දඹදෙණි යුගයේ සාහිත්‍ය

ක්‍රි.ව. 1232 දී ආරම්භ වූ දඹදෙණි යුගය දශක 5 කට ආසන්න කාලයක් පුරා දිවෙයි. දඹදෙණි සාහිත්‍ය යුගය සම්භාව්‍ය සිංහල සාහිත්‍ය යුග අතර කැපී පෙනෙන සාහිත්‍යය යුගයකි. ගද්‍ය ග්‍රන්ථ විස්සකට අධික ප්‍රමාණයකුත් පද්‍ය ග්‍රන්ථ හතරකුත් දඹදෙණි යුගයේ රචනා විය. බොහොමයක් ගද්‍ය ග්‍රන්ථ රචනා වී ඇති හෙයින් දඹදෙණි යුගය ඇතැම් විචාරකයන් හඳුන්වන්නේ “පුරාතන ගද්‍ය සාහිත්‍යයේ ස්වර්ණමය යුගය” ලෙස යි. ප්‍රමාණයෙන් විශාල ගද්‍ය ග්‍රන්ථ රචනා වීම දඹදෙණි යුගයේ ගද්‍ය සාහිත්‍යයේ කැපී පෙනෙන විශේෂතාවකි.

සද්ධර්ම රත්නාවලිය – ධර්මසේන නම් හිමිනමකගේ කෘතියකි. පාලි ධම්ම පදට්‌ඨ කතාව ඇසුරින් සිංහලෙන් ලියැව ඇත.
පූජාවලිය – මයුරපාද පිරිවෙන්හි වැඩ විසූ බුද්ධ පුත්‍ර හිමියන්ගේ රචනයකි. අරහං යන බුදුගුණය විස්‌තර කරමින් ලියැවී ඇති ගද්‍ය ග්‍රන්ථයකි.
කව් සිළුමිණ – සිංහලයේ පළමු මහා කාව්‍යය වන “කව්සිළුමිණ” සකල විද්‍යා චක්‍රවර්තී දෙවැනි පණ්‌ඩිත පරාක්‍රමබාහු රජු විසින් කුසජාතක කතාව පදනම් කරගෙන රචනා කරන ලද්දකි. සිංහල විරිත් පිළිබඳ ව සඳහන් කරමින් රචිත “එළු සඳැස් ලකුණ” පද්‍ය සාහිත්‍ය ඉතිහාසයට ම වැදගත් ග්‍රන්ථයක් වන අතර “ලකුණුසර” ද එවැනි ම වැදගත්කමක් ඇති පද්‍ය කෘතියකි.
විසුද්ධි මාර්ග සන්නය – මෙය පණ්‌ඩිත 2 පරාක්‍රමබාහු රජතුමාගේ කෘතියකි. විසුද්ධි මාර්ගයට ලියන ලද ගැටපද විවරණයකි. බෞද්ධ ධර්මය පිළිබඳව රජතුමා තුළ වූ දැනුම් සම්භාරය මෙම ග්‍රන්ථයෙන් පෙන්නුම් කරයි.
සිදත් සඟරාව – සිංහල භාෂාවේ ව්‍යාකරණ විධි 20ක්‌ විස්‌තර කරමින් ලියැව ඇත. දැනට සිංහල භාෂාව සඳහා ඇති පැරණිම ව්‍යාකරණ ග්‍රන්ථයයි. මයුරපාද පිරිවෙන්පති වේදේහ හිමියන්ගේ කෘතියකි.
දඹදෙණි කතිකාවත – දිඹුලාගල මේධංකර හා සංඝ රක්‌ෂිත යන හිමිවරුන්ගේ රචනයකි. භික්‌ෂූන් වහන්සේලාගේ ඇවතුම් පැවතුම් පිළිබඳ උපදෙස්‌ ඇතුළත් වේ.

ඊට අමතරව පහත දැක්වෙන කෘතිද දඹදෙණි යුගයට අයත් ලෙස සැලකේ.
කඳවුරු සිරිත – දෙවැනි පරාක්‍රමබාහු රජුගේ දෙනික චර්යාව විස්තර කොට ලියැවුණු ලේඛනය කඳවුරු සිරිත නම් වේ.
පියුම්මල් – කෝෂ ග්‍රන්ථයක් වේ.
කංඛා විතරණී සන්නය (ගැටපද විවරණයකි)
කුදු සිඛ පදාර්ථ (විනය නීති විස්‌තරයකි)
පද සාධක සන්නය (ගැටපද විවරණ ග්‍රන්ථයකි)

සද්ධර්මරත්නාවලිය

සද්ධර්මරත්නාවලිය

සද්ධර්මරත්නාවලිය යනු සද්ධර්ම නැමැති රත්නයන්ගෙන් යුතු ආවලී හෙවත් වැල යන අරුත දෙයි. අතිශයින් ම වටිනා දහම් කොටස් ගෙන රචනය කොට ඇති බව ඉන් හැඟවෙයි. මෙය බෞද්ධ සාහිත්‍යයෙහි ප්‍රකට කථා වස්තු කොටසක් රසවත් ව ඉදිරිපත් කරන අතර, ඒ කථා වස්තු මගින් ධර්ම කරුණු පිළිබඳ ව අසන්නාගේ අවධානය යොමු කරන අයුරේ ධර්ම ග්‍රන්ථයක් සේ සැලකිය හැකි ය….

පූජාවලිය

පූජාවලිය

මෙම මහා ධර්ම ග්‍රන්ථය මයුරපාද පරිවේනාධිපති බුද්ධ පුත්‍රයන් වහන්සේ විසින් ක්‍රි. ව. 1266-75 (බු.ව. 1809-1818) අතර කාලයේ දී රචනා කර ඇතැයි සැලකේ.  සමන්තකූට පර්වත පර්‍යාන්තයෙහි පිහිටි පළාබත්ගල දේව ප්‍රිතිරාජ ඇමතියා විසින් කරවා පිළිගන්වන ලද ‍දෙමහල් පහයෙහි දී මෙය රචනා කර ඇත. නවගුණ පාඨයට අයත් අරහං බුදු ගුණය වර්ණනා කරමින් මෙය රචනා කර ඇත.  මෙහි ප්‍රමාණය…