පොතේ විස්තරය
උමංදාව මඟින් විවරණය කරනු ලබන්නේ මහෞෂධ පඬිතුමාගේ ප්‍රඥා මහිමයයි. මහෞෂධයන්ගේ ප්‍රඥා මහිමයෙන් නොවිසඳිය හැකි ගැටලුවක් මිහිපිට නොවූ තරම් ය. උමංදාවෙහි මහෞෂධ චරිතයේ විවිධ පැතිකඩ ඔස්සේ ප්‍රඥාව විශද වන අවස්ථා පිළිබිඹු වේ. සමාජ අවබෝධය මඟින් ඇති වන ප්‍රඥාව හා තර්කානුකූල ප්‍රඥාව මහෞෂධ චරිතයේ නිරන්තරයෙන් දැක ගත හැකි වන අතර රාජ්‍ය පාලනය කෙරෙහි එම චරිතයෙන් විශද වන ප්‍රඥාව මූලික වේ. මහෞෂධ පඬිතුමා රජු හා නිරන්තර සම්බන්ධ වෙමින් රාජ සභාවේ කටයුතු කළ බුද්ධිමත් පඬිවරයෙකු නිසා ඔහුගේ ප්‍රඥාව රාජ්‍ය පාලනය විෂය තුළින් බහුල ව විශද වේ. උම්මග්ග ජාතක කථාවේ අවසානයේ දී තම ප්‍රඥා මහිමය තුළින් තම රටත් රජුත් මහජනතාවත් ආරක්‍ෂා කර තමාත් ආරක්‍ෂා වන්නේ රාජ්‍ය පාලනය සම්බන්ධයෙන් ඔහු තුළ තිබූ ප්‍රඥාව මැනවින් පෙන්වා දෙමිනි. මෙම කරුණු අනුව පෙනී යන්නේ රාජ්‍ය පරිපාලනය කෙරෙහි මහෞෂධයන් තුළ තිබූ ප්‍රඥා ශක්තිය උම්මග්ග ජාතකයෙන් ඉස්මතු වී පෙනෙන බවයි.
Reviews
There are no reviews yet.