පොතේ විස්තරය
සද්ධර්මරත්නාවලිය යනු සද්ධර්ම නැමැති රත්නයන්ගෙන් යුතු ආවලී හෙවත් වැල යන අරුත දෙයි. අතිශයින් ම වටිනා දහම් කොටස් ගෙන රචනය කොට ඇති බව ඉන් හැඟවෙයි. මෙය බෞද්ධ සාහිත්‍යයෙහි ප්‍රකට කථා වස්තු කොටසක් රසවත් ව ඉදිරිපත් කරන අතර, ඒ කථා වස්තු මගින් ධර්ම කරුණු පිළිබඳ ව අසන්නාගේ අවධානය යොමු කරන අයුරේ ධර්ම ග්‍රන්ථයක් සේ සැලකිය හැකි ය. ග්‍රන්ථය අවසානයේ එන පාලි ගාථාවට අනුව ධම්මසේන නම් යතිවරයෙකු විසින් මේ ග්‍රන්ථය රචනාකොට ඇත. මෙම ග්‍රන්ථයෙහි ඇතුළත් වන භාෂා රීතිය පිළිබඳ ව විමසන විට ගත් කතුවරයා දඹදෙණි යුගයේ පමණ ජීවත් වන්නට ඇතැයි සැලකිය හැකි ය.
Reviews
There are no reviews yet.