ නෑ සමාගමයෙහි පොකුරු වැසි වටුයෙ[221]; අතීතයෙහි දු වට” යි වෙසතුරුදා වදාළහ. ධම්දෙසුන්[222] අසා හැම දෙන[223] හුනස්නෙන් නැඟි වැඳැ නුවර ගියහ. එක රජෙක් හො, රජඇමැත්තෙක් හො, අනෙක් දවසට පැවැරු කෙනෙකුදු නොවූහු.
බුදුහු අනෙක් දවස් විසිදහසක් සඟුන් පිරිවරා කිඹුල්වත් නුවර සිඟන්නට වැඩියහ. පෙරමඟට ගොස් පා ගත් කෙනෙක් හො, පැවැරු කෙනෙක් හො, නොද වූහු. බුදුහු එළිපතැ වැඩැ සිටැ, පෙරැ බුදුහු, කුලනුවරැ කිසෙ පිඬු සුරූහ[224] හො! ගෙපිළිවෙළ හැරැ ඉසුරු ජනන් ගෙ ගෙට එළඹියහ හො! නොහොත්, සපදන්සැරි සුරුහ, හො!”යි බලනුවො, ගෙ-පිළිවෙල පියා එක් බුදු කෙනකුනුදු[225] නො වැඩිසෙ දැකැ, “දැන් මයිදු එ මැ වංසය[226] රැක්ක මැනැවැ.[227] අනාගතයෙහි මාගෙ සව්වො මා අනුවැ හික්මෙන්නාහු, සපදන්සැරිවත් පුරනු වෙතී” කෙළවරැ ගෙහි පටන්-ගෙනැ සිඟමින් වඩිති. “අප හිමි සිද්ධත් කුමර පිඬු සෙරෙල”යි දෙබුමු තුන්ඛුමු ආදි පහාහි සිහිමැදුරු[228] විවර කොටැ බලන ජනයො දැක්මෙහි[229] ව්‍යාවට වුහු.
යසොධරා දෙවි වනාහි “හිමිහාපිත් මෙ මැ නුවරැ රුවන්රිය අරා දෙව්පිරිස් බඳු පිරිස්[230] පිරිවරා දැන් මුඬු වැ කහවත් හැඳැ පෙරෙවැ පා කබලක් ගෙනැ අහර සිඟා ල. හෙ ඔහට හොබී[231] හො! නොහොබී හො!” යි සිහිමැදුරු[232] විවර කොටැ බලන්නී, බුදුන්, නන් විසිතුරු පැහැයෙන් දිළියෙන සිරිරු රසින් නුවර මහවෙ බබුළුවනුවවන්, බ්‍යාම ප්රභායෙහි[233] ගැලී-සිටි අසුඅනුව්යඤ්ජනයෙන් බබළන දෙතිස් වරලකුණෙන් සැදුම් ලද රූපකය ඇතියවුන්, උපමා නැති බුදුසිරින් වොරජනන්, දැකැ හිස පටන්-ගෙනැ පතුල් දක්වා නරසීගා නම් අට ගයෙකින් බුදුන් වනා සුදොවුන් මහරජාණන් කරා ගොස්, “තොප පුතණුවො අතුරුවෙ බැසැ සිඟති”යි වැ.[234] රජාණො[235] බිය පත් වැ සළුව හඳිමින් වෙළෙවි[236] වැ ගොස් බුදුන් පෙරට[237] සිටැ, “වහන්සෙ, මට ලජ්ජා කුමට කරව? කුමක් සඳහා සිඟව? මා මෙ සඟනට බත් නොදිය හෙතී,[238] ගත්තාව?”යි කීහ. “මහරජ, මෙ අප[239] ගෙ වංස යැ”යි වදාළො.[240] “වහන්සෙ, තොප ගෙ මහාසම්මතවංසයෙහි එක රජෙකුදු නොසිඟුයෙ නො[241]?”යි කීහු. “මහරජ, හෙ තොප ගෙ වංස යැ. අපගෙ වූ කල බුද්ධවංසයැ. හැම බුදුහු[242] සිඟා-වැටුණහ.” යි, අතුරුවෙයැ සිටැ ගාථාවක් වදාළහ. එ[243] ගාථාව අසා සොවන් වූහ; දෙවන ගාථාව අසා සෙදගැමි වූහ; මහධම්පල්දා අසා අනගැමී[244] වූහ; මීයන කලැ සෙසත් යටැ සිරියහන් මත්තෙ හෙවැ රහත්වූහු.
රජාණො, සෙදගැමි වූවාහු, බුදුන් අතින් පා ගෙනැ විසිදහසක් සඟුන් හා බුදුන් පහයට වඩා සිනිඳු මියුරු බත් දුන්හු. බත් වළඳා උන් කල්හි සතලිස්දහසක් නළුවො බුදුන් වැන්දාහ. යසොධරා දෙවී වනාහි, “බුදුන් වඳනට එව”යි කීයෙන් “සැබවින් මම ගුණවත් වීම් නම්, ඔහු මැ ම කරා එති. එ කලැ මැ[245] වඳිමි”යි නොගියා[246] බුදුහු පියමහරජාණන් ලවා පය ගෙන්වාගෙනැ දෙඅග සව්වන් හා සමඟ ඇය ගෙ සිරියහන් ගබට එළබැ ‘ඇය[247] රිසි සෙ වඳනා කල්හි නොවළක්කෙ යැ[248]” යි වදාරා පැන්වූ අස්නෙහි වැඩැ-හුන්හු. දෙවි වෙළෙවි වැ ගොස් ගොප් මසැ අත්ලා-ගෙනැ [249]පා-පිටැ හිස් තබා වනවනා වැලැපැ රිසි සෙ වැන්ද. රජාණො, ඇය බුදුන් කෙරෙහි[250] සනාබුහුමන් ඇති පරිදි කියන්නාහු, “වහන්සෙ, මදු ‘තොප කහවත් හන්හ’ යනු අසා කහවත් හන. ‘තොප එක් වෙලෙ වළඳතී[251] අසා එක් වේලෙ වළඳයි. ‘තොප මහත් සම්පත්[252] පී-බව්’ දැනැ මහත් සම්පත් පිටවැ. ‘මහයහන් පීහ’ යනු දැනැ මහ යහන් පියා පට හැඳෙකැ[253] හොවී, ‘තොප මල්ගඳ[254] නොපළඳනා බව් දැනැ මල්ගඳ හළ. තමා නෑයන් කෙරෙහි, ඇපි ඇපි පස්වටම්හ’යි හසුන් දුන් කලැ, එක් රජක්හු දු කීයෙහි නො ගිවිස්සි. මදු මෙසේ ගුණවතැ”යි කී හැ. “මහරජ, දැන් තොප විසින් රක්නා ලද්දිය මෙසෙ වැටෙනු කිසි පෙළහරෙක්[255] නොවෙයි. පෙරැ කිසි කෙනකුන් විසින් නොරක්නා ලද්දී, නොපිරිපැසුණු නුවණ[256] දු තමා රැක්කැ”යි වදාරා සන්කිඳුරුදා[257] දෙසා ඇය අස්වසා හුනස්නෙන් නැඟි වැඩියො.
දෙවන දවස් තමන් මලු[258] නන්ද කුමරහු ගෙ තනතුරු මඟුල්, ගෙවදනා මඟුල් විවාමඟුල් මෙ තුන් මඟුලට සරහන කල්හි ඔහු[259] ගෙට එළබැ පැන්වූ අස්නෙ[260] වැඩැ හිඳ මඟුල් වදාරා ඔහු පැවිජි කටැටි වැ පය අතැ නඟා තබා හුනස්නෙන් නැඟි වැඩියො. ජනවුකලණ නම් රජ කුමරි[261]බුදුන් හා යන කුමරහු දැකැ, “හිමියාපිත, වහා එ”යි කියා කර දික් කොටැ කවළියෙන් බැලුව[262]. හෙද බුදුනට “පය ගන්ව, වහන්සෙ”යි කියන්නට නොපොහොසත් වූයෙ, බුදුන් හා[263] වෙහෙ මැ ගියෙ. බුදුහු ඔහු නොකැමැති සෙ පැවිජි කැරැවූහු. මෙසේ බුදුහු කිඹුල්වත් නුවර ගොස් තුන් වන දවස් නඳ[264] කුමරහු පැවිජි කළහ.
සත්වන දවස් යසොධරා දෙවි තමා පුතු රාල් කුමර[265] කුමරබරණින්[266] සදා මෙ “විසිදහසක් මහණ ගණ පිරිවර[267] ලද, රන්වන් උතුම් රූ ඇති, මහබඹහු සෙයින් දිළියෙන, මහණ තා පියෙ[268] යැ. ඔහු ගෙ මහානිධි සතරෙක් ඇති. ඔබ නික්මැ ගිය තැන් පටන්-ගෙනැ එ නො දක්මහ. උහු කරා ගොස් දායාද ඉල්ලා-ගන.[269] පියන් ගැති[270] දෙයෙක් නම්, පුතුන් ගැති වේ ද!”යි නඟායවු.[271] කුමර බුදුන් කරා ගොස්, “මුහු ම පියාණහ” යන සෙනෙහෙන් සතුටු සිත් ඇතියෙ, “මහණ, තාගෙ සෙවණ සුව යැ”යි ළඳ බොළඳ බස බෙණෙයි. බුදුහු වළඳා අනුමෙව්නි කොටැ හුනස්නෙන් නැඟී වැඩියහ. කුමර ද දායාද ඉල්ලමින් බුදුන් හා මැ ගියෙ. බුදුහු දරුවා[272] නො නැවතුහ. පරියනයොද් බුදුන් හා යන්නහු නවතන්නට නොපොහොසත්[273] වූහු. මෙසෙ හෙ බුදුන් හා සමඟ අරම් ගියෙ.[274]
එ සඳැ බුදුහු, “මෙ පිය අයත් ධන ඉල්ලයි. මොහට සසරවැසිකරණ[275] ධන නො දුන මැනැවැ. මා බො-මඬහි[276] ලද[277] සත්වැදෑරුම් අරීධන දුන මැනැවැ. ලොවුතුරු දායාද යෙහි මොහු හිමි කළ මැනැවැ”යි සැරැයුත් [278]මහතෙරුන් කැඳවා මොහු පැවිජි කරා[279]”යි වදාළහ.[280] ඔහු රාල් කුමරහු පැවිජි කොළො.
ඔවුන් පැවිජි වූ කල්හි සුදොවුන්[281] මහරජාණනට බලවත් දුක් උපන. අධිවාසනා කරන්නට නොපොහොසත් වූවාහු, බුදුන් කරා එළබැ, “මවුපියන් නො අනුදත් දරුවන් පැවිජි නොකරන්නට[282] වරයක් මට වදාරනු මැනැවැ, වහන්සෙ”යි කීහ. බුදුහු ඔව්නට[283] එ වරය දුන්හ.
අල්ලෙ[284] දවස් බුදුන් රජගෙහි[285] වළඳා වැඩැ-හුන් කල්හි, රජාණො “වහන්සෙ, මම්, පධන්හි යොග කරන කල්හි එක් දෙව්දුවක්[286] අවුදු, මහරජ, තපිත්[287] මෙළෙ’යි කී කල්හි, ම පිත් ‘බුදු වැ මිසැ, නො මියෙ’ යි දෙව්දුව කීවා නො හැදැහිමි”[288] යි කීහු. බුදුහු “මහරජ, තෙපි දැන් කිසෙ හදහව? පෙරැ ‘ත පිත් මෙළෙ’ යි ඇට ඇරැ-පෑ කල්හි දු නො
හැදැහුවාව[289]!” යි වදාරා මහධම්පල්දා දෙසූහ. දෙසුන් අවසන් හි රජාණන් අනගැමිපල පසක් කොළො. මෙසෙයින් බුදුහු පියාණන් තුන් මඟ තුන් පල[290] පමුණුවා සඟපිරිස් පිරිවරා කිඹුල්වතින් නික්මැ රජගහා නුවර ගොස් සීතවනයෙහි වැඩැවුසුහු.
එ කල්හි සැවැත් නුවරැ අනෙවඩුමහසිටු පන්සියක්[291] ගැලින්[292] බඩු ගෙන්වා[293] ගෙනැ රජගහා නුවරැ තමා සබඳ සිට්හු[294] ගෙට එළබැ එහි සිටැ බුදුන් උපන් බව් දැනැ රැ බොහො වෙලෙහි මැ දෙවියන් වළ[295] දොරින් නික්මැ බුදුන් කරා එළබැ බණ අසා සොවාන් වැ අනෙක් දවස් බුදු පාමොක් සඟනට මහදන් දී බුදුන් සැවැත් නුවර[296] වඩනට ගිවිස්වා-ගෙනැ අතරමඟ පන්සාලිස් යොජනක් තන්හි ලක්ෂ ලක්ෂ විසදා යොජනෙහි[297] යොජනෙහි මහ වෙහෙර කරවා සැවැත් නුවර ගොස් ජෙත[298] නම් රජකුමරහු ගෙ උයන මසු සුළසින් අතොට අටළොස් කෙළෙකින් විකිණිගෙනැ එ රමණි[299] උයන් මැදැ බුදුනට ගඳකිළි කරවා එ වටා සෙසු සෙනසුන් කරවා පවුරු දොරොටු යොදා රැ වටන් දිවා වටන් සක්මන්[300] පිරි පොකුණු කරවා අටළොස් කෙළක් ධන විසදා මනොරම[301] කොටැ වෙහෙර කරවා බුදුන් කරා යවී.
බුදුහු මහසඟුන් පිරිවරා රජගහා නුවරින් නික්මැ අනුක්රමයෙන් සැවැත් නුවර[302] වැඩියහ. මහසිට්[303] වෙහෙර මහන් සරහා[304] බුදුන් දෙව්රම් වෙහෙර වඩනා දවස් පුතු සව්බරණින් සදා[305] එ සෙයින් මැ සැදි පන්සියක්[306] දරුවන් දී බුදුන් පෙරමඟට යවීයැ. දරු සහපිරිවරින් පස් පැහැයෙන් දිළියෙන පන්සියක් දද ගෙනැ බුදුනට පෙරටු වි යැ. ඔවුන් පස් පස් ‘මහා සුභද්දා’[307] නම් ‘චුලසුභද්දා’[308] නම් දෙසිට් දුහු සව්බරණින් සැදි පන්සියක් කුමරියන් හා සමඟ පුන්පැන[309] ගෙනැ නික්මුණහ. ඔවුන් පස්පස්[310] සිට්දු සව්බරණින් සැදී එ සෙයින් මැ සැදුණු පන්සියක් අඟනන් හා සමඟ පුන් පැණ[311] ගෙනැ නික්මුණු.[312] එක්බිති කොසොල් රජහු දු සමන් කුමරි පන්සියක් රථපිරිවරින් ගඳමල් ගෙනැ නික්මුණු.[313] හැම දෙන හට පසු වැ දහවළු හන් පන්සියක් සිටුන් හා සමඟ ගඳමල් ගෙනැ බුදුන් කරා ගියෙ.[314] බුදුහු මෙ උපාසක පිරිස් පෙරට කොටැ මහසඟුන් පිරිවරා සවනක් ගනරසින්[315] දසනුදස බබළවමින්[316] අනත් අපරිසෙ[317] බුදුසිරින්[318] වොරජමින් දෙව්රම් වෙහෙර වන්හු. එකල්හි සිට් බුදුපාමොක් සඟනට[319] වෙහෙර දිනැ, බුදුහු අනුමෙවුන් කළහ. සිට් අනෙක් අටළොස් කෙළක් ධන විසඳා වෙහෙර මහන් කැරැවී.
මෙ සෙයින් බුදුහු තමන් පුරිසධම්මසාරථී වන බැවින් ධම්සක් පවත්නෙහි පටන්-ගෙනැ අනෙකසෘද්ධි ප්‍රාතිහාර්යයෙන් හා දෙශනාවිලාසයෙන් හා මහණ දුළුලු බමුණු ගැහැවි සැහැරජ[320] ඈ අනෙසිය දහස් සතුන් සතන්හි දුලද්[321] බිඳැ-දමා අමාමහනිවනින් පමුණුවමින් ගොස් අනෙවඩු මහසිට්හු සූපනස් කෙළෙක් ධන විසඳා කරන[322] ලදු දෙව්රම් වෙහෙරැ හැම බුදුන් වුසු තන්හි අමා රස වහන පුන්සඳක් සෙයින් විනෙකුමුදුවන පුබුදුවමින් වැඩැ වුසුහු.
පරසන්තාන දමන නම් තුන්වන පරිච්ඡෙද නිමි.
මෙසෙ බුදුහු දෙව්රම් වෙහෙරැ දහම් අමාවහරෙ වස්වමින් වැඩැ වසනුවො, තුන් ලොව්හි සැරිසැරැ[1] උපාලිගහපතිහි ඈ සිට්නු[2]දු කූටදන්ත ඈ බමණනුදු අජාසත් ඈ රජනුදු[3] අඟුල්මල් ඈ සොරුනුදු3 සහිය ඈ පරිබ්‍රාජක යනුදු3 සච්චක ඈ නුවටදරුවනුදු3 පාඨිකපුත්‍ර ඈ දිගම්බරයනුදු3 සච්චබද්ධක[4] ඈ ජටිලයනුදු බාවරික[5] ඈ තව්සනුදු3 ශාක්යභික්ෂු[6] ඈ මහණනුදු3 නන්දොපනන්ද ඈ නාගරාජයනුදු[7] නාලාගිරිහි[8] ඈ මහානාගයනුදු3 ආලවක ඈ යක්ෂයනුදු3 රාහු ඈ අසුරනු[9]දු3 සක්දෙව්රජහු ඈ දෙවියනුදු3 බක ඈ බඹනු[10]දු3 දමා අමා මහනිවන් පැමිණිවූහු.[11]
මෙහි උපාලි ගහපතිහි දැමු පරිදි කිසෙ යැ යත්:
එක් සමයෙක්හි බුදුහු මිණිකව ද පෙරෙවි ගඳැතුන් බඳු රත්පහුල් පෙරෙවි මහානුභාව[12] සඟපිරිස් පිරිවරා දෙව්රමින් නික්මැ ගම් නියම්ගම් නුවර දනවු[13] මලමඬුලු ගල්වල් සවනක් ගනබුදුරස්හි කුමුදුවමින්[14] දනවු සරමින[15] ගොස් මගධ රට නාලන්දා නුවර නිසා පාවාරික නම් සිට්හු[16] ගෙ අඹ උයන්හි වැඩැ වෙසෙති. එ කල්හි නිගණ්ඨනාථපුත්‍ර නම් නුවට[17] මහත් නුවටපිරිස් පිරිවරා නාලන්දායෙහි උහු[18]ගෙ දීර්ඝතපස්වී නම් නුවටෙක් නාලන්දායෙහි වළඳා පාවාරික නම් අඹ වනයට[19] බුදුන් කරා එළබැ සාමීචි කොටැ අවසන් ගෙනැ එකත් පස් වැ හුන්නෙ යැ. හුන්නා හට බුදුහු, “කියග තපස්විය,
නිගන්ඨනාථපුත්‍ර පව්කම් කිරීමට කිහි කමක් දක්වයි?” වදාළහ. “ගොයුම් ගොතුව, හෙ ‘කැමැ, කැමැ’[20]යි නො දක්වයි. ‘දඬ, දඬ,[21] යත්, මිසැ”යි කීයෙ.
එ සඳැ බුදුහු නුවටුන් ගෙ සමයෙන් පුළුවුස්නාහු, “හෙ පව්කම් කිරීමට කිහි දඬක්[22] දක්වයා? වදාළහ. “කායදණ්ඩ යැ, වාග්දණ්ඩ යැ, මනොදණ්ඩ යැ යන තුන් දඬක් දක්වයි”කී. එහි පළමු[23] දණ්ඩද්වය නුවටහු අචිත්තක කොටැ දක්වත්, කිසෙ යැ යත්: “යම්සෙ[24] සුළඟ හමන කල අතු සැළෙයි. දිය සැලෙයි, එහි සිත් නැති, එසෙයින් මැ, ‘කායදණ්ඩ දු [25]අචිත්තක වෙයි. යම්සෙ සුළඟ හමන කලැ තල්පත් ආදීහු හඬත් මැ යැ, දිය හඬා මැ යැ, එහි සිත් නැති, එසෙයින් මැ වාග්දණ්ඩදු[26] අචිත්තක (මැ) වෙයි. යෙත්. මෙසෙ මෙ දණ්ඩද්වය අචිත්තක කොටැ දක්වති. සිත් වූ කලැ ‘මනොදණ්ඩ’ කොටැ දක්වත්.
එ සඳැ බුදුහු උහු[27] ගෙ තෙපුල් සිටිවියටි වැ “කියග, තපස්විය, කායදණ්ඩ අනෙකෙක් මැ යැ හො? වාග්දණ්ඩ අනෙකෙක් මැ යැ හො? මනොදණ්ඩ අනෙකෙක් මැ යැ හො?” යි වදාළො. “ගොයුම්ගොතුව, කායදණ්ඩ අනෙකෙක් මැ යැ. වාග්දණ්ඩ අනෙකෙක් මැ යැ. මනොදණ්ඩ අනෙකෙක් මැ යැ”යි කී. “මෙ තුන් දණ්ඩයන් කෙරෙහි පව්කම් කිරීමට නිගණ්ඨනාථපුත්‍ර කවර දණ්ඩය මහාසාවද්‍ය කොටැ දක්වයි?” වදාළො. “ගොයුම්ගොතුව, කායදණ්ඩ මහාසාවද්‍ය කොටැ දක්වයි” කී. “කායදණ්ඩයෙහි[28] තපස්විය?” යි වදාළහ. ‘කායදණ්ඩ යෙමි. ගොයුම්ගොතුව” යි කී යැ. (“කායදණ්ඩ යෙහි තපස්විය?”යි වදාළහ. “කායදණ්ඩ යෙමි, ගොයුම්ගොතුව” යි කී යැ. “කායදණ්ඩ යෙහි තපස්විය?”යි වදාළහ. “කායදණ්ඩ යෙමි, ගොයුම්ගොතුව”යි කී යැ.)
මෙසෙ බුදුහු තුන් යලක් ඔහු මෙ[29] කථා වස්තුවැ පිහිට්වූහු[30] බුදුහු මෙසෙ කුමට කළාහ යත්: “මෙ කථා වස්තුව ගෙනැ ගොස් මෙ තමා ගෙ ස්ථරහු මහනුවට හට කියයි. එ[31] පිරිසැ හුන් උපාලි මහසිට්[32] එ අසා මට වාදාරොපණයට එයි. මම් උහු[33] පුළුවුත් පැන විසජමි. හෙ පැහැදැ තුන් යලක් සරණ යෙයි. එක්බිති සිවුසස් දෙසමි. හෙ[34] දෙස්නෙන් සොවන් වෙයි. අන්නට[35] වැඩ සඳහා යැ, මා පැරුම් පිරුයෙ[36]”යි දක්නා බුදුහු තුන් යලක් ඔහු කථාවස්තුවැ පිහිට්වූහු.[37]
එ කල්හි නුවට “ගොයුම්ගොතුව පව්කම් කිරීමට කිහි දඬක්[38] දක්ව?” යි කී යැ. “තපස්විය, තථාගත[39] ‘දඬ දඬ’[40] යි නො දක්වයි. ‘කැමැ කැමැ’ යත්, මිසැ[41]” යි වදාළහ. එ සඳැ නුවට බුදුන් ගෙ සමයෙන් පුළුවුස්නෙ, “ගොයුම්ගොතුව පව්කම් කිරීමට කිහි කමක් දක්ව[42]?”යි කී යැ. “තපස්විය මම් කායකර්ම යැ, වාක්කර්ම යැ, මනඃකර්ම යැ, යන තුන් කමක් දක්වමි” යි වදාළො.
සැකෙවින් මෙහි[43] ත්රිවිධකායදුශ්චරිත කායකර්ම නම් වෙයි. චතුර්විධවාග්දුශ්චරිත වාක්කර්ම නම් වෙයි. ත්‍රිවිධ මනොදුශ්චරිත මනඃකර්ම නම් වෙයි. කායද්වාරයෙහි පැවැති චෙතනා කායකර්ම යැ; වාග්ද්වාරයෙහි පැවැති චෙතනා වාක් කර්ම යැ; මනොද්වාරයෙහි පැවැති චෙතනා මනඃකර්ම[44] යි. කුමට චෙතනා කර්ම නම් වී යැ යත්: චෙතනා මුල්කොටැ ඇත්තෙ යැ කර්ම. එයින් කියත්,[45] මෙහි අකුසලට පැමිණැ “කායකර්ම වාක්කර්ම මහතැ”යි කියන්නෙ නො කලකිරෙයි. කුසලට පැමිණැ “මනඃකර්ම මහතැ යි කියන්නෙ නො කලකිරෙයි. කිසෙ යැ යත්: පස් අනතුරු කම්හි මවුන් මරනු ආදි සතර කම් කයින් කෙරෙයි.[46] නිරයැ කපක් දවස් පස්නා සඞ්ඝභෙද කම් වාග්ද්වාරයෙන් කෙරෙයි.18 මෙසෙ අකුසලට පැමිණැ “කායකර්ම වාක්කර්ම මහතැ”යි කියන්නෙ නො කලකිරෙනු නම් වෙ.[47] එක ධ්යානචෙතනායෙන්[48] සුවාසූදහසක්[49] කප් සුගිසපු වළඳයි.[50] එක මාර්ග චෙතනායෙන්[51] හැම අකුසල් නසා රාත් කෙරෙයි. මෙසෙ කුසලට පැමිණැ “මනඃකර්ම මහතැ”යි කියන්නෙ නො කලකිරෙනු නම් වෙ. මෙතැනැ[52] බුදුහු අකුසලට පැමිණැ මනඃකර්ම මහාසාවද්‍ය කොටැ දක්වන්නාහු. නියත මිසදිට්හ[53] සඳහා වදාරත්. එයින් (මැ) වදාළහ:-[54]
“නා ‘හං භික්ඛවෙ අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි, (යං) එවං මහාසාවජ්ජං, යථයිදං භික්ඛවෙ මිච්ඡාදිට්ඨි, මිච්චාදිට්ඨිපරමානි භික්ඛවෙ වජ්ජානි”යි.
එකල්හි නුවට කියන්නට නිසි අනෙකක්[55] නො දැකැ බුදුන්[56] ගත් මඟ ගෙනැ “කිම ගොයුම්ගොතුව, කායකර්ම අනෙකෙක් මැ යැ හො? වාක්කර්ම අනෙකෙක් මැ යැ හො? මනඃකර්ම අනෙකෙක් මැ යැ හො?”යි කී යැ. “තපස්විය, කායකර්ම අනෙකෙක් මැ යැ. වාක්කර්ම අනෙකෙක් මැ යැ. මනඃකර්ම අනෙකෙක් මැ යැ”යි වදාළො. “මෙ තුන් කර්මයන් කෙරෙහි පව්කම් කිරීමට කවර නම් මහාසාවද්‍ය කොටැ දක්ව[57]?”යි කී යැ. “මනඃකර්ම මහාසාවද්‍ය කොට දක්වමී” වදාළො. “මනඃකර්ම යෙහි ගොයුම්ගොතුව?”යි කී යැ. “මනඃකර්ම[58] යෙමි, තපස්විය”යි වදාළො.[59] “මනඃකර්ම යෙහි ගොයුම්ගොතුව?”යි කී යැ. “මනඃකර්ම යෙමි, තපස්විය”යි වදාළො. (“මනඃකර්ම යෙහි ගොයුම්ගොතුව?”යි කී යැ. මනඃකර්ම යෙමි, තපස්විය”යි වදාළො.) මෙසෙයින් දීර්ඝ තපස්වී බුදුන් මෙ කථාවස්තුවැ තුන් යලක් පිහිට්ටා[60] හුනස්නෙන් නැඟී නිගණ්ඨනාථපුත්‍රයා කරා ගියෙ. හෙ[61] මහත් නුවටපිරිස් පිරිවරා හුන්නෙ යැ.[62]
උපාලි ගහපති දූ තමා ගෙ බාලකලොණකාර නම් ගැමෙකින්[63] අය අළ මිනිස්නට “එව, අප සථරහු දක්නට යම්හ”යි පිරිස් පිරිවරා නිගණ්ඨනාථපුත්‍රයා කරා ගොස් වැඳැ එකත්පස් වැ හුන්නෙ යි. එ සඳැ නිගණ්ඨනාථපුත්‍ර දීර්ඝතපස්වී ආවහු[64] දැකැ “කොයට ගොස් ආහි[65]?” යි පිළිවිත. හෙ මහණගොයුම්හු කරා ගොස් ආමි” යි කී යැ. “උපන් කථා කිමැ?” යි කීයෙන් බුදුන් හා තමා හා කළ තාක් කතා හැම කී යැ. එකල්හි නිගණ්ඨනාථපුත්‍ර දීර්ඝතපස්වී හට සාධුකාර දී “සථරහු[66] සසුන දත්තෙහි නම් තො යැ. ලාමක වූ මනොදණ්ඩ ය මහත් වූ කායදණ්ඩය හා සම වන්නෙ නො වෙයි. පව්කම් කිරීමට කායදණ්ඩ ය මැ මහාසාවද්‍ය යැ. වාග්දණ්ඩ මනොදණ්ඩ එසෙ වන්නෙ නොවෙ” යි කී.
එ කල්හි උපාලි ගහපති දීර්ඝතපස්වි හට ඔහු සෙ මැ සාධුකාර දී නිගණ්ඨනාථපුත්‍රයා හට[67] “වහන්සෙ, මම මෙ කථාවස්තුවැ මහණ ගොයුම් හට[68] වාදාරොපණය කරන්නට[69] යෙමි. යම්සෙ බල ඇති පුරුෂයෙක් දික් ලොම් ඇති එළුවක්හු ලොමැ[70] ගෙනැ මොබට ඔබට ඇදැ[71] ආකර්ෂණ පරිකර්ෂණ සම්පරිකර්ෂණ කෙරෙ ද, එසෙයින් මැ මහණ ගොයුම්හු ගෙ වාදයෙන් වාද කොටැ කථා මාර්ගයෙන් දොස් දක්වා මොබට ඔබට ලා[72] ආකර්ෂණ පරිකර්ෂණ සම්පරිකර්ෂණ කෙරෙමි. යම්සෙ සුරාධූර්තයෙන් රහ පරහන[73] මටුලු කස්ස දෙවියටි[74] වූයෙ, කසට හරනා සඳහා දෙකනැ[75] ගෙනැ ඇදැ කිබිසිනි කොටැ පිඹැ[76] පියා ද, උඩුකුරු[77] කොටැ පිඹැ[78] පියා ද, පුනපුනා ගසා-පියා ද, එසෙයින් මැ මම[79] මහණ ගොයුම්හු හා වාදයෙන් වාද කොටැ අවධුනන නිර්ධුනන නිෂ්පොටන[80] කෙරෙමි. යම්සෙ බල ඇති මිනිස්සු සණපිළි කරනු සඳහා සණවැහැරි ගෙනැ, මිටිමිටි කොටැ, බැඳැ, දියෙහි ගලා-තබා විලික්සැ-ගිය කලැ, තුන් වන දවස් එ තුබු තැනට[81] ඇඹුල[82] හඹු[83] රහ ඈ උපකරණ ගෙනැ ගොස් දකුණත් පසැ පුවරුවක් තබා, වමත් පසැ පුවරුවක් තබා, පෙරට පුවරුවක් තබා, කෙළවර අත් ලා හැරැ-ගෙනැ එක් යලක් දකුණත් පුවරියෙ[84] පැහැරැ, එක් යලක් වමත් පුවරියෙ[85] පැහැරැ, එක් යලක් පෙරට පුවරියෙ පැහැරැ, කන්නාහු බොන්නාහු සණ දොවුන් කෙළි කෙළිද්ද, මම ද සණදොවුන් කෙළි කෙළෙනා මිනිසුන් සෙයින්, “මහණ ගොයුම්හු හා වාද කෙළියක් කෙළිමි.[86] යම්සෙ රදු ගෙ[87] ඇත් සණ දොවුන් කෙළි කෙළෙනා මිනිසුන් දැකැ, ගැඹුරු දියට වැදැ, සොඬින් දිය ගෙනැ, එක් යලක් කුඹැ එවැ, එක් යලක් පිටැ එවැ, එක් යලක් දකුණත් පසැ එවැ, එක් යලක් වමත්පසැ එවැ, එක් යලක් කළවෙ අතුරෙ[88] එවැ, කෙළී ද, එසෙයින් මැ මම[89] ද මහණ ගොයුම්හු හා වාදයෙන් වාද කොටැ සණ දොවුන් කෙළි කෙළෙනා සෙ-ඇතක්හු[90] සෙයින් මොබට ඔබට ලා ආකර්ෂණ පරිකර්ෂණ සම්පරිකර්ෂණ කෙරෙමි” යි කී යැ.
එ කල්හි නිගණ්ඨනාථපුත්‍ර, “මහසිට[91] මහණ ගොයුම්හු[92] හා වාදයට මම හො[93] නිස්සෙමි. දීර්ඝතපස්වී හො නිස්සැ. තො හො නිස්සෙහි” යි කී යැ. “එකල්හි දීර්ඝතපස්වී නිගණ්ඨනාථපුත්‍රයා හට, “වහන්සෙ, උපාලි මහසිට්හු මහණ ගොයුම්හු හා වාදයට යනු මට නො රිසුණෙ[94] යැ. හෙ මායාවී යැ. අනුන් ගෙ සව්වන් ආවර්තනය කොටැ ගන්නා මායාවක් දන්නි”[95] කී යැ. එ සඳැ නිගණ්ඨනාථපුත්‍ර, “තපස්විය, උපාලි මහසිට් මහණ ගොයුම්හු ගෙ සවු වන්නට නො නිස්සැ. මහණ ගොයුම්හු[96] උපාලි මහසිට්හු ගෙ සවු වන්නට නිස්සැ. තො යා මහසිට” යි කී යැ.
මෙසෙ තුන් යලක් දීර්ඝතපස්වීහි[97] කියතුද්, උපාලි මහසිට් කුමට නඟා යවයි යත්: නිගණ්ඨනාථපුත්‍ර බුදුන් හා එක් නුවර නිසා වසතුදු, බුදුන් නුදුටුවිරි, යමෙක් ‘බුදුමි’ යන පිළින කෙළෙ වී නම්, එ පිළින නො පියා, හෙ බුදුන් දක්නට නොනිස්සැ. එයින් මෙබුදුන් නුදුටුවිරි වන බැවින් බුදු ගෙ දර්ශනය සම්පතුදු නෛර්යාණික කථා දු නො දන්නෙ[98] සිට්හු බුදුන් කරා යන්නට අවසර දින්.[99]
දීර්ඝතපස්වී වනාහි කලින් කලැ බුදුන් කරා එළබැ සිටි;[100] හිඳි;[101] පැන පුළුවුස්සි. හෙ බුදුන් ගෙ දර්ශන සම්පතුදු කථා නෛර්යාණික පරිදි දු දන්නි. එයින් හෙ, “මෙ සිට්[102] ඉතා නුවණ ඇත්තෙ යැ. මහණ ගොයුම්හු කරා ගොස් දැක්මෙහි දු පහද්දි. නෛර්යාණික කථායෙහි දු පහද්දි. එසෙ වන්නා හා වටාලා අප කරා නො වද්දි[103] යි තුන් යලක් නොගිය මනා සෙ කී.
එකල්හි උපාලි ගහපති නිගණ්ඨලාථපුත්රයා[104] තෙපුල් ඉතා මැනැවැ, වහන්සෙ” යි පිළිගෙනැ හුනස්නෙන් නැඟී වැඳ පැදකුණු කොටැ පාවාරික නම් අඹ වනයට ගොස් බුදුන් කරා එළබැ[105] වැඳැ එකත්පස් වැ හුන්නෙ”යි. බුදුන්[106] දුටු කලැ මැ, පහන්නාහු දු[107] නොපහන්නාහු දු බොහො සෙ වඳිත් මැ යැ, නොවඳනාහු[108] ඇලුපහ. කවර කරුණෙනැ[109] යත්: “බුදුහු ඉතා සියුම් කුලෙහි උපන්නාහැ. ගිහිගෙයි වසතුදු[110] වැන්දැයුතුවහ.” එයින් වඳත්. මෙ සිට්[111] වූ කලැ පහන්නෙන් මැ වැන්ද.[112] දැක්මෙහි[113] මැ බුදුන් කෙරෙ ප්‍රසාද කෙළෙ.
මෙසෙ බුදුන් වැඳැ එකත්පස් වැ හුන් උපාලි මහසිට්, “වහන්සෙ, දීර්ඝතපස්වි මෙයට ආ යැ[114] හො?” යි කී යැ.
ආ යැ මහසිට”යි වදාළො. “උහු[115] හා උන් කථායෙක් හා ඇත හො?” යි කී යැ. “ඇත, මහසිට” යි වදාළො. “කුමන කථායෙකැ හො?” යි කී යැ. බුදුහු උහු හා උපන් කථා තාක් වදාළො.
එ සඳැ උපාලි මහසිට් දීර්ඝතපස්වි හට සාධුකාර දී “සථරහු ගෙ සස්න දත්තෙ නම්: හෙ යැ. ලාමක වූ මනො දණ්ඩය මහත් වූ කායදණ්ඩය හා සම වන්නෙ නොවෙයි.[116] පව්කම්[117] කිරීමට කායදණ්ඩ මැ මහාසාවද්‍ය යැ. වාග්දණ්ඩ මනොදණ්ඩ එසෙ වන්නෙ නොවෙයි” කී බුදුහු “ඉදින් මහසිට, තොරැසෙකැ[118] ඉඳුවූ[119] කණුවක් සෙයින් නොසෙල්වී[120] සැබැවැ පිහිටා සිටිනෙයි[121] වී, නම්, තා හා කථා කරම්හ” යි වදාළො. “වහන්සෙ, මම සැබැවැ පිහිටා සිටිමි. වදාරනු මැනැවැ”යි කී. “කියග, මහසිට, මෙ ලොකයෙහි සිහිල් දිය නො ගෙනැ හුණු දිය වළඳ කරන[122] නුවටෙක් බලවත් ලෙඩක් වැ සිහිල් දිය නොලදින් මෙළෙ වී නම්, නිගණ්ඨනාථපුත්‍ර උහු කොයි උපද්දී[123] යෙයි” වදාළහ. “වහන්සෙ, ‘මනස්සත්ත්ව’[124] නම් දෙවි කෙනෙක් ඇති. ඔවුන් කෙරෙහි උපද්දි. මනස්හි බැඳි මෙළෙන් හා යැ”යි කී යැ.
ඔහු සිහිල් දිය වළඳ නොකරනු කුමට යැ යත්: නුවටහු “දියෙහි[125] දිවි ඇත” යන සිතින් සිහිල් දිය නො ගත්ති. එහි “කුඩා දිය බිඳු කුඩා පණුවහ” යන සිතින් සිහිල් දිය වළඳ නොකරනුවහට පිත්තජ්වරයෙක් ඇති. ඔහට[126] හුණු දිය බොනු හො අත් පා දෝනෙ හො පරිෂෙක[127] කරනු හො නො රිසියෙයි. රොගය බලවත් වෙයි. සිහිල් දිය වුව මැනැවැ. එයින් රොග සන්හිඳී. මෙ වනාහි හුණු දිය මැ වළඳ කෙරෙයි. එ නොලද කලැ කාඩි[128] වළඳ කෙරෙයි. සිතින් වූ කල සිහිල් පැන් බියටිද් වෙයි. වළඳ කටටිද් වෙයි. එයින් ඔහුගෙ මනොදණ්ඩ එහි මැ බිඳෙයි. හෙ “කායදණ්ඩ වාග්දණ්ඩ රක්මි”යි “මම් සිහිල් පැන් බියටියෙමි, මට සිහිල් පැන් දෙව” යි කියන්නට නොනිස්සැ. ඔහු මෙසෙ රක්නා ලද කායදණ්ඩ වාග්දණ්ඩයො චුතිය හො පිළිසිඳ හො අරන්නට නොහැක්කාහ. මනොදණ්ඩය වනාහි බුදුන්නෙ ද,[129] චුති දු[130] පිළිසිඳ දු2 අරා මැ යැ. මෙසෙ දුර්වල වන බැවින් කායදණ්ඩ. වාග්දණ්ඩයො ලාමකයහ. මනොදණ්ඩ ය මැ බලවත් වෙ. මහත් වෙ.
මෙසෙ උපාලි ගහපතිහි “බුන්[131] මනොදණ්ඩ ඇති නුවට[132] මනස්සත්ත්ව[133] නම් දෙවියන් කෙරෙහි උපද්දී” කී කලැ “මහසිට, සිහි එළවා කියා.[134] තා කායදණ්ඩ මහතැ යි පළමු කී බස් හා දැන් මනොදණ්ඩ මහතැ යි පසු වැ කියන බස්[135] හා ඝටිත නොවෙයි” වදාළො.
මෙ සිට්[136] බණන කලැ මැ සිති: මූර්ච්ඡා වශයෙන් සංඥා නැත්තා හට සතියකුදු අසස් පසස් නො පවත්ති. සිත ඇති තාක් කලැ ‘මළ හ’ යි නො කියැ හැක්කැ. යම් කලෙක්හි ඔවුන් සිත නො පවත්නෙ වී නම්, “මුහු[137] මළහ. ඇරැ දවාපියව”[138] යි යෙති. කායදණ්ඩ නිරීහ යැ; නිවර්යාපාර යැ. වාග්දණ්ඩ දු එ තෙක් මැ යැ. ඔවුන් ගෙ චුති දු පිළිසඳු දු[139] සිතින් මැ වෙයි. මෙ සෙයිනුදු මනොදණ්ඩ ය මැ මහතැ, බිඳී දු චුති[140] පිළිසිඳ[141] දෙන බැවින්, අප ගෙ මහනුවටහු ගෙ කථා අනෛර්යාණික යැ”යි සළකා බුදුන් ගෙ විසිතුරු පැන විසජුන් ඇසියටි වැ “එසෙ ද හොත්, වහන්සෙ, කායදණ්ඩ ය මැ මහාසාවද්‍ය යැ”යි කී.
එ සඳැ බුද්හු[142] අනෙක් කාරණයක් දක්වන්නාහු, “මහ සිට, මෙ ලොකයෙහි නුවටෙක් තෙමෙ සතුන් නො මරයි. නො ද මරවයි. සමාදන් නො ද කෙරෙයි. සොරකම් නො[143] කෙරෙයි; නො ද කරවයි; සමාදන් නො ද කෙරෙයි; බොරු නො කියයි; නො ද කියවයි; සමාදන් නො ද කෙරෙයි; පස්කම්ගුණ අනුභව නො කෙරෙයි; නො ද කරවයි. සමාදන් නො ද කෙරෙයි. සිහිල්දිය මළදඬු පරණලා හකුරු කැබිලි[144] ‘පණුවහ’ යෙයි. හෙ ඇක්මෙන්නෙ, බොහො පණුවන් මිරිකා මරයි. උහුට[145] නිගණ්ඨනාථපුත්‍ර කිනම් විපාකයක් දක්වයි?” වදාළහැ. “චෙතනා නැත්තෙන් මහා සාවද්‍ය කොටැ නො දක්වයි” කී යැ. “ඉදින් චෙතනා ඇත්නම්, (කිනම් විපාකයක් දක්වයි?” වදාළහ. “මහාසාවද්‍ය කොටැ දක්වයි” කී යැ. “චෙතනා කවර කොටසැ එවැ දක්වයි?” වදාළහ.[146] “මනොදණ්ඩයෙහි එවැ දක්වයි” කී යැ. “මහසිට,[147] සිහි එළවා කියා[148] තා පළමු කී බස් හා දැන් පසු වැ කියන බස් හා ඝටීත නො වෙයි” වදාළො.[149]
මේ සිට්[150] කලැ මැ සිතී: “අප ගෙ මහනුවට චෙතනා නැතිකම් ‘අල්පසාවද්‍ය’ කොටැ චෙතනා ඇති කම් ‘මහාසාවද්‍ය කොටැ දක්වා,[151] චෙතනා[152] ‘මනොදණ්ඩ’ යැ යෙයි.[153] ඔහු ගෙ කථා අනෛර්යාණික යැ.[154] මොවුන් ගෙ කථා නෛර්යාණික යැ” සිතා වැළි දු බුදුන් ගෙ විසිතුරු ප්‍රශ්නව්‍යාකරණ[155] ඇසියටි වැ නො අනුදත්.
එ සඳැ බුද්හු[156] අනෙක් කාරණයක් දක්වන්නාහු, “මහ සිට, මෙ නාලන්දා නම් නුවර[157] බොහො ඇතුන් අසුන් මිනිසුන් විසින් ගහන යැ. ඉදින් පුරුෂයෙක් කඩුවක් ගෙනැ අවුදු ‘මෙ නාලන්දායෙහි යම් තාක් සත්හු ඇද්ද, ඔවුන් එක පහරින් මරා මස් රැසක් කොටැ පියමී’ කියන්නෙ වී නම්, හෙ එ කරන්නට[158] නිස්සැ හො?” යි වදාළහ. “වහන්සෙ, පුරුෂයො දසදෙනෙකුදු[159] විසිතිස්සතලිස් දෙනෙකුදු එයට නොනිස්සහ. එක පුරුෂයෙක්[160] කුමට නිසි දැ!”යි කී යැ. “කියග මහසිට, මෙ ලොකයෙහි සෘද්ධිමත් මහණෙක් හො බමුණෙක් හො අවුදු[161] දැහැවැ, මෙ නාලන්දා එකවට භස්ම කොටැ පියමී” කියන්නෙ[162] වී නම්, හෙ එ කරන්නට නිස්සැ හො?” යි වදාළහ. වහන්සෙ, මෙවෙනි දස නාලන්දාවකුදු විසිතිස්සතලිස්පනස් නාලන්දාවකුදු එක වට භස්ම කොටැ පියන්නට නිස්සැ. එක නාලන්දායෙක් නම් උහුට කිමෙක් දැ!”යි කී යැ. ‘මහසිට’[163] සිහි එළවා කියා.[164] තා පළමු කී බස් හා දැන් පසු වැ කියන බස් හා ඝටිත නො වෙයි” වදාළහ.
මෙ සිට් බණන කලැ මැ සිතී: ‘කායප්‍රයොගයෙන්[165] මිනිස්හු පනස්දෙනෙකුදු එක නාලන්දාව එක මස්රැසක් කරන්නට නොනිස්සහැ.[166] සෘද්ධි ඇති. එකෙක්[167] වනාහි එක වට දැහැවැ හළු කරන්නට නිස්සැ. අප මහනුවටහු ගෙ කථා අනෛර්යාණික යැ. බුදුන් කථා නෛර්යානික යැ”යි සලකා වැළි දු බුදුන් ගෙ විසිතුරු ප්‍රතිභාන[168] දැක්කැටි වැ නො අනුදත්.
එ සඳැ බුද්හු[169] අනෙක් කාරණයක් දක්වන්නාහු, “මහසිට, ‘දණ්ඩකාරණ්‍ය – කාලිඞ්ගාරණ්ය – මෙධ්යාරණ්ය මාතාඞ්ගාරණ්ය’ වල් වූ පරිදි හා ඇසුවිරි දැ”යි වදාළහ. “ඇසුවිරිම් වහන්සෙ” යි කී යැ. “එ කිමෙකින් වල් වි යැ යනු ඇසීහි[170]?” වදාළහ. “සෘෂින් ගෙ දැහැවිලින් වල් වී යැ යනු ඇසීමි” කී. එ[171] වනාහි: රදුන් සෘෂිනට කළ අපහාස දැකැ දැහැවි දෙවියන් විසින් ඔවුන්ගෙ රට නසන ලද. ලොකයො[172] වූ කල “සෘෂිහි දැහැවැ නැසුහ” යි ගත්හු, ලොකයන් ගත් පරිද්දට කොටැ මෙ වාදාරොපණය කරන ලද.[173]
එහි දණ්ඩකාරණ්‍ය වල් වූ පරිදි කිසෙ යැ යත්; සරභඞ්ග බොධිසත්ත්වයන් ගෙ තවුස් පිිස් අතිවිපුල භාවයට ගිය කල්හි බොසතාණන් අතැවැසි, සත් තව්සන් කෙරෙහි කිසවච්ඡ නම් තවුස්පාණ කෙනෙක් විවික්ත වැ වාස[174] කටටි වැ තවුස්ගණ[175] පියා ගොදාවරී හො තෙරෙහි ගිවුළු වනයෙන් නික්මැ කලිඟු රට දණ්ඩකී නම් රදු ගෙ[176] කුම්භවතී නම් නුවරක් නිසා උයන්හි වෙසෙති. ඔව්නට සෙනාපති[177] උපස්ථාන කෙරෙ. එ කල්හි එ නුවරැ ගණිකාවක් රථයට[178] නැඟී පන්සියක්[179] මාගමුන් පිරිවරා නුවර හොබවමින් ඇවිද්දි. මහාජනයො[180] ඇය[181] බල-බලා පිරිවරා-ගෙනැ[182] ඇවිදුති. මිනිසුන් ගෙ ගැළියායෙන් මහවෙ නො පොහොයි. රජ සිහිමැදුරෙහි සිටැ බලනුයෙ, ඇය දැකැ “හො[183] කවර?”[184] යි පිළිවිත. “මහරජ, තොප ගෙ නගරසොභිනී[185] යැ” යි කීහු. හෙ ඊර්ෂ්යායෙන් “කිම? නුවර ඇය විසින් හොබී ද! තෙමෙ තමා විසින් මැ හොබී” යි ඇයට උදහස් වැ තනතුරු හරවා ගතැ.[186] හො ඔවුනොවුන් හා සසග[187] කොටැ තම හට වහල් වනුවන් සොයා[188] ඇවිදුනී[189] එක් දවසක් රදු ගෙ[190] උයනට වැදැ සක්මන් කෙළවරැ ආලම්බන ඵලකයෙහි වැතිරැ පහණ සලවටැ හුන් තවුස්පාණන්[191] දැකැ “මෙ තවුස් කිලිට්.[192] පහයින් නොගත්තෙ යැ. උඩුදැළියෙන් මුව[193] වැසුණෙ යැ. යටි දැළියෙන් ළමැඬි[194] වැසුණෙ යැ. දෙකිසිල්ලෙහි කෙහෙ දිගැ. මම එක් දැයක් සඳහා ඇවිදුනෙයිම්.[195] දැන් කාලකණ්ණියක්හු දිටිමි. දිය ගෙනෙව, මා ඇස් දෝනටයැ”යි දිය දැහැටි[196] ගෙන්වා-ගෙනැ දැහැටි23 කා[197] තවුප්සාණන්[198] වෙරැ පිඬි[199] කොටැ කෙළ පියා, දැහැටි23 දළමඬුලුමුදුනෙහි බහා-ලා මුව සලා[200] මුදුනෙහි දිය එවැ[201] “මා විසින් කාලකණ්ණි[202] දුටු ඇස්[203] දෝනා ලද. පව් පුවහන ලදැ”යි කියා[204] ගියා.
එ දවස් රජ ඇය සඳහන් කොටැ “නගරසොභිනි කොහි යැ?” පිළිවිසැ[205] “මෙ[206] නුවරැ (මැ) යැ” යනු අසා “ඇය ගෙ තනතුරු ඇයට මැ දෙන්නෙ යැ” යි දෙවි. හො තමා පෙරැ කළ පිනින් ලද තනතුරු තවුස්පාණන් සිරිරැ[207] කෙළ ඔත්තෙන් ලදැ”[208] යි සිතු.
එයින් කිහිපදවසක් ගිය කලැ රජ පෙරෙවි බමුණු ගෙ තනතුරු ගත. හෙ නගරසොභිනිය කරා ගොස් “සොඳුර, තො කුමක් කොටැ තනතුරු පිළිලදහු දැ[209]?” යි පිළිවිත්. “බමුණ, අනෙක් කළමනා දෙයෙක්[210] ඇත්තෙ නො වෙයි. රජ උයන්හි කූටජටිලයෙක් ඇති. හෙ කාලකණ්ණියෙකැ, ඔහු ගෙ ශරීරයෙහි කෙළ ඔව,[211] එසෙ වන්නා හා තනතුරු ලැබෙයි” කිව,[212] “ඉතා මැනැවැ”යි බමුණු එයට ගොස් ඇය කළ තාක් දෑ කොටැ ගියෙ. රජ එ[213] දවස් උහු[214] සඳහන් කොටැ “බමුණු කොහි යැ?” යි පිළිවිසැ, “මෙ[215] නුවරැ මැ යැ” යනු අසා, අප විසින් නො පිරික්සා[216] කරන ලද. “උහුගෙ තනතුරු උහුට මැ දෙව”යි දෙවී. හෙ ද තමා පෙරැ කළ පිනින් ලද තනතුරු, “තවුස්පාණන් සිරිරු[217] කෙළ ඔත්තෙන් ලදැ[218]” යි සිති.
එයින් කිහිප දවසක්[219] ගිය කලැ රජු ගෙ පසන්[220] දනවු කුපිත වි යැ. රජ “පසන්16 දනවු සන්හිඳුවමි” යි සිවුරඟ සෙනඟ ගෙනැ නික්මිණ. පෙරෙවි බමුණු ගොස් රජු[221] පෙරට ජය කියා සිටැ, “මහරජ, තෙප් ජය කැමැති වැ යව්[222] දැ? යි කී යැ. “එසෙ යැ බමුණැ”යි කී යැ.[223] “එසෙ වුවහොත්, රජ උයන්හි කූට ජටිලයෙක් ඇති, හෙ කාලකණ්ණියෙකැ, ඔහු ශරීරයෙහි කෙළ ඔව” යි කී යැ. රජ ඔහු කියමන් ගෙනැ[224] උයනට වැදැ ගණිකාව විසිනුදු පෙරෙවි බමුණු විසිනුද් කළ තාක් දෑ කොටැ ඇතොරනුදු[225] “මෙ කූටජටිලයා ගෙ ශරීරයෙහි කෙළ ඔව” යි යෙදී යැ. ඇතොරො[226] දු ඇතොරන්[227] රක්නාහුද එසෙ මැ කොළො. එක්බිති රජ උයන් දොරොට්යෙහි[228] රකවල්[229] ගන්වා, “මා හා එන තාක් දෙනා තව්සා සිරිරැ[230] කෙළ එවැ මිසැ,[231] නොයා දෙන්නෙ යැ” යි යෙදී. එකල්හි බලකාය[232] දු හැම මෙහෙතන් වැස්සො දු එමැ නියායෙන් තවුස්පාණන් මුදුනෙහි කෙළ දු දැහැටි දු[233] මුවදෙවි[234] දිය දු ඔත්හ. කෙළින් හා දැහැටි සියල් සිරිරු[235] මුවහ වී.[236]
සෙනාපති පසු වැ එ පවත් අසා “මාගෙ පින්කෙත්, සගපුරට රුවන්හිණි,[237] භගවත්, සථර හට ගහට කළො ල” යි කකියන හදවත් ඇති වැ කටින් සුසුම් විහිදුවමින් වහා උයන් ගොස් කෙළින් හා දැහැටින්[238] මුවහ වැ හුන් තවුස් පාණන් දැක කැසපට ගළා හැඳැ-ගෙනැ දෙ අතින් දැහැටි[239] පා කොටැ-පියා, නඟා, හිඳුවා, දිය ගෙන්වා ගෙනැ නහවා,[240] වෙර බෙහෙත් ගල්වා,[241] දෙවනු[242] සිවුදෑගඳින් උළා, සියුම් සළුවෙන් පිසැ, පෙරට ඇඳිලි බැඳැ, සිටැ, “වහන්සෙ, මිනිසුන් විසින් කළ[243] දෑ නො යෙදෙයි. ඔව්නට කිමෙක් වෙයි හො?” යි පිළිවිත්.
එ කල්හි තවුස්පාණො “සෙනාපතිය, දෙවියො තුනක් වැ බුන්.[244] ඇතැම් කෙනෙක් ‘රදු මැ[245] නසම්හ’ යි යෙති. ඇතැම් කෙනෙක් ‘රදු පිරිස් හා සමග නසම්හ’ යි යෙති. ඇතැම් කෙනෙක් ‘රදු[246] රට හා නසම්හ’යි යෙති (මෙසෙ කියා)[247] තුමුහු මඳ කොපයකුදු නො කොටැ ලොවට සෙත් සඳහා උපාය’[248] ද දක්වන්නාහු, “වරදෙක් නම් හෙ, වැඳැ[249] කැමැති තැනින් මත්තෙ සෙත් මැ වෙයි” කීහ.
සෙනාපති නය ලදින් රජු කරා ගොස් “මහරජ, තොප නිවරද, මහත් ඉදුහ ඇති, තවුස්පාණනට වරදන වුන් විසින්, බැරි කමෙක් කරන ලද. දෙවියො තොපට දැහැවියාහු ල. කැමවූ කලැ සෙත් වෙයි. රට නො නසව. තවුස්පාණන් කමව”යි කී යැ. රජ “තම හට කළ දොස් දැකැ එස කියයි. මම එහු නො කමවමි[250]” යි කී යැ. සෙනාපති තුන් යලක් අයදැ රජු නොගිවිස්නෙන්[251] “මහරජ, මම තවුස්පාණන් ගෙ බල දන්මි,[252] ඔහු මුසවා නො කියති. නො දැහැවියහැ. මෙයිද්[253] සතුන් කෙරෙහි කුළුණින් කියති. ඔවුන් කමව”යි බැණැ[254] “නො කමවමී’ කී කලැ[255] “ඔස මහරජ, සෙනෙවි තන් අනෙකක් හට දෙව[256]. මම තො ගෙ අණසක් පවත්නා[257] තන්හි[258] නො වෙසෙමී” කී යැ. ‘තො රිසියුණු තැනකට[259] යා. මම මට සෙනාපතියක්හු[260] ලැබෙමි” යි කී යැ.
එ කල්හි සෙනාපති තවුස්පාණන් කරා ගොස් වැඳැ “වහන්සෙ, කුමක් කෙරෙමි හො?” යි කී යැ. “සෙනාපතිය, යම් කෙනෙක් තා කීවා කෙරෙද්ද, ඔවුන් හැමදෙනා ගෙනැ ධන ගෙනැ වළඳ ගෙනැ සරක් ගෙනැ[261] සත් දවසෙකින් ඇතුළතැ රාජ්යසීමායෙන්[262] පිටත් වැ යා. දෙවියො ඉතා[263] දැහැවියහ. එකාන්තයෙන් රට නසති[264]” යි කීහ. සෙනාපති එ සෙයින් මැ නික්මැ ගියෙ,[265] රජ යෙමින් මැ ශත්රැමථන[266] කොටැ ගොස් ජයකඳවුරෙහි හිඳැ සැදු[267] නුවර වනැ.
එකල්හි දෙවියො පළමු වැසි වැස්වූහ. මහාජනයො “කූටජටිලය හට වැරැද්[268] තැන් පටන්-ගෙනැ අප මහරජ හට වැඩ වි යැ.[269] විජය කොටැ ආ දවස් මැ වැසි වට”යි සතුට්[270] වූහු. දෙවියො වැළි දු සමන්මල් වැසි වැස්වූහ. මහාජනයො ඉතා[271] සතුට්[272] වූහ. එක්බිති කුදු මසු5 වැසි වැස්වූහ. එක්බිති කහවුන්[273] වැසි වැස්වූහ. එක්බිති රුවන් අබරණ වැසි වැස්වූහ. මහාජනයො සත්බුමුපායැ[274] සත් වන මාලෙහි සිටියාහු, බැසැ දිව අබරණ පළඳනාහු, කූට ජටිලයා වෙරැ කෙළ පී තන් පටන් ගෙනැ අප මහරජ හට වැඩ වි යැ.[275] රිපුවිජය[276] කෙළෙ. නුවර වන් දවස් මැ වැසි වට, එක්බිති සමන්මල් වැසි වට, මසු වැසි වට, කහවුන්[277] වැසි වට, රුවන් අබරණ වැසිවට” යි සතුට්[278] වැ බණන්නාහු, රජහු[279] කළ පව් අනුමෙවියහැ.
එකල්හි දෙවියො සියුම් ධාරා ඇති, දිළියෙන, සැත්වැසි[280] වැස්වූහු. මහාජනයො සැත්[281] වැස්සෙන් පුවරියෙහි[282] තබා කොටන[283] මස් සෙයින් සුන් සුන් වැ ගියහ. එක්බිති දුම් නැති, දල[284] නැති, කැහැලමල්[285] සුදුසු. අඟුරුවැසි වැස්වූහ. එක්බිති කුළාරගෙ සා රත් කළ ලොහො පිඬු සෙයින් දිළියෙන, පහණවැසි වැස්වූහ. එක්බිති[286] ඇතුළු මීට්[287] නොසිට්නා[288] පමණ සියුම් ගිනි වන් වැලිවැසි වස්වා පොළොවින් අසූ හතක් තැන් පුරා-පීහු. රජු[289] ගෙ විජිතයෙහි කිසවච්ඡ නම් තවුස්-පාණන් හා සෙනාපතිහි[290] හා මවුන්[291] පුස්නා රාම නම් වෙණෙඳ දරුවකු හා මෙ තුන් දෙන දිවි ලදහු.[292]
රජු ගෙ[293] පව්කැම්හි[294] නො සභා තෙසු[295] තිරිසන් ගතියැ සත්නට පැන් ඇති තන්හි පැන් නො වී යැ.[296] තණ ඇති තන්හි තණ නො වීයැ. ඔහු “පැන් කොහියැ හො! තණ කොහි යැ[297] හො!” යි සොයමින් ගොස් සත්දවසින් ඇතුළතැ මැ රාජ්යසීමායෙන් පිටත් වූහු. එයින් කීහ. සරභඞ්ග බොධි සත්ත්වයො:
“කිසං හි වච්ඡං අවකිරිය දණ්ඩකී
උච්ඡින්නමූලො සජනො සරට්ඨො
කුක්කුලනාමනිරයම්හි[298] පච්චති
තස්ස ඵුලිඞ්ගානි පතන්ති කායෙ”යි.
මෙ සෙයින් දණ්ඩකාරණ්‍යය වල් වූ පරිදි දත යුතු. කාලිඞ්ගාරණ්යය වල් වූ පරිදි කිසෙයැ යත්: කලිඟුරට නාළිකීර[299] නම් රජක්හු රජ කරන කල්හි හිමවු[300] යෙහි පන් සියක් තව්සො බ්‍රහ්මචාරී වැ අඳුන් දිවිසම් ජල මඬුලු[301] වල්කල[302] ධර වැ වනමූලඵල[303] වළඳා වසන්නාහු, බොහො දවසක් ගිය කලැ ලුණු ඇඹුල් සෙවුනා සඳහා මිනිසුන් වසන තැනට අවුදු අනුක්රමයෙන් කලිඟු රට නාළිකීර[304] රජුගෙ නුවරට පැමිණැ පා සිවුරු ගෙනැ හැඳැ, පෙරෙවැ, ජළ මඬුලු බැඳ අඳුන්දිවිසම් එකස් කොටැ බහා-ලා, පැවිජි වෙසට හොබනා උපසමසිරි දක්වමින් අහර සඳහා නුවර වන්හු. මිනිස්හු[305] බුද්ධොත්පාද නැති කල්හි තවුස් පැවිජියන් දැකැ පැහැදැ, හිඳුනා[306] තැන් සංවිධාන කොටැ අතින් භික්ෂාභාජන ගෙනැ, වඩා හිඳුවා, අහර තන් කරවා, දුන්හු. තව්සො බත් වළඳා හිඳැ අනුමෙව්නි[307] කළහ. මිනිස්හු බණ අසා සතුටු[308] වැ “භවත්හු[309] කොයට වඩිතී[310]?” පුළුවුත්හු. “සැප තැනකට[311] යම්හ”යි කීහ. “වහන්සෙ, බැහැරැ නො වඩව.[312] රජ උයන්හි වසව. ඇප්[313] බත් කා අවුදු[314] බණ අසම්හ”යි කීහ.
තව්සො ගිවිසැ[315] උයන් ගියහ. නුවරවැස්සො බත් කා, සුදු පිළී හැඳැ, උතුරුසළු එකස් කොටැ, “බණ අසම්හ”යි රැස් වැ උයන් යෙත්.[316]
එකල්හි රජ පහයැ උඩුමහලෙහි සිටියෙ, ඔවුන් යනු වන්, දැකැ2 මොහු කොට යෙති? මොවුන් කෙරෙහි නටන ගයන[317] වයන මිනිස්හු හා ඇද්දැ?”යි පිළිවිසැ, “නැති, මහ රජ, මොහු තව්සන් කෙරෙහි බණ අසන්නට උයන් යෙති” යනු අසා, “ඔස, මම ද යෙමි.[318] මා හා සමඟ[319] යන්නෙ යැ”යි කියා යවි යැ.[320] නුවර වැස්සො “අපගෙ රජ සැදැහැ නැත්තෙ යැ; සිල්වත් ගුණවතුන් කෙරෙහි නො පහන්නෙ[321] යැ; දුශ්ශීල යැ; තව්සො ධැමිට්හ. නොධැමිට් රජ ධැමිට් වෙ”යි සතුටු[322] වූහු. රජ නික්මැ ඔවුන්[323] පිරිවරා උයන් ගොස් තව්සන් හා පිළිසථර[324] කොටැ එකත් පස් වැ හුන්නෙ යැ. තව්සො රජු දැකැ පරිකථා කරන්නට නිසි තව්සක්හු රජ හට බණ කියනු කළහැ.
තවුස් පිරිස් බලා පස්දුසිල්කැම්හි ආදීනව හා පන්සිල්හි අනුසස් හා[325] කියනුයෙ, “පණිවා නොකට යුත්තෙ යැ. අයිනාදන් නො ගත යුත්තෙ[326] යැ. මීස හසර නො සිරියැ යුත්තෙ[327] යැ. මුසවා නොකියැ යුත්තෙ යැ. රහ නො බියැ යුත්තෙයැ. පණිවා නිරූහිද්[328] තිරිසන් යොනිහිද්14 ප්රෙතවිෂයෙහිද්14 අසුකයෙහිද්14 පිළිසිඳ[329] දෙයි. අයිනාදන් ආදීහුදු[330] එතෙක් මැ යැ. පණිවා කෙළෙ නිරූහි[331] ඉපැදැ,[332] අනෙවා[333]දහස් සුවහස් පැසී[334] සතර අපායෙහි වෙහෙසී, මිනිස් පියට[335] ආයෙ වී නම්, සම්පත් නො වළඳා නව යොව්නෙහි[336] මැ මියෙයි.[337]
අයිනාදන් ගත්තෙ[338] දිළිඳු වෙයි. මිසහසර සෙවියෙ සතුරන් ඇති වෙයි. මුසවා කීයෙ[339] අභූතයෙන් අවඥා[340] කරනු ලැබෙයි. රහ පූයෙ[341] උන්මාද ඇති වෙ”යි පස්දුසිල්කම්හි ආදීනව දැක්වී.
රජ සැදැහැ[342] නැත්තෙ යැ, දුශ්ශීල යැ. දුශ්ශීලය හට සීලකථා කනැ යහුල්[343] දෙන කල් තැනි වෙයි. එයින් රජ: “මම් මොවුන් සගන්මි’යි ආයෙමි. මොහු මා ආ තැන් පටන්-ගෙනැ ඔවිජැ පිරිස් මැදැ තෙපුල් කෙරෙති. මොව්නට කළමනා[344] දන්මි.” යි සිතා බණ සමහර කළ කලැ, “සෙට මාගෙ ගෙහි[345] වළඳන්නට වඩනෙයැ”යි කියා ගියෙ. දෙවන[346] දවස් මහත් මහත් සැළි[347] ගෙන්වා-ගෙනැ එහි අසූචි පුරවා කේල්පතින්[348] මුව වසා බඳවා[349] තන්හි තන්හි තැබැවි යැ.[350] බොල් මී තෙල් හා කුබුක්[351] බෙලසුල් හා කෙළෙහි පුරවා හිණිහිසැ තැබැවි යැ. මල්ලවයන් කැඳවාගෙනැ, “තෙප්[352] කැසපට ගළා හැඳැ මුගුරු ගෙනැ සිටැ කූටතාපසයන් පහයින් බස්නා කලැ කෙළෙන් බෙලසුල්[353] හිණි හිසැ සිටැ වටා[354] පියා හිසැ මුගුරෙන් පැහැරැ කැරැ අත්ලා[355] ගෙනැ හිණැ හෙළා-පියව”යි යෙදී යැ. හිණි[356] පාමුලැ කැකුළු බල්ලන් බඳවා සිටිවී. තව්සොද්, “සෙට රජගෙහි වළඳන්නට ගිය මැනැවැ. රජගෙ නම්, සාසඞ්ක යැ. සභය යැ. පැවිජියන් විසින් සදොරට හමු වූ සඅරමුණෙහි සඤ්ඤම[357] ඇති වියැ යුත්තෙ යැ, දුට් දුට්[358] අරමුණෙහි නිමිත්[359] නොගත යුත්තෙ යැ”යි ඔවුනොවුනට[360] අවවාද කොටැ වේලා බලා තවුස් පිරිකර ධරා[361] භික්ෂාභාජන ගෙනැ පිළිවෙළින් රජගෙට නැංගාහැ.
රජ ඔවුන් මහලට නැඟි බව දැනැ සැළමුවවිට බන්[362] කේල්[363] පත් මුදවා-පී යැ. දුගඳවා තව්සන් නාසායෙ පහළ. හිස්මුල[364] වැම්හ යන පමණ පිළිකුල් වියැ. මහතවුස් රද බැලි යැ, රජ: “මෙහි තොප කන පමණ කව. ගෙනැ යන පමණ ගෙනැ යව. තොපට මෙ නිස්සැ. ‘ඊයෙ[365] මම් තොප සගන්මි’ යි ගියෙමි. තෙපි[366] මා ඔවිජැ[367] පිරිස් මැදැ බිණුව[368] මෙ තොපට නිසි භොජන යැ. වළඳව’යි මහතවුස් හට[369] එවින්[370] අසුචි ගෙනැ එළැවි යැ. තවුස්[371] ‘ධිග් ධිග්’[372] ගරහමින් පසුපස්නෙන්[373] බට. “තෙපි මෙ තෙකින්[374] යාටියාව නො[375]!” යි කෙළෙන් බෙලසුල් හිණිහිසැ ඔවා-පියා මල්ලවයනට හිඟි[376] කෙළෙ. මල්ලවයො මුගුරෙන් හිස්පළා, පැහැරැ[377] කරැ[378] ගෙනැ, හිණැ හෙළා-පීහ. එක් කෙනකුදු[379] හිණැ සිට්නට[380] නොනිසි වැ[381] වැටෙමින් ගොස් හිණිමුලැ හුණුහැ. හුණුහුණුවන් ප්රචණ්ඩ බල්ලො, “පටත් පටත්” යන අනුකරණ ඇති කොටැ[382] සිඳැ බිඳැ කා-පීහ. ඔවුන් කෙරෙහි[383] යමෙක් නැඟී[384] පලායෙ ද, හෙද් ගොස් බිඳැ තුබූ වළැ හෙයි. එහි ද[385] කීණ[386] බල්ලො ඔහු[387] ලුහුබැඳ ගොස් කත් මැ යැ.
මෙසෙ එ රජ සිල්වත් ගුණවත් පන්සියක් තව්සන් එක දවිසන් මැ දිවි ගැළැවී. එක්බිති දෙවියො ඔහු[388] රටැ පෙරැ සෙයින් මැ නවවිධ වර්ෂා[389] වැස්වූහු. ඔහු ගෙ රජය[390] සැටයොජනෙක් තැන්, උස අසූහත්[391] වැලිතෙලෙන් පිළිසන් වී. එයින් කීහ, සරභඞ්ගබොධිසත්ත්වයො:
“යො සඤ්ඤතෙ පබ්බජිතෙ අවඤ්චයි
ධම්මං භණන්තෙ සමණෙ අදුසකෙ[392]
තං නාළිකීරං සුනඛා පරත්ථ
සඞ්ගම්ම ඛාදන්ති විඵන්දමානං”යි
මෙසෙයින් කාලිඞ්ගාරණ්යය වල් වූ පරිදි දත යුතු.
මෙධ්‍යාරණ්‍යය වල් වූ පරිදි කිසෙ යැ යත්: අතීතයෙහි බරණැස් නුවරැ සතලිස් කෙළද් ධන ඇති, සිටක්හු ගෙ දිට්ඨමඞ්ගලිකා නම් එක මැ දුවක් වැවැ. යහපත, පැහැපත, රූපත. හො රූපසම්පත්තීන් භොග සම්පත්තීන් කුලසම්පත්තීන්[393] සම්පන්න වන බැවින් බොහො දෙනා විසින් පතන ලදු.[394] යමෙක් යමෙක් ඇය කැමැති වී[395] ද, ඔහු ඔහු[396] දැකැ උහු[397] ජන්මයෙහි හො අත්පා ආදියැ හො දොස් දක්වා “උහු කෙරෙහි කවුරු වෙසෙති![398] ඔබ[399] නෙරව[400]” යි නෙරවා,[401] මෙසෙ වූවක්හු දිටිමි. දිය ගෙනෙව, ඇස් දෝනට යැ”යි දිය ගෙන්වා-ගෙනැ අසු දෙවු.[402] එයින්[403] දිට්ඨමඞ්ගලිකා නම් වුවැ. මුල නම් අතුරුධන් වී. හො එක් දවසක්[404] ගඟැ දිය කෙළෙනට[405] යාවි[406] වැ තොට සදවා, බොහො කන බොන දෑ ගැල් පුරා සරහවා-ගෙනැ, බොහො ගඳමල් දුම් ආදි[407] ගෙනැ[408], පිළිසන් යානයකට[409] නැඟී, නෑ නො පරිජනයන් පිරිවරා, ගෙන්[410] නික්මුණු[411].
එකල්හි අප මහසත් කර්මපරවශ වැ සැඬල්[412] කුලෙහි ඉපැදැ[413] පිට්නුවරැ සම්ගෙකෙකැ[414] වෙසෙ.[415] උහුට[416] මාතඞ්ග නම් නමෙක් වි යැ. හෙ සොළොස් හැවිරිදි කල්හි කිසි කාර්යයක්[417] නිසා[418] ඇතුළු නුවර[419] වැද්දැටි වූයෙ, එක් නිල් පියල්ලක් හැඳැ, එක් නිල් පියල්ලක් අතැ බැඳැ, එක් අතෙකින් පැසක් ගෙනැ, එක් අතෙකින් ඝණ්ටාවක්[420] ගෙනැ, “පහ වව. සැඬෙලෙක්මි” දන්වනු සඳහා වයමින් යටත් සිතින් දුටු දුටුවන් වඳමින්[421] නුවර[422] වනැ.
එකල්හි දිට්ඨමඞ්ගලිකා ඝණ්ටායෙහි හඬ අසා ජවනිකා අතුරෙන් බලන්නී, ඔහු දුරින් එන්නහු, දැකැ “මෙ කවරෙ[423]?”යි පිළිවිසැ “සැඬෙලෙකැ[424]” යනු අසා. “ඇපි කිනම් අකුසලයක් කළම්හ හො! මෙ කවර පාපයක්හු ගෙ[425] විපාක යැ හො! මා නස්නා කලෙක් වන්නෙ වෙයි. පිරිසිදු වන්නට යනුයෙම්[426] සැඬලක්හු[427] දිටිමු[428]” යි සිරුරු වෙවුළුවා, ගරහා, කෙළ පියා, දැස්නට, “වහා දිය ගෙනෙව. සැඬලක්හු[429] දුට්[430] ඇස,[431] නම් කී මුව,[432] දෙවියැ මැනැවැ”යි දෙවැ රථය නවතා-ගෙනැ[433] හැම[434] ගෙට දී යවා ගොස් පහයට නැංග.
රහසොඬ ආදීහුද් ඇයගෙ පරිජනයොද් “සැඬල්හු[435] නිසා රහමස් ගඳමල් ආදි වළ කරනු නො ලදුම්හ. ඔහු ගත මැනැවැ”යි ගොස් නිවරද මාතඞ්ගපණ්ඩිතයා තර්ජන[436] කෙරෙමින් කෙහෙයෙහි ගෙනැ,[437] බිම පැහැරැ හෙළා[438] පියා, විළුමින්[439] වැළමිටින්[440] පහණින් තලා, ‘මළහ’ යි සිතා, පයැ,[441] ගෙනැ ඇදැ කසළගොඩැ දමා-පියා ගියො. මහසත් සන්[442] ලදින් අත් පා පිරිමැදැ, “මෙ දුක් මට[443] දිට්ඨමඞ්ගලිකා නිසා[444] උපන්නෙ යැ. ඉදින් මම පිරිමියෙකිම් වීම් නම්, ඇය මට පාදපරිචාරිකා කරවමි”යි සිතා වෙවුළමින් ඇය[445] ගෙට ගොස් දිට්ඨමඞ්ගලිකාව ලද හොත් මෙතෙනින් නැඟෙමි. නො ලද, මෙහි මැ වැදැ[446] – හෙවැ මීයෙමි” ගෙඅඟණයෙහි[447] හොති.
එ සමාහි දඹදිවැ “යමක්හු ගෙ ශබ්දොරැ[448] සැඬෙලෙක්[449] දැහැවැ හෙවැ මෙළෙ වී නම්, යම් කෙනෙක් එ ගබැ[450] වෙසෙද්ද, ඔහු හැම සැඬල්[451] වෙති. ගෙ මැදැ හෙවැ මෙළෙ වී නම්, ගෙ වැස්සො හැම දෙන සැඬල්[452] වෙති. දොරැ හෙවැ මෙළෙ වී නම්, දෙ එක්බිති ගෙහි[453] ඇත්තො සැඬල්[454] වෙති. ගෙ-අඟණයෙහි හෙවැ මෙළෙ වී නම්, දෙපසින් සත් සත් ගෙ බැවින්6 තුදුස් ගෙකෙකැ මිනිස්හු සැඬල්4 වෙති” යන7 ව්‍යවස්ථාවයි. මහසත් වනාහි ගෙ අඟණයෙහි හොත්තෙ යැ.[455]
එකල්හි සිට්හු ගෙ පරිජනයො “ස්වාමිය, ගෙ අඟණයෙහි සැඬෙලෙක්[456] හොත්තෙ යැ”යි කීහ.[457] “කුමට හොත්තෙ දොහොයි ගොස්[458] පිළිවිසැබලා, මෙමස්සඋහුට[459] දී නඟා-පියව”යි යවී යැ. ජනයො ගොස්, “මෙ මස්ස ගෙනැ නැඟී යා[460]” යි කීහ. “මම්[461] මස්සක් නිසා හොත්තෙම් නොවෙමි. දිට්ඨ මඞ්ගලිකාව නිසා හොත්තෙමි” කී යැ.[462] “ඇය කවර වරදැ?”යි කීහැ.[463] “මා නිරපරාධය හට[464] ඇය ගැත්තන් කළ දෑ නො දක්ව? ඇය[465] ලද, හොත් තැනින් නැඟෙමි. නො ලද, නො නැඟෙමි” යි කී යැ. සිට්[466] එ පවත් අසා දුව ගෙ දොස් බව් දැනැ එක් කහවනුවක් දී යවී යැ. “මම් දැරිය කැමැත්තෙමි. කහවුනු[467] නො කැමැත්තෙමි” කීයැ. සිට් ද[468] සිට් දු ද21 “අප සැනැහැති[469] එක මැ දුවැ. වංස රක්නට නිසි අනෙක් දැරයෙක්[470] ඇත්තෙ නොවෙ”යි බිය පත් වැ “යව, දරුයෙනි,[471] අප නොසහන[472] යමෙක් ඔහු මැරුයෙ[473] වී නම්, ඇප් හැම දෙනමො[474] නස්මහ. ඔහු රක්ව”යි වටා ඔහට[475] රකවල්[476] දෙවා හඹු[477] දී යවූහැ.[478] බත් දී යවූහැ. (ධන දී යවූහැ) හෙ එයිදු පිළිඛෙව් කෙළෙ. මෙ නියායෙන් දවස් යත් යත්, දෙපස්හි සත් සත් ගෙහි මිනිස්හු[479] නැඟී, “ඇපි තොප නිසා සැඬල්[480] වන්නට නො නිස්සම්හ[481] අප නො නසව. දැරිය දී උහු හොත් තැනින් නඟා පියව[482]” යි කීහ. උහු ක්‍රමයෙන් සියක් දී දහසක් දී ලක්ෂයක් දී[483] යවුහැ. හෙ එය පිළිඛෙව් කෙළෙ.
මෙසෙ සදවසක්[484] ගිය කලැ දෙපස්හි තුදුස්ගෙහි මිනිස්හු රැස් වැ “අප සැඬල්[485] නො වුව මැනැවැ. තොප නොකැමැතුදු, දැරිය ඇපි ඔහට ඇරැ දෙම්හ”යි කීහු. මවුපියො සොක පත් වැ සන්[486] නැති වැ යහන්හි ගැළැ[487]-හුණහ. ඔහු දැරිය ගෙ සිරියහන් ගබට වැදැ[488] දැරිය හැරැ ගෙනැ සුපිපි කැහැල රුකෙක්හි මල් අතු බිඳිනවුන්[489] සෙයින්[490] ඇය ගෙ සව්බරණ ගළවා[491] නියෙන් සීමන්ත[492] දක්වා, සැඬල්[493] කෙහෙ බැඳැ, නිල් පියල්ලක්[494] හඳවා, නිල් පියල්ලක් අතැ බැඳැ, කනැ තුබූ[495] පට[496] පළඳවා තල්පන[497] පැසක්[498] දී, දෙ අත් කරැ ගෙනැ පහයින් බහා ඇරැ,[499] “තී සැමියා ගෙනැ යා[500]” යි මහසත් හට දුන්හු.
මානෙල් මලකුදු “ඉතා බරැ”යි නොපළඳනා සිවුමැලි[501] දැරි “නැඟෙව හිමි”[502] කියන්නී, ‘උට්ඨාන සාමි’ යි කිවැ. මහසත් “මම් ‘උට්ඨාහ’ නම් නො වෙමි” යි කී යැ. වැළි කුම් යෙම්[503] දැ”යි කිව. “නැඟෙව, හිමි මාතඞ්ගය, (කියා”යි) කී යැ. ඇය එසෙ කී කල්හි, “තී ගෙ මිනිස්හු මා නැඟී හිඳුනා[504] පමණ ශක්ති නැති කළහ. දෙ අත්කරැ ගෙනැ නඟාගනැ”යි කී යැ. ඇය තමා නඟා ගන්නා කලැ නැඟෙන වන් වැ පෙරැළි බිමැ වැටී හි දිට්ඨිමඞ්ගලිකාව විසින් නටමි. පළමු මා තමාගෙ මිනිසුන් ලවා තළවා දැන් තොමො තළයි” හැඬී යැ.[505]
එකලැ අත් ලා නඟා-හිඳුවා, “යම්හ, හිමි, කියන්නී, ගච්ඡාම, සාමි”යි කිවැ. මහසත් “ගච්ඡයො” නම් වන ළැවැ වෙති.”[506]
මම තී ගැත්තන් විසින් තර කොටැ තළා පියන ලද්දෙමි. පයින් නොයා – හෙමි. පිටින්[507] මා ගෙනැ යා” යි කී යැ. හො නැමී පිට[508] දී මහසත්හු තමා පිට[509] නැඟි කලැ “කොයට ගෙනැ යම් ද හිමි?”යි කිවැ. “පිට්නුවරට ගෙනැ යා” යි කි යැ. හො පැදිදොරතුරට ගොස්, “හිමි, තා වසන්නෙ මෙහි වෙදැ?” යි කිවැ. “මෙ කොතෙනෙක්[510] දැ?”යි කී යැ. “පැදිදොරතුර යැ, හිමි” යි කිවැ. “පැදි දොරතුරෙහි සැඬල්[511] නො විසියැ-හැක්කැ”යි කී.[512] මෙසෙ තමා වසන තන්[513] නො කියා ඇය හැම දොරතුරෙහි ඇවිදුවා-පී.[514] මෙසෙ කුමට කෙළෙ[515] යත්: භව අග් දක්වා නැඟි ඇයගෙ[516] මන් බිඳුනා[517] සඳහා කෙළෙ. මහාජනයො “තොප[518] තබා මැය ගෙ මන් බිඳුනට[519] නිසි අනෙක්[520] කෙනෙක් නැති[521]”යි ගුගුළො. හො පැළදොරතුරට පැමිණැ “හිමි[522] තා වසන්නෙ මෙහි වෙදැ?”යි පුළුවුත. “මො කොතෙනෙක්[523] දැ?”යි කී කල්හි “පැළදොරතුරැ[524] හිමි” කිවැ. “මෙ දොරින් නික් මැ සම්ගෙ[525] බලමින් යා” යි කී යැ. හො එයට ගොස් “මෙ සම්ගෙ තා වසන තන්[526] ද හිමී?” කිවැ, “මා වසන තැනැ[527]” යි ඇය පිටින් බැසැ සම්ගෙට වනි.
එහි සතක’ටක් දවස්[528] වසන මහබොසතාණො ඇයගෙ ජන්මභෙද නො කොටැ දවස් යවා, “ඉදින් මෙ කුලදු මා නිසා මහත් යශස් නො ලදු නම්, මා[529] සූවිසිබුදුන් අතැවැසියෙක්[530] නම් නොවෙයි.[531] මැය පා දෙවි දිය මුළු[532] දඹදිවැ රජනට අභිෂෙකොදක[533] කළ මැනැවැ,[534] ගිහිමිනිස් වැ එ නො පාළ කට[535] හැක්කැ. පැවිජි වුව, මැනැවැ”යි සිතා, දිට්ඨමඞ්ගලිකාව,[536] මම[537] හුදකලා කලැ මෙහෙ කොටිනුදු[538] නෙකොටිනුදු වැටෙන්නට නිස්සෙමි. දැන් වූ කලැ නො[539] හුදකලා බැවින් මෙහෙ නො කොටැ වැටෙන්නට නො පිළිවනැ. මා එන තන් දක්වා තො උකටලී නො වා” යි කියා ගොස් වනයට වැදැ, සොහොන් පියළි සොයා හඳනා පොරෝනා සිවුරු කොටැ රඳා, පෙරෙවැගෙනැ[540] පැවිජි වැ, කිසුණු පිරියම්[541] කොටැ සත් දවසින්[542] ඇතුළතැ අටසමවත් හා පස් අභිඥා නිපයා, දැන් කලි දිට්ඨමඞ්ගලිකාවට වහල් වන්නට නිස්සෙමි”යි අහසින් ගොස් සැඬල්[543] ගම්දොරැ[544] බැසැ සිඟමින් දිට්ඨමඞ්ගලිකාව ගෙ ගෙදොරට ගියො.[545] හො දොරැ සිටියන්[546] දැකැ නො හැඳිනැ “වඩඩ[547] වහන්සෙ, සැඬල් ගෙකෙකැ[548]”යි කිවැ. ඔහු නොගොස් එහි මැ වැඩැ සිටියො.
හො පුනපුනා බලන්නී, හැඳිනැ අතින් ලෙහි[549] පැහැරැ හඬා පාමුලැ හී “හිමි, තොපට මෙවෙනි[550] සිතක් ඇති බැවින් මා මහත් යශසින් පිරිහෙළා අනාථ කුමට කළාව[551]?” යි නොඑක් සෙ වැහැසැ ඇසැ කඳුළු පිසැ-පියා නැඟී, අතින් පය ගෙනැ, ඇතුළු ගෙයි වඩා-හිඳුවා, බත් දුන. වළඳා හිඳැ දිට්ඨමඞ්ගලිකාව, නො සොස්;[552] නො වහස; මම් තී පා දෙවි දිය මුළු දඹදිවැ රජනට අභිෂෙකොදක කරන්නට පොහොසත්මි. තො මා කීවා කර. නුවර වැදැ ‘ම-සැමි සැඬෙලෙක්[553] නො වෙයි. මහබඹහ[554] හි හඬ ගසා ඇවිද” යි කීහැ. හො “මම් මාගෙ මුවදොසින්[555] මැ දුක්පත් වීමි. එසෙ කියන්නට නොනිස්සෙමි”යි කිවැ. ඔහු “මම ගිහි මිනිස් කලැ දු බොරු නො කීයෙමි.[556] දැන් පැවිජි වැ කුමට කියම් ද! අද පුර අටවකැ. තො ‘අන් සත්දවසෙකින් පනුරැසි පොහොදවස් ම-සැමි මහබඹ සඳමඬල බිඳ පියා මා කරා එයි’. මුළු නුවරැ හඬ[557] ගහා[558]” යි කියා, නැඟී ගියො. හො හදහා සූර වැ සතුටු වැ සවසැ හා රැයිම්මෙ[559] නුවර වැදැ කී පරිද්දෙන් හඬ ගහයි.[560]
මිනිස්හු අත් පිඬු ගසා, “බලව, දිට්ඨමඞ්ගලිකා අපට සැඬල් දරුවා මහබඹ කෙරෙයි” සෙමින්[561] කෙළි[562] කෙරෙත්. හො අනෙක් දවස්හි දු එසෙයින් මැ සවසැ හා රැයිම්මෙහි නුවර වැදැ “අන් සදවසෙකින් පස්දවසෙකින් සතර දවසෙ කින් තුන් දවසෙකින් දෙදවසෙකින් එක් දවසෙකින් ම-සැමි මහබඹ සඳමඬල බිඳැ-පියා මා කරා එයි” හඬ ගැහු.
එකලැ බමුණො “මෙ දිට්ඨමඞ්ගලිකා ඉතා සූර වැ කියයි. සැබැවෙක් වන්නෙ වෙයි. එ,[563] දිට්ඨමඞ්ගලිකාවගෙ සදම්හ”යි ගොස් ‘සම්හෙ’ වටා වැලි එවුහු. හො ද පොහො දවස් රැයිම්මෙහි නුවර වැදැ “අද ම-සැමි[564] එයි” හඬ ගැහු. බමුණො ‘මො නුදුරු[565] කොටැ කියයි. අද[566] මහබඹ ඵල වසන තැනක් බලම්හ”යි ගොස් සම්ගෙ පිළින් වසා බිම ගඳින් තෙවෙර[567]-ගෙනැ උඩ සෙල්වියන් බැඳැ ගඳදුම් දී, මල්දැමින් ලල් දී, සුදුහු[568]. ගෙ සදත්[569] සදත්[570] හිරි එප්සිණ.[571] ‘මහසත්’ සඳු නැඟෙත් මැ ඉදුහයෙන්[572] දොළොස් යොදුන් බඹවෙසක් මවා-ගෙනැ[573] අහසට නැඟී සඳවිමන් ඇතුළට වැදැ වනාන්තයෙන්[574] නැඟෙන සඳ බිඳැ නික්මැ සඳවිමනට පෙරට වැ “මහාජනයො මා දකිත්ව” යි ඉටුහු, ජනයො ඔවුන් දැකැ, “දිට්ඨමඞ්ගලිකාව කී දෑ සැබැවැ. එන්නෙ, මහබඹ. බඹහු පුදම්හ[575]” යි ගඳ-මලු ආදි ගෙනැ[576] ඇය[577] ගෙ පිරිවරා සිටියො. මහසත් නුවර මුදුනෙහි ගෙනැ සත් යලක් වටා ඇවිදැ මහජනා[578] දුට්[579] බව් දැනැ දොළොස් යොදුන් අත්බව් හැරැ මිනිස් පමණ[580] කොටැ මවා හැමදෙනා දක්නා සෙ සම්ගෙට ගොස් වනැ.[581] ජනයො දැකැ, “අපගෙ මහබඹ බට”යි ජවනිකා ගෙන්වා-ගෙනැ වටා[582] බඳවා පිරිවරා සිටියාහ. මහසත් සිරියහන් මැදැ වැඩැහිඳැ, දිට්ඨමඞ්ගලිකාව වැළත් වැ සිටියට[583] “තො ඔසප්හු වෙහි[584]දැ?”යි කී යැ.[585] “එසෙ යැ[586] හිමි” යි කිවැ. “මා දුන් පුතක්හු ගනැ”යි ඇඟිල්ලෙන් නැඹමඬුලු පිරිමටට එ මැ විගස ගබ[587] පිහිටි යැ[588] “මෙ පමණෙකින් තී පා දෙවී දිය මුළු දඹදිවැ රජනට අභිෂෙකොදක වෙයි. තො සිට” යි කියා බඹ අත්බව් මවා හැම දෙනා දක්නා සෙ[589] නික්මැ අහසට[590] නැඟි සඳමඬලට ගොස් වනි. හො එතැන් පටන් ගෙනැ බ්රහ්මපජාපති[591] නම් වුව.
බමුණො “මහබඹහු අඹුව ඇතුළු නුවරැ වුව මැනැවැ”යි ඇය සව්බරණින්[592] සදා ස්වර්ණශිවිකායෙකැ[593] හිඳුවා-ගෙනැ සත් වන කුල කෙළවර දක්වා නොපිරිසිදු කුල[594] ඇතියන් සිවිගෙහි[595] නො ගත දී, පිරිසිදු කුල ඇති බමුණන් සොළොස් දෙනක්හු[596] ලවා ගන්වා, ගඳ මල් ආදීන් පුදමින් නුවරට[597] ගෙනැවැදැ “බ්රහ්මපජාපතිය ඉඳුල් ගෙහි නොවිසියැ හැක්කැ. බිම් පිසැ[598] ගෙකක්[599] කරවම්හ. කරවන තැන් දක්වා මඬුයෙහි[600] වුසුව මැනැවැ”යි මඬු ගෙකෙක්හි වාස කැරැවූහු. එතැන් පටන් ගෙනැ ඇස් හමුයෙහි සිටැ ඇය වැඳැසිටියො කහවුනක්[601] දී වඳති. බස් ඇසෙන[602] තැනැ සිටැ වැඳැටියො සියක්[603] දී වඳති[604], ළඟවැ සිටැ වැඳැටියො පන්සියක්[605] දී වඳති[606]. පා-විටැ[607] හිස් තබා වැඳැටියො දහසක් දී වඳති. පා දෙවි දිය කැමැත්තාහු දස දහසක් දී ගන්ති.[608] පිට්නුවර පටන් ගෙනැ ඇතුළුනුවරැ මඬුව නැඟු තැන්[609] දක්වා එන්නිය ලද්[610] ධන සියක් කෙළ පමණ වියැ. සියලු දඹදිවැ හැම රජහු “බ්රහ්මපජාපතිය පා දෙවි දියෙන් අභිෂෙක කරම්හ[611]”යි ලක්ෂ ලක්ෂ දී ඇය පා දෙවි දිය ගෙන්වාගෙනැ මුදුනෙහි ඕති.[612]
මඬුයෙහි වෙසෙමින් පුතකු ලද. මහපුරිසා පිණිසැ උපන් කුමර ඔහු සෙ මැ යහපත් වි යැ[613]. හැම ලකුණෙන් පරිපූර්ණ වී. “මහබඹහු පිතෙක් උපනැ” යි සියලු දඹදිවැ එකකොලාහල වී යැ. කුමර හට “කිරිමිල වළ මිල[614] යැ” යි එ එ තැනින්[615] අල ධන සියදහසක්[616] කෙළ යැ. පහය[617] දු දසමසින්[618] නිමි[619] යැ. “කුමරහු[620] නම් තබම්හ[621]”යි ගෙ සදා, දරුවා ගඳදියෙන් නහවා කුමරබරණ පළඳවා, පහයට[622] වඩා “මණ්ඩපයෙහි උපන්නෙන් මණ්ඩව්‍ය[623] නම් කළො.[624] කුමරහු සුවයෙන්[625] මහත් පෙරහරින්[626] මහත් පිරිවරින් වැඩැ සත’ට හැවිරිදි[627] වය[628] පත්[629] කල්හි, සියලු දඹදිවැ ශිල්ප දන්නා තාක් දෙන අවුදු,[630] ශිල්ප උගන්වති. දරු නුවණැත්තෙ යැ. ඇසු-ඇසුවා මුතු අවුණන්නක්හු සෙයින් ගන්නි. ගත් ගත් දෑ රන්බජනෙහි ඔත් සී-තෙල්[631] සෙයින් සිටි. බසින් උගන්නා තාක් දැයින් ඔහු නො උගත් දෑ නම් නැති. බමුණො ඔහු පිරිවරා ඇවිදිති.
හෙ ද බමුණන් කෙරෙහි භක්ති ඇත්තෙ[632] යැ. සොළොස් හැවිරිදි කල[633] පටන් ගෙනැ බමුණනට[634] බත් දෙයි. නිත්තෙන් ගෙහි බත් කන්නාහු අසූදහසක්[635] බමුණහ. ඔවුන් සතර වන දොටුයෙහි හිඳුවා දන්[636] දෙයි. එසෙ දන් දෙමින් සිටි කලැ එක් දවසක් ගෙහි කිරිබත් පක්හ.[637] අසූදහසක් බමුණො සතර වන දොරටුයෙහි හිඳැ ගිතෙලින් හා (පක්) මීකඬසකුරෙන්[638] කිරිබත් කති. දරු සව්බරණින්[639] සැදි, රන් මරවැඩියට නැඟි, අතින් ලද දඬුවක්[640] ගෙනැ “මුහු[641] පෙර සකුරු තබව. මුහු පෙරට ගිතෙල් ඔව,[642] මිහි ඔව” යි විචාරමින්[643] ඇවිද්දි.
එ කෙණෙහි[644] මාතඞ්ග පණ්ඩිත හිමවත්හි ආශ්රමපදයෙහි[645] වසනුයෙ, දිට්ඨමඞ්ගලිකාව පුතුගෙ පවත් කිම හො!”යි බලනුයෙ, දලදු සැඬ සළා කිඹුල් මුවරසියො, නොතොටට බට බව්[646] දැනැ “අද (මැ) ගොස් දරුවා දමා යම් කෙනක්හට දුන් දනැ[647] ඵල මහත් වෙ ද, ඔව්නට දන් දෙවා අව මැනැවැ”යි සිතා අහසින් ගොස් අනුතත්දහතළායෙහි දැහැටි[648] වළඳා රක්[649] ගල් තෙලෙහි සිටැ, දෙපට සිවුර හැඳැ, වළඳා රක්19 ගල් තෙලෙහි සිටැ, දෙපට සිවුර හැඳැ, පටිය බැඳැ, පහුල්සඟළසිවුර පෙරෙවැ, මැටිපස ගෙනැ, අහසින් ගොස්, සතර වන දොරටුයෙහි අසූදහසක් බමුණන් බත් කන තැනැ මැ බැසැ සිටියෙ.[650]
මණ්ඩව්‍ය[651] කුමර බලනුයෙ, මහසත්හු දැකැ දැහැව’ගතැ[652] පහයින් නො ගත් බැවින් කසළපිස්සක්හු[653] වැනි වූ, තොට පියලි ගොතා හන්[654] බැවින් ලාමක වූ, මා දෙ දන් ගන්නට නොනිසි වන බැවින් දක්ෂිණිය[655] නො වූ තො[656] මාගෙ පරමදක්ෂිණිය වූ බමුණන් හුන් තනට කුමට ආහි?[657]” කී යැ. එ අසා මහසත් මෙළෙක්[658] සිතින් අවවාද කරනුයෙ, “යශස්විය, තා ගෙ බත් යුතු කෙළෙ යැ. ජන්මවත්හු එ බත් වළඳන්නාහු, බොන්නාහු, යම් තැනෙක් හිදු ලැබෙති.[659] සැඬල්නට දෙනුවො කවරහ? මට නො දැහැව[660] මා යපෙන පමණක් දෙ යි කී යැ.
එ සඳැ කුමර: “මෙ බත් මට වැඩ සඳහා සැදැහැයෙන් ජන්මවත් බමුණනට[661] යුතු කෙළෙ යැ. අප වැන්නො තා වැනි සැඬල්නට[662] දන් නො දෙති; යා. කුමට සිටිහි[663] දැ?”යි කී යැ. මහසත්: ‘දන් නම් ගුණවත්නට දු[664] නොගුණ වන්නට දු දියැ යුත්තෙ යැ. යම්සෙ දෙණැ ද ගොඩැ ද වපුල බිජු පොළොව්රස දු[665] දියරස දු ගෙනැ ඵල දෙයි, එ සෙයින් ඵල නොදෙන දෙනෙක්[666] නම් නැති. එ බැවින් යම් කෙනෙක්නට මැ දියැ යුත්තෙ යැ. එතෙකුදු[667] හොත් ශස්යඵල කැමැත්තාහු ගොඩැද් දෙණැද් අනුඛුයෙහිද්[668] බිජ්[669] වපුරති.[670] වැසි බොහො වී නම් ගොඩැ වපුල බිජ් ඵල[671] දෙයි. දෙණැ[672] වපුල විජ් කුණු වෙයි. හො කිදා ගඟ නිසා වෑවළවිලැ[673] වපුල බිජ් හො-දියෙන් යෙයි. ගඟැ දියෙන් හො යෙයි. වැසි මඳ වී නම්, දෙණැ වපුළ බිජ් ඵල දෙයි. තුබු තැනැ වපුල බිජ් මියෙයි. සමවැසි වී නම් තුන් කෙතැ[674] මැ වපුළ බිජ් ඵල දෙයි.[675] තොද් එ සෙයින් මැ
ඵල කැමැති විහි[676] නම්, ආ තාක් දන හට සැදැහැයෙන්[677] දන් දෙ. එසෙ දෙන කලැ සිල්වත් ගුණවත් කෙනෙක් සමුඩු වුහු නම්, සරුකෙතැ වපුල පිජ් සෙයින් තට ඵල මහත් වෙ” යි කී යැ.[678]
කුමර: “මම් කෙත් හැඳිනැ බිජ් පිහිට්වමි.[679] ජාතිමත්, වෙද දන්නා බමුණො සරු[680] කෙත්හ”යි කීයැ.[681] මහසත්: ජාතිමදමානලොභද්වෙෂමොහෙයො යම්[682] කෙනකුන් කෙරෙහි ඇද්ද, ඔහු ඇසිවසන් පිරුණු තුඹස්[683] වැන්නහ.[684] ඔව්නට දුන් දනැහි ඵල මහත් නොවෙයි.[685] යම් කෙනකුන් කෙරෙහි ජාතිමදමානලොභද්වෙෂ (මොහ) යො නැද්ද, මෙත්කුළුණු නුවණ ඇද්ද, ඔහු සියුමියුරු[686] පිරු[687] බඳුන් වැන්නහ. ඔව්නට දුන් දනැ ඵල මහත් වෙයි. එ දන තට සුගිසපුව දෙන්නෙ[688] යැ”යි කී යැ.[689]
මෙසෙ මහසත්හු පුනපුනා සිල්වත් ගුණවත්නට දුන් දනැ[690] ඵල[691] මහත් පරිදි කියත් කියත්, දඬුයෙන් පහළ ඇසිවසක්හු[692] සෙයින් කුපිත වැ “මෙ තුන් දොරොටුයෙහි ගොව්වො කොයට[693] ගියහ?” යි කී යැ. ඔහු අවුදු[694] වෙළෙවි[695] වැ වැඳැ සිටියාහ. “මොහු කුමට වැද්ද[696] දුන්ව?” යි කී යැ. “වදනා කලැ නො දුටුවම්හ.[697] ‘මෙ නම් තෙනෙකැ[698] ගෙනැ අය’ ය නු නො දුටුවම්හ.22 ‘මෙ නම් තෙනෙකැ23 ගෙනැ අය’ යනු නො ද දන්මහැ. මායාකාරයෙක් දො හො! විද්‍යාධරයෙක් දො හො! අප විසින් කළ මනා කිමෙක් දැ? යි කීහ.[699] “මොහු[700] මුහුණ (මැ) පැහැරැ පළා-පියා[701] දඬුයෙන් හුණුපත්තෙන් සපා, පිටවරළු නඟාපියා, කරැ[702] ගෙනැ සත් වන දොරොටුයෙන් පිටතට නෙරව[703]” යි කී යැ. මහසත් ඔහු ළඟ නොවන තුරු මැ, නැඟී අහසැ සිටැ[704] “තො විදුරුගල් නියෙන් කැණියටියෙහි වහනෙ දතින් කැයටීයෙහි[705] ගින ගිලියටියෙහි” කියා ඔහු දු බමුණනුදු දක්නා සෙ අහසින් නැඟී ගියො. එයින් වදාළහ බුදුහු
“ඉදං වත්වාන මාතඞ්ගො
ඉසි සච්චපරක්කමො,
අන්තලික්ඛස්මිං පක්කාමි
බ්රාහ්මණානං උදික්ඛතං”යි.
මහසත් පැදුන් දස[706] බලා ගොස් එක් වෙයෙකැ බැසැ[707] “මා පියවර දිට්ඨමඞ්ගලිකාවට පැනෙවයි, ඇත් අස් ආදීන් විසින් නො මැකෙව”යි ඉටා කෙණෙසිඅහර සිඟා-ගෙනැ එක් සාලායෙකයැ වළඳති.[708] එ නුවරැ දෙවියො: “අපගෙ සිල්වත් ගුණවත් වහන්සෙට ඔහු බුණු සෙ නොයෙදෙ”යි, දැහැවැ ගියහ.[709] ඔවුන් කෙරෙහි නායක යක් දරුවා ග්‍රීවා ගෙනැ පෙරලා තිබී යැ. සෙසු යක්හු සෙසු බමුණන් ග්‍රීවා[710] ගෙනැ පෙරළා තුබූහ.[711] “මෙ මහපුරිසා පිතැ”[712] යි, මෙළෙක්[713] සිතින් (කුමරු) නො මැරුහ. කුමරහු මුහුණ[714] පෙරැළී සිටි පස්[715] බලා තුබුයෙ යැ. ඇස් පෙරැළී මළ මිනිසුන් ඇස් වැනි වි යැ. මීයෙන් කෙළ පෙණ වැහෙයි. සිරිර[716] තද වි යැ. අත්-පා දැඩි වී.[717] සෙසු බමුණො මීයෙන් පෙණ නඟමින්[718] පෙරැළි-පෙරැළී අත්-පා සපත්![719] ඔහුගෙ රපිජනයො ගොස්[720] එ පවත් දිට්ඨමඞ්ගලිකාවට කීහ. හො වෙළෙවි[721]වැ පහයින් බැසැ ගොස් “ම-පුත්[722] හට මෙ කළාහු කවරහ[723]!” යි කිව. ජනයො: මෙයට ආ පහුල් පෙරෙවි මහණෙකැ මෙ කෙළෙ[724]” යි කීහ. හො එ අසමින් මැ. “අනෙක් කෙනකුන් ගෙ බල නො වෙයි. මට මහත් සම්පත් දුන් මාතඞ්ග පණ්ඩිතයන්[725] ගෙ බල යැ.[726] ම-පුතු[727] පමා සෙ දැකැ ආයෙ යැ. හෙ මෛත්රිභාවයෙන් සම්පන්න යැ. මෙතෙක් දෙනා[728] දුක් පත් කොටැ හොවා-පියා නොයෙ”යි සිතා “හෙ කොයට[729]ගියෙ?” යි පිළිවිසැ, “පුන් සඳක් සෙයින් තෙව්මින්[730] අහසින් පැදුන්දස බලා[731]” ගියෙ යැ” යනු අසා, “ම පුතු දිවි සඳහා එ උතුමා අයදනට[732] ගිය මැනැවැ”යි රන්කලස රන්මාලා[733] ගන්වා ගෙනැ දැසිගණා[734] පිරිවරා ගොස්, මහපුරිසා පියවර දැකැ, “මෙ ම-හිමියා[735] පියවරැ”යි, බලමින් ගොස්, ඔවුන් පුටුයෙකැ හිඳැ වළඳනුවන් දැකැ, වැඳැ සිටියා.[736]
මහසත් ඇය දැකැ මද බතක් පයැ තිබි යැ. හො මහපුරිසා රන්කලසයෙහි දිය ගෙනැ[737] අත් දොවා, මුව දොවා, “ම-පුත් හට මෙ දුක් කළාහු කවරහ[738] හො?” යි කිව.[739] තී පුතු තපස්වීනට කළ ආක්‍රොශ දැකැ, ඔවුන් ගෙ ගුණ දන්නා දෙවියහ[740] උහුට[741] මෙ තෙක් දෑ කළාහ[742]” යි කී යැ.[743] “මම පුත්රශොකයෙන් ආයෙමි. තොප පා සරණ යෙමි. ම-පුත් හට නො දහව[744]” යි කිව. “තී පුතු මට ආක්‍රොශ කරන කලැ හො, දැන් තී අයජනා[745] කලැ හො, මා සිතැ දොම්නස් ඇත්තෙ නො වෙයි. හෙ වෙදමදයෙන් මතැ. අර්ථ අනර්ථ නො දන්නී” යි කී යැ.
“ඔහු දිවි ගැළැ නොයන තුරු එ[746] බාලය හට ක්ෂමා කරන්නෙ යැ වහන්සෙ”යි කමවා වැන්ද.[747] එසෙ බැවින් “යකුන් පලා-යනු සඳහා තිට අමා ඔස්සක් දෙමි. මා ඉඳුල් බත් එව්නට ගෙනැ යා” යි කී.[748] “මැනැවැ වහන්සෙ” යි රන්මලාව[749] එළවුව. මහසත් එහි ඉඳුල්බත් එවැ, ඉඳුල්දිය එවැ “මෙයින් සමහරක් තී පුතු[750] මියෙහි[751] ඔව[752], තුබුවා සැළැ දිය නඟාපිය එහි ලා, අළලා සෙසු බමුණන් මියෙහි ඔව. ඔහු හැම දෙන[753] නීරොග වෙති”යි කියා අහසට නැඟී හිමවත් ගියහ.
හො එ රන්මාලාව හිසින් ගෙනැ, “අමා-ඔස්සක් ලදුමි[754]” යි කියමින් ගෙට ගොස් පළමු පුතු මියෙහි ඔතැ.[755] නායක යක්රජ[756] “ස්වාමිහි[757] තමා බෙහෙත් කරන කලැ, අප කිසි දෑ නොකට[758] හැක්කැ” යි පලා-ගියෙ. දරු වෙරැ ධූලි පිස්මින්[759] නැඟී, “අන්න, මට මෙ කෙළෙ කිමෙකැ?” යි කී යැ. “තා කළ දෑ තො මැ දන්හි[760]” මොබැ[761] එ, තා පරමදක්ෂිණිය කොටැ ගත් බමුණන් ගෙ විප්‍රකාර[762] බල” යි කිව. හෙ බමුණන් ගෙ විප්‍රකාර දැකැ විපිළිසර ඇති වි යැ. එ කල්හි ඔහු මවු: “පුතැ, මණ්ඩව්යය,[763] තො බාලයෙහි. දානඵල මහත් වන තැන් නොදන්හි. පරමදක්ෂිණාර්හයො[764] නම් මෙසෙ නොවෙති; මාතඞ්ග පණ්ඩිතයා සෙ වෙති. මෙතෙනැ පටන් ගෙනැ මෙ දුශ්ශීලයනට දන් නො දෙ; සිල්වත්නට දෙ.[765] මෙ බල,[766] තා ගෙ කුලුපගයන් අමාඔසු පොවා නීරොග කරම්හ” යි ඉඳුල් කැඳ දිය සැළැ එවැ, අළලා, අසූදහසක්[767] බමුණන් මියෙහි[768] එවුව.[769] බමුණො වෙරැ ධූලි පිස්මින්[770] නැංගහ. එකල්හි සෙසු බමුණො එ බමුණන් “සැඬල්හු ඉඳුල් දිය පූහ”යි නොබමුණු කළහ. ඔහු ලජ්ජා ඇති වැ පලා-ගොස් මෙධ්ය මහරජහු කෙරෙහි වුසූහ. මණ්ඩව්‍ය[771] කුමර බරණැසැ මැ විසි.
එක්බිති වෙත්රවතී නම් නුවර[772] නිසා වෙත්රවතී නම් හො-තෙරැ ජන්මවත් බමුණෙක් පැවිජි වැ ජන්ම නිසා මහත් මන් කොටැ වෙසෙයි.[773] මහසත්, “ඔහු ගෙ මන්
බිඳුමි[774]”යි, එයට ගොස් උඩු-හොයැ[775] වාස කරනුයෙ, එක් දවසක් දැහැටි[776] කා “මෙ ජාතිමත්හු ගෙ ජටායෙහි[777] ලග්න වෙව” යි ඉතා හොය දියෙහි බහා-පී යැ.[778] දැහැටි[779] ගොස් නහන්නහු[780] ගෙ ජටායෙහි ලග්න වී යැ. හෙ දැකැ දැහැවැ උඩු හොයට යනුයෙ, මහසත්හු දැකැ “තා ගෙ කවර ජාති යැ?” පිළිවිසැ, “සැඬල්[781] ජාති යැ” යනු අසා, “තො යැ දියහි දැහැටී[782] බහා-ලූයෙහි?”[783] පිළිවිසැ “මම” යැ[784] කීයෙන් “නස,[785] යටත, සැඬල්[786] කළුවණ, මෙහි නො වසා. යට හොසැ වසා[787]” යි, කී යැ. යට හොයැ වසන්නහු[788] විසින් බහා-ලූ දැහැටි[789] උඩු හොයට ගොස් ජටායෙහි ලග්න වූ කල්හි “යටත, ඉදින් තො මෙහි වෙසෙයි නම්, සත් වන[790] දවස් තා හිස සත්කඩ[791] කොටැ පළා-පියමී[792]” කී යැ. මහසත් “ඉදින් මම මුහුට දැහැවියෙම් නම්, මාගෙ සිල් නො රැකෙයි. උපායෙන් මුහුගෙ මන් බිඳැ-පිව[793] මැනැවැ”යි, සත් වන දවස් හිරු[794] නො නැංග[795] දින.
මිනිස්හු[796] ප්‍රතිහත[797] වැ රජු ගෙනැ[798] ජාතිමත් තව්සාණන්[799] කරා ගොස් “තෙපි යැ[800] හිරුනො නැංග දෙන්නාව?[801]” යි, පුළුවුත්හ. හෙ “මා කළ දැයෙක් නො වෙයි. හො-තෙරැ එක් සැඬෙලෙක් වෙසෙයි. ඔහු කළ දැයෙක් වන්නෙ වෙයි” කී යැ. මිනිස්හු මහසත් කරා එළබැ[802] “තෙපි යැ, වහන්සෙ, හිරු නො නැංග දෙන්නාව[803]?” යි, පුළුවුත්හ. “මම” යැ[804] කීහ. “හිරු කුමට නො නැංග[805] දෙව?” යි පුළුවුත් කල්හි, “තොප ගෙ කුලයට එළබෙන තවුස් මා නිවරද් හට[806] සාප කෙළෙ. ඔහු අවුදු[807] මා කමවා[808] පා-විටැ[809] හොත් කලැ හිරු විහිද්වමි[810]” කීහ. ඔහු ගොස් එ තව්සා අත පය අත්ලා ඇදැ-ගෙනැ අවුදු මහසත්හු පා-මුලැ හොවා, වඳවා, “හිරු විහිදුව, වහන්සෙ” කී කලැ “මම වූ කල ක්ෂමා කෙරෙමි.[811] මොහු ක්ෂමා නොකළ තාක් කල්[812] හිරු නො විහිද්ද හැක්කැ”යි, කීහ. ඔස,[813] වහන්සෙ, කුම් කරම්හ!යි කීහ. මහසත් “මැඩිපිඬක් ගෙනෙව” යි ගෙන්වා-ගෙනැ “මෙ මැටි පිඬ තව්සා හිසැ[814] තබා, ඔහු දියට බහා, දියෙහි සිට්ව[815]” යි, සිට්වා හිරු[816] වුහුට. හිරු රස්[817] පහළ විගස මැටි පිඬ සත්කඩක් වැ පැළී-ගියෙ.[818] තව්සා[819] දියෙහි ගැලී කිමි දැ අනෙක් තොටෙකින් නැඟී, ගොස්, එතන්[820] පටන් ගෙනැ “ජාතීන් කම් නැති, පැවිජියන් සිතැ ගුණදහම් මිසැ යැ”යි, මන්විසි නො වැ විසී.
මහසත් ඔහු දමා, “අසූදහසක්[821] බමුණො කොහි[822] වෙසෙති හො!”යි, අවජනෙ, මෙධ්ය නම් රජු කෙරෙහි වසනුවන් දැක, ඔවුන් දමනු සඳහා ඉදුහයෙන්[823] ගොස්, නුවර අබියෙස්හි බැසැ, පය ගෙනැ, නුවර වැඳ, සිඟන්නට වන. බමුණො දැකැ, හැඳිනැ, “මෙ මෙහි එක් දෙදවසක්[824] විසි නම්, අපට පිහිට නැතැ”යි, වෙළෙවි[825] වැ ගොස්, “මහරජ, මායාකාර එක් විජ්ජාධරයෙක්[826] මෙ නුවරට ආ යැ.[827] ඔහු වහා හරවා-පියව” යි, කීහැ. රජ “මැනැවැ”යි, ගිවිස්සැ.[828]
මහසත් කෙණෙසි[829] අහර සිඟා-ගෙනැ, එක් තැනෙක්හි හිඳැ වළඳා, උයන් ගොස්, අතීතයෙන් හා අනාගතයෙන් අසූකපක් දකුතුද්[830] ආවර්ජනා නැති වැ, නිවරද වන බැවින් සැක නැති වැ, මඟල්සලවට හුන්නෙ යැ. රජ අනුන් කියමන්[831] ගෙනැ තෙමෙ මැ ගොස්, කඩුයෙන් මහසත්හු හිස්[832] සින්ද.[833] හෙ මිය බඹලොවැ උපනැ.
දෙවියො දැහැවැ පෙරැ කී සෙයින්[834] නවවිධ වර්ෂා වැස්වූහ. මෙහි අට වනු වැ විරුවු ලොහො දිය බඳු ලොහො මඬවැසි[835] වටැ. නව වනු වැ එමැ බඳු හුණු කලල්වැසි[836] වටැ. කැලැණි රජු[837] සඟනට කළ වධයෙන් ඔහු ගෙ රජය[838] මුහුදු ගැලුවා[839] සෙයින්[840] මෙධ්ය නම් රජු මාතඞ්ග නම් සෘෂීන් හට[841] කළ වධයෙන් උහු[842] ගෙ රට නොරට වි යැ. එ රජ සහපිරිවරින් ගොස් මහා නරකයෙහි[843] උපන්.[844] එයින් කී හ, සඞ්කිච්ච පණ්ඩිතයො:
මෙ සෙයින් මෙධ්‍යාරණ්‍යය වල් වූ පරිදි දත යුතු. මාතඞ්ග සෘෂිහි[847] නැමින් හෙ මැ මාතඞ්ගාරණ්ය නම් වී.
මෙසෙ උපාලි මහසිට්හු[848] “දණ්ඩකාරණ්යාදීන් සෘෂින් ගෙ[849] දැහැවිලින් වල් වූ පරිදි ඇසීමි[850]” කී කල්හි බුදුහු,[851] “මහසිට,[852] සිහි එළවා කියා.[853] තා “කායදණ්ඩ මහතැ” යි පළමු කී බස්[854] හා දැන්. ‘මනොදණ්ඩ මහතැ’ යි පසු වැ[855] කියන බස් හා නො ගැළැපෙයි” වදාළො. එ සඳැ උපාලිගහපති “වහන්සෙ, මම[856] පළමු උපමායෙන් මැ ප්‍රසාද කෙළෙමි. එතෙකුදු[857] වුව, භගවත්හු[858] ගෙ (මෙ) විසිතුරු ප්‍රශ්න ව්‍යාකරණ ඇසියටි වැ විරුද්ධයක්හු[859] වැනි වීමි”[860] පැහැදැ සරණ ගියෙ “මහසිට, සිතා[861] පිරික්සා සරණ යනු මැනැවැ. තොප වැන්නවුන් මා දැකැ මා සරණ යන කලැ, නුවටු[862] දැකැ නුවටු29 සරණ යන කලැ, ‘මෙ උපාලි මහසිට් දුට් දුට්වන්[863] සරණ යෙ’[864] යනු නො කියවුව[865] මැනැවැ. තොප වැනි ප්‍රසිද්ධ මිනිසුන් සිතා[866] පවත්නා තැන්[867] යෙදෙයි” වදාළො. “වහන්සෙ, මම ‘සිතා පිරික්සා සරණ යනු මැනැවැ’ යන මෙයින් මැ ඉතා සතුටිම්.[868] වහන්සෙ, තීර්ථකයො සව්වන් ලද[869] කලැ ‘අසුවල් රජ, අසුවල් ඇමැති, අසුවල් සිට්, අප සරණ ගියෙ. සවු වී යැ’යි දද[870] නඟා, නුවරැ හඬ ගහා, ඇවිදුති.[871] තමන් මහත් බව්[872] පාළ[873] කරනු සඳහා යැ. මා දු[874] ලද කලැ එසෙ මැ කළහැ. වහන්සෙ සිතා, පිරික්සා, සරණ යන්නට[875] වදාරන දෑ යැ. වහන්සෙ, මම් දෙවන වටැ දු සරණ යෙමි”[876] සරණ ගියෙ. බුදුහු “මහසිට, තාගෙ ගෙය බො දවස්[877] නුවටනට පැන් පොකුණක් සෙ සිටියෙ යැ. පෙරැ තො[878] ආ තාක් දෙන හට ‘නැත’[879] නො කියා දෙහි.[880] දැන් මා සරණ ගිය බැවින් මැ ඔව්නට දෙන දෑ නො සිඳැ ආ කෙනක්නට දෙන්නෙ යැ”යි වදාළහ. “වහන්සෙ, මම් මෙ[881] නුවටුන් කියන්නා ඇසුයෙමි: ‘මහණ ගොයුම් මට මැ දන් දිය යුත්තෙ යැ, මාගෙ සව්වනට මැ දන් දිය යුත්තෙ යැ. මට මැ[882] දුන්නෙහි ඵල මහතැ. මාගෙ සව්වනට මැ දුන්නෙහි ඵල මහතැ, අනුන් ගෙ සව්වනට දුන්නෙහි ඵල මහත් නො වෙයි’ කියන්නා යැ.[883] දැන් වහන්සෙ මා නුවනටුන්[884] කෙරෙහිද්[885] දනැ[886] සමාදන් කරවන දෑ යැ.[887] මම් මෙයට[888] කටයුතු[889] දන්මි. වදාරන දැයට සතුට්මි.[890] ‘වහන්සෙ, මම් තුන් වන වටැ දු සරණ යෙමි” යි මෙසේ තුන් යලක් තුණුරුවන්[891] සරණ ගියෙ. එ කල්හි[892] බුදුහු ඔහට සිවුසස් දෙසූහ. හෙ සොවාන් ඵල පසක් කොටැ
දුට්ධම්[893] ඇති වැ, පත්ධම් ඇති වැ, දත්ධම් ඇති වැ, “වහන්සෙ, ඇප්[894] බොහො කාර්ය ඇත්තම්හ”යි කී යැ. “කල් දන[895] මහසිට” යි වදාළහ.
එ කල්හි උපාලි ගහපති හුනස්නෙන් නැඟී බුදුන් වැඳැ පැදකුණු කොටැ තමා ගෙ ගෙට ගොස් දොරොට්[896] ගොව්වා කැඳවා-ගෙනැ අද පටන් කොටැ නුවටුන් ගෙට නො වැද්ද දෙන්නෙ යැ. බුදුන් සඟුන් උපාසකයන් උපාසිකාවන් ආ කලැ වැද්ද දෙන්නෙ යැ. ඉදින් කිසි නුවටෙක්[897] ආ[898] නම්, උහු[899] කැමැත, බත් ගෙන්වා දෙන්නෙ යැ” යි යොදා ගොට වනැ.
එකල්හි දීර්ඝතපස්වී ඔහු බුදුන් කරා ගිය තැන් පටන් ගෙනැ “සිට්[900] මහනුවණැත්තෙ යැ.[901] මහණගොයුම් දර්ශන සම්පත් ඇත්තෙ යැ. නෛර්යාණිකකථා ඇත්තෙ යැ. උහු[902] ගෙ දර්ශනයෙහිද් පහද්දි. (නෛර්යාණික කථායෙහිද් පහද්දි.) පැහැදැ සරණ යෙයි, “තව සරණ ගියෙ හො, නොගියෙ හො!” යි කන්රු[903] කොටැ-ගෙනැ ඇවිදුනෙ,[904] ඔහු සරණ ගිය පරිදි[905] අසා නිගණ්ඨනාථපුත්‍රයා කරා ගොස් “උපාලි සිට්[906] මහණ ගොයුම්හු සරණ ගියෙ ල”යි කී යැ. එ අසා නිගණ්ඨනාථපුත්‍ර “උපාලි මහසිට්, මහණ ගොයුම්හු ගෙ සවු වන්නට[907] නිසි නො වෙයි. මහණ ගොයුම් උපාලි මහසිට්හු ගෙ සවු වන්නට නිස්සැ”යි කී යැ.
මෙසෙ දීර්ඝතපස්වී තුන් යලක් කියා නිගණ්ඨනාථපුත්‍රයා නොහදහන සෙ දැකැ[908] “වහන්සෙ, මම් උපාලි ගහපති[909] මහණ ගොයුම්හු ගෙ සවුබවට ගියෙ! නොගියෙ! යනු ගොස් දන්මි හො?”යි කී යැ. “මැනැවැ, ගොස් අතුරැ දනැ”යි කී යැ.
එ සඳැ දීර්ඝතපස්වි උපාලි ගහපතිහි ගෙ ගෙට ගියෙ[910] දොරොට්ගොව්[911] ඔහු නො වැද්ද දී “සිට, අප මහසිට් මහණ ගොයුම්හු ගෙ සවුබවට ගියෙ.[912] නො වැද්ද දෙමි. බත් කැමැත, මෙහි මැ සිට. මෙයට ගෙනැ එතී[913]” කී යැ. “මට බතින් කම් නැති”යි එහි මැ සිටැ නැවැතැ[914] නිගණ්ඨනාථපුත්‍රයා කරා ගොස් “උපාලි ගහපතිහි මහණ ගොයුම්හු ගෙ සවුබවට ගියෙ සැබැවැ. මම් මුහු වැළැකීම්,[915] වහන්සෙ උපාලි මහසිට්හු මහණ ගොයුම් හට වාදාරොපණයට යනු මට නොරිසුණෙ යැ. හෙ මායාවී යැ. අනුන් ගෙ සව්වන් ආවර්තනය කොටැ ගන්නා මායාවක් දන්නෙ යැ. දැන් තොප ගෙ උපාලි මහසිට් මහණ ගොයුම්හු සෙ ආවර්තිනී[916] මායාවෙන් ආවර්තික[917] වි යැ”යි කී.[918]
එකල්හි නිගණ්ඨනාථපුත්‍ර දීර්ඝතපස්විහි තුන්යලක් කීව ද, නො හදහා “මම් මැ ගොස් දන්මි”[919] යි මහත් නුවට පිරිස් හා සමග උපාලි ගහපතිහි ගෙට ගියෙ. දොරොට් ගොවු[920] ඔහු නො වැද්ද දි “සිට, අප මහසිට් මහණ ගොයුම්හු සවුබවට ගියෙ. තොප නො වැද්ද දෙම්හ. බත් කැමැතැ, මෙහි මැ සිට[921]. මෙයට[922] ගෙනැ එතී” කී යැ.
හෙ බලවත් ශෝකයෙන් අභිභූත වැ “මෙහි මැ සිට[923]” යන බස්[924] නො සළකා “තො ඔහු කරා ගොස් මා අවුදු[925] දොරොට්යෙහි[926] පිටතැ තමා දැක්කැටි වැ සිටි පරිදි කියා”යි කී යැ. දොරොට්ගොවු ගොස් සිට් හට කී. උපාලි මහසිට්හු ගෙ පහය වටා පවුරැ සත්දොරොට් යැ.[927] හෙ දොරොට් ගොව්වහට මධ්‍යයෙහි සතර වන දොරොට්යෙහි[928] තමා හිඳිනා අසුන් පනවන්නට[929] කී යැ. හෙ අසුන් පනවා ගොස් කී යැ. සිට් එයට ගොස් හැමයට උතුම් අස්නෙ[930] හිඳැ “නුවටුන්[931] එම්හ[932] යි සිතුව[933], එනු කරා”යි කී යැ.[934] දොරොට් ගොවු ගොස් නුවටනට කී යැ. එ කල්හි නිගණ්ඨනාථපුත්‍ර මහත් නුවට පිරිස් හා සමඟ සතර වන දොරොට්වට[935] ගියෙ.
පෙරැ[936] උපාලි මහසිට් නිගණ්ඨනාථපුත්‍රයා එන කලැ දුරැ මා දැකැ පෙරමඟට ගොස් අත වටා[937] ගෙනැ ගෙට ඇරැ හැමයට උතුම් අස්නෙහි, උතුරු සළුයෙන් පිසැ-පියා, එ මැ උතුරුසළුව බඩ වටා ඕමින් “ආචාර්යය,[938] සෙමෙන් හිඳුව, සෙමෙන් හිඳුව” යෙමින් මහත් තෙල්කළක්[939] බහා තබන්නක්හු සෙ[940] දොහො අතින්[941] ගෙනැ බහා හිඳුවයි. හෙ දැන් හැමයට උතුම් අස්නෙ තෙමෙ හිඳැ, “හිඳැටි වුව, තිලි බැසැ හිඳුව”යි කී යැ.[942]
එ සඳ නිගණ්ඨනාථපුත්‍ර බලවත් ශොකයෙන් අභිභූත වැ “මහසිට, ඇළල ගියෙහි? මහසිට, ඇළල ගියෙහි? ‘වහන්සෙ, මම් මහණ ගොයුම් හට වාදාරොපණයට යෙමි[943]’යි ගොස් මහත් වාදබන්ධනයෙන් තිරැ වැ උහු ගෙ ආවර්තනී මායායෙන් ආවර්තිත වැ ආහි[944]” කී.[945]
එකල්හි සිට් තමා පිළිවුද්[946] සොවන් මඟ සඳහා, “වහන්සෙ, ආවර්තනී මායා භද්රයැ, සුන්දර[947] යැ, කල්‍යාණ යැ. මා සැනැහැති නෑයො මෙ ආවර්තනී[948] මායායෙන් ආවර්තික වෙත්වයි, හෙ[949] මා සැනැහැති නෑයනට බොහො කල් හිතයට සුවයට වැටෙයි.[950] හැම රජ්ජුරුවො හැම බමුණො හැම වෛශ්යයො හැම ශුද්‍රයො හැම දෙවියො හැම මිනිස්හු[951] මෙ ආවර්තිනී[952] මායායෙන් ආවර්තිත වෙත්වයි, හෙ ඔව්නට[953] බොහො කල්[954] හිතයට සුවයට වැටෙයි. තොපගෙ සසුන් අනෛර්යාණික යැ. අප බුදුන්ගෙ සසුන් නෛර්යාණික යැ. තොපට උපමාවක් දක්වමි. නුවණැති කෙනෙක් දන්ති. “පූර්වයෙහි එක්තරා මහලු බමුණක්හු ගෙ ළදැරි[955] භාර්යාවක් වුව. හො ගබ[956] ගෙනැ වදන වර වූ කලැ, “යා,[957] බමුණ, අවුණුදොරැ දිවි ඇති නැති කෙළිබඩු,[958] තබා විකුණිති.[959] තිලින් මිලයක් ගෙනැ ගොස් ම-පුතු කෙළෙනට[960] නිසි වඳුරුපැටකු[961]. විකිණි-ගෙනැ එ” යි කිව.[962] දැන් බල[963]. තී වැදු[964] කලැ “පිතෙක් වී නම්, වඳුරු පැටකු7 ගෙනැ එමී. දුවක් වූ නම්, වඳුරු[965] පැටියක[966] ගෙන එමී” කී යැ. මෙසෙ දෙයලත් තුන්යලක්[967] ඇය කී[968] කලැ “කැමැත්තා කළ මැනැවැ”යි බමුණු අවුණු[969] දොරින් වඳුරු පැටකු7 විකිණීගෙනැ ඇරැ, “පුතු කෙළෙනට මුහු බලා-ගනැ” යි කී යැ. එකල්හි බැමිණිය: “බමුණ, මෙ වඳුරු පැටහු[970] රඟ පොවන රදා දරුවා[971] කරා ඇරැ[972] රන්වන් කොටැ පොවා තළා ගුළා මට කොටැ ඇරැ දක්වා දෙනු කරා[973]”යි කිව. බමුණු, “ඇය[974] කැමැත්තා[975] කළ මැනැවැ”යි රදා දරුවා කරා ගොස් “මුහු රන්වන් කොටැ පොවා තළා ගුළා මට කොටැ දෙ[976]”යි කී යැ. එකල්හි රදා දරු “දිවි ඇති නැති වත් රඟ පොවන බැවින් ම වඳුරු පැටෙ16 රන්වන් කට හැක්ක. කඳැ තබා[977] කොළන මුගුරෙන්[978] කුසැ[979] පහළ[980] කලැ කුස මිරිකෙයි. වසුරු නික්මෙයි. හිසැ[981] පහළ කලැ හිස මිරිකෙයි. මුල් නික්මෙයි. මිණි වහණැ[982] තබා ගුළන කලැ ලොම් නැති වෙයි. සිවි දු නැති වෙයි. දිවි[983] නැති වන්නහු[984] වුව, තළන කලැ කඩ කඩ[985] වැ යෙයි. ගුළන කලැ සුනු සුනු වැ[986] යෙයි. මෙ වඳුරු පැටෙ[987] රඞ්ගක්‍ෂම වෙයි[988]. ආකොට නක්ෂම නො[989] වෙයි. විමාර්ජනක්ෂම නො ද[990] වෙයි” කී යැ. එ සෙයින් මැ බාල නුවටුන් ගෙ කථා ප්‍රිය වැ රාගමාත්රයක් ජනවන[991] බැවින් රඞ්ගක්‍ෂම වෙයි.[992] පණ්ඩිතජනයන් විසින් නුවටුන්ගෙ කථාද්[993] සෙසු බරත-රාමායණාදි නිරර්ථක කතා මාර්ගද්5 විමසා බලත් බලත්, තොහො පෑරැ[994] සාල් සොයන්නා සෙයින්, කේල්ගසැ හර සොයන්නා සෙයින්, සිස්වන බැවින් අනුයොගක්ෂම නො[995] වෙයි; විමාර්ජනක්ෂම නො ද වෙයි.
එ බමුණු අනෙක් සමයෙකැ හා පිළී සඟළක් ගෙනැ රඟ පොවන රදා දරුවා කරා ගොස්, “මෙ සඟළ රන්වන් කොටැ පොවා තළා ගුළා මට කොටැ දෙ” යි කී යැ. එකලැ රඟ පොවන රදා දරු, “වහන්සෙ, මෙ සඟළ වූ කල රඞ්ගක්‍ෂම යැ, ආකොටනක්ෂම යැ, විමාර්ජනක්ෂම යැ” යි කී යැ. එ සෙයින්[996] මැ අප සම්මා සම්බුදුන් ගෙ සිවුසස් දිස්නා කථා පණ්ඩිත ජනයනට ප්‍රිය[997] වන බැවින් රඞ්ගක්‍ෂම යැ. අනුයොගක්ෂමයැ. විමාර්ජනක්ෂ[998] ම යැ. හවුරුදු[999] සියකුදු අසත්, තෘප්ති නැති. මහ මුහුදු[1000] සෙයින් ගැඹුරු වෙයි කී.
එ කල්හි නිගණ්ඨනාථපුත්‍ර, “මහසිට, සරාජික[1001] පර්ෂද්”[1002] තා අප ගෙ සවුබව් දන්නි,[1003] දැන් තා ‘කාගෙ සවු යැ’ යනු දන්මහ?” යි කී යැ. එ සඳැ උපාලි ගහපති හුනස්නෙන් නැඟී, උතුරුසළු[1004] එකස් කොටැ ලා බුදුන් වසන[1005] දසට[1006] ඇඳිලි බැඳැ, “මම් යමක්හු ගෙ සවුයෙම් ද, ඔහු ගෙ ගුණ අසව” යි බුදුන් ගෙ ගුණ වනනුයෙ, තමා සැකෙවින්[1007] කී දැයක්[1008] අනෙකාකාරයෙන් දන්නා උද්ඝටිතඥ පුඟුල් වන බැවින් සොවන්මඟින් මා ආ පිළිසිඹියා විසයෙහි[1009] සිට[1010] වන බැවිනුද්-
ධීරස්ස විගතමොහස්ස[1011]
පහින්නඛිලස්ස විජිතවිජයස්ස
අනීඝස්ස සුසමචිත්තස්ස[1012]
වුද්ධසීලස්ස[1013] සාධුපඤ්ඤස්ස
වෙස්සන්තරස්ස විමලස්ස
භගවතො තස්ස සාවකො ‘හමස්මි’
යනාදි විසින් දස ගාථායෙකින් සියක් පදයෙන් බුදුන් ගෙ ගුණ වනා, “මම් මෙබඳු ගුණ ඇති බුදුන් ගෙ සවුයෙමි” කී යැ.
එකලැ නිගණ්ඨනාථපුත්‍ර තෙ මහණ ගොයුම්හු කරා දැන් ගොස් ආහි.[1014] එ විගසැ මෙ ගුණ කිසෙ කියන්නට නිසි විහි[1015]” කී යැ. එ සඳැ සිට් ‘යම්සෙ නානාපුෂ්පයන් ගෙ[1016] මහත් මල්රැසක් දක්ෂ වූ මල්ලරෙක් තමා දක්ෂවන බැවිනුදු[1017] මල්හි නොඑක්[1018] පැහැ ඇති වන බැවිනුදු විසිතුරු කොටැ ගොතා ද, එසෙයින් මැ බුදුන් ගෙ නන් නන් ගුණ කුසුම් ගොතන්නට මා වැනි දක්ෂ[1019] පුරුෂයෙක් නොනිසි වෙ දැ!”යි කී යැ. එ අසා නිගණ්ඨනාථපුත්‍ර, “මෙ සිට්[1020] අප කෙරෙන් පහ[1021] වියැ. දැන් කලි නටම්හ.[1022] අප ගෙ බත් කුඹ[1023] බුනැ”[1024]යි සිතන්නා හට බලවත් ශොක උපනැ. හදවත කකියා ගියෙ. පයක් පමණ ලේ කටින් නැංග.[1025] එහි මැ දණින් හිණ. ඔහු හිදොළුයෙකින්[1026] පිට්නුවර හැරැ[1027] හැඳෙකින් පාවා නුවර ගෙනැ-ගියහ. හෙ පාවා නුවරැ මෙළෙ.
මෙසෙයින් බුදුහු තමන් ‘පුරිසදම්මසාරථී’ වන බැවින් උපාලි මහසිට්හු දු[1028] ආදි ශබ්දයෙන් ගත් දසමගහපති සිට්හු දු,[1029] දමා අමාමහනිවන් පැමිණිවූ[1030] හු.
ගහපතිදමන නම් සතර වන පරිච්ඡේද[1031] නිමි.
කූටදන්ත නම් බමුණු[1] දැමූ පරිසි කිසෙ යැ යත්: එක් සමයෙක්හි බුදු ඇසින් දසදහස්[2] ලොධා බලන බුදුන් ගෙ නුවණ දැල්හි කූටදන්ත නම් බමුණු[3] පැනිණි.[4] එ කල්හි බුදුහු, “මෙ බමුණු මා ගෙ නුවණ දැල්හි පැනෙයි. මුහුට[5] උපනිඃශ්‍රය ඇති හො!”යි බලන්නාහු, “මා එයට ගිය කලැ උහු අතැවැසියො[6] දොළොස්[7] ආකාරයෙකින් බමුණා ගෙ ගුණ කියා මා කරා නොයා දෙති. හෙ ඔවුන් ගෙ වාද බිඳැ, එකුන්තිස් ආකාරයෙකින් මාගෙ ගුණ කියා, මා කරා අවුදු[8] පැන පුළුවුස්සි. මා පැන විසජු කලැ සරණ යෙ” යි පන්සියයක්[9] සඟුන් පිරිවරා මගධ රට සැරිසරමින් ඛාණුමත[10] නම් බමුණුගමට පැමිණැ අඹයටි උයන්හි වැඩැ-වෙසෙති.
එකල්හි බිම්සර රජහු[11] විසින් බඹදෙයෙන්[12] තම හට පමුණු කොටැ දුන් ඛාණුමත10 නම් බමුණු ගම්හි වසන කූටදන්ත නම් බමුණු මහත් යාගයක් කරන්නට සැරැවි[13]යැ. සත්සියක්[14] ගොනුන් සත්සියක් වස්සන්[15] සත් සියක් වැස්සන් සත්සියක් එළුවන් සත්සියක් ළදරු මැඬවුන්[16] නොඑක් ලිහිණියන් සත්සත්සිය බැවින්[17] මරා යාග කරන්නට යාගසාලායෙහි ටැඹ ඇරැ බැඳැ සිටිවි යැ. එකල්හි (ඛාණුමත නම් බමුණුගම්හි වසන බමුණන් හා ගැහැවියො*) “තං ඛො පන භගවන්තං ගොතමං එවං කල්යාණො කිස්තිසද්දො අබභූග්ගතො – යනාදීන් පැවැති බුදුන් ගෙ යසගී අසා බුදුන් දක්නට අඹයටි උයන් යෙත්.
එකල්හි කූටදන්ත නම් බමුණු තමා වසන පහයැ උඩු මහලෙහි දවයහන්හි[18] හෙවැ කවළියෙන් බලන්නෙ, බුදුනු දක්නට යන බමුණන් (හා ගැහැවියන්) දැකැ පුළුවුත් පුළුවුත් දැ කියන ඇමැත්තා කැඳවා-ගෙනැ “මෙ බමුණන් හා ගැහැවියො කොටය යෙති” පිළිවිසැ බුදුන් දක්නට යන පරිදි අසා “මහණ භවත් ගොයුම් තුන් යාගසම්පත් හා සොළොස් පිරිවර[19] දනී ල. මම එ නො දන්මි.[20] මහායාග ද කටැටියෙමි. මහණ භවත් ගොයුම්හු කරා ගොස් එ පිළිවිසැ ගත මැනැවැ”යි සිතා බමුණන් (හා ගැහැවියන)ට “කුඩාතමක් බලන්නෙ යැ. මම ද එමී” කියා යවී.
එකල්හි (යාග අනුභව කරන්නට රැස් වූ) බමුණො ඔහු බුදුන් දක්නට යන පරිදි අසා, “මෙ කූටදන්ත නම් බමුණු උතුම් බමුණෙකැ; බොහො සෙ සෙසු බමුණො මහණ භවත් ගොයුම්හු සරණ ගියහ. මෙ මත්න සරණ නො ගියෙ.[21] ඉදින් මෙ එයට ගියෙ වී නම්, උහු ගෙ[22] ආවර්තනී මායායෙන් ආවර්තිත වැ සරණ යෙයි. එසෙ වන්නා හා මුහු ගෙ ගෙදොර බමුණනට හුණු සෙණක්[23] වැනි වෙයි. උහු ගෙ ගමනට අන්තරාය කළ මැනැවැ”යි බැණැ-ගෙනැ “තමා ගෙ ගුණ කී කලැ සතුට්[24] නොවන සතෙක් නම් නැති; උහු ගෙ ගුණ කියා වළකම්හ”යි උහු කරා ගොස් “සැබැවැ[25] තා මහණ භවත් ගොයුම්හු කරා යන්නෙ යැ?” යි පිළිවිසැ “සැබැවැ”යි කීයෙන් “තො ඔහු කරා නො යා. තො උහු[26] දක්නට යන්නට නොනිස්සෙහි. හෙ තා දක්නට එන්නට නිස්සැ. තො ඉදින් උහු කරා ගියෙහි නම්, තාගෙ යශස් පිරිහෙයි. උහු ගෙ යශස් වඩී. අභිජාතයෙහි, මහත් ධන ඇත්තෙහි ත්රිවෙදයෙහි පාරයට ගියෙහි, අභිරූපයෙහි, සිල්වත්හි, වියත් තෙපුල් ඇත්තෙහි, තුන්සියක්[27] බමුණු දරුවනට ඇදුරෙහි, නොඑක් දිසාවෙන් බමුණු දරුවො අවුදු[28] තා කෙරෙහි ශාස්ත්‍ර උගනිති. තො මහල්ලෙහි, මහණ භවත් ගොයුම් ළදැරු ය. තො බිම්සර මහරජහු විසින් පුදන ලද්දෙහි. පොක්ඛරසාති බමුණා විසින් පුදන ලද්දෙහි. මගධ රජහු තට බඹදෙයෙන් දුන් පමුණුයෙහි වාස[29] කෙරෙහි. තො මහණ භවත් ගොයුම්හු දක්නට යන්නට නොනිස්සෙහි. හෙ තා කරා එන්නට නිස්සැ”යි බිණුහු.[30]
එකල්හි කූටදන්ත බමුණු, “මෙ බමුණො ජාති ආදීන් මා ගෙ ගුණ කියති. තමා ගෙ ගුණයෙහි රැඳෙනු යෙදෙන්නෙ නො වෙයි. එසෙ බැවින් මොවුන් ගෙ වාද බිඳැ මහණ භවත් ගොයුම්හු ගෙ මහත් බව් හඟවා මොවුන් එයට යනු කළ මැනැවැ”යි සිතා, “තෙපි මා හා කියනු අසව,[31] මම් කවරෙමි! මහණ භවත් ගොයුම්හු ගෙ ජන්ම සම්පත් ආදි ගුණයො කවරහ! මෙර ගල් පිණිස සිද්හතු[32] සෙයින් මහ මුහුණු පිණිස බොලට ගැලෙන දිය සෙයින් සත් දහතළා[33] පිණිස පිනිබිඳු සෙයින් මහණ භවත් ගොයුම්හු ගෙ ජන්ම සම්පත් ආදී ගුණයන් පිණිස අප ගෙ ගුණයො ලාමකයහ. එ බැවින් භවත් ගොයුම්හු දක්නට යන්නට ඇපි මැ නිස්සම්හ.
මහණ භවත් ගොයුම් අභිජාත යැ; මවුපියන් විසින් කිය හැකි දොස් නැතියෙ යැ; ඔහු මෑණියන් ගෙ පක්ෂයෙහි අසූදහසක් කුලවැස්සහ; පියාණන් ගෙ පක්ෂයෙහි අසූදහසක් කුලවැස්සහ. මෙසෙ එක් ලක්ෂ සැට දහසක් කුල වැස්සන් පියා පැවිජි වූයෙ යැ. බිමැ නිධාන කොටැ තුබූ ධන මිසැ උහු උපන් දවස් මැ සඞ්ඛ නම්, ඵල නම්, උත්පල නම්, පුණ්ඩරීක නම්, සතර නිධිකුම්භියෙක් නැංග. එහි සඞ්ඛ නම් නිධිකුම්භිය ගවු පමණැ. ඵල නම් නිධිකුම්භිය දෙගවු පමණැ. උත්පල නම් නිධිකුම්භිය තුන් ගවු පමණැ. පුණ්ඩරීක නම් නිධිකුම්භිය යොදුන් පමණැ.[34] හි ගත් ගත් තැන් පිරෙයි. මෙසෙ මහත් ධන පියා පැවිජි[35] වූයෙ යැ. තුරුණු වියෙහි සොඳුරු යොව්නෙහි ගිහිගෙන් නික්මැ ගොස් පැවිජි වූයෙ යැ. මවුපියන් නොකැමැති සෙ කඳුළු මුසු මුහුණු ඇති නෑයන් වලප්වා පැවිජි වූයෙ යැ. අභිරූප යැ; දර්ශනී යැ; ප්රසාදජනක යැ; පැහැසපුවෙන් උපෙත යැ. මහබඹහු සෙයින් දිලිසෙයි. රාහු අසුරිඳුහු දු පමණ නො ගත හැකි අපමණ අවකාශ ඇත්තෙ යැ. සිව්පිරිසිදු සිල්වතැ. කළ මියුරු වියත් තෙපුල් ඇත්තෙ යැ. ආදි මධ්‍යාවසාන ප්‍රකට කොටැ කියන වූයෙ යැ. උහු ගෙ එකෙකි ධම්දෙස්නෙන් සුවසූදහස් (සත්හුදු) අපමණ දෙව් මිනිස්හු දු[36] මඟපලා අමා වළඳති. එයින් බොහො දන හට ඇදුරැ[37]කාම රාග පැහුයෙ යැ. අවපල යැ.[38] කර්මවාදී යැ. ක්‍රියාවාදී යැ. නව ලොවුතුරා දහම් පුරස්සර කොටැ වැටෙයි. සැරියුත් මහ මුගලන් මහසුබ් ඈ බමුණො[39] උහුට පිරිවැරැ[40] වැටෙති. තම හට විරුද්ධ වූ බමුණනට අවිරුද්ධ වැ හිතකාම වැ වැටෙයි. උතුම් කුලෙන් පැවිජි වූයෙ යැ. නොනට කුලෙන් පැවිජි වූයෙ යැ. මහත් ධන ඇති මහත් භොග ඇති සමෘද්ධ කුලයෙන් පැවිජි වූයෙ යැ. පර රටින් ක්ෂත්රියපණ්ඩිත ආදීහු දු, දෙව්බඹනාගජඹ ආදීහු දු, පැන පුළුවුස්නට[41] එති. ඇතැම්හු පැන පුළුවුස්නට ගොස් තමන් පැන විසජුන් පිළිගන්නට[42] නොපොහොසත්සෙ සිතා නො පිළිවිසැ මැ නොබැණැ හිඳිති. ඇතැම්හු පුළුවුස්ති. හෙ ඔවුන් පැනයෙහි උත්සාහා ජනවා කියයි[43]. මෙසෙ ඔවුන් හැම දෙනාගෙ විමතිහි වෙලෙළ පැමිණැ බිඳෙන මහමුහුදැ රල සෙයින් ඔහු කරා පැමිණෙමින් මැ බිඳෙති. නොඑක් දෙව්දහස්හු දිවියෙන් උහු සරණ ගියහ. මහණ භවත් ගොයුම්හු ගෙ, “ඉතිපි සො භගවා අරහං සම්මා සම්බුද්ධො” යනාදි යසගොස් දසදෙසෙහි පතළෙ යැ. හෙ සුපිහිටි පතුල් ඈ දෙතිස් මහපුරිස් ලකුණෙන් සැදුණෙ යැ. දෙව්මිනිස්[44] ගිහිගෙ සසුන් වැස්සන් කෙරෙහි තමා කරා ආවනට[45] පළමු මැ[46] ‘එව, සුවඳ[47] යෙයි. කනට සුව මෙළෙක් තෙපුල් බෙණෙයි. පිළිසථරහි දක්ෂයැ. සිව්වනක් පිරිස් වැස්සන් ආ ආ කලැ ගමන් ශ්‍රම නිවන්නවුන් සෙයින් පෙරට වැ ස්වාගත කෙරෙයි. සිව්වනක් පිරිස් දුට්[48] කලැ ඔහට[49] ළහිරිරසින් පුබුදු[50] පියුමක් සෙයින් මුවපියුම් විකසිත වෙයි. පුන් සඳක් බඳු සොමි මුහුණු ඇති වෙයි. ඇතැම්හු පිරිස් දුට් කලැ කර බහා-ගෙනැ නො බැණැ හිඳිති. මහණ භවත් ගොයුම් වූ කල සුලභ කථා ඇත්තෙ යැ. උහු කරා ආවනට ‘ඇපි මෙයට කුමට ආම්හ!’ යන විපිළිසර[51] නො උපද්දි. ධම්දෙසුන් අසා සතුට්[52] වෙති. කාලයුක්ත වූ, ප්රමාණයුක්ත වූ, අර්ථවත්, තෙපුල් බෙණෙයි. සිව්වනක් පිරිස් වැස්සන් විසින් පුදන ලදුයෙ යැ. දෙව් මිනිස්හු පහන්හ.[53] යම් ගමෙකැ හො නියම් ගමෙකැ හො වසන්නෙ වී නම්, මහෙශාඛ්‍ය දෙවියො අරක් ගන්ති. යකුන් විසින් එහි මිනිස්නට උපද්‍රව නො වෙයි. ඔහු ඔවුන් ගෙ[54] අනුභාවයෙන් දුරු වෙති. ඔහු ගෙ මෛත්‍රී බලයෙනුදු යක්ෂයො මිනිසුන් නො පෙළත් මැයැ. තමා විසින්[55] නිපදවන ලද සඟුන් ඇත්තෙ යැ. එ සෙයින් මැ නිපදවන ලද මහණගණන් ඇත්තෙ යැ. ගණ ඇදුරැ අග්රදර්ශනයෙහි සිටියෙ යැ. ඇතැම් මහණබමුණු කෙනෙකුන් ගෙ යශස් නම් තම්[56] ප්‍රකාරයෙකින් වඩි,[57] මහණ භවත් ගෞතමයන් ගෙ යශස් වූ කල එසෙ නො වෙ. අනුත්තර වූ විජ්ජාචරණ සම්පත්තීන් වඩි. බිම්සර මහරජ අඹුදරුවන් ඇමැත්තන් හා සමඟ සහපිරිවරින් ප්‍රාණයෙන් භවත් ගොයුම්හු සරණ ගියෙ යැ. කොසොල් රජ එ සෙයින් මැ සහපිරිවරින්[58] සරණ ගියෙ යැ. පොක්ඛරසාති බමුණු සහපිරිවරින් සරණ ගියෙ යැ. සොණදණ්ඩ[59] බමුණු සහපිරිවරින් සරණ ගියෙ යැ. මහණ භවත් ගොයුම් බිම්සර මහරජහු විසින් පුදන ලදුයෙ[60]යැ. කොසොල් රජහු විසින් පුදන ලදුයෙ යැ. පොක්ඛරසාති බමුණා විසින් පුදන ලදුයෙ[61]යැ. සොණදණ්ඩ බමුණා විසින් පුදන ලදුයෙ යැ.* මහණ බවත් ගොයුම් දැන් ඛාණුමත නම් බමුණුගමට අවුදු අඹයටි උයන්හි වෙසෙයි. යම් කවර[62] මහණ බමුණු කෙනෙක් අප ගෙ ගම්කෙතට අවු ද, ඔහු[63] අපට අමුත්තහ. අමුත්තන්ට අප සත්කාර කළ මැනැවැ. මහණ[64]භවත් ගොයුම් අප දක්නට එන්නට නොනිස්සැ. ඇපි මැ ඔහු දක්නට යන්නට නිස්සම්හ. මා දන්නෙ, එ භවත් ගොයුම්හුගෙ මෙ පමණ ගුණයෙකැ; හෙ තෙම පමණ ගුණ ඇත්තෙ නො වෙයි. ඔහු සෙ මැ සව්නෙ දන්නා බුදුකෙනකුනුදු කියත්, නොගෙවෙන ගුණ ඇත්තෙ යැ. අප වැන්නො නම් කුම් කියති” කී යැ.
එ කල්හි බමුණො කූටදන්තයා කියන බුදුගුණ අසා, “යම්සෙ මෙ බමුණු මහණ භවත් ගොයුම්හු ගෙ ගුණ කියා ද, හෙ උතුම් ගුණ ඇත්තෙ යැ. මෙසෙ ඔහු ගෙ ගුණ දන්නා ආචාර්යයා විසින් මෙතෛක් දවස් ඉවැසුසෙ[65] වෙසෙසැ.[66] එ බැවින් උහු මැ අනුවම්හ” යි අනුවැ බණන්නාහු “භවත් ගොයුම් මෙයට සියක් යොජනෙහි දු වෙසෙ නම්, සැදැහැ ඇත කුලපුතක්හු විසින් පාථෙය[67] ගෙනැ දු ගොස් දක්නට නිස්සැ. එසෙ බැවින් ඇපි හැම දෙනමො මැ මහණ භවත් ගොයුම්හු දක්නට යම්හ”යි කීහු. එකල්හි කූටදන්ත බමුණු මහත් බමුණුගණා[68] හා සමග අඹයටි උයන් ගොස් බුදුන් කරා එළබැ සාමීචි කොටැ එකත්පස් වැ හිනි. ඇතැම් බමුණනු හා ගහපතිහි බුදුන් වැඳැ එකත්පස් වැ හුන්හ. ඇතැම්හු[69] බුදුන් හා සාරාණීයකථා[70] බැණැ එකත්පස් වැ හුන්හ. ඇතැම්හු බුදුනට ඇඳිලි බැඳැ එකත්පස් වැ හුන්හ. ඇතැම්හු නම්ගොත් කියා එකත්පස් වැ හුන්හ. ඇතැම්හු නො බැණැ එකත්පස් වැ හුන්හු.
විජිත නම් වී. එ රජ ආඪ්‍ය ය; මහාධන යැ;[71] මහාභොග යැ. බොහො රන් රිදි ඇත්තෙ යැ. සතුට් සොම්නස් උපද්නට[72] නිසි රන් බදුන් රිදී බදුන් ඈ බොහො උපකරණ ඇත්තෙ යැ. බොහො ඇතුන්[73] ඇත්තෙ යැ; බොහො අසුන් ඇත්තෙ යැ; බොහො රථ ඇත්තෙ යැ; බොහො රට ඇත්තෙ යැ. ධනයෙන්[74] පිරුණු ධාන්‍යයෙන් පිරුණු පිළින්[75] පිරුණු නොඑක් දහස්[76] කොටගෙ ඇත්තෙ යැ. එ රජ එක් දවසක් සතුරුවනින් පිරුණු කොටාර දහස් බලා “මෙ ධන හා රැස් කෙළෙ යැ?” යි භාණ්ඩාගාරිකයන් පිළිවිත. “මහරජ, තොප පියන් මුත්තන් ඇ සත්වන කුලපරම්පරායෙහි වූවන් රැස් කළ ධන යැ”යි කීහැ. “ඔහු[77] කොයට ගියාහ?” යි කී යැ. “මියැ පරලොව ගියාහ”යි කීහැ. “තමන් උපැයූ[78] ධන නො ගෙනැ ගියො දැ?”යි කී හැ. “මහරජ කුම්[79] කියවඃ ධන තබා පියා යත් මිසැ, ගෙනැ යන්නාහු නො වෙති”යි කීහ. එ කල්හි රජ නැවැතී සිරි යහන්ගබ ගොසින් හිඳැ, “මම් මිනිස්ලොවැ විපුල මහත් භොග ලදිමි[80] මුළු දඹදිව් දැනැ වෙසෙමි. පරලොව්හි දු[81] මා සුව විඳුනා[82] සඳහා මහත් යාගයක් කළ මැනැවැ”යි සිතී.
‘යාග’ ශබ්දය දෙවපූජායෙහි දු සඞ්ගති[83] ක්‍රියායෙහි දු දානයෙහි දු වැටෙයි. මෙතැනැ වූ කල ‘යාග’ ශබ්දයෙන් දන් කියත්.
“දන් දෙනන්න් එක් පණ්ඩිතපුරුෂයකු හා බැණැ-ගෙනැ දුන මැනැවැ”යි තමා ගෙ පෙරවි බමුණා ගෙන්වා – ගෙනැ “ආචාර්ය, මම මහායාගයක් කටටියෙමි, පරලොවැ ද සුව විඳුනා සදහා යැ. මට අනුශාසනා කළ මැනැවැ”යි කීයැ.
එ කල්හි පෙරෙවි බමුණු, “මෙ රජ මහදන් දියටි වෙ.[84] ජනවියෙහි සොරහු බොහොහැ. ඔවුන් නොසන්හිඳුවා දන් දෙන කලැ ගෙනෙන කිරි දිහි සාල් ඈ දානසම්භාර වොලො
ගන්ති. ජනදය සොරුන් විසින් ආකුල වෙයි. එසෙ වන්නා වූ රජු ගෙ දන් බොහො කලක් නො පවත්ති. ඔහු සිතට සුව ද නො වෙ”යි සිතා, “මහරජ, තා ගෙ රටැ සොරහු බොහොහැ. ඔවුන් නො සන්හිඳුවා බදු කරවුවර ගන්නෙ දහම් නො වෙයි. සොරුන් මැරුව හොත් ඔවුන් කෙරෙහි දිටි තිබූ කෙනෙක් තා ගෙ රට වැස්සන් පෙළති. තා ගෙ මෙ සංවිධානයට පැමිණැ සොරහු සන්හිඳෙති.[85] එ බැවින් තා ගෙ රට ගොවිකම් කටටියනට බිජු බත් හුදැලු කැති සිහිවැල් දෙනු මැනැවැ. වෙණෙඳහම් කටටියනට[86] බඩුමිල දෙනු මැනැවැ සැමිවැටියනට ඔවුනොවුන් තුබු පරිද්දෙන් නිබඳ10 දිවෙල් තනතුරු ගම් නියම්ගම් දෙනු මැනැවැ. ඒ මිනිස්හු තමන් තමන් කළ මනා ගොවිකම් වෙණෙඳාම් ඈ කම්හි යෙදුණාහු, රට නො පෙළති. එසෙ වන්නා හා තට ධන ධාන්යයො රැස්[87] වෙති. සොරුන් නැති වන්නා හා මිනිස්හු භය නැති වැ සතුට් වැ[88] දරුවන් ළමැඩියෙහි[89] නටවමින් දොර සො පියාලා නිසැක වැ දවස් යවනු වෙති රජ හට අනුශාසනා කෙළෙ,
එ කල්හි රජ, “ඉතා මැනැවැ”යි ගිවිසැ-ගෙනැ ගොවිකම් කටටියනට2 බිජු බත් හිදැනු කැති සිහිවැල් දින. වෙණෙඳාම් කටටියනට බඩුමිල දින. තමා සැමිවැටියනට ඔවුනොවුන් තුබූ පරිද්දෙන් නිබඳ දිවෙල් තනතුරු ගම් නියම්ගම් දින. එ මිනිස්හු තමන් තමන්ගෙ කම්හි යෙදුණහු, රජු ගෙ රට නො පෙළුැහු.[90] රජ හට ධනධාන්යයො රැස්වූහ. මිනිස්හු සොරුන් නැති වන බැවින් භය නැති වැ සතුට් වැ දරුවන් ළමැඬියෙහි[91] නටවමින් දොර නො පියාලා නිසැක වැ වෙසෙති.
එ කල්හි රජ හැම සෙ මැ[92] රට සමෘද්ධ බව දැනැ පෙරෙවි බමුණා කැඳවා-ගෙනැ “ආචාර්ය, තා ගෙ උපායෙන් රටැ සොරහු දු නැති වූහු. ධනධාන්‍යයෙන් කොටාර දහස්[93] පිරිණ. රටවැස්සනට ද භය නැති වී යැ. මම මහායාග කටටීයෙමි, පරලොවැ සුව විඳුනා[94] සඳහා යැ. මට අනුශාසනා කරනු මැනැවැ”යි කී යැ.
එ කල්හි පෙරෙවි බමුණු, “මෙ රජ මහාදාන දෙන්නට මහත් උත්සාහ ඇත්තෙ යැ. ඉදින් තමා ගෙ රට රජ ආදීනට නො කියා දෙන්නෙ වී නම්, ඔහු හැම දෙන නො සතුටු වෙති. ඔවුන් සතුට් වන නියාවක් කළ මැනැවැ”යි සිතා “මහරජ, තා මහ දන් දියටි බැවින් තා ගෙ රටැ රජනට දු තා සැනැහැති ඇමැත්තනට දු පිරිස් වැස්සනට දු බමුණුමහසල්කුලට දු[95] නියම්ගම් වැස්සනට දු දනවු වැස්සනට දු “මම් මහායාග කටටියෙමි, පරලොවැ ද මට සුව සඳහා යැ. එයට මට අනුදන්නෙ මැනැවැ”යි කියන්නට යෙදී යැ. මහරජ, “ඉතා මැනැවැ”යි තමා ගෙ විජිතයෙහි රජ ආදීනට කී යැ. ඔහු “මෙ රජ ‘ඉසුරුමි’ යි අභිභවා දන් නොදී අපට කියයි. කළ සෙ හෙටු යැ.[96] නො කී කලැ දාන සම්භාර බලන්නට[97] දු නො යතී” සතුට් ටැ “මහරජ, දෙයධර්ම නැති කලැද් මහලු කලැද් මෙ බඳ් දනක් දෙන්නට නො පිළිවන. තො මහත් ධන ඇත්තෙහි. ළදරුයෙහි, ඉතා මැනැවැ මහා යාග කරන්නෙ යැ”යි කීහු. “බමුණ, මෙ සතර අනුමති දායකයො යාගයට පිරිවර වෙතී” වදාළො.
මහාවිජිත නම් රජ අට අඟෙකින් සමුපෙත යැ. කවර අට ඇඟිනැ[98] යත්:- අභිජාත යැ, අභිරුප යැ, මහත් ධන ඇත්තෙ යැ, මහත් සිවුරඟසෙනඟ ඇත්තෙ යැ, මහත් සැදැහැ ඇත්තෙ යැ, බහුශ්‍රැත යැ, කී කී බසැ අර්ථ දන්නි, පණ්ඩිත යැ, ව්‍යක්ත යැ, අතීත අනාගත වර්තමාන අර්ථයන් සිතන්නට සමර්ථ යි. කීසෙ යැ යත්:- මට මෙ[99] සම්පත් “අතීතයෙහි පින් කෙළෙන් ලද්දෙ යැ”යි සිතනුයෙ, අතීත අර්ථයන් සිතන්නට සමර්ථ නම් වෙයි. “දැන් කළ පින් කැමින් අනාගතයෙහි සම්පත් ලබන්නට නිසි වෙමි”යි සිතන්නෙ අනාගත අර්ථයන් සිතන්නට සමර්ථ නම් වෙයි. “මෙ පින් කම්[100] නම් හැම මහාපුරුෂයන් විසින් ඇසුරුයෙ යැ,[101] මා ගෙ භොග දු ඇති, දානචෙතනා දු ඇති, එබැවින්[102] පින්කම්[103] කෙරෙමි” සිතනුයෙ වර්තමාන අර්ථයන් සිතන්නට සමර්ථ නම් වෙයි. මෙ අට ඇඟින්[104] සමුපෙත වැ දෙනුවහු ගෙ[105] දනට හැම දෙසෙන් මහාජයො එළබෙති. “අජන්මවත් තෙමෙහෙ කෙතෙක් කල් දෙ ද! දැන් මැ විපිළිසර ඇති වැ සිඳැ පියතී[106]” මෙ ඈ නොඑක් සිතිවිලි සිතා කිසි කෙලෙක් මැ නො එළැබියටි වෙති. මෙ අට ඇඟින් සමුපෙත වැ දෙන දනට එළැබියට් වෙති. මහාවිජිත නම් රජ මෙ අට ඇඟින් සමුපෙත යැ. මෙ අට අඟ ද මෙ මැ යාගයට පරිවාර වෙ.
එ රජුගෙ පෙරෙවි බමුණු සතර අඟෙකින් සමුපෙත යැ. කවර සතර ඇඟි නැ යත්:- අභිජාත යැ, තුන් වෙදයෙහි පාරයට ගියෙ යැ, සිල්වතැ, නුවණැත්තෙ යැ, අභිජාතාදි ගුණෙන් යුත් පුඟුලන් ගෙ සංවිධානයෙන් දෙන දන බොහො කල් පවත්ති[107]. හැම දෙසින් මැ මහාජනයො එළබෙත් මැ යැ, අගර්හිත වන බැවින් එළබෙත් මැ යි. මෙසෙ එ රජු ගෙ පෙරෙවි බමුණු සතර අඟෙකින් සමුපෙත යි. මෙ සතර අඟ ද එ යාගයට පරිවාර වෙ.
එ කල්හි පෙරෙවි බමුණු රජු ගෙ යාගයට පෙරට වැ මැ සිතී: “දන් දෙන්නාහු තුන් තැනින් එක් තැනෙකැ චලිත වෙති. මෙරජු තුන් තැන්හි පළමු වැ[108] අචල කළ මැනැවැ”යි. රජ හට තුන් විධාන[109] දෙසී. කිසෙ යැ යත්:- “මහරජ, තා යාග කටටියහු විසින් කිනි කවර විපිළිසරයක් නො කළ මැනැවැ:- ‘මා ගෙ ධන[110] නස්සි’ කියා යැ. යාග කරන්නහු විසින් කිසි කවර විපිළිසරයක් නොකළ මැනැවැ- ‘මාගෙ ධන නස්මින් සිටියෙ යැ’ කියා යැ. යාග කළහු විසින් කිසි කවර විපිළිසරයක් නොකළ මැනැවැ; ‘මා ගෙ ධන නස්මින් සිටියෙ යැ’ කියා යැ. යාග කළහු විසින් කිසි කවර විපිළිසරයක් නොකළ මැනැවැ- ‘මාගෙ ධන නට’යි කියා යැ. පසු වැ නොතැවුණ මැනැවැ. පූර්ව චේතනා අචල කොටැ පිහිට්විය යුත්තේ යැ. එසෙ වන්නා හා දානයෙහි ඵල මහත් වෙයි. මධ්යචෙතනාද් අපරචෙතනාද් එ සෙයින් මැ අචල කොටැ පිහිට්විය යුත්තෙ යැ. එසෙ වන්නා හා දානයෙහි ඵල මහත් වෙයි. එසෙ නො කරන්නා හට දානඵල විපුල නොවෙයි. උළාර වූ සම්පත් ලද් කලැද් රොරුව මහා නරකයෙහි උපන් අපුත්‍රක සිට් හට සෙයින් සම්පත් වළඳ[111] රිසි නොඋපද්දි. පෙරෙවි බමුණු මෙසෙ මහා විජිත රජුගෙ යාගයට* පෙරට වැ මැ ආදිචෙතනා මධ්‍ය චෙතනා අපරචෙතනා පිරිසිදු කළ[112] මනා පරිදි දක්වනුයෙ තුන් විධාන දෙශනා කෙළෙ.
එක්බිති “ඉදින් මෙ රජු දුශ්ශීලයන් දැකැ ‘මාගෙ දානය නස්සි- ‘දුශ්ශීලයහ වළඳන්නාහ’යි, සිල්වතුන් කෙරෙහිද් විපිළිසර ඉපැයුයෙ[113]වී නම්, දානය මහාඵල නොවෙයි. විපිළිසර නම් දායකයනට පිළිගාවන් කෙරෙන් ද[114] උපද්දි. එසෙ බැවින් පළමු මැ එ විපිළිසර නො උපැද්ද දුන මැනැවැ”යි දස ආකාරයෙකින් පිළිගාවන් කෙරෙහි විපිළිසර නොකළ මනා පරිදි කියනුයෙ “මහරජ, තාගෙ[115] දන් ගන්නො පණිවා කරන්නාහු ද නොකරන්නාහු දු එති. එහි යම් කෙනෙක් පණිවා කරන්නාහු වූහු නම්, ඒ පාපයෙන් අනිෂ්ට[116] විපාක උනට මැ වෙයි. සෙස්සනට වන්නෙ නොවෙයි. එහි යම් කෙනෙක් පණිවා නො කෙරෙද්ද, ඔවුන් සඳහා දන් දෙන්නෙ යැයි සිත් පහදවන්නෙ[117] යැ. එසෙයින් මැ අයිනාදන් ගන්නාහුදු නොගන්නාහු දු කාමමිථ්‍යාචාරයෙහි පවත්නාහු දු නොපවත්නාහු දු මුසවා කියනුවො දු නොකියනුවො දු අනුන් ගෙ අයිණි[118] කියන්නාහු ද නොකියන්නාහු ද අන්නට කර්කශ තෙපුල් බණන්නාහු නොබණන්නාහු දු සම්ඵප්පලප[119] බණන්නාහු දු නොබණන්නාහු දු අනුන්ගෙ සම්පතැ ලොභ කරන්නාහු දු නොකරන්නාහු දු අනුන් කෙරෙ ගැටෙන්නාහු දු නොගැටෙන්නාහු දු මිසදිට්හ ගත්තාහු දු නොගත්තාහු ද තාගෙ දන් ගන්නට එළබෙත්. එහි යම් කෙනෙක් අයිනාදන් ඈ ගන්නාහු වූ නම්, එ පාපයෙන් අනිෂ්ට විපාක උනට මැ වෙයි. සෙස්සනට වන්නෙ නොවෙයි. එහි යම් කෙනෙක් අයිනාදන් ඈ නොගන්නාහු වූ නම්, ඔවුන් සඳහා යැ මා දන් දෙන්නෙ යි, සිත් පහදවන්නෙ යැ”යි මෙ දස ආකාරයෙන් පිළිගාවන් කෙරෙහි විපිළිසර නොකළ මනා පරිදි යාගයට පෙරට වැ මැ කියා ගිවිස්වි යැ.
එක්බිති “මහරජ, තා මෙසෙ දන් දෙන කලැ ‘අපට නොකියා රජ යාග කෙරෙ’යි කියන්නට නිසි යමෙක් නැති” යනාදි විසින් සොළොස් ආකාරයෙකින් රජ හට සොම්නස් උපැද්දී.[120] එ යාගයෙහි ගෙරින් නො ද මැරුහ. එළුවන් නො ද මැරුහ. කුකුළන් නො ද මැරුහ. හූරන් මුවන් ලිහිණියන් ඈ නොඑක් සතුන් නො ද මැරුහ. යූපයට රුක් නො ද සුන්හ. ඉලුප් දා නො ද අළහ. දන් දැස් ආදි කම්කරුවො යාග කරන තැනැ මෙහෙවර කටටි වුව, කෙරෙති. නොකටටි වුව, නො කෙරෙති. යමක් කටටි වුහු නම්, කටටි දෑ කෙරෙති. නොකටටි දෑ නො කෙරෙති. දඬු මුගුරු ගෙනැ “මෙහෙ කෙරෙහි ද? නො කෙරෙහිද?”යි කියන්නාහු නැති. “ඉදින් මෙහෙ කෙරෙහි නම්, කරා. නො කෙරෙහි නම්, තළම්හ, බඳම්හ[121]” යි යන්නො නැති. කඳුළු මුසු මුහුණු ඇති වැ වැලැපැ වැලැපැ මෙහෙ කරන්නාහු නැති.[122] මිහිරි තෙපුල් බැණැ මෙහෙ කැරැවූහ. එහි දස්නට ‘දස්හ’ යි නොකියති. දැස්නට ‘දැස්හ’යි නොකියති. කම්කරුවනට ‘කම්කරුවහ’යි නො කියති. පිය තෙපුල් බැණැ අඹුන්මිනිස් පිරිමින් කෙරෙහි බැල[123] ඇත්තනට බැල4 නැත්නට නිසි නිසි මෙහෙ දක්වා දී ‘මෙයිදු මෙයිදු කරව’ යෙති. ඔහු තමන් තමන් සිත් වූ[124] පරිද්දෙන් මෙහෙ කළො. ගී තෙල් වෙඬරු දිහි මී සකුරු ආදීන් යාග කොටැ නිමැවූහු.
කිසෙ යැ යත්:- රජු පිට්නුවරැ[125] සතර දොර ද ඇතුළු නුවරැ මැද ද මෙ පස් තන්හි මහ දන්හල් කරවා එකෙකි දන්හලැ ලක්ෂ ලක්ෂ[126] බැවින්[127] දවසැ දවසැ පස් ලක්ෂයක් ධන විදා හිරු නැගි තැනැ පටන් ගෙනැ සිය අතින්* රන් කෙණෙස්ස ගෙනැ එ එ කලට[128] නිසි, පිණි වූ ගීතෙල් වෙඬරු දිහි මී සකුරු මුසු කොටැ හඹු කදු[129] බත් මාළු බොන දෑ ආදීන් මහ ජනා සැතැපී[130] ගෙනැ යාටියනට එ සෙයින් මැ බදුන් පුරා දෙවි[131]. සවස් වෙලෙහි පිළින් ගඳින් මලින් පුදයි. ගී තෙල් ආදී මහසැළ පුරා, යමෙක් යමක් වැළැඳියටි වී නම්, හෙ එ වළඳාව’යි[132] නොඑක්සියතන්හි තබවයි.
එකල්හි එරජු ගෙ රට රජහු දු ඇමැත්තො ද පිරිස් වැස්සො ද බමුණුමහසල්කුලවැස්සො ද ගැහැවිමහසල්කුල වැස්සො ද නියම්ගම්වැස්සො ද දනවුවැස්සො ද, “මෙ රජ ගිතෙල් ආදී ජනපදවාසීන් කෙරෙන් ගෙන්වා නො ගෙනැ තමා ගැති දෑ වියදම්කොටැ මහදන් දෙයි. අපට කිසි දැයක් නො කියයි. අප නො බැණැ හිඳුනා තැන් නො යෙදෙයි. රජගෙහි ධන අපමණ[133]යැ. එතෙකුදු වුව ද[134] ධන ඇරැ දුන මැනැවැ”යි ගැමින් නියම් ගැමින් නුවරින් ධන නඟා-ගෙනැ වෙන වෙනම ගැල් පුරා රජු කරා ගෙනැ ඇරැ “මහරජ, මෙ ධන බලා ගන්නෙ මැනැවැ”යි කීහු. රජ “මාගෙ ධන බෙහෙවැ. ධැමින් සෙමෙන් ගත් කරවුවරින් රැස් කෙළෙ යැ. තෙලෙ තොපට මැ වෙව යි. කැමැත, මොබින් ගෙනැ යව”යි කියා නොගත.
මහාජනයො එක තැනෙකැ ගොස් සිටැ බැණැ-ගෙනැ “මෙ ධන නැවැතැ අප ගෙ ගෙට ගෙනැ යන තැන් සොබනෙ නො වෙයි. රජ මහායාග කෙරෙයි. ඇපි අනුයාග කරම්හ”යි යම්සෙ පැදුන් දෙසෙන් එන්නාහු “අපගෙ දන්හලැ හඹු බී රජු ගෙ දන්හලැ බත් වළඳා නුවර වදිද්ද, එබඳු තන්හි අනුයාග කරම්හ”යි රජ්දරු[135] ආදීහු පැදුන් දෙසෙහි දන්හල් කරවා දන් දුන්හ. එසෙසින් මැ දකුණු දෙසෙහි ඇමැති ආදීහු දන්හල් කරවා දන් දුන්හ. පැළදෙසෙහි බමුණු ආදීහු දන්හල් කරවා දන් දුන්හ. උතුරු දෙසෙහි ගොවි ආදීහු දන්හල් කරවා දන් දුන්හු. ඔවුන්ගෙ යාගයෙහි දු ගෙරින් නො ද මැරුහ. එළුවන්[136] කුකුළන් හූරන් මුවන් ලිහිණියන් ඈ නො එක් සතුන් නොද මැරුහ. රුක් නො ද සුන්හ. ඉලුප් දා නොද අළහ. දස් දැන් කම්කරුවන් නොද කළකිරැවූහ.[137] ගීතෙල් වෙඬරු දිහි මිහි සකුරු ආදීන් යාග කොටැ නිමැවූහු.
“මෙසෙ රට වැස්සන් අතින් ගත් සතර අනුමති හා රජුගෙ අට අඟ හා පෙරෙවි බමුණා ගෙ සතර අඟ හා තුන් විධාන හා මෙ යැ, බමුණ, තුන් යාග සම්පත් හා සොළොස් පරිවාර[138] යැ”යි වදාළො. එකල්හි බමුණො ගිතෙල් ආදින් නිමාවට[139] ගිය යාගවිධි අසා “ලොකයෙහි යම් මියුරෙක් ඇද්ද, මහණ ගොයුම් එමැ කියයි, එසෙ බැවින් යාග පස්සම්හ”යි සතුට් සිත් ඇත්තාහු මහත් කොටැ “යාග මෙසෙ වුව මැනැවැ. යාගසම්පත් නම් මෙයැ”යි ගුගුළො.
එකල්හි කූටදන්ත නම් බමුණු මත්තෙ කිව මනා අර්ථයක් සිතා නොබැණැ හුන්නෙ යැ. බමුණො ඔහු නො බැණැ හුන්සෙ දැකැ “හැයි, තො මහණ භවත් ගොයුම්හු ගෙ කථා නොඅනුමෙව්නෙහි[140] නො?” යි කීහු. “මම් එ නොඅනුමෙව් නෙම් නොවෙමි. යමෙක් මහණ භවත් ගොයුම්හු ගෙ කථා නොඅනුමෙව්නෙ නම්, උහු හිස් සත් කඩ වැ පැළෙයි. ඒකාන්තයෙන් මහණ භවත් ගොයුම්හු එකල්හි යාගස්වාමි මහාවිජිත රජහු භො වුව මැනැවැ. යාග කරැවූ පුරොහිතයා හො වුව මැනැවැ යි සිතා හුන්නෙමි” කී යැ. එ සඳැ කූටදන්ත බමුණු “තෙපි එ කාලයෙහි රජ වූව? පුරොහිත වුව?[141] යි ඉඳුරා කියනු හරසර නොවෙ”යි යන සිතින් පර්යායයන් පුළුවුස්නෙ “මෙබඳු යාග කළාහු දු කැරෑවූවාහු ද කුමක් වෙති හො?” යි
කීයැ. “බමුණ, මෙබඳු යාග කළාහු දු කැරැවූවාහු දු සුගතියැ උපදිති. මම එකාලයෙහි මහාවිජිත රජුගෙ යාග කැරැවු පෙරෙවි බමුණමි”[142] වදාළො.
එකල්හි කූටදන්ත බමුණු, “මෙ තුන් යාග සම්පතට හා සොළොස් පරිවාරයට වඩා මහත් ඵල ඇති අනෙක් යාගයෙන් හා ඇති හො?” යි කීයැ. එයට වඩා නිත්තෙන් සිල්වත්නට දෙන දන්හි ඵල මහත්සේ වදාළහ. එයට වඩා සෙනසුන් දනැ ඵල මහත්සෙ වදාළහ. එයට වඩා සරණගමන්හි[143] ඵල මහත්සෙ වදාළහ. එයට වඩා පන්සිල් රැක්මෙහි[144] ඵල මහත්සෙ වදාළහ. එක්බිති බුද්ධොත්පාදයෙහි පටන් ගෙනැ අර්හත් ඵල පර්යන්ත කොටැ “ඉධ තථාගතො ලොකො උප්පජ්ජති අරහං සම්මාසම්බුද්ධො” යනාදි විසින් ධම් දෙසා, අර්හත් ඵලයට වැඩි අනෙක් උතුම් පිණි යාගයෙක් ඇත්තෙ නො වෙයි වදාළො.
එකල්හි කූටදන්ත නම් බමුණු බුදුන් වදාළ ධම්දෙස්නෙහි පැහැදැ වැඳැ තුණුරුවන් සරණගොස්, “වහන්සෙ, මම් යාග සාලායෙහි සත් සියක් ගොනුන් සත් සියක් වස්සන් සත් සියක් වැස්සන් සත් සියක් එළුවන් සත් සියක් එළු පැටවුන් නොඑක් මුවන් ලිහිණියන් සත් සත් සිය බැවින්[145] ගෙනැ ටැඹැ බැඳැ සිට්වූවන් විහිද්මි,[146] දිවි දෙමි, නිල් තණ කා සිහිල් පැන් බොත්වයි, ඔවුන්ගෙ සරීරදරථ නිවමින් මනා මෙළෙක් සිහිල් සුළඟ[147] හමාව”යි බැණැ එක් පුරුෂයෙක් හට යෙදීයැ. හෙ ගොස් හැම සතුන් මුදවා පියා අවුදු බමුණාට කී යැ. හෙ අසා සතුට වී යැ.
බුදුහු ධම් දෙසුහු. බමුණු සොවාන් වැ බුදුන් සඟුන් පවරා වැඳැ පැදකුණු කොටැ ගෙට ගොස් අලුයෙහි සිනිඳු මියුරු පිණි බොජුන් යුතු කරවා “කල් දන්නෙ මැනැවැ”යි කියා යවී යැ. බුදුහු සුගත් මහපහුල් පෙරෙවැ පන්සියක් සඟුන් පිරිවරා ගොස් පැන් වූ අස්නෙහි වැඩැ හුන්හැ. බමුණු සිය අතින් දන් දී වැඳැ එකත් පස් වැ හුන්නෙ යැ. බුදුහු එව් හට[148] ධම් දෙසා හුනස්නෙන් නැඟී වැඩියො.
මෙ සෙයින් බුදුහු තමන් ‘පුරිසදම්මසාරථි’ වන බැවින් කූටදන්ත බමුණා දු ආදි ශබ්දයෙන් ගත් වඞ්ගීසාදි අනෙ සිය දහස් බමුණනුදු දමා අමා මහනිවන් පැමිණිවූහු.
බ්රාහ්මණදමන නම් පස් වන පරිච්ඡේද[149] නිමි.
අජාසත් මහරජහු දැමු පරිදි කිසෙ යැ යත්:-
බුදුහු තමනට විරුද්ධ දෙව්දත් තෙරුන් ලදු ගත්, තමන් ගිහි කල්හි යහළු, බුදු කල්හි අරී සවු, බිම්සර මහරජහු මරා රජය ගත්, අජාසත් රජහු පුළුවත් පැන විසජා ධම් දෙසා සරණසිලැ පිහිට්වුහු.
කිසෙ යැ යත්:-
මගධ රට රජගහා නම් නුවරෙක් වී. එ නුවර මන්ධාතු මහාගොවින්දාදි රදුන් විසින් පිරිගා කරන ලද් බැවින් රජගහා නම් වි යැ. බුදුන් දවසුදු සක්විත්තන් දවසුදු නුවර වෙයි. සෙසු කලැ සිස් වැ යකුන් විසින් පිරිගා කරන ලදු වැ ඔව්නට වසන්[1] උයන් සෙයින්[2] සිටි. බුදුහු එ නුවර නිසා අඩතෙලෙස් යල් සියක් සඟුන් පිරිවරා ජීවකයන් ගෙ අඹවන උයන්හි වැඩ වෙසෙති.
එ වනය කිසෙ වූයෙ යැ යත්:-
එක් සමයෙක්හි ජීවකයො මහනෙල් මල් සුඹුවා[3] බුදුන් දොස් හැරැ, පජ්ජොත මහරජහු තමන් කළ පිළියමැ පැහැදැ දී එවු පිළිසඟළක් දී, අනුමොදනාවසානයෙහි සොවාන් වැ, “එක් දවසකට දෙතුන් වටෙකැ[4] බුදුන් කරා ගිය මැනැවැ. වෙළුවන උයන් දුරැ. මාගෙ අඹවන උයන ආසන්න යැ. බුදුනට වෙහෙරක් කළ මැනැවැ”යි තමන් අඹවන උයන්හි වෙහෙර කොටැ අටළොස් හත් මහපවුරෙන් පිරිඛෙව් කොටැ බුදු පාමොක් මහසඟනට වෙහෙර කොටැ දුන්හු.[5] මෙ සෙයින් බුදුහු ජීවකයන් ගෙ අඹවන උයන්හි වැඩ වෙසෙති.
එයට පෙරට වැ සැවත් නුවරැ මහ කොසොල් රජහු ද රජගහා නුවර බිම්සර මහ රජ[6] හට බිසො වැ අජාසත් කුමර හට ගබ් ගත. ඔහු කුසැ වසන කලැ බිසොවට[7] රජු දකුණු දසරුයෙන් ලේ බොන දොළෙක් උපන. හො තමහට උපන් දොළ කිසි කෙනකුනට නොකියා වැහැරැ ගියා. රජ පිළිවිසැ බලා නොකියන්නෙන්, “තී මට විපරීත වනු කුමට යැ?” යි යත්නයෙන්[8] පිළිවිසැ-ගෙනැ, “උවකමු[9] දොළෙක තිට උපන්නෙ යැ”යි වෙදු[10] ගෙන්වා-ගෙනැ රන් සැතින් දසරුව පළවා රන් තැටියෙන් ලේ ගෙනැ දිය හා මුසු කොටැ පොවාලී යැ. දොළ සන්හිඳිණ[11]. නෛමිත්තිකයො, “එ ගබ රදු[12] සතුරු දරුයෙකැ. ඔහු විසින් රජ නස්සි”යි කීහු. බිසව් එ අසා ගබහෙළා පියටි වැ උයන් ගොස් කුස මඩවයි. ගබ නො හෙයි. රජ ඇය එක්වන් උයන් යනසෙ දැකැ පරිජනයන් පිළිවිසැ අතුරු දැනැ, “තී කුසැ පුතකු බව් නො දැනෙයි. දුවක බව නො ද දැනෙයි. “අසුවල් රජ තම හට උපන් දරුවක් හට මෙසෙ කැරැවී යැ[13] යන මහත් අගුණරාසියෙක් දඹදිව් තෙලෙහි පැතිරැ යෙයි. වටා ලා එසෙ නො කරා”යි රකවල් දෙවි යැ. හො, “ඔහු උපන් කලැ මැරුව මැනැවැ”යි සිතුව දරුවා. උපන් කලැ රකවලැ සිටි මිනිස්සු දැකැ රජහු ගෙ කීමෙන් කුමරහු පා කළහ. කුමරහු මහත් වූ කලැ ඇරැ මව්බිසව් දැක්වූහු. හො ඔහු දැකැ පුත්රසනා කළා. එයින් ඔහු මරන්නට නොපොහොසත් වුව. රජද් අනුක්රමයෙන් ඔහුට යුවරජතන් දින්.
එකල්හි දෙව්දත් මහතෙරහු සිතූහු: “සැරැයුත්මහ තෙරහු දු මහමුගලන් මහතෙරහු ද මහසුබු මහතෙරහු ද වෙන වෙන පිරිස් ගෙනැ වාස කෙරෙති. මයිදු පිරිසක් කොටැ ගත මැනැවැ. ලාභ විනා පිරිස් කොටැ-ගත නොහැක්ක. එසෙ බැවින් ලාභ උපයුව මැනැවැ”යි විනයෙහි කී නිසායෙන් අජාසත් කුමරහු සෘද්ධි පෙළහරයෙන් පහදවා සවසැ දු රැයිම්මෙහි දු පන්සියයක් රථ පිරිවරින් තමා කරා එළබෙනසෙ විස්වස් කළසෙ දැනැ[14] ඔහුට මෙසෙ කීහ:- “කුමාරය, පෙරැ මිනිස්සු බොහො කලට ආ[15] ඇත්තාහ. දැන් එසෙ නොවෙයි. තො පියා[16] මරා රජ ව, මම් බුදුන් මරා බුදු වෙමි”යි පියරජහු මරන්නට යෙදුහු.[17] එකල්හි රජකුමර, “අප වත්හිමියො දෙව්දත් තෙරහු මහත් ආනුභාව ඇත්තාහ. මොවුන්[18] නොදත්[19] දැයෙක් නම් නැති” කළවෙයැ සිරියක් බැඳැ-ගෙනැ දෙවෙන් දහවල්[20] වෙවුළමින් රජගෙට ගොස් වනි. එකල්හි ඇමැත්තො ‘ඔහු තිරු කොටැ-ගෙනැ සබව දැනැ, “කුමාරයා ද මැරුව මැනැවැ. දෙව්දත්හු ද මැරුව මැනැවැ. හැම මහණහුද මැරුව මැනැවැ”යි බැණැ-ගෙනැ “සැළ කොටැ කළ මැනැවැ”යි රජ හට කීහු.
රජ, “කුමරුවා මරම්හ”යි සිතු ඇමැත්තන් අතැ[21] මෙහෙවර ගෙනැ, “නො මරම්හ” යි සිතූ ඇමැත්තනට මහත් මෙහෙවර දී කුමර හට “කුමක් සදහා ‘මරමී’ සිතුයෙහි?” යි පිළිවිත.[22] “රජය සඳහා”යි කීයෙන් “ඉතා මැනැවැ. තා කැමැති රජය බලා-ගනැ”යි රජය ඔව්හට දක්වා දිනි. හෙ “මාගෙ මනොරථ නිපනැ”යි දෙව්දත් තෙරුනට කී යැ.
එකල්හි දෙව්දත් තෙරහු “තො මීයන් ඇතුළු කොටැ බෙර සදන[23] මිනිසක්හු වැන්නෙහි. කිහිප දවසෙකින් තා පියෙ තා ගෙ නිහරසර[24] සඳහන් කොටැ බලා රජය ගන්නී” කීහ. “ඔස වහන්සෙ, කුමක් කෙරෙමි?” කී යැ. “රජු මරා-පිව මැනැවැ”යි කීහ. “මා පිය රජ හට සැතින් වධ නොකට හැක්කැ”යි කීයැ. “තැවෙන්නට නිසි ගෙකෙකැ ලා අහර වළකා මරා-පියව” යි කීහු. හෙ පිය රජු තැවෙන්නට නිසි ගෙකෙකැ බහා-පියා, “අන්නිය මිසැ, අනෙකක්හු නො වැද්දැ දෙන්නෙ යැ”යි යෙදී, එතැන පටන් ගෙනැ දෙවීහි රන් තැටියෙකු බත් එවැ හිඟැ තබා-ගෙනැ වදිති.[25] රජ එ වළඳා යපෙයි. හෙ “මබපාණො[26] කිසෙ යපෙතී?” පිණිවිසැ එ පවත් අසා, “ඇය හිඟින් යම් දැයක් ගෙනැ නො වැද්දැ දෙන්නෙ යැ”යි යෙදී.
එතැන් පටන් ගෙනැ දෙව්හි බත් මුහුළැ තබා-ගෙනැ වදිති. එයිදු අසා, “අන්නිය කෙහෙ බැඳැ නො වැද්දැ දෙන්නෙ යැ”යි යෙදී. එතැන පටන් ගෙනැ රන්මරවඩියැ බත් වැ පියා-ලා පයින් ගෙනැ වදිති. රජ එ අසා, “අන්නිය මරවඩි ලා නො වැද්දැ දෙන්නෙ යැ”යි යෙදී. එතැන පටන් ගෙනැ දෙවීහි ගඳ දියෙන් නහා සරීරයෙහි සියු මියුරු ගල්වා පිළි පෙරෙවැ-ගෙනැ වදිති. රජපා ඔවුන් සිරිරු ලෙවැ යපෙත්. වැළි දු පිළිවිසැ එ පවත් අසා, “අන්නිය නො වැද්දැ දෙන්නෙ යැ”යි වැළැකී. දෙවිහි දොරොට්ගෙමුලැ[27] සිටැ, “හිමි, බිම්සර මහරජ, ඔහු ළදරු කලැ නො මරා පිව දුන්හ. තොප සතුරා තෙපි මැ පුටුව. මෙ තොප ගෙ නිමාම් දැක්ම යැ. මම් මෙ තන් පටන් ගෙනැ තොප දක්නා නො ලැබෙමි. මාගෙ වරදෙක් ඇත් නම්, මා කෙරෙහි ක්ෂමා කරන්නෙ ය”යි වැලැපැ වැහැසැ නැවැත්හැ.[28] එතැන පටන් ගෙනැ රජ හට අහර නැති වි යැ.
සොවන් රජ මඟපලසුවෙන් සක්මන් කොටැ යපෙයි. “රජු ගෙ සරීරය දිලියෙ” යි අසා “කිසෙ යපෙතී?” පිළිවිසැ, සක්මනින් යපෙනසෙ සරීරය දිලියෙනසො අසා, “සක්මන් නොකට-දුන මැනැවැ”යි. “බපාණන්[29] පතුල්, කරයෙන් පළා ලුණු තෙල් ගල්වා කිහිරඟුරෙහි ‘චිටිවිටි’ යන අනුකරණ ඇති කොටැ* (පස්ව”යි නෑවියන් යවී. රජ ඔවුන් දැකැ “මපිත් කිසිවක්හු විසින් එකැතින් දන්වන ලද්දෙ වනැ. මොහු මා මස්වලුමෙහෙ සඳහා ආහ!” යි සිති. ඔහු ගොස් රජු වැඳැ සිටියාහැ. “කුමක් සඳහා ආව?”යි පුළුවුස්නා ලද්දාහු එ හස්න සැළ කළහ. “තොප රජු අණ කරව”යි රජ කී යැ. “දේවයන් වහන්ස, වැඩැ හිඳුනෙ මැනැවැ”යි කියා රජු වැඳැ “දේවයිනි, ඇපි රජු ගෙ අණ කරම්හ. අප කෙරෙහි නො දහව. මෙ තොප බඳු දැහැමි රජ කෙනෙකුනට නිසි දෙයක් නොවෙ” යි කියා වමතින් ගුල්එයෙහි ගෙනැ දකුණතින් කරය ගෙනැ පතුල් පළා ලුණු තෙල් ගල්වා කිහිරඟුරෙහි ‘චිටි චිටි’ යන අනුකරණ ඇති කොටැ) පක්හැ.
එ රජ පූර්ව ජන්මයෙහි දාගබඟණෙක්හි වහන් ලා ගියෙ යැ. සඟුන් හිඳුනට අතුළ කළාලක් නොදෙවි පයින් ඇක්මිණ. මෙ එහි ඵල යි.
රජ හට මහත් වෙදනා උපන. “අහො බුද්ධො! අහො ධම්මො! අහො සඞ්ඝො!” යි තුණුරුවන් සඳහන් කරනුයෙ මැ දාගබණෙක්හි[30] බහා-ලූ මලක් සෙයින් මෙළෙ[31] සව්මහරජ දෙව්ලොව්හි වෙසවුණු මහරජාණන් පිරිවරැ ජනවසභ නම් යක්ෂයක් වැ උපන. පළමු සවරෙක්හි එහි උපැදැ මහත් සම්පත් වැළැඳුයෙ යැ. සවරෙක් හි දඹදිවැ රජ වූයෙ යැ. දැන් සත් වන වරැ, රජ වැ සත් වන වර සපුරමින් ගොස් උපන්. එ දවස් මැ අජාසත්හු පුතෙක් උපන. පුතු උපන් බව් දු පියාණන් මළ බව් දු දන්වන්නට දෙපත එක වට මැ අලහ ඇමැත්තො පළමු “පුතු උපන් බව් කියම්හ” යි එපත රජු අතැ තුබුහු. රජ හට එ කෙණෙහි මැ පුතුසනා උපැදැ[32] සියල් සිරිරු පැතිරැ ඇටමුල් පැහැරැ සිටියෙ යැ. එකෙණෙහි පියරජහු ගෙ ගුණ සඳහන් කොටැ “මා උපන් කලැ බපාණ[33]නටද් සනා මෙසෙ මැ උපන්නෙ යැ. යව, බපාණන් විහිද්ව”යි යෙදී යැ. “කුමක් විහිද්වම්හ! මහරජ”යි අනෙක් පත අතැ තුබුහු. හෙ ට පවත් අසා වල්පමින් මෑණියන් කරා ගොස් “අන්න, බපාණනට මා කෙරෙහි සනා හා වී යැ හො?” යි පිළිවිත. ඔහු “බාල පුතැ, කුම් කියහි? තා ළදරු කලැ ඇඟිල්ලෙහි පොළෙක් නැංග.[34] ඒ කල්හි වලප්නහු සන්හිඳුවන්නට නොපොහොසත් වූවාහු, විනිසමඬලෙහි හුන් තා පියරජහු කරා ගෙනැ ගියහ. හෙ තා ඇඟිල්ල මුවයෙහි තිබි යැ. පොළ මුවයෙහි මැ සිල් වී යැ. හෙ තා කෙරෙහි සෙනෙහෙන් ලේ මුසු පුයා නො දමාපියා මැ ගැලැ-පී යැ. තපියා තා-කෙරෙහි සනා මෙ බන්දැ”යි කීහු. හෙ වැලැපැ වැහැසැ පියාණන් සිරිරු හළු කිස කැරැවී.
දෙව්දත් මහතෙරහු දු අජාසත් මහරජු කරා ගොස් බුදුන් මරන්නට දුනුවා යොධයන්[35] ඉල්ලා-ගෙනැ නඟා යවා එයිනුදු කැරුණු දෑ[36] නැතිසෙ දැකැ, තුමුහු ගිජුකුළුපව්වට නැඟී ගල්පාතැ සක්මන් කරන බුදුන් මුදුනට සෙල් විහිදැ එයිනුදු[37] කරුණු දෑ නො දැකැ නාලාගිරි ඇතු විහිදැ, යම්කිසි උපායෙකින් බුදුන් මරන්නට නොපොහොසත් වැ, ලාභසත්කාරයෙන් පිරිහී, බුදුන් පස්වරයක් ඉල්ලා එ නොලදින් සතුරු වැ, සඟුන් පන්සියක් දෙනා බිඳැ අරැගෙනැ ගොස්. සැරැයුත්[38] මහමුගලන් දෙ අගසව්වන් තමන්ගෙ පිරිසැ[39] සඟුන් ගෙනැ ගිය කල්හි කටින් හුණු ලෙ නඟා නව මසක් දවස් ලෙඩ වැ හෙවැ, තමන් කළ තාක් දැයට විපිළිසර[40] උපයා, “දැන් බුදුහු කොහි වෙසෙති හො?” යි පිළිවිසැ “දෙව්රම්හි වෙසෙති” යනු අසා, “හැඳෙකින් මා ගෙනැරැ බුදුන් දක්වව” යි කියා ගෙනැ යන ලද්දාහු[41], බුදුන් දක්නට නිසි පිනක් නොකළ බැවින් දෙව්රම් පොකුණු තෙර දෙකක් වැ පැළී ගිය පොළොවට වැදැ අවීචිමහා නරකයෙහි පිහිටියහ.
එකල්හි[42] රජගහා නුවරැ සැණකෙළියක් වී යැ. නුවර වැස්සො එ නුවර දෙව්නුවරක් සෙයින් සදා සැණවෙස් ගෙනැ දෙවියන් සෙයින් සැණකෙළි කෙළිත්. අජාසත් රජ පනුරැසි පොහොදවස් රෑ සරා සඳුරසින් රිදීකෙළෙන් නික්මුණු කිරි[43] දහර සෙයින්, රිදීවිමනින් නික්මුණු මුතුවැළ සෙයින්, සමන් කුසුම්දම් සෙයින්, දිලියෙන රාත්රියැ නිරිඳුමහලෙහි[44] ඇමැති මඬුලු පිරිවරා සෙ සත් යට ගන රන්මුවා අස්නෙහි හුන්නෙහි. කුමට හුන්නෙ යැ යත්* – නිඳි වළකනු සඳහා හුන්නෙයි.
මෙ රජ[45] පියා මළ තැන් පටන් ගෙනැ නිදන්නට ඇස පියා-ලු විගසැ මැ, සියලු සරීරයෙහි සැත්දහස් ඔත්කල් සෙයින් හඬමින් මැ පුබුද්දි, “මහරජ, කිමැ?” යි පුළුවුත් කල්හි වළහයි. එයින් ඔහට නිඳි නො රිසියෙයි. මෙසෙ නිඳිවළකනු සඳහා හුන් රජ “මෙ රෑ සඳරසින් රමණීය යැ,[46] අභිරූප යැ, දර්ශනීය යැ, සිත් පහදවයි, කවර මහණ බමුණු කෙනකුන් කරා යම්හ![47] කා කරා ගිය කලැ අප සිත් පහද්දි!” යි උදන් ඇනී. එ අසා එක්තරා රජමහ ඇමැත්තෙක්, “මහරජ, පුරණ කස්සපයා[48] කරා එළබෙන්නේ යැ. එකලැ සිත් පහද්දි”යි කී යැ. එජ එ අසා නො බිණී යැ. අනෙක්[49] ඇමැත්තෙක්, “මක්ඛලිගොසාලයා කරා එළබෙන්නෙ යැ”යි කී යැ. අනෙකෙක්2, “අජිතකෙසකම්බලයා කරා එළබෙන්නෙ යැ” යි කී යැ. අනෙකෙක්2, “පකුධකච්චායනයා කරා එළබෙන්නෙ යැ”යි කී යැ. අනෙකෙක්2, “සඤ්ජයබෙලට්ඨි[50]පුත්‍රයා කරා එළබෙන්නෙ යැ” යි කී යැ. අනෙකෙක්2, නිගණ්ඨනාථපුත්‍රයා කරා එළබෙන්නෙ යැ, එකලැ සිත් පහද්දී” කී යැ.
මෙසෙ ඇමැත්තන් තමන් තමන් ලද[51]ගත් නුවටැජරන් කී කල්හි, රන්වන් මියුරු රස ඇති අඹපකක් කෑටි[52] පුරුෂයක්හු තමා අතැ තුබූ කදුරුපකක්[53] දැකැ දමා-පියන්-නක්හු[54] සෙයින් නො ගිවිසැ නො බැණැ හිඳැ, තම හට නොදුරු තන්හි[55] හුන් ජීවකයනට, “හැයි, සබඳ, නො බැණැ හුන්නෙහි නො?” යි කී යැ. රජ මෙ තෙක් පරිකථා කරනු ජීවකයන් සඳහා කෙළෙයි. කුමට යැ යත්:- තමා ඇරැ බුදුන් දක්වනු[56] සඳහා යි. තෙමෙ ගොස් දක්නට නොනිසි ද යත්: තමා මහාපරාධයෙන් ගොස් දක්නට නොනිසි වැ, “ජීවකයා පිටි පසැ හිඳැ බුදුන් දුට මැනැවැ”යි මෙතෙක් පරිකථා කෙළෙ.[57] රජු ගෙ අභිප්‍රාය ජීවකයො නො දනිද්ද යත්: දන්ති.[58] වැළි කුමට නො බැණැ හුන්නාහ[59] යත්: විඛෙව් පසිඳුනා[60] සඳහා යි. කිසෙ යැ යත්: එ පිරිසැ නුවටැජරන් සදෙනා ලද ගත් ඇමැත්තො බොහො දෙන රැස් වූවාහු. ඔහු, “මා බුදුගුණ කියන්නට වන් කැලැ අතරතුරෙහි නැඟී[61] තමන් තමන් ලද ගත් නුවටුන් ගෙ ගුණ කියති. එසෙ වන්නා හා[62] මා කියන බුදුගුණ නිමාමට නො යෙයි. රජ වූ කල[63] පෙරැ මා මොවුන් ගෙ නුවටැජරන්[64] කරා එළබැ නිස්සාර බව දත්තෙන් ඔවුන් ගෙ ගුණ කථායෙහි නොසතුටු වැ මා පුළුවුස්සි. එකල්හි මම බුදුන් ගෙ ගුණ කියා රජු බුදුන් කරා ගෙනැ යෙමි” රදුගෙ අභිප්‍රාය[65] දනුතුද් විඛෙව් පසිඳුනා සඳහා නො බැණැ හුන්හ.
එකල්හි රජ ඇමැත්තන් ගෙ බස් අසා, “මම යමක්හු යමක්හු බස් නො ඇසියටියෙම් ද, හෙ මැ හෙ මැ බෙණෙයි. යමක්හු ගෙ බස් ඇසියටියෙම් ද, හෙ මැ නාරජවස වළඳා සිටි ගුරුළක්හු සෙයින් නො බෙණෙයි. මට මහත් පිරිහිණෙකැ”යි සිතී, සිතා බලා “ජීවක උපශාන්ත වූ බුදුන් ගෙ සවි[66] යැ. තෙමෙ ද උපශාන්ත යැ. එබැවින් වත් සපන් මහණක්හු සෙයින්[67] නො බැණැ හුන්නෙ යැ. මා නොබුණු[68] කලා හෙ නො බෙණෙයි. ඇතක්හු මඬනා[69] කලැ ඇතක්හු මැ ගෙ පයින් මැඩිය මැනැවැ”යි සිතා ජීවකයනට මෙ “ඇමැත්තන් තමන් තමන් ලද[70]ගත් මහණුන් ගෙ ගුණ කියන්නන් මුව නො පොහොයි. මොවුන් සෙ මැ තා දු ලද ගත් මහණහු නැද්ද? කිම දිළිඳුහි ද? ම-පියෙ තට ඉසුරු[71] නොදුන්නෙ ද? නොහොත් සැදැහැ නැත්තෙහි ද?” යි පිළිවිත්.
එකල්හි ජීවකයො, “මා ලවා මෙ රජ බුදුන් ගෙ ගුණ කියවැයටි බන්ද.[72] දැන් මා නො බැණැ හිඳුනට කල් වෙයි. යම්සෙ මෙ ඇමැත්තො රදු වැඳැ හිඳැ මැ[73] තමන් තමන් ලද ගත් නුවටුන්ගෙ ගුණ කීහු ද, මා එසෙ බුදුන් ගුණ නොකිව මැනැවැ”යි හුනස්නෙන් නැඟී බුදුන් වසන දස බලා පසඟ පිහිට්ටා වැඳැ නියරසින් දිලියෙන ඇඳිලි බැඳැ, “මහරජ, ‘මා යම්තම්[74] මහණක්හු කරා එළබෙතී’ නො සිතව. අප බුදුන් මවුකුස්හි පිළිසිඳැ ගන්නා කලැ දු මවු කුසින් නික්මෙන කලැ දු මහබිනික්මන් කරන කලැ දු බුද්වන කලැ දු ධම්සක් පවත්වන කලැ දු දසදහසක් සක්වළ කම්පිත වියැ. මෙ සෙයින් යමාමහ පෙළහර කළහ. මෙසෙ දෙව්ලොවින් බටහ. අප බුදුන් ගෙ ගුණ කියමි. එකඟ සිත් ඇති වැ අසා, මහරජ” යි*
“අයං දෙව භගවා අරහං සම්මාසම්බුද්ධො අම්හාකං අම්බවනෙ විහරති මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං අඩ්ඪ තෙළසෙහි භික්ඛුසතෙහි. තං ඛො පන භගවන්තං ගොතමං එවං කල්යාණො කිත්තිසද්දො අබ්භුග්ගතො ‘ඉතිපි සො භගවා අරහං සම්මාසම්බුද්ධො විජ්ජාචරණ සම්පන්නො සුගතො ලොකවිදු අනුත්තරො පුරිසදම්ම සාරථී සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා’ති. තං දෙවො භගවන්තං පයිරුපාසතු. අප්පෙවෙනාම දෙවස්ස භගවන්තං පයිරුපාසතො චිත්තං පසීදෙය්ය”යි.
බුුදුන්ගෙ ගුණ කියන්නාහු, “මහරජ, අප බුදුහු මා ගෙ අඹ වනයෙහි අඩතෙළෙස් යල් සියක් සඟුන් පිරිවරා වැඩැ වෙසෙති. තොප වැනි සියනුදු සුවහස්නුදු සිත් ගෙනැ බණ කියති. රිසි සෙ එළබැ පැන පුළුවුස්නෙ යැ”යි කීහ.
රජ බුදුන් ගෙ ගුණ අසත් අසත් සියල් සිරිරු[75] පස්වනක් ප්‍රීතින් අතුරු නැති වැ පිරි ගියෙ. හෙ එ[76] විගසැ මා බුදුන් කරා යාටි වැ,[77] “මා මෙ වෙලෙ බුදුන් කරා යන්නා හට අනෙක් කිසි කෙනෙක් යානයන්[78] යොජන්නට නොනිස්සහ, ජීවකයා විනා යැ”යි සිතා, “සබඳ, ජීවකය, යා. තො මැ ඇතුන් සදව” යි[79] කී යැ. අනෙක[80] අශ්වයාන රථයාන ඇත ද, ඇතුන් මැ සදා එළවන්නට කියනු කුමට යැ යත්: උත්තමයන් කරා යන කලැ උත්තමයානයෙන්[81] ගිය මැනැවිනුදු, අශ්වයානරථයාන සශබ්දයෙන්[82] දුරැ මැ[83] එහි හඬ ඇසෙන්නෙනුදු, පස් පස් යන්නා හට ද[84] හස්තියානයෙහි හඬ නො ඇසෙන්නෙනුදු, “නිවි බුදුන් කරා නිවි යානයෙන්[85] ගිය මැනැවැ”යි සිතා ඇතුන් සදා එළවන්නට යෙදී.
ජීවකයො “රජ මෙ වෙලෙ ‘බුදුන් දක්නට යෙමි’ යෙයි. රජ්ජුරුවන් සතුරො බොහොහැ. ඉදින් අතරමඟැ කිසි අන්තරායයෙක් වී නම්, අන්හු මා ගරහති: ‘ජීවක-රජ මා කීවා කෙරෙ’යි. අකාලයෙහි රජු ගෙනැ නික්මෙ’ යි කියා යැ. බුදුනුදු ගරහති: “මහණ ගොයුම් තමා කීවා කැරෙතී[86] කියා ‘කල් නො නහමා මැ කථා කෙරෙ’යි කියා යැ. එබැවින් මා හා[87] බුදුනුද් නොගරහන නියායෙන් යම්සෙ රජ හට රකවල් සුසංවිහිත වෙ ද, එසෙ කෙරෙමි” සිතුහු.
එක්බිති “අඹුන්මිනිසුන් නිසා පුරුෂයනට භය නම් නැති. සුවයෙන් අඹුන්මිනිසුන් පිරිවරින් යෙති”යි පන්සියයක් ඇතින්නන් සදවා පන්සියක් මාගමුන් පිරිමිවෙස් ගන්වා “අසි තොමර ගත් අත් ඇති වැ[88] රජු පිරිවරව” යි[89] කියා වැළිදු සිතුහු: “මෙ රජ හට මෙ අත්බැවැ මඟඵලයට උපනිඃශ්‍රය නැති. බුදුහු උපනිඃශ්‍රය බලා ධම් දෙසති. එසෙ බැවින් මහජනා[90] රැස් කරවමි. එසෙ වන්නා හා බුදුහු කිසි කෙනකුන් ගෙ උපනිඃශ්‍රය හෙයින් ධම් දෙසති. එ දෙසුන් මහජනයා හට උපකාරයට මැ වෙ” යි.[91] එබඳු දනට[92] කියා යවුහැ. නුවරෑ බෙර පියෙවි කැරැවූහැ: “අද රජ බුදුන් කරා යෙයි. හැමදෙනා තමන් තමන්ගෙ කරමිණි[93] තුබු පරිද්දෙන් අවුදු රජ හට අරක් ගන්නෙ යැ”යි යෙදුහු.
එකල්හි මහජනයො, “රජ බුදුන් දක්නට යෙ ල. එ ධම් දෙසුන් කිබඳ හො! සැණකෙළියෙක් කිම! එයට යම්හ!යි හැම දෙන ගඳමල් ගෙනැ රජු පෙරමඟ බලා මඟැ සිටියො. එ සැඳැ ජීවකයො “මහරජ, ඇතුන් සදා එළවූයෙ යැ. කල් දන්නෙ මැනැවැ”යි කීහු. රජ පන්සියක් මාගමුන් පන්සියක් ඇතුන් නඟා තෙමෙහෙ මඟුල් ඇතු නැඟී මිණිදඬුවැට පහනින් එකලු කොටැ මහත් අනුභාවයෙන් නුවරින් නික්මිණි.
එකෙණෙහි පන්සියක් මාගම්හු පිරිමිවෙස් ගෙනැ හිස් වෙළා දසරුයෙහි කඩු තබා මිණිතොමර ගෙනැ නික්මුණාහැ. ඔවුන් එක්බිති සොළොස් දහසක් නළුවො රජු පිරිවැරුහ. ඔවුන් එක්බිති කුද්කුරු[94] කිරාතාදීහැ.
ඔවුන් එක්බිති රජගෙ රක්නා රජු කෙරෙහි විස්වස් ඇති පුරුෂයහැ.[95] ඔවුන් එක්බිති විසිතුරු වෙශවිලාසධර වූ සැටදහසක් මහාමාත්රයහැ.[96] ඔවුන් එක්බිති නොඑක් පළඳනෙන් සැදී නන් නන් ඇවි ගත් විද්යාධරතරුණයන් බඳු අනූදහසක් පමණ රැටිදරුවහැ. ඔවුන් එක්බිති සියක් වටනා[97] පිළී හැඳැ පන්සියක් වටහා පිළී එකස් කොටැ බහා ලා නහා ගඳ විලෙවුන් ගත් රන් මල් ආදි නන් බරණින්[98] සැදුණු දසදහසක් මත්[99] බමුණො දකුණු අත් ඔසොවා ජයශබ්ද ගොහමින්[100] යෙති. ඔවුන් එක්බිති පසඟ තුරු ගත් පුරුෂයො පසඟතුරු වයමින් යෙති. ඔවුන් එක්බිති දුනුබැල යැ;[101] ඔවුන් එක්බිති ඔවුනොවුන් වෙර පැහැරැ යන ඇත්පන්ති යැ; ඔවුන් එක්බිති ගෙලෙන් ගල[102] පැහැරැ යන අස් පන්ති යැ; ඔවුන් එක්බිති එහි එහි පැහැරැ සිටි රථපන්ති යැ. ඔවුන් එක්බිති එහි එහි පැහැරැ සිටි රථපන්ති යැ; ඔවුන් එක්බිති දසරියෙන් දසරියෙහි පැහැරැ සිටි යොධයහැ. ඔවුන් එක්බිති තමන් තමනට නිසි ආභරණ සම්පතින්[103] වොරොජනා අටළොස් සෙනීහ යි යම්සෙ කෙළවර සිටැ වුහුටු සරයෙක් රදු කරා නොපැමිණෙ ද, එ සෙයින් ජීවකයො රජු ගෙ පිරිස් සංවිධාන කොටැ, “ඉදින් රජ හට කිසි උපද්‍රවයෙක් වෙ නම්, හැම දෙන හට පෙරට වැ රජ හට දිවි දෙමි”යි තුමුහු රජු[104] වැළැත ගෙනැ යෙති. ලියවැට මිණිදඬුවැටපහන් ‘මෙතෙක් සිය යැ, මෙතෙක් දහසැ’ යන පමණ නැති.
මෙසෙ මහත් රාජානුභාවයෙන් එ රජ[105] දෙතිස් මහ දොරක් හා සූසැට සුළු දොරක් හා ඇති රජගහා නුවරැ පැදුන් දෙසෙහි දොරින් නික්මැ නුවර පවුර හා ගිජුකුළුපව්ව හා දෙ අතුරෙහි ජීවකයන් ගෙ අඹ වනයට වෙත් වැ ගියෙ.[106] “එකල්හි බුදුන් කරා යන කලැ නිශ්ශබ්ද වැ ගිය මැනැවැ”යි රජගෙහි මැ සිටැ ජීවකයන් කීයෙන්[107] බෙර නො ගැසියැ දි මහත් කොටැ නොබිණියැ දි යන රජ හට භය උපන. කුමට යැ යත්: “අඩතෙළෙස් යල් සියක්[108] සඟුන් වසන අඹ වනයෙ කිබිස්නා හඬෙකුදු පොවා නැති. ‘ජීවක මා නුවරින් පිටතට නෙරැ-ගෙනැ පෙරටින්[109] බලකාය[110] දක්වා මා මරා තෙමෙ රජ වියටි යැ. මෙ පස් ඇතක් හට බල ඇත්තෙ යැ. මා වැළැත ගෙනැ යෙයි. මා කෙරෙහි ආයුධ ගත් එක පුරුෂයෙකුදු නැති. මට කැරුණෙ මහත් පිරිහිණෙකැ”යි සිතා බියපත් වැ “ජීවකය, මා නො නස. අභය දෙ”[111] යි කී යැ.
එකල්හි ජීවකයො “මෙ රජ මා ගෙ මාත්‍රා නො දන්නි. මම් ලිහිඬින්ලකුදු[112] දිවි නො ගළවමි. රජු නො අස්වැසීම් නම්, නස්සී” යි සිතා තර කොටැ අස්වසන්නාහු “මහරජ, නොබව, නොබව.[113] තෙලෙ බලා ගනැ. මණ්ඩලමාලයෙහි පහන් දිලියෙන්නාහ”යි කීහ. එ කල්හි රජ දොරොටුයෙන්[114] පිටතැ මැ සිටැ. ඇත්පිටින් බට. බැසැ බිමැ සිට විගසැ මැ බුදුන් ගෙ තෙජස් රජු වෙර පහළ. එකල්හි රජ හට එකෙණෙහි සියල් සිරිරින් සෙවද වැහිණ,[115] සළු[116] පෙරළා[117] පියන පමණ වි යැ. තමා ගෙ අපරාධ සඳහන් කෙළෙන් මහත් භය උපන.
හෙ ඉඳුරා බුදුන් කරා යන්නට නොපොහොසත් වූයෙ ජීවකයන් අතැ ගෙනැ අරම් සැරිසරන්නක්හු සෙයින්[118] “ජීවකය, තා මෙ කැරැවු සෙ යහපතැ. මෙ කැරැවු සෙ යහපතැ”යි ගුණ කියමින් අනුක්රමයෙන් මණ්ඩල මාලයට සම්ප්‍රාප්ත වැ “බුදුහු, සබඳ, කොහි යැ?” යි පිළිවිත්. කුමට පුළුවුස්සි යත්: ඇතැම්හු ‘නොහඳුනන්නෙන් පිළිවිතැ’ යෙත්. අකාරණ යැ. මෙ ළදරු කලැ පියරජු හා ගොස් බුදුන් දුටුවිරි යැ. පැසුළු පාපමිත්‍රයන් ගෙ සැසැඟින්[119] පිය රජහු මරා බුදුන් මරන්නට දුනුවායන් මෙහෙයා නාලාගිරිහි විහිදැ මහත් අපරාධයක් කොටැ සිටියෙන් බුදුන් කරා නොවන්නා මිසැ
නොහඳුනන්නෙ නො වෙයි. බුදුහු වනාහි දෙතිස් වරලකුණෙන් හා අසු අනුව්යඤ්ජනයේ සැදි සිරිරු ඇතියව්හ. සවනක් රසින් දිලියෙමින් සියලු අරම් බබුළුවා තරු පිරිවරන ලද පුන් සඳක් සෙයින් මහණගණා පිරිවරා මණ්ඩලමාල මධ්‍යයෙහි වැඩැ හුන්නාහ. බුදුන් කවුරු නොහඳුනති![120] මෙ රජ තමා ගෙ ඉසුරු ලීලායෙන් පිළිවිතැ. හඳුනතුදු නොහඳුනන වන් වැ පුළුවුස්නෙ රජුන්ගෙ සිරිති. ජීවකයො වනාහි රජු ගෙ බස් අසා “මෙ රජ පොළොවැ සිටැ ‘පොළොව් කොහි යැ?” යන්නක්හු වැන්න. අහස් බලා ‘හිර[121] සඳ කොහි යැ?” යන්නක්හු වැන්න. මෙරමුලැ සිටැ ‘මෙරගල කොහි යැ?” යන්නක්හු වැන්න. බුදුන් පෙරට සිටැ ‘බුදුහු කොහි යැ?” යි පුළුවුස්නෙ යැ. එසෙ බැවින් මොහු බුදුන් දක්වමි” ඇඳිලි බැඳැ, “මහරජ, පෙරටහු[122] අප සම්මා සම්බුදුහ. මැද ටැඹ නිසා පැදුන් දස බලා සඟපිරිස් පිරිවරා වැඩ හුන්නාහ”යි කීහු.
රජ බුදුන් කරා එළැබැ සඟනට ගහට නො කොටැ එක් තැනෙක්හි බුදුන් නො වැඳැ මැ සිටැ, නිවාත තැනෙක්හි පිපි රත් පියුම්වනයක් සෙයින්, නො බැණැ වැඩහුන් සඟුන් දිට.[123] එහි එක්කෙනෙකුදු අතක් සොල්වනුවො නො ද ඇති. පයක් සොල්වනුවො නො ද ඇති. සව්බරණින්[124] සැදි නළු පිරිස් පිරිවරා බුදුන් පෙරට සිට රජ හො රජ පිරිස් හො එක් කෙනෙකුදු නො බැලූහ. හැම සඟහු[125]සවනක් පැහැයෙන් දිලියෙන බුදුන් බලා වැඩහුන්හු. රජ සඟුන් ගෙ උපසමයෙහි පැහැදැ, මඬ නැති පහන් විලක් සෙයින්, සන්හුන් ඉඳුරන් ඇති සඟුන් මෙ පුන පුනා බලා, “මෙ උපසමය ම-පුතු උදා කුමරු හට වෙව”යි සිතා උදන් ඇනී.
ඔහු පැවිජි වැ මෙ සඟුන් සෙයින් උපශාන්ත වනු සඳහා නො වෙයි. මෙ රජ සඟුන් දැකැ පැහැදැ පුතු සඳහන් කෙළෙ. දිලිබ්[126] දැයක් ලදින් හො අපූර්ව දැයක්[127] දැකැ හො පිය වූ නෑයන් මිතුරන් සඳහන් කරනු ලොකයා ගෙ සිරිති.
එ සඳ බුදුහු රජු ගෙ සිත්හසර දැකැ, “මෙ රජ[128] මා හා සමඟ කථා කරන්නට නොපොහොසත් වූයෙ, බික්සඟුන් බලා පුතු සඳහන් කෙළෙ. මා නොබණන කල්හි මෙ රජ කිසි දැයක් කියන්නට නොනිස්සැ. මුහු හා සමඟ කථා කළ මැනැවැ”යි “මහරජ, යම්සෙ උන් තැනැ වට දිය නතු තැනට යෙ ද, එ සෙයින් මැ සිත් තමා[129] පුතු කරා නතු වි යැ”යි වදාළො. එ සඳ රජු සතුටු වැ “බුදුගුණ අචින්ත්‍ය පරිදි මම් මැ[130] දන්මි. මා සෙ බුදුනට[131] අපරාධ කළ කෙනෙක් නම් නැති. මා මැ විසින් බුදුන් ගෙ අක්වටා[132] රජ මරන ලද. දෙව්දත්හු කියමන් ගෙනැ දුනුවාවන් මෙහෙයීමි. නාලාගිරිහි විහිද්විමි.[133] මා නිසා යැ, දෙව්දත් ගල්කුළු වුහුටුයෙ.[134] මෙසෙ අපරාධ ඇති මට බුදුහු පියතෙපුල්[135] කරන දෑ යැ. අහො! යහහ![136] බුදුහු පස්වැදෑරුම් තාදිගුණයෙහි පිහිටියාහ. මෙබඳු ගුණමුහුදු සථරුන් තබා බැහැරැ[137] සථරුන් පිරියෙස්මහ!”[138] යි සොම්නස් වැ පුතු තම හට පිය පරිදි කියා, බුදුන් පසඟ පිහිටුවා වැඳ, “සඟුන් වඳුත් බුදුනට පිටි පෑ[139] වැන්ද මනා වෙ” සඟනට බැඳැ පැන පුළුවුස්නට අවසර ගත්.
එ සඳැ බුදුහු “රිසියුණුදැයක්[140] පුළුවුස, මහරජ” යි සර්වඥ පවරුණෙන් පැවරුහු. මෙසෙ බුදුන් සර්වඥපවරුණෙන් පැවරු කල්හි රජ පැන පුළුවුස්නෙ “වහන්සෙ, ඇත්අරු[141] අස්අරු රියසැරි ආදීහු තමන් තමන් දන්නා ශිල්පයෙහි ඵල මෙ මැ ජන්මයෙහි ලැබෙති. රජකුලෙන් මහත් සම්පත් ලදින් තුමුහු දු සුවයෙන් වැටෙති. මවුපියනුදු අඹුදරුවනුදු මිත්රයනුදු ඇමත්තනුදු සුවයෙන් පස්වටති. මහණ බමුණනට, සුගතියැ උපැද මහත් සම්පත් වළඳන්නට නිසි, දනුදු දෙති. වහන්සෙ, එසෙයින් මැ මෙ ජන්මයෙහි මහණුව මැ ඵල දැක්විය හැක්කැ හො?” යි පිළිවිත. බුදුහු පැන නො විසජා මැ සිතුහු: “තීර්ථකයන් ගෙ ලද ගත් බොහො ඇමැත්තො මෙයට ආවාහ. හළ මනා පක්ෂය දු ගත මනා පක්ෂය දු දක්වා කියන කල්හි ‘අප මහරජ මෙයට මහත් උත්සාහයෙන් මෙ ආ යැ. ඔහු ආ තැන් පටන්-ගෙනැ මහණ ගොයුම්හු මහණුන්ගෙ කොලාහල හා සටන් කියති’ යි මුමුණනු වෙනි. සකස් කොටැ බණ නො අසති. රජු කියන කලැ[142] දහනට නොනිස්සහ. රජු මැ අනු වැ පවතිති.[143] එබැවින් රජු මැ භර කළ මැනැවැ”යි. “මහරජ, මෙ පැන සෙසු මහණ බමුණන් පුළුවුත් විරියෙක් හා ඇද්ද? ඔවුනොවුන් කී දෑ තා සඳහන් ඇත් හොත්, යා”[144] යි වදාළහැ.
එකලැ රජ, “පණ්ඩිත ප්රතිරූපකයනට කියනු දුකැ. ඔහු පෙදෙහි පෙදෙහි අකුරෙහි අකුරෙහි[145] දොස් දෙසති.[146] එකාන්ත පණ්ඩිතයො වූ කලැ කියනු අසා මනා කොටැ කිව, පසස්ති. නෙසෙ[147] කී දැයක් ඇත, ඉදි කොටැ දෙසති5. බුදුන් හා සම ඒකාන්ත පණ්ඩිත කෙනෙක් ඇත්තාහු නොවෙති. එ බැවින් කිව මැනැවැ”යි සිතා “වහන්සෙ, මම එක් සමයෙක්හි පූරණ කස්සප නම් නුවටහු කරා ගොස් මෙ මැ නියායෙන් පැන පුළුවුත්මි. හෙ ‘පව්කැමැ දු පින්කැමැ දු ඵල නැති’ යනාදි විසින් තමාගෙ දර්ශන කී යැ. ‘අම්බං වා පුට්ඨො ලබුජං ව්යාකරෙය්ය’ යන සෙයින් මා පුළුවුත්තා තබා අනෙකක් කී යැ.[148] මම ඔහු කී දැය නො ගිවිසැ ‘අසුවල් රජ තමා ගෙ විජිතයට ගිය මහණ බමුණනට මෙනම් දෙයක් කෙළෙ ල’ යනු නො කියවුව මැනැවින්, නො බැණැ නැඟී ගියෙමි” කී යැ. මෙ නියායෙන් සනුවටැජරන් කරා එළබැ පැන පුළුවුත්සෙ, ඔවුන් තමා පුළුවුතු දු තමා තමන් තමන් දර්ශන දැක්වූසෙ, එහි තමා නොසතුටුසෙ කියා “වහන්සෙ, මම් වැලි පෙළා තෙල් නො ලබන්නක්හු සෙයින් තීර්ථයන් ගෙ[149] දර්ශනයෙහි සාරයක් නොලදින් වහන්සෙ පැන පුළුවුස්නට ආමි. වහන්සෙ, මෙ මැ ජන්මයෙහි මහණුවමැ ඵල දැක්විය හැක්ක හො?” යි කී යැ.
එකලැ බුදුහු “කියග, මහරජ, තා මැ පුළුවුස්මි. තා ගෙ කීකරු දසෙක් ‘පිනැ ඵල පෙළහර යැ. මෙ අජාසත් රජ දු මිනිසැ, මම ද මිනිස්මි, මෙ රජ පස්කම්ගුණෙන් පිනපිනා රජ කෙරෙයි, දෙව්රජක්හු වැන්නැ, මම ඔහුගෙ දස්මි, මා මුහු සෙ මැ පින් කළ මැනැවැ. ඉදින් දන් දෙම් නම්, රජු එක් දවසක් දුන් දන් සියක් භාග කළ කලැ එයින් එක් භාගයක් පමණ දිනක් මම් දිවිපමණින් දෙන්නට[150] නො නිස්සෙමි, ඔස, මා පැවිදි වැ සිල් රැක්ක මැනැවැ’යි පැවිජි වෙයි.[151] පැවිජි වැ සිල්වත් වැ අපිස්සතොස් වැ වෙසෙයි. ඔහු එසෙ වසන කලැ ‘මා දසු මට මෙහෙයට එන්නෙ යැ’ යි හා කියහි දැ?” වදාළහ. “වහන්සෙ, එස නොකියම්හ. ඇපි මැ ඔහු වැඳැ පුදා දන් දෙම්හ” යි කි යැ. “කියග, මහරජ, ඉදින්[152] එසෙ වෙ නම්, මෙ මැ ජන්මයෙහි මහණුවමැ මෙ ඵල නොවෙ දැ”යි වදාළහ. “වහන්සෙ, ඒකාන්තයෙන් මෙ මැ ජන්මයෙහි මහණුවමැ මෙ ඵල යැ”යි කී යැ. “මහරජ, මෙසෙ මා විසින් මෙ මැ ජන්මයෙහි මහණුවමැ පළමු වන ඵල පනවන ලදැ”යි වදාළහ.[153]
“වහන්සෙ, මෙ සෙයින් මැ මහණුවමැ මෙ ජන්මයෙහි මැ අනෙක් ඵලයක් හා පැනවිය හැක්කැ හො?” යි කී යැ. “මහරජ, එයිත් තා මැ පුළුවුස්මි. තට උපයා දෙන ගොවියෙක් තාගෙ විධි දැකැ ‘මයිදු පින් කළ මැනැවැ’යි කුදු මහත් සැපත් පියා පැවිජි වැ සිල්වත් වැ ගුණවත් වැ වැටෙයි. ඔහු එසෙ වසන කලැ ‘මා ගෙ ගොවිහි මට උපයා දෙන්නට එන්නෙ යැ’ යි හා කියහි දැ?” යි වදාළො. “වහන්සෙ, එසෙ නො කියම්හ.[154] ඇපි මැ ඔහු වැඳැ පුදු සතර පසයෙන් දන් දෙම්හ”යි කී යැ. “කියග, මහරජ, ඉදින් එසෙ වෙ නම්, මෙ මැ ජන්මයෙහි මහණුවමැ මෙ ඵල වෙ ද? නොවෙ දැ?”යි වදාළො. “වහන්සෙ, ඒකාන්තයෙන් මැ මෙ මැ ජන්මයෙහි මහනුවමැ ඵල යැ” කී යැ. “මහරජ, මෙසෙ මා විසින් මෙ මැ ජන්මයෙහි මහණුවමැ දෙවන ඵල පනවන ලදැ?”යි වදාළහ.
“වහන්සෙ, මෙ මැ ජන්මයෙහි මෙයට වැඩි මහණුවමැ අනෙක් අතිශය ඵලයක් හා පැනවිය හැක්කැ හො?” යි කී යැ. “ඔස, මහරජ, අසා[155] දනැ”යි – “ඉධ තථාගතො ලොකෙ උප්පජ්ජති අරහං සම්මාසම්බුද්ධො” යනාදි ක්‍රමයෙන් බුද්ධොත්පාදයෙහි පටන්-ගෙනැ අර්හත් ඵලය පර්යන්ත කොටැ අහස්ගඟ වතුරු සෙයින් ධම් දෙසා “මහරජ, මෙ මැ ජන්මයෙහි මහණුවමැ[156] මෙ ඵල යැ. මෙයට වඩා උතුම් අනෙක් අතිශය ඵලයෙක් නැති” වදාළො. මෙහි විස්තර දික්සඟියැ සාමඤ්ඤඵල සුතින් දන්නෙ යැ.
එකල්හි රජ තන්හි තන්හි සාධුකාර දී ආදි මධ්‍යාවසාන පහසා[157] සකස් කොටැ අසා “මම් මෙ පැනයන් බොහො දවස් බොහො මහණ බමුණන් පුළුවුස්නෙයිම්[158] තොහො කොටන්නක්හු සෙයින් කිසි සාරයක් නො ලදුමි. බුදුන් ගෙ ගුණ සපුව මහතැ. බුදුන් වහන්සෙ මට පහන් දහස් දල්වා[159] අලු කරන්නක්හු සෙයින් මෙ පැන විසජුහ. බොහො දවස් මම් බුදුන් ගෙ ගුණානුභාව නො දැනැ බැදිණිමී” සිතා බුදුගුණ සඳහන් කිරීමෙන් උපන් පස්වනක් ප්‍රීතින් පිනන ලද සිරුරු ඇති වැ “දිවි පියම්නි දු සරණ නො පියමී” තුණුරුවන් සරණ ගොස් ඉදින් “මා තියුණු කඩුයෙකින් හිස් සිඳිත් නම්, බුදුන් ‘නොබුදුහු’ යි නො ද කියමි. දහම් ‘නොදහමැ’යි නො ද කියමි. සඟහු ‘නොසඟහ’යි නො ද කියමි. මා සරණ ගිය බව් උපාසක බව් කැපකරු බව්[160] දන්නෙ මැනැවැ”යි දන්වා තමා පියා ධම්රජහු මැරු වරදට කමවා වැඳැ තුන් යලක් පැදකුණු කොටැ නියරසින් දිලියෙන ඇඳිලි මුදුනෙහි පිහිටුවා පැනෙන තාක් තැනැ බුදුනට අභිමුඛ වෙමින් ගොස් දසුන්[161] විජහන තැන සිටැ බිමැ පසඟ පිහිටුවා වැඳැ බුදුන් ගෙ ගුණ සඳහන් කෙරෙමින් නුවර ගියෙ.
ඔහු ගිය කලැ බුදුහු, “මහණෙනි, මෙ රජ පියා නො මැරුයෙ වී නම්, දැන් මෙහි මැ හිඳැ සොවන් වූයෙ යැ.
පාපමිත්‍ර සංසර්ගයෙන් එයට අන්තරාය වි යැ. එතෙකුදු වත් හොත් යම් හෙතුවෙකින් මෙ රජ තථාගතයා කරා එළබැ තුණුරුවන් සරණ ගියෙ ද, එ හෙතුවින් මාගෙ සස්නෙහි මහතින්, යම්සෙ කිසිවෙක් මිනිසකු මරා මල් මිටක් පමණ දඬ දී ගැළවෙ ද, එසෙයින් මැ මෙ රජ ලොහොකුඹුනිරයැ උපැද[162] තිස්වාදහසෙකින් පත්ලට බැසැ තිස්වාදහසෙකින් සැලමුවවිටට නැඟී ගැළැවී යෙ”යි වදාළො.
මෙරජ පියා මැරු තැන් පටන්-ගෙනැ රෑදාවල් නිදි නො ලැබෙයි. බුදුන් දරා එළබැ මියුරු ඔජ ඇති ධම් දෙසුන් ඇසූ තැන් පටන්-ගෙනැ නිඳි ලද. තුණුරුවනට මහත් සත්කාර කෙළෙ. පුහුදුන් සැදැහැත්තන් කෙරෙහි මෙ රජු හා සමයො නැති. අනාගතයෙහි විදිතවිසෙස[163] නම් පසෙබුදු වැ පිරිනිවෙයි.
මෙසෙයින් බුදුහු තමන් ‘පුරුෂදම්‍යසාරථී’ වන බැවින් අජාසත් රජහු පුළුවුත් පැන විසඳා[164] ධම් දෙසා සරණසීලැ පිහිට්ටා[165] ආදිශබ්දයෙන් පායාසි, පොක්සී[166] ඇ රජුන් දමා අමා මහනිවන් පැමිණිවුහු.
රාජදමන නම් සවන පරිච්ඡෙද නිමි.
අඟුල්මල් සොරහු දැමු පරිදි කිසෙ යැ යත්: කොසොල් රජහු ගෙ[1] භර්ග[2] නම් පුරොහිතයා පිණිස මන්තාණි නම් බැමිණි ගබ් ගෙනැ රෑ[3] පුතකු ප්‍රසව[4] කළා. ඔහු මවු කුසින් නික්මෙන කලැ සියලු නුවරැ ආයුධ[5] දිලිණ. රජුගෙ යහන්හි තුබු මඟුල්කඩුව ද, සෙසු ඇවි දු[6] දිලිණ. බමුණු නික්මැ නකත්තුරු බලන්නෙ සොරනකතින් උපන් බැව් දැනැ[7] රජු කරා ගොස් “දවස් ගිය සෙ සුව දැ?”යි පිළිවිත. රජ “දවස් ගිය සෙ නොසුව යැ. රෑ මාගෙ මඟුල් ඇවි[8] දිලිණ. රජයට හො දිවියට[9] හො අන්තරායවෙයි යන සිතින් නිඳි නොලත්මී” කී යැ. “මහරජ, නො බව.[10] මාගෙ ගෙහි කුමරෙක් උපන. උහුගෙ ආනුභාවයෙන් තොපගෙ මතු නොවෙයි, සියලු නුවරැ ආයුධ දිලිණැ”යි කී යැ. රජ එකල්හි “කිමෙක් වෙ?” යි පුළුවුත්තෙන්[11] “සොරෙක් වෙ” යි කි යැ “එක සොරෙක් වෙයි හො? බොහො සොරුන් ගෙනැ රට පහරනට නිසි සොරෙක් වෙයි හො?” යි කී යැ. “එක සොරෙක් වෙයි, මහරජ” යි කී යැ. එසෙ කියා තමා රජු සිත් ගන්නා සඳහා “උහු හැරැ-පියුව[12] මැනැවැ හො?” යි කී යැ. “එකා සොරකු බැවින් කුම්[13] කෙරෙයි! පිළිදගුව උහු[14] යැ” යි කී යැ. ඔහු නම් තබන්නාහු “සියලු නුවරැ දිළියෙන ආයුධයො කිසි කෙනෙක් හට හිංසා නොකළහ” යි අහිංසක නම් තුබුහ.
ඔහු විය පත් කල්හි මවුපියො ශිල්ප උගන්නට තක්සලා නුවර නඟා-යවූහ. හෙ ධර්මාන්තෙවාසික වැ ශිල්ප උගන්නි. වත්සපනැ, කී කී දැයක් වහා සපයයි, මන වඩන නියායෙන් හැසිරෙයි. පෙම් වඩන[15] නියායෙන් බෙණෙයි. සෙසු දරුවො පිටත් වූහු.[16] ඔහු “අහිංසක මාණවකයා ආ තැන් පටන් ගෙනැ අපි නො පෙනෙම්හ. උහු[17] කිසෙ බිඳුවම්හ!” බැණැ-ගන්නාහු “හැම දෙනා හට වඩා නුවණැති බැවින් ‘නුවණ නැත්තෙ යැ’ යි නොකිය[18] හැක්ක. වත්සපනින් ‘නොවන් සපනැ’යි නොකිය හැක්ක. කුමක් කරම්හ! යි. ආචාර්යයා අඹුව හා සසඟ[19] අත්තෙ යැයි බිඳැ-පියම්හ! යි. බැණැ-ගෙනැ තුන් රැසක් වැ පළමු ඇතැම් කෙනෙක් ආචාර්යයා කරා එළබැ වැඳැ සිටියාහ. “කිම් ද දරුයෙනි?”[20] කීයෙන් “මෙහි ඇසෙන දැයෙක් ඇති”යි කීහ. “කිමෙකැ හො?” යි කීයෙන් “අහිංසක මාණවකයා තොපට වරද්දයි[21] ගත්තාම්හ” යි[22] කීහ. ආචාර්ය උනට දැහැවැ[23] “යටත්නි, මපුතු මා කෙරෙහි[24] නොබිඳැ-පියටියාව” යි[25] නෙරැ-පීයැ.[26] ‘අනෙක් වටැ අනෙක් රැසැ[27] ඇත්තො ආහ. අනෙක් වැට අනෙක් රැසැ ඇත්තො ආහ’යි තුන් රැසැ මැ ඇත්තො අවුදු එසෙ මැ කියා “අප නො හදහා නම් තෙපි මැ පිරික්සා බලව”යි කීහැ.
ආචාර්ය ඔවුන් තමා සනා ඇති වැ[28] බණනසෙ දැකැ “ඇය හා ඔහු සසඟ ඇති සෙ යැ”යි බිඳී “ඔහු මරමී” සිතී. “ඉදින් ඔහු මැරුයෙම් වීම්[29] නම්, ‘දිසාපාමොක් ඇදුරු තමා කරා ශිල්ප උගන්නට ගිය දරුවන් දොස් දක්වා මරයි, කියා වටාලා[30] ශිල්ප උගන්නට එන්නො නොවෙති.[31] එසෙ වන්නා හා[32] මට ලාභ පිරිහෙයි. එසෙ බැවින් ශිල්ප සමහරයට[33] උපචාර යැයි කියා මිනිස් දහසක් මරන්නට කියමි. ඒකාන්තයෙන් එයින් එකෙක් ඔහු මරයි” සිතා “පුතැ, මිනිස් දහසක් මැරුව මැනැවැ. එසෙ වන්නා ශිල්පයට උපචාර කළා වෙ”[34] යි කී යැ. “ඇපි අන්නට හිංසා නොකරන කුලෙහි උපන්නම්හ.[35] එසෙ නොකට හැක්කැ”යි කි යැ. “ශිල්පයට උපචාර නොකරන්නා ඵල නොදෙයි, පුතැ,” යි කී යැ. හෙ පඤ්චායුධ ගෙනැ ආචාර්යයා වැඳ අටවියට වැදැ අටවියට වදනා තන්හි දු අටවිමධ්යයෙහි දු අටවියෙන් නික්මෙන තන්හි දු සිටැ[36] මිනිසුන් මරයි. පිළී ඈ කිසි අයතියක් නොගන්නි. ‘එකෙකැ, දෙකෙකැ’යි ගණන් මතු කෙරෙමින් යෙයි. මෙ නුවණ ඇත ද, පණිවා කරනුවත් සිත්[37] නොපිහිටන බැවින් කල් යත් යත් ගණනුදු නොදත. එකෙකි ඇඟිලි කපාගෙනැ තබයි. තුබු තුබු තැනැ ඇඟිලි නස්සි. එ නස්නාසෙ දැකැ ඇඟිලි විද මාලා කොටැ ධැරි යැ. එයින් ගෙ අංගුලිමාල නම් වි යැ.
හෙ හැම අරණ්‍යයෙහි හසර නැති කොළෙ. දර පලා සඳහා වල් යන්නාහු නැති. රෑගමට වැදැ පයින් පැහැරැ දොර ගළවා පියා එහි හොතුවන් මරා-පියා ‘එකෙකැ දෙකෙකැ’ යි ගැණැ-ගෙනැ යෙයි. එකල්හි ගම්වැස්සො ගම් පියා ගොස් නියම්ගම් වන්හ. නියම්ගම්වැස්සො ගොස් නුවර වන්හු. තුන් යොජනක් තන්හි මිනිස්සු[38] ගෙ පියා දරුවන් අතැ ගෙනැ ගොස් සැවැත් නුවර වටා කඳවුරු බැඳැ රජාඞ්ගණයෙහි රැස් වැ “මහරජ, තාගෙ රට අඞ්ගුලිමාල නම් සොරෙක් වී යැ” කියා කියා වලපිත්.
පිය බමුණු “මපිත්[39] වන්නෙ වෙයි” සිතා මවුබැමිණියට “අඟුල්මල් නම් සොරෙක් උපන. හෙ අනෙකෙක් නොවෙයි, තී පිත්[40] අහිංසක කුමාර යැ.[41] දැන් රජ ඔහු ගන්නට යෙයි. කුමක් කට යුත්තෙ යැ?” යි[42] කී යැ. “යා හිමි, මපුතු ගෙනැ එ”යි[43] කිව. “සොඳුර, මම් යන්නට නොනිස්සෙමි. සතර දෙනකු කෙරෙහි විස්වස් නැති: සොර ‘පෙරැ මා සබඳහ’ යි විස්වස් නොකට[44] යුත්තෙ යැ. තමා පළමු අතොට[45] හුන් කොළ ‘මා පෙරැ වළඳ ගත්තෙ යැ’යි විස්වස් නොකට යුත්තෙ යැ. රජ ‘මා හා සබඳහ’ යි විස්වස් නොකට යුත්තෙ යැ. ස්ත්‍රී ‘මට වශ්‍ය[46] යැ’ යි විස්වස් නොකට යුත්තෙ[47] යැයි කී යැ. මවුන් වනාහි ළ මෙළෙක් වෙයි. එයින් හො “මම් මැ මපුතු ගෙනැ එමී” නික්මුණ.[48]
එදවස් බුදුහු දෙව්රම්හි වෙසෙමින් අලුයම් සමාහි[49] ලො බලන්නාහු අඟුල්මල් සොරහු දැකැ “මා ගිය කලැ ඔහුට[50] සෙත් වෙයි. ගම් නැති තැනැ මහ වල්හි සිටියෙ සිවුපදගයක්[51] අසා මා කෙරෙහි පැවිජි වැ රාත් වෙයි. ඉදින් නොගියෙම් නම්, මව මරා සසරින් නොනැගිය හැකි වෙයි. ඔහට සඞ්ග්‍රහ කළ මැනැවැ”යි පෙරවරු සුගත් මහපහුල්[52] හැඳැ පෙරෙවැ නුවර වැදැ වළඳා වෙහෙර ගොස් ඔව්හට සඞ්ග්‍රහ කටටි වැ දෙවරමින් නික්මැ අධන්මඟ පිළිපන්හු. එකල්හි ගොන් රක්නාහු වස්සන් රක්නාහු සහන්නාහු ගමන් යන්නාහු බුදුන් එකලා වැ බුදුරැස් නොවිහිදැ වඩනුවන්[53] දැකැ නොහැඳිනැ “මහණ, එ මඟට නොයා. එ මඟැ අඟුල්මල් නම් සොරෙකැ,[54] දරුණැ, ලෙහෙ මුඩු[55] අත් ඇත්තෙ යැ, සතුන් කෙරෙහි කුළුණු නැත්තෙ යැ, ගම් නොගම් කෙළෙ, නියම් ගම් නොනියම්ගම් කෙළෙ, දනවු නොදනවු කෙළෙ, මිනිසුන් මර මරා ඇඟිලි විදැ මාලා කොටැ ධරයි. මහණ, තෙල මඟට පුරුෂයො දස දෙ දුවිසි තිස් සතලිස් පනස් දෙන දු සැක ඇති වැ සන්නද්ධ වැ වග වග වැ[56] යෙති. ඔහු දු අඟුල්මල් සොරහු අතැ නස්ති” කීහ. බුදුහු ඔවුන් තුන් යලක් කියතුදු නොබැණැ නැඟී වැඩියො.
සොරදු[57] එසමාහි[58] දුබ්භොජනයෙනුදු දුක්ඛසෙය්යායෙනුදු උකටලි වී. ඔහු මැරු මිනිස්හු එකක්හු උනු දහසක් දෙන යැ. හෙ වනාහි “එකකු විසින් දහස සපිරෙ” යි යන සිත් ඇති වැ “යමක්හු පළමු දිටිම් ද, ඔහු මරා ගණන් සපුරමි.[59] ශිල්පයට උපචාර කොට දැළි කප්වා නහා පිළි පෙරළා[60] මවුපියන් දක්මි”යි අටවියට වදනා තැනට අවුදු මඟින් පහ වැ සිටියෙ, බුදුන් දැකැ විස්මිත වැ “මෙ මඟට පුරුෂයො දස දෙන දු විසි තිස් සතළිස් පනස් දෙන දු සැක ඇති වැ සන්නඬ වැ වග වග වැ එති. ඔහු දු මා අතැ නස්ති.
එතෙකුදු හොත් මෙ මහණ එකලා වැ මා අභිභවමින් මෙන් එයි.[61] මෙ මහණහු මැරුව මැනැවැ”යි කඩු පලඟ ගෙනැ දුනු හියවුර[62] බැඳැ බුදුන් පස් පස් ලුහුබඳවමින් යෙයි. යම්සෙ අඟුලුමල් සොර බුදුන් පියෙවිගමනින් වඩනුවන්[63] බැලපමණින්[64] දිවෙනුයෙ හඹා නොගත හෙද,[65] එවැනි අධිෂ්ඨානයක් කොළො. කිසෙ යැ යත්: “මහපොළොව නැඟි නැඟි බස්නා රසළ සෙයින් උහු ඇරැ බහ බහා සිට්වයි.[66] හි-සනක් පමණ තැන් පියා යෙයි. ගිය කලැ බුදුහු පෙරට මහත් අඞ්ගණයක් දක්වා තුමුහු මධ්‍ය වෙති. හෙ අන්ත්‍ය[67] වෙයි. “දැන් මොහු හඹා-ගන්මි’යි බැල පමණින් දිවෙයි. බුදුහු එ අඞ්ගණයෙහි කෙළවරැ වෙති.[68] සොර මධ්‍යයෙහි වෙයි. හෙ “මෙ තැනැ දි ඔහු හඹා-ගන්මි[69]” යි වෙළෙවි වැ දිවෙයි. බුදුහු එහි පෙරට වළක් හො ගොඩක් හො දක්වති.[70] මෙ නියායෙන් ඔහු තුන් යොජනක් තැන් ගෙනැ වැඩියො.
සොර ක්ලාන්ත වි යැ. මියෙහි කෙළ සිඳී ගියෙ. ශරීරයෙන් සෙව ද බස්සි. එකලැ අඟුල්මල් සොර විස්මිත වැ “මම් පූර්වයෙහි දිවෙන[71] ඇතුන් ලුහුබැඳ ගනිම් මැ යැ. අසුන් ලුහුබැඳැ ගනිම් මැයැ. රථ ලුහුබැඳැ ගනිම් මැ යැ. දිවෙන11 මුවන් ලුහුබැඳැ ගනිම් මැ යැ. එතෙකුදු හොත් මම් මෙ මහණහු පියෙවිගමනින් යන්නහු[72] බැල පමණින් දිවෙනුයමේ හඹා නොගත හෙමි[73]යි සිටැ බුදුනට “සිට[74] මහණ,” යි කී යැ. බුදුහු “මම සිටියෙමි. තොද සිට” යි වදාළො. එ සඳැ අඟුල්මල් සොර “මෙ සෑ[75] මහණහු සබව් කියති. මෙ මහණ යනුයෙ මැ “මම සිටියෙමි. තොද සිට’යි යෙයි. යම් කාරණයෙකින් මෙ මහණ යනුයෙ ‘සිටියා’ නම් වෙද, මම සිටියෙමි ‘නොසිටියා’ නම් වෙම් ද, එ කාරණය පිළිවිසැ බැලුව මැනැවැ”යි සිතා “මහණ,
‘තො යන්නෙහි, ‘සිටියෙමි’යි යෙහි. මා සිටියා හට ‘නොසිටියාහ’ යෙයි. තො කිසෙ සිටියෙහි?[76] මම් කිසෙ නොසිටියෙමි? පිළිවිත්.
එ සඳ බුදුහු “අඞ්ගුලිමාලය, හිංසා සඳහා සතුන් කෙරෙ පැවැත්විය යුතු යම් දඬෙක් ඇද්ද, ඒ හැම කල්හි පියා ක්ෂාන්ති මෛත්රියැ සිටි වන බැවින් මම් ‘සිටියා’ නම් වෙමි. මෙතෙක් දහස්[77] සතුන් මරණ තා ක්ෂාන්ති මෛත්රියැ නොසිටි වන බැවින් තො ‘නොසිටියා’ නම් වෙහි.[78] දැන් තො ඉරියවු විසින් සිටියෙහි ද, නිරයැ හො සිට්හි,[79] තිරිසන් යොනියැ හො ප්‍රෙත විෂයයෙහි හො අසුරකායයෙහි නො සිටිහි”යි[80] වදාළො.
එකල්හි අඟුල්මල් සොර[81] බුදුන් ගෙ දේශනා අසා “මෙවෙනි සිංහනාදයෙක් අනෙකක් හට වන්නෙ නොවෙයි. මෙ මහාමායා දෙවිය යුතු සිද්ධත් මහණ රජහුගෙ ගර්ජනා යැ. මම් තියුණු නුවණ ඇති සම්මාසම්බුදුන් විසින් දක්නා ලද බන්දෙමි.[82] බුදුහු යැ මට සඞ්ග්‍රහ සඳහා සඳහා මෙයට වැඩියහ”යි සිතා “දෙව්මිනිසුන් විසින් පුදන ලද බුදුරජ බොහො කලක් ගිය කලැ මට වැඩ සඳහා මෙ මහ වලට වැඩියැ. මෙතැන් පටන්-ගෙනැ පව් නො කෙරෙමි; තොපගෙ මියුරු කථා අසා යැ”යි තමාගෙ පඤ්චායුධ ප්‍රපාතයෙහි බහා-පියා බුදුන් වැදැ පැවිජි අයදි යැ. බුදුහු ඔහට එහි භික්ෂුභාවයෙන්[83] පැවිජි දුන්හ.
බුදුන් මොවුන් පැවිජි කරන කලැ “කර සෙවුව මැනවැ පාසිවුරු සෙවුව මැනැවැ” යන කිස[84] නැති. මොහු පූර්වයෙහි සිල්වත්නට[85] අටපිරිකර දුන් බව් දැනැ “එ,[86] මහණැ”යි දකුණත දික් කළහ. එ විගස ගිහිවෙස් අතුරුධන් වීයැ. මහණ වෙස් පහළ වී යැ. සෘද්ධිමය පා සිවුරු ශරීරයෙහි ප්‍රතිමුක්ත වියැ. මෙ මැ ඔහට[87] පැවිජි වි යැ. හෙ මැ උප සපත්කම්[88] වි යැ. එහි භික්ෂුභාවයෙන් උපසපන්නානට[89] සඟුන් ගෙ උපසපන්කම් ඇත්තෙ නොවෙයි.
මෙසෙ බුදුහු අඟුල්මල් සොරහු දමා මහණ කොටැ පා සිවුරු ගන්වා[90]-ගෙනැ සැරිසරමින් සැවැත් නුවර ගොස් දෙව්රම් වෙහෙරැ වැඩ වෙසෙති. එදවස් ඔවුන් මවු එ වනයට ගොස් අට ඉස්බක් පමණ තැනින් අන්තරික වැ “පුතැ අහිංසකය, කොහි සිටියෙහි? කොයි හුන්නෙහි? කොයට ගියෙහි? පුතැ, මා හා නො බෙණෙහි[91] නො?” යි කියමින් වැදැ ඇවිදැ නො දැක ගෙට ගියා.
එකල්හි මහාජනයො කොසොල් රජු ගෙ ගෙවද්දොර[92] රැ ස් වැ “මහරජ, තොපගෙ රට අඟුල්මල් නම් සොරෙකැ. දරුණැ.[93] ලෙමඬු අත්[94] ඇත්තෙ යැ, සතුන් කෙරෙහි කුළුණු නැත්තෙ යැ. ගම් නොගම් කෙළෙ, නියම්ගම් නොනියම්ගම් කෙළෙ, දනවු නොදන වූ කෙළෙ, මිනිසුන් මරා ඇඟිලි විදැ මාලා කොටැ ධරයි. ඔහු වළකා”යි කියා මහා හඬින් හැඬුහු.
රජ නොඑක් වරැ “ඔහු ඇතැණියෙන් තිරු[95] කොටැ ගන්නෙ යැ”යි ඇතුන් දී යවී යැ. “අසැණියෙන් තිරු6 කොටැ ගන්නෙ යැ”යි අසුන් දී යවී යැ. “රථණියෙන්[96] තිරු6 කොටැ ගන්නෙ යැ”යි රථ දී යවී යැ. ඔවුන් ගොස් එ[97] වටා-ගත් කල්හි[98] ඔහු නැඟී “මම අඟුල්මල්මි’ ශබ්ද කරන්නා හා[99] ආවුධ පෙරළන්නට නිසි එකෙකුදු නැති. හෙ හැමදෙනා කොටා මරයි. ඇත්හු වල්ඇත්[100] වෙති. අස්හු වල් අස් වෙති. රථ එහි මැ තිබී නස්සි. එකල්හි රජ මහජනාගෙ ගිගිරියෙන් “මා මැ ගිය මැනැවැ. ඉදින් සොර හට පරාජය වී නම්, ලුහුබැඳැ ගන්මි. ඉදින් මට පරාජය වී නම් සල්හු වැ පලායෙමි”[101] පන්සියයක් අසුන් සදා-ගෙනැ සිවුරඟ සෙනඟ ගෙනැ සැවැත් නුවරින් නික්මැ සොරු කෙරෙ බිරි සිතින්[102] නොයාටි[103] වූයෙ ද ගරහනු බියෙන් යනුයෙ “බුදුන් දැකැ ගිය මැනැවැ”යි දෙව්රම් වෙහෙර ගියෙ. කුමක් සිතා ගියෙ යත්: “ගොස් බුදුන් වැඳැ එකත්පස් වැ හිඳිමි. ‘කවර හෙයින් බැල[104] ගෙනැ නික්මුණුහි?[105]යි බුදුන් වහන්සෙ මා පුළුවුස්නා දෑ යැ. එකලැ මම් කියමි. බුදුහු වනාහි මට හුදු පරලොවින් මැ සඞ්ග්‍රහ කරන්නාහු නොවෙති. මෙලෙවි නුදු සඞ්ග්‍රහ කෙරෙත් මැ යැ. ඉදින් මට ජය වෙ නම්. ගිවිසැ නොබැණැ වැඩහිඳිනා දෑ යැ. පරාජය වෙ නම්, “මහරජ, එක් සොරකු සඳහා තා ගිය මනා නොවෙ’යි වදාරන දෑ යැ. එකලැ මහජනයො ‘රජ සොරු නසන්නට යන්නෙ බුදුන් විසින් නවත්නා[106] ලද’ යනු දන්ති. එසෙ වන්නා හා මා නොගරහති” යන සිතින් වෙහෙර ගියෙ, ගොස් බුදුන් වැඳැ එකත්පස් වැ හුන්නෙ යැ.
එකල්හි බුදුහු “කිම, මහරජ, තට බිම්සර මහරජ කුපිත වි යැ හො? විසාලා මහනුවර වැසි ලිච්ඡවි රජහු කුපිත වූහ. හො? සෙසු ප්රතිපක්ෂ රජ කෙනෙක් කුපිත වූහ.[107] හො?” වදාළහැ. “වහන්සෙ, මට දැහැවි රජ කෙනෙක් ඇත්තාහු නොවෙති. මාගෙ රට අඟුල්මල් නම් සොරෙකැ, උහු ගන්නට යෙමි”කී යැ. එකලැ බුදුහු “ඉදින් මහරජ, තො අඟුල් මල්හු[108] කෙහෙ බහා සිවුරු හැඳැ පෙරෙවැ පැවිජි වැ පණිවා ඈ පව්කැමින් විරත වැ[109] එක් වෙලෙ වළඳා බඹ[110]සරවස් රැකැ සිල්වත් වැ කලණදහම්[111] පුරා වසන්නහු[112] දිටිහි නම්, උහුට කුමක් කෙරෙහි?” යි වදාළහැ. “වහන්සෙ, ඇප්[113] උන් වඳම්හ.[114] දුටු කලැ හුනස්නෙන් නැඟෙම්හ. හිඳුනා අසුන් දෙම්හ. සතර පසයෙන් උපස්ථාන කෙරෙම්හ”යි[115] කී යැ. කියා තබා “බුදුහු ඔහුගෙ උපනිඃශ්‍රය බලා උහු ඇරැ පැවිජි කළාහු වුහු නම්, යහ යැ”යි[116] සිතා බුදුන් පිරික්සනු සඳහා “වහන්සෙ, එ දුසිල් පවිට්හට[117] මෙබඳු සීලසංයමයෙක් කොහි වෙදැ!”යි කී යැ. එසමාහි අඟුල්මල් මහතෙරහු බුදුනට නුදුරු තන්හි වැඩහුන්නාහ.[118] බුදුහු දකුණත නඟා “මහරජ, මෙ අඟුල්මලැ”යි වදාළහ.
එ සඳ කොසොල් රජ බිය පත් වැ වෙවුළා ‘ගියෙ. තුබු මහජනයො බිය පත් වැ කඩු පලඟ දමා-පියා එ එ දසායෙහි[119] හි පලා නුවර වැදැ දොර පියා-ලා අගුළු ගෙනැ අටල්ලට නැඟී බලමින් සිටියාහු[120] “අඟුල්මල් සොර ‘රජ මා කරා එ[121]’ යනු දැනැ පළමු අවුදු දෙව්රම් හි හුන්නෙ යැ, රජු[122] ගත, ඇපි පලා ආවාමො[123] දිවි ලදුම්හ”යි කීහු. බුදුහු රජ හට භය උපන් බව් දැනැ “නොබව, මහරජ, නොබව, මහරජ, මෙ දැන් කිහිඹිබයකු දු දිවි නොගළවයි. මුහු කෙරෙන තට භය නැති” වදාළො.
බුදුන් මෙසෙ වදාරත් මැ රජ හට භය සන්හින. රජ අඟුල්මල් මහතෙරුන් කරා එළබැ “වහන්සෙ, අඟුල්මල් දෑ යැ හො?”යි කී යැ. “එසෙ යැ මහරජ” යි කී යැ. රජ පැවිජියනට දරුණු කැමින් ලද නම් කියනු නො යෙදෙයි. මවුපියන් ගෙ ගොත් විසින් බැවැහර[124] කරනු මැනැවැ”යි සිතා “වහන්සෙ, තො පියෙ කවර? මවු කවර?”යි පිළිවිත. “මහරජ, මා පියෙ භර්ග[125] නම් බ්‍රාහ්මණ යැ. මවු මන්තාණි නම් බ්‍රාහ්මණි යැ”යි කීහු. “වහන්සෙ, අප වත්හිමියො භර්ගයො[126] මන්ත්‍රාණි පුත්‍රයො සස්නෙහි අභිරත වෙත්ව යි, මම සතර පසයෙන් උපස්ථාන කෙරෙම්ව”යි කී යැ. කියමින් මැ බඩැ බඳ සළුව ඇරැ-ගෙනැ මහතෙරුන් පාමුලැ තිබී යැ. මහතෙරහු තමන් තෙළෙස් ජුහඟ[127] සමාදන් වැ පහුල් සිවුරු[128] පොරෝනෙන් “මහරජ, තුන් සිවුරු සැපිරැ[129] ඇතී” කීහ. රජ බුදුන් කරා එළබැ වැඳැ එකත්පස් වැ හිඳැ “ආශ්චර්යය යැ! වහන්සෙ, අද්භූත යැ! වහන්සෙ, යම්තාක් අදාන්ත සතුන් දමන දෑ යැ. අශාන්ත සතුන් සන්හිඳුවන දෑ යැ. නොපිරිනිවී සතුන් කෙලෙස් පිරිනිවනින් නිවන දෑ යැ. වහන්සෙ, ඇපි දඬියෙනුදු සැතිනුදු සතුන් දමන්නට නො හැක්කම්හ. වහන්සෙ සතුන් නොදඬියෙන් මැ නොසැතින් මැ දමන දෑ යැ වහන්සෙ, අපි යම්හ. බොහො කාර්යය[130] ඇත්තම්හ”යි කී. “කල් දැනැ, මහරජ” යි වදාළහැ. රජ බුදුන් වැඳැ පැදකුණු කොටැ ගියෙ.
මහතෙරුන්[131] කුලගම් සිඟන්නට ගිය කලැ මිනිස්සු ඔවුන් දැකැ වෙවුළත් මැ යැ. පලත් මැයැ. දොරපියා-ලත් මැ යැ. ඇතැම්හු අඟුල්මල් නම[132] අසමින් මැ පලා වලට හො වදිති.[133] ගෙට වැදැ දොර පියා-ලා අගුළු හො ගන්ති. පලා නොයා හෙන්නාහු පිට් පෑ සිටුති.[134] මහතෙරහු ළුවක්[135] හඹු දු කෙණෙස්සක් බතු දු නො ලැබෙති. අහරින් ක්ලාන්ත වෙති. අහර නොලබන්නාහු “නුවර නම් සර්ව සාධාරණයැ”යි නුවරට වදිති.4 යම් දොරෙකින් වන්හු ද, එහි මිනිස්සු “අඟුල්මල් අය” යි කළ[136] දහස් බිඳිමින් පලත්. එක් දවසක් අඟුල්මල් මහතෙරහු පෙරවරු පා සිවුරු ගෙනැ සැවැත් නුවර වැදැ, සපදන්සැරි වන බැවින්, ගෙපිළිවෙලින් කෙණෙසි අහර සිඟන්නාහු මූඪගර්භ වැ නො වැදිය[137] හෙන මාගමක දැකැ කරුණායෙන් කම්පිත වූහු ඔවුන් පෙරැ එකක්හු[138] උනු දහසක් මිනිසුන් මරන්නානට එක දවසකුදු කුළුණු නො උපන. මූඪගර්භ මාගම දුටු පමණින් කුළුණු කිසෙ උපන යත්: පැවිජි බලයෙන් උපන්.
එකල්හි අඟුල්මල් මහතෙරහු අහරකිස කොටැ බුදුන් කරා එළබැ වැඳැ එකත්පස් වැ හිඳැ “වහන්සෙ, සැවැත් නුවරැ කෙණෙහි අහර සිඟනුයෙම් මූඪගර්භ මාගමක දිටිමි. ඇය විඳුනා[139] දුක් මට නුරුස්සී” කීහ. “එසෙ බැවින් තො ඇයදරා ගොස් ‘මා උපන් තැන් පටන්-ගෙනැ දැනැ සතක්හු දිවි නො ගැළවී[140] නම් එ සයින් තිට දු ගබට දු සෙත් වෙව’යි සස්[141] කරා”යි වදාළො. “වහන්සෙ, හෙ මට මුසවා වෙයි. මා විසින් බොහො සත්හු දැනැ මරන ලදහ”යි කීහු. “අඞ්ගුලිමාලය, හෙ තා ගිහිමිනිස් කලැ. ගිහිමිනිස්හු නම් සතුන් මරනු ආදි කෙරෙති. දැන් තට ආර්ය නම් ජාතියෙක් ඇති එසෙ බැවින් තො ‘මා උපන් තැන් පටන්-ගෙනැ යැ’යි කියන තැනැ කුකුස් ඇති විහි නම්, ආර්ය ජාතියැ උපන් තැන් පටන්-ගෙනැ යැ’ කියා”යි නඟා යවුහු.
මහතෙරහු “මැනැවැ වහන්සෙ” යි එයට ගොස් “තමන් සස් කොටැ සෙත් කරන්නට ආ පරිදි කියා”යි යවුහු. මිනිස්හු වටා ජවනිකා බැඳැ මහතෙරනට ජවනිකායෙන් පිටතැ පුටුවක් තුබුහ.[142] මහ තෙරහු ඉහි වැඩහිඳැ “මා ආර්ය ජාතීන් උපන් තැන් පටන්-ගෙනැ දැනැ සතක්හු දිවි නො ගැළවී නම් එ සයින් තිට දු ගබට දු සෙත් වෙව”යි සස් කළහ. පසක් තෙපුල් හා සමඟ ඩබරායෙන් ගුළු දියක්[143] සෙයින් දරු නික්මිණි. දිපිත්[144] මවුනට සෙත් වී.
මහතෙරුන් හිඳැ සස් කළ තන්හි පිළක් කළහ. මූඪ ගර්භ වූ තිරිසන් ගතියැ සත්හු දු ඇරැ එහි හොවති. එ විගස මැ සුවයෙන් බර මුසිත්. යමක්[145] දුර්බල ද, ගෙනැ එන්නට නොහැකි ද, ඇයට පිළ දෙවි දිය ඇරැ හිසැ ඔත් කලැ එකෙණෙහිම බර මූසී. සෙසු රොග ද සන්හිඳී.[146] මෙ කප සිටුනා පෙළහරයි.
කිම හො බුදුහු මහතෙරුන් ලවා වෙදකම් කරවූවා වෙති හො! යත්: එසෙ නොවෙයි. කිසෙ යැ යත්: මහතෙරුන් දැකැ මිනිස්සු බා පලති. ඔහු කෙණෙසි අහර නොලදින් ක්ලාන්ත වැ මහණුවම් කරන්නට නොනිස්සහ.[147] මෙසෙ වන්නා හා “දැන් අඟුල්මල් මහතෙරහු මෙත්සිත් පිළලදින් සස් කොටැ මිනිස්නට සෙත් කෙරෙති”යි මිනිස්හු මහතෙරුන් නොබා එළැබියටි වෙති. එකල්හි අහරින් ක්ලාන්ත නොවැ[148] මහණුවම් කරන්නට නිසි වෙත්. එයින් බුදුහු ඔවුන් කෙරෙ අනුග්‍රහයෙන් සත්‍යක්‍රියා කැරැ වූහ. සස් කොටැ සෙත් කරනු වෙද්දම්[149] නොවෙ. මහතෙරුන් “මහණුවම් කෙරෙමි”යි කමටහන් ගෙනැ උන් කල්හි අට වියෙහි මිනිසුන් මැරු තැන් මැ පහළ වෙයි. “වහන්සෙ, දුගීමි. බොහො දරුබිළිඳුන් ඇත්තෙමි. මට දිවි දෙව”යි මරණ බියෙන් වලප්නා පරිදි දු, අත් පා සපන[150] පරිදි දු, ආපාතයට එයි. ඔහු විපිළිසර[151] ඇති වැ හුන් තැනින් නැඟි යෙති. එයින් බුදුහු ඔව්නට එ ජාතිය අබ්බොහාරික කොටැ “එසෙ වන්නා හා මෙ විදර්ශනා වඩා රාත් බව ගන්නි”යි පැවිජි වූ තැන් මුල් කොටැ ආර්ය ජාතීන් සත්‍යක්‍රියා කැරැවූහු.
එකල්හි අඟුල්මල් මහතෙරහු නොපමා වැ මහණුවම් කොටැ රාත් වූහ. මහතෙරුන් කෙණෙසි අහර සිඟන්නට නුවර වන් කල්හි කපුටු බලු ආදීන් නෙරනා සඳහා වටා හීසනක්[152] පමණ තන්හි යම් කවර දිශාභාගයෙකින් දමා-ලූ දඬු පහණ හකුරු අවුත් මහතෙරුන් මැ වෙරැ හෙයි. ඔහු මහසම් සිඳී ඇට දක්වා බුන් ඉසින් ලෙස වගුරුවමින් බුන් පා ඇති වැ හිණැ. හිරුණු සිවුරු ඇති වැ බුදුන් කරා ගියාහැ. බුදුහු ඔවුන් දැකැ “බ්‍රාහ්මණය, අධිවාසනා කරා. බ්‍රාහ්මණය, අධිවාසනා කරා. යම් කමක්හු ගෙ විපාකයෙන්[153] සසරැ සිටියහොත් නොඑක් වා දහස් සුවහස් නිරයැ පස්හි[154] එ කම්හු ගෙ විපාක තො මෙ අත්බැවැ විඳිහි”[155] වදාළො.
මෙහි සත් ජවන්සිත්හි කුසල් වැ හො අකුසල් වැ හො උපන් පළමු ජවන් සිත් මෙ මැ අත්බැවැ විපාක දෙයි. මෙ අත්බැවැ විපාක දෙන්නට නොපොහොසත් වී නම්, විපාක නොදෙන බවට පැමිණෙ.[156] සත් වන ජවන් සිතින් අනතුරු අත්බැවැ විපාක දෙයි. අනතුරු අත්බැවැ විපාක දෙන්නට නොපොහොසත් වී නම්, වටාලා විපාක නොදෙන බවට පැමිණෙ. එ දෙදෙනා අතුරෙහි පස් ජවන් සිත් අනාගතයෙහි යම් කලෙකැ අවකාශ ලද නම්, එ කලැ විපාක[157] දෙයි. සසරැ සිටුනා තාක්7 කලැ විපාක නොදෙන
බවට නොපැමිණෙ මෙ කර්මයන්ගෙ විභාග ධර්ම ප්‍රදීපිකා නම් මහාබොධිවංශ පරිකථායෙන් දන්නෙ යැ. හෙ බුද්ධ ධර්මයැ. මෙ බුද්ධ චරිතයැ.[158]
මෙ මහතෙරනට වූ කල[159] අනතුරු අත්බැවැ දු අනාගතයෙහි යම් කලෙකැ දු විපාක දෙන කර්මයො රාත් මැඟින් කැඩුණහ. මෙ අත්බැවැ විපාක දෙන කර්ම[160] වූ කල රාත්බවට පතානට ද[161] වෙ. එයින් එ වී. එ කල්හි අඟුල්මල් මහතෙරහු රහොගත වැ වැඩහිඳ ඵලසමවත් සුව විඳැ එයින් නැඟී බුදුන් තම හට වහල් වුසෙ සිතා සොම්නස් වැ උදන් අනන්නාහු-
“දණ්ඩෙනෙකෙ දමයන්ති – අඞ්කුසෙහි කසාහි ච,
අදණ්ඩෙන අසත්ථෙන – අහං දන්තොම්හි තාදිනා”
යනාදි ගාථායෙන් උදන් ඇනුහු.
මෙසෙයින් බුදුහු තමන් ‘පුරිසදම්මසාරථී’ වන බැවින් අඟුල්මල් සොරහු දු[162] ආදි ශබ්දයෙන් ගත් සඞ්කිච්ච නම් හෙරණපාණන් අතැවැසි පන්සියක් සොරුනුදු අතිමුත්තක නම් හෙරණපාණන් ඇතැවැසි පන්සියක් සොරනුදු ඛාණු කොණ්ඩඤ්ඤ නම් මහතෙරුන් අතැවැසි පන්සියක් සොරු නුදු කෙළදරුවන් කෙළකන්සුණු[163] මහතෙරුන් අතැවැසි නවසියක් සොරුනුදු මෙ ඈ නොඑක් සිය නො එක් දහස් සොරුන් දමා අමා මහනිවන් පැමිණිවූහු.
අඟුල්මල්දමන නම් සත් වන පරිච්ඡේදය නිමි.
පෙරෑ කසුඛුසම්මාසම්බුදුන් වහන්සෙ නොඑක් කප්කෙළ සුවහස් මතුයෙහි පැරුම් පුරා අවුදු තුසීපුරෙහි ඉපිදැ[3] දස දහස්ලොධාහි දෙව්බඹුන් ගෙ අයජමෙන් මිනිසුන් විසිවා දහසකට ආ ඇති කල්හි, තුසීපුරෙන් සැවැ බරණැස් නුවරැ බ්‍රහ්මදත්ත නම් බමුණා පිණිස ධනපති නම් බැමිණිය කුසැ පිළිසිඳ ගෙනැ දස මස් ඇවෑමෙන් ඉසිපතන් උයන්හි මවු කුසින් නික්මැ ගොත් විසින් කසුබු[4] නම් වැ හංසවත් නම් යශොවත් නම් ශ්රීනන්දන[5] නම් තුන් පහයැ අට සාලිස් දහසක් නළුවන් පිරිවරා දෙ වාදහසක් ගිහිගෙයි වාස[6] කොටැ අග මෙහෙසුන් සුනන්දා නම් බැමිණිය විජිතසෙන නම්[7] පුතකු ලද කල්හි, සතර නිමිත්ත දැකැ “මහබිනික්මන් කෙරෙමි” යි සිතු විගස පහය අහසට[8] නැඟි මහජනා නුවන් මන[9] වුලුඹු මින් ගොස් නුඟ මහබො ඇතුළු කොටැ බිමැ පිහිටි කල්හි, පහයින් නික්මැ පැවිජි වැ, නළුගණා පහයින් බැසැ[10] අඩ ගව්වක්[11] පමණ තැන් ගොස් සහපිරිවරින් කඳවුරු[12] බැඳැ හුන් කල්හි, තමන් අනු වැ පැවිජි වූ කෙළක් පමණ දෙනා[13] පිරිවරා සතියක් පධන්හි සැරැ සුනන්දා නම් බැමිණිය දුන් මීපිඬු වළඳා කිහිරිවනයෙහි[14] දිවාවිහාර කොටැ, සවස්හි සොම නම් යවපාලයක් හු දුන් අට මිටක් කුසතණ ගෙනැ නුගරුක් මුලට එළබැ තුන් යලක් පැදකුණු කොටැ පසළොස් හත් තණ පළඟ මතුයෙහි පැදුන්ලොධා බලා වැඩහිඳැ මාර විජය කොටැ සම්මාසම්බුදු වැ උදන් අනා සත් සතිය ගළවා[15] මහබඹහු ගෙ අයජමෙන් අහසින් ගොස් ඉසිපතන්හි දම්සක් පවත්වා කෙළදහස් දෙනා සසර මුහුදින් නඟා තිස්ස[16] නම් භාරද්වාජ නම් දෙ අගසව්වන්[17] හා සර්වමිත්‍ර නම් අගඋවටා මහතෙරුන් හා අනුලා නම් උරුවෙලා නම් දෙ අගසැවුන් හා සමඟ අනෙදහස් සඟුන් පිරිවරා නොඑක්දහස් මිණිදඬුවැට පහන් මැදැ දිලියෙන පහන්රුකක් සෙයින් වොරජමින් සැරිසැරැ [18]දහම්වාරෙ වස්වා කෙලෙස්රජසළා සන්හිඳුවා සොළොස්වාදහසක් සිට කසීරට තෙව්යපුර නම් නුවර අබියෙස්හි සෙතව්යවන නම් උයන්හි අනුපාසෙස්නිවන්ධයින් පිරිනිවියාහ. ධාතු නොසුන් වැ කසුන් කඳක් සෙයින් සිටියෙ යැ.
සියලු දඹදිව් වැස්සො රැස් වැ ගන රන් උළුයෙන් යොදුන්[19] අස්[20] දාගබ්[21] බඳහ.[22] මෙසෙ රුවන්දාගබ පිහිටි කල්හි කුලදරුවො සත් දෙනෙක් බුදුසස්නෙහි මහණ වැ සර අනුරූ[23] කමටහන් ගෙනැ පසන්[24] දනවු ගොස් වලැ මහණු වම් කරන්නාහු අතුරතුරෙහි බණ අසන්නට නුව එති. ආවාහු සඟුන් ගෙ පිළිවෙත් නොපෙළහර[25] සෙ දැකැ “සස්න අතුරුන් නොවන තුරු අපට පිහිටි කොටැ ගත මැනැවැ”යි රුවන්දාගබ වැඳැ අරණ්‍යයට[26] වැදැ එක් පර්වතයක් දැකැ “දිවියෙහි ආශා ඇති කෙනකුන් නවත්නෙ. නැති කෙනකුන් නැඟෙන්නෙ යැ”යි හිණි බැඳැ හැම දෙන මැ පර්වතයට නැඟී හිණ හෙළා-පියා මහණුවම් කොළො.
ඔවුන් කෙරෙහි මහලු මහතෙරහු තමන් උපනිඃශ්‍රය ඇති වන බැවින් එ මැ දා රෑ රාත් වැ සෘද්ධීන් හිමව්වට ගොස් නුතන්දහතෙළෙහි මුව දෙවැ නාලිය දැහැටු වළඳා උතුරු කුරුදිව් ගොස් බත්කිස නිමවා පා පුරා අහර හා නුතත් පැන් හා නාලිය දැහැටු ගෙනැ ඔවුන් කරා අවුදු, “ඇවැත්නි, මෙ උතුරුකුරුදිවින් අළ බත. මෙ හිමවියෙන් අළ දිය දැහැටැ. මෙ දියෙන් මුව දෙවැ මෙ දැහැටු කා මෙ අහර වළඳා මහණුවම් කරවු. මෙ සෙයින් මම් තොපට හැම කල්හි උපස්ථාන කෙරෙමි”යි කීහ. “වහන්සෙ, පළමු යම් කෙනෙක් රාත් වුහු ද, ඔවුන් අළ අහර වළඳා මහණුවම් කරම්හ යි මුලැ අප කළ ව්යවස්ථායෙක් ඇද්ද?”යි කීහ. “නැති ඇවැත්නි,” කීහ. “ඉදින් ඇපි දු තොප සෙ මැ නිපන්නමො නම්, ඇපි මැ ඇරැ වළඳම්හ[27]” යි නො ගිවිස්සහ.
අනෙක් දවස් වැළත මහතෙරහු[28] අනාගාමි වැ එ සෙයින්ම මැ අහර හා දිය දැහැටු ගෙනැ අවුදු වළඳා මහණුවම් කරන්නට කීහු. “වහන්සෙ, මහලු මහතෙරුන්[29] අල අහර නො වළඳා අනුතෙරුන් අළ අහර වළඳම්හ යි මුලැ අප කළ ව්යවස්ථායෙක් ඇද්ද?” යි[30] කීහ. “නැති, ඇවැත්නි,” කීහ. “ඉදින් ඇපි දු තොප සෙ මැ නිපන්නමො නම්, ඇපි මැ ඇරැ වළඳම්හ” යි නො ගිවිස්සහ. අනෙක් අනෙක් දවසුදු අවුදු එ සෙයින් ඔවුන් අයජනා[31]සෙ දැකැ, “වහන්සෙ, මොබ හා කරන කථාමාත්රයෙකුදු[32] අපට ප්‍රපඤ්ච යැ. මෙසෙ ද වඩනෙ කුමට දැ”යි කීහ. ඔහු යම් කවර පරියායෙකින් ඔවුන් නො ගිවිස්සියැ හී නැඟී වැඩියහ.
ඔවුන් කෙරෙ රාත් වූ මහතෙරහු පිරිනිවියාහ. අනාගාමි වූ මහතෙරහු සුදවස්[33] නම් බඹතෙලෙහි උපන්හ. තුබු පස් දෙන කිසි විශෙෂයක් නො ලදින් වියැළී සත් වන දවස් මියැ කමවජරි[34] දෙව්ලොව්හි උපැද[35] සදෙව්ලොවැ අනුලොම් පිළිලොම් විසින් දෙව්සැපත් වළඳා මෙ[36] බුදුරජයෙහි දෙව් ලොවින් සැවැ එකෙකි කුලගෙහි[37] උපන්හු. ඔවුන් කෙරෙහි එක් කෙනෙක් පොක්සි මහරජ වූහ. එක් කෙනෙක් කුමර
කසුබු මහතෙර වූහ. එක් කෙනෙක් දාරුචීර[38] මහතෙර වූහ. එක් කෙනෙක් දබ්මලුපුත්[39] මහතෙර වූහ. එක් කෙනෙක් සභියපරිබ්රාජක වූහ. එහි සභිය, පරිබ්රාජිකාවක කුසැ පිළිසිඳ ගත්
කිසෙ යැ යත්:
හො එක්තරා රජදුවකැ. ඇය සමයාන්තර උගන්වනු සඳහා එක් පරිබ්රාජකයක් හට දක්වා දුන්හු. ඔහු අතැවැසි පරිබ්‍රාජකයෙක් ඇය හා සසඟ[40] කෙළෙ. හො එයින් ගබ් ගත.[41] ඇය දැරි ඇතිසෙ[42] දැකැ පරිබ්රාජකයො නෙරැ-පීහ. හො අනෙක් තැනෙකැ යන්නී, අතර මඟැ සභායෙකැ වැදුව.[43] එයින් ඔව්හට සභිය නම් කළා. සභිය, තමා විය පත් කල්හි පරිබ්‍රාජක පැවිජියෙහි පැවිජි වැ නොඑක් වාද[44] උගෙනැ ‘මා හා වාද කරා’යි.[45] සියලු දඹදිව් තෙලෙහි ඇවිදුනෙ, තමා හා සුදුසු වාදියකු[46] නොදැකැ නුවරදොරැ ආශ්රමපදයක් කරවාගෙනැ රජකුමරු ආදීන් හික්මවමින් එහි වෙසෙයි.
එකල්හි බුදුහු දම්සක් පවත්වා අනුක්රමයෙන් රජගහා නුවර අවුදු වෙළුවන උයන්හි වැඩැ වෙසෙති. හෙ බුදුන් උපන් බව නොදන්නි. එකල්හි පෙරැ උහු හා ගල් නැඟී මහණුවම් කළ සුදවස් වැසි මහබඹ, සමවතින් නැඟී “මම් මෙ සුව කා ගෙ ආනුභාවයෙන් ලදිමි හො!” යි බලනුයෙ කසුඛුසම්මාසම්බුදුන් වහන්සෙගෙ සස්නෙහි මහණුවම් කළ පරිදි දු එ සබඳුනුදු සඳහන් කොටැ, “එක් කෙනෙක් පිරිනිවියහ. තුබුවො දැන් කොහි යැ හො!” යි අවජනෙ. දෙව්ලොවින් සැවැ දඹදිවැ උපන් බව් දැනැ “ඔවුන් කෙරෙහි සභිය, බුදුන් උපන් බව නොදන්නි. ඔහු බුදුන් කරා යන පරිද්දක් කළ මැනැවැ”යි විසි පැනයක් සිතා ගෙනැ රෑ අවුදු අහසැ සිටැ “සභිය, සභිය,” යි කැඳවී. හෙ නිදමින් හොත්තෙ, තුන් යලක් එ හඬ අසා නික්මැ දිලියෙන මහබඹහු දැකැ ඇඳිලි බැඳැ සිටියෙ යි. එ සඳැ එ බඹ, “සභිය, මම් තට විසි පැනයක් අළමි, එ උගනැ”යි කියා විසි පැනය කී. පරිබ්‍රාජක මහබඹහු කෙරෙහි විසි පැනය පිළිවෙලින් එකවටින් මැ උගත.[47] එමැ මහබඹ කුමරකසුබු මහතෙරනට පසළොස් පැනය කීවා සෙයින් මැ විසි පැනය උහුට කියා, දාරුචීර මහතෙරනට කීවා සෙයින් බුදුන් උපන් පරිදි නො කියා, “මෙහි අර්ථ සොයන පරිබ්‍රාජක, තෙමෙ මැ බුදුන් හැඳිනැ-ගන්නි. මෙයින් පිටත් මහණ බමුණන් සිස් බව් දන්නි” යන සිතින් “සභිය, යම් මහණෙක් හො බමුණෙක් හො තා මෙ පැන පුළුවුත් කලැ විසැජුයෙ[48] වී නම්, තො උහු කෙරෙ බ්‍රම්සර[49] වස්සරා”යි කියා බඹලො ගියෙ.
එකල්හි සභිය පරිබ්‍රාජක, දඹදිවැ ප්‍රසිද්ධ වූ බොහො, දෙනා විසින් සම්මත වූ පන්සිය පන්සිය ශිෂ්යපරිවාර ඇති පූරණකස්සප යැ, මක්ඛලිගොසාල යැ, අජිතකෙසකම්බල යැ, පකුධකච්චායන යැ, සඤ්ජයබෙලට්ඨිපුත්ර යැ, නිගණ්ඨනාථපුත්‍ර යැ යන “සව්නෙ ගෙවා දත්මහ, බුදුම්හ”යි පිළින කරන නුවටැජරන් සදෙනා කරා ගොස් පැන පුළුවුස්සී. එහු එ පැන නො විසැජියැ හී ක්‍රොධ කොටැ දැහැවැ උහු මැ පුළුවුස්ති. හෙ ඔවුන් සිස්සෙ දැකැ යම් තැනෙකැ සාරයක් නො දැකැ “ගිහිමිනිස් වැ පස් කම්ගුණ අනුභව කළ මැනැවැ”යි සිතී. එක්බිති “මහණ ගොයුම් සාධුජනයන් විසින් සම්මත යැ. ඔහු කරා ගොස්[50] පැන පුළුවුස්මී” සිතී.
එක්බිති “මෙවැනි මහලු සම්දරු වැ සිටි නුවටැජරන් නො විසැජු පැන ළදරු මහණ ගොයුම් මැ කුමක් විසජා!” යි සිතී. එක්බිති විතක්විසී නොවැ වැළිදු පිරික්සනුයෙ “මහණුන් දරුවහ යි[51] අවඥා නොකළ මැනැවැ. ඔහු දු මහත් සෘද්ධි ඇති වෙති. මහත් අනුභාව ඇති වෙති.[52] මහණ ගොයුම්හු කරා ගොස් මෙ[53] පැන පුළුවුත මැනැවැ”යි අනුක්රමයෙන් සැරි සරමින් රජගහා නුවර ගොස් වෙළුවන වෙහෙරැ බුදුන් කරා එළබැ සාමීචි කොටැ එකත්පස් වැ හිඳැ බුදුන් ගෙ රූප සම්පත්තීන් හා උපශමසම්පත්තීන් හැඟෙන සර්වඥභාවයෙ බුහුමන් කොටැ සන්හුන් සිත්
ඇති වැ පැන පුළුවුස්නට අවසර ගත්. එ සඳ බුද්හු “සභිය, නො පැන විසජනුවන් සොයා සත් සියක් යොජුන් තැන් ඇවිදැ දුරැ සිටැ ආයෙහි. තා කැමැති දැයක් පුළුවුස. මම් එ කියමි” සර්වඥ පවරුණෙන් පැවරුහ. එකල්හි සභිය පරිබ්‍රාජක විස්මිත වැ “සෙසු මහණ බමුණන් කෙරෙ මෙ පමණ අවකාශයකුද් නො ලද්මි”[54] සතුටු වැ විසි පැනය පිළිවෙලින් පිළිවිත. බුදුහු නිරවශෙෂයෙන් වීසැජුහු. පරිබ්‍රාජකයා පැන පුළුවුත් පරිදි දු බුදුන් පැන විසැජු පරිදි දු සුත්තනිපාතයෙහි සභියසුතින් දන්නෙ යැ.
එකල්හි සභිය පරිබ්‍රාජක කැපෙන සැතෙකින් මහනෙල් දඬුකලබක් කපන්නක්හු සෙයින් බුදුන් ගෙ විසිතුරු පැන විසජුම් අසා සතුටු සොම්නස් වැ තන්හි තන්හි සාධුකාර දී සමහරයෙහි[55] හුනස්නෙන් නැඟී උතුරුසළුව එකස් කොටැ බුදුනට ඇඳිලි බැඳැ –
“යා මෙ කඞ්ඛා පුරෙ ආසි තං මෙ ව්යාකාසි චක්ඛුම
අද්ධා මුනිසි සම්බුද්ධො නත්ථි නීවරණා තව”
යනාදි විසින් අට ගාථායෙකින් බුදුනට ස්තුති කොටැ “වහන්සෙ, මා මුදුනෙහි පළඳනට තොප පාපියුම් දී වදාරව”යි දෙ පත්ල ඉල්ලා ගෙනැ හිසැ තබා-ගෙනැ පසඟ පිහිටුවා වැඳැ තුණුරුවන් සරණ ගොස් පැවිජි අයදි යැ. එ සඳැ බුදුහු “සභිය, තීර්ථකයො මෙ සස්නෙහි පැවිජි වන කලැ සාර මසක් පිරිවෙස් වෙසෙති. සාරමස් අවසන්හි ආරාධිත සඟහු පැවිජි කෙරෙති” වදාළො. “ඉදින් වහන්සෙ, තීර්ථකයො මෙ සස්නෙහි පැවිජි වියටි කලැ සාරමසක් පිරිවෙස් වෙසෙද්ද, සාරමස් අවසන්හි ආරාධිත වූ සඟහු ඔවුන් පැවිජි කෙරෙද්ද, වහන්සෙ, මම සතර අවුරුද්දක් පිරිවෙස් වෙසෙමි. සතර අවුරුද් අවසන්හි මා පැවිජි කරන්නෙ යැ”යි කී යැ. එකල්හි බුදුහු ඔවුන් පැවිජි කැරැවූහ. ඔහු රාත් වූහු.
මෙසෙයින් බුදුහු තමන් ‘පුරුෂදම්‍යසාරථී’ වන බැවින් සභිය නම් පරිබ්රාජකයාද් ආදි ශබ්දයෙන් ගත් සකුලුදායි ඈ පරිබ්රාජකයනුද් දමා අමාමහනිවනින් පැමිණිවූහු.
පරිබ්රාජකදමන නම් අට වන පරිච්ඡෙද නිමි.
සච්චක නම් නුවට දරුවා දැමු පරිදි කිසෙ යැ යත්: එක් සමයෙක්හි බුදුහු විශාලා මහනුවර නිසා මහාවන[1] නම් වෙහෙරැ කූටාගාරසාලා[2] නම් ගන්ධකුටියෙහි[3] වැඩ වෙසෙති. එයට පෙරට වැ එක් නුවටකු හා නුවටක[4] හා දෙදෙනෙක්[5] පන්සිය පන්සිය වාද උගෙනැ වාදාරොපණ කෙරෙමින් දඹදිවැ ඇවිදුනාහු, විසාලා මහනුවර ලා ඔවුනොවුන් දුටහ. ලිච්ඡවි රජහු ඔවුන් දැකැ, “තො කවරෙහි, තො කවරහු?”[6]යි පුළුවුත්හු. නුවට, “මම් වාදාරොපණයට දඹදිවැ ඇවිද්මි”[7]යි කී යැ. නුවටුත් එසෙ මැ කිව.[8] ලිච්ඡවීහි, “මෙහි මැ ඔවුනොවුනට[9] වාදාරොපණ කරව” යි කීහ. නිවටු[10] තමා අගත් පන්සියක් වාද පුළුවුත් නුවට[11] කී යැ. නුවට පුළුවුත්තා ද නුවටු[12] කිව. [13]කක් හට දු[14] ජය නොවීයැ. පරාජය නොදවියැ. දෙදෙන මැ සම සම වූහු. ලිච්ඡවීහු “තෙපි දෙදෙන මැ සමසම ව. ඇවිදැ[15] කුම් කරා ද? මෙහි මැ වසව”යි ගෙක්ක[16] දී වැටුම්[17] තබා-දුන්හු.
දෙදෙනා ගෙ සංවාසයෙන් දුහු සතර දෙනෙක් උපන්හ. සච්චක නම් එක් පුතෙක් උපන්. ඔවුන් සතර දෙනා කෙරෙහි එකක් සච්චා නම. එකක් ලාලා නම. එකක් පටාචාර නම. එකක් ආවට්ටකායා[18] නම. ඔහු නුවණ ඇත්තාහ. මවුපියන් කෙරෙන් පන්සිය පන්සිය වාද උගත්හ. ඔවුන් වියපත් කල්හි මවුපියො, “අපගෙ කුලයෙහි දැරියො නම් රන් රිදී ඈ දායජ[19] දී කලත්රයට යවුවීරිහි නම් නැති යම් ගිහි මිනිසෙක් ඔවුන් ගෙ වාද මඬනට නිසි වී නම්, ඔහට[20] පාදපරිචාරිකා වෙති. යම් පැවිජි කෙනෙක් මඬනට නිසි වූහු නම්, ඔවුන් කෙරෙ පැවිජි වෙති. තෙපි කුමක් කටටියා[21]?” දැ යි කීහ. “ඇපි දු එසෙ මැ කරම්හ” යි සතර දෙන මැ පරිබ්‍රාජක පැවිජියෙහි පැවිජිවෙස් ගෙනැ, “මෙ දඹදිව් නම් දඹරුකින් පැනෙයි. අප මුළු දඹදිවට වාද කරන බව හඟවම්හ”යි දඹඅත්තක් හිසට කොටැ-ගෙනැ සැරිසරමින් ගියො. යම් ගමකට පත්හු ද, ඒ ගම්දොරැ පස්රැසෙකැ හො වැලිරැසෙකැ හො දඹඅත්ත ධජයක් කොටැ හිඳුවාලා “යමෙක්[22] වාදයට නිසි වෙ ද, හෙ මඬිව[23]” යි කියා ගම් වදිති.[24] මෙසෙ[25] ගමින් ගමට යන්නාහු, සැවැත් නුවරට පැමිණැ එසෙයින් මැ නුවරදොරැ දඹඅත්ත හිඳුවා-ලා එහි සිට මිනිස්නට කියා-ලා ඇතුළු නුවර වන්හු.
එකල්හි බුදුහු සැවැත් නුවර නිසා දෙව්රම්හි වැඩැ වෙසෙති. දම්සෙනෙවි සැරැයුත් මහතෙරහු ලෙඩ සඟනට ගිය දවස් පුළුවුස්මින් නොහමට තන් හමඳමින්[26], තමන් කළ මනා දෑ බෙහෙවින්, සෙසු සඟුන් හා නොගොස්[27] දව වැ සිඟන්නට වන්හු[28], නුවරදොරැ හිඳුවූ දඹඅත්ත දැකැ “කිමෙකැ මෙ යැ?” යි දරුවන් පිළිවිසැ එ පවත් අසා, “එසෙ බැවින් මැඬ-පියව”යි වදාළහ. “මඬනට නො හැක්කම්හ. බම්හ, වහන්සෙ” යි කීහ. “නොබව. ‘කවරහ අප ගෙ දදය මඬවා-පීහ? යි කී කලැ ‘බුත්[29]සවු සැරැයුත් මහතෙරහු මඬවා-පීහ. වාද කට්ටි[30] වුව, දෙව්රම් වෙහෙරැ තෙරුන් කරා යව’යි කියව, දරුයෙනි”[31] යි වදාළහ.
ඔහු මහතෙරුන් ගෙ බස් අසා දදය මැඬ දමා-පීහ. මහ තෙරහු නුවර වැදැ සිඟා වළඳා වෙහෙර වැඩියො පරිබ්රාජිකාවො ද නුවරින් නික්මැ, “අපගෙ දදය මැඬියාහු කවරහ?” යි කීහු.[32] දරුවො එ පරිදි කීහු. ඔහු “ඉතා මැනැවැ”යි නැවැත නුවර වැදැ එකෙකි දෙනෙ එකෙකි වීථිය බැසැ “බුත්සවු[33] සැරැයුත් මහතෙරහු නම් කෙනෙක් අප හා වාද කෙරෙත් ල[34] ඇසියටි කෙනෙක් නික්මෙත්ව”යි හඬ ගැසූහ. නුවර වැස්සො නික්මුණුහු[35] ඔවුන් හා සමඟ පරිබ්රාජිකාවො දෙව්රම් ගියො. මහතෙරහු, “අප වසන තැනට මාගමුන් එනු නොයෙද”යි වෙහෙර මැද ගොස් වැඩහුන්හු. පරිබ්රාජිකාවො ගොස් මහතෙරුන් කරා එළබැ “තෙපි යැ[36] අපගෙ දදය මඬවා-පිව?” යි[37] පුළුවුත්හු. “මම යැ මඬවා-පීමි[38]”යි වදාළහ. එසෙ බැවින් “ඇපි තොප හා වාද කරම්හ”යි කීහු. “ඉතා මැනැවැ, වාද කරව. කා පුළුවුත[39] මැනැවැ හො? කා විසැජුව මැනැවැ හො?”යි වදාළහ. එක්බිති “පුළුවුස්නට කිව, පුළුවුස් මහ; විජසන්නට කිව, විසජම්හ” යි කීහ.[40] “පුළුවුස්නෙ අපට පත්තෙ යැ. තොප[41] මාගම් බැවින් පළමු පුළුවුස්ව”යි වදාළහ. ඔහු සතර දෙන[42] සතර දිසායෙහි සිටැ මවුපියන් කෙරෙ[43] උගත් වාද දහස්[44] පුළුවුත්හු. මහතෙරහු කඩුයෙකින් නොළුඹු දඬු[45] කඩනුවන් සෙයින් පුළුවුත් පුළුවුත් දෑ අවුල් නැති කොටැ[46] ගැට නැති කොටැ විසජූහු[47] විසජා,[48] “වැලි දු පුළුවුස්ව”යි වදාළහ. “වහන්සෙ, අප දන්නා දෑ[49] මෙතෙකැ”යි කීහු.
මහතෙරහු, “තොප විසින් පුළුවුස්නා ලද දහසක් වාද මා විසින් විසජන ලද. මම් තොප සතර දෙනා එක පැනයක් පුළුවුස්මි. තෙපි එ කියා ද?”යි වදාළහ. ඔහු මහතෙරුන් ගෙ නුවණ වෙසෙස්සෙ දැක,[50] “පුළුවුස්ව වහන්සෙ, ඇපි විසජම්හ”යි කියන්නට නොපොහොසත් වූහු. “දතුමො නම්,[51] කියම්හ” යි කීහ. මහතෙරහු, “මෙ කුලදරුවන් පැවිජි කොටැ පළමු හික්මවන පැනය”යි වදාරා “එකෙක් නම් කිමෙකැ?”යි වදාළහැ. ඔහු පැනයෙහි ආදිමධ්යාවසාන නුදුටහ. මහතෙරහු, “කියව”යි[52] වදාළහ. “නො දක්මහ[53]
වහන්සෙ” යි කීහ. “තොප විසින් දහසද් වාද පුළුවුස්නා ලද. මා විසින් කියන ලද. තෙපි එක පැනයකුදු[54] කියන්නට නොහැකි වුව.[55] මෙසෙ බැවින් කහට ජය යැ, කහට පරාජය යැ?” යි වදාළහ. “වහන්සෙ, තොපට ජය යැ, අපට පරාජය යැ”යි කීහ. “දැන් කුමක් කරව?”යි වදාළහැ. මවුපියන් කී දෑ සැල කොටැ, “තොප කෙරෙ පැවිජි වම්හ”යි කීහ. තෙපි මාගම් ව. තොප පැවිජි කරනු අපට නොවටී. අපගෙ හසුන්[56] ගෙනැ මෙහෙණවර ගොස් මාගම් සඟුන් කෙරෙහි පැවිජි ව” යි[57] වදාළහ. ඔහු, “මැනැවැ, වහන්සෙ,”යි මහතෙරුන් ගෙ හසුන් ගෙනැ මාගම් සඟුන් කරා ගොස් පැවිජි වූහ. පැවිජි වූවාහු, නොපමා වැ දවස් යවා[58] මඳ දවසෙකින් මැ රාත් වූහු.
සච්චක වනාහි තමා[59] බුහුනුන්[60] සතර දෙන හට වඩා නුවණ ඇත්තෙ යැ. මවුපියන් කෙරෙහි දහසක් වාද උගෙනැ එයට බොහො වාද සමයාන්තරයෙක් උගෙනැ[61] කිසි තැනකට නොගොස් රජකුමරුන් හික්මවමින් විසී. නුවණින් ඉතා පිරුණු වන බැවින් “මාගෙ කුස පැළීයෙ” යි බිය පත්වැ යපටෙකින්[62] බඩ වැළඳ-ගෙනැ ඇවිද්දි. කථාමාර්ග ඇත්තෙ යැ “මා හා සම පණ්ඩිත කෙනෙක් ඇද්ද!” යෙයි. යම් යම් නකතෙකින්[63] යමක් වෙයි කී ද, හෙ බොහොසෙ එසෙ මැ වෙයි. එයින් “සාධු යැ, භද්‍ර යැ”යි බොහො දෙනා විසින් සම්මත යැ. හෙ විසාලා නුවරැ[64] පිරිසැ මෙසෙ බෙණෙ. “මා විසින් වාදයෙන් වාදාරොපණ කොටැ දොස් ගෙනැ වන් කලැ කම්පිත නොවන ප්‍රකම්පිත නොවන වෙවුළා නොයන කක්ෂයෙන් සෙවද නොසිලියෙන මහණක්හු හො බමුණක්හු හො නොහොත් ‘රාත්මි, බුදුමි’ යි පිළින කරනුවන් හො නො දක්මි. ඉදින් මම් අචෙතන වූ ටඹට වාදාරොපණ කෙළෙම්[65] නම්, හෙද කම්පිත වැ ප්‍රකම්පිත වැ වෙවුළා යෙයි. මිනිසෙක් නම් කිමෙක් ද!” යෙයි.
එහි බුදුනට ඇඳිලි බැන්දාහු[66] ළ දෙ[67] ගත්තාහ. ඉදින් මිසදිට්හ ගත්තාහු “තෙපි මහණ ගොයුම්හු වැන්දාව?”යි[68] කීහු නම් “ඇඳිලි බැඳි මාත්‍රයෙකින්[69] වැන්දාවමො ද!”[70] යම්හ. සම්දිට්හ[71] ගත්තාහු “බුදුන් කුමට නො වැන්දාව?”යි[72] කීහු නම්, “හිස බිමැ පහරවා මැ වැන්දැ මනා ද? අත් නඟා වඳුනෙ වැඳුම් නො වෙ ද? යම්හ” යි ඇඳිලි බඳහු නම් කියන්නාහු” මම් අසුවල්හු පුත්මි. දත් නම්මි. මිත් නම්මි. මෙයට ආයෙමි”යි නම් කියති. ගොත් කියන්නාහු “මම් වාසෙට්ඨ ගොත්රයෙමි. කච්චායන ගොත්රයෙමි. මෙයට ආයෙමි”යි ගොත් කියති. මෙසෙ නම් ගොත් කියන්නාහු දිළිඳු කුලෙහි උපන් දරුවහ. “පිරිස් මැදැ නම් ගොතින් පාළ වම්හ”යි කොළො. නො බැණැ හිඳුනාහු කෛරාටිකයන් හා අන්ධබාලයො යි. එහි කෛරාටිකයො “එක්[73] දෙබස් බණන්නා හා විස්වස් කෙරෙති. එසෙ වන්නා හා එක් දෙ දා අහර දුන මැනැවැ”යි නො බැණැ හුන්හ. අන්ධබාලයො තමන් නුවණ නැති වන බැවින් කිබිසිනි කොටැ බහා ලු මැටි පිඬු සෙයින් නො බැණැ බැසැ හුන්හු.
මෙ සෙයින් හැම දෙනා පිරිවරා හුන් කල්හි එකත්පස් වැ හුන් කූටදන්ත බමුණු බුදුනට, “තොප තුන් යාග හා සොළොස් පිරිවර දන්තී[74] ඇසීමි.[75] මම් නෙ නො දන්මි.[76] මහත් යාගයක් කටටියෙමි. එමට කියනු මැනැවැ”යි කී යැ. “ඔස, බමුණ, සකස් කොටැ අසා, මම කියමි”යි වදාළහ. හෙ, “ඉතා මැනැවැ”යි ගිවිස්සැ. එ සඳැ බුදුහු පොළොවැ තුබු[77] නිධියක් නඟා පෙරට රැස් කරනුවක්හු සෙයින් භවයෙන් පිළිසන් මහාවිජිත රජහු ගෙ චරිත ඇරැ දක්වූහු.
කීසෙ සැ යත්:-
අතීතයෙහි දඹදිවැ මහාවිජිත නම් රජෙක් වි යැ. මෙ මුහුදින් පිරිසුන්[78] මහත් පොළොමඬල දුනුයෙන් මහා එකල්හි පස්වග සඟුන් කෙරෙහි[79] ඇතුළත් අස්සජි මහ තෙරහු පෙරවරු සිවුරු පෙරෙවැ[80] පා ගෙනැ සිඟන්නට විසාලා නුවර[81] වන්හු. සච්චක එ නුවර එ රජගෙන් එ රජ ගෙට පයින් වැදැ[82] ඇවිදුනෙ,[83] මහතෙරුන් දැකැ, “මම් මහණ ගොයුම් හට වාදාරොපණ[84] කෙරෙමියි ඇවිදුමි. ඔහුගෙ සමය නො දන්නෙන් වාදාරොපණ නො කෙරෙමි. පරයන් ගෙ සමය දැනැ වාදාරොපණ කළ කලැ යැ, මනාවන්නෙ.[85] මෙ මහණ ගොයුම්හු ගෙ සවි යැ,[86] අස්සජි නම් මහණ. තමා සථරහු ගෙ සමය කොවිජ[87] කොටැ දන්නි. මම් මොහු[88] පිළිවිසැ කථා පිහිට්ටා[89] මහණ ගොයුම් හට වාදාරොපණ කෙරෙමි”යි සිතා මහතෙරුන් කරා එළබැ “කියග, අස්සජිය තොප ගෙ මහණ ගොයුම් සච්චන් කිසෙ හික්මවයි? සච්චන් කෙරෙහි ඔහුගෙ අනුශාසන බහුල වැ[90] පවත්නා පරිදි දිසෙ යැ?”යි පිළිවිත්.
මහතෙරහු, “මම් මුහුට දුක් ලකුණු කීම් නම්, “අස්සජිය, තෙපි කුමක් සඳහා පැවිජි වූව’ යි[91] පුළුවුස්ස. ‘මහඵල සඳහා පැවිජි වූම්හ’ යි කී කලැ ‘මෙ තොප ගෙ සස්නෙක් නම් නොවෙයි. මහ දම්ගෙඩි නම්, ඔසුපත්නිරෑ[92] නම්. තොපට සුවයෙහි ආශා නම් නැතී’ දොස් දෙයි. එසෙ බැවින් මුහුට දුක් ලකුණු නොකිව මැනැවැ”යි සිතා අනිත් ලකුණු අනත් ලකුණු විසින් දක්වන්නාහු – ගිනිවෙස්න:
“රූපං භික්ඛවෙ අනිච්චං. වෙදනා අනිච්චා. සඤ්ඤා අනිච්චා. සඞ්ඛාරා අනිච්චා. විඤ්ඤාණං අනිච්චා රූපං භික්ඛවෙ අනත්තා. වෙදනා අනත්තා. සඤ්ඤා අනත්තා. සඞ්ඛාරා අනත්තා, විඤ්ඤාණං අනත්තා. සබ්බෙ සඞ්ඛාරා අනිච්චා. සබ්බෙ ධම්මා අනත්තා” යි මෙසේ පස්කඳ අනිත්[93] අනත්සෙ කියා, “අප බුදුහු සව්වන් මෙසෙ හික්මවති. සච්චන් කෙරෙහි අප බුදුන් ගෙ අනුශාසනා බහුල වැ පවත්නා පරිදි මෙසෙ යැ”යි වදාළො.
එකල්හි සච්චක, “අස්සජිය, ඇපි නො ඇසුව මනා දැයක් ඇසූම්හ. කිසි දවසක් ගියමො නම්, බිණීමෙක් උපන් නම්, මෙ පවිට් දිට්හයෙන්[94] ඔහු ගළවා-පියම්හ”යි කීහු. එ දවස් පන්සියක් ලිච්ඡවී කිසි කාර්යයක් සඳහා සන්ථාගාරයෙහි රැස් වූහ. එකල්හි සච්චක, “මම පූර්වයෙහි සමය නොදන්නා වන බැවින් මහණ[95] ගොයුම් හට වාදාරොපණ නො කෙළෙමි. දැන් ඔහු ගෙ මහසව්වා විසින්[96] සමය දන්මි.[97] මොහු මා අතැවැසි පන්සියක් ලිච්ඡවීහි රැස් වූවාහ. මොවුන් ගෙනැ ගොස් මහණ ගොයුම් හට වාදාරොපණ කෙරෙමි”යි ඔවුන් කරා ගොස් “භවත් ලිච්ඡවීහි, එත්ව යි, එත්ව යි, අද මා හා[98] මහණ ගොයුම්හු හා කථා සල්ලාප වෙයි. යම්සෙ ඔහුගෙ අස්සජි නම් ප්‍රසිද්ධ මහසව්වා විසින් පිහිටා කී දැයෙක් ඇත් ද, ඉදින් මහණ ගොයුම් එ සෙයින් එහි පිහිටියෙ[99] වී නම්, යම්සෙ බැල[100] ඇති පුරුෂයෙක් දිග් ලොම් ඇති එළුවක්හු ලොමැ[101] ගෙනැ මොබට ඔබට ලා අකර්ෂණ පරික්ෂණ සම්පරික්ෂණ කෙරෙ ද, එ සෙයින් මැ මම් මහණ ගොයුම්හු හා වාදයෙන් වාද කොටැ කථා මාර්ගයෙන් දොස් දක්වා මොබට ඔබට ලා ආකර්ෂණ පරිකර්ෂණ සම්පරිකර්ෂණ කෙරෙමි. යම්සෙ සුරාධුර්තයෙක් රා පරහන මටලුකස්ස දෙවියට් වූයෙ, කසට හරනා සඳහා දෙ කනැ ගෙනැ ඇදැ[102] කිබිසිනි කොටැ පිඹැ-පියා ද, උඩුකුරු කොටැ පිඹැ-පියා ද, පුනපුනා ගසා පියා ද, එසෙයින් මැ මම් මහණ ගොයුම්හු හා වාදයෙන් වාද කොටැ අවධුනන නිර්ධුනන නිෂ්පොටන[103] කෙරෙමි. යම්සෙ සණ[104] පිළි කටටි[105] මිනිස්සු සණවැහැරි[106] මිටි ගෙනැ සණදොවුන් කෙළි[107] කෙළිද්ද, රජුගෙ[108] ඇත් සණදොවුන් කෙළි කෙළෙනා මිනිසුන් දැකැ ගැඹුරු දියට වැදැ සොඬින් දිය ගෙනැ සණදොවුන් කෙළි කෙළී ද, එසෙයින් මැ මම් මහණ ගොයුම්හු හා වාදයෙන් වාද කොටැ සණදොවුන්
කෙළි[109] කෙළෙනවුන් සෙයින් මොබට ඔබට ලා ආකර්ෂණ පරිකර්ෂණ සම්පරිකර්ෂණ කෙරෙමි. භවත් ලිච්ඡවීහි එත්වයි, එත්ව”යි කී යැ.
එහි ඇතැම් ලිච්ඡවීහි[110] “මහණ ගොයුම් මුහුට කුමයන[111] වාදාරොපණ කෙරෙයි? මුහු මැ මහණ ගොයුම් හට වාදාරොපණ කරත් මිසැ යැ”ය කීහ. ඇතැම් ලිච්ඡවීහි “සච්චක, බුදුනට යක් වැ වාදාරොපණ කෙරෙයි[112] හො! දෙවි වැ බඹ වැ හො වාදාරොපණ කෙරෙයි[113] හො! පියෙවි[114] මිනිසෙක් නම් බුදුනට වාදාරොපණ කරන්නට නො හැක්කැ”යි?[115] කීහු. එකල්හි සච්චක පන්සියයක් ලිච්ඡවි රජුන් පිරිවරා හිරිමුදුනෙහි මහවන වෙහෙරට එළබැ[116] “මහණ ගොයුම්[117] කොහි යැ හො?” යි පිරිවෙනින් පිරිවෙනට වැදැ බැලනුයෙ,[118] මිණිකව ද පෙරෙවි ගඳැතුන් සෙයින් රත් පහුල්[119] පෙරෙවි,[120] පිණි බොජුන් වළඳා මහසක්මන්හි සක්මන් කරන, සඟුන් දැක ඔවුන් කරා එළබැ, “භවත් ගොයුම් කොහි යැ හො? උහු දැක් කැටියම්හ”යි කී යැ.
එදවස් බුදුහු අලුයම්හි මහකුළුණුසමවත්[121] සමවැද දස දහසක් සක්වළ විනෙජනන්[122] බලන්නාහු, සච්චකයා අලුයෙ[123] මහත් ලිච්ඡවි පිරිස් ගෙනැ තමනට වාදාරොපණ කටටි වැ එනෙස දැකැ පෙරවරු සඟපිරිස් පිරිවරා විසාලා මහනුවර වැදැ අහරකිස සාහා[124] වෙහෙර අවුදු “මහපිරිස් හිඳුනට සුව තැනෙක්හි හුන මැනැවැ!”යි ගඳකිළියට නො වැදැ මැ මහවනයෙහි එක් රුක්මුලෙක්හි[125] දිවාවිහාර කොටැ වැඩ හුන්හු. එ සඟහු බුදුනට වතාවත් දක්වා ආවාහු සච්චකයා පුළුවුත් තැනැ සිටැ දුරැ[126] වැඩහුන් බුදුන් දක්වන්නාහු, “ගිනිවෙස්න, අප බුදුහු මහවනයෙහි එක්තරා රුක්මුලෙක්හි[127] දිවා විහාර කොටැ වැඩ හුන්හ”යි කීහු.
එකල්හි සච්චක මහත් ලිච්ඡවි පිරිස් ගෙනැ[128] මහවනයට වන. පළමු කී පන්සියො[129] එහු අතැවැස්සහ. “ඇතුළු නුවරැ වනාහි සච්චක පන්සියක් ලිච්ඡවි රජුන් ගෙනැ බුදුන් හා වාදාරොපණයට ගියෙ” යනු අසා “පණ්ඩිතයන් දෙන්නා ගෙන බස්කම් අසම්හ”[130] යි නුවරැ හුන්නවුන් මැදැ වැ[131] මිනිස්හු නික්මුණහ.
මෙසෙ අපමණ පිරිස් පිරිවරා බුදුන් කරා එළඹැ සාමීචි කොටැ එකත්පස් වැ හුන්නෙ යැ.[132] එහි ඇතැම් ලිච්ඡවි කෙනෙක් බුදුන් වැඳැ එකත්පස් වැ හුන්හ.[133] ඇතැම්හු බුදුන් හා සාරාණීය[134] කථා කොටැ එකත්පස් වැ හුන්හ.6 ඇතැම්හු අත් නඟා වැඳැ එකත්පස්වැ හුන්හ.6 ඇතැම්හු බුදුන් පෙරට[135] තමන්ගෙ නම්ගොත් කියා එකත්පස් වැ හුන්හ.6 ඇතැම්හු නො බැණැ[136] එකත්පස් වැ හුන්හු. එකත්පස් වැ හුන් සච්චකයා බුදුනට, “මම් භවත් ගොයුම්හු කිසි දෙයක්[137] පිළිවිසැ බැලියටියෙමි, අවකාශ හළ හොතිනැ”යි කී යැ. බුදුහු, “තට[138] රිසියෙන[139] දැයක් පුළුවුස. පැන විසජනු මට නොබරැ තා පුළුවුස්නා[140]තාක් දෑ හැම විජසමි” පසේබුදු අගසවු මහසව්වන්[141] හා අසා ධාරණ සර්වඥ ප්‍රවාරණයෙන් පැවරුහු. ඔහු “රිසියුණු ජැයක්[142] පුළුවුස්ව”යි නොකියති. “අසා දන්මහ” යි යෙති. බුදුහු වූ කල “පුච්ඡාවුසො යදාකඞ්ඛසි” යි අළව් යක්හු සර්වඥ ප්‍රවාරණයෙන් පැවරූ මැ යැ. “පුච්ඡ මහාරාජ යදාකඞ්ඛසි” යි අජාසත් රජහු[143] පැවරූ මැ යැ.
“පුච්ඡ වාසව මං පඤ්හං යං කිඤ්චි මනසිච්ඡසි,
තස්ස තස්සෙව අත්ථස්ස[144] අහං අන්තං කරොමි තෙ” යි
සක්දෙව් රජහුද්[145] පැවරූ මැ යැ.
“බාවරිස්ස[146] ව[147] තුම්හං වා සබ්බෙසං සබ්බසංසයං,
කතාවකාසා පුච්ඡව්හො යං කිඤ්චි මනසිච්ඡථ” යි තව්සන් පැවරූ මැ යැ.
“පුච්ඡ මං සභිය පඤ්හං යං කිඤ්චි මනසිච්ඡසි,
තස්ස තස්සෙව පඤ්හස්ස අහං අන්තං කරොමි තෙ” යි
පරිබ්‍රාජකයන් පැවරුහු මැ යැ. “තෙන හි ත්වං භික්ඛු සකෙ ආසනෙ නිසීදිත්වා පුච්ඡ යදාකඞ්ඛසි” යනාදි විසින් මහණ බමුණන් පැවරුහු මැයි.
මෙසෙ බුදුහු යකුන් රදුන් දෙවියන් තව්සන් පිරිවැජි යන් මහණ බමුණන් සර්වඥ ප්‍රවාරණයෙන් පවරත්. ඔවුන් බුදු බවට පැමිණැ සර්වඥ ප්‍රවාරණයෙන් පවරනු ආශ්චර්ය නොවෙයි. තමන් බොධිසත්තවභූමියැ ප්රාදෙශික ඥානයෙහි සිටි කලැ සරභඞ්ග ජාතකයෙහි සක්දෙව් රජහු ඈ රජුන් සඳහා සෘෂීන් විසින් අයජනා ලදු වැ-
“කතාවකාසා පුච්ඡන්තු භොන්තො
යං කිඤ්චි පඤ්හං මනසාභිපත්ථිතං,
අහං හි තං තං වො ව්යාකරිස්සං
ඤත්වා සයං ලොකමිමං පරඤ්ච”යි
සර්වඥ ප්‍රවාරණයෙන් පැවරූ මැ යැ. සම්භව ජාතකයෙහි සියලු දඹදිවැ තුන් යලක් ඇවිද පැන කියන කෙනකුන් නො දැකැ සුචිරත නම් බමුණා විසින් පැන පුළුවුස්නට අවකාශ කැරැවූ කල්හි සත් හැවිරිදි වයසැ වලිවෙයැ[148] පස්[149] කෙළිමින් සිටැ පලග් බැඳැ අතුරු වෙයැ බැසැ හිඳැ-
“තග්ඝ තෙ අහමක්ඛිස්සං යථාපි කුසලො තථා,
රාජාව ඛො තං ජානාති යදි කාහති වා නවා” යි සර්වඥ ප්‍රවාරණයෙන් පැවරුහු මැ යි[150]
මෙසෙ බුදුන් විසින් සර්වඥ ප්‍රවාරණයෙන් පැවරු කල්හි සච්චක පැන පුළුවුස්නෙ, “භවත් ගොයුම් සව්වන් කිසෙ හික්මවයි? ඔවුන් කෙරෙහි භවත් ගොයුම්හු ගෙ අනුශාසනා බහුල වැ පවත්නා[151] පරිදි කිසෙ යැ?”යි පිළිවිත්. එකලැ බුදුහු, “භවත්නි, මෙ දුටු ද? සච්චා කීයෙ, අනෙකෙකැ.[152] සථරහු[153] කියන්නෙ, අනෙකෙකැ.2 මම් පළමු මැ කීමි.[154] යම්සෙ සච්චා පිහිටා කී දැයෙක් ඇද්ද,[155] ඉදින් මහණ ගොයුම් එ සෙයින් මැ ඉහි පිහිටියෙ වී නම්, වාදාරොපණ කෙරෙමි”යි[156] මෙ වනාහි අනෙකක් මැ කියයි. එයට මා කුම්[157] කට[158] හැකි දැ?යි නුවටහු කියන්නට අවකාශ නොවෙව” යි පළමු අස්සජි මහතෙරුන් කී නියායෙන් වදාරනුවො[159], ඔහුගෙ ගොත්රනාම[160] ගෙනැ, “ගිනිවෙස්න, ‘රූපං භික්ඛවෙ අනිච්චං -පෙ- සබ්බෙ ධම්මා අනත්තා” යි මෙසෙ සව්වන් හික්මවමි. සව්වන් කෙරෙහි මාගෙ අනුශාසනා බහුලවැ[161] පවත්නා පරිදි මෙසෙ යැ”යි වදාළො.
“භවත් ගොයුම්ගොතුව, මට එක් උපමායෙක්[162] වටහයි”යි කී යැ. “කියා, ගිනිවෙස්න”යි වදාළහ. “යම්සෙ, ගොයුම්ගොතුව, යම් කෙතෙකැ[163] කළ[164] බිජු කෙනෙක් නැඟී වැඩැ විපුල වන්නාහු, පොළොව් නිසා පොළොවැ පිහිටා වැඩැ විපුල වන්නාහු, පොළොව් නිසා පොළොවැ පිහිටා වැඩැ විපුල වෙද්ද, බාහුබලයෙන් කටයුතු ගොවිකම් වෙණෙඳාම් ඈ කර්මාන්ත කෙනෙක් පොළොව් නිසා පොළොවැ පිහිටා සිටැ කරන ලැබෙද්ද, එසෙයින් මැ රූපය ආත්ම කොටැ ඇති, ‘රූප ආත්ම යැ’ යි ගත්, පුඟුල් රූපයෙහි පිහිටා සිටැ පින් පව් ඈ ප්‍රසව කෙරෙයි. වෙදනා ආත්ම කොටැ ඇති, ‘වෙදනා ආත්ම යැ’යි ගත්, පුඟුල් වෙදනායෙහි පිහිටා සිටැ පින් පව් ප්‍රසව කෙරෙයි. සංඥා ආත්ම කොටැ ඇති ‘සංඥා ආත්ම යැ’යි ගත්, පුඟුල් සංඥායෙහි පිහිටා සිටැ පින් පව් ප්‍රසව කෙරෙයි. සංස්කාර[165] ආත්ම කොටැ ඇති, ‘සංස්කාර[166] ආත්ම යැ’යි[167] ගත්, පුඟුල් සංස්කාරයන් කෙරෙහි පිහිටා සිටැ පින් පව් ප්‍රසව කෙරෙයි. විඥාන ආත්ම කොටැ ඇති, ‘විඥාන ආත්ම යැ’යි ගත්, පුඟුල් විඥානයෙහි පිහිටා සිටැ පින් පව් ප්‍රසව කෙරෙයි. මෙසෙ පස්කඳ මෙ සත්නට පොළො සෙයින් සිටියෙ යැ. සත්හු මෙ පස්කඳැ පිහිටා සිටැ කුසල් අකුසල් සිද්ධ කෙරෙති. තෙපි මෙසෙ විද්‍යමාන ආත්මයනට නිෂෙධ කරන්නාහු, පස්කඳ අනාත්ම යැයි දක්ව”යි ඉතා සකාරණ කොටැ උපමා ඇරැ දැක්වි.
මෙ නුවටහු උපමා අළ නිසා බැලු කලැ සව්නෙ දන්නා බුදුන් මිසැ අනෙක් කෙනෙක් එහු ගෙ වාද බිඳැ දොස් දෙන්නට[168] පොහොසත්හු නම් නැති. පුගුලො දෙවදෑරුම් ඇති.[169] බුදුන් විසින් විනෙය වන පුඟුලහ,[170] සව්වන් විසින් විනෙය වන පුඟුලහ’යි. එහි සව්වන් විසින් විනෙය වන පුඟුලන් සව්වො ද විනය[171] කෙරෙති. බුදුහු ද විනය4 කෙරෙත්. බුදුන් විසින් විනෙය වන පුඟුලන් සව්වො විනය4 කරන්නට නොනිස්සහ. බුදුහු මැ විනය4 කරන්නට නිසි වෙත්. මෙ නුවට දු[172] බුදුන් විසින්[173] විනෙය4 වෙයි. එයින් ඔහුගෙ වාද බිඳැ දොස් දෙන්නට[174] අනෙකෙක් නම් නැති. එයින් බුදුහු තුමු මැ උහු ගෙ වාදයෙහි දොස් දක්වනු සඳහා “කියග ගිනිවෙස්න, තො ‘රූප මාගෙ ආත්ම යැ’ යෙහි? “වෙදනා මාගෙ ආත්ම යැ’ යෙහි? ‘සංඥා මාගෙ ආත්ම යැ’ යෙහි? ‘සංස්කාර මාගෙ ආත්ම යැ’ යෙහි? ‘විඥාන මාගෙ ආත්ම යැ’ යෙහි?” වදාළො.
එකලැ “මහණ ගොයුම් ඉතා මැ මා ගෙ වාද[175] පිහිට්වයි.[176] ඉදින් මත්තෙ කිසි දොසෙක්[177] වී නම්, මා හුදකලහු[178] මැ නිගන්නි. එබැවින් මෙ වාද හැමදෙනා කෙරෙහි බහාලුව මැනැවැ”යි සිතා “භවත් ගොයුම් ගොතුව, මම් ‘රූප මාගෙ ආත්ම යැ’ යෙමි. ‘වෙදනා මාගෙ ආත්ම යැ’ යෙමි. ‘සංඥා, සංස්කාර, විඥාන, මාගෙ ආත්ම යැ’ යෙමි. මෙ මහාජනයො ද ‘තමන්[179] තමන් ගෙ ආත්ම යැ’යි යෙතී” කි.
බුදුහු “ගිනිවෙස්න, මුහු මා හා වාදයට ආවාහු නොවෙති. තො මැ යැ, සියලු විසාලා නුවරැ වැස්සන් ඔසොවා-ගෙනැ ආයෙහි.[180] එබැවින් තාගෙ මැ වාද කියා. කුමට මහජනා කෙරෙහි බහාලහී?”[181] වදාළො. හෙ ප්‍රතිඥා කරනුයෙ, “මම රූපාදීන් ‘මා ගෙ ආත්ම යැ’ යෙමි” කී.
මෙසෙ බුදුහු උහු ගෙ වාද පිහිට්ටා[182] “යම් හෙතුවෙකින් තො ‘පස්කඳ ආත්ම යැ, විසියැ වැටෙ’යි පිළින කෙරෙහි ද, හෙ අනාත්ම පරිදි, විසියැ[183] නොවැටෙන පරිදි, තා මැ පුළුවුස්මි: කියඟ. ගිනිවෙස්න, කැත කුලෙහි උපන් අභිෂික්ත රජ හට උහු ගෙ රට ඉසුරු පවත්ති? මරවන්නට නිස්සන් මරවන්නට ධන හානියට නිස්සන් දිළිඳු කරවන්නට රටින් නෙරනට නිස්සන් රටින් නෙරවන්නට යැ. කොසොල් රජහු[184] අජාසත් රජහු සෙයින්.
“මෙ වැදි රට වැසි[185] රජනට දු මල රට වැසි රජනට දු ඔවුනොවුන් ගෙ රට ඉසුරු පවත්ති. කැත කුලෙහි අභිෂික්ත රජ හට වූ කල ඔහුගෙ රට ඉසුරු පවත්ති මැ යැ නො!”යි කී.
මෙසෙ නුවට තමාගෙ වාද බිඳුනට අළ[186] කාරණ තමා මැ මරනු සඳහා කළ ආයුධයක් තිහිණි[187] කරන්නක්හු සෙයින් වෙසෙස් කොටැ දැක්වී.
මෙහි අභිප්‍රාය කවරැ යත්:
“රජු විසින් මරන මිනිසුන් ගෙ නෙරවන මිනිසුන් ගෙ[188] රූපාදීහු ඔවුන් විසියැ නො වැටුණහ” යූ සෙ යි. බුදුහු ගිනිවෙස්න, ‘රූප මාගෙ ආත්ම යැ’යි තො යමක් කිහි ද, මාගෙ රූප මෙසෙ වෙව’යි, ‘මෙසෙ නොවෙව’යි. යන තාගෙ ඉසුරු එ රූපයෙහි පවත්ති හො?” යි වදාළො
මෙහි අභිප්‍රාය කවරැ යත්:
“මාගෙ රූප යාපත් වෙව යි, සදා[189] තුබූ රන් තොරණක් වැනි වෙව යි, සිතුරූ පිළියක්[190] සෙයින් සිත් ගනීව යි, මාගෙ රූප විවන නො වෙව යි, දුසටහන් නො වෙව යි, නර[191] නො වෙව යි, කළ තලා නො වෙව යි, සිතුයෙන් එසෙ වන්නෙ නොවෙ?” යි සෙයි.
බුදුන් මෙසෙ වදාළ කලැ නුවට තමා පරදු[192] බව් දැනැ මහණ ගොයුම් මාගෙ වාද බිඳුනට කාරණ[193] අළ. මම් මාගෙ නොදැන්මෙන් එමැ වෙසෙස් කොටැ දැක්වීමි. දැන් නටමි. ඉදින්, “පවත්ති” යි[194] කීම් නම්, මෙ රද්දරුවො[195] නැඟී, ගිනිවෙස්න, තො රූපයෙහි මාගෙ ඉසුරු පවත්ති යෙහි. ඉදින් තාගෙ ඉසුරු රූපයෙහි පවත්නෙ වී නම්, යම්සෙ මෙ ලිච්ඡවි රජ්ජුරුවො තව්තිසැ වැසි දෙවියන් සෙයින් වොරජති, අභිරූපයහැ, ප්රසාදිකයහැ, තො එසෙ කුමට නො වොරජහි’[196] යෙති. ඉදින් ‘නො පවත්තී’ කීම් නම්, මහණ ගොයුම් නැඟී, ගිනිවෙස්න, තො පළමු මාගෙ ඉසුරු රූපයෙහි පවත්තී, කියා දැන් ‘නො[197] පවත්තී, යෙහි’යි මා නිගන්නි. මෙසෙ ‘පවත්තී’ කිව, එක් දොසැ. ‘නො පවත්තී’ කිව, එක් දොසැ”යි නොබිණි.
දෙවන වට ද බුදුහු පුළුවුත්හ. දෙවන වට දු නොබණි. තුන් යලක් බුදුන් පුළුවුත් කලැ නොබණන්නහු හිස් සත් කඬවැ[198] පැළෙයි. බුදුහු සතුන් මැ සඳහා සියුරාසැකි කප්සුවහස් පැරුම් පිරුවහු.[199] සතුන් කෙරෙහි බලවත් කුළුණු ඇත්තාහැ. එයින් තුන් වන වටැ නො පිළිවිසැ, “කියග, ගිනිවෙස්න, තා නොබණන්නට කල් නොවෙයි. යමෙක් තථාගතයා තුන් යලක් පුළුවුස්නා[200] දෑ නො කියන්නෙ වී නම්, මෙ තැනැ මැ හිස් සත් කඬ වැ[201] පැළෙ”යි වදාළො.
එකල්හි සක් දෙව්රජ (මහත් හිස් ඇති, කඳල*) කැකුළු බඳු තිහිණි[202] දළ[203] ඇති, අඟාළ මුව ඇති, පළල් නළල් ඇති, බුන් බැම ඇති, ගොර බිරම් බැලුම් ඇති, උඩු බලා දිලියෙන කෙහෙ ඇති, රත් දෙලෙන් අවුල් සිරිරු[204] ඇති, හන් විසිතුරු පට ඇති, ගර්ව සහිත රොෂ සහිත භයානක යක් වෙසක් මවා ගෙනැ යුගත් ගිනිකඳක් බඳු හාත්පසින් දිලියෙන වජ්රායුධ[205] ඇරැගෙනැ, “ඉදින් මෙ නුවට බුදුන් තුන් යලක් පුළුවුසුතුද්[206] නොකියන්නෙ වී නම්, මෙ තැනැ මැ උහු හිස සත් කඩක් කොටැ පළා-පියමී” උහු හිස්මත්තට වැ අහසැ සිටියෙ යි.
මෙ කුමට ආයෙ යත්:
උහු ගෙ දිට්හ විහිද්වන්නට[207] ආයෙ යි. කිසෙ යැ යත්: බුදුන් බුදු වැ අට වන සතියැ අජපල් නුඟමුලැ වැඩැ-හිඳැ, “මා ධම් දෙසුවද්[208] ගන්නාහු[209] නැත, ධම් කහට දෙසම්දැ!”යි නිරුත්සාහ වූ කල්හි සක් දෙව්රජ මහබඹහු හා අවුදු, “වහන්සෙ, තෙප් ධම් දෙසව. තොප ගෙ ආඥායෙහි නොපවත්නවුන් ඇපි පවත්වම්හ. තො ගෙ ධම්සකැ. අපගෙ අණසකැ”යි පිළින කෙළෙ. එයින් “අද සච්චකයා උත්ත්රස්ත කොටැ පැන විසජුන් කරවමී” ආයෙ යැ. ඔහු බුදුහු දු දක්ති.[210] සච්චක දු දක්කි. ඉදින් ඔහු අනෙකෙක් දිටි නම්, “මහණ ගොයුම්, සච්චකයා තමාගෙ වාදයට නොබස්නාසෙ දැකැ යක්ෂයක්හු[211] ගෙන්වා දැක්වියැ. එකලැ සච්චක භයින් කී යැ” යනු වෙ. එයින් ඔහු බුදුහු[212] දක්ති. සච්චකද් දක්කි.[213]
සච්චකයා හට උහු දකුත් මැ[214] උත්ත්‍රාස ඇති වි යැ, උද්වෙග ඇති වි යැ, රොමහර්ෂ ඇති වි යැ, සියල් සිරිරු[215] ස්වෙද වැහිණැ, ඇතුළු කුස පෙරැළි[216] මහ හඬ හැඬි. හෙ, “සස්සො දක්ති හො?” යි බලනුයෙ, කිසිවක්හු ගෙ රොමහර්ෂ මාත්‍රයකුදු නොදැකැ “මෙ භය මට මැ උපන්නෙ යැ. ඉදින් මම, ‘යක්ෂයෙකැ’යි[217] කීම් නම්, ‘මම, තට මැ ඇස් ඇති? යක්හු තො මැ දක්හි? ඇතහොත්, ඇපි දු නො දක්මො ද! පළමු යක්ෂයක්හු නොදැකැ, ‘මහණ ගොයුම්හු විසින් වාදාවර්ථයෙහි[218] බහා-ලන ලදුයෙහි[219] යක්ෂයක්හු දිටිහි[220] කියනු වෙතී” සිතා “දැන් මට මෙහි අනෙක් පිළිසරණෙක් ඇත්තෙ නොවෙයි. මහණ ගොයුම්හු මිසැ[221]”යි හඟනෙ බුදුන් මැ තම හට සරණ කොටැ, “භවත් ගොයුම් මා පුළු වුසිව යි,[222] කියමි” කී යැ. එ සඳ බුදුහු, “ගිනිවෙස්න, ‘රූප මාගෙ ආත්ම යැ’යි[223] තො යමක් කීහි ද, ‘මාගෙ රූප මෙසෙ වෙව යි, මෙසෙ නො වෙව’ යි යන තාගෙ ඉසුරු රූපයෙහි පවත්ති හො?” යි වදාළො “නො පවත්ති, ගොයුම්ගොතුව,”යි කී යැ. “ගිනිවෙස්න, සිහි එළවා කියා. තා පළමු කි දෑ හා පසු වැ කියන දෑ හා නො ගැළැපෙයි. පසු වැ කියන දෑ හා පළමු කී[224] දෑ හා නො ගැළපෙයි. ‘වෙදනා මාගෙ ආත්ම වෙ’යි තො යමක් කීහි ද, ‘මාගෙ වෙදනා කුසල් හෙයින් මැ වෙව යි, සුව හෙයින් මැ වෙව යි, අකුසල් හෙයින් නො වෙව යි, දුක් හෙයින් නොවෙ වයි, යන තාගෙ ඉසුරු එ වෙදනායෙහි පවත්ති හො?” යි වදාළහැ. “නො පවත්ති, ගොයුම්ගොතුව,”යි කීයැ.
එසෙයින් මැ[225] සංඥා සංස්කාරයනුදු පටිපාටීන් පිළිවිසැ ඔවුනුදු අනිත්‍ය පරිදි කී කල්හි, “ගිනිවෙස්න, ‘මාගෙ, විඥාන මෙසෙ වෙව යි, මෙසෙ නො වෙව’යි යන තාගෙ ඉසුරු එ විඥානයෙහි පවත්ති හො?”යි[226] වදාළහැ. “නො පවත්ති, ගොයුම්ගොතුව,” යි කී යැ. “ගිනිවෙස්න, සිහි එළවා කියා. තා පළමු කී දෑ හා පසු වැ කියන දෑ හා නො ගැළැපෙයි. පසු වැ කියන දෑ හා පළමු කී දෑ හා නොගැළපෙ”යි වදාරා, ‘කියග, ගිනිවෙස්න, රූප නිත්‍ය හො අනිත්‍ය හො?”යි වදාළහ. “අනිත්‍ය යැ; ගොයුම්ගොතුව,”යි කී යැ. “යමෙක් අනිත්‍ය ද, හෙ දුක් වෙයි හො? සුව වෙයි හො?” යි වදාළහ. “දුකැ, ගොයුම්ගොතුව,”යි කී යැ. “යමෙක් උපැද නස්නා බැවින් අනිත්‍ය වී ද, උදාවිය දුකින්[227]
පෙළෙන බැවින් දුක් වී ද, හෙ[228] මා ගැත්තෙ යැ,[229] මම හෙ යැ, හෙ මාගෙ ආත්ම යැ’යි මෙසෙ තෘෂ්ණා මාන දෘෂ්ටි විසින් දක්නෙ, යෙදෙ දැ?”යි වදාළහැ. “නො යෙදෙයි. ගොයුම්ගොතුව,” යි කී යැ.
මෙසෙයින් බුදුහු යම්සෙ නිහුගෙඩියෙක්[230] සප්හු ගෙ සුඹුයෙන්[231] නැඟි විස එ මැ සප්හු ලවා ඩහවා[232] හැරැ-පියා ද, එසෙයින් මැ එ මැ පිරිසැ සච්චකයා ලවා[233] එ මැ මුයෙන් “පස්කඳ අනිසැ, දුකැ, අනතැ”යි කියැවූහු[234] බුදුහු “යම්සෙ, ගිනිවෙස්න, හර කැමැති හර සොයන හර පිරියෙස්මින්[235] ඇවිදුනා පුරුෂයෙක් කැපෙන පොරොවක් ගෙනැ වනයට වැදැ එහි මහත් ඉදි ළඳ කේල්කඳක් දැකැ මුලැ දි අගැ දි සිඳැපියා අගැ ගෙනැ පත්වටි[236] නඟනඟා[237] බලනුයෙ බොරුදු[238] පවා[239] නො දක්කි. හර[240] මෙ කොහි දකී ද! එසෙයින් තො, මා විසින් තාගෙ වාද විචාරා බලත් බලත්, සිස් විහි, රික්ත විහි, පරාජිත විහි”යි වදාළො.
හෙ පළමු පූරණාදි සනුවටැජරන්[241] කරා එළබැ පැන පුළුවුස්සි. ඔහු විසජන්නට නොහැකි[242] වෙති. හෙ උනට පිරිස් මැදැ මහත් වියරු බැණැ තමා දුනු පරිදි දන්වා නැඟී යෙයි. “සම්මාසම්බුදුනුදු එසෙ මැ වෙහෙසෙමි” යන සිතින් අවුදු, යම්සෙ හිඹුල් එරබුදු[243] ඈ නිසරු රුක් පළමු විදිවිරී එක්තරා සියොතෙක්[244] “කිහිරි රුක ද විද්ද හැක්කැ”යි සිතා එහි පැහැරැ එක පහරින් තුඬු බිඳී ඇස් නික්මැ හිස් පැළුණු කලැ කඳින් ගැළැ[245] බිමැ වැටී හි වොදාන මහත් වැ.[246]
වැලැපී ද, එසෙයින් මැ සච්චක ද සවඤ්ඤණහර පැහැරැ තමා නුවණතුඬු බුන් කලැ සවඤ්ඤණහර තද බව් දත්.
එකල්හි බුදුහු ඔහු ගෙ මුඛර බව ප්‍රකාශ කොටැ නිගන්නාහු. “ගිනිවෙස්න, තා ‘මා විසින් වාදයෙන් වාද කොටැ දොස් ගෙනැ වන් කලැ කම්පිත නොවන ප්‍රකම්පිත නොවන වෙවුළා නොයන කක්ෂයෙන් සෙවද නොසිලයෙන මහණක්හු හො බමුණක්හු හො නොහොත් ‘රාත්මි, බුදුමී, පිළින කරනුවක්හු හො නො දක්මී. ඉදින් මම් අචෙතන වූ ටඹටද්[248] වාදාරොපණ කෙළෙම් නම් හෙ ද කම්පිත වැ ප්‍රකම්පිත වැ වෙවුළා යෙයි. මිනිසෙක් නම් කිමෙක්දැ?’යි විසාලා නුවරැ පිරිසැ බණන ලද්දෙ යැ. දැන් තා නළලින් ගුළු ඇතැම් සෙව ද බිඳුපොද උතුරුසළු විනිවිදැ ගොස් බිමැ හෙයි. මාගෙ ශරීරයෙහි වූ කල සෙව ද දැන් ඇත්තෙ නොවෙ”යි බුදුහු එ පිරිසැ රන්වන් සිරිරු දැක්වූහු. හැම සිරිරු දැක්වූවාහු නොවෙති. බුදුහු ගැට වටු ගන්වා පිළිසන් සිරිරු ඇති වැ පිරිසැ ධම් දෙසති. දෙසන්නාහු, ගලයෙන් සිවුරු සතරඟුලක් පමණ[249] තැනට බැහුහු. බැහු විගස රන්වන් රස් පුඤ්ජ පුඤ්ජ වැ, රන් කෙළින් නික්මුණු රත්රන් ධාරා සෙයින්, රත් වලා ගැබින් නික්මුණු විජුලිය කලබක් සෙයින්, නික්මැ රන් මිහිඟක්[250] බඳු ගලය පැදකුණු කෙරෙමින් අහසැ දැවැ-ගත්හු. බුදුහු මෙසෙ කුමට කළහ යත්:
මහජනයා හට සැක හරනා සඳහා කොළො, එහි මහජනා හට[251] වනාහි “මහණ ගොයුම් තම හට සෙව ද නැති යෙයි. සච්චකයා හට වූ කල යන්ත්රාරූඪයක් සෙයින් සෙව ද වැහෙයි. මහණ ගොයුම් ගත දෙපට සිවුරු පෙරෙවැ[252] හුන්නෙ යැ. ඇතුළතැ සෙව ද ඇති බව් නැති බව් කවුරු දන්ති!” යන සැක[253] උපද්දි. මහජනයා ගෙ සැක පසිඳිනා සඳහා මෙසෙ කොළො.
මෙසෙ වදාළ කලැ සච්චක නො බැණැ කර බහා-ගෙනැ ප්‍රතිභාන නැති වැ බිම් සැ පයැ පටැඟිල්ලෙන්[254] කැණැ කැණැ හුන්නෙ යැ. එකල්හි නැමින් දුර්මුඛ නම් යහපත් මහත් ලිච්ඡවි කුමරෙක් සච්චකයා හුන්නහු[255] දැකැ බුදුනට “වහන්සෙ, මට එක් උපමායෙක්[256] වටහ”යි කි යැ. “කියා දුර්මුඛය,”යි වදාළහැ. වහන්සෙ, යම් ගමකට හො නියම් ගමකට හො නුදුරු තන්හි පොකුණෙක් වී ද, එහි කකුළුයෙක් වී ද, වහන්සෙ, එහි බොහො දරුවො හො දැරියො හො එ ගැමින් හො නියම් ගැමින් හො නික්මැ එ පොකුණට ගොස් බැසැ එ කකුළුවා දියෙන් නඟා ගොඩැ හෙවූ ද,[257] කකුළුවා යම් යම් අළක්[258] නැඟී ද, ඔහු නැඟු නැඟු අළ[259] එ දරුවො හො දැරියො හො දඬුකඬෙකින් හො කබල් කඬෙකින් හො ගෙනැ සිඳැ-පීහු[260] ද, මෙසෙ හැම අළ[261] සුන් කලැ එ කකුළු[262] ගමන් පසුන් බැවින්[263] එ පොකුණට පෙර සෙ බස්නට[264] නොහැක්කැ. එහි මැ කපුටු කොක් ආදිනට බත් වෙයි. එසෙයින් මැ, වහන්සෙ, සච්චකයා ගෙ යම් කවර දිට්හයෙක[265] ඇද්ද, හෙ හැම මැ වහන්සෙ[266] විසින් සිඳැබිඳැපියා[267] ලන ලද. වහන්සෙ, සච්චකයා වටා ලා භවත්හු කරා එළබෙන්නට නොනිස්සැ, වාද සඳහා යැ”යි කී.
දුර්මුඛයා උපමා කී කලැ සෙසු ලිච්ඡවී කුමාරයො සිතහු: “මෙ නුවටහු විසින් අපට ශිල්ප උගන්නා[268] තැනැ[269] බොහො කල් අවමාන කරන ලද. දැන් මෙ අප සතුරා පිටි දක්නට නිසි කලැ. ඇපි දු එකෙකි උපවා ඇරැ අත්පිඬු ගසා කලින් හුණුවක්හු[270] මොහොලින් බහනුවන්[271] සෙයින් වටා ලා පිරිස් මැදැ හිස් නොනැඟිය හෙ ද, එවෙනි දෙයක් උහුට කරම්හ” යි උපමා සිතා-ගෙනැ දුර්මුඛයා කථා අවසන් බලා[272] හුන්හු.
සච්චක, ඔවුන් ගෙ අභිප්‍රාය දැනැ, “මොහු හැම දෙන මැ කර ඔසොවා කොල පොපි[273] ඇති[274] වැ හුන්නාහ. ඉදින් වෙන වෙන උපමා අළහු නම්, වටා ලා මම් පිරිස් මැදැ හිස් නඟන්නට[275] නොහැකි වෙමි. එසෙ බැවින් මම් දුර්මුඛයා වළකා, යම්සෙ අනෙකක් හට අවකාශ නොවෙ ද?[276] එසෙ කථා පසිඳැ මහණ ගොයුම්හු පැන පුළුවුස්මී” සිතා-ගෙනැ “දුර්මුඛය, දැන් සිට තො මුඛරයෙහි, ඇපි තා හා සැසැඳිලි නො කරම්හ. භවත් ගොයුම්හු හා සැසැඳිලි කරම්හ, ගොයුම්ගොතුව, අප ද ගෙ සෙස්සනුදු ගෙ කථා තිබි-යෙව යි, හෙ ප්රලාපමාත්රයෙකැ”යි බැණැ බුදුන් පැන පුළුවුස්නෙ[277] “භවත් ගොයුම්හු ගෙ[278] ශ්‍රාවකයෙක් කිපමණෙකින් සසුන් කරනු නම් වෙ?” යි කී යැ. “ගිනිවෙස්න, මෙ සස්නෙහි මාගෙ ශ්‍රාවකයෙක්:
“යං කිඤ්චි රූපං අතීතානාගතපච්චුප්පන්නං අජ්ඣත්තං වා බහිද්ධා වා ඔළාරිකං වා සුඛුමං වා හීනං වා පණීතං වා යං දූරෙ සන්තිකෙ වා, සබ්බං රූපං නෙතං මම. නෙසොහමස්මි. න මෙසො අත්තා”-
යන මෙ එකොළොස් වැදෑරුම් හැම රූප මා නොගැත්තෙ යැ. මම රූපයෙම් නොවෙමි[279] මාගෙ ඉසුරු රූපයෙහි පවත්නෙ නොවෙ”යි යථාභූතය මනා කොටැ නුවණින් දකී ද, එසෙයින් මැ:
“යා කාචි වෙදනා, යා කාචි සඤ්ඤා, යෙ කෙචි සඞ්ඛාරා, යං කිඤ්චි විඤ්ඤාණං අතීතානාගතපච්චුප්පන්නං …….න මෙසො අත්තා”
“යන එකොළොස් වැදෑරුම් හැම විඥාන මා නොගැත්තෙ යැ. මම් විඥානයෙම් නොවෙමි. මාගෙ ඉසුරු විඥානයෙහි පවත්නෙ නොවෙයි. මෙසෙ යථා ස්වභාවය මනා කොටැ නුවණින් බලා ද, මෙ පමණෙකින්. ගිනිවෙස්න, මාගෙ ශ්‍රාවක සසුන් කරනු නම් වෙ”යි ශෛක්ෂභූමි දැක්වූහු.
එක්බිති අශෛක්ෂභූමි[280] පුළුවුස්නෙ, “ගොයුම්ගොතුව, මහණ කිපමණෙකින් රාත් නම් වෙ?”යි කී යැ. “ගිනිවෙස්න, මෙ සස්නෙහි මහණෙක්, “යං කිඤ්චි රූපං අතීතානාගතපච්චුප්පන්නං…… න මෙසො අත්තා” – යන එකොළොස් වැදෑරුම් හැම රූප මා නොගැත්තෙ යැ. මම් රූපයෙම් නොවෙමි. මාගෙ ඉසුරු රූපයෙහි පවත්නෙ නොවෙයි. මෙසෙ යථාභූතය මනා කොටැ නුවණින් දැකැ අනුපාදාවිමොක්ෂයෙන් විමුක්ත[281] වී ද, එසෙයින් මැ “යා කාචි වෙදනා, යා කාචි සඤ්ඤා, යෙ කෙචි සඞ්ඛාරා, යි කිඤ්චි විඤ්ඤාණං අතීතානාගතපච්චුප්පන්නං……. න මසො අත්තා” – යන එකොළොස් වැදෑරුම් හැ විඥාන මා නොගැත්තෙ යැ. මම් විඥානයෙම් නොවෙමි. මාගෙ ඉසුරු විඥානයෙහි පවත්නෙ නොවෙයි. මෙසෙ යථාභූත අර්ථය මනා කොටැ නුවණින් දැකැ අනුපාදාවිමොක්ෂයෙන් විමුක්ත වී ද’ මහණ, මෙ පමණෙකින් ‘රාත්’ නම් වෙ”යි.
මෙසෙ ලොවීලොවුත්රා නුවණිනුදු ලොවීලොවුතුරා පිළිවෙතිනුදු ලොවීලොවුතුරා විමුක්තීනුදු සමුපෙත වූ විමුක්ත සිත්[282] ඇති මහණ, තථාගතයා හට මැ සත්කාර ගුරුකාර[283] නමස්කාර කෙරෙයි. “බුද්හු[284] තුමුහු සිව් සස් දැනැ අනුන් දන්වනු සඳහා ධම් දෙසති. තුමුහු ඉන්ද්රියදමනයෙන් දැමී අනුන් දමනු සඳහා ධම් දෙසති. තුමුහු කෙලෙසුන් ගෙ ක්ෂොභ සන්හිඳුවා අනුන් ගෙ ක්ලෙශක්ෂොභ සන්හිඳුවා අනුන් ගෙ ක්ලෙශක්ෂොභ සන්හිඳුවනු සඳහා ධම් දෙසති. තුමුහු සසරසයුරු තැරැ අනුන් සසර සයුරෙන් නඟනු සඳහා ධම් දෙසති. තුමුහු කෙලෙස් පිරි නිවණින් පිරිනිවී අනුන්ගෙ කෙලෙස්ගිනි නිවනු සඳහා ධම්දෙසති යි මෙසෙ තථාගතයා හට මැ සත්කාර ගුරුකාර නමස්කාර කෙරෙ”යි වදාළො.
එකල්හි සච්චක “ගොයුම්ගොතුව, ඇප් ‘භවත්හු වාදයෙන් වාද කොටැ ගැටෙම්හ’ යි සිතන්නමො නටුවාම්හ.[285] ත්‍රිමදගලිත[286] ඇතක්හු පැහැරැ වැදැ-ගත් පුරුෂයක් හට සෙත් වන්නෙ වෙයි.[287] දිලියෙන ගිනි කඳක් සිපැ-ගත් පුරුෂයක් හට සෙත් වන්නෙ වෙයි2 ඝොරවිෂ ඇති ආශීවිෂයක්හු පැහැරැ සිපැ-ගත් පුරුෂයක් හට සෙත් වන්නෙ වෙයි.2 භවත් ගොයුම්හු කෙරෙහි ගැහැටු[288] පුරුෂයක් හට සෙත් නො මැ වෙ”යි කී.
බුදුහු ඇත් ආදීන් සෙයින් කිසිවක්හු දිවියට අන්තරාය[289] කරන්නාහු නොවෙති. නුවට මෙතුන් උපමාවන් බුදුනට[290] උත්කර්ෂ සඳහා අළියෙ නොවෙයි. තම හට මැ උත්කර්ෂ සඳහා අළ. යම්සෙ රජෙක් සතුරක්හු මරා, ‘මෙසෙ ශූර වූ මෙවෙනි බැල[291] ඇති පුරුෂ නට’යි සතුරා හුවන්නෙ,[292] තමා මැ හුවාද, එසෙයින් මැ මෙ තුන් උපමායෙන් බුදුන් හුවන්නෙ, “ඇපි මැ ශූරයම්හැ. ඇපි මැ පණ්ඩිතයම්හැ. ඇපි මැ බහුශ්රැතයම්හැ. මෙ සෙයින් ත්‍රිමදගලිත ඇතක්හු බඳු, දිලියෙන ගිනිකඳක් බඳු, පැන අළ[293] ආශීවිෂයක්හු බඳු සම්මාසම්බුදුන් කරා වාද සඳහා එළබෙන්නාම්හ”යි මෙසෙ තම හට මැ උත්කර්ෂ කොටැ බුදුන් නිමන්ත්‍රණ කරනුයෙ, “ගොයුම්ගොතුව, තොපට සත්කාර කරන මට යම් පුණ්‍යයෙක් ප්‍රීතියෙක් උපදී ද, එ සඳහා සඟුන්[294] හා සමඟ සෙට මාගෙන් වළඳන්නට වැඩිය මැනැවැ”යි කී යැ.
බුදුහු ඔව්හට අනුග්‍රහ පිණිස නො බැණැ සිතින් ඉවසූහු. සච්චක, බුදුන් ඉවසූ බව් දැනැ ගොස් ලිච්ඡවි රජ්ජුරුවනට “මම් සෙට භවත් ගොයුම්හු හා සඟුන් නිමන්ත්‍රණ කෙළෙමි. තොප දවස් පතා මට පන්සියක් බත්සැළ දෙන බැවින් එසෙට මහණ ගොයුම් හට නිසි වන පරිද්දෙන්[295] දෙව”යි කී. අනෙක් දවස් එ රජ්ජුරුවො උහුට පන්සියක් බත්සැළ[296] දී යවුහ. සච්චක, තමාගෙ අරම්හි පිණී කන බොන දෑ පිළියෙළ[297] කරවා-තබා යවා කල් දැන්වී යැ. බුදුහු මහ සඟුන් පිරිවරා උහු ගෙ අරමට එළබැ පැන් වූ අස්නෙහි වැඩ හුන්හු. සච්චක, බුදුපාමොක් සඟුන් පිණි බොජනෙන් සිය අතින් සතපා[298] එකත්පස් වැ හිඳැ, “භවත් ගොයුම්ගොතුව, මෙ දානයෙහි යම් ඵලයෙක් ඇද්ද, හෙ දායකයනට සුවයට වැටෙ”යි[299] කී යැ. “ගිනිවෙස්න, තා බඳු[300] අවීතරාගයනට දුන් දන්හි ඵල තට දුන් දායකයනට වෙයි. මාසෙ වූ වීතරාගයන්ට දුන් දන්හි ඵල තට වෙ”යි වදාරා හුනස්නෙන් නැඟී වැඩියො.[301]
අනෙක් දවසක් බුදුහු විසාලා නුවර වැඩියටි වැ පෙරවරු මුරුත මල්කලබක් බඳු[302] දෙපටසිවුරු[303] හැඳැ විජිලියක්[304] බඳු කහබාන් බැඳැ නුඟපල බඳු පහුල්[305] එකස් කොටැ පෙරෙවැ ගඳකිළියෙන්[306] නික්මැ සඟපිරිස් පිරිවරා අග් දෙරියෙහි වැඩැ සිටියො.
එකල්හි සච්චක, “පළමු මම් අපණ්ඩිත වන බැවින් සියලු විසාලා නුවරැ වැස්සන් ගෙනැ මහණ ගොයුම්හු කරා ගොස් පිරිස් මැදැ පරිභූත වීමි. දැන් එසෙ නො කොටැ එකලා වැ ගොස් වාදාරොපණ කෙරෙමි.[307] ඉදින් මහණ ගොයුම්හු පරදවන්නට නිසි වීම් නම්, මාගෙ ලද[308] හුවා ජය[309] කියා එමි. ඉදින් මහණ ගොයුම් හට ජය වී නම්, අඳුරුයෙහි නැටුම් සෙයින් දන්නාහු නැති” සනිට්හන්[310] කොටැ නිද්‍රා[311] පැන නම් පැනයක් ගෙනැ මහවන වෙහෙර ගියෙ.
අනඳ මහතෙරහු උහු දුරින් එන්නහු දැකැ, “බුදුන් මොහොතක් වැඩැ හුන් කලැ බුදුන් දක්නා ලැබෙයි. බණ අසනු ලැබෙයි. හෙ ඔහට[312] බොහො කල් හිතයට සුවයට වැටෙ”යි යන සිතින් “වහන්සෙ, එන්නෙ, සච්චක යැ. මොහොතක් වැඩැ හුන මැනැවැ”යි අයජැ[313] අසුන් පැන්වූහ.
බුදුහු වැඩ හුන්හැ. සච්චක, බුදුන් කරා එළඹැ සාමීචි කොටැ එකත්පස් වැ හිඳැ,[314] “සන්ති හො ගොතම, එකෙ සමණ බ්රාහ්මණා කායභාවනානුයුත්තා විහරන්ති” යනාදි ක්‍රමයෙන් පැන පිළිවිත. “ඉධ අග්ගිවෙස්සන, අස්සුතවතො පුථුජ්ජනස්ස උප්පජ්ජති සුඛා වෙදනා” යනාදි ක්‍රමයෙන් පැන විසජුහු. ඔහු පැන පුළුවුත් පරිදිද් බුදුන් නිරවසෙස්නෙන්[315] විජු පරිදිද් මැදුම්සඟියැ මහාසච්චක සුතින් දන්නෙ යැ.
මෙසෙ බුදුන් විසින් මෙ නුවට දරුව හට දෙ වරෙකැ දෙ සුතක් දෙසන ලද. හෙ අධිගම නොද කෙළෙ, පැවිජි නො ද වී යැ, සරණැ නො ද පිහිටි යැ.[316]
ඔව්හට බුදුහු කුමට ධම් දෙසූ හැ යත්:
අනාගතයෙහි උහුට වන වැඩ දැකැ වාසනා සඳහා දෙසුහු. ඔහු බුදුන් පිරිනිවනින්[317] මතුයෙහි දෙසිය සතිස්[318] හවුරුද්දක් ඉකුත් කල්හි, ලක්දිවැ සසුන් පිහිටි කල්හි, දෙව්ලොවින් සැවැ මෙ රට දැකිණිගිරි වෙහෙරට[319] නොදුරු තන්හි එක් ඇමැති කුලෙක්හි[320] ඉපැදැ පැවිජි වැ තෙවළාධර වැ විදර්ශනා වඩා පිළිසිඹියා පත් රාත් වැ කළු බුද්ධරක්ඛිත මහතෙරහු නම් වූහු.
ඔවුන් සෑගිරියැ කළුතිඹිරි රුක්මුල්හි කාලකාරාම සුත දෙසු දවස් රජු විසින් සියක් යොජුන් ලක්දිවැ රජයෙන් පුදන ලද පරිදි ධර්මප්‍රදීපිකායෙහි කී පරිද්දෙන් දත යුතු.
මෙසෙ බුදුහු තමන් පුරුෂධම්මසාරථී වන බැවින් සච්චක මාණවක නම් නුවට දරුවා ද ආදි ශබ්දයෙන් ගත් සුභ මාණවකාදීනුදු දමා අමාමහ නිවන් පැමිණිවූහු.
මාණවකදමන නම් නව වන පරිච්ඡේද නිමි.
පාඨිකපුත්‍ර[1] නුවටහු දැමු පරිදි කිසෙ යැ යත්:
විසාලා නුවරැ සුනක්ඛත්ත නම් ලිච්ඡවි රාජපුත්රයෙක් බුදුසස්නෙහි පැවිජි වැ බුදුනට මෙහෙ කරනුයෙ, එක් දවසක් බුදුන් කරා එළබැ, “දිවඇස් ලබන්නට යැ”යි පිළිවෙත් ඇරැ වියැ.[2] ඔහුට බුදුහු පිළිවෙත් වදාළහැ. හෙ වදාළ[3] නියායෙන් පිළිපැදැ දිවඇස් උපයා[4] දෙවියන් ගෙ උයන් විමන් කප්රුක් දැකැ සව්බරණින් සැදි රෑ දැක, “මොවුන්ගෙ හඬ මියුරු වුව මැනැවැ,[5] එ කිසෙ අසම් හො!”යි සිතා බුදුන් කරා එළඹැ දිවසොධා උපදනට නිසි පිළිවෙත් ඇරැවි යැ. හෙ අතීතයෙහි සිල්වත් පැවිජි කෙනකුන් කන්සක පැහැරැ බිහිරි කොටැ-පි යැ. එයින් උහුට දිවසොධා නො උපද්දි.[6] බුදුහු එ නොඋපදනාසෙ දැකැ එයට පිළිවෙත් නො වදාළහැ.
හෙ එ පමණෙකින් බුදුන් කෙරෙ වෙර[7] බැඳැ සිතී: “එකාන්තයෙන් මහණ ගොයුම් හට මෙබඳු සිතක් උපන්සෙ යැ.[8] ‘මම ද[9] රද්[10] දරුයෙමි, මෙයිත් රද්10 දරු යැ. ඉදින් මොහුගෙ නුවණ වැඩියෙ වී නම්, මෙ සර්වඥ වෙ’ යන සිතින් ඊර්ෂ්යායෙන් මට නො කියයි” සිතා එක් දවසක් බුදුන් කරා එළබැ “වහන්සෙ පියා[11] යෙමි, නිසා නො වෙසෙමි[12]” කී යැ. එකල්හි බුදුහු, “තො මා නිසා වසා යි මා තට කී දැයෙක් ඇද්ද?”යි වදාළහැ. “නැති, වහන්සෙ,”යි කී යැ. “මම් වහන්සෙ නිසා වෙසෙමි යි තා මට කී දැයෙක් ඇද්ද?”යි වදාළහැ. එයිද් නැතිසෙ කී යැ. මෙසෙ තා මට කී දෑ නැත.[13] මා තට කී දෑ නැත.13 මට කුමට කියහී?” වදාළො. “වහන්සෙ මට උතුරු මිනිස් ධැමින් පෙළහර නොදක්වන දෑ යැ”යි කී යැ. “තො මා නිසා වසා. මම් තට පෙළහර දක්වමි යි මා තට කී දැයෙක් ඇද්දැ”යි වදාළහැ. “නැති, වහන්සෙ”යි කී යැ. “මම වහන්සෙ නිසා වෙසෙමි, මට පෙළහර දක්වන්නෙ යැයි තා මට කී දැයෙක් ඇද්ද?”යි වදාළහැ. එයිදු නැතිසෙ කී යැ. “මා තට ප්රාතිහාර්යය කෙළෙන්[14] කිම? නොකෙළෙන1 කිම? එයින් තමට කවර ප්‍රයෝජන යැ? එකළ දු නොකළ දු මාගෙ සස්නට[15] වන පිරිහිණි නැති. මම් දෙව්මිනිසුන් අමා මහනිවන් පමුණුවනු සඳහා පැරුම් පිරුයෙමි. ප්රාතිහාර්යය කරනු සඳහා පිරුයෙම් නොවෙමි. මා තට කී දෑ නැත, තා මට කී දෑ නැත, මට කුමට කියහී?” වදාළහැ. “වහන්සෙ, මෙ නම් දැයෙක් ලොකයෙහි අග්‍ර යැයි අග පමණක් මට නොවදාරන දෑ යැ”යි කී යැ. “තො මා නිසා වසා, මම් තට අග පමණක් කියමි, මා තට කී දැයෙක් ඇද්දැ”යි වදාළහැ. “නැති, වහන්සෙ,”යි කී යැ. “මම් වහන්සෙ නිසා වෙසමි. මට අග පමණක් කියන්නෙ යැයි තා මට කී දැයෙක් ඇද්ද?”යි වදාළහැැ. “එයිද් නැතී” කී යැ. “සුනක්ඛත්තය, ලොකයෙහි මෙ නම් දෙයෙක්[16] අග්‍ර යැයි කීයෙන් කිම? නොකීයෙන් කිම? එයින් නිවන් සෑහෙන්න නොවෙ”යි වදාළහැ. සුනක්ඛත්ත, “බුදුන් ගෙ ගුණ මකමී” මෙතෙක් විප්‍රලාප බැළැ බුදුන් ගෙ කථා අස අසා පිහිට නොලදින් නොබැණැ සිටියෙ යැ.
“සුනක්ඛත්තයා[17] විසාලා නුවර වැදැ[18] පෙරැ[19] තුණුරුවන්හි ගුණ කියන කලැ මුව නො පොහොයි. දැන් එ මැ මීයෙන් අයුණු කියයි. බ්‍රම්සරවස් රක්නට නොපොහොසත් වූයෙ, තමා බාල වන බැවින් තුණුරුවන්හි අයුණු කියා ගිහි වැ වෙසෙ”යි,[20] බුදුහු වූ කල සව්නෙ දන්ති, ධම් නිය්‍යාණික යැ, සඟහු සුපිළිපන්නාහු යි, තුණුරුවන්හි ස්තොත්‍ර කරන මිනිස්හු තාගෙ දොස් දක්වතී වදාළො. මෙසෙ කුමට වදාළහැ? යත්: එ දොස් උපන් කලැ, “සව්නෙ දන්නා[21] බුදුහු මෙ දොස් දැකැ පළමු මට නො වදාළහ”යි නො කියවනු[22] සඳහා වදාළො.
එක් සමයෙක්හි බුදුහු ඛුලුජනවු[23] නම් ජනවියෙක්හි උතුරු නම් නියම්ගමක් නිසා වැඩැ වසනුවො පෙරවරු සුනක්ඛත්ත ලිච්ඡවිහි හා සමඟ ගමට වැඩියො. එකල්හි කොරක්ඛත්තිය නම් නුවටෙක් ‘බලුතව’ නම් තව කෙරෙයි. දෙ දණ හා දෙ වැලමිට බිමැ ඔබා ඇවිද්දි, බල්ලකු සෙ බිමැ කන බොන දෑ හිඹැ, බලා මීයෙන් මැ කයි. මීයෙන් මැ බොයි. අත් නො පහරවයි, ළුප්[24] දොරැ හළු පීරා-පියා[25] වැකැටි ගෙනැ[26] හොවී.[27] සුනක්ඛත්ත,[28] ඔහු දැකැ, “මෙ රාත් මහණෙකැ, මොහු හා සම අනෙක් මහණෙක් ඇත්තෙ නොවෙයි. මෙ අපිස් බැවින් පිළී නො හඳී, ප්රපඤ්චයෙන් භික්ෂා භාජන නො ගෙනැ ඇවිද්දි, බිමැ ඔත්තා මැ කයි, මෙ යැ “මහණ” නම් ඇපි කුමයන[29] මහණම්හ!” යි සව්නෙ දක්නා බුදුන් පස් පස්[30] යනුයෙ, මෙ පවිටු සිත් සිතී.
එ සඳැ බුදුහු, “මෙ සුනක්ඛත්ත පාපාධ්යාශය ඇත්තෙ යැ. මුහු දැකැ කුම්[31] සිති යැ හො!”යි බලන්නාහු, ඔහු ගෙ අදහස් දැනැ “මෙ මොඝපුරුෂ මා වැනි සව්නෙ දන්නා බුදු රජක්හු[32] පස් පස්8 එන්නෙ, නුවටුහ ‘රාත්හ’ යි සිතයි. මෙ බාලයා දැන් මැ නිගත මැනැවැ”යි සිතා, “තො මෙසෙ හීනාධ්‍යාශය ඇත්තෙහි, ‘මම් මහණ ශාක්යපුත්රයෙමී’ කුමට පිළින කෙරෙහී?” වදාළහැ. “වහන්සෙ, මාගෙ කවර වරදක් දැකැ වදාරන දෑ යැ?” යි කීයැ. “මෙ බලුතව කරන නුවටහු ‘රාත්හ’ යි ගත්හි නො?”යි වදාළහ. “කිම? වහන්සෙ, රාත් බැවැ මසුරු දෑ යැ හො?” යි කී යැ. “මොඝපුරුෂය, මම දෙව්මිනිසුන් රාත් වනු කැමැත්තෙමි. එමැ සඳහා යැ, මා පැරුම් පිරුයෙ. ‘රාත් බව් මට මිසැ[33] අන්නට නොද වෙව’ යි යන සිත් නැත්තෙමි. නොරාතන් ‘රාත්හ’ යන පවිට් දිට්හ යැ තට උපන්නෙ.[34] එ පියා.[35] බොහො කල්හි තට අහිතයට වැටෙයි. තා ‘රාත්හ’ යි
ගත් කොරක්ඛත්තිය නම් නුවට සත් දවසෙකින් ආලස්‍යයක් ඇති වැ මියැ කාල කඤ්ජක නම් අසුර කායෙහි උපද්දි. එහි ප්‍රෙතයන් තුන් ගවු පමණ අත්බව් වෙයි, ලෙ මස් නැති වන බැවින් පරණලා වැන්නහැ,[36] කකුළුවන් ගෙ ඇස් සෙයින් ඇස් නික්මැ[37] මුදුනෙහි සිටී[38] මුව[39] හිදිකටුසිදක් වැනි වැ මුදුනෙහි මැ සිටී, එයින් ගොදුරු ගන්නා කලැ නැඹුරු වැ මිසැ නොගත හෙති, මළ කලැ බීරණත්ථම්බක[40] නම් සොහොනට ඇදැ-පයිති. තො කැමැති වීහි නම්, උහු කරා ගොස් පිළිවිසැ දනැ”යි වදාළො.
සුනක්ඛත්ත ලිච්ඡවි, බුදුන් එ ගමැ වළඳා වෙහෙර වැඩි කල්හි කොරක්ඛත්තිය නුවටහු කරා ගොස් “මහණ ගොයුම් ‘තා අන් සත් දවසෙකින් ආලස්‍යයක් ඇති වැ මියැ කාල කඤ්ජක නම් අසුර කායෙහි උපදිතී,[41] මළහු බීරණත්ථම්භක නම් සොහොනැ ඇදැ-පීයති, කී යැ. තො මඳ මඳ කොටැ කා මඳ මඳ කොටැ බො.[42] මහණ ගොයුම්හු මුසවායෙන් නිගන්මහ”යි කී යැ. එ අසා නුවට බල්ලකු සෙ ළුප් දොරැ හොත්තෙ, හිස ඔසොවා ගෙනැ ඇස වැරැ[43] බලනුයෙ, “කුම් කියහි” මහණ ගොයුම් අප සතුරු, උහු[44] උපන් තැන් පටන් ගෙනැ ඇපි හිරු නැඟි කලැ[45] කදොපැණියන් වැනි වුම්හ, ඔහු එසෙ කිවමනා11 මැ යැ, අන් සෙ කිව මනා[46] මැ යැ, සතුරහු[47] බස් නම් සබා වන්නෙ නොවෙයි, තො යා, මම් කළ මනා දැ[48] දන්මි” කියා එහි මැ බැසැ හොතැ.
එකලැ සුනක්ඛත්තයා බුදුන් නො හදනා එක් දවසකට තුන් වටෙකැ “එක් දා ගියෙ,[49] දෙ දා ගියෙ’යි ගොස් ගොස් කියයි. නුවට ඔහු ගෙ බස් අසා සත් දවසක් නිරාහාර වී යැ. සත් වන දවස් උහුගෙ එක් උවටායෙක් “අපගෙ මහණු ගෙට නොඑන්නෙ අදින් සද්දා වෙයි. ලෙඩක් ඇතියෙ[50] යැ”යි හුරු මස් පිසවා බත් ගෙනැ[51] ගොස් පෙරට බිමැ බහා තිබී යැ. නුවට බත් දැකැ, “මහණ ගොයුම්හු, ගෙ බස් සබා වත්, මැනැවැ.[52] බොරු වත්,[53] මැනැවැ,1 බත් කා සුවයෙන් මළ තැන් මැනැවැ”යි දෙ අත[54] දෙ දණ බිමැ ඔබා-ගෙනැ කුස් පුරා කෑ යි. රෑ දිරවන්නට නො පොහොසත් වැ ආලස්‍යයෙන් මියැ කාලකඤ්ජක නම් අසුර කාලයෙහි උපන්.
එකල්හි තිථයො ඔහු මළ පරිදි අසා දවස් ගැණැ බලා “මෙවූ කල සබා වී යැ, දැන් මොහු අනෙක් තැනකට ඇදැ-පියා මහණ ගොයුම්හු බොරුයෙන් නිගන්මහ”යි ගොස් උහු ගෙ ශරීරය[55] වැලින් බැඳැ-ගෙනැ අදනාහු, “මෙ තැනැ පියම්හ, මෙ තැනැ පියම්හ”යි යෙති. ඔවුන් ගිය ගිය තැන් එක් හෙළි වෙයි. ඔහු අදනාහු, බීරණත්ථම්භක නම් සොහොනට මැ ඇරැ[56] සොහොන බව් දැනැ, “බැහැරැ ඇරැ-පියම්හ” යි ඇද්දහ.[57] එකල්හි වැල් සිඳී ගියෙ. පැසුළු සොල්වන්නට නොනිසි වූහු. එහි මැ සිටැ නැවැත්තාහැ.
එකල්හි සුනක්ඛත්තයා, “කොරක්ඛත්තිය නම් නුවටහු බීරණත්ථම්භක නම් සොහොනට ඇදැ-පීහ” යනු අසා “මහණ ගොයුම්හු ගෙ බසැ සබව්[58] දෙකක් දුටුම්හ. මළ මිනිස්හු[59] හොත් තැනින් නැඟී අනෙකක්හු හා බණනු නම්, නොවෙයි. එබැවින් ගොස් පිළිවිසැ බලනු මැනැවැයි, ඉදින් බිණුයෙ වී නම්, යෙදෙයි. නොබිණුයෙ වී නම්, මහණ ගොයුම්හු මුසාවායෙන් නිගන්මී”[60] සොහොනට ගොස් උහු පිට අත්ලෙන් පැහැරැ, “කොරක්ඛත්තිය, කොහි උපන්හී?”[61] පිළිවිත්. හෙ, “කාලකඤ්ජක නම් අසුරා කායෙහි උපන්මී” කියා-ලා එමැ තන්හි උඩු බලා හිනැ. මළ මිනියෙක්[62] නම් නැඟී බණන්නට නිසි නොවෙයි. මෙ කිසෙ කී යැ යත්. බුද්ධානුභාවයෙන් කී යැ. බුදුහු ඔහු අසුර යොනින් ඇරැ ශරීරයෙහි පිළිමුස්වා කියැවූහු. මෙ තැනැ පෙළහර පසෙක් වී.
කිසෙ යැ යත්:
“සත් දවසින් මීයෙ” යි වදාළහැ. හෙ එසෙ මැ මෙළෙ. මෙ පළමු වන පෙළහර යැ. “ආලස්යයෙකින් මියෙ” යි වදාළහැ. හෙ එසෙ මැ මෙළෙ. මෙ දෙවන පෙළහර යැ. “කාලකඤ්ජන අසුරයොන්හි උපද්දී” වදාළහැ. හෙ එහි මැ උපනැ. මෙ තුන් වන පෙළහර යැ. “බීරණත්ථම්භක නම් සොහොනට ඇදැ-පියතී” වදාළහැ. ඔහු එහි මැ ඇරැ දමාපීහ. මෙ සතර වන පෙළහර යැ. “උපන් තැනින් අවුදු සුනක්ඛත්තයා හා බෙණෙ”යි වදාළහැ. හෙ එසෙ මැ වි යැ. මෙ පස් වන පෙළහරයි.
මෙතෙක් පෙළහර දුටු සුනක්ඛත්ත, බුදුන් කරාගොස් වැඳැ එකත්පස්වැ හුන්නෙ යැ. බුදුහු, “”කියග, සුනක්ඛත්තය මා කොරක්ඛත්තිය නම් නුවටහු අරභයා කී දෑ නිපන් දඃ නානිපන් දැ?” යි වදාළහැ. “නිපනැ වහන්සෙ,” යි කී යැ. “මෙසෙ බැවින් උතුරු මිනිස් ධැමින් පෙළහර කරන ලද ද? නොකරන ලද දැ?” යි වදාළහැ. “කරන ලද[63] වහන්සෙ”යි කි යැ. මා මෙසෙ පෙළහර දක්වන්නහු[64] වහන්සෙ මට උතුරුමිනිස් ධැමින් පෙළහර නොදක්වන දෑ යැ’යි යෙහී?” වදාළො.
එක් සමයෙක්හි බුදුහු විසාලා නුවර නිසා මහවනවෙහෙර වැඩැ වෙසෙති. එකල්හි විසාලා නුවරැ[65] කළාරමට්ඨුක නම් නුවටෙක් ලාභයෙහි දු යශස්හි දු අග්‍රප්‍රාප්ත යැ.[66] හෙ සත් ව්රතපදයක්[67] සමාදන් කොටැ වැටෙයි.
කවර සත් ව්‍රතපද යැ යත්:
“දිවි පමණින් පිළි නොහඳිමි” යනු එකෙකැ. “මෙවුන්ධම් නොසෙවෙමි”[68] යනු එකෙකැ. “රහමස්මිසැ, බත්[69] නොකමි” යනු එකෙකැ. පැදුන් දෙසෙන් විසාලා නුවරට නුදුරු තන්හි උදෙන නම් දෙවාලය ඉක්මැ නොයෙමි” යනු එකෙකැ. “දකුණු දෙසෙන් ගොතම නම් දෙවාලය ඉක්මැ නොයෙමි” යනු එකෙකැ. “පැල දෙසෙන් සතඹ නම් දෙවාලය ඉක්මැ නොයෙමි” යනු එකෙකැ. “උතුරු දෙසෙන් බහුපුත්‍රක නම් දෙවාලය ඉක්මැ නොයෙමි” යනු එකෙකැ. හෙ මෙසෙ සත් ව්‍රතපද සමාදන් දළ හෙයින් විසාලා නුවර වැස්සන් විසින් පුදන ලද.
එකල්හි සුනක්ඛත්තයා බුදුනට මෙහෙ කරනුයෙ, කළාරමට්ඨුක නම් නුවටහු කරා ගොස් තුන් ලකුණෙන් යුතු පැනැ පිළිවිතැ. හෙ දුදුළු තන්හි ගමන් යන[70] අන්ධයක්හු සෙයින් එ එ තැනැ[71] පැකිලැ ආදි අන්ත නොදැකැ ඇස් පෙරළා ඔහු බලා, නොහික්මුණු කෙරෙ වුසුයෙහි, අවසර නැති බැව් දැනැ දැනැ පැන පුළුවුස්සී” කියා, “මී නොසිට, නොසිට” යි දැහැවි යැ.[72] එකල්හි සුනක්ඛත්තයා, “මෙ වැනි රාත් මහණහු කෙරෙ ගැහැටිණිමි.[73] මට අකුසල් නොවෙව” යි[74] සිතා උළුල්ලෙන් හිඳැ, “වහන්සෙ, මට කමන්නෙ[75] යැ”යි කැමැවි. නුවටුදු, “මෙ තන පටන් ගෙනැ පාන නො පුළුවුස්සි දැ?යි කී යැ. “ඉතා මැනැවැ, නො පුළුවුස්මී[76]” කී යැ. “එසෙ වුව හොත් යා, කමමී”[77] නඟා යවී. සුනක්ඛත්තයා බුදුන් කරා එළැඹැ වැඳැ එකත්පස් වැ හුන්නෙ යැ. “කියග, මොඝපුරුෂය, ‘ශාක්‍ය පුත්රයෙමී’ පිළින කුමට කෙරෙහී?” වදාළහැ. “වහන්සෙ, එ කුමට වදාරන දෑ යැ”? යි කී යැ. “තො කළාරමට්ඨුක නම් නුවටහු කරා ගොස් පැන පිළිවිසැ ඔහු දහවා, මෙ රාත් මහණහු මා දැහැවූසෙ නො යෙදෙයි. මට අකුසල් නොවෙව, යි[78] සිතීහී?”[79] වදාළහැ. “මම් නො මසුරෙහි.[80] හෙ තා ගෙ පවිට්දිට්හ යැ.[81] තට බොහො කලක් දුකට වැටෙයි. එ පියා” යි වදාරා, “තා ‘රාත්හැ’යි[82] ගත් කළාරමට්ඨුක නම් නුවට මඳ දවසෙකින් මැ පිළි හැඳැ කලත්‍ර ගෙනැ රහ මස් බත් වළඳ කොටැ හැම දෙවාලය ඉක්මැ ලාභයෙන් යශසින් පිරිහී මීයෙ”යි වදාළහැ. හෙ හැම ව්‍රතපද[83] භෙද කොටැ ලාභයෙන් යශසින් පිරිහී මෙළෙ.
සුනක්ඛත්ත, එ පවත් අසා බුදුන් කරා ගියෙ. “කියග, සුනක්ඛත්ත, මම් කළාරමුට්ඨක නම් නුවටහු අරභයා යමක් කිම් ද, හෙ නිපන් ද? නොනිපන් දැ?”[84] වදාළහැ. “නිපනැ, වහන්සෙ,” යි කී යැ. ඔහු සත් ව්රතපදය ඉක්මැ ගිය බව් සත් පෙළහරයක් වන බැවින් “උතුරුමිනිස් ධැමින් පෙළහර කරන ලද ද? නොකරන ලද දැ”යි වදාළහැ. “කරන ලද, වහන්සෙ”යි කී යැ. “මෙසෙ මා පෙළහර කරන්නහු[85] ‘වහන්සෙ, මට උතුරු මිනිස් ධැමින් පෙළහර නොකරන් දෑ යැ’යි කුමට කියහී” වදාළො.
එක්බිති පාඨිකපුත්‍ර නම් නුවටෙක් විසාලා නුවරැ ලාභයෙහි දූ යශස්හි දු අග්‍රප්‍රාප්ත වැ වසනුයෙ, පිරිසැ මෙසෙ කියයි: “මහණ ගොයුම් නුවණින් මැ වාද කෙරෙයි, මම ද නුවණින් මැ වාද කෙරෙමි. හෙ යොජනක් තැනැ වාස කෙරමින් සිටැ මා හා වාදයට දෙ ගව්වක් තැන් ආයෙ වී නම්, මම ද උහු කරා දෙ ගව්වක් තැන් යෙමි. එක් පියවරකුත් වඩා ගියාක් හට ජය වෙයි. නොගියාක් මට පරාජය වෙයි. දෙ දෙනමො එසෙ උතුරුමිනිස් ධැමින් පෙළහර කරම්හ. මහණ ගොයුම් උතුරුමිනිස් ධැමින් එක් පෙළහරයක් කෙළෙ වී නම්, මම ද පෙළහරයක් කෙරෙමි. හෙද පෙළහරයක් කෙළෙ වී නම්, මම් සතර පෙළහරයක් කෙරෙමි. හෙ සතර පෙළහරයක් කෙළෙ වී නම්, මම් අට පෙළහරයක් කෙරෙමි. මහණ ගොයුම් යම්තාක් පෙළහරක් කරන්නෙ වී නම්, මම් එයින් දියුණු දියුණු[86] කෙරෙමි”යි බුදුන් හා පෙළහර කරන්නට තමා නොනිසි බව් දනුතුදු, “උත්තම පුරුෂයන් හා වාද කොටැ[87] නොනිස්ස හට දු ප්‍රශංසා වෙ”යි යනු දැනැ කී යැ. නුවරවැස්සො එ අසා “තමා නොනිසි වුවහොත්, මෙසෙ ගර්ජනා නො කෙරෙයි. ඒකාන්තයෙන් මෙහිදු රාත් බන්දැ?” යි[88] ඔහට මහත් සත්කාර කොළො.
සුනක්ඛත්ත, තෙමෙහෙ, “පාඨීකපුත්ර නම් නුවට මෙසෙ කියයි” යනු ඇසී යැ. හීනාධ්‍යාශය ඇති වන බැවින් ඔහට හීනයා දක්නා රිසි උපන්.[89] හෙ බුදුනට වතාවත් කොටැ, බුදුන් ගඳකිළියට වන් කල්හි, පාඨිකපුත්‍රයා කරා ගොස්, “තෙපි මෙ නම් දැයක්[90] කියාල?” යි පිළිවිතැ. “සැබැවැ, මා එසෙ කීයෙ යැ”යි කී යැ. “ඉදින් එසෙ වී නම්, තෙපි නොබව.[91] රිසි සෙ පුන පුනා එසෙ මැ කියව. මම් මහණ ගොයුම්හු ගෙ උවටායෙක්මි. උහු ගෙ මාත්‍ර[92] දන්මි. හෙ තොප හා පෙළහර කරන්නට නො නිස්සැ. මම් මහණ ගොයුම් හට කියා භය උපදවා උහු අනෙක් තැනකට ගෙනැයෙමි. තෙප් නොබව”යි උහු අස්වසා බැණැ බුදුන් කරා ගොස්, “වහන්සෙ, පාඨිකපුත්‍ර නම් නුවට, ‘වහන්සෙ හා උතුරුමිනිස් ධැමින් පෙළහර කෙරෙමී’ යෙ”යි කී යැ. බුදුහු, “සුනක්ඛත්ත, හෙ, ‘මම් බුදුමි’ යන තෙපුල් නොපියා, ‘බුදුමි’ යන සිත් නොපියා, ‘බුදුමි’ යන දිට්හ නො විහිදැ මා කරා එන්නට නො නිස්සැ. ඉදින් ආයෙ වී නම්, තුවට්යෙන්[93] වගුළ තල් පකක් සෙයින් ගෙලෙන් හිස හො කැඩී පලා යෙයි. මුදුන හො සත් කඬක් වැ පැළී යෙ”යි වදාළහැ.
එකල්හි සුනක්ඛත්ත, “වහන්සෙ, තෙලෙ බස් රක්නෙ මැනැවැ”යි කී යැ. “එසෙ කුමට කියහී?”[94] වදාළෙන් “පාඨිකපුත්‍ර තෙමෙහෙ ‘බුදුමි’ යන තෙපුල් නොපියා, සිත් නොපියා, දිට්හ[95] නො විහිදැ, සිය වෙසින් පැනී හො, නොපැනී හො, සිහ වග්[96] ඈ වෙසින් හො, වහන්සෙ කරා ආයෙ වී නම්, භගවත්හු ගෙ[97] බස් බොරු වෙයි.
මුසාවායෙන් නිගන්මහ” යි කී යැ. මොව්හු විනා අනෙක්[98] “මුසවායෙන් බුදුන් නිගන්මහ” යි එ පන්සාලිස් හවුරුද්ද මුළුල්ලෙහි කීවාහු නැත්. ඔහු තමන් සසරැ වසන කලැ, “මහරජ, සලගල් සුළඟින් යන්නෙ වී නම්, සඳහිරු[99] දෙ දෙන බිමින් යන්නාහු වුහු[100] නම්, හැම ගඟ හො උඩුහො බලා[101] යන්නෙ වී නම්, අහස් පැළෙන්නෙ වී නම්, මුහුදු වියළෙන්නෙ වී නම්, පොළො නස්නෙ වී නම්, මෙරගල් සහමුලින් ඉපිරැ යන්නෙ වී නම්, මම බොරු නොකියමි” යනු දක්වමින් කීහ:
“සචෙ පවාතො ගිරිමාවහෙය්ය
චන්දො ච සුරියො ච ඡමා පතෙය්යුං,
සබ්බාව නජ්ජො පටිසොතං වජෙය්යුං
න ත්වෙවහං රාජ මුසා භණෙය්යං
නභං ඵලෙය්ය උදධි විසුස්සෙ
සංවට්ටයං භූතධරා වසුන්ධරා,
සිලුච්චයො මෙරු සමූලමුබ්බහෙ
න ත්වෙවහං රාජ මුසා භණෙය්යං” යි.
මෙසෙ තමන්[102] පැරුම් බිමැ සිටි කලැ පවා මුසවා නොකියනුවො දැන් තමන් සව් කෙලෙස් පහා[103] සව්නෙ දැනැ බුදු වැ සිාටි කලැ මුසවා කුමට කියනුවහ! “කිම, වහන්සෙ, පාඨිකපුත්‍රයා සිත් දැනැ කියන දෑ ද? නොහොත් දෙවි කෙනෙක් කීහු දැ” යි කී යැ. “මම් ඔහු සිත දතිම් මැයැ. දෙවි කෙනෙක් මට කීහු මැයැ. ලිච්ඡවි රජුන් ගෙ අජිත නම් සෙනාපතියෙක්[104] මට උපස්ථාන කොටැ මියා තව්තිසැ දෙව්නුවර උපනැ. එ දෙව්පුත් මා කරා අවුදු, “වහන්සෙ, පාඨිකපුත්‍ර නම් නුවට අලජ්ජි යැ, මුසවා කියයි. මිනිස්හු මා සිරිරු හළුකිස කොටැ පාඨිකපුත්‍රයා කරා ගොස්, ‘අජිත සෙනාපති කොහි උපන්[105] හො?”යි පුළුවුත්හැ. හෙ ‘මහා නරකයෙහි[106] උපැද මා කරා අවුදු මම් තොප කීවා නො කොටැ මහණ ගොයුම්හු ගෙ වාදයෙහි සිටැ නිරයැ උපන්මී’ වැලැප්පැ, යි කී යැ.[107] නුවර වැස්සනට එසෙ මැ කියයි. “වහන්සෙ, මම් නිරයැ නො උපන්මි.[108] තව්තිසැ වැසි දෙවියන් කෙරෙහි උපන්මී. වහන්සෙ, එ නුවට ‘බුද්මි’[109] යන තෙපුල් නොපියා, එ සිත් නොපියා, එ දිට්හ නො විහිදැ, භගවත්හු[110] කරා එන්නට නො නිස්සැ. ආයෙ වී නම්, ඔහු මුඳුන් සත් කඩක් වැ පැළෙ”යි කී යැ. මම ද දතිම්[111] මැ යැ. “සුනක්ඛත්තය, විසාලා නුවර පිඬු සැරැ පස්බතැ දිවාවිහාර සඳහා පාඨිකපුත්‍රයා ගෙ අරමට එළබෙමි. දැන් තට රිසියෙන්නෙ වී නම්, උහුට කියා”යි වදාළො.
බුදුහු[112] “පෙළහර කරන්නට යම්හ”යි නොකියා “දිවා විහාරයට[113] යම්හ” යනු කුමට වදාළහැ[114] යත්: හෙ බුදුන් දක්නෙ නොවෙයි. පෙළහර කොහි කෙරෙයි! එයින් එසෙ නොකියා, “දිවා විහාරයට යම්හ”යි වදාරා, විසාලා නුවර වැදැ අහරකිස සාහා දිවාවිහාර සඳහා බුදුහු පාඨිකපුත්‍රයා ගෙ අරමට වැඩියො එකල්හි සුනක්ඛත්ත, වෙළෙවි වැ ගොස් විසාලා නුවරට වැදැ ප්‍රධාන ලිච්ඡවීන් කරා[115] බමුණු මහසල් කුලන් කරා ගැහැවි මහසල් කුලන් කරා නන් තොටුවන් කරා මහණ බමුණන්[116] කරා ගොස්, “බුදුහු දිවා විහාර සඳහා පාඨිකපුත්‍රයා ගෙ අරමට එළබියහ. වහා එයට යව, එ දෙ මහණුන්ගෙ ප්රාතිහාර්ය බලන්නට යැ”යි කී යැ. එකල්හි ලිච්ඡවි රජ්ජුරුවො ද බමුණුමහසල් කුලො ද[117] ගැහැවිමහසල් කුලො ද නන් තොට්ටො ද මහණ බමුණො ද පාඨිකාරාමයට ගියො. එ දවස් එහි අනෙ සුවහස් මිනිස් පිරිසි වි යැ.
එබඳු මහත්[118] පිරිස් රැස් කරන්නට සුනක්ඛත්තයා හැරැ අනෙක් නිසි කෙනෙක්[119] ඇත්තාහු නොවෙති.[120] එයින් බුදුහු එ තාක් කල් උහු ගෙනැ ඇවිද්දො. එකල්හි පාඨිකපුත්‍ර නම් නුවට එ පවත් අසා සිතී: “මම දෙවි මිනිස්නට[121] අග පුඟුල් වැ සිට භවත් ගොයුම් හට විරුද්ධ වීමි. මාගෙ සතනැ රාත් බැවෙන් හො පෙළහර කරන්නට නිසි ගුණ දැහැමෙක්[122] හො නැති. මහණ ගොයුම් වනාහි පෙළහර කෙරෙයි. උහු ගෙ පෙළහර දැක මහජනයො ‘තො පෙළහර කරන්නට නොපොහොසත් වූයෙහි, තා ගෙ පමණ නො දැනැ[123] ලොකයෙහි අග පුඟුල් වැ සිටි බුදුන් හා සමඟ මල්ලයුද්ධ[124] කරන්නක්හු සෙයින් කුමට ගර්ජනා කෙළෙහි?” යි දඬු පහණින් මා සපති”යි[125] මහජනා රැස් වන බව් දු[126] බුදුන් වඩනා බව් දු5 අසා බිය පත් වැ, දෙ ගව්වක් තැන් පලා ගොස් තිඹිරිකණුවිරිවැද්දා අරමට වැදැ, සිතට සුව නොලබන්නෙ, සැඟවෙන තැන් සොයා වටා[127] වැදැ ඇවිදුනෙ, අරම්පසනැ[128] එක් ගහනයක් දැකැ එයට වැදැ පමණක්[129] මත්තෙ හුන්නෙ යැ.
එකල්හි බුදුහු සිතුහු: “ඉදින් මෙ බාල, කිසිවක්හු කියම්න ගෙනැ ආයෙ වී නම්, නස්සි. එ බාල නො නසිවයි, හුන් පහණ උහුගෙ ශරීරයෙහි ඇලෙව” යි ඉටුහු ඉටු සිත් හා සමඟ එ පමණ උහු ගෙ ශරීරයෙහි ඇලිණ. මෙ හම අඳු බානෙක්හි[130] මැසුවාක්හු වැනි වී මැ යැ. පා සුන්නාක්හු වැනි වී. එකල්හි පිරිවැස්සො, “පාඨිකපුත්‍ර කොයට ගියෙ යැ හො!” යි සොයති. උහු පස් පස්[131] ගොස් වැදැ හුන් තැන දැකැ ආ එක්තරා පුරුෂයෙක්, “තෙපි කා සොයව?” යි පිළිවිත. “පාඨිකපුත්‍රයා, සොයම්හ” යි කීහු. හෙ තිඹිරිකණු පිරිවැද්දා අරම්හි හුන්නෙ යැ”යි කී යැ. එ අසා පිරිස් වැස්ෙසා එක් පුරුෂයක්හු කැඳවා-ගෙනැ තො තිඹිරිකණු පිරිවැද්දා අරම්හි ගොස් පාඨිකපුත්‍ර නම් නුවටහුට කියා: “තා ගෙ පෙළහර බලන්නට ලිච්ඡවි රජ්ජුරුවො ද බමුණු මහසල් කුලො ද ගැහැවිමහසල් කුලො ද නන් තොට්වො ද මහණ බමුණො ද තාගෙ[132] අරම්හි රැස් වූහ. බුදුහු දු දිවා විහාර කොටැ හුන්නාහ. වහා එන්නෙ යැ”යි, යවූහු.[133] එ පුරුෂ, ගොස් එ පවත් සැළ කොටැ, “එන්නෙ යැ”යි කී යැ.
එකල්හි පාඨිකපුත්‍ර, “එමි, එමි” යි කියා එහි මැ හැලෙයි. හුනස්නෙන් නො නැංග හෙයි. එ සඳැ පුරුෂ, “තා හිද්ම[134] ඇට දක්වා පහණැ ඇලුණෙ ද? පහණ තා හිද්මෙහි ඇලුණෙ ද? ‘එමි, එමී, කියා එහි මැ හැලෙයි,[135] අස්නෙන් නොනැංගහෙයි”[136] බැණැ ඔහු නො ගෙනැ යා හී[137] තො නටියෙහි” යි ගොස් එ පවත් පිරිස්වැස්සනට කී යැ. එකල්හි බුදුහු, “හෙ මා දක්නට නො නිස්සැ, ආයෙ වී නම්, උහු මුඳුන් පැළෙ”යි වදාළො.
එකල්හි ලිච්ඡවි රජුන් ගෙ එක්තරා මහ ඇමැත්තෙක් හුනස්නෙන් නැඟී පිරිස් වැස්සනට[138] “කුඩා තමක් බලව, මම් උහු මෙ පිරිසට ගෙනැ එමී” කියා උහු[139] කරා ගොස් හැම දෙනා රැස් වූ සෙ කියා, “මහණ ගොයුම් අවුදු තාගෙ ගමනින් මැ තා[140] දිනුවා[141] කරම්හ. මහණ ගොයුම්හු පැරැද්දා කරම්හ”යි බැණැ, නො ගෙනැ යාහී, පිරිසට ගොස් එ පවත් සැළ කෙළෙ, “පාඨිකපුත්‍ර නටියෙ මැ යැ”යි කී යැ.
එකල්හි බුදුහු “හෙ මා දක්නට නො නිස්සැ, ඉදින් ආයෙ වී නම්, හිස සත් කඩක් වැ පැළෙ”යි වදාළහැ. ඉදින් ලිච්ඡවීහි පාඨිකපුත්‍රයා වර බානෙන් බැඳැ[142] ගොනුන් සියක් වියෙන්[143] හො දසක් වියෙන් හො අදවන්නාහු වුහු නම්,[144] වර හො සිඳෙයි. බඳ තැනින් පාඨිකපුත්‍රයා හො කැඩෙ”යි වදාළහැ.
එකල්හි ජාලිය නම් දාරුපත්තිකයා අතැවැස්සෙක් සිතී: “දැන් පෙළහර තිබියෙව යි, මහණ ගොයුම්, ‘පාඨිකපුත්‍රයා අස්නෙනුද් නො නැංග හෙ’යි කී යැ. එසෙ බැවින් මම් ගොස් කිසියම් උපායෙකින් ඔහු අස්නෙන් නඟා-පියමි. මෙ පමණෙකින් මහණ ගොයුම් හට පරාජය වෙ”යි සිතා හුනස්නෙන් නැඟී පිරිවැස්සනට
“කුඩා තමක් බලව, මම ගොස් උහු අළියෙම් නම්, මැනෑ මැ යැ”යි[145] පාඨිකපුත්‍රයා කරා ගොස් මහපිරිස් රැස් වූයෙ කියා, බුදුන් එමැ අරම්හි දිවාවිහාර ගත වැ වැඩහුන්සෙ කියා. “ගමනින් මැ තට ජය කරම්හ, මහණ ගොයුම් හට පරාජය කරම්හ”යි බැණැ “එමි, එමී” කියා උහු අස්නෙන් නො නැංග හෙනසෙ දැකැ උහු පරිභූත වූ බව් දැනැ මෙ කී යැ.
“පාඨිකපුත්‍රය, අතීතයෙහි කෙශරසිංහරාජයෙක් හට මෙ වැනි සිතෙක් උපනැ: ‘එක්තරා වනළැවකට වැදැ වාස කරන තැනක් තන් කොටැ-ගෙනැ එහි වැසැ සවස් වෙලෙ[146] එයින් නික්මැ වජඹමි,[147] වැජැඹැ හාත්පස්හි සතර දිසා බලමි,[148] සතර දිසා බලා තුන් යලක් සිංහනාද කෙරෙමි.[149] සිංහනාද කොටැ ගොදුරු සඳහා යෙමි, ගොස් උතුම් උතුම්[150] මුවමළු මරා මියුරු මියුරු මස් කා එ මැ වාසයෙහි වෙසෙමි’යි සිතී.[151] එ කල්හි සිංහරාජ එක්තරා වනළැවක් නිසා වාස කෙළෙ. එහි වාස කොටැ සවස් වෙලෙහි එයින් නික්මිණ. නික්මැ වැජැඹැ හාත්පස්හි සතර දිසා බැලී යැ. සතර දිසා බලා තුන් යලක් සිංහනාද කෙළෙ. සිංහනාද කොටැ ‘ගොදුරු සඳහා යෙමි’ යි ගොස් උතුම් උතුම් මුවමුළු මරා මියුරු මියුරු මස් කා එ මැ වාසයෙහි වෙසෙයි. එක් දවසක් සිංහරාජ, ගොදුරු ගෙනැ නවත්නෙ, තමා බියෙන් බලන බලු කැණහිලකු[152] දැකැ කුළුණු කොටැ ‘යහළු නො බා, සිට, තො කිනම්හි?’ කී යැ. ‘මම ජම්බුක නම්මි,[153] ස්වාමි යැ’යි කී යැ. ‘සබඳ, ජම්බුකය, තො මෙ තන පටන්-ගෙනැ මා සැමිවටනට හැක්කෙහි දැ?’ යි කී යැ. ‘සැමිවටනට නිස්සෙමි, ස්වාමි යැ’යි කී යැ. හෙ එ තැන පටන්-ගෙනැ ඔහු සැමවටී[154] සිංහ, ගොදුරු කා එන්නෙ, මහත් මහත් මස්කඩ ගෙනැ එයි. හෙ මස් කා නොදුරු තන්හි පහණපිටෙකැ වෙසෙයි. හෙ කීප දවසෙකින් මැ තර වි යැ. මහත් කඳට වී එකල්හි සිංහ, ඔව්හට ‘යහළු,[155] මා වජඹන කල්හි නුදුරු ත්හි සිටැ, ‘හිමි වොරජ, හිමි වොරජ’ යි[156] කියන්නට නිස්සෙහි දැ? යි කී. හෙ, උහුට වජඹන කල්හි එසෙ කියයි. එයින් සිංහයාට අහඞ්කාර උපද්දි.
“එක් දවසක් එ ජරසිඟල්, කෙමෙකැ පැන් බොන්නෙ තමාගෙ සෙය දිට.[157] තමාගෙ තර ශරීරයද මහත් කඳට ද දැකැ, ‘මම් ජරසිගාලයෙක්මී’ නො සිතා තෙමෙ මැ තම හට මෙසෙ කී යැ: ‘යහළු ජම්බුක හිමි තා මෙ අත් බැවින අනුන් ඉඳුල් මස් කනු යෙදෙ ද? කිම, තො නොපිරිමියෙක් වී ද?[158] උහු දු සතර පයැ දෙ දළ යැ. දෙ කන යැ. එක් වල්පතෙකැ තට දු මෙ හැම ඇති. හුදෙක් කෙසුරුබර මත්ත නට නැත්තෙ යැ’යි උහු මෙසෙ සිතන්නා හට අහඞ්කාර උපනැ. හෙ, මන් දොසින් ‘මම් කවරෙමි? එ මුව රජ කවර? මා නො ද නෑ යැ, නො ද ස්වාමි යැ, මම් ඔහට කුමට හරසර[159] දක්වමි? මම ද එක් වනළැවක් නිසා වාසයක් කොටැ-ගෙනැ වෙසෙමි. එහි වාස කොටැ සවස් වෙලෙ වාසයෙන් නික්මෙමි. වාසයෙන් නික්මැ වජඹමි. වැජැඹැ[160] හාත්පස්හි සතර දිසා බලමි. සතර දිසා බලා තුන් යලක් සිංහනාද කෙරෙමි, සිංහනාද කොටැ ගොදුරු සඳහා යෙමි. ගොස් උතුම් උතුම් මුවමුළු මරා මියුරු මියුරු මස් කා එහි මැ වාස කෙරෙමී, සිතා-ගෙනැ එ ජරසිඟල් එක්තරා වනළැවක්[161] නිසා වාසයක් කොටැ-ගෙනැ විසී යැ. එහි වැසැ සවස් වෙලෙ වාසයෙන් නික්මැ හාත්පස්හි සතර දිසා බැලී යැ. සතර දිසා බලා ‘තුන් යලක් සිංහනාද කෙරෙමී’ කැණහිල් හඬ හැඩී. එ[162] සෙයින් මැ තො ද නොබුදු වැ ‘සීලා දි ගුණයෙන් වැඩැ සිටි[163] බුදුනට දෙම්හ’ යි[164] දෙ සතර පසය වළඳා සම්මාසම්බුදුන් හා ගැහැටෙහි.[165] ‘කෙසරසීරජහු[166] හා සමයෙමී සිතු ජරසිඟල් හු සෙයිනැ”යි ජාලිය නම් දාරුපත්තිකයා අතැවැසි මෙ උපමා
ඇරැ දක්වා ද, පාඨික පුත්‍ර නම් නුවටහු එ අස්නෙන් සොලවන්නටද් නොපොහොසත් වූයෙ පිරිසට අවුදු, “පාඨිකපුත්‍ර පරිභූත වී යැ. ‘එමී, එමී’ කියා එහි මැ හැලෙයි. හුන් අස්නෙනුදු නැඟෙන්නට නොනිස්සැ”යි කී යැ.
එකල්හි බුදුහු පිරිස්වැස්සනට, “ඉදින් ලිච්ඡවීහි පාඨික පුත්‍රයා වරබානින් බැඳැ ඇතුන් ලවා අදවන්නාහු වුහු[167] නම්, වරබාන් හො සිඳෙයි. පාඨිකපුත්‍රයා හො කැඩෙයි. හෙ, එ තෙපුල් නො පියා, එ සිත් නො පියා, එ දිට්හ[168] නො විහිදැ, මා කරා එන්නට නොනිස්සැ. ඉදින් ආ නම්, උහු සිත් සත් කඩක් වැ පැළෙ”යි වදාළො. වදාරා එ පිරිස් වැස්සනට ධම් දෙසූහු. එ ධම්දෙස්නෙන් සුවසුදහසක් දෙනා අධිගම කරවා[169] තෙජො ධාතු සමාපත්ති සමවැදැ සත් තලක් පමණ තැන් අහසට නැඟී අනෙක් සත් තලක් පමණ තැනට රැස් විහිදැ, දිලී,[170] දුමා මහවනවෙහෙර ගොස් වැඩැ සිටියො. සුනක්ඛත්ත ලිච්ඡවි වූ කල බුදුන් ගෙ මෙබඳු පෙළහර දැකැ ද තමා පින් නැති වන බැවින් දුලද ගෙනැ සඟමොක් සුව දෙන මෙ සස්නෙන් පහ වී.
මෙ සෙයින් බුදුහු තමන් පුරුෂදම්‍යසාරථී වන බැවින් පාඨිකපුත්‍රයා ගෙ සමාගමයට රැස් වූ[171] ආදි ශබ්දයෙන් ගත් නුවටනුදු, එවුන් ලද[172] ගත් නොඑක් දහස්නුදු දමා අමාමහ නිවන් පැමිණිවූහු.
දිගම්බරදමන නම් දහ වන පරිච්ඡේද නිමි.
සච්චබද්ධක[1] නම් ජටිලයා දැමු පරිදි කිසෙයැ යත්:
සුනාපරන්ත[2] නම් ජනවියෙහි එක් වෙණෙඳ ගමෙකැ දෙ බෑ කෙනෙක් වූහු. ඔවුන් කෙරෙහි ඇතැම් කලෙකැ මහලු බෑ පන්සියක් ගැල් ගෙනැ ජනපදාන්තරයට ගොස් බඩු ගෙනැ එයි. ඇතැම් කලෙකැ මල් ගොස් ගෙනැ[3] එයි. එක් සමයෙක්හි මලු ගෙහි හිඳුවා පුණු[4] කෙළෙමි පන්සියක් ගැල් ගෙනැ දනවු සැරිසරමින් ගොස් සැවැත් නුවරට පැමිණැ දෙව්රම් වෙහෙරට නුදුරු තන්හි කඳවුරු බැඳැ පෙරවරු බත් කා (පරිජනයන්) පිරිවරා[5] (එපිරිස්) හා සැප තැනෙක්හි හුන්නෙ යි.
එක්බිති සැවැත් නුවරැ වැස්සො පෙහෙ වැ ගඳ මල් ගෙනැ බුදුන් කෙරෙහි බණ අසන්නට දකුණු දොරින් නික්මැ දෙව්රම් වෙහෙර[6] යෙති. හෙ, ඔවුන් දැකැ, “මොහු කොයට යෙතී?” එක් මිනිසක්හු පිළිවිතැ හෙ, “ලොකයෙහි බුදුරුවන් ධමුරුවන්[7] සඟුරුවන් උපන් පරිදි තෙපි නො දන්නා වන්ව. මොහු බුදුන් කෙරෙ බණ අසන්නට යෙතී” කී යැ. ඔව්හට ‘බුදුහ’ යන තෙප්ලෙන්[8] උපන් සොම්නස් සිවිසම් ආදි[9] සිඳැ ඇටමුල්හි සිටියෙ යැ. හෙ, තමා ගෙ පරිජනයන් පිරිවරා එ පිරිස් හා වෙහෙර ගොස් මියුරු සරයෙන්[10] ධම් දෙසන බුදුන් ගෙ පිරිස් අන්තයෙහි සිටැ බණ අසා පැවිජි වියටි වී බුදුන් කල් බලා පිරිස්වැස්සනට සමු දුන් කල්හි බුදුන් කරා එළබැ වැඳැ සෙට දවසට නිමන්ත්‍රණ කොටැ දෙවන දවස් මඬුවක් කරවා අසුන් පන්වා[11] බුදුපාමොක් සඟනට[12] මහදන් දී භාණ්ඩාගාරිකයා කැඳවා, “මෙතෙක් බඩු විකිණී යැ.[13] මෙතෙක් බඩු නො විකිණී යැ.[14] මෙ සම්පත් මා[15] මල් හට දෙ”යි[16] හැම උහුට දක්වා-දී පැවිජි වැ කමටහන් ගෙනැ දවස් යවී.[17]
ඔහු මනස්කාර කරන කලැ කමටහන් මනසට නො වටහයි. එයින් ඔහු, “මෙ ජනපදය මට යොගානුකූල නො වෙයි. සියරට මැ යෙමී” සිතා පෙරවරු නුවරැ වළඳා සවස් වෙලෙහි පිළිසලනෙන්[18] නැඟි බුදුන් කරා එළබැ වැඳැ එකත්පස් වැ හිඳැ, “වහන්සෙ, මට සැකෙවින් අවවාද කරනු මැනැවැ, යම් තැනෙක්හි එකලා වැ වාස කටටියෙමි”යි කීහු. බුදුහු ඔව්නට, “සන්ති ඛො පුණ්ණ, චක්ඛුවිඤ්ඤෙය්යා රූපා” යනාදි විසින් දුක්සස් සමුදසස් විසින් වට මුදුන් පමුණුවා, නිරොවසස් මඟසස් විසින් විවට මුදුන් පමුණුවා, රාත්බැවැ එවැ, ධම් දෙසුහු. මෙහි විස්තර මැදුම්සඟියැ[19] පුණ්ණොවාද සුතින් දන්නෙ යැ.
මෙසෙ බුදුහු පුණු මහතෙරනට සැකෙවින් ධම් දෙසා, “දැන් තා ගොස් කොහි වෙනෙහි?” වදාළහැ. වහන්සෙ, සුනාපරන්ත නම් ජනවියෙක් ඇති, එහි ගොස් වෙසෙමී” කීහු. “පුණ, සුනාපරන්ත ජනපදවාසීහි දරුණු මිනිස්හැ. ඉදින් ඔහු තට ආක්‍රොශ කෙරෙත්නම්, එ තැනැ තට කිමෙක් සිතෙ?” යි වදාළහැ. “මොහු මනා මිනිස් කෙනෙකැ. ‘මිටින් මට පහර නොදෙනෙසෙ මැනැවැ’යි සිතමි; වහන්සෙ”යි කීහු. “ඉදින් උහු මිටින් පහර දුන්හු[20] නම්, එ තැනැ තට කිමෙක් සිතෙ?”යි වදාළහැ. “මොහු මනා මිනිස් කනෙකැ. ‘කැටින් මට පහර නො දෙනසෙ මැනැවැ’යි සිතමි; වහන්සෙ”යි කීහු. “ඉදින් ඔහු කැටින් පහළනු නම්,[21] එ තැනැ තට කිමෙක් සිතෙ?”යි වදාළහැ. “මොහු මනා මිනිස් කෙනෙකැ. ‘දඬියෙන් මට පහර නො දෙනසෙ මැනැවැ’යි සිතමි; වහන්සෙ” යි කීහු. “ඉදින් ඔහු දඬියෙන් පහළනු නම්, එතැනැ තට කිමෙක් සිතෙ?”යි වදාළහැ. “මොහු මනා මිනිස් කෙනෙකැ. ‘මට සැතින් පහර නො දෙනසෙ මැනැවැ’යි සිතමි; වහන්සෙ”යි කීහු. “ඉදින් ඔහු සැතින් පහළනු නම්. එ තැනැ තට කිමෙක් සිතෙ?”යි වදාළහැ. “මොහු මනා මිනිස් කෙනෙකැ. ‘තිහිණි සැතින් පැහැරැ මා දිවි නොකළවනෙස මැනැවැ’යි සිතමි; වහන්සෙ”යි කීහු. “ඉදින් තිහිණි සැතින් පැහැරැ තා දිවි ගළවත් නම්, එතැනැ තට කිමෙක් සිතෙ?”යි වදාළහැ. “ඉදින්, වහන්සෙ, සුනාපරන්ත ජනපදවාසී මිනිස්හු තිහිණි සැතින් පැහැරැ මසා දිවි ගළවත් නම්, ඇතැම් බුදුසවු කෙනෙක්, සිරිරුහි පිළිකුල් ඇති වැ, තමන් මරනුවන් පිරියෙස්ති.[22] මම් එ නො පිරියෙසැ මැ[23] ලදිමි’ සිතමි, වහන්සෙ”යි කීහු. එ කල්හි බුදුහු තුන් යලක් සාධුකාර දී, “තො යා. සුනාපරන්ත[24] ජනපදයෙහි වසන්නට නිස්සෙහි. කල් දනැ”යි වදාළො.
මෙසෙ පුණු මහතෙරහු බුදුන් පෙර වැ සත් සිංහ නාදයක් කොටැ හුනස්නෙන් නැඟී බුදුන් වැඳැ, පැදකුණු කොටැ, පා සිවුරු ගෙනැ සැරිසරමින්, සුනාපරන්ත ජනපදයට ගොස් අඹටපවියෙහි[25] බැසැ වෙණෙඳ ගම සිඟන්නට වැඩියො මල් කෙළෙඹි හැඳිනැ වළඳවා, “වහන්සෙ, බැහැරැ නො ගොස් මෙහි මැ වාස කරව”යි ගිවිස්වා-ගෙනැ එහි මැ වැසැවි[26] එයින් මුහුදුගිරි නම් වෙහෙරකට ගියහ. එහි යකත්[27] පහණින් බඳ සක්මනෙන් ඇති. එහි මුහුදුරළ පැහැරැ මහත් ශබ්ද කෙරෙයි. මහතෙරහු, එහි සිටැ කමටහන් මෙනෙහි කරනුවනට සැප වනු සඳහා, “මුහුදු නිශ්ශබ්ද වෙව”යි ඉටා එයින් මයිලිගිරි නම් වෙහෙරකට ගියහ. එහි ලිහිණියො බොහොහැ. ඔවුන්ගෙ හඬ රෑදවල් එකාබද්ධයැ. එයින් මුහුලුඅරම්[28] නම් වෙහෙරකට ගියහ. වෙණෙඳ ගමට නො ද දුරැ, නො ද වෙතැ, ගමනාගමනසම්පන්න යැ, විවික්ත යැ, නිශ්ශබ්ද යැ, මහතෙරහු. “මෙතන සැප යැ”යි එහි රෑවටන් දිවාවටන් සක්මන් කරවා වස් වුසුහු[29] එහි වෙසෙමින් සිටැ, පිළිසිඹියා[30] පත් රාත් වූහු.
එක් දවසක් එ මැ අතවසැ[31] පන්සියක් වෙණෙඳහු, “පර මුහුදු යම්හ”යි නැවට බඩු නැඟුහු. නැව් නැඟෙන දවස් මහතෙරුන් මල්, මහතෙරුන් වළඳවා, මහතෙරුන් ගෙන් පන්සිල් ගෙනැ, වැඳැ, යන්නෙ, “වහන්සෙ, මහමුහුදු නොහැදහිය[32] හැක්කැ. නොඑක් අන්තරාය ඇත්තෙ යැ. එක බැවින් අප සඳහන් කරන්නෙ යැ”යි කියා නැව් නැංගැ. නැව උතුම් ජවයෙන් යන්නෙ එක් දිවයිනකට සම්ප්‍රාප්ත වි යැ. “මිනිස්හු[33] පෙරවරු මෙහි බත් කැව[34] මැනවැ”යි සිතා දිවයිනට බටහැ. එහි අනෙක් දෙයෙක් ඇත්තෙ නොවෙයි, රත් සඳුන් වනයක් මිසැ යැ[35] එක් මිනිසෙක් රුකක්[36] වැහැයෙන් ඇනැ බලා රත් සඳුන් බව් දැනැ, “ඇපි ලාභ සඳහා මරපුහුදට යම්හ, මෙයට වැඩි ලාභයෙක් නැති, සතරඟුල් පමණ සඳුන් කඬෙක්[37] ලක්ෂයක් වටී, හරනට නිසි බඩු හැරැ-පියා සඳනෙත්[38] පුරම්හ”යි කී යැ. “ඉතා මැනැවැ”යි ඔහු සතුටු වැ හළ මනා බඩු හැරැ නැව සඳනෙන් පිරුහැ.
එ සඳුන් වනයෙහි අමනුෂ්‍යයො දැහැවැ, “මොවුන් විසින් අප ගෙ සඳුන් වනය නසනදල. මොවුන් මරම්හ”යි සිතා “මෙහි මැරු කලැ හැම වන එක්[39] කුණු රැසෙක් වෙයි. මුහුදුමැදැ මොවුන් ගෙ නැව ගලා-පියම්හ”යි කීහු. ඔවුන් නැවට නැඟි මඳක් සැඳින් එහි අමනුෂ්‍යයො මහමුහුදු උපැරළගල[40] කොටැ, තුමුහු දු භයානක රූප දැක්වූහ. බිය පත් මිනිස්හු දු තමන් තමන් ගෙ[41] දෙවියන් වැඳැ අයජති. මහ තෙරුන් මල් කෙළෙඹි, “ම-බෑණො[42] මට වහල් වෙත්ව”යි මහතෙරුන් සඳහන් කෙරෙමින් සිටියෙ යැ. මහතෙරහු දු එ මැ කෙණෙහි අවජනාහු, ඔවුන් වසන් පත් බව් දැනැ අහසින් එයට ගියහ. අමනුෂ්‍යයො මහතෙරුන් දක්මින් මැ[43] “අප වත්හිමියො පුණු මහතෙරහු වැඩියහ”යි පහ වූහු. උත්පාත[44] සන්හිනැ. මහතෙරහු, “නොබව, නොබව” යි ඔවුන් අස්වසා, “කොයට යාටියා ද?” යි[45] පුළුවුත්හැ. “වහන්සෙ, අපගෙ තැනට මැ යම්හ” යි කීහු. මහතෙරහු නැව් හිසැ ලැ[46] ඇක්මැ, “මොවුන් කැමැති තැනට යෙව”යි ඉටුහ. වෙණෙඳො තමන්ගෙ තැනට ගොස් එපවත් අඹු දරුවනට කියා, “එව, මහතෙරුන් සරණ යම්හ”යි පන්සියො මැ[47] තමන්ගෙ පන්සියක් මාගමුන් හා සමඟ තෙසරණ පිහිටා උපාසක වූහු.
එක්බිති නැවැ බඩු බහා මහතෙරනට කොටසක් තබා “වහන්සෙ, මෙ තොප ගෙ කොටසැ”යි කීහ. මහතෙරහු, “මට වෙන කොටසින් කම් නැති, බුදුන් දුටුවීරුහු දැ?” යි[48] කීහ. නුදුටුවිරුම්හ,[49] වහන්සෙ” යි කීහු. “ඔස, මෙයින් බුදුනට ගඳකිළියක්[50] කරව.[51] එසෙ වන්නා හා බුදුන් දක්ව”යි කීහ. ඔහු, “ඉතා මැනවැ, වහන්සෙ”යි එ කොටසිනිදු තමන්ගෙ කොටසිනිදු ගඳකිළි කරන්නට[52] පටන් ගත්හ. බුදුහු ආරම්භයෙහි පටන්-ගෙනැ පරිභොග කළහැ. රක්නා මිනිස්සු රෑ බුදුරස් දැකැ, “මහානුභාව දෙවි කෙනෙකැ”යි සිතුහු. උපාසක වරහු බුදුන් වසන ගඳකිළිය ද සඟුන් වසන සෙනස්න ද නිමවා දානයසම්භාර සරහා තබා, “වහන්සෙ, ඇපි අප විසින් කළ මනා දෑ කළම්හ. බුදුන් වහන්සෙ වඩනට කලැ”යි කීහ. මහතෙරහු සවස් වෙලෙහි ඉදුභයෙන් සැවැත් නුවර ගොස්, “වහන්සෙ, වෙණෙඳගම්වැස්සො දැකැ වැන්දැටියහ.[53] ඔවුන් ගෙ මනදොළ පිරෙනු මැනැවැ”යි බුදුන් අයජියහැ. බුදුහු ඉවසු දැ යැ. මහතෙරහු තමන් වසන තැනට මැ එළබියහැ. බුදුහු[54] අනඳ මහතෙරුන් කැඳවා, “අනඳ, සෙට සුනාපරන්ත ජනපදයෙහි වෙණෙඳගමැ සිඟන්නට යම්හ. තො උනුපන්සියක් සඟනට[55] ලහා දෙ”යි[56] වදාළො. මහතෙරහු. “ඉතා මැනැවැ; වහන්සෙ”යි සඟනට එ පවත් සැල කොටැ,[57] “අහසින් ඇවිදුනත් ලහා ගන්නෙ මැනැවැ”යි කීහැ.
එ දවස් කුණ්ඩධාන මහතෙරහු පළමු ලහා ගත්හ. වෙණෙඳගම්වැස්සො ද, “සෙට බුදුහු වඩත් ල”යි ගම මැදැ මඩුවක්[58] කොටැ උඩ විසිතුරු වියන් බැඳැ ගඳදම්[59]මල්දම් රුවන්දැමින් රන්තරු රිදීතරු මිණිතරුයෙන් වියන් සාදා බිම සිව්දෑගඳින් පිරිබඩ ගෙනැ[60] මහරහ අසුන් පැන්වූහු. බුදුහු උදය මැ සිරිරු පිළිදැගිලි කොටැ ගඳකිළියට වැදැ පලසමවත් සමවැදැ වැඩහුන්හැ. සක් දෙව්රජහු ගෙ පඬු ඇඹුල් සල අස්න හුණු වි යැ. හෙ, “මෙ කිමෙකැ හො!”යි අවජනෙ බුදුන්ගෙ සුනාපරන්ත ජනපදයට ගමන් දැකැ විස්සම්[61] දෙව්පුත්හු කැඳවා “පුතැ, අද බුදුහු තුන්සියක් යොදුන් තැන් සිඟන්නට වඩති.[62] පන්සියක් කූටාගාර[63], මවා[64] දෙව්රම් දොරොටු මුදුනෙහි සරා තබ”යි[65] කී යැ. හෙ අවුදු රුවන්මුවා පන්සියක් කූටාගාර මැවී යැ. බුදුනට කූටාගාර[66] සතරමුණැ.[67] දෙ අගසව්වනට දෙමුණැ. සෙස්සනට[68] එක්මුණැ. මෙ සෙයින් නිර්මිත යැ කූටාගාර.* බුදුහු ගඳකිළියෙන්[69] නික්මැ පටිපාටීන්[70] සිටි කූටාගාරයන් කෙරෙහි ප්‍රධාන කූටාගාරයට වන්හැ. දෙ අගසව්වන් පටන් කොටැ එකුන්[71] පන්සියක් සඟහු දු කූටාගාරගත වුහු. එකෙක්[72] සිස් කූටාගාරයෙක් වි යැ. පන්සියක් කූටාගාරයො අහසින් ගියහැ.
බුදුහු අතරමඟැ සච්චබද්ධ නම් පර්වතයකට පැමිණැ කූටාගාර අහසැ සිටුවා බැසැ, ඒ පර්වතයෙහි මිසදිට්හ[73] ගත් ජටිලයෙක් මහජනා මිසදිට්හ1 ගන්වා ලාභයෙහි දු යශස්හි දු අග්‍රප්‍රාප්ත වැ වෙසෙයි. ඔහු ළෙහි ඇතුළු සැළැ පහනක් සෙයින් රාත්බවට උපනිඃශ්‍රය දිලියෙයි. ඔහු දැකැ, “මොව්හට ධම් දෙසුව මැනැවැ”යි ගොස් දුලදු[74] බිඳැ ධම් දෙසුහැ. තවුද් දෙසුන් අවසන්හි රාත් වැ එහි භික්ෂුභාවයෙන්[75] පැවිජි වැ හිස් වැ ආ කූටාගාරයට වනැ.[76]
බුදුහු කූටාගාරගත වූ පන්සියක් රාත් සඟුන් හා සමඟ වෙණෙඳ ගම් ගොස් කූටාගාරයන් අතුරුධන් කොටැ වෙණෙඳ ගම් වන්හැ. වෙණෙඳො මඩුයෙහි පැන් වූ අස්නෙහි බුදුපාමොක් සඟුන් වඩා හිඳුවා මහදන් දී බුදුන් මුහුලු අරම් වැඩුහැ. බුදුන් ගඳකිළියට වැදැ සැතපි වැඩැ හුන් කල්හි මහාජනයො බත් කා පෙහෙ වැ බොහො ගඳ මල් ගෙනැ බණ අසන්නට අරම් ගියො.[77] බුදුහු ධම් දෙසා මහජනා සසරින් මුදුහ.[78] මහත් බුද්ධකොලාහල වි යැ. බුදුහු මහජනා හට වැඩ සඳහා කිහිප දවසක් එහි මැ වුසුහැ. අරුණු වනාහි දෙව්රම් වෙහෙරැ මහ ගඳකිළියැ නැඟුහැ. එහි කිහිප දවසක් වාස කොටැ වෙණෙඳ ගම්හි වළඳා “තො මෙහි මැ වාස කරා”යි පුණු මහතෙරුන් නවතා, අතුරෙහි නර්මදා නම් හොයෙක් ඇති, එ හො-තෙරට වැඩියහැ. මෙය නර්මද[79] නම් නාගරාජ,[80] බුදුන් පෙරමඟට අවුදු නාග භවනයට වඩා ඇරැ තුණුරුවනට මහත් සත්කාර කෙළෙ. බුද්හු ඔහට ධම් දෙසා නාගභවනයෙන් නික්මුණුහු.[81] හෙ “වහන්සෙ, මා පුදන දැයක්[82] දෙන්නෙ යැ”යි අයජි යැ.
බුදුහු කැළණි ගඟැ මිණිඇසි[83] නාරජ හට සෙයින් නර්මදා නදී තීරයෙහි[84] පදලස් දැක්වූහු. හෙ රළ ආ කලැ මුවහ වෙයි. ගය කලැ විවර වෙයි. මහාසත්කාර ප්‍රාප්ත වී යැ. බුද්හු
එයින් නික්මැ සච්චබද්ධ පර්වතයට ගොස් සච්චබද්ධ මහ තෙරනට “තා විසින් මහාජනයො අපාය මඟට පමුණුවන ලදහැ. තො මෙහිමැ වාස කොටැ ඔවුන්ගෙ දුලදු විහිද්වා නිවන්මඟැ පිහිට්ව”[85] යි වදාළහැ. ඔහුද් පුදන්නට නිසි දැයක් ඉල්ලුහු. බුදුහු ගන ගල් පිටැ, අලුත් මැටිකඩෙක්හි[86] එබු හසක් සෙයින්, පදලස් පෙන්වුහු. එයින් දෙව්රම් වෙහෙර මැ වැඩියො.
මෙ සෙයින් බුදුහු තමන් පුරුෂදම්‍යසාරථී වන බැවින් සච්චබද්ධ නම් ජටිලයා හා ආදි ශබ්දයෙන් ගත් උරුවෙල් කසුබු ඈ ජටිලයනුදු දමා අමා මහනිවන් පැමිණිවූහු.
ජටිලදමන නම් එකොළොස් වන පරිච්ඡේද නිමි.
බාවරික[1] නම් මහතව්සා[2] දැමූ පරිදි කිසෙ යැ යත්:
අතීතයෙහි බරණැස් නුවරැ වැසි එක් රුක්වඩියෙක්[3] වාස්තු විද්‍යායෙහි[4] ශික්ෂිත වියැ. ඔහු අතැවැස්සො සොළොස් දෙනෙක් වූහු. එකක්[5] එකක්හුගෙ දහස් දහස් අතවැස්සො වූහැ. මෙසෙ ඔව්හු සොළොස් දහස් සතළොස් දෙනෙක් වූහු. ඔහු හැමදෙන බරණැස් නිසා වැටෙන්නාහු, ගල්පාතට ගොස් රුක් කපා දැව සැසැ, එ එ ගෙට නිසි කොටැ වන ළෑයෙන්[6] ගෙනැ පසුරු බැඳැ ගඟින් බරණැසට ඇරැ, රජ කැමැති වී නම්, ඔහට එක් බුමු කොටින්[7] හො යාවත් සත් බුමු කොටින්7 හො, පහා යොදා දක්වා දෙති. රජ නො කැමැති වී නම්, සෙස්සනට විකොට[8] අඹුදරුවන් පුසිත්.[9] මෙසෙ වැටෙමින් සිටැ වල් ගිය කලැ එක් දවසක් ඇදුරු වඩු, “හැම කල් මැ වඩුකම් කොටැ වැටෙන්නට දුකැ. මහලු කලැ නොද කට හැක්කැ”යි සිතා අතැවැස්සනට “දරුයෙනි,[10] මෙ දුඹුල් ඈ හර නැති රුක් ගෙනැ එව” යි කී යැ. ඔහු “මැනැවැ”යි අලහැ. හෙ එහි දඬියෙන් ලිහිණියක්හු කොටැ උහු ගෙ කුසට වැදැ යන්ත්‍ර පිරී යැ. දඬුලිහිණි ගුරුළු රජක්හු සෙයින් අහසට නැඟී වනමුදුනෙහි ඇවිදැ අතවැස්සන් පෙරට බට.
එකල්හි ඇදුරු වඩු “දරුයෙනි,10 මෙබඳු කාෂ්ඨවාහන කොටැ මුළු දඹදිව රජය ගත හැක්කැ. තෙපි දු[11] මෙසෙ මැ කරව. රජය හැරැ-ගෙනැ වැටෙම්හ. වඩුකැමින් වැටෙන්නට දුකැ”යි කී යැ. ඔහු එසෙ මැ කොටැ ඇදුරු වඩු හට[12] දැක්වූහැ. “දරුයෙනි,10 කවර රජය ගන්මහ?”යි කී යැ. “බරණැස් රජය ගන්මහ”යි කීහ. “හෙ මට නො රිසියෙයි. අප එ රජය ගත් කලැ, ‘වඩුරජ, වඩු යුවරජ යන දැ වෙයි. දඹදිව් මහතැ. අනෙක් තැනකට යම්හ”යි අඹු දරුවන් හා සමඟ කාෂ්ඨවාහන[13] නැඟි සරහා ගත් ආයුධ ඇති වැ හිමවු දසට ගොස් හිමවුයෙහි එක්තරා නුවරකට වැදැ රජගෙහි බැසැ සිටියො.[14] ඔහු එහි රජය ගෙනැ ඇදුරුවඩුවා රජ කළහැ. හෙ “කාෂ්ඨවාහන රජ” යි පාළ වි යැ. එ නුවර ද ඔහු විසින් ගත් වන බැවින් කාෂ්ඨවාහන නුවර නම් වි යැ. එ සෙයින් මැ සියලු රට දු කාෂ්ඨවාහන රට නම් වී.
එ රජ ධැමිට්[15] වි යැ. එසෙයින් මැ යුවරජ දු ඇමැති තන්හි තුබූ සොළොස් අතැවැස්සො ද ධැමිට් වූහු. රජු[16] විසින් සතර සඟා[17] වතින් සඟරා කරන ලද[18] එ රජය ඉතා සමෘද්ධ වී යැ. නිරුපද්‍රව වී. නුවර වැස්සො ද රටවැස්සො ද “භද්‍ර රජකු ලදුම්හැ. භද්‍ර රජපිරිසකුදු ලදුම්හ”යි රජු කෙරෙහි දු[19] රජපිරිස් කෙරෙහි දු මමත්ව කොළො.
එක් දවසක් මධ්යදෙශයෙහි සිටැ වෙණෙඳො බඩු ගෙනැ කාෂ්ඨවාහන නුවර[20] අවුදු පඬුරු ගෙනැ ගොස් රජු දුටහ.[21] රජ, “කොහි[22] සිටැ ආව?”යි[23] කී යැ. ‘බරණැසැ[24] සිටැ ආම්හ”යි කීහැ. හෙ එහි[25] හැම පවත් පිළිවිසැ “තොප ගෙ රජු හා මා හා මිත්‍රකම් කරව”යි කී යැ. ඔහු “ඉතා මැනැවැ”යි ගිවිස්සහැ. ඔව්නට සඞ්ග්‍රහ කොටැ, බඩු පෙරළා ඔවුන් යන කලැ එසෙ මැ කියා නඟා යවී යැ. ඔහු බරණැස් ගොස් රජ හට සැල කළහ.[26] රජ, ඉතා මැනැවැයි, කාෂ්ඨවාහන රටැ සිටැ ආ වෙණෙඳනට අද පටන්-ගෙනැ සුංවත්[27] හළමී” බෙර පියෙවි කරවා, “කාෂ්ඨවාහන මට මිත්‍ර වැ වැටෙව”යි[28] දෙදෙන නොදැක මිත්‍ර වූහු. කාෂ්ඨවාහන දු “බරණැසැ සිටැ ආ වෙණෙඳන් ගේ[29] සුංවත් හළමී” නුවරැ බෙර පියෙවි කරවි යැ. ඔව්නට සඞ්ග්‍රහ ද කෙළෙ.
එක්බිති බරණැස් මහරජ කාෂ්ඨවාහන රජ හට පත් දෙන්නෙ, “ඉදින් එ දනවියැ දක්නට හො අසන්නට නිසි කිසි ආශ්චර්යයෙක් ඇත් නම්, අප දක්වන්නෙ යැ. අසවන්නෙ යැ”යි[30] කී යැ. කාෂ්ඨවාහන දු බරණැස් රජ හට එසෙ මැ කියා යවී. මොවුන්[31] මෙසෙ ව්‍යවස්ථා කොටැ වැටෙන කල්හි එක් දවසක් කාෂ්ඨවාහනය හට ඉතා සියුම් අනැඟි අට පලසෙක් උපනැ. ළහිරි රස්කලබක් වැනි මැයැ.[32] මුරුතමල් කලබක් වැනි මැයි. රජ එ දැකැ, “මා-සබඳ රජ හට දී යවුව මැනැවැ”යි සුවරුවන් ලවා අට දළ කරඬුවක් ලියවා එකෙකි කරඬියෙහි[33] එකෙකි පලස් තබා, පියන් ගන්වා, පිටතැ ලාවට සෙයින් ලාකම් කරවා, අට ලාවට සුමුඟෙකැ[34] තබා, පිළින් වසා, රජමුඳුනෙන්[35] හස් කොටැ, “බරණැස් රජ හට දෙව”යි, “මෙ පඬුරු නුවර මැද ඇමැත්තන් පිරිවරා හිඳැ බලන්නෙ යැ”යි පත් දී යවී.[36] ඔහු ගොස් රජ හට දුන්හු.
හෙ පත්[37] කියවා ඇමැත්තන් රැස් කරවා-ගෙනැ නුවර මැද රාජාඞ්ගනයෙහි හිඳැ හස් හැරැ වසුන් හැරැ සුමුඟ විවර කොටැ අට ලාවට දැකැ, “ම-සබඳ ලාවටින් කෙළෙනා දරුවනට සෙයින් මට ලාවට දී එවූයෙ යැ”යි රෑණිවැ[38] එක් වටක් තමා හුන් අස්නෙහි පහළ. එකෙණෙහි ලා නැඟි ගියෙ. දළකරඬුව විවර වි යැ ඇතුළතැ තුබූ පලස දැකැ, තුබුවා ද විවර කොටැ බලනුයෙ, එමැ සෙමැදිට එකෙකි පලස් දිග සොළොස් හතැ. පළල අට හතැ. පලස් විජහා-පී[39] කලැ සියලු රාජාඞ්ගන ළහිරු රසින් දිලියෙන්නාක් වැනි වි යැ. රජ අක්කැමියන්[40] ගෙන්වාගෙන එකෙකි පලසැ මිල බැලැවි යැ. හැම පලස මැ අමූල්‍ය වී.
එකල්හි රජ, “පසු වැ පඬුරු දෙනුවන් විසින් පෙරට වැ දුන් පඬුරට විගුණ[41] කළ මැනැවැයි ම-සබඳ හට කුමක් දී යවමී!” සිතී. එ සමාහි කසුබු සම්මා සම්බුදු උපදැ බරණැසැ වෙසෙති. එකල්හි රජ, “තුණුරුවනට වැඩි අනෙක් උතුම් රුවනෙක් නම් නැති. තුණුරුවන් උපන් බවම-සබඳ හට කියා යවමී” සිතී. හෙ, “බුදුහු ලොකයෙහි උපන්හැ, හැම සත්නට වැඩ සඳහා යැ. දහම් ලොකයෙහි උපනැ. හැම සත්නට සුව[42] සඳහා යැ. සඟහු ලොකයෙහි උපන්හැ, උතුම් පින්කෙත් වී යැ”යි[43] රන් පතැ දෑඟිඟුලෙන් ලියවා, සතුරුවන් මුවා සුමුඟෙකැ තබා, එ සුමුඟ මිණිමුවා සුමුඟෙකැ තබා, ඒ සුමුඟ මරාමිණිමුවා සුමුඟෙකැ තබා, ඒ සුමුඟ පියුම්රා මිණිමුවා සුමුඟෙකැ තබා, එ සුමුඟ රන් මුවා සුමුඟෙකැ තබා, ඒ සුමුඟ රිදීමුවා සුමඟෙකැ තබා, ඒ සුමුඟ දළමුවා සුමුඟෙකැ තබා, ඒ සුමුඟ සඳුන්මුවා සුමුඟෙකැ තබා, ඒ සුමුඟ වේවැල්[44]-සුමුඟෙකැ තබා, ඒ සුමුඟ පිළින් වසා, හස් කොටැ, මඟුල් ඇතු සව්බරණින් සදා, ඔහු පිටැ පලග’ පන්වා, පලග මත්තෙ සුමුඟ තබා, සෙ-සත නඟා, ගඳින් මලින් පුදමින්, පසඟතුරු රැවින් පුද කරවමින්, තියුගී කියවමින්, තමාගෙ රාජ්‍ය සීමා දක්වා මඟ සදවා[45], තෙමෙ මැ ගොස් එහි සිටැ, හාත්පසැ රජනට පඬුරු දී, “මෙ නියායෙන් සත්කාර කොටැ මෙ පඬුරු දී යවන්නෙ යැ”යි පත් දිනැ. එ[46] අසුන් අසා රජහු පෙරමඟට අවුදු කාෂ්ටවාහනයා ගෙ රාජ්‍යසීමා දක්වා පුදමින් ගෙනැ ගියො.
කාෂ්ඨවාහන රජ දු අසා පෙරමඟට අවුදු, එසෙයින් මැ පුදමින් නුවරට ඇරැ, ඇමැත්තනුදු නුවර වැස්සනුදු රැස් කරවා-ගෙනැ, රාජාඞ්ගනයෙහි තබා වැසු[47] පිළී හැරැ සුමුඟ විවර කොටැ, එහි තුබූ සඳුන් සුමුඟ විවර කොටැ දළසුමුඟ දැකැ, ක්‍රමයෙන් හැම සුමුඟ[48] විවර කොටැ, රන් පත ගෙනැ කියවා, තුණුරුවන් උපන් බව් දැනැ, “ම-සබඳ කප්සුවහස්හිදු දිලිඛු[49] බුදුරුවන් පඬුරු දී එවී යැ”යි සතුටුවැ, “මා ගොස් බුදුන් දුට මැනැවැ. බණ ඇසුව[50] මැනැවැ”යි සිතා ඇමැත්තන් කැඳවා-ගෙනැ, “තුණුරුවන් ලොකයෙහි උපනැ,[51]
කුමක් කළ මැනැවැ”යි කී යැ. “මහරජ, තෙපි මෙහි මැ හිඳුව. ඇප් ගොස් අතුරු දහන්මහ”යි සොළොස් දහසක් දෙනා පිරිවරා සොළොස් ඇමැත්තො රජු වැඳැ, “ඉදින් බුදුහු[52] ලොකයෙහි උපන්හු නම්, වටා ලා දැකුම් නැති. නොඋපන්හු නම්, එම්හ”යි නික්මුණුහු.[53] රජු බෑනෙක් පසු වැ රජු වැඳැ, “මම දු යෙමි” කී යැ. “තො බුදුන් උපනහොත්, අවුදු මට කියා”යි කී. හෙ “මැනැවැ”යි ගිවිසැ ගෙනැ ගියෙ.
ඔහු හැම දෙ මැ හැම තන්හි එකෙකි රෑ වෙසෙමින් බරණැසට පත්හැ. ඔවුන් නොවදනා[54] තුරු මැ බුදුහු පිරිනිවයො. ඔහු, “බුදුහු කොහි යැ? කොයට වැඩියහ?”යි වෙහෙර ඇවිදුනාහු,[55] සඟුන් දැකැ පුළුවුත්හැ. ඔහු බුදුන් පිරිනිවයෙ කීහ. “අහො පිරිහුණම්හ![56] දුරු කතර ගෙවා අවුදු බුදුන් දක්නා පමණකුදු නො ලදුම්හ”යි[57] වැලැපැ වැහැසැ, “කිම, වහන්සෙ බුදුන් දුන් ඔවා යැ?” යි පුළුවුත්හැ. “ඇති, උපාසකයෙනි, තෙසරණැ පිහිටිය යුත්තෙ යැ. පන්සිල් සමාදන් විය යුත්තේ යැ. පෙහෙවස් විසිය යුත්තෙ යැ. දන් දිය යුත්තෙ යැ. පැවිජි විය යුත්තෙ යැ”යි කීහු.
ඔහු එ අසා රජු බෑනා[58] මිසැ හැම දෙන පැවිජි වූහු. බෑනෙ[59] පරිභොගධාතු ගත. පරිභොගධාතු නම්: මහ බො රුකැ; පාසිවුරු ආදි යැ. මෙ වනාහි බුදුන් ගෙ ඩබරාව දු මහබොපල දු වනදහම්[60] ධරා සිටී. මහතෙරකෙනකුදු ගෙනැ නික්මැ ක්‍රමයෙන් කාෂ්ඨවාහන නුවර ගොස්, “බුදුහු ලොකයෙහි උපන්හැ. පිරිනිවියහ” යි රජ හට කියා බුදුන් දුන් ඔවා[61] කී යැ. රජ මහතෙරුන් කරා එළබැ බණ අසා වෙහෙර[62] කරවා දාගබ්මහබො පිහිට්ටා,[63] තුන් සරණැ දු පන්සිලැ දු පිහිටා පෙහෙවස් වෙසෙමින්, දන් දෙමින් ආ පමණින් සිටැ, දෙව්ලොවැ උපනැ. එ සොළොස් දහසක් පැවිජියො ද පුහුදුන් වැ මියැ එ රජ හට පිරිවර වැ උපන්හු.[64]
හෙ[65] එක් බුදතුරක්[66] දෙව්ලොවැ ගෙවා, අප බුදුන් උපදනා පෙරට දෙව්ලොවින් සැවැ, මහකොසොල් රජුගෙ[67] පෙරෙවි බමුණ හට[68] දරු වැ උපනැ. නැමින් බාවරි[69] නම් වියැ. තුන් මහාපුරුෂ ලක්ෂණයෙකින් උපෙත යැ. තුන් වෙදයෙහි පාරයට ගියෙ යැ. පිය බමුණා ඇවෑමෙන් පෙරෙවි තන් පත.
සෙසු සොළොස් දහස්හුදු එ සැවැත් නුවරැ මැ බමුණු කුලෙහි උපන්හැ. ඔවුන් කෙරෙහි සොළොස් දෙට අතැවැස්සො බාවරිහි කෙරෙහි ශිල්ප උගත්හැ. තුබු සොළොස් දහස්හු දු ඔවුන් කෙරෙහි උගත්හු.[70] මෙසෙ ඔහු හැම දෙන පුන දු එක් වැ වුසුහු.[71]
මහකොසොල් රජ මෙළෙස[72] ඔහු පුතු පසෙනදි රජහු රජයෙහි පිහිට්වුහු. බාවරි බමුණු උහුටද් පුරොහිත වී. රජ පියා දුන් භොග දු අනෙක් භොග දු[73] ඔව්හට දිනි. එ ළදරු කලැ ඔහු කෙරෙහි ශිල්ප උගත්තෙ යි. එක්බිති බාවරි බමුණු පැවිජි වියැටි වැ රජ හට කී යැ. ආචාර්යය, තොප සිටි කලැ බපාණො[74] සිටියාහු මැ යැ.[75] පැවිජි නො වව” යි කී යැ. “කුමට ද? මහරජ,[76] පැවිජි වෙමී” කී යැ. රජ වළකන්නට නොහැකි වූයෙ. “රැයිම්මෙහි දු සවසැ දු මා දක්නට නිසි තැනැ, රජ උයන්හි, පැවිජි වන්නෙ යැ”යි අයැජි යැ. ආචාර්ය, සොළොස් දහසක් බමුණු දරු පිරිවර ඇති සොළොස් අතැවැස්සන් හා සමඟ තවුස් පැවිජියෙහි[77] පැවිජි වැ රජඋයන්හි විසී යැ. රජ සතර පසයෙන් උපස්ථාන කෙරෙයි. රැයිම්මෙහි දු සවසැ දු ගොස් දක්කි.
එක් දවසක් අතවැස්සො, “ආචාර්ය! නුවර වෙතැ වාස මහාපරිරොධ යැ. නිරාකුල තැනකට යම්හ යි; පැවිජියනට ගැඹුරු වල් නිස්සැ”යි කීහැ. ආචාර්යය, “මැනැවැ”යි ගිවිසැ රජ හට කී යැ. රජ තුන් යලක් කියා වළකන්නට නොහැකි වූයෙ, දෙ ඇමැත්තක් හට දෙලක්ෂයක් දී, “යම් තැනෙක්හි තව්සො විසියටි වූහු නම්, එහි ආශ්රමපදයක් කොටැ දෙව”යි යෙදී. ආචාර්යය, සොළොස් දහසක් ජටිලයන් පිරිවරා පස් පස් යන ඇමැත්තන් ඇති වැ, උතුරු දනවියෙන් දකුණු දනවු බලා ගොස්, අස්සක නම් මූලක[78] නම් දෙ රජුන් ගෙ දෙ රට ගොදාවරි හො-මැදැ තුන් යොදුන් ගිවුළු වනයෙහි සරභඞ්ගාදීන් වුසු පියෙස් දැකැ, “මෙ පෙරැ තව්සන් වුසු පියෙසෙක් වනැ. පැවිජියනට නිස්සැ”යි ඇමැත්තන්ට කී යැ. ඇමැත්තො බිම් ගන්නට[79] අස්සක රජ හට ලක්ෂයක් දුන්හ. මූලක රජ හට ලක්ෂයක් දුන්හු. උහු එයින් දුන්හැ. දෙරටින් අනෙක් දෙ යොජනක් තැන් දු දුන්හු. මෙසෙ දෙ රදුන් දුන් දෙරට මැදැ පස් යොජනක් තන් වී.[80] ඇමැත්තො එහි ආශ්රමපද කරවා, සැවැත් නුවර යවා යළි දු ධන ගෙන්වා ගෙනැ ගොදුරුගම් පිහිට්ටා දී ගියො.
තව්සො වනයෙහි කඳුමුලු[81] ඵලයෙන් හා කෙණෙසි අහරින් යපෙති එ ගමැ කෙළෙඹියො බදුකරවුවරින් ලක්ෂයක් ධන නඟා-ගෙනැ අස්සක රජු කරා ගෙනැ ගියහැ. හෙ, “මම නො ගන්මි. ආචාර්යය හට දෙව’ යි කී යැ. ආචාර්යය ද නො ගෙනැ දන් දින්.[82] හෙ මෙසෙ හවුරුදු පතා[83] දන් දෙන්නෙ එක් හවුරුද්දක් මහදන් දී ගැමින් නික්මැ ආශ්‍රම පදයට ගොස් පන්සල්[84] වැදැ දැන් අවජමින්[85] හුන්නෙ යි.
එකල්හි ළදැරු බැමිණියක්, “බමුණ, මම් නිත්තෙන් තාගෙ ගෙසි මෙහෙ නොකටැ[86] හෙමි. එම්බල, බාවරි බමුණු හවුරුදු පතා ධන ලක්ෂයක් දන් දෙයි. තො ගොස් පන්සියක් ඉල්ලා ගෙනැ මට දැසක[87] ගෙනැ එ”යි සැමියා නඟා යවු.[88] බමුණු බාවරි මහතව්සා කරා ගොස්, “පන්සියක් දෙ” යි කී යැ. “ඇති දෑ හැම දන් දින්මි.[89] මාගෙ පන්සියෙක් ඇත්තෙ නොවෙයි, හදහා”යි කී යැ. බමුණු, “ඉදින් තො[90] කියතු දු ධන නො දෙහි නම්, සත් වන දවස් හා හිස් සත් කඩක් කොටැ පළා-පියෙමී” කියා, එවැනි[91] විධියක් තමා නොදනුතු දු[92] බවා-පියටි වැ[93] ගොම[94] වලමල් කුසතණ ආදි වෙළෙවි වෙළෙවි වැ ගෙනැ ගොස් බාවරි ගෙ පන්සල් දොරට ඇරැ, ගොමයෙන්[95] මඬුල්ලක් කොටැ, එහි මල් හිසැ-ලා තණ අතොට[96] ලා, වම්පස කමඬායෙහි[97] දියෙන් දෙවැ[98] සත් පියවරක් තැනට ගොස්, “බාවරිහි හිස් සත් කඩක් වැ පැළෙව”යි ඇසෙන සෙ කියා ජප කරන වන් වැ තොල් සලසලා හුන්නෙ යැ. මහතවුස්, “සැබැව”යි සිතා බිය පත් වී.
එකල්හි ආශ්‍රම පදයෙහි දෙවතා බාවරි ගෙ දුක් දොම්නස් දැකැ කරුණායෙන් උහු කරා එළබැ, “මහතව්ස, හෙ මුදුන් නො දන්නි. මුදුන් පළන සෙ නොද දන්නි. ධන කැමැති කුහකයෙකැ”යි කිවැ. “තො මුදුනුදු මුදුන් පළන සෙ දු දන්හි?” යි[99] කී යැ. “මම් එ නො දන්මි. එවැනි නුවණෙක් මට නැති” කිවැ. “කවරහැ එ දන්නාහ?” යි කී යැ. බුදුන් එකුන් තිස් හැවිරිදි කල්හි නික්මුණු බාවරි බමුණු ගොදාවරි තිරයෙහි වසන අට හවුරුද්දක් ඉකුත් කල්හි ලොකයෙහි[100] බුදුහු උපන්හු. බුදුන් උපන් පරිදි[101] දක්වන දෙව්දු, “ඔකා රජහු මුනුබුරෙ[102] සිද්ධත් කුමර කිඹුල්වත් නුවරින් නික්මැ බුදු වැ ලොකයෙහි ධම්[103] දෙසයි. තො ගොස් උහු පුළුවුස. හෙ තට කියයි, කිවැ. බුදුහු යන බස් අසත් වැ බමුණාට ශෝක නැති වි යැ. විපුල ප්‍රීති ඇති වී. හෙ සතුටු සොම්නස් වැ, “බුදුහු කොහි වෙසෙති? කොයට ගොස් දැක්මහ”යි කී යැ. “සැවැත් නුවරැ වෙසෙති”යි කියා අතුරුධන් වුවැ.
එක්බිති එ තවුස් අතැවැස්සන් කැඳවා, “බුදුහු ලොකයෙහි දිලිබුහැ.[104] දැන් බුදු කෙනෙක් උපන්හුල. තෙපි වහා සැවැත් නුවර ගොස් අතුරුදන්ව”යි කී යැ. “ඔවුන් දැකැ ‘බුදුහු’[105] යනු කිසෙ දන්මහ?”යි[106] කීහ. “දෙතිස් මහපුරිස් ලකුණු වෙදයෙහි ආයෙ යැ. එ මහපුරිස්ලකුණු යමක් හට ඇද්ද, හෙ ගිහිගෙයි සිටියෙ[107] සක්විති රජ වෙයි. පැවිජි වී නම්, බුදු වෙයි. තෙපි මාගෙ වයසු දු[108] ගොතුදු6 ලක්ෂණදු6 උගත් ගතුදු6 මාගෙ ශිෂ්යයනුදු6 මුදුනුදු6 මුදුන් පැළුමු දු6 සිතින් පුළුවුස්ව. ඉදින් හෙ බුදු වී නම්, තොප සිතින් පුළුවුත් පැන තෙපුලෙන්[109] විසජයි. කී යැ. බාවරි මහ තවුසා[110] තෙපුල් අසා සොළොස් බමුණො. කසුඛු සම්මා සම්බුදුන් සස්නෙහි පැවිජි වැ සිල් රැකි සොළොස් දහසක් බමුණන් පිරිවරා, ඔහු වැඳැ පැදකුණු කොටැ, දළමඬුලු අඳුන් දිවිසමින් සැරැහී, උතුරුදස බලා නික්මුණුහු. එයින් කීහ:
“බාවරිස්ස වචො සුත්වා – සිස්සා සොළස බ්රාහ්මණා,
අජිතො තිස්සමෙත්තෙය්යො – පුණ්ණකො අථමෙත්තගු.
.
ධොතකො උපසීවො ච – නන්දො ච අථ හෙමකො,
තොදෙය්යකප්පාදුභයො – ජතුකණ්ණි ච පණ්ඩිතො.
.
භද්රාවුධො උදයො ච – පෙසාලො චාපි බ්රාහ්මණො,
මොඝරාජා ච මෙධාවී – පිඞ්ගියො ච මහාඉසි.
.
පච්චෙකගණිනො සබ්බෙ – සබ්බලොකස්ස විස්සුතා,
ඣායී ඣානරතා ධීරා – පුබ්බවාසනවාසිතා.
.
බාවරිං අභිවාදෙත්වා – කත්වා ච නං පදක්ඛීණං,
ජටාජීනධරා සබ්බෙ – පක්කාමුමුත්තරාමුඛා”යි
එයින් මූලක නම් නුවරට ගියහ. එයින් අස්සක නම් නුවරට ගියහ. එයින් මාහිස්සතී[111] උජ්ජයිනී නම්, ගොධිපුර නම්, විදිසා නම්, වල්සැවැත් නම්, කොසඹෑ නම්, නුවරට ගියහ. එයින් සාකෙත පුරයට ගියො. එයට යන්නා හා ඔවුන්ගෙ සයොජුන් පමණ පිරිස් වී. එකල්හි බුදුහු, “බාවරිහි ගෙ ශිෂ්‍යයො මහපිරිස් ගෙනැ එති. තව ඔවුන්ගෙ ඉඳුරො නො පරිපැසුණහැ.[112] මෙ දෙශය ද සැප නොවෙයි. මගධ රට පහණ උනට සැප යැ. එහි හිඳැ මා ධම් දෙසන කලැ බොහො දෙන හට[113] අභිසමය වෙයි. හැම නුවරට මැ වැදැ එන කලැ බොහො දෙනා හා සමඟ එනු වෙතී” මහසඟුන් පිරිවරා සැවැත් නුවරින් නික්මැ දනවු සැරිසරමින් රජගහා නුවර වැඩියො. ඔහු හැම දෙනැ ම සැවැත් නුවර අවුදු වෙහෙර වැදැ, “බුදුහු කවරහ? කොහි යැ බුත්හ?” යි[114] සොයන්නාහු[115] ගඳකිළි[116] දොරට ගොස් බුදුන් පදලස් දැකැ සව්නෙ දන්නා බුදුන්[117] පරිදි දත්හු. බුදුහු ක්‍රමයෙන්, සෙතව්‍යා නුවර, කිඹුල්වත් නුවර, කුසිනාරා නුවර, පාවා නුවර, භොග නුවර, විසාලා නුවර, රජගහා නුවර ගොස්, රමණි[118] පාණසෑ වෙහෙර වැඩියො. හෙ, පෙරැ මහත් ගල්පිටෙක්හි වූ දෙවොලකැ. බුදුන් උපන් කලැ වෙහෙර වී යැ. එ මැ නම් වී.
තව්සො ද එ මැ විගස සැවැත් නුවරින් නික්මැ හැම නුවර වැදැ පුළුවුස්මින් වෙළෙවි වැ බුදුන් අනු වැ යන්නාහු. පස්වරු වැඩි මඟ ගෙනැ පෙරවරු යන්නාහු, පෙරවරු වැඩි මඟ ගෙනැ පස්වරු යන්නාහු, පාණසෑ පැමිණැ, “බුදුහු මිහි යැ”[119] යනු අසා සිහිල් පැන් ලදු[120] පිපාසිතයක් හු[121] සෙයින්[122] මහාභොග ලදු2 වෙණෙඳක්හු සෙයින් ගිමන්හි කළකිරි[123] සිහිල් සෙවණ ලදු2 මැඟියක්හු සෙයින්, සොම්නස් එ ගලට නැඟියො. එයින් කීහ.
“තුසිතොව උදකං සීතං – මහාලාභංව වාණිජො,
ඡායං ඝම්මාහිතත්තො’ව – තුසිතා පබ්බතමාරුහුං”යි.
එක්ලිහ බුදුහු පාණසෑ තන්හි සක්දෙව් රජහු මැවු රුවන් මඬියෙහි සෙ-සතින් සැදී, රුවන්පලග මතුයෙහි සඟ පිරිස් පිරිවරා සවනක් රස් විහිදුවමින් වැඩැ හිඳැ මියුරු සරයෙන් ධම් දෙසත්. එයින් කීහ:
“භගවා ච තස්මිං සමයෙ – භික්ඛුසඞ්ඝපුරක්ඛතො,
භික්ඛූනං ධම්මං දෙසෙති – සීහො’ව නදතී වනෙ”යි.
එ සඳ තව්සො ගොස් බුදුන් දැකැ සතුටු වැ පිරිවැරුහ. ඔවුන් අනු වැ එ එ රටින් ආ මිනිස්පිරිස්[124] බුදුනට මැ පිරිවර වී. එදවස් බුදුන් පෙරටද්[125] පිටිපසද්7 දකුණත්පසත්7 වමත්පසද්7 සයොජුන් සයොජුන් පමණ පිරිස් වී යැ. අයම්විතරහි[126] දොළොස් යොජුන් වි යැ. වටි සතිස් යොජුන් වී. එ පිරිස් මැදැ බාවරි මහතව්සා අතැවැසි සොළොස් බමුණන් කෙරෙහි දෙට අතැවැසි අජිත මාණව, බුදුන් විසින් කරන ලද සාමීචි ඇති වැ, තෙමෙ ද බුදුනට පිළිසථර කොටැ එකත්පස් වැ සිටැ බලනුයෙ, පනුරැසි පොහොදවස්[127] සොළොස් කලායෙන් පිරිහුන්[128] සඳක් සෙයින් බුදුන් දෙතිස් මහපුරිස් ලකුණෙන් පිරිහුන්10 සෙ දැකැ සතුටු වැ, මනසින් පැන පුළුවුස්නෙ, “අප ආචාර්යයා ගෙ වයස් කියව, ගොත් කියව, ලකුණු කියව, උහු උගත් ගත් කියව, උහු ගෙ ශිෂ්‍යයන් කියව” යි සිතී.
එකලැ බුදුහු, “තාගෙ බමුණු එක්සිය විසි හැවිරිද්දැ, ගොතින් ප්රවරයා මුනුබුරු වන බැවින් ප්රාවරි යැ. ලොකයො බාවරි යැ යෙති. උහුට තුන් මහාපුරුෂ ලක්‍ෂණයෙක් ඇති. ත්රිවෙදයෙහි පාරයට ගියෙ යැ. පියොවින් අලස වූ නුවණ මඳ පන්සියක් දරුවනට වෙද කියයි” වදාළො.
“උහුගෙ තුන් මහාපුරුෂ ලක්ෂණයො කවරහ?”[129] යි සිතින් පිළිවිත්. “තමා දිවින් මුහුණ වසයි. නළලැ උණුලොම් ඇති උහුගෙ අඞ්ගජාතය ඇතුළතැ ගොස් සැඟවෙ”යි වදාළො. මෙසෙ ඔහු මනසින් පුළුවුත් පැන වචසින් විසජු කල්හි සතිස් යොජුන් පිරිස්වැසියො අසා, “කවර දෙවියෙක් බඹෙක් මෙසෙ විසජනුයෙක් වී!”[130] යි සාධුකාර දී ගුගුරා මුඳුනෙහි ඇඳිලි බන්හු.[131] මෙසෙ පස් පැනයක් බුදුන් විසජු කල්හි තුබු දෙ පැන පුළුවුස්නෙ, “අපගෙ ආචාර්යය මුඳුනු දු මුඳුන් පැළුමුදු පුළුවුස්සි.[132] එ කියව”යි සිතී, “අවිජ්ජා සංසාරයා[133] හිස් වන බැවින් මුඳුනැ. රාත් මඟ නුවණින් ඇය කඩන[134] බැවින් විද්‍යා මුඳුන් පැළුමැ”යි[135] වදාළො.
එකල්හි අජිත මාණව පැන විසජුන් අසා ප්‍රීතිමත්[136] වැ අඳුන් දිවිසම් එකස් කොටැ ලැ “බාවරි බමුණු සතුටු සොම්නස් වැ ශිෂ්‍යයන් ශිෂ්‍යයන් හා සමඟ භවත්හු පා වඳී” යි ආචාර්යයා වැඳමෙන්[137] බුදුන් පාවිට[138] හිස් තබා වැන්ද. බුදුහු උහු ගෙ ආචාර්යයාට දු උහුට දු ආ වඩන්නාහු:
“සුඛිතො බාවරි හොතු – සහ සිස්සෙහි බ්රාහ්මණො,
ත්වඤ්චාපි සුඛිතො හොති – චිරං ජීවාහි මාණව” යි
වදාළහැ. එක්බිති[139] පැන පුළුවුස්නට අවසර ඉල්ලු කල්හි “බාවරීහි ගෙ වුව මැනෑ මැ යැ,[140] තොප හැම දෙනා ගෙ වුව මැනෑ මැ යැ, යම් සංසයක් පුළුවුස්ට” යි සර්වඥ ප්රවාරණායෙන් පැවරුහු.
බුදුන් අවසර දුන් කල්හි අජිත මාණව වැදැ එකත් පස් වැ හිඳැ පැන පිළිවිත්. “කෙනස්සු නිවුතො ලොකො” යනාදීන් ඔහු පැන පුළුවුත් පරිදි දු, “අවිජ්ජාය නිවුතො ලොකො” යනාදීන් බුදුන් පැන විසජු පරිදි දු, සුත්තනිපාත යෙහි පාරායණ සුතින් දන්නෙ යැ. දෙසුන් අවසන්හි අජිත මාණව තමා අතැවැසි දහසුන්[141] හා සමඟ[142] රාත් වි යැ. සෙසු නොඑක් දහස් මිනිස්සු දු අධිගම කොළො. රාත් වත් මැ. අජිත මාණවයා හා අතැවැස්සන් ගෙ තවුස් පිරිකර අතුරුධන් වි යැ. හැමදෙන මැ සෘද්ධිමය පාත්රචීවරධර වැ දෙ අඟුල් පමණ කෙහෙ ඇති වැ එහි භික්ෂුභාවයෙන් පැවිජි වැ බුදුන් වඳිමින් බැදැඳිලි වැ හුන්හු.
එක්බිති මොඝරාජ පැන පුළුව්ස්නට වන.[143] බුදුහු උහු ගෙ ඉඳුරන් පරිපාකයට නොගිය බව් දැනැ, “තො සිට. අනෙකෙක් පැන පුළුවස්සිව”යි[144] වදාළො. එකල්හි තිස්ස මෙත්තෙය්‍ය නම් මණෙවු[145] පැන පිළිවිත්.[146] “කොධ සන්තුසිතො ලොකෙ” යනාදීන් උහු පැන පුළුවුත් පරිදි දු, බුදුන් “කාමෙසුබ්රහ්මචරියවා” යනාදීන් පැන විසජු පරිදි දු, එමැ සුතින් දන්නෙ යැ. දෙසුන් අවසන්හි මෙයිදු අතැවැසි දහසුන්[147] හා සමඟ රාත් වි යැ. සෙසු නොඑක් දහස් මිනිස්සු දු අධිගම කොළො. රාත් වෙමින් මැ ඔහු හැම දෙන[148] පළමු නියායෙන් එහි භික්ෂුභාවයෙන් පැවිජි වැ බුදුන් වඳිමින් මැ බැදැඳිලි වැ[149] හුන්හු.
එක්බිති පුණ්ණක[150] නම් මණෙවු,5 බුදුන් පෙර සෙ මැ මොඝරාජයා පැන පුළුවුස්නට වන්නහු පිළිබැහු කල්හි, පැන පිළිවිත්. “අනෙජං මූලදස්සාවිං” යනාදීන් ඔහු පැන පුළුවුත් පරිදි දු, “යෙ කෙවි ඉසයො මනුජා” යනාදීන් බුදුන් පැන විසජු පරිදි දු, එ මැ සුතින් දන්නෙ යැ. දෙසුන් අවසන්හි මෙයිදු අතැවැසි දහසුන්7 හා සමඟ රාත් වි යැ.
සෙසු නොඑක් දහස් මිනිස්සු අධිගම කොළො. රාත් වෙමින් මැ ඔහු හැම දෙන පෙර සෙ මැ එහි භික්ෂුභාවයෙන් පැවිජි වැ බුදුන් වඳිමින් බදැඳිලි වැ හුන්හු.
මෙ නියායෙන් මෙත්තගු නම්, ධොතක නම්, උපසීව නම්, නන්ද නම්, හෙමක නම්, තොදෙය්‍ය නම්, කප්ප නම්, ජතුකණ්ණි නම්, භද්‍රාවුධ නම්, උදය නම්, පෙසාල නම් මෙ එකොළොස් දෙන දු පැන පුළුවුත් කල්හි, බුදුහු පැන විසජුහු මොහු තමන් තමන් අතැවැසි දහස් දහස් හා සමඟ රාත් වැ එහි භික්ෂුභාවයෙන් පැවිජි වැ බුදුන් වැඳැ බදැඳිලි වැ හුන්හු.
එක්බිති මොඝරාජ, “වහන්සෙ, මම් දෙ යලක් පැන පිළිවිස්සැටි වැ අවසර ගෙනැ භවත්හු විසින් ප්රතික්ෂිප්ත වීමි. ‘මෙන් තුන් වන වරැ, පුළුවුත් කලැ කියති’ යනු ගොදාවරී තීරයෙහි ලා මැ ඇසිමි. දැන් කලි වදාළ මැනැවැ”යි පැන පිළිවිතැ. බුදුහු උහු ගෙ ඉඳුරන් පිරිපැසුණු බව් දැනැ ගිවිස්සහැ. “කථා ලොකං අවෙක්ඛන්තං මච්චුරාජා න පස්සති” යනාදීන් උහු පැන පුළුවුත් පරිදි දු, “සුඤ්ඤතො ලොකං අවෙක්ඛස්සු” යනාදීන් බුදුන් පැන විසජු පරිදි දු, එ මැ සුතින් දන්නෙ යැ. දෙසුන් අවසන් හි මෙයිදු අතැවැසි[151] දහසුන් හා සමඟ රාත් වි යැ. සෙසු නොඑක් දහස් මිනිස්හු දු අධිගම කළහැ. රාත් වෙමින් මැ ඔහු හැමදෙන[152] පෙර සෙ මැ එහි භික්ෂුභාවයෙන් පැවිජි වැ බුදුන් වඳිමින් බදැඳිලි වැ හුන්හු.
එක්බිති එක්සිය විසි හැවිරිදි පිඞ්ගිය[153] නම් බමුණුසොළොස් වනු වැ බුදුන් පැන පුළුවුතැ.[154] “ජිණ්ණො’හමස්මි අබලො විවණ්ණො” යනාදීන් ඔහු පැන පුළුවුත් පරිදි දු, “දිස්වාන රූපෙසු විහඤ්ඤමානෙ” යනාදීන් බුදුන් පැන විසජු පරිදි දු, එ මැ සුතින් දන්නෙ යැ. දෙසුන් අවසන්හි පිඞ්ගික බමුණු අනගැමි[155] වි යැ. හෙ අතරතුරෙහි “ම-මයිල් බාවරි බමුණු මෙ විසිතුරු ප්‍රශ්න ව්‍යාකරණ අසනු නොලද” යන සෙනෙහෙන් වික්ෂිප්ත වැ රාත් නොවී. ඔහු අතැවැසි දහස්හු වූ කල[156] රාත් වූහු. පිඞ්ගිය බමුණා හා ඔහු අතැ වැස්සන්ගෙ තවුස් පිරිකර අතුරුධන් වී. හැම දෙන මැ, සෘද්ධිමය පාත්‍ර5 චීවරධර වැ දෙ අඟුල් පමණ කෙහෙ ඇති වැ එහි භික්ෂුභාවයෙන් පැවිජි වැ බුදුන් පිරිවැරුහු.
මෙසෙ බුදුන්, මගධ රට පහණසෑ තන්හි[157] වැඩැහිඳ බාවරි මහ තව්සා අතැවැසි දහස් දහස් පිරිවර ඇති සොළොස් මහතව්සන් පුළුවුත් පැන විසජා[158] පාරායණ සුත දෙසු දවස්, සොළොස් දහසක් තව්සො රාත් වූහැ. තුදුසු කෙළක් දෙව් මිනිස්හු සොවාන් සෙදැගැමි අනගැමි වූහු. එයින් කීහ:
“තතො පාසාණකෙ රම්මෙ – පාරායණසමාගමෙ,
අමතං පායයී බුද්ධො – වුද්දස පානකොටියො” යි.
ධම් දෙසුන් නිමි කලැ, එ එ රටැ සිටැ, තව්සන් අනු වැ ආ මිනිස්හු බුදුන් ගෙ අනුභාවයෙන් තමන් තමන් ගෙ ගම් නියම්ගම් ආදියා[159] පැනණුහු[160] බුද්හු සොළොස් දහසුන් හා සමඟ නොඑක් දහස් සඟපිරිස් පිරිවරා සැවැත් නුවර මැ වැඩියො. එහි සිටැ පිඞ්ගිය මහතෙරහු බුදුන් වැදැ, “වහන්සෙ, මම් බාවරි මහතව්සා හට[161] බුදුන් ‘උපන් පරිදි අවුදු කියමි’ යි පිළින කොටැ ආයෙමි” සැල කළහැ. බුදුහු අනුදත්හැ. ඔහු චිත්තගතීන් ගොදාවරි තීරයට ගොස් පාදගතීන් ආශ්‍රම පදයට ගියො.
එකල්හි බාවරි පෙරමඟ බලා[162] හුන්නෙ යැ.[163] ඔවුන් දුරැ මැ තවුස්වෙස් හැරැ මහණ වෙසින්[164] එනුවන් දැකැ, බුදුන් ලොකයෙහි උපන් බව් දැනැ, අවුදු වන් කලැ.[165] “කිම, පිඞ්ගිය, බුදුහු ලොකයෙහි උපන්හ?” යි පිළිවිතැ. “බුදුහු උපන්හැ, පහණ සෑ තන්හි[166] වැඩැහිඳ අපට දහම්[167] දෙසුහැ. එ දහම් තට දෙසන්නට ආමී” කී යැ. එකල්හි බාවරි බමුණු මහත් සත්කාර කොටැ සහපිරිවරින් ඔවුන් පුදා අසුන් පැන්වී යැ.[168] එහි වැඩැහිඳැ පිඞ්ගිය මහතෙරහු, තමන් ගොස් බුදුන් දුටු සොම්නසින් වචසින් මනසින් පැන පුළුවුත් සෙ[169] කියා, තමන්[170] බුදුන් කෙරෙ ඇසු නියායෙන්, අපාර වූ සංසාරසාගරයාගෙ[171] නිර්වාණ පාරයට පමුණුවන්නෙන් පාරායණ නම් ලදු සුත දෙසූහැ. දෙසා, “යම්සෙ ලිහිණියෙක්[172] කුඩා වනයක් පියා ගොස් මහත් මධුර ඵලහරිත වනයෙක්හි අවුදු වෙසෙ ද, එසෙයින් මැ[173] මම මඳ නුවණ ඇති තා වැන්නන්[174] පියාමහත් උදකරාසි ඇති අනුතත්දහතළ යට පත් හස් රජක්හු සෙයින් සව්නෙ දන්නා බුදුන් කරා ප්‍රාප්ත වීමි. රෑ දාවල් බුදුන් කෙරෙන් මොහොතෙක්හි ද වියො නොවැ ගිය ගිය දසායෙහි ඇසින් දක්නහු[175] සෙයින් සිතින් බුදුන් දැකැ, වැඳැ වෙසෙමී”[176] කීහු.
එසඳ බුදුහු, පිඞ්ගිය මහතෙරුන් හා බාවරිහිගෙ ඉඳුරන් පිරිපැසුණු බව් දැනැ, සැවැත් නුවරැ සිටැ රන්වන් රස්කලබක් වුහුටහ.[177] පිඞ්ගිය මහතෙරහු බාවරි මහතව්සා හට බුදුගුණ කියමින් හුන්නාහු බුදුරස් දැකැ, “මෙ කිම් හො!”යි බලන්නාහු, බුදුන් තමන් පෙරට සිටියවුන් සෙ පැනෙනුවන් දැකැ, “බුදුහු වැඩියහ”යි කීහු. බමුණු හුනස්නෙන් නැඟී, බැදැඳිලි වැ සිටියෙ යැ. බුදුහු රන් පතුරුවා බමුණු හට තමන් දක්වා, “යථා අහු වක්කලී මුත්තසද්ධො” යනාදීන් සිවුපැදි ගයක් වදාළහැ. දෙසුන් අවසන් හි පිඞ්ගිය මහතෙරහු රාත් වූහ. බාවරි මහතව්සා අනගැමි වී යැ. ඔහු අතැවැසි පන්සියක් බමුණු දරුවො සොවාන් වූහු.
මෙ සෙයින් බුදුහු තමන් පුරුෂදම්‍යසාරථී වන බැවින් බාවරි මහතව්සා ද ඔහු අතැවැසි සොළොස් දහස් සොළොස් තව්සනුදු බමුණු දරුවන් පන්සියනුදු, ‘ආදි’ ශබ්දයෙන් ගත් අග්ගදත්තාදි තාපසයනුදු දමා අමාමහනිවනින් පැමිණිවූහු.
තාපසදමන නම් දොළොස් වන පරිච්ඡේදය නිමි.
ශාක්යභික්ෂූන් දැමු පරිදි කිසෙ යැ යත්:
ශාක්‍ය රජුන් හා කොලිය රජහු කිඹුල්වත් නුවර හා කොලිය නුවර හා දෙ අතුරෙහි රොහිණී නම් ගඟ එක් අවුණෙන්[1] බඳවා බොහො ගොයම් කරවති. පොසොන් මසැ ගොයම් මියන කලැ, දෙනුවර වැස්සන් ගෙ ගොවිහි[2] රැස් වූහ. කොලිය නුවරැ වැස්සො, මෙ දිය දෙ තනට ගෙනැ යන කලැ තොපට අපට නොසෑහෙයි. අපගෙ ගොයම් එක දියවරින් එයි. දිය අපට දෙව”යි කීහැ. කිඹුල්වත් නුවරැ වැස්සො ද, “තොප දින්[3] මැඩුන්[4] කොටගෙ පුරා තුබු කලැ. ඇපි රත්රන් නිල්මිණි කහවනු ගෙනැ මල පැස්[5] ගෙනැ තොප ගෙදොරැ ඇවිදුනට යමො ද! අපගෙ ගොයම් එකදිය වරින් එයි. ඇපි දු නොදෙම්හ”යි කීහැ. ඔහු[6]දු, “ඇපි නොදෙම්හ”යි[7] කීහැ.
මෙසෙ කලහ වැඩි කල්හි, එකෙක් නැඟී එකක් හු පහළ හෙද නැඟී, අනෙක්හු[8] පහළ. මෙසෙ ඔවුනොවුන් පැහැරැ රජකුලන් ගෙ ජන්ම ඝටා බිණුහු. කොලිය නුවරැ වැසි ගොවිහි ‘තෙපි කිඹුල්වත් වැසි රජුන් ගෙනැ ගර්ජනා කරව[9] යම් කෙනෙක් බලු සිගල් ආදීන්[10] සෙයින් තමන් තමන්ගෙ[11] කුසැ හොත් අඟනන් හා වාස[12] කොළො ද, ඔවුන්ගෙ ඇත් අස්හු දු ඵලකායුධයො දු අපට කුම් කෙරෙතී!” කීහු. කිඹුල්වත් නුවරැ වැසි ගොවිහි, “තෙපි කුෂ්ඨීන් දරුවන් ගෙනැ ගර්ජනා කරව. යම් කෙනෙක් නිවහලු වැ තිරිසන් ගතියැ සතුන් සෙයින් බුදුරු රුක්හි[13] වුසුහු ද, ඔවුන්ගෙ ඇත් අස්හු ද ඵලකායුධයො ද අපට කුම් කෙරෙතී!” කීහු.
ඔහු ගොස් එකම්හි[14] යුතු ඇමැත්තනට කීහ. ඇමැත්තො ගොස් රජනට[15] කීහු. එකල්හි සැහැ රජහු “කුසා හොත් අඟනන් හා වාස කළවුන් ගෙ බැල[16] දක්වම්හ”යි යුද්ධයට සැරැහී නික්මුණුහු. කොලිය රජහු දු “බුදුරු රුකැ වුසුවන්ගෙ බැල3 දක්වම්හ”යි යුද්ධයට සන්නද්ධ වැ නික්මුණුහු. එකල්හි බුදුහු සැවැත් නුවර නිසා දෙව්රම්හි වැඩැ වසනුවො, අලුයම්හි මහකුළුණු සමවතින් නැඟී ලො[17] බලනුවො, මොවුන් යුද්ධයට නික්මෙනෙසෙ[18] දුටුහු. දැකැ, “මා ගිය කලැ, මෙ කලහ සන්සිඳී හොයි! නොසන්හිඳි හො!”යි බලනුවො,[19] “මම එයට ගොස් කලහ සන්හිඳුවනු සඳහා ධම් දෙසමි. දෙසුන් අසා සමඟ වූ දෙනුවරවැස්සො පන්සියයක්[20] රජකුමරුන්[21] දෙති. මම් ඔවුන්[22] පැවිජි කෙරෙමි. මහත් සමාගම වෙ”යි සනිටුහන් කොටැ, පෙරවරු අහරකිස සාහා[23] පස්වරු ගඳකිළින් නික්මැ, ඔවුන් යුද්ධ සන්නද්ධ වැ නික්මෙන[24] වෙලෙහි, යම් කෙනෙක්නට නොකියා තුමුහු මැ පා සිවුරු ගෙනැ, ගොස් දෙ සෙනඟ මැදැ අහසැ පලක් බැඳැ සවනක් රැස් විහිදුවමින් වැඩැහුන්හු.
කිඹුල්වත් නුවරැ වැස්සො බුදුන් දක්මින් මැ, “අප සැහැරජ කුලට[25] සිළිමිණක්[26] බඳු බුදුහු වැඩියහැ. මෙ කලහ දුටු බන්දහ.[27] දන් වූ කල අප අනුන් වෙරැ සැත් නොපැහැර විය හැක්කැ. කොලිය නුවරැ වැස්සන් අප මරත් මැනෑ මැ යැ, පිසත්[28] මැනෑ මැ යැ”යි ආයුධ දමා පියා සිටියො. කොලිය නුවරැ වැස්සො ද එසෙ මැ සිතා ගත් ආයුධ හැරැ-පියා සිටියො. එකල්හි බුදුහු අහසින් බැසැ, රමණි රොහිණි ගඟැ වැලිපිටු මත්තෙ පැන් වූ අස්නෙහි, නිරුපම බුදුසිරින්[29] වොරජමින් වැඩැහුන්හු. දෙ නුවරැ රජහු දු බුදුන් වැඳැ පිරිවරා හුන්හු. එකල්හි බුදුහු දනුතුදු හොත්, “කුමට ආව? මහරජනි” යි පුළුවුත්හැ.
“වහන්සෙ, ගඟ කෙළෙනට නොද ආම්හ.[30] වන කෙළෙනට ගල් කෙළෙනට නොද ආම්හ,1 මෙ තැන්හි සඞ්ග්‍රාමයට ආම්හ”යි කීහු. “තොපගෙ කලහ කුමක් සඳහා වූයෙ යැ මහරජනි,”යි වදාළො. “දිය සඳහා වූයෙ යැ; වහන්සෙ,” යි කීහු. “දිය කුමක් වටී?” වදාළහැ. “මඳ දෙයක් වටී; වහන්සෙ”යි කීහු. “පොළො කුමක් වටී?” වදාළහැ. “අනර්ඝ යැ; වහන්සෙ,”යි කීහු. “රජහු කුමක් වටති?”[31] වදාළහැ. “උහු දු අනර්ඝයහැ; වහන්සෙ,”යි කීහු. “අල්පාර්ඝ වූ දිය සඳහා අනර්ඝ වූ රජුන් කුමට නසව? මහරජනි, කලහයෙහි අස්වස් ඇත්තෙ නොවෙ”යි පස් දාවක් හා එක් සුතක් දෙසා සමඟ කොළො.
රජහු පැහැද, “ඉඳින් බුදුහු මෙයට නොවැඩියාහු නම්,[32] ඇපි සිය අතින් ඔවුනොවුන් මරා ලෙ-ගඟක් පැවැත්වුම්හ[33] අප මළ පරිදි අප අඹුදරුවනට ගොස් කියනුවො නො ද ඇති වූවාහැ. බුදුන් නිසා දිවි ලද්මහ.[34] ඉදින් බුදුහු ගිහිගෙ වුසුහු නම්, දෙ දහසක් කොදිව් පිරිවර ලදු[35] සතර මහදිව්හි රජ වූවාහැ. දහසෙකින්[36] වැඩි පුත් වූවාහැ රජ පිරිස් පිරිවරා ඇවිද්දාහැ. එවැනි සක්විති ඉසුරු පියා නික්මැ ගොස් බුදු වූවාහැ. දැනුදු රජපිරිස් පිරිවරා ඇවිදිත්ව”යි දෙ නුවරැ වැස්සො දෙ සිය පනස් දෙසිය පනස් රජ කුමරුන් දුන්හු.
බුදුහු එ පන්සියක් රජ කුමරුන් පැවිජි කොටැ, මහාවන නම් හිමවත හා එක් වැ සිටි මහත් වනයෙක්හි වසනුවො ඇතැම් දවස්[37] කිඹුල්වත් නුවරැ[38] වළඳති. ඇතැම් දවස්,8 කොලිය නුවරැ වළඳති. දෙ නුවරැ වැස්සො මහත් සත්කාර කෙරෙත්. එකල්හි මහලු නෑයන් කෙරෙහි හරසරින් නොරිසින් පැවිජි වූ ශාක්‍ය භික්ෂූන් පන්සියනට සස්නෙහි උකටලී උපනැ. ඔවුන්ගෙ රැජනවරහු[39] ඔව්නට අනභිරති උපදනා නියායෙන්[40] හසුන් දුන්හු.
බුද්හු ආවර්ජනා කරන්නාහු, ඔවුන් සස්නෙහි අභිරති[41] නැති බැව් දැනැ, “මෙ මහණහු මා වැනි බුදුරජක්හු හා සමඟ වසන්නාහු, උකටලීහැ. මොව්නට කවර ධම්දෙසුන් සැප යැ හො!”යි බලන්නාහු, කුණාල ධම්දෙසුන් දුටහැ.[42] දැකැ, “මෙ මහණුන් හිමවතට ඇරැ කුණාල්දා දෙසා මාගමුන් ගෙ දොස් දක්වා අනභිරති හැරැ සොවාන් ඵලයෙහි පිහිට්වුව[43] මැනැවැ”යි සිතා පෙරවරු කිඹුල්වතැ වළඳා මහවන එළබැ පස්වරු සඟුන් කැඳවා, “මහණෙනි, රමණි හිමවි පියෙස් හා දුටුවිරුහ?”යි[44] වදාළහැ. “නොදුටුවිරුම්හ, වහන්සෙ”යි කීහු. හිමවූ සැරිසරන්නට එව් දැ?”යි වදාළහැ. “වහන්සෙ, අප සෘද්ධි නැති. කිසෙ යම්හ”යි කීහු. “ඉදින් තොප කිසි කෙනෙක් ගෙනැ යෙත් නම්, යව් දැ?”යි[45] වදාළහැ. “යම්හැ වහන්සෙ”යි කීහු. බුද්හු තමන්ගෙ අනුභාවයෙන් ඔවුන් ගෙනැ අහසට නැඟී හිමවතට එළඹැ අහසැ සිට රමණි හිමවි පියෙසැ රුවන් ගල් රුවන් කළු රුවන් ගිරිතලාද් සදත්දහතළාද්[46] පස්මහගඟුද්6 දියෙහි ගොඩෙහි[47] මලුද්6 දස කුලෙහි ඇතුනුද්6 අසුනුද්6 සිංහයනුද්6 වගනුද්6 මුවගණද්6 කිනිරිගණද්6 ලිහිණිගණද්6 දැක්වූහු.
හිමවත් පර්වතය ඉතා මහතැ. උස පන්සියක් යොජනැ. අයම් විතරහි තුන් දහස් තුන් දහස් යොජනැ. උස සිය සිය යොජුන්, සුවසූදහසක් රුවන් කුළින් දිලියෙනු වූයෙ යැ. තන්හි තන්හි රන්ගල් රිදීගල් රක්ගල් හිඟුල්ගල් අඳුන්ගල් සතුරුවන්ගල්[48] ඈ නොඑක් රුවන්ගල් ඇතියෙ[49] යැ. ඉඳුනිල් මිණි වෙරළුමිණි මරාමිණි පියුම්රාමිණි පිළිමිණි ඈ මිණි ගල් ඇතියෙ9යැ. තන්හි තන්හි රන්ගිරිතලා රිදීගිරිතලා රක්[50] හිඟුල් අඳුන් ගිරිතලා මිණිගිරිතලා සතුරුවන් ගිරිතලා ඇතියෙ9 යැ. අයම්විතරහි දු ගැඹුරෙහි දු පනස් පනස් යොජුන්, වට යෙළසිය යොජුන්, මිණිවන් පහන් දිය පිරුණු පස් පියුමෙන් සුසන් සත් දහතළා ඇතියෙ යැ. සපු පුවඟු නා පනා සල් සළල අගරු දෙව්දුරු නඳුන් සඳුන් ඈ නන් විසිතුරු මල්පල්ලෙන් සැදුම් ලදු රුක්රදුන් ඇතියෙ යැ. හාත්පසින් බස්නා පන්සියක් ගඟින් විසිතුරු වූයෙ යැ. මෙතෙක් දෑ එදා කිසෙ දැක්වූහැ යත්:
මෙ මතු නොවෙයි. ඒ පර්වතයෙහි ඇති තාක් රමණි බුදුහු තමන්ගෙ ආනුභාවයෙන් එක වට දැක්වූහු. එ පියෙස් දුටු තැන පටන්-ගෙනැ එ සඟනට එ අඟනන් කෙරෙහි ඡන්දරාග ප්‍රහීණ වී. මෙසෙ බුදුහු තමන් පුරුෂදම්‍යසාරථී වන බැවින්, එ සඟුන්[51] ගෙනැ අහසින් කුණාල් දහතළට බැසැ, පැල දෙසෙහි සැට යොජුන් සිලාතලයෙහි පිහිටි සත් යොජුන් කල්පස්ථායී මහසල් රුක් මුලැ තුන් යොජුන් මිණි අතලෙයි[52] එ සඟුන් පිරිවරා සවනක් රස් විහිදුවමින්, යුගඳුරු මුදුනෙහි සරා හිරක් සෙයින් දිලියෙමින් හිඳැ, මියුරු ගැඹුරු හඬින්, සඟුන් කැඳවා, “මහණෙනි, මෙ හිමවියෙහි තොප නුදුට්විරීදෑ දක්ව”යි වදාළො.
එකෙණෙහි චිත්රකොකිලයො දෙදෙනෙක් දඬුයෙක්හි දෙ කෙළවර ඩැහැ-ගෙනැ මැදැ කෙවිලි රජු හිඳුවා ලා ගෙනැ යෙති. අට දෙනෙක් පෙරට යෙති. අට දෙනෙක් පසු වැ යෙති. අට දෙනෙක් දකුණත් පසැ යෙති. අට දෙනෙක් වමත් පසැ යෙති. අට දෙනෙක් යටැ යෙති. අට දෙනෙක් මතු වැ යෙති. අට දෙනෙක් මියුරු ඵල එළවමින් යෙති. මෙසෙ ඔවුන් චිත්රකොකිලයා හට පිරිවර වැ[53] අහසින් යනුවෙන් දැකැ එ සඟහු, “වහන්සෙ, මුහු කිනම් ලිහිණි කෙනෙකැ?” යි පුළු වුත්හු. “මහණෙනි, මෙ ද, මා කුණාල් දහතෙළෙහි[54] චිත්‍ර කොකිල වැ උපන් කලැ, කෙවිල්ලන් මට කළ පරිචර්යා යැ. අද දක්වා පවත්වමින් ආයෙ යැ. එකල්හි කෙවිල්ලො, බොහො හැ. තුන් දහස් පන්සියක් දෙන යැ. අනුක්රමයෙන් පිරිහී දැන් මෙතෙක් වූ” හයි වදාළො.
එකල්හි සඟහු “එ ලිහිණිගණයන් මෙ වනයෙහි පරිචර්යා කළ පරිදි කිසෙ යැ?” පුළුවුත්හු. “ඇසියටියාව; මහණෙනි” යි වදාළහැ. “එසෙ යැ වහන්සෙ”යි කීහු. “ඔස, අසව”යි තුන් සියක් ගාථායෙන්[55] ප්රතිමණ්ඩික වූ කුණාල් දා දෙසූහු. එහි විස්තර ජාතකයෙන් දන්නෙ යැ. දෙසුන් අවසන්හි පන්සියක් සඟහු සොවාන් ඵලයෙහි පිහිටියාහැ. මඟනුවණ හා සමඟ[56] ඔව්නට සෘද්ධි උපනැ. බුදුහු “දැන් මෙ මහණනට[57] මෙතෙක් පමණැ”යි අහසින් මහවනයට වැඩියහැ. එ සඟහු යන කලැ බුදුන් ගෙ අන්භාවයෙන් ගොස් එන කලැ තමන්ගෙ අනුභාවයෙන් බුදුන් පිරිවරා මහවනයෙහි.[58] බටහු.
බුදුහු පැන් වූ අස්නෙහි වැඩැහිඳ, එ සඟනට “මහණෙනි, හිඳුවයි” හිඳුවා-ගෙනැ ඔව්නට රාත් වන කර්මස්ථාන වදාළො. සඟහු, “වහන්සෙ අප ගෙ අදහස් දැනැ දහතළා පියෙස් ඇරැ, අනභිරති හැරැ[59] සොවාන් කොටැ, දැන් රාත් වන්නට කමටහන් වදාළහැ. අප නොපමා වුව මැනැවැ”යි බුදුන් පා වැඳැ හුනස්නෙන් නැඟී ගොස් වෙන වෙන එ එ ගල්බෙයදැ දු රුක්මුල්හි දු වැඩැහුන්හු බුදුහු, “මෙ මහණහු රාත් වැ තමන් තමන් පිළිවුදු ගුණ කියම්හයි මා කරා එති. එවුන් ආ කලැ, දස දහස් සක්වළැ දෙවියො රැස් වෙති.[60] මහත් සමාගම වෙයි. එ සමාගමයට නිසි පියෙසක්[61] වුව මැනැවැ”යි රමණි විසල්[62] පියෙසෙක්හි වනදෙවියන්[63] පැන් වූ අස්නෙහි වැඩැහුන්හු. හැමදෙන හට පෙරට වැ කමටහන් ගෙනැ ගිය තෙරහු පිළිසිඹියා පත් රාත් වූහැ. ඔවුන් එක්බිති අනෙක් තෙරහු රාත් වූහයි, පන්සියක් සඟහු මැ පියුම් විලෙකැ පිපි පියුම් වනයක් සෙයින් පුබුදුහු.[64] හැම දෙන හට පෙරටු වැ රාත් වූ තෙරහු, “තමන් පිළිවුඳු[65] ගුණ[66] බුදුනට කියම්හ”යි පලග විදහා හුනස්නෙන් නැඟී බුදුනට අභිමුඛ වූහ. එ සෙයින් මැ අනෙක් තෙරහු දු අනෙක් තෙරහු දැයි පන්සියො හිමවත[67] බැසැ බොජුන් හල් වදනවුන් සෙයින්[68] පිළිවෙළින් වැඩියො.
පළමු ආ තෙරහු බුදුන් වැඳැ නිසඳුන් සිවුර අතොට[69]ලා එකත් පස් වැ හිදැ තමන් පිළිවුඳු ගුණ කියටි වැ, “කිසි කෙනෙක් නැති හො?”යි.[70] පෙරැළි ආ මඟ බලන්නාහු, අනෙක් තෙරුන් දුටහැ. මෙසෙ හැම දෙන[71] මැ අවුදු එකත් පස් වැ හිඳැ. ඔවුන් ඔවුන් කෙරෙහි ලජ්ජා ඇති වැ නොකීහු. රාත්නට උපදනා සිත් දෙ ආකාරයෙකින් උපද්දි; ‘මා පිළිවුඳු[72] ගුණ වහා දෙව්මිනිස්හු ප්‍රතිවෙධ කෙරෙත්’වයි යනු එකෙකැ. පිළිවුඳු ගුණ නිධියක් ලදු පුරුෂයක්හු සෙ අන්නට නො කියටි වනු එකෙකැ. මෙසෙ අරීගණන් මුළු දුන් විගසැ, බුද්ධොත්පාදයෙහි ප්‍රතිමණ්ඩිත ලොකයා රමණි පරිදි දක්වනු සඳහා පැදුන් දෙසෙහි නැඟු රිදීමුවා මහත් කැටපත් මඬලක් බඳු, නොහොත් නිම්වළල්ලෙහි ගෙනැ පෙරළෙන ලද රිදි සකක් බඳු, පුන් සඳ මඬල නැඟී නුඹතලට පිළිපනැ.[73]
එ වෙනෙහි[74] වැඩැහුන් බුදුහු දු, මහාසම්මත රජු ගෙ වංශයෙහි උපන්නාහැ. එ පන්සියක් සඟහු දු, මහාසම්මතයා ගෙ වංශයෙහි උපන්නාහැ. බුදුහු දු, එ මැ වංශයෙහි රජකුමරියක[75] බඩැ හොත්හැ. ඔහු දු, රජකුමරියන් බඩැ හොත්තාහු බුදුහු දු, රජපැවිජියහැ. ඔහුත්, රජ පැවිජියො. බුදුහු දු, සෙ-සත් පියා අතට පත් සක්විති රජය පියා පැවිජි වූහු. ඔහුත්, සෙ-සත් පියා අතැ තුබු රජය පියා පැවිජි වූවාහු මෙසෙ බුදුහු පිරිසුදු පියෙස්හි පිරිසිදු රාත්‍රි භාගයෙහි තුමුහු පිරිසුදු වූවාහු, පිරිසිදු සඟුන් පිරිවරා, තරු පිරිවර ලදු සරා සඳක් සෙයින්, වොරජමින් වැඩැ හුන්හු.
එකෙණෙහි එ වනයෙහි දෙවියො චලිත වැ, “භවත්නි, භවත්නි, පිරිසිදු බුදුන් සඟුන් දක්නට යම්හ”යි මහානාද කෙරෙමින් ගොස් බුදුනුදු එ විගසැ රාත් වූ සඟුනුදු වැඳැ, එකත් පස් වැ සිටියො. මෙ නියායෙන් ඔවුනොවුන් ගෙ මහානාද අසා, හඬසන් දෙසන්[76] ගවු දෙ ගවු යොජුන් දෙ යොජුන් විසින් තුන් දහසක් යොජුන් හිමවියෙහි දු තෙසැට දහසක් නුවරැ දු නවානුලක්ෂයක් ද්රොණමුඛයෙහි දු සානු ලක්ෂයක්[77] කෙළ පටුනෙහි දු සපනස්[78] රුවන් ආකරයෙහි දු සියලු දඹදිව්තෙලෙහි දු පූර්ව විදෙහයෙහි දු අපරගොයන[79]යෙහි දු උතුරුකුරුදිවැ දු දෙ දහසක් කොදවිහි දු සියලු සක්වළැ දෙවන සක්වළැ යැයි[80] මෙසෙ දස දහසක් සක්වළැ අරූතල අසඤ්ඤතල වැසියන් මිසැ, දෙව් බඹහු අවුදු රැස් වූහු. මෙසෙ රැස් වූ කල්හි දෙවියන් විසින් සියලු සක්වළගබ බඹලො දක්වා නිරන්තරයෙන් පරිපූර්ණ වී.
කිළිගෙකක් පමණ පහණක් හැමයෙන් පාතැ බඹලොවැ සිටැ වුහුට, එක් රෑ එක් දවහලෙකින් අට සාලිස් දහසක් යොජුන් තන් ගෙවමින් සාර මසින් පොළොවට බස්සි. මෙසෙ මහත් අවකාශයෙහි දෙවියො පොළොතෙලෙහි පටන්-ගෙනැ බඹලො දක්වා අතුරු නැති වැ සක්වළ ගල් දක්වා පිරී සිටියො. යම්සෙ සක්විති රජහු හුන් තන් හක නොවෙයි; ආ ආ මහෙශාඛ්යරජහු[81] හිඳුනට අවකාශ ලැබෙති; සෙසු තැන් හක වෙයි; එසෙයින් මැ බුදුන් වැඩැ හුන් තන් හක නොවෙයි. ආ ආ මහෙශාඛ්‍ය දෙවියො ද බඹහු ද සිටුනට අවකාශ ලදහැ. බුදුන් වැළැතැ පටන් ගෙනැ කෙසගක් පමණ තන්හි දෙවියො දස දෙනෙක් විසි දෙනෙක් තිස් දෙනෙක් සියුම් අත්බව් මවා-ගෙනැ සිටියහැ. හැමයෙන් පිටතැ සැට සැට දෙන බැවින්[82] සිටියො. එකල්හි සුද්ධවාසයෙහි බඹහු සතර දෙනෙක්, සමවත් සමවැදැ, පිරිසුන් වෙලෙහි නැඟී, බඹලොව බලන්නාහු, පස්බතැ බොජුන්හල් ගෙකක් සෙයින් සිස් වැ තුබු බඹ විමන් දැකැ, “බඹහු කොයට[83] ගියහැ හො!යි අවජනාහු. ඔවුන් මහාසමාගමයට ගියබව් දැනැ, “මෙ සමාගමය ඉතා මහතැ. ඇපි පසු වුම්හ. පසු වූවන් සිටුනා අවකාශයෙක් ලැබෙන්නෙ නොවෙයි. එ බැවින් ඇපි බුදුන් සඟුන් ගෙ ගුණ වනා එකෙකි ගාථා[84] බැඳැ-ගෙනැ යම්හ. එ සමාගමයට අප ගිය බව් දන්වම්හ”යි එකෙක පැදුන් සක්වළ මුව විටියෙහි බට. එකෙක් දකුණු සක්වළ මුවවිටියෙහි බට. එකෙක් පැළ සක්වළ මුවවිටියෙහි බට. එකෙක් උතුරු සක්වළ මුවවිටියෙහි බට.
පැදුන්[85] සක්වළ මුවවිටියෙහි බට බඹ, නිලකිසුණුසමවත් සමවැද නිල් රස් විහිදැ, දස දහසක්[86] සක්වළැ දෙව්බඹුන් ඉඳු නිල්මිණි කවජ පොරොවන්නක්හු[87] සෙයින් තමා ආ පරිදි දන්වා, බුද්ධවීථියැ කිසි කෙනෙකුන් සිටුනට නොපොහොසත් බැවින්, පාළ මහත් බුද්ධ[88] වීථීන් අවුදු බුදුන් වැඳැ එකත් පස් වැ සිටැ “මහාසමයො පවනස්මිං” යනාදි ගාථායෙන් බුදුන් සඟුන්[89] ගුණ වනා පැදුන් සක්වළ මුවවිටියෙහි මැ ගොස් සිටියෙ යැ.
දකුණු සක්වළ මුවවිටියෙහි බට බඹ, පීතකිසුණු සමවත්[90] සමවැදැ රන්වන් රස්[91] විහිදැ, දස දහසක් සක්වළැ දෙව්බඹුන් රන්පට පොරොවන්නක්හු සෙයින්, තමා ආ බව් දන්වා බුද්ධවීථීන් අවුදු, බුදුන් වැඳැ එකත් පස්වැ සිටැ, “තත්ර භික්ඛවො සමාදහංසු” යනාදි ගාථායෙන් බුදුන් සඟුන්6 ගුණ වනා දකුණු සක්වළ මුවවිටියෙහි මැ ගොස් සිටියෙ යැ.[92]
පැළ සක්වල මුවවිටියෙහි බට බඹ, ලොහිත කිසුණු සමවත් සමවැද රත් රස් විහිදැ දස දහසක් සක්වළ දෙව්බඹුන් උතුම් රත්පලස්පට[93] පොරොවන්නක්හු සෙයින්, තමා ආ බව් දන්වා බුද්ධ වීථීන් අවුදු, බුදුන් වැඳැ එකත් පස් වැ සිටැ “ඡෙත්වා ඛීලං” යනාදි ගාථායෙන් බුදුන් සඟන් ගුණ වනා පැළ සක්වළ මුවවිටියෙහි මැ ගොස් සිටියෙ යැ.
උතුරු සක්වළ මුවවිටියෙහි බට[94] බඹ, ඔදාතකිසුණු සමවත් සමවැද සුදු රස් විහිදැ, දස දහසක් සක්වළ දෙව් බඹුන් සමන් මල්පට පොරොවන්නක්හු සෙයින් තමා ආ බව් දන්වා බුද්ධිවීථින් අවුදු බුදුන් වැඳැ එකත් පස් වැ සිටැ “යෙ කෙචි බුද්ධං සරණං ගතා සෙ” යනාදි ගාථායෙන් බුදුන් සඟුන්[95] ගුණ වනා, උතුරු සක්වළ මුවවිටියෙහි මැ ගොස් සිටියෙ යැ.
බුදුහු බලන්නාහු, පොළොතෙලෙහි පටන් – ගෙනැ සක්වළ මුවවිටි පර්යන්ත[96] කොටැ අකනිටා බඹලො[97] දක්වා සිටි දෙවතාසන්නිපාත දැකැ, “මෙ දෙවතාසමාගමය ඉතා මහතැ. මහණහු, “මෙසෙ මහත් දෙවතාසමාගමයෙකැ” යනු නො දන්ති. ඔව්නට කිව මැනැවැ”යි, “මහණෙනි, දස දහසක් සක්වළ දෙව්බඹහු බුදුන් සඟුන් දක්නට ආවාහැ. අතීතයෙහි වූ තාක් බුදුනට මෙ මැ පමණ[98] දෙවතාසන්නිපාත වී යැ; අනාගතයෙහි වන තාක්[99] බුදුනට මෙ මැ දෙවතාසන්නිපාත වෙයි; යම්සෙ මට දෙවතාසන්නිපාත වී දැ!”යි වදාළහැ. දැන් අනෙක් බුදු කෙනෙකුන් නැත්තෙන් තුන් වන වරැ නො වදාළො.[100]
එකල්හි බුදුහු “මහණෙනි, තොපට දෙවියන්ගෙ නම් ගොත් කියමි”යි වදාළහ. එ සඳැ දෙවිායො “මෙසෙ මහත් සමාගමයෙහි බුදුහු මහෙශාඛ්‍ය වූ දෙවියන් ගෙ නම් ගොත් කියත් මිසැ,[101] අල්පෙශාඛ්ය වූ දෙවියන්ගෙ නම් ගොත් කුම් කියත් දැ!”යි සිතුහු. බුදුහු ඔවුන්ගෙ අදහස් දැනැ, “දස දහසක් සක්වළින් ආවා වූ අල්පෙශාඛ්ය මහෙශාඛ්‍ය හැම දෙවියන්ගෙ නම් ගොත් කියමී” සිතුහු. සිතා බුදුහු හැම[102] තන්හි නො පැකිලැ පවත්නා අනාවරණ නුවණ ඇති වන බැවින්, දෙවියන් හැමදෙනා භව්‍ය අභව්‍ය විසින් දෙ කොටසක් කොටැ අභව්‍යයන් හැරැ භව්යයන් ගෙනැ, ඔවුන්ගෙ චර්යානුකූල ධර්ම දෙසුන් ව්‍යවස්ථා[103] කොටැ, “මොහු ආත්මාධ්යාශය විසින් දෙසු කලැ දන්ති හො!
පරාධ්යාශය විසින් දෙසූ කලැ දන්ති හො!” යි බලනුවො, පරාධ්යාශය විසින් දෙසු කලැ දන්නා බව් දැකැ, “මෙහි දෙවියන් ගෙ අදහස් දැනැ චර්යානුකූල කොටැ පැනැ පුළුව්ස්නට නිසියෙක් ඇති හො!” යි බලනුවො, පන්සියක් සඟුන් කෙරෙහි එක් කෙනකුදු එයට නොනිසි බව් දැනැ සඟුන් කෙරෙහි එක් කෙනකුදු එයට නොනිසි බව් දැනැ අසූ මහසව්වන් දෙ අගසව්වන් බලා උනුත් නොනිසිසෙ දැකැ, “ඉදින් පසෙබුදු කෙනෙක් ඇත් නම්, ඔහු නිස්සහ හො!”යි බලන්නාහු, උනුත් එයට නොනිසිසෙ දැකැ, “ශක්රසුයාමාදි දෙවියන් කෙරෙහි යමෙක් නිසි වී නම්, උහු ලවා පැන විසජවමී”[104] බලනුවො, ඔව්නුදු කෙරෙහි කිසිවක්හු නොහැකිසෙ දැකැ, “මාසෙ මැ බුදු කෙනෙක් වූ කල නිස්සහැ. කිසි තැනෙක්හි බුදු කෙනෙක් ඇති හො!”යි අනන්තාපරිමාණ ලොකධාතුව අනන්ත නුවණ පතුරුවා බලන්නාහු, යම් තැනෙකැ අනෙක් බුදු කෙනෙකුන් නුදුටුහු නො දැකැ, ඉදින් “මම් මැ පිළිවිසැ[105] මම් මැ විසජන්නෙම්[106] වීම් නම්, එසෙ ද කලැ මෙ දෙවියො අධිගම කරන්නට නොනිස්සැහැ අනෙක් බුදු කෙනකුන් පුළුවුස්නා කලැ, මා විසජන කලැ ප්‍රතිවෙධ කරන්නට නිසි වෙති. එබැවින් නිර්මිත බුදු කෙනෙකුන් මැවුව මැනැවැ”යි අභිඥාපාදකධ්යාන සමවැදැ එයින් නැඟී, පාසිවුරු ගැන්මුදු ආලොකන විලොකන දු පර්වයන් ගෙ[107] සංකොචන[108] ප්‍රසාරණ දු මා වැනි වෙව”යි කමවැජැරි සිතින්[109] පිරියම් කොටැ, පැදුන් යුගඳුරු මුදුනෙන් නැඟෙන සඳමඬල[110] බිඳැ නික්මෙන වන් කොටැ රූපාවචර සිතින් ඉටුහු.
දෙවියො එ දැකැ, “අනෙක් සඳෙක් නැඟෙ”යි කීහු. සඳ පියා එත් එත්, “සඳ නොවෙයි; එක් හිරෙක් නැඟෙයි” යි කීහු. වැළි දු ආසන්න වැ එත් එත්, හිරෙක් නොවෙයි; එක් දිව්‍ය විමානයෙකැ”යි කීහු. වැළි දු ආසන්න වැ එත් එත්, ‘දිව්‍ය විමානයෙක් නොවෙයි; එක් දිව්‍ය පුත්‍රයෙකැ”යි කීහු. වැළි දු ආසන්න වැ එත් එත්, “දිව්‍ය පුත්‍රයෙක් නොවෙයි. එක් මහබඹෙකැ”යි කීහු. වැළි දු ආසන්න වැ එත් එත්, “මහබඹෙක්[111] නොවෙයි. අනෙක් බුදු කෙනෙකැ”යි කීහු. එහි පුහුදුන්[112] දෙවියො, “එක් බුදු කෙනෙකුන්ගෙ මෙබඳු දෙවතාසන්නිපාත වන කලැ, දෙ බුදු කෙනකුන් ගෙ මැ දෙවතාසන්නිපාත කිසෙ මහත් වෙයි හො!” යි සිතුහු. ආර්යය දෙවියො වූ කල, “එක කාලයෙහි දෙ බුදු කෙනෙක් නම් නොවෙති. එකාන්තයෙන් බුදුන් තමන් හා සම අනෙක් බුදු කෙනකුන් මැවුසෙ යැ”යි[113] සිතුහු.
එකල්හි දෙව්පිරිස් දක්නා සෙ මැ නිර්මිත බුදුහු අවුදු, බුදුන් නොවැඳ මැ පෙරට සම සම කොටැ මැවු අස්නෙහි වැඩැහුන්හු. බුදුනුදු ගෙ[114] දෙතිස් මහපුරිස්ලකුණැ,[115] නිර්මිත බුදුනුගෙ දෙතිස් මහපුරිස්ලකුණැ. බුදුන් සිරිරින් සවනක් රස් නික්මෙයි. නිර්මිත බුදුනුදු[116] සිරිරින් සවනක් රස් නික්මෙයි. බුදුන් ගෙ ශරීරයෙන් රස් නික්මැ නිර්මිත බුදුන් ගෙ ශරීරයෙහි පහරි. නිර්මිත බුදුන් ගෙ ශරීරයෙන් රස් නික්මැ බුදුන් ගෙ ශරීරයෙහි පහරි. දෙ බුදුන් ගෙ ශරීරයෙන් නික්මුණු රස්හු අකනිටා බඹලො දක්වා නැඟි බව අග මැඬැ, සළා දී බැහැ, සක්වළ ගල් මුඳුනෙහි පැහැරැ, පොළො තෙලෙහි ගැසී, දස දිසා පහයමින් වඩිත්. සියලු සක්වළ ගබ රුවන්මුවා වක්ගොවනැස් ඔත් දාගෙකක්[117] සෙයින් දිලියෙ.
දස දහසක්[118] සක්වළැ දෙවියො එක් සක්වළැ[119] රැස් වූවාහු, දෙ බුදුන් ගෙ රශ්මිගර්භ අතුරෙහි වැදැ සිටියො. නිර්මිත බුදුහු වැඩැ හිඳුනාහු මැ, “පුච්ඡාමි මුනිං මහානුභාවං” යන ගාථායෙන් බුදුන් බොපලග්හි සව් කෙලෙස් පැහැ[120] පිරිසිදු වූ සෙයට ස්තොත්‍ර කෙරෙමින් වැඩැහුන්හු.
එ සඳ බුදුහු දෙවියනට සොම්නස් ජනවනු සඳහා, “මහණෙනි, දෙවියන් ගෙ නම් ගොත් කියමි. දිව ඇසින් දෙව්පිරිස් බලව”යි වදාළහැ. සඟහු දිව ඇසින් බලන්නාහු, දෙව්පිරිස් දුට්හු.[121] එකලැ බුදුහු, “මහණෙනි, මෙ කිඹුල්වත් මහවනයෙහි දස දහසක් සක්වළැ දෙවියො අවුදු බුදුන් සඟුන් වැඳ සතුටු සොම්නස් වැ දිලී[122] සිටියහ”යි වදාරා, එමැ නියායෙන් දස දහසක් සක්වළැ භුමදෙවියන් රුක් දෙවියන් දියෙහි තෙලෙහි ගලැ අහසැ දෙවියන් ගෙ නම් ගොත් වදාළො. එක්බිති “මහණෙනි, දස දහසක් සක්වළැ දියරට්[123] නම් දස දහසක් වරම් රජහු ඇති. ඔහු හැමදෙන කෙළසුවහස් කෙළසුවහස්[124] ගඳැවි[125] දෙවියන් පිරිවරා අවුදු පැදුන් දෙසෙහි මෙ වනයෙහි පටන්-ගෙනැ සක්වළ ගබ පිරි සිටියහැ. දස දහසක් සක්වළැ විරූළ්හ නම්, විරූපක්ඛ නම්, කුවෙර නම් දස දහස් දස දහස් වරම් මහරජහු ඇති. ඔහු හැම දෙන කෙළසුවහස් කෙළසුවහස් කුම්භාණ්ඩයන් නාගයන් යක්ෂයන් පිරිවරා අවුදු දකුණු දෙසෙහි පැළ දෙසෙහි උතුරු දෙසෙහි මෙ වනයෙහි පටන්-ගෙනැ සක්වළ ගබ පිරී සිටියාහැ. ඔහු හැම දෙන ගල් මුඳුනෙහි දිලියෙන ගිනිකඳ සෙයින් දිලියෙති.
“වත්තාරො තෙ මහාරාජා
සමන්තා චතුරො දිසා,
දද්දල්ලමානා අට්ඨංසු
වනෙ කාපිලවත්ථවෙ”යි
“මහණෙනි, දස දහසක් සක්වළැ නාගයන් හා සුපර්ණයො අසුරයන් හා දෙවියො, නෑයන් හා මිත්‍රයන් සෙයින්, සිනිඳු සිතින් මියුරු බස් බැණැ අත අල්ලා[126] – ගෙනැ සිපැ – ගෙනැ දසරියෙහි අත් නඟා-තබා සතුටු සොම්නස් වැ බුදුන් සරණ ගියහැ. දස දහසක් සක්වළැ දස දහසක් දෙව්රජහු[127] ද, දස දහසක් සුයාම දෙවරාජයො ද, දස දහසක් සන්තුෂිත[128] දෙවරාජයො ද දස දහසක් සුනිර්මිත[129] දෙවරාජයො ද, දස දහසක් පරනිර්මිත[130] දෙවරාජයො ද, වෙන වෙන අනන්තා පරිමාණ දෙවියන් පිරිවරා අවුදු, මෙ වනයෙිහ පටන්-ගෙනැ සක්වළ ගබ පිරි සිටියහැ. එක් ඇඟිල්ලක් නඟා දහසක් සක්වළ, දස ඇඟිල්ලක් නඟා දස දහසක් සක්වළ, පහන් කරන්නට නිසි සනත්කුමාරාදි දහස්[131] බඹහුද්, හාරිතාදි සුවහස්[132] බඹහුද්, අනන්තාපරිමාණ බඹුන් පිරිවරා අවුදු, මෙ වනයෙහි පටන්-ගෙනැ සක්වළගබ පිරී සිටියාහැ. දස දහසක් සක්වළැ දුතියජ්ඣන[133] තලවැසි, තතියජ්ඣන[134] තල වැසි, සියුතජ්ඣන්[135] තල වැසි, සුද්ධාවාස වැසි මහබඹහු අනන්තාපරිමාණ බඹුන් පිරිවරා අවුදු මෙ වනයෙහි පටන් ගෙනැ සක්වළ ගබ පිරී සිටියාහැ.
“මහණෙනි, මර දෙව්පිත් අතිමහත් දෙවතාසන්නිපාත දැකැ, ඔව්නට අභිසමයාන්තරාය කටටි වැ, අත්ලෙන් පොළො තෙලෙහි පැහැරැ, මාර ගර්ජනා කොටැ, මර සෙනඟ හා සමඟ අවුදු, අනෙකප්‍රකාර විභීෂිකා දක්වයි. දෙවියො මාගෙ අනුභාවයෙන් උහු ගෙ රූප නොදක්ති. හඬ නො ද අසති”යි වදාළො. බුදුහු, යම් තැනෙකැ අභිසමය නොවෙ නම්, මාර විභීෂිකා නො වළකති. යම් තැනෙකැ අභිසමය වෙ නම්. යම්සෙ පර්ෂද් ඔහුගෙ රූප නො දකිත් ද, ශබ්ද නො අසද් ද, එසෙ ඉටත්. මෙ සමාගමයෙහි වූ කල මහාභිසමය වෙයි. එයින් “දෙවියො මරහු ගෙ රූප නො දකිත්වයි; හඬ නො අසත්ව”යි ඉටුහු. සඟහු ඵලසමවත් සමවන්හු. එකල්හි මර දෙව්පිත් යම් කෙනෙක්නට දු භය නැතිසෙ දැකැ, සඟුන් අරභයා බුදුනට මෙ ගය කී:
“සබ්බෙ විජිතසඞ්ගාමා
භයාතීතා යසස්සිනො,
මොදන්ති සහ භූතෙහි
සාවකා තෙ ජනෙසුත”යි
බුදුන් මෙ මහසමාම්සුත[136] දෙසූ කලැ කෙළ ලක්ෂයක් දෙවියො බඹහු රාත් වූහු. අසඞ්ඛ්‍යයක් දෙවියො බඹහු සොවාන් සෙදැගැමි අනැගැමි වූහු. මෙ සුත දෙවියනට
ප්‍රිය යැ. එබැවින් මඟුලෙහි කිය යුතු. දෙවියො, “මෙ සුත අසම්හ”යි කන් රුකොටැ-ගෙනැ* ඇවිදිත්. මෙ සුත දෙවියනට ප්‍රිය පරිදි කිසෙ යැ යත්:
කෙළපවු වෙහෙරැ නාලෙනදොරැ නා රුකැ එක් දෙව් දුවක් වෙසෙයි. එක් ළදරු පැවිජි කෙනෙක් ඇතුළු ලෙනැ හිඳැ මෙ සුත පිරිවහති. දෙව්දු අසා, සමහරයෙහි[137] මහත් කොටැ සාධුකාර දුන. පැවිජ්ජො, “තො[138] කවරහු[139]?” යි කීහු. “වහන්සෙ, මම් දෙව්දුවක්මු[140]”යි කිවැ.[141] “කුමට සාධුකාර දුන්හු?” යි කීහැ. “වහන්සෙ, බුදුන් මහවනයෙහි වැඩැ හිඳැ මෙ සුත දෙසන දවස් ඇසිමි. දැන් අද ඇසිමි. බුදුන් වදාළ නියායෙන් එක් අකුරකු දු නො පිරිහෙළා ගත් දෑ යැයි” කිවැ. “තො මෙ සුත බුදුන් දෙසන්නා ඇසුහුදැ?”යි කීහ. “ඇසිමි; වහන්සෙ,”යි කිවැ. “එ කල්හි දෙවතාසන්නිපාත ඉතා මහතැ. තො කො තැනැ සිටැ ඇසුහු?”යි[142] කීහ. “වහන්සෙ, මම් මහවනයෙහි දෙව්දුවක්මු.[143] මහෙශාඛ්යදෙවියන් එත් එත්, දඹදිවැ සිටුනා[144] අවකාශ නො ලදිමි. මෙ ලක්දිවට අවුදු, දඹුල් තොටැ සිටැ අසන්නට වන්මි. එහි දු මහෙශාඛ්‍ය දෙවියන් එත් එත්, අනුක්රමයෙන් පසු පස්සෙන් බස්මින් අවුදු, රුහුණු දනවියෙහි[145] මහගම් පිටිපසැ ගොළුමුහුදැ[146] ගල පමණ දියට බැසැ, එහි සිටැ ඇසිමි”යි කිවැ. “තී සිටි තැන් දුරැ බුදුන් දුටුහු දැ?”යි කීහ. “කුමක් කියව? වහන්සෙ, බුදුහු කිඹුල්වත් මහ වනයෙහි වැඩැහිඳැ ධම් දෙසන්නාහු, නිරන්තරයෙන් මා මැ බලතී හඟනෙයිම්[147] විලි ඇති වැ රළ මුවහ වීමි”යි කිවැ. “එ දවස් කෙළ සුවහස් දෙවියො රාත් වූහු. තො ද රාත් වූහු දැ?”යි කීහ. “නැති; වහන්සෙ”යි කිවැ. “අනැගැමි වූහු දැ?”යි කීහ. “නැති; වහන්සෙ” යි කිවැ. “සෙදැගැමි වුහු දැ?යි” කීහ. “නැති; වහන්සෙ”යි කිවැ. “තුන් මඟ තුන් පල පත් දෙවියො ගණනපතාතික්රාන්තයහ. ‘තො සොවන්හු,[148] යි සිතුයෙමි”යි කීහ.
දෙව් දු එ දවස් තමා සොවන් නු වු සෙයට ලජ්ජා ඇති වැ, “වහන්සෙ, නුපුළුවුත[149] මනා දැයක් පුළුවුස්නා දෑ යැ” කිවැ. එකලැ පැවිජ්ජො, “තී දැක්කැටියම්හ” යි කීහ. “වහන්සෙ, සියල් සිරිරු[150] නො දැක්විය හැක්කැ.[151] ඇඟිලි පර්වයක්[152] වහන්සේට දක්වමි”යි කෙසි විදින් ඇඟිල්ල[153] ඇතුළු ලෙනට කළා. සඳ දහස් හිරි දහස් නැඟි කලක් වැනි වි යැ. දෙව් දු, “නොපමා වන්නෙ යැ, වහන්සෙ”යි ළඳරු පැවිජ්ජන් වැඳැ ගියා මෙසෙ මෙ සුත දෙවියනට ප්‍රිය යැ. මන වඩයි. දෙවියො, “අප ගෙ සුත යැ” යෙත්.
මෙසෙයින් බුදුහු තමන් පුරුෂදම්‍යසාරථී වන බැවින් පන්සියක් ශාක්‍ය භික්ෂුනුදු ආදි ශබ්දයෙන් ගත් අනෙසිය දහස් උත්කණ්ඨිත භික්ෂුනුදු දමා අමා මහනිවනින් පැමිණිවූහු.
භික්ෂුදමන නම් තෙලෙස් වන පරිච්ඡේදය නිමි.
නන්දෝපනන්ද නම් නාගරාජයා දැමු පරිදි කිසෙ යැ යත්:
බුදුන් දෙව්රම්හි[1] වැඩැවසන[2] කල්හි, අනෙවඩු මහාසිටාණො බුදුන් කෙරෙ බණ අසා, “වහන්සෙ, සෙට පන්සියක් සඟුන් ගෙනැ මාගෙ ගෙට වඩුත් මැනැවැ”යි නිමන්ත්‍රණ කොටැ ගියහ. බුදුහු අධිවාසනා කොටැ, එ දවසැ සිටි වෙලාව දු රැයි දු[3] ගිය කල්හි, අනුයම්හි දස දහසක් සක්වළ බැලුහු. එකල්හි නන්දොපනන්ද නම් නාගරාජ බුදුන් ගෙ නුවණැස්හි පැනිණ. බුදුහු, “මෙ නාගරාජ අප ගෙ නුවණැසැ[4] පැනෙයි. මුහුට උපනිඃශ්‍රය ඇති හො!”යි ආවර්ජනා කරන්නාහු, “මෙ මිසදිට්හ[5] යෙන් තොර කරන්නට නිස්සෙක් කවරැ හො!” යි[6] අවජනාහු, මහමුගලන් මහතෙරුන් දුට්හැ.[7] එක්බිති පහන් වූ කල්හි සිරිරුකිස කොටැ අනඳ මහතෙරුන් කැඳවූහු. “අනඳ, පන්සියයක් මහණනට කියා ‘බුදුහු දෙවචාරිකාවට යෙතී’ කියා” යැ.[8]
එ දවස් නන්දෝපනන්දයා ගෙ අවන් බිම්[9] සැදුහැ. හෙ දිව රුවන්මුවා පලග මත්තෙ දිව සෙ-සත් යටැ තුන් වැදෑරුම් නළු පිරිස් හා නාපිරිස් පිරිවරා දිව බොජනෙන්[10] එළවු අන්නපානවිධි බලමින් හුන්නෙ යි. එකල්හි බුදුහු, යම්සෙ නාගරාජ දකී ද, එසෙ මැ පැනෙනුවො උහු ගෙ විමන් මුඳුනෙන්[11] මැ පන්සියක් සඟුන් හා සමඟ තව්තිසා දෙව්ලො බලා වඩති.[12] එකල්හි නන්දෝපනන්ද නම් නාග රාජයා හට මෙබඳු පවිට් දට්හයෙක්[13] උපනි: “මෙ මුඬු මහණ සියො[14] අපගෙ විමන් මුඳුනෙහි[15] ගෙනැ තව්තිසැ[16] වැසි දෙවියන් ගෙ භවනයට වදිත් මැයැ. නික්මෙත් මැ යැ. දැන් මෙතන පටන්-ගෙනැ ඔවුන් අප මුදුනෙහි ගෙනැ පියපස් ඕමින්[17] නොයා දුන මැනැවැ”යි හුනස්නෙන් නැඟී මෙරගල් පාතට ගොස්, එ වෙස් හැරැ සිය වෙස් ගෙනැ මෙරගල් සත් දරණපටෙකින් වසා, මෙර මුදුනෙහි මහත් පැණයක් කොටැ, තව්තිසා දෙව්නුවර කිබිසිනි කළ පැණයෙන් සොයා අදසුන් බවට පැමිණිවි.
එකල්හි රටපල් මහතෙරහු, “වහන්සෙ, මම් පෙරැ මෙ පියෙස්මි සිටියෙයිම්[18] මෙරගල් දක්මි.[19] සත් කුලප වූ දක්මි.3 තව්තිසා දෙව්නුවර දක්මි.3 විජයත් මහ පහා දක්මි3. පහා මුදුනෙහි ලළන දද දහස් දක්මි.[20] වහන්සෙ, කවර හෙතුවින් හො දැන් මෙරගල් නො දක්මි? විජයත් මහ පහා නොදක්මි? පහා මුදුනෙහි දද නොද දක්මි?” යි බුදුනට කීහැ. එ සඳ බුදුහු, “රටපාල, මෙ නන්දෝපනන්ද නම් නාගරාජ තොපට දැහැවී යැ. මෙරගල් සත් දරණින් පිරිඛෙව් කොටැ මුදුනෙහි පැණයෙන් පිළිසොයා අඳුරු කොටැ සිටියෙ යැ”යි වදාළහැ. රටපල් මහතෙරහු, “මම් ඔහු දමමි; වහන්සෙ,”යි කී හැ. බුදුහු නො අනුදත්හ. එසෙයින් මැ භද්දිය මහතෙරහු රාල් මහතෙරහු දැ යි අනුක්රමයෙන් හැම සඟහු අවුද් බුදුනට සැළ කළහ. බුදුහු නො අනුදත්හ. අවසන්හි මහමුගලන් මහතෙරහු අවුදු, “වහන්සෙ, මම් නාරජහු දමමි” කීහ. “දමා; මුගලනැ”යි බුදුහු අනුදත්හැ.
මහතෙරහු මහණ වෙස් හැරැ, මහත් නා රජ වෙසක් මවා-ගෙනැ, නන්දෝපනන්ද නම් නාගරාජයා ගෙ සත් දරණ පට පිටැ තුදුසු දරණ පටක් එවැ, මොහු ගෙ පැණය මුදුනෙහි තමන්ගෙ පැණය තබා, මෙරගල් හා සමඟ පෙළා-ලූහ.4 නා රජ දුමයි. මාතෙරහුද්, “තාගෙ සරීරයෙහි මතු දුම් ඇත්තෙ නොවෙයි. මයිදු ගෙ සරීරයෙහි දු දුම් ඇතැ”යි දුමති. නා රජහු ගෙ දුමින් මහතෙරනට බාධා නැති. මහ තෙරුන් දුමින් හා රජ හට බාධා වී යැ.
එක්බිති නා රජ දිලියිණ. මහතෙරහුද් දිලියෙන්නාහු, “තාගෙ ශරීරයෙහි මතු දල ඇත්තෙ නොවෙයි. මයිදු ගෙ සරීරයෙහිද් දල ඇතී” දිලියුණහ. නාගරාජයා ගෙ දලයෙන් මහතෙරනට බාධා නැති මහතෙරුන් ගෙ දල නාගරාජයා හට බාධා කෙරෙයි. නාගරාජ, “මෙ මහණ මා මෙරගල් හා සමඟ පෙළා-ලා දුමයි. දිලියෙ”යි සිතා, “භවත, තො කවරැ?”යි පිළිවිතැ. “නන්දය, මම් මුගලන්මි”යි කීහ. “වහන්සෙ, තොපගෙ මහණ වෙසින් සිටුව”යි කීයැ. මහතෙරහු නා රජ වෙස් හැරැ, මහණ වෙසින් ඔහු දකුණු කනින් නික්මෙති. එ සෙයින් මැ දකුණු නාසා බිලයෙන් වැදැ වම් නාසාබිලයෙන්[21] නික්මෙති. වම් නාසාබිලයෙන්1 වැදැ දකුනු නාසා බිලයෙන්1 නික්මෙති.
එක්බිති නා රජ මුව[22] විවර[23] කෙළෙ. මහතෙරහු මියෙන්[24] වැදැ ඇතුළු කුසැ හිස පටන්-ගෙනැ වල්පත් දක්වා,[25] වල්පත පටන්-ගෙනැ හිස දක්වා,5 සක්මන් කෙරෙති. බුදුහු, “මුගලන, සිහි එළවා. මහත් සෘද්ධි ඇත්තෙ යැ නා රජ”යි වදාළහැ. මහතෙරහු “වහන්සෙ, මා විසින් සතර සෘද්ධි පාදයො භවන ලද්දාහැ. නන්දෝපනන්ද සිටිව යි; මම නන්දෝපනන්දයා වැනි නාරජන් සියතු දු දහසකුදු දහසකුදු දස දමමී” කීහ. නා රජ සිතී: “මහණු කුසට වදනා කලැ නො දිටිමි. නික්මෙන කලැ දැන් දළ අතුරෙහි හොවා මිරිකා කමි”යි සිතා, ‘නික්මැ යව; වහන්සෙ, මා ඇතුළු කුසැ ඔබට මොබට සක්මන් කොටැ[26] මා නො පෙළව”යි කී යැ. මහතෙරහු නික්මැ පිටතැ සිටියාහැ. නාගරජ මහතෙරුන් දැකැ, “මෙහෙ සෙයැ නො?” යි[27] නාසාවාතයක් විහිට. මහතෙරහු සියුතජ්ඣන් සමවන්හ. ලොම්කුවකුදු ඔහු ගෙ විෂවාත සොල්වන්නට නොපොහොසත් වියැ. “සෙසු සඟහු ආදිය පටන්-ගෙනැ හැම පෙළහර කරන්නට පොහොසත් වූව ද, මෙතනට පැමිණැ. මෙසෙ වහා සමවදනට නොනිස්සහ”යි ඔවුනට බුදුහු නාගරාජයා දමන්නට නො අනුදත්හු.[28]
නාගරාජ, “මම් මෙ මහණහු නාසාවාතයෙන් ලොම්කුවකුදු[29] සොල්වන්නට නොපොහොසත් වීමි. මහණ මහත් සෘද්ධ ඇත්තෙ යැ” සිතී. මහතෙරහු මහණ වෙස් හැරැ ගුරුළුවෙසක් මවා-ගෙනැ, ගුරුළුවාත[30] දක්වා, නා රජහු ලුහුබැන්දාහු[31] නා රජ එ වෙස් පියා, මණෙවුවෙසක් මවා ගෙනැ, “වහන්සෙ, තොප සරණ යෙමි”යි කියනුයෙ, මහ තෙරුන් පා වැන්දැ. මහ තෙරහු “නන්දය බුදුහු වැඩියාහ: එ, බුදුන් කරා යම්හ”යි නා රජහු දමා නිර්විෂ කොටැ ගෙනැ, බුදුන් කරා ගියහැ.[32]
නා රජ බුදුන් වැඳැ “වහන්සෙ, තොප සරණ යෙමි”යි කී යැ. බුදුහු “සුව පත් වා,[33] නා රජ” යි වදාරා ධම් දෙසන්නාහු, “නන්දය, සතුරන් කෙරෙහි ක්‍රොධ නොකට යුත්තෙ යැ. ක්‍රොධ ඇති පුඟුල් වැදු[34] මවට දු, දා පියාට දු, මල්බෑයනට දු, නෑයනට දු, මිතුරනට දු, අප්‍රිය වෙයි. ඩහන්නට ආ සපක්හු සෙයින්, අටවියෙහි[35] නැඟී සොරක්හු සෙයින්, කන්නට ආ යකක්හු සෙයින්, ත්‍රාස උපයනු වෙයි. හැඳැ පැළැඳැ දු සිටියෙ, විවන වෙයි. පුන් සඳක් බඳු මහණෙක් වී නම්, දල පහළ පියුමක් සෙයින්. මල ගත් රන් කැටපතක් සෙයින්, විරූප වෙයි. ක්‍රොධයෙන් තුමූ තමන් ඇනැ මීයෙති. විෂ කා මීයෙති. දිව ඇදැ මියෙති.[36] ප්‍රපාතයෙහි හී මීයෙති. මෙලොවැ අනුන් විසින් ගරහනු ලැබෙති. පරලොවැ නිරය ආදියැ උපැදැ කුරිරු දරුණු දුක් විඳිති. ඉදින් මිනිස් පියක් ලද්දාහු නම්, උපන් තැන පටන් ගෙනැ රොගී වෙති. චක්ඛුරොග සොතරොගාදි රොගයන් කෙරෙහි එක්[37] රොගයෙකින් නැංගො නම්, අනෙක් රොගයෙකැ හෙති. රොගයෙන් නො මිදී, සියලු දුක් පත් වෙති. එබැවින් හැම සතුන් කෙරෙහි මෙත්සිත් ඇති විය යුත්තෙ යැ. හිත සිත් මෙළෙක් සිත් ඇති විය යුත්තෙ යැ”යි අවවාද කොටැ සරණසිලැ පිහිට්ටා, සඟුන් පිරිවරා අනෙවඩු මහසිටාණන් ගෙට වැඩියො. අනෙවඩු මහසිටාණො, “කිම, වහන්සෙ, දව වැ වැඩි දෑ නො?” යි
කීහු. “මුගලන්හු හා නන්දෝපනන්දයා හා දෙ දෙනාගෙ සඞ්ග්රාමයෙන් වී යැ” යි වදාළහැ. “වහන්සෙ, ක හට ජය යැ? ක හට පරාජය යැ?” යි පුළුවුත්හැ. “මුගලන් හට ජය යැ. නන්දයා හට පරාජය යැ”යි වදාළහැ. එකල්හි අනෙවඩු මහාසිටාණො, “වහන්සෙ, අද පටන් ගෙනැ සතියක් දවස් මාගෙ බත් අධිවාසනා කරනු මැනැවැ”යි අයපැ “මහතෙරනට ජයමඟුල් කෙරෙමි” යි සතියක් දවස් බුදු පාමොක් පන්සියක් සඟනට මහත් සත්කාර කොළො.
‘නාග’ ශබ්දයෙන් ඇතුනුදු කියන බැවින් මෙයින් මැ නාලාගිරි ඇත්රජහු දු කියු වෙති. කිසෙ යැ යත්:*
බුදුන් රජගහා නිසා ගිජිකුළු[1] පවියෙහි වැඩැ වසන කල්හි, දෙව්දත් තෙරුන් විසින් බුදුන් මරනු[2] සඳහා මෙහෙයු දුනුවාවන්[3] කෙරෙහි පළමු මෙහෙයු දුනුවාවා අවුදු, “මම, වහන්සෙ, මරන්නට නො නිස්සෙමි. බුදුහු මහත් ඉදුහ ඇත්තාහැ, මහත් අනුභාව ඇත්තාහ” යි කී කල්හි, “තා මහණ ගොයුම්හු මරන්නට නොනිසි[4] බැවින් මම් මැ මරමී” කියා බුදුන් ගිජිකුළු1 පවියෙහි සක්මන් කරන කල්හි ගිජිකුළු1 පව්වට නැඟී, “මෙ ගල්කුළින් මහණ ගොයුම්හු දිවි ගළවමී” යන්ත්රවෙගයෙන් මහත් ගල්කුළක් වුහුටහ.[5] දෙ ගල්කුළු කෙනෙක් එක් වැ එ ගල්කුළු පිළිගත්හ. එයින් පපටිකායෙන් නැඟී බුදුන් පයැ හී[6] ලෙස සෙල්වී යැ. බලවත් වෙදනා වී යැ. ජීවකයො බුදුන් පස සැතින් පළා දොස්ලෙ හැරැ, බෙහෙත් එවැ. නීරොග කළහ. බුදුහු පෙරැ සෙයින් මා සඟපිරිස් පිරිවරා මහත් බුද්ධ ලීලායෙන් ඇවිදුති.
එකල්හි දෙව්දත් තෙරහු එ දැක සිතුහු: “මහණ ගොයුම්හු ගෙ රූපයෙහි[7] අග්පත්[8] සිරිරු දැකැ කිසි මිනිසෙක් උපක්‍රම කරන්නට නො නිස්සැ. රජුගෙ නලගිරි නම් ඇති චණ්ඩ යැ. පරුෂ යැ. බුදුරුවන්හි ධමුරුවන්හි සඟුරුව්හි ගුණ නොදන්නි. හෙ ඔහු මරයි”[9] ගොස් රජ හට කී යැ. රජ, “මැනැවැ”යි ගිවිසැ. ඇතැදුරා[10] ගෙන්වා-ගෙනැ “සබඳ, සෙට නලගිරිහි මත් කොටැ පෙරවරු මහණ ගොයුම්හු පිළිපන් වීථියැ[11] විහිද”යි කී යැ. දෙව්දත් තෙරහු දු, “සෙසු දවස් මෙ ඇත් කෙතෙක් රහබො දැ?යි ඔහු පිළිවිසැ, “අට කළක් රහ බො” යි කීයෙන්, “සෙට සොළොස් කළක්[12] රහ පොවා මහණ ගොයුම්හු පිළිපන් වීථියැ විහිද”යි කීහැ. හෙ, “ඉතා මැනැවැ”යි ගිවිස්සැ. රජ, “සෙට නලගිරිහි, මත් කොටැ නුවරැ විහිදුති.[13] නුවරැ වැස්සො රැයිම්මෙහි මැ හැම කිස කොටැ අතුරු වෙයට නො බසිත්ව” යි නුවරැ බෙර පියෙවි කැරැවී යැ.[14] දෙව්දත් තෙරහු දු රජගෙන් බැසැ ඇත්හලට ගොස් ඇත්ගොව්වන් කැඳවා-ගෙනැ, “ඇපි තොප වවන්නට[15] නිස්සම්හ. තොපට ඉදින් යසයෙන් කම් ඇත් නම්, සෙට පෙරවරු නලගිරිහි තිහිණි[16] රා සොළොස් කළක් පොවා, මහණ ගොයුම්හු එන වෙලෙහි තොත්ර තොමරයෙන් විදැ විදැ දහවා[17] ඇත්හල් බිඳුවා, මහණ ගොයුම්හු පිළිපන් වීථියට මෙහෙයා, ඔහු මරා-පියව”යි කීහැ. ඔහු “ඉතා මැනැවැ”යි ගිවිස්සහැ.
එ පවත් මුළු නුවරැ පැතිරැ ගියෙ. තුණුරුවන්හි පහන් උපාසකවරහු එ අසා බුදුන් කරා ගොස්, “වහන්සෙ, දෙව්දත් තෙරහු රජු හා එක් වැ සෙට තොප පිළිපන් වෙයට නලගිරිහි විහිදුති.[18] සෙට නුවර නොගොස් මිහි වැඩැ හිඳුනෙ යැ. ඇපි වෙහෙරැ මැ වඩාහිඳුවා බුදුපාමොක් සඟනට දන් දෙම්හ”යි කීහැ. බුදුහු “සෙට නුවර සිඟන්නට යම්හ”යි නො වදාරා මැ, “මම් සෙට නලගිරිහි දමා පෙළහර කොටැ තිථයන් මැඩ රජගහ නුවරැ නො සිඟා මැ බික්සඟන් පිරිවරා නුවරින් නික්මැ වෙළුවන මැ එමි” යන සිතින් ඉවසුහු. ඔහු බුදුන් ඉවසු බව් දැනැ වැඳැ නුවර ගියො.
බුදුහු පෙර යම්හි ධම් දෙසා, මැදිම් යම්හි[19] දෙවියන් පුළුවුත් පැන විසඳා අලුයම්හි පළමු වන භාගයෙහි සිංහශය්‍යා කොටැ දෙවන භාගයෙහි පල සමවතින් දවස් යවා, තුන් වන භාගයෙහි මහකුළුණු සමවත් සමවැදැ, විනෙ ජනන් බලා, නාලාගිරි දමනයෙහි[20] සුවාසූදහසක් දෙන හට[21] අභිසමය[22] වනසෙ දැකැ, පහන් වූ කලැ සිරිරු පිළිදැහැ, අනඳ මහතෙරුන් කැඳවා ගෙනැ, “අනඳ, අද රජගහා නුවර පිරිවරා සිටි අටළොස් වෙහෙරැ හැම මහණන්[23] හා සමඟ රජගහා නුවර වදනට[24] කියා”යි වදාළහැ. මහතෙරහු එසෙ කළහ. හැම සඟහු වෙළුවන වෙහෙරැ රැස් වූහු.
බුදුහු මහබික්සඟුන්[25] පිරිවරා රජගහා නුවර වන්හු. ඇත්ගොව්වො කී පරිද්දෙන් පිළිපන්හ. මහත් සමාගම වියැ. තුණුරුවන්හි පහන් සැදැහැ ඇති මිනිස්හු, “අද මහානාගයන් දෙදෙනාගෙ සඞ්ගාම වෙයි. නිරුපම වූ බුද්ධ ලීලාවෙන් නලගිරිහි දමන සෙ බලම්හ”යි පහා සඳමඬු ගෙසියන්[26] ආදිය නැඟී සිටියහැ සැදැහැ නැත්තාහු,[27] මිසදිට්හ ගත්තාහු, “නලගිරි[28] චණ්ඩ යැ, පරුෂ යැ, කිසි කෙනකුන් ගෙ ගුණ නොදන්නි. මෙ අද මහණ ගොයුම්හු ගෙ රන්වන් සිරිරු දු බිඳැ බිඳැ[29] මරා පියයි. අද අප සතුරා පිටි දක්මහ”යි පහා ආදිය නැඟී සිටියො. ඇතුදු බුදුන් එන්නන් දැකැ, මිනිසුන් උත්ත්‍රාස කරවමින්, ගෙ විදහමින්, ගැල්[30] සුන් කෙරෙමින්, සොඬ මඬිමින් බුදුන් කරා දිවී.[31] ඔහු දැකැ සඟහු බුදුනට “වහන්සෙ, මෙ නලගිරි චණ්ඩ යැ, පරුෂ යැ, මිනීමරු යැ. මෙ වෙයට[32] පිළිපන්නෙ යැ.
බුදුන් ආදීන් ගෙ ගුණ නොදන්නි. වහන්සෙ, නවත්නෙ මැනැව, නවත්නෙ මැනැවැ”යි[33] කීහු. “මහණෙනි, නො බව, මම් නලගිරි දමන්නට පොහොසත්මි” වදාළො. එකල්හි සැරැයුත් මහ තෙරහු “පියනට උපන් කිසියෙක් නම්, දෙට පුත්හු පමණ වෙයි. මම් මැ ඔහු දමමී” කීහැ. බුදුහු, “සැරැයුත, බුද්බල[34] තොරැ, සවුබල තොරැ, තො සිට”යි පිළිබැහුහු.[35] මෙ සෙයින් බොහො සෙ අසූ මහසව්වො අයජියහැ. බුදුහු හැම දෙන මැ පිළිබැහුහු.
එකල්හි අනඳ මහතෙරහු බුදුන් කෙරෙ බලවත් සෙනෙහයෙන්[36] අධිවාසනා නොකටැ හී, “මෙ ඇත් පළමු මා මරාව”යි බුදුන් සඳහා දිවි පියා බුදුන් පෙරට සිටියො. එ සඳ ‘බුද්හු, අනඳ පහ වැයා, මා පෙරට නොසිට”යි වදාළො. “වහන්සෙ, මෙ ඇත්[37] චණ්ඩ යැ, පරුෂ යැ, මිනීමරු යැ, යුගත් ගිනි වැන්නැ පළමු මා මරා පසු[38] තොප වහන්සෙ කරා යෙව”යි කීහු. බුදුන් තුන් යලක් කියතුදු, එසෙ මැ සිටිය හැ. පහ නොවූහු.[39] එකල්හි බුද්හු ඉදුහ බලයෙන් ඔවුන් පිළිබහා සඟුන් අතුරෙහි සිටුවූහ.[40] එ කෙණෙහි එක් මාගමක් නලගිරිහි දැකැ මරණභයභීත[41] වැ පලායන්නී උකුළින්[42] ත් දරුවකු ඇතු හා බුදුන් හා අතුරෙහි දමා-පියා පලා ගියා. ඇත් ඇය ලුහුබැඳැ-පියා නැවතී දරුවා කරා ගියෙ. දරු මහහඬින්[43] හඬයි. බුදුහු නලගිරිහි උදෙසා මෙත් පතුරුවා ඉතා මියුරු බඹගොස්[44] විහිදැ, [45]“භවත් නාලාගිරිය, තා සොළොස් කළක් රා පොවා මත් කරන්නාහු, අනෙකක්හු ගන්නට කළාහු නොවෙති. මා ගන්නට කළහැ.[46] අකාරණයෙ කකුල් කළකුරුවා නො ඇවිදැ[47] මොබ එ”යි වදාළහැ.
හෙ බුදුන් ගෙ බස් අසා, ඇස් විවර කොටැ බුදුන්ගෙ රූසිරි[48] බලා, පිළිලද සංවෙග ඇති වූයෙ, බුදුන් තෙදින් සිඳී ගිය සුරාමද ඇත්තෙ, අත බහා කන්පත් සලමින් ගොස්, බුදුන් පාවිට[49] බැසැ හොති.
එකල්හි බුදුහු “නලගිරිය, තො තිරිසන්වරණෙහි,[50] මම් බුදුවරණෙමි.[51] මෙ තන පටන්-ගෙනැ චණ්ඩපරුෂ නොවා,[52] මිනීමරු නොවා,5 මෙත්සිත් පිළිලබ”යි වදාරා දකුණු අත දික් කොටැ කුඹ පිරිමැදැ, “මා කුඤ්ජර නාගමාසදො” යනාදීන් ධම් දෙසුහැ.[53] ඔහුගෙ සියල් සිරිරු ප්‍රීතින් නිරන්තර වැ පිරිණ. ඉදින් හෙ තිරිසන් නොවී නම්, සොවන් වූයෙ යැ.
මිනිස්හු එ පෙළහර දැකැ සකොබ[54] මුහුදුහඬ සෙයින් ගුගුළහ. සෙණ හඬ සෙයින් අපොළාපීහ.[55] ඔහු සොම්නස් වැ නන් අබරණ ඉසපීහ. එ අබරණින් ඇතු සිරිරු පිළිසන් වි යැ. එතන පටන්-ගෙනැ නාලාගිරි “ධනපාල” නම් විය.
එ සමාගමයෙහි සුවසූ දහසක් දෙන අධිගම කළහ. බුදුහු ධනපාලයා පන්සිලැ පිහිට්වූහු. හෙ සොඬින් බුදුන් ඇතුන් ඇකුන් තැනැ පස් ගෙනැ, තමා මුදුනෙහි එවැ, පසුපස්සෙන් බස්මින් ගොස්, දසුන් විදහන තැනැ සිටැ බුදුන් වැඳැ, නැවතී ඇත්හල් වන. එතැන පටන්-ගෙනැ කිසිවක්හු නො වෙහෙසී.[56] මෙසෙ කොපොලත්හි පැහැරැ මදදැලි මුසු වැ බමන මත් බමරමඬුලු හඬ මැ බෙර ඇති, කො-ගිනින් දිලියෙන, යුගත් ගිනි මෙන්[57] යන ධනපලුවා[58] විසින් ඔවුන් අකුසුසියො මඟුල් ලකුණු පිරිවර ලදු, සක් ලකුණෙන් විසිතුරු, දෙ පත්ලෙහි බැසැ හෙවැ වඳනා ලද.
එයින් කීහ. පාදපඞ්කජස්තවෙයි –
“ගණ්ඩස්ථලීලුඨිතදානමසිනිෂෙක
භ්රාන්තොන්තදද් භ්රමණමණ්ඩල ඩිණ්ඩිමෙන,
ක්රොධාග්නිනාභිදයතා[59] ධනපාලකෙන
පාදද්වයෙ ප්රණතමාර්ය ධෘතාඞ්කුශෙ තෙ”යි
බුදුහු නිපන්[60] මනොරථ ඇති වැ, “යම් කෙනකුන් විසින් යම් ධනයෙක් ඉසැ-පියන[61] ලද ද, එ ධන ඔවුන් මැ කරා යෙව”යි ඉටා, “අද මා විසින් මහත් පෙළහරෙක් කරන ලද.[62] මෙ නුවරැසිඟනු[63] සොබනෙ නොවෙ”යි තිථයන් මැඩැ සඟපිරිස් පිරිවරා, දුටු රජක්හු[64] සෙයින්, නුවරින් නික්මැ වෙළුවන වෙහෙර මැ වැඩියො. නුවරැ වැස්සො අපමණ අන්නපාන ගෙනැ වෙහෙර ගොස් මහාදාන පැවැත්වූහු.
මෙ සෙයින් බුදුහු තමන් පුරුෂදම්‍යසාරථී වන බැවින් නන්දොපනන්ද නම් නාගරාජයා ද, ‘නාඟ ශබ්දයෙන් ඇතුනුදු කියන බැවින් ධනපාල[65] නම් මහානාගයා ද, ආදි ශබ්දයෙන් ගත් අපලාල නම් චුලොදර නම් මහොදර නම් අග්නිශිඛ නම් ධූමශික නම් ආරවාල නම් නාගරාජයනුද්[66] දමා සරණසිලැ පිහිට්වුහු.
නාගමන නම් තුදුස් වන පරිච්ඡේදය නිමි.
ආළවක නම් යක්ෂයා දැමු පරිදි කිසෙ යැ යත්:
අළවු නම් රට අළවු නම් නුවරැ අළවු නම් රජෙක් වි. හෙ නළු පිරිස් පිරිවරා විඳුනා නැටුම් ගඳෙවු[1] පියා, සොරුන් පිළි බහනු සඳහා දු, ව්‍යායාම කරනු සඳහා දු, සත් සත් දවසින් මුවදඩ යනුයෙ, එක් දවසක් බැලයෙහි[2] ඇත්තනට, “යමක්හු සිටි දසායෙන් මුවගොන්[3] පලා ගියෙ වී නම්, උහු මැ භාර යැ”යි කී යැ. එකල්හි රජු සිටි දසායෙන් මැ මුවගොන් පැලෑ යැ. ජව ඇති රජ සිටි දසායෙන් මැ මුවගොන් පැලෑ යැ. ජව ඇති රජ දුන්න ගෙනැ පයින් තුන් යොජනක් තැන් මුවා ලිහිබැඳැ-ගෙනැ ගියෙ. ඉළුමුවො වනාහි තුන් යොජනකට ජව ඇත්තාහැ. හෙ එ කල්හි හී-ගිය[4] ජව ඇති ඉළුමුවා දියට වැදැ සිටියහු මරා දෙ කඩ කොටැ සිඳැ, තම හට මසින් කම් නැත ද, ‘මුවා නොගත හිණ’ යන අපවාද[5] මුදනු සඳහා කදින් ගෙනැ එන්නෙ, නුවරට නුදුරු තන්හි ගනබහල පත් ඇති මහත් නුගයක් දැකැ, පරිදාහ නිවනු සඳහා එ රුක්මුලට ගියෙ.
ඒ නුගරුකැ අළවු යක් වෙසවුණු රජහු කෙරෙන් භවනය ලදින් හිරිමුදුනෙහි එ රුක්සෙයෙන් පහළ පියෙසට වන් වන් සතුන් කමින් වෙසෙයි. හෙ ඔහු දැකැ කන්නට ළඟ වියැ. රජ ඔව්හට, “මා නොකා, මම තට දවසැ දවසැ මිනිසකු දු බත්සැළකුදු[6] දී එවමි” කීයැ. යක්, “තො රජ ඉසුරුයෙන් පමා වැ[7] සඳහන්[8] නො කෙරෙයි.[9] මම් වනාහි භවනයට නොවන්නහුදු නොගිවිස්සනුදු කනු නො ලැබෙමි. එබැවින් මම තා නො යා දෙමි”යි කී යැ: රජ, “යම් දවසක් නොදී එවුම්[10] නම්, එ දවස් රජගෙට ගොස් මා කා”යි කී යැ. “ඉතා මැනැවැ”යි යක්ෂයා අවසර දුන් කල්හි නුවර බලා ගියෙ. රජබලය මඟැ කඳවුරට බැඳැ සිටැ, රජු දැකැ, “කිම, මහරජ,[11] අයශස් බා මෙසෙ දුක් වින්හි”[12] කියමින් පෙරමඟ ගොස් රජු පිරිවැරුහු.
රජ එ පවත් නොකියා[13] නුවර වැදැ බත් කා නුවර ලද්දා කැඳවා එ පවත් සැළ කෙළෙ. නුවරලදු[14] “කිම, මහරජ, කල් පිරිසුන්නෙ දැ?”යි කී යැ. රජ “පිරිකැපු දෑ නැති” කී යැ. “මහරජ, වැරද වුව.[15] යක්ෂයො පිරිකැපු පමණක් මැ ලැබෙති. නොපිරිකැපු කලැ රටවැස්සනට පීඩා යැ. මැනැවැ, මහරජ, කිසි සෙයෙකින් තෙපි මෙසෙ කළහු[16] නම්, එ තැනැ සිතිවිලි නැති ව.[17] රජසුව අනුභව කරව. මම එයට කළ මනා දෑ කෙරෙමී” බීණි යැ. හෙ වෙලා ඇති කලැ මැ[18] නැඟී, දඟගෙදොරැ සිටැ, යම් කෙනෙක් මට හුණුවාහු ද?[19] ඔවුන් සඳහා, “යමෙක් දිවි කැමැත්තෙ ද, හෙ නික්මෙව”යි බෙණෙයි. යමෙක් පළමු නික්මිණි ද, ඔහු ගෙට ඇරැ නහවා බත් කවා, “මෙ බත්සැළ[20]යක් හට දෙ”යි නහා යවයි. ඔහු රුක්මුල[21] වන් විගස මැ, යක් භයානක වෙසින් මුලඅඩකඩක්[22] සෙයින් කයි. යක්ෂානුභාවයෙන් මිනිසුන්ගෙ කෙහෙ පටන් – ගෙනැ සියල් සිරිරු වෙඬරුපිඬක් වැනි වෙයි.[23] යක් හට බත් ගෙන්වා-ගෙනැ ගිය මිනිස්හු උහු දැකැ බිය පත් වැ තමන් තමන් මිත්‍රයනට කීහු.
එතන පටන් ගෙනැ, “රජ සොරුන් ගෙනැ යක් මට දෙ”යි,[24] මිනිස්හු සොරකැමින් දුරු වූහ. එයින් උත්තරයෙහි අයළින්[25] වදනා සොරුන් නැති වන බැවින්, පරණ සොරුන් හීගිය[26] වන බැවින් දඟගෙ සිස් වි යැ. එකල්හි නුවරලදු රජහට කී යැ. රජ තමාගෙ ධන නුවරැ මහවෙයැ[27] තබා-පී යැ. ‘ලොභයෙන් කිසි කෙනෙක් ගන්නාහු, නම් මැනෑ මැ යැ’[28] කියා යැ. එහි පයිනුදු පහරනාහු නැති. හෙ සොරුන් නො ලබන්නෙ, ඇමැත්තනට කී යැ. ඇමැත්තො “කුලපිළිවෙලින් එකෙකි මහලු මිනිසකු[29] ගෙනැ නඟා යවම්හ”යි කීහැ. රජ, “නුවරවැස්සො ‘අප පියන් අප මුත්තන් ගන්තී’ ගිගිරි කෙරෙති. හෙ මට නො රිස්සි” වැළැකි “ඔඝ, මහරජ, පිටින් මිසැ නොහොතහෙන[30] දරුවන් දි යවම්හ. ඔව්නට[31] ‘අප මවුපියො’ යන සනා නැතී” කීහු. රජ අනුදත. ඔහු එසෙ කොළො. නුවරැ දරුවන් මවුහු දු දරුවන් ගෙනැ, ගැබි[32]ලියො ද පලා ගොස්, පර රට දරුවන් විය පත් කල්හි ගෙනැ එති. එසෙ දොළොස් හවුරුද්දෙක් ගියෙ.
එයින් උත්තරයෙහි එක් දවසක් සියලු නුවර සොයා එක් දරුවකු[33] නොලදින්, “මහරජ, ඇතුළු රජගෙහි ත-පුතු අළවු රජකුමරහු තබා, නුවරැ දරුවො නැතී” කීහැ. “යම් කෙනෙක්හට තමා අත්පෙම් හා සම පෙම් ඇත්තෙ නොවෙයි. යව. ඔහුද් දී යවා මා දිවි රක්නෙ යැ”යි කීයැ. එකල්හි අළවු කුමරහු මවු, පුතු නහවා පහයින් ගන්වා දුහුල්සුඹුළියෙන් ගෙනැ ඔරැ හොවා-ගෙනැ හින්නී යැ. රාජ පුරුෂයො රජු ගෙ යෙදමෙන් අවුදු සොළොස්දහසක් නළුව නුදු වලප්ව වලප්වා කිරීමව[34] හා සමඟ “සෙට දවස් යක් හට බත් වෙ”යි හැරැ-ගෙනැ ගියො.
එ දවස් බුදුහු දෙව්රම් මහ වෙහෙරැ මහ ගඳකිළියැ අලුයම්හි මහකුළුණු සමවත් සමවැද බුදු ඇසින් ලොව බලන්නාහු, අළවු කුමරහු අනැගැමි වන්නට උපනිඃශ්‍රය ඇතිසෙ,[35] යක්ෂයා සොවන් වන්නට නිසිසෙ,8 දෙසුන් අවසන්හි සුවසූදහසක් දෙනා අධිගම කරනසෙ දැකැ, පහන් වූ කලැ පෙරබත්කිස කොටැ පස්බත්කිස[36] නොනිමි වෙලෙහි9 ගුණු[37] පොහො දවස් හිරු එප්සුණු කලැ හුදෙකලා වැ පාසිවුරු ගෙනැ, පා ගමනින් සැවැත් නුවරින් තිස් යොජුන් ගොස්, එ යක්හු ගෙ භවනයට වන්හු. බුදුහු, යම් නුගයෙක් අළවු යක්හු ගෙ භවන ඇද්ද, එ රුක්මුල්හි වුසුහ, හො! නොහොත් භවනයෙහි මැ වුසුහ, හො! යත්: භවනයෙහි මැ වුසුහු. යම්සෙ යක්හු තමන් ගෙ භවන දකිත් ද, එසෙයින් මැ බුදුහු ද දකිත්. ඔහු එයට ගොස් විමන් දොරැ වැඩැසිටියාහැ. එකල්හි අළවු යක් හිමවියෙහි යක්‍ෂසමාගමයට ගියෙ යැ.
එ සඳ ආළවකයා ගෙ දොර[38] රක්නා ගද්‍රභ නම් යක්, බුදුන් කරා එළබැ, වැඳැ, “කිම, වහන්සෙ, මෙයට විකාලයෙහි වැඩි දෑ නො!”යි කී යැ. “ගද්‍රභය, කළ මනා දැයකට ආම්හ. ඉදින් තට නොබර වී නම්, එක් රැයක් ආළවකයාගෙ භවනයෙහි වසම්හ” යි වදාළහැ. “වහන්සෙ, මට නොබරැ[39] අනෙකෙක් මත්න. එ යක් කැකුළැ, පරුෂ යැ, මවුපියනුදු පවා නො වඳී, වහන්සෙට මෙහි වසනු නො රිස්සව[40]”යි කී යැ. “ගද්‍රභය, හෙ ඔහුගෙ ස්වභාව යැ. මට කිසි අන්තරායයෙක් වන්නෙ නොවෙයි. ඉදින් තට නොබර වී නම්, එක් රැයක් මෙහි වසම්හ”යි වදාළහැ. දෙවන වැට දු ගද්‍රභ, නම් යක් බුදුනට “වහන්සෙ, ආළවක, ගිනින් රත් කළ යකබලක්[41] වැන්නැ. “මොහු මවුපියහැ, මුහු මහණබමුණහැ, මෙ දහමැ[42], යනු නො දන්නි. මෙයට ආවන් සිතට විඛෙවු දු කෙරෙයි. හදවතු දු පළයි. පයැ ගෙනැ පර සමුද්‍රයෙහි හො පර සක්වළැ හො දමා-පියා”යි කී යැ. දෙවන වට දු බුදුහු “දන්මි; ගද්‍රභය, ඉදින් තට නොබර වී නම්, එක් රැයක් වසම්හ”යි වදාළහැ. “වහන්සෙ, මට නොබරැ. අනෙකෙක් මත්න.[43] එ යක් ‘තම හට නොකියා අනුදත්හ” යි මා මරන්නෙ වනැ.[44] වහන්සෙ, ඔහු කරා ගොස් කියම් දැ?” යි කී යැ. “ගද්‍රභය, රිසිසෙ, ගොස් කියා” යි වදාළහැ. “ඔස, වහන්සෙ, මොබ මැ දන්නෙ යැ”යි බුදුන් වැඳ හිමවු ගියෙ.
භවනයෙහි දොර තෙමෙ මැ බුදුනට විවර වී යැ. බුදුහු ඇතුළු භවනයට වැදැ, යම් අස්නෙක්හි අළවු යක් උතුම් මඟුල් දවස් හිඳැ මහත් සිරි අනුභව කෙරෙ ද, එ මැ දිවරුවන් මුවා පලග මත්තෙ වැඩැ හිඳැ රන්වන් රස් වුහුටුහැ. එ සඳ යක්ෂයා ගෙ කන්යාවො අවුදු බුදුන් වැඳැ පිරිවරා හුන්හු. බුදුහු ඔව්නට “තෙපි දන් දී සිල් රැකැ පුදන්නට නිස්සන් පුදා මෙ සැපතට පත්ව. දැනුදු එසෙ මැ කරව.[45] ඔවුනොවුන් කෙරෙහි ඊර්ෂ්‍යා නො කරව” යනාදි විසින් ධම් දෙසූහැ. ඔහු බුදුන් ගෙ මියුරු ගැඹුරු හඬ අසා, සාධුකාර දහස් දී, බුදුන් පිරිවරා හුන්හු මැයි.
ගද්‍රභ ද[46] හිමව්වට ගොස් අළවු යක් හට “ස්වාමිය, බුදුහු අවුදු තා ගෙ විමන්හි වැඩැ හුන්නාහ” යි කීහැ. හෙ අභිමානයෙන් ලජ්ජිත වැ, ගද්‍රභය, හට “පිරිස් මැදැ කිසි කෙනෙක් අසනුවහැ.[47] නොබැණැ සිට. ගොස් කළ මනා දෑ[48] කෙරෙමි”යි කීයැ.
එකල්හි සාතාගිර නම් හෙමවත් නම් යක්ෂසෙනාපතිහි දෙදෙන[49] “බුදුන් දෙව්රම්හි මැ වැඳැ යක්ෂ සමාගමයට යම්හ”යි සහපිරිවරින් නන්[50] යානයෙන්[51] අහසින් යෙති. අහසැ යක්නට හැම තන්හි මැ මඟ ඇත්තෙ නොවෙයි. අහසැ සිටි විමන් පීරා වූ මඟතැනින් මැ මඟ වෙයි.
අළවු යකුගෙ විමන් වනාහි බිම වූයෙ යැ, සුරැකි යැ, පවුරෙන් පිරිඛෙව් ලද්දෙ ය, සුසංවිහිත වූ දොරොටු අටලු ඇත්තෙ යැ, උඩ අහස්පියෙස් රන්දැලින් ගැවැසී ගත්තෙ යැ, සුමුඟක් වැන්නැ, උසා තුන් යොජනැ. එ විමන් මුදුනෙහි වු මැඟින් ඔහු එ පියෙසට පැමිණැ යන්නට නොපොහොසත් වූහු.
කුමට යැ යත්:
බුදුන් යම් පියෙසෙකැ වැඩහුන,[52] මුදුනෙහි පටන්-ගෙනැ භවඅග් දක්වා යම් කෙනෙකුද් යන්නට නොනිස්සහැ. එයින් මෙ යක් සෙනෙවියා දෙදෙන දු නොයාහී, “මෙ කුමැ!”යි ආවර්ජනා[53] කරන්නාහු, බුදුන් දැකැ අහසැ වුහුටු[54] කැටක් සෙ, බැසැ වැඳැ බණ අසා පැදකුණු කොටැ අවසර ගෙනැ යක්‍ෂසමාගමයට ගියො.
අළවු යක් ඔවුන් දැකැ, “මෙහි හිඳුව” තෙමෙ පහ වැ ඔව්නට අවසර දින. ඔහු අළවු යක් හට, “තට කැරුණෙ, මහත් ලාභ යැ.[55] බුදුහු තාගෙ භවනයෙහි වැඩැ හුන්නාහැ. යා, බුදුනට උපස්ථාන කරා”යි කීහු. එකල්හි අළවු යක් ගිනියෙහි[56] බහා-ලූ ලුණුකැට[57] සෙයින් ක්‍රොධයෙන් තට තටායමාන හෘදය ඇති වැ, “කවර බුදු නම් මාගෙ ගෙට වන්නෙ?” යි කී යැ. ඔහු දෙදෙන “තො නො දන්හි?”[58] අප බුදුන් තුසීපුරයෙහි සිටැ පඤ්චමහාවිලොකනා කොටැ” යනාදීන් ධම්සක් පවතුන් දක්වා කියා, පිළිසිඳ ආදියැ පාළ වූ දෙසිත් පූර්වනිමිත්ත කියා, “මෙ අසිරි පෙළහර නුදුටු විරි දැ?”යි කීහැ.
හෙ දුට ද, ක්‍රොධයෙන් “නො දිටිමි යි” කී යැ. “කියග, ආළවකය, හෙ තා දුට මනා මැ යැ. නුදුට මනා මැ යැ. තා[59] විසින් කිම දැකැ නොදැකැ? තො කුම් කෙරෙහි ද? අප බුදුන් පිණිස තො කියබර උසබ රජක්හු සමීපයෙහි එ දවස් උපන් වස්සක්හු වැන්නෙහි. ත්‍රිමදගලිත[60] මතැන් රජක්හු සමීපයෙහි ඇත්පැටක්හු[61] වැන්නෙහි. දිලියෙන කෙසරු සෙළෙන් හොබනා කඳට ඇති සිංහරාජයෙක් හු සමීපයෙහි මහලු කැණහිලක්හු[62] වැන්නෙහි. යෙළ සියක් යොජුන් ගුරුළු රජක්හු සමීපයෙහි පියා හුන්[63] කපුටුවක්හු වැන්නෙහි.[64] යා, තා කට හැකි දැයක්[65] ඇත. කරා”යි කීහු.
මෙසෙ කී කලැ[66] අළවු යක් දැහැවැ හුනස්නෙන් නැඟී, රක්[67] ගල් මුදුනෙහි වම්පසින් සිටැ “දැන් තොප සථරහුගෙ අනුභාව හො මාගෙ අනුභාව හො බලව” යි දකුණු පයින් සැට යොජුන් පමණ කෙලෙස් ගල්කුළුයෙහි ඇක්මිණ. එ ගල යකුළෙකින් පහළ රත් කළ යපල්ලක් සෙයින් පපටිකා විහිට. හෙ එහි සිටැ, “මම් අළවු යක්මී” හැඬි යැ. එ හඬ මුළු දඹදිව පතුළෙ.[68]
සතර ශබ්ද කෙනෙක් මුළු දඹදිව්හි පතුළහැ. කවර සතර ශබ්දයහ[69] යත්: පුණු යක් ධනඤ්ජය මහරජහු හා[70] දු කෙළැ දනැ[71] අපොළො[72] “මම් දනිමි” යම් හඬක් හැඬී ද, සක් දෙව්රජ කසුඛු සම්මා සම්බුදුන් වහන්සෙ ගෙ සස්න නස්නා කලැ විස්කම් දෙව්පුත්හු බලුවෙස් ගන්වා, තෙමෙ වැදිවෙස් ගෙනැ අවුදු, “මම් පවිට් මහණනුදු මෙහෙණනුදු උපාසකනුදු උපාසිකාවනුදු හැම අධර්මවාදීන් කමී” යම් හඬක් හැඬී ද, කුස රජ ප්‍රභාවතිය සඳහා සත් රජක්හු අවුදු, නුවර තිරි කොටැ[73] වටා ගත් කල්හි ප්‍රභාවතිය හා සමඟ ඇත් කඳැ හිඳැ, නුවරින් නික්මැ, සිංහ ස්වරයෙන් “අහංකුසො”යි යම් හඬක් හැඬී ද, අළවු යක් කෙලෙස් ගල් මුදුනෙහි සිටැ, යම් හඬක් හැඬී ද, එ හැම හඬ මුළු දඹදිවැ දොරැ දොරැ සිටැ හැඬු වැනි වි යැ. තුන් දහසක් යොජුන් හිමවත් කම්පිත වී.
“මෙ මහණහු පිඹැ පියමී” අළවු යක් තමාගෙ අනුභාවයෙන් සුළඟක් මැවී යැ. එ සුළඟ සතර දෙසෙන් නැඟී, ගවු දෙ ගවු තුන් ගවු පමණ, යොජුන් දෙ යොජුන් තුන් යොජුන් පමණ ගල්කුළු කඩා-ගෙනැ වල්රුක් මුල දී[74] උදුරා-ගෙනැ, අළවු නුවර පැමිණැ දිරා ගිය ඇත්හල් අස්හල් සුන් කෙරෙමින් සියනැ උළු අහසැ බමවමින් ආ යැ.[75] බුදුහු “කිසිවක් හට කහට නො වෙව”යි[76] ඉටුහැ. ඒ සුළඟහු[77] බුදුන් කරා පැමිණැ සිවුරු[78] කනකුදු සලන්නට නො පොහොසත් වූහු.
එක්බිති “මෙ මහණහු දියවතුරෙන්[79] ගලා මරා-පිව මැනැවැ”යි මහත් වැස්සක් වැස්වි යැ උහු ගෙ අනුභාවයෙන් මතුමත්තෙහි සියක් පටල දහසක් පටල ඈ භෙද ඇති වලාහකයො නැඟී වටහ[80] වැසි ධාරාවෙගයෙන් පොළොව් සිල්[81] වන්නා වැනි වි යැ. වන රුක් ආදීන් ගෙ මුදුනෙන් මහවතුරු ගලා අවුදු[82] බුදුන්ගෙ සිවුරෙහි පිනිබිඳක් පමණ තැන් තෙමෙන්නට නොනිසි වී. එක්බිති පහණ වැස්සක් වැස්වි යැ. මහත් මහත් ගල්කුළුහු දුමමින් දිළියෙමින් අහසින් අවුදු බුදුන් කරා පැමිණැ දිව මල්ගුළා බවට පැමිණියො. එක්බිති ආයුධ වැස්සක් වැස්වි යැ. එකතොධාරා උභතොධාරා ඇති කඩු අඩයටි පාරා[83] හී ආදීහු දුමමින් දිළියෙමින් අහසින් අවුදු බුදුන් කරා පැමිණැ දිව මල් දම් බවට ගියො. එක්බිති අඟුරු වැස්සක් වැස්වි යැ. කැහැලමල් බඳු[84] අඟුරුහු[85] දුමමින් දිලියෙමින් අහසින් අවුදු බුදුන් පාමුල්හි දිවමල් වැ වගුළො. එක්බිති හළුවැස්සක් වැස්වි යැ. ඉත් හුණු හළු අහසින් අවුදු බුදුන් පාමුල්හි සඳුන්සුණු වැ වගුළෙ[86] ඉක්බිති වැලි වැස්සක් වැස්වි යැ. ඉතා සියුම් වැනි දුමමින් දිලියෙමින් අහසින් අවුදු බුදුන් පාමුල්හි දිවකුසුම්[87] රොන් බවට ගියෙ.[88] එක්බිති කලල්වැස්සක් වැස්වි ය. ඒ කල්ලවැසි දුමමින් දිලියෙමින් අහසින් අවුදු බුදුන් පාමුල්හි ගඳකළල් වැ වගුළෙ.[89] එක්බිති “මෙ මහණහු මුළා කොටැ බවා නෙරැපියමි[90]” යි අඳුරුවක්[91] මැවි යැ. එ අඳුරු සියරඟින් යුත් අඳුරු සෙයින් බුදුන් කරා පැමිණැ හිරිරසින්[92] බුන් අඳුරු සෙයින් බුදුරසින් බිඳී අතුරුධන් වි යැ.
මෙසෙ අළවු යක්, සුළඟින් වැස්සෙන් පහණ වැස්සෙන් ආයුධ වැස්සෙන් අඟුරු වැස්සෙන් හළු වැස්සෙන් වැලි වැස්සෙන් කලල් වැස්සෙන් අඳුරුයෙන්[93] මෙ නව වැස්සෙන්
බුදුන් නෙරනට නොපොහොසත් වූයෙ, නන් නන් ආයුධ ගත් ඇත් ඇති, අනෙකප්‍රකාර රූප[94] ඇති, යක්ෂ ගණන් විසින් සමාකුල වූ, සියුරඟසෙනඟින් තෙමෙ මැ බුදුන් කරා ගියෙ. ඒ භූතගණයො අනෙකප්‍රකාර විකාර කොටැ, “ගන්ව, තළව”යි බුදුන් හිස්මත්තෙන් එන්නවුන් වැන්නහැ. එතෙකුදු වුවත් ගිනි ගත් ලොහොපිඬුහු[95] මැස්සන් සෙයින් බුදුන් ළඟ වන්නට නොපොහොසත් වූහු. එසෙ ද වුව[96] යම්සෙ බොමඬහි ලා මර දෙව්පිත් ආ වෙලායෙහි මැනැවත් ද, මොහු එසෙ නො නැවතී, රැයින් සමහරක් දක්වා ව්‍යාකූල පහළ[97] කොළො. මෙසෙ අඩ රැයක් පමණ කල්හි නොඑක් ප්‍රකාර භය දක්වා, බුදුන් සොලවන්නට නොපොහොසත් වූහු. අළවු යක් “කිසි කෙනකුනුදු[98] විසින් නොදිය හැකි වෙලායුධ විහිජමී” සිතී. සතර ආයුධ කෙනෙක් ලොකයෙහි උත්තමයො: ශක්‍රයා ගෙ වජ්රායුධ යැ. වෙසවුණු[99] මහරජහු ගෙ ගදායුධ යැ. යමයා ගෙ නයනායුධ යැ, ආළවකයා ගෙ වෙලායුධ යි.
ඉදින් ශක්‍ර[100] දැහැවැ වජ්රායුධය මෙරමුදුනෙහි පහළියෙ වී නම්, එක් ලක්ෂ අට සැට දහසක් යොජුන් මෙර විනිවිදැ පත්ලට යෙයි. වෙසවුණු මහරජහු පුහුදුන් කලැ වුහුට් ගදාව බොහො යක් දහසුන් හිස් සිඳැ නැවැතැ අවුදු අත් පසැහි වැදැ[101] සිටී. යමයා දැහැවැ නයනායුධයෙන් බැලු කලැ අනෙක කුම්භාණ්ඩ දහස්හු තත් කබලැ ලූ තල සෙයින් පුපුරා නස්ති.[102] අළවු යක් දැහැවැ ඉදින් වෙලායුධය අහසැ වුහුට්යෙ වී නම්, දොළොස් හවුරුද්දක් වැසි නො වස්සි. පොළොවට වුහුට්යෙ වී නම්, හැම රුක්හු හැම තණ ආදිය වියැළි දොළොස් හවුරුද්දක් නො නැඟෙති. මුහුදැ වුහුට්යෙ වී නම්, තත් කබලැ[103] දියබිඳු සෙයින් හැම දිය සිඳී යෙයි. මෙරගල් සුදුසු ගලැ[104] වුහුට්යෙ වී නම්, කඬ කඬ වැ විසිරැ යෙයි.[105] මෙසෙ මහත් අනුභාව ඇති වෙලායුධය උත්තරිය වැ තුබුවා හැරැ-ගති. බෙහො සෙ දස දහසක් සක්වළැ වැසි දෙවියෙ වෙළෙවි වැ අවුදු රැස් වූහු: “අද[106] බුදුහු අළවු යකු දමති. එහි බණ අසම්හ”යි. යුද්ධ දැක්කැටි දෙවියො ද, රැස් වූහු මැ යැ. මෙසෙ සියලු අහස දෙවියන් විසින් පිරිණි.
අළවු යක් බුදුන් වැළැතැ උඩ අහසැ ඇවිදැ, වෙලායුධය වුහුට, හෙ සණමඬලක් සෙයින් අහසැ ගොර බිරම් ශබ්ද කෙරෙමින් දුමමින් දිලියෙමින් බුදුන් කරා පැමිණැ, යක්ෂයා ගෙ මන් බිඳුනා සඳහා පා පිස්නා කඬක් සෙයින්, පාමුල්හි හිණ. අළවු යක් එ දැකැ, හඟ බුන් ගොනක්හු සෙයින්, දළ බුන් සපක්හු සෙයින්, තෙජ නැති වැ, මද නැති වැ, මන් නැති වැ, “වෙලායුධයත්[107] මහණු අභිභවන්නට නොනිසි වි යැ. කරුණු කිමැ හො!” පිරික් සනුයෙ, “මෙ මහණ මෛත්‍රී විහාරයෙන් යුක්ත යැ. මොහට රොස් උපදවා, මෛත්‍රීන් තොර කොටැ-පිව මැනැවැ”යි සිතා “මහණ, මා නොඅනුදත් මාගෙ භවනයට[108] වැදැ, ගෙ-හිමියක්හු සෙයින්, අඹුන්මිනිස්පිරිස් මැදැ හුන්නෙහි. මෙ මහණ හට[109] යුක්ත නොවෙයි; අදත්තාදාන පරිභොග හා ස්ත්රීසංසර්ග යැ. ඉදින් තො[110] මහණදම්හී[111] සිටිහි[112]විහි නම්, නික්මැ යා. මහණැ” යි කී යැ. එකල්හි බුද්හු “යමෙක් තද වී නම්, තද වැ විනය නොකට හැක්කැ. යම්සෙ චණ්ඩ වූ බල්ලක්හු නාසායෙහි පිත් බුන් කලැ ප්රචණ්ඩ වෙද, එ සෙයින් මැ තද වන්නා හා[113] මෙයිදු තද වෙයි. මෙළෙක් වන්නා හි විනෙය වෙ” යි සිතා, “ඉතා මැනැවැ”යි ප්‍රිය තෙපුලෙන් උහු ගෙ තෙපුල් ගිවිසැ ගෙනැ[114] නික්මුණුහු.
එ සඳ අළවු යක් “මෙ මහණ කීකරු යැ.[115] එක තෙපුලෙන් මැ නික්මිණ. මෙසෙ සුවයෙන් නික්මෙන මහණු හා අකාරණයෙහි මම සියලු රෑ යුද්ධ කෙළෙමි”යි මෙළෙක් සිත්
ඇති වැ නැවැත[116] සිතී: “මෙ මහණ සුවචතායෙන්[117] නික්මිණ හො! ක්‍රොධයෙන් නික්මිණ හො! විමසා[118] බැලුව මැනැවැ”යි “එ.[119] මහණැ”යි කී යැ. බුදුහු උහු ගෙ අදහස් දැනැ, “ඉතා මැනැවැ, ඇවැතැ”යි ගොස් වන්හු. එකල්හි අළවු යක් පුන පුනා එ මැ සුවචභාවය විමසනුයෙ, දෙ වන වටද් තුන් වන වටද් “නික්මැ යැ, මහණ, එ4 මහණැ”යි කී යැ. බුද්හු එසෙ කළහැ. ඉදින් එසෙ නො කළාහු වුහු නම්,[120] පියෙවින් මැ තද සිත් ඇති යක්හු ගෙ[121] සිත ඉතා තද වැ ධම්දෙසුන් ගන්නට නොනිසි විය හෙයි.[122] එබැවින්[123] යම්සෙ මවු වලප්නා පුතක් හට[124] යමක් හෙ කැමැත්තෙ ද, එදී හො, කැමැත්තා කොටින් හො, සන්හිඳුවා ද, එසෙයින් මැ බුදුහු කෙළෙස් වැලැප්මේන වලප්නා යක්හු සන්හිඳුවනු සඳහා යමක් බෙණෙ ද, එ කළහැ. යම්සෙ කිරිමවු කිරි නොබොන දරුවා යම් කවර දැයක් දී නළවා පොවා ද, එසෙයින් මැ බුදුහු යක් බිළිඳිහු ලොව්තුරා දහම් අමාකිරි පෙවියට් වැ උහු කැමැති දෑ කිරීමෙන් නළවා මෙසෙ කොළො. යම් පුරුෂයෙක් ලප්පකැ[125] සියුමිසුරු පිරියටි වූයෙ. එහි ඇතුළත සොධා ද, එසෙයින් මැ බුදුහු යක්ෂයා ගෙ සිතැ ලොවුතුරා සියුමියුරු[126] පිරියටි වූවාහු, ඔහුගෙ ඇතුළත ක්රොධමල සොධනු සඳහා තුන් යලක් නික්මෙනුදු වැදමුදු කොළො.
එකල්හි අළවු යක් “මෙ මහණ සුව ච යැ. ‘නික්මෙ’ යි කී කලැ වද්දි. ඔස, මෙ මහණහු සියලු රෑ ඇවිදුවා ලෙඩ කොටැපියා පයැ අත් ලා ගෙනැ[127] ගඟ පරතෙර දමා-පියමි” ය පවිට් සිත් උපයා සතර වන වර[128] “නික්මැ යා; මහණ” යි කීයැ. එ දැනැ බුදුහු “මත්තෙ කළ මනා දෑ ඉල්ලනුයෙ[129] මෙ පැන පිළිවිස්සැටි වෙයි. හෙ ධම් දෙස්නට[130] දොරැ”යි දැනැ, “ඇවැත, මම නො නික්මෙමි. යමෙක්[131] තා විසින් කටයුතු ද, එ කරා” යි වදාළො.
එක්බිති ගෙ අළවු යක් අහසින් යන කලැ “මෙ රන්විමනෙකැ හො! රිදී විමනෙකැ හො! මිණි විමනෙකැ හො! එ බලම්හ” යි තමාගෙ විමනට ආ සෘද්ධි ඇති තව්සන් පිරිවැජියන් පැන පිළිවිසැ විසජන්නට නොපොහොසත් වූවන්[132] සිතට විඛෙව් කොටැ වෙහෙසයි. එ හෙතුවින්[133] “බුදුනුදු වෙහෙසමී” සිතනුයෙ, “මහණ තා පැන පුළුවුස්මි. ඉදින් පැන නොවිසජිහි[134] නම්, තා සිතට විඛෙව් හො කෙරෙමි. හදවත් හො පළා-පියමි. පය අත්ලා[135]-ගෙනැ ගඟ පරතෙරැ හො දමා-පියමි”යි කී.
එ පැන ඔව්හට කා කෙරෙන් ආයෙ යත්:
ඔහු මවුපියො කසුබු සම්මාසම්බුදුන් වහන්සේට උපස්ථාන කොටැ අට පැනයක් විසජුන් හා සමඟ උගත්හැ. ඔහු අළවු යකු ළදරු කල්හි පුහුණු කැරැවූහු. කල් යත් යත් විසජුන් ඔහු නොසඳහන් වී යැ. එක්බිති “පැනයො ද නො නසිත්ව” යි රන් පතැ දෑහිඟුලෙන් ලියවා විමන්හි තිබී යැ. ඔහු බුදුනට මැ විෂය පැනයහැ. බුදුහු එ අසා, යම් හෙතුවෙකින් බුදුනට දුන් ලාභයට හො, ජීවිතයට හො, සවඤ්ඤණට හො, බ්යාමප්රභාවට[136] හො, කිසිවක්හු[137] අන්තරාය නොකට හැකි ද, එ හෙතුවින් ඔව්හට ලොකයෙහි අසාධාරණ වූ බුද්ධානුභාව දක්වන්නාහු,[138] “ඇවැත, මම දෙව්මිනිසුන් සියො බඹුන් සියො මහණ බමුණන් සියො ලොකයෙහි මා සිතට විඛෙව් කරන්නහු[139] හො, හදවත් පළන්නහු හො, පයැ ගෙනැ ගඟ පරතෙර පියන්නට නිස්සක්හු[140] හො, නො දක්වමි”යි පැන පුළුවුස්නට උත්සාහ ජනවමින් වදාළහැ. “තට රිසි යෙන දැයක් පුළුවුස. මට පැන විජසුන් නොබරැ, හැම[141] තට විසජමි”යි සවුපසෙබුදුන් හා අසාධාරණ වූ සර්වඥ පවරුණෙන්[142] පැවරුහු.
මෙසෙ බුදුහු සර්වඥ පවරුණෙන්11 පැවරු කල්හි අළවු යක් “කිංසුධ චිත්තං පුරිසස්ස සෙට්ඨං” යනාදීන් පැන පිළිවිත. බුද්හු විසජුහු. යක්ෂයා පැන පුළුවුත් පරිදි දු, බුදුන් පැන විසජු පරිදි දු, සංයුත්සඟියැ යක්ෂසංයුක්තයෙන් දක්නෙ යැ.
පැන විසජු තැන සිටැ යක් සොවන් වැ බුදුනට ස්තොත්‍ර කරනුයෙ, “බුදුහු මට වැඩ සඳහා අළවු නුවරට වැඩියහැ. යම් තැනෙක්හි දුන් දනැ[143] ඵල මහත් වෙ ද, මම් එ අද දන්මි.[144] මම් දෙව්ගැමින් දෙව්ගමට දෙව්නුවරින් දෙව්නුවරට ‘බුදුහු සව්නෙ ගෙවා දන්ති. දහම් නීයාණික යැ. සඟහු සුපිළිපන්නාහැ’ යි ස්ත්‍රොත කෙරෙමින් තුණුරුවන් පුදමින් දහම්ගොසු වැ ඇවිදුමී” කී යැ. එයින් කීහ:
“අත්ථාය වත මෙ බුද්ධො – වාසායාළවිමාගමා,
සොහං අජ්ජ පජානාමි – යත්ථ දින්නං මහප්ඵලං
.
සො අහං විවරිස්සාමි – ගාමා ගාමං පුරා පුරං,
නමස්සමානො සම්බුද්ධං – ධම්මස්ස ච සුධම්මතං” යි.
මෙ ගාථාව සමහර දු,[145] පහන් වනු දු, සාධුකාර ශබ්ද නැඟෙනු දු, අළවු කුමරහු යක්ෂයා ගෙ භවනයට ගෙනැ යනු දු, එකෙණෙහි මැ[146] වි යැ. රාජපුරුෂයා සාධු කාර ශබ්ද අසා, “මෙබඳු සාධුකාර ශබ්දයෙන් බුදුන් විනා අනෙක් කෙනක්හට නො නැඟෙයි. බුදුහු[147] වැඩියහ හො” යි[148] බලන්නාහු බුදුනු ගෙ ශරීරප්රභා දැකැ, “බුදුහු වැඩි වන්හ” යි පිටත නො සිටැ නිසැක වැ මැ ඇතුළට වැදැ බුදුන් යක්ෂයා ගෙ භවනයෙහි වැඩහුන්නන් දුටහැ. යක්ෂයා ද මුදුනෙහි ඇඳිලි බැඳැ සිටියහු[149] දැකැ “මහ යක, මෙ රජකුමර[150] තට බිලියම් සඳහා අළියෙ යැ. මොහු කත් මැනෑ මැ යැ.[151] බොත් මැනෑ මැයැ. තට රිසියෙන්නක්[152] කරා” යි ඇරැ දුන්හු. හෙ සොවන් බැවිනු දු බුදුන් පෙරට කීයෙනු දු[153] වෙසෙසින් මැ ලැජ්ජා ඇති වියැ. කුමරහු දොහොඅතින්[154] පිළිගෙනැ “වහන්සෙ, මෙ කුමර මට අළියෙ යැ. දැන් මම මුහු වහන්සේට[155] දෙමි. මුහුට වැඩ සඳහා පිළිගන්නෙ මැනැවැ”යි දිනැ.
බුදුහු දරු[156] පිළිගෙනැ යක් හට ද කුමරු හට ද ආ වඩා, කුමරහු බුද්ධානුභාවයෙන් සරණැ[157] පිහිට්වා, “මොහු වඩා අපට මැ ඇරැ දක්වා දෙව”යි රාජපුරුෂයනට මැ වදාළහැ. මෙ සෙයින් කුමර රාජපුරුෂයන් අතින් යක්ෂයා අතට, යක්ෂයා අතින් බුදුන් අතට, බුදුන් අතින් රාජපුරුෂයන් අතට, ගිය වන බැවින් හත්ථකආළවක නම් වි යැ.
ඔහු ගෙනැ නැවැතී[158] එන රාජපුරුෂයන් දැකැ නො එක් කර්මාන්තයට දරට පනට[159] යන මිනිස්හු “කිම, දරු[160] ඉතා ළදරුහැ’යි[161] යක් නො ගිවිසි දැ”යි බියපත් වැ පුළුවුත්හැ. රාජපුරුෂයො “නො බව, බුදුහු හැම දෙන හට සුව කළහ” යි කරුණු[162] තාක් දෑ හැම කීහු.
එක්බිති සියලු අළවු නුවර වැස්සො “සාධු සාධු” යි එකකොලාහල වැ යක්ෂයා වසන දසට අභිමුඛ වූහු. යක්ෂ ද[163] වෙලා[164] බලා බුදුන් ගෙ පා සිවුරු ගෙනැ මඟ සමහරක් දක්වා ගොස් නැවැත්තැ. එකල්හි බුදුහු නුවර වැදැ අහර වළඳා නුවර දොරැ[165] එක්තරා රුක් මුලෙක්හි පැන් වූ අස්නෙහි වැඩහුන්හු. එක්බිති මහජනා හා සමඟ රද දු නුවර වැස්සො දු එක් රැස් වැ බුදුන් කරා එළබැ වැඳැ පිරිවරා හිඳැ[166] “වහන්සෙ, දරුණු යක්හු කිසෙ දැමු දෑ දැ”යි[167] පුළුවුත්හැ. බුද්හු ඔව්නට යුද්ධයෙහි පටන්ගෙනැ “මෙසෙ නවවිධ වැසි[168] වැස්වි යැ. මෙසෙ භය දැක්වි යැ. මෙසෙ පැන පිළිවිතැ. එ පැන මම් මෙසෙ විසජිමි”යි එ මැ අළවු සුත[169] වදාළහැ. දෙසුන් අවසන්හි සුවසූදහසක් දෙන[170] අධිගම කොළො.
එක්බිති රජ දු නුවරවැස්සො ද වෙසවුණු මහ රජහු ගෙ භවන වෙතැ යක්ෂ හට[171] භවන කොටැ ගඳින් මලින් පුදා, දවස් පතා බිලිබත් පැවැත්වුහු. අළවු කුමරහු වින්වත් බවට පත් කල්හි, “තො බුදුන් නිසා දිවි ලද්දෙහි, යා,[172] බුදුනට සඟනට මේ කරා”යි නඟා යවුහු.[173] හෙ බුදුනට සඟනට මෙහෙ කරන්නෙ, මඳ දවසෙකින් මැ අනැගැමි වැ[174] සියලු බුදුවදන් උගෙනැ[175] පන්සියක් උපාසක පිරිවර ඇති වි යැ. බුදුහු ඔව්නට තනතුරු වදාරන්නාහු, “එතදග්ගං භික්ඛවෙ මම සාවකානං උපාසකානං චතුහි සඞ්ගහ වත්ථුහි පරිසං සඞ්ගණහන්තානං යදිදං භත්ථකො ආළවකො” සතර සඟාවතින් පිරිසට සඞ්ග්‍රහ කරනුවන්[176] කෙරෙහි අගතන් වදාළො.
මෙසෙ බුදුහු තමන් පුරුෂදම්‍යසාරථී වන බැවින් අලවු යක්ෂයා ද, ආදි ශබ්දයෙන් ගත් සුවිරොම ඛරරොම ඈ යක්ෂයනුදු දමා, අමාමහ නිවන් පැමිණිවූහු.
යක්‍ෂදමන නම් පසළොස් වන පරිච්ඡේදය නිමි.
රාහු නම් අසුරා[1] දැමු පරිදි කිසෙ සැ යත්:
එක් සමයෙක්හි බුදුහු විශාඛාවන් විසින් කරවන[2] ලදු[3] පුවරම් වෙහෙරැ මුවරමා මහපහයැ[4] වැඩැ වෙසෙති. විසාඛාවො නම් කිසෙ වු[5] කෙනෙකැ යත්:
අතීතයෙහි ලක්ෂයක් කැපින් මත්තෙහි පියුමතුරා[6] නම් සම්මා සම්බුදු කෙනෙක් ලෝකයෙහි උපන්හු. ඔහු නොඑක් කප් කෙළ සුවහස්හි[7] පැරුම් පුරා තුසීපුරැ උපැදැ[8] දස දහස් ලොධාහි දෙව්බඹුන් ගෙ අයජමෙන් තුසීපුරෙන් සැවැ, හවුරුදු ලක්ෂයකට ආ[9] ඇති කල්හි හංසවතී නම් නුවරැ ආනන්ද නම් රජු පිණිසැ සුජාතා නම් දෙවිය කුසැ පිළිසිඳ ගෙනැ, දස මස් ඇවෑමෙන් හංසවතී නම් උයන්හි මවුකුසින් වලාගැබින්[10] නික්මුණු පුන්සඳක් සෙයින් නික්මැ, හංසවාහන[11] නම් යසොවාහන[12] නම් වසවත්ති[13] නම් තුන් පහයැ එක් ලක්ෂවිසි දහස් නළුවන් පිරිවරා දසවා දහසක් වාස කොටැ, වසදත්තා නම් අගමෙහෙස්න උත්තර නම් පුතකු ලද කලැ, සතර නිමිත්ත දැකැ, “මහභිනික්මන් කෙරෙමි” යි සිතුහැ. සිතු විගස මැ වසවත්ති13 නම් පහය කුඹල් සකක් සෙයින් හමා[14] දෙව්විමන් සෙයින් මැ අහසට නැඟී පුන් සඳක් සෙයින් ගොස් මහබො මධ්‍ය කොටැ බිමට බට.
මහාබොසතාණො[15] පහයින් බැසැ කඩුයෙන් කෙහෙ කපා මහබඹු අළ පාසිවුරු ගෙනැ පැවිජි වූහු. ඔවුන්[16] පැවිජි වූ කලැ, පහය ගොස් සිය තන්හි මැ තුබුයෙ යැ. ඔවුන්16 හා ආ තාක් දෙන,[17] මාගමුන් විනා, හැම පැවිජි වූහු. බොසතාණො ඔවුන් පිරිවරා සතියක් පධන්හි සැරැ වෙසඟ පුනුපොහොයැ උජ්ජයිනි නම් නියම් ගම්හි රුචිනන්දා නම් සිට්දුව[18] දුන් මීපිඬු[19] වළඳා සල්වෙනෙහි[20] දිවාවිහාර කොටැ, සවස් වෙලෙහි සුමිත්ත[21] නම් ආජීවකයන්හු දුන් අට මිටක් තණ ගෙනැ, සළල මහබොයට එළබැ පැදකුණු කොටැ අටතිස් හත් පමණ පලග මත්තෙහි පැදුන් ලොධා[22] බලා වැඩැහිඳැ සියුරඟ වැර ඉටා[23] මාරවිජය කොටැ සව්නදෙැනැ උදන් අනා, සතියක් මහබොපලග මතුයෙහි වැඩැහිඳ, දකුණු පය පොළොවට එළවුහු. එ කෙණෙහි පොළොව පැළී අනු හත් පෙති ඇති, තිස්හත්[24] කෙසුරු ඇති, දොළොස් හත් කෙමි[25] ඇති, නව කළක්[26] පමණ මුවරඳ රොන් ඇති, මහ පියුමෙක්[27] නැඟී පය පිළිගත.
බුදුහු උස, අටපනස්හත්තැ,[28] දෙ බාහු අතුරැ අටළොස් හතැ අතුල්පතුල් එකොළොස් හතැ. ඔවුන් ගෙ එකොළොස් හත් පත්ලෙන් දොළොස් හත් පියුම් කෙමියෙහි ඇක්මෙත් මැ.[29] නව කළක්[30] පමණ රන්සුදු බඳු මුවරඳ රොන් සළා අනවලොමුඳුන් දක්වා නැඟී, අටපනස්හත් රන්වන් සිරිරු ලාරස පරිෂෙකයක් සෙයින් වසා-ගෙනැ බස්සි, වම් පය ද පොළොවට එළවූ කලැ එ මැ නියායෙන්[31] පියුමෙක් නැඟී එ පය ද පිළිගතැ. එයිනුදු[32] මුවරඳ රොන් සළා එසෙයින් මැ නැඟී එ සෙයින් මැ බස්සි. එ රොන් අභිභවමින්[33] එ බුදුන් ගෙ ශරීරරශ්මි යතුරුනළින් වුහුට් රන්රස ධාරා සෙයින් නික්මැ හාත්පස්හි දොළොස් යොජනක් තන්හි රැයිත්[34] දෙවෙත්[35] එකලු[36] කොටැ පැතිරැ සිටී. තුන් වන පියවර නඟන කලැ පළමු නැඟී පියුම අතුරුධන් වෙයි. අනෙක් අලුත් පියුමෙක් නැඟි පය පිළිගන්නි. මෙ නියායෙන් එ බුදුන් යම් තැනකට වඩනා කල්හි පියෙහි පියෙහි පියුම් පිපෙයි. එයින් ඔව්නට ‘පියුමතුරාසම්මාසම්බුදුහ’ යන නම් වී.
ඔවුන් උපන් දවස්හි දු බුදු වූ දවස්හි දු දස දහස් ලොධා සදා පියුම්වැසි වට මැයි. බුදුහු මහබඹහු ගෙ අයජමෙන් විජෙනනන්[37] බලනුවො, මියුළුපුර[38] නම් නුවරැ දෙවල නම් සුජාත[39] නම් රාජපුත්‍රයන් දෙදෙනා දැකැ, අහසින් ගොස් මියුළුවන[40] නම් උයන්හි බැසැ, උයන්පල්ලා අත රජකුමරුන් දෙදෙනා හට තමන් වැඩි පරිදි කියා යවුහු. ඔහු “අප නැන්දණියන් පුතණුවො, බුදුහු වැඩියහැ. ඔවුන් දක්නට යම්හ”යි සහපිරිවරින් ගියො. බුදුහු ඔවුන් පිරිවරා එහි වැඩැහිඳ ධම්සක් පැවැත්වූහු. එ දවස් කෙළ ලක්ෂයක් දෙනා හට ධර්මාභිසමය වී.
එක්බිති සරද නම් තාපසයා ගෙ සමාගමයෙහි සැත්තෑ ලක්ෂයක් දෙනා හට අභිසමය වී. එකල්හිා බුදුන් පිය මහරජ බුදුන් වඩා-ගෙනැ එනු කොටැ ඇමැත්තන් විසි දෙනකු හා සමඟ විසි දහසක් පුරුෂයන් යවි. ඔහු හැම දෙන එහි භික්ෂු භාවයෙන් පැවිජි වූහු. ඔවුන් පිරිවරා හංසවති නුවර ගොස් කිඹුල්වත් නුවර වැඩි[41] අප බුදුන් සෙයින්, රුවන් සක්මන්හි සක්මන් කරනුවො බුද්ධවංශ වදාළහ. එ දවස් පනස් ලක්ෂයක් දෙනා හට[42] අභිසහය[43] වි.
එකල්හි තීර්ථකයො නැති වූහු. කිසෙ යැ යත්: ගෙවැසියො[44] උනට අහර නොදෙති. රටින් නෙරති.[45] ඔහු ඔවුන් විසින් අහර නොදී නෙරනා ලද්දාහු. හැමදෙන ගොස් බුදුන් මැ සරණ ගියො. එ බුදුනට දෙවල නම් සුජාත නම් මහතෙරහු දෙදෙනෙක් අගසවු වූහු. සුමන නම් මහතෙර කෙනෙක් අග උවටා වූහැ. අමිතා නම් අසමා නම් ථෙරීහි[46] දෙ දෙනෙක් අගසැවි වූහු.
මෙසෙ පියුමතුරා සම්මා සම්බුදුන් හංසවතී නුවර නිසා උයන්හි වැඩැ වසන කල්හි, එ නුවරැ එක් කුදුවක් නුවර වැස්සන් ගඳ මල් ගෙනැ, බණ අසන්නට යනුවන් දැකැ, ඔවුන් හා වෙහෙර ගොස් බණ අසන්නී,[47] බුදුන් එක් උපාසිකාවක දායිකාවනට අග තන්හි තබනුවන් දැකැ, “මම දු අනාගතයෙහි එක් බුදු කෙනකුන් ගෙ සස්නෙහි දානාහිරත උපාසිකාවනට අගතන් පත්තෙම් වීම්[48] නම්, මැනැවැ”යි සිතා දෙසුන් අවසන්හි එ බුදුන් කරා එළබැ. වැඳැ පවරා ගොස්, පරිජනයන් කැඳවාගෙනැ දන්වැට සරහනු කොටැ යොදා, මඬුවක් කරවා උඩ විසිතුරු වියන් බැඳැ, රන්තරු රිදී තැරමිණිතරයෙන් හා ගඳදම්[49] මල්දම්[50] රුවන්දමින්[51] සදා, බිම සිවු දෑ ගඳින් පිරිබඩ ගෙනැ[52] මහාරහ අසුන් පනවා, බුදුන් සඟුන් වඩා හිඳුවා සිය අතින් දන් දී, එ නියායෙන් බුදුපාමොක් සඟනට මහදන් දී, සති අවසන්හි සිවුරු පිළි දී, බුදුන් පෙරට බැසැහෙවැ වැඳැ, “වහන්සෙ, මා සත් දවසක් බුදුපාමොක් සඟනට සත්කාර[53] කළ පින්කැමින්[54] අනාගතයෙහි තොප සෙ මැ වු එක් බුදු කෙනකුන් ගෙ සස්නෙහි දානාහිරත උපාසිකාවනට අගතන් පැමිණෙම්ව”යි පැතුව.[55]
එ බුදුහු “අනාගතයෙහි ලක්ෂයක් කප් ගිය කලැ ලොකයෙහි ගෞතම[56] නම් සම්මා සම්බුදු කෙනෙක් උපදිති, තො විශාඛා නම් සිට් දුවක් වැ දායිකාවන් කෙරෙහි අගතන පැමිණෙහී” වදාළො. හො දිවිපමණින් දන් දී සිල් රැකැ පෙහෙ වැ බණ අසා බොහො පින්කම් කොටැ දෙව්ලොව්හි උපදැ,[57] දස පැරුමෙන් නො වියො වැ,[58] දිවි සැපත්[59] මිනිස් සැපත් වළඳා කප් ලක්ෂය ගෙවා-පියා, කසුබු[60] සම්මා සම්බුදුන් දවසැ කිකි නම් කසී රජක්හු දුහුන් සත්දෙනා හට සග වැ උපනු.[61] එසත් බිහින්න මැ[62] සඟුන් කෙරෙහි බණ අසා තුණුරුවන්හි පැහැදැ සත් දෙන සත් පිරිවෙනක් කරවා සඟනට මහදන් දී, පතිකුලයට නොගොස් දස සිල් සමාදන් වැ, විසි දහසක් හවුරුදු[63] බඹසර වස් රැකියො. එ බුදුරජයෙහි-
“සමණි සමණගුත්තා ච භික්ඛුනී භික්ඛුදායිකා
ධම්මා චෙව සුධම්මා ච සඞ්ඝදාසී ච සත්තිමා”
යන මෙ සත්බිහින්න[64] මෙ බුදුරජයෙහි –
“ඛෙමා උප්පලවණ්ණා ච පටාචාරා ච ගොතමී
ධම්මදින්නා මහාමායා විසාඛා චෙව සත්තිමා”
යන මෙ සත් දෙන[65] වූහු.
මොවුන් කෙරෙහි සඞ්ඝදාසී නම් රජකුමරී,[66] එක් බුදු තුරක් දෙවි වැ මිනිස් වැ[67] මහසැපත් වළඳා, මෙ බුදුරජයෙහි අඟු රට භද්දිය නුවර මැඩ මහසිටහු පුතු[68] ධනඤ්ජය සිටහු දුව විසාඛා නම් වැ, සත් හැවිරිදි කුලැ පන්සියයක් කුමරියන් හා සමඟ සියනුවර එන බුදුන් පෙර මඟට ගොස්, පළමු දස්නෙහි මැ සොවන් වැ, පස් කලණ ගුණෙන් පිරිහුන්[69]වැ, විය පත් කල්හි, සැවැත් නුවරැ මුවර[70] සිටහු පුතු පුණ්‍යවර්ධන නම්[71] සිට්දරුවා කෙරෙහි වැසැ, සුහුරු මුවර සිටහු විසින් මවු තන්හි තබන ලදු වන බැවින් මුවරමා[72] නම් වැ දන් ඈ පින්කම් කරන්නී,[73] බුදුන් කෙරෙන් අට වරක්[74] ලදින්, නුබ තෙලෙහි ළසඳ ලෙයක්[75] සෙයින් පැනෙනු වී දුන්[76] පුතුන් විසින් වෘද්ධි[77] ප්‍රාප්ත වූ[78] ඇය පුත්හු දස දෙනෙක් වූහු. දුහු දස දෙනෙක් වූහු. එසෙයින් මැ එකක් එකක්හු දස දස පුත්හු[79] වූහු. දස දස දුහු වුහු. එවුනුදු කෙරෙහි එකක් එකක්හු දස දස පුත්හු වූහු. දස දස දුහු වූහු. මෙසෙයින්[80] ඇය දරු මුණුබුරුහු පරම්පරායෙන් අට දහස් සාරසිය විසි දෙනෙක් වූහු. මොහු හැම නීරොගයහ.[81] නොකල්හි මරණ පත්[82] එකෙක්[83] නැත්. ඇය එක්සිය හැවිරිදි වයස් දක්වා හිසැ කනැ එක් නරයෙකුද් නොවී යැ. හැම කල්හි සොළොස් හැවිරිදි වයස් වැනි වූ[84]
ඇය යන කල්හි දුටු ජනයො “අප හැඹු මඳක් යෙත්වයි, යන කලැ මැ හොබී”[85] සිතත්. සිටි කල්හි දුටු ජනයො “අප හැඹු[86] මඳක් සිටිත්ව යි, සිටි කලැ මැ හොබි5 සිතත් හුන් කල්හි දුටු ජනයො “අප හැඹු මඳක් හිඳිත්ව යි, හුන් කලැ මැ හොබී5” සිතත්. හොත් කල්හි දුටු ජනයො “අප හැඹු මඳක් හොවිත්ව යි, හොත් කලැ මැ හොබී5” සිතත්. මෙසෙ සතර ඉරියවුයෙන් අසුවල් ඉරියව්වෙහි මැ නො හොබීයනු නැත්. පස් ඈතක් හට බල ඇත්තී යැ.[87] අභිමඞ්ගල සම්මත යැ. සත් කෙළක් ජනයන් වසන සැවැත් නුවරැ මඟුලෙහි සැණයෙහි ඇය අයැජා ඇරැ වළඳවත්.
හො සෙනසුන්දනැ ඵල මහත්සෙ අසා, තමාගෙ පිනින් නිපන් නව කෙළක් අගනා මෙහෙල පළඳනා වියදම් කොටැ සෙනස්නක් කැරැවියටි වැ, රථයෙ තබා නුවරැ ඇවිද්වා ගන්නට නිස්සන් නැත්තෙන්, තොමො මැ විකිණි[88] – ගෙනැ සත් විසි කෙළක් ධන විසඳා පුවරම් වෙහෙරැ යෙළ දහසක් පහා පිරිවර ලදු* මුවරමා[89] පහය කරවා, සැට කළක්[90] දිය ගන්නා ගනරන් දැරටියක්[91] කරවා, පාදෙනිය පිහිට්වා, බුදුපාමොක් සඟනට පිළිගැන්වු. එ පහයැ යටි මහලෙ පන්සියක් ගැබි. උඩුමහලෙ[92] පන්සියක් ගැබි. පහාමහන් දවස් දෙ මාලෙ දහසක් ගැබැ දහසක් නිර්මිත බුදුහු සවනක් රසින් දිලිහි දිලිහි වැඩැහුන්හු.
එ දවස් ඇය සබඳ සිට්දුවක් දහසක් වටනා පිළියක් ගෙනැ ඇය කරා ගොස්, “අප හැඹු, මෙ පිළියය මෙ පහයැ එක් තැනෙකැ බුමුතුරුණු කොටැ අතුරුවා ලව”යි කිවැ. “යෙහෙළි, මම් ඉදින් තිට, ‘අතුරන තැනක් නැතැ’ කීම් නම්, තී සිතට නොසෙ වද්දි.[93] තො මැ ගොස් බලා මෙයට අඩු පිළියක් ඇත, හැරැ-පියා අතොට[94]ලා”යි කිවැ. හො එ පිළිය ගෙනැ, දෙ මහලැ[95] ගබ් දහසට වැදැ ඇවිදැ බලන්නී, තමාගෙ දහසක් වටනා පිළියට අධම පිළියක් නො දැකැ, “මම මෙ පහයැ පුණ්යභාග[96] නො ලදිමි”යි එක් තැනෙකැ වැලැපැ වැලැපැ සිටියා.[97] අනඳ මහතෙරහු[98] දැකැ, “දැරිය, කුමට වලප්පි?”[99] පිළිවිසැ. එ පවත් අසා “තෙකා රෑණි නොවා.[100] ති ගෙ පිළිය අතුරන තැනක් දක්මහ.[101] සඟහු පා දෙවැ පළමු තිගෙ පිළියෙ ඇක්මැ සෙනස්නට වදති.[102] තිට මහත් ඵල වෙ”යි අඩසඳ පහණ හා පාදෙනි[103] හා දෙ අතුරෙහි ඇතිරැවූහැ. වෙහෙරමහන් සාරමසින් අවසන් වී.
මාගම් වැ සිටැ විසාඛාවන් සෙයින් බුදු සස්නෙහි ධන පරිත්‍යාග කළාහු නැති. පිරිමි වැ සිටැ අනෙවඩු මහ සිටාණන් සෙයින් ධන පරිත්‍යාග කළාහු නැත්. සිටාණො සූපනස් කෙළක් ධන විසඳා සැවැත් නුවරට දකුණු දෙසෙහි, අනුර[104] පුරට මහවෙහෙර සුදුසු තන්හි, දෙව්රම් මහ වෙහෙර කැරැ වූහු. විසාඛාවො, සැවැත් නුවරට පැදුන් දෙසෙහි, අනුරපුරට[105] උතුම් දෙවීයරම්[106] සුදුසු තන්හි, පුවරම් වෙහෙර කැරැවූහු. බුදුහු මෙ දෙ කුලවැසියනට අනුකම්පායෙන් එක් ඇතැ වසෙකැ දෙව්රම් හි වෙසෙති. එක් ඇතැ වසෙකැ පුවරම්හි වෙසෙත්. මෙසෙ සැවැත් නුවර නිසා පස් විසි අවුරුද්දක් දවස් මෙ දෙ වෙහෙරැ වාස කොළො. මෙසෙ[107] විසාඛාවන් විසින් කරවන ලද පුවරම් වෙහෙරැ මුවරමා පහයැ[108] වැඩවසන කලැ යැ. බුදුන් රාහු නම් අසුරා දැමු සෙ[109] කිසෙ යැ යත්:
රාහු නම් අසුරිඳු උසා[110] සාරදහස් අටසිය යොජනැ. ඔහු බාහු අතුරු එක් දහස් දෙසියක් යොජනැ. බොල සසියක් යොජනැ. හිස නව සියක් යොජනැ. නළල තුන් සියක් යොජනැ. බැම අතුරු පනස් යොජනැ. නැහැ තුන් සියක් යොජනැ. මුව[111] දෙසිය යොජනැ. ගැඹුරු තුන් සියක් යොජනැ. අතුල් පතුල් පළල තෙසියක් යොජනැ.[112] ඇඟිලි පර්ව පනස් යොජනැ. මෙසෙ වූ රාහු අසුර බුදුන් ගෙ මහත් අසා, “ලොකයෙහි මට වඩා මහත් කෙනෙක් නම් ඇද්ද!” යි බුදුන් කරා නො එළඹෙයි. සෙසු අසුරන් බුදුන්ගෙ මහත් කියත් කියත්, “ඔස ඔහුගෙ මහත් හො මාගෙ මහත් හො බැලුව මැනැවැ”යි බුදුන් කරා ගියෙ.
බුදුහු ඔහු එන බව දැනැ, “සතර ඉරියවුවෙන් කුඩා ඉරියවුවෙන් කරව හො!”යි අවජනාහු, හෝනා ඉරියවු[113] කුඩාසෙ දැකැ “හෙවැ ඔහු දැක්කුව මැනැවැ”යි සිතා, “අනඳ, මෙහි හෝනා දැයක් අතොට-ලා” යි වදාළහැ. “මැනැවැ, වහන්සෙ”යි මහතෙරහු හැඳක් ඇරැ තබා යහන් සැලසුහු. බුදුහු සිංහශය්‍යායෙන් පා මත්තෙ පා තබා-ගෙනැ එහි වැඩැ හොත් හැ. රාහු අසුරිඳු අවුදු, එමැ දවස් උපන් දරුවකු පත්ලක් සෙ මෙළෙක් වූ පියුම්රාණිවන් රස් විහි දුනා අටතුරා සියක් මඟුල් ලකුණු පිරිවර ලද්[114] දැවි දහස් නිම් නැබැ සියො සක් ලකුණෙන් විසිතුරු පතුල් දිටි. එ සඳැ බුදුහු “කුමක් බලයි? අසුර,” යි වදාළහැ. “තොප පත්ලෙහි කෙළවර බලමී” කී යැ. “තො භවඅග් දක්වා නැඟි මා පත්ලෙහි කෙළවර බලහි නම්, දක්නට නො නිස්සෙහි”යි වදාළො. එ බස් අසා රාහු අසුරිඳු වැඩැ හොත් බුදුන් මුහුණ බලනුයෙ, නුබ මුදුනෙහි සිටි[115] පුන් සඳක් බලන මිනිසක්හු සෙයින් බැලී යැ. “මෙ ලොකයෙහි තොප වහන්සෙට වැඩි මහත් කෙනෙක් නම් නැති”යි පැහැදැ වැඳැ සරණ ගියෙ.
මෙසෙයින් බුදුහු තමන් පුරුෂදම්‍යසාරථී වන බැවින් රාහු නම් අසුරා ද ආදි ශබ්දයෙන් ගත් වෙපචිත්ති යැ. සුචිත්ති යැ, පහාරාද යැ,[116] ඛලිපුත්ර යැ[117] යන අසුරනුදු දමා සරණසිලැ පිහිට්වුහු. අසුරභවන වාසීන් හා වශවර්තිභවන වාසීන් හා අච්ඡන්දික අභව්‍ය වන බැවින් ඔව්නට අධිගම නැත්.
අසුරදමන නම් සොළොස් වන පරිච්ඡේදය නිමි.
සක් දෙව්රජහු දැමු පරිදි කිසෙ යැ යත්:
ඔහු ඇසු සුතක්[1] ඉසිරි[2] මදමත් වැ නොසඳහන් කෙළෙන්, ඔව්හට[3] සොම්ස් භය ජනවා, මොහඳුරු විධමා, සඳහන්[4] කැරැ වූයෙන්[5] කියත්.
කිසෙ යැ යත්:
පොළො තෙලෙන් දෙ සාලිස් දහසක් යොජුන් තන්හි යුගඳුරු මුදුන හා සම අහස්හි සව්මහරජ දෙව්ලොව්[6] සක්වළ ගල් දක්වා පිහිටියෙ යැ. හෙ අතුරුවෙහෙ පියා පිහිටි රන්රිදීමිණිමුවා දෙව්විමනින් අතුරු නැතියෙ යැ. සතරවරම් මහරජුන් ගෙ සතුරුවන්මුවා දෙව්නුවර යුගඳුරු මුදුනෙහි පිහිටියෙ යැ.[7] එ දෙව්ලොවින් උඩ දෙ සාලිස් දහසක් යොජුන් තන්හි මෙරමුදුන් හා සම අහස්හි තව්තිසා දෙව්ලො සක්වළ ගල් දක්වා පිහිටියෙ යැ. මෙරමුදුන මිණිමුවා යැ. එහි පිටිනුවර[8] මිසැ, තව්තිසා[9] දෙව්නුවර නම් ඇතුළු නුවර මතු පැදි දොරින්[10] පැළදොර දක්වා දස දහසක් යොජනැ. දකුණු දොරින් උතුරු දොර දක්වා දස දහසක් යොජනැ. එ නුවර සතුරුවන්මුවා මහවුරෙන්[11] හා දහසක්[12] රුවන් දොරොට්යෙන්[13] පිරිඛෙව්[14] ලද්දෙ යැ. රන් විමන් රිදී විමන් මිණි විමන් පෙළින්[15] හා උයන් පෙලින් විල් පෙළින් සැදුම් ලද්දෙ යි.
එ නුවරට[16] පැදුන් දෙසෙහි රුවන්මුවා පවුරුදොරොට් පිරිඛෙව් ලද දහසක්[17] යොජුන් නඳුන්වන නම් උයනෙක් ඇති. උයන හා නුවර හා දෙ අතුරෙහි නන්දා නම් චුල්ලනන්දා නම් දෙ පොකුරුණියෙක් ඇති. එ දෙ විල්තෙරැ කේල්මුවසම් සෙයින් යහපහස් දෙන නන්දා නම් චුල්ලනන්දා නම් දෙ රුවන් අතළෙක්[18] ඇති. දකුණු දෙසෙහි එ සෙයින් මැ රුවන්මුවා පවුරුදොරොට් පිරිඛෙව් ලදු[19] පන්සියක් යොජුන්[20] ඵාරුසකවන නම් උයනෙක් ඇති. උයන හා නුවර හා දෙ අතුරෙහි භද්‍රා නම් සුභද්‍රා නම් දෙ පොකුරුණියෙක් ඇති. එ දෙ විල්තෙරැ භද්‍රා නම් සුභද්‍රා නම් දෙ රුවන් අතළෙක්1 ඇති. පැළ දෙසෙහි එ සෙයින් මැ රුවන්මුවා පවුරුදොරොට් පිරිඛෙව් ලදු2 පන්සියක් යොජුන් චිත්‍රලතා[21] නම් උයනෙක් ඇති. උයන හා නුවර හා දෙඅතුරෙහි චිත්‍රා[22] නම් චුල්ලචිත්‍රා නම් දෙ රුවන් අතළෙක්1 ඇති. උතුරු දෙසෙහි එ සෙයින් මැ රුවන්මුවා පවුරු දොරොට් පිරිඛෙව් ලදු2 පන්සියක් යොජුන් මිශ්රකවන නම් උයනෙක් ඇති. එ උයන හා නුවර හා දෙ අතුරෙහි ධර්මා නම් චුල්ලධර්මා නම් දෙ පොකුරුණියෙක් ඇති. එ දෙ විල්තෙරැ ධර්මා නම් චුල්ලධර්මා[23] නම් දෙ රුවන් අතළෙක්1 ඇති. පැදුන් උතුරු කන්හි[24] එසෙයින් මැ රුවන්මුවා පවුරුදොරොට් පිරිඛෙව් ලදු2 සත්සියක්[25] යොජුන් මහාවන නම් උයනෙක් ඇති. එහි රුවන්මුවා දහසක් කූටාගාර ඇති. මහාවන නන්දන[26]වන දෙ අතුරෙහි සියක් යොජුන් නන්දා[27] නම් පොකුරුණියෙක් ඇති. නුවර මැදැ තැන් සියක් යොජුන් රුවන් දද පෙළින් දිලියෙන උසා සත්සියක්* යොජුන් විජයත්පහා නම් මහත් පහයෙක් ඇති. එ පහය සක් දෙව්රජහු මිනිස්පියෙහි වසන කලැ, යන එන ගමනින් වැදැ වසන හලක් කරවා, දුන් පින්කැමින් නිපන්නෙ යි.[28]
එ පහයට පැදුන් දෙසෙහි එකපුණ්ඩරික නම් උයනෙක් ඇති. එ උයන්හි වට පසළොස් යොජුන්[29] උසා පනස් යොජුන්[30] කඳ ඇති පරසතු නම් දෙව් රුකෙක් ඇති. එ රුකැ සතර දෙසෙහි සතර ශාඛාව ද මධ්‍යයෙහි ශාඛාව ද පනස් පනස් යොජනැ. මුල පටන් ගෙනැ මධ්‍ය ශාඛායෙහි අග්[31] දක්වා සියක් යොජනැ. පැදුන් දෙසෙහි ශාඛා අගින් පැළ දෙසෙහි ශාඛා අග්2 දක්වා සියක් යොජනැ. දකුණු දෙසෙහි ශාඛා අගින් උතුරු දෙසෙහි ශාඛා අග් දක්වා සියක් යොජනැ. ශාඛා මඩුලු තුන් සියක් යොජනැ.[32] එ රුකැ[33] පුප්නා මලැ පැහැ පනස් යොජනක් තන්හි පැතිරෙයි. ගඳ සියක් යොජනක් තැනට යෙයි. එ රුක සක්දෙව් රජහු මිනිස් පියෙහි වසන කලැ යන එන ගමනින් සතප්නට කොබොළල[34] රුකක් පිහිට් වූ පින්කැමින් නිපන්නෙ යි.
එ රුක්මුලැ දිග සැට යොජුන්, පළල පනස් යොජුන්, බොල පසළොස් යොජුන් හුන් කලැ තිලි සෙ[35] නාභිය[36] දක්වා ගැලෙන, නැඟි කලැ බෙරතලක්[37]සෙ සම වන, කැමැති සෘතුවක් දෙන, බඳුව ද මල් රැසක් සෙ රත්, පාණ්ඩුකම්බල නම් සලඅස්නෙක් ඇති. හැමබුදුහු හිඳැ විජම් දෙසත්. එ අස්න සක්දෙව්රජහු මිනිස් පියෙහි[38] වසන කලැ යන එන ගමනින්[39] හිඳුනට කොබොළල රුක්පයැ[40] තුබු වලපහණෙකැ[41] පින්කැමින් නිපන්නෙ යි.
විජයත්පහයට උතුරු දෙසෙහි සුධම් නම් දෙව්සහයෙක් ඇති. එහි බිම් පිළිමිණිමුවා යැ.[42] ටම[43] ගන රන්මුවා යැ. කොතුරුපක්[44] රිදීමුවා යැ. වගපෙළ පබළමුවා යැ. හොත් වස්[45] ගොවනැස[46] මුවවිටි සතුරුවන් මුවා යැ. ඇතුළු සියන ඉඳුනිල්මිණිමුවා යැ. පිටි පියන ගන රන්මුවා යැ. කැරැළි රිදී මුවා යැ. අයම් විතර තුන්සිය තුන්සිය යොජනැ[47] වටා නව නියක් යොජනැ. උසා පන්සියක් යොජනැ දෙ දෙව්ලොවැ එයට වඩා රමණි තැනෙක් නම් නැති දෙශනා ද විනිස ද එහි හිඳැ කෙරෙත්. එ දෙව්සහය හලකට රියනක් පමණ කැළිමඬලක් දුන් සුධර්මා[48] නම් මාගම ගෙ පින්කැමින් නිපන්නෙ යැ.
දෙවියො එ දෙව්සහයෙහි රැස් වන කලැ, පරසතු මල් සැණට[49] රැස් වෙත් මැ යැ. බණ අසන්නට රැස් වෙත් මැ යැ. විනිසට[50] රැස් වෙත් මැ යැ. සඟුන් වසා වසන කලැ[51] රැස් වෙත් මැ යැ. පවරන කලැ රැස් වෙත් මැ යි.
කිසෙ යැ යත්:
තව්තිසැ[52] වැසි දෙවියො හවුරුද්දක් දවස් දිව පරසතු රුක ගොස් ගොස් බලන්නාහු. එහි පත් විලිකුන් කලැ, “පත් විලික්සිණ, මඳ දවසෙකින් වැම්හෙ”යි[53] සතුට් වැ සැන මත් වැ සැණ කෙළිති.[54] පත් වැම්හුණු කලැ “මඳ දවසෙකින් අකුරු[55] විහිද්දි”යි සතුට් වැ සැණ කෙළිති.* අකුරු8වුහුට් කලැ[56] “මඳ දවසෙකින් පලු විහිද්දි” සතුට් වැ සැණ කෙළිති. පලුපත් වුහුට්9 කලැ “මඳ දවසෙකින් කැන් ගන්නි”යි සතුට් වැ සැණකෙළිති. කැන් ගත් කලැ “මඳ දවසෙකින් කැකුළු ගන්නි”යි සතුට් වැ සැළකෙළිති. කැකුළු ගත් කලැ “මඳ දවසෙකින් මිණිදැදිරි වර[57]වෙ”යි සතුට් වැ සැණකෙළිති. මිණිදැදිරි වර වූ කලැ “මඳ දවසෙකින් මල් පිපෙ”යි සතුට් වැ සැණකෙළිති. මල් පිපි කලැ මල් බිඳුනා සඳහා රුකට නැඟෙන කිස නො ද ඇති. මල්කතුරු ගෙනැ අතු නමන කිස නො ද ඇති මල් ඕනා[58] සුමුඟු එළවන කිස නොද ඇති. එක් සුළඟෙක් නැඟි මල් තුවටුයෙන් කඩයි. එක් සුළඟෙක් මල් ගෙනැ සිටී. එක් සුළඟෙක් මල් සුධම් දෙව්සහයට[59] ගෙනැ වද්දි. එක් සුළඟෙක් එහි මල්පරඬලා හැමැදැ[60] ගෙනැ යෙයි. එක් සුළඟෙක් එහි පෙති[61] කෙසරුකෙමි රඳවමින් මල් අතුරයි.[62]
මධ්‍යයෙහි[63] ධර්මාසනයෙක් වෙයි. එ අස්නෙහි යොජුන් පමණ රුවන් පලග වෙයි. පලග මුදුනෙහි තුන් යොජුන් පමණ දිව සෙ-සත් වෙයි. එ වැළැතැ සක් දෙව්රජ හට අසුන් පනවති. එ එක්බිති දෙතිස් දෙව්පුත්නට[64] අසුන් පන්වති. එ එක්බිති මහානුභාව දෙවියනට අසුන් පන්වති. සෙසු දෙවියනට[65] පරසතු මල්කෙමි මැ අසුන් වෙයි. දෙවියො දෙව්සහයට වැදැ හිඳිති. එ මල්මි මුවරද[66] රොන්සළා නැඟී කැණිමඬලෙහි පැහැරැ බැසැ දෙවියන්ගෙ තුන් ගවු පමණ රන්වන් සිරිරු ලාරස පරිෂෙකයක් සෙයින් තවරයි.[67]
එහි සනත්කුමාර නම් මහබඹ[68] හො අවුදු හිඳැ බණ කියයි. බණ දන්නා මහතෙර කෙනෙක් හො හිස් හිඳැ බණ කියති. බණ කියන සෙ දන්නා දෙව්පිතෙක්[69] හො බණ කියති.[70] සක් දෙව්රජ හො, බණ කියා. සනත්කුමාර[71] බණ කියන කලැ පන්සිකා දෙව්පිත්හු ගෙ[72] වෙසින් හිඳැ බණ කියා.
කුමට යැ යත්:
පන්සිකා දෙව්පිත් මිනිස්පියෙහි සිටැ පින්කම් කරන කලැ කෙහෙ පන්සුළ ලු[73] ළදැරි[74] යැ[75] හෙ ගොපලුදරු වනට[76] දෙට වැ සෙසු රදුවන් ගෙනැ ගැමින් පිටත සතර මඟ එක් වූ තැනැ හල්[77] කරවමින් පොකුණු බිඳුවමින් හෙ[78] කරවමින්[79]ඇවිදුනෙ, නව යොව්නෙහි මැ මෙළෙ. ඔව්හට ඒ අත්බව් කල් විය.[80]හෙ මියැ, සව්මහරජ දෙව් ලොවැ ගඳෙවු[81] දෙවියන් කෙරෙහි අනූ ලක්ෂයකට ආයුෂ ගෙනැ උපන. ඔව්හට තුන් ගව් පමණ කසුන් කඳක් වන් දිලියෙන අත්බව් වියැ. හෙ දහසක් ගැල් පමණ පළඳනා පැළැඳැ නව කුඹක්[82] පමණ ගඳ[83] විලෙවුන් ගෙනැ රත්දිවපිළී[84] හැඳැ රත්රන්කෙමි පැළැදැ පස්සුළක් කොටැ කෙහෙ බැඳැ බහා-ලයි. එයින් පන්සිකා දේව නම් වැ ඇවිද්දි. එ දෙව් හැම දෙවියනට මැ ප්‍රිය යැ. එයින් සනත්කුමාර නම් මහබඹ උහුගෙ වෙසින් අවුදු හිඳැ බණ කියා.
දෙවියන් සුධම් දෙව්සහයෙහි රැස් වෙත් මැ, දියරට් නම් ගඳෙවු දෙව්රජ[85] කෙළ සුවහසක් ගඳෙවු දෙවියන් පිරිවරා කෙළ සුවහසක් රන්[86] පලග හා රස්අඩයටි හා ගෙන්වා ගෙනැ පැදුන් දිසායෙහි පැළ දිසා බලා දෙ දෙව්ලොවැ දෙවියන් පෙරට කොටැ අරක් ගෙනැ හිඳී. විරුළු[87] නම් වරම් මහරජ කෙළ සුවහස් කුම්භාණ්ඩ දෙවියන්[88] පිරිවරා කෙළ සුවහස් රිදී පලග හා රන් අඩයටි හා ගෙන්වා-ගෙනැ දකුණු දිසායෙහි උතුරු දිසා බලා දෙ දෙව්ලොවැ දෙවියන් පෙරට කොටැ අරක් ගෙනැ හිඳී. විරූපක්ඛ[89] නම් වරම් මහරජ කෙළ සුවහසක් නාගභටයන් පිරිවරා කෙළ සුවහසක් මිණිපලග හා රන්අඩයටි හා ගෙන්වා – ගෙනැ පැළ දිසායෙහි පැදුන් දිසා බලා දෙ දෙව් ලොවැ දෙවියන් පෙරට කොටැ අරක් ගෙනැ හිඳී. වෙසවුණු[90] නම් වරම් මහරජ කෙළ සුවහසක් යක්ෂයන් පිරිවරා කෙළ සුවහසක් පබළපලග හා රන් අඩයටි හා ගෙන්වා-ගෙනැ උතුරු දිසායෙහි දකුණු දිසා බලා දෙ දෙව්ලොවැ දෙවියන් පෙරට කොටැ අරක් ගෙනැ හිඳී.
මෙ සෙයින් ගත් අරක් ඇති දෙවියන්ගෙ පරසතු මල් සැණ සාර මසින් අවසන් වේ.
අටවක් පොහො දවස් සතරවරම් මහරජුන් ඇමැත්තො, සයිත්[91] පොහොදවස් සතරවරම් මහරජුන් දරුවො, පනුරැසි පොහො දවස් සතරවරම් මහරජහු, රන්පත් හා දෑහිඟුල්[92] හා ගෙනැ නික්මැ ගම් නියම්ගම් නුවර වැද “අසුවල් මාගම් අසූවල් පිරිමි[93] බුදුසරණ ගියෙ යැ[94]: ධම්සරණ ගියෙ යැ2; සඟසරණ ගියෙ යැ2; පන්සිල් රක්කි[95]; පෙහෙ වෙයි; මවුවටන් පියවටන් ධම්[96] පුරයි; මල් පුදයි; ගඳ පුදයි; පහන් පුදයි; බණ අසයි; බණ දන්නාහට[97] මහත් සත්කාර කොටැ බණ කියවයි; දහගම්[98] මහබො පිළිම පිහිට්වයි; තුන් සුසිරි පින්කම්[99] පුරයි; දස කුසල් කම්පථයෙහි සමාදන් වැ වැටෙයි; රන් පතැ දෑහිඟලෙන් ලියා ඇරැ පන්සිකා දෙවියාට දෙති. පන්සිකා දෙව්[100] මාතලි දෙව්පිත් හට[101] දෙයි.[102] මාතලි දෙව්පිත් සක් දෙව්රජ හට දෙයි.10
යම් කලෙක්හි පින්කම් කරන්නාහු නොබොහොහු ද, එ කල්හි පොත කුඩා වෙයි. එ දැකැ දෙවියො “ජනයො පමා වැ දවස් යවති. සතර අපාය පිරෙයි; සදෙව්ලොව සිස්වෙ”යි රෑණි[103] වෙති. ඉදින් පොත මහත් වී නම්, එ දැකැ, “ජනයො නොපමා වැ දවස් යවති; සතර අපාය හිස් වෙයි; සදෙව්ලො පිරෙයි. බුදුසස්නෙහි පින්කම් කොටැ ආ මහපිනැති දෙවියන් ප්‍රධාන කොටැ සැණ කෙළෙනා[104] ලබම්හ”යි[105] සතුට් වෙති. එ පොත ගෙනැ සක් දෙව්රජ කියවයි. ඔහු පියවි බසින් කියවන කලැ දොළොස් යොජනක් තැනට ඇසෙයි. මහත් කොටැ කියවන කලැ සියලු දස දහසක් යොජුන් දෙව්නුවර පැතිරැ සිටී.
පොළොව පටන්-ගෙනැ කප්රුක් සඳහා දිවසරන් සඳහා දෙවියන් උනුන් හා කරන සටන් සක් දෙව්රජහු කෙරෙ සිඳෙයි.[106] දෙවියන් දුහු දු පුත්හු දු උපපාදුක වැ ඇකයෙහි උපදිති. පාදපරිචාරිකාවො යහන්හි උපදිති. ඔවුන් පායින් ගන්වන[107] පළඳනා පළඳවන, දෙවියො යහන්[108] වටා උපදති. මෙහෙ කරන දෙවියො ඇතුළු විමන්හි උපදති. ඔවුන් සඳහා දෙවියන් කරන සටන් නැති.
යම් කෙනෙක් හිම්අතුරෙහි උපන්හු ද, ඔහු “මා ගැත්තහ” යි[109] “තා ගැත්තහ”යි1 නිශ්චය කරන්නට නොපොහොසත් වූවාහු, උනුන් හා සටන් කෙරෙති. සක් දෙව් රජහු කරා ගොස් පුළුවුස්ති. හෙ, යමක්හු ගෙ විමනට ආසන්න වී නම්, “උහු ගැත්තෙ යැ” යෙයි. ඉදින් දෙදෙනා ගෙ සීමා මධ්‍යයෙහි උපැද යමක්හු විමන් බලා සිටියෙ වී නම්, “උහු මැ[110] ගැත්තෙ යැ” යෙයි. එකක්හු දු ගෙ විමන් නොබලා සිටියෙ වී නම්, දෙදෙනා කලහ පසිඳුනා සඳහා සක් දෙව්රජ තමා අයැති කෙරෙයි. මෙ ඈ නො එක් විනිස දු එහි මැ පවත්ති.
සඟුන් පවරන දවස් රැස් වූ දෙවියො, “අද කොයට ගොස් කා කෙරෙහි පවරම්හ හො!” යි බැණැ ගන්ති. ඔවුන් කෙරෙහි සක් දෙව්රජ බොහො සෙ පුවඟු දිවයින් ලක්දිව් හො ගොස් පවරා දහ[111] මහබො වන්දි. සෙසු දෙවියො පරසතු මල් ඈ දිවමල් හා දිව සඳුන් ගෙනැ තමන් තමනට රිසියුණු තැනට ගොස් පවරා දහ3 මහබො වඳිත්.
සක් දෙව්රජහු[112] දෙවියන් රැස් වනු සඳහා එක්සියවිසි රියන් විජයතුරා[113] සක එක් යලක් පිඹැ-පී[114] කල්හි එ හඬ දස දහසක් යොජුන් තව්තිසැ දෙව්නුවරැ පැතිරැ සාර මසින් නිසන් වෙ.
මෙසෙ[115] විසිතුරු තව්තිසැ දෙව් ලොවැ රජ කරන සක් දෙව්රජහු උයන් කෙළනට යන කල්හි, දියරට් නම් වරම් මහරජ පැදුන් සක්වළ මුවවිටියෙහි තමාගෙ සෙනඟ එවැ, රිදීමුවා අසිපතර ඉසුලු කෙළ සුවහසක් ගඳෙවු දෙව් බලන්ගෙනැ වටා ලු කෙළසුවහසක් රිදී දඬුවැට ඇතියා වැ සුදු බරණින්[116] සැදි[117] සුදු[118] දිවඅස්රජක්හු නැඟී යුඟඳුරු ගල් මුදුනෙහි පැදුන් දෙසෙන්[119] අරක් ගන්නි. විරුළු නම් වරම් මහරජ දකුණු සක්වළ මුවවිටියෙහි තමාගෙ සෙනඟ එවැ,
මිණිමුවා අසිපතර ඉසුලු කෙළ සුවහසක් කුම්භාණ්ඩදෙව භටටයන් හා සමඟ කෙළ සුවහසක් මිණිදඬුවැට ඇතියා වැ, මිණිඅබරණින් සැදි සම්වන්[120] දිවඅසක්හු[121] නැඟි යුඟඳුරු ගල් මුදුනෙහි දකුණු දෙසෙන්[122] අරක් ගන්නි. විරූපක්ඛ නම් වරම් මහරජ පැළ සක්වළ මුවවිටියෙහි තමන්ගෙ සෙනඟ එවැ, පබළමුවා[123] අසිපතර ඉසුලු කෙළසුවහසක් නාගභටයන් හා සමඟ කෙළ සුවහසක් පබළ දඬුවැට ඇතියා වැ, පබළ බරණින් සැදී පබළවන් දිව අසක්හු නැඟී යුගඳුරු ගල් මුදුනෙහි පැළ දෙසෙන් අරක් ගන්නි. වෙසවුණු නම් වරම් මහරජ උතුරු සක්වළ මුවවිටියෙහි තමා ගෙ සෙනඟ එවැ, රන්මුවා අසිපතර ඉසුලු[124] කෙළ සුවහසක් යක්බළන් හා සමඟ කෙළ සුවහසක් රන් දඬුවැට ඇතියා වැ, රන් අබරණින් සැදි රන්වන් දිව අසකු නැඟී යුගඳුරු ගල් මුදුනෙහි උතුරු දෙසෙන් අරක් ගන්නි.
සුධම් නම් ගඳෙවු දෙව්පිතෙක් සර්වනන්ද[125] නම් බෙරක් අස්හි ලා, අට සැට දහසක් බෙරින් පිරිවරන ලදු වැ, නොඑක් දහස් දෙව්නළන්[126] හා සමඟ අවටහි පනස් යොජනක් පමණ තන්හි මඬුලු බැඳැ, පැදුන් සක්වළගල් මුදුනෙහි නළුගඳෙවු කෙරෙයි. තිම්බරු[127] නම් ගඳෙවු දෙව්පිතෙක් එකප්රමුඛ[128] නම් බෙරක් අස්හි ලා, අට සැට දහසක් බෙරින් පිරිවරන ලදු වැ නොඑක් දහස් දෙව්නළන්[129] හා සමඟ අවටහි පනස් යොජනක් පමණ තන්හි මඬුලු බැඳැ, දකුණු සක්වළ ගල් මුදුනෙහි නළුගඳෙවු කෙරෙයි.[130] දික්ප්රමුඛ[131] නම් ගඳෙවු දෙව්පිතෙක් මහාභාණ්ඩ නම් බෙරක් අස්හි ලා, අට සැට දහසක් බෙරින් පිරිවරන ලදු වැ, නො එක් දහස් දෙව්නළන් හා සමඟ අවටහි පනස් යොජනක් පමණ තන්හි මඬුලු බැඳැ, පැළ සක්වළ ගල් මුදුනෙහි නළුගඳෙවු කෙරෙ. පඤ්චශිඛ නම් ගඳෙවු දෙව්පිතෙක් සුස්වර නම් බෙරක් අස්හි ලා, ඇට සැටදහසක් දිවබෙරින් පිරිවරන ලදු වැ නොඑක් දහස් දෙව්නළන් හා සමඟ අවටහි පනස් යොජනක් පමණ තන්හි පිරිස් බැඳැ[132] උතුරු සක්වළ ගල් මුදුනෙහි නළුගඳෙවු කෙරෙ.
මෙසෙ සිවුපස්හි සතරවරම් මහරජුන් විසින් ගත් ඇරක් ඇතියා වැ හාත්පසින් දක්වන ලද නළුගඳෙවු විඳිමින් සක් දෙව්මහරජ උයන් කෙළෙනට යනුයෙ, ඇතැම් කලෙක්හි විශ්වකර්මයා මැවු නාරිවාහන ඇති රන්මුවා මණ්ඩපයෙන්[133] යෙයි ඇතැම් කලෙක් දිව අස් දහසුන් යුත් පස් වනක් ධ්වජ පෙළින් ගැවැසී ගත් අහස්කුස් ඇති යෙළ සියක් යොජුන් සත්රුවන්මුවා විජයත් නම් රථයෙන්[134] යෙයි. ඇතැම් කලෙක්හි ඓරාවණ නම් දිව ඇත්රජක්හු නැඟී යෙයි.
එ ඇත් දිග එක්සියපනස් යොජුන් වැ උසා අනූයොජුන් වැ බොල පනස් යොජුන්වැ තෙතිස් කුඹුපෙළ ඇතිවැ මැවෙයි. එකෙකි කුඹුතෙලෙහි[135] සත් සත් දළ මැවෙයි.[136] එකෙකි දළ පනස් පනස් යොජුන් වෙයි. එකෙකි දළැ සත් සත් පොකුරුණි වෙයි. එකෙකි පොකුරුණියැ සත් සත් නෙලු ඹුලිය වෙයි. එකෙකි ලියෙහි සත් සත් පියුම් වෙයි. එකෙකි පියුමෙහි සත් සත් පෙති වෙයි. එකෙකි පෙත්තෙහි සත් සත් දෙවඟනො නටති. එකෙකි දෙවඟනට සත් සත් දෙව්දුහු පිරිවර වෙත්.
මෙසෙ සැදි ඇත්රජුහු පිටැ දිග පනස් යොජුන් උසා පසළොස් යොජුන් රුවන් මඬියෙක්[137] හො වෙයි. මැදැ දෙතිස් යොජුන් මහසුදසුන් කුඹුමතුයෙහි දොළොස් යොජුන් රුවන් මඬියෙක් හො වෙයි. එ මඩුයෙහි සුවසූදහසක් රුවන් ටඹ වෙයි. එකෙකි ටඹ වැළැදි සත් සත් රුවන් කුසුම්ලිය වෙයි. උඩ සතුරුවන්මුවා මල්දමින් දුන් ලල් දහස් වෙයි. අතරතුරෙහි සතුරුවන්මුවා දද පෙළ වෙයි. තන්හි තන්හි ලඹන මිණිකිකිණි දැල්වෙයි. එ දැල් මඳමරු පහසින් පසඟ තුරු රැවු පරයා හඬයි. වටා මිණිවෙදිකා වෙයි. වෙදිකායෙන් පිටත ආයුධහස්ත වැ අටවිසි යක් සෙනෙවියො සිටිති. වෙදිකායෙන්[138] ඇතුළතැ සක් දෙව් රජ හට වල්ලභ මහානුභාව දෙවියො සිටිති. දෙපස්හි දෙතිස් කුඹුතෙළෙහි පිහිටි රුවන් මඬියෙහි දෙතිස් දෙව්රජහු හිඳිති.
මැඳැ තිස්යොජුන් සුදසුන් කුඹැ පිහිටි දොළොස් යොජුන් පමණ රුවන්මඩු මැඳැ යොජුන් පමණ මිණිපලඟෙහි තුන් යොජුන් සෙ-සත්‍යට දිවබරණින් සව්සජ වැ සක්දෙව් මහ රජ හිඳී. උහුගෙ සුධර්මා නම් භාර්යා දිවඅබරණින් සව්සජ වැ නොඑක් සුවහස් දෙව්සරන් පිරිවරා පෙරට[139] හිඳී. සුජාතා නම් භාර්යා දිවඅබරණින් සව්සජ වැ නොඑක් සුවහස් දෙව්සරන් පිරිවරා දකුණත්පස්හි හිඳී. නන්දා නම් භාර්යා දිවබරණින් සව්සජ වැ නොඑක් සුවහස් දෙව්සරන් පිරිවරා වමත්පස්හි හිඳී. චිත්‍රා නම් භාර්යා දිවඅබරණින් සව්සජ වැ නොඑක් සුවහස් දෙව්සරන් පිරිවරා පිටිපස්හි හිඳී. වල්ලභ වූ තෙයනූදහසක් දෙව්දුහු සැදී පැහැදී රුවන් කොතුරු ඈ පානීයභාජන ගෙනැ හාත් පස්හි හිඳිත්. නොඑක් දහස් සුරවමියො පුන් කලස ගෙනැ මොවුන් පිරිවරා සිටිත්. මොවුන් මැ පිරිවරා හිඳැ නොඑක් දහස් සුරවමියො බිහිරඟහි[140] නටත්.
අලම්බුසා ඈ ප්‍රධාන සුරවමියන් කෙරෙහි ගර්ගරා නම් අප්සරා මහාවීණා නම් වෙණක් වයා. එ සඳැ එ වෙණ පිරිවර[141] සැට දහසක් වෙණ තෙමෙ මැ රැව් දෙ. සුධමා[142] නම් දෙව්දු සුන්දරරාව[143] නම් වංශයක් පුඹී.[144] එ වංශය පිරිවර[145] සැට දහසක් වංශ තෙමෙ මැ රැව් දෙ. ආහත්යසාරී[146] නම් දෙව්දු මධුරස්වර නම් නකුලවීණාවක් වයා. එ සඳැ එ වෙණැ පිරිවර4 සැට දහසක්8 නකුලවීණා තෙමෙ මැ රැව් දෙ. මණිමෙඛලා නම් දෙව්දු විජයොත්තර නම් සකක් පුඹී.[147] එ සක පිරිවර[148] සැට[149] දහසක් සක් තෙමෙ මෑ රැව් දෙ. මනොහරා නම් දෙව්දු පෘථුබිම්බ නම් මිහිඟක්[150] වයා. එ මිහිඟ පිරිවර2 සැට දහසක්3 මිහිඟු තෙමෙ මැ රැව් දෙ. අතිවෘත්තිකා[151] නම් දෙව්දු ආනන්දජනක[152] නම් මිහිඟක් වයා. එ මිහිඟ පිරිවර2 සැට3 දහසක් මිහිඟු තෙමෙ මැ රැව් දෙ. මත්තකී[153] නම් දෙව්දු දීර්ඝමුඛ[154] නම් එකච්ඡිද්‍ර යක්[155] වයා. එය[156] පිරිවර2 සැට3 දහසක් එකච්ඡිද්‍ර තෙමෙ මැ රැව් දෙ. නන්දා නම් දෙව්දු කොලස්වර[157] නම් වෙණක් වයා. එය10 පිරිවර2 සැට3 දහසක් කොලස්වර11 තෙමෙ මැ රැව් දෙ. යාමා නම් දෙව්දු චිත්රපුෂ්කර[158] නම් පටහයක් වයා. එය10 පිරිවර2 සැට3 දහසක් පටහ තෙමෙ මැ රැව් දෙ. ඝොරස්වරා[159] නම් දෙව්දු මඤ්ජුස්වර[160] නම් මණිපර්වයක් වයා එය10 පිරිවර2 සැට3 දහසක් මණි පර්ව තෙමෙ මැ රැව් දෙ. සර්වාඞ්ගශොභනා[161] නම් දෙවුදු දෘඪඝොස[162] නම් මහබෙරක්[163] වයා. එය10 පිරිවර2 සැට3 දහසක් මහ බෙර තෙමෙ මැ රැව් දෙ.
මෙසෙ නොඑක් දහස් සුවහස් දිව්යාඞ්ගනාවො නානා නාමයෙන් විශිෂ්ට වූ ආතත යැ විතත යැ ආතතවිතත යැ ඝන යැ සුසිර යැ යන වාද්‍ය වයත්. එකෙකි වාද්‍ය පිරිවර සැට3 දහසක් වාද්‍ය තෙමෙ මැ රැව් දෙ.
මෙසෙ එක් දවසක් දෙ දෙව්ලො වැසි දෙවියන් විසින් අනුයාත වැ, සිවු ලොපලුන් විසින් අත් අරග් ඇතියා වැ, අටවිසි යක් සෙනෙවියන් විසින් පමුණුවන ලද් දෙව්සෙනඟ හා සමඟ සත්රුවන්[164] කලස ඈ සලිල භාජන ඉසුලු අඩු තුන් කෙළක් සුරසුන්දරීන්[165] පිරිවර ඇතියා වැ, සූවිසි කෙළක් දෙව්නළන් ගෙ නළුගඳෙවු විඳිමින්, නන්[166] දෙසෙන් වස්නා දිවකුසුම් පරත වීරමින්, නරතුරු[167] වැහෙන දිව කළුවැල් ඈ ගඳරොනින් වැසෙමින්, උයන් කෙළෙනට යන සක් දෙව්රජ උයන් දොරට පත් කල්හි “නිවන් අරමුණු කොට රාත් වු දෙව්මිනිස්නට උතුම් මහණහු ගෙ[168] පූර්වභාග පිළිවෙත් කවර හො?” සිතී.
එක්බිති “මෙ පැනය ඉතා සසිරි ය.[169] ඉදින් මම් මෙ නොඋගෙනැ උයන් වනිම් නම්. සක්දොර ඈ සදොරින් අවුදු වදනා රූ ඈ සඅරමුණෙන් මුළා වැ මෙ පැනය සඳහන් නොකරනු වෙමි. දැන් උයන්කෙළි තබා බුදුන් කරා ගොස් මෙ පැනය පිළිවිසැ උගත් පැන ඇතියා වැ, උයන් කෙළිමි”යි ඇත්කඳැ උතුරුධන් වැ, වක් කළ අතක්[170] දික් නොකරන තුරු, පුවරම් මහවෙහෙරැ මුවරමාපායැ[171] බුදුන් පෙරට පහළ වී[172] එ සතර වරම් මහරජහු දු රකවල් ගෙනැ සිටි සෙ මැ සිටියාහැ. පිරිවරා සිටි දෙව්රැස්හු දු නළුවො ද ඓරාවණ ඇත්රජ දු එ මැ උයන්දොරැ සිටි සෙ මැ සිටියාහු.
එකල්හි සක් දෙව්රජ බුදුන් වැඳැ එකත්පස් වැ සිටැ, විසිතුරු උයන් කෙළෙනට යාටි[173] වූයෙ, වෙළෙවි වැ පැන පුළුවුස්නෙ, “වහන්සේ, නිවන් අරමුණු කොටැ රත් වූ දෙව්මිනිස්නට උතුම් මහණහු ගෙ පූර්වභාග ප්‍රතිපත් සැඛෙවින්[174] මට වදාරනු මැනැවැ”යි කී යැ. එ සඳැ බුදුහු “ඉධ දෙවා නමින් ද, භික්ඛුනො සුතං හොති” යනාදි විසින් සල්හු කොටැ පැන විසජුහැ. සක් දෙව්රජ අසා අනුමො වැ[175] සාධුකාර දී උයන් කෙළෙනට ගියෙ. මෙහි විස්තර මැඳුම්සඟි යෙහි චුල්ල තණ්හාසඞ්ඛය සුතින්[176] දන්නෙ යැ.
එකල්හි බුදුහු මුවරමාපායැ සතුරුවන්මුවා කූටාගාරයෙහි සිරියහන් ගැබැ වැඩැහුන්නාහු. එයට දකුණු පස්හි[177] සැරැයුත් මහතෙරුන් වසන රුවන්මුවා කූටාගාර යැ.[178] වමත් පන්හි මහමුඟලන් මහතෙරුන් වසන රුවන්මුවා කූටාගාර යැ.1 අතුරෙහි සිදුරු විවර නැති.
එකල්හි මහමුඟලන් මහතෙරහු අන්තඃ[179] කූටාගාරයෙහි වැඩැ හුන්නාහු බුදුන් පැන විසජන[180] හඬ[181] නො ඇසුහු. සක් දෙව්රජහු අනුමො වැ සාධුකාර දෙන හඬ ඇසුහ. බුදුන් පැන විසජන[182] හඬ කුමට නො ඇසුහැ යත්: බුදුන් ධම් දෙසන කලැ එකාබද්ධ වැ සක්වළගල් පරියන්ත වැ5 හුන් පිරිස්නට ඇසෙයි. පිරිස් අන්තය පියා[183] එක් අඟලක් තනුදු[184] නො ඇසෙ. කුමට නො ඇසෙ[185] යත්: එබඳු මියුරු තෙපුල් නිරර්ථක වැ නොගිය මැනැවින්[186] නො යෙ.[187]
එබැවින් බුදුන් පැන විසජන හඬ4 සෙ ඇසුව දැ, සක් දෙව්රජහු සාධුකාර දෙන හඬ අසා, “මෙ දෙව්රජ[188] දැනැ අනුමො වියැ.[189] හො! නො දැනැ හිස් සලයි හො!යි, ගොස් පිළිවිසැ බැලුව මැනැවැ”යි දික් කළ අතක් වක් නොකරන තුරු මුවරමාපායැ අතුරුධන් වැ තව්තිසැ දෙව්නුවරැ[190] පෙනුණුහු. එකල්හි සක් දෙව්රජ එකපුණ්ඩරීක[191] නම් උයන්හි තමා පිරිවරා වයන[192] පන්සියක් පසඟ තුරු රැවින් නැටුම් ගඳෙවු විඳිමින් හුන්නෙ, මහමුඟලන් මහතෙරුන් වඩනවුන්[193] දුරින් දැකැ, යම්සෙ සැදැහැ ඇති රජෙක් එබඳු මහතෙර කෙනකුන් දැකැ “අසුවල් වහන්සෙ වැඩි දෑ යැ දැරියෙනි, ගී නොකියව. නො වයව.[194] නො නටව”යි නළුවන් පහර කෙරෙ ද, එ සෙයින් ම සක් දෙව් රජ වයමින් සිටි පන්සියක් දිවපසඟතුරු පහ කරවා-පියා මහතෙරුන් කරා එළබැ, සෙසු කලැ මහතෙරුන් දෙවචාරිකාවට වැඩි විරු ද[195] වුව, “අප කරා බොහො කලෙකින් වැඩි දෑ යැ”යි ප්‍රිය කථා බැණැ, යොජුන් පමණ මිණිපලඟක් පන්වා[196] මෙ අස්නෙ වැඩැහිඳුනෙ යැ” යි[197] කී යැ. මහතෙරහු එහි වැඩැහුන්හ. සක් දෙව්රජ දු මිටි අස්නක් ගෙනැ,[198] එකත්පස් වැ හින්දි.[199] ඔව්හට මහතෙරහු “දෙව්රජ, අප බුදුන් තට වදාළ සුත ඇසියටියම්හ”යි කීහු.
සක් දෙව්රජ “වහන්සෙ, ඇප් බොහො කාර්යය ඇත්තම්හ. අපගෙ කාර්යය මඳැ. දෙවියන් ගෙ කාර්යය බෙහෙවැ. අප මනා කොටැ උගත් දෙයකුදු වී නම්, වහා මැ අතුරුධන් වෙයි. අඳුරුයෙහි[200] රූ සෙයින් නො පැනෙයි. එයින් මම වහන්සෙ පුළුවුත් දෑ කියන්නට නො නිස්සමි”යි කී යැ.
මහතෙරහු “මෙ දෙව්රජ කවර කාරණයෙන් නොසඳහන් කෙරෙයි[201] හො?” අවජනාහු[202] “දෙවියො නම් මහාමූඪයහැ.[203] සදොර සඅරමුණෙන් මඩනා ලද්දාහු තමන් කෑබව් නොකෑබව් පූබව් නොපූව් නො දන්ති” යි ඔහු මුළා වැ නොසඳහන් කළ පරිදි දත්හු.
එකල්හි සක් දෙව්රජ “වහන්සෙ, පූර්වයෙහි දෙවාසුර සඞ්ග්‍රාම වී යැ.[204] එකල්හි දෙවියො දුනුහැ.[205] අසුරො පරදහැ[206] දෙවියන් දුනු කල්හි විජයත්[207] පහා නම් පහයෙන් උපනැ. එ පහයැ සියක් නිර්යූහ යැ.[208] එකෙකි නිර්යූහයෙහි සත්සිය සත්සිය කූටාගාර යැ. එකෙකි කූටාගාරයෙහි සත් සත් දිවසරහැ. එකෙකි දිවසරට[209] මල් ගොතන, පහයින් ගන්වන පළඳනා[210] පළඳවන, සත් සත දෙව්දුහැ. මෙ සෙයින් රමණිනන් විසිතුරු මිණිරසින් දිලියෙන විජයත්පහා බලනු මැනැවැ”යි කී හැ. මහතෙරහු නො බැණැ ඉවසුහු.
එකල්හි සක් දෙව්රජ දු ඔව්හට වල්ලභ වෙසවුණු රජ දු මහතෙරුන් පෙරට කොටැ විජයත් පහයට ගියො. එ සඳැ සක් දෙව්රජහු ගෙ පාරිචාරිකාවො මහතෙරුන් දැකැ,
සුහුරක්හු දුටුව ණියක[211] සෙයින්, විළි ඇති වැ, තමන් තමන්ගෙ අපචරකයට වැදැ දොර අඩවළ[212] කොටැ බලැ[213] සිටියො. එ සඳැ සක් දෙව්රජ හා[214] වෙසවුණු දෙව්රජ හා දෙ දෙන මහතෙරුන් පහයැ සක්මන් කරවමින් ඇවිද්නාහු[215] “වහන්සෙ, මෙ පහය රමණි සෙ දුටු ද? මේ රන්ටඹ බලව, රිදීටඹ බලව, මිනිටඹ බලව, පබළටඹ බලව. මරාටඹ බලව. සතුරුවන්ටඹ බලව. රන්මුවා රිදීමුවා මිණිමුවා පබළමුවා මරාමුවා*සතුරුවන් මුවා කොතුරු පක්[216] බලව. වගවළරු[217] බලව. ටඹමුල් බලව” යනාදි විසින් පහය රමණි පරිදි කියකියා දැක්වූහු.
එ සපුව ඔහු පෙරැ කළ පින්කැමින් ලද[218] පරිදි කියා සිටැ, මහතෙරහු “මෙ දෙව්රජ තුමාගෙ පහයෙන්[219], නළුවන් විසින්, සම්පතින්, යශසින්, ඉතා පමා වැ දවස් යවයි. මොහට සංවෙග ජැනවුව මැනැවැ”යි අප්කිසුණු සමවත් සමවැදැ, “පහය පිහිටි අවකාශය දිය වෙව”යි ඉටා, පහය කැරළඅග පාදාඞ්ගුෂ්ඨයෙන් පහළහු. සම්සෙ දියපිට, තුබු පයෙක්, මුවවිට ඇඟිල්ලෙන් පහරන[220] ලද්දෙ, බමා ද,[221] සැලෙ ද, නො සිටී ද, එසෙයින් මැ පහය බමයි[222] සැලෙයි. නො සිටියි. ටඹ වළ[223] සඟළ ගොවනැස් කැණි මඬුලු ආදිහු “කර කර” යන හඬ විහිදුවමින් හෙන්නන් වැනි වූහු. එකල්හි සක් දෙව්රජ දු වෙසවුණු දෙව්රජ දු තව්තිසැ වැසි දෙවියො ද මහතෙරුන් ගෙ සෘද්ධිප්රාතිහාර්යය දැකැ, විස්මයප්‍රාප්ත වැ “අච්ඡරියං වත හො! අබ්භුතං වත හො!”යි ගුගුළහැ.
එකල්හි මහතෙරහු, සක් දෙව්රජහු උද්විග්ල වැ චලිත වැ කසුන් බිත්හි මිණිනාදැති සෙයින් පිපි ලොමින් ගැවසී ගත් සිරිරු ඇතිසෙ දැකැ, “දෙව්රජ, අප බුදුන් තට වදාළ සුත ඇසියටියම්හ”යි කීහු. එකල්හි සක් දෙව්රජ, මහතෙරුන් තම හට සොම්නස්[224] සංවෙග දනවා මොහඳුරු දුරු කළ කල්හි සුත සඳහන් කොටැ, තමා බුදුන් කරා ගිය සෙ, වැඳැ එකත් පස් වැ සිටැ පැන පුළුවුත් සෙ, බුදුන් විසැජු සෙ, කී යැ.
මහතෙරහු සක් දෙව්රජහු විසින් කියන ලද සුත අසා අනුමො වැ[225] වක් කළ අතක් දික් නොකරන තුරු තව්තිසැ දෙව්ලොවැ අතුරුධන් වැ මුවරමාපහයැ පහළ වූහු. සක් දෙව්රජහු ගෙ පිරිවර සුරවමියො මහතෙරුන් වැඩි කලැ – “මහරජ, කොයට ගොස් ආහි[226]යි පුළුවුත් කලැ[227] බුදුන් වහන්සෙ කරා ගියෙමි”යි යෙහි.[228] “මුහු තා කියන බුදුහු වෙත් දැ?”යි කීහැ. “මොහු බුදුහු නොවෙති. බුදුන් ගෙ සස්නෙහි මා හා සබඳ එක් සඟ කෙනෙකැ”යි කී යැ.[229]
එකල්හි සුරවමියො “මහරජ, තො පිනැත්තෙහි. මෙබඳු මහානුභාව සබඳ කෙනකුන් ඇත්තෙහියැ සව්වන්ගෙ සෘද්ධිප්රාතිහාර්යය මෙසෙ වත්,[230] බුදුන් ගෙ සෘද්ධිප්රාතිහාර්යය කිසෙ යැ හො!” යි බුදුන්ගෙ සෘද්ධිප්රාතිහාර්යය දක්නා රිසිවූහු.
මහමුගලන් මහතෙරහු බුදුන් කරා එළබැ එකත් පස් වැ හිඳැ, “වහන්සෙ, එක්තරා මහෙශාඛ්‍ය දෙවියක් හට නිවන් අරමුණු කොටැ රාත් වූ දෙව්මිනිස්නට උතුම් වූ මහණහු ගෙ පූර්වභාගප්රතිපන් වදාළ දෑ වෙ දො හො?” යි[231] කීහු. එ සඳැ බුදුහු සක් දෙව්රජහු තමන් කරා අවුදු පැන පුළුවුත් සෙ, තමන් පැන විසැජු සෙ, දක්වමින් එ මැ සුත මහමුගලන් මහතෙරනට[232] වදාළො.
මෙ සෙයින් මහමුගලන් මහතෙරහු සක් දෙව්රජ දැමුහු. රට සාහන්නට[233] ගිය ඇමැත්තන් කළ දෑ රජු මැ කළා ව සෙයින් බුදුහු මැ ඔහු දැමුවා[234] වෙත්.
මෙ සෙයින් දැමු[235] ඔහු අමාමහනිවන්[236] පැමිණි වූ පරිදි කිසෙ යැ යත්:
එක් සමයෙක්හි බුදුහු මගධ රට රජගහා නුවරට පැදුන් දෙසෙහි මහත් අඹ වනයක් වෙතැ පිහිටියෙන් අම්බසණ්ඩ නම් ලදු බමුණුගමට උතුරු දෙසෙහි ගල්පාතැ මිණිවළක්[237] බඳු නිල් වනළවෙකින්[238] පිරිඛෙව් ලද්දෙන් වෙදියක නම් ලදු පවියෙහි ලෙන දොරැ ඉඳුසලු රුකෙකින් ඉන්සලුගුහා නම් ලදු පවුරු දොරකවුළු යුත් සුනුවමින් හා මල්කැමින් ලියකැමින් විසිතුරු ලෙනෙහි වැඩැ වෙසෙති. එකල්හි සක් දෙව්රජ හට බුදුන් දක්නට උත්සාහ උපන්. ඔහු බුදුන් එක්වන්[239] දකුත්, උහු නො ආවිරිහි, දෙවියන් ගෙ සන්නිපාතයෙක්[240] නැත, උහු සෙ නොපමා අනෙක් දෙව්පුතක්හු නැත, බුදුන් දක්නට නොගියවිරියක් හට සෙයින් උත්සාහ කෙසෙ උපනැ යත්: මරණ බියෙන් බිය පත් වූයෙන් උත්සාහ උපන්.
කිසෙ යැ යත්:
ඔහු දේව සැපත් වළඳා මිනිස් ලොවැ හවුරුදුගණනින් තුන් කෙළ සැට ලක්ෂයක් හවුරුදු ගෙවූ කල්හි, හෙතෙම හට උපන් පස් පූර්වනිමිත්ත දැකැ තමාගෙ ආයුෂ හි ගිය බව දති. යම්[241] දෙව්පුත් කෙනෙක්හට මරණ නිමිත්ත[242] පැනිණි ද,[243] ඔවුන් කෙරෙහි මඳ පින්කමෙකින් යම් කෙනෙක් දෙව්ලොවැ උපන්නාහු වුහු ද, ඔහු “දැන් කොහි උපදම්හ හො?”යි බිය පත් වැ වෙවුළති. යම් කෙනෙක් බොහො පින් කොටැ උපන්නාහු ද,[244] ඔහු තමන් දුන් දන්, රැකි සිල්, වැඩු භාවනා පිණිසැ “මතු මත්තෙ දෙව්ලොවැ සම්පත්[245] වළඳම්හ”යි[246] නො බත්.
සක් දෙව්රජ වනාහි පූර්ව නිමිත්ත දැකැ, දස යොජුන් දහස්[247] දෙව්නුවර ද දහසක් යොජුන් විජයත් මහපහා ද[248] පන්සියක් යොජුන්[249] සුධම් දෙව්සභ ද, සියක් යොජුන් මහ පරසතු[250] දු, සැට යොජුන් පඬුඇඹුල්සල අස්නුහු, අඩු තුන් කෙළක් නළුවනුදු, දෙ දෙව්ලොවැ දෙව් පිරිසිදු[251] නඳුන්වන ඈ උයනුදු, යන දෙව්සැපත් බලා,[252] තමා එ සම්පතින්[253] පිරිහෙනසෙ දැකැ බිය පත් වී.
එක්බිති “කිසි මහණෙක් හො බමුණෙක් හො බඹෙක් හො මාගෙ හෘදයයෙහි ශොක නමැති ශල්‍ය උදුරා-පියා මට මෙ සම්පත් තහවුරු කරන්නට නිස්සෙක් ඇති හො?” යි බලන්නෙ, කිසික්හු නොදැකැ, වැළි දු බලන්නෙ බුදුන් දිට. “මා තබා, මා වැනි සුවහස්නට ද්[254] උපන් ශොකශල්ය බුදුහු උදුරා පියන්නට නිස්සහ”යි සිතන්නාට[255] යැ උත්සාහ උපන්නෙ.
එකල්හි සක් දෙව්රජ “බුදුහු කවර දනවියෙහි කවර නුවර නිසා කාගෙ පස පරිභොග කොටැ කහට අමාදහම් දෙසමින් වෙසෙති හෝ?”යි බලනුයෙ, මගධ රට රජගහා නුවරට පැදුන් දෙසෙහි අඹසඬ නම් බමුණු ගැමින් උතුරු දෙසෙහි වෙදියක නම් පවියෙහි ඉඳුසලු ගුහායෙහි වැඩැ වසනුවන් දැකැ, තව්තිසැ වැසි දෙවියන් තමා හා එනු සඳහා කැඳවී.
කුමට යැ යත්:
පළමු සක් දෙව්රජ බුදුන් සැවැත් නුවර නිසා දෙව්රම් වෙහෙරැ සලලාගාර නම් ගඳකිළියෙහි වැඩැ වසන කල්හි එකලා වැ දක්නට ගියෙ. බුදුහු උහු ගෙ නුවණ නොපරි පැසුණුසෙ[256] දැකැ[257] “කිහිප දවසක් හැරැ පියා මා ඉඳුසලු ගුහායෙහි වසන[258] කල්හි, පස් පූර්ව නිමිත්ත දැකැ මරණ භයභීතවැ දෙ දෙව්ලොවැ දෙවියන් හා සමඟ අවුදු තුදුස්පැනක්[259] පිළිවිසැ විසැජු[260] තැන සිටැ අසූදහසක් දෙවියන් හා සමඟ සොවන් වෙ”යි සිතා අවකාශ නො කොළො.
හෙ “මා පෙරැ එකලා වැ ගිය වන බැවින් බුදුහු අවකාශ නො කළහ.[261] එකාන්තයෙන් මට මඟ ඵල පැමිණෙන්නට නිසි උපනිඃශ්‍රය නැති. එකක් හට උපනිඃශ්‍රය ඇති කලැ වනාහි සක්වළැ පිරි සිටි පිරිසැ ද බුදුහු ධම් දෙසත් මැයැ. එකාන්තයෙන් දෙ දෙව්ලොවැ දෙවියන් කෙරෙහි කිසිවක් හට උපනිඃශ්‍රය වෙයි. බුදුහු උහු සඳහා ධම් දෙසති. එ ධම්[262] අසා මාගෙ[263] දොම්නස් සන්හිඳුවමි”යි සිතා තමා හා එනු සඳහා දෙවියන් කැඳවා “බුද්හු ඉඳුසලු ගුහායෙහි වැඩැ වෙසෙති. බුදුන් දක්නට යම්හ”යි කී යැ.[264]
දෙවියො ද “මැනැවැ, මහරජ, තට වැඩ වෙව යි, ‘හිම වූ කෙළෙනට ගඟ කෙළෙනට යම්හ යි නොකියා අප බුදුන් කරා ගෙනැ යම්හ’ යි සිතු සෙ යහපත් නො!”යි ඔහුගෙ තෙපුල් මුදුනෙන් පිළිගත්හු.
එකල්හි සක් දෙව්රජ පන්සිකා නම් ගඳෙවු දෙව්පිත්[265] කැඳවා “අප හා එනු මැනැවැ, බුදුන් දක්නට යම්හ”යි කියා දෙවියන් කැඳවව”යි කී යැ. මුහු කුමට කැඳැවී යැ යත්: අවකාශ කරවා දෙනු සඳහා යි.[266]
කිසෙ යැ යත්
දෙ දෙව්ලොවැ දෙවියන් ගෙනැ පියෙහි පියෙහි පහරනාක්හු සෙයින් මා[267] බුදුන් කෙරෙ ගොස් වැදැ සිටුනා තැන් නො යෙදෙයි.[268] “මෙ පන්සිකා දෙව්පිත් බුදුන් කෙරෙ වල්ලභ යැ. කැමැති කැමැති සඳැ ගොස් පැනී පැන පිළිවිසැ බණ අසයි. මුහු පෙරට කොටැ නඟා යවා අවකාශ කරවා ගෙනැ ගොස් පැන පුළුවුස්මි”යි[269] යන සිතින් කැඳැවී. හෙ ද “මැනැවැ[270]: මහරජ, තට වැඩ වෙව”යි උහුගෙ තෙපුල් මුදුනෙන් පිළිගෙනැ බෙලුවපණ්ඩු නම් වෙණ ගෙනැ ගොස් එකත් පස් වැ සිටියෙයි.
කිසෙ යැ යත්:
එ වෙණ පොකුරු රන්මුවා යැ. දඬු ඉඳුනිල් මිණිමුවා යැ. තත් රිදීමුවා යැ. වෙළුම් පබළුමුවා යැ. වෙණපත් ගවි යැ.[271] තත් ගවි යැ.3 මතුයෙහි දඬුව ගවි යැ.3 මෙසෙ හෙ තුන් ගවු පමණ වෙණ ගෙනැ. සමපනස් මුසනින් මුසන් කොටැ, නිය ඇගින් පැහැරැ, මියුරු ගීන් සර[272] විහිදැ, දෙවියනට සක් දෙව්රජහු ගෙ ගමනට කල් දන්වමින් සිටියෙ යැ. මෙසෙ ඔහු කියන වයන හඬින් දෙවියන් රැස් වූ කල්හි, සක් දෙව්රජ දෙවියන් පිරිවරා පන්සිකා නම් දෙව්පුත්හු පෙරට කොටැ, දික් කළ අතක් වක් නොකරන තුරු තව්තිසැ දෙව්නුවරැ අන්තර්හිත වැ[273] වෙදියක නම් පර්වතයෙහි බැසැ සිටියෙ යැ. වෙදියක නම් පර්වතය දු අම්බසණ්ඩි නම් බමුණු ගම දු සෙසු දවස් එක්[274] දෙවියකු හො මරකු හො බඹකු හො සිරිරු පැහැයෙන් දිලියෙයි. එ දවස් වනාහි දෙ දෙව්ලොවැ දෙවියන්ගෙ සිරිරු පැහැයෙන් එක් පහන් වි යැ. සඳදහස් හිරිදහස් නැඟි කල්[275] වැනි වී.
එ දවස් සක් දෙව්රජ, මිනිසුන් සවසැ බත් කන වෙලෙ ගම් මැද දරුවන් කෙළෙනා කල්හි, එයට ගියෙ යැ. එයින් හාත්පස්හි හැම මිනිස්හු[276] ඉතා මැ දිලියෙන පර්වතය දැකැ, “බුදුන් කරා දෙවියො මැදියම් යමැ එළබෙති. දැන් පෙර යම්හි පළමු වන භාගයෙහි මැ ආහැ. කිම හො! අද මහානුභාව දෙවියෙක්[277] හො බඹෙක් හො බුදුන් පැන පුළුවුස්නට[278] ආ වනැ. කිසෙයින් බුදුහු පැන විසජති හො! මෙසෙ දෙවියන්ගෙ කුහුල් හරනා බුදුහු අපට නොදුරු වෙහෙරැ වෙසෙති. හඹුළුවක් බත් කෙණෙස්සක් දුන් කෙනෙක් මො පිනැත්තම්හ”යි සතුටු සොම්නස් වැ පිපී ගිය ලොම් ඇති වැ මුදුනෙහි ඇඳිලි බැඳැ වඳිමින්[279] සිටියො.
එකල්හි සක් දෙව්රජ පන්සිකා දෙව්පුත්හු කැඳවා “මම් සාගයෙමි. බුදුහු වීතරාගයහැ. බුදුන් සිත් ගන්නට නො පිළිවන. තො පළමු බුදුන් පහදවා අයැජැ අවකාශ කරවා දෙයි.[280] එකලැ ඇපි ගොස් දක්මහ’යි කී. “මැනැවැ, මහරජ” යි පන්සිකා දෙව්පිත් දසරියෙහි එල්වා-ලූ වෙණ බහා වම් අත්ලෙ තබා-ගෙනැ ලෙනට[281] වැදැ බුදුනට නුදුරු නොවෙත් තන්හි සිටැ බුදුන් උදෙසා දහම් උදෙසා රාතන්[282] උදෙසා කාමගුණ උදෙසා පෙරැ තමා ගායනා කළ.[283]
“වන්දෙ තෙ පිතරං භද්දෙ තිම්බරුං සුරියද්වච්චසෙ,
යෙන ජාතාසි කල්‍යාණි ආනන්දජනනී මම”
යනාදි ගාථායෙන් ගායනා කොටැ වෙණ වයයි. එහි “සොබනා අඟපසඟ ඇත්තිය, මට සොම්නස් දෙනුවිය, පාදාන්තයෙහි පටන්-ගෙනැ කෙශාන්ත දක්වා ළහිරුරස් කලබක් සෙයින් නැඟෙන ශරීරරශ්මීන් සූරියවච්චසා නම් ලදු[284] සොඳුර, තී පියා තිම්බරු[285] නම් ගඳෙවු දෙව්රජහු වනමි.[286] සොසුළුවනට[287] සුළඟ සෙයින්, පවස් ඇත්තනට පැන් සෙයින්, රාත්නට දහම් සෙයින්, ආතුරයනට බෙහෙත් සෙයින්, සා ඇතියනට බත් සෙයින්, දිලියෙන ගිනි නිවන්නට දිය සෙයින්,* තී විසින් උපන් මාගෙ කාමරාගපරිදාහ[288] නිවා. යම්සෙ මිරිඟු අවල අඟණෙකැ පුල් පියුම් විලකට බට ඇතෙක් පැන් බී අක්සොඬ මතු පැනෙන සෙ දියෙහි ගැලි සුව විඳී ද, එසෙයින් මැ තී තනබඩතුරට මම් කවර දවසෙකැ වැද සුව විඳිමි හො! යම්සෙ මදමත් ඇතෙක් තොත්රතොමර අංකුශයෙන් විදුනා ලද්දෙ, අවස්[289] වන බැවින් නිසි කාරණයක් නො දන්නි ද[290] එසෙයින් මැ මම් උතුම් වන බැවින් විරාගයට නිසි කිසි කාරණයක් නො දන්මි. තී කෙරෙ බඳ සිතින් කිසි කෙනකුන් කීවා නො ගන්මි. මා තී කෙරෙ බඳ සිත, ඛිලි ගිලු මසක්හු සෙ[291] ගළවන්නට නො නිස්සෙමි. යම්සෙ රාත්නට මද දෙයකුදු දුන, නොඑක් ඵල වෙ ද, එසෙයින් මැ අග්බඹුරු[292] කෙහෙ ඇත්තිය,[293] මඳ බැලුම් ඇත්තීය, මට පළමු උපන් එක සිත දැන් නොඑක් සිත් වි යැ. රාතන් කෙරෙහි මා කළ යම් පින්කැමෙක් ඇද්ද, හෙ මට තී හා සමඟ ඵල දෙවයි. පොළො තෙලෙහි සත්නට මා දුන් යම් දනෙක් ඇද්ද, හෙ මට තී හා සමඟ ඵල දෙවයි. යම්සෙ සැහැමහණරජ පළමු[294] නිවන් සොයා ඇවිදි දු එසෙයින් මැ මම් තී සොයා ඇවිදිමි. යම්සෙ බුදුරජ මහබො පලග්ගි වැඩැහිඳැ සව්නෙ දැනැ සොම්නස් වී ද, එසෙයින් මැ මම තී ලද දවස් සොම්නස් වෙමි. සක් දෙව්රජ මට වර[295] දෙමින් ‘දෙදෙව් ලොවැ[296] රජ[297] ගන්හි ද? සුරියවච්චසාව ගන්හි දැ?’යි කී නම්, දෙදෙව් ලොවැ රජ පියා තී මැ ගන්මි. තී පියාගෙ නුවර දොරැ අලුත්[298] පිපි සල්රුකෙක් ඇති. හෙ ඉතා මනොහර යැ. එ සල්රුක සෙයින් සිරි බැරි වූ තී පියා ගඳෙවු දෙව්රජහු වැඳැ නමස්කාර කෙරෙමි” යන වස්තු ඇති ගයින් ගඳෙවු කෙරෙයි.
එකල්හි බුදුහු “පඤ්චසිඛය, තාගෙ තන්ත්‍රිස්වර[299] ගීතස්වර[300] හා සසන්දි.[301] ගීත ස්වර ද තන්ත්රිවර හා සසන්දි. තාගෙ තන්ත්‍රිස්වර ගීත ස්වර නො ඉක්මෙයි. ගීත ස්වර තන්ත්‍රිස්වර නො ඉක්මෙ”යි වදාළො.
බුදුහු ගීත ශබ්දයා[302] හා වීණා ශබ්දයා ගෙ ගුණ කුමට කියති? කිම බුදුනට එහි රාග ඇති ද යත්: නැති. සඇඟින් යුත් උපෙක්ෂායෙන් උපෙක්ෂක වැ[303] මෙබඳු තන්හි හුදු[304]
ඉෂ්ටානිෂ්ට දන්ති. එහි නො ඇලෙත්.[305] ඉදින් බුදුහු ගුණ නො වදාළො නම් පන්සිකා දෙව්පිත් ‘තම හට අවකාශ කළහ’ යනු[306] නොදන්නි. සක් දෙව්රජ “බුදුන් විසින් පන්සිකා දෙව්පිත් හට අවකාශ නොකරන ලදැ”යි දෙවියන් ගෙනැ එහි මැ සිටැ නැවැතී[307] යනු වෙයි. එසෙ වන්නා හා[308] මහපිරිහිණි වෙයි. එහි ගුණ වදාළ කලැ වනාහි “බුදුන් විසින් පන්සිකා දෙව්පිත් හට අවකාශ කරන ලදැ”යි වැඳැ පැන පිළිවිසැ විසැජු කල්හි අසූදහසක් දෙවියන් හා සමඟ සොවන් වෙ”යි යනු දැනැ ගුණ වදාළො.
එක්බිති “පන්සිඛය, මෙ ගාථා තුණුරුවන් හා කාම ගුණ උදෙසා තා විසින් කවර කලෙකැ කරන ලදැ?”යි වදාළහැ. “වහන්සෙ, තොප බුදු වූ අට වන සතියැ අජපල් නුග මුල්හි වැඩැවසන කල්හි නැමින් භද්‍රා නම්, ශරීර සම්පත්තින් සූරියවච්චසා නම්, තිම්බරු නම් ගඳෙවු දෙව් රජහු දුවක්, සතර වරම් මහරජුන් හා සමඟ සක් දෙව් රජ හට නැටුම් දක්වන්නට ගියා. එ කෙණෙහි සක් දෙව් රජ බුදුන්ගෙ යථාභූත වූ[309] අට ගුණයක් කී යැ. එ දවස් ගොස් නටන්නී, එ ඇසුව, සක් දෙව්රජ මාතලි සඞ්ග්රාහකයා පිතෙක් සිඛණ්ඩි නම්-ඔහට ඇය දියටි වැ සිටී. මම්[310] නොඑක් සෙ පතා ඇය නොලදිමි. නොලදින් බෙලුවපණ්ඩි නම් වෙණ ගෙනැ තිම්බරු නම් ගඳෙවු දෙව්රජහු ගෙට ගොස් වෙණ වයනුයෙම්, මෙ ගාථා කීමි. එකලැ හො මට ‘මම් බුදුන් වෙතැ නුදුටුවිරිමි. තව්තිසැ වැසි දෙවියන්[311] සුධම් දෙව්සහයෙහි නටන්නෙයිම් ඇසීමි මත්න. යම් හේතුවෙකින් තො එ බුදුන්ගෙ ගුණ කියහි ද, අද අපගෙ සමාගමවෙ’යි කිව. එ දවස් අපගෙ සමාගම වි යැ. එතන පටන්-ගෙනැ ඇය හා සමාගම නො ලැබෙමි”යි කී.
එකල්හි සක් දෙව් රජ “මෙ පන්සිකා දෙව්පිත් මාගෙ කාර්යයට යවුසෙ තමාගෙ කාර්යය බෙණෙයි. එබඳු බුදුන් කෙරෙහි සිටැ කාම ගුණ අරභයා නොනිසි කථා කෙරෙයි.
නළුවො නම් විළි නැති වෙති. බැණැ බැණැ සිටැ නැටුම් දැක්වුයෙ වී නම්, නො යෙදෙයි. එසෙ බැවින් මාගෙ කාරිය දන්වමි”යි සිතා ඔහු කැඳවා-ගෙනැ “පුතැ පඤ්චසිඛය, ‘වහන්සෙ, සක් දෙව්රජ සහපිරිවරින් භගවත්හු පා වඳි’යි මා වැඳමෙන් බුදුන් පා වඳ”යි කී යැ. “ඉතා මැනවැ, මහරජ” යි පන්සිකා දෙව්පිත් බුදුන් කරා එළබැ වහන්සෙ, සක් දෙව්රජ සහ පිරිවරින් භගවත්හු පා වඳි”යි වැන්ද. “පඤ්චසිඛය, සක් දෙව්රජ සහපිරිවරින් සුවපත් වෙව යි; දෙවියො මිනිස්හු අසුරනාගගන්ධර්වයො නොඑක් සත්හු සුව කැමැත්තාහ”යි වදාළහැ.
එකල්හි සක් දෙව්රජ ඉඳුසලු ගුහාවට වැදැ බුදුන් වැඳ එකත්පස් වැඳැ සිටියෙ යැ. තව්තිසැ වැසි දෙවියො ද පන්සිකා දෙව් පුත් ද වැඳ එකත්පස් වැ සිටියාහැ. එකල්හි ඉඳුසලු ගුහා මහත් වී යැ. එකාලොක වී.
එකල්හි බුදුහු සක් දෙව්රජ හට “තා අනවසරසෙ[312] බැලු කලැ ආ සෙ වෙසෙසැ”යි[313] වදාළහැ. “මම් බොහො දවසක් වහන්සෙ දක්නට ආටියෙමි[314] පොළො තෙලෙහි පටන්-ගෙනැ දෙ දෙව්ලොවැ දෙවියන්ගෙ කාර්යයෙහි ව්‍යාවට[315]වැ වහන්සෙ දක්නට නොපොහොසත් වීමි. එක්[316] සමයෙක්හි භගවත්හු සැවැත් නුවර නිසා දෙව්රම්හි සලලාගාර නම් ගඳකිළිසැ වැඩැ වසන කල්හි, මම් වහන්සෙ දක්නා සඳහා එයට ගියෙමි. එ සමාහි වහන්සෙ එක්තරා සමවතක් සමවැදැ වැඩහුන් දෑ යැ. එකල්හි වෙසවුණු මහ රජහු ගෙ භුඤ්ජතී[317] නම් පාදපරිචාරිකාවක් තමා සෙද ගැමියෙන් දෙව් ලොව්හි උකටලී වැ, වහන්සෙ කරා අවුදු මුදුනෙහි ඇඳිලි බැඳැ වඳිමින් සිටි.[318] මා දැකැ ‘වහන්සෙ දන්ට අකලැ.[319] එක්තරා සමවතක් සමවන්නො යැ’යි[320] කිව. එකලැ මම් ‘වහන්සෙ සමවතින් නැඟී කලැ, මා වැඳමෙන් වඳ’යි[321] කියා ගියෙමි. කිම, හො වහන්සෙ, මා වැඳැමෙන් වැන්දි හො?”යි කී යැ. “හොමා වැන්ද. ඇය කී දෑ සඳහන් ඇති. අනෙකෙක් මත්න, මම් තාගෙ[322] රථයෙහි නිමැ හඬින් මැ සමවතින් නැංගෙමි”යි වදාළො. “නිමැ හඬින් නැංගෙමි” යනු කුමට යැ? නිමැ හඬ මැ තිබියෙව යි; සමවත් සමවන් කලැ කන් මුලා තබා පුඹුනා සක්යුවළෙහි දු සසලන සෙණ දහස්හි දු හඬ නො අසති.
බුදුහු වනාහි එ දවස් “සක් දෙව්රජහු යන තැන් දක්වා අවකාශ නො කෙරෙමි”යි කල් පිරිසිදැ ඵලසමවත් සමවන්හැ.[323] සක් දෙව්රජ “දැන් බුදුන් වහන්සෙ අවසර නැතිවන්හැ”යි ගඳකිළි පැදකුණු කොටැ රථය නවතා-ගෙනැ දෙව් ලො බලා යවීයැ.[324] ගඳොළ[325] පිරිවෙන[326] රථ හඬින් වයන ලද පසඟතුරු වැනි වි යැ. බුදුන් පිරිකැපු කල්හි[327] සමවතින් නැංගානට රථ ශබ්දයෙහි මැ පළමු අවජුන් උපනැ. එයින් වදාළහ: මම් තාගෙ රථයෙහි නිමැ[328] හඬින් මැ සමවතින් නැංගෙමි”යි.
එකල්හි සක් දෙව්රජ “වහන්සෙ, යම් දෙවි කෙනෙක් අපට පෙරට වැ[329] තව්තිසැ දෙව් ලොවැ උපන්හු ද, ඔවුන් කෙරෙහි මාකන් සපුරා යම් කලෙකැ බුද්හු මෙ ලොකයෙහි උපන්නාහු නම්, එකල්හි දෙව් ලො පිරෙයි. පොළො සිස්වෙ’යි යනු අසනු ලද්දෙ යැ. වහන්සෙ, දැන් මම එ පසක් කොටැ දිට්මි. යම් කලෙකැ පටන් ගෙනැ ලොකයෙහි බුදුහු උපන්හු ද, එතැන පටන්-ගෙනැ දෙව් ලො පිරෙයි. පොළොව සිස් වෙයි. වහන්සෙ, මෙ මැ බුදුරජයෙ කිඹුල්වත් නුවරැ ගොපිකා නම් සැහැදුවක්[330] තුණුරුවන්හි පැහැදැ, පන්සිල් නොකඬ කොටැ රැකැ, සඟනට දන් දී, මාගම් වැ සිටැ සක්විති රජ නොවියැ හැක්කැ. සක් සැපත් මර සැපත් බඹ සැපත් නො ද වින්ද හැක්කැ, පසෙ බුදු සම්මා සම්බුදු නොද වියැ හැක්කැයි අඹුන්[331] මිනිස් බැවැ විරාග ඇති වැ, පිරිමි බව් උතුම්සෙ දැකැ, ‘ඉහි සිටැ එ සපුවට පැමිණිය හැක්කැ’යි පිරිමි බවට පතා කුසල් කොටැ, තව්තිසැ වැසි දෙවියන් කෙරෙහි, මා දරු වැ,[332] ගොපක නම් දෙව්පුතක් වැ උපනැ.
“බුදු සස්නෙහි සඟහු[333] තුන් දෙනෙක් සිල්වත් වැ ධෑන්[334] උපයා, පෙරැ තමන් වුසු තන්හි නිකාන්ති ඇති වැ, සවුමහ රජ දෙව් ලොවැ ගඳෙවු දෙවියන් කෙරෙහි උපැදැ, පස් කම් ගුණෙන් පින පිනා දෙව් සපු වළඳන්නාහු, මට ‘නැටුම් ගඳෙවු කරම්හ’යි සුධම් දෙව්සහයට[335] ආහ. එකල්හි ගොපක නම් දෙව් පිත් ඔවුන් දැකැ, ‘මෙ දෙව්පිත්හු ඉතා මැ දිලියෙති. පැහැ පත්හැකි නම් පින්කම් කොටැ ආහ හො![336] යි අවජනෙ. ඔවුන් පෙරැ මහණසෙ දිටැ. ‘මහණ වැ සිල් සකස් කොටැ පිරුහැ හො!’යි, නො පිරුහැ හො!යි අවජනෙ, සකස් කොටැ පිරුසෙ දිටැ. සිල් විරුව ද, ‘අනෙක් ගුණයෙක් ඇති හො!යි, නැති හො!’යි බලනුයෙ, ධ්‍යාන ලදුසෙ දිටැ. ‘ධ්‍යාන ලදින් කොහි වුසුහැ හො!’යි බලනුයෙ, තමා මැගෙ කුලොපග වුසෙ දිටැ. ‘පිරිසිදු සිල් ඇත්තාහු නම්, සදෙව්ලොවැ යම් තැනක්[337] කැමැති වූහු නම්, එහි උපදිති. මොහු මත්තෙ දෙව්ලොවැ නොද උපන්හැ. ධ්යානලාභීහි නම් බඹලොවැ උපදිති. මොහු බඹ ලොවැ නො උපන්හැ. මම් වනාහි මොවුන් මුවායෙහි සිටැ දෙව් ලොවට ස්වාමි වූ සක් දෙව් රජහු ඇකයෙහි පුත් වැ උපන්මි. මොහු හීන වූ ගඳෙව් දෙවියන් කෙරෙ උපන්හැ. ‘මොහු ඇට විදුනා[338] පුඟුලො නම්හැ. වඩ වඩා තර කොටැ විද්ද යුතුහැයි සිතා උනට චොදනා කරනුයෙ, ‘තෙපි බුදුන් ධම් දෙසන කලැ අන්‍යවිහිත වැ ඇසුව[339] හො? දෙ පිට බල බලා ඇසුව9 හො? නිද නිදා ඇසුව9 හො? මම් වනාහි අඹුන් මිනිස් බැවැ විරාග ඇති වැ පිරිමි බවට පතා තව්තිසැ වැසි දෙවියන් කෙරෙහි උපදනෙයිම්[340] සක් දෙව්රජහු පුත් වැ ගොපක නම් දෙව් පුතක් වැ උපන්මි. තෙපි වනාහි බුදු සස්නෙහි පැවිජි වැ[341] හීන වූ ගඳෙවු දෙවියන් කෙරෙහි උපන්නා ව.[342] එක බුදුන් ගෙ සස්නෙහි එක් වැ[343] පින්කම් කොටැ හීන වූ ගඳෙවු දෙවියන් කෙරෙහි උපදනුවන් දක්නාමො, නො දුට[344] මනා කෙනකුන් දුටුම්හ.[345] තෙපි හිරි ඔතප් නැත්තා ව’ යි[346] කීය.*
මෙසෙ ගොපක නම් දෙව් පුත්හු විසින් චොදනා කරන ලද දෙවියන් තුන්දෙනා කෙරෙහි දෙදෙනෙක් සිතුහු: ‘නැටුම් ගඳෙවු කරනුවන් විසින් බලනුවන් කෙරෙන් සඟරා ලද මැනැවැ. මෙ දෙව් පිත් අප දුටු තැන පටන් – ගෙනැ ගිනියෙහි බහා-ලූ ලුණු පුපරන කල් සෙයින් තටතටායමාන යැ. කිමෙකැ මෙ!”යි අවජනාහු, “තමන් මහණ බව් පිරිසිදු සිල් ඇති බව් ධ්‍යානලාභී බව් උහු මැගෙ[347] කුලොපග බව් දැකැ ‘පිරිසිදු සිල් ඇත්තාහු නම්, සදෙව් ලොව්හි රිසියුණු තැනෙකැ උපදිති.[348] ධ්යානලාභිහි බඹ ලොවැ උපදිති.8 අපි මත්තෙ දෙව් ලොවැ ද බඹ ලොවැ ද උපදනට නොනිසි වූම්හ අපගෙ ඔවායෙහි සිටැ මෙ ගැහැනි මත්තෙ දෙව් ලොවැ පිරිමි වැ, උපන. ඇපි මහණ වැ බුදුන් කෙරෙහි බඹසර වස් රැකැ හීන වූ, ගඳෙවු දෙවියන් කෙරෙහි උපන්මහැ.[349] එයින් මෙ අප නිගන්නි” යනු දැනැ උහු ගෙ බස් අසා[350] සිටියාහු මැ පළමු ධ්‍යාන උපයා අනාගාමීඵලපසක් කොටැ, එහි මැ සිටැ සැවැ, බ්රහ්මපුරොහිත නම් බඹ තෙලෙහි[351] උපන්හැ.
“එක් දෙව් පිතෙක් සර්වකාම පියන්නට නොපොහොසත් වූයෙ, එහි මැ විසී යැ. වහන්සෙ, එතුන් දෙව් පුතුන් කෙරෙහි දෙ දෙව්පුතෙක් තොප ගෙ දහම් තුබූ පරිදි දැනැ අප[352] දක්නා සෙමැ තමන් පියපස් දෙවියන් මුදුනෙහි ඕමින්, අහසට නැඟී බ්රහ්මපුරොහිතයට ගියහැ. ඇපි දු එ මැ දහමට පැමිණෙනු සඳහා තොප වහන්සෙ කරා ආම්හ. වහන්සෙ, අවසර දුන හොත්, පැන පුළුවුස්මහ”යි[353] කී යැ.[354]
එ සඳ බුදුහු “දෙව්රජ, තා සිතට රිසියුණු යම් දැයක් පුළුවුස. මම විසජමි”[355] යි වදාළහ. එකල්හි සක් දෙව්රජ “වහන්සෙ, යම් දෙවි කෙනෙක් මිනිස් කෙනෙක් අසුරනාග ගන්ධර්ව කෙනෙක්, බොහො යම්[356] සත් කෙනෙක්[357] ඇද්ද, ඔහු වෙර නැති වැ, දඬ නැති වැ, සතුරන් නැති වැ, දොම්නස් නැති වැ, කිසි තැනෙක්හි කො[358] නො කොටැ ‘අසුරෙන් ගත් දෙයක් දහසක් දෙනා හා සමඟ බෙදා[359] වළඳ කරමොව’ යි දන් දී පුද කොටැ පතති. එතෙකුදු වුවහොත්, ඔහු වෙර සියො වැ, දඩ සියො වැ, සතුරන් සියො වැ, දොම්නස් සියො වැ, වෙසෙති. ඔහු කවර බන්ධනයෙන් බද්ධයහ[360]?” යි පළමු වන පැන පිළිවිත.
බුදුහු එ පැන විජසන්නාහු, “දෙව්රජ යම් දෙවි කෙනෙක් මිනිස් කෙනෙක් අසුරනාගගන්ධර්ව කෙනෙක් බොහො යම් සත් කෙනෙක්5 ඇද්ද, ඔහු වෙර නැති වැ, දඬ නැති වැ, සතුරන් නැති වැ, දොම්නස් නැති වැ, කිසි තැනෙක්හි කො6 නොකොටැ ‘ඇසුරෙන් ගත් දෙයක් බෙදා වළඳ කරමොව’යි දන් දී පුද[361] කොටැ පතති. එතෙකුදු වුව හොත්, වෙර සියො වැ, දඬ සියො වැ, සතුරන් සියො වැ, දොම්නස් සියො වැ, වෙසෙති. ඔහු ඉස්සාමච්ඡරිය සංයොජනයෙන් බද්ධයහ” යි වදාළො.
එහි ‘ඉස්සා’ නම් අනුන්ගෙ ඉසුරු[362] නො වින්දැ හෙන බව යැ. ‘මච්ඡරිය’ නම් තමාගෙ සම්පත් අනුන් හා සාධාරණ බව නොකමැති බව යැ. මෙහි ‘මච්ඡරිය’ නම්: ‘ආවාස මච්ඡරි යැ, කුලමච්ඡරිය යැ, ලාභමච්ඡරිය යැ, වණ්ණ මච්ඡරිය යැ, ධම්ම මච්ඡරිය’යි පසෙක් වේ. එහි අවසැ මසුරු වූවාහු, යක්ෂ වැ හො ප්‍රෙත වැ හො උපැද, එ අවසැ කසළ හිසින් නඟා-ගෙනැ ඇවිදිත්. කුලෙහි මසුරු වූවාහු, එ කුලවැස්සන් අන්නට දන් දෙන්නන[363] පුදන්නන් දැකැ, ‘මාගෙ කුල බිනැ’යි[364] සිතනුවන් කටින් හුණු ලෙහෙ හො නැඟෙයි. ගිනි[365] හො බිඳෙයි. අතුණු හො කඬ කඬ වැ නික්මෙයි. ලාභයෙහි මසුරු වූයෙ, සඟුන් හො ගණ හො හිමි ලාභයෙහි මසුරු වැ, පුඟුල් පරිභොගයක් සෙයින් වළඳා, යක් වැ හො ප්‍රෙත වැ හො ගරවිල් වැ හො උපද්දි. සිරිරු වැන්මෙහි ගුණ වැන්මෙහි දහම්හි මසුරු වූයෙ. තමාගෙ මැ ගුණ වනයි; අනුන්ගෙ ගුණ “කිනම් ගුණයෙකැ”යි එහි දොස් දක්වනුයෙ ද, දහම් අන්නට නොකියනුයෙ ද, විවන වෙයි. වහතොලු වෙයි. නොහොත් අවසැ මසුරු වූයෙ වී නම්, ලොහොගෙයි උපද්දි. කුලෙහි මසුරු[366] වූයේ වී[367] නම්. අලාභී වෙයි. ලාභයෙහි මසුරු4 වූයෙ වී නම්,5 භවයෙහි උපන්නා හට වර්ණ නම් නොවෙයි. දහම්හි ඉසුරු වූයෙ වී නම්5 හළුනිරයැ උපද්දි. මෙ ඉස්සාමච්ඡරියසංයොජන සොවන් මැඟින් පැහෙයි. එතාක් කල්හි වෙර නැති බව් ආදි පතන්නාහු දු වෙර ආදීන් නො මිදෙත් මැයි. මෙසෙයින් බුදුහු සක් දෙව්රජහු පුළුවුත් ‘ඉස්සාමච්ඡරිය’ නම් පැන විසජුහු එකල්හි සක් දෙව් රජ සතුටු වැ, මෙ නියායෙන් තුදුස් පැනයක් පිළිවිත්.
තුදුස් පැනය නම් කවරැ යත්:
‘ඉස්සාමච්ඡරියං’ යනු එක් පැනයෙකැ ‘පියාප්පියං’ යනු එකෙකැ ‘ඡන්දො’ යනු එකෙකැ. ‘විත්කකො’ යනු එකෙකැ. ‘පපඤ්චො’ යනු එකෙකැ. ‘සොමනස්සං’ යනු එකෙකැ. ‘දොමනස්සං’ යනු එකෙකැ. ‘උපෙක්ඛා’ යනු එකෙකැ. ‘කායසමාචාරො’ යනු එකෙකැ. ‘වචීසමාචාරො’ යනු එකෙකැ. ‘පරියෙසනා’ යනු එකෙකැ. ‘ඉන්ද්රිය සංවරො’ යනු එකෙකැ. ‘අනෙකධාතු’ යනු එකෙකැ. ‘අච්චන්තනිඨා’ යනු එකෙකැ යි යන මෙ යැ. මෙසෙ තුදුස් පැනය සක් දෙව්රජහු පුළුවුත් පරිදි දු, බුදුන් විසැජු පරිදි දු, දික්සඟියැ සක් පැනසුතින් දන්නෙ යැ.
මෙහි උපෙඛා පැන විසජුන්හි සිටැ සක් දෙව්රජ අසූ දහසක් දෙවියන් හා සමඟ සොවන් වි යැ. බුදුහු වූ කලැ රාත් ඵල පරියන්ත කොටැ ධම් දෙසුහු. එවැනි ධම් දෙන්නෙහි මෙ කුමට රාත් නොවී යැ යත්: බුදුහු රජක්හු වැන්නාහැ. විනෙජනයො රජකුමරුන් වැන්නො. යම්සෙ, රජ, වළඳන කලැ තම හට පමණින් පිඬු වටා රජකුමරුනට[368] එළවයි. ඔහු එයින් තමන් මුව පමණින් මැ ගන්ති. එසෙයින් මැ බුදුහු තමන් අධ්‍යාශය වූ[369] පරිද්දෙන් රාත්ඵල පරියන්ත කොටැ ධම් දෙසති. විනෙ ජනයො තමන්ගෙ උපනිඃශ්‍රය පමණින් සොවන් ඵල හො ගන්ති. සෙදැගැමි අනැගැමි රාත් ඵල හො ගනිත්.
සක් දෙව්රජ වනාහි සොවන් වැ බුදුන් පෙරට මැ[370] සිටැ සැවැ ළදරු සක් දෙව්රජක් වැ වැළිඳු තුන් කෙළ සැට ලක්ෂයකට ආ[371] ඇති වැ උපනි. සැවැ යන දෙවියන්ගෙ අත් බව් ගිය තැන් ආ තැන් නො පැනෙයි. දිලියෙන පහන් යන්නා[372] වැනි වෙයි. එ හෙතුවින් සෙසු දෙවියො නො දත්හැ. සක් දෙව්රජ වනාහි තමා සැවැ යන බැවින් ද. බුදුහු තමන් සව්නෙ දන්නා බැවින් දත්හු.
එකල්හි සක් දෙව්රජ තමා මියැ උපන්[373] පරිදි බුදුනට සැළ කොටැ, නොඑක් සෙ බුදුන් ගෙ ගුණ වනා[374] සිටැ පන්සිකා දෙව් පුත්හු කැඳවා, “තො මට බොහො උපකාරයෙහි. බුදුන් පළමු ප්‍රසාද කැරැවිහි. තා[375] ප්‍රසාද කැරැවූ කැල පැසුළු ඇපි ගොස් බුදුන් දුටුම්හ. තා මට පිය තැනැ තබමි. ගඳෙවු දෙව්රජ කෙරෙමි. සුරියසච්චසාවත් දෙමි” යි කියා
බුදුන් බැසැ-හෙවැ වැඳැ, “නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස” යි තුන් යලක් බුදුනට නමස්කාර කොටැ, පැදකුණු[376] කොටැ, වක් කළ අතක් දික් නොකරන තුරු තව්තිසැ දෙව්නුවරැ පාළ වී.
විසාඛාවනට හා අනෙවඩු මහසිටාණන්ට සෙයින් සක් දෙව්රජ හට දු භවරාග බලවති. එසෙයින් මැ සක් දෙව්රජ සවරෙකා දඹදිවැ රජසපු වළඳා, සදෙව් ලොවැ ක්‍රමයෙන් උපැදැ[377] දේව සපු වළඳා එහි සිටැ ධ්‍යාන උපදවා, බඹ ලොවැ උපද්දි. එහි දු හැම බඹ තෙලෙහි ක්‍රමයෙන් උපැදැ ප්‍රීතිසුඛ අනුභව කොටැ එහි සිටැ අනගැමි වැ සුදවස්හි උපද්දි. එහි උපදනෙ, පළමු වන අවිහතෙලෙහි දහසක් කපට ආ ගෙනැ උපැදැ එහිදු ආ පමණින් සිටැ සමවත් සුව අනුභව කොටැ, දෙවන අතප්තලයෙහි දෙ දහසක් කපට ආ ගෙනැ උපැදැ, එහි දු ආ පමණින් සිටැ තුන් වන සුදස් තලයෙහි[378] සාර දහසක් කපට ආ ගෙනැ උපැදැ, එහිද් ආ පමණින් සිටැ සතර වන සුදස්සි තලයෙහි අට දහසක් කපට ආ ගෙනැ උපැදැ, එහි දු ආ පමණින් සිටැ පස් වන අකනිටා බඹ තෙලෙහි සොළොස් දහසක් කපට ආ ගෙනා උපැදැ, එහි සිටැ රාත් වැ ආ පමණින් සිටැ සමවත් සුව අනුභව කොටැ අනුපාසෙස් නිවන් ධැයින් පිරිනිවෙයි.
මෙ සෙයින් බුදුහු තමන් පුරුෂදම්‍යසාරථී වන බැවින් සක් දෙව්රජහු දු. ආදි ශබ්දයෙන් ගත් සූවිසි තැනෙක්හි වැඩැ හිඳැ සූවිසි වරෙකා වදාළ ධම් දෙස්නෙන් කෙළ සුවහසක් කෙළ සුවහසක් බැවින් රාත් වූ, අසඞ්ඛ්‍ය අසඞ්ඛ්‍ය බැවින් සොවන් සෙදගැමි අනැගැමි වූ දෙවියනුදු දමා අමා මහනිවන් පැමිණිවූහු.
දෙවදමන නම් සතළොස් වන පරිච්ඡේදය නිමි.
බක නමු බඹහු[1] දැමු පරිදි කිසෙ යැ යත්:
බුදුන්[2] උක්කට්ඨා නම් නුවර නිසා සුභගවනයෙහි[3] සාලරාජමූලයෙහි වැඩැ වසන කල්හි, බක නම් බඹ හට පවිට්[4] ශාශ්වත දිට්හ[5] උපන්. බුදුහු උහු ගෙ අදහස් දැනැ දික් කළ අතක් වක් නොකරන තුරු ගොස් බඹ ලොවැ පහළ[6] වූහු.
බක නම් බඹ බුදුන් තමා කරා එනුවන් දැකැ, “මොබ එ. මෙ නිත්‍ය යැ. ධ්රැව යැ. ශාශ්වත යැ. මෙ බඹ ලොවැ මහලු වන්නෙක් හෝ මියන්නෙක් හො නැති, මෙයින් අනෙක් නිසරුණෙක්[7] ඇත්තෙ නොවෙ”යි කී යැ. මෙසෙ කියනුයෙ “මත්තෙහි[8] තුන් ධ්‍යානභූමි දු සතර මඟ සතර ඵල දු[9] නිවනුදු නැතී” කීවා වෙ.[10]
එකලැ “මොහයෙන් මුඪය,[11] බක බ්‍රහ්මය,[12] අනිත්‍යයට ‘නිත්‍ය’[13] යෙහි.[14] අධ්රැවයට ‘ධ්රැව’ යෙහි14 අශාශ්වතයට[15] ‘ශාශ්වත’10 යෙහි.14 ‘මෙහි මහලු වන්නෙක් හො මියන්නෙක් හො නැති’ යෙහි14 ‘මෙයින් අනෙක් නිසරුණෙක් ඇත්තෙ නොවෙ’ යෙහි14 අඳුරුවට වන්නක්හු වැන්නැ”යි වදාළො.[16]
එකල්හි මරදෙව්පිත්, “මහණ ගොයුම් කොහි ගියො හො!”යි[17] බලනුයෙ, බඹලො වඩන්නා[18] දැකැ, “මොහු බඹනට බණ කියා මාගෙ විෂය නොඉක්මවන තුරු ධම් දෙසුන් විනාශ කළ මැනැවැ”යි ගොස් බඹුන්[19] අතුරෙහි නොපැනී[20] සිටැ, බුදුන් බක බ්‍රහ්මයා ගර්හා කළ කල්හි, මහා බ්රහ්මතලවාසීන් හො බ්රහ්මපුරොහිතතලවාසීන් වෙරැ ආවිෂ්ට[21] වන්නට අසමර්ථ වූයෙ, බ්රහ්මපාරිෂද්යතල වැසි බඹක්හුගෙ ශරීරයෙහි ආවිෂ්ට21 වැ, “මහණ, මහණ, ඔහට නින්දා නොකරා. එ බඹ[22] මහබඹැ, හැම බඹුන් අභිභවයි. තෙමෙහෙ අනභිභූත යැ, සර්වදර්ශී යැ, හැමදෙනා තමා විසියැ වටයි, ලොකයෙහි ඉසුරැ, ලොකයා මැවුයෙ යැ. පොළොව් හිමගල් මෙරගල් සක්වළගල් මහ මුහුදු හිරි සඳ මුහු විසින්, මවන ලද්දෙ යැ, ලොකයට උත්තම යැ ‘තො ක්ෂත්රිය වා,[23] තො බ්‍රාහ්මණ වා,2 තො වෛශ්‍ය වා,2* තො ශුද්රවා, තො ගිහිගෙ ඔට්වා, තො ගොන්වා යි, යෙජි යැ.* උපන් සතුනු දු උපදනා සතුනු දු පියෙ යැ. හැම සත්හු මැ මුහු දරුවහැ.[24] මහණ, තට පෙරට වැ[25] ලොකයෙහි මහණ බමුණො වූහැ. ඔහු තා සෙයින් මැ ‘පොළොව අනිත්‍ය යැ. දුඃඛ යැ, ආත්ම යැ’යි ගැරහුහැ,[26] එසෙයින් මැදිය ගරහා, ගිනි ගරහා, බඹුන්[27] ගරහා, මියැ ගොස් සතර අපායෙහි උපන්හ. තා ගැරහුවා සෙ[28] එ නො ගරහා, ‘නිත්‍ය යැ, ධ්රැව යැ, ශාශ්වත යැ’යි පැසැස්සාහු මියැ ගොස් බඹලොවැ උපන්හැ. මහණ, මා තට කියන දැයෙක් නම් – බඹ යමක් කී ද, උහු කීවා කරන්නෙ යැ. උහුගෙ තෙපුල් නො ඉක්මෙන්නෙ යැ. ඉදින් තො බඹහු ගෙ තෙපුල් ඉක්මිණිහි නම්, ගෙට සිරි වදුත්[29] මොහොල්[30] ගත්තා වෙයි. මහණ, යම් පුරුෂයෙක් සියක් පුරුෂයක් පමණ ගැඹුරු ප්‍රපාතයෙකැ හෙන්නෙ, අතින් ගන්නට නිසි දැයක් හො පයින් ධරන්නට නිසි දැයක් හො නො ලදු වී නම්, ප්‍රපාතයෙහි ගොස් හෙයි. තො බඹහු ගෙ තෙපුල් ඉක්මිණිහි නම්, උහුට වූ දෑ තට වෙයි. මහණ, තො මෙහි මුළු දුන් බඹපිරිස් යශසින් හා ශ්‍රීයෙන් හා දිලියෙන සෙ දුටුයෙහි වෙහි ද? ඔහු හැම දෙන බඹහු ගෙ තෙපුල් පිදුවාහැ. තො ද බඹහුගෙ තෙපුල් නො ඉක්මැ උහු කීවා කරන්නෙහි විහි නම්, මොවුන් සෙ මැ යශසින් හා ශ්‍රීයෙන්[31] හා දිලියෙහි” යි කී යැ.
එකල්හි බුදුහු “පවිට, මම තා හඳුනමි.[32] මා තා නො හඳුනති[33] යි නො ගනැ[34] තො මාරයෙහි. මෙහිා යම් බඹ පිරිසෙක් ඇද්ද, උහු හැම තා හස්තගතයහැ,[35] තට වශග යහැ. ‘මෙ මහා හස්තගත යැ; මෙ මට වශග යැ” යනු දු තට දැනෙයි. මම් වනාහි තා හස්තගතයෙම් නොද වෙමි. තා වශගයම් නො ද වෙමි” වදාළො.
එකල්හි බක නම් බඹ “මම නිත්‍යය මැ[36] නිත්‍ය යැ[37] යෙමි. ධ්‍රැවය මැ[38] ධ්රැව යැ යෙමි. ශාශ්වතය[39] මැ ශාශ්වත යැ යෙමි. යම් තැනෙක්හි වූවො මැ මහලු නො වදේද, නො මියෙද්ද, අනෙක් නිසරුණෙක් නැද්ද, එ මැ කියමි. මහණ, තට පෙරට ව මැ ලොකයෙහි මහණ බමුණො වූහැ. ඔහු මහත් තව ඇත්තාහැ, මෙයින් අනෙක් නිසරුණක් නුදුටහැ. තො ද මෙයින් අනෙක් නිසරුණක් නොදක්හි.[40] හුදෙක් තට වෙහෙසයෙක් මත්න[41] තා සිතන්නෙ යැයි. ඉදින් තො පොළොව් ආදීන් තෘෂ්ණාමානදෘෂ්ටීන් තහවුරු කොටැ ගත්තෙහි විහි නම්, මා යන කලැ, වැළත ගෙනැ යනු ලැබෙයි. සිටුනා කලැ වැළැතැ සිටුනා ලැබෙයි. හිඳුනා කලැ, වැළැතැ හිඳුනා ලැබෙයි. හෝනා කලැ, වැළැතැ හෝනා ලැබෙයි. මා කෙරෙහි මට අරක් ගෙනැ සිටුනා ලැබෙයි. මම් තා කැමැත්තෙන් කෙරෙමි. සෙස්සන් හැරැ තා ඇතුළත් කෙරෙමි. නො එසෙ විහි නම්, හිරිහි[42] කොළගසටද් වඩා තා බිමැ ඇපිළි කෙරෙමි”යි කී යැ.
එකල්හි බුදුහු “මෙ බඹ මානනිඃශ්‍රිත යැ. ‘මම් දන්මි’ යි ගත්තෙ යැ. තමාගෙ යශසින් මතැ. තමා වෙර පහරනට නිසි කිසිවක්හු නො දක්කි. මුහු නිගත මැනැවැ”යි සිතා
“මම් තා ගෙ ගති දු දන්මි. ජුති[43] ද දන්මි. බකබ්‍රහ්ම මෙසෙ මහර්ධික යැ; මහානුභාව යැ; මහෙශාඛ්‍ය යැ යනු දන්මි”යි වදාළො. එ “කිසෙ යැ හො දන්නා පරිදි යැ”යි කී යැ.
බුදුහු “හිරි සඳ දෙදෙනා දස දිසා බබුළුවමින් ඇවිදුනා තාක් තැන් එක් සක්වළෙන් වෙයි. මෙසෙ වු සක්වළ දහසෙකැ[44] තා වසය[45] වැටෙයි. මෙ සක්වළ ඇතුළු වැ සක්වළ දහසැ හීනප්‍රණීත සත්ත්වයන් දන්හි. ‘මෙ සරාග යැ, මෙ විරාග[46] යැ’ යනු දන්හි උපදනවුන් නස්නවුන් දන්හි. තො වනාහි ‘ඉතා මහත්මී’ ගත්තෙහි. තො නම් සහස්‍රී බඹෙක්හි. තට වැඩි සිටි ද්විසහස්‍රී ත්‍රිසහස්‍රී චතුස්සහස්රී පඤ්චසහස්රී දශසහස්‍රී ශතසහස්රී බඹුන්ගෙ පමණ නැති. තො සතර රියන් කඩෙකැ[47] පමණ ගන්නට ව්‍යායාමයක් කරනුවක්හු වැන්නෙහි”යි නිගත්හු. නිගෙනැ, “බ්‍රහ්මය, අනෙක් තුන් ධ්යානභූමියෙක් ඇති. එයින් තා සැවැ ආ පරිදි තො නොදන්හි. මම දන්මි. මෙසෙ දැන්මෙන් තො මා හා නොසමයෙහි. මම තට වැඩි සිටියෙමි”යි වදාළො.
මොහු තුන් ධ්යානභූමියෙන් සැවැ ආ පරිදි කිසෙ යැ යත්:
මෙ බඹ අබුද්ධොත්පාදයෙහි තවුස් පැවිජි වැ[48] කිසුණු භාවනා කොටැ සමවත් උපයා ධ්‍යානයෙන් නො පිරිහී මියැ සතරවන ධ්‍යාන භූමි යැ. වෙහප්ඵල නම් බඹතෙලෙහි, පන්සියක් කපට ආ ගෙනැ උපනැ. එහි දු ආ පමණින් සිටැ එයින් පාන උපදනට තුන් වන ධ්‍යාන[49] පිණි කොටැ භවා, සුභකිණ්ණ නම් බඹකෙලෙහි සූසැට කපකට ආ ගෙනැ උපන. එහි දු ආ පමණින් සිටැ එයින් පාත උපදනට දෙවන ධ්‍යාන පිණි කොටැ භවා ආභස්සර නම් බඹ තෙලෙහි අට කපකට ආ ගෙනැ උපන. එහි දු ආ පමණින් සිටැ එයින් පාත උපදනට පළමු වන ධ්‍යාන පිණි කොටැ භවා මහාබ්‍රහ්ම[50] නම් බඹතෙලෙහි කපකට ආ ගෙනැ උපනි. හෙ තමා[51] කළ පින්කමුදු උපන් තැනුදු දති.[52]
කල් යත් යත්, දෙ මැ සඳහන් නොකොටැ සස්සතදිට්ඨි ගත්. එ සඳ බඹ “මහණ ගොයුම් මාගෙ ආයුදු උපන් තැනුදු පෙරැ කළ පින් කමුදු දන්නි. ඔස, මොහු පුළුවුත මැනැවැ”යි සිතා, තමා[53] පෙරැ කළ පින්කම් පිළිවිත. බුදුහු වදාළො.
කිසෙ යැ යත්:
පෙර මෙ බඹ කුලගෙකෙක් හි උපැදැ කාමයෙහි ආදීනව දැකැ ‘ජරාමරණින් මිදී ගිය මැනැවැ’යි ගිහිගෙන් නික්මැ ඉසිපැවිජියෙහි පැවිජි වැ ධ්‍යාන උපයා අභිඥලාභී වැ ගඟක් අසැ පන්සලක් කොටැ ගෙනැ දහන්සමවතින් දවස් යවයි. එකල්හි සත්වාවො පන්සියයක් ගැලැ[54] බඩු පුරවා මරු කතර පිළිපන්හැ. එවුදු එක්තරා හුණු වැල්ලෙකැ, දාවල් නොඇක්මිය හැක්කෙන්, රෑ රෑ ගමන් යෙත්. එහි පළමු යන[55] ගැල අග්වියෙහි[56] බඳ ගොන්හු යෙමින් සිටැ ආ මඟ බ ලා නැමුණාහැ. හැම ගැල්හු එ ගැල ගිය නියායෙන්මැ ගියො. හිරු නැඟි කලැ ගැල් නැවති බව දත්හු. හෙ ඔවුන් කතර ඉක්මැ යන දවස යැ. දිය දර හැම හී ගියෙ යැ. මිනිස්හු “දැන් කලි අප දිවි නට”යි[57] සිතා ගොනුන් ගැල්සකැ බැඳැ-පියා ගැල්සෙයෙහි වැද හොත්හු.
තවුස් වනාහි පන්සලින් නික්මැ පන්සල් දොරැ හිඳැ ගඟ බලනුයෙ, ගඟ මහත් වතුරෙන් පිරී, වැටෙමින් එන මිණිකඳක් සෙයින්, එන්නා දැකැ, “මෙ ලොව්හි මෙබඳු මියුරු දිය නොලදින් නස්නා සත්හු හා ඇති හො!”යි අවජනෙ, මරුකතරහි සත්වාවන් දැකැ “මෙ සත්හු නො නසිත්ව’යි, මෙයින් මහත් දිය කඳෙක් කැඩී මරුකතරැ සත්වාවන් කරා යෙව”යි ඉටී යැ. එමැ විගස ඇළින් යන දිය සෙයින් දිය එයට ගියෙ. මිනිස්හු දිය දැකැ සතුටු සොම්නස් වැ නහා පැන් බී ගොන් පැන් පොවාගෙනැ සුවයෙන් තමන් කැමති තැනට ගියො.
මෙසෙයින් බුදුහු එ මහබඹහු පූර්වයෙහි ගිමනැ[58] නස්න මිනිස්නට පැන් දුන්සෙ වදාරා, එවුහු මැ ගෙ[59] අනෙක් පින්කමක් දැක්වූහු.
කිසෙ යැ යත්:
එ බඹ අනෙක් අත් බැවෙකැ එසෙයින් මැ පැවිජි වැ ගඟක් අසැ පන්සලක් කොටැ-ගෙනැ වලැ වු ගමක්[60] නිසා වෙසෙයි. එකල්හි සොරහු ගම් පැහැරැ අත්සරු[61] රුවන් ගෙනැ, ගෙරි ගෙනැ, එහි මිනිසුන් ලවා ගෙන්වා-ගෙනැ, යෙති. ගෙරි දු බල්ලො දු මිනිස්හු දු මහ හඬින් හඬති. තවුස් එ හඬ අසා, “කිම හො!”යි අවජනෙ, මිනිස්නට භය උපන් බව දැකැ, “මා දක්නා සෙමෙ සත්හු නො නසිත්ව”යි දහස් සමවැදැ නැඟී, සොරුන් පෙරමඟැ සිවුරඟ සෙනඟ මැවීයැ. සොරහු බෙරැ අතොවමින්[62] එන සෙනඟ දැකැ, “රජ ආ වනැ”යි තමන් තමන් ගත් වොලො දමා-පියා වැලෑහ. තවුස් “යමෙක් යමක්හු ගැත්තෙ ද, හෙ ඔව්හට මැ වෙව”යි ඉටී යැ. හෙ එසෙ මැ වියැ. ගම්වැස්සනට සෙත් වී.
මෙසෙ බුදුහු එ බඹහු පූර්ව ජන්මයෙහි සොරුන් ලුහුබැඳැ පියා ගම්වස්සනට සෙත් කළ පරිදි වදාරා, උහු මැ ගෙ අනෙක් පින්කමක් දැක්වූහු.
කිසෙ යැ යත්:
එ බඹ අනෙක් ජන්මයෙක්හි එසෙයින් මැ පැවිජි වැ ගඟක් අසැ පන්සලක් කොටැ-ගෙනැ වෙසෙයි. එකල්හි උඩු ගඟැ වැසි එක් කුලෙක් යටි ගඟ වැසි එක් කුලක් හා සමඟ මිත්‍රකම් කොටැ නැව් හඟුළු බැඳැ, බොහො කන බොන දෑ දුගඳ මලු දු නැවට නඟා-ගෙනැ දියපිටින් එති. මිනිස්හු කමින් බොමින් නටමින් ගයමින්[63] දෙව් විමනෙකින් යනුවන් සෙයින් සොම්නස්හැ. එ ගඟැ වසන නාගරාජ දැකැ දැහැවැ, “මොහු මා ඇති යන සිතු දු නො කෙරෙති. දැන් මොවුන් මුහුදුබත් කළ මැනැවැ”යි මහත් අත්බවක්[64] මවා, දිය දෙකක් කොටැ පළා-පියා නැඟී, පැණය[65] කොටැ සුස්මමින් සිටියෙ යැ. මිනිස්හු දැකැ බියපත් වැ හඬා නැංග යැ. තවුස් පන්සලැ හුන්නෙ, එ හඬ අසා, “මෙ හු ගයමින් නටමින් සොම්නස් වැ එති. දැන් වනාහි භයරවයෙන්[66] හැඬූහු. “කිම හො!”යි අවජනෙ, නා රජු දැකැ, “මා දක්නා සෙ මෙ සත්හු නො නසිත්ව”යි යන සිතින් සමවත් සමවැජැ නැඟී ගුරුළු වෙසක් මවා-ගෙනැ නා රජහු දැක්වී යැ. නා රජ බියපත් වැ පැණය හකුළුවා-ගෙනැ දියෙහි ගැලී ගියෙ. මිනිස්නට සෙත් වී.
මෙසෙ බුදුහු එ බඹහු පූර්ව ජන්මයෙහි ගුරුළුවෙස් ගෙනැ නාරජහු ලුහුබැඳැ – පියා නැවැ මිනිස්නට සෙත් කළ පරිදි වදාළො.
මෙසෙ බඹහු බක ජාතකාදි නොඑක් අත්බැවැ කළ දෑ බුදුහු වදාළහ. බුදුන් කියත් කියත්, ඔහු පූර්ව ජන්මයෙහි කළ පින්කම් දහස් දිලියෙන ගෙකෙක්හි රූ සෙ පහළ වී එ සඳ එ බඹ බුදුන් කෙරෙහි පැහැද, “තෙපි මාගෙ වෑත්තා මතු දන්නා නොව.[67] තොප නො දන්නා දෑ නම් නැති. එයින් මැ තොප දිලියෙන අනුභාව සියලු බඹලො බබුළුවමින් සිටියෙ යැ”යි කී යැ.
එකල්හි බුදුහු බඹහු ගෙ දුලද් බිඳුනට “පඨවිං ඛො අහං බ්රහ්මෙ” යනාදීන් අසමතා[68] දැක්වූහු. මෙහි විස්තර මැදුම්සඟියැ බ්රහ්මනිමන්තණිය සුතින් දන්නෙ යැ.
එ බඹ තමා ගත් ගත් ලද[69] බුදුන් විසින් විහිදුවා-පි කල්හි ගන්නට නිසි කිසි දැයක් නො දැකැ, ලළිතකම් කටටි වැ, “ඔස මම් අතුරුධන් වෙමි”යි කී යැ. පොහොසත් විහි නම්, අතුරුධන් වා. තො අතුරුධන් වන්නට නො හැක්කෙහි”යි වදාළහැ. හෙ “සෙස්සනට අවිෂය වූ සියුම්[70] මුල් පිළිසඳට[71] ගොස් අතුරුධන් වෙමි”යි සිතී යැ. බුදුහු “මෙ බඹ මුල් පිළිසඳට නොයෙව”යි ඉටුහු.[72] එයින්[73] හෙ අතුරුධන් වන්නට නො නිසි වියැ. “අතුරුධන් වෙමි”යි[74] සිතා විමන්හි හැලෙයි.[75] කප්රුක්හි හැලෙයි.9 උළුළයෙන්[76] හිඳී[77] උහු දැකැ බඹහු* “මෙ බක බ්‍රහ්ම විමන්හි හැලෙයි.9 කප්රුක්හි හැලෙයි.9 උළුළයෙන් හිඳී. තො ‘අතුරුධන් වීම’යි සිතූයෙහි” යි පරිහාස කළහැ. මෙ බඹුන්* විසින් පරිහාස කරන ලද්දේ, දළ බුන් සපක්හු සෙ තොප නැති වී යැ. මන් නැති වී යැ.
එකල්හි බුදුහු එ බඹ හට “මම් අතුරුධන් වෙමි”යි වදාළො. ‘පොහොසත් වුව අතුරුධන් වා”යි කී යැ. එ සඳැ බුදුහු “මෙ බඹ ලො වැසියො මා නො දකිත්ව යි; බස් අසත්ව”යි ඉටා හුනස්නෙහි මැ අතුරුධන් වැ වැඩ හිඳ-
“භවෙ චා’හං භයං දිස්වා භවඤ්ච විභවෙසිනං,
භවං නාභිවදිං කිඤ්චි නන්දිඤ්ච න උපාදියිං”
යන මේ ගාථාව වදාළහැ. අතුරුධන් වැ හිඳැ මෙ ගය කුමට වදාළහ යත්: බඹගණා “මහණ ගොයුම්හු මෙ තැනැ ඇති බව් කවුරු දනිද්ද!”යි කියන්නට අවකාශ නොදෙනු සඳහා වදාළො.
මෙයින් බඹ ලොවැසියො බුදුන් ගෙ සෘද්ධිප්රාතිහාර්යය දැකැ, “ඇපි මෙසෙ වූ සෘද්ධිප්රාතිහාර්යය කරන මහණ බමුණු[78] කෙනකුන් පෙරැ නොදුටු විරීම්හැ. නොද ඇසු[79] වීරිම්හ”යි විස්මිත වැ ගුගුළො.
මෙසෙ[80] සිවුසස් දිස්වා බුදුහු ධම් දෙසුහු. දස දහසක් බඹහු* රාත් වූහු. මෙසෙයින් බුදුහු තමන් අනුත්තර වූ ‘පුරුෂදම්‍යසාරථී වන බැවින් බක ආදි බ්‍රහ්මයන් දමා අමා මහනිවන් පැමිණිවූහ.
x x x x
මෙ සෙයින් තුන් ලොව්හි සැරිසැරැ[81] උපාලි ගහපති ඈ සිට්නුදු, කූටදන්ත ඈ බමුණනුදු[82], අජාසත් ඈ රජුනුදු, අඟුල්මල් ඈ සොරුනුදු[83], සභිය ඈ පරිබ්රාජකයනුදු, සච්චක ඈ නුවරදරුවනුදු, පාඨිකපුත්‍ර ඈ නුවටනුදු, සච්චබද්ධක ඈ ජටිලයනුදු, බාවරි ඈ තව්සනුදු, සාක්යභික්ඛු ඈ මහණනුදු, නන්දොපනන්ද ඈ නාගරාජයනුදු, නාලාගිරි ඈ මහානාග යනුදු, ආළවක ඈ යක්ෂයනුදු, රාහු ඈ අසුරනුදු[84] සක්දෙව් රජහු ඈ දෙවියනුදු, බක ඈ බඹනුදු දමා අමා මහනිවන් පමුණුවමින් තරුපිරිවර ලද පුන්සඳහු[85] සෙයින්, පිරිබද්ධ පවු පිරිවර ලද රුවන්මෙර සෙයින් පත්පෙළ පිරිවර ලද පියුම් කෙමියක් සෙයින් අරීගණ[86] පිරිවරා දෙව්රම් මහ වෙහෙරැ වැඩැ විසූහැ බුදුහු
“සසී’ව තාරාගණසම්පුරක්ඛතො
ගිරී’ව මෙරූ පරිභණ්ඩගන්තරෙ,
සරෙ සුඵුල්ලම්බුජකණ්ණි කූපමො
වසී ජිනො ජෙතවනෙ පහඞ්කරො”
බුදුගුණ අනන්ත වන බැවින් නව ගුණය හැම කියත්, නො පිළිවතින් එහි ‘පුරිසධම්මසාරථී’ යන පදය ගෙනැ, විස්තර කෙරෙමින් දුර්දාන්තදමන යැ* ස්වසන්තානදමන යැ පරසන්තානදමන යැ ගෘහපතිදමන යැ බ්රාහ්මණදමන යැ රාජදමන යැ චොරදමන යැ පරිබ්රාජකදමන යැ මාණවක දමන යැ දිගම්බරදමන යැ ජටිලදමන යැ තාපසදමන යැ භික්ෂුදමන යැ නාගදමනය යැ යක්‍ෂදමන යැ අසුරදමන යැ දෙවදමන යැ බ්රහ්මදමන යැ යන අටළොස් පරිච්ඡේදයෙකින් පිරිසුන් මෙ ගත් කරන මා විසින් යම් පින්කමෙක් ගගනොපම කොටැ රැස් කරන ලදු ද, එ පින්කම් ගගනොපම හැම සත්ත්වයනට පැමිණෙවා.
යාව තිට්ඨති සෙලින්දො – යාව චන්දො විරොචතී,
තාව තිට්ඨතුගන්ථො’යං – පසාදෙන්තො මහාජනන්ති.
ගුරුළුගොමින් විසින් කරන ලද අමාවතුරු නම් ‘පුරිසදම්මසාරථී’ පද වර්ණනා නිමි.
බුදුගුණ මුත් තෙපුල් – මෙත්බහවුත් මුත් සිත්
නොවෙ වා කෙණෙක්හි දු – පරවැඩ මුත් පියො මා.
අමාවතුර හෙළ ගත්වැළෙහි උසස් මැ තැනැ දිලියෙහි. මෙය අසෝ වසැ ගෙතිණැයි නියම කොටැ මැ කියනුවට ඉසව්වක් නැතුදු දොළොස්වන සියවසැ අග කොටසට අයත් එකෙකැයි පිළිගන්නට කරුණු පැනෙයි.
අමාවතුර හෙළ ගත්වැළෙහි උසස් මැ තැනැ දිලියෙහි. මෙය අසෝ වසැ ගෙතිණැයි නියම කොටැ මැ කියනුවට ඉසව්වක් නැතුදු දොළොස්වන සියවසැ අග කොටසට අයත් එකෙකැයි පිළිගන්නට කරුණු පැනෙයි.
Reviews
There are no reviews yet.