කෝට්ටේ යුගයේ සාහිත්‍ය
කෝට්ටේ යුගය ලෙස සැලකෙන්නේ ක්‍රි. ව. 1412 – ක්‍රි. ව. 1580 දක්වා කාල වකවානුවයි. ඉතා නො සන්සුන් තත්වයක පැවති ගම්පොල යුගයේ අවසානයේ ඇති වූ ගැටුම්වලින් අනතුරුව සවන පැරකුම් රජු රාජ්‍යත්වයට අභිෂේක ලැබීමෙන් පසු කෝට්ටේ රාජධානිය බිහි විය.කෝට්ටේ යුගයේ දී සිංහල සාහිත්‍යයේ විශාල උද්දීපනයක් ඇති විය. එනම් මෙම යුගයේ දී පද්‍ය සාහිත්‍යයේ විශාල පිබිදීමක් සිදු විය. කෝට්ටේ යුගයේ ලියූ පද්‍ය සාහිත්‍ය තුළ උසස් නිර්මාණ රැසක් පවතී.එනම්,
කාව්‍යශේඛරය, ගුත්තිල කාව්‍ය, සන්දේශ කාව්‍ය, දහම් ගැට මාලය
වයන්ති මාලය, රුවන් මල, ලෝවැඩ සඟරාව, බුදුගුණ අලංකාරය, නාමාවලිය, පැරකුම් සිරිත,
කව්ලකුණු මිණිමල, ලකුණු සර, එළුසිලෝ ශතකය, කුවේණි අස්න, සඳකිඳුරු දා කව
මෙකල බිහි වූ සන්දේශ කාව්‍ය පහට සුවිශේෂ ස්ථානයක් හිමි වී ඇත. මේ සංදේශ කෘති වන්නේ ගිරා සන්දේශය, හංස සන්දේශය, පරෙවි සන්දේශය, කෝකිල සන්දේශය, හා සැළලිහිණි සන්දේශයයි. එකල ලියැවී ඇති ගද්‍ය කෘති ලෙස සද්ධර්මරත්නාකරය , එළු අත්තනගලු වංශය , කඨිනානිසංස, බුද්ධිප්පසාදිනි ටීකාව, ගණිත සිංහ සන්නය, රුවන්මල් නිඝණ්ඩුව, චුල බෝධිවංශය හා පංචිකාප්‍රදීපය දැක්විය හැක.