1. නිදාන කථාව
එක් සමයෙක්හි ශාක්‍යසිංහ වූ, සමන්තභද්‍ර වූ, අසමසම වූ, ත්‍රෛලෝක්‍ය තිලක වූ, ත්‍රිභූවන චූඩාමාණික්‍ය වූ, කරුණා නිධාන වූ, මෛත්‍රී නිවාස වූ, ප්‍රඥාවට වල්ලභ වූ, සාගරයක් සේ අචින්ත්‍ය වූ ගුණ ඇති, මහා පොළොව සේ නිශ්චල ගුණ ඇති, මහා මේරුව සේ උස් වූ ගුණ ඇති, දෑ රඟ මිණක් සේ නිර්මල වූ ගුණ ඇති, මාගේ ස්වාමිදරු වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ, ක්ෂීර සාගරයෙන් නැංගා වූ තරංග මාලාවක් සේ සූධා ධවල ප්‍රාකාර වලයෙන් පරික්ෂිප්ත වූ, කනකරජතාදීන් හොබනා වූ, විසිතුරු සැදුම්ලත් මාළිග ගෙවල් හා දොරටු ආදියෙන් හා යුක්ත වූ සපු සල් නා පනා අඹ දොඹ ආදී වූ ඵලපල්ලවයෙන් සඤ්ඡන්න තරුවර ශතයෙන් හොබනා විසිතුරු උද්‍යානයෙන් හා පස් පියුමෙන් සැදුම් ලද නිර්මල ජල සම්පූර්ණ පුෂ්කරණී ශතයෙන් හොබනා වූ, නානාභරණ විභූෂිත නරනාරී ගණාකීර්ණ වූ සැවැත් නම් නුවර නිසා, නඳුන් වනයට අපහාස කරන්නාක් වැනි වූ, සියලු සිරිසරින් සාර වූ, චංක්‍රමණ පරිවෙණාදි විහාර ශතයෙන් හොබනා වූ ජේතවන නම් උයන්හි මෛත්‍රී කරුණා මුදිතෝපෙක්ෂා සංඛ්‍යාත සතර ආර්ය විහාරයෙන් දවස් යවන සේක්, තමන් වහන්සේ ගේ භවයෙන් සැඟැවී තිබූ ප්‍රඥා පාරමිතාව අරභයා මේ ජාතකය වදාළ සේකැ.
හේ කෙසේ දැයි යතහොත් :- එක් දවසක් හිරු අස්ත පර්වත ගත වේලෙහි ශීලසමාධීප්රඥාදි ගුණාංග සංගත භික්ෂු සංඝයා වහන්සේ තමන් වහන්සේ වසන රාත්‍රී ස්ථානයෙන් අවුත් යුද්ධ භූමියකට රැස්වන්නා වූ සුවිනීත යොධ මුළක් සේ ද, මැණික් සන්නාහ සන්නද්ධ නානාලංකාරයෙන් සැදුම් ලද ගඳැත් මුලක් සේද, ඒකචර සිංහ සමූහයක් සේද, සැඳෑ වලා බඳු වූ සුරක්තවර පවුල් පෙරෙවැ, ගන්ධදාම පුෂ්පදාමාවලම්බිත කනක රජතමණි තාරකායෙන් විචිත්‍ර විතාන ඇති නානාප්රභා සමුදය සමුජ්ජවලිත අලංකෘත ධර්ම සභායෙහි, ශක්රාගමනය බලමින් සුධර්මා නම් දිව්‍ය සභායෙහි රැස් වැ උන් දිව්‍ය සමූහයා සේ, ධර්ම රාජන් වූ, ධර්මාධිපතිවූ, ධර්මස්වාමී වූ, තිලෝගුරු බුදුරජාණන් වහන්සේ වඩනා පෙර මඟ බල-බලා ධර්මාසනය පිරිවරා හිඳැ, බුදුන්ගේ නුවණ පැරුම් වනන සේක්, “ඇවැත්නි, බුදුහු ශීලස්කන්ධාදියෙහි පවත්නා මහත් වූ නුවණ ගතියක් ඇති සේකැ. මුහුදු පිටැ ඉසි සුවඳ තෙලක් මෙන් දත යුතු වූ සියලූ ධර්මයන් කෙරෙහි පැතිර පවත්නා වූ නුවණ ගතියක් ඇති සේකැ. සියලු ධර්මයන් කෙරෙහි තුෂ්ටි බහුල වැ පවත්නා නුවණ ගතියක් ඇති සේකැ. සියලු ඥෙය මණ්ඩලයෙහි ජවන හංස ගතියක් මෙන් දිවෙන්නා වූ නුවණ ගතියක් ඇති සේකැ. අර්ථ ධර්ම නිරුක්ති ප්‍රතිභානාදියෙන් දිරා ගිය පරඬලා පතෙකැ නොපැකිළැ යන්නා වූ දවසක් මුළුල්ලෙහි රත් කළ යහුලක් මෙන් සියුම් වැ දුවන්නා වූ නුවණ ගතියක් ඇති සේක. අතුල් තලයෙහි තුබූ දෑ රඟ මිණක් සේ සියලු ධර්මයන් සර්වාකාරයෙන් විනිවිදැ දක්නා වූ නුවණ ගතියක් ඇති සේකැ. දෘෂ්ටිජාලානුගත අන්‍යතීර්ථක ජනයන්ගේ ශාශ්වතෝච්ඡේදාදි වාද මර්දනය කරන සේක්. තමන් වහන්සේගේ අසාධාරණ වූ විදුරු නුවණින් කූටදන්ත බ්‍රාහ්මණ වේරඤ්ජ බ්‍රාහ්මණාදී වූ අනේක බ්‍රාහ්මණ ශතයන්ද සහිය පරිබ්‍රාජක බාහිය පරිබ්රාජකාදී වූ පරිබ්‍රාජක සමූහයන්ද, අංගුලිමාල ආදී වූ චණ්ඩ පරුෂ බොහෝ සොරුන්ද, ආලවකාදී වූ මනුෂ්‍ය මාංස භක්ෂණයෙහි දක්ෂ වූ යක්ෂයන්ද, ඉසුරු මදයෙන් ප්‍රමාද වැ තුනුරුවන් කෙරෙහි ජනිත ප්‍රසාද විරහිත වූ, ශක්‍ර දේවේන්ද්‍රයා ආදී වූ දේවතාවන්ද, ශාශ්වත දෘෂ්ටි ජාලානුබද්ධ වැ අමාර්ග ප්‍රතිපන්න බක බ්‍රහ්මාදී වූ බ්‍රහ්මයන් ද තමන් වහන්සේ ගේ අසාධාරණ වූ සර්වඥ මහිමයෙන් මාන මර්දනය කොටැ පාප නැමැති විෂ විනාශ කොටැ වදාළ සේකැ. තවද මේ බුදුරජාණන් වහන්සේ විසින් කායද්වාරාදියෙහි සම්‍යක් ප්රතිපත්තීන් සිද්ධ කොටැ ස්වර්ග මොක්ෂ භාවය ප්‍රවුජ්‍යාව සාදා දී බොහෝ දෙන සතර මග ඵලයට පැමුණුවන ලදහ. ඇවැත්නි, මෙසේ බුදුහු උක්තප්‍රකාර මහ නුවණැති සේකැ යි බුදුන්ගේ ශීල සමාධ්‍යාදි අනේක ප්‍රකාර ගුණ වර්ණනනා කොටැ-කොටැ දම් සභා මණ්ඩපයෙහි රැස් වැ හුන් සේකැ.
ඉක්බිති සනරාමර ලෝක චූඩා මණි-මරිචි මඤ්ජරි පුඤ්ජ පූජ පූජිත චරණාම්බුජ ඇති, ලෝක ස්වාමී වූ ලෝක නායක වූ ජගදානන්ද ලෝචන වූ මාගේ ස්වාමිදරුවාණන් වහන්සේ, දම් සභා මණ්ඩපයෙහි උපන් කථා ස්වරෑපය ගඳකිළි පිරිවෙනෙහි වැඩැ උන් සේක්, දිව කනින් අසා වදාරා, වර රුචිර ගන්ධකුටි වාසය මහා කරුණායෙන් දුරු කොටැ සමාපත්තීන් නැඟී, ලාක්ෂා රසයෙන් තෙත් වූ මුරුත මල් කලඹක් හා සමාන වූ අඳනා සිවුර ත්‍රිමණ්ඩල ප්‍රතිච්ඡාදනයෙන් සංවිධානය කොටැ හැඳැ, සන්ධ්‍යා ඝන වලාවෙකැ ගසන ලද සියරැලි විදුලියක් සමාන වූ පටී ධාතූන් වහන්සේ ඊ මත්තේ බැඳැ, ඝන රන් දා ගබක් රත් පලසෙකින් වසන්නාක්හු මෙන්ද, අටළොස් රියන් රන් ඇගෑයකට පබළු දැලක් දමන්නාක්හු මෙන් ද, චිත්‍රකූට පර්වතය බඳු වදමල් දමෙකින් වට කරන්නාක්හු මෙන් ද, රත් ගල් මුඳුනෙහි සුපක්ව ලාක්ෂා රස වත් කරන්නාක්හු මෙන්ද මේරුමන්දරාදීන් එක පැහැර කම්පා කෙරෙමින් සුපක්ව විලිකුන් නුග ඵලයෙකැ පැහැ බඳු වූ සුගත් මහාපාංශුකූල චීවරය පෙරෙ වැ, සුප්පතිට්ඨිත පාදතාදී වූ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන් කරණ කොට ගෙනැ පිළිවෙළින් ගොතා තුබූ සූර්ය මණ්ඩලයන් දෙතිස් දෙනෙකුගේ ද, චක්‍රවර්තීන් දෙතිස් දෙනෙකු ගේ ද, මහා බ්‍රහ්මයන් දෙතිස් දෙනෙකු ගේ ද ශ්‍රී විභූති අභිබවමින්, අශීත්‍යනුව්‍යඤ්ජන ඛ්‍යාම ප්‍රභා කේතුමාලාලංකාරයෙන් විරාජමාන වැ අනන්ත කාලයක් මුළුල්ලෙහි පුරන ලද සුචරිතානුභාවයෙන් තෙමේ තමාට අරනා ලද දොර ඇති ගඳකිළි පිරිවෙනින් මේඝ කූටයෙකින් පිටත්වන හිරු මඬලක් සේ ද, වලා පටලයෙකින් නිකුත් වූ පුන් සඳ මඬලක් සේ ද, රන් ගල් ගුහාවෙකින් කෙසරු සලා විදහා නික්මෙන අභීත කේසර සිංහරාජයෙකු සේ ද, නික්මැ තමන් වහන්සේ ජාති ජාතියෙහි බුද්ධාදි නුවණැත්තන් සමීපයට නුකුසීත වැ එළැඹි කුසල මහිමයෙන් පොළොව පළා ගෙනැ නැගී සත්බුමු මහ පියුම් මත්තෙහි අටතුරාසියක් මඟුල් ලකුණින් සැදුම් ද ශ්‍රී පාද යුගලය තබ-තබා, විය දඬු පමණෙකැයි හෙළන ලද්දා වූ නේත්රකාන්තීන් මහී කාන්තාවට අමෘතාභිෂේක දෙමින් අනන්ත වූ බුද්ධ විලාසයෙන් දම් සභා මණ්ඩපයට වැඩැ, නීල පීතාදී සවණක් රැසින් සකල දම් සබාව එක පැහැර බබුළුවමින්, ඝන රන් මාළිගයෙකැ දිලියෙන ඉඳුනිල් මිණි කවුළු සඟලක් වැනි දෝහෝ නොහොත් රන් දා ගබක් සේ බබළන මුහුණ නමැති පියුම් ගැබෙහි හැසිරෙන බඹර යුගළයක් හා සමාන වු, දිගු පුළුල් පස් පෑ දිස්නා ඇස් සඟළ විදහා, සත් රුවන් නැවක් මෙන් ද, පිපී වැනී ගිය රත් පියුම් වනයක් දෝහෝ නොහොත් රන් දා ගබක් වට කොට කොට පුදන ලද මල් කලබක් හා සාදෘශ්‍ය වු සංඝ රාජයන් බලා වදාරා, “මේ මහණ පිරිස දැමුණු ඉඳුරන් ඇත්තාහ. නිවුණා වු චිත්ත සන්තාන ඇත්තා හ. කයින් වචසින් මනසින් සන්හුන් ඉන්ද්රියයන් ඇත්තා හ. එහෙයින් මම පළමු කොටැ කථාවක් නොකෙළෙම් නම් මට පෙරතු කොටැ බැණැ නැගෙන මහණෙක් නැතැ යි සිතා වදාරා, අනල්ප කල්ප කෝටි ශත සහස්රයක් මුළුල්ලෙහි පුරන ලද කායවාක් සුචරිතයෙන් ඒකසුගන්ධ වැ තිබෙන මුඛ පද්මය විදහා “මහණෙනි, මා එන්නාට පුර්ව භාගයෙහි කවර නම් කථාවෙකින් යුක්ත වැ උනු ද? තොපට නොදැනෙන කථාවක් තොප සිතැ උපන් සැකයක් ඇත මට කියව. මම මා ගේ අසාධාරණ වු බුදු නුවණැසින් පිරිසිඳැ දැනැ කියමි යි වදාරා ධර්මයට මුඛ දී තුෂ්ණීම්භූතව වැ වැඩ උන් සේකැ.
එවේලොහි සංඝයා වහනසේ, “ස්වාමීනි, බුදුන් විසින් නොකියන්නට වදාළ රාජ කථා චෝර කථාදී වු දෙතිස් කථායෙන් යුක්ත වැ නුන්නම්හ. බුදුන්ගේ සුවිශුද්ධ තීක්ෂණ ප්‍රඥා ගුණ රසාස්වාදයෙන් පින-පිනා උන්නම්හ” යි කී කල්හි, “මහණෙනි, දැන් මතු නොවෙයි, බුදුහු මහ නුවණැත්තෝ, පුර්වයෙහිත් සසර සිටුනා කලැ නුමූ කළ නුවණෙහි සිටැ මෙමැ සර්වඥතාඥානය සිද්ධ කරන පිණිසැ පාරමී ධර්මයන් පුරා ඇවිදුනා කාලයෙහිත් නුවණැත්තෝ මැ වෙත් දැ'යි වදාරා මුවින් නොබැණැ වැඩහුන් කල්හි එක් කෙනකුන් වහන්සේ විසින් හැමදෙනා වහන්සේ ගේ අනුමැතියෙන් සිවුරු එකස් කොටැ පෙරෙවැ ඇඳිලි බැඳැ සිටැ දන්වන්නාහු “බුදුන් මහා නුවණ ඇති සේ ප්රස්තූත හෙයින් ඇඟෙයි. පුර්ව ජන්මයෙහි නුමූ කළ නුවණින් සිටැ පාරමී ධර්මයෙන් පුරන කල්හි මහ නුවණ ඇති පරිදි භවයෙන් සැගැවී තිබෙයි. එහෙයින් ස්වාමිදරුවාණෙනි, අපට නො හැඟෙයි. වදාළ හොත් යහපතැ'යි ආරාධනා කළ කල්හි කඩතුරාවක් පහ කොටැ විචිත්‍ර චිත්‍ර කර්මාන්තයක් දක්වන්නාහු මෙන් අතීත කාලයෙහි ප්‍රවෘත්ත වු කථා ස්වරූපය ගෙනැ හැරැ දක්වා වදාළ සේක.
2. මහෞෂධ කුමාරයෝ
යටැ ගිය දවසැ මියුලු නුවැරැ වේදේහ නම් රජ්ජුරු කෙනෙකුන් රාජ්‍යය කරන සමයයෙහි උනට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන සේනක යැ, පුක්කුස යැ, කාවින්ද යැ, දේවින්ද යැ, යන පණ්ඩිතවරු සතර දෙනෙක් වුහ. එ සමයයෙහි වේදේහ රජ්ජුරුවෝ පුරන ලද පාරමිතා ඇති බුද්ධාංකුර වු මහා බෝසතාණාන් වහන්සේ මවු කුස පිළිසිඳ ගන්නා දවස් අලුයම වේලෙහි මෙබඳු සීනයක් දුටහ: “සෙණ්ඩුවාළුව ඇතුළෙහි සතර පවුරු කොනැ නාඹ තල් කඳ සා ගිනි කඳ සතරෙක් පවුරෙහි තලක්කටිටුව උසට නැගී දිලියෙන්නේය. ඒ ගිනි කඳ සතරට මධ්‍යයෙහි කදෝ පැණියකු සා ගිනි පුපුරක් නැගී එමැ ඇසිල්ලෙහි සතර කොනැ සිටි ගිනි කඳ සතරෙහි ආලෝක මැඩ ගෙනැ බඹ ලොව උසට සක්වළ මුළුල්ලෙහි ආලෝක පතුරුවමින් දිලියුණේයැ. යටත් පිරිසෙයින් බිමැ හුණු සර්ෂප මාත්රයෙකුදු පෙනෙන්නේ යැ. සියලු දෙව් මිනිසුන් සහිත ලෝ වැස්සෝ ගඳින් මලින් පුජා කෙරෙමින් ඒ ගිනි දැල් ඇතුළේ මැ වැදැ ඇවිදුනාහුයැ. එසේ ගිනි දැල් ඇතුළෙහි මැ ඇවිදුනා උන්ගේ ඇඟින් රෝම කූප මාත්රයෙකුදු හුණු නොවන්නෙ යැ.” වේදේහ රජ්ජුරුවෝ මේ සීනය දුටු කල්හි එයින් භය පත් වැ නොනිඳා හිඳැ පහන් කළහ.
උදාසනක් සේ සේනකාදි පණ්ඩිතවරු සතරදෙන රජ ගෙට ගොස්, රජ්ජුරුවන් වැඳැ රෑ දවසැ සුව සේ නිදි ලත් සැටි විචාරා, රජ්ජුරුවන් විසින් “මට සුවයෙක් නම කොයින් ද? මෙබඳු සීනයක් දිටිමි" යි කී කල්හි පණ්ඩිතවරු සතර දෙනාගෙන් සේනක පණ්ඩිතයෝ, “දේවයන් වහන්ස, නො බව මැනැව. මේ තෙම මංගල සීන යැ. එහෙයින් නුඹ වහන්සේට වැඩෙක් මැ වන්නේ යැ“ යි කියා, "කවර කාරණයකින්දැ” යි රජ්ජුරුවන් කී කල්හි, "අප පණ්ඩිතවරුන් හතර දෙනා ම අභිබවා අප ගේ නුවණ යට කොට අනෙක් නුඹ වහන්සේට පස් වන පණ්ඩිත කෙනෙක් උපදනාහ. අපි සතර දෙනා මේ රාජාංගනයෙහි සතර කොන නැගි ගිනි කඳ සතරක් වැන්නම්හ. මධ්‍යයෙහි නැඟි ගිනි කඳ මෙන් පස් වන පණ්ඩිතයෝ උපදනාහ. සියලු දෙව් මිනිසුන් සහිත ලෝකයෙහි අසමාන වූ නුවණැත්තාහ: සියලු ගුණයෙන් අසදෘශයහ" යි කියා දැන්වූහ. "දැන් කොයි දැ" යි රජ්ජුරුවන් කී කල්හි, “දේවයන් වහන්ස, අද උන්ගේ මවු කුසැ පිළිසිඳ ගැන්ම හෝ මව් කුසින් බිහිවීම හෝ වන්නේ යැ“යි තමන්ගේ ශාස්ත්‍ර බලයෙන් දිව ඇසින් දුටු කෙනකුන් මෙන් සීනයෙහි අර්ථ රජ්ජුරුවනට කීහ. රජ්ජුරුවෝ එදා පටන් ඒ වචනය සිහි කළ හ.
මියුලු නුවර වනාහි වාසල් සමීපයෙහි දකුණු යවමැදුම් ගම යැ, බටහිර යවමැදුම් ගම යැ, උතුරු යවමැදුම් ගම යැ, නැගෙනහිර යවමැදුම් ගම යැයි නියම් ගම් සතරෙක් වී යැ. ඒ ගම් සතරින් නැගෙනහිර යවමැදුම් ගමැ සිරිවඩ්ඪන නම් සිටාණ කෙනෙක් වුහ. උන් ගේ ඇඹණියෝ සුමනා නම් දේවි කෙනෙකැ. මහ බෝසතාණන් වහන්සේ, එ දවස් රජ්ජුරුවන් සීනය දුටු වේලෙහි මැ තව්තිසා දෙව් ලොවින් ච්‍යුත වැ, සිරිවඩ්ඪන සිටාණන් ගේ සුමනා දෙවීන් කුසැ පිළිසිඳ ගත් සේකැ. අනෙකුත් දිව්‍ය පුත්‍රයෝ දාසෙක් එමැ දෙව් ලොවින් ච්‍යුත වැ, නැගෙනහිර යවමැදුම ගම බලා වැඩි මහලු සිටුවරුන්ගේ ගෙවලැ පිළිසිඳ ගත්හ.
සුමනා දේවී පිරිහුන් දස මසෙකින් අභිනව චන්ද්‍ර රේඛාව සේ දොහෝ නොහොත් ඝන රන් පිළිමයක් බඳු වු රන්වන් පුතණු කෙනකුන් වැදු හ. ඒ ඇසිල්ලෙහි සක් දෙව් රජාණෝ මිනිස් ලොව බලන්නාහු, මහ බෝසතාණන් වහන්සේ මවු කුසින් නික්මුණු බව දැනැ, “මේ බුද්ධාංකුරයන් දෙවි මිනිසුන් සහිත ලෝකයෙහි ප්‍රසිද්ධ කොටැ ලන බව සුදුසු යැයි සිතා, උන්වහන්සේ මවු කුසින් බිහිවන වේලෙහි නො පෙනෙන ශරීර ඇති වැ අවුත්, ඔබ අතැ රන්වන් සඳුන් ගැටයක් තබා, තමන් වසන ශක්‍ර භවනයට ගිය හ.
මහ බෝසතාණෝ ඒ ගත් සඳුන් ගැටය මිටින් ගත් සේකැ. මහ බෝසතාණන් වහන්සේ මවු කුසින් බිහිවන වේලෙහි මෑණියන් දෑට මඳ විළි වේදනාවකුත් නොවී, ඩබරාවෙකින් වැහෙන දියත්තක් මෙන් ද, ධර්මාසනයෙකින් බස්නා පඬි රුවනක් මෙන් ද, සුවයෙන් නික්මුණු සේකැ. මැණියන් දෑ උන් වහන්සේ අතැ තුබු සඳුන් ගැටය දැකැ, “පුතණ්ඩ තොප අතැ කිම් දැ” යි කී දෑ යැ. “මෑණියන් වහන්ස, මහෞෂධයෙකැ” කියා දිව සඳුන් ගැටය මෑණියන් දෑ අත තබා වදාළ සේකැ. ඖෂධය මැණියන් දෑ අතට දී, “මෑණියන් වහන්ස, මේ ඖෂධය ඇරැ ගෙනැ යම් කිසි රෝගයෙකින් පීඩිත කෙනෙකුට දෙවුව මැනැවැ” යි මෑණියන් දෑට වදාළ සේකැ.
මෑණියන් දෑත් තුටුපහටු වැ සිරිවඩ්ඪන සිටාණනට කී හ. ඒ සිටාණනට වනාහි සත් අවුරුද්දක් මුළුල්ලෙහි පහරන හිස රුජාවෙක් ඇත්තේ යැ. තුමූ තුටුපහටු වැ, “මේ කුමාරයා මවු කුසින් බිහි වන්නේ මහෞෂධයක් අතින් ගෙනැ ආ යැ: උපන් ඇසිල්ලෙහි මැ මෑණියන් හා කථා කෙළේ’ යැ. මෙබඳු වු පිනැත්තවු විසින් දුන් මේ බෙහෙද මහත් වු ආනුභාව ඇත්තේ යැ“යි සිතා බෙහෙද අතට ගෙනැ සඳුන් සණැ මඳක් ගහා නළලැ ගැල්වුහ. සත් අවුරුද්දක් ප්රබන්ධයෙහි පහළ ඉස රුජාව නෙළුම් පතෙකැ නොඇලී රූරා ගෙනැ යන දියත්තක් සේ නැති වැ ගියේ යැ. සිටාණෝ, “මහානුභාව ඇති ඖෂධයෙකැ” යි සොම්නසට පැමිණයහ.
මහ බෝසතාණන් වහන්සේ මහෞෂධයක් අතින් ගෙනැ මවු කුසින් බිහි වු නියාව හැම තැන මැ ප්‍රසිද්ධ වියැ. කාසශ්වාසාදි වු රෝගයෙන් පීඩිත කිසි මිනිස් කෙනෙක් ඇද්ද, ඒ සියල්ලෝ මැ සිරිවඩිඪන සිටාණන් ගේ ගෙට ගොස් මහෞෂධය ඉල්ලති. සිටාණෝ ඒ සඳුන් ගැටය සඳුන් සණැ ගහා කල්ක සුඟක් ගෙනැ පැනැ කලතා හැම දෙනාට මැ දෙන්නාහ. දිව්‍යමය වු ඖෂධය ශරීරයෙහි වැකි පමණින් සියලු ව්‍යාධීහු සන්සිදෙන්නාහ. සන්හුන්නා වු රෝග ඇති මනුෂ්‍යයෝ, “සිරිවඩ්ඪන සිටාණන් ගේ ගෙයි ඖෂධය මහත් වු අනුභාව ඇත්තේ යැ” යි වර්ණනා කෙරෙමින් යන්නා හ. මහ බෝසතාණන් වහන්සේට නම් තබන දවස් පියාණෝ, “මාගේ පුතණුවනට මුතුන් මිත්තන් ආදින්ගේ නමින් ප්‍රයෝජන නැති. මහෞෂධ නාමය වේව” යි කියා, උන් වහන්සේට, “මහෞෂධ කුමාරයෝ යැ” යි නම් තැබුහ.
තව ද ඒ සිටාණනට, “මාගේ පුතණුවෝ පින් ඇත්තෝ යැ. එහෙයින් උදෙකලා වැ නුපදනා හ: මුන් හා සමඟ උපන් දරුවන් තවත් ඇත මැනැවැ” යි මෙසේ වු සිතෙක් ඇති වියැ. මෙසේ සිතා ඔහු තුමූ තමන්ගේ මිනිසුන් යවා, ගමැ ගෙයක් පාසා බලවා, එක දා උපන් කුමාරවරුන් දහසක් දුටු බව අසා සිටාණෝ හැම දෙනාට මැ කුමාර පළඳනා දී කිරි මවුන් යැවුහ. මහ බෝසතාණන් වහන්සේ හා උපන්නනට සියලු මඟුල් කළහ. කුමාරවරුන් දහස සරහා දවසැ මහ බෝසතාණන් ගේ ළඟට ගෙනෙන්නා හ. බෝසතාණන් වහන්සේ උන් හා එක් වැ කෙළිමින් සත් හැවිරිදි කල්හි ඝන රන් පිළිමයක් මෙන් මනා රූ වූ සේකැ.
3. ශාලාව
ඉක්බිති කුමාරවරුන් හා කැටි වැ ගම මැද දී කෙළනා උන් වහන්සේගේ කෙළි මඬුලු ඇතුන් අසුන් වැසි ආදිය ආ කල්හි මැකෙන්නේ යැ. අවු සුළං දැඩි වේලෙහි කුමාරවරු මිරිකෙන්නාහ. එක් දවසක් උන් කෙළිමින් සිටිය දි නොකල් වැස්සෙක් නැගී යැ. වැසි නඟන්නා දැකැ ඇත් සමාන බල ඇති මහ බෝසතාණන් වහන්සේ දිවෙමින් ගොස් එක් ගේකට වන සේකැ. සෙසු කුමාරවරු පසු පස්සේ දිවෙන්නාහු, ඔවුනොවුන් පය පැකිළැ වැටී හී, දණ බිදීම්, ලේ සැලීම් ආදියට පැමිණියෝ යැ. මහ බෝසතාණන් වහන්සේ, “මේ තැනැ කෙළනට ගෙයක් කරවන බව සුදුසු යැ. එසේ කල්හි නොමිරිකෙම්හ” යි සිතා ඒ කුමාරවරුනට “මේ ස්ථානයෙහි සුළං හමන කල්හි වේ ව යි, නොමිරිකී ඉඳිනට - සිටිනට - වැද හෝනට යෝග්‍ය කොටැ ගෙයක් කරවම්හ. එකි එකී මස්සක් බැගින් ගෙනෙව” යි වදාළ සේකැ. උයිත් වදාළ ලෙස මැ කළ හ.
ඒ මසු දහස ගෙනැ බෝධි සත්ත්වයන් වහන්සේ වඩු ආචාරියකු ගෙන්වා, “මෙ තැනැ ගෙයක් කරව” යි මසු දහස දුන් සේකැ. වඩු ආචාරියාත්, “යහපතැ” යි මසු දහස ගෙනැ, බිම සම කරවා, කණු ගස්වා රෑන දික් කොටැ හෙළා ලියැ. බෙදන නියාව මහ බෝසතාණන් වහන්සේ සිත් නොගත්තේ යැ. බෝසතාණන් වහන්සේ වඩු ඇදුරාට රෑන ලන සැටිය වදාරන සේක්. මේ ලෙසැ රෑන නො ලා මනා කොටැ රෑන දික් කරව” යි වදාළ සේනැ. “ස්වාමීනි, මේ මාගේ ශාස්ත්‍රය ඇති මට්ටම් රෑන එළීමි. මීට වඩා “අනෙක් සැටියක් නොදනිමි” යි කීයැ. “මෙ පමණකුත් නොදන්නෙයි අප සිත් ගෙනැ කෙසේ කෙරෙයිදැ” යි වදාරා, “මෙසේ ගෙනෙව රෑන, ගෙය බෙදා දී ලමි” යි රෑන ගෙන්වා ගෙනැ තමන්වහන්සේ දික් කළ සේකැ. විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා විසින් රෑන එළා ලු කල්හි මෙන් ගෙය බෙදී ගියේයැ. ඉක්බිති, “වඩුව, මෙසේ රෑන එළා ලියැ හෙයි දැ” යි විචාළ සේකැ. “නොපිළිවනැ, ස්වාමිනි” යි වඩුවා කීයැ. “මා කී සැටියේ ගෙය කළ හෙයි දැ” යි විචාළ සේකැ. “වදාළ ලෙසකට කළ හෙමි” යි කී යැ.
මහ බෝසතාණන් වහන්සේ ඒ ශාලායෙහි යම් පරිද්දෙකින් දුප්පතුන් වසන තැන එක් ස්ථානයෙක් වීද, එසේ මැ දුප්පත් ගෑනුන් වදන තිඹිරි ගෙය එක් තැනෙකැ, ආගන්තුක බමුණන් වසන තැන, සෙසු ආගන්තුක මිනිසුන් වසන තැන, ආගන්තුක වෙළෙඳුන් ගේ බඩු තබන තැන, මෙපරිද්දෙන් සියලු ස්ථානයන් පිටතින් දොර කඩ තබා ශාලාව විධාන කොටැ කැරැවූ සේකැ; කෙළි මඬලත් එහි මැ කැරැවූ සේකැ; අධිකරණ ශාලාවත් එහි මැ කැරැවූ සේකැ. ධර්ම සභාවත් ඒ ශාලාවෙහි මැ කැරැවූ සේකැ; කීප දවසකින් නිමියා වූ ශාලායෙහි සිත්තරුන් ගෙන්වා තමන් වහන්සේ විධාන කොටැ, ඇලුම් කටයුතු සිත්තම් කැරැවූ සේකැ. ඒ ශාලාතොමෝ සුධර්මාව හා සමාන වුව.
ඉක්බිති, “මෙ පමණෙකින් මේ ගෙය හොබනේ නොවෙයි. පොකුණක් ද කරවන බව සුදුසු යැ” යි පොකුණක් කණවා, උළු වඩුවන් ගෙන්වා, තමන් වහන්සේ මිල දී විධාන කොටැ දහසක් වක් ඇති, මනහර පිය ගැට පංක්තීන් යුක්ත වූ, සියක් තොට ඇති පොකුණක් කැරැවූ සේකැ. ඒ පොකුණු තොමෝ පස් පියුමෙන් සැදුම් ලද්දී යැ. නන්දා නම් පොකුණ මෙන් වුව. නැවැතැ ඒ පොකුණු තෙරැ අඔ-දොඔ-නා-පනා-සපු-දුනුකේ-ඇසළ-පුවඟු ආදී වූ මල් පල්ලෙන් සැදී සිටුනා නොයෙක් ගස් රෝපණය කැරැවූ සේකැ. නඳුන් උයන සා උයන කැරැවූ සේකැ; එමැ ශාලාව නිසා ධාර්මික මහණ බමුණනට ද, බැහැරින් අවුත් ඒ ශාලාවේ ලග්නනට ද, එහි ලැගැ බැහැර යන්නනට ද, සෙසු දුප්පතුන් ආදීනට ද, දන් වැට තැබ්බුහ. ඒ මහතාණන් වහන්සේ ගේ ක්‍රියා තොමෝ සියලු තන්හි පතළා යැ. බොහෝ මිනිස්සු ඒ ස්වරූපය අසා එතෙනට එළැඹෙන්නා හ. මහ බෝසතාණන් වහන්සේ ශාලායෙහි වැඩැ හිඳැ ආ කෙනෙකුට කළ මනා යුක්ති අයුක්ති විචාරණ සේකැ. මෙසේ මහා බෝසතාණන් වහන්සේ, බුදුන් ලොවැ පහළ වූ කල්හි මෙන් පහළ වූ සේකැ.
එ සමයයෙහි වේදේහ රජ්ජුරුවෝ, සීන දුටු සත් අවුරුද්දක් ගිය කලැ, “පණ්ඩිතවරු සතර දෙනා” අප අභිභවා පස් වැනි මහ නුවණ ඇති පණ්ඩිත කෙනෙක් උපදනාහ’ යි කීහ. දැන් ඒ පණ්ඩිතයෝ කොයි දැ“යි සිහි කොටැ, “උන් වසන තැන් දනුව” යි සතර වාසලින් ඇමැතියන් සතර දෙනකු යැවූ හ. සෙසු වාසල් තුනින් නික්මුණා වූ අමාත්‍යයෝ තුන් දෙන මහ බෝසතාණන් නුදුටූහ. නැගෙනහිර වාසලින් නික්මුණු අමාත්‍ය තෙමේ, නැගෙනහිර යවමැදුම් ගමට ගොස්, බොධි සත්ත්වයන් වහන්සේ විසින් කරවන ලද ශාලාදිය දැකැ, “නුවණැති කෙනෙකුන් මේ ගෙය තමන් හෝ කළ මැනැව අනුන් ලවා හෝ කැරැවුව මැනවැ. මේ ගෙය වඩුවකු විසින් කරන ලද දැ” යි විචාළේ යැ. මිනිස්සු කියන්නෝ “මේ ගෙය වඩුවකු තමා නුවණ බලයෙකින් කළ දෙයක් නො වෙයි. සිරිවඩ්ඪන සිටාණන් ගේ පුතණු වූ මහෞෂධ පණ්ඩිතයන් ගේ විධානයෙන් උන් කී සැටියේ කරන ලදැ” යි කීහ; “ඒ පණ්ඩිතයෝ කී හැවිරිද්දෝ දැ” යි විචාළේ යැ. “පිරිහුණු සත් හැවිරිදි සේකැ” යි කිවූ යැ.
ඇමැති රජ්ජුරුවන් සීනය දුටු දා පටන් ගැණැ “සීනය දුටු නියාව සරි මැ යැ. සේනක පණ්ඩිතයනට පස් වනු පහළ වන පණ්ඩිතයෝ නම් මූ යැ” යි සනිටුහන් කොටැ රජ්ජුරුවනට, “දේවයන් වහන්ස, නැගෙනහිරි යවමැදුම් ගමැ සිරිවඩ්ඪන සිටාණන් පුතණුවෝ, මහෞෂධ නම් පණ්ඩිත කෙනෙක් සත් හැවිරිදි වයස් ඇත්තාහු මැ මෙබඳු ශාලාවක් ද, පොකුණක් ද, උයනක් ද කැරැවූ හ. මේ පණ්ඩිතයන් ගෙනෙම් ද, නො ගෙනෙම් දැ”යි මෙහෙවර කරන්නකු යැවී ය. රජ්ජුරුවෝ එ පවත් අසා සතුටු සිත් ඇතිව සේනක පණ්ඩිතයන් ගෙන්වා එ පවත් උනට කියා "කිමෙක් ද , සබඳ, සේනක පණ්ඩිතයෙනි, පණ්ඩිතයන් ගෙන්වමෝ දැ "යි විචාළහ. ගුණමකු වූ ඒ සේනකයා, “දේවයිනි, ගෙවල් ආදිය කරවා පී පමණෙකින් පණ්ඩිත නම් නොවෙති. යම් කිසි කෙනෙක් ඒ කරවා පියන්නාහ. ඉතා ස්වල්ප යැ” යි කීයැ. වේදේහ රජ්ජුරුවෝ උන්ගේ බස් අසා, “මෙයින් එක් කාරණයෙකැ” යි මුවින් නොබිණූහ. “එ මැ ගමැ හිඳ පණ්ඩිතයන් විමසව” යි මෙහෙවර කරන්නකු යැවූහ. එ බස් අසා ඇමැති, ඒ නියම් ගමැ වසන්නේ, පණ්ඩිතයන් වහන්සේ පරීක්ෂා කළේ යැ.
මේ මහෞෂධ පණ්ඩිතයන් වහන්සේ මත්තෙහි විමැසු පැනයෙහි සංක්ෂෙපයෙන් කී බසි:-
“මංසං ගෝණෝ ගණ්ඨිසුත්තං පුත්තං ගෝළරථෙන ව
දණ්ඩො සීසං අභීවෙව කුක්කුටො මණි විජායනං
ඕදනං වාලුකඤ්චාපි තළාකුය්යානං අථ ගද්රභෝ මණි”
4. ප්‍රශ්න විසඳීම
මාංස ප්රශ්නය
එහි පළමු වන මාංස ප්රශ්නය කෙසේ ද යත්:- එක් දවසක් බෝධි සත්ත්වයන් වහන්සේ කෙළි මඬලට වඩනා වේලෙහි එක් උකුස්සෙක්, අංගාණියේ මස් කොලොම්බුවෙකින් මස් වැදැල්ලක් ගසා ගෙනැ, ආකාශයට පැනැ නැංගේ යැ. දහසක් කුමාරවරු ඒ දැකැ, “මස් වැදැල්ල එළවම්හ” යි උකුස්සා ලුහු බැඳැ ගෙනැ දිවෙන්නා හ. උකුස්සාත් ඈත් මෑත් බලා පියා හඹන්නේ යැ. කුමාරවරු උඩ බලමින් උකුස්සා පසු පස්සෙහි දිවෙන්නාහු, කැබිලිති ගල් ආදියෙහි පැකිළැ හී පීඩා වන්නා හ. ඉක්බිති මහෞෂධ පණ්ඩිතයන් වහන්සේ, “මේ මස් වැදැල්ල එළවා පියම් දැ”යි ඒ කුමාරවරුන් විචාළ සේකැ. “එළෙවුව මැනැව, ස්වාමීනි” යි කීහ. “එසේ වී නම් බලව” යි පණ්ඩිතයන් වහන්සේ උඩ නොබලා මැ පවනට බඳු වේගයෙන් දිවැ උකුස්සා ගේ ඡායාව මැඩැ ගෙනැ අත්ලෙන් අත්ල ගසා, මහත් වූ නාද කළ සේකැ. ඒ මහතාණන් වහන්සේගේ අනුභවයෙන්, ඒ නාදය උකුස්සාගේ ළෙන් ඇණී පිටින් නැඟෙන්නා සේ වුයේ යැ. ඒ උකුසු භය පත් වැ, මස් වැදැල්ල හෙළි යැ. මහ බෝසතාණන් වහන්සේ ඔහු ඒ මස් වැදැල්ල හෙළන්නා වූ ඡායාව දැකැ, “බිම වැටියැ නොදෙම්” කියා අල්ලා ගත් සේකැ. ඒ ආශ්චර්යය දැකැ බොහෝ දෙන ඔල්වරසන්දුන්නාහ. අත් පොළසන් දුන්නාහ. මහා නාද කළාහ.
ඒ අමාත්‍ය තෙමේ එ පවත් දැනැ රජ්ජුරුවනට “මහෞෂධ පණ්ඩිතයෝ මේ උපායයෙන් උකුස්සා ගසා ගත් මස් වැදැල්ලක් එළූ හ. මේ අරුමය, දේවයන් වහන්ස, දන්නා සේක්” යි තුඬපත් යැවී යැ. රජ්ජුරුවෝ එ පවත් අසා සේනක පණ්ඩිතයිනි, කිමෙක් ද, මහෞෂධ පණ්ඩිතයන් ගෙන්වමෝ දැ” යි විචාළහ. සේනක පණ්ඩිතයෝ, “උන් මේ නුවරට ආ තැන පටන්, අපි හිරු දුටු කදෝ පැණියන් සේ නිෂ්ප්‍රභ වැ යන්නම්හ. රජ්ජුරුවෝ අප ඇති බවක් නොදන්නා හ. එසේ හෙයින් උන් මෙයට ගෙනැ එනු නුදුන මැනැව” යි සිතා, තමා ගුණමකු බැවින්, “දේවයන් වහන්ස, මෙ පමණෙකින් මැ පණ්ඩිත නම් නොවෙත් මැ යැ. මේ ඉනා අල්ප දෙයෙකැ යි කීහ. රජ්ජුරුවෝ මධ්‍යස්ථ ව, “එහි ම හිඳ උන් විමසන්නේ යැ"යි නැවත අසුන් යැවු හ.
ගොන් ප්රශ්නය
නැවැත ගොන් ප්රශ්නය කෙසේද යත් :- යව මැදුම් ගමැ වසන පුරුෂයෙක්, “වැසි දිය එළා ලු කලැ සී සාමි” යි අසල් ගමෙකින් ගොන් ගෙයක් මිලයට ගෙන අවුත්, තමා ගේ ගෙයි මැ ලග්ගා, දෙවන දවස් තණ කවන පිණිස තණ බිමට ගෙනැ ගොස්, ගොනකු පිටැ හිඳැ තණ කවමින්, විඩා වැ ගොනු පිටින් බැසැ, ගසක් මුල හිඳැ නිඳන්නට වනැ. ඒ ඇසිල්ලෙහි එක් සොරෙක්, ගොන් ගෙය ඇරැගෙනැ නැගී ගියේයැ, ඒ පුරුෂයා පිබිදැ ගොස්, ගොන් ගෙය නොදැක, ඔබ මොබ බලා ඇවිදුනේ, ගොන් ගෙය ඇරැ ගෙනැ යන සොරු දැක, වහා දිවැ ගොස්, “මාගේ ගොන් කොයි ගෙනැ යෙයිද”යි ඇසී යැ. සොරා කියන තැනැත්තේ, “මා ගේ ගොන් මං කැමැති තැනකට ගෙනැ යෙමි”යි කී යැ. උන් දෙන්නා ගේ කලහ අසා, බොහෝ දෙන රැස් වැ ගියා හ.
පණ්ඩිතයන් වහන්සේ, උන් දෙන්නා ඩබර කොටැ ගෙනැ ශාලාව දොරකඩින් යන්නවුන් ගේ කලහ ශබිදය අසා, දෙන්නා මැ ගෙන්වා, ඔවුන් දෙන්නාගේ එන සැටි ගමන දැකැ මැ, “මේ සොරා යැ, මේ ගොන් හිමි තැනැත්තතේ යැ” යි දන්නා සේකුදු “කුමක් හෙයින් ඩබර කරවු දැ” යි විචාළ සේකැ. ගොන් ඇති තැනැත්තේ, “පණ්ඩිතයන් වහන්ස, මම මේ ගොන් ගෙය අසුවල් ගමැ මෙ නම් තැනැත්තවු අතින් මිල දී හැරැගෙනැවුත්, රෑ ගෙයි ලග්ගා ලා, උදෑසනැ, තණ කවන්නට ගෙන ගියෙමි. එ තැන දී මා ගේ ප්‍රමාදයක් දක, මේ තෙමේ ගොන් ගෙය ඇරැ ගෙන පලා ගියේයැ. ඒ මම ඔබ මොබ බලන්නෙමි. ගොන් දෙන්නා බැඳැ ගෙනැ යන මේ සොරා දැක, ලුහුබැඳැ අල්ලා ගතිමි. අසුවල් ගමැ ඇත්තෝ මා මේ ගොන් ගෙය විකිණී ගත් නියාව දනිති”යි කී යැ. සොරා කියන්නේ, මේ මා වදා වඩා ගත් ගත් ගොන් ගෙය යැ, මේකා බොරු කියයි කී යැ. ඉක්බිති පණ්ඩිතයන් වහන්සේ ඔවුන් දෙන්න ගේ මැ බස් අසා, මම තොපට යුක්තිය දැහැමින් විනිශ්චය කොටැ ලමි. මා කී යුක්තියෙහි සිටි වූ දැ” යි විචාරා, සිටුමිහ” යි කී කල්හි, “බොහෝ දෙනා ළගන්වා යුක්තිය පසිඳිනා බව සුදුසු යැ” යි පළමු කොට සොරු කැඳවාලා, “තෝ මේ ගොන් ගෙය කුමක් කවා පොවා වැඩිදැ” යි විචාළ සේකැ. සොරා කියන්නේ, “උළුකැන් පොවා තලමුරුවට හා උඳු කවන ලදැ” යි කී යැ. ඉක්බිත්තෙන් ගොන් ඇති තැනැත්තවූ කැඳැවා, “තෝ කුමක් කවා පොවා වැඩීදැ” යි විචාල කල්හි, ඒ කියන්නේ, “ස්වාමිනි, මා දුක්පත් තැනැත්තවුට උළුකැන් හා තල ආදිය කොයින් ද? තණ මැ කවන ලදැ” යි කී යැ පණ්ඩිතයන් වහන්සේ දන්නාගේ බස් අසා, සභායෙහි උන්නවුන් ගිවිස්වා පුවඟු කොළ ගෙන්වා ගෙනැ. වෙනහි කොට පැන් මඬවා, ගොන් ගෙන්වා පෙවු සේකැ. ගොන් තණ මැ නැඟූ හ. පණ්ඩිතයන් වහන්සේ බොහෝ දෙනාට, “මේ බලව” යි පෑ “සොරෙහි දැ, නොසොරෙහි දැ"යි සොරු විචාළ සේක. ඒ තෙමේ “සොරෙමි” කී යැ. “එසේ වීනම් ෙමතන් පටන් සොරකම් නොකරව” යි අවවාද කොටැ, ‘මෙ බඳු නොකට යුත්තක් නොකරව’ යි වදාළ සේකැ .
බෝධි සත්වයන් වහන්සේ ගේ පුරුෂයෝ වනාහි, ඔහු එ තැනින් පිටි පස්සට ගෙනැ, අතින් පයින් තළා දුර්වල කළ හ. ඉක්බිති පණ්ඩිතයන් වහන්සේ ඔහු ගෙන්වා, “මේ ජන්මයෙහි මා මේ සා දුකකට පැමිණියෙහි යැ; පර ලොවැ වනාහි නරකාදියෙහි ඉපිදැ බොහෝ දුක් අනුභව කරන්නෙහි ය; මෙතන් පටන් සොරකම් නොකරව” යි අවවාද කොටැ පන්සිල් දුන් හ. අමාත්‍යයා, එපවත් අසා තත්වය පෙරැ පරිද්දෙන් රජ්ජුරුවනට කියා යැවීයැ. රජ්ජුරුවෝ සේනකයන් විචාරා “දේවයනි, ගොන් යුක්ති නම් යම් කිසි කෙනෙක් පසිඳැ පියති. තවද ඇම්මුන මැනැවැ” කී කල්හි, මධ්‍යස්ථ වැ නැවැතැ පෙරැ පරිද්දෙන් අමාත්‍යයාට කියා යැවූහ. අමාත්‍යයා, රජ්ජුරුවන්ට කියා යවන නියාව ද, රජ්ජුරුවන් සේනකයන් විචාරණ නියාව ද, සේනකයන් වළකන නියාව ද, රජ්ජුරුවන් අමාත්‍යයාට කියා යවන නියාව ද, හැම, පැනයෙහි මැ මෙ මැ ලෙස යැ යි දත යුකු යි.
ග්රන්ථ ප්රශ්නය
තව ද තුන්වැනි වූ ගැට හූ පළදනාවේ විනිශ්චයය කෙසේ ද යත් :- එක් දුක් පත් ගෑනියක්, නීල පිතාදි නා නා වණී හුයින් ගැට ගසා කරන ලද ගැට හූ පලඳනාව කරින් ගළවා කඩ මත්තේ තබා පණ්ඩිතයන් වහන්සේ විසින් කරවන ලද පොකුණින් නහන්නට වැනැ. අනෙක් ළදැරි බාල එකක්,ඒ පළඳනාව දැකැ, ලොහ උපදවා ඔසවා ගෙනැ, “මෑණියෙනි, මේ පළඳනාව ඉතා හොබනේ යැ: කවර කෙනෙකුන් විසින් කරන ලද්දේ ද? මමත් මට මෙ සේ මැ පළඳනාවක් කෙරෙමි. කරැ පැළැඳැ පමණ බලා පියම් දැ” යි විචාරා වංක සිත් නැති ස්ත්‍රිය විසින්, “යහපතැ, යෙහෙළණියෙනි, පමණ දැනැ පියව” යි කි කල්හි, කරැ පැළැඳැගෙනැ නැගී ගියා යැ. පළඳනාව ඇති තැනැත්තී,දැක ලා වහා ගොඩ නැගී, කඩ ඇඳැ - ගෙනැ, ලුහු බැඳැ ගොස්, “මාගේ පළඳනාව ඇරගෙනැ කොයි යෙයි දැ“යි එකුරුතුපට ගත. අනෙක් තැනැත්තී, “තොප ගේ පළඳනාවක් මම නොගතිමි. මේ මා කරැලන පළඳනාව” යි කිව. ඒ කලහ අසා බොහෝ දෙන රැස් වුහ.
පණ්ඩිතයන් වහන්සේ, කුමාරවරුන් හා සමග කෙළනා සේක්, ඒ ගෑනුන් දෙන්නා ඩබර කොටැ - කොටැ ශාලාව දොරින් යන්නවුන් ගේ කලහ ශබ්දය අසා, “කුමන අරගලයක් දැ” යි විචාරා, දෙන්නා ගේ කලහ කාරණ අසා දෙන්නා මැ ගෙන්වා, එන සැටියේ මැ, “මෝ සොර යැ; මෝ පළඳනාව ඇති තැනැත්තියැ“ යි දැනැ, ඩබර කාරණ විචාරා, මාගේ යුක්තියෙහි සිටිවු දැ යි විචාරා දෙන්නා, “එසේ යැ. ස්වාමීනි, සිටුමිහ” යි කී කල්හි, පළමු කොටැ සොර තැනැත්තිය “තෝ මේ පළඳනාව පළදිනෙයි කවර සුවඳක් ගැල්වී දැ” යි විචාළ සේකැ. ඕ, “මම නිරන්තරයෙන් සර්වසංහාර නම් සුවඳක් ගල්වමි” යි කිව. සර්වසංහාරක සුවඳ නම් සියලු සුවඳ එක් කොටැ කරන ලද යැ. ඉක්බිති පළදනාව ඇති තැනැත්තිය විචාළ කල්හි ඕ, “ස්වාමීනි, මා දුක් පත් තැනැත්තියට සර්වසංහාරක නම් සුවඳ කොයින් ද? නිරන්තරයෙන් මැ පුවඟු මලෙහි සුවඳ කවමි” යි කිව.
පණ්ඩිතයන් වහන්සේ, පැන් තළියක් ගෙන්වාගෙන, ඒ පළඳනාව පැන් තළියෙහි ලවා, ඔසු දවටුවකු ගෙන්වා, “මේ තළියෙහි පැන් සිඹැ, “අසුවල් සුවඳ යැ” දනුවයි වදාළ සේකැ. ඔසු දවටුවා පැන් සිඹැ, හුදු පුවඟු මලෙහි නියාව දැන ගාථාවෙකින්, “සර්වසංහාරක සුවඳෙක් මෙහි කොයින් ද පුවඟු මලෙහි සුවඳ මැ අමන්නේ යැ. මේ ළදැරි බාල ධූර්ත ස්ත්‍රී බොරු කිව. මැහලි තැනැත්තිය කීයේ සැබෑ යැ” යි කී යැ. මහ බෝසතාණන් වහන්සේ, ඒ කාරණය බොහෝ දෙනාට හඟවා “තෝ සෙරෙහි ද; නො සොරෙහි ද” කියා, සෙර නියාව ගිවිස් වූ සේකැ. එතැන් පටන් මහ බෝසතාණන් වහන්සේගේ පණ්ඩිත භාවය බොහෝ දෙනාට ප්‍රසිද්ධ වී යැ.
සූත්‍ර ප්රශ්නය
සතර වැනි හූ වටෙහි විනිශ්චයය කෙසේ යත් :- කපු සේනක රක්නා එක් ස්ත්‍රියක් කපු රක්නී, තමා රක්නා සේනෙහි සවසැ පිපි කපු කඩාගෙනා, සකස් කොටැ කඩා පොළා වලු කොටැ, සීන් හූ කැටැ, වැටි කොටැ, ඒ හූවට ඉණැ තබා ගෙන, ගමට එන්නී, “මහෞෂධ පණ්ඩිතයන් වහන්සේ විසින් කණවන ලද පොකුණින් නහමි” යි කඩ ගළවා ගොඩැ තබා, කඩැ මත්තේ හූ වැටිය තබා, නහන්නට දියට බට. අනෙක් ස්ත්‍රියක් හූ වැටිය දැකැ, එහි ලොල් වූ සිත් ඇති වැ ඒ අතට ගෙනැ. “අහ! ඉතා යහපතැ. ඇත නැගණියෙනි, හූයෙහි සීන, තොප විසින් මැ කටනා ලද දෑ”යි ආශ්චර්යවත් වැ බලන්නියක මෙන් බලා, ඉණ තබා ගෙනැ, නැගී ගියා යැ. පෙරැ ගැට හු පළඳනායෙහි පරිද්දෙන් මැ කලහ කොටැ කොටැ ශාලාව සමීපයෙහි යන දෙදෙනා ගෙන්වා “විචාරා, තමන් වහන්සේ කී යුක්තියෙහි, “සිටුම් හ” යි කී පසු, බොධි සත්ත්වයන් වහන්සේ, “තෝ මේ හූ වැටිය කරන්නේ කුමක් ඇතුළේ ලා කළාදැ” යි සොර තැනැත්තිය විචාළ හ. සොර තැනැත්තී කියන්නී, ”ස්වාමීනි, කපු ඇටක් ඇතුළේ ලා “වට කෙළෙමි” යි කිව. ඇය ගේ බස් අසා හූ වැටිය ඇති තැනැත්තිය, ”තෝ කුමක් ඇතුළේ ලා වට කළා දැ’යි විචාළ සේකැ. ඕ, “තිඹිරි ඇටක් ලා වට කෙළෙමි’යි කිව. දෙන්නා ගේ බස් අසා. සභායෙහි උනන්වුන් ගිවිස්වා හූ වැටිය ගලවා ඇතුළේ තුබූ තිඹිරි ඇටය දැකැ, සොර බව ගිවිස් වු සේකැ. බොහෝ දෙනා යුක්තිය පසුන් නියාවට තුටු පහටු වැ, දහස් ගණන් සාධුකාර පැවැත් වූ හ.
5. පුත්රාදිය
පුත්‍ර ප්රශ්නය
පස් වැනි පුත්‍ර ප්රශ්නය කෙසේ ද යත් :- එක් ස්ත්‍රියක් පුතකු වඩා ගෙනැ පණ්ඩිතයන් වහන්සේ ගේ පොකුණට ගොස්, ආදී කොටැ පුතු නහවා, තමා ගේ කඩ මත්තේ හිඳුවා, තොමෝ ඉස් සෝදා නහන්නට බට. ඈ නාන්නට බට ඇසිල්ලෙහි යකිනියක් ඇගේ පුතු දැකැ, කනු කැමැති වැ, ගෑනු වෙසක් ගෙනැ දරුවන් සමීපයට අවුත්, “යෙහෙළිය, මේ දරුවෝ ඉතා හොබනා හ. මූ තොප ගේ දරු කෙනෙක් දැ’යි විචාරා, “එසේ යැ, යෙහෙළියෙනි’ කී කල්හි, මේ දරුවන් කිරි පොවම් දැ’යි කී කල්හි මෑණියන් විසින් යහපතැ යි කී කල්හි, ඕ දරුවන් වඩා ගෙනැ මඳක් කිරි පොවා ලා වඩා ගෙනැ පලා ගියා යැ. මෑණියෝ තමන්ගේ දරුවන් ඇරැ ගෙන යන්නිය දැකැ දිවැ ගෙන ගොස්, “මා ගේ පුතු කොයි ගෙනැ යෙයි දැ”යි අල්ලා ගත. යකිනි කියන්නී, "තී කොයින් ලත් පුතෙක් ද? මූ මාගේ පුතණුවෝ යැ’යි භයක් නැති වැ කිව. ඔහු දෙන්නා කලහ කෙරෙමින් ශාලාව දොර කඩින් යන්නා හ.
මහ බෝසතාණන් වහන්සේ, කලහ ශබ්දය ආසා දෙන්නා මැ ගෙන්වා ‘මේ කුමන ඩබර ද’යි අසා, ඇස් නොමරන බැවින් ද, ඔලිඳැට දෙකක් සේ රත් වැ තිබෙන බැවින් දැ, "මේ යකින්න යැ"යි දැනැ, "මා කී යුක්තියෙකැ සිටිවූ දැ"යි විචාරා, එසේ යැ, සිටුම්හ යි කි කල්හි, බිමැ හිරක් අඳවා හිර මැඳැ දරුවන් හොවා, යකිනිය ලවා දෑත හා මෑණියන් ලවා දෙපය හා ගන්වා, "දෙන්නා මැ ඇදැ ගනුව'යි ඇදැ ගත් එකක් හට යැ පුතණුවෝ" යි වදාළ සේකැ. දෙන්නා මැ දරුවන් ඇදැ ගත්හ. දරුවො දෙන්නා විසින් අඳිනු ලබන්නාහු දුකට පැමිණිය හ. මෑණියෝ ළය පැළුණු කලක් මෙන් ශොකයට පැමිණැ, දරුවන් අත හැරැ අඬමින් සිටියා හ.
බෝසතාණන් වහන්සේ, "දරුවන් කෙරෙහි වැදුවවන් ගේ ළය මොළොක් ද; නොහොත් නොවැදුවන් ගේ ළය මොළොක් දැ" යි බොහෝ දෙනා, විචාළ සේකැ. බොහෝ දෙන “පණ්ඩිතයන් වහන්ස, වැදුවන්ගේ ළය වේද, මොළොක් වන්නේ,යි කීවාහු යැ. ඒ අසා පණ්ඩිතයන් වහන්සේ "කිමෙක් ද, දැන් දරුවන් වඩා ගෙනැ සිටි තැනැත්තිය මෑණියනැ'යි වැටහේ දැ"යි හැම දෙනා මැ විචාළ සේකැ. හැම දෙන මැ, “දරුවන් හැරැ සිටි තැනැත්තෝ වේ ද, පණ්ඩිතයන් වහන්ස, මෑණියෝ" යි කි හ. "කිමෙක් ද, තෙපි හැම මේ දරු සෙර දනුදැ" යි විචාළ සේකැ. හැම දෙන මැ, "නොදනුම් හ. පණ්ඩිතයන් වහන්සැ" යි කී හ. "ඇසි පිය නොමරන බැවින් ද, ඇස් දෙක රත් බැවින් ද, ඡායාවක් නැති බැවින් ද, කිසි කෙනෙකුන් කෙරෙහි සැකයක් නැති බැවින් ද දයාවක් නැති බැවින් දැයි - මෙතෙක් කාරණයෙනැ" වාදාළ සේකැ.
ඉක්බිති මේ ලෙසැ වදාරා, "තෝ කවරහිදැ" යි යකින්න විචාළ සේකැ, "යකින්නකිමි, ස්වාමීනි" කිව. "කුමක් පිණිස මේ කුමරුවා ගත්තෙහි දැ"යි වදාළ සේකැ, "කන පිණිසැ යැ ස්වාමිනි" කිව. "නුවණ නැත්තිය, පෙරැත් තෝ අකුසල් කොටැ යකින්න වැ උපන්නේහි වේ ද, දැන් වනාහි නැවැතත් අකුසල් කරන්නෙහි වී ද? අහ! නුවණ නැත්තිය කියා අවවාද කොටැ, ඉක්බිති ඈ පන්සිල්හි පිහිටුවා යැවු සේකැ. කුමරුවාගේ මෑණියෝ, බොහෝ කලක් ජීවත් වුව මැනැව, ස්වාමිනි" යි මහා බෝසතාණන් වහන්සේට ස්තූති කොටැ පුතණුවන් වඩා ගෙනැ නැගී ගියාය.
කාළ ගෝළ ප්රශ්නය
සවැනි වූ කාළ ගෝළ ප්රශ්නය කෙසේ ද යත්:- මිටි හෙයින් ගෝළ යැයි කියා ද කළු පෑ ඇති හෙයින් කාළ යැයි කියා ද, ලබන ලද නම් වූ එක් මිනිසෙක් වනාහි, සත් අවුරුද්දක් ගෙයි කඹුටැ අඹුවක ලද. ඕ නමින් දික්තලා නමැ. ඒ පුරුෂයා එක් දවසක් තමාගේ අඹුව බණවා, "සොඳුර, දෙමව්පියන් බලා පියම් හ. කැවුම් පෙවුම් ඉදි කොටැ ලව" යි කියා, ඈ විසින්, "මවුපියන් ගෙන් කාරිය කිම්ද? නො බණු"යි ප්‍රතික්ෂේප කරන ලද්දේ, තුන් වර දක්වා කියා තුන් වැනි වාරයෙහි ගිවිස්වා කැවුම් පිසවා ගෙනැ, පලා බත් ආදි මාර්ගෝපකරණ ද, කැවුම් ආදි දෙමවුපියනට ගෙන යා යුතු පඬුරු ද ඇරගෙනැ, ඒ අඹුව හා සමග මඟට පිළිපන්නේ අතර මඟැ පැතිරැ දිය යන හොයක් දිටි. නොගැඹුරු වුවත් ගඟ දියට ඔහු දෙදෙනා මැ බානාහ. එසේ හෙයින් ඒ ගඟින් එ තෙර වැ යා ගත නොහෙන්නාහු ගං තෙරැ සිටිය හ.
එවේලෙහි දික්පිටියා යන නමක් ඇති එක් දුක්පත් පුරුෂයෙක් ඒ ගං තෙරැ ඇවිදුනේ, උන් දෙදෙනා සිටි තැනට පැමිණියේ යැ. ඉක්බිති ඔහු දැකැ, "යහළු, මේ ගඟ ගැඹුරු හෝ නැද්දැ" යි පිළිවිස්ස හ. ඒ ෙතමේ, ඔහු දියට බන්නාහ'යි දැනැ "මේ ඉතා ගැඹුරු යැ; කිඹුලුන් හා දැති මුවර ආදී වූ චණ්ඩ මත්ස්‍යයන් ගෙන් ගහණ යැ"යි කි යැ. එබස් අසා "සබඳ, තෙපි කෙසේ එතෙර වුවදැ" යි විචාළ හ. මේ ගඟැ කිඹුලූන් හා දැති මුවර ආදී වූ චණ්ඩ අය හා අප පුරුදුකම් ඇති. එ හෙයින් අප නොකන්නාහ” යි කී යැ. "එසේ වී නම් සබඳ, අපත් එතෙර කරව" යි කිවු යැ. ඒ පුරුෂයාත්, "යහපතැ” යි ගිවිස්සේ යැ. ඔහු ගිවිසි කලැ දෙමහල්ලෝ කන බොන දෑ ඕහට දුන් හ. ඒ පුරුෂයා කරන ලද ආහර කෘත්‍ය ඇත්තේ, "සබඳ, කවුරුන් පළමු කොටැ ගෙනැ යෙම් දැ” යි විචාළේ යැ. එබස් අසා කාළ ගෝළයා, "තොප ගේ බැදෑණියන් දෑ පළමු කොටැ ගෙනැ යව මා පසු වැ ගෙනැ යව" යි කී යැ. ඒ පුරුෂයාත් "යහපතැ" යි දික්තලා කරැ හිඳුවා ගෙනැ සියලු මැ වූ මාර්ගෝපකරණයත් කැවුමුත් ඇරැ ගෙනැ ගඟට බැසැ මඳක් තැන් ගොස්, කෙළිල්ලෙන් බැසැ හිඳැ ගියේ යැ.
ගෝළ කාළයා ගං තෙරැ සිටියේ, “මේ ඉතා ගැඹුරු යැ. මෙ සේ උස් තැනැත්තවුට පවා මෙතෙක් දිය මාරු නොවන්නේ යැ.” යි සිති යැ. දික්පිටියා ද දික්තලා ගඟ මැදට ගෙනැ ගොස් , “සොඳුර, මම තොප රක්ෂා කෙරෙමි. හැඳූ පැළැඳ දෙවඟනක සේ කැමැති පරිද්දෙන් සැරැසී දැසිදස්සන් විසින් පිරිවරන ලදු ව ඇවිදුව, තොපට මේ අඟුටු මිටියා කුමන පෝෂණයක් තමා දී ලිය හෙන්නේ ද? මා ගේ බස් ගිවිසුව'යි කී ය. ඕ තොමෝ දික්පිටියා කී බස් අසා සත් හවුරුද්දක් තමා නිසා ගෙයි කඹුළ තමා ගේ සැමියා කෙරෙහි ස්නේහ සිඳ, ඒ ඇසිල්ලෙහි ම එකී දික්පිටියා කෙරෙහි පිළිබඳ සිත් ඇති ව, 'ස්වාමීනි, ඉඳින් මා නො හරු නම් මම තොප කීවා කෙරෙමි' යි ගිවිස්සී ය. ඔහු දෙදෙන එතෙර ගොස් විශේෂයෙන් ම සන්තුෂ්ට ව, කාළ ගෝළයා හැර පියා, “තෝ එ සේ සිටුව' යි කියා, ඔහු බල-බලා සිටිය දී ම කැවුම් කකා යන්නට වන්හ. කාළ ගොළයාත් උන් දෙන්නා ගේ ක්‍රියාව දැක, 'මුන් දෙන්නා එක් ව ගෙන මා ඇර පියා යෙති' යි සිතමින් ඈත් මෑත් බලා දිවෙන්නේ, මඳක් දියට බැස භයින් ගොඩට නැඟී, නැවතත් උන් දෙන්නා කෙරෙහි කෝපයෙන් 'මියෙම් වා, රැකෙම්වා' යි ගඟට පැන දියට බටුයේ ය. දිය මඳ නියාව දෑන ගඟින් එතෙර ව, වහා දික්පිටියා කරා පැමිණ, 'කොල, දුෂ්ට වූ සොර, මා ගේ අඹුවන් කොයි ගෙනයෙයි ද' යි විචාළේ ය. දික්පිටියා, "කොල අඟුටු මිටිය, තට අඹුවෝ කොයින් දැ' කියා කාළ ගොළයා කර අල්ලා, දමා ලී ය. ගෝළ කාළයා ද ඒ දික්තලා අත අල්ලා ගෙනැ, තෝ කොයි යෙයි ද, සත් අවුරැදක් ගෙයි කඹුටැ ලත් මාගේ අඹු වේ ද” යි කියා දික්පිටියා හා සමග කලහ ෙකරමින්, ශාලාව සමිපයෙන් යන්නා හු ය.
බෝහෝ දෙනා කලහ ශබිදය අසා රැස් වුහ. මහ බෝසතාණන් වහන්සේ, "මේ කුමන අරගල යක් දැ” උන් දෙන්නා ම ගෙන්වා දෙන්නාගෙන් ඔවුනොවුනට කියන බස් අසා, “මා කී යුක්තියෙහි සිටිවු දැ” යි කියා, “සිටුමි හ”යි කී කල්හි, පළමු කොට දික්පිටියා බණවා, “තෝ කිනම් දැ”යි විචාළ සේකැ. “දික්පිටියා නම් ස්වාමීනි” කී යැ. අඹුවන්ගේ නම කිම් දැ“යි විචාළ සේකැ. ඇගේ නම නොදන්නේ අනෙක් නමක් කීයැ. “තා ගේ මෑණියෝ පියාණෝ කිනමු දැයි විචාල සේකැ. මේ මේ නම කියැ. තාගේ අඹුවන් ෙග් මැණියෝ පියාණෝ කිනම්මූ දැ”යි විචාළ සේකැ. ඒ නො දැන අනෙක් නමක් කීයැ. ඉක්බිත්තෙන් ඔහු ගේ බස් සභායෙහි උන්න වුන් ගිවිස්වා, ඔහු එ තැනින් පිටත් කරවා, ගෝළ කාළයා ගෙන්වා පෙරැ පරිද්දෙන් මැ හැම දෙනා ගේ මැ නම් විචාළ සේකැ. ඒ වූ පරිද්දෙන්මැ දන්නේ නො වරදවා මැ කී යැ. ඔහු ද එතැනින් පිටත් කරවා, දික්තලා ගෙන්වා, “තෝ කිනම් දැ’යි විචාළ සේකැ. ඕ මම ස්වාමිනි , දික්තලා නමි’ කිව. “තිගේ සැමියා කිනම් දැ’යි විචාළ සේකැ. ඕ සොර සැමියාගේ නම නොදන්නී අනෙක් නමක් කිව. ‘තිෙග් මෑණියෝ පියාණෝ මවුපිය දෙන්නා කිනම් දැ’යි විචාළ සේකැ. “ස්වාමිනි අසවල් නම්මු යැ’යි කිව. “තිගේ සැමියාගේ මවුපිය දෙන්නා කිනම් දැ’යි විචාළ සේකැ. ඕ නන් දොඩන එකක මෙන් අනෙකක් කිව. මහෞෂධ පණ්ඩිතයන් වහන්සේ දික්පිටියා හා ගෝළ කාළයා හා දෙන්නා ගෙන්වාගෙන. ‘මැගේ බස් දික්පිටියාගේ හා සම ද, ‘ගෝළ කාළයා ගේ බස් හා සම දැ”යි බොහෝ දෙනා විචාළ සේක. හැම දෙන ම පණ්ඩිතයන් වහන්ස කාළ ගෝළයා ගේ බස් හා සම හැ”යි කීහ. ඉක්බිති, ‘මේ කාළ ගෝළයා මැයගේ සැමියා යැ, ‘දික්පිටියා සොර සැමියා යැ’ යි කියා විචාරා සොර සැමියා නියාව ගිවිස්සු සේකැ .
රථ ප්රශ්නය
සත් වැනි රථ ප්රශ්නය කෙසේ :- එක් පුරුෂයෙක් රථයෙකැ ඉඳැ මුහුණ සෝදන පිණිසැ නික්මුණේ යැ. ඒ ඇසිල්ලෙහි සක් දෙව් මහ රජාණෝ මනුෂ්‍ය ලෝකය බලන්නාහු, මහෞෂධ බුද්ධංකුරයා ගේ ප්‍රඥානුභාවය ප්‍රකාශ කරවමි’ සිතා මිනිස් වෙසින් අවුත්, පුරුෂයා පදිමින් සිටි රථයෙහි පසු කඩ අල්ලා ගෙනැ යන්නාහු ය. රථයෙහි උන් පුරුෂයා, 'කුඩෙනි, කුමන කටයුත්තක් නිසා අවුදැ' යි විචාරා, 'නුඹ දෑ සමීපයෙහි සිටිනා නිසා ආමි' යි කී කල්හි, 'යහපතැ'යි ගිවිස රථයෙන් බැස ශරීර කෘත්‍ය සපයන පිණිස ගියේ ය.
ඒ ක්ෂණයෙහි ශක්‍රයෝ රථයට පැන නැගී වහ-වහා රථය පදනාහ. රථය ඇති පුරුෂයා ශරීර කෘත්‍ය කොටැ නිමවා නික්මුණේ රථය හැර ගෙන යන්නා වූ සක් දෙව් රජහු දැක, යුහු වැ ගොස්, 'සිටුව, සිටුව, මාගේ රථය කොයි ගෙන යෙයි දැ' යි කියා 'තොපගේ රථය අනෙකෙක් වන්නේ ය. මේ වනාහි මාගේ රථය වන්නේ යැ' යි කී කල් හි , ඔහු හා සමග කලහ කෙරෙමින් ශාලාව දොරට පැමිණියේ ය. පණ්ඩිතයන් වහන්සේ ‘මේ කිමෙක් දැ’ යි ඔවුන් බණවා, එන්නා වූ දෙදෙනා ම දැක කිසි භයක් නැති බැවින් ද ඇස් නොමරන බැවින් ද 'මේ ශක්‍රයා ය, මේ රථ ස්වාමියා යැ' යි දත් සේක. එසේ වුව ද, කලහ කාරණ විචාරා, 'මා ගේ යුක්තියෙක සිටිවු දැ 'යි විචාරා, 'සිටුම්හ යි කී කල්හි, 'මම රථය පදවමි. තොප දෙන්නා ම රථය පස්සෙන් ගනුව. රථය හිමි තැනැත්තේ නොහරනේ යි කියා තමන් දෑ ගේ පුරුෂයකුට 'රථය පදුව' යි වදාළ සේක. ඒ යුහු වැ රථය පදනට වන. ඔහු දෙන්නත් රථය පස්සෙන් අල්ලා ගෙන යන්නාහ. රථය හිමි තැනැත්තේ මඳ තෙනක් ගොස් රථය පස්සෙන් දිවිය නොහෙන්තේ, රථය හැර පියා සිටියේ ය. ශක්‍රයා රථය හා සමඟ දිවෙන්නේ මැ ය. පණ්ඩිතයන් වහන්සේ රථය පැදීම නවත්වා මිනිසුනට, 'මේ පුරුෂයා මඳක් ගොස් රථය හැර පියා සිටියේ ය. මේ වනාහි රථය හා සමඟ ම දිවැ රථය හා සමඟම වැළැක්කේ ය. මොහු ගේ ශරීරයෙහි ඩා බිඳෙකුත් පමණ නැත. ඈනීමකුත් නැත්තේ ය. භයෙකුත් නැත්තේ ය. නො මරන ලද ඇස් ඇත්තේය. මේ තෙමේ සක් දෙව් රජ යැ' යි වදාළ සේක. ඉක්බිත්තෙන් ඕ හට, "තෝ දිව්‍ය රාජයෙහි ද" යි විචාරා එසේ යැ යි කී කල්හි, කුමක් නිසා මේ මනුෂ්‍ය ලෝකයට අවු දෑ යි විචාරා 'නුඹ වහන්සේගේ නුවණ ප්‍රකාශ කිරීම පිණිස යැ, පණ්ඩිතයන් යි කල්හි, 'එසේ වී නම් මෙබන්දක් මතු නො කරව' යි වදාරා අවවාද කළ සේක. සක් දෙව් රජාණෝත් තමන්ගේ ශක්රානුභාවය දක්වමින් ආකාශයෙහි සිට 'නුඹ වහන්සේ විසින් රථ යුක්තිය යහපත් කොට පසිඳිනා ලද' යි පණ්ඩිතයන් වහන්සේට ස්තූති කොට, තමන් වසන දිව්‍ය ලෝකයට ම ගියාහු ය.
6.දණ්ඩකාදිය
දණ්ඩක ප්රශ්නය
අට වැනි කිහිරි දණ්ඩෙන් විමසූ ප්රශ්නය කෙසේ:- ඉක්බිත්තෙන් එක් දවසක්, “පණ්ඩිතයන් විමසම්හ” යි කිහිරි දණ්ඩක් ගෙන්වා එයින් වියතක් පමණ ගෙන, තත්තකාරයකු ගෙන්වා සකස් කොට ලියවා, “නැගෙනහිර යවමැදුම් ගමැ වසන පුරුෂයෝ නුවණැත්තෝ ; මේ අග යැ. මේ මුල යැ‘යි දනිත් ව යි. ඉඳින් නොදනිත් නම් දහසක් දඩ යැ’යි කියා යැවූ හ.
ගම් වැස්සෝ රැස් වැ කිහිරි දණ්ඩෙහි අග මුල දැනැගත නො හෙන්නාහු සිරිවඩ්ඪන සිටාණනට, “කිසි සේත් මහෞෂධ පණ්ඩිතයෝ දැන ගන්නා හ. උන් ගෙන්වා ගෙනැ විචාරව”යි කීවෝ යැ. සිටාණෝ ඒ පණ්ඩිතයන් කෙළි මඬලෙන් ගෙන්වා එපවත් කියා, “පුත, අපි හැම කිහිරි දණ්ඩෙහි අග මුල දැන ගන්නට නොපොහොසතුම් හ. කිමෙක් ද පුත, තෙපි පොහොසතුදැ “යි විචාළ හ. පියාණන් කී බස් අසා පණ්ඩිතයන් වහන්සේ, “රජ්ජුරුවනට මේ කිහිරි දණ්ඩෙහි අගින් වෙවයි මුලින් වේවයි ප්‍රයෝජනයෙක් නැති. මා විමසනු පිණිස එවන ලද්දේ වනැ' යි සිතා "ගෙනෙව කුඩාචරුනි, මා පොහොසත් මි“ යි ගෙන්වා ගෙනැ, කිහිරි දණ්ඩ අතින් අල්ලා ගෙනැ මැ, “මේ අග යැ, මේ මුල යැ “යි දැන බොහෝ දෙනා සිත් ගන්නා පිණිසැ පැන් තලියක් ගෙන්වා, කිහිරි දණ්ඩ මැදින් හූ ලණූවෙකින් බැඳැ, හූ අග අල්ලාගෙනැ කිහිරි දණ්ඩ දිය පිටැ තබා ලූ සේකැ. මුල බර බැවින් පළමු කොට දියේ ගැලිණ. ඉක්බිත්තෙන්, “ගසෙහි නම් මුල බර වේ ද, නොහොත් අග බර වේ දැ “යි බොහෝදෙනා විචාළ සේකැ. හැම දෙනා මැ, “පණ්ඩිතයන් වහන්ස, මුල බර වේ දැ “යි කී හ. එසේ හෙයින්, “කිහිරි දණ්ඩෙහි පළමු කොටැ ගිලුණු අත මුලයැ “යි මේ සලකුණෙන් අගත් මුලත් වදාළ සේකැ.
ගම් වැස්සෝ ද, “මේ මුල යැ, මේ අග යැ “යි රජ්ජුරුවනට කියා යැවූ හ. රජ්ජුරුවෝ සතුටු වැ “මේ අග මුල කවරෙක් දත්තේදැ “යි විචාරා, සිරිවඩ්ඪන සිටාණන් පුතණුවෝ මහෞෂධ පණ්ඩිතයෝ ය “යි අසා සතුටු වැ, “කිමෙක්ද සේනකය මහෞෂධ පණ්ඩිතයන් ගෙන්වමෝ දැ “යි විචාළ හ. “ඉවසුව මැනැව, දේවයන් වහන්ස, දේවයන් වහන්ස, අනෙක් උපායයෙකිනුත් විමසම්හ“යි නැවැතූ හ.
ශීර්ෂ ප්රශ්නය
නව වැනි වැ ගෑනු ඉසෙකින් හා පිරිමි ඉසෙකින් විමසූ ප්රශ්නය කෙසේ ද යක්:- ඉක්බිත්තෙන් එක් දවසක් ගෑනියක ගේද, පිරිමියකු ගේ ද හිස් දෙකක් ගෙන්වා "මේ ගෑනු හිසයැ මේ පිරිමි හිස යැ’යි දනිත්වයි නොදන්නාහු නම් දහසක් දඩ දෙන්නාහු යැ’යි නැඟෙනහිරි යවමැදුම් ගම්වැස්සන්ට යවූහ.
ගම්වැස්සෝ විභාග නොදන්නාහු හිස් දෙක ගෙන
බෝසතාණන් වහන්සේ විචාළහ. උන් වහන්සේ හිස් දෙක දැකලා
ම මේ ගෑනු හිස යැ, මේ පිරිමි හිසයැ’යි දත් සේක. පිරිමි හිස මැස්ම
වක් නොව ඉදිව යන්නේය, ගෑනුහිස මැස්ම වක් වන්නේය.
බෝසතාණන් වහන්සේ මේ සළකුණෙන් 'මේ ගෑනු හිසය මේ පිරිමි
හිසයැ'යි ගම්වැස්සන්ට වදාළ සේක. ගම්වැස්සෝ රජ්ජුරුවන්ට ඉස්
දෙක තෝරා යවූහ. රජ්ජුරුවන් විචාළ නියාවද සේනක පණ්ඩිතයන්
වැළකූ නියාවද පෙර සේ මැයි.
අභි ප්රශ්නය
දස වැනි වූ සර්පයන් දෙදෙනා ගෙන් විමැසූ ප්රශ්නය කෙසේ ද යත්:- නැවත එක් දවසක් නයකු හා සැපින්නක ගෙන්වා ගෙන "මේ නයාය, මෝ සැපින්නය'යි දනිත්වයි. නොදන්නාහු නම් දහසක දඩය”යි නැඟෙනහිර යවමැදුම් ගම්වැස්සන්ට යවූහ. ගම්වැස්සෝ නොදන්නාහු පණ්ඩිතයන් වහන්සේ විචාළහ.
පණ්ඩිතයන් වහන්සේ දැකලා මැ දැනගත් සේක. නයාගේ
නගුට මහත් වන්නේය. සැපින්නගේ නගුට සිහින් වන්නේය.
නයාගේ හිස මහත් වන්නේය. සැපින්නගේ හිස දික් වන්නේය.
නයාගේ ඇස් වට වන්නේය. මහත් වන්නේය, සැපින්නගේ ඇස්
දික් ව කුඩා වන්නේය, නයාගේ පෙණය හාත්පසින් සම්පූර්ණ ව
තිබෙන්නේය. සැපින්නගේ පෙණය එක් දිසාවකින් සැහැපුවා සේ
අර්ධ ව තිබෙන්නේය. මේ සළකුණෙන් "මේ සර්පයා යැ, මෝ සැපින්නය"යි
වදාළ සේක. සෙස්ස යට කියන ලද්දා වූ ක්‍රමය මැයි.
කුක්කුට ප්රශ්නය
එකොළොස් වැනි වූ කුකුළා ගෙන් විමසූ ප්රශ්නය කෙසේ ද යත් ඉක්බිත්තෙන් එක් දවසක් "නැඟෙනහිරි යවමැදුම් ගම වැස්සෝ සර්වාංගයෙන් ධවල වූ පය අං ඇති හිස මොල්ලියක් ඇති කාලත්රය නොයික්මවා හඬන්නාහු ගොනකු එවත්වයි, ඉදින් නේ වූ නම් දහසක් දඩය”යි කියායවූහ. ඒ ගම්වැස්සෝ ප්‍රශ්නයෙහි විභාග නොදන්නහු පණ්ඩිතයන් වහන්සේ විචාළහ.
පණ්ඩිතයන් වහන්සේ "රජ්ජුරුවෝ තොප අතින් හැළි
කුකුළකු ගෙන්වති” වදාළ සේක. ඒ කුකුළා වනාහී පය පොරකටු ඇති
බැවින් පය අං ඇත්තේ නම, හිස මල් ඇති බැවින් හිස මොල්ලියක්
ඇත්තේ නම, භ්‍රස්ව දීර්ඝ ප්ලුත යන තූන් කාලයට උච්චාරණ ශුද්ධ
කොට හඬ නඟන හෙයින් කාලත්රය නොඉක්මවා හඬන්නේ නමැ.
එසේ හෙයින් මෙබඳු කුකුළකු යවව"යි වදාළ සේක. ගම්වැස්සෝ
එබඳු කුකුළකු යවූහ.
මණි ප්රශ්නය
දොළොස් වැනි වූ මැණිකකින් විසඳූ ප්රශ්නය කෙසේ ද යත්:- ශක්‍ර දේවේන්ද්‍රයන් විසින් කුස රජ්ජුරුවනට දුන් මැණික තෙමේ අට තැනකින් වක් වූයේය. ඒ අට වක් මැණිකෙහි ශක්‍රයන් ඇවුණු පුරාතන හුය දිරා ගොස් කැඩී ගියේය. පරණහුය හැර පියා අලුත් හුයක් අවුණා ලන්නට කිසි කෙනෙක් නොපොහොසත්හ. එක් දවසක් "මේ මැණිකෙහි පරණ දිරා ගියහුය ඇරපියා අලුත් ලණුවක් ලව"යි කියා යවමැදුම් ගම ඇත්තනට වේදේහ රජ්ජුරුවෝ යවූහ.
ගම්වැස්සෝ පරණ හුය අරින්නටත් අලුත් හුය ලන්නටත් නොපිළිවන් වූවාහු මහෞෂධ
පණ්ඩිතයන් වහන්සේට කීවාහුය. පණ්ඩිතයන් වහන්සේ "තෙපි නොසිතව, මී ටිකක්
ගෙන්වා ගනුව”යි කියා ගෙන්වා ගෙන මැණිකෙහි දෙකෙළවර සිදුරෙහි මී බිංදු ගල්වා
පලස් හුයින් ලණුවක් අඹරා, අග මීයෙහි ගාලා මඳක් මැණිකෙහි සිදුරට
වද්දාලා කුහුඹුවන් නික්මෙන කුහුඹු බිලයක තබාලූ සේක. කුහුඹුවෝ
මීයෙහි ගඳින් බිලයෙන් නික්ම මැණිකෙහි දිරාගිය පරණහුය කාගෙන
පලස්හූ අග ඩැහැගෙන යටින් අදනාහු අනික් ඇළයෙන් පිටත් කොට
පීය. පණ්ඩිතයන් වහන්සේ මැණිකෙහි ලණුව ඇවිණි ගිය බැව්
දැනගෙන 'රජ්ජුරුවන්ට දෙව'යි කියා ගම්වැස්සනට මැණික දුන්
සේක. ගම්වැස්සෝ රජ්ජුරුවනට යවූහ. රජ්ජුරුවෝ ලණුව ඇවුණූ
උපාය අසා සතුටු වූහ.
විජායන ප්රශ්නය
තෙළෙස් වන විජායන ප්රශ්නය කෙසේ ද යත්:- එක් දවසක් වනාහී රජ්ජුරුවන්ගේ මඟුල් ගොනු උඳු බොහෝ කොට කවා බඩ මහත් කොට, හං සකස් කොට තෙල් ගල්වා සර්වාංගයෙහි කසා නාවා නැඟෙනහිර යවමැදුම් ගම ඇත්තනට "තෙපි නුවණැත්තෝල, මේ රජ්ජුරුවන්ගේ මඟුල් ගොනාය. පිහිටි දරුගැබ් ඇත්තේය. මොහු වදවා පියා වස්සා සහිත කොට එවව. එසේ නොඑව්ව හොත් දහසක්දඩය”යි යැවූහ. ගම්වැස්සෝ "මේ ගොනුදරුවන් වදවන්නට නොපිළිවන, කුමක් කරමෝ දෝ හෝ"යි පණ්ඩිතයන් වහන්සේ විචාළහ.
උන් වහන්සේ "සමාන පැනයකින් විසඳිය යුතු”යි සලකා රජ්ජුරුවන් හා සමඟ කියන්නට එක් බුහුටි පුරුෂයකු කැඳවූහ. ඉක්බිත්තෙන් මහබෝසතාණන් වහන්සේ ඒ පුරුෂයාට "මෙසේ එව පින්වත් පුරුෂය, තෝ තාගේ හිසකේ පිටිදෑ මැද හෙළා ගෙන නොයෙක් පරිද්දෙන් මහ විලාප හඬහඬා රජගෙයි වාසලට යා, සෙස්සවුන් විචාරණ ලදුයෙහි කිසිවක් නොකියා මහ රජ්ජුරුවන් විසින් ගෙන්වාගෙන හඬන කාරණා විචාරණ ලද්දේහි 'දේවයන් වහන්ස, මපියාණෝ වදාගත නොහෙති. අදට විළි පහරන්නේ 'සත්දවස, මට පිළිසරණ වුව මැනැව. වදන උපායක් වදාළ මැනැව’යි කියා රජ්ජුරුවන් විසින් 'කිමෙක්ද නන් දොඩයිද? මේ කාරණයෙක් නොවෙයි, පිරිමින් වදන්නාහු නැතැ'යි කී කල්හි 'දේවයන් වහන්ස' එසේ වී නම් නැඟෙනහිර යවමැදුම් ගම්වැස්සෝ කෙසේ මඟුල් ගොනා වදවද්දැ'යි විචාරව'යි වදාළ සේක. ඒ පුරුෂයාත් "මහබෝසතාණන් වදාළ වචනය පිළිගෙන වදාළ පරිද්දෙන් ම කෙළේය. රජ්ජුරුවෝ "සමාන ප්රශ්නය කා විසින් සිතන ලදදැ”යි විචාරා 'මහෞෂධ පණ්ඩිතයන් විසිනැ'යි අසා සතුටු වූහ.
ඕදන ප්රශ්නය
තුදුස් වැනි වූ පැසි බතින් විමසූ ප්රශ්නය කෙසේ ද යත්:- එක් දවසක් 'පණ්ඩිතයන් විමසම්හ'යි කියා නැඟෙනහිරි යවමැදුම් ගම්වැස්සෝ අපට අට කාරණයකින් සමන්විත වූ පැසි බතක් පිස එවත්වයි. ඒ පැසි බතැයි කියන්නේ මේ අට කාරණයයි:- සාලිනුත් නොපිසුව මැනැව, දියෙනුත් නොපිසුව මැනැව, සැළියෙනුත් නොපිසුව මැනැව, ගින්නෙනුත් නොපිසුව මැනැව, දර උදුන ලාත් නොපිසුව මැනැව, මෙසේ වූ පැසි බත ගෑනිය අතත් නො එවුව මැනැව, පිරිමියකු අතත් නො එවුව මැනැව, මඟෙකත් නො එවුව මැනැව, මේ අට කාරණයෙන්, යුක්ත පැසි බත නො එවුව හොත් දහසක් දඩය”යි කියා යවූහ. ගම්වැස්සෝ ඒ කාරණය නොදන්නාහු පණ්ඩිතයන් විචාළහ.
උන් වහන්සේ 'නොසිතව'යි කියා "නොසාල් නම් සුන්සාල්
ගෙන, නොදිය නම් පිනිදිය ගෙන, නොසැළිය නම් අනික් මැටි
බඳුනක් ගෙන, නොඋදුන නම් අලුත් කණු ගසා, නොගිනි නම් පියවි
ගිනි හැර දණ්ඩේ හෙළූ ගිනි ගෙන, නොදර නම් පරණලා ගෙන,
පැසිබත පිසවා සැළියක ලා අස් ඔබා නොගෑනු නොපිරිමියකු නම්
නපුංසකයකු ඉස තබාලා නොමඟින් නම් මාවත පියා හසරකින්
රජ්ජුරුවනට යවව”යි යැවූ සේක. රජ්ජුරුවෝ ප්රශ්නය කා විසින් විසඳනා
ලද දැ'යි විචාරා මහෞෂධ පණ්ඩිතයන් විසිනැ'යි අසා සතුටු වූහ.
7. වාලුකාදිය
පසළොස් වන වැලි යොතින් විමසූ ප්රශ්නය කෙසේ ද යත්:- එක් දවසක් පණ්ඩිතයන් වහන්සේ විමසනු පිණිස නැඟෙනහිරි යවමැදුම් ගම්වැස්සනට අස්නක් යවූහ. ඒ කෙසේ වූ අස්නෙක්ද යත්:- රජ්ජුරුවෝ ඕවිල්ලෙහි කෙළෙනා කැමැත්තෝය. පරණ වැලියොත කැඩී ගියේය, එක් වැලි යොතක් අඹරා එවත්වයි, නොඑවුව නම් දහසක් දඩය'යි කියායවූහ. ඒ ගම්වැස්සෝ අර්ථය නොදැන පණ්ඩිතයන් වහන්සේ විචාළහ.
පණ්ඩිතයන් වහන්සේ 'මේ පැනයත් සමාන පැනයකින් ම විසඳිය යුතුය'යි සිතා 'ගම්වැස්සෙනි, නොසිතව'යි අස්වසා කීමෙහි බිණීමෙහි දක්ෂ වූ පුරුෂයන් දෙතුන් දෙනකු බණවා 'යව ගොස් රජ්ජුරුවනට කියව, 'දේවයන් වහන්ස ගම්වැස්සෝ වැලි යොතෙහි සීන වේවයි දළ වේවයි පමණ නොදන්නාහ. පරණ වැලි යොතින් වියතක් පමණ රෑන මාල්ලක් එවුව මැනැව, ඒ වැලි රෑන පොල්ල බලා ඊ සීන දළ පමණින් වැලි යොතක් අඹරන්නාහ'යි කියව. ඉඳින් තොපට රජ්ජුරුවෝ 'අපගේ ගෙහි වැලි යොතක් නම් කිසි කලෙකත් නොවූ විරීය'යි කියත් නම් ඒසේ කී රජ්ජුරුවන්ට 'දේවයන් වහන්ස, ඉදින් එසේ වී නම් යවමැදුම් ගම්වැස්සෝ කෙසේ වැලි 'යොතක් අඹරා එවද්දැ'යි කියා ලව'යි කියා යවූ සේක. ඒ පුරුෂයෝ 'මහබෝසතාණන් වහන්සේ වදාළ ලෙස ම කළහ. රජ්ජුරුවෝ ඒ අසා 'මේ සමාන පැනය කා විසින් සිතන ලදදැ'යි විචාරා 'මහෞෂධ පණ්ඩිතයන් වහන්සේ විසිනැ'යි අසා සතුටු වූහ.
තඩාග ප්රශ්නය
සොළොස් වැනි වූ පොකුණකින් විමසූ තඩාග ප්රශ්නය කෙසේ ද යත්:- එක්දවසක් 'රජ්ජුරුවෝ දිය කෙළිනා කැමැත්තෝය. රක්ත, නීල, ස්වේතාදී පස් පියුමෙන් ගැවසීගත් පොකුණක් එවත්වයි, එසේ නො එවූ නම් දහසක් දඩය'යි ගම්වැස්සනට කියායවූහ. ඔහු ඒ අර්ථය නොදැන පණ්ඩිතයන් වහන්සේට දැන්වූහ.
උන් වහන්සේ මෙයිත් සමාන ප්‍රශ්නයකින් මිස විසඳිය නොහැක්කැ'යි සිතා මුඛරි වූ මිනිසුන් කීප දෙනකුන් කැඳව'යි කියා ගෙනා කල්හි ඒ පුරුෂයනට මෙසේ කිවුය. තෙපි දිය කෙළ ඇස් ඔලිඳැට සේ රත් කොට තෙත් හිසකේ ඇති ව අඳනා ලද තෙත් පිළි ඇති ව මඩ වැකුණු ශරීර ඇති ව වියදඬු කැවිටි බහන් කැට මුගුරු ගත් අත් ඇති ව රජගෙයි වාසලට ගොස් වාසලෙහි සිටි බැව් රජ්ජුරුවනට කියා යවා රජ්ජුරුවන් විසින් 'එන්නේ'යි කියන ලද අවකාශ ඇති ව රජගෙට වැද 'දේවයන් වහන්ස' නුඹ වහන්සේ විසින් වනාහි' නැඟෙනහිරි යවමැදුම් ගම්වැස්සෝ පොකුණක් එවත්වයි කියා යවන ලද හෙයින් අපි නුඹ වහන්සේට දිය කෙළනට සුදුසු වූ පස් පියුමෙන් සැදුණු පොකුණක් ඇරගෙන ආම්හ. ඒ පොකුණ තමා වෙනෙහි වැස ගත් බැවින් නුවර දැක අට්ටාල පවුරු පදනම් අගල හා වාසල් ආදිය බලා වෙවුලා වෙවුලා භයින් බහන කඩා ගෙන ගොස් වලට ම ගියාය. අපි කැට මුගුරු ආදීන් මරන්නමෝද නවතා ගත නුහුණම්හ, නුඹ වහන්සේ විසින් ගියදවස වලින් ලද පොකුණක් එවුව මැනැව, ඒ පොකුණ හා අපගේ පොකුණ හා එක් කොට යොදා ගෙනෙම්හ'යි කියා රජ්ජුරුවන් විසින් කිසි කලෙකත් මා විසින් පොකුණක් නොගෙන්වන ලද විරීය, කිසිවක් හට මා විසින් එක් කොට යොදා ගෙනෙන පිණිස පොකුණක් නොඑවන ලද විරී යැ'යි කී කල්හි 'ඉදින් දේවයන් වහන්ස එසේ වී නම් නැඟෙනහිරි යවමැදුම් ගම්වැස්සෝ කෙසේ පොකුණක් නුඹ වහන්සේට එවද්දැ'යි කියව'යි කියායවූ සේක. උයිත් මහබෝසතාණන් වහන්සේ වදාළ ලෙස ම කළහ. රජ්ජුරුවෝ ඒ මිනිස්සු අතින් 'කවුරු විසින් විසඳන ලදදැ'යි විචාරා පණ්ඩිතයන් විසිනැ'යි අසා සතුටු වූහ.
උද්‍යාන ප්රශ්නය
සතළොස් වැනි වූ උයනින් විමසූ ප්රශ්නය. කෙසේ ද යත්;- නැවත එක්දවසක් 'අපි උයන්කෙළි කෙළනා කැමැත්තෙම්හ. අපගේ උයන පරණ ව ගියේය. යවමැදුම් ගම්වැස්සෝ චම්පකාශෝකවකුලතිලකාදීන් සුපුෂ්පිත තරුවරාකීර්ණ අලුත් උයනක් එවත්ව'යි කියා යවූහ. පණ්ඩිතයන් වහන්සේ 'මෙයින් සමාන පැනයකින් ම විසඳිය යුතුය'යි ගම්වැස්සන් අස්වසා මුඛරි මිනිසුන් කීප දෙනකුන් යවා පෙර පොකුණට කියායැවූ පරිද්දෙන් ම කියායවූ සේක. ඒ දවසුත් රජ්ජුරුවෝ සතුටු ව සේනක පණ්ඩිතයනට කියන්නාහු 'පණ්ඩිතයන් ගෙන්වා ගනුමෝදැ'යි විචාළහ. ඒ තෙමේ ලාභමාත්සර්යය නිසා ‘මෙපමණකින් ම පණ්ඩිත නම් නොවෙති, හැම්මුන මැනැව'යි කීය.
8. ගද්‍රභ - මණි ප්රශ්නය
ගද්‍රභ ප්රශ්නය
ඒ සේනකයාගේ බස් අසා රජ්ජුරුවෝ 'මහෞෂධ පණ්ඩිතයෝ තුමූ වැලි කෙළියෙහි පටන් පැසිඳි මාංස ප්රශ්නය ආදී වූ ප්‍රශ්න සතළොසින් මැ මා සිත් ගත්හ. මෙබඳු උන්ගේ දැඩි වූ පැන විසඳීමෙහිද අප විසින් යවන ලද්දා වූ ප්‍රශ්න චින්තනයෙහිද උන්ගේ ප්‍රශ්න විසර්ජනය බුදු කෙනකුන් වහන්සේගේ ප්‍රශ්න විසර්ජනයක්හා සමානය. සේනකයා මෙ බඳුවූ පණ්ඩිතයන් ගෙන්විය නොදෙයි. සේනකයාගෙන් මට කාරිය කිම්දැ'යි ඒ මහෞෂධ පණ්ඩිතයන් ගෙනෙමි'යි මහත් වූ හස්ත්‍යශ්වාදී පරිවාරයෙන් යුක්ත ව පණ්ඩිතයන් වසන නැගඟෙනහිරි යවමැදුම්. ගමට යන්නට නික්මුණාහ. මඟුලසු නැඟීගෙන යන්නා වූ රජ්ජුරුවන්ගේ මඟුලසුගේ පය පැකිලී වළෙක වැටී බිඳී ගියේය. රජ්ජුරුවෝ එතැන සිට නැවත නුවරට වන්නාහ.
ඉක්බිත්තෙන් අතරමඟ සිට ආ වේදේහ රජ්ජුරුවන් සමීපයට
සේනක පණ්ඩිතයෝ එළඹ 'දේවයන් වහන්ස මහෞෂධ පණ්ඩිතයන්
ගෙනෙන්නට යවමැදුම් ගමට වැඩි සේක් වේදැ යි විචාළහ. "එසේය
පණ්ඩිතයෙනි, රජ්ජුරුවෝ කීහ. 'දේවයන් වහන්ස මා අවැඩකරු
කොටදත් සේක. තවත් හැම්මුන මැනැවයි කියද්දීත් ඉතා ඉක්මන් ව
ගොස් ආදි ම යන ගමනේ මඟුලසුගේ පය බිඳී ගියේ වේදැ'යි කීය.
රජ්ජුරුවෝ සේනක පණ්ඩිතයන් කී බස් අසා තුෂ්නීම්භූත ව නැවත
එක්දවසක් සේනකයන් හා සමඟ 'සේනක පණ්ඩිතයෙනි, මහෞෂධ
පණ්ඩිතයන් ගෙන්වමෝදැ'යි විචාළහ. 'එසේ වී නම් දේවයන්
වහන්ස, නුඹ වහන්සේ නොගොස් 'පණ්ඩිතයෙනි, තොපගේ
සමීපයට එන්නා වූ අපගේ මඟුලසුගේ පය බිඳී ගියේය. අශ්වතරයකු
හෝ ශ්රේෂඨතරයකු හෝ එවව'යි මෙහෙවර කරන්නකු යවුව මැනැව.
ඉදින් අශ්වතරයකු එවත් නම් තුමූ ම එන්නාහ. ශ්රේෂඨතරයකු එවත්
නම් පියාණන් එවන්නාහ. මේ තෙමේ අපට ප්‍රශ්නයක් වන්නේය'යි
කීහ. රජ්ජුරුවෝ 'යහපතැ'යි ගිවිස සේනකයන් ගිවිස සේනකයන් කී
ලෙස ම කියා මෙහෙවර කරන්නකු යැවූහ.
පණ්ඩිතයන් වහන්සේ මෙහෙවර කරන්නහුගේ බස් අසා රජ්ජුරුවෝ මාද පියාණන් වහන්සේද දක්නා කැමැත්තෝය'යි සිතා පියාණන් වහන්සේ සමීපයට ගොස් වැඳලා 'පියාණන් වහන්ස රජ්ජුරුවෝ නුඹ වහන්සේද මා ද දක්නා කැමැත්තෝය. නුඹ වහන්සේ පළමු කොට සිටුවරුන් දහස පිරිවරා වැඩිය මැනැව. වඩිනා සේක්ද සිසතින් නොගොස් අලුත් හෙළඟිතෙල් පිරුණු සඳුන් කරඬුවක් හැරගෙන වැඩිය මැනැව, රජ්ජුරුවෝ නුඹ වහන්සේ හා සමඟ පිළිසඳර කතා කොට 'සුදුසු අස්නක් දැන හිඳුව'යි කියති. නුඹ වහන්සේ එබඳු අස්නක් පරීක්ෂාකොට හුන මැනැව. නුඹ වහන්සේ කතා කොටහුන් වේලෙහි මම එමි. රජ්ජුරුවෝ මා හා සමඟද පිළිසඳර කතා කොට 'පණ්ඩිතයෙනි, සුදුසු අස්නක් දැන හිඳුව'යි කියති. ඉක්බිත්තෙන් මම නුඹ වහන්සේගේ මූණ බලමි. ඒ සලකුණෙන් හුනස්නෙන් නැඟී 'පුත මහෞෂධ පණ්ඩිතයෙනි, මේ අස්නෙහිඳුව'යි වදාළ මැනැව. එසේ කල්හි එක් පැනයෙක් අපට වන්නේය'යි වදාළ සේක.
සිටාණෝ 'යහපතැ'යි ගිවිස පුතණුවන්දෑ කී සැටියේ ම ගොස් තමන් වාසල සිටි බව රජ්ජුරුවන්ට කියායවා 'එන්නේය'යි කියා එවූ කල්හි රජගෙට වැද රජ්ජුරුවන් වැඳ එකත්පස් ව සිටියහ. රජ්ජුරුවෝ සිටාණන් හා සමඟ කතා කොට 'සිටාණෙනි, තොප පුතණුවෝ මහෞෂධ පණ්ඩිතයෝ කොහිදැ'යි විචාළහ. 'පස්සෙහි එති දේවයන් වහන්සැ'යි කීහ. රජ්ජුරුවෝ 'එති'යනු අසා සතුටු සිත් ඇති ව 'තොපට සුදුසු අස්නක් දැනහිඳුව'යි කීහ. සිටාණෝ තමන්ට සුදුසු අස්නක් බලා එකත්පස් වැ හුන්නාහ.
මහ බෝසතාණන් වහන්සේ ද සර්වාලංකාරයෙන් සැරැහුණු සේක් කුමාරවරුන් දහස විසින් පිරිවරන ලදු ව සරහන ලද උතුම් රථයක හිඳ නුවරට වදනා සේක් අගල පිට තණ කන එක් කොටළුවකු දැක ශක්ති සම්පන්න පුරුෂයනට ‘මේ කොටළුවා ලුහුබඳවා ගෙනයම් පරිද්දෙකින් ශබ්ද නොකෙරේද එපරිද්දෙන් ම ඔහුගේ මුඛය බන්ධනය කොට එක් පරක්කුවෙකින් කර තබා නොපෙන්නා ගෙන එව'යි වදාළ සේක. ඒ මානවකයා බෝධිසත්ත්වයන් වදාළ ලෙස ම කළහ.
බෝධිසත්ත්වයන් වහන්සේ ද මහත් පිරිසින් යුක්ත ව ශක්රදේවේන්ද්ර ලීලාවෙන් නුවරට වන් සේක. බොහෝ දෙන සිරිවඩ්ඪන සිටාණන් පුතණුවෝ මහෞෂධ පණ්ඩිතයෝ නම් මූල, උපන්නාහු බෙහෙත් ගුළියක් අතින් ගෙන උපන්නෝ මූල, විමසූ මෙතෙක් ප්රශ්නයන්ගෙන් අර්ථ විභාග දක්නා ලද්දෝ හෙවත් පැන විසඳුවෝ මූල'යි මහබෝසතාණන් වහන්සේට ස්තූති කරන්නාහු තෘප්තියට නොපැමිණෙන්නාහ. පණ්ඩිතයන් වහන්සේ රජගෙයි වාසලට ගොස් තමන් වහන්සේ ආ පවත් දොරටු පාලකයා අත කියායැවූ සේක. රජ්ජුරවෝ ඇසූ පමණින් ම තුටු පහටු ව ‘මපුතණුවෝ මහෞෂධ පණ්ඩිතයෝ වහා එත්ව'යි කීහ. බෝසතාණෝ කුමරුන්දහස පිරිවරා පහයට නැඟ රජු වැඳ එකත් පසෙක සිටි සේක. රජ්ජුරුවෝ ඔහු දැකම සොම්නසට පැමිණ මිහිරි කතා කොට, 'පණ්ඩිතයෙනි, සුදුසු අස්නක් දැනහිඳුව'යි කීහ. පණ්ඩිතයන් වහන්සේ පියාණන්දෑ මූණ බැලූ සේක. ඉක්බිත්තෙන් උන් වහන්සේගේ පියාණෝ බැලූ සලකුණෙන් හස්නෙන් නැඟී 'පණ්ඩිතයෙනි, මේ හස්නේ හිඳුව'යි කීහ. පණ්ඩිතයන් වහන්සේ ඒ අසමින් පියාණන් හුන් හස්නෙහි වැඩහුන් සේක.
පියාණන් හස්නෙන් නඟා පියාහස්නෙහි උන්නා වූ පණ්ඩිතයන් දැකලා ම සේනක පුක්කුස කාවින්ද දේවින්ද යන පණ්ඩිතවරු 'සතර දෙනද සෙසු නුවණ නැත්තාහුද අත්ලෙන් අත්ල ගසා මහත් කොට සිනාසී 'මේ නුවණ නැත්තහු නුවණැත්තැ’යි කියති. ඒ තෙම පියාණන් හස්නෙන් නඟාපියා තෙමේ ඒ හස්නෙහි හිඳිනේය. මොහු ‘නුවණැතැ’යි කියන්නට යුක්ත නොවන්නේය'යි වෙහෙසූය. රජ්ජුරුවෝ ද දුර්මුඛ වූහ.
ඉක්බිත්තෙන් මහබෝසතාණන් වහන්සේ දුර්මුඛ ව උන්
රජ්ජුරුවන් වහන්සේට 'කිමෙක්ද දේවයන් වහන්ස කනස්සලු
සේක්දැ'යි විචාළ සේක. 'එසේය පණ්ඩිතයෙනි, කනස්සල්ලෙමි.
තොපගේ ස්වරූප ඇසීම සිත් ගත, දැක්ම සිත් නොගතැ'යි කීහ.
'මාගේ ස්වරූප ඇසීම සිත් ගත්තේත් දැක්ම සිත් නොගත්තේත්
කුමක් නිසාදැ'යි විචාළ සේක, 'පියාණන් හුනස්නෙන් නඟාහුන්
හෙයිනැ'යි කීහ. 'කිමෙක්ද දේවයන් වහන්ස නුඹ වහන්සේ
ඇමතන්හි ම පුතුන්ට වඩා පියෝ ම උතුම්හයි කියන සේක්දැ'යි
විචාළ සේක, රජ්ජුරුවෝ එසේය, පණ්ඩිතයෙනි' කීහ. ඉක්බිත්තෙන්
මහ බෝසතාණෝ රජ්ජුරුවන්ට 'දේවයන් වහන්ස නුඹ වහන්සේ
විසින් අපට 'අශ්වතරයකු හා ශ්‍රේෂ්ඨතරයකු හෝ එවන්නේය'යි අසුන්
යවන ලද්දේ නොවේදැ'යි කියා උන්හස්නෙන් නැඟී. කොටළුවා
ගෙනා මානවකයන් මූණ බලා 'තොප විසින් ගන්නා ලද කොටළුවා
ගෙනෙව'යි ගෙන්වාගෙන රජ්ජුරුවන්ගේ පා මුල හොවා ලා
'දේවයන් වහන්ස මේ කොටළුවා කෙතෙක් අගී දැ?'යි විචාළ සේක.
රජ්ජුරුවෝ 'ඉදින් උපකාර ඇත්තේ නම් අට මස්සක් අගනේය'යි කීහ.
මූ නිසා සෛන්ධව කුලයෙහි වෙළඹ බඩ උපන් ආජානීය අශ්වයා
කෙකෙක් අගී දැ'යි විචාළ සේක. 'පණ්ඩිතයෙනි අගය නැතැයි කීහ.
දේවයන් වහන්ස කුමක් හෙයින් එසේ කියන සේක්ද? නුඹ වහන්සේ
විසින් දැන් ඇම තන්හි ම පුතුනට වඩා පියෝම උත්තමහ'යි කියන
ලද්දේ වේද? ඉදින් ඒ සබෑවී නම් නුඹ වහන්සේගේ වාදයෙහි
ආජානීය අශ්වයාට වඩා කොටළුවා උතුම් වන්නේය. කිමෙක්ද
දේවයන් වහන්ස නුඹ වහන්සේගේ පණ්ඩිතවරු මෙපමණකුත්
දැනගන්නට අසමර්ථ ව අත්ලෙන් අත්ල ගසා සෙන්නාහු ද? නුඹ
වහන්සේගේ පණ්ඩිතවරුන්ගේ නුවණ විශේෂය ආශ්චය යැ. නුඹ
වහන්සේ කොයින් මුන් අතපත ගා ලත් සේක්දැ'යි පණ්ඩිතවරුන්
සතරදෙනාට පරිභව බැණ රජ්ජුරුවන්ට 'ගද්‍රභ ප්‍රශ්නයෙහි එම
කාරණා ගාථාවකින් කියා 'දේවයන් වහන්ස පුතුනට වඩා පියෝ
උත්තමයෝ නම් මපියාණන් නුඹ වහන්සේට වැඩ පසස්නා පිණිස
ගත මැනැව, ඉදින් පියනට වඩා පුත්‍රයෝ උත්තමයෝ නම් මා නුඹ
වහන්සේ සමීපයෙහි රඳවා ගත මැනැවැ'යි වදාළ සේක. රජ්ජුරුවෝ
සොම්නස් වූහ. සියලු රාජපර්ෂද් 'පණ්ඩිතයන් විසින් ප්රශ්නය මනා
කොට කියන ලදැ'යි ඔල්වර හඬ ගසමින් සාධුකාර ශබ්ද පැවැත්වූහ.
අසුරුසන්ද පිළි දහස් ගණන් ඉස නැටවීම්ද පැවැත්වූහ. සේනකාදී
පණ්ඩිතවරු සතර දෙන දුර්මුඛ වූහ.
මවුපියන් ගුණ දන්නට බෝධිසන්ත්වයන් වහන්සේ හා සමාන
කෙනෙක් නැත. වැළි මුන් වහන්සේ කුමක් නිසා පියාණන් වහන්සේ
හස්නෙන් නඟා ඒ හස්නෙහි වැඩහුන් සේක්ද යත් පියාණන් දෑට
අවමානයක් පිණිස නොවෙයි. රජ්ජුරුවන් විසින් 'අශ්වතරයකු
හෝ එවන්නේය. ශ්‍රේෂ්ඨතරයකු හෝ එවන්නේය'යි අසුන් යවන ලද
හෙයින් ඒ පැනය විසඳන පිණිසත් තමන් වහන්සේගේ නුවණැති බව
අඟවන පිණිසත් සේනකාදී පණ්ඩිතවරුන් සතර දෙනාගේ නුවණින්
බැබැළීම නැති කරන පිණිසත් යැ යි දතයුතු.
රජ්ජුරුවෝ ගද්‍රහ ප්‍රශ්නයාගේ විසර්ජනයෙහි සතුටු ව සුවඳ පැන් පිරූ රන් කෙණ්ඩිකාව අතින් ගෙන 'නැඟෙනහිර යවමැදුම් ගම පමුණු කොට අනුභව කරව'යි සිටාණන් අත පැන් වත් කොට 'සෙසුදාසක් සිටුවරු සිරිවඩ්ඪන සිටාණනට සම්මත වෙත්ව'යි කියා මහබෝසතාණන්ගේ මෑණියන්දෑට සිරිකන් තෝඩු තැලි වැල් පට්ටකාර පා සළඹ පාද ජාලාදී වූ සියලු ස්ත්‍රී ආභරණ යවා කොටළු පැනයෙහි පහන් ව මහබෝසතාණන් වහන්සේ දරු කොට වඩා ගන්නා පිණිස මහසිටාණන්ට 'සිටාණෙනි, මහෞෂධ පණ්ඩිතයන් මට දරු කොට දෙව'යි කීහ. සිටාණෝ 'දේවයන් වහන්ස දරුවෝ තව ම ළදරුවෝය. අද දක්වාත් දරුවන් තුඩ කිරි සුවඳ අමයි, වැඩී ගත් කළ නුඹ වහන්සේ සමීපයෙහි වසන්නේය'යි කීහ. සිටාණෙනි මෙවක් පටන් පණ්ඩිතයන් කෙරෙහි ආලයහරුව. මූ අද පටන් ම පුතණුවෝය. මම මාගේ පුතණුවන් රක්නට පොහොසත්මි, තෙපියව'යි සිටාණනට ගමට යන්නට සමුදුන්හ. සිටාණෝ රජ්ජුරුවන් වැඳ පුතණුවන් මහෞෂධ පණ්ඩිතයන් වහන්සේ සිපගෙන ළෙහි හොවා 'ගෙන ඉස සිඹ පුතණුවනට අවවාද දුන්හ. උන් වහන්සේද සිටාණන් වැඳ 'පියාණන් වහන්ස නොසිතුව මැනැව'යි කියා පියාණන් යැවූ සේක.
රජ්ජුරුවෝ මහෞෂධ පණ්ඩිතයන් වහන්සේ 'ඇතුළත දී කවුද නොහොත් පිටත දී කවුදැ'යි විචාළහ. උන් වහන්සේ 'මාගේ පරිවාර බොහෝය. මා පිටත දී බත් අනුභව කිරීම සුදුසුය'යි සිතා 'පිටත දී අනුභව කෙරෙමි'යි වදාළ සේක. ඉක්බිත්තෙන් රජ්ජුරුවෝ පණ්ඩිතයන් වහන්සේට සුදුසු ගෙයක් දී කුමාරවරුන් දහස ආදී කොට සියලු පරිවාරයට වියදම් දෙවා සියලු උපකරණ ගෙයි ලා දෙවූහ. පණ්ඩිතයන් වහන්සේ එතැන් පටන් කොට රජ්ජුරුවන් සමීපයෙහි අනුශාසනා කෙරෙමින් සිටි සේක.
මණි ප්රශ්නය
රජ්ජුරුවෝ පණ්ඩිතයන් වහන්සේ විමසනු කැමැති වූහ. එසේ කල්හි නුවර දකුණු වාසලට නුදුරු වූ තන්හි පොකුණු තෙර සිටි එක් තල් ගසෙක උඩ කවුඩු කැදැල්ලෙක මිණි රුවනෙක් වූයේය. ඒ මැණිකෙහි ඡායාව පොකුණෙහි පෙනෙන්නේය. ‘පොකුණෙහි මැණිකකැ'යි රජ්ජුරුවනට දැන්වූහ. රජ්ජුරුවෝ සේනකයන් කැඳවා 'පොකුණෙහි මිණි රුවණෙක් පෙනේ ල. ඒ මැණික කෙසේ ගනුමෝදැ'යි විචාරා සේනකයන් විසින් 'පැන් ඉස්සවාපියා ගන්නා බව සුදුසුය'යි කී කල්හි 'එසේ වී නම් එලෙස ම කරව'යි සේනකයනට භාර කළහ. සේනකයෝත් බොහෝ මිනිසුන් රැස් කරවා පොකුණෙහි දියත් මඩත් අරවා බිම කැණද මැණික නුදුටුවාහ. නැවත පොකුණෙහි දිය පිරී ගිය කල්හි මැණිකෙහි ඡායාව පෙනෙන්නේය. නැවතත් 'සේනකයෝ දියත් මඩත් අරවා බිමත් කැණවා මැණික නුදුටුවාහුමය.
ඉක්බිත්තෙන් රජ්ජුරුවෝ මහෞෂධ පණ්ඩිතයන් වහන්සේ
කැඳවා "පොකුණෙහි මැණිකෙක් පෙනෙන්නේය. සේනකයෝ දියත්
මඩත් අරවා බිම බිඳ මැණික නුදුටුවාහ. පොකුණෙහි දිය පිරී ගිය
කලැ නැවත පෙනෙයි. මෙය ගන්නට පොහොසතුදැ'යි විචාළ සේක.
උන් වහන්සේ "දේවයන් වහන්ස, ඒ බැරි නොවෙයි. වැඩිය මැනැව
නුඹ වහන්සේට මැණික පාමි"යි වදාළ සේක. රජ්ජුරුවෝ මැණික
පාමි'යි කී බසින් සතුටු ව 'අද පණ්ඩිතයන්ගේ නුවණෙහි බල
දකුම්හ'යි බොහෝ දෙනා විසින් පිරිවරන ලදුව පොකුණු තෙරට
ගියහ. මහබෝසතාණන් වහන්සේ පොකුණු තෙර සිට. මැණික
බලන සේක් "මේ මැණික පොකුණෙහි නොවෙයි. මේ තල්ගස උඩ
වියයුතුයයි දැන දේවයන් වහන්ස පොකුණෙහි මැණික නැතැ'යි
කියා පෙනෙන්නේ මැණික නොවේද?”යි කී කල්හි පැන් තලියක්
ගෙන්වා "බැලුව මැනැව දේවයන් වහන්ස, මේ මැණික පොකුණෙහි
ම මතු පෙනෙන්නේ නොවෙයි, තලියෙහිත් පෙනෙන්නේය"යි කියා
රජ්ජුරුවන් විසින් පණ්ඩිතයෙනි මැණික කොහි වියයුතුදැ'යි කී කල්හි
"දේවයන් වහන්ස පොකුණෙහි ඡායාව ම පෙනෙන්නේය, මැණික
පොකුණෙහි නොවෙයි, මැණික වනාහි මේ තල් ගස උඩ කවුඩු
කැදැල්ලේය, මිනිසකු නංවා බාවා ගත මැනැව"යි වදාළ සේක.
රජ්ජුරුවෝ බෝධිසත්ත්වයන් වහන්සේ වදාළ ලෙස ම මිනිසකු නංවා මැණික බෑවූහ. පණ්ඩිතයන් වහන්සේ ඒ මැණික තමන් අතට ඇරගෙන රජ්ජුරුවන් අත තැබූ සේක. බොහෝ දෙන පණ්ඩිතයන් වහන්සේට සාධුකාර දී සේනක පණ්ඩිතයනට බණන්නාහු 'මැණික තල් ගස උඩ තිබිය දී සේනකයා දුන්නක් දමා ගිය එකක්හු කළයෙහි අතගානා සේ ශක්තිමන් පුරුෂයන් ලවා පොකුණ ම බිඳ වීය. "නුවණැති වතොත් මහෞෂධ පණ්ඩිතයන් වහන්සේ වියයුතුය"යි මහබෝසතාණන් වහන්සේට ස්තූති කළහ; රජ්ජුරුවෝ බෝධිසත්ත්වයන් වහන්සේට සතුටු ව තමන් කර පැළැඳි රන් ලක්ෂයක් පුස්නා දී කුමාරවරුන් දහසට මුතුපට දුන්නාහ. "රාජ සේවයට එන විට මේ පැළඳ ගෙන එන්නේය"යි මහබෝසතාණන් වහන්සේටද කුමාරවරුන් දහසටද සම්මත කළහ.
9. කකණ්ටක -සිරි කාලකණ්ණි ප්රශ්නය
කකණ්ටක ප්රශ්නය
නැවත එක්දවසක් රජ්ජුරුවෝ පණ්ඩිතයන් හා සමඟ උයනට ගියාහ. එදවස් එක් බොහොඬෙක් තොරණ අගැ වසන්නේය. ඒ තෙම රජ්ජුරුවන් එන්නවුන් දැක තොරණ අගින් බැස බිම වැදහොත්තේය. රජ්ජුරුවෝ ඒ බොහොඬාගේ ක්‍රියාව බලා, "මහෞෂධ පණ්ඩිතයෙනි, මේ බොහොඬා කුමක් කෙරේදැ”යි විචාළහ. "දේවයන් වහන්ස නුඹ වහන්සේට සේවය කරන්නේය”යි වදාළ සේක. රජ්ජුරුවෝ "ඉදින් එසේ වී නම් අපට කරන සේවය සිස් නොවේවයි, ඕහට වස්තුවක් දෙව"යි කීහ. බෝසතාණන් වහන්සේ "දේවයන් වහන්ස ඕහට වස්තුවෙන් ප්‍රයෝජන නැත. කෑයුතු දෙයක් ඇත්නම් පමණය"යි වදාළ සේක. "මේ තෙමේ කුමක් කන්නේදැ”යි රජ්ජුරුවෝ කීහ. "දේවයන් වහන්ස මස් අනුභව කරන්නේ වේදැ”යි වදාළ සේක. කෙතෙක් දෙය ලැබ්බයුතුදැ'"යි විචාළහ. දේවයන් වහන්ස වියට සමාරක් පමණ රත්රන් පුස්නා මසැ”යි වදාළ සේක. රජ්ජුරුවෝ එක් පුරුෂයකුට "රජ්ජුරුවන් දෙන දෙය නම් වියට සමාරක් පමණ නුසුදුසුය”යි කියා "මෝහට රන් දෙවියට සමාරක් අගනා මස් නිබඳව ගෙනහැර දෙව"යි කියා නියෝග කළහ. ඒ පුරුෂයාත් "යහපතැ”යි කියා එතැන් පටන් කොට රජ්ජුරුවන් විධාන කළ ලෙසට මස් ගෙනැ හැරැ බොහොඬාට දෙන්නේය.
ඒ පුරුෂයා එක්දවසක් උපෝසථ දිනයෙහි රාජ සම්මත හෙයින් පණිවා කළවුන් නැති කල්හි නුවර මුළුල්ලෙහි මස් සොයා නොලැබ එම දෙවියට සමාරක් පමණ රන් මැඳින් විදහුයෙන් අවුණා බොහොඬා කරැ බැන්දේය. ඉක්බිත්තෙන් ඒ බොහොඬාට රත්රන් දෙවියට සමාර නිසා මානයෙක් උපන්නේය. එදවස් ම රජ්ජුරුවෝ නැවත උයනට ගියහ. ඒ බොහොඬ තෙමේ රජ්ජුරුවන් එන්නවුන් දැක වස්තු නිසා උපන් මානය කරණ කොටගෙන "වේදේහයෙනි, තෙපි ම නොව මහත් වස්තු ඇත්තෝ මමත් වස්තු ඇත්තෙමි”යි රජ්ජුරුවන් හා සමඟ තමා සම කරන්නේ තොරණ අගින් නොබැස තොරණ අගැ මැ හිස සලමින් වැද හොත්තේය.
රජ්ජුරුවෝ ඔහුගේ ක්‍රියාව දැක "මහෞෂධ පණ්ඩිතයෙනි, තෙමේ පෙර පරිද්දෙන් අද නොබසින්නේය. කවර කාරණයකින් ඒ තද බව ඇති වීදැ”යි ගාථාවකින් විචාළහ. පණ්ඩිතයන් වහන්සේ "පොහෝ පණිවා නොකිරීම නිමිත්ත කොටගෙන, මස් නොලබන්නාහු රාජ පුරුෂයා විසින් තමා කර බැඳි රත්රන් දෙවියට සමාර නිසා උපදනා මානය ඔහුට වියයුතුය"යි දැන එම කාරණය ගාථාවකින් කියන සේක් "නො ලත් විරූ අර්ධමාෂක සම්මත වූ වස්තුවක් ලදින් මේ තෙමේ මියුලු නුවරගේ කොට ඇත්තා වූ දෝ හෝ නොහොත් දාන ප්‍රිය වචන අර්ථ චර්යා සමානාත්මතා සංඛ්‍යාත සංග්‍රහ වස්තුවෙන් ජනයා සගන්නා වූ වේදේහ රජු 'තොපි තොප පමණට වස්තු ඇත්තාහ. මමත් මා පමණට වස්තු ඇත්තෙමි. එසේ හෙයින් තොපට මා අඩු කිමෙක්දැ"යි ඉක්මැ සිතන්නේ හෙළාදැක්කේය”යි මේ කකණ්ටක ප්රශ්නය විසඳා වදාළ සේක.
රජ්ජුරුවෝ කටුසු බොහොඬාට මස් ලන්නට නියම කළ පුරුෂයා ගෙන්වා “පණ්ඩිතයන් කීවා සැබෑදැ”යි විචාළහ. ඒ වූ පරිද්දෙන් ම කීයේය. රජ්ජුරුවෝ “කිසි කෙනකුන් නො විචාරා ම සියල්ල බුදු කෙනකුන් වහන්සේ විසින් දත් අදහසක් මෙන් පණ්ඩිතයන් විසින් බොහොඬාගේ අදහස් දන්නා ලදැ”යි වඩා ලා පැහැද පණ්ඩිතයන් වහන්සේට සතර වාසලින් නිමන සුන්වත් අය දුන්හ. බොහොඬාට වනාහී රජ්ජුරුවෝ කිපී තමන් තැබූ වෘත්තිය අරවන්නට වන්හ. පණ්ඩිතයන් වහන්සේ වනාහී “තබාලූ වෘත්තිය හරවාපීම සුදුසු නොවන්නේය”යි වැළැකූ සේක.
සිරි කාලකණ්ණි ප්රශ්නය
ඉක්බිත්තෙන් මියුලු නුවර වැසි පින්ගුත්තර නම් ළදරුවෙක් තක්සලා නුවරට ගොස් දිසාපාමොක් ආචාරීන් සමීපයෙහි ශිල්ප උගන්නේ වහා ම උගත. ඒ තෙමේ උගත් ශිල්ප වණපොත් දී "මම සමු ගනිමි”යි ආචාරීනට කීය. ඒ ආචාරීන්ගේ කුලයෙහි වනාහි ඉදින් වැඩිවිය පැමිණි දියණි කෙනෙක් ඇත්නම් මාලු අත වැස්සාණනට දිය යුත්තාහ"යි පැවැත එන වතෙක් ඇත. ඒ ආචාරීන්ගේ දෙවඟනක හා සමාන වූ විශිෂ්ට රූ ඇති එක දියණි කෙනෙක් ඇත්තාහ. ඉක්බිත්තෙන් "ඒ දියණියන් පුත තොපට දෙමි. උන් හැරගෙන යව”යි ආචාර්යයෝ කීහ. මානවකයා වනාහී පින් නැත්තේය, කාලකණ්ණිය, කුමාරිකාව තොමෝ මහපින් ඇත්තීය. ඕහට ඒ කුමාරිකාව දැක සිත නොඇලුණේය.
ඒ මානවකයා කුමාරිකාව නුරුස්සන්නේ ම ආචාරීන්ගේ
බස මරුත්තු නොකෙරෙමි'යි කියා ඉවසීය. බමුණාණෝ මානවකයාට
තමන්ගේ දියණියන් දුන්නාහ. ඒ තෙමේ රාත්‍රී භාගයෙහි සකස්
කොට අතුරන ලද ශ්රීයහනෙහි සැතපිණ. කුමාරිකා අවුත් හැඳට
නැඟෙන්නාහා ම තතනමින් හැඳින් බැස බිම හෙව වැද හොත්තේය,
ඒ කුමාරිකාවද හැඳින් බැසැ ඒ මානවකයා සමීපයට ගියායැ, ඒ
තෙමේ එතැනින් නැඟී සිට නැවත හැඳට පැන නැංගේය, නැවත
ඒ කුමාරිකාද හැඳට නැංගාය. ඒ තෙම නැවත හැඳින් බටුයේය.
කාලකණ්ණියා නම් ශ්‍රී කාන්තාව හා සමඟ අහසට පොළව සේ
ළං නොවන්නේය. එසේ හෙයින් කුමාරිකා යහනෙහිම සැතපුණිය.
ඒ කාලකණ්ණියා බිම වැද හොත්තේය. මෙසේ සතියක් දවස් යවා
කුමාරිකාව කෙරෙහි ස්නේහ නැති වත් ආචාරීන්ගේ බස මරුත්තු
කොට නොහී ඇය හැරගෙන ආචාරීන් වැඳ සමුගෙන තමාගේ නුවරට
නික්මුණේය. අතරමඟ පෙර පසු කතා පමණකුත් ඔවුනොවුන් හා
නැත්තේය. නොකැමැතිව ම ඔහු දෙදෙන මියුලු නුවරට පැමිණියාහ.
පිංගුත්තර නම් මානවකයා නුවර සමීපයෙහි පල ගත් දිඹුල් ගසක් දැක සා දුකින් පීඩිත වූයේ ගසට නැඟිලා දිඹුල් කඩා ගෙන කන්නට වන. කුමාරිකාද සාදුකින් පෙළුණි "මටත් දෙව"යි කිව. "ඇයි තිට අත් පා නැද්ද? තොමෝත් ගසට නැඟී දිඹුල් කඩාගෙන කා "යි කීය. සා දුකට වඩා දුකක් නැති හෙයින් කුමාරිකා තොමෝ ම නැඟී දිඹුල් කඩා ගෙන කන්නට වන, මානවකයාත් ඈ ගසට නැඟි බව දැන වහ වහා ගසින් බැස ගසවට කටු ගසාලා "කාලකණ්ණිය කෙරෙන් මිදිණිමි" කියාලා නුවරට නැඟී ගියේය. කුමාරිකා ගස මුල කටු හෙයින් බැස පියන්නට නොපිළිවන් ව ගස උඩම හුන්නීය.
ඉක්බිත්තෙන් රජ්ජුරුවෝ ඒ දවස් උයන් කෙළි කෙළ සරහන ලද ඇතකු පිටහිඳ සවස වේලෙහි නුවරට වදනාහු දිඹුල් ගස උන් කුමාරිකාව දැක පිළිබඳ සිත් ඇති ව පුරුෂයන් ඇත්ත නැත්ත විචාරා යවූහ. කුමාරිකාත් "ස්වාමීනි මාගේ දෙමාපියන් විසින් පාවා දෙන ලද සමණන්දෑ කෙනෙක් ඇත. ඒ වනාහී මා මේ ගස උඩ හිඳුවා හැරපියා පලා ගියේය"යි කිව. විචාරන්නට ගිය අමාත්‍යයා එපවත් රජ්ජුරුවනට කීය. රජ්ජුරුවෝ ඒ අසා හිමියන් නැති වස්තු නම් රජ්ජුරුවනට පැමිණෙන්නේය”යි කියා කුමාරිකාව ගසින් බස්වා ඇතු පිට නංවාගෙන මාලිගාවට ගෙන ගොස් රුවන් රැසක් පිට සිටුවා අගමෙහෙසුන් කළහ. ඒ බිසවු රජ්ජුරුවන්ට ප්රියයෝය. මන වඩති. දිඹුල් ගස දී දුටු බැවින් "උදුම්බරා දේවිය"යි ප්‍රසිද්ධ වූහ.
ඉක්බින්තෙන් එක්දවසක් රජ්ජුරුවෝ උයන් කෙළියට යන පිණිස වාසල්කඩ ගම්වැස්සන් ලවා මාර්ගය ඉදිකරවූහ. පිංගුත්තරයාද රාජ සම්මතයෙන් මෙහෙවර කරන්නේ කැසපට කවාගෙන උදැල්ලකින් මඟ සසින්නට වන. මාර්ගය සරහා නොනිමවන තුරු රජ්ජුරුවෝ උදුම්බරා දේවින් හා සමඟ උතුම් රථයක නැඟී උයන් කෙළියට මහ පෙරහරින් නික්මුණාහ. උදුම්බරා දේවි මඟ සසිමින් සිටි ඒ කාලකණ්ණියා දැක "මෙබඳු සම්පත්තියෙක් දරා ගත නුහුණුයේ මූ"යි ඌ දිසාව බලමින් සිනාසුනාභ. රජ්ජුරුවෝ බිසවුන් සෙන්නා දැක කිපී "කුමක් පිණිස සුණුහිදැ"යි විචාළහ. "දේවයන් වහන්ස මේ මඟ සසිනා මිනිසා මා ආදියෙන් රක්ෂා කළ මිනිසාය. මා දිඹුල් ගසට නංවා මුල කටු ගසා ගියේ මොහුය. මම මූ බලා මෙබඳු ශ්‍රීයක් දරාගත නුහුණුයේ මේ කාලකණ්ණියායි සිනාසීමි"යි කීහ. රජ්ජුරුවෝ තී කියන්නේ බොරුය, අනික් කිසි පුරුෂයකු දැකය තී සිනා සුණුයේ, තී මරමි"යි කඩුව කොපුවෙන් ඇද ගත්තාහ. බිසවු භයපත්ව "දේවයෙනි, යළි පණ්ඩිතවරුන් විචාළ මැනැව"යි කීහ. රජ්ජුරුවෝ මෑ කී බස් අදහවූදැ'යි සේනකයන් විචාළහ. සේනකයෝත් 'නොඅදහමි දේවයන් වහන්ස කවරෙක් නම් මෙබඳු ගෑනියක් හැර පියා නැඟී යේදැ'යි කීහ. බිසව සේනකයන්ගේ බස් අසා වඩා ලා ම භය වූහ.
ඉක්බිත්තෙන් රජ්ජුරුවෝ "සේනකයා කුමක් දනීද මහෞෂධ පණ්ඩිතයන් විචාරමි"යි සිතා ගාථාවකින් පණ්ඩිතයන් වහන්සේ විචාරන්නාහු "මහෞෂධ පණ්ඩිතයෙනි, ස්ත්‍රියක් තොමෝ අධික රූ ඇත්ති වුවද ආචාර සීලයෙන්ද යුක්ත වුව. එසේ වූ ඒ ස්ත්‍රිය පුරුෂයෙක් නොකැමැත්තේ ල. තෙපි ඒ අදහවූදැ"යි චිචාළහ. එබස් අසා "දේවයිනි, මම අදහමි. පුරුෂයා දෛව නැත්තේ වී නම් ශ්‍රී කාන්තාද කාළකණ්ණිද යන මොහු දෙදෙනා මූද එතර මෙතර සේ එක් නොවන්නාහ"යි වදාළ සේක. රජ්ජුරුවෝ මහතාණන් වදාළ කාරණය සිතට නඟා සන්සුන් සිත් ඇති ව පණ්ඩිතයන් වහන්සේට සතුටු ව "පණ්ඩිතයෙනි, ඉදින් තෙපි මෙතැන නැත්තාහු නම් අද මේ නුවණ නැති සේනකයාගේ බස් ගෙන මෙ බඳු ගෑනු රුවනක් නොලද්දෙම් වෙමි. දැන් තොප නිසාය මේ බිසවුන් ලද්දේ"යි කියා පණ්ඩිතයන් වහන්සේට මස්සෙන් දහසක් පූජා කළහ.
ඉක්බිත්තෙන් බිසවුද රජ්ජුරුවන් වැඳ 'දේවයන් වහන්ස, පණ්ඩිතයන් නිසාය මා දිවි ලද්දේ, මුන් මම මල් තනතුරෙහි තබන්ට වර ඉල්ලමි'යි කීහ. රජ්ජුරුවෝ 'යහපත දේවිනි තොප ඉල්ලූ වරය දෙමි ගනුව'යි කීහ. 'දේවයන් වහන්ස, මම අද පටන් මාගේ මලණුවන් හැර පියා කිසි මිහිරි රසයක් අනුභව නොකරමි. මෙතැන් පටන් වේලකවත් නොවේලකවත් වාසල් දොර හරවා පණ්ඩිතයනට මිහිරි රසයක් යවන්නට ලබන වරයක් ගනිමි'යි කීහ. 'යහපත සොඳුර ඒ වර ගනුව'යි කියා රජ්ජුරුවෝ වර දුන්නාහ.
10.මෙණ්ඩක ප්රශ්නය
එක්දවසක් රජ්ජුරුවෝ දහවල් මෙහෙ නිමවා සැඳැල්ලෙහි සක්මන් කරන්නාහු සීමැදුරු කවුළුවෙන් එක් එළුවකු හා බල්ලකු මිත්‍ර සන්ථවය කරන්නා දුටුහ. එළු වනාහි ඇත්හල ඇතුට ඉදිරියෙහි ලා ලූ තණ නොකන තුරු කන්නේය. ඉක්බිත්තෙන් ඇත්හලයෝ ඔහු තණ කන්නා දැක මරා පලා පීහ. අඬ ගසාගෙන යන්නා වූ ඔහු දැක එක් ඇත්හලයෙක් ලුහුබැඳ ගොස් දණ්ඩකින් පිට අවුරා පහරක් ගැසීය. එතෙමේ පිට නම නමා වේදනාවෙන් වෙවුලමින් ගොස් රජගෙයි මහබිතක්කන නිසා පිට පදනම වැද හොත්තේය. ඒදවස්ම රජ්ජුරුවන්ගේ මුඵතැන්ගෙයි ඇට හා සම් ආදී වූ දෙය කා වැඩි “බල්ලෙක් අරක්කැමියා බත් මාලු පිස වසුන් කොට ගෙන් පිටත සිට ඇඟ ඩාදිය සිඳිමින් සිටිය දී මත්ස්යමාංසයෙහි ගන්ධය ඉවසා ගත නොහී, මුළුතැන්ගෙට වැද වළන් වැසූ මලා ආදිය හෙළා මාංස අනුභව කෙළේය. අරක්කැමියා වළන්හුණු හඬ අසා ඇතුළු ගෙය වැද මාළු.කමින් සිටි බල්ලා දැක දොර පියා ලා කැට මුගුරු ආදීන් ඔහු තැළීය. ඒ තෙමේ තමා කෑ මාලු නඟා පියා හඬා ගෙන දිව ගත, අරක්කැමියා ඔහු දිවගත් බව දැක ලුහුබැඳ දණ්ඩෙකින් පිට අවුරා ගැසීය. එයිත් පිට නම නමා කොතැනක ගැසුවත් පයක් වක් කිරීම බල්ලන්ගේ ස්වභාවයක් හෙයින් එක් පයක් ම ඔසවා ගෙන එළුවා වැදහොත් තැනට ම ගියේය.
ඉක්බිත්තෙන් එළු තෙමේ "සබඳ තෝ පිට නම නමා
එන්නෙහි කිමෙක්ද? තා පිට රුජාවෙක් පහරිදැ"යි බල්ලා විචාළේයැ.
හේ බල්ලාද "තොපිත් පිට නමාගෙන වැද හොත්තේහගි කිමෙක්ද?
තොප පිට රුජාවෙක් පහරීදැ"යි එළුවා අතින් විචාළේය. එළුවා
තමාගේ ස්වරූප බල්ලාට කීහ. බලුත් එළුවාට තමාගේ ස්වරූපය
කීය. ඉක්බිත්තෙන් එළුවා බල්ලාට "කිමෙක්ද, තෝ නැවත මුළුතැන්
ගෙට යන්නට පොහොසකතුදැ"යි විචාළේය. බලු "නොපොහොසතිමි,
ගියොත් මාගේ දිවි නැතැ"යි බල්ලා එළුවාට කීය. "තෝ වනාහී
ඇත්හලට යන්නට පොහොසතුදැ"යි විචාළේය. එළුවා "මා විසිනුත්
ඇත්හලට යන්නට නොපිළිවන, ගියොත් මාගේ දිවි නැතැ"යි කීහ.
ඔහු දෙන්න කෙසේ අපි දෙන්නා ජීවත්වමෝදැයි උපායෙක් සිතූහ.
ඉක්බිත්තෙන් එළු තෙමේ "ඉඳින් දෙන්න මැ සමඟිව ගත හෙමෝ නම් එක් උපායක් ඇතැ"යි කියා බල්ලා විසින් "එසේ වී නම් එය කියව"යි කී කල්හි "සබඳ තෝ මෙතැන් පටන් ඇත් හලට යා, බල්ලන් තණ නොකන හෙයින්, මේ තණ නොකයි" කියා ඇත්හලයෝ තා කෙරෙහි සැක නොකෙරෙති. තෝ සඟවා මට තණ කැරැල්ලක් ඩැහැගෙන වුත් මහබිතක්කනෙහි තබව, මමත් මුළුතැන් ගෙට යෙමි. එළුවන් මස් නොකන හෙයින් "මේ මස් නොකයි" කියා අරක්කැමියා මා කෙරෙහි සැක නොකෙරයි. මමත් තට කන්නට මස් ඩැහැගෙන එමි"යි කීය. "මේ උපාය තෙමේ අප දෙන්නා ජීවත් වීමට ඇතැ"යි දෙන්නා ම ගිවිස බලු ඇත්හලට ගොස් තණ කැරැල්ලක් ඩැහැගෙන අවුත් මහබිතක්කන පිට පදනමැ තබයි. එළු ද මුළුතැන්ගෙට ගොස් මස් කැබැල්ලක් ඩැහැගෙන වුත් එහි තබයි. මේ උපායෙන් දෙන්නා ම සැප සේ වෙසෙති.
රජජුරුවෝ උන් දෙන්නාගේ මිත්‍ර ධර්මය දැක "මා විසිනුත් නුදුටු විරූ කාරණයක් දක්නා ලද. මොහු දෙන්නා ඔවුනොවුනට පසමිතුරුවත් සමඟි වැ වාසය කෙරෙති. මේ කාරණය අලලා පැනයක් කොට පණ්ඩිතවරුන් පස් දෙනා විචාරමි, මේ පැනය නොදත් කෙනකුන් රටින් යවමි. දත් කෙනකුට මෙබඳු පණ්ඩිත කෙනකු නැතැ"යි උපකාර කෙරෙමි. අද වේලා මඳ ව ගියේය. සෙට සේවයට ආ කල විචාරමි'යි සිතූහ. මෙසේ සිතා රජ්ජුරුවෝ අනික් දවස් පණ්ඩිතවරුන් සේවයට අවුත් උන් කල්හි ප්‍රශ්න විචාරන්නාහු ගාථාවක් කියා 'මේ සත්ත්ව ලෝකයෙහි යම් සත්ත්ව කෙනකුන්ගේ විශ්වාසයෙක් කිසි කලෙකත් සත් පියවරකුත් පවා නොවූ විරූද එසේ පසමිතුරු වූ දෙදෙනෙක් සබඳ වූහ. සබඳවත් අදහාගෙන හෙවත් මිත්‍ර සන්ථවය කොට ඇවිදින්නාහ. එයට කරුණු කිමෙක්දැ'යි කීහ. මෙසේද කියා නැවත මෙසේ ගාථාවකින් 'අද පෙරවරු වේලෙහි ඉදින් මේ පැනය මට කියන්නට නොපොහොසත්හු වූ නම් තොප හැමදෙන ම රටින් නෙරපමි. නුවණ නැත්තවුන් ගෙන් මට ප්‍රයෝජන නැතැ'යි කීහ. සේනකයෝ මුල් හස්නෙහි හුන්හ. මහෞෂධ පණ්ඩිතයෝ කෙළවර හස්නෙහි වැඩහුන් සේක. උන් වහන්සේ ඒ පැනය පරීක්ෂා කෙරෙමින් අර්ථ නොදැක 'මේ රජ තෙම බොළඳ ගුණ ඇත්තේය. මේ පැනය සිතාගෙන දැන ගන්නට නොපොහොසත. ඔහු විසින් කිසිවක් දක්නා ලදැ'යි සිතා එකදවසකට අවසර ලබන්නෙම් වී නම් මේ පැනය දැන ගතිමි. සේනකයෝ කිසි උපායකින් අද එකදවසක් පමණ රඳවා පියති'යි සිතූ සේක.
සේනකාදි පණ්ඩිතවරු සතර දෙනද අඳුරු ගබඩාවකට වන්නවුන් මෙන් කිසිවක් නුදුටුවහ. සේනකයන් "මහෞෂධ පණ්ඩිතයන්ගේ ප්රවෘත්ති කිමෙක් දෝහෝ"යි මහබෝසතාණන් වහන්සේ දෙස බැලූහ. මහබෝසතාණන් වහන්සේ සේනකයන් දෙස බැලූහ. සේනකයෝ බෝධිසත්ත්වයන් වහන්සේ තමන් බැලූ ආකාරයෙන් ම උන් වහන්සේගේ සිතදැන "පණ්ඩිතයනට පැනය නොවැටහුණු සේය, එසේ හෙයින් එක්දවසකට අවසර ඉල්ලනා කැමැත්තෝය, උන්ගේ මන දොළ පුරමි"යි රජ්ජුරුවන් හා සමඟ විශ්වාසයෙන් මහත් කොට සිනාසී "දේවයන් වහන්ස, අප හැමදෙනා පැනය කියාගත නුහුණ හොත් රටින් යවන සේක්ද, මෙයිත් අපට එක් පැනයෙකැ'යි සිතන සේක්ද? අපි මේ පැනය කියන්නට නොපොහොසතුමෝ නො වම්හ. එතකුදු වත් මඳක් ගැට මුසු පැනය බොහෝ දෙනා මැදයෙහි කියන්නට නොපිළිවන. තනිව හිඳ සිතා පසු ව නුඹ වහන්සේට කියම්හ. අපට අවසර දුන මැනැව"යි කීහ.
මහෞෂධ පණඩිතයෝ හුනස්නෙන් නැඟී උදුම්බරා දේවීන්
සමීපයට ගොස් "දේවීන් වහන්ස අද වේවයි ඊයේ වේවයි රජ්ජුරවෝ
බොහෝ වේලාවක් කොතැනක සිටියෝද"යි විචාළ සේක. මලණ්ඩ,
සී මැදුරු කවුළුවෙන් පිටත බලමින් නඩයෙහි සක්මන් කළහ"යි බිසව
කීහ. ඉක්බිත්තෙන් පණ්ඩිතයන් වහන්සේ "රජ්ජුරුවන් විසින් මේ
දිසාවෙන් කිසිවක් දක්නා ලද වන්නේය"යි සිතූ සේක. ඒ ස්ථානයට
ගොස් පිටත බලා එළුවාගේ හා බල්ලාගේ ක්‍රියාව දැක "මුන් දෙන්නා
දැකය රජ්ජුරුවන් විසින් පැනය සලකන ලද්දේදැ"යි සනිටුහන්
කොට ගෙට වැඩි සේක.
පුක්කුසාදි වූ අනික් තුන් දෙනත් ප්‍රශ්නයෙහි අර්ථ කල්පනා කොට කිසිවක් නොදැන සේනක පණ්ඩිතයන් සමීපයට ගියාහ. සේනකයෝ "තොප විසින් පැනයෙහි අර්ථ දක්නා ලදදැ"යි විචාළහ. "නොදක්නා ලදැ"යි කීහ. එසේ නම් තොප රටින් නෙරපති, කුමක් කෙරෙත් දැ 'යි කී කලැ. "ආචාරිනී, තොප විසින් දක්නා ලදදැ"යි කීහ. "මමත් අනේක ලෙස සලකා පැනයෙහි අර්ථ නුදුටිමි"යි කීහ. තුන් දෙන ම නුඹ වහන්සේ පැනයෙහි අර්ථ නොදක්නා කල අපි කෙසේ දක්නමෝදැ"යි කීහ. මෙසේ සේනකාදී සතර දෙන ම ප්‍රශ්නයෙහි අර්ථ නොදැක රජ්ජුරුවන් සමීපයේ දී එකදවසකට අවසර ලදුමෝ නම් සලකා ප්රශ්නය විසඳම්හ'යි සිංහනාද පෑ පියා ආම්හ. පැනය නොකී කල්හි රජ්ජුරුවෝ කිපෙති. "කුමක් කරමෝදැ"යි සිතා උකටලී ව, පණ්ඩිතයෙනි, මේ පැනය අප විසින් හවුරුද්දක් හිඳ සිතුවත් දක්නට නොපිළිවන. එසේ හෙයින් මහෞෂධ පණ්ඩිතයන් විසින් මේ පැනය ශතසහස්‍ර ගුණයෙන් සිතා නිමවනු ලැබෙයි. ගර්ව වැ නොඉඳ උන් සමීපයට යම්හ"යි උන් සතර දෙනා ගොසින් තමන් අවුත් සිටි බව කියා යවා එන්නට කියව"යි කී කල මාලිගාවට වැද සිහි කටයුතු සුව දොස් දොඩා එකත්පස් ව සිටියාහු "මහෞෂධ පණ්ඩිතයෙනි, නුඹ වහන්සේ විසින් පැනය සිතන ලදදැ"යි මහබෝසතාණන් විචාළහ.
උන් වහන්සේ "මා පැනය නොසිතන කල මේ භූවනත්රයයෙහි අනික් කවරෙක් සිතන්නේද? එසේය පැනය සිතන ලදැ"යි වදාළ සේක. පණ්ඩිතවරු සතර දෙන "එසේ වී නම් අපටත් වදාළ මැනැව"යි කීහ. සියලු සතුන් කෙරෙහි පතළ මහා කරුණාවෙන් යුක්ත වූ මහතාණෝ "ඉදින් මම මුන් සතර දෙනාට පැනය නොකීයෙම් නම් රජ්ජුරුවන් මේ ජඩ කොල්ලන්ගෙන් කාරිය කිම්ද'යි මුන් සතර දෙනා රටින් නෙරනාහ. මෙවැනි පණ්ඩිත රුවනක් නැතැ'යි මට සත් රුවනින් පූජා කරන්නාහ. එසේ වන්නාට ඒ මාගේ කරුණාවට තරම් නොවෙයි, මේ අඥානයෝ මා වැනි පණ්ඩිත කෙනෙකුන් ඇති ව ඉන්ද දී නොනසිත්ව"යි උන් කෙරෙහි පතළ කරුණායෙන් "පැනය උනට කියමි" සිතා සේනකාදී පණ්ඩිතවරුන් මිටි හස්නෙහි හිඳුවා තමන් වහන්සේ දිසාවට සතර දෙන දොහොත් මුඳුනේ තබා වැඳගෙන හිඳිනා නියායෙන් සම්මත කොට, රජ්ජුරුවන් දුටු නියාව නො හඟවා රජ්ජුරුවන් "විචාළ කළ මෙ ලෙස කියව"යි සතර දෙනාට ම ගාථා සතරක් බැඳලා ඒ ගාථාව අර්ථ නූගන්වා පාළිය පමණක් ම උගන්වා ලා යැවූ සේක. ඔහු සතර දෙනද මහබෝසතාණන් වහන්සේද අනික් දවස රාජ සේවයට ගොස් රජ්ජුරුවන් දැක පනවන ලද හසුන් මත්තෙහි උන්නාහ.
රජ්ජුරුවෝ "සේනකයිනි, පැනය දන්නා ලදදැ"යි සේනක පණ්ඩිතයන් විචාළහ. සේනකයෝත් "දේවයන් වහන්ස, මා පැනය නොදන්නා කලැ අනික් කවරෙක් දනීදැ"යි වැදූවන් ඉදිරියේ කොළොම්බු ලන්නා සේ බෝධිසත්ත්වයන් මධ්‍යයෙහි තමන්ගේ වියත් කම අඟවා "එසේ වී නම් කියව"යි රජ්ජුරුවන් කී කල්හි "ඇසුව මැනැව දේවයන් වහන්සැ"යි කියා පණ්ඩිතයන් වහන්සේ උගන්වා ලූ සැටියේ ම ගාථාව කීහ. එහි අර්ථය මෙසේ දතයුතු:- "ප්‍රසිද්ධ අමාත්‍ය පුත්‍රයන්ට එළුමස් ප්‍රියය, මන වඩී: අමාත්‍ය පුත්‍රාදීහු බලු මස් අනුභව නොකරන්නාහ. එසේ වූ එළුවා හා බල්ලා හා සමඟි සංඛ්‍යාත විශ්වාසය වී”. ගාථාව කී බව මුත් සේනක පණ්ඩිතයෝ අර්ථ නොදන්නාහ. රජ්ජුරුවෝ වනාහී තමනට ප්රත්යක්ෂ විසින් අර්ථ දක්නාහු සේනකයන් විසින් පැනය දක්නා ලදය. "පුක්කුසයන් විචාරම්"යි දෙවනු ව උන් පුක්කුසයන් විචාළහ. ඒ පුක්කුසයෝ රජ්ජුරුවනට 'කිමෙක්ද මම අපණ්ඩිතයෙම්දැ'යි උගත් සැටියේ ගාථාව කීහ, එහි අර්ථය මෙසේ දතයුතු:- “අස් පිට ආස්තරණ සුව පිණිස එළුවාගේ සම් නඟන්නාහ. එසේ ආස්තරණ සුව කැමැති ජනයෝ බල්ලන්ගේ සම් අසු පිට නො අතුරන්නාහ. එසේ වූවත් එළුවාගේ හා බල්ලාගේ හා සමඟි සමාගම් සංඛ්‍යාත විශ්වාසය වී". ඒ පුක්කුස පණ්ඩිතයා ගාථාවෙහි අර්ථ නොදන්නේ මැ යැ. රජ්ජුරුවෝ තමනට අර්ථ ප්‍රගුණ හෙයින් මුන් විසිනුත් පැනය දක්නා ලදැ'යි සිතා තුන් වැනිව හුන් කාවින්දයන් විචාළහ. උයිත් තමන් උගත් ගාථාව කීය. ගාථාවෙහි අර්ථ මෙසේ දතයුතු:- "එළු තෙම ඇඹරී ගිය අං ඇත්තේය. බල්ලාගේ අං නොම ඇත්තේය. එළු තණ කන්නේය. බලු මස් කන්නේය. එසේ වුවත් එළුවාගේ හා බල්ලාගේ හා සමඟි සංඛ්‍යාත විශ්වාසය වී". රජ්ජුරුවෝ "මුන් විසිනුත් පැනය දන්නා ලද්දේය”යි. සතර වැනි ව උන් දේවින්ද පණ්ඩිතයන් විචාළහ. උයිත් තමන් උගත් ගාථාව කීය. එහි අර්ථ මෙසේ දතයුතු:- "එළු තෙමේ තණ හා කොළ කන්නේය' වැළි කුමක් කන්නේද යත් බලු තෙමේ සාවුන් හා බළලුන් කන්නේය, එසේ වූවත් එළුවා හා බල්ලා හා සමඟි සමාගම සංඛ්‍යාත විශ්වාසය වී".
මේ සේනකාදී සතර දෙන තමන් තමන් උගත් ගාථා පමණක් කී කල්හි රජ්ජුරුවෝ තමන්ට අර්ථය ප්‍රකාශ හෙයින් ගාථාවල අර්ථ උන් අතින් නො විචාරා පස් වැනි වැ හුන් අසරණ සරණ කරුණා නිධාන ජන මූර්ති වූ මහෞෂධ පණ්ඩිතයන් අතින් "පණ්ඩිතයෙනි, තෙපි පැනය දනිවූදැ"යි විචාළහ. "දේවයන් වහන්ස අවීචියෙහි පටන් භවාග්රයදක්වා මා විනා අනික් කවරෙක් මේ පැනයදනුදැ"යි සිංහ නාද කළ සේක. රජ්ජුරුවෝ "එසේ වී නම් කියව"යි කීහ. "ඇසුව මැනැව දේවයන් වහන්සැ'"යි කියා එළුවාගේ හා බල්ලාගේ ක්‍රියාව තත්ත්ව වශයෙන් දත් බව ප්‍රකාශ කරන සේක් ගාථා දෙකින් කී සේක. ඒ ගාථාවල අභිප්‍රාය නම් "පා අටෙක් ඇති හෙවත් සතර පයෙහි අටකුරෙක් ඇති එළු තෙමේ මස් ගන්නා වේලෙහි කිසි කෙනකුට නොපෙනී මේ බල්ලාට මස් ගෙණෙන්නේය. මේ බල්ලාද එළුවාට තණ ගෙණෙන්නේය. බල්ලා ගේද එළුවා ගේද යන මොවුන් දෙන්නාගේ ගෝචර පිණිස ඔවුනොවුන්ට මෙහෙවර කරන පෙරළිය ජන ප්‍රධාන වූ වේදේහ නම් රාජෝත්තම තෙම ප්‍රාසාදයෙහි සිටියේ ප්රත්යක්ෂ කොට දිටීල"යි වදාළ සේක. රජ්ජුරුවෝද මහබෝසතාණන් නිසා සේනකාදී පණ්ඩිතවරුන් සතර දෙන පැනය දත් බැව් නොදැන “මෙබඳු පණ්ඩිතවරහු යම් බඳු වූ මාගේ කුලයෙහි වෙසෙද්ද, එසේ හෙයින් ඒකාන්තයෙන් මට වූයේ බොහෝ ලාභයෙකැ"යි කීහ. මෙසේ පණ්ඩිතවරුන්ට ස්තුති කළ ඉක්බිති "පණ්ඩිතවරුන්ගේ ප්‍රශ්න ව්‍යාකරණයෙහි සතුටු වූ මා විසින් උනට උපකාර කළමනා වේදැ”යි උපකාර කරන්නාහු "සුවිනිශ්චිත ප්‍රශ්න විසර්ජනය කරණ කොටගෙන වෙසෙසින් ම සතුටු සිත් ඇත්තෙම් පණ්ඩිත වූ තොප හැම දෙනාට අජානීය අශ්වයන් යෙදූ එකි එකී රථයක්ද වස්ත්රාභරණ ධන- ධාන්‍යයෙන් සමෘද්ධ වූ එකි එකී ගම්වරයක්ද දෙමි"යි කියා මෙ කී සියල්ල පණ්ඩිතවරුන් පස් දෙනාට දෙවූහ.
උදුම්බරා දේවී වනාහි සේනකාදී පණ්ඩිතවරුන් සතර දෙනා ම මහෞෂධ පණ්ඩිතයන් නිසා ප්රශ්නය දත් බව දැන "රජ්ජුරුවන් වහන්සේ විසින් මුං හා උඳු හා වෙනසක් නොකරන්නක්හු මෙන් පස් දෙනාට ම උපකාර සම සේ කළහ. මා ගේ මලණුවන් මහෞෂධ පණ්ඩිතයන්ට විශේෂ කොට සත්කාර කරන බව සුදුසු ම වේ”දැයි රජ්ජුරුවන් සමීපයට ගොස් "දේවයන් වහන්ස නුඹ වහන්සේට පැනය කා විසින් කියන ලදදැ”"යි විචාළහ. "සොඳුර" පණ්ඩිතවරුන් පස් දෙනා විසිනැ"යි කීහ. “දේවයිනි, සේනකාදී පණ්ඩිතවරුන් සතර දෙන ඒ පැනය කා නිසා දත්හයි සිතූ සේක්දැ"යි විචාළහ. “සොඳුර නොදනිමි”යි කීහ. "දේවයන් වහන්ස, ඒ සේනකාදී සතර දෙන කුමක් දනිත් ද? මහෞෂධ පණ්ඩිතයෝ වනාහී මේ අඥානයෝ නහමක් නසිත්ව”යි සිතා පැනය ඉගැන්වූහ. නුඹ වහන්සේ සැම දෙනාට ම සම සම සේ උපකාර කළ සේක, ඒ අයුක්ති යැ. මහෞෂධ පණ්ඩිතයනට වැඩියක් උපකාර කරන බව සුදුසුය" කීය. රජ්ජුරුවෝ "තමන් නිසා පැනය දත් බව නොකිවු යැ"යි මහෞෂධ පණ්ඩිතයන් වහන්සේට සතුටු ව වඩා උපකාර කරනු කැමැත්තෝ. "වන්නාටය, ම පුතණුවන් එක් පැනයක් විචාරා ඒ පැනය කී කලැ මහත් සත්කාර කෙරෙන්නෙමි”යි සිතූහ.
11. සිරිමන්ද ප්රශ්නය
මෙසේ සිතා ඊට සුදුසු පැනයක් සිනතන්නාහු සිරිමන්ද ප්රශ්නය සිතූහ. ඒ ප්‍රශ්න චින්තනය කොට එක් දවසක් පණ්ඩිතවරුන් පස් දෙනා සේවයට අවුත් පිළිසඳර කථායෙන් සුව සේ උන් කල්හි සේනක පණ්ඩිතයනට "සේනක පණ්ඩිතයෙනි, පැනයක් විචාරමි"යි කීහ, "දේවයන් වහන්ස, විචාළ මැනැව"යි කීහ. රජ්ජුරුවෝ සිරිමන්ද ප්‍රශ්නයෙහි පළමු වැනි ගාථාවෙන්, "නුවණ ඇති සම්පත් නැති, හස්ත්යාශ්වාදී පරිවාර සම්පත් ඇති, නුවණ නැති, මුන් දෙන්නා අතුරෙන් නුවණැත්තෝ කවුරුන් උතුමැයි කියද්ද? සේනකයෙනි. එකෙක් පොළොව හා සමාන නුවණ ඇත්තේයැ. දිළිඳුය. එකෙක් පරිවාර සම්පත් ඇත්තේය. අඥානය. මුන් දෙන්නා ගෙන් කවුරු උත්තමයයි තොපට වැටහේද? මේ කාරණය කියා ලව"යි කීහ. මේ පැනය වනාහී සේනක පණ්ඩිතයන්ගේ පරම්පරාවෙන් පැවත ආයේය. එසේ හෙයින් ඒ සිරිමන්ද ප්රශ්නය වහා ම රජ්ජුරුවන්ට කීහ. කෙසේ වූ ද යත්: "ජන ප්‍රධාන වූ රජ්ජුරුවෙනි, ඒකාන්තයෙන්ම නුවණැත්තෝද නුවණ නැත්තෝද හස්තාශ්වාදී ශිල්පයෙන් යුක්තෝද කිසි ශිල්පයක් නොදන්නාහු ද ක්ෂත්රිය බ්‍රාහ්මණාදී උතුම් ජාති ඇත්තාහුද හීන ජාති ඇත්තාහුද යන සියල්ලෝම ජාතීන් ගෙන් හීන වුවත් සම්පත් ඇති තැනැත්තවුට කී නොකී දෙය කොට සේවාවටත් වන්නාහ, මේ කාරණය දැන මම කියමි. නුවණැති තැනැත්තෝ යටත් මය. සම්පත් ඇති තැනැත්තෝ ම උතුමැ"යි කීහ.
රජ්ජුරුවෝ සේනකයාගේ බස් අසා පුක්කුසාදි තුන් දෙන නොවිචාරා පස් දෙනාට කෙළවර උන් මහෞෂධ පණ්ඩිතයන් වහන්සේට "අලාමක වූ නුවණැති සියලු ධර්මයන් සර්වාකාරයෙන් දන්නා වූ මහෞෂධ පණ්ඩිතයෙනි, තොප විචාරමි. නුවණැති පරිවාර සම්පත් ඇති, පරිවාර සම්පත් නැති මේ දෙදෙනා අතරෙන් නුවණැත්තෝ කා උතුමැයි කියද්ද කියා ලව"යි කීහ. ඉක්බිත්තෙන් මෙසේ විචාළ රජ්ජුරුවන්ට "ඇසුව මැනැව දේවයන් වහන්සැ"යි ගාථාවකින් "ස්ථානාන්තරාදි කිසි ලාභයක් සම්පත්තියක් ලදින් ම මේ උතුමැයි සිතන්නා වූ අඥාන තෙමේ පාණාතිපාතාදී පාප කර්මයන් කරන්නේය. එසේ හෙයින් මේ ලොව බලන්නේ ඓශ්චර්ය මදයෙන් ප්‍රමාද ව කළා වූ පාප කර්ම බලයෙන් නරකාදියෙහි අනන්ත දුඃඛයට භාග් වන්නේයැ. මෙසේ උපේක්ෂා පූර්වංගම වූ චින්තාවක් නැති ව පරලොව නොබලන්නේ "දෙලොවෙහි ම හෙවත් ඉසුරු මදයෙන් පව් කොට නරකාදියෙහි උපදනේ පරලොවද නැවත එයින් චුත ව දිළිඳු කුලයෙගි නොයෙක් දුකට භාජන ව උපදනේ මේ ලොවදැයි මෙසේ දෙලෙව්හි ම නුවණ නැති තැනැත්තේ පරාජයක් ගන්නේය, හෙවත් විනාශයට පැමිණෙන්නේය. මේ කාරණය දැක මම නුවණැත්තේ ම උතුම් යසසින් යුක්ත වූ නුවණ නැති තැනැත්තේ උතුම් නොවෙයි කියමැ"යි වදාළ සේක.
මෙසේ බෝසතාණන් වහන්සේ විසින් වදාළ කල්හි රජ්ජුරුවෝ සේනකයන් මුහුණ බලා "මහෞෂධ පණ්ඩිතයෝ නුවණැත්තවු ම උතුමැ'යි කියති. කෙබඳුද? ආචාරිනී"යි කීහ. සේනකයෝ දේවයන් වහන්ස, මහෞෂධ පණ්ඩිතයෝ ළදරුවෝය: අද දක්වාත් උන්ගේ මුඛය කිරි සුවඳ අමයි. මේ බාලදරුවෝ කුමක් දනිද්දැ"යි කියා ගාථාවකින් කාරණයක් දක්වන්නාහු "මේ ශිල්ප තෙමේ හෙවත් නුවණ තෙමේ ධනධාන්‍යාදී වූ භෝග සම්පත් සිද්ධ නොකරන්නේය: පුත්‍රදාරාදි වූ නෑයෝද, රූප සම්පත්තියද ධනධාන්‍යාදී වූ සම්පත් සිද්ධ නොකරන්නාහ. ඊට දෘෂ්ටාන්ත කවරේදැයි යතහොත්: කෙළ තොලු වූ හෙවත් අනවරතයෙන් දෙකොළින් බස්නා කෙළ ධාරා ඇති: රූප සම්පත්තියක් නැති හස්ත්‍යශ්වාදී පරිවාරයෙන් හා ධනධාන්‍යාදී සම්පත්තීන් යුක්ත ව සුව විඳිනා මේ ගෝරිමන්ද නම් සිටුහු ශ්‍රී කාන්තා සෙවුනිය, දේවයන් වහන්ස බලා වදාළ මැනැව, "මේ කාරණය දැක නුවණැති වත් දිළිඳු තැනැත්තේ උතුම් නොවෙයි. නුවණ නැති වත් ඉසුරුමත් තැනැත්තේ උතුමැයි මම කියම්"යි කීහ.
ඒ ගෝරිමන්ද සිටාණෝ වනාහි කෙසේ වූ කෙනෙක්දයත්: ඒ මියුලු නුවර අසූ කෙළක් සම්පත් ඇති සිටාණ කෙණෙක: උන්ගේ බැලිය යුතු රූපයකුත් නැත්තේය. පුත්‍ර කෙනකුත් නැත්තේය. දියණි කෙනකුත් නෑසිය කෙනකුත් නැත්තාහ. කිසි ශිල්පයකුත් නොදන්නාහ. බැණ නැඟි කල්හි ගෝරිමන්ද සිටාණන්ගේ දෙ කොළින් කෙළ ධාරාත් වැගිරෙන්නේය. එසේ වැගිරෙන්නා වූ කෙළ ධාරාවන් දෙවඟනන් හා සමාන රූ ඇති සර්වාලංකාරයෙන් සැරහුණු ගෑනු දෙදෙනෙක් සුපිපි නිලුපුල් කලබ් දෙකක් ගෙන දෑලෙහි සිට නිලුපුල් මලින් පිස මල් වීථියට දමන්නාහ. රා සොඬහුද රා හළට යන්නාහු නිලුපුලින් ප්‍රයෝජනයක් ඇති කල්ගි ඒ ගෝරිමන්ද සිටාණන්ගේ ගෙදොරට ගොස් "ස්වාමීනි ගෝරිමන්ද සිටාණන් වහන්සැ"යි කියන්නාහ. ඒ සිටාණෝ රා සොඬුන්ගේ බස් අසා සී මැදුරු කවුළුව සමීපයේ සිට "කිමෙක්ද? දරුවෙනි" කියන්නාහ. ඉක්බිත්තෙන් බැණ නැංගාවුන්ගේ දෙකොළින් කෙළ ධාරා වෑහෙන්නේය. නිලුපුල් මල් ගත් අත් ඇති ව සැරහී දෑලයෙහි සිටි ගෑනු දෙන්නා මලින් කෙළ පිස මල් අතුරු වීථියට දමන්නාහ. රා සොඬහු ඒ මල් ගෙන දියෙහි සලා පියා පැළඳගෙන රාහලට වදනාහ. ඒ ගෝරිමන්ද සිටාණෝ නම් මෙබඳු සම්පත් ඇත්තාහ. සේනකයෝ මේ දෘෂ්ටාන්ත කොට රජ්ජුරුවන්ට කීහ.
සේනකයන් කී බස් අසා රජ්ජුරුවෝ "කෙසේද පුත, මහෞෂධ පණ්ඩිතයෙනි?" කීහ. මහෞෂධ පණ්ඩිතයන් වහන්සේ "දේවයන් වහන්ස, සේනකයෝ කුමක් දනිත්ද? බත් හුළු වැගිර ගිය තැන අවුළා කන කපුටුවකු වැන්නේය. ඉස හෙන මුගුරු නොබලා දී බොන්නට වන් බල්ලකු වැන්නේය. මෙලොව විඳ ගන්නා සම්පත් බලයි. ඉස වැටෙන අපා දුක් නමැති මුගුරු නොබලයි. ඇසුව මැනැව, දේවයන් වහන්සැ"යි ගාථායෙකින් කාරණයක් දක්වන සේක. "නුවණ නැත්තේ සුවයක් ලදින් එහිම ඇලුණේ කුශල කර්මයෙහි පමා වන්නේය. ප්‍රමාද ප්‍රත්‍යයෙන් පව් කරන්නේය. ඥාති ව්‍යසනාදී අනේකප්‍රකාර වූ දුකින් මඩනා ලද්දේ විශේෂයෙන් ම මුළා බවට පැමිණෙන්නේය. අමුතු අමුතු ව චක්‍රාකාරයෙන් පවත්නා වූ සුව දුකින් පීඩිත වූයේ. ග්‍රීෂ්ම කාලයෙහි දියෙන් ගෙනහැර අව්වෙහි ලූ මසකු මෙන් වෙවුලන්නේය. මේ කාරණය දැක මම නුවණැත්තෝ උතුම, ඉසුරුමත් තැනැත්තෝ උතුම් නොවෙති" කියමි යි වදාළ සේක.
මහ බෝසතාණන් වහන්සේ වදාළ කාරණය අසා රජ්ජුරුවෝ "කෙබඳුද ආචාරිනී?" කීහ. සේනක පණ්ඩිතයෝ "දේවයන් වහන්ස මූ කුමක් දනිත් ද? මිනිස්සු සිටිත්වා, හෙවත් මිනිසුන් තබා වලැ හටගත් ගසක් ඵල සම්පන්න වී නම් එසේ වූ ගසට ම පක්ෂීහු එළඹෙන්නාහ'යි කියා ගාථාවකින් එම උපමාව දක්වන්නාහු, වලැ හට ගත් මියුරු ඵල ඇති වෘක්ෂයට අනේකප්‍රකාර වූ ශාරිකා ශකුනිකාදි ළිහිණියෝ හාත්පසින් යම් සේ අවුත් රැස් වෙද්ද, එපරිද්දෙන් ම පොහොසත් වූ රත්රන් අමුරන් ආදී ධන සහිත වූ අවශේෂ උපභෝග වස්තු ඇති මෙ බඳු පුරුෂයා බොහෝ දෙන තමනට වැඩ පිණිස සෙවුනාහ. මේ කාරණය දැක මම නුවණැතිවත් දිළිඳු තැනැත්තේ උතුම් නොවෙයි. නුවණැ නැති වත් ශ්‍රීමත් තැනැත්තේ උතුමැයි කියමි"යි කීහ.
සේනකයන් කී කාරණය අසා රජ්ජුරුවෝ "කිමෙක්ද පුත මහෞෂධ පණ්ඩිතයෙනි" කීහ. පණ්ඩිතයන් වහන්සේ "මේ මහ බඩ ඇති සේනකයා කුමක්දනීද? ඇසුව මැනැව දේවයන් වහන්සැ"යි කාරණයක් දක්වන තැනැත්තේ ගාථාවකින් "පවත්වන ලද අණසක ඇති නුවණ නැත්තේ උතුම් නොවෙයි. කුමක් හෙයින්ද යත්:- තාඩන බන්ධනාදි නොයෙක් දරුණු කමින් ජනයන්ට දුක් දී වස්තු ලබන්නේය. එසේ වූ අඥානයා බලවත් පශ්චාත්තාප දුඃඛයෙන් අභිභූත වැ හඬන්නා ම භයානක වූ නරකයට යමපල්ලෝ නොකැමැති සේ ම අදනාහ, හෙවත් නරකයෙහි බොහෝ දුකට පැමිණෙන්නේය. මේ කාරණයද දැක මම දිළිඳු වුවත් නුවණැත්තේ උතුමැ, ඉසුරුමත් වුවත් නුවණ නැත්තේ උතුම් නොවෙයි කියමි"යි වදාළ සේක.
නැවත රජ්ජුරුවන් "කිමෙක්ද සේනකයෙනි කී කල්හි ගාථාවකින් කාරණයක් දක්වන්නාහු "ඇළ හෝ කඳුරැලි ආදි කිසි ජලාශය කෙනෙක් නිම්න වැ ගොස් ගඟට අඬා බසිද්ද ඔහු හැම දෙනම තම තමන්ගේ යථෝක්ත වූ හොය ඇළයනාදී නම් ගොත් හරනාහ, ඒ ඇළ හෝ ආදීන්ගේ ප්රවේශත්වයට ආධාරත්වයෙන් ගංගා තොමෝ මහ මුහුදට වදනා ලබන්නී 'ගංගාය' යන ව්‍යවහාර නැති වැ ගොස් මුහුද හා එක් වීමෙන් මුහුද යයි යන ව්‍යවහාරයට යන්නී ද එපරිද්දෙන් ලෝවැස්සෝ තුමූ සම්පත් ඇත්තාහු ම පිහිට කොට ඇත්තාහ, හෙවත් මහා නුවණැත්තෝද ඉසුරුමත් තැනැත්තවුන් කරා පැමිණ මුහුදට වන් ගඟක් සේ තේජස් නැති හෙයින් ප්‍රසිද්ධ ව නොපෙනෙන්නෝය. මේ කාරණය දැක මම නුවණැත්තෝ උතුම් නොවෙති, ඉසුරුමත් තැනැත්තෝ උතුමැයි කියමි"කීහ.
නැවත රජ්ජුරුවෝ "කිමෙක්ද මහෞෂධ පණ්ඩිතයෙනි"යි කීහ. පණ්ඩිතයන් වහන්සේ "ඇසුව මැනැව දේවයන් වහන්සැ"යි කියා ගාථා ද්වයෙකින් කාරණයක් වදාරන සේක්, "මහත් වූ සාගරයක් උපමා කෙරෙද්ද සාගරයට ගංගා යමුනා අචිරවතී ආදී වූ අනේක ප්‍රකාර ගං හෝ හැම කල්හි ම මෙතෙක් ගඟ මෙතෙක් හොය යන ප්‍රමාණයක් නැති වැ නොයෙක් දිගින් හඬා බසිද්ද සමුද්‍ර සංඛ්‍යාත වූ ඒ සාගරය තෙමේ අනවරත වූ සියදහස් ගණන් මහත් වූ රළ වේග ඇන්තේ වෙරළ ඉක්ම ගත නොහී වෙරළ ම ගැසී බිඳේද, එපරිද්දෙන් නුවණ නැත්තහුගේ තෙපුල් නුවණැත්තවු ඉක්ම නොපවතින්නේය. කිසියම් අර්ථානර්ථයෙක්හි උපන් සැකයෙක් ඇත් නම් ඉසුරුමත්හුද දිළිඳු වුවත් නුවණැත්තහු කරා පැමිණ නිශ්චය වන්නේ යැ. මේ කාරණය දැක මම නුවණැත්තෝ උතුමැ, ඉසුරුමත් නුවණ නැත්තේ උතුම් නොවෙයි කියමි"යි වදාළ සේක.
බෝසතාණන් වහන්සේ වදාළ කාරණය අසා රජ්ජුරුවෝ "කිමෙක්ද සේනකයෙනි" කීහ. “ඇසුව මැනැව දේවයන් වහන්සැ'යි ගාථාවකින් කාරණයක් දක්වනු පිණිස “කායාදි සංයමයක් නැතිවත් යමෙක් පරිවාර සම්පත් ඇත්තේ වී නම් එබඳු ඉසුරුමත් පුරුෂ තෙමේ මහ පිරිස පිරිවරා අධිකරණයෙහි හිඳ අනුනට මෙලොවින් පරලොවින් වැඩක් වන කාරණයක් වත් අවැඩක් වන කාරණයක් වත් කියන්නේ වී නම් තේජස් වී හෙයින් සභා මධ්‍යයෙහි ඔහුගේ බස ම නැගෙන්නේය. ඉසුරුමත් තැනැත්තේ හිමියන් නොහිමි කිරීම ආදී වූ අවැඩට සුදුසු බසකුදු කියන්නේ වී නම් සභාවට ඇදහිය යුතු බව ශ්‍රී කාන්තා මැ කරන්නීය. ප්‍රඥා තොමෝ එසේ කොට ලිය නොහෙන්නී ය. මේ කාරණයද දැන මම නුවණැත්තෝ යටත්හු මය, ශ්‍රීමත් ඇත්තෝ මැ උතුමැ'යි කියමි"යි කීහ.
නැවත රජ්ජුරුවන් විසින් “කිමෙක්ද පුත මහෞෂධ පණ්ඩිතයෙනි” කී කල්හි මහෞෂධ පණ්ඩිතයන් වහන්සේ, "මේ කෙළතොලු සේනකයා කුමක් දනීදැ"යි වදාරා ගාථාවකින් කාරණයක් වදාරන සේක් "මඳ නුවණැනි බාල තෙමේ අනුන් නිසා වත් තමා නිසාවත් බොරු බෙණෙයි නම් හේ සභා මැද නින්දාත් ලබයි, පරලොව අපායාගාමීද වෙයි. මේ කරුණත් බලා නුවණැත්තේ උතුම, නුවණ නැති ඉසුරුමත් තැනැත්තේ උතුම් නොවෙයි මම කියමි"යි කීහ.
ඉක්බිත්තෙන් සේනක පණ්ඩිතයෝ ගාථාවකින් කාරණයක් දක්වන්නාහු "වී නැළියක් සාල් නැළියක් වෙල්හැල් නැළියක් පමණවත් නැති අකක් මස්සක් වස්තුවක්, නැති එසේ හෙයින් එවේලෙන් වේලාවට දුක සේ ජීවත්වන්නාවූ පොළොව සමාන වූ "නුවණැත්තේ සභා මධ්‍යයේ හිඳ ඉදින් කාරණයකුදු කියා නම් ඔහුගේ වචනය සභාවට නොනැඟෙන්නේය. යමෙක් නුවණැති වත් ඉසුරු මත් නොවේ නම් ශ්‍රී කාන්තා ඔහු භජනය නොකරන්නීය. යමෙක් නුවණ නැති වත් ඉසුරුමත් වී නම් ශ්‍රී ඔහු සෙවුනීය. එසේ හෙයින් ඉසුරුමත් තැනැත්තහු සම්මුඛයේ නුවණැත්තේ කදෝපැණියකු මෙන් වැටහෙන්නේය. මේ කාරණයද දැක මම ප්‍රඥාවත් තැනැත්තේ හීනය. ඉසුරු මත් තැනැත්තේ වර්ධන යැ'යි කියමි" කීහ.
නැවත රජ්ජුරුවන් "කිමෙක්ද පුත මහෞෂධ පණ්ඩිතයෙනි"යි කී කල්හි පණ්ඩිතයන් වහන්සේ: "සේනකයා කුමක්දනීද? මේ ලොව විඳ ගන්නා යසස බලයි, පරලොව අපාය දුක් නො බලයි" කියා ගාථාවකින් කාරණයක් දක්වන සේක්. "උදාර වූ නුවණැත්තේ අනුන්ගේ බිඳීම පිණිස වේ වයි බොරුවක් නොකියන්නේය: සබවස රකින්නාවූ හේ තෙමේ මහ පිරිස් මැද බොහෝ දෙනා විසින් "කී නියා යහපතැ"යි පිදිය යුතු වන්නේය. පරලොවෙහි දු "සුභාෂිත කාරණයෙන් සුගතියට ම යන්නේය. මේ කාරණා ද දැක මම නුවණැත්තෝ ම උතුමැ. නුවණ නැති ඉසුරුමත් තැනැත්තෝ උතුම් නොවෙති කියමි" වදාළ සේක.
නැවත "කෙසේදැ"යි විචාළ රජ්ජුරුවනට සේනකයෝ ගාථාවකින් උත්තරයක් කියන්නෝ "මහරජ ඇසුව මැනැව. ඇතුන් අසුන් ගව මහිෂාදී වස්තු හා මුතු මැණික් ආදී වූ රුවන්ද මැණික් මය කුණ්ඩලාභරණ හා කනක කටක නූපුර යනාදී ආභරණයෝද ඉසුරු කුලයෙහි උපන්නා වූ දෙවඟනන් හා සමාන වරඟනෝද අවශේෂ පරිවාර ජනයෝද යන සියල්ලෝ ම පොහොසත් තැනැත්තවුට උපභෝග පරිභෝග පිණිස වන්නාහ. නුවණ ඇතත් දුක්පත් තැනැත්තවුට එසේ වන්නාහු නොවෙති. මේ කාරණයෙනුත් සම්පත් ඇත්තෝ උතුම් වෙති කියමි" කීහ.
ඉක්බිත්තෙන් පණ්ඩිතයන් වහන්සේ වදාරන සේක් "මේ නුවණ නැති සේනකයා කුමක්දනීද?"යි එක් කාරණයෙක් ගෙනහැර දක්වන්නෝ ගාථාවකින් "නොසලකා කරන ලද මෙලොවින් පරලොවින් අනර්ථ දායක වූ කටයුතු ද ඇති අඥාන වූ තෙපුල් ඇති මඳ නුවණැත්තහුද දිරාගිය සැවයක් නිරපේක්ෂා කොටහැර පියා යන සර්පයකු මෙන් ශ්‍රී තොමෝ හරිනීය. තව ද ඊට කාරණා කිමෙක්ද යත හොත්: ප්‍රථම කල්පයෙහි අකුසල් නම් කළු බව සුදු බව නොදන්නා මිනිසුනට ආයු බොහෝ සමයෙහි දඹදිව චේතිය නම් රජ කෙනෙක් ඇති වූහ. උන්ගේ ශරීරයෙන් සඳුන් සුවඳ හමන්නේය. මුඛයෙන් මහනෙල් මල් සුවඳ හමන්නේය. ආකාශයෙහි පළක් බැඳගෙන හිඳිනට සමර්ථ වූ සෘද්ධි ඇත්තාහ. කාමාවචර දෙවියෝ සතර දෙනෙක් රෑ දාවල් ආරක්ෂා ඇති ව රැකවල් ගෙන සිටිනාහ. අනන්ත ඇතුන් අසුන් ආදි වූ සිවුරඟ සෙනඟින් යුක්ත ව දස දහසක් යොදුන් දඹදිව අගරජ කරන්නාහ. එසේ වූ ඒ චේතිය රජ්ජුරුවන් කී බොරුවෙන් ශරීරයෙන් නික්මෙන චන්දන ගන්ධයද මුඛයෙන් නික්මෙන උත්ඵල ගන්ධයද නැති ව දුර්ගන්ධ හමන්නට වන, සතර දිග රැකවල් ගෙන සිටි දෙවියෝද ඔහු හැර පියා නැඟී ගියාහ, ආකාශයෙහි පළක් බැඳ සිටිනට සමර්ථ සෘද්ධි නැති ව බිමටම බටුයේය. කීවා වූ මෘෂාවාද කරණකොට ගෙන ජීවමාන ශරීරයෙන් ම පොළොව විවර ව අවීචියෙන් ගිණිදැල් අවුත් රත් පලසක් බඳු ව වලඳිනා ලද්දේ නරකයෙහි උපන, සතර දිග දෙවියන් රැකවල් ගත් එබඳු ඔහුගේ සැපත පවා නුවණ නැති ව අපායට යන කල පිටිවහල් නොවී මුහුදු එතෙරට මෙතෙර සේද ආකාශයට පොළොව සේද නො ළඟ වීය. එසේ හෙයින් මේ කාරණයද දැක මම නුවණැත්තෝ උතුමැ, නුවණ නැති තැනැත්තෝ උතුම් නොවෙති" කියමි වදාළ සේක.
ඉක්බිත්තෙන් රජ්ජුරුවන් "කිමෙක්ද සේනකයෙනි" කී කල්හි
"කිමෙක්ද දේවයන් වහන්ස, මේ බාලදරුවෝ කුමක් දනිද්ද? තවත් මා
කියන කාරණයක් ඇසුව මැනැව"යි පණ්ඩිතයන් වහන්සේ කර බාවමි
හෙවත් කියන උත්තරයක් ඇත් නම් නැති කෙරෙමි සිතා ගාථායෙකින්
කාරණයක් දක්වන්නාහු "දේවයන් වහන්ස නුවණින් තීරණය කටයුතු
වූ කාරණයෙක්හි සැක උපන් කල සේනකාදී පණ්ඩිතවරුන් කැඳවව’යි
අපහැම කැඳවා යැවූ ඔබ වහන්සේගේ සැකය දුරලන මෙසේ වූ
ප්‍රඥා සම්පන්න වූ අපි පණ්ඩිතවරු පස් දෙන ම දොහොත් මුඳුනෙහි
බැඳගෙන ඔබ වහන්සේට සම නොවමු ව, අප ඔබ වහන්සේද
දෙව් ලොව දෙවියන් පිරිවරා ඔවුන්ගේ ආනුභාව මැඬ පවත්නා
වූ සක්දෙව් රජු මෙන් කීර්ති හා තේජසින් පරිවාර සම්පත්තීන්
මැඬගෙන පවත්නා සේක. ඉඳින් නුවණැත්තාහු උතුම් වුවහොත් අප
අනුශාසක ව සිටි බැවින් ඔබ වහන්සේ අපට යටත් වුවමනා වේද?
එසේ ද නොවන හෙයින් මේ කාරණය දැක මම නුවණැත්තෝ උතුම්
නොවෙති. පරිවාර සම්පත් ඇති තැනැත්තෝ උතුමැ"යි කියමි කීහ.
සේනකයන් විසින් කියන ලද දැන් මේ වූ කාරණය ම අසා රජ්ජුරුවෝ "සේනකයන් විසින් ගෙනහැර දක්වන ලද්දා වූ මේ කාරණය ඉතා ම යහපත, ම පුතණුවෝ මහෞෂධ පණ්ඩිතයෝ මේ සේනකයාගේ වාදය බිඳ අනික් කාරණයක් ගෙනහැර දක්වන්නට පෝසත්හු දෝ හෝ'යි සිතා "මේ කිමෙක්ද පණ්ඩිතයෙනි"යි කීහ. සේනකයා තමන් විසින් මේ කාරණය ගෙනහැර දක්වන ලද කලදැන් වනාහි මහා බෝසතාණන් වහන්සේ විනා අනික් ඒ වාදය බිඳින්නට සමර්ථ කෙනෙක් මුළුදඹදිව නැත්තෝය. එසේ හෙයින් බෝධිසත්ත්වයන් වහන්සේ තමන් වහන්සේගේ විදුරක් හා සමාන අසාධාරණ වූ ප්‍රඥානුභාවයෙන් ඒ සේනක පණ්ඩිතයන්ගේ වාදය බිඳිනා සේක් "දේවයන් වහන්ස මේ නුවණ නැති සේනකයා කුමක්දනී ද? මේ ලොව විඳ ගන්නා යසස් බලයි, නුවණෙහි අරුම නොදන්නේය. නුවණෙහි අරුම ඇසුව මැනැව, දේවයන් වහන්සැ"යි කියා ගාථාවකින් කාරණා දක්වන සේක් නුවණ ඇත්තන් ම පසඳියයුතු වූ එබඳු කටයුත්තක් උපන් කල්හි 'නුවණ නැති ඉසුරු මත් තැනැත්තේ නුවණ ඇත්තාහු ගැත්තකු මෙන් පවත්නේය. නුවණැත්තේ ප්‍රඥාවෙන් කටයුතු වූ සියුම් වූ යුක්ති ආදි යම් ගැටමුසු කාරණයක් සැක හැර කියාද එබඳු කාරණයෙහි නුවණ නැත්තේ අවලෝකනය කොටගත නොහී ඒක්ෂණයෙහි කණ ගෙරි වල් වන්නා සේ මුළා බවට පැමිණෙන්නේය. මේ කාරණයද දැක නුවණැත්තෝ ම උතුම, නුවණ නැත්තෝ උතුම් නොවෙතියි" කීහ. මෙරගල් මුඳුනෙහි සත් රුවන් ගෙනහැර පා වගුරුවන්නක්හු මෙන්ද ආකාශයෙහි පුන්සඳ ඔසවා පාන්නක්හු මෙන්ද උත්තර ගෙනහැර දැක්වූ සේක. මෙසේ මහබෝසතාණන් වහන්සේ විසින් නුවණෙහි අරුම වදාළ කල්හි ඉක්බිත්තෙන් රජ්ජුරුවෝ සේනක පණ්ඩිතයනට "කිමෙක්ද සේනකයෙනි පෝසතු නම් උත්තරයක් කියව"යි කීහ.
සේනකයාත් කොටුවෙහි පටවා තිබූ වී කා නිමවා කොටු පත්ල අත ගා පියා රැකෙන මාන සිතන එකක්හු මෙන් උගත් උගත් තරම නිමවා පියා මත්තෙහි වැටහෙන උත්තරයක් නැත්තේ එසේ හෙයින් කර බාගෙන කොඳුර කොඳුරා සිතිවිල්ලේ හුන්නේය. ඉදින් ඒ සේනකයෝ අනික් උත්තරයක් ගෙනහැර කිවු නම් ගාථා දහසකින්වත් මේ උම්මග්ග ජාතකය නොනිමෙන්නේය. ඒ සේනකයන් කිය හෙන උත්තරයක් නැති කල්හි ගැඹුරු මහවතුරක් එක පැහැර නමන්නක්හු මෙන්ද ආකාශ ගංඟාව පොළෝ තලයට බහන්නක්හු මෙන්ද මහබෝසතාණන් වහන්සේ මත්තේ ප්‍රඥා වර්ණනා කරන සේක් ගාථාවකින් "ඒකාන්තයෙන් බුදු පසේබුදු මහරහතුන් ආදී වූ නුවණැත්තවුන් විසින් නුවණ උතුමැයි පසස්නා ලද, යම් හෙයකින් නුවණ නැති මිනිස්සු සම්පතෙහි ඇලුණාවූ නම් එහෙයින් ඔවුහු ශ්‍රී කාන්තාව උතුමැයි කියති. මේ ලොව පරලොව දන්නා නුවණින් වැඩි සිටියනට මේ යසස් නම් ගැරැවිල් කුණක් හා සමානය. ප්‍රඥාව අසදෘශ වූ ස්වරූප ඇත්තීය. එසේ හෙයින් මහා සාගරයට වෙරළ ඉක්ම ගත නොහෙන්නා සේ ශ්‍රී කාන්තා තොමෝ කිසි කලෙක ඥානවන්තයා ඉක්ම ගත නොහෙන්නීය, දේවයන් වහන්සැ"යි වදාළ සේක.
ඒ අසා රජ්ජුරුවෝ මහබෝසතාණන් වහන්සේගේ ප්‍රශ්න විසර්ජනයෙන් සතුටු ව "බුදු කෙනකුන් පරිද්දෙන් අපට විසඳා කිව. ඒ තොපගේ ප්‍රශ්න ව්‍යාකරණයෙහි සතුටු වූ මම ගෙරි දහසක්ද නැඟෙන්නට උතුම් හස්ත්‍යාලංකාරයෙන් සරහන ලද්දා චූ සුශික්ෂිත හස්ති රාජයෙක්ද අජානීය අසුන් යොදන ලද රථාලංකාරයෙන් සරහන ලද රථදහසක්ද, ධන ධාන්‍යයෙන් සමෘද්ධ වූ එකෙකි ගමින් හවුරැද්දකට ලක්ෂයක් බැගින් අය නිමන ගම් සොළසක්ද යන මෙකී වස්තූන් තොපට උපකාර කොට දෙමි" කියා සියල්ල දෙවූහ.
12. ජන්නපථ ප්රශ්නය
එතැන් පටන් කොට මහබෝසතාණන් වහන්සේගේ යසස කිරි මුහුදු රළ පරිද්දෙන් මහත් වූයේය. ඒ සියලුම සම්පත් බුනණියෝ උදුම්බරා දේවී ම විචාරත්. බෝසතාණන් වහන්සේ සොළොස් හැවිරිදි වූ කල "මාගේ මලණුවෝ වැඩි මාලුව ගත්හ. උන්ගේ යසසත් මහත. උනට සමාන කුලයකින් සරණ පාවා දෙන බව සුදුසුයැ"යි සිතූහ. මෙසේ සිතා එපවත් රජ්ජුරුවනට දැන් වූහ. රජ්ජුරුවෝ එ පවත් අසා සොම්නස් ව "යහපත සොඳුර එ පවත් උනට කියව"යි කීහ. දේවීත් මහබෝසතාණන් වහන්සේට එ පවත් දැන්වූය. එ පවත් පණ්ඩිතයන් වහන්සේ විසින් යහපතැ'යි ගිවිසි කල්හි, "එසේ වී නම් මලණ්ඩ සුදුසු තැනකින් කුමාරිකාවක් ගෙනෙමෝදැ"යි කීහ. මහබෝසතාණන් වහන්සේ "මුන් වහන්සේ විසින් ගෙන්වා පාවා දෙන ලද කුමාරිකාව කිසි සේත් මට අභිප්‍රාය නොවන්නේය. එහෙයින් මම ම පළමු කොට සුදුසු එකක පරික්ෂා කෙරෙමි"යි සිතා "දේවින් වහන්ස, කීප දවසක් රජ්ජුරුවන් වහන්සේට මා අසවල් කාරියට ගියහයි නොකිව මැනැව, එක් කුමාරිකාවක් පරීක්ෂා කොට මට අභිප්‍රාය එකක ලදිම් නම් නුඹ වහන්සේට දන්වා ලමි"යි කියා බිසවුන් විසින් "යහපත, මලණ්ඩ එලෙසක් කරව" යි කී කල්හි මහබෝසතාණන් වහන්සේ බිසවුන් වැඳ, තමන් වහන්සේගේ ගෙට ගොස් හිත මිත්‍රයනට එපවත් කියා එක්තරා වේශයකින් සන්නාලි උපකරණ ගෙනහුදකලාව ම උතුරු වාසල් දොරින් නික්ම උතුරු යවමැදුම් ගමට වැඩි සේක.
එසමයෙහි උතුරු යව මැදුම් ගම දුප්පත් ව සිටි පුරාතන සිටු කුලයෙක් විය. ඒ සිටු කුලයෙහි අමාරා දේවී නම් එක ම දුවණි කෙනෙක් බැලූවනට ප්‍රියකරු වූ රූ ඇත්තාහ: සියලු ස්ත්‍රී ලක්ෂණයෙන් සම්පන්නයහ. මහ පින් ඇත්තාහ, ගෑනු රුවට හොබවන ලද ඇඳි රූ කඩක් හා සමානයහ. ඒ අමරා දේවී තුමූ එදවස් උදෑසන ම හුළුකැන් පිසගෙන "පියාණන් සානා තැනට යෙමි" නික්ම මහබෝසතාණන් වහන්සේ වඩනා මඟට පිළිපන්හ. මහබෝසතාණන් වහන්සේ ඉදිරියට එන්නා වූ ඒ කුමාරිකාව දැක "ස්ත්‍රී ලක්ෂණයෙන් සමන්චිත ස්ත්‍රියක, ඉදින් ස්වාමීන් නැත්තී නම් මෝ තොමෝ මට බිරින්දෑට සුදුසුය"යි සිතූ සේක. ඒ අමරා දේවී බෝසතාණන් වහන්සේ දැක ලා "ඉදින් මෙබඳු පුරුෂයක්හුගේ ගෙයි වූයෙම් නම් කුටුම්බ සණ්ඨාපණය කරන්නට හෙවත් වස්තු, රැස් කරන්නට පිළිවනැ"යි සිතූහ. ඉක්බිත්තෙන් මහබෝසතාණන් වහන්සේ "මෑගේ සැමියන් ඇති නැති බව නොදනිමි. එපවත් හස්ත මුද්‍රාවෙන් විචාරමි. ඉදින් මෝ නුවණැන්නී වී නම් හස්ත මුද්‍රාවෙන් විචාළාදැන ගන්නීය'යි සිතා, දුරැ මැ සිට ඇඟිලි හකුළුවා මිට කළ සේක. ඒ අමරා දේවීත් මේ පුරුෂයා මාගෙන් සැමියන් ඇත්ත නැත්ත විචාරන්නේය'යි දැන අත්ල විදාලූහ. මහබෝසතාණන් වහන්සේ සරණ නුහුණු බවදැන සමීපයට ගොස් "සොඳුර, තෙපි කිනම්මු දැ"යි විචාළ සේක. "ස්වාමීනි ගියදවස වේවයි මතු දවස වේවයි, දැන් වේවයි සමස්ත ලෝකයෙහි යමෙක් නැත්නම් මම ඒ නම්මි" කීහ. "සොඳුර ලොව උපන් සතුන් ගෙන් නොමියන කෙනකුන් නැති හෙයින් 'අමර' නාමය නැත්තේය. තොපි ඒ නම්මුදැ"යි විචාළ සේක. "එසේය, ස්වාමීනි"යි කීය. "සොඳුර කවුරුනට කැඳ ගෙන යෙවුදැ"යි විචාළ සේක. "පූර්ව දේවතාවනටය"යි දී කීහ. "තොපගේ පියාණනට කැඳ ගෙන යෙවූ දැ"යි විචාළ සේක. "ස්වාමීනි, එසේය"යි කීහ. "තොපගේ පියාණෝ කුමක් කෙරෙද්ද?"යි විචාළ සේක. "එකක් දෙක කෙරෙති" කීහ. "එකක්හුගේ දෙක කිරීම නම් සීසෑමය. සී සාද්ද සොඳුරැ "යි වදාළ සේක. "ස්වාමීනි එසේය"යි කීහ. "තොපගේ පියාණෝ කො තැනක සාද්දැ"යි විචාළ සේක, "යම් තෙනකට එක වරක් ගිය කෙනෙක් නො එද්ද එතැනය"යි කීහ. "එක් විටෙක ගිය කෙනකුගේ පසුව නො එන තෙන සුසාන යැ, සොඳුර සෝනක් සමීපයෙහි සාද්දැ?"යි විචාළ සේක. "එසේය ස්වාමීනි"යි කීහ. "සොඳුර අද ම එවුදැ"යි විචාළ සේක. "ඉදින් ආව හොත් නොඑමි, නාවොත් එමි" කීහ. "සොඳුර තොපගේ පියාණෝ ගඟකින් එතරක සාති, එයට කාරණා කිමෙක්ද යත හොත් ගඟ දිය ආවොත් නොළඑව, දිය නො ආවොත් එව, එහෙයිනැ"යි වදාළ සේක. "එසේය ස්වාමීනි" කිව.
මෙසේ මෙ පමණක් පෙර පසු කතා කොට අමරා දෙවී තුමූ හුළුකැන් පුව මැනැව ස්වාමීනි, පැවරූහ. බෝසතාණන් වහන්සේ ආදියෙන් කී පෙරැත්ත නොඉවසීම අවමංගලය'යි සිතා "යහපත බොමි" වදාළ සේක. අමරා දේවී කැඳ සැළිය හිසින් බා තුබූහ. මහබෝසඝතාණන් වහන්සේ "ඉදින් මණ්ඩය නොදෙවැ අතට පැන් නොදී ම කැඳ අතට දිනි නම් මෙ තැන ම හැර පියා යෙමි"යි සිතූ සේක. ඒ අමරා දේවී වනාහී මණ්ඩයෙන් පැන් ඇරගෙන අවුත් අතට දී ලා සිස් මණ්ඩය අත නොතබා බිම තබා ලා සැළියේ කැඳ අළලා හුළුකැන් මණ්ඩය පුරා ලූහ. වැළිත් ඒ කැඳෙහි හුළු මඳ වූයේය. ඉක්බිති බෝසතාණන් වහන්සේ "කිමෙක්ද සොඳුර හුළුකැන් ඉතා ම බොල්වනැ"යි වදාළ සේක. "පැන් නොලද්දේයයි ස්වාමීනි"කීහ. "තොපගේ කුඹුර පූදිනා අග දිය නොලදැයි සිතමි" වදාළ සේක. අමරා දේවීත් "එසේය ස්වාමීනි" කීහ. පියාණනට හුළුකැන් තබා බෝසතාණන් වහන්සේට හුළුකැන් පෙවූහ.
උන් වහන්සේ හුළුකැන් අනුභව කොට අත කට සෝදා "සොඳුර, අප තොපගේ ගෙටයම්හ. අපට මග කියව"යි වදාළ සේක. අමරා දේවී "යහපතැ"යි කියා තමන්ගේ ගෙට මඟ කියන්නාහු: "මේ මඟ හොස්සේ ගොස් ඇතුළු ගමට වන් කලැ යම් තෙනක අස්සණු තබා විකුණන සල්පිලද, ඉන් ඔබ්බට ගිය කල කැඳ තබාගෙන විකුණන සල්පිල්ද, ඉන් ඔබ්බට ගිය කල පිපී සිටි කොබලීල ගසෙක් ඇත්තේය. ඒ ගස මුලට ගිය කලයම් අතකින් අනුභව කෙරෙද්ද ඒ අත මඟ යන්නට කියමි. යම් අතකින් නොකද්ද, ඒ අත යන්නට නොකියමි. හෙවත් දකුණත මඟ වැඩිය මැනැව, ඒ මඟය, හෙවත් යව මැදුම් ගම අපගේ දෙමවුපියන් ගේ ගෙට මඟය, මා සඟවා කී මඟ දැන වදාළ මැනැව"යි කීහ. මෙසේ අමරා දේවී බෝධිසත්ත්වයන් වහන්සේට මඟ කියාලා පියාණනට හුළුකැන් ඇරගෙන නැඟී ගියහ.
13. ස්ත්‍රී ප්රශ්නය
මහබෝසතාණන් වහන්සේ අමරා දේවීන් කී මඟින් උන්ගේ ගෙට වැඩි සේක. ඉක්බිත්තෙන් අමරා දේවීන්ගේ මෑණියෝ පණ්ඩිතයන් වහන්සේ දැක හිඳිනට අස්නක් දීලා "පුතණ්ඩ, බොන පරිද්දෙන් හුළුකැන් අත වඩාලම්දැ"යි කීහ. "මෑණියන් වහන්ස අපගේ නැඟණියෝ අමරා දේවී කැඳිත්තක් පෙවූහ" යි වදාළ සේක. දේවීන්ගේ මෑණියෝ "මාගේ දියණියන් නිසා ආ කෙනෙක් වනැ" යි සිතූහ. මහබෝසතාණන් වහන්සේ උන් දුක්පත් නියාව දන්නාහු "මෑණියන් වහන්ස, මම සන්නාලියෙකිමි. ගෙත්තම් කටයුතු වූ කිසිවක් ඇද්දැ"යි විචාළහ, "පුතණ්ඩ විද්දයුතු කොට්ට මාලු ආදිය ඇත. ඒ විද්ද ගෙන දී ලන්නට සුදුසු මිලයෙක් නැතැ"යි කීහ. "මෑණියන් වහන්ස, මිලයෙන් කාරියෙක් නැති. ගෙනෙව විද දී ලමි"යි වදාළ සේක. අමරා දේවීන්ගේ මෑණියෝ කඩ රෙදි හැර ගෙන ගෙත්තම් කරන පරිද්දෙන් දුන්හ. මහබෝසතාණන් වහන්සේ "ගම ඇත්තන් ගෙන ගෙනා රෙදි හා වුවමනා වුවමනා දෙයද නිම වූ සේක් මය, පිනැත්තන් කරන දෙය සිතූ ලෙසට සමෘද්ධ වන්නේ යැ.
ඉක්බිත්තෙන් බෝධිසත්ත්වයන් වහන්සේ අමරා දේවීන්ගේ
මෑණියනට "මැණියෙනි වීථියක් පාසා හඬගා පිව මැනැව"යි වදාළ
සේක. අමරා දේවීන්ගේ මෑණියෝ ගම මුළුල්ලේ ම හඬ ගෑහ.
මහබෝසතාණන් වහන්සේ ගම ඇත්තන් ගෙන ගෙනා කඩින්
සන්නාලි මේවර කොට එක දවසින් ම මසු දහසක් ලත් සේක. අමරා
දේවීන්ගේ මෑණියෝද බෝධිසත්ත්වයන් වහන්සේට දාවල් බත් පිස
කවා "පුතණ්ඩ රෑට සාල් කෙතෙක් ගරම්දැ"යි විචාළහ. "මෑණියන්
වහන්ස, මේ ගෙයි යම් පමණක් කත් නම් එ පමණක් ම බත් පිසුව
මැනැව"යි වදාළ සේක. අමරා දේවීන්ගේ මෑණියෝත් බොහෝ වූ රස
මසවුළෙන් යුක්ත කොට බත් පිසූහ. අමරු දේවී හිසින් දර මිටියක්
හා හිණින් පලාහිණක් ඇරගෙන වලින් අවුත් ඉදිරියේ දොර දර මිටිය
හෙළා පෑළ දොරින් ගෙට වන්නු ය. උන්ගේ පියාණෝ වනාහී ඇඳිරි
ගැසී ගිය කල ගෙට ආහ. බෝධිසත්ත්වයන් වහන්සේට අනේක
ප්‍රකාර අනැගි රසයෙන් යුක්ත වූ ආහාර අනුභව කර වූහ. අමරා
දේවී මවුපිය දෙදෙනා බත් කවා පසු ව තුමුත් කා මවුපිය දෙදෙනා
පය සෝදවා තෙල් ගල්වා මහබෝසතාණන් වහන්සේ පය සෝදවා
තෙල් ගැල්වූහ. පණ්ඩිතයන් වහන්සේ අමරා දේවීන් විමසන සේක්
කීපදවසක් ම එහි විසූ සේකැ.
ඉක්බිත්තෙන් එක්දවසක් උන් විමසන සේක් "සොඳුර අමරා
දේවීනි, සාල් මනාවක් පමණ ඇරගෙන ඉන් මට කැඳත් බතුත් අවුළුත්
පිසව"යි වදාළ සේක. අමරා දේවීත් "එක සාල් මනාවෙන් මෙ තෙක් දෑ
කෙසේ පිසම්දැ"යි නොකියා "යහපතැ"යි වදාළ බස ගිවිස, ඒ සාල්
මනාව පැස මුල් සාලින් බත්ද කඩසාලින් කැඳද සුන් සාලින් කැවුම්ද
පිස, ඊට සුදුසු අවුළුත් පිස මහබෝසතාණන් වහන්සේට අවුළු සහිත
කැඳ දුන්හ. කැඳ කබලක් මුඛයට ගත් පමණෙකින් ම සියලු රස නහර
වැල් පිනා සිට ගත්තේය. පණ්ඩිතයන් වහන්සේ උන් විමසන පිණිස
"සොඳුර, තොප පිසමන් නොදන්නා කල කුමක් පිණිස මාගේ සාල්
නසාපූදැ'යි කියා කෙළ හා සමඟ මුඛයට ගත් කැඳ කබල කාරා
බිමට දමා පී සේක. අමරා දේවීත් නොකිපීම "කැඳ යහපත් නොවී
නම් කැවුම් කැව මැනැව ස්වාමිනි"යි කියා කැවුම් අතට දුන්හ.
කැවුම් මුඛයෙහි තුබූ පමණකින් ම රස නහර වැල් පිනා ගියේය.
එයිත් එසේ කාරා දමා පී සේක. ඊටත් නොකිපීම "එසේ වී නම් බත් අනුභව
කරව"යි කියා බත් අත තිබූහ. එයින් ආලෝපයක් මුඛයෙහි තබන්නා ම
සියලු රස නහර වැල් පිනා ගියේය. බෝධිසත්ත්වයන් වහන්සේ
"තොප පිසමන් නොදන්නා කල මා දුක සේ සොයා ගත් දෙය කුමට
නැසූදැ"යි කිපි කෙනකු මෙන් තුන් වගය ම එක් කොට අඹරා පියා
අමරා දේවීන් ඉස පටන් ඇඟ මුළුල්ලෙහි ගල්වා දොර හව්වෙහි
ඉන්නට වදාළ සේක. අමරා දේවීත් ඊට මඳකුත් නොකිපී "යහපත
ස්වාමීනි"යි දොර හව්වෙහි හුන්නාහ. මහබෝසතාණන් වහන්සේ
අමරා දේවීන් මන් නැති බව දැන "සොඳුර, මෙසේ එව"යි වදාළ
සේක. ඔයිත් දෙවිටක් නොකැඳවන තුරු එක බසින් ම සමීපයට
අවුය. මහබෝසතාණන් වහන්සේ නුවරින් එන සේක් ම මසු දහසක්
හා එක් සීන් කඩක් බුලත් පයියෙහි ලා වැඩි සේක. උන වහන්සේ
ඒ කඩ මෑත් කොට අමරා දේවීන් අත තබා "සොඳුර තොපගේ
යෙහෙළියන් සමඟ ගොසින් නා පියා මේ කඩ ඇඳගෙන එව"යි
වදාළ සේක. ඔයිත් වදාළ ලෙසැ මැ කළ හ.
පණ්ඩිතයන් වහන්සේ සන්නාලිකමින් උපයා ගත් මසුරන්ද
නුවර සිට ගෙනා මසුරන්ද යන මේ සියල්ල අමරා දේවීන්ගේ මවුපිය
දෙදෙනාට දී ලා දෙමහල්ලනට "නුඹ වහන්සේ රක්ෂාවට නොසිතුව
මැනැව"යි අස්වසා අමරා දේවීන් හැරගෙන නුවරට ගොස්. තවත්
විමසන පිණිස දොරටුපාලයාගේ ගෙයි ඉඳුවා දොරටු පාලයාගේ
අඹුවට සරූප කියාලා තමන් වහන්සේ ගෙට ගොස් පිරිමින් දෙදෙනකු
කැඳවා "අසවල් ගෙයි ගෑනියකු රඳවා ආමි. මසුදහසක් ඇරගෙන
ගොස් ඈ විමසව"යි මසුදහස දී යැවූ සේක. උයිත් බෝධිසත්ත්වයන්
වදාළ ලෙස ම ගොස් අමරා දේවීන්ට මසු දහස දික් කොට විචාළහ.
අමරා දේවී මේ මසුදහස මාගේ "සමුණන්ගේ පා පිසුන් නො අගනේ" යයි
කියා උන් කී බස් නොගිවිස්සාහ. ඒ පුරුෂයෝ ගොස් පණ්ඩිතයන්
වහන්සේට දැන්වූහ. ඉක්බිත්තෙන් බෝධිසත්ත්වයන් වහන්සේ ඒ
පුරුෂයන් නැවත තුන් වර දක්වා යවා නොගිවිස්නා හෙයින් සතර
වන වාරයෙහි "එසේ වී නම් ඈ අත අල්වා ඇදගෙන එව"යි වදාළ
සේක. ඒ පුරුෂයෝ ගොස් නොකැමැති පරිද්දෙන් ඇදගෙන ගියහ.
අමරා දේවී මහබෝසතාණන් වහන්සේ සැපතෙහි සිටිය හෙයින් හැඳිනගත නොහී මූණ බලා සිනාසුණහ. හඬාත් පීහ. පණ්ඩිතයන් වහන්සේ අමරා දේවී සිනාසුණු කාරණයත් හැඬූ කාරණයත් විචාළ සේක. ඉක්බිති බෝධිසත්ත්වයන් වහන්සේට අමරා දේවී "ස්වාමීනි නුඹ වහන්සේගේ මූණ බලා සිනා සෙන්නෙම් ඔබ වහන්සේගේ දිව්‍ය සැපතක් හා සමාන වූ සැපත් බලා මේ සම්පත් නොකාරණයෙනුත් ලත් දෙයක් නොවෙයි. පූර්ව ජාතියෙහි පින්කම් කොට ලබන ලද කුශල කර්මයාගේ විපාකය නොසිතිය හැකි නිසායයි සිතා සමාධීන් සිනා සිණිමි. හඬන්නෙම් වනාහි දැන්ම බත්පත ලැබෙයි කියා අනුන් විසින් රක්ෂිත ගොපිතව සිටි ස්ත්‍රීන් කරා එළඹ හෙවත් පරදාර කර්ම කොට නරකයට යන්නාහයි සිතා ඔබ වහන්සේ කෙරෙහි දයාවෙන් හැඬීමි" කීහ. බෝධිසත්ත්වයන් වහන්සේ උන් පරීක්ෂා කොට පිරිසිදු අදහස් ඇති බව දැන "යව මුන් මෙසේ මා නොගිවිස්නෙන් උන් ගෙනා තෙන ම ලා පියව"යි කියා අමරා දේවීන් යවා නැවත තමන් වහන්සේ සන්නාලි වෙස් ගෙන එදා රෑ උන් දෑගේ ළඟට ගොස් සැතපී, දෙවන දවස් උදෑසනක් සේ රජගෙට ගොස් උදුම්බරා දේවීයනට සුදුසු කුමාරිකාවක ගෙනා බව වදාළ සේක. බිසවු රජ්ජුරුවනට එපවත් කියා අමරා දේවීන් පාමුදු පාඩගම් පාසළඹ පාදජාලා ශිරෝ ජාලා කර්ණාභරණ ග්‍රීවාලංකාර කෛපෝට්ටු සිරිකන් ආදී වූ සියලු ස්ත්‍රී ආභරණයෙන් සරහා මහත් හිඳෝලුවෙකැ හිඳුවා ලා ඉක්බිති රජ්ජුරුවන්ගේ විධානයෙන් ඒ සා මහත් සත් යොදුන් මියුලු නුවර නොයෙක් පරිද්දෙන් සරහා රන් ධජ නඟා විසිතුරු කොට සරහා නිමවන ලද උතුම් වූ මංගල රථයෙක්හි වඩා රථයෙහි දේවීන් උන් හොත් කැළි බවත් එළැලි බවත් මිටි බවත් රූ ඇති බවත් නැති බවත් නුවර වාසීනට නොපෙනෙන්නේ වේදැ'යි සිතා දේවීන්ගේ රූප විලාසය නුවරවාසී සියල්ලන් ම සුව සේ දක්නා පරිද්දෙන් රථයෙහි සිටුවා දේවතාවන් හා සමඟ වීථියෙහි නමා ගත් තරුණ දිව්‍ය ස්ත්‍රියක පරිද්දෙන් මහ පෙරහරින් මහබෝසතාණන්ගේ ගෙට ගෙන වුත් සරණ පවා දී මඟුල් කළහ.
රජ්ජුරුවෝ බෝධිසත්ත්වයන් වහන්සේගේ සරණ මඟුලෙහි එකි එකී වස්තුවෙන් දහසක් මිල වටනා පඬුරු යැවූහ. රජ්ජුරුවෝ ආදි කොට වාසල් බලන්නවුන් ඇතුළු ව ගොපල්ලන් දක්වාත් මියලු නුවරවාසින්ගෙන් පඬුරෙක් නොගෙන ගිය එකද සත්ත්වයෙක් නැති. අමරා දේවීද රජ්ජුරුවන් යැවූ පඬුරු සම සේ දෙකක් කොට බෙදා එක් බාගයක් ගෙට ගෙන අනික් භාගය නැවත රජ්ජුරුවන්ට යැවූදෑය. මෙම ක්‍රමයෙන් උදුම්බරා දේවීන් ඇතුළු වූ නුවරවාසීන් විසින් එවන ලද සියලු පඬුරු සරියේ දෙකක් කොට බෙදා බාගයක් ගෙන නැවත බාගයක් උන් උනට යවා ඒසා මියුලු නුවරවාසීන් හැම දෙන ම එක දවසින් එක ඇසිල්ලෙන් ම සිත් ගත්හ. එවක් පටන් තුන් ලොවට ඇසක් වැනි මාගේ බෝධිසත්ත්වයන් වහන්සේ අමරා දේවීන් හා සමඟි වාසයෙන් වාසය කරන සේක්, රජ්ජුරුවනට අර්ථයෙන් හා ධර්මයෙන් අනුශාසනා කළ සේකැ.
14. මහෞෂධයන් පලා යෑම
ඉක්බිති එක්දවසක් සේනක පණ්ඩිතයෝ පුක්කුසාදි අනෙක් තුන් දෙනා තමන් සමීපයට ආවුන් බණවා "පින්වත්නි අපි ගොවියා පුතු මහෞෂධ පණ්ඩිතයාට නොසෑහෙම්හ. දැන් වනාහි ගොවියා පුතු විසින් තමන්ට වඩා වියත් අඹුවක් ගෙනෙන ලද, කිසිවක් කියා රජ්ජුරුවන් කෙරේ ඌ බිඳුවා පුව මැනැව"යි කීහ. "ආචාරින් වහන්ස, අපි කුමක් කරමෝද නුඹ වහන්සේ ම ඊට සුදුසු කාරණා සිතුව මැනැව"යි කීහ. "වන්නාට තොපි නොසිතව, උපායෙක් ඇත, මම රජ්ජුරුවන්ගේ චූඩා මාණික්‍යය සොරා ගෙනෙමි. පුක්කුසයෙනි, තෙපි රන් මාලාව ගෙනෙව, කාවින්දයෙනි, තෙපි රජ්ජුරුවන් පොරෝනා පලස ගෙනෙව, දේවින්දයෙනි, තෙපි රන් මිරිවැඩි සඟළ ගෙනෙව"යි කීහ. මෙසේ ඔහු සතර දෙන ම වඤ්චාවෙන් යට කී වස්තු සතර රජගෙන් පිටත් කොට ගත්හ.
ඉක්බිත්තෙන් බොහෝ දෙනා නොදන්වා ගොවියා පුතු ගෙට යවම්හ'යි කියා, සේනකයෝ පළමු කොට තමන් ගත් මැණික මොර කළයක බහා ලා කෙල්ලක අත තබා "මොර කළය අනික් කෙනකුනට ගනිතොත් නොදී, මහෞෂධ පණ්ඩිතයන්ගේ ගෙයි ඉදින් ගනිත් නම් මිල නොගෙන කළයෙන් ම දීපියා එව"යි කියාලා යැවූහ. ඒ කෙලි පණ්ඩිතයන් වහන්සේ ගේ ගෙදොරට ගොස් "මොර ගනුව"යි කිය කියා දුරටත් නොගොස් ඊම දැවටෙන්නීය. අමරා දේවී දොර සිටි තැනැත්තෝ ඒ කෙල්ලගේ ක්‍රියාව දැක "මෝ අනික් තැනකට නොගොස් මෙතැන දැවටෙන්නීය. එක් කාරණයක් වුව මැනැවැ"යි සිතා තමන් ගෙයි කෙල්ලනට ඉඟි කොට ඔබ්බට යවා තුමූ ම "අම්ම මෙසේ එව මෝරු ගනුම්හ"යි ඒ කෙල්ල බණවා ඈ තමන් සමීපයට ආ කල්හි තමන්ගේ කෙල්ලන් අඬ ගා ආදීම කියා ලූ හෙයින් නොඇසුවා සේ තමන් සමීපයට නොඑන්නා, "යව අපගේ කෙල්ලන් මෙතැනට බණවා ලව"යි ඈම යවා කළයෙහි අත ලා ඇතුළෙහි තුබූ මැණික දැක ළඟට ආ කෙල්ලට "මෑණියෙනි තෙපි කවුරුන් සමීපයෙහි සිට අවුදැ"යි විචාරා "සේනක පණ්ඩිතයන් වහන්සේගේ කෙල්ලක්මි"යි කී කල්හි ඉක්බිති ඇගේද මවගේද නම් විචාරා "එසේ වී නම් මොර දෙව"යි කියා "අම්ම නුඹ දෑ මොර ගන්නා කල මට මිලයෙන් කාරිය කිම්ද කළයෙන් ම ගත මැනැව"යි කී කල්හි එසේ වී නම් යව'යි කියා ඈ යවා "අසවල් මස අසවල් දවස සේනකාචාරීහු තුමූ තමන්ගේ අසවල් කෙල්ල, දුව, අසවල් තැනැත්තිය අත රජ්ජුරුවන්ගේ චූඩාමාණික්‍යය පණයම් පිණිස එවූහ'යි පතෙකැ ලියා ගත්හ.
පුක්කුස පණ්ඩිතයෝ රන් මාලාව සමන් මල් කරඬුවෙක ලාලා සේනක ආචාරීන් යැවූ ලෙස ම යැවූහ. කාවින්ද පණ්ඩිතයෝ පලස පලා පැසෙක ලාලා යැවූහ. දේවින්ද පණ්ඩිතයෝ රන් මිරිවැඩි සඟළ පිදුරු කැරැල්ලක් ඇතුළේ බැඳ යවූහ. අමරාදේවී උන්හැම දෙනා යවූ දෙය හැරගෙන පතෙක වක දවස හා ගියවුන්ගේ නම් ලියා 'මහබෝසතාණන් වහන්සේට සරුප කියාලා තබා ලූහ. ඒ සේනකාදී සතර දෙන ම වස්තු සතර උපායෙන් බෝසතාණන්ගේ ගෙටයවා රජගෙට ගොස් "කිමෙක්ද දේවයන් වහන්සෑ ඔබ වහන්සේගේ ආභරණය වූ චූඩා මාණික්‍යය නොපළඳනා සේක්දැ"යි විචාළහ. "පළඳිමි ගෙනෙව"යි කීහ. මැණික භාණ්ඩාගාරයේ සොයා නුදුටුහ. සෙස්සත් එසේ ම විය.
ඉක්බිත්තෙන් සේනකාදී සතර දෙන ම "දේවයන් වහන්ස,
ඔබ ආභරණ මහෞෂධ පණ්ඩිතයන්ගේ ගෙහිය. තුමූ එකී වස්තු
පළඳින්නාහ. දේවයන් වහන්ස, ගොවියා පුත් නුඹ වහන්සේට
සතුරුය”යි රජ්ජුරුවන් කෙරේ බෝසතාණන් බිඳ වූහ. ඉක්බිත්තෙන්
එපවත් බෝසතාණන් වහන්සේට වැඩ පසස්නා මිනිස්සු ගොස් කීහ.
පණ්ඩිතයන් වහන්සේ "රජ්ජුරුවන් දැක ඒ ස්වරූප දනිමි"යි රාජ
සේවයට වැඩි සේක. රජ්ජුරුවෝත් සේනකාදි දුර්ජනයන්ගේ බස් අසා
මහා බෝසතාණන් වහන්සේට කිපී "නොදකිමි මෙහි අවුත් කුමක්
කෙරේදැ"යි තමන් දැක්ක නුදුන්හ. පණ්ඩිතයන් වහන්සේ රජ්ජුරුවන්
කිපි බව දැන "පලායන්නට සුදුසු කලැ"යි අමරා දේවීන්ට සලකුණු
දී අප්‍රසිද්ධ වේශයෙන් නුවරින් නික්ම දකුණු යවමැදුම් ගමට ගොස්
කුඹල් ගෙයක කුඹල්කම් කොට වසන සේක.
නුවර මුළුල්ලෙහිත් "මහෞෂධ පණ්ඩිතයෝ පලා ගියහ"යි ඒක කෝලාහල
ව ගියේය. සේනකාදී සතර දෙන ම පණ්ඩිතයන් වහන්සේ පලා ගිය බව දැන
කනස්සලු නොවන්නාහු "කිමෙක්ද අපිත් පණ්ඩිතවරු නොවමෝද?"යි
ඔවුනොවුන් නොදන්වා ම අමරා දේවියනට පත්යැවූහ.
අමරා දේවී සේනකාදී සතර දෙන ම යවූ පත් අතට ගෙන
"අසවල් වේලාවට එන්නේය"යි කියායවා වෙන වෙන ම උන් තමන්
තමනට අවධි කළ වේලාවට ආ කල්හි අල්ලාගෙන නොසැලෙන
අන්දමට බන්දවා ඉසකේ කප්පවා පරණ නාන ගෙයක හෙළවා
බොහෝ දුකට පමුණුවා පැදුරු මලු හා පැස් මාලුවල හොවා වසා
බන්දවා රජ්ජුරුවනට කියා යවා ඒ පණ්ඩිතවරුන් සතර දෙනා
හා සමඟ වස්තු සතරත් ගෙන්වා ගෙන ගොස් රජ්ජුරුවන් වැඳ
එකත්පස් ව සිට "දේවයන් වහන්ස, මහෞෂධ පණ්ඩිතයෝ සොර
නොවෙති. ඔබ වහන්සේගේ භාණ්ඩාගාර සොරකම් කළෝ මේ
සතර දෙනය, මුන් සතර දෙනාගෙන් සේනකයා මැණික් සොරාය.
පුක්කුසයා රන් මාල ගත් සොරාය, කාවින්දයා පලස් සොරාය,
දේවින්දයා රන් මිරිවැඩි සොරාය, අසවල් මස අසවල් දවස අසවල්
කෙල්ලගේ දුව අසවල් තැනැත්තිය අත මොහු සතර දෙන මෙකී
වස්තු මට පණයම් පිණිස එවූහ. මේ මා ලියා තුබූ පත් බලා වදාළ
මැනැව, ඔබ වහන්සේ සතු මෙකී වස්තු පාවා ගත මැනැව. දේවයන්
වහන්සැ"යි රජ්ජුරුවන් වැඳ ගෙට ගියහ. රජ්ජුරුවෝ බෝසතාණන්
නැඟී ගිය බැවින් උන් වහන්සේ කෙරේ සැකයෙන්ද අනික් මන්ත්‍රී
කෙනකුන් නැති බැවින් සේනකාදී පණ්ඩිතවරුන් සතර දෙනාට
කිසිවක් නොකියා "නා පියා තෙපි තොපගේ ගෙදර වලට යව"යි
කීහ.
15.ඛජ්ජෝපණ භූරි ප්රශ්නය
ඉක්බිති රජ්ජුරුවන්ගේ දළ පුඬු සේසත අධිගෘහිත දේවතා දූ "මහබෝසතාණන්ගේ කුරවීක නාදයක් හා සමාන වූ කටහඬ විහිදුවා වදාරන්නා වූ මිහිරි ධර්ම දේශනාවෙහි ශබ්ද නොඅසන්නී "කිමෙක් දෝ හෝ"යි පරීක්ෂා කොට ඒ කාරණය දැන පණ්ඩිතයන් ගෙන්වන උපායක් කෙරෙමි"යි මධ්‍යම රාත්‍රියෙහි දළ පුඬු සිදුරෙහි සිට අර්ධ ශරීරයක් දක්වා දේවතා ප්‍රශ්නයෙහි:-
භන්ති හත්ථේහි පාදෙහි - මුඛඤ්ච පරිසුම්භති; සවෙරාජා පියො හොති - කං තේන මභිපස්සසි
යනාදී ගාථා සතරකින් දක්වන ලද ප්‍රශ්න සතරක් රජ්ජුරුවන්ගෙන් විචාළීය.
රජ්ජුරුවෝ එහි අර්ථ නොදැන "සේනකාදී පණ්ඩිතවරුන් විචාරමි" එක් දවසකට අවසර ඉල්ලාගෙන දෙවන දවස් "පණ්ඩිතවරු සතර දෙන එත්"වයි කියා යවා පණ්ඩිතවරුන් විසින් "අපි මුඩු හිස් ඇරගෙන වීථියට බස්නට විළි ඇත්තම්හ"යි කී කල්හි පයි සතරක් විද්දවා යවා "තෙල ඉසලා ගෙන එන්නේය"යි කියා යවූහ. ඒ ඉස්පයි ඇති වූයේ එතැන් පටන් කොටල. පණ්ඩිතවරුන් පයි ඉස ලා අවුත් රජ්ජුරුවන් වැඳ පනවන ලද අසුන් මත්තෙහි හුන්හ. ඉක්බිති රජ්ජුරුවෝ "සේනකයෙනි, ඊයේ රෑ මධ්‍යම රාත්‍රී වේලෙහි දළ පුඬු සේසත වසන දෙව් දූ මා පැනයක් විචාළීය. මම එහි අර්ථ නොදන්නෙම් පණ්ඩිතවරුන් විචාරමි, ඒ පැනය මට කියව"යි කියා "භන්ති හත්ථේහි පාදෙහි"හි යනාදි පළමු ගාථාව කීහ. සේනකයෝ ගාථාව අසා "කිං භන්ති කිං භන්ති”යි කියා කටට ආ දෙයක් දොඩා කිසිවක් දැනගත නුහුණුවහ. සෙස්සෝත් කිසිවක් කියා ගත නොහී කරබා ගත්හ.
රජ්ජුරුවෝ දොම්නස් ව දෙවන දවස් රෑ දේවතා දූ විසින් පැන සතරෙහි අර්ථ දුටිදැ'යි විචාරණ ලද්දාහු "මා විසින් පණ්ඩිතවරුන් සතර දෙනා විචාරන ලදහ: උයිත් එහි අර්ථ නොදත්හ"යි කීහ. දේවතා දූ "මූ හැම දෙන ම කුමක් දනිද්ද? මහෞෂධ පණ්ඩිතයන් විනා අනික් මේ පැනය කියන්නට සමර්ථ කෙනෙක් නැත. ඉදින් මහෞෂධ පණ්ඩිතයන් ගෙන්වා මේ පැනය උන් ලවා නොකියවුහු නම් මේ දිලියෙන යකුලෙන් තොපගේ හිස සත් පළුවක් කොට බිඳ පියමි"යි රජ්ජුරුවන් භය ගන්වා "රජ්ජුරුවෙනි, ගින්නෙන් ප්‍රයෝජනයක් ඇති කල්හි කනමැඳිරියන් පිඹින්ටද, කිරෙන් ප්‍රයෝජනයක් ඇති කල්හි අඟ අල්වාගෙන දෝනටද සුදුසු නොවන්නේය" කියා ඛජ්ජෝපණ ප්‍රශ්නයෙහි මේ මතු කියන කාරණා කීහ.
"ගිනි නැති ව ගිනි සොයා ඇවිදිනා පුරුෂයෙක් දිළියෙන්නා වූ කදෝපැනියෙක්
ගිනි පුපුරකැයි සිතා ඒ කදෝපැනියා මත්තෙහි ගොම වැරටිහා තණ රොඩු පොඩි
පොඩි කොට ලාලා කනමැඳිරියා ගිනි පුපුරකැයියන විපරිත
සලකුණෙන් දෙදණ බිම ඇන ඇස් පිපිරයන තුරු පිඹත් ගිනිදල්වා ගත
නොහේද, යමෙක් කිරි දෝමියි ලොටතන තබා අඟ අල්ලාගෙන දවසක්
මුළුල්ලෙහි ඇදත් කිරි පිහිරකුත් දොවාගත නොහේද, එපරිද්දෙන් ම
නුවණ නැති හෙයින් තිරිසනුන් හා සමාන වූ තැනැත්තේ උපාය
වත් කමක් නැති හෙයින් තමනට අභිවෘද්ධියක් නොලබන්නේය. පස
මිතුරනට නිග්‍රහ කිරීමෙන්ද සත්ත්වයෝ නොයෙක් උපායෙන් වැඩට
පැමිණෙන්නාහ. සේනාවට නායක අමාත්‍යයන්ගේ ලැබීමෙන්ද වැඩ
පසස්නා මිත්‍රයන්ගේ උපදේශයෙන්ද රජ්ජුරුවෝත් රාජ්‍යයට පැමිණ
වාසය කරන්නාහ. තොපගේ නුවණැති අමාත්‍යයන් ගෙන් පලවාපියා
නොවසන්නාහ. ගිනි තබා කදෝපැනියන් පිඹින්නා සේද ලොට තන
තබා අඟ ගෙන කිරි දෝනා සේද, තරාදිය තබාලා අතින් කිරන
සේද, මේ නිසා ගැටුමුසු පැන මහෞෂධ පණ්ඩිතයන් නොවවිචාරා
සේනකාදී වූ පණ්ඩිතවරුන් විචාරන්නට ඒ කොල්ලෝ කුමක් දනිද්ද?
උන් ම කදෝපැනියන් හා සම වූය. ඉඳින් තොපගේ පණ රක්නා
කැමැත්තහු නම් ගල් මුඳුනෙක දිලිසෙන මහා ගිනිකඳ සේ නුවණින්
දිලියෙන්නා වූ මහෞෂධ පණ්ඩිතයන් ගෙන්වා විචාරා මට පැන
සතරෙහි අර්ථ කියා ලව, එසේ නොකෙළෙහි නම් තොපගේ ජීවිතය
නැතැ"යි රජ්ජුරුවන් භය ගන්වා සැඟ වී ගියාය.
භූරි ප්රශ්නය
ඉක්බිති රජ්ජුරුවෝ මරණ බියෙන් තැති ගෙන දෙවන දවස අමාත්‍යයන් සතර දෙනකු කැඳවාලා "දරුවෙනි, තෙපි සතර දෙන රථ සතරෙක නැඟී නුවර සතර වාසලින් නික්ම යම් තෙනෙකදී ම පුතණුවන් මහෞෂධ පණ්ඩිතයන් දුටු නම් එතැන දී ම උනට සත්කාර කොට වහා කැඳවාගෙන එව"යි කියායවූහ. උන් සතර දෙනා අතුරෙන් දකුණු වාසලින් නික්මුණු අමාත්‍යයා දකුණු යව මැදුම් ගම මහබෝසතාණන් වහන්සේ මැටි ඇරගෙන කුඹල් ආචාරිනට සක වටා මැටි වැකුණු ඇඟින් ම පිදුරු බිස්සෙක හිඳ මිටි මිටි කොට ගෙන යව සාලේ බත් අනුභව කරන්නවුන් දුටුයේය. කුමක් පිණිස ඒ බඳු දුකෙක් ගෙන කුඹල් කර්මාන්තය කළ සේක්දැයි යතහොත් "මහෞෂධ පණ්ඩිතයෝ, මහා නුවණැත්තෝය. නිසැකයෙන් ම රාජ්‍යය ගන්නාය"යි සැකයක් රජ්ජුරුවෝ කළෝ නම් කුඹල් කර්මාන්ත කොට ජීවත්වනු අසා සැක නොවන්නාහයි සිතා මේ කාරණය පිණිස මේ බඳු දුකක් ගත් සේක, මහබෝසතාණන් වහන්සේ රජ්ජුරුවන්ගේ අමාත්‍යයා දැක තමන් වහන්සේ කැඳවා ආ බැව් දැන "මාගේ සම්පත පෙර පරිද්දෙන් ම වන්නේය. අමරා දේවීන් විසින් ඉදිකරන ලද අනගි රසමසවුළෙන් යුක්ත වූ බත් ම අනුභව කෙරෙමි"යි සිතා, අතින් ගත් බත් පිඬ හෙළා නැඟී සිට, අත කට සෝදා පියා සිටි සේක. ඒ ඇසිල්ලෙහි ම අමාත්‍යයා ළඟට ගියේය. ඒ වැළිත් සේනක පණ්ඩිතයන් ලබ්ධි ගත් එකෙක, එහෙයින් මහබෝසතාණන් වහන්සේට "පණ්ඩිතයෙනි, ඉසුරුමත් තැනැත්තේ උතුමැ'යි යම් බසක් ආචාරී කිවූ නම් ඒ සේනක ආචාරී කී බස සැබෑව, තොපගේ යසස පිරිහුණු කල්හි එබඳු නුවණ තොපට පිටවහල් වන්නට නොපොහොසක් විය. දැන් මැටි වැකුණු ඇඟින් පිදුරු බිස්සෙක හිඳ මේ බඳු බතක් අනුභව කරව, ඉදින් තොපගේ වාදය සැබෑ වී නම් වයසින් පිරිහුණු තොපට තොපගේ නොපිරිහුණු වීර්යයත් ස්මෘති ශක්තියත් පිටි වහල් වුවමනා වේ දැ" යි කීහ.
ඉක්බිනි මහතාණන් වහන්සේ "නුවණ නැත්තව, මම මගේ
නුවණ බලයෙන් නැවන ඒ මාගේ පිරිහුණු සම්පත මුහුකුරුවන්නෙම
මේ සැඟවෙන මනා කාලය, මේ පිළියමට මනා කාලයයි කල්
නොකල් දැන රජ්ජුරුවන් කිපුණු කල සැඟ වී ඇවිද සතුටු කල්හි එළි
බැස පෙර පරිද්දෙන් විඳි සම්පතෙහි පිහිටන පිණිස කුඹල් කර්මාන්ත
කොට මෙ බඳු රස නැතියව සාලේ බත් අනුභව කරන්නෙම් වීර්ය
කරණයට කල් දැන, මාගේ නුවණින් පුරාතන සම්පතෙහි පිහිටා,
සැට යොදුන් රග්ගල් තලා මැදුනෙහි විග්රමණය කරන සිංහරාජයක්හු
මෙන් අසම්භීන ව හැසිරෙන්නෙම් දකුව"යි වදාළ සේක, නැවත
අමාත්‍යයා "රජ්ජුරුවන්ගේ සේසත වසන දෙව්දු රජ්ජුරුවන් පැන
සතරක් විචාළීය. රජ්ජුරුවෝ සේනකාදී පණ්ඩිතවරුන් සතර දෙනා
විචාළහ. එක් කෙනකුත් ඒ පැනය කියාගත නුහුණුවන. එසේ හෙයින්
රජ්ජුරුවෝ තොප සමීපයට එවූහ"යි කීහ. එසේ කල "නුවණෙහි බල
දුටුයෙහි වේද, එසේ විට ඉසුරු සැපත් පිටි වහල් නොවන්නේය"යි
මහතාණන් වහන්සේ නුවණෙහි ආනුභාව වර්ණනා කළ සේක.
අමාත්‍යයා "පණ්ඩිතයන් දුටුතැන දී ම නහවා පියා හන්දවා
ලා ගෙන එව"යි කියා රජ්ජුරුවන් දුන් පිළිසඟළත් මසුරන් දහසත්
මහබෝසතාණන් වහන්සේ අත තුබුයේය. කුඹලාණෝත් "මා මෙහෙ
ගත්තේ මහෞෂධ පණ්ඩිතයන් අතිනැ"යි සිතා බා ගියහ. පණ්ඩිතයන්
වහන්සේ "නොබව ආචාරිනී, තෙපි මට බොහෝ උපකාරී ව
සිටියහුය”යි අස්වසා කුඹලානට මසුදහස දී මැටි වැකුණු ඇඟින්
ම රථයෙහි හිඳ, සිත් සේ වනයෙහි ඇවිද වසන තෙනට ගමන් ගත්
හස්ති රාජයකු පරිද්දෙන් නුවරට වැඩි සේක. ඇමැතියා රජ්ජුරුවනට
බෝසතාණන් වහන්සේ වැඩි නියාව කීය. "පුත පණ්ඩිතයෝ තොප
විසින් කොයි දී දක්නා ලදහුදැ"යි කී කල්හි "දේවයන් වහන්ස, දකුණු
යව මැදුම් ගම කුඹල්කම් කොට ජීවත් වෙති. ඔබ වහන්සේ කැන්දා
එවූහයි අසමින් නොනා ම මැටි වැකුණු ඇඟින් අවුය"යි දැන්වීය.
රජ්ජුරුවෝ ඉදින් මට පසමිතුරු වූ නම් සම්පතෙහි පිහිටා සේනාව
ඇති කොට ගෙන ඇවිදිති, මූ මට සතුරු නොවෙති" සිතා මපුතණුවන්
තමන්ගේ ගෙට ගොස් ඉස් සෝදා නහා සර්වාලංකාරයෙන් සැරහී
මා දුන් පෙරහරින් දක්නට එන්නට කියව"යි කීහ.
ඒ බස් අසා පණ්ඩිතයන් වහන්සේ රජ්ජුරුවන් කී ලෙස ම
සැරහී සිවුරඟ පිරිවරා විජයොත් මහපායෙන් සූදම් දෙව් සභාවට
වඩනා සක්දෙව් රජාණන් පරිද්දෙන් අවුත් රජ්ජුරුවන් විසින්
"එන්නේය"යි කී කල්හි රජගෙට වැද රජ්ජුරුවන් වැඳ එකත්පස් ව සිටි
සේක. රජ්ජුරුවෝ බෝධිසත්ත්වයන් වහන්සේ හා සමඟ සුව දුක්
දොඩා පණ්ඩිතයන් වහන්සේ විමසන්නාහු "සමහර කෙනෙක් ඉසුරු
සම්පතෙහි පිහිටා සිට 'මෙතෙක් සැපත් අපට ඇතැ'යි සම්පත් නිසා
පණිවා ආදි පව් නොකරන්නාහ. සමහර කෙනෙක් 'තමනට සැපත්
අන්නට වැරැද්දෝය'යි අනුන් බණන පිණිස පව් නොකරන්නාහ.
සමහර කෙනෙක් කිසිවක් කරන්නට නොපොහොසත් හෙයින් පව්
නොකරන්නාහ. සමහර කෙනෙක් නුවණ නැති ව අමන්ත්රි හෙයින්
පව් නොකරන්නාහ. තෙපි බොහෝ වූ අර්ථ චින්තනයෙහි දක්ෂ ව
සිතුව හොත් දස දහසක් යොදුන් දඹදිව රජ්ජුරුවන් මරා රාජ්‍යය
ගන්නට පොහොසතු ව; කුමක් නිසා මට නොවැරැද්දූද? මරා පියා
රාජ්‍යය නොගතුදැ"යි කීහ.
එබස් අසා බෝසතාණන් වහන්සේ "නුවණැත්තෝ තමනට සුව පිණිස පව්කම්හි නොහැසිරෙන්නාහ. යසසින් පිරිහී කායික චෛතසික දුකින් පෙළෙන ලදුවත් එක් කෙනකුන් කෙරෙහි සෙනෙහසයෙන් වේවයි උරණින් වේවයි පැවත එන සුචරිත ධර්මය නොහරනාහ”යි වදාළ සේක. නැවතත් රජ්ජුරුවෝ බෝධිසත්ත්වයන් විමසන පිණිස රාජ මායමක් කියන්නෝ. "මොළොක් වූ හෝ දරුණු වූ හෝ යම්කිසි කාරණයකින් සත්ත්ව තෙමේ බැගෑවට පැමිණ සම්පත පිහිටා පසුව ආචාර ධර්මයෙහි හැසිරෙන්නේය"යි කීහ. ඉක්බිති බෝධිසත්ත්වයන් වහන්සේ එසේ කී රජ්ජුරුවනට ගසක් උපමා කොට දක්වන සේක්, "යම් ගසක් මුල සෙවණ සැතපී යමෙක් හුන්නේ වී නම් වේවයි වැද හොත්තේ හෝ සිටියේ හෝ වී නම් ඒ සැතපුණු ගස අත්තක් වේව'යි සත්පුරුෂ තැනැත්තේ නොබිඳිනේය. ඉඳින් බින්දේ වී නම් පවිටු මිත්‍ර ද්‍රෝහීය"යි වදාරා "දේවයන් වහන්ස, සැතපුණු රුක කොළ අත්තක් පමණ කඩා පී මාතක්රයෙකින් මිත්‍රද්‍රෝහී වන කල, මපියාණන් වහන්සේටද බොහෝ සැපත් දී මාත් මේ ඉසුරු සම්පතෙහි පිහිටුවා රකිමින් සිටි ඔබ වහන්සේ වරදනා මම කෙසේ නම් මිත්‍රද්‍රෝහී නොවෙම්දැ"යි සියලු සැටියේ ම තමන් වහන්සේ මිත්‍රද්‍රෝහී නොවන බව වදාරා රජ්ජුරුවන්ගේ සිත්හසරට යෝජනා කරන සේක් "යම් පුරුෂයක්හු සමීපයෙන් යමෙක් තෙමේ ස්වල්ප වූ කාරණයකුදු විචාරා දත්තේද යම් නුවණැති කෙනෙක් තුමූ යමක් හට සිත උපන් සැකයකුත් දුරු කෙරෙද්ද ඌ තුමූ සැක විචාරා ගත් තැනැත්තවුට පිහිට ව සිටීමෙන් පිළිසරණ වන්නාහ. සැක දුරු කිරීමෙන් ආචාර්ය තනතුරෙහි සිටි නුවණැත්තවුන් සත්පුරුෂ තෙනැත්තේ විශ්වාසය නොකරනේය"යි වදාරා දැන් රජ්ජුරුවනට අවවාද කරන සේක් "රජ්ජුරුවන් වහන්ස, පස්කම් සුව අනුභව කරන ගෘහස්ථ තෙමේ කුසීත වී නම් යහපත් නොවන්නේය. තමා විඳිනා ඒ පස්කම් සැප තරකොට ගත නොහෙන්නේය. කායාදී සන්හිඳීමක් නැති මහණද ඒ මහණ ධර්මය පුරාගත නොහෙන්නේය, එසේ හෙයින් යහපත් නොවෙයි. එසේ ම යහපන අයහපත නොවිමසා සංග්‍රහ නිග්‍රහ කරන්නා වූ රජද යහපත් නොවෙයි, යම් නුවණැත්තෙක් තෙමේ කෝප වී නම් අමායෙහි විෂ බින්දුවක් හුණුවා සේ ඔහුගේ සන්තානයෙහි පිහිටි සියලු ගුණ ම නස්නා හෙයින් උතුම් නොවන්නේය. දේවයන් වහන්ස, රජ තෙමේ පරීක්ෂාකාරී ව රාජ්‍යය කරන්නේය. පරීක්ෂිතව දශරාජ ධර්මයෙන් රාජ්‍යය කරන්නා වූ රජ්ජුරුවෝ යසස් පරිවාර ගුණ කීර්ති ඒකාන්තයෙන් වඩන්නාහුය"යි වදාළ සේක.
16. දේවතා ප්රශ්නය
මෙසේ වදාළ කල්හි රජ්ජුරුවෝ මහබෝසතාණන් වහන්සේ නඟන ලද දළ පුඬු සේසත් ඇති රජ අස්නෙහි වඩා හිඳුවා තුමු මිටි අස්නෙහි හිඳ "පණ්ඩිතයෙනි, සේසතෙහි වසන දෙව් දූ මා පැන සතරක් විචාළී යැ. මම ඒ පැන දැනගත නුහුණුයෙමි. මේ සේනකාදී පණ්ඩිතවරුන් සතර දෙනාට කී තැන් උන්ටත් නොවැටහිණ. පුත, ඒ පැන මට කියව"යි ආරාධනා කළ සේක
එදවස් මහබෝසතාණන් වහන්සේ සැට යොදුන් රග්ගල් මුඳුනෙහි සිංහ නාද කරන අභීත කේසර සිංහයකු සේ "දේවයිනි, සේසතෙහි වසන දේවතා වේවයි චාතුර්මහාරාජිකාදී වූ සදිව්‍ය ලෝකයෙහි දේවතාවෝ වෙත් වයි විසින් සොළොස් බඹ තෙලෙහි බඹහු වෙත්වයි මේ කිසි කෙනකුන් විචාරණ ලද්දා වූ පැන තියුණු මුවහක් ඇති කඩුවකින් ඇඹුල මල් මිටියක් කපා වගුරු වන බල ඇති පිරිමියක්හු මෙන් මාගේ නිර්මල වූ නුවණ නමැති කඩුවෙන් පිරිසිඳ කියමි, කියව දේවයිනි. දෙව් දූ විචාළ පැනය"යි සර්වඥ ප්රවාරණයක් පරිද්දෙන් වදාළ සේක. ඒ දවස් මහබෝසතාණෝ සව්නේ නොදත්තෝ නම් කෙසේද? මතු ලොවුතුරා බුදු ව, සියලු සතුන් සිත සැක දුරු කොට ධර්ම සිංහනාද කිරීමට මෙම දෘෂ්ටාන්ත නොවේද? වැලි කෙළියෙහිද එතෙක් පැන විසඳූ ඒ මහතාණන් වහන්සේ ම දැන් එක දේවතාවකු විචාළ පැනයක් විසඳුම නම් කවර අරුමයක්ද?
(1) මාතෘ ප්රශ්නය
ඉක්බිති රජ්ජුරුවෝ දේවතා දුව විචාළ ලෙස ම කියන්නාහු "භන්ති භත්තෙහි පාදෙහි"යනාදින් දක්වන ලද පළමු පැනය කීහ.
භන්ති භත්ථේහි පාදෙහි - මුඛඤ්ච පරිසුම්භති; සවෙරාජා පියො හොති - කං තේන මභිපස්සසි
මහබෝසතාණන් වහන්සේට ගාථාව අසමින් ම ආකාශයේ නඟා ලූ පුන් සඳ මඬලක් මෙන් අර්ථය අවබෝධ විය. ඉක්බිති බෝධිසත්ත්වයන් වහන්සේ "අසව දේවයෙනි" වදාරා "යම් වේලෙක්හි මෑණියන්ගේ ඇකයෙහි හොත්තා වූ ළදරු කුමාරයා කිරි බී බඩ පුරාගෙන සතුටු ව මෑණියන් සමඟ කෙළනේ තමාගේ ළහෝ පලු පත් සේ මොළකැටි අතින් මෑණියන් මරන්නේද ඉසකේ ඇද කඩන්නේද මිටින් මෑණියන්ගේ මූණ අන්නේ ද, එවේලෙහි වගුළ සඳ රැසින් ඔද වැඩි කිරි මුහුදක් සේ ස්නේහයෙන් ඔද වැඩියා වූ සිත් ඇති මෑණියෝ පුතණුවනට "සෙරගේ පුත මා කුමට මරන්නේද"යි යනාදීන් ස්නේහ වශයෙන් කියා ස්නේහය ධරා ගන්නට අසමර්ථ ව දරුවන් වැළඳ ගෙන ළෙහි හොවා සිප ගනිති. මෙසේ ඔරැහිඳ තමන් මරා කෙළනා වේලෙහි මෑණියනට දරුවෝ ආදී ඇති ප්‍රේමයට වඩාලා ම ප්‍රිය වන්නාහ, පියාණනටත් එසේ ම ප්‍රිය වෙති" මෙසේ නභෝ මධ්‍යයෙහි සූර්ය මණ්ඩලය ඔසවා පාන්නක්හු මෙන් ප්රශ්නය පහළ කොට වදාළ සේක.
ඒ ප්රශ්නය විසර්ජනය අසා දේවතා දූ දළ පුඬු සේසත් විවරයෙන් මෑත් ව අර්ධ ශරීරයක් දක්වා "ප්රශ්නය වදාළ නියාව ඉතා යහපතැ"යි මිහිරි කටහඬින් ශබ්ද පවත්වා සත්රුවන් කරඬුවෙක දිව මල් දිව සුවඳින් පුරා මහබෝසතාණන් වහන්සේට පූජා කොට සැඟවී ගියාය.
(2) බාල පරායන ප්රශ්නය
රජ්ජුරුවෝද මහබෝසතාණන් වහන්සේට ගඳින් මලින් පූජා කොට දෙවන පැනයට ආරාධනා කොට "කියව දේවයෙනි, වදාළ කල්හි "අක්කොසතියතා කාමං"යනාදි ගාථාවෙන් දෙවන පැනය කීය.
"අක්කෝසති යථාකාමං - ආගමඤ්චස්ස න ඉචඡති, 'සචේ රාජ පියෝ හෝති - කං තේන මහිපස්සසි"
ඉක්බිති රජ්ජුරුවනට බෝසතාණන් වහන්සේ "රජ්ජුරුවෙනි, කකුල් දඩ ගොසින් කී දේ කට ලන්නට සමර්ථ සත්හැවිරිදි පුතණුවන් විසින් "ඉඳින් මට මේ කැවුම් දුන්නේ වී නම් යෙමි” කියන්නා "එසේද පුතණ්ඩ"යි උන් කැමැති කැවුම් ඉදිකොට දුන් කල්හි ඒ කැවුම් කාලා "තෙපි ගෙයි සිහිල් සෙවණේ හිඳුව, මම තොපට පිටත ඇවිද මෙහෙවර කෙරෙම් මැ"යි කියා හස්ත විකාර මුඛ විකාරාදි නොයෙක් උසුළු පැපෑ කී මෙහෙවරට නොගොසින් සිටිනා පුතණුවනට මෑණියෝ කිපී මරන්නට දණ්ඩක් හැරගෙන මා "සන්තක දෙය කාලා කුඹුරේ කුරුල්ලන් පමණ පලවා පියන්නටත් නොහෙයිදැ"යි භය ගැන්වූ කල වේගයෙන් දිව ගත් පුතණුවන් ලුහුබැඳ අල්ලා ගන්නට අසමර්ථ ව "සෝනට යේවයි බිල්ලට යේවයි සොරු තා කඩ කඩ කොට කපා පියත්ව"යි යනාදීන් කියා කැමැති පරිද්දෙන් කට හෙළන පමණක් හැවිලි හවන්නාහු යමෙක් මුඛයෙන් බෙණේ නම් ඉන් සිඟිත්තකුත් දරුවනට වන්නා නොකැමැත්තෝය.
ඒ කුමාරයා දවස මුළුල්ලෙහි කොල්ලන් හා එක් ව කෙළ පියා සවස
ගෙට වදනට නොපොහොසත් වූයේ නෑයන්ගේ ගෙට යන්නේය.
මෑණියෝද "දරුවො දැන් එත් දෝහෝ, දැන් එත් දෝහෝ"යි පෙරමඟ
බල බලා හිඳ සවස් වන තුරු නොඑන්නා දැක "මා උරණ හෙයින්
මගට එන්නට භය ඇති ව නොඑති"යි සිතා ශෝකයෙන් පුරාගෙන
කඳුළු පිරුණු මුහුණින් යුක්ත ව නෑයන්ගේ ගෙවල්හි බලන්නාහු
පුතණුවන් දැක වඩාගෙන සිප සනහා පියා දෑතින් තර කොට
අල්වාගෙන, "මා කී බසුත් සිත තබත්දැ"යි ආදී ඇති ප්‍රේමයටත් වඩා
ලා ප්‍රේම උපදවන්නාහ. මෙසේ දේවයෙනි, දරුවෝ මෑණියනට කිසි
කලෙකටත් වඩා ලා ම ප්‍රිය වන්නාහ"යි වදාරා දෙවන පැනය විසඳා
වදාළ සේක. දේවතා දූ පෙර පරිද්දෙන් ම සාධු කාර දී පුජා කළා යැ.
(3) අඹු සැමි ප්රශ්නය
රජ්ජුරුවෝද පූජා කොට තුන් වන පැනයට ආරාධනා කොට "කියව දේවයිනි" වදාළ කල්හි "අබ්භක්ඛාති අභූතෙන" යනාදී ගාථාවෙන් තුන් වන පැනය කීහ.
"අබ්භක්ඛාති අභූතේන - අලිකෙන මහිසාරයේ, ස චේ රාජ පියෝ හෝති - කං තේන මහිපස්සසි"
ඉක්බිති මහබෝසතාණන් වහන්සේ "දේවයෙනි යම් වේලක
අඹු සැමි දෙමහල්ලෝ රහසිගත ව ලෝකාස්වාද රතියෙහි කෙළනාහු
ඔවුනොවුනට "තොප මා කෙරෙහි මඳකුත් ප්‍රේමයක් නැත. තොපගේ
සිත බැහැරය"යි මෙසේ ඔවුනොවුනට නැත්තක් කියද්ද බොරුවෙන්
චෝදනා කෙරෙද්ද එවේලෙහි ඔහු දෙමහල්ලෝ ම ඔවුනොවුනට
අධිකව ප්‍රිය වන්නාහ"යි තුන් වන පැනය වදාළ සේක. දේවතා දූ
පෙර සේ ම පුජා කළාය.
(4) ශ්‍රමණ බ්‍රාහ්මණ ප්රශ්නය
රජ්ජුරුවෝද පුජා කොට අනික් පැනයට ආරාධනා කොට "කියව දේවයෙනි" වදාළ කල්හි "හරං අන්නඤ් ච පානඤ් ච"යනාදි ගාථාවෙන් සතර වන පැනය කීහ.
"හරං අන්නඤ්ච පානඤ්ච - වත්ථ සේනාසනානි ව,
අඤ්ඤදත්ථු හරා සන්තා
තෙ වේ රාජ පියෝ හෝති - කං තේන මහිපස්සසි"
ඉක්බිත්තෙන් රජ්ජුරුවන්ට "දේවයෙනි, මේ පැනය තෙම
ධර්මිෂ්ඨ වූ ශ්‍රමණ බ්‍රාහ්මණයන් සඳහාය. ඔවුන් තමන්ගේ ගෙදර
සිඟා සිටි කල්හි තමන් විසින් පිළිගන්වන ලද ආහාරාදිය පිළිගෙන
යන්නාද ගොස් වළඳන්නාද දැක අප ම සිඟන්නාහ. අප ම සන්තක
වු ආහාරාදිය ගෙනයන්නාහ, ගොස් අනුභව කරන්නාහයි, ඒ ශ්‍රමණ
බ්‍රාහ්මණයන් විෂයයෙහි වඩාලා ම ප්‍රේම ඇති වන්නාහ. මෙසේ
ශ්‍රමණ බ්‍රාහ්මණාදීන් සැදැහැති උපාසක කුලය තමන් විසින් දෙන
ලද්දා වූ සතර පසය දැක්ක දී අනුභව කරන කල්හි අධිකයක් ම
ප්‍රිය කරන්නාහයි සතර වැනි පැනය වදාළ කල්හි දේවතා දූ පෙර
පරිද්දෙන් ම පුජා කොට සාධුකාර දී සත් රුවන් පිරූ රුවන් කරඬුවක්
"ගනුව පණ්ඩිතයෙනි" කියා මහබෝසතාණන් වහන්සේගේ ශ්‍රී පාද
මූලෙයෙහි පූජා කළාය. රජ්ජුරුවෝද පැහැද සෙනෙවිරත් තනතුරු
දුන්හ. එතැන් පටන් කොට මහබෝසතාණන් වහන්සේගේ යසස
මහත් වූයේ යැ.
17. රහස්‍ය ප්රශ්නය
නැවත ඒ සේනකාදී සතර දෙන "ගොවියා පුතු වඩාලා මහත් යසසට පැමිණියේය. කුමක් කරමෝදැ"යි මන්ත්‍රණය කළහ. ඉක්බිත්තෙන් සේනක පණ්ඩිතයෝ අනික් තුන් දෙනාට කියන්නාහු, ඌ මහතට පැමිණියෙන් කාරිය කිම්ද? රජ්ජුරුවන් කෙරෙහි බිඳුවා පියන්නට මා විසින් උපායක් දක්නා ලදැ"යි කීහ. "කුමන උපායෙක්ද ආචාරිනී" කී කල ගොවියා පුතු සමීපයට ගොස් "රහස් නම් දෙය කාට කිවහොත් යහපත්දැ"යි විචාරම්හ. ඒ තෙමේ මහා මන්ත්‍රී හෙයින් "කිසිවක් හටත් කිය නොහැක්කැ"යි ඉදින් කීයේ වී නම් ඉක්බිති, "ගොවියා පුතු දේවයන් වහන්ස ඔබ වහන්සේට වරදනට සිටියේය"යි බිඳුවා පියම්හ, කියා ඔහු සතර දෙනා සිංහ රාජයකු සමීපයට යන්නා වූ ජරපත් ශෘගාලයන් සතර දෙනකු පරිද්දෙන් පණ්ඩිතයන් වහන්සේගේ ගෙට ගොස් සුව දුක් දොඩා "පණ්ඩිතයෙනි පැනයක් විචාරම්හ"යි. බෝධිසත්ත්වයන් වහන්සේ "විචාරව"යි කී කල්හි, සේනකයෝ "පණ්ඩිතයෙනි පුරුෂයා විසින් ආදි කොටැ කිමෙක්හි පිහිටියැ යුතුද"යි විචාළහ. "සබවසෙහි පිහිටිය යුතුය"යි වදාළ සේක. "සබවස පිහිටියවුන් විසින් කුමක් කටයුතුදැ"යි විචාළහ. "වස්තු සෙවිය යුතුය"යි වදාළ සේක. "වස්තු උපයාගෙන කුමක් කටයුතුදැ"යි පිළිවිස්සාහ. "මන්ත්‍රණය උගත යුතුය"යි වදාළ සේක. "පසු කුමක් කටයුතුදැ"යි පිළිවිස්සාහ. "තමා සිත රහස් කටයුතු අනුනට නොකිය යුතුය"යි වදාළ සේක.
ඔහු සතර දෙන "යහපත පණ්ඩිතයෙනි"යි සතුටු සිත් ඇති
ව "ගොවියා පුතු පිටුදකුම්හ"යි රජ්ජුරුවන් සමීපයට ගොස් "දේවයන්
වහන්ස, ගොවියා පුත් ඔබ වහන්සේට වරදනට සිටියේය"යි කීහ.
රජ්ජුරුවෝ "මම තොපගේ බස් නොඅදහමි. ඌ තුමූ මට නොවරදති"යි
නොගිවිස්සාහ. "දේවයන් වහන්ස, අප කී බස් නොඅදහන සේක් වී
නම් උන් ඔබ වහන්සේ ම දක්නට ආ කල පණ්ඩිතයෙනි, තමා සිත
උපන් රහස් කටයුත්ත කාහට කියයුතුද"යි විචාළ මැනැව. ඉදින් ඔබ
වහන්සේට සතුරු නොවෙත් නම් 'අසවලුනට කියයුතුය"යි කියති.
ඉදින් ද්‍රෝහි වෙත් නම් "කිසිවක්හටත් නොකියයුතුය. මන දොළ
පිරුණු කල කියයුතුය"යි කියති. "එවිට අප අදහාගෙන සැකහළ
මැනැව"යි කීහ.
රජ්ජුරුවෝත් "යහපතැ"යි උන් කීවා ගිවිස එක්දවසක්
පණ්ඩිතවරුන් පස් දෙනා එක් ව අවුත් දැකලා උන් කල්හි රහස්
කිය යුත්තන් විචාරන්නාහු "පණ්ඩිතවරුන් පස් දෙනාත් එක් වූහ.
ප්‍රශ්නයෙක් මට වැටහෙයි. ප්රශ්නය හැම දෙන ම අසව. නින්දා
කටයුතු හෝ ප්‍රශංසා කටයුතු හෝ රහසක් කවරක්හට කියන්නේද?
රහස් කිවමනා කාටදැ"යි විචාළහ. මෙසේ කී කල්හි සේනකයෝ
"රජ්ජුරුවනුත් අප හා එක්කොට ගනුම්හ"යි සිතා පොළොවට ඉසුරු
වූ "රජ්ජුරුවන් වහන්ස, ඔබ වහන්සේ අපට රක්ෂාස්ථාන ව සිටි
සේක. අපගේ සියලු කාර්යභාරය උසුළා සිටි සේක. එසේ හෙයින්
ඔබ වහන්සේ ම ආදි කොට වදාළ මැනැව. ඔබ වහන්සේගේ
අදහස, පරීක්ෂා කොට හෙවත් වදාළක් අසා පණ්ඩිතවරුන් පස්
දෙනාත් කියන්නාහ"යි කීහ. ඒ අසා රජ්ජුරුවෝ තමන් කෙලෙස්
වසඟ හෙයින් "යම් ස්ත්‍රියක් තොමෝ ආචාර ශීලයෙන් යුක්තද පර
පුරුෂයක් කරා නො එළඹෙන්නීද හෙවත් පත්රිව්රතා ධර්මය රක්ෂා
කරන්නීද පුරුෂයාගේ අදහස් දැන පවතීද, ප්‍රියද, මන වඩන්නීද, එසේ
වු තමාගේ අඹුවට නින්දා කටයුතු හෝ ප්‍රශංසා කටයුතු හෝ රහස්
කියන්නේය"යි කීහ.
ඉක්බිති සේනකයෝත් "අප කෙරේ රජ්ජුරුවෝ ඇතුළත්
වූහ" යි සතුටු ව තමන් කළ කාරණය ම ප්‍රකාශ කරන්නාහු "යමෙක්
තෙමේ දුකට පැමිණි ආතුරයාහට සරණ ව පිටිවහල් වේද එසේ වූ
දුකෙහි නොහරණා තම යහළුවාහට රහස් කියයුතුය"යි කීහ. ඉක්බිති
රජ්ජුරුවෝ "පුක්කුසයෙනි, තොප හට කෙසේ වැටහේද? රහස්
කියයුතු කාටදැ”යි විචාළහ. පුක්කුසයෝ "දේවයන් වහන්ස, යමෙක්
තෙමේ තමාට වැඩිමහලුද නොහොත් මැදි බව සිටියේද, නොහොත්
කිස්දොවුන්ද ඉදින් එක කුසෙහි හොත් තැනැත්තේ ආචාර ශීලයෙන්
යුක්ත වී නම් තමාට පැමිණි සුව දුක් දෙකෙහි කනස්සලු ව පසු බැස
නොසිටී නම් එසේ වූ තමාගේ හිතකාමී වූ මලු වේවයි බෑයා වේවයි
සහෝදරයාට රහස් කියයුතුය"යි කීහ. ඉක්බිත්තෙන් රජ්ජුරුවෝ
කාවින්දයෝ විචාළහ. කාවින්දයෝද "දේවයන් වහන්ස යම් පුත්‍රයෙක්
තෙමේ පියාණනට වහලෙක් සේ මෙහෙවර කොට ගෙන වංශයන්
රක්ෂා කෙරේද (අතිජාත, අවජාත, අනුජාත) පුත්‍රයෝ තුන් දෙන නම්
කවුරුදැයි යතහොත් :- පියාණනට වඩා සැපත් රැස් කොටගෙන
ඨානාන්තරයට පැමිණෙන්නේ අතිජාත නම් වෙයි, පියා සන්තක
වස්තුව නසා ධූර්ත ව වසන්නේ අවජාත නම් වෙයි, පියා සන්තක
සම්පත් ස්ථිර කොටගෙන වංශයත් රක්ෂා කරන්නේ අනුජාත නම්
වෙයි. එසේ වූ අනුජාත පුත්රද අලාමක වූ නුවණ ඇත්තේද එවැනි
තමා පුතුට රහස් කියයුතුය"යි කීහ. ඉක්බිති රජ්ජුරුවෝ දේවින්දයා
විචාළහ. දේවින්දයෝ දෙපා ඇත්තවුනට අධිපති වූ "රජ්ජුරුවෙනි යම්
මෑණි කෙනෙක් තුමූ ප්‍රේමයෙන් යුක්ත වූ සිතින් තමන් පුතණුවනට
සියලු පෝෂණ කෙරදෙද්ද? එසේ හිතකාමී වූ මෑණියනට රහස්
කියයුතුය"යි කීහ.
සේනකාදී පණ්ඩිතවරුන් සතර දෙනා විචාරා රජ්ජුරුවෝ
මහෞෂධ පණ්ඩිතයන් විචාළහ. ඉක්බිති පණ්ඩිතයන් වහන්සේ
"රජ්ජුරුවෙනි, රහස් දෙය නම් නින්දා කටයුතුවත් කිම ප්‍රශංසා
කටයුතුවත් කිම, සැඟවීම ම උත්නමය, රහස් ප්‍රකාශ කිරීම
නුවණැත්තන් විසින් ප්රශස්න නොවන්නේය. තමා සිතූ දෙය මුඳුන්
නොපැමිණියේ වී නම් නුවණැති සාර පුරුෂ තෙම ඒ තාක් කල්ම
කිසි කෙනකුනට ප්‍රකාශ නොකරන්නේය. ඒ සිතූ කටයුත්ත මුඳුන්
පැමිණියේ වී නම් එවිට සභා මධ්‍යයෙහි කිසි සැකයක් නැති ව
ප්‍රකාශ කරන්නේය"යි වදාළ සේක. පණ්ඩිතයන් වහන්සේ විසින්
මෙසේ වදාළ කල්හි රජ්ජුරුවෝ නොසතුටු වූහ.
ඉක්බිත්තෙන් සේනකයෝ රජ්ජුරුවන් මූණ බැලූහ.
රජ්ජුරුවෝත් සේනකයන් මූණ බැලූහ. බෝසතාණන් වහන්සේ
උන් දෙන්නාගේ ක්‍රියාව දැක, "මුන් සතර දෙනා දුසා කියා පළමු ව
රජ්ජුරුවන් කෙරේ මා බිඳුවා පී වන්හ. පරීක්ෂා කරන පිණිස ප්රශ්නය
විචාරණ ලද්දේ වැන"යි සිතූ සේක. රජ්ජුරුවන් හා පණ්ඩිතයන් කතා
කෙරෙමින් සිටිය දී මහිරු අස්තයට ගියේය. රාජ භවනයෙහිත් ඒ ඒ
ස්ථානයෙහි වැට විලක්කුවල පානුත් නඟන ලද්දේය. පණ්ඩිතයන්
වහන්සේ රජ්ජුරුවන්ගේ කටයුතු නම් බැරිය, කුමක් වන බවක්
නොදැනෙයි. වහා මෙතැනින් නැඟීයන බව සුදුසුය'යි හුනස්නෙන්
නැඟී රජ්ජුරුවන් වැඳ රාජ භවනයෙන් නික්මෙන සේක් "මුන් සතර
දෙනාගෙන් එක් කෙනෙක් යහළුවා හට රහස් කීම යහපත, එක්
කෙනෙක් මල් බෑයනට රහස් කීම යුතුය. එක් කෙනෙක් පුතණුවනට
රහස් කීම යුතුය. එක් කෙනෙක් මෑණියනට රහස් කී කල යහපතැ'යි
කීහ. මුන් විසින් තම තමන් කළ දෙයක් වත් දුටු දෙයක් වත් කියති'යි
සිතමි. වන්නාව! අද ම ඒ තත්ත්වයක් දනිමි"යි සනිටුහන් කළ
සේක.
18. සේනකාදීන් ගේ රහස්
ඔහු සතර දෙනද මෙතෙක් දවස් රජගෙන් නික්ම මාළිගා දොරකඩ එක් හඹු හොරුවක් මත්තේ හිඳ කළමනා කටයුතු දැන තම තමන්ගේ ගෙවලට යන්නාහ. එසේ හෙයින් පණ්ඩිතයන් වහන්සේ "මුන්ගේ රහස් හඹු හොරුවයට වැද හොත්තොත් දත හැක්කැ"යි සිතා ඒ හඹු හොරුව තමන් වහන්සේගේ මිනිසුන් ලවා උසුලුවා උඩ නංවා යට සැතපෙනදෑ අතුරුවා හොරුවයට වැද හෙව තමන් වහන්සේගේ පුරුෂයනට "තෙපි මුවාව සිට පණ්ඩිතවරුන් සතර දෙන කතා කොට නැඟී ගිය කල්හි අවුත් මාහැර ගෙනයව"යි සම්මත කළ සේක. ඔහුත් "යහපතැ"යි මුවා ව ගත්හ.
සේනකයෝද "දේවයන්වහන්ස, අප කිවත් නුඹ වහන්සේ නොඅදහන සේක් වේද, දැන් අප
කිවා ශ්‍රී බුද්ධියට නැඟේදැ"යි කීහ. රජ්ජුරුවෝ භේදකාරීන්ගේ බස්
ගෙන පරීක්ෂා නොකොට භයින් ත්‍රස්ත ව "දැන් කුමක් කරමෝද
සේනකයිනි" විචාළහ. "දේවයන් වහන්ස, කල් නොයවා ම කිසි
කෙනකුන් නොදන්නා ලෙස ගොවියා පුතු මරවා පීම යහපතැ"යි
කීහ. "සේනකයෙනි, තොප විනා මට අනිකෙක් නැත, තෙපි ම
තොපගේ මිත්‍රයන් හැර ගෙන වාසල් කඩ ඇලී සිට ගොවියා පුතු
උදැසන රාජ සේවයට එමින් වාසල් ඇතුළු වූ විට ම කඩුවෙන් ඉස
කපා පියව"යි තමන්ගේ මඟුල් කඩුව සේනකයන් අතට දුන්හ. ඔහු
සතර දෙනාත් "යහපත දේවයන් වහන්ස, භය නුවුව මැනැව, අපි
ගොවියා පුතු මරම්හ"යි කියා රජගෙන් නික්ම "අප විසින් පසමිතූරා
පිටුදක්නා ලදැ"යි කියා හඹු හොරුව මත්තේ හුන්නාහ.
ඉක්බිති සේනකයෝ "කොල ගොවියා පුතු ගසන්නේ
කවරෙක්දැ"යි කීහ. අනික් තුන් දෙනා "ආචාරින් වහන්ස, නුඹ වහන්සේ
ම ගැසුව මැනැවැ"යි ඔහුට ම භාර කළහ. නැවත සේනකයෝ අනික්
තුන් දෙනාට "තෙපි රහස් අසවලුන්ට කියයුතුයයි කිවුය. කිමෙක්ද
තොප කළ දෙයක්ද, නොහොත් ඇසූ දෙයක්දැ"යි විචාළහ. ආචාරින්
වහන්ස, ඒ පසු කළ මැනැව, නුඹදෑ, "රහස් යාළුවාට කියයුතුය"යි යමක්
වදාළ සේක් වී නම් ඒ නුඹ වහන්සේ කළ දෙයක්ද නැතහොත්
දුටු දෙයෙක් ද ඇසූ දෙයෙක්දැ"යි විචාළහ. සේනකයෝ "තොපට
ප්‍රයෝජන කිම්දැ"යි කීහ. "කිව මැනැව ආචාරීන් වහන්ස"යි කීහ.
"මේ රහස් කටයුත්ත රජ්ජුරුවන් දත හොත් මාගේ දිවි නැතැ"යි කීහ.
නොබව මැනැව ආචාරීන් වහන්ස. මේ තැන නුඹ වහන්සේගේ රහස්
ප්‍රකාශ කරන කෙනෙක් නැත, සැක නොකොට කිව මැනැවයි කීහ.
සේනක පණ්ඩිතයෝ හඹු හොරුව නිය පිටින් ගසා "මේ හොරුවයට
ගොවියා පුත් ඇද්දෝ හෝයි" කීහ. "ආචාරීන් වහන්ස ගොවියා පුත්
තමාගේ ඵෙශ්චයයෙන් මත් ව සුව විඳිනේ මෙබඳු අපවිත්‍ර තැනකට
කුමට වදීද? නොවදීයැ. නුඹ වහන්සේ කිව මැනැව"යි කීහ.
සේනකයෝ තමන්ගේ රහස් ප්‍රකාශ කරන්නාහු "මේ නුවර
අසවල් වෛශ්‍යා දුව හඳුනවූදැ"යි කීහ. "එසේය, හඳුනම්හ"යි ආචාරීනි
කිවූය. "දැන් ඒ වෛශ්‍යා දූ පෙනේදැ"යි කීහ. "නොපෙනෙයි ආචාරීනි"
කීහ. එසේ වී නම් එම්බා මම මඟුල් සල් උයනේ දී ඈ හා සමඟ
පුරුෂ කෘත්‍යය කොට හෙවත් සැතපී ඇගේ පළඳනා ලෝභයෙන්
ඈ මරා පියා ඈ හන් කඩින් පොදියක් කොට බැඳගෙන අපගේ
ගෙයි අසවල් මාලේ අසවල් ගබඩාවේ මුවහං කොක්කේ එල්වා ලීමි,
තව දක්වා ඉන් කිසිවක් අලෙවි කළේ නැත. පරණව ගන්නා තුරු
බලාහිඳිමි. මෙබඳු රාජාපරාධ කටයුත්ත මාගේ යාළුවකුට කීමි. ඌ
කිසි කෙනකුනට නොකී වීරිය. මේ කාරණයෙන් "යාළුවාට රහස්
කියයුතුය"යි කීහ. පණ්ඩිතයන් වහන්සේ සේනකයන්ගේ රහස අසා
සිත තබා ගත්හ.
පුක්කුසයෝද තමන්ගේ රහස ප්‍රකාශ කරන්නාහු "එම්බා
මාගේ කලවයේ අසාධ්‍ය කිලාස කුෂ්ඨයක් ඇත්තේය. මාගේ
මලණුවෝ උදාසනක්සේ ම කිසි කෙනකුන් නොදන්වා ම ඒ කිලාසය
කසට පැනින් සෝධා පියා බේත් ගල්වා උලා මන්තෙහි මොළොක්
කොට කඩ රෙදි වසා බඳනාහ. රජ්ජුරුවෝ මා කෙරෙහි මොළොක්
සිතින් 'මෙසේ එව පුක්කුසයෙනි', කැඳවාලා බොහෝ සේ ම මගේ
කලවයෙහි හිස තබා ගෙන සැතපෙන්නාහ. ඉදින් මේ නොකටයුතු
දත්තු නම් මා මරා පියන්නාහ. ඒ රහස් මාගේ මලණුවන් විනා අනින්
දන්නා කෙනෙක් නැත. ඒ කාරණය හේතු කොට ගෙනය, 'රහස්
නම් මල් බෑයනට කියයුතුය'යි මා විසින් කීයේ"යි කීහ.
කාවින්දයෝද තමන්ගේ රහස් ප්‍රකාශ කරන්නාහු, "එම්බා මා
වරද, අවපසළොස්වක දවස් නරදේව නම් යක්ෂයෙක් මා ඇඟට
නැඟෙන්නේය. ඒ යක්ෂයා නැඟි කල්හි මම වියරැ හුණු බල්ලකු
පරිද්දෙන් හඬමි, මම ඒ යක්ෂ විකාරය මට ඇති නියාව මාගේ
පුතණුවනට කීමි. ඌ මා ඇඟට යක්ෂයා ආවිෂ්ට වූ බව දැන ඇතුළු
ගෙයි මා හූ වැටි බැම්මෙන් බැඳ හොවාලා, දොර පියාගෙන, ගෙන්
පිටත් ව මා හඬන බලුහඬ කිසි කෙනකුන් නොඅසනු පිණිස දොර
ළඟ රඟ මඬුලු බන්දා අරගල කරන්නේය. මේ කාරණය හේතු කොට
ගෙනය රහස් පුනණුවනට කියයුතුය'යි මා කීයේ"යි කීහ.
ඉක්බිත්තෙන් තුන් දෙන ම දේවින්ද පණ්ඩිතයන් විචාළහ.
උයිත් තමන්ගේ රහස් ප්‍රකාශ කරන්නාහු, "එම්බා ශක්‍ර දේවේන්ද්‍රයන්
විසින් කුස රජ්ජුරුවනට දුන්නා වූ ශ්‍රී සම්පත් එළවන්නා වූ මාණික්‍ය
රත්නය රාජ පරම්පරාවෙන් පැවත අවුත් රජ්ජුරුවන් සන්තක ව
භාණ්ඩාගාරයේ තුබුවා, මැණික මටකම් කරවන්නා වූ මා විසින්
සොරාහැර ගෙන මාගේ මෑණියනට දෙන ලද, කිසි කෙනකුන්
නොදන්වා රජගෙට යන වේලෙහි ඒ මැණික මට දෙන්නාහ,
මම ඒ මැණිකින් ශෝභාව මූණට පතුරුවා ගෙන රජගෙට යෙමි,
රජ්ජුරුවෝ තොප හැම දෙන හා කතා නොකොට පළමු කොට මා හා
සුව දුක් දොඩන්නාහ. දවසක් පාසා අට කහවණුවක් හෝ සොළොස්
කහවණුවක් හෝ සූසැට කහවණුවක් හෝ මසුරන් වියදම් දෙන්නාහ.
ඉදින් ඒ මිණි රුවන සොරා ගත් බව රජ්ජුරුවෝ දත්තු නම් මාගේ
දිවි නැත, මේ කාරණය හේතු කොටගෙනය. 'රහස් නම් මෑණියනට
කියයුතු'යි මා කීයේ"යි කීහ.
බෝසතාණන් වහන්සේ මේ හැම
දෙනාගේ ම රහස් කටයුත්ත ප්රත්යක්ෂ කොට සිත තබා ගත් සේක.
ඔහු වනාහි තමන්ගේ ළය පළා බඩවැල් පිටත් කරන්නවුන් මෙන්
රහස් ඔවුනොවුනට කියා හැම දෙන ම "පමා නොව උදෑසන ම එව,
ගොවියා පුතු මරම්හ"යි කියා හුන් තැනින් නැඟී සිට තම තමන්ගේ
ගෙවලට ගියාහ.
ඒ සේනකාදී පණ්ඩිතවරුන් ගිය කල බෝධිසත්ත්වයන්
වහන්සේගේ පුරුෂයෝ අවුත් ඔරුව ඔසවා මහබෝසතාණන් ගෙන
ගියහ. උන් වහන්සේ ඉස් සෝධා ගඳ විලවුන් ගෙන සැරහී දිව්‍ය
භෝජනයක් හා සමාන වූ රසමසවුළෙන් යුක්ත ආහාරය අනුභව
කොට "අද මාගේ බුහුණණියෝ උදුම්බරා දේවී, රජ ගෙන් මට
ස්වරූප කියා අස්නක් එවතියි දැන රජ ගෙන් ආ කෙනකුන් වහා
ඇතුළට ඇරගෙන මට පෑල"යි කියා ඇදහිලි පුරුෂයකු වාසල සිටවූ
සේක. මෙසේ විධාන කොට විචිත්‍ර ස්තරණයෙන් විභූෂිත වූ ශයන
මස්තකයෙහි බ්‍රහ්ම කුමාර විලාසයෙන් සැතපුණු සේක.
19. මහ රැ යැවුණු අග්ගලාව
රජ්ජුරුවෝද ඒ ක්ෂණයෙහි ශ්රීයහනෙහි සැතපුණාහු, පණ්ඩිතයන් වහන්සේගේ ගුණ සිහි කොට "මහෞෂධ පණ්ඩිතයෝත් සත්හැවිරිදි කල් පටන් මට සේවය කරන්නාහු කිසි අවැඩක් නොකළහ. දේවතා දූ විචාළ පැනයෙහි ම පණ්ඩිතයන් නැතහොත් මාගේ ජීවිතය නැත්තේය. වෛරී පසමිතූරන්ගේ බස් ගෙන අසමාන වූ නුවණැති මහෞෂධ පණ්ඩිතයන් මරවයි කියා මඟුල් කඩුව දුන්නා වූ මා විසින් කෙළේ අයුක්තියය, සෙට පටන් කොට එවැනි පණ්ඩිත රත්නයක් දක්නට නොලැබෙයි" ළය පැළීයන පරිද්දෙන් ම ශෝක ඉපදූහ. ශරීරයෙන් ඩා බිඳ ගත්තේය. ශෝකයෙන් මඩනා ලද්දා වූ චිත්තාස්වාදයක් නොලද්දැහ. උදුම්බරා දේවී රජ්ජුරුවන් හා සමඟ එක්ව යහනෙහි ඉඳ රජ්ජුරුවන් චිත්තාස්වාදයක් නොලැබ සැතපෙන්නා දැක "කිමෙක් දෝ හෝ මාගෙන් කිසි වරදෙක් ඇද්දෝ හෝ නොහොත් අනික් කිසි කාරණයෙක් රජ්ජුරුවන් සිතට උපන් දෝ"යි විචාරන්නාහු "රජ්ජුරුවෙනි, තෙපි ඉතා ම දොම්නස් උව, තොපගේ සිතට නොහැඟි ලෙස මා කළ වරදෙක් නැත්තේය. අනික් කවුරුන් කළ වරදෙක් සිතට ගෙනදෝ හෝ නොහොත් කවුරුන්ගේ විෂයයෙහි තොපට ශෝකයක් ඇති වීද? ඒ මට කියව”යි කීහ. ඉක්බිති රජ්ජුරුවෝ “සොඳුර, සේනකාදී පණ්ඩිතවරු සතර දෙන මහෞෂධ පණ්ඩිතයෝ තොප මරා පියා රාජ්‍ය ගන්ට සිතති"යි මට කීහ. මා විසින් තත්වය පරීක්ෂා නොකොට "එසේ වී නම් මරා පියව"යි මඟුල් කඩුව අතට දී ලා පණ්ඩිතයන් මරන්නට විධාන කරන ලද ඒ කාරණය සලකන්නා වූ මම මහෞෂධ පණ්ඩිතයන් මරනට පෙරාතු කොට මට මරන වී නම් යහපතැ"යි උන්ගේ වාග් විෂයාතික්‍රාන්ත ගුණ නුවණ සලකන්නේම් "එවැනි පණ්ඩිත රත්නයක් සෙට පටන් නොදකිමි, සිත උපන් බොහෝ ශෝකයෙන් දොම්නස්මි" කීහ. එබස් අසා උදුම්බරා දේවීනට බෝධිසත්ත්වයන් වහන්සේ විෂයයෙහි පර්වතයකින් වඩනා ලද පරිද්දෙන් ශෝක උපන්නේ යැ.
ඉක්බිති "උපායකින් රජ්ජුරුවන් අස්වසමි" සලකා රජ්ජුරුවන්
නිදන්නට වන් කල්හි මාගේ මලණුවනට සරුප කියා පත් යවමි’යි සිතා,
"රජ්ජුරුවන් වහන්ස, ගොවියා පුතු මේ සා මහත් ඵෙශ්චර්යයෙක
පිහිටුවා තොප ම වද ඇති කෙළේ. තොප කෙරෙන් ම සෙනෙවිරත්
ධූරයට පැමිණ තොපට ම දැන් වරදනට සිටියේය. එම්බා පසමිතුරෝ
නම් කුඩා නොවෙති, මැරිය යුත්තෝමය, තෙපි නොසිතව"යි
රජ්ජුරුවන් බිසව වංචාවෙන් අස්වැසූහ. රජ්ජුරුවෝ බිසවුන් කී බසින්
තුනී කරන ලද ශෝක ඇති ව නිදන්නට වන්හ. බිසවු රජ්ජුරුවන්
නිදන නියාව දැන නැඟී සිට, ශ්‍රීයහන් ගබඩාව වැද පතක් හා
පන්හිඳක් ගෙන "මහෞෂධ පණ්ඩිතයෙනි, සේනකාදී පණ්ඩිතවරු
සතර දෙන රජ්ජුරුවනට දුසා කියා තොප බිඳුවා පීහ. රජ්ජුරුවෝ
කිපී සෙට උදාසන ම තොප රජගෙට එන වේලෙහි වාසල දී මරන
පරිද්දෙන් විදාන කොට තමන්ගේ කඩුව සේනකයාට දුන්හ. සෙට
රජගෙට නොඑව. ඉදින් එවු නම් නුවර මුළුල්ල අත්පත් කොට ගෙන
යුද්ධයක් වී නමුත් කරන පරිද්දෙන් බල ඇති ව එව"යි පත ලියා
හකුළුවා අග්ගලාවක් පළා ඇතුළේ ලා නොපෙනෙන ලෙස හුයකින්
අග්ගලාව වෙළා සුවඳ කවා "සැළියක ලා තමනට වැඩ පසස්නා
කම්මිත්තකට 'ගෙන ගොස් මාගේ මළණුවනට දී ලව"යි කියා දුන්හ.
කම්මිත්තත් බිසවුන් කී ලෙසට කළාය. "රැකවල් ඇති තැන කෙසේ
ගියාදැ"යි නොසිතිය යුතුය. රජ්ජුරුවන් විසින් බිසවුනට පළමු කොට
ම "කැමැති වේලක අමුත්තක් තොපගේ මලණුවනට යවුව රැකවල්
නැතැ"යි වර දෙන ලද. එසේ හෙයින් කිසි කෙනකුන් නොවැළැකූහ.
බෝධිසත්ත්වයන් වහන්සේ බිසවුන් යැවූ පඬුරු සංඛ්‍යාත අග්ගලාව
අතට ගෙන "මා මේ පඬුරු ගත් නියාව බිසවුනට කියා ලව"යි කියා
කම්මිත්ත යැවූ සේක. ඔයිත් රජගෙට අවුත් යවූ දෙය පණ්ඩිතයන්
වහන්සේට දුන් නියාව බිසවුනට කිව. එවිට බිසව ගොස් රජ්ජුරුවන්
සමඟ සැතපුණාහ.
බෝසතාණන් වහන්සේද අග්ගලාව බිඳ ඇතුලෙහි තුබූ
පත කියවා එපවත් තත් වූ පරිද්දෙන් දැන නුවර කළමනා කටයුතු
මුළුල්ල විචාරා යහනෙහි සැතපුණු සේක. සේනකාදී සතර දෙන
රාත්‍රී භාගය වර්ෂයක් මෙන් දික් කොට සිතන්නාහු "කවර විටෙක
පහන් වේ දෝ හෝ"යි වර්ජිත කරන ලද නිදි ඇති ව උදාසනක්
සේ ම කඩු ගත් අත් අති ව, වාසල ඇලී රැක සිට, පණ්ඩිතයන්
වහන්සේ නොදැක දොම්නස් ව බෝධිසත්ත්වයන් වහන්සේගේ
මුළු ලොව පතළ මෛත්‍රී නමැති චණ්ඩ වාතයෙන් උදුරා දමන
ලද්දා වූ වෘක්ෂ සතරක් මෙන් රජ්ජුරුවන් සමීපයට ගොස් "කිමෙක්ද
පණ්ඩිතවරුනි, තොප විසින් ගොවියා පුතු මරන ලදදැයි"කී කල්හි
“දේවයන් වහන්ස, නුඹ වහන්සේගේ ගොවියා පුතු නුදුටුමු'යි කීහ.
මහබෝසතාණන් වහන්සේද හිරු නැඟෙමින් සිටිය දී ම සත්
යොදුන් මියුලු නුවර මුළල්ල ම තමන් වහන්සේ වසඟ කොට ඒ
ඒ ස්ථානයෙහි රැකවල් තර කොට ලවා බොහෝ දෙනා විසින්
පිරිවරන ලදු ව සර්වාලංකාරයෙන් සරහන ලද උතුම් රථ යානාවකට
නැඟී මහත් වූ හස්ත්‍යශ්වාදී පරිවාරයෙන් හා අනූපම වූ ශ්‍රී
සෞභාග්‍යයෙන්, උපලක්ෂිත ව රජගෙයි වාසල කරා වැඩි සේක.
රජ්ජුරුවෝ සී මැදුරු කවුළුව හැර පියා බෝධිසත්ත්වයන් වහන්සේ එන්නා
බලා සිටියහ. ඉක්බිති මහබෝසතාණන් වහන්සේ රථයෙන්
බැස පියා එතනදී ම රජ්ජුරුවන් වැඳි සේක. රජ්ජුරුවෝ "ඉදින්
පණ්ඩිතයෝ මට පසම්තූරු වෙත් නම් මා නොවඳනා"යි සිතූහ.
මෙසේ සිතා ඉක්බිති "මපුතණුවෝ වහා එත්ව"යි වහා කැඳවා යවා
රාජාසනයෙහි හුන්හ. මහබෝසතාණන් වහන්සේද එකත්පස් ව
හුන්නාහ. සේනකාදී පණ්ඩිතවරු සතර දෙනත් එතන ම හුන්හ.
20. රහස් හෙළිවීම.
ඉක්බිති රජ්ජුරුවෝ බෝධිසත්ත්වයන් වහන්සේට කිසිවක් ම නොදන්නා කෙනකු මෙන් "පුත මහෞෂධ පණ්ඩිතයෙනි. ඊයේ පෙර සන්ධ්‍යායෙහි ගියෙහිය. දැන් හිරු නැඟී මෙතෙක් වේලෙන් අවුත් මා දුටුව, මා මෙසේ කුමට හළුවාද? කුමක් අසා තොපගේ සිතට කුමන සැකයෙක් වීද? කවුරු තොපට රජ්ජුරුවන් දැක්මට නොඑව'යි කුමන බසක් කිවුද'යි ස්වරූප අසන්නා කැමැත්තම්හ. එබැවින් තොප පමා වූ කාරණය කියව"යි විවාළහ. ඉක්බිති මහබෝසතාණන් වහන්සේ රජ්ජුරුවනට "දේවයන් වහන්ස, නුඹ වහන්සේ විසින් මට සතුරු වූ සේනකාදී සතර දෙනා බස් ගෙන මා මරන්නට නියෝග කරන ලද්දේ වේද, එසේ හෙයින් නොආයෙමි"යි රජ්ජුරුවනට චෝදනා කරන සේක් "ජන ප්‍රධාන වූ දේවයන් වහන්ස, නුඹ වහන්සේ විසින් "ප්‍රඥා සම්පන්න මහෞෂධ පණ්ඩිතයෝ මැරිය යුත්තෝය"යි වෛරී වූ සේනකාදීන්ගේ බස් ගෙන මා අපරික්ෂිත ව මරන්නට නියෝග කරන ලද. යම් හෙයකින් ඊයේ මධ්‍යම රාත්‍රී වේලෙහි බිසවුන් වහන්සේට රහසිගත ව කියන ලදද එබඳු වූ නුඹ වහන්සේගේ රහස් කටයුත්ත ප්‍රකාශ කළ විට මා විසින් අසන ලදැ'යි වදාළ සේක. රජ්ජුරුවෝ ඒ අසාලා ම, "මා විසින් කියන ලද රහස් එවිට ම තමා මලුට කියායවන ලදැ"යි කිපී බිසවුන් මූණ බැලූහ.
රජ්ජුරුවන් බිසවුනට කිපී නියාව දැන මහබෝසතාණන්
වහන්සේ "දේවයන් වහන්ස, බිසවුන් වහන්සේට කුමකට කිපෙන
සේක්ද? මම අතනීතානාගත වර්තමාන සංඛ්‍යාත කාලත්‍රයවර්තී වූ
සියල්ල ම දනිමි. දේවයන් වහන්සේගේ රහස් වනාහී මට දේවීන්
විසින් කියන ලද්දේ වේවා ආචාරී සේනකයන්ගේ හා පුක්කුසාදීන්ගේ
රහස් මට කා විසින් කියන ලදද? මම උන්ගේ රහසුත් දනිම් මය"යි
කියා සේනකයන්ගේ රහස් පළමු කොට වදාරන සේක් "දේවයිනි,
සේනකයා මෙම නුවර අසවල් වෙශ්‍යා දුව මඟුල් සල් උයනේ දී
මරා පියා ඈ පළන් ආභරණ ඇගේ ම කඩින් පොදියක් කොට බැඳ
ගෙන අවුත් තමාගේ ගෙයි අසවල් තෙන තුබූයේය. ඉක්බිති තමා
කළ ලාමක පාප කර්මය තමාගේ එක් යහළුවකුට රහසිගත ව කිය.
ඒ රහස්ද මා විසින් අසන ලද. මම දේවයන් වහන්සේට සතුරු
නොවෙමි, සේනකයා සතුරාය, ඉදින් නුඹ වහන්සේට පසමිතුරකු ගෙන්
කාර්යයෙක් ඇත්නම් සේනකයා ඇල්ලුව මැනැව"යි වදාළ සේක.
රජ්ජුරුවෝ සේනකයන් මූණ බලා "සැබෑද සේනකයිනි, විචාරා
සැබෑව දේවයන් වහන්සැ"යි කී කල්හි ඔහු කර පය මස්වා සිර ගෙයි
ලන්නට විධාන කළහ.
පණ්ඩිතයන් වහන්සේද පුක්කුසයන්ගේ රහස් වදාරන සේක් "දේවයන් වහන්ස. මේ පුක්කුසයා නම් රජදරුවන් කරා නොඑළඹිය යුතු වූ අසාධ්‍ය කුෂ්ඨ රෝගයක් කලවයෙහි ඇති එකෙක, ඒ කුෂ්ඨරෝගය අත ලන්නටත් පිළිකුල් වන්නේය. නුඹ වහන්සේ පුක්කුසයාගේ කළව මොළොකැ'යි බොහෝ සේ උහුගේ කළවයෙහි ඉස තබාගෙන "සැතපෙන සේක. ඒ මේ වණයෙහි බැඳි කඩ රෙද්දෙහි මොළකය. දේවයන් වහන්සැ'යි කියා, "එසේ තමා ගේ රහස මලුට කීයේය, ඒ රහස කියන කල මා විසින් අසන ලද්දේය"යි වදාළ සේක. රජ්ජුරුවෝ පුක්කුසයන් මුහුණ බලා "සැබෑද පුක්කුසය"යි විචාරා, "එසේය දේවයන් වහන්සැ"යි කී කල්හි උනුත් දඟගෙයි ලැවූහ.
පණ්ඩිතයන් වහන්සේ කාවින්දයාගේ රහස් වදාරන සේක් "දේවයන් වහන්ස, යම් යක්ෂ විකාරයෙක් ඇති වූ කල්හි සත්ත්ව තෙමේ වියරු හුණු බල්ලකු සේ හඬා ඇවිදීද, එසේ වූ, රජ ගෙටත් නොවැද්ද යුතු වූ නපුරැ ස්වභාව ඇති නරදේව නම් යක්ෂයෙක් අව පසළොස්වක්හි මොහු ඇඟට නැඟෙයි. ඒ යක්ෂයා ඇඟට ආවිෂ්ට වූ කල්හි උන්මත්ත සුනඛයකු මෙන් සතර පය බිම ඔබා ගෙය මුළුල්ලෙහි හඬා ඇවිදී, ඒ යක්ෂ විකාරය තමාට ඇති නියාව තමාගේ රහස පුතුට කීයේය, ඔහු පුතුට ප්‍රකාශ කළ නියාව මා විසින් අසන ලදැ"යි වදාළ සේක. "රජ්ජුරුවෝ සැබෑද කාවින්දය"යි ච්චාරා "සැබෑය"යි කී කල්හි උනුත් දඟගෙයි ලැවූහ.
පණ්ඩිතයන් වහන්සේ දේවින්දයාගේ රහස් ප්‍රකාශ කරන
සේක් "දේවයන් වහන්ස, ප්‍රභාවතී බිසවුන් නිසා ඒ සා යුද්ධයක්
සජ්ජිත කොට ඈ රජ්ජුරුවන් සත් දෙනකු "මම සිංහස්වර කුස
රජය"යන වචන මාත්‍රයකින් පරාජය කොට ශත්රැ සේනාවෙහි කිසි
කෙනකුන් ඇට මැස්සකු බොන පමණක්, ලේ පොදක් නොසල්වා
චණ්ඩ පවණයෙකින් එක පැහැර වගුළ තල් වනයක් පරිද්දෙන් විසංඥා
කොට හෙළා යුද්ධයේ ජය ලත් නුඹ වහන්සේගේ මී මුත්නණුවන්
කුස රජ්ජුරුවන් වහන්සේට සන්තුෂ්ට ව ශක්‍ර දේවෙන්ද්රයන් විසින්
දෙන ලද්දා වු මහත් වූ මංගල සම්මත අෂ්ට වංක මාණිකා රත්නය
නුඹ වහන්සේගේ භාණ්ඩාගාරයෙහි තුබුවා, දැන් දේවින්දයා අතට
ගියේය. තමා මැණික සොරා ගත් නියාව රහස් කොට මවට
කීයේය. ඌ මවට කී රහසත් මා විසින් අසන ලද, දේවයන් වහන්ස,
මම නුඹ වහන්සේට පසමිතුරු නොවෙමි. මෙකී පණ්ඩිතවරුන්
සතර දෙන නුඹ වහන්සේට පසමිතුරෝය. පසමිතුරන්ගෙන් නුඹ
වහන්සේට කාරියෙක් ඇත්නම් මෙකී පණ්ඩිතවරුන් සතර දෙන
අල්ලාගෙන කැමැත්තක් කළ මැනැව"යි වදාළ සේක. රජ්ජුරුවෝ
"සැබෑද දේවින්දය"යි අසා "සැබවැ"යි කී කල්හි උනුත් දඟගෙයි ලවා
පීහ.
මෙසේ සේනකාදී පණ්ඩිතවරු "බෝධිසත්න්වයන් වහන්සේ
මරම්හ"යි හැම දෙන ම සිරගෙට වන්නාහ. බෝධිසත්ත්වයන්
වහන්සේද, "දේවයන් වහන්ස, මේ නිසාය, තමන් සිත උපන් රහස් කටයුත්ත
මුදුන් පැමිණියොන් මුත් අනුන්ට නොකිය යුතුය කීයේ"යි කී සේක.
"අසවලුන් අසවලුනට රහස් කීම යහපතැ'යි
කිවාහු මහත් විනාශයට පැමිණියෝය"යි වදාරා මත්තෙහි ධර්ම
දේශනා කරන සේක්, "මහරජ, රහස් නම් දෙය සැඟවීම යහපත.
නුවණැත්තෝ "රහස් ප්‍රකාශ කිරීම උතුමැ"යි නොකියන්නාහ.
යම්තාක් නමා සිතූ දෙය මුදුන් නොපැමිණියේ නම් ඒ තාක් ම
නිධානයක් රක්නා මෙන් නුවණැත්තේ ඉවසන්නේය. නිෂ්පන්න වූ
අර්ථ ඇත්තේ කැමැති පරිද්දෙන් ප්‍රකාශ කරන්නේය. තව ද දේවයන්
වහන්ස, විශේෂයෙන් රහස් නොකිය යුත්ත අසා වදාළ මැනැව. මේ
ලෝකයෙහි ස්ත්‍රී තොමෝ හදවතක් සේ වෙසේ නමුත් නුවණැත්තේ
ගෑනියටන් රහස් නොකියන්නේය. යමෙක් ආමිෂයෙන් සිත් ගතයුතු
නම් එසේ වූ තැනැත්තවුටද යමෙක් සතුරු ව මිතුරකු සේ මුඛයෙන්
එකක් බැණ සිතින් එකක් සිතා නම් එසේ වූ කූට සිත් ඇත්තාහට
ද රහස් නොකියන්නේය. යම් අඥානයෙක් කිසිවක්හට ප්‍රකාශ
නොකටයුතු රහස යමක්හට කීයේ වී නම් ඔහු මරතොත්, ආක්‍රෝශ
පරිභව බණතොත් දාසයකු පරිද්දෙන් "තමා කී රහස් ප්‍රකාශ කෙළ්
වී නම් නපුරැ'යි යන සිතින් සියලු නින්දා ම ඉවසන්නේය. තමා සිත
උපන් රහස යම් තාක් දෙන දනිත් නම් ඒ මන්ත්‍රණය කළා වූ එතෙක්
දෙනා කෙරෙහි ම "මුන් විසින් ප්‍රකාශ වේදෝ හෝ"යි එතෙක්ම භය
ඕහට උපදනේය. එසේ හෙයින් රහස් කිසිවක්හට නොකියන්නේය.
ඉඳින් දහවල් රහස් මන්ත්‍රණයක් කරනු කැමැති හොත් අවකාශයක්
කරවාගෙන හෙළි තැනක දී මන්ත්‍රණය කරන්නේය. ඉදින් රෑ
මන්ත්‍රණයක් කරනු කැමැත හොත් කන් සීමා නොඉක්මවා උන්ගේ
කනින් බැහැරට තෙපල නොයන ලෙස සෙමෙන් ප්‍රකාශ කරන්නේය.
කුමක් හෙයින්ද යත් භිත්ති ප්රාකාරාදී ප්‍රච්ඡන්න ස්ථානයෙහි සිටි
කෙනෙක් ඇත්නම් මන්ත්‍රණය අසන්නාහ. එසේ හෙයින් දේවයන්
වහන්ස, ඒ මන්ත්‍රණය භේද වන්නේය"යි වදාළ සේක.
රජ්ජුරුවෝ මහබෝසතාණන් වහන්සේගේ ධර්ම කතාව
අසා "මොව්හු තුමූ ම රාජද්‍රෝහී ව නිරපරාධ වූ පණ්ඩිතයන් මට
ද්‍රෝහ කරන්නාහ"යි කිපී, "යව කොල මේ කොල්ලන් මර-මරා
නුවරින් පිටත් කොට වාසල් දොර සමීපයෙහි අගල් ඔස්සේ ගෙන
ගොස් හුල හෝ හිඳුවව, ඉස් කපා පියා අගළට හෝ දමා පියව"යි
නියම කළහ. උන් පිටතලහයා බැඳ සන්ධි සන්ධියෙහි සිටුවා කටු
සැමිටියෙන් සිය ගණන් පහර ගස-ගසා මරන්නට ගෙන යන වේලෙහි
පණ්ඩිතයන් වහන්සේ, "දේවයිනි, මොවුහු තුමූ නුඹ වහන්සේගේ
පුරාතන අමාත්යයෝය, උන්ගේ වරද ක්ෂමා කළ මැනැව"යි
රජ්ජුරුවනට වදාළ සේක. "යහපතැ"යි ගෙන්වා බෝධිසත්ත්වයන්
වහන්සේට ම දස් කොට පාවා දුන්හ. උන් වහන්සේ වනාහි
පණ්ඩිතවරුන් එතැනදී ම නිදහස් කළ සේක. "එසේ වී නම් මාගේ
විජිතයෙහි සිටිය නොහැක්ක"යි රටින් නෙරනට නියෝග කළ
සේක. පණ්ඩිතයන් වහන්සේ "නුවණ නැත්තන්ගේ වරද ක්ෂමා කළ
මැනැව"යි දිව්‍ය-ඖෂධයකින් අසාධ්‍ය ව්‍යාධියක් සංහිඳුවන්නාක්
මෙන් තමන් වහන්සේගේ වචනෞෂධයෙන් රජ්ජුරුවන්ගේ කෝප
ව්‍යාධිය සන්හිඳුවා ක්ෂමා කරවා උන්ගේ තනතුරු පෙරැ පරිද්දෙන්
දෙවා වදාළ සේක. රජ්ජුරුවෝ, පසමිතුරන් කෙරෙහි දූ මුන්ගේ
මෛත්‍රිය මෙබඳුය. සෙස්සවුන් කෙරේ මෛත්‍රි කෙබඳු වන්නීද"යි
පණ්ඩිතයන් වහන්සේට වැඩියක් ම සතුටු වූහ. එතැන් පටන්
කොට සේනකාදී පණ්ඩිතවරු සතර දෙන දළ උදුරාපු සර්පයන්
මෙන් වැඩියක් ප්‍රභූ ශක්තියක් නැති ව බෝධිසත්ත්වයන් වහන්සේට කිසිවක්
කියන්නට අසමර්ථ වූහ.
පරිඛණ්ඩ කථා ද නිමියේ යැ.
21. මහෞෂධ පණ්ඩිතයන්ගේ රාජ්‍ය පාලනය
එතැන් පටන් කොට පණ්ඩිතයන් වහන්සේ ම රජ්ජුරුවන්ට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන සේක. උන් වහන්සේ රජ්ජුරුවනට ධවලච්ඡත්‍රය මය. රාජ්‍යය විචාරන්නේ නම් මම් මැය. එසේ හෙයින් "මා විසින් නොපමා විය යුතුය"යි සිතා සත් යොදුන් මියලු නුවර වටා ක්ෂිර සාගරයෙන් නැඟී තරංග මාලාවක් සේ ධවල වූ අටළොස්රියන් පමණ උස මහා සීමා පවුරක් ලැවූ සේක. ඒ පවුර ගාවා ඇතුළතින් තරය පිණිස මහා පදනමක්ද වට කොට සිය ගණන් සාරි ගෙවල් හා වට බඳ වෙට්ටම්ද ලවා වාසලක් පාසා පිටත පුලිමුඛම්ද ඒ ඒ ස්ථානයෙහි බල කොටුද කරවූ සේක. සීමා පවුර වටා පිටතින් ශිශුමාර මකරාදි චණ්ඩ මත්ස්‍යයන් විසින් ගහණ වූ පංචවිධ පද්මයෙන් සඤ්ජන්න දිය පිරුණු අගළක්ද ඒ වටා කලල් අගළක්ද ඒ වටා වියළි අගළක්දැයි තුන් අගළක් බිඳවූ සේක. ඇතුළු නුවරැ මාලු ගෙවල් මුළුල්ල කටුකෝල් පෙරැළවූ සේකැ; ඒ ඒ ස්ථානයයෙහි මහපොකුණු බිඳු දමා එහි දිය පිර වූ සේක. නුවර සියලු කොටු ගෙවල් වී පිරවූ සේක. හිමාලය වන ප්‍රදේශයෙන් කුලුපග තාපසවරුන් ලවා අරුණුවන් මඬ හා ඇඹුල් බිජුවට ගෙන්වා තැබ්බ වූ සේක. බොහෝ කලක් රොන් බොර ගසා වැලි බොර අශුද්ධ ඇළ හෝ ආදිය සකස් කරවා වාරි මාර්ගවල් සුණු මැටි කවා ශුද්ධ කරවා පිටි නුවරද සුන්බුන් තැන් පිරියම් කරවූ සේක. මේ හැම කුමක් නිසාද යතහොත් මත්තෙහි සතුරන් විසින් වන භය වළකන පිණිසැ යැ.
ඒ ඒ නුවරවලින් ආ වෙළෙඳුන් අතින් “කොයි
සිට අවුදැ”යි විචාරා “අසවල් රට සිට ආම්හ”යි කී කල “තොපගේ
රජ්ජුරුවන්ට කුමක් ප්‍රියදැ”යි විචාරා “අසවල් දෙය ප්‍රියය” යනු අසා ඒ
වෙළඳුනට කළමනා සත්කාර කොට තමන් වහන්සේගේ එක් සියයක්
යෝධයන් බණවා “සබඳිනි, මා දුන් පඬුරු ගෙන දඹදිව එක් සියයක්
රාජධානියට ගොස් මේ පඬුරු තොප කෙරෙහි සෙනෙහස තබන
පිණිස ඒ ඒ රජදරුවනට දීලා ඒ ඒ රජදරුවනට සේවාකම් කොට
උන්ගේ කරන ක්‍රියාවක්වත් බණන මන්ත්‍රණයක්වත් කියා එව එවා
එහි ම වසව්. මම තොපගේ අඹුදරුවන් රක්ෂා කෙරෙමි” කියා සමහර
රජදරු කෙනකුනට මැණික්මය කුණ්ඩලාභරණද සමහර රජදරු
කෙනකුට රන් මිරිවැඩිද සමහර රජදරු කෙනකුට රන් මාලාද තමන්
වහන්සේගේ නම අකුරු කොටා "යම් දවසෙක මාගේ කාර්යයෙහි
නිෂ්ඨාවෙක් වේද එදවස් මේ අකුරු බැලුවනට පෙනේව”යි අධිෂ්ඨාන
කොට ඒ එක් සියයක් යෝධයන් අත යැවූ සේක.
ඒ යෝධයෝ ඒ ඒ නුවරට ගොස් ඒ රජදරුවනට තම තමන්
ගෙන ගිය පඬුරු දී “නුඹ වහන්සේට සේවා කම් කරන්නට ආම්හ”යි
කියා රජදරුවන් විසින් “කොයි සිට අවුදැ”යි විචාරණ ලද්දාහු තමන්
ආ නුවර තබා අනික් නුවරක් කියා රජ්ජුරුවන් විසින් 'යහපතැ'යි
රඳවන ලදුව සේවා කම් කරන්නාහු ඒ ඒ රජදරුවනට ආත්ම සමාන
වූහ.
එ සමයෙහි ඒකබල රට සංඛපාල නම් රජ්ජුරු කෙනෙක්
ආයුධ සන්නාහ සැපයීම කරන්නාහ. සේනාව රැස් කරන්නාහ. ඒ
රජ්ජුරුවන් සමීපයෙහි සිටි යෝධයාණෝ පණ්ඩිතයන් වහන්සේට
"මේ රට රජ්ජුරුවෝ මෙසේ වූ ප්‍රයෝගයක් කෙරෙති. කුමක් බවක්
නොදනිමි. සුදුසු කෙනකුන් එවා තත්වය දත මැනැව"යි එවූහ.
ඉක්බිති මහබෝසතාණන් වහන්සේ ගිරාපෝතකයන් බණවා
“සබඳ ගොස් ඒකබල රට සංඛපාල රජ්ජුරුවෝ මෙනම් ප්‍රයෝගයක්
කෙරෙති, ඒ දැන ගෙන දඹදිව මුළුල්ලෙහි ඇවිද ඒ ඒ රට පවත් දැන
ගෙන එව”යි කියා විලඳ කවා මී පැන් පොවා ශතපාක සහශ්රපාක
තෛලයෙන් දෙපියාහස්ස මැඬ නැගෙනහගිරි සීමැදුරු කවුළුව
සමීපයෙහි සිට ගිරා පණ්ඩිතයන් හළ සේක. ගිරා පෝතකයෝද
ඒකබල රට ගොස් සංඛපාල රජ්ජුරුවන්ගේ සමීපයෙහි සිටි යෝධයන්
අතින් රජ්ජුරුවන්ගේ පවත් තත් වූ පරිද්දෙන් දැන දඹදිව මුළුල්ල
පරීක්ෂා කරන්නාහු කම්පිල්ල රට උත්තර පංචාල නුවරට පැමිණිය හ.
22. සතරකන් මන්ත්‍රණය
එසමයෙහි උත්තර පංචාල නුවර චූලනි බ්‍රහ්මදත්ත නම් රජ්ජුරු කෙනෙක් රාජ්‍යය කෙරෙත්, ඒ රජ්ජුරුවනට කේවට්ට නම් බමුණු කෙනෙක් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්නාහ. ඌ තුමූ නුවණැත්තාහ. වියත්තාහ. ඒ කේවට්ටාචාරි එක් දවසක් තුමූ අලුයම් වේලෙහි පිබිද සුවඳ තෙලෙහි නඟන ලද පහන් ආලෝකයෙන් ගන්ධදාම පුෂ්පදාමාවලම්බිත නා නා වර්ණ විචිත්‍ර විතානෝපලක්ෂිත අලංකෘත ශ්‍රී යහන් ගර්භය බලන්නාහු මහත් වූ සම්පත් දැක "මේ මාගේ යසස කවුරුන් සන්තකදෝ හෝ”යි සිතන්නාහු, අනික් කෙනකුන් සන්තක නොවෙයි, චූළනී බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුවන් සන්තකය. මෙබඳු සම්පත් දුන් රජ්ජුරුවන් සියලු දඹදිව අග රජ කළොත් යහපත, එසේ වුව හොත් මමත් අග්‍ර පුරෝහිත වෙමි'යි සිතා උදාසනක් සේ ම රජ්ජුරුවන් සමීපයට ගොස් රෑ දවස සුවයෙන් නිදිලත් පරිදි විචාරා “දේවයන් වහන්ස, කොට ලිය යුතු කතාවෙක් ඇතැ”යි කීහ. රජ්ජුරුවෝ “කියව ආචාරීනි”යි කීහ. “දේවයන් වහන්ස, ඇතුළු නුවර දී රහස් කියන්නට නොපිළිවන. මඟුල් උයනට යම්හ”යි කීහ. “රජ්ජුරුවෝ යහපත ආචාරිනී”යි කියා බමුණාන් හා සමඟ උයනට ගොස් සේනාව පිටත සිටුවා වට කොට රැකවල් ලවා බමුණන්හා සමඟ ඇතුළු උයනට වැද මඟුල් සල්වටෙහි හුන්හ.
ගිරා පණ්ඩිතයෝ මේ ක්‍රියාව දැක “මේ එක් කාරණයෙක් වූව මැනැව, අද පණ්ඩිතයන් වහන්සේට කියයුතු කිසිවක් අසමි”යි උයනට වැද මඟුල් සල් ගස කොළ අතුර සැඟ වී උන්හ. රජ්ජුරුවෝ බමුණාට “කිය යුතු රහස් කියව ආචාරීනි”යි කීහ. “දේවයන් වහන්ස, නුඹ වහන්සේගේ කන මෑතට නමාලුව මැනැව. මේ මන්ත්‍රණය සතර කන් මන්ත්‍රණය නම් වන්නේය. එහෙයින් නුඹ වහන්සේගේ දෙකන හා මාගේ දෙකන හා මුත් අනිත් කනකට නොයා යුතු වන්නේය. ඉදින් දේවයන් වහන්ස, මා කීවා කරන සේක් නම් සියලු දඹදිවට නුඹ වහන්සේ අග රජ කොටලමි”යි කීහ. චූළනී බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝද මහත් වූ රාජ්‍ය ලෝභයෙන් යුක්ත බැවින් බමුණන්ගේ බස් අසා සතුටු ව “කියව ආචාරීනි, තොප කීවක් කෙරෙමි”යි කීහ.
“දේවයන් වහන්ස, අපි සේනාව රැස් කොට ගෙන පළමු කොට කුඩා නුවරක් වට කොට
ගනුම්හ, මම කුරුබිලියෙන් ඇතුළු නුවරට වැද ඒ නුවර රජ්ජුරුවනට
‘දේවයෙනි, තොප හා අප හා සටන් කොට කාරියෙක් නැත, හුදෙක්
අප නතුවව, තොපගේ රාජ්‍යය තොපට ම වන්නේය. සටන් කළෝ
නම් අපගේ සේනා වාහන මහත් හෙයින් ඒකාන්තයෙන් ම පරදුව'යි
කියමි. ඉදින් මා කී ලෙස නොකළෝ නම් සටන් කොට අල්වාගෙන
මරා පියා උන්ගේ සේනාවක් හැරගෙන අනික් නුවරකට යම්හ, ඒ
නුවරත් එසේ මං කොට ගෙන ඉන් අනික් නුවරකැයි මේ සැටියේ
ම සියලු දඹදිව රාජ්‍යය ගෙන 'ජය පානය අනුභව කරම්හ' කියා එක්
සියයක් රජදරුවන් අපගේ නුවරට ගෙනවුත් උයන දී රා මණ්ඩලයක්
සාදා උන්හැම දෙනා 'රා බොන්නටය'යි රා මැඬිල්ලේ හිඳුවාලා විෂ
'යොදා කරන ලද්දා වූ රා අනුභව කරවා උන්හැම දෙනාම ජීවිත
විනාශයට පමුණුවා ගඟ දියට දමා එක් සියයක් රාජධානියෙහි රාජ්‍ය
අත්පත් කොට ගනුම්හ. එසේ කල්හි ඔබ වහනසේ සියලු දඹදිවට
අග රජ වන සේකැ”යි කීහ. රජ්ජුරුවෝ “යහපත ආචාරිනී තොප කී ලෙස ම කෙරෙමි”යි
කීහ. “දේවයන් වහන්ස, මේ මන්ත්‍රණය සතර කන් මන්ත්‍රණය
නම් වෙයි. අනික් කෙනකුන් දත නොහැක්කේය. එසේ හෙයින්
කල් නොයවා යහපත් නැකතකින් වහා නික්මුණ මැනැව”යි කීහ.
රජ්ජුරුවෝ “යහපතැ”යි ගිවිස්සාහ.
ගිරා පෝතකයෝ ඒ මන්ත්‍රණය
අසා නිමවා උන් දෙදෙනා මන්ත්‍රණය කොට අන්තයෙහි සාල්ලෙක
ලාලා පාතට බාන කෙනකුන් මෙන් කේවට්ට බමුණා හිස වර්චස්
පිඬක් හෙළා “කිමෙක්දැ”යි කට දල්වාගෙන උඩ බැලූ තැනැත්තවුන්ගේ
මුඛය නැවත වර්චස් හෙළා “ක්‍රීන්”'යන අනුකරණයෙන් හඬමින්
කොළොත්තෙන් උඩ නැඟී “කේවට්ටය තෝ තමාගේ මන්ත්‍රණය
සතරකන් මන්ත්‍රණයයි සිතයිද? දැන් ම සකන් ව ගියේය. නැවත
අට කනකට ගොස් පසු ව නොයෙක් සිය කනකට යන්නේය”යි
කීහ. ගිරවා “කොල ගනුව”යි කියද්දී ම පවනට බඳු වේගයෙන්
පියාසර කොටගෙන මියුලු නුවරට ගොස් මහෞෂධ පණ්ඩිතයන්
වහන්සේගේ ප්‍රාසාදයට වන්හ.
ඒ ගිරා පණ්ඩිතයන්ගේ මෙ බඳු වතෙක් ඇත්තේය:- ඉදින් කිසි තෙනකින් ගෙනා හස්නක් පණ්ඩිතයන් වහන්සේට පමණක් කිය යුතු වී නම් උන් වහන්සේගේ දසරුවට බස්නාහ. ඉදින් අමරා දේවීනුත් ඇසුව මනා වී නම් ඇකයෙහි ගොස් හිඳුනාහ. ඉදින් බොහෝ දෙනාත් ඇසුව මනා වී නම් බිමට බස්නාහ. එ දවස් ගිරා පණ්ඩිතයෝ පණ්ඩිතයන් වහන්සේගේ දසරුවෙහි බැස උන්හ. ඒ සලකුණෙන් “රහසැ බිණියයුතුය”යි අමරා දේවීන් හා බොහෝ දෙන ඉවත් ව ගියහ. පණ්ඩිතයන් වහන්සේ සුව පෝතකයන් හැර ගෙන මතු මාල්තලයට නැඟී “සබඳ තොප විසින් කුමක් දක්නා ලදද? කුමක් අසන ලදද”යි විචාළ සේක. ඉක්බිති ගිරා පණ්ඩිතයෝ බෝධිසත්ත්වයන් වහන්සේට ”මම දේවයිනි! සියලු දඹදිව අනික් රජ්ජුරු කෙනකුන් සමීපයෙන් කිසි භයක් නුදුටීමි. උත්තර පංචාල නුවර චූළනී බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්ගේ කේවට්ට නම් පුරෝහිතයාණෝ රජ්ජුරුවන් උයනට ගෙන ගොස් සතරකන් මන්ත්‍රණයක් කළහ. මම මඟුල් සල්ගස සල් අත්තක් ඇතුළේ සැඟ වී මන්ත්‍රණය අසා නිමවා ගෙන කේවට්ට බමුණා කට වර්චස් පිඬක් හෙළා පියා ආමි” කියා සියලු තමන් දුටු දෙයත් ඇසූ දෙයත් පණ්ඩිතයනට දැන් වූහ. උන් වහන්සේ විසින් “රජ්ජුරුවෝ ගිවිස්සෝද” යි විචාළ කල්හි “ගිවිස්නා ලදය දේවයෙනි” කීහ.
පණ්ඩිතයන් වහන්සේ ගිරා පෝතකනයට කළමනා සත්කාර කොට හෙවත් මීයෙන් හැණූ විලඳ කවා මී පැන් පොවා බේත් තෙලින් පියා සඟළ මැඬ මොළොක් ඇතිරිලි අතුරන ලද රන් මැදිරියෙහි සතප්පා කේවට්ටයා මා මහෞෂධ පණ්ඩිත බව නොදනී සිතමි. දැන් ඔහු කළ මන්ත්‍රණය මුදුන් පැමිණිය නොදෙමි. සිතා ඇතුළු නුවර හුන් දිළිඳුන් පිටත් කරවා පිටි නුවර ලැවූ සේක. පිට රටින් දනවුවලින් සතර වාසල නියම්ගම් සතරින් වස්ත්රාභරණ ධනධාන්‍යාදීන් සමෘද්ධ වූ ඉසුරුමතුන් ගෙන්වා ඇතුළු නුවර වැස් වූ සේක, බොහෝ ධන ධාන්‍ය රැස් කරවූ සේක.
23. මන්ත්‍රණය නිෂ්ඵල වීම
චූළනී බ්‍රහ්මදත්ත රජ්ජුරවෝද කේවට්ටයන්ගේ බස් ගෙන හස්තාශ්වාදී සෙනඟ පිරිවරා ගොස් එක් කුඩා නුවරක් වටලා ගත්හ. කේවට්ට බමුණු තමායට කී සැටියේ ම කුරුබිලයෙන් ඇතුළු නුවරට වැද කාරණා කාරණා ඒ රජ්ජුරුවනට කියා තමන් වසඟ කොට ගෙන දෙසේනාව එක් කොටගෙන අනික් නුවරක රජ්ජුරුවනැයි මෙසේ චූළනී බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝ කේවට්ටාචාරින්ගේ අවවාදයෙහි සිට වේදේහ රජ්ජුරුවන් තබා සෙසු සියලු දඹදිව රජ්ජුරුවන් තමන් නතු කළහ. බෝධිසත්ත්වයන් වහන්සේ විසින් ඒ ඒ රජ්ජුරුවන් සමීපයෙහි සිටුවන ලද පුරුෂයෝද බ්‍රහ්මදත්ත රජ්ජුරුවන් විසින් “අදවකට මෙතෙක් නුවර ගන්නා ලදැයි පණ්ඩිතයන් වහන්සේ නොපමා වන සේක්ව”යි කියා නිරන්තරයෙන් හසුන් එවන්නාහ. උන් වහන්සේද ඒ යෝධයනට “මම මෙහි පමාවක් නැත්තෙමි, තෙපි උකටලී නොව නොපමා ව වසව”යි කියා යවන සේක.
බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝ සත්හවුරුදු සත් මස් සත්දවසකින්
වේදේහ රජ්ජුරුවන්ගේ රාජ්‍යය තබා සෙසු දඹදිව රාජ්‍යයන් ගෙන
කේවට්ට බමුණට “ආචාරීනි, මියුලු නුවර වේදේහ රජ්ජුරුවන්ගේ
රාජ්‍යය ගනුම්හ”යි කීහ. “දේවයන් වහන්ස, මහෞෂධ පණ්ඩිතයන්
වසන නුවර රාජ්‍යය ගන්ට නොපෙහොසතුම්හ. ඒ පණ්ඩිතයන්
වනාහී මෙබඳු නුවණැත්තාහ. ඉතා ම උපායවන්තහ”යි මෙසේ ඒ
කේවට්ට බමුණු ආචාරී විස්තර කොට සඳ මඩලෙහි අඳනා කෙනකුන්
මෙන් බෝසතාණන් වහන්සේගේ ගුණ රජ්ජුරුවන්ට කීහ. ඒ ආචාරී
වනාහි තුමූත් උපායවත්හු මය. එසේ හෙයින් “මියුලු රාජ්‍යය නම්
ස්වල්පය. සියලු දඹදිව රාජ්‍යය අපට සෑහෙයි එක් රාජ්‍යයකින් අපට
කාරිය කිම්ද”යි උපායෙන් රජ්ජුරුවන් ගිවිස්සූහ. සෙසු රජදරුවෝ
“අපි මියලු පුර රාජ්‍යය ගෙන ම ජය පානය බොම්හ”යි කියන්නා
කේවට්ට ආචාරී උනුන් කාරණා කියා වළකා “වේදේහ රාජ්‍යය ගෙන
කුමක් කරමෝද? ඒ රජ්ජුරුවෝත් අප නතුවෝමය නවතුව”යි එක්
සියයක් රජදරුවන් උපායෙන් ගිවිස්සූහ.
ඒ රජ්ජුරුවෝ කේවට්ට නම් බමුණන්ගේ බස් අසා මියුලු
නුවරට යන ගමන් නැවැත්තාහ. බෝසතාණන් වහන්සේට ඔබ
වහන්සේගේ චරපුරුෂයෝ “බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝ එක් සියයක්
රජදරුවන් පිරිවරා මියුලු නුවරට නික්මුණාහු නැවත තමන්ගේ
නුවරට නැඟී ගියහ”යි හසුන් එවූහ. බෝධිසත්ත්වයන් වහන්සේද ඒ
පුරුෂයනට “මෙතැන් පටන් කොට රජ්ජුරුවන් කරන ක්‍රියාවක් දැන
එවන්නේය”යි කියා නැවත හසුන් යැවූ සේක.
බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝද කේවට්ටයන් හා සමඟ “විෂ මිශ්‍ර
සුරා පානය අනුභව කරවා රජදරුවන් මැරීම් සංඛ්‍යාත ඒ කටයුත්ත
දැන් කරම්හ”යි මන්ත්‍රණය කොට “අපි ජය පානය බොම්හ”යි කියා
මඟුල් උයන නඳුන් උයනක් සේ සරහා දහස් ගණන් මඩම්වල රා පුරා
තබ්බවා අනේක ප්‍රකාර මසවුළු ඒ ඒ ස්ථානයෙහි වළන් පුරා විෂ මිශ්‍ර
රැස් කොට තබව”යි අමාත්යයනට විධාන කළහ. එපවත් පණ්ඩිතයන්
වහන්සේට අන්තස්සර පුරුෂයෝ කියා යවූහ. ඔහු වනාහි විෂ යොදා
රජ්ජුරුවන් මරනු කැමැති නියාව නොදනිති. මහබෝසතාණන්
වහන්සේ වනාහි ගිරා පොතකයන්ගේ අතින් ඇසූ බැවින් දන්නා
සේක. එසේ හෙයින් උන් වහන්සේගේ අන්තස්සරයනට “ජයපානය
බොන දවස් නියම කොට කියා එවවුය”යි නැවත හසුන් යැවූ සේක.
ඒ යෝධයෝ වදාළ ලෙස ම දවස් නියම කොට යවූහ.
ඒ අසා පණ්ඩිතයන් වහන්සේ “මා බඳු පණ්ඩිත කෙනකුන්
ජීවත් ව හින්ද දී ම මෙතෙක් රජ දරුවන් මිය යා යුක්ත නොවන්නේය.
උන්ට මා පිටුවහල් වුව මැනැව”යි සිතා තමන් වහන්සේ හා එක
දවස උපන් යෝධයන් දහස බණවා “සබඳිනි, චූළනී බ්‍රහ්මදත්ත
රජ්ජුරුවෝ උයන සරහවා එක් සියයක් රජදරුවන් පිරිවරා සුරා
පානය අනුභව කරනු කැමැත්තෝල, තොපි ඔබ ගොස් රජ්ජුරුවනට
අසුන් පණවා ලූ කළ කිසි කෙනකුන් නොහිඳිනා තුරු ම චූළනී
බ්‍රහ්මදත්ත රජ්ජුරුවන් හිඳිනට පැන වූ අස්නට ඉක්බිති පැනවූ
මාහැඟි අස්නක් අපගේ රජ්ජුරුවනටය'යි ගෙන ඒ රජදරුවන්ගේ
සේනාව විසින් “තෙපි කවුරුන්ගේ සේනාදැ”යි කී කල “වේදේහ
රජ්ජුරුවන්ගේ සේනා වම්හ”යි කියව. “කුමක්ද අපි සත්හවුරුදු සත්
මස් සත් දවසක් මුළුල්ලෙහි දඹදිව රාජ්‍ය ගන්නමෝ එක දවසකුත්
වේදේහ රජ්ජුරු කෙනකුන් නුදුටුම්හ, වේදේහ රජ්ජුරුවෝ නම්
කවරනුද? යව. උනට උවමනා වී නම් කෙළවර අස්නක් ගනුව”යි
තොප හා සමඟ කලහ කරන්නාහ. තෙපි “බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්
විනා අපගේ රජ්ජුරුවනට වැඩි තරම් කෙනෙක් නැතැ”යි කලහ වඩා
ගෙන “අපගේ රජ්ජුරුවන්ට අස්න පමණකුත් නොලබන්නමෝ දැන්
තොප රාත් පිය නොදෙම්හ'යි මස් අවුලු ආදියත් කෑ නොදෙම්හ”යි
වාසි බෙණෙමින් සිංහ නාද ඇසූ මුව පොල්ලන් පරිද්දෙන් තොපගේ
අභීත ශබ්දයෙන් ම උන් භය ගන්වාය මුගුරු බාලා සියලු රා මස්
සැළවල් තූතූ කොට පියා වහා රා මස් අවුලු විසුරුවා නොකෑ හැකි
පරිද්දෙන් කොට දීවීමෙන් ගොස් සේනා මධ්‍යයට වැද ශක්‍රපුරයට
වන් අසුර භටයන් පරිද්දෙන් මහත් අරගල කොට "අපි මියුලු නුවර
මහෞෂධ පණ්ඩිතයන්ගේ යෝධයම්හ, පිළිවන් වී නම් අප අල්වා
ගනුවයි, තොප ගිය බව හඟවා එව”යි කියා යෝධයන් දහස යැවූ
සේක.
ඒ යෝධයෝත් බෝධිසත්ත්වයන් වහන්සේ වදාළ බස් මුදුනෙන් පිළිගෙන වැඳ සමුගෙන දුනු මුගුරු අඩයටි පත්කොහොල් පාරාවළලු යයි යන පංචායුධ සන්නද්ධ ව උතුරු පසල් දනවුව නුවරට ගොස් නඳුන් උයන මෙන් සරහන ලද උයනට වැද, නඟන ලද දළපුඬු සේසත් ඇති එක් සියයක් රාජාසන ආදී වූ පිළියෙළ කොට තබන ලද ශ්‍රී විභූතීන් දැක මහබෝසතාණන් වහන්සේ විසින් වදාරන ලද ක්‍රමයෙන් ම සියල්ල කොට සේනාව මධ්‍යයට වැද බොහෝ දෙන ක්ෂෝහ කොට තමන්ගේ මියුලු නුවරට පලා ගියාහ.
24. මියුලු නුවර වට ලෑම
චුලනී රජද 'එක් සියයක් රජදරුවන් මරන පිණිස ශෘඞ්ගි ලා ඉදිකරන ලද මෙබඳු සුරා පානය මහෞෂධ පණ්ඩිතයන් විසින් බාධා කෙළේය'යි කිපියේය. එක් සියයක් රජදරුවෝද ‘අපට ජය පානය බී ගත නුදුන්හ'යි කිපියෝ ය. සේනාවද අපි නොමිලයේ බොන සුරා පානය නොලද්දම්හ'යි කිපිය හ. බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝද එක් සියයක් රජදරුවන් බණවා "එච පින්වත්නි. මියුලු නුවර ගොස් වේදේහ රජ්ජුරුවන්ගේ ඉස තල් පැන් පලක් මඬනා සේ කඩුවෙන් කපා පියා දෙපයින් මැඬ ගෙන හිඳ ජය පානය බොම්හ. සේනාව ගමනට සැරසී ගෙන එන පරිද්දෙන් විධාන කරව”යි කියා නැවත රහසිගත ව කේවට්ටයනටද එපවත් කියා “අප ගේ මෙබඳු මන්ත්‍රණයකට බාධා කළා වූ පසමිතුරා ගනුම්හ, එක්සියයක් රජදරුවන් හා අටළොස් අක්ෂෞහිණියක් පමණ සේනාව පිරිවරා ඒ මියුලු නුවරට යම්හ, අප කැටුව එව ආචාරීනී” කීහ.
බමුණානෝ තමන් නුවණැනි හෙයින් ‘මහෞෂධ පණ්ඩිතයන්දෑ ගන්නට නොපිළිවන, ගියොත් අපට මහත් ලජ්ජා වන්නීය’. කාරණා කියා රජ්ජුරුවන් නවතමියි සිතා රජ්ජුරුවනට “දේවයිනි, මේ වේදේහ රජහුගේ බලයෙක් නොවෙයි. මහෞෂධ පණ්ඩිතයන්ගේ විධාන යැ, ඌ තුමූ මහානුභාව ඇත්තාහ. ඒ මහෞෂධ පණ්ඩිතයන් විසින් රක්නා ලද මිථිලා නම් රාජධානිය සිංහයකු විසින් රක්නා ලද රන් ගල් ගුහාවක් පරිද්දෙන් වෙන කිසි කෙනකු විසින් ගන්නට නොහැක්කීය. ගියොත් හුදෙක් අපට ම ලජ්ජා වන්නීය. ඔබ ගමන නොකැමැත්තෙමි” යි කීහ. රජ්ජුරුවෝ වනාහී රාජ මානයෙන්ද ඉසුරු මදයෙන් ද මත් ව දණ්ඩකින් පහරන ලද සර්ප රාජයකු සේ කෝපයෙන් දිලිහී ඒ මහෞෂධයා කුමක් කෙරේදැ'යි කියා එ සේ ම අභිමාන පුරස්සර වූ එක් සියයක් රජදරුවන් පිරිවරා වේරම්බ වාතයෙන් හැළලී ගිය මහා සාගරය සේ කෝප නමැති වාතයෙන් හැළලී ගිය අටළොස් අක්ෂෞහිණියක් සේනාවෙන් යුක්තව නික්මුණාහ. කේවට්ටයෝද තමන්ගේ බස් රජ්ජුරුවන් සිතට නංවාගත නොහී රජ්ජුරුවනට පටහැණි වීම නම් යුක්ත නොවෙයි සිතා රජ්ජුරුවන් හා සමඟ නික්මුණාහ.
බෝධිසත්න්වයන් වහන්සේ විසින් බ්‍රහ්මදන්ත රජ්ජුරුවන්ගේ
ජයපානය විධ්වංසනය කරන්නට එවන ලද්දා වූ දහසක් යෝධයෝ
තමන් ආ කටයුතු සම්පාදනය කොට එක දවසින් ම රාත්‍රිය මුළුල්ලෙහි
ගොස් මියුලු නුවරට පැමිණ තමන් කළ කටයුතු පණ්ඩිතයන්
වහන්සේට දැන්වූහ. පළමු ඒ ඒ රජ්ජුරුවන් සමීපයට යවන ලද්දා වූ
චරපුරුෂයෝද පණ්ඩිතයන් වහන්සේට චූළනී බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝ
'වේදේහ රජ්ජුරුවන් ගනුම්හ'යි එක් සියයක් රජුන් පිරිවරා එන්නාහ.
‘පණ්ඩිතයන් වහන්ස, පමා නොවන සේක්වා'යි හසුන් එවූහ. 'අද
අසවල් තෙන ලැඟුම් ගත්තාහ. අද අසවල් තැන ලැගුම් ගන්නාහ, අද
වනාහී නුවරට එන්නා'යි පණ්ඩිතයන් වහන්සේට හසුන් එවන්නා හ.
ඒ අසා මහබෝසතාණන් වහන්සේ වඩාලා ම කළමනා විධානයෙහි
නොපමා වූ සේක. වේදේහ රජ්ජුරුවෝ වනාහී 'මේ නුවර ගන්නට
එත් ල'යි පරම්පරා ශබ්දයෙන් ඇසූහ.
ඉක්බිති බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝ පෙර සන්ධ්‍යායෙහි ම ගන්නා
ලද්දා වූ ලක්ෂ ගණන් ඳඬුවැට පහන් ආලෝකයෙන් ගොස් සියලු සත්
යොදුන් මියලු නුවර පිරිවරා ගත්හ. කෙසේ වට කළෝද? යත්:- පළමු
කොට පාපොළොන් අගල වටා රන් සන්නාහ ලද්දා වූ රන් සැත්
රන් පොරෝදු ආදී හස්ත්‍යාලංකාරයෙන් සරහන ලද්දාවූ සොඬින්
ගන්නා ලද මුගුරු ඇති ලෝහ ප්‍රාකාර වී නමුත් පිටින් ඇණ සුණු
විසුණු කරන්නට සමර්ථ ශක්ති ඇති දෙකපෝලය හා කෝෂය යන
තුන් තැනින් වැහෙන්නා වූ එක් එක් මදයකින්ද යථොක්ත ස්ථාන
තුන හා දෙකන් සිදුරු හා දෙඇස් සිදුරු යයි යන සප්ත ස්ථානයෙන්
වැහෙන්නා වූ එක් මදයකින්ද, එම සජ්ත ස්ථානය හා දෙනාසා පුට,
ගුද මාර්ගය යන දශ ස්ථානයෙන් වැහෙන්නා වූ එක් මදයකින්දැයි
මෙසේ ගිළිහෙන තුන් මදයකින් යුක්ත වූ සර්වාභරණයෙන්
විභූෂිත ජය අකුසු හා තොමරා දී ආයුධ ගත් අත් ඇති ව පිට හිඳිනා
ඇතැරුවන් විසින් ගැවසී ගත් ඒ රජ්ජුරුවන්ගේ කෝප නමැති
ගින්නෙන් නැගි දුම් කඳක් සේ උස් වූ කන් තලින් කන් තලා ගසා
සිටුවන ලද්දා වූ ඇත් වළල්ලකින්ද යුද්ධයට ලන ලද්දා වූ සන්නාහ
ඇති අශ්වාලංකාරයෙන් සරහන ලද සින්ධු කාම්බෝජ යෝනකාදී
උත්තම දේශයෙහි උපන්නා වූ නානාභරණ ප්‍රතිමණ්ඩිත ව සන්නාහ
සන්නද්ධ ව පිටහිඳිනා අසරුවන් විසින් ගැවසී ගත් ‘සතුරා හසු
කොට ගනිමි' ඔද වැඩියා වූ රජ්ජුරුවන්ගේ සිත් නැමැති ආකාශ
ගංගාවෙහි බිඳී බිඳී දිවන්නා වූ රළ පතර සේ යුද්ධයට පිඹිනා ලද
කාහල ශබ්දයෙන් සතුටු ව පැන පැන සිටියා වූ ග්‍රීවයෙන් ග්රීවය ගසා
සිටුවනු ලද්දා වූ අස් වළල්ලකින්ද, සිංහ සම් ව්යාඝ්ර සම් අතුරන
ලද්දා වූ රථාලංකාරයෙන් සරහන ලද නඟන ලද නානා වර්ණ
ධ්වජ පංක්ති ඇති සෛන්ධවයන් යොදන ලද සර්වාලංකාරයෙන්
සැරහි පිට බඳනා ලද හියවුරු ඇති නැගෙන ලද ධනුර්ධරයන් විසින්
උපක්‍ෂිත වූ සේනා නමැති සමුද්‍රයෙන් නැංගාවූ මහ තල් මස් කැල
සේ රිය සකින් රිය සක ගසා සිටුවන ලද රථ වළල්ලකින්ද "සිද්ධාර්ථ
කුමාරයන් සමතිස් පෙරුම් පුරා මුළු කොටගෙන බෝධිද්රැමයක්
පිටුවහල් ලදින් සත් තිස් බෝධිපාක්ෂික ධර්ම සංඛ්‍යාත යෝධයන්
බල කොට ගෙන විදුරසුන් අරා බුදුවන්නට උන් වේලෙහි ජය ගැන්ම
පිළිවන් හෝ වේවයි දුර තබා ම අන්‍යතර ජාතියක අන්‍යතර යුද්ධයක්
“කොට බැලුව මැනැව”යි සිතා චූළනී රාජ ව්‍යාජයෙන් ආ වශවර්ති
මාරයාගේ සිංහ මුඛ අශ්ව මුඛ ව්යාඝ්ර මුඛාදී වූ නොයෙක් භයංකාර
වූ මුඛ මවා අසි ශක්ති තෝමර හෙණ්ඩිවාල කරවාලාදී වූ දීප්තිමත්
නානා විධ අවි ගනිමින් අනේක ප්‍රකාර විකාර වේශයෙන් ආ දස
බිම්බරක් මාර සේනාව සේ භයංකාර වූ සේනායෙහි බාහුයෙන්
බාහුව ගසා සිටුවන ලද්දා වූ යෝධ වළල්ලකින්දැයි මෙසේ සතර
වළල්ලකින් ඒ සත් යොදුන් මියුලු නුවර වටලාවා ඒ ඒ ස්ථානයේ
බළ ඇණි සිටවූහ.
මනුෂ්‍යයෝ ඔල්වරහඬ දෙන්නාහු අත් පොළසන් දෙන්නාහු "වටලාගතුම්හ' යන සමාධියෙන් නටමින් ගර්ජනා කරමින් සිට ගත්හ. අටළොස් අක්ෂෞහිණියක් පමණ සේනාවෙහි නඟන ලද මිණිදඬු වැටෙහි ලක්ෂ ගණන් පහන් ආලෝකයෙන් ද, එක් සියයක් රජදරුවන් හා හස්ත්‍යශ්වාදී සේනාව පළන් ආභරණයෙහි ආලෝකයෙන් ද සියලු සත් යොදුන් මියුලු නුවර ඒ මහෞෂධ පණ්ඩිතයන්ගේ ප්‍රඥා නමැති සූයදියා පහළ ව සත්ත්වයන්ගේ සිත මෝහන්ධකාර විගමනයෙන් හෙළි වූ කලක් පරිද්දෙන් ආලෝක විය. ඇතුන්ගේ කුංච නාදයෙන් ද අසුන්ගේ භේෂාරවයෙන් ද, රථයෙහි චක්‍ර නාදයෙන් ද, පාබල සෙනඟිහි ගර්ජනාවෙන්ද, සක්, සින්නම්හර තන්තිරිපට ගැටපහටු මහබෙර පනාබෙර රන්සක් රිදී සක් ආදී වූ පඤ්චාංගික තූර්ය වාදයෙන් ද පොළොව පැළීයන පරිද්දෙන් වූයේ යැ.
සේනකාදී පණ්ඩිතවරු සතර දෙන මහත් වූ කෝලාහල
ශබ්දය අසා කුමන අරගලයක් බවත් නොදන්නාහු වේදේහ රජ්ජුරුවන්
සමීපයට ගොස් “දේවයිනි මහත් වූ කෝලාහල ශබ්දයෙක, අපි කුමක්
බවත් නොදැනුම්හ, කුමන අරගලයෙක්ද'යි විමසුව හොත් යහපතැ”යි
කීහ. එබස් අසා රජ්ජුරුවෝ “යළි බ්‍රහ්මදත්ත රජ්ජුරුවන් ආවනැ”යි
සී මැදුරු කවුළුව හරවා පිටත බලන්නාහු උන් ආ බැව් දැන භයින්
ත්‍රස්ත ව “ඉදින් අපගේ දිවි නැත. බ්‍රහ්මදත්තයා තෙමේ දැන් දැන්
අප හැම මරන්නේය”යි සේනකාදීන් හා සමඟ කතා කරමින් හුන්හ.
මහබෝසතාණන් වහන්සේ වනාහී චූළනී රජ්ජුරුවන් ආ බව
දැන, සිංහයකු මෙන් කිසි භයක් නැති ව නුවර මුළුල්ලෙහි රැකවල
සකස් කොට ලවා “රාජාදීනු භයින් දිලිහී ලා හිඳිති. මා උන් අස්වසාලුව
මැනැව”යි රජගෙයි මතූමාලයට නැඟී රජ්ජුරුවන් වැඳ එකත්පස්
ව සිටි සේක. රජ්ජුරුවෝ මහබෝසතාණන් වහන්සේ දැක ලබන ලද
අස්වස් ඇති ව ම පුතණුවන් මහෞෂධ පණ්ඩිතයන් විනා අනික් මා
මේ දුකින් මුදන්නට සමර්ථ කෙනෙක් නැතැයි සිතා පණ්ඩිතයන්
වහන්සේ හා සමඟ කතා කරන්නාහු :- "මහෞෂධ පණ්ඩිතයෙනි,
පඤ්චාලදේශ වාසී වූ බ්‍රහ්මදත්ත රජ තෙමේ එක් සියයක් රාජධානියෙහි
සියලු අටළොස් අක්ෂෞහිණියක් පමණ සේනාව සමඟ ආයේය.
පඤ්චාල රාජධානි සන්තක වූ මේ සේනා තොමෝ 'මෙතෙකැ'යි පමණ
නැත්තීය. ඉතා මහත් ද්වාරට්ටාල සාලාදී වූ නොයෙක් කර්මාන්තයට
පිටින් ගෙන එන්නා වූ දැව පත්‍ර සංගාලියම් වෙට්ටම් ලෑලි ආදී වූ
දාරු සම්භාරයන් ගෙන ඇවිදිනා වඩු සෙනඟින් යුක්ත වුව, සියලු
සංග්රාමයෙහි දක්ෂ වූ ඇතුන් අසුන් ආදී වූ බළ සෙනඟ ඇත්තීය.
ගහන බැවින් තමා අතුරට වන්නවුන් නොපෙනෙන පරිද්දෙන් පය
බිම ගෑවිය නොදී උර පිටින් ගෙන යන්නීය. හස්ති ශබ්දය, අශ්ව
ශබ්දය, රථ ශබ්දය වීණා ශබ්දය, මෘදංග ශබ්දය, ගීත ශබ්දය, තාල
ශබ්දය 'විදුව ගනුව අනුව'යි මෙසේ දශ විධ ශබ්දයෙන් යුක්ත වුව,
ඇතුන් ආදී වූ සිවුරඟ සෙනඟෙහි පවත්නා නාදය මූදු පරගානා සේ
පවත්නා හෙයින් මුඛ එව, ඔබ යව, යුද්ධ කරව, පමා නොවෙව්,
යනාදී වූ ඒ ඒ කටයුත්තෙහි නියෝග වචන වාග් භේදයෙන් දන්වන්ට
නොපිළිවන් හෙයින් මෘදංග මද්දලාදි වූ නා නා ප්‍රකාර භේරි ශබ්දයෙන්
හා සංඛ කාහල ශබ්දයෙන් හඟවන්නා වූ ඒ ඒ කටයතු ඇත්තීය.
සත් රුවනින් විසිතුරු වූ සන්නාහයෙන් හා ස්වර්ණ ජාල හස්ති කුන්ත විශේෂයෙන් ද රාජ
රාජ මහාමාත්‍යාදීන් විසින් පළඳනා ලද්දා වූ කනක, කටක, රසනා, නූපුර, තාඩංක, වළය,
තිසර පට, අවුල් හර, උදර බන්ධන, ගැට නිමුල් හර, පස් රූ පස් වළලු, පේරැස්, එක්වැටි,
පාමුදු, පාඩගම්, පාසලඹ, පාදජාලා, පාදත්ර-පාදාභරණාදි වූ ශරීරාභරණයෙන් ද හොබනී ය.
කනක රජතාදීන් විචිත්‍ර වූ රක්ත නීලාදි වූ නා නා වස්ත්‍රයෙන් සමුජ්වලිත රථාදියෙහි නඟන
ලද නා නා ප්‍රකාර ධවලච්ඡත්‍ර පංක්තියෙන් ගැවැසී ගත්තී ය. ඇත් වාහන, අස් වාහන
රථ වාහනයෙන් යුක්ත ය. හස්ති ශිල්ප යැ, අශ්ව ශිල්ප යැ, රථ ශිල්ප යැ, ධනුශ්ශිල්ප යැ
ආදි වූ අටළොස් මහා ශිල්පයෙහි කෙළ පැමිණියන් විසින් විශේෂයෙන් සමෘද්ධ ය. මේ
සේනා තොමෝ සිංහ සමාන වික්‍රම ඇත්තී ය. ශූර යෝධයන් විසින් සුප්රතිෂ්ඨිත ය.
මේ සේනාවෙහි පොළොව හා සමාන නුවණ ඇති රහස් මන්ත්‍රණ කරනසුලු වූ හෙවත්
දෙදවසක් තනි වැ හිඳ සිතුව හොත් මහ පොළොව පෙරළන්නට ද අහස හා පොළොව හා
ගැට ලන්නට ද පොහොසත් වූ පණ්ඩිතවරු දස දෙනෙක් ඇත්තාහ. ඒ පණ්ඩිතවරුනට
වඩා අධික වූ ප්‍රඥා ඇති රජ්ජුරුවන්ගේ මෑණියෝ තලතා දේවී පණ්ඩිතවරුන් දස දෙනාට
එකොළොස් වැනි ව හිඳ චූලනී රජ්ජුරුවන්ගේ සේනාවට අනුශාසනා කරන්නාහු ය.
"වැළිදු ඒ තලතා දේවීන්ගේ ප්‍රඥාව කෙසේ ද යත හොත්:- එක් දවසක් මිනිසෙක් සාල් නැළියක් ද බත් මුළක් ද මසුරන් දහසක් ද හැරගෙන "ගඟින් එතෙර යෙමි" යි ගඟ මැදට ගොස් දිය සැඬ සෙයින් එතෙර වැ ගත නොහී, එතෙර සිටි මිනිසුන්ට "පින්වත්නි, මා අතැ සාල් නැළියක් හා බත් මුළක් ද මසු දහසක් ද ඇති. මෙකී තුනින් මට යමක් රුචි වී නම් ඒ දෙමි; තොප හැම දෙනා කෙරෙන් යම් කෙනෙක් මා එතෙර කළ හොත් නම් ඌ මා එතෙර කෙරෙත්ව" යි මෙසේ කී ය, ඉක්බිති ශක්ති සම්පන්න පුරුෂයෙක් කච්චිය තර කොට හැඳ ගෙන ගඟට බැස ඒ පුරුෂයා අත අල්ලා ගෙන එතෙර කොට, "මට දිය යුතු දෙය දෙව" යි කී ය. ඒ තෙමේ "සාල් නැළිය හෝ බත් මුළ හෝ ගනුව" යි කී ය. ඒ අසා දියෙන් එතෙර කළ පුරුෂයා, "මම මාගේ ජීවිතය නොසලකා තොප එතෙර කෙළෙමි. මට සාල් නැළියෙන් හා බත් මුළින් හා ප්‍රයෝජන නැති. මසු දහස දෙව" යි කී ය. ඒ අසමින් "යමක් මට රුචි වී නම් ඒ දෙන්නෙමි, කීයෙමි. දැන් මට යමක් රුචි වී නම් ඒ දෙමි. කැමැත හොත් ගනුව" යි කී ය.
ඒ තෙමේ සමීපයෙහි සිටි එකකුට එපවත් කී ය. එයිත්, "යමක් තමනට රුචි වී නම්
ඒ තොපට දෙමීයි කියා වේ ද උන් කීයේ? උන් දෙනු කැමැති දෙයක් හැර ගනුව" යි
කීයේ ය. ඒ පුරුෂයා උන් කී බසැත් නො සිට, "එසේ මා ගන්නේ නැතැ" යි ඔහු
ඇරගෙන අධිකරණ නායකයන්ට සරුප කී ය. අධිකරණයේ ඇත්තෝ ද දෙන්නාගේ බස්
අසා, "ඌ දුන් දෙයක් ගනුව" යි එ ලෙස ම කිවූ ය. ඒ පුරුෂයා අධිකරණ නායකයන්ගේ
යුක්තියෙහි නො සිට රජ්ජුරුවන්ට දැන්වී ය. රජ්ජුරුවෝ අධිකරණ නායකයන් ගෙට
ගෙන්වා ගෙන උන් මැදයේ දෙන්නාගේ බස් අසා, එලෙස ම කියා යුක්තිය පසිඳිනා සේ
නොදන්නාහු, තමාගේ ජීවිතයෙහි ආසාවක් නැති වැ ගඟට බට තැනැත්තවු ම පැරැදවූහ.
එවේලෙහි රජ්ජුරුවන්ගේ මෑණියෝ තලතා දේවී තුමූ එ තැනට නුදුරු තැනෙක හුන්නාහු
රජ්ජුරුවන් යුක්තිය නපුරු කොට පසුන් බව දැන, "පුත, මේ යුක්තිය සලකා පියා කියව" යි
කීහ. "මෑණියන් වහන්ස, මා දන්නේ මෙ පමණෙක් ම ය. ඉදින් නුඹ වහන්සේ අමුත්තක්
දන්නා සේක් වී නම් පසිඳුව මැනව" යි කීහ.
තලතා දේවී, "යහපත, යුක්තිය පසිඳිමි" කියා ඒ දියෙන් යන්නට සිටි පුරුෂයා බණවා, "මෙසේ එව දරුව, තොප අත තුබූ සාල් නැළියත් බත් මුළත් මසු දාසත් තුන පිළිවෙළින් බිම තබාලව" යි කියා පිළිවෙළින් ම තබවා තෝ දියෙන් යන්නෙහි මූට කුමක් කී දැ?"යි විචාරා, මෙලෙස කීමි’ කී කල්හි "එසේ වී නම් තට රුචියක් හැර ගෙන යව" යි කීහ. ඒ තෙමේ මසු දාහ අතට ගත. ඉක්බිති ඌ මඳ තැනක් ගිය කල බිසොවු ඌ ගෙන්වා, "දරුව, මසු දහස තොපට අභිප්‍රාය දැ?" යි විචාරා, "එසේ ය, කැමැත්තෙමි" කී කල "දරුව, තොප විසින් මින් මට යමක් රුචි වී නම් ඒ දෙමී" මෝහට කියන ලද ද, නොකියන ලද දැ යි කියා, "කියන ලද ය, දේවීන් වහන්සැ" යි කී කල, "එසේ වී නම් මේ මසු දාස මෝ හට දෙව" යි කීහ. ඒ තෙමේ හඬමින් වලපමින් මසු දාස ඕ හට දුන්නේ ය. එ වේලෙහි රජ්ජුරුවෝ ද අමාත්‍යයෝ ද සතුටු වැ සාධුකාර දුන්හ. එ තැන් පටන් තලතා දේවීන්ගේ නුවණ දඹදිව මුළුල්ලෙහි පතළ වී ය. මේ නිසා ය, මා චූලනී රජ්ජුරුවන්ගේ මෑණියන් තලතා දේවීන් එකොළොස්වනු වැ සේනාවට අනුශාසනා කෙරෙති’ යි කීයේ.
නැවැත ඒ සේනාවෙහි පඤ්චාල රාජ්‍යයෙහි අනූන වූ පරිවාර සම්පත් ඇති බ්‍රහ්මදත්තයා විසින් හැර
ගත් රට ඇති, මරණ භයින් තැති ගත් එක් සියයක් රජ දරුවෝ මේ චූලනී රාජයා සමග
යෙති. අටළොස් අක්ෂෞහිණියක් සේනාවෙන් මේ මිථිලා නම් රාජධානිය වට ලා පළමු
ඇත් පවුරෙක, දෙවැනි ව අස් පවුරෙක, තුන්වැනි ව රථ පවුරෙක, සතරවැනි වැ යෝධ
පවුරෙකැයි මෙසේ සතර වළල්ලක් හා ඇත් වළල්ලට හා අස් වළල්ලට හා අතුරෙහි එක්
වීථියෙක; අස් වළල්ලට හා රථ වළල්ලට අතුරෙහි හා එක් වීථියෙක; රථ වළල්ලට හා බළ
වළල්ලට හා අතුරෙහි එක් වීථියෙක; මෙ සේ තුන් සන්ධියකින් වට කරන ලද වේදේහ
රට වාසීන්ගේ මිථිලා නම් රාජධානිය හාත්පසින් කැණ උඩ නඟන කලක් පරිද්දෙන් පවුරු
පදනම් බිඳ, දැන් සුනු විසුනු කරනු ලැබෙයි. මහෞෂධ පණ්ඩිතයෙනි, හාත්පසින් යම් බඳු
සේනාවක් විසින් පිරිවරන ලද ද, ඒ සේනාවට මත්තෙහි පෙනෙන නොයෙක් සිය දහස්
ගණන් මිණි දඬු වැට පහන් කරණ කොට ගෙන තරුවැලින් ගහන වූ ආකාශය වැන්න.
පණ්ඩිතයෙනි, නුවණ නම් මෙ සේ වූ තැනට වේ ද? තොප හා සම නුවණැති කෙනෙක්
නම් නැති, මෙ සේ වූ මහා සේනාවෙන් අප ගැලැවීමක් කෙසේ වේ දැ?" යි කීහ.
මෙසේ රජ්ජුරුවන් මරණ භයින් යුක්ත වැ කියන්නා වූ බස් අසා මහ බෝසතාණන් වහන්සේ,
‘මේ රජ්ජුරුවෝ ඉතා මරණ භයින් භයපත් වැ ගියාහ. රෝගයෙන් පෙළෙන එකක් හට
අවස්ථා පිළියමක් දන්නා වෙදකු පිළිසරණ වන්නා සේ ද සා දුකින් පෙළෙන එකකුට
භෝජනය මුත් අනෙකක් පිළිසරණ නොවන්නා සේ ද පිපාසා ඇති එකකුට පැන් පුව
හොත් මුත් ඒ පිපාසය නොසන්සිඳෙන්නා සේ ද මේ රජ්ජුරුවනට මා මුත් අනෙක්
පිළිසරණක් නැති. රජ්ජුරුවන් අස්වසාලමි’ යි සිතා ඉක්බිති රජ්ජුරුවනට මහ බෝසතාණන්
වහන්සේ සැට යොදුන් රග්ගල් තලා මස්තකයෙහි නාද කරන ලද සිංහ රාජයකු මෙන්
"නො බව මැනැව, දේවයන් වහන්ස, රාජ්‍ය සුව අනුභව කළ මැනැව, මම කැටක් ගෙන
කපුටු රැසක් පලවන එකක්හු මෙන් ද දුන්නක් අල්ලා ගෙන වඳුරු මුළක් පලවන එකක්හු
පරිද්දෙන් ද මේ අටළොස් අක්ෂෞහිණියක් පමණ සේනාව බඩැ බන් කඩ පමණකටත්
අස්වාමික කරවා නිගණ්ඨ සේනාවක් පරිද්දෙන් ඉස් ලූ ලූ අත ලුහුබඳවා පියමි. එය මට
භාර ය. ‘සටනෙකැ’යි සිතක් නො තබා භය නො ගෙන සුව සේ රාජ්‍ය ශ්‍රී අනුභව කළ
මැනැවැ" යි කී සේක.
මෙ සේ කියා රජ්ජුරුවන් අස්වසාලා මාළිගයෙන් බැස නුවර බෙර ලවා හැම දෙනාට වදාරන
සේක් "පින්වත්නි, තෙපි හැම සතුරෝ වටලා ගත්තෝ වේ දැ’ යි නො සිතා, මල් ගඳ
විලෙවුන් හා අටළොස් වර්ගයේ කැවුම් හා රා මස් ආදි නොයෙක් අන්නපාන සපයා
වස්ත්‍රාභරණයෙන් සැරැහී උත්සවයට පටන් ගනුව; සමහර කෙනෙක් තොප තොපට සුදුසු
පරිද්දෙන් බොවු නම් මහා පානයත් බොව; බෙර ගසව; ගී කියව; එළු සන්, ඔල්වර සන්,
අසුරු සන් දෙව. සියල්ලක් නැති කෙනකුට මාගෙන් දෙමි. මහෞෂධ පණ්ඩිතයෝ නම්
මම ය. කිසි භයක් නො කරව; මාගේ අනුභාව බලව" යි කියා අස්වසා වදාළ සේක.
ඒ බසින් නුවර වාසීහු සත් අවුරුද්දේ පටන් ඔබගේ බල තමන් ඇම ඉඳුරා දන්නා හෙයින්
කිසි භයක් නැති වැ සංකා රහිත වැ නැටුම් ආදි සියල්ලෙන් ම මහතාණන් වදාළ
පරිද්දෙන් උත්සවයට පටන් ගත්හ.
25. නුවර ගැන්මට යෙදු උපාය
නුවර ඇතුළෙහි ගී කියන වයන අරගල පිටත සිටි සතුරෝ අසන්නාහ. සතුරන්ගෙන් බොහෝ දෙන කුරුබිලියෙන් ඇතුළු නුවරට වදනාහ. සතුරු වැ ආ විටෙක මුත් දුටු දුටුවන් නො අල්ලන්නාහ. එ සේ හෙයින් සතුරන්ගේ සඤ්චාරය නො සිඳෙන්නේ ය. නුවරට වන් වන් මනුෂ්‍යයෝ උත්සව කෙළනාත් ජය පානය බොන්නාත් ජන කෝලාහලත් දක්නාහ. බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝ ඇතුළු නුවර කෝලාහල අසා සමීපයෙහි සිටියවුන්ට කියන්නාහු "පින්වත්නි, අටළොස් අක්ෂෞහිණියක් පමණ මේ සේනාව ගෙන’වුත් තමන්ගේ නුවර වටලා ගත් නියාවට කිසි භයක් වත් තැති ගැන්මක් වත් නැත්තේ ය. සන්තෝෂයෙන් යුක්ත වැ පස්වනක් ප්‍රීතින් පිනා ගියවුන් සේ අත්පොළසන් දෙන්නාහ; අඬ ගසන්නාහ; එළුසන් දෙන්නාහ; ගී කියන්නාහ; බෙර ගසන්නාහ. කොල කුමන අශ්චර්යයෙක් දැ?" යි කීහ. එ සේ කී රජ හට චරපුරුෂයෙක් බොරුවක් ගොතා ගෙන කියන්නේ, "දේවයන් වහන්ස, මම කිසි කටයුත්තක් නිසා කුරුබිලියෙන් ඇතුළු නුවරට වන්නෙම්. සැණකෙළි කෙළනා ජනයන් දැක, පින්වත්නි, සියලු දඹදිව රජ දරුවන් සේනා සහිත වැ අවුත් තොපගේ නුවර වට ලා ගෙන සිටිය දී තොප හැම මෙසේ ප්‍රමාද වැ වසන්නට කාරණා කිම් දැ"යි විචාළෙමි. ඔහු මට කියන්නාහු, "අපගේ රජ්ජුරුවන් කුමාර කල මෙසේ වූ දොළෙක් විය. කෙසේ ද යත්: දස දහසක් යොදුන් දඹදිව රජුන් මුළුල්ල සේනාව පිරිවරා අවුත් මා උන් නුවර පිරිවරා සිටි කල සැණකෙළි කෙළිමී" යි දොළක් උපන. ඒ දොළ දැන් මුඳුන් පැමිණියේ ය. එබැවින් සත් දවසක් සැණකෙළි කෙළුව යි නුවර බෙර ලවා තමන් වහන්සේ මාළිගයේ මතු මහලේ අමාත්‍ය මණ්ඩලය පිරිවරා හිඳ මහා සන්තෝෂයෙන් මත් වැ ජය පානය බොන සේක් යැ" යි කීහ. මම එ බස් අසා "රජකු බොළඳ නියා යැ" යි නින්දා කෙළෙමි’ යි කී ය.
බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝ එ බස් අසා දණ්ඩෙන් ගසන ලද ආශීර්විෂයක්හු මෙන් ක්‍රෝධයෙන්
දිලිහී කිපුණාහු "කොල, වහා මේ නුවර ඒ ඒ දිගින් අගල මැඬ හස්වා පවුරු, දොරටු,
අටලු, වාසල්, බලකොටු ආදිය බිඳ, සුනු විසුනු කෙරෙමින් වහා නුවරට වැද, ගැල් පුරා
ගෙන’වුත් කොමඩු බානා සේ මහා ජනයා ඉස් කපා ගනුව; වේදේහ රජහු ඉසත් වහා
ගෙනෙව" යි කීහ. එ බස් අසා බලසම්පන්න යෝධයෝ නොයෙක් ආයුධ ගත් අත්
ඇතිව, "නුවර ගනුම්හ" යි පවුරු වාසල් සමීපයට ගියාහු, බෝධිසත්ත්වයන් වහන්සේගේ
යෝධයන් විසින් දමන ලද කලල් වැලි ආදියෙන් මහා විනාශයට පැමිණ නුවර බිඳිනා තබා
පවුර සමීපයටත් යා නොහී, නැවත යන්නාහ. ඉදින් සමහර කෙනෙක් නොනැවත, "පවුර
බිඳුම්හ" යි වාසි කියා සාහසික වැ ගොස් අගලැ බටවු නම් අන්තරට්ටාලවල සිටියෝ ඊ,
දඬු, මුණ, කොහොල්, තෝමර, භෙණ්ඩිවාලාදීන් දමා මහා විනාශයට පමුණුවන්නාහ.
බෝධිසත්ත්වයන් වහන්සේගේ යෝධයෝ බ්‍රහ්මදත්තයන්ගේ යෝධයනට අතින් මුහුණින්
උසුළු පෑ නොයෙක් ප්‍රකාරයෙන් ආක්‍රෝෂ පරිභව බෙණෙමින් ගහට කරන්නාහ. මච්ඡ
මාංස හා කන බොන දෑ හා රා විත් ඔඩම් ආදිය පුරා ගෙන පිටත සිටියවුන්ට දික්
කොට පුළු ගන්වා නැවත තුමූ ම කන්නාහ; බොන්නාහ. මෙසේ සතුරන් කිපෙනසුලු
වූ නොයෙක් විකාර කෙරෙමින් පවුරින් ඇතුළේ පදනමැ උන්ට පෙනෙන නියාවෙන්
සක්මන් කරන්නාහ. බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්ගේ යෝධයෝ උනට කිසිවකුත් කොට ගත
නො හී ගෙඩි බැට කා, අත පය හිස නළලැ ලේ පිස පසු බල-බලා දිවන්නාහු, රජ්ජුරුවන්
සමීපයට ගොස් "දේවයන් වහන්ස, ඍද්ධිමත් කෙනකුන් ආකාශයෙන් ගොසින් වදුත් මුත්
මිනිසුන් විසින් මේ නුවර වදනා තබා සිතන්නටත් බැරි යැ" යි කීහ. එබස් අසා රජ්ජුරුවෝ
නොසතුටු වැ කීප දවසක් රඳා නුවර ගන්නා උපායක් නොදන්නාහු කේවට්ටයා විචාළහ.
"ආචාරීනි, නුවර ගන්නා තබා පවුර ළඟට යන්නටත් සමර්ථ එක ද සත්ත්වයෙක් නැති.
කුමක් කරමෝ දැ?" යි කීහ.
එබස් අසා බමුණා කියන්නේ, "වන්නා ව මහ රජ, නුවරට
පැන් නම් පිටතින් වන්නේ ය. කීප දවසක් පැන් නවතා ලන්නා පැන් නොලදින් ක්ලාන්ත
වූවාහු දොර ඇර පියන්නාහ. එවිට අපි සිත් වූ පරිද්දෙන් සතුරන්ට කට යුතු කියම්හ" යි
කී ය."කොල, එයිත් උපායකැ"යි එතැන් පටන් පැන් වැද්ද නො දෙන්නාහ. එපවත්
බෝධිසත්ත්වයන් වහන්සේගෙන් රජහු සමීපයෙහි සිටි චර පුරුෂයෙක් පතක ලියා ඊ
දණ්ඩක බැඳ, ඇතුළු නුවරට විද පී ය. බෝධිසත්ත්වයන් වහන්සේ ද සතුරන් ආ දවස්
විධානයක් කරන සේක්, "යමෙක් ඊදණ්ඩක බැඳ විද පී පතක් දුටුයේ වී නම් වහා ගෙන’වුත්
මට දෙව" යි වදාළ සේක. එ බැවින් එක් පුරුෂයෙක් ඒ පත ගෙන’වුත් දින.
ස්වාමි දරුවාණෝ ඒ බව දැනිමේ කේවට්ට මහල්ලා ඇතුළු වූ අඥාන ජඩයෝ මා තව ම
මහෞෂධ පණ්ඩිත බව නොදන්නා වන්හ’ යි සිතා, සැට රියන් උණ දණ්ඩක් ගෙන්වා
සරියේ දෙකක් කොට පළා ඇතුළ පිට ගැට හරවා ශුද්ධ කොට නැවත එක් කොට තබා
සමින් වසා බඳවා පිට මැටි ගාවා තපස්වීන් ලවා හිමාලයෙන් ගෙන්වූ මැටි හා ඇඹුල බිජු
හා ගෙන පොකුණු අසැ දියෙහි බිජුවට රෝපණය කරවා මැටි පිට උණ දණ්ඩ සිටුවා
ඇතුළේ පැන් පුරවා ලූ සේක. එක රැයින් ම පැළය නැඟී උණ දණ්ඩ මුඳුනින් රියනක්
පමණ වඩා මලෙක් පිපී සිටියේ ය. ඒ අභිමතාර්ථසාධක වූ චින්තා මාණික්‍යයක් බඳු වූ
මාගේ ස්වාමි දරු වූ බෝධිසත්ත්වයන් වහන්සේ ඒ මල් දඬු මුලින් උදුරුවා "මේ බ්‍රහ්මදත්ත
රජ්ජුරුවනට දෙව" යි තමන් වහන්සේගේ පුරුෂයන්ට දුන්හ. ඔහු ඇඹුල දණ්ඩ වළල්ලේ ලා
"කොල, බ්‍රහ්මදත්තයන්ගේ පුරුෂයෙනි, සයින් නො මියැ තෙල මල කඩා හිස පැලඳ
ගෙන ඇඹුල දඬු හුයා ගෙන බඩ පුරා කා පියව" යි පවුරින් පිටත දමා ලූහ.
එයිත් බෝධිසත්ත්වයන් වහන්සේගෙන් ම සිටි චර පුරුෂයෙක් හැර ගෙන රජ්ජුරුවන් සමීපයට ගොස්, "බැලුව මැනව, දේවයන් වහන්ස, මෙබඳු ඇඹුල මලක් හා මේ සා දිග ඇඹුල දණ්ඩක් දුටු විරූ දෑ නැතැ" යි කී ය. රජහු,"මැන බලව" යි කී හෙයින්, චර පුරුෂයා මනන්නේ සැට රියන් දණ්ඩ අසූ රියන් කොට මැන පී ය. රජහු "මේ කෙසේ වූ තැනක ඇති වී දැ?" යි කී හෙයින්, ඉන් ම එකෙක් රජහු කටින් බස උදුරා ගත්තා සේ බොරුවක් ගොතා ගෙන කියන්නේ, "මම එක් දවසක් රා ටිකක් බී පියනු කැමැති ව කුරුබිලියෙන් ඇතුළු නුවරට වන්නෙම්, නුවර වාසීන් දිය කෙළිනා මහ පොකුණක් දිටිමි. බොහෝ මනුෂ්‍යයෝ ඔරු අඟුළු ආදියෙහි ඉඳගෙන මල් කඩා දිය කෙළ ඇවිදිනාහ. මේ වූ කලි ඒ පොකුණේ ගොඩ අස පිපි මලක සැටි ය. ඉදින් ගැඹුරු තැනෙක පිපි මලෙක් වී නම් සියක් රියනටත් වඩා ඇත්තේ වේ දැ" යි කී ය. ඒ අසා,"ආචාරීනි ‘පැන් නවතා මේ නුවර ගනුම්හ’ යි නො සිතව. ඒ තොපගේ උපායෙක් නො වෙය" කීහ.
"එ සේ කල දේවයන් වහන්ස, මෙ විට මා සිතූ දෙය ඉතා ම යහපත. නුවරට වී සාල් නම්
පිටතින් ම වන්නේ ය. ඒ වී සාල් වැද්ද නො දෙම්හ. බතින් පීඩිත වූ මනුෂ්‍යයෝ දොර
හැර පියන්නාහ. එවිට අල්ලා ගෙන කැමැත්තක් කරම්හ" යි කී ය. ඒ මන්ත්රණයත් පළමු
පරිද්දෙන් ම පතෙකින් දැන "මේ නිවට වූ කේවට්ටයා මා නුවණැති නියාව නොදන්නා
වනැ" යි කියා, අනුප්රාකාර යැ යි කියන ලද පදනම් මුඳුනේ කලල් අතුරුවා, ඊ පිට වී
ඉස්වාලූ සේක. බෝධිසත්ත්වයන්ගේ අභිප්‍රාය නම් සිද්ධ වන්නේ ය. එබැවින් එක රැයින්
පෑළ නැඟී සත් යොදුන් මියුලු නුවර වටා පවුරු මුඳුනින් ඉතා නිල් වලා සමූහයක් සේ
අතිනීල වැ පෙනෙන්නට වන. ඒ දුටු රජ්ජුරුවෝ, "පවුරු මුඳුනේ ඉතා නිල් වැ අර මේ
පෙනෙන්නේ කිම් දැ?" යි සිටියවුන් විචාළහ. චර පුරුෂයෙක් කියන්නේ "දේවයන් වහන්ස,
ගොවියා පුත් මහෞෂධ පණ්ඩිතයා තමා ප්‍රඥා බලයෙන් මතු වන්නා වූ භය දැන, තමාගේ
විධාන වැටෙන්නා වූ මේ ජනපදයෙහි වී ටිකක් ඇයි තිබී දැ යි එක හෙළා ගෙන්වා ගෙන
මේ සා මහත් නුවර හැම දෙනාගේ කොටු ගෙවල් පුරවා, ඉතිරි වී පවුර පිට හා වීථියේ ඒ
ඒ ස්ථානයෙහි හා ලවා පී ය. ඒ වී තාක් මුළුල්ල අවුවේ වියළී වැස්සේ තෙමී පැළ නැඟී
ගොයම් වැ ගියේ ය. මම එක් දවසක් කටයුත්තක් පිණිස කුරුබිලියෙන් ඇතුළු නුවරට
වන්නෙම් පවුර අසැ තුබූ වියෙන් වී ටිකක් ඇර ගෙන "කොල, ඉතා යහපත් වීයෙක,
ඉස්නෙමි, කියා වීථියට දමා පීමි. ඒ දැක එතැන සිටි ජනයෝ මා වෙහෙසන්නාහු, "ඉතා
ම බඩ සා සැටි ය. කැමැත්තෙහි වී නම් තිලින් පොදියක් කොට බැඳ ගෙන ගොස් පැහැර
පියා පිස ගෙන බඩ පුරා කා නො මිය" යි කීහ. "ඒ වී මා ඇල්ලූ සේ ඉතා නපුරැ" යි මම
ලජ්ජාවට පැමිණියෙමි" යි කී ය. ඒ අසා රජ කේවට්ටයාට කියන්නේ "වී නවතාත් මේ
නුවර ගත නොහැක්ක. තාගේ එයිත් උපායෙක් නො වෙයි. හැර පියව" යි කීහ.
"දේවයන් වහන්ස, නොසිතා වදාළ මැනව, අනෙක් බලවත් මාගේ උපායෙක් ඇති. නුවර
ඇතුළේ වලක් නැති හෙයින් දර නම් පිටතින් ගෙන මුත් නොහැක්කේ ය. දර නවතා ලා නුවර
ඇර ගනුම්හ" යි කීයේ ය. ඒ මන්ත්රණයත් පෙර පරිද්දෙන් ම දැන වදාරා පවුරු පිටින් වී හා
ගොයම් හා හරවා පිටතට පෙනෙන නියායෙන් දර රැස් කරවා පී සේක. පවුරේ උන්
මනුෂ්‍යයෝ බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්ගේ යෝධයනට සිනා සිසී වෙහෙසන්නාහු "කොල,
දර නැති වැ පිස කෑ නොහී සයින් පීඩිත වැ නො හිඳ, නැති කෙනෙක් උළු කැන් බත්
ආදිය පිස කව; බොව" යි කියමින්, "තෙල ඇර ගන්ව" යි මහත් දර කඳන් ඇඟට දමා
ලන්නාහ. සමහරු ඒ වැද ගෙන තැළි-තැළී මහත් දුක්ට පැමිණෙන්නාහ. රජ්ජුරුවෝ දර
රාශිය පෙනෙන්නා දැක "තෙල කිමෙක් දැ?" යි විචාළහ. එතැන ද සිටි චර පුරුෂයන්ගෙන්
එකෙක්, "ඇයි මහ රජ, නො දන්නා සේක් ද? ගොවියා පුත් මහෞෂධයා මතු වන්නා වූ
භය දැන වලැ දරෙක් තිබී ද? එක හෙළා අද්දා ගෙන’වුත් නුවර ගෙයක් පණහා පෑළ
දොරවල් පුරා ලා ඉතිරි වන දර පවුරු පිට රැස් කරවා පී යැ" යි කී ය. ඒ අසා කේවට්ටයාට
"මේ නුවර දර නවතාලා ඇර ගන්නට නොපිළිවන. තාගේ එයිත් උපායෙක් නො වෙයි.
ඇර පියව" යි කීහ. ඉතා ඇවිලි අවන්නා වූ නිවට වූ කේවට්ටයා කියන්නේ, "මහරජ, නො
සිතා වදාළ මැනව. මාගේ බලවත් අනෙක් උපායක් ඇතැ" යි කී ය. ඒ අසා "ආචාරීනි,
උපාය නම් තමා කිම් ද? මේ සා මහත් වූ තොපගේ උපායෙකින් වැඩකුත් නිමාවකුත් දුටු දෑ
නැති. මෙ නුවර වේදේහ රජු අල්ලා ගන්නට නොපිළිවන. එබැවින් අපගේ නුවරට යම්හ"
යි කීහ.
26. ධර්ම යුඬය
නැවත අඥාන වූ මහලු බමුණු කියන්නේ, "දේවයන් වහන්ස, බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝ එක් සියයක් රජ දරුවන් හා ඒ සා මහත් චතුරංගිනී සේනාවන් ගෙනවුත් වේදේහ රජු අල්ලා ගත නො හී පැරැද පලා ගියහ’ යි අපට මහත් ලජ්ජා වන්නී ය. නුවණැත්තෝ නම් මහෞෂධ පණ්ඩිතයෝ මතු නො වෙති. මමත් මහා නුවණැත්තෙමි. එක් ලෙසකින් ඔහු පරදවා පියම්හ" යි කී ය. "ආචාරීනි, එ ලෙස නම් තමා කිම් දැ?" යි කී හ. "ධර්ම යුද්ධය නම් දෙයක් කෙරෙමි" යි කී ය. "ධර්ම යුද්ධ නම් කිම් දැ?" යි කීහ. "මහරජ, දෙසේනාව සටන් නොකොට මැනව, රජ දරුවන් දෙදෙනාගේ පණ්ඩිත දෙදෙන එක තැනකට එද්ද, ඉන් එක් කෙනෙක් වැන්දවු නම් වැඳි පක්ෂයේ රජ හට පරාජය වන්නේ ය. වැඳුම් ලත් පක්ෂයේ රජ හට ජය වන්නේ ය. ඒ මන්ත්‍රණ මහෞෂධ පණ්ඩිතයෝ නොදන්නාහ. මම ඉතා වැඩිමහල්ලෙමි. මහෞෂධ පණ්ඩිතයෝ බාලයෝ ය. ආචාර දන්නා නුවණැති පණ්ඩිතයන් හෙයින් ඔහු මා දුටු කල සැක නැති වැ වඳනාහ. එවේලෙහි වේදේහ රජු සැබැවින් පැරැද්දා නම් වන්නේ ය. එ සේ කොටත් වේදේහ රජු පරදවා පියා නැඟී යම්හ. එසේ කලැ අපට ලජ්ජා නොවන්නී ය. ධර්ම යුද්ධ නම් මේ යැ" යි කීහ. එසේ රහස් කථාවත් පෙර පරිද්දෙන් ම දැන වදාරා, "කේවට්ටයාට මිනුත් මම පැරැද්දෙමි නම් මාගේ කුමන පණ්ඩිත කමක් දැ?" යි සිතූ සේක. බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝත්, "ආචාරීනි, ඒ උපාය ඉතා යහපත, සෙට උදෑසන ධර්ම යුද්ධ වන්නේ ය. ඉදින් ධර්ම යුද්ධයට නො අවු නම් එයිත් පැරැද්දා නම් වන්නේ යැ" යි ලියා කුරුබිලියෙන් වේදේහ රජ හට යැවූහ.
ඒ අසා වේදේහ රජ්ජුරුවෝ බෝධිසත්ත්වයන් දෑ කැඳවා එ පවත් කී හ. ඒ අසමින් සකල
ජනානන්දකර වූ තිලෝගුරු බෝධිසත්ත්වයන් වහන්සේ "යහපත, දේවයන් වහන්සැ" යි
කියා, බස්නාහිර වාසලින් පිටත ධර්ම යුද්ධ මණ්ඩලය සැරැහූ සේක. එතෙකුදු වුවත්
ඒ ඒ රජුන් කෙරෙහි සිටි චර පුරුෂයෝ එක් සියයක් දෙන, "කවුරු දනිද්ද, කිම් දැ" යි
බෝධිසත්වයන් වහන්සේට ආරක්ෂාව පිණිස කේවට්ටයා පිරිවරා සිට ගත්හ.
බ්‍රහ්මදත්තයන් හා එක් සියයක් රජදරුවෝ ධර්ම යුද්ධ මණ්ඩලයට ගියාහු පුර දියවක
යහපත් දවස් සඳ බලන්නට එක් සිත් වැ එක දිසාව බලන්නවුන් පරිද්දෙන් පැදුම් දිග
බලා සිටියහ. එසේ ම නිවට වූ කේවට්ටයාත් නැඟෙනහිර දිසාව බල-බලා "කල් යේනු,
කල් යේනු" යි කිය-කියා සිටියේ ය.
තමන් පා පියුම් ලෝ මුඳුන් කළ තිලෝගුරු බෝධිසත්ත්වයන් වහන්සේ, එ දවස් උදෑසන
සොළොස් කළයක් සුවඳ පැනින් ඉස් සෝධා නහා ලක්ෂයක් අගනා කසී සළුවක් හැඳ
සර්වාභරණයෙන් විභූෂිත වැ, නොයෙක් රසයෙන් අග්‍ර වූ, අමරා දේවීන් විසින් පිසින ලද
භෝජනය අනුභව කොට, මහත් පෙරහරින් වාසල් දොරකඩට ගොස්, ආ නියාව කියා
යවා "මපුතණුවෝ වහා එත්ව" යි රජ්ජුරුවන් විසින් කී කල්හි රජ ගෙට වැද, රජ්ජුරුවන්
වැඳ එකත්පස් වැ සිට, "කිමෙක් ද පුත, මහෞෂධ පණ්ඩිතයෙනි?" යි රජ්ජුරුවන් කී
කල්හි, "ධර්ම යුද්ධයට යෙමි" යි වදාළ සේක. "පුත මා විසින් කුමක් කළ මනා දැ?" යි
කීහ. "දේවයන් වහන්ස, කේවට්ටයා මැණිකෙකින් වඤ්චා කරනු කැමැත්තෙමි. එ බැවින්
අෂ්ටවංක මාණික්‍ය රත්නය ලද මැනැවැ" යි වදාළ සේක. "පුත, එයිත් මට කියා ද
ගන්නේ? ඇර ගන්ව" යි කී කල්හි, ශක්‍රයන් පළමුත් තමන් වහන්සේට දුන් මාණික්‍ය
රත්නය ශ්‍රී හස්තයෙන් ගෙන, රජහු වැඳ මාළිගයෙන් බට සේක. තමන් වහන්සේ හා එක
දවස උපන් යෝධයන් දහස හා සිවුරඟ සෙනඟ හා පිරිවරා, අනූ දහසක් රන් වටනා හැළි
අසුන් යොදන ලද, සර්වාලංකාරයෙන් සැරහූ රථයකට පැන නැඟී, දවල් මේ නිමවන
වේලාවට වාසල සමීපයට පැමිණි සේකැ.
කේවට්ටයෝ ද, “මහෞෂධ පණ්ඩිතයන් දැන් එතී, දැන් එතී” මහ බෝසතාණන් වහන්සේ
වඩනා පෙර මඟ කර ඔසව-ඔසවා බලා ගෙන සිටීමෙන් කොක් කරක් සේ දික් වූ කර ඇති
වූහ. මහා බෝධිසත්ත්වයන්ගේ දිගන්තරයෙහි පතළා වූ තේජස් පරිද්දෙන් පහරන්නා වූ
හිරු රැසින් ඩා වෑහෙන්නා වූ ශරීර ඇති වූහ. මහ බෝසතාණන් වහන්සේ ද, ඔද වැඩියා වූ
සාගරය පරිද්දෙන් පොළොව මැඬ පියන්නා සේ වීථිය පුරා ගෙන යන්නා වූ ඇත් අස්
ආදි වූ පරිවාරයෙන් යුක්ත වැ අසම්භීත වැ, වාසල් දොර හරවා, නුවරින් නික්ම, රථයෙන්
බැස, කෙසරු සලා විදහා කිලිපොළන්නා වූ සිංහ රාජයකු සේ විජෘම්භනය කෙරෙමින්,
ධර්ම යුද්ධ මණ්ඩලයට ම වැඩි සේක. එක් සියයක් රජ දරුවෝ ඒ මහතාණන් වහන්සේ
රූපෛශ්වර්යය දැක, “නුවණින් සියලු දඹදිව තමන්ට දෙවන, කෙනකුන් නැති, සිරිවඩ්ඪන
සිටාණන් පුතණුවෝ මහෞෂධ පණ්ඩිතයෝ නම් මොහු යැ” යි සමාධීන් ඔල්වර හඬ සිය
ගණන් පැවැත්තූහ. පණ්ඩිතයන් වහන්සේ ද දෙව්ලොව දෙවියන් පිරිවරා අසුර යුද්ධයට
නික්මුණු සක්දෙව් රජහු පරිද්දෙන් උපමාවිෂයාතික්රාන්ත වූ ශ්‍රී සෞභාග්‍යයෙන් යුක්ත වැ
ඒ අෂ්ටවංක මාණික්‍යරත්නය අතින් ගෙන, කේවට්ටයන් ඉදිරියෙහි ළංව වැඩි සේක.
කේවට්ට බමුණා මහ බෝසතාණන් වහන්සේ දැක, ඔබගේ තේජසින් සිටි පළ සිටින්නට
අපොහොසත් වැ පෙර ගමන් කොට, "මහෞෂධ පණ්ඩිතයෙනි, අපි දෙන්නමෝ ම
පණ්ඩිතවරුම්හ. තොප නිසා අවුත් මෙතෙක් කල් මෙතැන වසන අපට තෙපි අමුතු පඬුරක්
පමණ වත් නොඑවූ විරූ ය. කුමක් නිසා ද මෙසේ ම සාදරයක් නොකළේ?" යි කී ය.
එසේ කී කේවට්ටයන්ට බෝසතාණන් වහන්සේ "පණ්ඩිතයෙනි, තොපට සුදුසු පඬුරක්
සොයන්නෙම් අද මේ මිණි රුවන ලදිමි. හැර ගනුව. මෙ බඳු මිණි රුවනක් මේ මුත්
නැතැ" යි වදාළ සේක. කේවට්ටයෝ පණ්ඩිතයන් වහන්සේ අත දිලියෙන මිණි රුවන දැක,
‘මේ පණ්ඩිතයෝ මට මිණි රුවනක් ගෙනා වන්නාහ’ යි සිතා, "එසේ වී නම් දෙව" යි අත
දික් කළහ. බෝසතාණන් වහන්සේ ද "හෙ ද ගනුව" යි අත දික් කොට, අත ඇඟිලි අග
මැණික එළාලූ සේක. බමුණාණෝ බර වූ මිණි රුවන ඇඟිලි අගින් රඳවා ගත නුහුණුවහ.
මැණික පෙරැළී ගෙන ගොස් බෝසතාණන් වහන්සේගේ පාමුල වැටී ගියේ ය.
බමුණාණෝත් ලෝභයෙන් ‘මැණික ගනිමි’ යි බෝධිසත්ත්වයන් වහන්සේගේ ශ්‍රී පාද මූලයට නැඹුරු වූහ. ඒ දැක බෝසතාණන් වහන්සේ බමුණා නැඹුරු වූ තැනැත්තවු කර ඔසවා ගත නොදී ම එක් අතෙකින් පිටිකර හා එක් අතෙකින් පිටි මුල හා තරයේ අල්ලා ගෙන, "නැඟී සිටුව, ආචාරීනි, නැඟී සිටුව, ආචාරීනි, මම බාලයෙමි; තොපගේ මුනුබුරු තරමට ඇත්තෙමි. මා නො වඳුව" යි කිය-කියා මුඛය හා සමග නලළ පෙරළ-පෙරළා කොරසැඩි බිම උලා රත් වද මලක් සේ ලේ හා පස් හා වකා, "නුවණ නැත්තව, තෝ මා අතින් වැඳුම් ගන්නට සිතයි දැ?" යි බොටුව අල්ලා ගෙන දමා ලූ සේක. මෙ තෙමේ ඉස්බක් පමණ තැන වැටී ගොස් නැඟී සිට වැලි පිස-පිස පලා ගියේ ය. මැණික වනාහි මහ බෝසතාණන් වහන්සේගේ මිනිස්සු ම ඇර ගත්හ.
"නැඟී සිටුව, ආචාරිනි, මා නො වඳුව" කියා මහ බෝසතාණන් වහන්සේ බැණ නැඟි හඬ සියලු චතුරංගිනී සේනායෙහි අරගල මැඬ ගෙන සිටියේ ය. "කේවට්ට බමුණා විසින් මහෞෂධ පණ්ඩිතයන් වහන්සේගේ පා වඳනා ලදැ" යි සියලු පර්ෂත් කොක් සන් දී පිළී හිස සිසාරා අත්පොළසන් දී කෝලාහල කළහ. බ්‍රහ්මදත්ත රජ්ජුරුවන් හා එක් සියයක් රජ දරුවන් හා ඇතුළු හැම දෙන ම කේවට්ටයා මහෞෂධ පණ්ඩිතයන් පා පිට නැමුණා දුටුවාහු ම ය. නැවත කියන්නාහු, "අපගේ කේවට්ට ආචාරීන් විසින් මහෞෂධ පණ්ඩිතයෝ වඳනා ලද. එ බැවින් අපි පැරැද්දම්හ. අපගේ ජීවිතය මෙ විට නො දෙන්නාහ" යි භයින් තැති ගෙන, තමන්-තමන්ගේ අසුන් පිට නැඟී උත්තර පඤ්චාල නුවරට මූණ ලා නමා ගත්හ. ඒ යන්නවුන් දැක බෝධිසත්ත්වයන් වහන්සේගේ පිරිස එක පැහැර කියන්නාහු, "කොල බ්‍රහ්මදත්ත රජු එක් සියයක් රජුන් හා සේනාව හා ඇරගෙන බිඳී පලා යන්නාහ" යි මහත් කොට හඬ ගසා කෝලාහල කළහ. ඒ අසා රජදරුවෝ තාක් මුළුල්ල වඩ-වඩා භයපත් වැ පලා යන්නාහු ම ය. ඔවුනොවුන් නො බලා මහා සේනාවෝත් බිඳී ගියහ. බෝධිසත්ත්වයන්ගේ පිරිස ඒ දැකත් වඩ-වඩා කෝලාහල පැවැත්වූහ. කරුණානිධාන වූ මාගේ ස්වාමිදරුවාණෝ “බිඳී යන්නවුන් ලුහුබඳව” යි යන බසකුත් නො කියා, තමන් වහන්සේගේ සේනාව පිරිවරා නුවරට වන් සේක. බ්‍රහ්මදත්ත රජ්ජුරුවන් හා ඒ සා මහත් සේනාව හා දොළොස් ගව්වක් තැන් බිඳී පලා ගියහ.
ඉතා අලජ්ජී වූ දුෂ්ට වූ කේවට්ටයා අසු නැඟී, කටින් ලේ දම-දමා නළලේ ලේ පිස-පිස
දිවන්නේ ය; සේනාවට ආසන්න ව අසු පිට ම හිඳ, "පින්වත්නි, නො යව; මම ගොවියා
පුතු නොවැන්දෙමි. සිටුව, සිටුව" යි කී ය. එසේ කීවත් සේනාව නොරඳා ම දිවන්නාහු
මෙසේ කියන්නාහථ "කොල පවිටු දුෂ්ට අධර්මිෂ්ඨ වූ නිකෘෂ්ට අනාචාර ස්වරූප ඇති
අවලක්ෂණ වූ අඥාන බමුණු මහල්ල, තෝ, ‘ධර්ම යුද්ධය කෙරෙමි’ යි කියා ගොසින්
තට මුනුබුරු තරමටත් නැති ඉතා බාල තැනැත්තන් වැඳ පී ය. මේ මනුෂ්‍ය ලෝකයෙහි
උපන් සත්ත්වයන්ගෙන් ජඩ වූ යම් එකක්හු කළ මනා යම් නොකටයුත්තක් ඇති නම් ඒ
සියල්ලෙන් තා විසිනුත් නොකළමනා දෙයක් ඇද්ද? ජඩය, මැත නොදොඩා තොයිත්
තාගේ පණ නො නසා යන අතෙක නැඟී යා" යි යනාදීන් කිය-කියා ඔහුගේ බස් තමන්
කනෙක නො හෙළා ඕ හට ආක්‍රෝශ පරිභව බෙණෙමින් නොරඳා ම දිවන්නාහ.
එ බමුණා වහ-වහා ම දිව ගෙන ගොස් සේනාව මැදට පැන මෙසේ කියා ලී ය "ඇයි? කුමක්
කියවු ද? මම ගොවියා පුතු නො වැන්දෙමි. මම ගොවියා පුතු නොවැන්දෙමි. කොල,
වඳනා කෙනෙක් නළල දණ වැලමිටි ලේ ලා ගෙනත් වඳිද්ද? මේ වැඳීම් මාන තොප
අතින් අද ඇසීමි, ඒ ගොවියා පිත් මාණික්‍ය රත්නයෙකින් මා වංචා කොට පී යැ" යි
නොයෙක් කාරණ කියා ගිවිස්වා තමා වසඟ කොට, එසේ මිදී තුන් යොදුනක් පලා
ගිය ඒ සා මහත් සේනාව රඳවා නැවත ගෙන’වුත් පළමු පරිද්දෙන් මැ වට ලා ගත.
බෝධිසත්ත්වයන් වහන්සේගේ අනුභාවයෙන් නො සිතූ හෙයින් මුත් ඉදින් ඒ සේනාව
එක් එක් පස් මිටක් වත් දැමුයේ වී නම් අගල් තුන පුරා ගෙන අටළොස් රියන් පවුර පිට
නැවත එපමණ ගොඩ කරන්නටත් වඩා ඇති වන්නේ ය. ඒ එසේ මැ යි. තිලෝගුරු
බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් ම "බෝධිසත්තානං අධිප්පායා නාම ඉජ්ඣන්ති"
"බෝසතුන්ගේ අදහස් නම් සිදු වේ" යි වදාළ බැවින් අභිමතාර්ථසාධක වූ චින්තාමාණික්‍යයක්
බඳු වූ මාගේ බෝධිසත්ත්වයන් වහන්සේගේ තේජසින් ම පස් මිටක් වත් කැටක් වත් නුවර
දිසාවට දමන්නා තබා සිතිනුත් සිතූ එක ද සත්ත්වයෙක් නැත්තේ ය. සියල්ලෝ ම අවුත්
තමන් පළමු උන්නා වූ ස්ථානයෙහි ම හිඳ ගත්හ.
27. අනුකේවට්ට උපායය
බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝ 'ආචාරිනි, මෙවිට කුමක් කරමෝදැයි කේවට්ටයා විචාළහ. ඒ දුෂ්ටයා කියන්නේ 'දේවයන් වහන්ස! කිසි කෙනකුන් මහවාසලින් තබා කුරුබිලියෙනුත් පිටත් විය නොදෙම්හ, එසේ කල මනුෂ්‍යයෝ උකටලී ව තුමූ ම දොරහැර පියන්නාහ, එවිට අපි ආනායාසයෙන් සතුරන් අල්ලාගෙන කැමැත්තක් කරම්හ'යි කියූ නියාවත් බෝධිසත්ත්වයන්ගේ චරපුරුෂයෙකු පියදු පතෙකින් ම දැන වදාරා 'මේ සතුරන් බොහෝ දවසක් මෙතැන විසීමෙන් අප හැම දෙනාගේ ම සිතට සැපයෙක් නැත්තේය. උපායකින් මුන් පලවා පියමි'යි සිතා මන්ත්‍රණයෙහි දක්ෂ වූ උපායවත් පුරුෂයක්හු පරීක්ෂා කරන සේක් 'අනුකේවට්ටය'යි යන එකකු දැන ඕහට වදාරන සේක් 'අපගේ කටයුත්තෙක් ඇත, තොප විසින් සමෘද්ධ කොට දුන යහපතැ'යි වදාළ සේක, 'ස්වාමීනි කුමක් කෙරෙම්ද වදාළ මැනැව'යි කීය. 'තෙපි මහපවුරෙහි පදනම සිට අපගේ මිනිසුන්ගේ ප්‍රමාදයක් බලලා අතරතුරේ බ්‍රහ්මදත්තයන්ගේ පිරිස සිටියවුනට 'පින්වත්නි' උකටලී නොව කීපදවසක් රඳන්නට උත්සාහ කරව. නුවරවාසී සියල්ලෝ ම මැදිරියෙහි අසු වූ කුකුළන් පරිද්දෙන් ඉතා උකටලී ව ගියහ, කීප දවසකින් තුමූම දොර හරින්නාහ, එවිට තෙපි වේදේහයාත් දුෂ්ට වූ ගොවියා පුතුත් අල්ලා ගනුව'යි කියා මච්ඡ මාංශ කන බොනදෑ දීමෙන් ඔහුන් සිත් ගෙන කියා ඇවිදුව. ඒ තොපගේ කතාව අපගේ මනුෂ්‍යයෝ අසා තොපට ආක්රෝෂශ පරිභව බැණ තොප අල්ලාගෙන බ්රහ්මදත්තයාගේ මිනිසුන් බල බලා සිටිය දීම දෑත දෙ පය තර වැ අල්ලාගෙන උණ පත්තෙන් මරන්නා සේ පෑලා ඉන් බාගෙන ඉස පස් කොණ්ඩයක් බඳවා ඇඟ උළුසුණු ගල්වා රත් මල් කණේරු මල් වඩම් කරැ ලා කීප පාරක් ගසා පිට ගඩු නංවා පිටිතලහයා බැඳ පවුර පිට නඟා සාල්ලෙක හිඳුවා යොතෙකින් පිටත බාවා බ්‍රහ්මදත්ත රජුගේ මිනිසුන් බල බලා සිටිය දී 'යව මන්ත්‍ර භේදක සොරැ'යි කියා දක්වන්නාහ. ඔහු තොප ගෙන ගොස් රජහට පානාහ, රජ්ජුරුවෝ තොපට මෙ වැන්නක් කරන්නට තොපගේ අපරාධය කවරේදැ'යි විචාළෝ නම් තොප කියන කල 'මහරජ මාගේ සම්පත් බෙහෙව, ගොවියා පුත් මහෞෂධයා මන්ත්‍ර භේදක සොරාය'යි මට කිපී රජහට කියා මාගේ සම්පත් උදුරා ගත, ඒ නිසා දැන් මම මාගේ සම්පත් නැසුවා වූ සොර වූ ගොවියා පුතුගේ ඉස දෙවා පියන්නට සිතන්නෙම් නුඹ වහන්සේගේ සේනාව මේ නුවර සාධා ගත නොහී උකටලී වන හෙයින් එහි ඉතා කනස්සලුව ඔවුනට අතරතුරේ කන බොන දෑත් දෙමි, ඇතුළු නුවර අඩු වැඩියක් කියමි, ඒ දැන මාගේ පරණ වෛරයක් සිත තබාගෙන මට මේසා මහත් ව්‍යසනයක් කර වීය. මේ සියල්ල ම නුඹ වහන්සේගේ මනුෂ්‍යයෝ දන්නාහ'යි කියා රජහු නොයෙක් පරිද්දෙන් ම ගිවිස්වා තොප කෙරේ තරව ඇදහිලි ව ගත් කල නැවත තොපි මෙසේ කියව - 'මහ රජ මෙවිට මා ලත් පසු නොසිතා වදාළ මැනැච, වේදේහයාත් ගොවියා පුත් මහෞෂධයාත් දිවි නැත්තේය. මම මේ නුවර පවුර තර තැනුත් නොතර තැනුත් අගල මුවරුන් හා කිඹුලුන් ඇති තැනුත් නැති තැනුත් ඉඳුරාදනිමි. නොබෝ දවසකින් නුවර දී ලමි'යි ඉක්බිති රජ්ජුරුවෝ 'සැබෑ'යි ගිවිස තොපට බොහෝ සත්කාර කොට තමන්ගේ සේනා තොපට පාවා දෙති, තෙපි ඒ සේනාව හා සටනට ගොස් චණ්ඩ වූ කිඹුලුන් හා මුවරුන් ඇති තෙනට බාලව, කිඹුලුන්ගෙන් හා මුවරුන්ගෙන් භය පත් වූවාහු සටන් තබා අගල සමීපයටත් ළං නොවන්නාහ, එවිට අවුත් 'දේවයන් වහන්ස, නුඹ වහන්සේගේ සේනාව ගොවියා පුතු විසින් භින්නව ගියාහ. කේවට්ටයා ඇතුළු වූ සියලු රජදරුවෝ ම ඔහු අතින් අත්ලස් නොගත් එකද කෙනෙක් නැත්තාහ. නුඹ වහන්සේට හිතයෝ නම් මම්මය. හුදක් නුඹ වහන්සේ පිරිවරා ඇවිදිනා බව මුත් මේ සියල්ලෝ ම ගොවියා පුතු සන්තකයහ, මේ තෙක් දෙනා නුඹ වහන්සේට වෙනස් කල මම තනි ව කුමක් කොට ලියහෙම්ද? ඉදින් 'මා නොඅදහන සේක් වී නම් 'සියලු රජදරුවෝ සර්වාභරණයෙන් 'සැරහී අවුත් මාදකිත්ව'යි නියෝග කළ මැනැව'යි කියව. එබසින් හැම දෙනම සැදී පැහැදී ආ කල්හි ගොවියා පුත් තමාගේ නම අකුරු ලියා දෙන ලෙස වස්ත්රාභරණ කඩු ආදිය අකුරු බලා තෙල අදහා ගත මැනැව'යි කියව: ඔහු තොප කී පරිද්දෙන් රජදරුවන් එන්නට කියව'යි නියෝග කොට ඔවුන් සැරසී ආ කල්හි තොප කී පරිද්දෙන් අකුරු දැක භයින් තැති ගෙන බිය ගත්තාහු රජ්ජුරුවන්ට සමුදී යවා 'මේ වන විට කුමක් කරමෝද ආචාරිනි, විචාරති. ඒ විචාළ රජහට තෙපි මෙසේ කියව - 'මහරජ ගොවියා පුත් බොහෝ මායම් දන්නේය. ඉඳින් කීප දවසක් මෙතැන රැඳුණු සේක් නම් නුඹ වහන්සේගේ සියලු සෙනග තමා වසඟ කොටගෙන නුඹ වහන්සේ ජීවිතක්ෂයට පමුණුවයි, ප්‍රපංච නොකොට අද මධ්‍යම රාත්‍රියෙහි අසු පිටහිඳ පලා යම්හ, සතුරන් අත මියෙන මරෙක් අපට නොවේව'යි කී කල්හි රජ්ජුරුවෝ ගිවිස තොප කී ලෙසම කරන්නාහ. තෙපි උන් නික්මෙන වේලා දැන නැවත අපගේ මනුෂ්‍යයනට ඒ බව හඟවා ලව'යි වදාළ සේක.
ඒ අසා අනුකේවවට්ට බ්‍රාහ්මණයා “පණ්ඩිතයන් වහන්ස! මා
නිසා වැඩෙක් වේ නම් නුඹ වහන්සේ වදාළ ලෙස ම කෙරෙමි”යි
කීය. එසේ වී නම් උනට පෙනෙන පරිද්දෙන් පහර කීපයක් ඉවසාපුව
යහපතැ'යි වදාළ සේක. පණ්ඩිතයන් වහන්ස, මාගේ ප්‍රාණයක් දෑත්
දෙපයත් නොනසා සර්වාංගය මුළුල්ල නුඹ වහන්සේ කැමැත්තක්
කර වුව මැනැව'යි කීය. ඒ වේලෙහි අනුකේවට්ටයාගේ අඹුදරුවන්
පටන් උන් සන්තක කිසි කෙනකුත් නොවරදවා සංග්‍රහ කොට
අනුකේවට්ටයන් හිස පස් කොණ්ඩයක් බැඳ පෙනෙන ලෙස පහර
කිහිපයක් ගසා ගඩු නගා සර්වාංගයෙහි උළුසුණු ගල්වා රත්මල්
කණේරු මල් වඩම් කර ලා මහා විප්‍රකාරයට පමුණුවා සාල්ලෙක
හිඳුවා ලණුවෙක බැඳ පිටතට බාවා බ්‍රහ්මදත්තයන්ගේ මනුෂ්‍යයනට
දැක් වූවාහ. රජ්ජුරුවෝ අනුකේවට්ටයන් නොයෙක් පරිද්දෙන්
විමසා අදහා ගෙන ඕහට ප්‍රසාද දී සේනාව පාවා දුන්හ. ඒ තෙමේ
සේනාව ගෙන නුවර ගනිම්' ගොස් මෙතැන් බට කල නිරුපද්රවය,
මෙතැන පවුරත් දුර්වලය. මෙතැන රැකවලුත් නැතැ'යි ගෙන ගොස්
පොවාලූ ඇඟිල්ල කඩා කන තරම් චණ්ඩ වූ කිඹුලන් හා මුවරුන්
ඇති තොටවලට ම බා ලයි, බටු බටුවන් ගසා කන්නාහ. අට්ටාලවල
සිටියාහු හී මුණ කෝල් හෙණ්ඩවාල තෝමරාදියෙන්දමා ඇන මහා
විනාශයට පමුණුවන්නාහ. සේනා වහා ව්‍යසනයට පැමිණ නැවත
ඒ දිසාවට යන්නා තබා බලන්නටත් අසමර්ථ වූහ. අනුකේවට්ටයෝ
රජහු සමීපයට ගොස් මහරජ, නුඹ වහන්සේ නිසා සටන් කරන
කෙනෙක් නැත්තාහ. හැම ගොවියා පුතුගෙන් අත්ලස් ගත්තාහ.
මා බස් නොඅදහන සේක් වී නම් රජදරුවන් සැරසී එන්නට කියා
ගෙන්වාහන් පළන් වස්ත්රභරණාදිය අකුරු බලා සැක හල මැනැව'යි
කී යැ.
රජ්ජුරුවෝ ඔහු කී පරිද්දෙන් හැම ගෙන්වා නොයෙක්
ආභරණාදියෙහි ලියා තුබුවා දැක "ඒකාන්තයෙන් හැම දෙන ම
අත්ලස් ගත්තේ සැබෑය'යි අදහා ගෙන උන්හැම යවා ආචාරීනි!
මෙ විට කුමක් කරමෝදැ'යි විචාරා 'දේවයන් වහන්ස, මෙවිට
අනික් කළ හැකි දෙයක් නැත. ඉදින් ප්‍රපංච කොට කල් යවූ සේක්
වී නම් ගොවියා පුත් නුඹ වහන්සේ අල්වා ගන්නේය. වැලිත්
කේවට්ටයාත් නළල වණයක් කොටගෙන ඇවිදිනා බව මුත් ඔහු
විසිනුත් අත්ලස් ගත්තේ මය. ධර්ම යුද්ධයෙහි දී අනර්ඝ වූ මාණික්‍ය
රත්නයන් කාටත් නොදන්නා පරිද්දෙන් ඇරගෙන නුඹ වහන්සේ
තුන් යොදුනක් පලා ගියවුන් නැවත ගිවිස්වා ගෙනවුත් මේ මර
උගුලේ ලා පීය. එයින් නුඹ වහන්සේට ඒකාන්තයෙන් ම අහිතය.
එබැවින් එක රැයකුත් මෙතැන රඳන්නා කැමැති නැත, අද මධ්‍යම
රාත්‍රියෙහි නැඟී යන්නා කැමැත්තෙමි. මා විනා නුඹ වහන්සේට
මනා සිත් කෙනෙක් මේ සේනාවෙන් එකෙකුත් නැතැ'යි කීය. ඒ
අසා රජ්ජුරුවෝ වඩ වඩා භයින් තැතිගෙන එසේ වී නම් ආචාරීනි!
තොප විනා මට හිත කෙනෙක් නැත. තෙපි මා අසකු සාදා ගමන
නිලකරව'යි කීහ. අනුකේවට්ටයාත් රජහු ඒකාන්තයෙන් ම යන
බවදැන මහරජ, නො බා වදාළ මැනැව'යි අස්වසාලා ඒ ක්ෂණයෙහි
අවුත් චරපුරුෂයනට කියන්නේ අද රජ්ජුරුවෝ පලායෙති, කොළ
නිදා පියම්හ'යි නොසිතව'යි කියා ලා රජහට අසු සදන්නේ යම්
සේ රඳන්නට කඩියාලම හයා ලූ කල නොරඳා ම ඉදිරියට දිවේද
එපරිද්දෙන් අවකම්පන සැදීමෙන් අසු සදා ලා මධ්‍යම රාත්‍රියෙහි
අවුත් 'අසු සාදා ලා ගෙනාමි, වේලා දත මැනැව, වහා නික්මුණු
මැනැව'යි රජ්ජුරුවෝ අසු නැඟී පලා ගියහ. අනුකේවට්ටයාත් අසකු
නැඟී රජුහා එක් ව යන්නා සේ මඳක් තැන් ගොස් රඳා ගියේය.
අවකම්පන සැද්මෙන් සැදූ අස් රඳවන්නට හයා ලූයේය. නොරඳා ම
ඉදිරියට දිවන්නේ බ්‍රහ්මදත්ත රජුහැර ගෙන පලා ගියේය.
අනුකේවට්ටයා සේනාව මැදට වැද 'චුලනී බ්‍රහ්මදත්ත
රජ්ජුරුවෝ පැලෑහ'යි මහත් කොටහඬ ගසා ලීය. චරපුරුෂයෝ
තම තමන්ගේ අතවැසි පුරුෂයන් හැ සමඟ මහත් කොට හඬ ගසා
ශබ්ද පැවැත්වූහ. එක් සියයක් රජදරුවෝ සිතන්නාහු 'මහෞෂධ
පණ්ඩිතයෝ වාසල් හරවා පිටත් වූ වන්හ. මෙවිට අප හැමගේ
ජීවිතය නැත්තේය'යි භයින් තැතිගෙන උපභෝග පරිභෝග
වස්තුවෙන් කිසිවකුත් නොගෙන 'මඟුල් කඩු හා උතුරු සළු ආදී වූ
වස්ත්රාභරණාදියටත් ආලය නොකොට නිගණ්ඨ සේනාවක් සේ ඉස්
ලූ ලූ අත උනුන් නොබලා ම දිවගත්හ. චරපුරුෂයෝ එවිටත් 'එක්
සියයක් රජදරුවෝ පැලෑහ'යි වඩ වඩා කෝලාහල පැවැත්වූහ.
ඒ අසා නුවර වාසල් අට්ටාල පුවරු පදනම් ආදිය සිටියාහු මහත්
කොට කෝලාහල කළහ. එවේලෙහි පිටත සිටි චරජුරුෂයෝ ඇතුළු
නුවර මනුෂ්‍යයන් හා එක පැහැර ශබ්ද පවත්වා කෝලාහල කළහ.
ඒ ගැසූ සියලු හඬ පොළොව පැලී යන්නා සේ වාත 'වේගයෙන්
මහා සමුද්‍රය ඇලලී ගියා සේ ක්ෂෝහව ගොස් පිටි නුවරත් ඇතුළු
නුවරත් කෝලාහලයෙන් ගියා සේ ඒක නින්නාද විය. අටළොස්
අක්ෂෞහිණියක් පමණ මනුෂ්‍යයෝ සිතන්නාහු 'මහෞෂධ
පණ්ඩිතයන් විසින් බ්‍රහ්මදත්ත රජ්ජුරුවන් හා එක් සියයක්
රජදරුවෝ ඒකාන්තයෙන් ම අල්වා ගන්නා ලදහ'යි මරන භයින්
තැනිගත්තාහු කිසි සරණක්වත් පිටිවහලක්වත් ගැලවෙන්නට කිසි
උපායක්වත් නොදන්නාහු සෙසු දෑ තබා හන්කඩටත් අස්වාමික ව
සියල්ලන්ම උන් උන් තැන ම ඇර පියා පළමු පැලෑවුන් සේ ඉස්
ලූ ලූ අත දිව ගත්හ. ඒසා මහත් රාජ සේනාවක් කඳවුරු බැඳ හුන්
තැන එකද මනුෂ්‍යයෙක් නැති ව සිස් වූයේය. චූලනී රජ්ජුරුවෝ
එක් සියයක් රජදරුවන් හා සමඟ බිඳී තමන්ගේ නුවරට ම ගියහ.
රෑ පැවති, කෝළාහළයෙන් ඇත් අස් ආදීහු කඹදම් ආදීන් කඩා
බිඳගෙන ගොස් වල් නැංගාහ.
දෙවන දවස් උදෑසන නුවර වාසල්හැර බලඇණි නුවරින් පිටත් ව ඒ මහා විප්‍රකාර දැක අභිමතාර්ථ සාධක චින්තා මාණික්‍යයක් බඳු වූ මහෞෂධ පණ්ඩිතයන් වහන්සේ සමීපයට ගොස් 'මේ සම්පතට කුමක් කරමෝදැ'යි විචාළහ. ඔබ වදාරන සේක්. උන් ඇම දෙනා නොකැමැති කරවා උදුරා ගත් දෙයක් නොවන පසු උන් තමන් ම ආලය නැති ව දමා පියා නිරාලය ව ගිය වස්තු හෙයින් සියල්ල ම අප සන්තක වන්නේය. ඉනුත් රජදරුවන් සන්තක වස්තු අපගේ රජ්ජුරුවනට දෙව, සිටුවරුන් හා කේවට්ටයා සන්තක වස්තු තාක් මුළුල්ල අපට ගෙනව, සෙසු අටළොස් අක්ෂෞහිණියක් පමණ මහා සේනාව සන්තක වස්තු මුළුල්ල නුවරවාසීහූ ගනින්ව'යි වදාළ සේක. ඉන් මාහැඟි රන් රුවන් ආදී වස්තු අදනවුනට දෙපෝයක් ම ඉක්ම ගියේය. වී සාල් ආයුධ ආදී වූ අවශේෂ වස්තු අදනවුනට සාර මසෙක් ඉක්ම ගියේය. හෙවත් සාර මසක් ඇද්දාහ. වල ගිය ඇත් අස් ආදීන් බඳවා ගෙන්වා ගත්තාහ. බෝධිසත්ත්වයන් වහන්සේ අනුකේවට්ටයනට බොහෝ සත්කාර කළහ. එවක් පටන් මියුලු නුවරවාසීහු දශවිධ රත්නයෙන් සමෘද්ධ වූහ.
28. “විවාහ” මන්ත්‍රණය
බ්‍රහ්මදත්ත රජ්ජුරුවන් එක් සියයක් රජුන් හා එක් ව බිඳී ගොස් උත්තර පංචාල නුවර වසන්න වුනට හවුරුද්දක් ඉකුත් ව ගියේය. එක් දවසක් කේවට්ට මහලු බමුණු කැට පතකින් නමා මුහුණ බැලුයේ නළල කබර වදා ගියා සේ වණ කැලල් දැක "මේ අනිකෙක් නොවෙයි, ගොවියා පුත් මහෞෂධයා අත කර්මාන්තය, ඔහු විසින් එක් සියයක් රජුන් හා මේ සේනාවේ මධ්‍යයෙහි ම ලජ්ජාවට පමුණුවන ලදිම්"යි දණ්ඩෙන් ගසන ලද ආශිර්විෂයකු පරිද්දෙන් වඩන ලද ක්‍රෝධ ඇත්තේ 'කවර දවසෙක ඔහු පිටි දැක පියම්දෝහෝ”යි සිතන්නේ "ඒ වනාහි බලවත් උපායෙක් ඇත. අපගේ රජ්ජුරුවන් වහන්සේගේ පඤ්චාලණ්ඩි කුමාරිකාවෝ දිව්යප්සරාවක සේ උතුම් රූ ඇත්තාහ. සිවු සැටක් පමණ ස්ත්‍රී ලක්ෂණයෙන් යුක්තයහ. ඒ කුමාරිකාවන් වේදේහ රජහට දෙම්හ'යි කියා රජු කාමයෙන් පොළඹවා බිලියක් ගිලූ මසකු ගොඩ ගන්නා සේ මහෞෂධ පණ්ඩිතයා හා සමඟ මේ නුවරට ගෙනවුත් දෙන්නා ම මරා ජය පානය බොම්හ"යි සනිටුහන් කොට සිතා නිමවා රජහු සමීපයට ගොස් "දේවයන් වහන්ස, එක් රහස් කතා මන්ත්රණයෙක් ඇතැයි කීය. 'පළමු තාගේ මන්ත්‍රණය නිසා අපගේ උතුරු සළුවටත් අස්වාමික ව දමා පියා ආම්හ, මෙවිට මේ මන්ත්‍රණයෙන් කුමක් කෙරෙයිද, මුවෙන් නොබැණ'යි කිවුය.”
මහරජ, මේ උපාය හා සමාන අනික් උපායෙක් නැතැ”යි කීය. 'එසේ වී නම් කියවයි කීහ. "මහරජ අප දෙන්නා මතු තනි විය යුතුය'යි කියා ඔහු ඇරගෙන මාලිගාවේ මතුමාලට නැඟ 'මහරජ වේදේහ රජු කාමයෙන් පොළොඹවා ගොවියා පුතු සමඟ මේ නුවරට ගෙනවුත් ජීවිතක්ෂයට පමුණුවා පියම්හ'යී කීය. 'ඒ වන්නා තොප කීවා ඉතා ම යහපත, කවර උපායකින් පොළාඹවා මේ නුවරට ගෙනමෝදැ'යි කීය. 'මහරජ, නුඹ වහන්සේගේ දියණියෝ පඤ්චාලණ්ඩි කුමාරිකාවෝ උතුම් රූ ඇත්තාහ. ඒ ලක්ෂණ සම්පන්න වූ කුමාරිකාවගේ රූප විලාසය කවීන් ලවා ගී බඳවා කාව්‍ය කරවා ඒ කාව්‍ය මියුලු නුවර ගායනා කරවා 'මෙබඳු ස්ත්‍රී රත්නයක් නොලබන්නා වූ වේදේහ රජහට රාජ්‍යයෙන් ප්‍රයෝජන කිම්දැ'යි රූප ශ්‍රී ඇසූ පමණකින් ම ඔහු ශ්‍රවණ සංසර්ගයෙහි බැඳුණු කල මම් ම ඔබ 'ගොස් දවස් නියම දැන නැකැත් ලා එමි, ඒ රජදවස් නියම කොට මා ආ කල්හි බිළියක් ගිලූ මසකු සේ ගොවියා පුතුහා සමඟ මේ නුවරට එන්නේය. ඒ විට උන් දෙන්නා අල්වාගෙන මරා ජිවිතක්ෂයට පමුණුවා පියම්හ"යි කීය. රජ්ජුරුවෝ ඔහුගේ බස් අසා ගිවිස ඉතා සතුටුව 'ආචාරිනි, ඒ උපාය ඉතා යහපතැ'යි කියා තොප කී ලෙස ම කෙරෙමි'යි ගිවිස්සාහ. මේ දෙදෙනාගේ රහස් කතාව චූලනී රජ්ජුරුවන්ගේ යාන බලන එක් 'සැළලිහිණියක් සකස් කොට අසා සිත් තබා ගත.
ඉක්බිති රජ්ජුරුවෝ යහපත් කොට අදාළ කාව්‍යකාරයන් ගෙන්වා ඒ වූ නියාව කියා බොහෝ වස්තු දී ඔවුනට දියණියන් පෙන්වා 'කුඩාවරුනි, මේ කුමාරිකාවගේ රූප ශ්‍රී වර්ණනා කෙරෙමින් මුන් නිසා කාව්‍ය කරවයි'යි කීහ. ඒ කාව්‍යකාරයෝ කර්ණ රසායන කොට අති මනෝහර කොට ගී බැඳ රජහු ඇස්වූහ. එදවස් රජ්ජුරුවෝ බොහෝ ප්‍රසාද දුන්හ. කවීන් අතින් විද්වත් නායකයෝ ඉගෙන බොහෝ දෙනා මධ්‍යයෙහි ගායනා කළහ. ඒ ගීතිකාවන් ඇසූවනට කර්ණ රසායනමය, මෙසේ කාව්‍ය ගීතිකා බොහෝ දෙනා අතරේ ප්‍රසිද්ධ වූ කල්හි රජ්ජුරුවෝ ගී කරන්නවුන් කැඳවා කියන්නාහු "දරුවෙනි, තෙපි කොස් ලිහිණියන් අල්වාගෙන රෑ ගස් උඩහිඳ ගීතිකාවන් කියා අලුයම් වේලෙහි උන් කර 'කඤ්චුතාලම් බැඳ උන් ආකාශයට හැර පියා කාත් නොදන්වා බැස පියව'යි කීහ. ඒ කුමක් පිණිසද යත්: බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්ගේ දුවණියන්ගේ රූප විලාසය දේවතාවෝ පවා කියන්නාහ'යි දඹදිව ප්‍රසිද්ධ වන පිණිස කරවූහයි දත යුතු.
නැවත රජ්ජුරුවෝ ඒ කවීන් කැඳවා "කුඩාවරුනි, දැන් තෙපි
කියන කල මෙවැනි රූ ඇති කුමාරිකාවක් දඹදිව අනිත් රජක්හට
තරම් නොවෙයි. මියුලු නුවර වේදේහ රජහට තරමැයි වේදේහ
රජ්ජුරුවන්ගේ රාජ්‍ය ශ්‍රීයා කුමාරිකාවන්ගේ රූප වර්ණනාව හා එක්
කොට ගී බැඳ කාව්‍ය කරව”යි කීහ. ඔහු එතැන් පටන් වන් වන් තැන
ගායනා කෙරෙමින් සාර සියයක් ගවු ගෙවා මියුලු නුවරට පැමිණ
බොහෝ දෙනා රැස් වූ සභායෙහි ගායනා කළහ. ඒ අසා බොහෝ
ජනයෝ ඔල්වරහඬ දහස් ගණන් පවත්වා මහා 'සන්තෝෂයෙන්
බොහෝ වස්තු දුන්හ. ඒ ගායකයෝ රෑ ගස්වල හිඳ ගායනා
කොට අලුයම් වේලෙහි කොස් ලිහිණින් කර කඤ්චු තාලම් බැඳ
ආකාශයට හැර බස්නාහ. ආකාශයෙහි ඒ කඤ්චු තාලම් හඬ අසා
චුලනී රජ්ජුරුවන් දුවණියන්ගේ රූප වර්ණනාව දේවතාචෝ පවා
කියන්නාහ'යි නුවර මහත් වූ කෝලාහල වීය. වේදේහ රජ්ජුරුවෝ
ඒ අසා කාව්‍යකාරයන් කැඳවා තමන්ගේ රජගෙයි දී බොහෝ දෙනා
මධ්‍යයෙහි කියවා බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝ තමන්ගේ මෙබඳු රූපශ්‍රීන්
විරාජමාන වූ දුවණියන් මට සරණ දෙත්ල'යි මහත් වූ 'සොම්නසට
පැමිණ නාටකයනට බොහෝ ප්‍රසාද දී මහත් වූ සත්කාර කළහ.
ඔහු නැවත අවුත් ඒ බව චූලනී රජ්ජුරුවන්ට කීහ. ඊට අනතුරු ව
කේවට්ට නම් බමුණු කියන්නේ 'මහරජ' දැන් මම ගොස් නැකත් ලා
ලා දවස් නියම කොට එන්නට යෙමි'කීය. 'යහපත ආචාරීනි, කුමක්
ලද මනාදැයි කීය. යම්තම් පඬුරක් ලද මැනැව'යි කීය. 'යහපත
ගන්ව'යි කියා මාහැඟි පඬුරු දෙවූහ. ඒ බමුණු මහ පෙරහරින් ගොස්
වේදේහ රටට පැමිණියේය. ඔහු එන ගමන් අසා මියුලු නුවරවාසීහු
‘බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝ තමන්ගේ දුවණියන් අපගේ රජ්ජුරුවනට
සරණ දෙත් ල. රජදරුවන් දෙදෙනාගේ බන්ධුත්වයත් මිත්‍රකමත්
යහපත් වන්නේය. කේවට්ට බ්‍රාහ්මණයා නැකත් ලන්නට එමින්
සිටියේල'යි කියමින් සිටියාහුය. මෙසේ නුවර ඒක කෝලාහල විය.
එපවත් වේදේහ රජ්ජුරුවෝත් ඇසූහ.
29. විවාහ යොජනාව
පර සිත් දන්නා නුවණ ඇති බෝධිසත්ත්වයන් වහන්සේ එපවත් අසා සිතන සේක් “මේ විවාහය කියා කේවට්ටයා එන ගමන මට රුස්නේ නොවෙයි. එහි තත්ත්වය දැන පීම් නම් යහපතැ”යි සිතා, චූලනි රජ්ජුරුවන් කෙරෙහි සිටි චරපුරුෂයනට මේ සරණ මඟුලේ තත්ත්වය වූ පරිද්දෙන් කියා එව'යි යැවූ සේක. නැවත ඔහු කියා එවන්නාහු 'අපිත් ඒ තත්ත්වය නොදනුම්හ. කේවට්ටයන් හා රජ්ජුරුවන් හා දෙදෙන මාළිගයේ මතු මාලේ ශ්‍රී යහන් ගබඩාවේ හිඳ මන්ත්‍රණයක් කළහ. රජ්ජුරුවන්ගේ යාන බලන සැළලිහිණියක් ඇත. ඕ තොමෝ එහි තත්ත්චය ඉඳුරා දන්නීය'යි කියා යැවූහ.
ඒ අසා බොධිසත්ත්වයන් වහන්සේ සිතන සේක්, 'යම් සේ
සතුරනට අවකාශයක් නො පෙනේ ද එ සෙයින් මා විසින් සුරක්ෂිත
කොට රක්නා ලද මේ නුවර මේ දුෂ්ට වූ කේවට්ටයාට නොපාමි”යි
සිතා නුවර මහවාසල පටන් රජගෙයි දොරකඩ දක්වාද එතැන්
පටන් නමන් වහන්සේගේ දොරකඩ දක්වාද ඇතුළු වීථි මාර්ග දෙ
පාර්ශ්වයෙහි බට පැලැලි හඳවා, මුදුනතින් පැදුරු බඳවා සිත්තම් කරවා
බිම සුදු වැල්ල ලවා පස් වනක් මල් ඉස්වා දෙපාර්ශ්වයෙහි පුන්
කලස් හා මාරුක් මල් තබා කේල් ගස් බඳවා, ධජ නංවා සරහා ලූ
සේක. කේවට්ටයාත් නුවරට වන්නේ නුවර ගෙවල් ආදී වූ දෙය
ඉඳුරා නොදැක 'රජහු විසින් මා එන්නා වූ මඟුල් පිණිස සරහන
ලද්දේ වනැ'යි සිතිය. ඒ බමුණු තමාට නුවර නොපානා පිණිස කළ
නියාව නොදන්නේය.
කේවට්ටයාත් සරහන ලද වීථියෙන් ගොස් රජ්ජුරුවන් දැක
ගෙනා පඬුරු පාවා දී මියුරු කතා කොට එකත්පස් ව හිඳ රජහු විසින්
කරන ලද සත්කාර සම්මාන විඳ තමා ආ කාරණය කියන්නේ 'මහරජ,
අපගේ රජ්ජුරුවන් වහන්සේ නුඹ වහන්සේ හා ඥාති සම්බන්ධයෙන්
අතිශයින් හිත මිත්‍ර ව හිඳිනා කැමැති සේක. අනර්ඝ වූ රුවන් ආදී
වූ පාක්කුඩම් එවූ සේක, මිහිරි වූ ප්‍රිය තෙපුල් දන්නා දූතයෝ
එරටින් මෙහි එත්වා. ඒ ආවා වූ දූතයෝත් මිහිරි වූ තෙපුල් දන්නාහ.
ප්‍රියවූ කතා දන්නාහ. විරෝධයට සුදුස්සක් සිතිනුත් නොසිතන්නාහ.
දෙ තෙනට මධ්‍යස්ථව වැඩ හැසිරෙන්නාහ, උන් තව බැහැරය'යි
නොසිතුව මැනැව ඒ සියල්ලට මධ්‍යස්ථව ආයෙම් මම් මැය'යි කියා
නැවත කියන්නේ "යම් බසක් ප්‍රිය මනාප නම් එසේ වූ මෘදු තෙපුල්
කියත්වා, පංචාලයෝද වේදේහයෝද යන දෙපක්ෂය එක් වෙත්ව”යි
මෙසේ කියා නැවත කියන්නේ "යම් යම් බසෙක් සන්තෝෂයට
කාරණා වී නම් ඔවුනොවුනට එසේ වූ ප්‍රිය තෙපුල් කියත්වා, කුමක්
නිසාදයත්: පංචාල දේශයෙහි රජ්ජුරුවන් හා වේදේහ රජ්ජුරුවන්
හා දෙදෙන ආවාහ විවාහයෙන් ඒකාත්මික ව ඔවුනොවුන් කෙරෙහි
සතුටුව වසන්නාහ. එබැවින් අවමංගල වචනයක් නොකියා මංගල
සන්නිශ්ශ්රීත වූ බසක් ම කියත්ව"යි කියා නැවත "තවත් ඒ මතු
නොවෙයි. තමන්ගේ දූ රුවන හා උතුම් මාහැඟි රුවන් එවන සේක.
මෙවක් පටන් දෙ රටින් ඔවුනොවුන්ට පාක්කුඩම් ගෙන, මිහිරි වූ ප්‍රිය
තෙපුල් දන්නා දූතයෝ මොබින් ඔබ යෙත්වා, ඔබින් මොබ එත්වා
මේ දෙ රට සම්බන්ධ නියාව කුමක් වැනිද යත්: ගංගා නම් ගඟ දිය
හා යමුනා නම් ගඟ දිය හා එක් වූ කලක් පරිද්දෙන් ඔවුනොවුන් එක්
සිත් ව සමඟි ව සන්තෝෂ ව වෙසෙත්ව'යි කීය.
මෙසේ ද කියා නැවත කියන්නේ 'අපගේ රජ්ජුරුවන් වහන්සේ
අනික් මහා අමාත්‍යයකු එවනු කැමැතිවත් අනෙක් කෙනෙක් මේ
මංඟල වචනය සිත් ගෙන ඉඳුරා කියා ලන්නට අසමර්ථයයි සිතා මට
කියන සේක් "ආචාරිනී, තෙපි ම ගොස් මේ මඟුල් කියා රජ්ජුරුවන්
යහපත් කොට සතුටු කරවා කැඳවා ගෙන එවයි කී සේක, එබැවින්
රාජෝත්තමයාණන් වහන්ස, වහා වැඩිය මැනැව, ඔබ ගියා වූ නුඹ
වහන්සේට වැඩ දෙකෙක් වන්නේය. ඒ කවරේදයත්: අසමාන රූ
ඇති කුමාරිකාවනුත් ලබන සේක, රජ්ජුරුවන් හා සමඟ මෛත්‍රී
සිතත් අධික වන්නේය"යි කීහ.
රජ්ජුරුවෝ ඔහුගේ බස්. අසා සතුටු ව 'උතුම් රූ ඇති
කුමාරිකාව ලැබේල'යි ඇසූ බස් පමණින් බැඳී ගොස් නැවත
කියන්නාහු "ආචාරිනී, තොප හා මහෞෂධ පණ්ඩිතයන් හා දෙන්නා
ධර්ම යුද්ධයෙහි පළමු වාදයෙක් වූයේ වේද? යව මපුතණුවන් දකුව
තොප දෙදෙනා ම පණ්ඩිතවරුන් බැවින් ඔවුනොවුන් ක්ෂමා කරවා
පියා කතා කොට එව”යි කීහ. ඒ අසා කේවට්ට නම් බමුණු තෙම
"යහපත පණ්ඩිතයන් දකිමි"යි ඔබ දක්නා පිණිස යන්නට නමා ගත.
බෝධිසත්ත්වයන් වහන්සේද ඒ දවස් උදෑසන ඒ පවිටා හා මා හා
එක් ව කතාවෙක් නොවේවයි සිතා උදෑසන තමන්ගේ බඩට කැප
පිණිස එළඟි තෙල් සුඟක් අනුභව කොට ගෙයි ගොම පිරිබඩ ගාවන
සේක් දෑඟුල් බොල ඇති කොට යවා මිදුණු තෙල් කප්වල ගාවා
බෝධිසත්ත්වයන් වහන්සේ වැද හෝනා එක් පුටු හැඳක් පමණ තබා
සෙසු හැඳ පුටු ආදිය ගෙන් පිටත් කර වූ සේක. නැවත සිටියවුනට
විධාන කරන සේක් "බමුණු මා හා කතාවට ආරම්භ කළ කල' 'බමුණ
පණ්ඩිතයන් වහන්සේ හා නො දොඩ, අද බෙහෙත් තෙලක් අනුභව
කළ සේකැ'යි ඔහු නවතා මාත් දොඩන්නට වන් කල්හි "ස්වාමීනි,
බෙහෙත් තෙලක් වැළඳූ සේක් වේද? නොදොඩා වදාළ මැනැව’යි
කියව”යි විධාන කොට රතක් පොරවා ගෙන සත්වන දොරටුවේ යටි
මාලේ පටු හැඳ මැඳ හොත් සේක.
කේවට්ටයාත් සත් දොරටුවෙන් පළමු දොරකඩට අවුත්
රැකවලුනට 'පණ්ඩිතයෝ කොයිදැ'යි කීය. සිටියෝ කියන්නෝ
"බමුණ මහත් කොට නොදොඩා අරගල නොකොට බැණ නොනැඟී
ගොළුවකු සේ කර බාගෙන නැඟී වර, අද අපගේ ස්වාමිහු බෙහෙත්
තෙලක් වැළඳූ සේක. ඒ බැවින් මහත් කොට දෙඩුම් හා අරගල කිරීම
නොකැමැත්තෝය"යි කීහ. සෙසු දොරටුවල සිටියාහුත් එපරිද්දෙන්
ම කීහ. බමුණු මුවෙන් නොබැණ කරබා ගෙන සත් වන දොරටුව
ගෙවා බෝධිසත්ත්වයන් සමීපයට ගියේය.
බෝධිසත්ත්වයන් වහන්සේ ඒ ගිය බමුණා හා කතාවට
ආරම්භ දැක් වූ සේක. ළඟ සිටියාහු "ස්වාමිනී, ඉතා සූක්ෂම වූ තෙලක්
වළඳන ලද්දේ වේද, එබැවින් මේ දුෂ්ට වූ බ්‍රාහ්මණයා හා කතාවෙන්
ප්‍රයෝජන කිම්දැ'යි කියා නැවතූහ. කේවට්ටයා බෝධිසත්ත්වයන්
වහන්සේ සමීපයෙහි හිඳිනා ආසනයක්වත් වැතිර ගෙන සිටිනා
ආධාරයක් වත් බෝධිසත්ත්වයන් වහන්සේගෙන් මිහිරි කතා
මාත්‍රයක්වත් නොලදින් වැසි සමයෙහි ගවර පිරි ගොවුදකට වන්
ගොන් මාල්ලකු සේ බොල් ගොම ඇඟිලි අසුවලින් පලව පලවා මිරි
මිරියේ ඒ පයින් ඒ පය ලලා මිරිකමින් සිටියේය. ඒ සිටියා වූ බමුණා
මූණ බලා එකෙක් තමාගේ නුවන කසාලීය. එකෙක් තමාගේ බැම
උඩ නඟා ලීය. එකෙක් තමාගේ වැලමිට කසාලීය. බමුණු ඔවුන්ගේ
මේ ක්‍රියාව දැක ඉඟිකරුව ඈත් මෑත් බලන්නේ “පණ්ඩිතයෙනි,
අපි යම්හ”යි කියා අනිකකු විසින් "කොල අරිටු බමුණ නොදොඩ”යි
කියද්දීත් දොඩ දොඩා ම සිටිනෙහිද? දැන් තොප ගේ ඇට බැට
තළා පියම්හ”යි කී කල්හි භයින් ත්‍රස්ත ව නැවත පිටි පස්ස බැලීය.
ඉක්බිති එසේ බැලූ බමුණට එකෙක් හුණ පත්තෙන් පිටට පහරක්
ගැසීය. එකෙක් යෙයිද නොයෙයිදැ'යි කියා කර අල්වාගෙන දැමීය.
එකෙක් දිවමින් ගොස් පිටි දෙ මැද අතුල් පහරක් ගැසීය. ඒ තෙමේ
දිවියකු කටින් ගැළැවුණු මුවමාල්ලකු මෙන් භයින් තැති ගෙන වෙවුල
වෙවුලා දුවන්නේ දුක සේ ගොස් රජගෙට පැමිණියේය.
රජ්ජුරුවෝද සිතන්නාහු මපුතණුවෝ අද මාගේ විවා මඟුල් අසා අතිශයින් සතුටු වන්නාහ. තව ද පණ්ඩිතවරුන් දෙදෙනාගේ ධර්මයෙන් යුක්ත වූ කතාවකුත් වන්නේය. අද දෙදෙනා ඔවුනොවුන් ක්ෂමා කරවා ගන්නාහ, එබැවින් මට වූයේ මහත් ලාභයෙකැ'යි සිත සිතා උන්නාහ. එවේලෙහි ආන-ආනා අවුත් එතැනට වන් කේවට්ටයා දැක දෙදෙන ඔවුනොවුන් දැක කළ කථා සංසන්දනය විචාරන්නාහු මේ ගාථාවෙන් කීහ.
“කථං නු කෙවට්ට මහොසධෙන,
සමාගමො ආසි තදිඞ්ඝ බ්රූහි;
කච්චි තෙ පටිනිජ්ඣත්තො,
කච්චි තුට්ඨො මහොසධො”ති.
මේ ගාථාවෙන් රජ්ජුරුවෝ කියන්නාහු "කිමෙක්ද කේවට්ට පණ්ඩිතයෙනි, මහෞෂධ පණ්ඩිතයන් හා තොප හා එදවස් ධර්ම යුද්ධයෙහි දී වූ කනස්සල්ල හැර ක්ෂමා කරවා ගතුද? නැවත තොප දෙදෙනාගේ මිහිරි කතා කෙසේ වීද? තොපගේ රජ්ජුරුවන් කියා එවූ මඟුල් විවාහය අසා ම පුතණුවෝ සතුටු වූද? ඒ මට නොවළහා තත් වූ පරිද්දෙන් කියව්"යි කීහ. ඒ අසා කේවට්ටයා කියන්නේ මේ ගාථාවෙන් කීය.
“අනරියරූපො පුරිසො ජනින්ද,
අසම්මොදකො ථද්ධො අසබ්භිරූපො;
යථා මූගො ච බධිරො ච,
න කිඤ්චිත්ථං අභාසථා”ති.
"ජන ප්‍රධාන රජ්ජුරුවන් වහන්ස, ඒ මහෞෂධ පණ්ඩිතයා නම් අනාර්ය ස්වරූප ඇති සාධු ගුණයන් නැති ඉතා තද එකෙක, ස්වභාවයෙන් ම ඉතා තද එකෙක, අසත්පුරුෂයෙක, ගොළුවකු සේ බසකුත් නොකීයේය. බිහිරකු මෙන් මාගෙන් බසකුත් නො ඇසුයේය: ඒ පණ්ඩිතයා නුඹ වහන්සේට ම තරම, ඔහු තරම් දුර්ජනයෙක් මනුෂ්‍යයන් කෙරෙහි එකද කෙනෙක් නැතැ”යි ඉතා දොඩමලු වූ බමුණු මාළු තමා කටට ආචවාක් ම කීයේය, තමා කෑ ගෙඩි බැටයෙහි නමකුත් නොකීයේය. 'හන්දුරුවා කෑ බැට නම් තමා මේය' සිතමි. එහෙයින් තමා ලත් අවමානයේ නමකුත් නොකියා මහතාණන්ගේ නුගුණ ම කීය.
රජ්ජුරුවෝ තුටුද නොවී විරුද්ධයකුදු නොකියා කේවට්ටයාට
හා ඔහු කැටි ව ආවුනට බත් වියදම් දී නවාතැන් ලවා "යව ආචාරීනි
සැතපී ගනුව"යි සමු දුන්හ. ඔහු යවා ඉක්බිති රජ්ජුරුවන්
"මපුතණුවෝ ඉතා නුවණැත්තාහ. මිහිරි කතා හා ප්‍රිය තෙපුල් දන්නා
කෙනෙක. එබැවින් මේ බමුණා හා කතාවකුත් නොකළාහ. දැක
සතුටු පමණකුත් නොවූහ. කිමෙක්ද මොහු ආ ගමනේ මතු වන්නා
වූ භයක් මපුතණුවන් දුටු හෝයි සිතමි. එබැවින් මේ කේවට්ටයා ආ
ගමන අපට වැඩක් අභිවෘද්ධියක් නිසා නොවෙයි. සරණ දෙම්හ'යි
කාමයෙන් පොළඹවා ඔබ ගෙන්වා ගෙන මරණ පිණිස මා කැඳවා
ආ යැයි සිතමි. ඒ බව දැනලා වන ම පුතණුවන් ඔබට කිසිවකුත්
නොකී යේ"යි සිතා භයින් තැති ගෙන හුන් කල්හි සේනකාදී ප්‍රඥා
සමුද්‍රයෝ සතර දෙන ආහ.
ඔවුනට රජ්ජුරුවෝ කියන්නාහු "කිමෙක්ද සේනකය, උත්තර පංචාලයට ගොස් චූලනී රජ්ජුරුවන්ගේ දියණියන් ගෙනමෝද ඒ ගමන තෙපි ඇම කැමැත්තෝදැ”යි විචාළහ. ඉක්බිති සේනකයා කියන්නේ 'මහරජ කුමක් කියන සේක්ද? තමා කරා එන ශ්‍රී කාන්තාව ගසා දුරු කරන කෙනෙක් ඇද්ද? ඉදින් නුඹ වහන්සේ ඔබ ගොස් ඒ කුමාරිකාව ගෙනා සේක් වී නම් බ්‍රහ්මදත්ත රජ්ජුරුවන් හැර සියලු දඹදිව නුඹ වහන්සේ හා සමාන රජෙක් නැත්තේය. ඒ කුමක් පිණිසදයත්: නායක රජ්ජුරුවන්ගේ දියණියන් රක්ෂා කරන හෙයිනි. තව ද ඒ රජ්ජුරුවෝ සිතන කල 'සෙසු රජදරුවෝ නම් මාගේ සේවකයෝය. මාහා සමානයෝ නම් එක වේදේහ රජ්ජුරුවෝ මය'යි සිතා දඹදිව සියලු ස්ත්‍රීනට වඩනා රූ ඇති දුවණියන් නුඹ වහන්සේට දෙන්නාහ, නුඹ වහන්සේට වන්නේ මහත් අභිවෘද්ධියෙක, යම්කිසි කෙනෙක් නුවණ මඳ ව ඊට බාධා කෙරෙත් නම් ඊට කිසි සැකයක් නොකොට වැඩිය මැනැව. අපිත් නුඹ වහන්සේ හා ගිය කල වස්ත්රාභරණ අන්නපානාදියෙන් සංග්‍රහ ලබන්නෙමු”යි කේවට්ටයාට නොඅඩු වූ ගුණ ඇති ඉතා දොඩමලු වූ ගුණමකු ස්වභාවයෙන් ඉතා ලෝභී වූ සේනක නම් බමුණු තෙම රජහු අතිශයින් පොළඹා ගිවිස්නා පරිද්දෙන් සිතට නඟා කීය. පුක්කුසාදී සෙසු පණ්ඩිතවරුන් විචාළ කල ඔහුත් එලෙස ම කිවුය. ඔවුන් හා සමඟ කතා කෙරෙමින් හුන් තැනට කේවට්ටයා තමාහුන් තැනින් අවුත් 'මහරජ, අප රඳන්නට නොපිළිවන. යම්හ' කීහ. රජ්ජුරුවෝ ඕහට සත්කාර කොට යැවූහ.
බෝධිසත්ත්වයන් වහන්සේ ඔහු ගිය බව දැන නහා
සැරසී රාජ සේවයට අවුත් රජ්ජුරුවන් වැඳ එකත්පස් ව හුන්
සේක. රජ්ජුරුවෝ සිතන්නාහු, මපුතණුවෝ මහා මන්ත්‍රීය, සියලු
මන්ත්‍රණයෙහි පාරප්රාජ්තය. අතීත අනාගත ප්‍රත්‍යුත්පන්න යන තුන්
කල්හි වන්නා වූ අර්ථයෙන් පරෝපදේශ රහිත ව ස්වයම්භූ ඥානයෙන්
මනා කොට දන්නාහ. එබැවින් අප ඔබ යන ගමනේ යහපත නපුර
මේ පණ්ඩිතයෝ දනිති"යි සිතා තමන් පළමු සිතූ ලෙස නොරඳා
රාගයෙන් මත් ව මෝහයෙන් මූඪ ව විචාරන්නාහු, මේ ගාථාවෙන්
කියත්:
“ඡන්නඤ්හි එකාව මතී සමෙති,
යෙ පණ්ඩිතා උත්තමභූරිපත්තා;
යානං අයානං අථ වාපි ඨානං,
මහොසධ ත්වම්පි මතිං කරොහී”ති.
“පුත මහෞෂධ පණ්ඩිතයෙනි, සේනකය, පුක්කුසය, කාවින්දය,
දේවින්දය, කේවට්ටය, වේදේහ යන අප සදෙනාගේ අදහස් උත්තර
පංචාල දේශයට බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්ගේ දුවණියන් ගෙනෙන්නට
යාම යහපතැයි එක් වූ නියාව ගංගෝදකය හා යමුනෝදකය හා
වෙනසක් නැති වූවා වැන්න. මහෞෂධ පණ්ඩිතයෙනි, තෙපිත්
කියව, ඔබ යෑමවත් නොගොස් රැඳීමවත් යහපත නපුර යන මේ
දෙකින් එකක් තොපගේ සූක්ෂ්ම වූ ප්‍රඥාවෙන් මනා කොට සිතාලා
කියව. ඔබ යමෝදැ”යි කීහ.
ඒ අසා මහතාණෝ සිතන සේක් "මේ රජ තමා නුවණ මද හෙයින් මුන් සතර දෙනාගේ බස් ගිවිස නුවණින් අන්ධ ව කාමයෙහි ගිජු ව ඒකාන්තයෙන් ම යන්නේය. ගොස් මහා විනාශයට පැමිණෙන්නේය. ගමනේ දෝෂ කියා නවතිත් නම් නවතා ලමි”යි සිතා "මහරජ බ්‍රහ්මදත්ත රජ්ජුරුවන් පංචප්‍රකාර බලයෙන් යුක්ත නියාව නොදන්නා සේක්ද? පළමුත් තමන් මේ නුවරට අවුත් පැරද පලාගිය හෙයින් ලජ්ජාව පසිඳ ගන්නා පිණිස “දුව සරණ දෙමි”යි ඔබ ගෙන්වා දැළ මුවකු හසු වූ කල වැද්දකු සේ තමන් කැමැත්තක් කෙරෙති'යි සිතමි, තව ද ඇම කෙරේ ගිජු වූ මත්ස්‍යයා යට තුබූ බිළිය නොදැක ගැල පියා නස්නා පරිද්දෙන් කාමයෙහි ගිජු ව ඉදින් පංචාල දේශයට ගිය සේක් වී නම් ඒ බිලිය ගිලූ මත්ස්‍යයා පරිද්දෙන් වහා නස්නා සේක. තව ද පණ හසු වූ මුවකු පරිද්දෙන් මහත් වූ විනාශයට පැමිණෙන සේක. එබැවින් ඈත යන ගමන මම නොකැමැත්තෙමි”යි ගාථා සතරකින් වදාරන සේක්.
“ජානාසි ඛො රාජ මහානුභාවො,
මහබ්බලො චූළනිබ්රහ්මදත්තො;
රාජා ච තං ඉච්ඡති මාරණත්ථං,
මිගං යථා ඔකචරෙන ලුද්දො.
“යථාපි මච්ඡො බළිසං,
වඞ්කං මංසෙන ඡාදිතං;
ආමගිද්ධො න ජානාති,
මච්ඡො මරණමත්තනො.
“එවමෙව තුවං රාජ,
චූළනෙය්යස්ස ධීතරං;
කාමගිද්ධො න ජානාසි,
මච්ඡොව මරණමත්තනො.
“සචෙ ගච්ඡසි පඤ්චාලං,
ඛිප්පමත්තං ජහිස්සසි;
මිගං පන්ථානුබන්ධංව,
මහන්තං භයමෙස්සතී”ති.
වදාළ කල්හි නුවණ නැති රජ එබස් අසා නුවණින් සලකා
ගත නොහී 'තමනට හෙළා දෙඩුව'යි සිතා 'මේ තමාගේ දාසයකුත්
කොට නොසිතා රජ්ජුරුවෝය'යි මඳකුත් නොතකා දඹදිවට අග්‍ර
වූ රජ්ජුරුවන් තමන්ගේ ලෙහිදා දුවණියන් සරණ දෙමි'යි කියා
තමන්ගේ දූතයන් එවූ නියාව දැන දැන ම මඟුලට නිසි එක බසකුත්
නොකියා මා කෙළතොලුවකු සේ ද බිළියක් ගිලූ මසකු සේද පැනැ
හසු වූ මුවකු සේද මහත් භයට හා මරණයට පැමිණෙතියි කියයි’
කිපී මඟුලට නිසි කතා දන්නෝ නම් සේනකාදී පණ්ඩිතවරු සතර
දෙනා හා කේවට්ට පණ්ඩිතයෝය. තා නිමුන් මිට එලී ගෙන සීසා
කන ගොවියා පුතු අතින් මේ සා උතුම් මංගල වචන විචාළ වූ අපි
ම නුවණ නැති කෙළ තොල්ලම්හ”යි බෝධිසත්ත්වයන් වහන්සේට
නොයෙක් පරිද්දෙන් නින්දා පරිභව බැණ පියා 'මේ ගොවියා පුතු
මෙ තැනින් පිටත ලව'යි නියෝග කරන්නාහු මාගේ මේ නියා ස්ත්‍රී
රත්න ලාභයෙන් අන්තරායට සුදුසු බස් කීවා වූ මොහුගේ කර
අල්ලාගෙන මාගේ විජිතයෙන් පිටත ලව'යි කීහ.
බෝධිසත්ත්වයන් වහන්සේ රජහු කිපී බැවි දැන සිතන
සේක් 'ඉදින් මෙහි යමෙක් නුවණ නැති රජහුගේ බස් ගෙන මා
අත වත් කර වත් ඇල්වූයේ වී නම් මා දිවිහිමියෙන් ලජ්ජාවට එම
සෑහෙන්නේය. එබැවින් මම ම යෙමි'යි සිතා හුනස්නෙන් නැඟී
රජහු වැඳ තමන් වහන්සේගේ ගෙට ගිය සේක. රජ්ජුරුවෝත් කිපී
බස් කී බව මුත් බෝධිසත්ත්වයන් කෙරෙහි ගෞරවයෙන් එකක්හට
“තුළු ගසව මරව පිටත ලව”යි නොකීහ. එසේ හෙයින් තමන් මූණ
බලා එකක්හට නොකී හෙයින් බෝධිසත්ත්වයන් ළඟට ගිය එකද
කෙනකුත් නැත්තාහ. ඒ එසේ මැයි. රජගෙයි වසන්නවුන් විසින්
රජහු යමකහට කිපී "තුළු ගසව මරව පිටත ලව"යි සාමාන්‍යයෙන්
කී කල්හි සිටියවුන් විසින් ඒ බස් අසා සිටි පියෙන් නොඉගිලී රජහු
මුහුණ යටැසින් බල බලා සිටියවුන් අතක් නොසෙල්විය යුතුය.
එකකු මුහුණ බලා කී කල ඒ නියෝග ලද්දාහු මුත් අනිකක්හු
කිසිවකුත් නොකට යුතුය. ඒ නියෝග ලද්දාහු තබා අනික් කෙනෙක්
නොමේවරෙයි මේවර කෙලේ නම් අරූට කළමනා නිග්‍රහ වරදවා
කළ තැනැත්තේ විඳ ගන්නේය. එබැවින් රජහු එකක් හට තෝරා
නොකී හෙයින් බෝධිසත්ත්වයන් ළඟට ගොස් සෙසු නිග්‍රහ තබා
පිටත ගිය මැනැව'යි යන බසක් පමණකුදු කී එකද සත්ත්වයකුත්
නුවූයේ ය.
30.ගිරවාණන්ගේ දූත මෙහෙවර
ඉක්බිති බෝධිසත්ත්වයන් වහන්සේ සිතන සේක් "රජ්ජුරුවන් නුවණ නැති ව හිතයන් අහිතයන් නොදැන කාමයෙහි ගිජු ව බ්‍රහ්මදත්තයන්ගේ දුව ලබන්නෙමිය යි සිතා මතු වන භය නොදැන ගොස් මහා විනාශයට පැමිණෙන්නාහ. එබැවින් මට බොහෝ යසස්දායක වූ උපකාර ව සිටි රජ්ජුරුවන්ගේ බස් සිත තිබීමට තරම් නොවෙයි. මා විසින් මෝහට පිටුවහල් වියයුතුය'යි සිතා පළමු කොට ගිරවාණන් යවා තත්ත්වය දැන පසු ව මම යන්නෙමි'යි සිතා ඒ නුවරට ගිරවාණන් යවූ සේක. පණ්ඩිතයන් වහන්සේ ගිරවාණන් යවා තත් වූ පරිදි දත් නියාව බුදු ව වැඩහිඳ වදාරන මාගේ ස්වාමිදරු වූ තිලෝගුරු වූ බුදු රජාණන් වහන්සේ මේ ගාථාවෙන් වදාළ සේක.
තතො ච සො අපක්කම්ම වෙදෙයස්ස උපන්තිකා
අථ ආමන්තයි දූතං මාඨරං සුව පන්ඩිතා
එහි සම්ම හරි පක්ඛ වෙය්යාවවච්චං කරොහි මෙ
අත්ථි පඤ්චාල රාජස්ස සාලිකා සයනපාලිකා
තං පත්ථරෙන පුච්ජස්සු සාහි සබ්බස්බ කොවිද්රර
සා නෙ සබ්බං පජානාති රඤ්ඤො ච කොයියස්ස ච
ආමෙති සො පටිසුත්වා මාඨරෙ සුවපන්ඩිතො
ආගමාසි හරිපක්ඛා සාලිකාය උපන්තිකං
තතො ච සො ගන්ත්වාන මාඨරො සුවපන්ඩිතො
අථ ආමන්තයි දුතො සාලිකං මඤ්ජු බාණිකං
කච්චි ඝරෙ ඛමනීයං කඡ්ඡි වෙස්සෙ අනාමයං
කච්චි තෙ මදුනා ලාජා ලබ්බතෙ සුව පණ්ඩිත
කුසලස්සෙව මෙ සම්ම අනාමයෙමථො මම
අථො මෙ මධුනා ලාජාලබ්ගතෙ සුව පන්ඩිත
කුතොනු සම්ම ආගම්ම වා පභිතො තුවං
නච මෙ’සි ඉතො පුබ්බො දිට්ඨො වා’ යදි වා සුතො
එම්බා මහණෙනි, ඒ මහෞෂධ පණ්ඩිතයෝ වේදේහ රජ්ජුරුවන්ගෙන් උදහස් අසා තමාගේ ගෙට ගියාහු තමන් වැඩූ මාඪර ගෝත්‍රයෙහි උපන් ගිරා පැටවාණන් කැඳවා ඕහට දූත මෙහෙවර කියා යවන්නාහු 'රන්වන් පක්ෂද්වයක් ඇති සබඳ ගිරා පණ්ඩිතයෙනි, මෙසේ එව, තොප විසින් මට කළ මනා මෙහෙවරක් ඇතැ'යි කීහ. ගිරවාණෝ ඒ බස් අසමින් ම තමන් හුන් රන් මැදිරියෙන් පිටත් ව මහා සන්තෝෂයට පැමිණ තමන් දෙපියා මුඳුනේ තබා වැඳ එකත්පස් ව සිට. 'කී යම් මෙහෙවරක් කොට දී ලමි, සැක නොකොට වදාළ මැනැව'යි කීහ. ඒ අසා පණ්ඩිතයන් වහන්සේ වදාරන සේක් 'මාඪර ගෝත්‍රයෙහි උපන් ගිරා පැටවාණෙනි, කේවට්ට බ්‍රාහ්මණයා හා බ්‍රහ්මදත්ත රජු 'දෙදෙනා සරණ දෙම්හ'යි කළ කතාව රහසින් හෙයින් සැබෑද බොරු දැයි රජහු ගේ යාන බලන සැළලිහිණිය අතින් තත් වු පරිද්දෙන් විචාරා දැනගෙන වහා අවුත් මට කියව”යි කියාලා මී හා විළඳ කවා මී පැන් පොවා ශතපාක සහශ්රපාක තෙලින් දෙපියා අතර මැඩි කල්හි ඉතා සියුම් වූ නුවණැති ගිරවාණෝ අසා ගත් මෙහෙවර ඉඳුරා සිත තබාගෙන මහතාණන් තුන් විටක් පැදකුණු කොට වැඳලා මාලිගාවේ මතු මාලේ හරන ලද සී මැදුරු කවුළුවෙන් නික්මුණාහු වාත වේගයෙන් සිවිරට දිශාවට මූණ ලා නික්ම එහි පවත් සිත තබා ගෙන සැළලිහිණිය සමීපයට ගියාහ. ඒ කෙසේද යත්: ගිරවාණෝ ගොසින් බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්ගේ මාලිගාවේ රත්කොත් කරැල්ල මුදුනේ හුන්නාහු මධුර ස්වරයෙන් රාග නිශ්රිත හඬක් හැඬූහ. ඒ කුමක් පිණිසදයත්: සැළලිහිණි කවර මාලෙක කවර ගබඩාවෙක බවත් නොදැන මේ මාගේ ශබ්දය අසා ප්‍රති වචන දී තොමෝත් හඬයි. ඒ සලකුණෙන් ඈ සමීපයට යෙමි'යි සිතා හැඬූහ. ඔයිත් ඒ ශබ්දය අසා ඒ රජහුගේ ශ්‍රී යහන් ගබඩා සමීපයට ගොස් රන් මැදිරියේ හුන් තැනැත්තී රාගයෙන් රත්වූ සිත් ඇත්තී පිට පිට තුන් හඬක් හැඬූව. ගිරවාණෝ මඳක් ගොසින් නැවත නැවත ශබ්දය අසා ඒ අනුසාරයෙන් ක්‍රමයෙන් ගොස් සීමැදුරු කවුළුවේ එළිපත පිට හිඳ ගෙයි මිනිසුන් ඇත්ත නැත්ත පරීක්ෂා කොට නැති සේ දැක ඈ සමීපයට ගියාහ.
මෙසේ කෙළේ කුමක් පිණිසද යත්: මේ සත්ත්ව ලෝකයෙහි
ස්ත්‍රීන් නිසා ගොස් ඇන තොල් මිටි බිඳවා ගෙන මහ පීඩාවට
පැමිණෙන්නාහු ඇත. ඉදින් මේ ගෙයි යමෙක් මා දුටුයේ වී නම්
මටත් අවවාදයක් කෙළේ නම් නපුරැ”යි සිතා එසේ පරීක්ෂා කළහ.
නැවත සැළලිහිණි 'සබඳ මෙසේ අවුත් රන් මැදිරියේ හිඳිනැ'යි
කිව. ගිරවාණෝ මැදිරියට වැද සැළලිහිණිය'යි බැණ වූහ. 'කිමෙක්ද
'ස්වාමීනි' කිව 'කිමෙක්ද තොප මේ රන් මැදිරියෙහි වසන්නවුනට
'සැප ද දොම්නසෙක් නැද්ද? මී හා විළඳ සුව සේ ලැබේදැ'යි විචාළහ.
තොමෝත් කියන්නී 'මා මෙහි වසන්නියට ඉතා සැපය, දොම්නසෙකුත්
නැත. විළඳ හා මී සුව සේ ලැබෙයි. යහළුව තොපි කොයි සිට අවුද?
කවරකුගේ බසට හෝ ආයෙහිදැ'යි කිව. ගිරවාණෝ ඈ කී බස් අසා
ඉදින් මම 'මියුලු නුවර සිට ආමී' කීම් නම් තමා පණයේ නමුත්
සමාගමයෙක් නොවන්නේයැ’යි සිවි දේශයෙහි අරිෂ්ට පුරය සඳහන්
කොට ඔබ සිට ආමි' කියා සිවි රජ්ජුරුවන් එවුවා කොට බොරු
ගොතා ගෙන කියන්නාහු මේ ගාථාවෙන් කියත් :-
අහොසිං සිවිරාජස්ස - පාසාදෙ සයනපාලකො
තතො සො ධම්මිකො රාජා - බද්ධෙ මොචෙසි බන්ධනා
"සොඳුර මම වැලිත් එසේ මෙසේ එකෙක් නොවෙමි. සිවි
රජ්ජුරුවන්ගේ යාන බලන්නා වූ ගිරවෙක්මි. අපගේ රජ්ජුරුවෝ ඉතා
ධර්මිෂ්ඨ කෙනෙක, එසේ හෙයින් දඟගෙයි හිඳිනා මනුෂ්‍යයන්ද
මැදිරිවල හිඳිනා පක්ෂීන්ද හරවන සේක්, මාත් රන් මැදිරියෙන් හැරි
සේක. මම මා කැමැති තෙන ඇවිද ගොදුරු කා අවුත් දවස් පතා
මාගේ රන් මැදිරියේ වෙසෙමි. තොප සේ ම මැදිරියෙන් පිටත් නොවී
ඇතුළු මැදිරියේ හිඳිනෙම් නොවෙමි” කීහ.
එසේ කී ගිරවාණනට සැළලිහිණි තමාට රන් තැටිය ලා තුබූ විළඳ කවා මී පැන් පොවා අන්තයෙහි කියන්නී 'සබඳ තෝ ඉතා දුර සිට අයෙහිය. කුමක් පිණිස අවුදැ'යි කිව. ගිරවාණෝ ඇගේ බස් අසා සිතන්නාහු මේ ලොව බොරුවක් නොකියා බොරු සිනාවක් නොකොට ස්ත්‍රීන් නම් සිත් ගත නොහැක්ක. ඒ බැවින් බොරුවක් කියා ඈ නම්මා ගෙන රහස් විචාරා ගනිමි’යි සිතා කියන්නාහු මේ ගාථාවෙන් කීහ.
තස්ස මෙකා දුතියාසි - සාළිකා මඤ්ජුභාණිකා
තං තත්ථ අවධි සෙනො- පෙක්ඛතො සුඝරෙ මම.
"එම්බා සොඳුර තොපගේ කුලයෙහි ම වූ මාගේ පළමු ඇඹෑණි කෙනෙක් වූහ. ඔයිත් එසේ මෙසේ කෙනෙක් නොවන්නාහ, පුරුෂයන් සිත් ගන්නා තරම් ළඳ බොළඳ මිහිරි ප්‍රිය තෙපුල් දන්නාහ. මාගේ ඇසට රසාඤ්ජනයක් හා සමාන වූ ඒ මාගේ භාර්යාව මා බල-බලා සිටිය දී මා ඇස් හමුවේ උකුස්සෙක් අල්ලාගෙන මරා පියා ඇරගෙන පලා ගියේය'යි කීහ.
එසේ කී කල්හි සැළලිහිණි විචාරන්නී තොපගේ අඹුවන් උකුස්සා කෙසේ මරා පියා ඇරගෙන ගියේදැ'යි කිව. ගිරවාණෝ ඈ සිතට නැඟෙන පරිද්දෙන් බොරු ගොතා කියන්නාහු, "එක් දවසක් අපගේ රජ්ජුරුවෝ දිය කෙළියට යන්නාහු මාත් කැඳ වූ සේක, මම මාගේ අඹුවත් කැඳවා ගෙන ගොසින් දිය කෙළා පියා සවස රජ්ජුරුවන් සමඟ අවුත් මාළිගයට නැඟී ඇඟ දිය වියළා ගන්නා පිණිස මාගේ බිරින්දෑ කැඳවාගෙන සීමැඳුරු කවුළුවෙන් නික්මිලා පිටත කූටාගාර කුක්ෂියෙහි කොබෝ ගෙඩි වළල්ලෙහි උන්නෙමි. ඒ ඇසිල්ලෙහි උකුස්සෙක් කුළුගෙය ආසින් යන්නේ අප අල්ලා ගන්නට දිවීය. මම මරණ භයින් තැනිගෙන වහා දිවිපීමි, ඕ දැරි ඇති හෙයින් බඩ බර ව වහා යා නුහුණුවාහ. එවිට මා බල බලා සිටිය දී ම අල්ලාගෙන ගියේය. උනට ශෝකයෙන් හඬන්නා වූ මා දැක අපගේ රජ්ජුරුවන් වහන්සේ ‘සබඳ කුමට හඬාදැ'යි විචාරා ඒ බව අසා 'සබඳ නොහඬව, අනික් බිරින්දක් සොයා යව'යි කීහ. එබසට මම කියන්නෙම් ස්ත්‍රීහු නම් බොහෝ සේ අනාචාර ශීලීහුය. එසේ අනාචාර දන්නා දුශ්ශීලී එකක් ගෙන ඊමට වඩා හුදෙකලා ව විසීම යහපතැ'යි කීමි. එබසට කියන සේක් තොපගේ ඇඹණියට ශතසහස්‍ර ගුණයෙන් වඩනා ශීලාචාර සම්පන්න සැළලිහිණියක් චූලනී රජ්ජුරුවන්ගේ යාන බලා හිඳිනීය. ඕ ඉතා යහපත් එකක, තෙපි වහා ඔබ ගොස් ඇගේ අදහස් පරීක්ෂා කොට පියා 'යහපත ඉඳිමි' ගිවිස්ස වූ නම් ඈ ගෙන් අවකාශයක් ලද නම් තෙපිත් ඈ කමැත්තාහු නම් වහා අවුත් කියව, මම වත් බිසවු වත් ගොසින් මහ පෙරහරින් ගෙනවුත් පාවා දෙන්නෙමු'යි කියා තොප 'සමීපයට එවූ සේක. මම තොප සරණ බණවා ආමී'යි කීහ. ඉක්බිති කියන්නාහු 'ඉදින් තෙපි මා කැමැත්තා නම් වහා කියව. මා රඳන්නට නොපිළිවන, මා කෙරේ රැකෙන්නා කැමැත්තා නම් අපි දෙන්නමෝ සමඟ වාසයෙන් එක්සිත් ව සුව සේ වසම්හ’යි සිතා ඇත්ත නොවළහා කියව"යි කීහ.
උන්ගේ බස් අසා සැළලිහිණි ඉතා මහත් සොම්නසට පැමිණ
තමා සතුටු බව නොහඟවා නොකැමැත්තියක මෙන් හඟවන්නී මේ
ගාථාවෙන් කියා.
සුචොව සුවිං කාමෙය්ය - සාළිකෝ පන සාළිකං
සුවස්ස සාළිකාය ච - සංවාසො හොති කීදිසො
මේ ගාථාවේ අභිප්‍රාය නම්, 'ගිරා පණ්ඩිතයෙනි, කුමක්
කියවූද, ගිරවෙක් රක්ෂා කෙරේ ගිරා ධේනුවක, සැළලිහිණියෙක් රක්ෂා
කෙරේ නම් සැළලිහිණයක, ගිරවකු විසින් සැළලිහිණියක රක්ෂා කිරීම
නම් කවර කලෙක විරූ වූ දෙයෙක්ද? එසේ දෙයක් මා ඇසූ විරූදෑත්
නැතැ'යි කිව. ඒ අසා ගිරවාණෝ සිතන්නාහු 'දැරිය බැහැවුම් කියන
බව මුත් මා නොකැමැති සැටි නොවෙයි, සිතින් ඉතා කැමැත්තීය.
නොයෙක් පරිද්දෙන් කාරණා කියා ගිවිස්වා ගත මැනැවැ'යි සිතා
කියන්නාහු මේ ගාථාවෙන් කීහ.
යංයං කාමී කාමයති - අපි චණ්ඩාලිකාමපී
සබ්බෙහි සදිසො හොති - නත්ථි කාමේ අසාදිසො
“එම්බල යම් ස්ත්‍රියක් යම් පුරුෂයෙක් කැමත්තේ වී නම්
චණ්ඩාල වුවත් උත්තම වුවත් හැම දෙන ම පංච කාමයෙන් සමයහ.
ඒ විෂයයෙහි අඩු වැඩියක් නැති. මනුෂ්‍යයන් විෂයයෙහි පවා
නොයෙක් ජාති වෙන වෙන ඇතත් ප්‍රමාණ නම් කාම චේතනාව
මය'යි හඟවන්නාහු මේ ගාථාවෙන් කීහ.
අත්ථි ජම්බාවතී නාම - මාතා සිවිස්ස රාජිනො
සා භරියා වාසු දේවස්ස - කණ්හස්ස මහෙසී පියා
යටගිය දවස ද්වාරාවතී නුවර රජ කළ කෘෂ්ණායණ ගෝත්‍රයෙහි
උපන් දස බෑ රජ්ජුරුවනට වැඩි මාලු වාසුදේව රජ්ජුරුවෝ නුවරින්
නික්ම උයන් කෙළියට යන්නාහු චණ්ඩාල ග්‍රාමයෙන් තමාගේ යම්
කටයුත්තක් නිසා නුවරට එමින් සිට මගින් ඉවත් ව සිටි අනර්ඝ
රූ ඇති එක් කුමාරිකාවක දැක පිළිබඳ වූ අදහස් ඇති රජ්ජුරුවෝ
ඇයගේ ජාති විචාරා 'චණ්ඩාල කුලයෙහිය'යි කීවත් බලවත් ප්‍රේම
ඇති බැවින් අස්වාමික බව අසා උයනට නොගොසින් ඈ රැගෙන
නැවත මාලිගාවට ගොසින් රුවන් රැසක් පිට සිටුවා සොළොස්
දහසක් බිසෝවරුනට නායක කොට ඔටුනු පළඳවා අග මෙහෙසුන්
කළාහ. ඒ බිසවු රජහට සිවි නම් පුතකු වැදූහ. ඒ කුමර පියරජහු
ඇවෑමෙන් ද්වාරාවතී නුවර රජ කළේයයි උදාහරණ කොට 'එබඳු
ක්ෂත්රිය කුලයෙහි උපන් රජ්ජුරුචෝ පවා චණ්ඩාල ස්ත්‍රියක් රක්ෂා
කළහ. තොපත් අපත් තිරිසනුන් හෙයින් කවර වෙනසක්ද? අපට
ප්‍රමාද නම් ඔවුනොවුන් කැමැති පමණෙක් මය'යි කියා නැවත අනික්
කාරණයෙකින් ගිවිස්වන්නාහු මේ ගාථාවෙන් කීහ.
රථාවතී කිම්පුරිසී - සාපි වච්ඡං අකාමයි
මනුස්සො මිගියා සද්ධිං - නත්ථි කාමෙ අසාදිසො.
මේ ගාථාවෙහි අභිප්‍රාය නම්:- 'යටගිය දවස එක් බමුණෙක්
පංච කාමයෙහි ආදීනව දැක තමාගේ බොහෝ සැපත් හැර හිමාලය
වනයට වැද තවුස් පැවිද්දෙන් මහණ ව පන්සලක් කොට වසන්නේය,
එතැනට නුදුරු තැනෙක්හි ගල් ගුහායෙක බොහෝ කිඳුරෝ
වසන්නාහ. එතැනට නුදුරු තැනෙක මහ මකුළුවෙකුත් වසන්නේය.
ඒ මකුළුවා කිඳුරු ලෙන දොර දැලක් බැඳ උදැසන එකකු බැගින්
කිඳුරන් ඉස් කඩා ලේ බොන්නේය. කිඳුරෝ ඉතා දුර්වල සත්ත්ව
කෙනෙක, ස්වභාවයෙන් ම බානසුල්ලහ. මකුළුවා නම් රථ සකක්
පමණ ඇති මහා විශාල එකෙක, කිඳුරෝ ඕහට කිසිවකුත් කොට
ගත නොහී තාපසයන් සමීපයට ගොස් මිහිරි කතා කොට ආ කටයුතු
විචාළ කල්හි 'ස්වාමීනි එක් මකුළුවෙක් අපගේ ජීවිතහරණය කෙරෙයි,
නුඹ වහන්සේ හැර අනික් පිටිවහලෙක් නැත, ඌ මරා අප දිවි රැක
දී අප සුවපත් කළ මැනැවැ'යි කීහ. ඒ අසා තපස්වී 'අප වැන්නෝත්
ප්‍රාණවධ කෙරෙත්ද? මෙතැනින් පහවයා'යි අසුර ගසා නෙරපීය.
එවිට කිඳුරෝ සිතන්නාහු 'අපගේ රථාවතී නම් කින්නරාංගනාව
අස්වාමිකය, ඈ සරහාලා ගෙනවුත් යාඥා කරමිහ'යි තපස්වී ළඟට
ගෙනවුත් 'මෑ නුඹ වහන්සේට පාද පරිචාරිකා වේවා. අපගේ සතුරා
මරා වදාළ මැනැවැ'යි කීහ. තාපසයා ඈ කෙරේ පිළිබඳව සිත් ඇති
ව ඈ සමඟ වැස අලුයම් වේලෙහි කිඳුරන්ගේ ලෙන දොර සැඟවී
සිට ගොදුරට ආ මකුළුවා මුගුරකින් ගසා ජීවිතක්ෂයට පමුණුවා පීය.
ඈ හා සමඟ වසන තපස්වියා එහි ම දරුවන් ලදින් බොහෝ දවස්
වැස කාලක්‍රියා කළේය.' ගිරවාණෝ මේ උදාහරණය ගෙනහැර
දක්වා 'එම්බල තාපසයෝ මනුෂ්‍ය ව සිට තිරිසන් කින්නරාංගනාව
හා සමඟ විසූහ. අපි දෙපක්ෂය ම පක්ෂීචම්හ, එබැවින් තොපගේ හා
අපගේ හා සරණ මඟුලට ප්‍රමාද නම් ඔවුනොවුන් කැමැති වීමය'යි
කීහ.
එවිට සැළලිහිණි ගිරවාණන්ගේ බස් අසා 'ස්වාමීනි, හැමදවස් ම සිත නම් එක ලෙස තිබෙන්නේ නොවෙයි. ප්‍රිය විප්‍රයෝග ඉතා 'නොකැමැත්තෙමි, හෙවත් නුඹ වහන්සේගෙන් මතු වියෝ වීමක් ඇත. දැන් ම නැවැත්ත මැනැව, පසුව වියෝ වීම් ඉතා නොකැමැත්තෙමි' කිව. ගිරවාණෝ තමන් ඉතා නුවණැති හෙයින් තමා ස්ත්‍රී මායමෙහි දක්ෂ හෙයින් තවත් විමසනු පිණිස මේ ගාථාවෙන් කීහ:-
හන්ද ඛෝහං ගමිස්සාමි - සාළිකෙ මඤ්ජුභාණිකෙ
පච්චක්ඛානුපදං හේතං - අතිමඤ්ඤෝසි නූන මං
මේ ගාථාව කියා 'තොප මෙසේ මා නොකැමැති ව කියන හෙයින් අපි යම්හ. තොපගේ මෙ තැනට මා තනි ව අවුත් යාඥා කරන හෙයින් තෙපි මා නිකම් එකෙකැ'යි සිතූද? මම ඉතා රාජ පූජිතයෙමි. මට අඹුවෝත් අරුමද? අනිකක් සොයා ගනිමි, එබැවින් දැන් ම යෙමි, කීහ. සැළලිහිණි 'දැන් ම යෙමි' කී බස් අසමින් ම ළය පැළීයන තරම් සෝකයෙන් පීඩිත වන්නී ඔහු දුටු විට ම උපන් ස්නේහයෙන් හා කාම චේතනාවෙන් සර්වාංගයෙහි දාහ වැද දැවෙන්නා සේ වියෝ ගින්නෙන් පැලහෙන්නී තවත් තමාගේ මායමෙන් නොකැමැත්තියක මෙන් හඟවා නොයාදී රඳ වන්නට, උපමා මිශ්‍ර නොකියන්නී මේ ගාථාවෙන් කීහ:-
න සිරි තරමානස්ස - මාසර සුවපණ්ඩිත,
ඉධෙව තාව අච්ඡස්සු -යාව රාජානංදක්ඛසි,
සොස්සසි සද්දං මුතිඞ්යගානං - අනුභාවඤච රාජිනො.
මේ ගාථාවෙහි අර්ථ නම්, 'ගිරා පණ්ඩිතයෙනි, යම් සේ
සිත ඇත්තක් සාදාගන්නා එකක්හු ඉක්මන් නොවිය යුතුය. ඉක්මන්
තැනැත්තවුනට ශ්‍රී කාන්තා තොමෝ ම දුරු වන්නීය. එබැවින් අද
මෙහිම රඳව, ගෘහ වාසය නමුත් බිරින්දක් රක්ෂා කිරිම නමුත් ඉතා
ඉක්මන් ව බැරිය, ඉක්මන් ව කළ දෙය ඔබින්නේ නොවෙයි, එබැවින්
අද රෑ මෙහි රඳව, ඉදින් රැඳුණා නම් අපගේ රජ්ජුරුවන්ගේ මහත්
වූ රාජෛශ්චර්යය දැක උතුම් වූ රූ ඇති සර්වාභරණයෙන් සැදුණු
නාටිකාංගනාවන් ලිය කිඳුරන් ස්වර හා සමාන ව කියන්නා වූ ගීතිකා
ඇසුව මැනැව, ඔවුන් විසින් වයන ලද මෘදංග නාදයත් අසව. ඉක්මන්
නොවී සැබැවින් අද රැදුනා නම් වැඩෙක් මුත් අවැඩෙක් නැත්තේය.
තොපගේ ගම බිරින්දත් නැත, ඇති බිරින්ද උකුස්සා ගෙන ගිය'යි කිව,
තොප ඉක්මන් වන්නේ ඇයිද? රැඳුනා නම් තොපගේ අභිමතාර්ථය
සිද්ධ වන්නේය'යි බැහැවුම් වශයෙන් රඳනා කැමැතිව ම කිව.
ගිරවාණෝ 'තොප මෙසේ කියන පසු රඳා යෙමි' කියා රැඳුනාහු නොයෙක් ආල්ලාප සල්ලාපයෙන් ඈ සිත් ගෙන එදවස් සවස් වේලේ ලෝකස්වාද රතියෙහි යෙදී සන්තුෂ්ට ව ඔවුනොවුන්ට ප්‍රාණ සමාන වූහ. ඉක්බිති ගිරා පණ්ඩිතයෝ 'මෙවිට මෝ තමා සිත් ඇතියම් ම රහසක් මට නොවළහා කියයි. ප්‍රපඤ්ච නොකොට විචාරාගෙන මෙතැනින් වහා නැඟී යෙමි' සිතා සැළලිහිණියයි කීහ. 'කිමෙක්ද ස්වාමීනි' කිව. 'යමක් විචාරන්නා කැමැත්තෙමි කියවුදැ'යි කීහ. 'යහපත, කිව මැනැව, වැළි එකෙක් ඇත. අද අපගේ මඟුල් දිනයැ. පසු දවසේ දන්නෙම් වේද, ඉදින් මඟුලට නිසි දෙයක් වී නම් අද කිව මැනැව, අවමංගලයෙක් වී නම් නොකිව මැනැව ස්වාමීනි'යි කීව. 'තෝ කුමක් කියයිද? මීයේ මී වත් කළා සේ මඟුල් පිට මඟුලෙක මා කියන්නේ'යි කීහ. 'එසේ වී නම් කිව මැනැවැ'යි සැළලිහිණි කිව. 'ඉදින් අසන්නා කැමැත්තෙහි නම් කියම්'යි කියා 'කිමෙක්ද බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝ ඉතා රූපශ්‍රීන් බබළන්නා වූ තමන්ගේ දුවණියන් තමන් වසඟ ව හිඳිනා එක් සියයක් රජදරුවනට නොදී සතුරු වූ වේදේහ රජ්ජුරුවනට කුමක් පිණිස දෙත්දැ'යි කීහ.
සැළලිහිණි ගිරවාණන්ගේ බස් අසා ඉතා නොසතුටු ව කියන්නී 'ස්වාමීනි, අපගේ ඊ නියා මඟුල් දවසේ මෙ වැනි අවමංගලයක් කුමක් නිසා කීයෙහිදැ'යි කිව. ගිරවාණෝ කියන්නාහු 'මම මඟුලැ'යි කියමි. තෙපි 'අවමඟුලැ'යි කියව. අප දෙන්නාගේ බස් විපරිත වන්නේ කුමක්දැ'යි කීහ. 'ස්වාමීනි, මෙසේ වූ මංඟල දිනයෙහි කිව මනා දෙයක් නොවෙයි, නොකියමි' කිව. සොඳුර, අවශ්‍යයෙන් මට කිව මැනැවැ'යි කීහ. ස්වාමීනි, එසේ වූ නොඇසිය යුත්තෙක් 'සමස්ත ලෝකයෙහි නැත. එබැවින් කියන්නට නොපිළිවන. නොකියමැ'යි කිව 'එසේද තොප සිත ඇති රහස් මට නොකියන කල තොපගේ හා මාගේ හා සමඟ වාසයෙන් ප්‍රයෝජන කිම්දැ'යි කීහ. සැළලිහිණි එබසට ශෝකයෙන් පිරුණු ළය ඇත්තී 'එසේ නොකීයෙම් නම් මා ඇර පියා පලා ගියෝ නම් නපුරැ'යි සිතා එසේ වී නම් කියමි, ඇසුව මැනැවැ'යි කියන්නී බ්‍රහ්මදත්ත රජ්ජුරුවන් හා වේදේහ රජ්ජුරුවන් හා දෙන්නාගේ විවාහ මංගලය සේ වූ මඟුලෙක් තොපගේ සතුරන්ටත් නොවේව'යි කිව.
නෙදිසො තෙ අමිත්තානං - විවාහො හොතු මාසර
යථා පඤචාලරාජස්ස - වෙදෙහෙන භවිස්සති
ගිරවාණන් ඊට කාරණා කිම්දැ'යි කී කල්හි 'එහි තත්ත්වය
කියමි. ඇසුව මැනැවැ'යි කියන්නී 'බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝ දුවණියන්
'සරණ දෙම්හ'යි කියා වේදේහ රජ්ජුරුවන් හා මහෞෂධ පණ්ඩිතයන්
හා දෙන්නා මායමින් මේ නුවරට ගෙන්නාගෙන මරන්නාහ, ඉදින්
අවු නම් උනට මර බාධා නැත. මිත්‍රකමට කරන දෙයක් නොවේ'යි
ඒ මඟුල නිසා වන්නා වූ අභිවෘද්ධියක් නැතැ'යි කිව. නැවත කියන්නී
"සරණ දෙන්නා තබා දුව ඇසටත් නොපානාහ. දෙන්නා ම මරා ජය
පානය බොන්නෙමු'යි කේවට්ටයා හා රජ්ජුරුවන් හා දෙන්නා මා
උන් ශ්‍රීයහන් ගබඩාවේ හිඳ රහස් මන්ත්‍රණය කොට දැන් කේවට්ටයා
රජු ගිවිස්සා ගෙනෙන්නට ගියේය'යි දෙන්නාගේ රහස් කතාවෙන්
මඳකුත් නොවරද වා ගිරා පණ්ඩිතයනට කීව.
ඒ අසා 'කේවට්ටයාගේ නුවණ ඉතා යහපත් නියාය, මේ
උපායෙන් රජහු මේ නුවරට ගෙන්වා මරන්නට බැරි නොවෙයි, සිතූ
නියාව ඉතා යහපතැ'යි කේවට්ටයා කයිවාරු කොට, 'අපගේ මේ
නියා මඟුලේ අවමඟුලක් කීමෙන් ප්‍රයෝජන කිම්ද? ඒ නොකියයි'යි
කියා නවතා තමන් ආ කම් සැපයුණු බවදැන ඒ රාත්‍රියෙහි ඈ හා
සමඟ දවස් යවා, පාන් වූ කල්හි "සොඳුර, මම සිවිරට ගොසින් 'මා
සිත් වන් බිරින්දත් ලදිමි'යි මාගේ රජ්ජුරුවනට කියන්නට යෙමි. මට
සත් දවසකට සමු දෙව, අට වැනි දවස මහ පෙරහරින් එන්නෙමි.
මා එන තෙක් තෙපි මා කෙරේ සෝකයෙන් නොකා නොබී වැහැර
නොගොස් උකටලී නොව සුව සේ ඉඳුව”යි කීහ. සැළලිහිණි
ගිරවාණන්ගේ වියෝ දුක් ඉවසිය නොහී සමුණනට උත්තර කීමෙහි
අසමර්ථ වැ 'යහපත, සත් දවසකට අවකාශ දෙමි, සත් වැනිදා
නාවොත් අට වැනිදා ආයෙහි නම් ඒකාන්තයෙන් මා මළ තෙනට
නුඹ එන්නෙහිය. එබැවින් මා කැමත හොත් සත් දවස ඇතුළත අව
මැනැව'යි කිව, 'සොඳුර කුමක් කියවුද? ඉදින් අට වැනිදා තොප
නුදුටීම් නම් මාගේ ජීවිතය තමා ඇද්ද? දැරි ඇති අඹුව නොකල්හි
මිය යෑමක් ඇති කල හා අලුත් අඹුවක් රක්ෂා කළ සත් දවසින් මළ
කල මාගේ ළය ගලෙක්ද? තෙපි මා එන ගමන සැක නොකරවයි
බසින් කියා සිතින් සිතන්නාහු තෝ මියේ වා රැකේ වා තී ගෙන් මට
ප්‍රයෝජන කිම්දැ'යි මැදිරියෙන් නික්ම සිවි රට දිසාවට මුහුණ ලා
මඳක් තැන් ගොසින් නැවත මියුලු නුවරට ගොස් බෝධිසත්ත්වයන්
වහන්සේගේ උරයට බටහ.
මහතාණෝ මතු මහල් තලයට වඩා ගෙන විචාළ කල්හි සැළලිහිණිය කී කළ දෑ මුළුල්ල ආද්‍යන්ත නොවරදවා ම කීහ. බෝධිසත්ත්වයන් වහන්සේ මී හා විළඳ කවා මී පැන් පොවා ශතපාක සහශ්රපාක තෙලින් දෙපියා අතුර මැඬ, කකුල් සන්ධි මිරිකා ඉතා සැප වූ රන් මැදිරියේ සැතැප්පූ සේක. ඒ බව ප්‍රකාශ කොට වදාරන බුදු රජාණන් වහන්සේ මේ ගාථාවෙන් වදාරන සේක:-
තතො ච ඛෝ සො ගන්ත්වාන - මාඨරො සුවපණ්ඩිතො
මහොසධස්ස අක්ඛාසි - සාළියා වචනං ඉදං
"එම්බා මහණෙනි, ඒ ගිරා තෙමේ සැළලිහිණියගෙන් රහස්
කතා ගෙනවුත් මහෞෂධ පණ්ඩිතයනට කීයේ වේදැ”යි වදාළ සේක.
31.මහෞෂධ පණ්ඩිතයෝ උත්තර පංචාලයට පැමිණීම
ගිරවාණන්ගෙන් බස් ඇසූ අනතුරු බොධිසත්ත්වයන් වහන්සේ සිතන සේක් "මේ රජ්ජුරුවෝ මා නොකැමැති කරවා ගොසින් මහා විනාශයට පැමිණෙන්නාහ. මෙ වැනි යසදායක වූ රජ්ජුරුවන්ගේ බස් සිත තබා ඒ බවදැන පිටිවහල් නුවූහ"යි දත් කෙනෙක් නින්දා කෙරෙති. මා වැනි ජගත් පණ්ඩිතයකු ජීවත්ව ඉන්ද දී මේ රජ කුමක් පිණිස නස්නේද? රජහට පළමු ව ගොස් බ්‍රහ්මදත්ත රජ්ජුරුවන් දැක වේදේහ රජ්ජුරුවනට යහපත් නුවරක් කරවා ලා ගව්වක් පමණ සුළු උමඟක් හා දෙගව්වක් පමණ මහ උමඟක් කරවා ලා චූලනී රජ්ජුරුවන්ගේ දියණියන් අපගේ රජ්ජුරුවනට අභිෂේක කරවා දී එක් සියයක් රජදරුවන් හා අටළොස් අක්ෂෞහිණියක් පමණ මහා සේනාව අප උන් නුවර වටලාගෙන සිටිය දී අපගේ රජ්ජුරුවන් රාහු මුඛයට වන් සඳ මඬලක් පරිද්දෙන් ගලවාගෙන එන ගමන මට භාර වන්නේය”යි සිතූ සේක. මෙසේ සිතන්නාහු ස්වාමි දරුවාණන්ගේ ශරීරයෙහි පස් වනක් ප්‍රීති උපන්නේය. ප්‍රීති වේගයෙන් උදන් අනන සේක් යම් පුරුෂයෙක් යම් රජක්හු ගෙන් සියලු සම්පත් ලදින් කිසිවකිනුත් අනූන ව මහා ආඪ්‍ය ව වෙසේ නම් එසේ වූ ප්‍රඥා සම්පන්න පුරුෂයා විසින් කායවාඞමනස් යන ද්වාරත්‍රයෙන් ම ඒ රජහට වැඩෙහි හැසිරිය යුතුය. ඔවුන්ගේ ආපදාවක් දුටු කල්හි ඉන් මුදා ලන්නට ශක්ති ඇති වත් ඊට පිටිවහල් නොවී නම් මිත්‍රද්‍රෝහිය. එබැවින් රජහු නුවණ නැති ව නොදැන කියාපු යම් බස් පමණක් සිත තබාගැන්ම මට තරම් නොවෙ”යි සිතා සොළොස් කළයක් සුවඳ පැනින් ඉස් සෝදා නහා සර්වාභරණයෙන් 'සැරහී මහ පෙරහරින් රජගෙට ගොස් රජහු වැඳ එකත්පස් ව සිට වදාරන සේක් "කිමෙක්ද මහරජ උත්තර පංචාල දේශයට යන සේක් මදැ”යි වදාළ සේක."එසේය පුත, යෙමි. පඤ්චාලණ්ඩි කුමාරිකාව නොලබන්නා වූ මට රාජ්‍යයෙන් ප්‍රයෝජන කිම්ද? තොපත් මා අත් නොහැර කැටි ව එව. ඔබ යෑමෙන් වැඩ දෙකෙක් වන්නේය, ස්ත්‍රී රත්නයත් ලබමි. රජ්ජුරුවන් හා නෑ වීමෙන් ඔවුනොවුන් කෙරෙහි මෛත්‍රී සිතත් පිහිටන්නේය'යි කීහ.
ඉක්බිති රජ්ජුරුවන් වහන්සේට පණ්ඩිතයෝ කියන්නාහු "මහරජ එසේ වී නම් මම පළමු කොට ගොස් නුඹ වහන්සේ ඉඳිනා මාලිගා ආදී ගෙවල් නංවාලා යම් දවසෙක් කියා එවීම් නම් එදා වැඩිය මැනැව"යි වදාළ සේක. ඒ අසා රජ්ජුරුවන් ඒකාන්තයෙන් දරුවන් මා අත් නොහරන සැටිය'යි ඉතා සතුටු වු සිත් ඇති ව 'පුත තොප පළමු යන්නවුනට කුමක් ලද මනාදැ'යි කීහ. බල වාහන ලද මැනැව”යි කීහ. 'යම් පමණක් කැමැත්තා නම් එපමණක් ම ගෙනයව'යි කීහ. ඒ මහතාණන් වහන්සේ සිර ගෙවල සිටිනා බල සම්පන්න යෝධයන් මා හා කැටි ව එවුව මැනැව”"යි වදාළ සේක. රජ්ජුරුවෝ කියන්නාහු මට කියන්නාහු කිම්ද? තොප කැමැත්තක් කරවයි කීහ. ඒ 'මහතාණෝ සිරගෙවල දොර හරවා ගිය ගිය තැන සිතු සිතූ අර්ථයක් 'සාදා දෙන්නට බල ඇති සූර වීර චෞරයන් යදම් බිඳුවා පිටත් කරවා ගෙන 'මට සේවය කරව'යි ප්‍රසාද දෙවා, වඩු කඹුරු සොම්මරු චිත්රකාරාදී වූ නොයෙක් කර්මාන්තයෙහි දක්ෂ වූවන්ගෙන් අටළොස් කුලයක් හා වෑ-පොරෝ-උදලු-යහුල් ආදී වූ වුවමනා බොහෝ උපකරණ භාණ්ඩ ගෙන්වා ගෙන මහා සේනාව පිරිවරා නික්මුණු සේක. බෝධිසත්ත්වයන් වහන්සේ නික්මුණු නියාව ප්‍රකාශ කොට වදාරන බුදු රජාණන් වහන්සේ මේ ගාථාවෙන් වදාරන සේක.
තතෝ ච පායාසි පුරේ මහෝසධෝ
පඤ්චාල රාජස්ස පුරං සුරම්මං
නිවේසනානි මාපේතුං
වේදේහස්ස යසස්සිනෝ
"එම්බා මහණෙනි, ඒ මහෞෂධ පණ්ඩිතයෝ වේදේහ රජහට පළමු ගොස් නුවර හා ගෙවල් කරන පිණිස බල වාහන ගෙන නික්මුණෝ වේදැ'යි වදාළ සේක. බෝධිසත්ත්වයන් වහන්සේ වඩනා සේක් සතර ගවුවෙන් සතර ගවුවට එකි එකී ගමක් බැගින් ගම් කරවා ගමකට ඇමැත්තකු බැගින් සිටුවා මෙසේ විධාන කරවන සේක් "තොපි අපගේ රජ්ජුරුවන් පඤ්චාලචණ්ඩි කුමාරිකාවන් ඇරගෙන එන කල ඇත් අස් රථ ආදී වූ වාහන සරහා සිටුවා ගෙන කැටි වැ ආ දුර්වල වාහන රඳවා ගෙනැ තොපගේ වාහනවලට නංවා සතුරනට අසු වියැ නො දී වහා මියුලු නුවරට යවා ලව’යි වදාළ සේකැ.
මෙසේ මාර්ග සංවිධානයෙන් ගොස් ගං තෙරට පැමිණ
ආනන්ද කුමාරයයි යන එකක්හු කැඳවා "තෙපි තුන් සියයක් පමණ
නැව් වඩුවන් ඇරගෙන උඩුගං බලා ගොස්හර ඇති දඬු කප්පවා
තුන් සියයක් නැව් කරවා මාළිගා වාසල් දොරටු අට්ටාල ගෙවල්
ආදිය කරවා ගන්නා ලෙස දාරු සම්භාර ඔබ දී ම ලඝු කොට
සලස්වා නැව් තුන් සියය පුරා ගෙන එව”යි විධාන කොට යවා
තමන් වහන්සේ ගඟින් එතර ව බැස පියවර සනින් ගණන සේක්
මේ දෙගවුවක් පමණ තැන මහ උමඟ වන්නේය. ඉක්බිති මෙතැන්හි
අපගේ රජ්ජුරුවන් හිඳිනා නුවර වන්නේය. නැවත මෙතැන් පටන්
රජගෙය දක්වා මේ ගවුවක් පමණ තැන සුළු උමඟ වන්නේය'යි
ස්වකීය ප්‍රඥාවෙන් ම නියම දැන මහපෙරහරින් නුවරට වන් සේක.
බෝධිසත්ත්වයන් වහන්සේ එන නියාව චූලනී බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝ අසා "මෙවිට මාගේ මනදොළ පිරෙන්නේය. ඒකාන්තයෙන් ම මාගේ සතුරන් පිටුදක්නෙම්, මහෞෂධයා ආ කල වේදේහයාත් නොබෝ කලකින් එන්නේය. මෙවිට දෙන්නා ම මරා ජය පානය බී සියලු දඹදිව එක්සත් කොට රජ කරන්නෙමි"යි ඔදවැඩී සතුටු ව ගියහ. ජනනේත්ර රසාඤ්ජන වූ ස්වාමිදරුවන් නුවරට වදුත් ම අයම් විතරින් අට සාළිස් ගවුවක් පමණ ඇති ඒ සා මහත් නුවරවාසි මනුෂ්‍යයෝ එකහෙළා 'මහෞෂධ පණ්ඩිතයෝ නම් මූ ල, එක් සියයක් රජුන් හා අටළොස් අක්ෂෞහිණියක් සේනාව කැටක් දමා කපුටු රැසක් නෙරනා සේ ඉස් ලූ ලූ අත ලුහුබඳවාපුවෝ නම් මේ මහතාණෝල”යි බලා ඇස් ඇද ගත නොහී මහා ආශ්චර්යයට පැමිණියාහ. සියලු නුවර එදවස් සඳරැස් වන් කිරි මුහුදක් සේ ක්ෂොභ ව ඔද වැඩී ගියේය.
32.එක දවසින් නව කෝටියක් වස්තු සැපයීම
මෙසේ නුවරවාසීන් තමන් වහන්සේගේ රූපදර්ශනයෙන් සන්තෝෂ ව බල බලා සිටිය දී ම රජගෙදොරට ගොස් ආ නියාව කියා යවා එන්නට කියව'යි කී කල්හි රජගෙට වැද රජ්ජුරුවන් වැඳ එකත්පස් ව සිටි සේක. එවිට රජ්ජුරුවෝ මියුරු කතා කොට "පුත රජ්ජුරුවෝ කවරදා එද්දැ”යි කීහ. "මා කියා යැවූ කලය”යි වදාළ සේක. "තෙපි පළමු කුමක් පිණිස අවුදැ”යි කීහ. "දේවයන් වහන්ස, අපගේ රජ්ජුරුවනට මඟුලට මාළිගා නංවන්නට ආමි”යි වදාළ සේක. 'යහපතැ'යි කියා බෝධිසත්ත්වයන් වහන්සේ හා කැටි ව ආ සේනාවට බත් වියදම් දෙවා මහතාණනට මහත් සත්කාර කොට ඉදිනට යහපත් මාළිගාවක් දී "පුත රජ්ජුරුවන් එන තෙක් උකටලී නොව අපටත් කළමනා දෙය කරවා ලා සුව සේ ඉඳුව”යි කීහ.
ඔබත් රජගෙට නැඟෙන සේක් ම මතු මාලට නැගෙන හිණි පා මුල සිට 'මෙ තැන්හි සුළු උමඟ දොර කඩය'යි සිතූ සේක. නැවත ඔබට මෙසේ වූ අදහසකුත් වූයේය. 'මේ රජ්ජුරුවෝ 'අපටත් කළමනා දෙය කරවා ලව'යි තුමූ ම කීය. එබැවින් උමඟ කනන කල මෙහි පස් හා හිණ නොවැටෙන ලෙසත් කෙරෙමි'යි සිතා නැවත රජ්ජුරුවනට වදාරන සේක් "මහරජ, මාළිගාවට නැඟෙන්නෙම් හිණි පා මුල සිට මාළිගාවේ නව කර්මාන්ත බැලීමු. සෙසු මා දුටු නපුරෙක් නම් නැත, නැඟෙනහිණ යම්තම් වරදෙක් ඇත. කැමැති සේක් නම් ඊට තරම් දඬුපත් ලදිම් නම් නිකම් වඩුවකු තබා විශ්වකර්මයාත් 'නපුරැ'යි නොකියන ලෙස කරවා ලමි'යි වදාළ සේක. 'යහපත තොප කැමැති ලෙසක් කරවා ලව'යි දාරු සම්භාර දෙවුහ. ඒ මහතාණෝ සුළු උමඟ දොර මෙතැන විය යුතුය'යි ඉඳුරා සලකාගෙන පරණ හිණ හරවා යම් තැනෙක උමඟ දොර වේද එතැන පස් නොවැගිරෙන පරිද්දෙන් පෝරු අතුරුවා නොහෙන පරිද්දෙන් නිශ්චල කොට හිණ සිටුවා ලූ සේක. රජ්ජුරුවෝ මේ අන්තරාය නොදන්නාහු තමා කෙරේ ඉත සිතින් ම කෙරෙති'යි සිතූහ. ඒ පරණ හිණ ඔබ දුටු වරද නම් යටින් උමඟ බිඳින කල හිණ හිණි නම් නපුරැ'යි යන මෙ පමණෙක් මය.
මෙසේ එදවස් නව කර්මාන්තයෙන් දවස් යවා දෙ වන දවස් රජ්ජුරුවනට කියන සේක් "දේවයන් වහන්ස, ඉදින් එක් ගෙයක් නිල කොට ලදුමෝ නම් අපගේ රජ්ජුරුවන් හිඳිනා පරිද්දෙන් යහපත් කොට මාළිගා ආදී වූ ගෙවල් සකස් කොට ලන්නමෝ වේදැ"යි වදාළ සේක. "යහපත පුත, මාගේ මාළිගාව හැර මේ නුවරින් යම් ගෙයක් කැමැත්තා නම් ඒ ගන්ව”යි කීය. "මහරජ, අපි ආගන්තුකයම්හ, නුඹ වහන්සේගේ බොහෝ වල්ලභයෝය, ඔහු තම තමන්ගේ ගෙවල් ගන්නා කල අප හා කලහ කරන්නාහ. උනට අපි කුමක් කරමුදැ”යි වදාළ සේක. “පණ්ඩිතයෙනි, තෙපි උන්ගේ බස් නොගිවිස තොප කැමැති ගෙයක් ම ගන්ව”යි කීහ. "දේවයන් වහන්ස, ඔහු නැවත නැවතත් අවුත් නුඹ වහන්සේට කියන්නාහුය, එයින් ඔබ සිතට සැපයෙක් නොවන්නේය. ඉදින් නුඹ වහන්සේ කැමැති සේක් නම් අප ගෙය නිල කොට ගන්නා තෙක් ම අපගෙන් දොරකඩ රැකවල් වී නම් කියන්නට ආවුන් වැද්ද නොදෙන්නා පළායන්නාහ, එසේ කල අපටත් නුඹ වහන්සේටත් දොම්නසෙක් නැත්තේය'යි වදාළ සේක. රජ්ජුරුවෝත් "ඉතා යහපත, තොප ගෙන් ම රැකවල් ලවා ගන්වා”යි කීහ. බෝධිසත්ත්වයන් වහන්සේද හිණි ඉසය, රජගෙයි දොරකඩය යන මෙහැම තැන්හි ම රජගෙට කාත් වැද්ද නොදෙව”යි කියා තමන් වහන්සේගෙන් ම රැකවල් ලැවූ සේක.
ඉක්බිති "පළමු කොට ගොස්
රජ්ජුරුවන්ගේ මැණියන් තලතා දේවීන්ගේ ගෙය බිඳුව"යි තමන්
වහන්සේගේ මිනිසුනට නියෝග කළ සේක. ගියා වූ පුරුෂයෝ
දොරටුවෙහි පටන් බිත්ති පදනම් ඇතුළු ව උළු සුණු මැටි ආදී වූ දෙය
බිඳහරනට පටන් ගත්හ. රාජ මාතාවෝ එපවත් අසා වහ වහා ගෙන
අවුත් 'කොල! අපගේ ගෙය බිඳුනෝ කවුරුදැ'යි කීහ. 'මහෞෂධ
පණ්ඩිතයන් වහන්සේ ගෙය බිඳුවා තමන් වහන්සේගේ රජ්ජුරුවනට
මාළිගා නංවන සේකැ'යි කීහ. 'ඇයි දරුවෙනි, මේ ගෙයි හුන් කල
කිම්දැ'යි කීහ. 'අපගේ රජ්ජුරුවන්ගේ බොහෝ සේනාව හෙයින්
මේ ගෙය කුඩාය. මහත් කොට මාළිගා කරන්නටය'යි කීහ. එබසට
බිසවු කිපී 'කොල! තෙපි මා රජ්ජුරුවන්ගේ මෑණියන් බව නොදනුද?
දැන් ම පුතණුවනට කියාලා තොපට කියටි දන්නෙම් වේදැ'යි කීහ.
“නුඹ වහන්සේ කුමක් දොඩන සේක්ද? අපි රජ්ජුරුවන්ගේ ම බසින්
බිඳුම්හ, ශක්ති ඇති දෑ වී නම් නවතා ගන්නැ”යි කීහ. “තොපට කියටි
දන්නෙමි”යි කිපී රජගෙට කියන්නට ගියහ.
දොරකඩ සිටි රැකවල්ලු “නොවදුව”යි කියා උන් නැවතූහ. “කුමක් කියවුද? මම රජ්ජුරුවන්ගේ මෑණියෙමි. මට පෙර රැකවලෙක් නැත, මා යා දෙව'යි කීහ. "කාත් වැද්ද නොදෙව, තොපගේ රජ්ජුරුවන් විසින් ම කියන ලද තෝ මෙතැනින් නොසිට පළායා” කීහ. බිසවු කිසිවක් කියන්නට නොපොහොසත් ව තමන්ගේ බිඳුනා බල බලා සිටියහ. එසේ සිටියවුන් එකෙක් නැඟී සිට 'මෙ තැනින් යෙයිද? නොයෙයිද?යි බොටුව අල්ලාගෙන තරව දමා ලීය. ඒ මැහැලි වහන්සේ මුහුණින් හීපියා දුක සේ නැඟී සිට සිතන දෑ ඒකාන්තයෙන් රජ්ජුරුවන් කීයේ සැබෑ සැටිය. ඉන් මිසක් මට මෙසේ කරන්නට “සමර්ථ එකෙක් ඇද්ද? පණ්ඩිතයන් සමීපයට යෙමි”යි සිතා ගොස් "පුත මහෞෂධ පණ්ඩිතයෙනි, මාගේ ගෙය කුමක් නිසා බිඳුවාදැ”යි කීහ. ඔබ උන් හා කැටි ව එක බසකුත් නොකියා නොඇසූ කන්ව ඒ දිසාව නොබලා පියා සිටි සේක. ළඟ සිටි පුරුෂයෝ “දේවීන්දෑ කියන්නේ කිම්ද”යි කීහ. “දරුවෙනි, පණ්ඩිතයෝ මාගේ ගෙය කුමට බිඳුවද්දැ”යි කීහ. 'වේදේහ රජ්ජුරුවනට මාළිගා කරන්නටය'යි කීහ. “ඇයි දරුවෙනි, මේ සා නුවර ගෙයක් නොලැබෙයි සිතවූද? මාගේ මේ මසු ලක්ෂය ගෙන අනික් තැනකින් ගෙයක් ගෙන මාළිගා කරව”යි කීහ.
"ඒ වන්නා නුඹගේ මේ ලක්ෂය ඇරගෙන ගෙය අරවා පීයම්හ, මේ නුවර අපොහොසත් කෙනකුන් මඳ වුව, එසේ හෙයින් අනික් ගෙයක් අල්වා ගත් කල උයිත් අත්ලස් දෙන්නට ම සිතති, එසේ කල ගත් ගත් ගෙවල් අත්ලසට ම අරන කල අප ගෙවල් ලබන්නේත් මාළිගා තනන්නේත් කෙසේද? වන්නාටය නුඹ වහන්සේ මෙසේ ම අඬා දොඩා යාඥා කරත් අත්ලස් දී ගෙය හරවා ගත් නියාව ඔබ්බට නොකියතොත් හැර පියම්හ”යි කීහ. 'දරුවෙනි, කුමක් කියවුද? රජ්ජුරුවන් මෑණියෝ පවා අත්ලස් දී ගෙය හරවා ගත්හ'යි කී කළ මටත් ලජ්ජා වන්නීය. ඒ බැවින් මා පණ තබා කාටත් නොකියයි කීහ. ඔහු 'යහපතැ'යි බිසවුන් දුන් මසු ලක්ෂය ඇරගෙන ගෙය බිසවුනට ම අළහ. වැළිත් ඒ මසුරන් ලක්ෂය නම් දැන් මේ සමයෙහි මෙන් තඹ ආදී ලෝහයෙන් ගැසූ රනෙක් නොවන්නේය. ඒ රනට ‘නීලකර්ෂාපණ’යයි කියති. ඉන් සතර අකෙක් පස්ලෝය. එබැවින් ඒ බිසවුන් දුන් මසුරන් ලක්ෂයෙන් පණස් දාසෙක් 'මාඪ රත්රනැ'යි දත යුතු.
ඒ ගෙය හැර එතැනින් ගොස් කේවට්ටයාගේ ගෙයි බා ගෙන පළමු පරිද්දෙන් දොරටුයෙහි පටන් බිඳිනට වන්හ. ඒ බමුණු බැණ නැඟී ගොවියා පුත් තමාගේ නුවර එක් සියයක් රජදරුවන් හා සේනාව බල බලා සිටිය දී තමාට සතුරු ව ගිය මෙතෙක් දෙනාගෙන් මාගේ ම බොටුව අල්ලාගෙන බිම උළා, නළල ආදී වූ තැන් ලේ කැන් ලේ මඬුලු කොට පියා දැන් කබර වදා ගියා සේ මේසා ලජ්ජාවට පමුණුවා පීය, නැවත විවා මඟුල කියා ගියා වූ මා තමාගේ ගෙයි දී තනි කොට ගෙන තමාගේ බල සම්පන්න පුරුෂයන් ලවා උණ පත්තෙන් මරවා පිටිකර ගස්වා, එසේත් මා නොමිය නියාවක් කොට පීය. ඒ මදින්දෝ දැන් මීට අවුත් මේසා නුවරින් මාගේ ම ගෙය බිඳුවා මා උන් තැනින් නෙරන මාන කෙරෙයි, වන්නාටය. ඌගේ රජු නාවත් දෙන්නාට ම කළමනා දෙය මූට කරවමි'යි තරව කිපී රජහට කියන්නට රජගෙයි දොරට ගියේය. රැකවල සිටියවුන් 'බමුණු මාල්ල මෑත නේයි, කියව කියවා තමා වල්ලභ කමට දොරකඩට ගියේය.
රැකවලුන් 'කොල නිකෘෂ්ඨ ගුණ ඇති දුෂ්ට වූ බමුණ 'මෑත නේයි' කියව කියවා එයිදැ'යි එකෙක් නැඟී සිට ගසන්නේ තමා පසැඟිල්ල බමුණු මාල්ලා පිටිකර පෙනෙන පරිද්දෙන් සරස හිඳ ගසා ගඩු නඟා පීය. ඒ පාර ලදින් තුෂ්නිම්භූත ව ඉඟිකරුව කකිය කකියා අනික් උත්තරයක් කියන්නට අසමර්ථ ව ගත යුත්තක් නොදන්නේ මසු ලක්ෂයක් දී ගෙය අරවා ගත. මේ උපායෙන් එදවස් සවස් වන දෑතුරේ සියලු නුවර ගෙවල් බිඳුවා නැවත හරනට ගත් අත්ලස් රන් එක් කොට නව කෝටියක් වන්නේය. ඒ නව කෝටියෙන් සතර කෝටි පනස් ලක්ෂයක් මාඪ රනැයි දත යුතුයි.
33. උමං කර්මාන්තය
නැවත බෝධිසත්ත්වයන් වහන්සේ නුවර මුළුල්ලෙහි ඇවිද රජගෙට වැඩි සේක. රජ්ජුරුවෝ “පණ්ඩිතයෙනි, වසන තෙනක් ලදු දැ”යි විචාළහ. “මහරජ නොදෙන කෙනෙක් කම් නැත, එසේ වුවත් බොහෝ දවසක් වැද හුන් ගෙවල් ගන්නා කල මහත් දොම්නසින් කම්පිත වන්නාහ, උන් උනට ප්රියවිප්පයෝග කිරීම අපට තරම් නොවෙයි, මේ නුවරින් පිටත ගංගාවටත් නුවරටත් මැද ගව්වක් පමණ මෙනම් තැන බිම අවකාශයෙක් ඇත. එතැන අපගේ රජ්ජුරුවනට ගෙවල් මාළිගා නගම්හ”යි වදාළ සේක. ඒ අසා රජ්ජුරුවෝ සිතන්නාහු ඇතුළු නුවර දී සටන් කරන සතුරන් දත නොහැක්ක. පිට දී වී නම් වටලාගෙන සුව සේ සතුරන් මරා ජය ගත හැක්කැ'යි සිතා සොම්නස් ව "යහපත, පුත තොප සැලකූ තැන ම නිල කරව"යි කීහ. "මහරජ, අපි වන්නා ඒ සියල්ල කරම්හ. නුඹ වහන්සේගේ මිනිසුන් ඒ දිසාවට දර පලා ආදීයම් කිසිවක් පිණිස අපගේ නව කර්මාන්ත භූමියට නොයායුතුය. ගිය කෙනෙක් යම් සේ කලහක් කෙරෙත් මය. ඒ වේලෙහි නුඹ වහනසේගේ සිතටත් අපගේ සිතටත් සැපයෙක් නැත්තේය"යි වදාළ සේක. "යහපත පුත, මෑතින් ඒ දිසාවට යන මිනිසුන්ගේ ගමන් නවතා ලමි”යි කීහ. දේවයන් වහන්ස අපගේ ඇත්තු දිය කෙළියට රැස්වන්නාහ, එක් වන් "දියෙහි ම කෙළිනාහ. පැන් මඩ වූ කල මහෞෂධ පණ්ඩිතයන් ආවක් පටන් පහන් පැනක් බී පියන්නටත් නොලබම්හ’යි නුවර වාසී කිපෙත් නම් එයිත් ඉවසුව මැනැවැ”යි වදාළ සේක. “පුත තොපගේ ඇත්තු සුව සේ ගිම් නිවා දිය කෙළිත්ව”යි කියා නැවත රජ්ජුරුවෝ “මහෞෂධ පණ්ඩිතයන්ගේ නව කර්මාන්ත භූමියට මේ නුවරින් යම් කෙනෙක් ගියාහු නම් දහසක් දඩය”යි නුවර බෙර ලැවූහ.
බෝධිසත්ත්වයන් වහන්සේ රජහු වැඳ තමන් වහන්සේගේ
පිරිවර හා සමඟ නුවරින් නික්ම තමන් විසින් නියම කර ගත් තැන
නුවර කරවන පිණිස ගොසින් ගඟින් එතෙර ”ගඟුල්ගමුව” යයි
ගමක් කරවා ඇත් අස් රථ ආදී වූ වාහන ද ගෙරි සරක් ද එහි රඳවා
නුවර කර්මාන්තයට විධාන කරන සේක්, “මෙතෙක් දෙන මේ මේ
කරව, මෙතෙක් දෙන මේ මේ කරව”යි කර්මාන්ත බෙදා උමඟ
කර්මාන්තයට පටන් ගත් සේක. මහ උමඟ දොරකඩ ගංගායෙහි අස
වීය. බල සම්පන්න දස දහසක් පමණ පුරුෂයෝ මහ උමඟ කණන්නාහු
මහත් වූ සම් පයිවලින් පස් පුරා ගෙනවුත් ගඟ දියෙහි ලන්නාහ. ලූ
ලූ පස් මුළුල්ල ඇත්තු මඬනාහ. එබැවින් ගඟ පැන් කැළඹී මඬ
වන්නේ නුවරවාසීහු මහෞෂධ පණ්ඩිතයන් ආවක් පටන් පහන්
පැනක් බී පියන්නටත් නොලබම්හ, ගඟ පැන් කැළඹී මඩ වන්නේය.
මීට කාරණා කිම්දැයි කියන්නාහ. ඔවුනට මහතාණන් ගේ චරයෝ, “මහෞෂධ පණ්ඩිතයන් ගේ
ඇත්තු දිය කෙළනාහ, ඉන් ගඟ පැන් මඩ වන්නේය. මැඬ මැඬ මඩ මතු කරන්නාහ'
කියති. එබැවින් සැක නොකරන්නාහ. බෝධිසත්ත්වයන්ගේ අභිප්‍රාය
නම් සිද්ධ වන්නේය. එසේ හෙයින් ඒ උමඟ ගලෙක් වත් මුලෙක් වත්
නැති ව බිම ගිලී අන්තර්ධාන විය.
සුළු උමඟ දොරකඩ උපකාරි නුවර වූයේය. සත් සියයක්
පමණ යෝධයෝ ඒ උමඟ කණන්නාහ, සම් පයිවලින් පස් ගෙන
වුත් නුවර ලන්නාහ, ලූ ලූ පස් පැනින් මිරිකා අනා පවුරු බඳනාහ.
ගෙවල් ආදියෙහි මැටි කර්මාන්ත හෝ කරන්නාහ. මහඋමඟට
වදනා දොරකඩ එම නුවර වූයේය, උමඟ වනාහී අටළොස් රියන්
උස ඇති යන්ත්‍රයෙන් යුක්ත දොරවලින් ගැවසී ගත්තේය. එක
ඇණයක් මිරිකා ලන්නා ඒ දොරවල් මුළුල්ල පිහියන්නේය. අනෙක්
ඇණයක් මිරිකා ලන්නා ඇරියන්නේය, මහඋමඟ දෙපාර්ශ්වය
උළින් බඳවා සුළු කර්මාන්ත කර වූ සේක, මුඳුනේ වියන් පෝරු
අතුරවා සක ලා ගාවා මකුළෙන් අතිධවල කැරැ වූ සේක. ඒ මහ උමඟ
අසූ මහ දොරක් හා සූ සැටක් සුළු දොර වූ යේය. ඒ මුළුල්ල
යන්ත්‍රයෙන් යුක්ත ම වූයේය. ඒ උමඟ දෙපාර්ශ්වයෙහි නොයෙක්
සිය ගණන් පාන් ගබඩාත් වූයේය, එයිත් යන්ත්‍රයෙන් යුක්ත අගුළ
ම වූයේය.
තව ද ඒ උමඟ දෙපාර්ශ්වයෙහි එක් සියයක් රජදරුවනට
එක් සියයක් ශ්‍රී යහන් ගබඩාත් වූයේය. එයිත් යන්ත්‍රයෙන් යුක්ත
අගුළුම වුයේය. එකි එකී ගබඩායෙක්හි නොයෙක් පෑයෙන් යුක්ත
වූ කොඳු පලස් ආදියෙන් අතුට සරහා තබන ලද සැතපෙන
මහයානෙකුත් ඇත්තේය. නඟන ලද සරහන ලද එකි එකී
සිංහාසනයකුත් ඇත්තේය. ශ්‍රීයහන් ගබඩාවල මහයහන් ළඟ
උතුම් වූ රූ ඇති දිව්යජ්සරාවන් බඳු සර්වාභරණයෙන් සරසා
සිටුවන ලද පෙතැලි රූත් වන්නේය. ඒ පෙතැලි රූ නොදන්නවුන්
අතින් පිරිමැද මුත් 'අජීවය'යි නොදත හැක්කේය: තව ද ඒ උමඟ
දෙපාර්ශ්වයෙහි දක්ෂ වූ චිත්රකාරයන් ලවා අති මනෝහර වූ
සිත්තම් කරවන ලද්දේය. ඒ සිත්තම් කවරේදයත්:- ශක්‍ර විලාසය,
මහා මේරු පර්වතය, සතර මහා සමුද්‍රය, සතර මහාද්වීපය, හිමාලය
පර්වතය, අනවතප්ත විලය, සිරියෙල් අතලය, චන්ද්‍ර බිම්බය, සූර්ය
බිම්බය, චාතූර්මහාරාජිකාදී කාමාවචර දිව්‍ය ලෝකය, ෂෝඩශ බ්‍රහ්ම ලෝකය යනාදී ලොව
විද්‍යමාන ආශ්චර්යවත් දෙයත් උමඟ සිත්තම් කරවා ලූ සේක.
එහි බිම රිදී පටක් හා සමාන වූ සුදුවැලි ඉස්වා උඩු වියන නටු
උඩ බලා, කෙමි බිම බලා එල්වන ලද සුපුෂ්පිත වූ පද්ම වනයක්
පරිද්දෙන් අඳවා ලූ සේක. උමඟ දෙපාර්ශ්වයෙහි නොයෙක් බඩු,
පුරා තිබෙන සල්පිල් සැදවූ සේක, ඒ උමඟ ඒ ඒ ස්ථානයෙහි
ගන්ධ දාම පුෂ්පදාමයන් එල්වූ සේක. ඒ උමඟ සුධර්මා නම් දිව්‍ය
සභාව සේ ඉතා අලංකාර විය.
පළමු යැවූ ආනන්ද නම් අමාත්‍යයා තුන් සියයක් වඩුවන්
ලවා සැස නිමවන ලද දාරු සම්භාර නැව් තුන් සියයක් පුරා ගඟින්
ගෙනවුත් බෝධිසත්ත්වයන් වහන්සේට කීහ. බෝධිසත්ත්වයන්
වහන්සේ 'දඬුපත් නුවරට බා ගෙන තෙල නැව් සඟවා තබා මා කීයම්
දවසෙක ගෙනෙව'යි නික්මෙන තොට උඩු ගඟ නුදුරු තැනෙක්හි
සඟවා තැබ්බ වූ සේක. නැවත ඒ නුවර පැන් අගලය, කලල් අගලය,
වියැළි අගලය'යි අගල් තුනකුත් කැණැ වූ සේක. තව ද ඒ නුවරට
අටළොස් රියන් උස පවුරද, පවුරට තරම් පදනමද, වාසල් අට්ටාල
බලකොටු කුරුබිලි ආදිය ද රජගෙය ආදී වු නොයෙක් ගෙවල් සමූහ
ඇත්හල් අස්හල් පැන් පොකුණු ආදියද යන මේ සියල්ල නිමාවට
පැමිණියේය. මෙසේ සුළු උමඟය මහඋමඟය ඒ සා මහත් බිම
පිස කර වූ නුවරය යන් මේ සියල්ල සාර මසකින් නිමවා, ඉක්බිති
බෝධිසත්ත්වයන් වහන්සේ රජ්ජුරුවන් කැඳවා දූතයන් යැවූ සේක.
ඒ බව ප්‍රකාශ කොට වදාරන බුදු රජාණන් වහන්සේ මේ ගාථාවෙන්
වදාරන සේක්:-
නිවේසනානි මාපෙත්වා වේදේහස්සයසස්සිනො, අථස්ස පහිණී දූතං (වෙදෙහං මිථිලගගහං.) එහිදානි මහාරාජ මාපිතං තෙ නිවෙසනං.
34. වේදේහයන් උත්තර පඤ්චාලයට පැමිණීම
“එම්බා මහණෙනි, මහෞෂධ පණ්ඩිතයන් වේදේහ රජහට පළමු ව ගොස් නුවර උමං රජගෙවල් ආදිය කරවා සාර මසකින් නිෂ්ඨා කොට වේදේහ රජු කැඳවා දූතයන් යැවූහ”යි වදාළ සේක.
පෙරමඟ බල බලා උන්නා සේ රජ්ජුරුවෝ දූතයාගේ බස් අසමින් ම සේනාව පිරිවරා නික්මුණාහ. ඒ බව ප්‍රකාශ කොට වදාරන බුදු රජාණන් වහන්සේ මේ ගාථාවෙන් වදාරන සේක්!:-
“තතොච රාජා සෙනාය චතුරංගියා
අනන්තවාහනං දට්ඨුං පිතං කම්පිල්ලියං පුරං”
"එම්බා මහණෙනි, අටළොස් අක්ෂෞහිණි සංඛ්‍යාත ඒ සා
මහත් සතුරු සේනාවක් හා එක් සියයක් රජුන් හුන්නා වූ උත්තර
පංචාල දේශයෙහි කම්පිල්ල නුවරට කාමයෙහි ගිජු වූ අන්ධ වූ ඒ
වේදේහ රජ මෝහයෙන් මුඝ වූයේ අර්ථානාර්ථ දෙක ඉඳුරා සලකා
ගත නොහී චතුරංඟනී සේනාව පිරිවරා නික්මුණෝ වේදැ'යි වදාළ
සේක.
ඉක්බිති රජ්ජුරුවෝ සාර සියයක් ගවු ගෙවා ගොස් ගං තෙරට පැමිණියහ. බෝධිසත්ත්වයන් වහන්සේ රජ්ජුරුවනට පෙර ගමන් කොට අවුත් කැඳවා තමන් වහන්සේ කරවූ නුවරට ගෙන ගිය සේක. රජ්ජුරුවෝ මාළිගාවට නැඟී අග්‍ර වූ භෝජනය අනුභව කොට මඳක් සැතපී පස්වරු වේලේ තමන් ආ නියාව චූලනී රජ්ජුරුවනට කියා දූතයන් යැවූහ. ඒ බව වදාරන බුදු රජාණන් වහන්සේ මේ ගාථා දෙකින් වදාරන සේක්':
තතෝ ච ඛො සො ගන්ත්වාන - බ්රහ්මදත්තස්ස පාහිණි, ආගතොස්මි මහාරාජ - තව පාදානි චන්දිතුං.
දදාහිදානි මෙ භරියං - නාරිං සබ්බබගසෝභිනිං
සුවණ්ණෙන පටිච්ඡන්නං - දාසීගණපුරක්ඛතං.
"එම්බා මහණෙනි, වේදේහ රජ බ්‍රහ්මදත්ත රජහට කියා
යවන්නේ "මහරජ, නුඹ වහන්සේගේ ශ්‍රී පාදය වඳනා පිණිස ආමි,
සර්වාභරණයෙන් සරහන ලද ශරීර ශෝභා ඇති දැසිදස් සමූහයා
විසින් පිරිවරන ලද නුඹ වහන්සේගේ දියණියන් මට බිරින්දෑ කොට
වහා එව්ව මැනැව”යි කියා යැවීය"යි වදාළ සේක. අඹුවන් කෙරේ
ලෝභයෙන් 'වඳිමි'කී බව මුත් වේදේහ රජ්ජුරුවෝ ඉතා වැඩි
මහල්ලහ. චූලනී රජ්ජුරුවෝ වූ කලී මුණුබුරු තරමටත් ඇත්තාහ. දූන්
රක්ෂා කරන කල කෙසේ මහලු වූවත් කෙසේ පොහොසත් වූචත්
වැන්ද මනා හෙයින් එසේ ඔහුත් සිත් ගෙන කුමාරිකාත් ලැබ ගතිම්
නම් යහපතැ'යි සිතා වැඳ යවුහ'යි දත යුතු.
වේදේහ රජ්ජුරුවන්ගෙන් ගිය දූතයන්ගේ බස් අසා චූලනී
රජ්ජුරුවෝ මහ සොම්නසට පැමිණ 'මෙවිට මාගේ 'සතුරා කොයි
යේද, සෙට දෙන්නාසේ ඉස් කපා පියා පයින් මැඬගෙන හිඳ ජය
පානය බොන්නෙමි'යි සිතින් ක්‍රෝධ උපදවා බසින් දූතයනට සතුටු
හඟවා උනට ප්‍රසාද දී කියා යවන්නාහු මේ ගාථාවෙන් කීහ:-
ස්වාගතං තෙ වේදේහ - අථො තෙ අදුරාගතං
නක්ඛත්තඤ්ඤෙව පරිපුච්ඡ - අහං කඤ්ඤංදදාමි තෙ
සුවණ්ණෙන පටිච්ඡන්නං - දාසීගණපුරක්ඛතං.
මේ ගාථාවෙහි අභිප්‍රාය නම් "වේදේහ රජ්ජුරුවෙනි, තමන්
මීට ආ ගමන නපුරු ගමනෙක් නොවෙයි, ඉතා යහපත් ගමනෙක.
තොප විසින් විචාළ මනා මඟුලට යෝග්‍ය නක්ෂස්ත්රයෙක් ම ය.
සවර්ණාලංකාරයෙන් සරහා නිමවන ලද හොබනා අවයව ඇති
මාගේ දුවණියන් දැසිදස් සමූහයා විසින් පිරිවරන ලදු ව තොපට
පාවා දෙමි”"යි කියා යැවූහ. ඒ දූතයෝ ගොස් වේදේහ රජ්ජුරුවනට
"දේවයන් වහන්ස, ඔබින් බාධා නැත. මඟුලට අදාළ නැකැත් වහා
විචාළ මැනැව, රජ්ජුරුවෝ දුවණියන් පාවා දෙන්නාහ”යි කීහ.
ඉක්බිති රජ "අද ම නැකැත් යහපතැ'යි දූතයා අත කියායැවී"යයි
වදාරන බුදු රජාණන් වහන්සේ මේ ගාථාවෙන් වදාරන සේක්:-
“තතෙ ච රාජා වෙදෙහො නක්ඛතං පරිපුච්ඡථ
නක්ඛත්තං පරපුච්ඡිත්වා බ්රපහ්මදත්තස්ස පාහිණි
දදාහිනි මෙ හරයං නාරිං සබ්බංග සොහිනිං
සුවණ්ණෙන පටිච්ඡන්තං දාසීගණ පුරක්කතං”
"මහණෙනි, ඒ ඉක්මන් රජ “අද නැකැත් යහපත, සියලු ස්ත්‍රී ලක්ෂණයෙන් ශෝභන වූ දුවණියන් පරිවාර සහිත ව වහා එවුව මැනැවැ යි කියා යැවීය”යි වදාළ සේක.
35. බ්‍රහ්මදත්ත රජු උපකාරී නුවර වැටලීම
බ්‍රහ්මදත්ත රජ නැවත කියා යවන්නේ "සියලු බිසෝ පළඳනාවෙන් හොබනා වූ මාගේ දියණියන් සියලු පිරිවර හා සමඟ මහපෙරහරින් දැන්ම එවමි”යි බොරු කියා ආ දූතයන් යවා එක් සියයක් රජදරුවනට කියා යවන්නේ 'එදවස් මියුලු නුවරට ගියා සේ අටළොස් අක්ෂෞහිණි මහා සේනාව හා පංචායුධ සන්නද්ධ ව උපකාරී නුවර බලා නික්මෙන්නට කියව, සතුරන් දෙන්නා ඉස් කපා සෙට ජය පානය බොන්නෙමු”යි කීය. ඒ සියල්ලෝ ම රජහු කී පරිද්දෙන් චතුරංගනී සේනාව ගෙන නික්මුණාහුය. රජහු තුමූත් නික්මෙන්නාහු මෑණියන් තලතා දේවීන්ද අග මෙහෙසුන් නන්දා දේවීන්ද පුතණුවන් පඤ්චාල චණ්ඩ කුමාරයන්ද දුවණියන් පංචාල චණ්ඩි කුමාරිකාවන්ද යන මේ සතර දෙනා මාළිගාවේ දෙවැනි මාලේ රඳවා සුරක්ෂිත කොට රැකවල් ලවා උපකාරී නුවරට ගියහ.
බෝධිසත්ත්වයන් වහන්සේ වේදේහ රජ්ජුරුවන් හා කැටිව ආ මහා සේනාවටත් බොහෝ වූ සත්කාර කළ සේක. ඉන් සමහර කෙනෙක් රා බොන්නාහ, සමහර කෙනෙක් මචඡ මංස කන්නාහ, සමහර කෙනෙක් ඉක්මන් ව එන රජ්ජුරුවන් හා කැටි ව නොසැතපී දිව දිව ආ හෙයින් ශ්‍රාන්ත ව නිදන්නාහ. වේදේහ රජ්ජුරුවෝ සේනාකාදී පණ්ඩිතවරුන් හා අමාත්‍ය මණ්ඩලය පිරිවරා සරහන ලද මාළිගාවේ මතු මහල් ශ්‍රී යහන් මුඳුනෙහි මිහිරි කතා කෙරෙමින් උන්නාහ.
ඉක්බිති චූලනී රජ්ජුරුවෝද එක් සියයක් රජදරුවන් හා
අටළොස් අක්ෂෞහිණි සංඛ්‍යාත සේනා වහා ගෙනවුත් එ දවස්
මියුලු නුවර වැටලූවා සේ තුන් සන්ධියකින් හා සතර වළල්ලකින් හා
කිසි තෙනෙකිනුත් සිදුරක් නොපෑ වටලා ගත්තාහ' විලක්කු සියදහස්
ගණනකින් යුක්ත ව 'අරුණු නො නැගෙන තෙක් ම නාල්ලම්හ'යි
සනිටුහන් කොට සිට ගත්හ.
36. මංගල වීථිය
අභිමතාර්ථ සාධක වූ චින්තාමාණික්‍යයක් බඳු වූ මාගේ ස්වාමිදරු වූ ශ්‍රී මහා බෝධිසත්ත්වයන් වහන්සේ බ්‍රහ්මදත්ත රජ්ජුරුවන් ආ බව දැන සහජාත යෝධයන් තුන් සියයක් දෙනා තෝරාගෙන තෙපි හැම සුළු උමඟින් ගොස් බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්ගේ මෑණියන්ද, අග මෙහෙහසුන් බිසවුන්ද දරුවන් දෙන්නාද යන මේ සතර දෙනා මාළිගාවෙන් බාගෙන එම උමඟින් ගෙනවුත් මහඋමඟට බාලා ඉන් ගෙන ගොස් උමඟින් පිටත් නොකොට පියා ඇතුළු උමඟ රඳවාගෙන අප එන තෙක් මහවිසල් මළුවේ සිටුව'යි වදාළ සේක.
යෝධයෝ මහතාණන්ගේ බස් මුඳුනෙන් පිළිගෙන සුළු උමඟින් ගොස් හිණි පා මුල අතුළ පෝරුවේ දොර අගුලු ඇර උඩට නැඟී, හිණි පා මුලය හිණි ඉසය මාළිගාවේ ඒ ඒ ස්ථානය යන මෙකෙක් තැන්හි රැකවල සිටියවුන්ද පිරිවරා සිටි කුරැන් කුදුන් ආදීන්ද අල්වාගෙන දෑත් දෙපා එක් කොට තරවා බැඳ බැණ නොනැඟෙන පරිද්දෙන් කට කඩ රෙදි ගන්වා මුවා ව තිබෙන්නා වූ ඒ ඒ ස්ථානයෙහි කොකුවල එල්වා රාජ භෝජනයට සකස් කොට සපයා තුබූ නොයෙක් වර්ගයේ අනර්ඝ වූ කැවුම් ජාති තාක් මුළුල්ල සමහරක් අනුභව කොට පියා සමහරක් සුණු විසුණු කොට පියා මාළිගාවේ මතු මාලයට නැංගාහ. එදවස් තලතා දේවී යෙහෙළියන් හා මුණුපුරන් දෙන්නා හා සතර දෙන එක යහනකට නැඟී ඔවුනොවුන් වැළඳගෙන 'සටන් නම් චපල දෙයක. කවුරු දනිද්ද ජය පරාජය නම් කාට වේයැයි සිතිය හැකිදැ'යි සිත සිතා වැද හොත්තාහ.
එවේලෙහි යෝධයෝ ඔවුන් උන් ගබඩාවෙහි දොරකඩ සිට
බැණ වූහ. එබස් අසා තලතා දේවී යහනින් නැඟී සිට "කිමෙක්ද
දරුවෙනි" කියමින් දොරකඩට ආහ. යෝධයෝ ඔවුනට කියන්නාහු
"දේවීන් වහන්ස, අපගේ රජ්ජුරුවන් වහන්සේ වේදේහ රජුත්
මහෞෂධ පණ්ඩිතයාත් අල්වාගෙන මරා පියා සියලු දඹදිව රාජ්‍යය
එක්සත් කොට එක් සියයක් රජුන් පිරිවරා මහ පෙරහරින් ජය පානය
බොන්නහු ඒ මඟුලට නුඹ සතර දෙනාත් කැඳවායන පිණිස අප
එවූහ. වැඩිය මැනැව”යි කීහ.
එබස් අසමින් අතිශයින් සතුටු වූවාහූ දොර ඇර සතර දෙනා මාළිගාවෙන් බැස හිණි පා මුලට ගියාහ. යෝධයෝ ඔවුන් ඇරගෙන සුළු උමඟට වන්හ. එවිට රජදරුවෝ කියන්නාහු අපි මෙතෙක් කල් මෙහි වසන්නමෝ එක දවසකුත් මේ වීථියට නොබට විරුම්හ, මේ වීථිය කිනම්දැ”යි කීහ. එබසට යෝධයෝ කියන්නාහු “කුමක් කියන්නේද? මේ වීථිය ඇමදා ම බට නොහැක්ක, මේ මංගල වීථී නම, අද ජය පානය බොන දවස මඟුල් හෙයින් රජ්ජුරුවෝ නුඹ සතර දෙනා මේ මගින් කැඳවා එවූහ”යි කීහ. එබසට සැබැවයි ගිවිස උමඟ විස්තර බලමින් කෙළිමින් සෙමින් සන්තෝෂයෙන් යන්නාහ. යෝධයන්ගෙන් සමහර කෙනෙක් රඳා නැවත රජගෙට ගොස් රුවන් ගබඩාවල දොරවල් ඇන බිඳ පියා තම තමන් ගෙනයන පමණ සාර වූ අනර්ඝ වූ රුවන් පොදි බැඳ ගෙන උමඟට වැද දොර අගුලු ගෙන පෑලහ.
රජදරුවන් සතර දෙනා පළමු ගෙනයන යෝධයෝ දිව්‍ය
පුරයක් මෙන් සරංහන ලද මහඋමඟට බා ගෙන නමා ගත්හ. ඔහු
'සතර දෙන සිහිනෙනුත් නුදුටු විරූ ඒ විස්තර බලා 'රජ්ජුරුවනට
මඟුලට ම කළහ'යි සිතූහ. යෝධයෝ උන් සතර දෙනා උමඟින් පිටත්
'නොකොට ඇතුළු උමඟ සරහන ලද එක් ශ්‍රී යහන් ගබඩාවෙක ඉඳුවා
'සමහර කෙනකුන් රැකවල සිටුවා සමහර කෙනෙක් උන් ගෙනා
බව බෝධිසත්ත්වයන් වහන්සේට ගොසින් කීහ. උන්ගේ බස් අසා
ජනානන්දකර වූ මාගේ ස්වාමිදරුවාණෝ 'මෙ විට මාගේ මනදොළ
මුඳුන් පත් වීය'යි ඔද වැඩි සතුටු ව රජ්ජුරුවන් සමීපයට ගොස් වැඳ
එකත්පස් ව සිටි සේක.
37. වේදේහයන් ගැලැවෙන උපාය සෙවිම
රජ්ජුරුවෝ ක්ලේශයන් විසින් මඬනා ලද අදහස් ඇති ව උන් බැවින් “දුවණියන්දැන් එවති, දැන් එවති” සිත සිතා එන්නාහු වහා හුනස්නෙන් නැඟී සීමැදුරු කවුළුව හැර පවුරෙන් පිටත බලන්නාහු දිලියෙන්නා වූ විලක්කු සියදහස් ගණනින් යුක්ත වූ අනන්තාපරිමාණ චතුරංගනී සේනාව නුවර වටලා සිටියවුන් දැක ළය ඉපිල අතිශයින් සැක ව සේනකාදී ප්‍රඥා සම්පන්න පණ්ඩිතවරුන් හා සමඟ මන්ත්‍රණය කරන්නාහු "ඇත් අස් රථ ආදී වූ සන්නාහ සන්නද්ධ ව 'ගනුව මර ව කොට ව'යනාදී යුද්ධයෙහි කිවමනා බස් බණන්නා වූ සේනාවය, ශරදාකාශයෙහි තාරකාවන් පරිද්දෙන් බබළන්නා චූ විලක්කු ආලෝකයෙන් මේ නුවර හිරු නැඟි කලක් මෙන් අතිශයින් බබළා ගියේය. චූලනී රජ්ජුරුවෝ මර සෙනඟක් පරිද්දෙන් මේ සා සේනාවක් ගෙනාවාහු අප කෙරේ සතුටින් අවුද නොහොත් රැහැණි ව අවුද පණ්ඩිතවරුනි, මේ කුමකැයි සිතත්දැ”යි මේ ගාථාවෙන් කීහ:-
“හස්ථී අස්සා රථා පත්ති සෙනා තිට්ඨන්ති වම්මිතා
උක්කා පදිත්තා ඣායන්ති කින්නු කාහන්ති පණ්ඩිතා”
මේ ගාථාව අසා නුවණින් අන්ධ වූ ඉතා ජඩාඪ්ය වූ ඉතා ලෝහී වූ ගුණමකු වූ කෙළෙහි ගුණ නොදන්නා චූ අනාර්ය ස්වරූප ඇති සේනක පණ්ඩිතයන් දෑ 'මහ රජ නොසිතා වදාළ මැනැව, බොහෝ විලක්කු ආලෝක පෙනෙයි, 'නැකැත් වේලා නොවරදවා 'සරණ දෙන පරිද්දෙන් දුවණියන් හැරගෙන බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝ ආහ'යි සිතමි"යි කීහ. නැවත පුක්කුසයා කියන්නේ "මහරජ, නුඹ වහන්සේට සත්කාර පිණිස නොරට ආ හෙයින් රැකවල් ගෙන සිටිනා නියාය”යි කීය. ඒ අඥාන පණ්ඩිතයෝ සතර දෙන යමක් සිතුවෝ නම් නන්දොඩන්නවුන් මෙන් කටට ආවවක් ම කීහ.
වේදේහ රජ්ජුරුවෝද "මේ මේ ස්ථාන මෙතෙක් මෙතෙක් සේනාව බැගින් සිටිත්වා. මේ ස්ථානයෙහි සුරක්ෂිත කොට රැකවල් ගනුව, පමා නොවව, නොහිඳව”"යනාදී කියන්නා වූ බස්ද අසමින් සන්නාහ, සන්නද්ධ ව යුද්ධයට සැරහී සිටින්නවුන්ද දක්නාහු මරණ භයින් තැනි ගෙන බෝධිසත්ත්වයන් වහන්සේගේ බසක් ප්‍රාර්ථනා කරන්නාහු මෙසේ කියන්නාහ:- "ඇත් අස් රථ පදික අනන්ත පරිමාණ වූ චතුරංගනී සේනාව සන්නාහ සන්නද්ධ ව සිටිනීය. අනන්ත වූ විලක්කු ආලෝකයෙන් එකෝහාස විය, මහෞෂධ
පණ්ඩිතයෙනි, තෙපි මේ කිමෙකැයි සිතවුද? මේ සේනාව අපට
කුමක් කරන්නීදැයි කීහ. එබස් අසා කල්පද්රැමයක් වැනි තිලෝගුරු
බෝධිසත්ත්වයන් වහන්සේ සිතන සේක් "මේ අඥාන වූ රජු මඳක්
මරන ගින්නෙන් තවා ලා පසු ව මාගේ බල දක්වා ලා අස්වසා
ලන්නෙමි" සිතා වදාරන සේක් "අර්ථ බල කාය බල ආදී වූ පංච
ප්‍රකාර බලයෙන් අසමාන වූ බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝ, වේදේහ
රජ්ජුරුවෝ මේ නුවරට ඇවිත් පැමිණියෝය, දුක සේ මෑත් කොට
ගතුම්හ, පළා ගිය නම් නපුරැ'යි අද මේ වේලෙහි පටන් තුන්යම්
රාත්‍රියෙහි සුරක්ෂිත කොට රැකවල් ලවා රැක සිට පාන් වූ කල නුඹ
වහන්සේ අල්ලාගෙන මරයි, මඳකුත් දුවණියන් සරණ දෙන්නට හා
හිතකමට ආ ගමනෙක් නොවෙයි' වදාළ සේකැ.
එබස් අසමින් ම සේනකයා ආදී වූ සියල්ලෝ ම මරණ
භයින් තැතිගෙන කිසිවකුත් කියන්නට අසමර්ථ වූහ. රජහු උගුර
වියළී කෙළ සිඳී ගියේය. ඇඟින් ඩා සෙල්වී ගොස් මරන භයින්
වලප්නාහු මෙසේ කියන්නාහු “ඉතා මෘදු වූ ළා අඹ දලුවක් පරිද්දෙන්
මාගේ ළය වෙවුලන්නේය, මුඛයෙහි කෙළ සිඳී ගියේය, ගින්නෙන්
පැලහී ගිය එකක්හු අව්වේ ලූ කලක් පරිද්දෙන් මේ භයින් ගැලවීමක්
නොදන්නෙමි සැනසිලි නොලබමි. තව ද කඹුරන්ගේ උදුනෙහි ගිනි
ඇතුළින්ද දවන්නේය, පිටතට නොපෙනෙන්නේය. එපරිද්දෙන් මා
මාගේ ලෙහි ගිනි ගත් හෘදය මාංශය ඇතුළින් දවන්නේය. පිටතට
'නොපෙනෙන්නේය"යි කියා හැඬූහ.
බෝසතාණන් වහන්සේ රජුගේ බැගෑපත් වූ වලප්නා හඬ අසා "මේ නුවණින් අන්ධ වූ රජ පළමු මා කීවා නොකෙළේය. මතු කීකරු වන ලෙස නිග්‍රහ කොට අඳුන්වා ලමි"යි සිතා වදාරන සේක් 'මහරජ, නුඹ වහන්සේ කාමයෙන් අන්ධ වූ සේක් මෝහයෙන් මුළා වූ සේක් ගමන් විචාළ තෙන මාගේ ප්‍රඥාවෙන් මතු මේ නිසා භයෙක් වෙයි කියව කියවා 'ඒ නපුරැ'යි නොගිවිස සේනකාදීන්ගේ බස් 'යහපතැ'යි ගිවිස භින්න මන්ත්‍රණයෙන් මේ සා මහත් භයකට පැමිණි සේක, ඒ මහා මන්ත්‍රී වූ සේනකාදී පණ්ඩිතවරුන් සතර දෙනාගේ බසින් සරණ හිඳුවා රජ්ජුරුවන් හා නෑ සම්බන්ධය කළා ඉතා යහපත, නුඹ වහන්සේගේ සිත භින්න කොට තුමූ ඇමත් 'ඉණ කඩක් පිඩක් ලැබ ගනුම්හ'යි ලෝභ චේතනාවෙන් කයිවාරු කොට ගෙනාවෝ, මේ දුකින් කුමකට ගලවා නොගනිද්ද? වන්නාට උන් ගලවා ගන්නාත් දකිමි, උන්ගේ බලත් දක්නෙම් වේදැ”යි වදාළ සේක.
මෙසේද කියා 'මෙලොවින් පරලොවින් වැඩක් ම
වන්නා කැමැති සියල්ලෙන් ම උතුම් අමාත්‍ය ව සිටි මාගේ බස්
නො ගිවිසැ කාමයෙන් ඇලුණු සිත් ඇති ව යම් කිසිවෙක්හි
ලෝභයෙන් මුවකු අවුත් දැඩි මලෙක බැඳුනා සේ පඤ්චාලචණ්ඩි
කුමාරිකාව ලබමි'යන ලෝභයෙන් අවුත් මරු මුවෙහි අසු වූ සේක.
එදවස් ම පංචාල දේශයට ගමන් යහපත්දැ'යි විචාළ නුඹ වහන්සේට
මෙවැනි උපමා කොට කීයෙම් වේදැ'යි වදාළ සේක. මෙසේද
කියා නැවතත් වදාරන සේක් 'ජන ප්‍රධාන වූ රජ්ජුරුවන් වහන්ස,
අනාචාර ස්වරූප ඇති අසත් පුරුෂයා හා මිත්‍ර ධර්මයක් නොකළ
මැනැව, ඉදින් ඔහුගේ බස් ගිවිස සරණ සොයා ගිය සෙක් වී නම්
මෙලොවින් පරලොවින් වන වැඩෙක් නැත. දෙලොවින් ම ඕහට
දුකෙක් මං වන්නේය, කියව කියවා මා කීවා නොකොට ඔහු කීවා ම
කළ සේක. ඉදින් මා කීවා කළ සේක් වී නම් අද මේ සා දුකෙක්වත්
භයෙක්වත් නැත්තේ වේදැ'යි වදාරා නැවත සිතන සේක් 'මේ රජහු
මතුත් නොකීකරු නොවන ලෙස තර කොට හික්මවා නිග්‍රහයට
පමුණුවමි, පළමු කීවා ම කියා භයට හා ලජ්ජාවට පමුණුවමි'යි
සිතා වදාරන සේක් 'මහරජ, එදවස් 'ගමන් නොගිය මැනැවැ'යි
කීවා වූ මට නුඹ වහන්සේ කියනදෑ 'කේවට්ට පණ්ඩිතයන් හා
සේනක පණ්ඩිතයන් ආදීහු පණ්ඩිතවරුය, රජගෙයි අසලයෝත්
රජදරුවන්ගේ අදහස් දන්නෝත් මඟුලට නිසි බස් දන්නොත් ඌ
මය, මේ ගොවියා පුත් නිමුන් මිට එලීගෙන සී සා කන සේ දන්නා
බව මුත් රජගෙයි කාරිය හා මඟුල් කාරණාද බැවහර දනීදැ'යි මට
කිපී 'කොල ගොවියා පිත් බොටුව අල්ලාගෙන මාගේ විජිතයෙන්
ඈත ලව'යි වදාළ සේක් වේද? එදවස් එසේ කී නුඹ වහන්සේ
දැන් එසේ වූ ප්‍රඥා සමුද්‍රයන් සිටිය දී මා ගොවියා පුතු අතින්
ගැලවෙන උපාය විචාරන සේ ඉතා නොයෙදෙන්නෙය. මා අතින්
උපාය විචාරන නුඹ වහන්සේ මැ ය. කෙළතොලු සේකුත් නුවණ
නැති සේකුත්: මා දන්නේ සී සා කන පමණෙක් මය. වුවමනා
සේක් වී නම් සී සානා මාන විචාරා ගත මැනැව. නුවණැත්තෝත්
පණ්ඩිතවරුත් මේ මරින් ගැලැවෙන උපාය දන්නෝත් සේනකාදී
පණ්ඩිතවරුය. නුඹ වහන්සේ මට කිවමනා වී නම් එදවස් කීවා
සේ කර අල්වා පිටත ලන්නට කිව මැනැව. අටළොස් අක්ෂෞහිණි
සංඛ්‍යාත මේ සේනාව අතුරෙන් සේනකාදීහු ගලවා ගනිත්වා. මම
කුමක් දනිම්දැ'යි වදාළ සේක.
ඒ අසා රජ්ජුරුවෝ සිතන්නාහු 'පණ්ඩිතයෝ පළමු කී
අපරාධය ම කියන්නාහ. මපුතණුවෝ මේ මතු වන්නා වූ භය
තමන්ගේ ප්‍රඥා චක්ෂුසින් මනා කොට දුටුවහ. එබැවින් මා තරව
නිග්‍රහ කොට පමුණුවති, අතීත අනාගත ප්‍රත්‍යුත්පන්න යන තුන්කල්
දක්නා වූ වජිර බුද්ධි වූ මාගේ පුතණුවෝ අනාගතයේ මෙබඳු
භයෙක් වන්නේය'යි දැන සාර මසක් මුළල්ලෙහි හිඳිනාහු නිකම්
නොහිඳිනාහ. ඒකාන්තයෙන් ගැලවෙන උපායක් කෙරෙත් මය, එයින්
මා විසින් පරීක්ෂා කළ මැනැවැ'යි සිතා කියන්නාහු 'පුත මහෞෂධ
පණ්ඩිතයෙනි, නුවණැත්තාහු ගිය දවස කළ දැඩිකම් හා නොදැන
කියා පී බස් පමණක් සිත තබාගෙන කිය කියා දුකට පැමිණියනට
නිග්‍රහ නොකරන්නාහ. තෙපිත් මහත් වූ නුවණැත්තෝය, අනුවණින්
කියා පී වරද ම කියව. සතුරු සේනාවක් වටලා බැඳගත් ජව සම්පන්න
සදා සිටි අසකු තියුණු කැහැටෙකින් විදිනා කලක් පරිද්දෙන් කුමට
මා විදුද? ඉදින් කියවූ නම් ගැලවී නැඟී යන උපායයක්වත් සතුරනට
අසු නොවී නැඟී යන තෙනක්වත් දනු නම් ඉන් මට අනුශාසනා
කරව, ගිය දවස මා නුවණ නැති ව කී කතා සිහි කොට තොපගේ
බස් නමැති ගීයෙන් මා නො විදුව, තර කොට බැඳී අසු තීක්ෂණ වූ
හීයෙන් විදිනා කලක් පරිද්දෙන් මා නොවිදුව, ගැලවෙන උපායෙක්
කියව, තොප මුත් මට අනෙක් පිටු වහලෙක් නැතැ'යි කීහ.
එබස් අසා කරුණාවට ආකර වූ ස්වාමි දරුවාණෝ සිතන සේක් මේ රජහට මා විනා අනෙක් පිටිවහලෙක් නැත්තේය, මේ රජ ඉතා අන්ධ බාලය. තමා නුවණ නැති හෙයින් පුරුෂ විශේෂ මඳකුත් නොදන්නේය, තවත් මඳක් බලා පසු ව අස්වසා ලමි' සිතා වදාරන සේක්:-
“අතීත මානුසං කම්මං දුක්කරං දුරභිසම්භවං නතං සක්කොමි මොචෙතුං ත්වම්පි ජානස්සු ඛත්යිය.”
මහරජ, මේ සා සේනාවක් වට ලාගෙන සිටි කල ඉන් මිදී යන තරම් උපායක් කොට ගැන්ම මනුෂ්‍යයන්ට ඉතා බැරි වන්නේය. මිනිසුන් කළමනා යම් දෙයක් ඇත්නම් ඒ සියල්ල සතුරන් වටලා සිටි හෙයින් අවිෂය ව ඉක්මව ගියේය. දැන් මෙවිට ගැලැවෙන උපායක් කරන්නා තබා සිතන්නටවත් නොපිළිවන. දැන් කරන උපායකින් නුඹ වහන්සේ ගලවා ගන්නට මම අසමර්ථයෙමි. මහරජ නුඹ වහන්සේ ම ගැලවෙන උපායක් දත මැනැවැ'යි මේ ගාථාවෙන් වදාරන සේක්:-
“සන්ති වෙහාසයා නාගා ඉද්ධිමන්තො යසස්සිනො
තෙපි ආදාය ගච්ඡෙය්යුි යස්ස හොන්ති තථාවිධා.”
“සන්ති වෙහාසයා අස්සා ඉද්දිමන්තො යසස්සනො
තෙපි ආදාය ගච්ඡෙය්යුස යස්ස හොන්ති තථාවිධා.”
“සන්ති වෙහාසයා පක්ඛී ඉද්දිමන්තො යසස්සිනො
තෙපි ආදාය ගච්ඡෙය්යුං යස්ස හොන්ති තථාවිධා.”
“සන්ති වෙහාසයා පක්ඛී ඉද්දිමන්තො යසස්සිනො
තෙපි ආදාය ගච්ඡෙය්යුං යස්ස හොන්ති තථාවිධා.”
"සමහර රජදරුවන්ගේ මෙසේ වූ දුකෙහි දී ගලවා ආකාශයෙන් ඇරගෙන යන්නා වූ උපෝසථය ඡද්දන්තය යන සෘද්ධි සම්පන්න වූ ඇත් කෙනෙක් අත්තාහ. එසේ වූ ඇත් කෙනෙක් නුඹ වහන්සේට ඇත් නම් මේ දුකෙන් ගලවා අහසෙන් ගෙන යෙත්වා. නැවත සමහර රජදරුවන්ගේ සෘද්ධිමත් වූ වළාහක අශ්වයෝ ඇත. එසේ වූ අස් කෙනෙක් නුඹ වහන්සේගේ ඇත් නම් උයිත් නුඹ වහන්සේ ආකාශයෙන් ගෙන යෙත්වා. තව ද සමහර රජදරු කෙනකුන්ගේ ආකාශචාරි වූ ගරුඬ වාහනත් ඇත්තේය. තව ද සමහර රජදරුවන්ගේ එසේ ම පක්ෂි වාහනත් ඇත්තේය, තව ද සෘද්ධිමත් වූ යක්ෂ කෙනෙක් ඇත්තාහ. එසේ වූ වාහනයෙක් නුඹ වහන්සේට ඇත් නම් මේ දුකින් ගලවා ගනිත්වා, මම ආකාශචාරි වූ ඇත් අස් පක්ෂි යක්ෂාදීන් පරිද්දෙන් නුඹ වහන්සේ ආකාශයෙන් ගෙන ගොස් මියුලු නුවර ලා ලන්නට අසමර්ථයෙමි'යි වදාළ සේක. එබස් අසා රජ්ජුරුවෝ මුවෙන් නොබැණ උන්හ.
එවිට සේනකයා සිතන්නේ රජ්ජුරුවන්ටත් අපටත්
පණ්ඩිතයන් විනා අනෙක් කිසි සරණෙක් නැත්තේය. රජ්ජුරුවෝ
පණ්ඩිතයන්ගේ බස් අසා භයින් තැති ගෙන කිසිවකුත් කියන්නට
අසමර්ථයහ. මෙවිට මමත් තමා දත පත නියා යාඥා කොට බලමි'යි
සිතා කියන්නේ මේ ගාථාවෙන්:
“අතීරදස්සී පුරිසො මහන්තෙ උදකණ්ණවෙ
යත්ථසො ලභතෙ ගාධං තත්ථ සො වින්දතෙ සුඛං”
“ඒවං අම්හෙ ච රඤ්ඤො ච ත්වං පතිට්ඨා මහොසධො
ත්වං නො’සි මන්තිනං සෙට්ඨො අම්හෙ දුක්ඛා පමොචය”
මියුලු නුවර මේ මහා සේනාව ගොස් වට ලා ගත් කලත් නුඹ
වහන්සේගේ ප්‍රඥා බලයෙන් ම දිවි ලදුම්හ. තව ද සමුද්‍රයෙන් නැව්
බුන්නවුන් රළින් රළ පැහැර ඇවිදිනා කල්හි ඉදින් ගොඩෙක් පෙනී
ගිය නම් ඔහු මහත් වූ සොම්නසට පත්වන්නාහ. එපරිද්දෙන් අපටත්
රජ්ජුරුවන්ටත් නුවණින් හා මන්ත්රීකමින් උතුම් සේක් නුඹ වහන්සේ
වේද? එබැවින් මේ දුකින් මුදා අප ගලවා ගැන්ම නුඹ වහන්සේට ම
භාරය'යි කීය. එසේ කී සේනකයාට තරව භය උපදවා නිග්‍රහ කරන
සේක් මේ ගාථාවෙන් වදාරන සේක්:-
“අතීතං මානුසං කම්මං දුක්කරං දුරහසම්භවං
න තං සක්කොම් මොචෙතුං ත්වඤච ජානස්සු සේනක.”
“එම්බල අඥානය, එදවස් මේ ගමන් නොකැමැත්තේ යයි මා කියතුත් රජුට නොයෙක් කාරණා කියා උගන්වාගෙන ආයෙහිත් තෝ මය, ගෙනවුත් මේ සා දුකට පමුණුවා මේ සා අනර්ථයක් යෙදුයෙහිත් තෝ මය, එම්බල, අසත් පුරුෂය, මනුෂ්‍යයන් විසින් ගැලවෙන්නට කටයුතු යම් උපදේශයක් ඇත් නම් මෙවිට මේ ඇසිල්ලෙහි කරන්නා තබා සිතන්නටවත් නොපිළිවනැ. ඒ සියල්ල මැ ඉකුත් වැ ගියේ යැ. මා විසින් දැන් කොට සාදා ගත හැකි කිසිවකුත් නැත්තේය. මට නොපිළිවනැ, තෙපිත් පෙරැ “අප මුත් නැතැ'යි බැහැවෙන පණ්ඩිතවරු වූව, තොපගේ නුවණින් මීට උපායක් සිතා තෙපිත් ගැළවී රජ්ජුරුවනුත් ගලවාගන්ව'යි වදාළ සේක. මෙසේද කියා නැවත 'තෝ සපනී නම් ආකාශයෙන් ගෙන ගොස් මියුලු නුවර ලා පියව' වදාළ සේක.
ගැලවෙන්නට කටයුතු යම් උපදේශයක් ඇත් නම් මෙවිට මේ
ඇසිල්ලෙහි කරන්නා තබා සිතන්නටවත් නොපිළිවනැ. ඒ සියල්ල මැ ඉකුත් වැ ගියේ යැ.
මා විසින් දැන් කොට සාදා ගත හැකි කිසිවකුත්
නැත්තේය. මට නොපිළිවනැ, තෙපිත් පෙරැ “අප මුත් නැතැ'යි
බැහැවෙන පණ්ඩිතවරු වූව, තොපගේ නුවණින් මීට උපායක් සිතා
තෙපිත් ගැළවී රජ්ජුරුවනුත් ගලවාගන්ව'යි වදාළ සේක. මෙසේද
කියා නැවත 'තෝ සපනී නම් ආකාශයෙන් ගෙන ගොස් මියුලු නුවර
ලා පියව' වදාළ සේක.
රජ්ජුරුවෝ ගැලවෙන්නට උපායක් සිතන්නාහු මරණ භයින් තැති ගෙන බෝධිසත්ත්වයන් හා සමඟ කිසිවකුත් කියන්නට අසමර්ථ වැ, “යම් සේ මේ සේනකයාත් පණ්ඩිතයෙක් වුව, කිසි ම උපායක් දනී නම් විචාරමි'යි සිතා 'සේනකය, මේ උපන් භයින් ගැලවී යන්නට සුදුසු උපායක් දනී නම් කියව'යි මේ ගාථාවෙන් කීහ.
සුණොහි මෙතං වචනං - පස්සසෙතං මහබ්භයං, සේනකංදානි පුච්ඡාමි - කිං කිච්චං ඉධ මඤ්ඤසි.
මේ ගාථාවෙන් විචාළ රජ්ජුරුවන්ට සේනකයා 'යම් සේ මසක් මං මුළා වූ එකෙක් සමසක් මංමුළා වූ එකකු අතින් මං විචාළේද එපරිද්දෙන් මේ රජ්ජුරුවෝ මා අතින් ගැලවෙන උපාය විචාරන්නාහ. යහපත් වූවත් නපුරු වූවත් මා කටට ආවක් ම කියමි සිතා උපායක් සලකාගෙන කියන්නේ මේ ගාථාවෙන් කීහ:-
“අග්ගි දුවාරතො දෙම ගණ්හාමසෙ විකත්තනං
අඤ්ඤමඤ්ඤං වධිත්වාන ඛිප්පං හෙස්සාම ජීවිතං
මා නො රාජා බ්ර්හ්මදත්තො චිරං දුක්ඛෙන මාරං.”
මේ ගාථාවේ අර්ථය නම්, "මහරජ, කරන සේක් වී නම් මා කියන උපාය යහපත, මේ අප හැම උන් මාළිගාවට අප හැම වැදලා දොර පිටතින් බන්දා ලා ගිනිගස්වා ලා තියුණු මුවහත් ඇති කඩුවක් බැගින් නමකට එක එක කඩුව ගෙන ඔවුනොවුන් කොටා මියම්හ. එසේ මළා වූ නුඹ වහන්සේ හා හැම දෙනාට සැරහූ මාළිගා එක් දර සෑයක් වන්නේය. බ්රහ්මදත්තයෝ අල්වා ගත්තු නම් ජන්මාන්තර වෛරී හෙයින් වධ කොට බොහෝ දවසකින් දුක් දී මරන්නාහ. එබැවින් වහා මිය යාම උත්තම”ය යි කීහ.
ඒ අසා රජ්ජුරුවෝ "තට හා තාගේ අඹුදරුවනට මෙබඳු දර
සෑයකුත් මෙසේ මරකුත් වේව"යි මට මේ වැනි මරක් නොවේව"යි
කියා පුක්කුස ආදි තුන් දෙනා විචාළහ. ඔවුත් නුවණ නැති ව කටට
ආවක් ම කීහ. එසේ හෙයින් කියන ලදී:-
“සුණොහි එතං වචනං පස්ස සෙතං මහබ්භයං
පුක්කුස දානි පුච්ඡාමි කිං කිච්චං ඉධ මඤ්ඤසි”
මේ ගාථාව අසා පුක්කුසයා කියන්නේ 'මහරජ, බ්රහ්මදත්තයෝ
අල්ලා ගත්තු නම් ජන්මාන්තර වෛරි හෙයින් නොයෙක් වධ
කොට චිරාත් කාලයක් දුක් දී මරන්නාහ. කෙසේ කොටත් මරණ
නොවන්නා බැවින් අපි හැම දෙනම උග්‍ර වූ විෂයක් කා පියා වහා
මියම්හ" යි කීහ.
ඔහුගේ බස් අසා නොසතුටු ව තාගේ අඹුදරුවන් හා සමඟ
තෝ වහා මියයව, මට මෙවැන්නක් නොකිවයි කියා කාවින්දයා
විචාළහ. 'කාවින්දයාත් පණ්ඩිතයෙක් වුව, මින් ගැලවෙන්නට
උපායක් දනී නම් කියව'යි කියා මේ ගාථාවෙන් කීහ.
“සුණොහි එතං වචනං පස්සසෙතං මහබ්භයං
කාවින්දං දානි පුච්ඡාමි කිං කිව්වං ඉධං මඤ්ඤසි.”
ඒ අසා කාවින්දයා කියන්නේ "මහරජ, බ්‍රහ්මදත්ත රජ තෙම
අප අල්ලාගෙන බොහෝ වධ කරවා මහ දුක් දී බොහෝ දවසකින්
මරන්නේය, ඔහු අතින් වධ විඳ මිය යන්නා බලාත් නමකට ලණුවක්
බැගින් ඇරගෙන මාළිගයේ මතු මාලට නැඟී සී මැඳුරු කවුළුවෙන්
පිටත කොබෝ ගෙඩි වළල්ලේ රෑන බැඳලා මල ඉඳි කොට කර
ලා ගෙන පැන පියම්හ, නොහොත් කර වැල් ලාගෙන මියම්හ,
නැත ගැඹුරු ප්‍රපාතයකට පැන පියා වහා මියම්හ'යි කීය.
ඒ අසා රජ්ජුරුවෝ එසේ කර වැල් ලාගෙන මියන මරෙක් තාගේ අඹුවන්ට හා තට වේවයි එසේ වූ දෙයක් මට නොවේව,'යි කියා 'දේවින්දය, මේ උපන් භය තොයිත් දුටුවෙහි වේද, ඉදින් තොයිත් උපායක් දනී නම් කියා බල'යි මේ ගාථාවෙන් කීහ.
“සුණොහි එතං වචනං පස්සසෙතං මහබ්භයං
දෙවින්දං දනි පුච්ඡාමි කිං කිච්චං ඉධං මඤ්ඤසි”
මේ ගාථාව අසා හේ පැන නැඟී අනිකක් සොයා
ගන්නට අසමර්ථ ව 'සේනකයා කී ලෙස ම කියමි' සිතා "මහරජ,
බ්‍රහ්මදත්තයා අල්ලා ගති නම් තමා කැමැති වධයක් කරවා බොහෝ
දුක් දී කලාතුරකින් මරන්නේය. එසේ දුක් විඳ සතුරන් අත මියන්නා
බලාත් මේ මාළිගාවේ දොර පිටතින් අයා බන්දා ලා ගිනි ගස්වා
ලා අපි නමකට කඩුවක් බැගින් ඇරගෙන ඔවුනොවුන් කොටා -
මියම්හ. මේ විසිතුරු මාළිගාව බ්රහ්මදත්තයාට ප්‍රයෝජනවත් නොව
අප හැම දෙනාට එකම දර සෑයක් වන්නේය, මේ විනා මා දන්නා
අනෙක් උපායක් නැත, පොළොව පැකුළුණනට එම පොළෝ පිහිට
වන්නා සේ මේ දුකින් අපි හැම දෙන සුව සේ මුදා පියත් නම්
කරුණා නිධාන වූ ජනහිත නිරත වූ මහෞෂධ ස්වාමීන් විනා අප
සේ නුවණින් අන්ධයනට ඒ විෂයය නො වෙයි, ඇවිළෙන ගිනි
තබා කණ මැදිරියන් පිම්බා සේ ප්‍රඥා නමැති වහ්නි ස්කන්ධයෙන්
සමස්ත ලෝකය ඒකාලෝක කර බබුළුවන මේ උත්තමයාණන්
සිටිය දී අප සතර දෙනා සේ නුවණින් අන්ධයන් අතින් ගැලැවෙන
උපායය විචාරන්නේ අපටත් වඩා නුවණ නැති නියා ද? කරන
යාඥාවක් අපි හැම දෙන ම පණ්ඩිතයන් වහන්සේට කරම්හ'යි
මෙසේද කියා අපිහැම දෙන ම එක් ව බැගෑපත් ව හඬා දොඩා අප
ගලවා ගත මැනැව'යි යාඥා කරම්හ. සතුරන් කෙරෙහිත් මිතුරන්
කෙරෙහිත් සඳරැස් වන් කිරි මුහුද සේ ද, සක කිරි වත් කළා සේ ද සම
වූ මෛත්‍රී ඇති මේ උත්තමයාණෝ තමනට විෂයය වී නම් මෙතෙක්
දෙනා අනාථ මරණින් මිය යා නොදෙන්නාහ. උන් වහන්සේත් තර වැ
නොපිළිවනැ'යි කිවහොත් සේනක පණ්ඩිතයන් කී ලෙස දොර බැඳ
ගිනි ගස්වා උනුන් කොටා මියම්හ”යි කීය.
ඒ අසා රජ්ජුරුවෝ පෙර තමන් බෝධිසත්ත්වයනට කළ කී
අපරාධය සඳහන් කොට ඔබ සමඟ කිසිවකුත් කියන්නට අසමර්ථ
ව මහතාණන් අස අසා සිටිය දී ඔබ ළය කම්පා වන පරිද්දෙන්
බැගෑපත් ව හඬන්නාහු මේ ගාථාවෙන් කීහ.
“යථා කදලිතෙ සාරං අන්වෙසං නාධිගච්ඡති
එවං අන්වෙසමානානං පඤ්ඤං නාජ්ඣගමාමසෙ.”
“යථා සිම්බලිනො සාරං අන්වෙසං නාධිවගච්ඡති
ඒවං අන්වෙසමානානං පඤ්ඤං නාජ්ඣගමාමසෙ.”
“අදෙසෙ වත නො වුත්ථුං කුංජරානං නොදකෙ
සකාසෙ දුම්මනුස්සානං බාලානමවිජානතං”
“උබ්බධෙති මෙ හදයං මුඛඤ්ච පරිසුස්සති
නිබ්බුතිං නාධිගච්ඡාමි අග්ගිදඩ්ඪො ව ආතපෙ.”
“කම්මාරානංක යථා උක්කා අන්තො ජ්ඣායති නො බහි
එවම්පි භදයං මය්හං අන්තො ජ්ඣායති නො බහි.”
මේ ගාථාවෙහි අභිප්‍රාය නම් යම් සේ කෙසෙල් ගස් හර ඇතැයි වරදවා සිත් ගත් නුවණ මඳ පුරුෂයෙක් කැපෙන යකඩයක් නැවතත් ගා මුවහත සියුම් කොටගෙන මහත් රඹ වනයකට වැද මහත් කෙහෙල් ගස් කපා බඩ දක්වා බිඩලු හැරත් එහි කිසි හරයක් නොදකීද, එපරිද්දෙන් මින් ගැලවෙන උපාය සොයන්නා වූ මම කිසි කෙනකුන්ගෙනුත් නුවණ නමැති සාරයක් නොදුටුයෙමි. තව ද ඉඹුල් හරයකින් ප්‍රයෝජන විඳිනා කැමැනි පුරුෂයෙක් කෙහෙල් වචනහර සෙවූ පුරුෂයා සේ ඉඹුල් වනය කොටා එක ගසකත් හර නොදකීද එපරිද්දෙන් මේ දුකින් ගැලැවී ගන්නා උපායක් සොයන්නා වූ මමහර නැති ඉඹුල් රුක් සේ වූ මොවුන්හැම දෙනා කෙරෙහි ප්‍රඥා නමැති සාරයක් මඳකුත් දුටුදෑ නැත්මි, පැන් නැති මහ වනයෙක්හි විසූ මහ ඇතෙක් ගිම් සමයෙහි ඝර්මයෙන් පීඩිත වූවහු සේ දුකට පැමිණි කල්හි දුකින් මුදා ගලවාගන්නට තරම් වූ උපායක් නොදන්නා අඥානයන් සමීපයේ අනේ මා විසූ නියාවක් ඉතා නපුරුය,දැන් මාගේ ළය සුළඟට වෙවුලන්නා වූ ළදරු පල්ලවයක් සේ කම්පිත වන්නේය, කෙළ සිඳී උගුර වියළී ගියේය. ගින්නෙන් තැවුණු එකක්හු අව්වේ ලූ කලක් පරිද්දෙන් කිසි අස්වැසිල්ලක් නොලැබෙයි. තව ද කඹුරු උදුනෙහි ගිනි ඇතුළෙන් දවයි. ඒ ගිනි පිටතට නොපෙනයි, එපරිද්දෙන් දැන් මාගේ ළෙහි මරන ගිනි ඇතුළෙන් වන්නේය. පිටත නොපෙනෙන්නේය. මේ පණ්ඩිතවරුන් අමාත්‍ය ධූරයෙහි නුවණට හා මන්ත්‍රිකමට තබාගෙන විසූ නියාව පැන් නැති මහ වනයෙහි ඇතු විසුවාක් වැන්න, නුවණ නැති පුරුෂයා කෙහෙල් හර සෙවුවා වැන්න, ඒ නිරුදක වනයෙහි විසූ ඇත් උදකයෙන් පීඩිත වූයේ නොබෝ කලෙකින් සතුරනට හස්තප්රාජ්ත වේද, ඒ පරිද්දෙන් නුවණ නැති පණ්ඩිතවරුන්ගෙන් එකෙකුත් මේ දුකින් මුදා ලන්නට සමර්ථ නොවේ' කියා බැගෑපත් ව හැඬූහ.
38. වේදේහයන් අස්වැසීම
මෙසේ ඇසූවන් ළය කම්පා වන පරිද්දෙන් හඬන්නා වූ රජ්ජුරුවන්ගේ බස් අසා සරණාගත වජ්රපඤ්ජරයක් වැනි වූ මාගේ 'ස්වාමිදරු වූ බෝධිසත්ත්වයන් වහන්සේ 'මේ රජ මරන භයින් ඉතා ක්ලාන්ත විය, සා පිපාසා ඇත්තවුනට අන්නපාන දෙක පිටිවහල් වන්නා සේ ගිලණුනට වෙදුන් පිටිවහල් වන්නා සේ මේ රජහටත් මා මුත් අනෙක් පිටිවහලක් නැත, මෙවිට මොහු අස්වසා නොලා තවත් තද වීම් නම් ශෝකයෙන් ළය පැළී ගිය නම් නපුර, සාර මසක් මුළුල්ලේ මා ගත් දුක් නිෂ්ඵල වන්නේය. එබැවින් අස්වසා ලමි'යි සිතා අස්වසා වදාළ සේක. ඒ බව ප්‍රකාශ කොට වදාරන බුදුරජාණන් වහන්සේ මේ ගාථාවෙන්,
“තතො සො පණ්ඩිතො ධීරො අත්ථදස්සී මහොසධො
වෙදෙහං දුක්ඛිතං දිස්වා ඉදං වචනමබ්රාවි”
“එම්බා මහණෙනි, මහෞෂධ පණ්ඩිතයන් නොකැමැති
කරවා සරණ සොයා ගිය වේදේහ රජ හුන් උපකාරී නුවර බ්‍රහ්මදත්තයා
එක් සියයක් රජුන් සහිත ව මහා සේනාව ගෙන වුත් වටලා ගත්
කල්හි අඹුවන් තබා තමා ගැලැ වී ගත නොහී මිදෙන උපාය
විචාළේ ය. ඔහුට මහෞෂධයන් 'ඔබ නොගිය මැනැව, ගිය හොත්
මහා විනාශයට පැමිණෙන්නේය, නොයා හැක්කැ'යි කීමි, ඒ මා
කටයුතු නොදනිති'යි වරදවා බැණ නිග්‍රහයෙන් පිටත ලවා ඔබ ගිය
මැනැව. ගිය හොත් මහත් වැඩ වන්නේය'යි කියන ලද සේනකාදීන්
බසින් නුඹ වහන්සේ ආ සේක් වේද? දැන් ඒ පණ්ඩිතවරුන් අතින්
උපාය විචාරා ගත මැනැවයි කී කල්හි සේනකාදී වූ සතර දෙන
උන් හැම දෙනා කියන ලද මරණෝපාය අසා නොසතුටු ව මහෞෂධ
පණ්ඩිතයනට කිය නොහී භය ඇති ව උනට ඇසෙන පරිද්දෙන්
හඬන්නාහු වේදේහ රජු බස් අසා 'මෙවිට අස්වසා නොලීම් නම් ළය
පැළී නැසී ගිය හොත් මා දිවා රෑ ගත් දුක් මුළුල්ල ව්‍යර්ථ වන්නේය.
තව ද මතු බොහෝ වා දහස් මුළුල්ලෙහි සඳ මඬල ඇන්දා සේ
පෙනෙන්නා වූ මාගේ ප්‍රඥා විශේෂය ජල රේඛාවක් පරිද්දෙන් තුච්ඡ
වන්නේය'යි සිතා රජහු අස්වසන්නාහු,
මා ත්වංන භායි මහාරාජ මා ත්වංා භායි රථෙසහ
අහං ත්වං මොචයිස්සාමි රාහුගහිතංච චන්දිමං
මා ත්වංං භායි මහාරාජ මා ත්වංු භායි රථෙසහ
අහං ත්වං මොචයිස්සාමි රාහුගහිතංච සූරියං
මා ත්වංත භායි මහාරාජ මා ත්වංස භායි රථෙසහ
අහං ත්වං මොචයිස්සාමි පංකො සත්තංච කුඤ්ජරං
මා ත්වංව භායි මහාරාජ මා ත්වං භායි රථෙසහ
අහං ත්වං මොචයිස්සාමි පෙළාබද්ධංච පන්නග
මා ත්වංව භායි මහාරාජ මා ත්වං් භායි රථෙසහ
අහං ත්වං මොචයිස්සාමි මච්ජේ ජාලගතෙරිව
මා ත්වංව භායි මහාරාජ මා ත්වං භායි රථෙසහ
අහං ත්වංත මොචයිස්සාමි සයොග්ග බලවාභනා
මා ත්වං් භායි මහාරාජ මා ත්වං් භායි රථෙසහ
පඤ්චාල වාභයිස්සාමි කාකසෙනංච ලෙඩ්ඩුනං
අතීතානාගත ප්‍රත්‍යුත්පන්න යන කාලත්‍රයවර්තී වූ සියලු
පදාර්ථයන් ස්වයම්භූ ඥානයෙන් පරෝපදේශ රහිත ව තමන් ම දත්
හෙයින් ඉතා නුවණැති වූ මහෞෂධ පණ්ඩිතයෝ වේදේහයන් මරණ
භයින් පීඩත ව වලප්නවුන් මෙසේ කියා සන්සිඳුවමින් 'මහරජ,
නොබව මැනැව. මේ එක් සියයක් රජුන් හා අටළොස් අක්ෂෞහිණි
සංඛ්‍යාත සේනාව වටලාගෙන සිටිය දී රාහු මුඛයට වන් සඳ මඬල
ගලවා ගන්නා සේ ගලවා ගනිමි. තව ද මහ මඩෙහි එරී ගිය ඇතක්හු
ගොඩ ගන්නා සේ ගලවා ගනිමි, තව ද මේ සේනාවෙන් කිසි
කෙනකුන් නොදන්නා පරිද්දෙන් පේළාවෙක හසු වූ නයකු ගලවා
ගන්නා සේ බ්‍රහ්මදත්ත රජ නමැති අහිගුණ්ඨිකයා ගෙන් සේනා
නමැති පේළාවෙහි හසු වූ වේදේහ නමැති නාග රාජයා ගලවා ගෙන
ගොස් මියුලු නුවර ලා ලමි, තව ද මැඳිරියේ හසු වූ පක්ෂින් ගලවා හරනා
සේ සුව සේ ගලවා ගනිමි. තව ද දැල බැඳි මසුන් ගලවා ගන්නා සේ
ගලවා ගනිමි. තව ද මහරජ, නොබව මැනැව, නුඹ වහන්සේ මතු
තනි ව ගලවා ගනිතියි නොසිතුව මැනැව, නුඹ වහන්සේ හා කැටි
ව ආවා වූ ඇත් අස් රථ පදාති සේනාවෙන් එකක්හටත් මේ සතුරා
ගෙන් කිසි උපද්‍රවයක් විය නොදී සුව සේ ගලවා ගෙන ගොස් මියුලු
නුවර ලා ලන්නෙමි. තව ද මහරජ නොබව මැනැව, ඉදින් සිතීම්
නම් එක් සියයක් රජදරුවන් හා අටළොස් අක්ෂෞහිණියක් පමණ
රාජ සේනාව අනික් කෙනකුන්ගේ උපදේශයක් හා යුද්ධ ප්‍රයෝග
යක් නැති ව මාගේ ප්‍රඥා බලයෙන් ම කැටක් අල්වාගෙන දමා කපුටු
සමූහයක් නෙරන සේ පලවා පියන්නටත් බැරි නොවන්නේය. නුඹ
වහන්සේ නොබව මැනැව'යි අස්වැසූහ'යි වදාළ සේක.
සෙස්සවුන්ගේ නුවණින් ප්‍රයෝජන කිම්ද? අමාත්‍යයෝ
නමුත් නුවණැත්තෝ නමුත් මෙසේ වූ දුකෙහි දී පිටිවහල් ව ඒ දුකින්
මුදාලන්නෝ උත්තමයෝ වෙත් ද? තව ද බෝධිසත්ත්වයන් වහන්සේ
වදාරන සේක් “මහරජ නුඹ වහන්සේ පළමු මා කුමක් පිණිස ආ යැයි
සිතූ සේක්ද? මතු නුඹ වහන්සේට මෙ වැනි භයෙක් වන්නේයයි කියා
ප්‍රඥා නමැති දිවැසින් දුටුවා වූ මම නවතා ලීමි, ඒත් නොනවත්නා
හෙයින් ඒ බව දැන නුඹ වහන්සේ නැසී යාදී ඉඳීම මට තරම් නොවෙයි
සිතා මට උදහස් වුවත් ඒ මා සිත නොතබා නුඹ වහන්සේට පළමු
අවුත් සාර මසක් මුළුල්ලෙහි මෙහි හිඳ කුමක් කළහයි සිතූ සේක්ද?
මහ රජ නොබව මැනැව, මේ භයින් මුදා සුව සේ ගලවා ගෙන
ගොස් මියුලු නුවර ලා ලමි' වදාළ සේක. බෝධිසත්ත්වයන් වහන්සේ
ශංකා රහිත ව අභීත කේශර සිංහ රාජයකු සේ කිසි භයක් නැති ව
කියන්නා වූ බස් ඇසූ වේදේහ රජ තෙමේ “මෙ විට මාගේ ජීවිතය
ලදිමි”යි අතිශයින් සතුටු ව අස්වැසි ගත්තේය.
බෝධිසත්ත්වයන් වහන්සේ මෙසේ සිංහ නාද කළ කල්හි
සේනකයා ආදී වූ බොහෝ දෙන සතුටු ව ගියහ. බෝධිසත්ත්වයන්
වහන්සේ “නොබව තොප හැමත් සුව සේ ගලවා ගනිමි”යි කියත්
ම සේනකයා ආශ්චර්යයට පැමිණියේ 'ස්වාමීනි, මේ සා සේනාවක්
අවුත් තුන් සන්ධියකින් හා සතර වළල්ලකින් අතුරු සිදුරු නැති ව
වටලාගෙන සිටිය දී කවර උපායකින් ගලවා ගෙන යන සේක්දැ'යි
කීය. 'එම්බල සේනකය, මේ සතුරන් ලුහු බඳවා පියා වාසලින් පිටත්
ව සතුරන් බල බලා සිටිය දී යන්නෙම් වී නමුත් මට බැරි නොවෙයි.
එතකුදු වූවත් උන්හැම නොදන්නා පරිද්දෙන් සරහන ලද උමඟින්
ගෙන යෙමි'යි වදාළ සේක.
මෙසේද කියා 'සේනකය, තෝ ගමනට සැරහී ගනැ'යි වදාරා
උමඟ දොර හරනට තමන් වහන්සේගේ යෝධයනට විධාන කරන
සේක්:-
“එථ මානව උට්ඨෙථ මුඛං සොධෙථ සජ්ඣිනො,
වෙදෙහො සහමච්චේහි උම්මග්ගගෙන ගමිස්සති”
“කුඩාවරුනි, වහා නැඟී ගොසින් උමඟ දොර හරුව, වේදේහ
රජ්ජුරුවන් වහන්සේ අමාත්‍ය සමූහයා විසින් පිරිවරන ලදු ව උමඟින්
වඩනා සේකැ'යි වදාළ සේක. ඔහු ගොසින් උමඟ දොර ඇරැ පීහ.
සියලු උමඟ සරහන ලද 'සුධර්මා' නම් දිව්‍ය සභාව සේ අති මනෝහර
විය.
බෝධිසත්ත්වයන් වහන්සේගේ විධානයෙන් යෝධයන් උමඟ දොරහළ නියාව ප්‍රකාශ කොට වදාරන බුදු රජාණන් වහන්සේ මේ ගාථාවෙන් වදාරන සේක්:-
තස්ස තං වචනං සුත්වා පණ්ඩිතස්සානුකාරිනො
උම්මග්ගද්වාරං විවරිංසු යන්තයූත්තෙව අග්ගලෙ
“එම්බා මහණෙනි, මහෞෂධ පණ්ඩිතයන්ගේ සුශික්ෂිත කීකරු යෝධයෝ ඒ පණ්ඩිතයන්ගේ තීක්ෂණ වූ ප්‍රඥාවෙන් කරන ලද උමඟ යන්ත්‍රයෙන් යුක්ත වූ දොර ඇරැ ඒ බව බෝධිසත්ත්වයනට කීහ”යි වදාළ සේක.
39. වේදේහයන් ගැලැවී යාම
ඒ බව අසා බෝධිසත්ත්වයන් වහන්සේ 'වැඩිය මනා කලැ'යි වේදේහ රජ්ජුරුවනට කල් දැන්වූ සේක. රජ්ජුරුවෝ මාළිගාවෙන් බටහ. එවිට සේනකයා එදවස් අමරා දේවියන්දෑ නිසා තමා ලත් ඉස් පයිය ඉසින් ගලවා කෝනමක් තර ව හැඳ කඩ හකුළුවා තමා සිත වන් භය සේ පොට්ටනියත් එල්ලාගෙන ඈත් මෑත් බල බලා ඉඟිකරු ව සලෙයිකඩ ඉරා දණ වැලමිටි නළල ආදී වූ ස්ථානයෙහි නොබැන්දැයි නොසිතමි. මොහු මේ කරන්නා වූ විකාර මුළුල්ල බෝධිසත්ත්වයන් වහන්සේ දැක “නුවණ නැත්තව තෙල කුමක් කෙරෙයිදැ”යි වදාළ සේක. “පණ්ඩිතයන් වහන්ස, උමඟින් යන කල නම් කෝනමක් හැඳගෙන හන් පළන් වස්ත්‍රාභරණාදි සියලු අලංකාර තබා දනනමා ගෙන වේද යන්නේ? එසේ හෙයින් මමත් 'උමඟින්යන්නට සැරහෙමි'යි කීය. ඕහට වදාරන සේක් 'එම්බල 'සේනකය, තෝ වැළිත් උමඟට වදනා කල දණ බිම ඔබා නැඹුරු ව ගෙන ගොයකු සේ බඩ ගා යෙමි'යි නොසිත, තෝ ඉදින් ඇතකු පිටින්වත් අසකු පිටින්වත් රථයකින්වත් යන්නා කැමැත්තෙහි වී නම් ඉන් තා කැමැති වාහනයකට නැඟීයව, මා විසින් කරන ලද උමඟ උසින් අටළොස් රියනක. ඉතා උස් වූ පළල් වූ වාසල හා දොරටු ඇත්තේය. එබැවින් තෝ උමඟින් යන්නට කෝනමක් නොහැඳ දණ කඩරෙදි නොබැඳ තා සැරහෙන යම් අලංකාරයකින් සැරහී කැමැති වාහනයකට නැඟී රජ්ජුරුවනට පළමු නික්මෙව'යි වදාළ සේක.
බෝධිසත්ත්වයන් වහන්සේ ඉතා භයපත් වූ සේනකයා පළමු ව යන්නටත් රජ්ජුරුවන් මධ්‍යයෙහි යන්නටත් නිල කොට ලා තමන් වහන්සේ පසු ව ගමන් ගත් සේක. කුමක් නිසාද යත්, සේනකයාත් සතුරන් දැක තරව බා ගියේය. කිසිවෙකත් ආලය නොකොට පසු නොබලා දිවන්නේය. රජ්ජුරුවෝ තමන් සිහිනෙනුත් නුදුටුවුරූ විසිතුරු කොට සරහන ලද උමඟ විස්තර බලා නොයන්නාහ. එබැවින් තමන් වහන්සේ "මහරජ, වහා වැඩිය මැනැව. වහා වැඩිය මැනැව 'යි සන් කම් කොට කොට යන පිණිස රජහට පසු වූ සේකැයි දත යුතු. ඒ උමඟ ඇතුළේ බොහෝ ජනයාට බත් මාළු කන බොනදෑ මෙතෙකැයි පමණ නැති විය. එහි වන් මනුෂ්‍යයෝ කන්නාහු බොන්නාහු උමඟ විස්තර බලමින් මහත් වූ සන්තෝෂයෙන් යන්නාහ, බෝධිසත්ත්වයන් වහන්සේ 'මහරජ වහා වැඩිය මැනැවැ'යි සන් කම් කෙරෙමින් වඩනා සේක, රජ්ජුරුවෝ සුදම් දෙව් සබය සේ ඉතා සිත්කලු වූ උමඟ බලමින් යන්නාහ, උමඟින් යන පරිදි වදාරන බුදු රජාණන් වහන්සේ මේ ගාථාවෙන්,
“පුරතො සෙනකො යාති පච්ඡතොව මහොසධො
මජ්ඣෙන ච රාජා වෙදෙහ අමච්චපරිවාරිතො”
“එම්බා මහණෙනි, එදවස් උමඟින් යන ගමනේ සේනකයා
පළමුව යෙයි. මහෞෂධ පණ්ඩිතයෝ පස්සෙහි යන්නාහ. දෙදෙනා
මධ්‍යයෙහි වේදේහ රජ අමාත්‍ය මණ්ඩලයා පිරිවරා නික්මිණැ”"යි
වදාළ සේක.
රජ්ජුරුවන් හා පණ්ඩිතයන් වහන්සේ ආ බව දැන රැකවල
සිටියෝ බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්ගේ මෑණියන් ආදී වූ රජදරුවන්
සතර දෙනා උමඟින් පිටත් කොට මහ විසල් මළුවේ සිටුවා ලූහ.
රජ්ජුරුවෝත් බෝධිසත්ත්වයන් හා සමඟ උමඟින් පිටත් වූහ. ඔහු
සතර දෙන බෝධිසත්ත්වයන් දෑත් රජ්ජුරුවනුත් දැක, “ඒකාන්තයෙන්
සතුරන් අත්පත් වූම්හ. අප ගෙනාවන් පණ්ඩිතයන්ගේ යෝධයන්
සැටිය”යි මරන භයින් තැති ගෙන මහ හඬින් හැඬූහ. ඔහු සතර
දෙනා හැඬූ වේලෙහි බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝත් වේදේහ රජ පලා
යෙයි යන ක්‍රෝධයෙන් ඒ නුවර වට තුන් ගව්වක් මානයේ රැකවල්
බලා අවුත් ගං තෙරට නුදුරු තැනෙක්හි සිටියාහු නිශ්ශබ්ද ව තුබූ
මධ්‍යම රාත්‍රියෙහි ඒ හැඬූ ශබ්දය අසා නන්දා දේවීන්ගේ කටහඬ
වැන්නැ'යි කීම් නම් 'කොයිත් නන්දා දේවියැ, ගිය යම් ම තැනක
නන්දා දේවී සඳහන් නොකොට හිඳිනා දවසෙක් නැතැ'යි කියන
බසට ලජ්ජාවෙන් කවුරුන්ටත් නොකීහ. බෝධිසත්ත්වයන් වහන්සේ
උමඟින් ම ගෙනා යෙන් රුවන් රැසක් පිට සිටුවා පඤ්චාලචණ්ඩි
කුමාරිකාවන් අභිෂේකයට පමුණුවා 'මහරජ නුඹ වහන්සේ මේ
කුමාරිකාව ගෙනයන්නට අවුදින් මේ සා භයකට පැමිණි සේක.
එබැවින් නුඹ වහන්සේට අග මෙහෙසුන් වන්නීයයි වදාළ සේක.
එවේලෙහි තුන් සියයක් නැව් ගෙනවුත් තොට බහා ලූහ. මහ විසල් මලුවෙන් ගොස් රජ්ජුරුවෝ සරහන ලද නැවකට නැංගාහ. බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්ගේ මෑණියන් ඇතුළු රජදරුවෝ සතර දෙනාත් එම නැවට නැංගාහ. ඒ බව ප්‍රකාශ කොට වදාරන බුදු රජාණන් වහන්සේ මේ ගාථාවෙන් වදාරා:-
“උම්මග්ගා ක්ඛමිත්වාන වෙදෙහො නාවමාරහි
අභිරුළ්හඤ්ච තං ඤත්වා අනුසාසි මහොසාධෙ”
“අයාං තෙ සසුරො දෙව අයං යස්සු ජනාධිප
යථා මාතුපටිත්ති එවං තෙ හොතු සස්සුයා”
“ යථාපි නියකො හාතා සොසරියො එකමාතුකෙ
එවං පඤ්චාල චණ්ඩා තෙ දයිතබ්බො රථෙසහ”
“අයං පඤ්චාලචණ්ඩී තෙ රාජපුත්ති අභිජ්ඣතා
කාමං කරොහි තෙ තාය හරියා තෙ රථෙසහ”
"එම්බා මහණෙනි, එ දවස් වේදේහ රජු උමඟින් පිටත් ව නැවට
නැංගේය. ඕහට මහෞෂධ පණ්ඩිතයෝ ‘මහරජ, මේ පඤ්චාලචණ්ඩ
කුමාරයෝ නම් නුඹ වහන්සේගේ සුහුරු බඬුණුවෝය. මේ නන්දා
දේවී නම් නුඹ වහන්සේගේ නැන්දණියෝය. ඒ නැන්දණියන්
කෙරෙහි වැදූ මෑණි කෙනකුට කරන ආදරයක් පරිද්දෙන් පිළිපැද්ද
මැනැව, පඤ්චාලචණ්ඩ කුමාරයෝ සුහුරුබඬුණුවෝ යයි ආලිස්සම්
නොවී එක කුසින් උපන් මල් බෑ කෙනකුන් පරිද්දෙන් දයා කටයුතුය.
මේ පඤ්චාල චණ්ඩි කුමාරිකාවෝ නම් උභයකුල පරිශුද්ධ ක්ෂත්රිය
කන්යාවෝය. උන් නුඹ වහන්සේ කැමැති පරිද්දෙන් රාජෛශ්චර්යයෙහි
පිහිටුවා රක්ෂා කළ මැනැව'යි කියා අවවාද කළහ’ යි වදාළ සේක.
මෙසේ අනුශාසනා කෙළේ කුමක් පිණිසද යත්, 'සරණ දෙම්හයි අප මායමින් ගෙන්වාගෙන මේ සා මහත් භයකට පමුණුවා ගහට කළ රජුගේ මව මරව, අඹුදරුවන් මරව’යි මැරූ යේ වී නම් නපුරැ"යි සිතාත් 'දුවණියනට වඩා නන්දා දේවීන් අධික රූ ඇති හෙයින් කාමයෙන් අන්ධ වූ මෝහයෙන් මුළා වූ රජ්ජුරුවෝ දුවණියන් තබා මෑණියන් කෙරේ ලෝභ උපදවා නෑකම් වරදවා පීහු නම් නපුරැ 'යි සිතාත් පළමු කොට රජ්ජුරුවන් අතින් ප්‍රතිඥා ඇර ගත්හයි දත යුතු. රජ්ජුරුවෝත් 'පුත තොප කී ලෙසින් කිසිවකුත් නො වරදවා කෙරෙමි'යි ඔබගේ අවවාද සිතින් ම පිළිගත්හ. එසේ අවවාද කරන සේක් රාජ මාතාවන් තලතා දේවීන්ගේ නමකුත් නොවදාළ සේක. කුමක් පිණිසද යත් උන් මහැලි හෙයින් කිසිවකුත් නොවදාළ සේක. මේ සියලු කතාව මහා බෝධිසත්ත්වයන් වහන්සේ ගොඩ සිට ම වදාළ සේක. ඉක්බිති රජ්ජුරුවෝ නැවින් වහා යනු කැමැතිව 'පුත තෙපි ගොඩ සිට ම දොඩවූය. වහා නැවට නැගෙව, කුමක් නිසා ගොඩ සිටුද සතුරන් අතින් දුක සේ මිදුනම්හ. එබැවින් වහා යම්හ'යි රජ්ජුරුවෝ මේ ගාථාවෙන් කීහ.
“ආරුය්හ නාචං තරමානො කින්නු තීරම්යි තිට්ඨසි
කිච්ඡා මුත්තම්බ දුක්ඛාතො යාමදානි මෙහොසධ”
ඒ අසා දේවයන් වහන්ස, නුඹ වහන්සේ හා එක් ව නැඟී
යෑම යුක්ත නොවෙයි, කියා ගාථා දෙකකින් වදාරන සේක්:-
"නෙස ධම්මො මහාරාජ සො’ හං සෙනංය නායකො
සෙනංගං පරිහාපෙත්වා අත්තානං පරිමොචයො"
"නිචෙසනම්හි තෙ දෙව සෙනංගං පරිහාපිතං
තං දින්නං බ්රහ්මදත්තෙන - ආනයිස්සං රථෙසභ"
“මහරජ, සේනාවට නායක කෙනෙක් සේනාව සතුරනට අත්පත් වූ කල තමා දන්නා යම් උපායකින් ඒ සේනාව ගලවා ගෙන යෑමක් වත් නොකෙළේ වී නම් උන්ගේ සේනානායක කමින් ප්‍රයෝජන නැත්තේය, ඒ තමා ම ධර්මිෂ්ඨකමකුත් නොවන්නේය. දැන් මමත් සේනානායකව සේනාව සතුරනට හස්ත ප්‍රාප්ත ව ඇතුළු නුවර සිටිය දී යෙම්ද අප වැන්නෝත් තනි ව දිවි රැක ගැන්මෙක් කෙදෙද්ද? මහරජ, නුඹ වහන්සේ හා කැටි ව සාර සියයක් ගව් ගෙවා ආ සේනාවගෙන් සමහර කෙනෙක් මාර්ගයෙහි ගමනින් ශ්‍රාන්ත ව නිදන්නාහ. සමහර කෙනෙක් අන්නපානාදියෙන් සන්තුෂ්ට ව මේ ගමන් තමා නොදන්නාහ. තව ද මාහා කැටි ව ආවුන් ගෙන් සාර මසක් මුළුල්ලෙහි උමඟ හා අගල පවුරු ආදී සියලු කර්මාන්ත කොට රෑ පාන අනවරතයෙන් දුක් ගෙන විඩා වූවාහු මේ එන නියාව උයිත් නොදන්නැහ. එබැවින් ඇම මට උපකාරී ව සිටියවුන්ගෙන් එකෙකුත් ඇර පියා ඊම මට තරම් නොවෙයි. ඒ සියලු සේනාව ම බ්‍රහ්මදත්ත රජ්ජුරුවන් ජයගෙන, උන් දුන් සේනාවක් පරිද්දෙන් නැවත හැර ගෙන එමි. මහරජ, නුඹ වහන්සේ අන්තර මාර්ගයෙහි ඇසිල්ලකුත් නොරඳා වහා වැඩිය මැනැව. පළමු මා විසින් නුඹ වහන්සේට යොත්නකට ගමක් බැගින් ගම් කරවා ඉඩම් ලවා අතර මඟ ගම් සියයෙහි ම වස්ත්රාභරණ අන්නපානයෙන් සමෘද්ධ කරවා ඇත් අස් ආදී වාහන සරහා සිටුවන ලද ගමින් ගමට පැමිණි කල කැටිව යන වාහනයෙන් දුර්වලයන් එහි රඳවා එහි තුබූ වාහනයකට නැඟී වහා මියුලු නුවරට වැඩිය මැනැව”යි වදාළ සේක. ඒ අසා රජ්ජුරුවෝ මේ ගාථාවෙන් කීහ.
“අප්ප සෙනො මහාසෙනං කථං විග්ගය්හ ඨස්සසි
දුබ්බලො බලවන්තෙන විභඤ්ඤස්සති පණ්ඩිත”
මෙහි අභිප්‍රාය නම් 'මහෞෂධ පණ්ඩිතයෙනි, තොපගේ සේනාව මඳ වුව බ්‍රහ්මදත්තයන්ගේ මහා සේනාව කෙසේ ජය ගනුද? බලවන්තයෝ දුර්වලයන් නසා පී මහා විනාශයට පමුණුවා පියති' කීහ. ඒ අසා බෝධිසත්ත්වයන් වහන්සේ මේ ගාථාවෙන් වදාරන සේක්:-
“අප්ප සෙනොපි චෙ මන්ති මහාසෙනං අමන්තිනං ජිනාති රාජ රාජානං අදිච්චො චොදනං තමං.”
“මහරජ, ඇසුව මැනැව මහා සේනාව ඇති වූත් අමන්ත්රී
තැනැත්තවූ අල්ප සේනාව ඇති මහා මන්ත්‍රියා ජය ගන්නේ මය.
එබැවින් අමන්ත්රී වූ බ්‍රහ්මදත්ත රජුගේ එක් සියයක් රජුන් හා
අටළොස් අක්ෂෞහිණි සංඛ්‍යාත මහා සේනාව මහා මන්ත්‍රී වූ මම
මාගේ ප්‍රඥා බලයෙන් ජය ගනිමි. තව ද අමන්ත්රී කේවට්ටයා ඇති
මහා සේනාව සහිත බ්‍රහ්මදත්ත රජහු මහා මන්ත්‍රී වූ මා වැනි එක්
ඇමැතියෙක් ඇති මඳ සේනාව සහිත වූ නුඹ වහන්සේ ජය ගන්නා සේක.
ඒ කුමක් වැනිදයත්, සමස්ත ලෝකයෙහි එක පැතිර පවත්නා වූ
මහා ඝනාන්ධකාරය හිරු උදා වූ කල එක පැහැර දුරු ව ආලෝක
වන්නේයැ. එබැවින් සේනාව මඳ වූවත් ජය ගන්නේ නම් මම් මය. නුඹ
වහන්සේ සැකයක් නොසිතා වැඩිය මැනැව”යි වදාරා රජ්ජුරුවන්
වැඳ රැඳුණු සේක.
ඉක්බිති රජ්ජුරුවෝ "සතුරන් අතින් මිදුණම්හ. සොයා ආ බිසවුනුත් ලදුම්හ, අපගේ මනදොළ මුදුන් පැමිණියේය”යි බෝධිසත්ත්වයන්ගේ ගුණ සිහි කොට උපන්නා වූ පස්වනක් ප්‍රීතීන් පිනා ඔබගේ ගුණ සේනකයාට කියන්නාහු:-
“සු සුඛං වත සංවාසෝ පණ්ඩිතෙහීති සෙනක
පක්ඛීව පඤ්ජරෙ බද්ධෙ මච්ඡෙ ජාලගරිතෙරිව
අමිත්ත හත්ථත්ත ගතෙ මොචයි නො මහොසධො”
“සේනකය, නුවණැත්තහු හා එක් ව විසීම උතුම. මෙ ලොවිනුත්
පරලොවිනුත් සැප වන්නේය, මැඳිරියෙහි හසු වූ ලිහිණියන් සෙයින්ද,
දැල බැඳි මසුන් පරිද්දෙන්ද සතුරනට අත්පත් වූ අප හැම දෙන ම
මහෞෂධ පණ්ඩිතයෝ ගලවා ඇර පීහ. ඒ බැවින් නුවණැත්තවුන්
හා එක් ව විසීම උතුමැ”යි මුඛ නොසෑහෙන පරිද්දෙන් කීහ. ඒ අසා
සේනකයා තමා ඇතිවක් පටන් මහතාණන්ගේ ගුණයක් කියන්නේ
මේ ගාථාවෙන් කීය:-
‘එවමෙතං මහා රාජ පණ්ඩිතාහි සුඛවහා
පක්ඛීව පත්ජරෙ බද්ධෙ මච්ජෙ ජාලගරිතෙරිව
අමිත්ත හතථත්ත ගතෙ මෙවයි නො මහොසධො
“මහරජ ඒ සැබෑව, ඉතා සැබෑ මය. නුවණැත්තවුන් හා
එක තැන විසීම ඉතා සැප වන්නේය. මැඳිරියෙහි හසු වූ ලිහිණියන්
සෙයින්ද දැල බැඳි මසුන් පරිද්දෙන්ද සතුරන් අත්පත් වූ අප හැම
ඉක්බිති වේදේහ රජ්ජුරුවෝ ගඟින් එතෙර ව බැස,
බෝධිසත්ත්වයන් වහන්සේ විසින් යොදුනෙන් යොදුන කර වන ලද
ගම්වලට පැමිණ, ඔබ විසින් ම පළමු විධාන අසා ගත් අමාත්‍යයන්
සපයා එවන ලද හස්ත්‍යශ්වාදි වාහන හා අන්න පානාදිය හා
නොයෙක් වර්ගයේ කැවුම් හා කන බොන දෙයින් සන්තුෂ්ට ව,
ගමන් විඩා වූ වාහන එහි රඳවා නව වාහනයන් නැඟී යන්නාහූ
ගමින් ගමට පැමිණ මහතාණන්ගේ විධාන පරිද්දෙන් මාර්ග විඩා
සංසිඳුවා, නොපමා ව යන්නාහු සාර සියයක් ගවු ගෙවා දෙ වැනි
දවස් පෙරවරු බතට මියුලු නුවරට වන්හ.
බෝධිසත්ත්වයන් වහන්සේ, රජහු යවා උමඟ දොරට වැඩ තමන් වහන්සේ උරෙහි එල්වා ගිය කඩුව කොපුවෙන් මෑත් කොට, උමං දොර මහ විසල් මලුවේ වැලි පීරා යට සඟවා තබා උමඟින් ගොස් උපකාරී නුවරට වැද සොළොස් කළයක් සුවඳ පැනින් ඉස් සෝධා නහා නොයෙක් රසයෙන් අනර්ඝ වූ භෝජනය අනුභව කොට, යහන් මුදුනේ සැතපුණු සේක් "මාගේ මනදොළ මුදුන් පැමිණියේය”යි සිතා පස් වනක් ප්‍රීතින් පිනා සුව සේ සැතපුණු සේක.
40. නිෂ්ඵල ව්‍යායාමය
ඒ රාත්‍රිය පහන් වූ ඇසිල්ලෙහි චූලනී රජ්ජුරුවෝ සේනාව මෙහෙයන්නාහු නුවරට සමීප වූහ. ඒ රජහු සේනාවට විධාන කෙරෙමින් සැරහී ආ නියාව ප්‍රකාශ කොට වදාරන බුදු රජාණන් වහන්සේ:-
රක්ඛිත්වා කසිණං රත්තිං - චූළනීයෝ මහබ්බලො
දෙන්තං අරුණුග්ගම්හි - උපකාරිං උපාගමි.
ආරුය්හ පචරං නාගං - බලවන්තං සට්ඨිහායනං
රාජා ආවොච පඤ්චාලො - චූළනීයෝ මහබ්බ ලො’
‘සන්නද්ධෝ මණිවම්මේන - සරමාදාය පාණිනා
පෙස්සියෙ අජ්සඞභාසිත්ථ - පුථුගුම්බෙ සමාගතෙෙ’
“එම්බා මහණෙනි, බලවාහන සහිත වූ බ්‍රහ්මදත්ත රජ
තුන්යම් රාත්‍රියෙහි තුන් සන්ධියකින් හා සතර වළල්ලකින් අතුරැ
සිදුරු නොපෑ ඒ ඒ ස්ථානයෙහි බලඇණි සිටුවා, තුමූ රැකවල් බලා
ඇවිද, අරුණු නැඟී පහන් වන්නා හා ම ඒ උපකාරී නුවරට ආය.
තවද, පංච ප්‍රකාර බලයෙන් යුක්ත වූ බ්‍රහ්මදත්ත රජ සැට අවුරුද්දෙන්
මද නැඟී විහිදුනා වූ කන්පට තුන් තැනකින් පැළී තිබෙන්නා වූ
'සටන්හි ජය බිම හඳුනන්නා වූ ගිය ගිය තැන සතුරන් බිඳ ජය
ගන්නට සමර්ථ වූ මහ බල ඇති සර්ව ලක්ෂණ සම්පන්න සියලු
හස්ත්‍යාලංකාරයෙන් සරහන ලද මඟුලැතක්හු පිටට පැන නැඟී
මැණික් ඔබා කරන ලද රන් සන්නාහ සන්නද්ධ ව හියවුර ඇකයෙහි
ලා, ධනුශ්ශිල්පයෙහි දක්ෂ වූ සන්නාහ සන්නද්ධ අනේක ප්‍රකාර
යෝධයනට මෙසේ විධාන කෙරෙමින් නුවරට සමීප වීය”යි වදාළ
සේක.
ඒ චූලනී රජහු වේදේහ රජ ජීවග්රාහයෙන් අසු කොට ගැන්ම
පිණිස ස්වකීය සේනාව මෙහෙයූ පරිදි මේ ගාථාවෙන් වදාළ සේක.
හත්ථාරූහෙ අනීකට්ඨෙ - රථිකෙ පත්තිකාරකෙ
උපාසනම්හිකතහත්ථෙ - වාළවෙධෙ සමාගතෙ
ඇතුන් නැඟෙන්නා වූ ද අසුන් නැඟෙන්නා වූ ද රථ
නැඟෙන්නා වූ ද පංචායුධ සන්නද්ධ ව ආවා වූ මහා සේනාවද,
ඉනුත් ධනුශ් ශිල්පයෙහි දක්ෂ වූ කෘතහස්ත වූ එක් කරන ලද අභ්‍යාස
ඇති, එසේ හෙයින් ම කළුහස් ලොම් කර බටුවක් බැඳ දඬු බස්නා.
මානයේ දෙ දංඩක් හිඳුවා එහි සරස බැඳි විශාල දංඩෙහි බැඳ කර
බටුව එල්වූ කළුහස් ලොම විදුලිය ආදී වූ යම් කිසි ආලෝකයකින්
පළා විද පියන්නට සමර්ථ වූ යෝධයෝ වහා සන්නාහ සන්නද්ධ
ව එත්ව”යි කියාද තව ද චූලනි රජ්ජුරුවෝ වේදේහ රජ නොමරා
අල්වා ගනිමි'යි කියමින්, සැට අවුරුද්දෙන් මද හෙන්නා වූ මට සිලුටු
වූ දළ ඇති 'කුඤ්ජර'යයි කියන ලද බල සම්පන්න යෝධ ඇත්
සමූහයන් සියදහස් ගණන් මෙහෙයා වේදේහ රජු නිසා මහෞෂධ
පණ්ඩිතයා විසින් කරන ලද මේ උපකාරී නුවර අටළොස් රියන්
පවුර මිරිකා පිය'යි කියාද, තව ද බාල වස්සන්ගේ දත් සේ ඉතා
සුදු වූ තියුණු මුවහත් ඇති හීයෙන් විදිනා කල ඇට පළා විදපි යත්
මුත් මෑතක නොරඳවන්නා වූ ධනුශ් ශිල්පයෙහි දක්ෂ යෝධයෝ මහා
වර්ෂණයක් පරිද්දෙන් ශර වර්ෂණ වස්වත්ව'යි තව ද සූර වීර්ය ඇති
අනේක ප්‍රකාර විචිත්‍ර වූ පංචායුධ සන්නද්ධ ව සංග්රාමයෙහි එඩි පසු
නොලා ඉදිරියට ම දිවන්නා වූ තමන් ඉදිරියෙහි ඇතුන් දුටත් දළ
අල්වාගෙන වෙවුල්වා පියන්නට සමර්ථ වූ තරුණ යෝධයෝ
වහා එත්ව'යි තව ද ආයුධ ම බල කොට ඇත්තා වූ නොහොත්
බලවත් ආයුධ ගත්තා වූ සන්නාහ සන්නද්ධ වූ සටනෙහි පිටි පා
නොයන්නා වූ මාගේ යෝධයන් අතින් වේදේහ රජ කෙසේ නම්
මිදී පලා යන්නේද? ඉදින් යම්කිසි භාග්යයකින් පක්ෂියකු පරිද්දෙන්
ආකාශයෙන් යේ නමුත් මාගේ දුනුවා යෝධයෝ යා නොදෙන්නාහ:
තව ද මාගේ තිස් නවදහසක් පමණ බල සම්පන්න වූ අසමාන
යෝධයෝ සංග්‍රාමයට සිසතින් ගියාහු වී නමුත් සතුරන් අත ආයුධ
ම උදුරා ගෙන සතුරන් සාධා ගන්නාහ. උන් සමාන එකෙකුත් දඹදිව
එක් රජක්හු සමීපයෙහි මා දක්නේ නැත. එබඳු වූ යෝධයන් ඇත්තේ
මම් මය, 'උයිත් සන්නාහ සනනද්ධ ව වහා එත්ව'යි තව ද රන්
සන්නාහයෙන් සරහන ලද බල සම්පන්න ඇතුන් පිට උන්නා වූ
මනා වූ දැකුම් ඇති රාජ කුමාරවරු වහා ඇතුන් මෙහෙයවත්ව'යි
තව ද රන්වන් පිළිහැඳ ස්වර්ණාලංකාරයෙන් සැරහී රන්වන්
අංගරාග ගල්වා, පංචායුධ සන්නද්ධ ව රන් සත් රන් පොරෝදු
ආදී ස්වර්ණාලංකාරයෙන් සරහන ලද ඇතුන් නැඟී නඳුන් උයන්හි
දේවතා සමූහයක් මෙන් අසමාන වූ යෝධයෝ සියදහස් ගණන් වහා
එත්ව'යි තව ද පෙටියන් බඩ පැහැ සමාන වර්ණ ඇති සකස් කොට
ධාරා නඟන ලද නුවණැති පුරුෂයන් විසින් සුනිසිත කොට තුන්
සන ගා නිමවන ලද ඉදින් සුළඟින් මුවහතට සම්ප්‍රාප්ත වූ පුළුන්
රළ වුවත් කැපී සිඳීයන තරම් තීක්ෂණ වූ මුවහත් ඇති මධ්‍යහ්නයෙහි
සූර්ය මණ්ඩලය මෙන් බබළන්නා වූ යහපත් කොට කරන ලද කඩු
ගත්තා වූ - හේ කෙසේ වූ කඩු ජාතියෙක්ද යත්, ජාති වානේ කැටි
පිහිරින් හා සුනු කොට ඒ සුනු දඩ මස් හා එක් කොට අනා ඒ
මස්, කොස්වා ලිහිණියන් කවා, උන් ලූ වසුරු දවා වානේ ගෙනැ.
නැවත ගා හනා පළමු පරිද්දෙන් ම ඒ පක්ෂීන් කවා එම පරිද්දෙන් සත්
වාරයෙක කවා දවා ගත් වානයෙන් කළ කඩු ජාතියකැයි දත යුතු.
යෝධයෝ සතුරනට නොවරදවා පහර දෙන්නාහු කොපුවෙන් අදනා
ලද කඩු ගෙන වහා එත්ව'යි තව ද මාගේ අසමාන වු තිස් නව
දහසක් පමණ පතාක යෝධයෝ වහා එත්ව'යි ඔහු කෙසේ වූ යෝධ
කෙනෙක්ද යත: යම් සේ මාර සේනාවක් බඳු වු සතුරු සේනාවක්
අගල පුවරු අට්ටාල බලකොටු වාසල් සහිත වූ අයෝධ්‍ය පුරය හා
සමාන එක් නුවරෙක උන්නා වූ නමුත් මේ මාගේ පතාක යෝධයෝ
ඉන් පිටත සිටියා වූ එබඳු අවිෂය ස්ථානයෙහි සිටි සතුරන් සාධම්හ'යි
සිතූ නම් පිටත සිටි තැන ම සිට, ආකාශයට කරනම් පැන, එසේ
උඩ පිනූ කරනමින් ම, නැවත බිම නොහී, නැවත නැවතත් කරනම්
පනන්නාහු, ආකාශයෙන් ගොස් අත තුබූ ආයුධයෙන් ඇතුළු නුවර
උන් සතුරන් සාධා නැවත එපරිද්දෙන් ම කරනම් පැන පැන
ආකාශයෙන් අවුත් තමන් පළමු සිටි තැන සිටිනට පෝසත්හ. ඒ
'යෝධයෝ ඉදින් ඇත් කඳ වී නමුත් තමන්ගේ කඩුවෙන් එක පහරින්
මැදින් පොලු ගසන්ට සමර්ථය- 'එම්බල වේදේහ කොල්ල. පළමු
තාගේ ගොවියා පුතුන්ගේ මන්ත්රීකමින් හා ඔහුගේ ප්‍රඥානුභාවයෙන්
ගැළවිණ. දැන් වූ කලී තට මිදී යෑමෙක් නම් කොයින්ද? දැන් තාගේ
රාජානුභාවයෙනුත් තාගේ පණ්ඩිතයාගේ මන්ත්‍රී කමිනුත් මින් ගැලවී
මියුලු නුවරට යෑමත් බලන්නෙම් වේද? දැන්' තෝ කරප හෙළා
ගත් මසකු පරිද්දෙන් අසු වූයෙහි වේදැයි වේදේහ රජහට තතනමින්
‘දැල්හි අසු වූ මසකු මෙන් දැන් අල්වමි'යි වජ්රාංකුශයෙන් ඇතු
මෙහෙයන්නාහ. 'ගනුව, විදුව'යි කිය-කියා සෙනඟ මෙහෙයන්නාහු,
උපකාරී නුවර මැඬ වතුරක් ගලන්නාක් පරිද්දෙන් අවුත් වන්හ.
ඉක්බිති බෝධිසත්ත්වයන් වහන්සේගේ චරපුරුෂයෝ තමන්
තමන්ගේ ආණ්ඩු පිරිස හා සමඟ කවුරු දනිද්ද, කිම්දැ”යි ඉදින් පවුරු
බිඳ නුවර මිරිකාගෙන වදිත් නම් එක් සියයක් රජුන් හා බ්‍රහ්මදත්තයන්ගේ
ඉස් ගසා ලා අපගේ පණ්ඩිත ස්වාමීන්ගේ පා පිට දමා ලම්හ"යි තම
තමන් සිටින්නා වූ රජදරුවන් පිරිවරා ගත්හ.
41. මහෞෂධ බ්‍රහ්මදත්ත සංවාදය
ඒ වේලෙහි තුන් ලෝ තිලක වූ ත්රෛලොකෛක ගුරු වූ පරශත්රැ මර්දන ප්‍රතාප හා ගම්භීර ප්‍රඥා විශේෂ හා සකල ගජචක්ර මර්දන භාස්වර කේශර සිංහ රාජ වික්‍රම ඇති මාගේ ස්වාමිදරු වූ ශ්‍රී මහා බෝධිසත්ත්වයන් වහන්සේ, රෑ සැතපුණු ශ්රීයහනින් නැඟී සිට ශරීර කෘත්‍ය සපයා පෙරවරු බත කල් තබා අනුභව කොට, රන් පට රුවන් සෝලු කර්ණ කුණ්ඩලාභරණ තා ඩංක නාග වඩම් කාදු කාප්පු මුතුපට පට්ටෝඩම් බාහුදණ්ඩි මිණි වළලු ගිගිරි වළලු මණි කයිවඩම් පස්රූ රුවන් වැළ රන් සවඩි පාද සංඛ පාදාභරණ පා සළඹ පාද කිංකිණික පාද ජාලා මේ ආදී වූ ආභරණයෙන් සැරහී, ලක්ෂයක් වටනා කසී සළුවක් හැඳ, ලක්ෂයක් වටනා රන් පලසක් ඒකාංශ කොට පෙරව ගෙන, රන්මය, රුවන් කර්මාන්තයෙන් විසිතුරු වූ සෝලු ලීයක් අතින් ගෙන රන් මිරිවැඩි සඟළක් පය ලා දෙවඟනන් පරදන රූ ඇති ස්වර්ණාභරණයෙන් සැරහුණා වූ තරුණ ස්ත්‍රීන් දෙදෙනකු ලවා සුදු චාමර දෙකක් සල් වන සේක්, සිත්කලු කොට සරහන ලද තමන් වහන්සේගේ මාළිගයේ සී මැදුරු කවුළු හරවා චූලනී රජ්ජුරුවනට තමන් වහන්සේ පෙනෙන පරිද්දෙන් ශක්‍ර දේවේන්ද්‍ර ලීලාවෙන් ඈත් මෑත් බලා සක්මන් කළ සේක. චූලනී රජ්ජුරුවෝ ඒ මහතාණන් වහන්සේගේ රූප ශ්‍රී බලා සිත පහදවා ගත නොහී, 'දැන් ම මොහු අල්ලා ගනිමි'යි සිතා වහ වහා ඇතු මෙහෙයන්නාහ.
ඒ දැක පණ්ඩිතයන් වහන්සේ සිතන සේක්, මේ රජ
"ඒකාන්තයෙන් වේදේහයා මා විසින් අසු කරන ලදැ'යි සිතා වහා
ඇතු මෙහෙයමින් එන්නේය. තමන්ගේ අඹුදරුවන් ඇරගෙන අපගේ
රජ්ජුරුවන් මියුලු නුවරට ගිය නියාව නො දන්නේය”යි සිතා සකස්
කොට ඔසප් නැගූ රන් කැටපතෙක පැහැ සමාන වූ මාගේ මුහුණ
මේ රජුට දක්වාලා රජු හා සමඟ කතා කෙරමි'යි සිතා සී මැදුරු
කවුළුවෙන් රජහු මුහුණ බලා මධුර ස්වරයෙන් රජු හා කතා කරන
සේක්, මෙසේ වදාරන සේක.
කින්නු සන්තරමානෝව - නාගං පේසේසි කුඤ්ජරං
පහට්ඨරූපෝ ආපතසි - ලද්ධත්ථොස්මීති මඤ්ඤසි.
ඔහරේතං ධනු චාපං - ඛුරප්පං පටිසංහර,
ඔහරෙතං සුහං හුභං වමිමා වෙළුරියමණිසත්ථතං
“ඇයි මහරජ, ඉක්මන් ඉක්මන් ව ඇතු මෙහෙයන සේක්,
තමාගේ අභිමතාර්ථය සිද්ධ වී යයි සිතන සේක්ද? එක විටෙකත්
එසේ නොසිතුව මැනැව. මහරජ, නුඹ වහන්සේ සිත ඇත්ත තබා
පියා මෙවිට මා කීවක් කළ මැනැව, ඊයේ දවස් පස්වරු දුනු මිටි
තරව අල්වා ගත් අත තව දක්වා මිට මිරිකා ගැන්මෙන් සිරිහී ගියයි
සිතමි. එසේ හෙයින් තෙල දුනු හී තල දමා පුව මැනැව. එසේ නැත,
අනෙකක් හට හෝ දෙවාපුව මැනැව. තව ද වෛදුර්ය මාණික්‍යමය
කොට කරන ලද ශෝභමාන වූ තෙල සන්නාහයත් ඊයේ පස්වරු
ම ලා ගත් හෙයින් ශරීරය ඉදී නුඹ වහන්සේට බොහෝ පීඩායයි,
නොහොත් ශරීරය පඬුවන් පැහැ වී යයි සිතමි. තව ද ඊයේ ම පස්වරු
පටන් තුන්යම් රාත්‍රියෙහි නිදි මරා විඩාව ගිය සේක. තව ද ඉර අවු කා
ක්ලාන්ත නොවී නිදා නැඟී නුඹ වහන්සේගේ නුවරට පලා ගොස්
මාලිගාවේ සුව සේ සැතපී වදාළ මැනැව'යි රජහා කෙළෙනා සේ
වෙහෙසූහ.
රජ ඔබගේ බස් අසා ගොවියා, පිත් මා හා ම කෙළෙනේය'යි බොධිසත්ත්වයන් වහන්සේට ගර්ජනා කොට "තට කළ මනා දෑ දන්නෙම් චේද”යි සැහැසෙන්නාහු මේ ගාථාවෙන් කියත්:-
පසන්න මුඛවණ්ණොසි මහිතපුබ්බංච භාසසී
හොතා ඛො මරණෙ කාලෙ තාදිසි වණ්ණ සම්පදා
මේ ගාථායෙහි අභිප්‍රාය කෙසේද යත්:- "තාගේ මුඛය හෙවත්
තාගේ මුහුණ ඔප නැගූ රන් කැටපතක් සේ යහපත්ව බබළන්නේය.
සිනා පෙරදැරි කොට ම බස් කියයි. ඒ තට මතු නො වෙයි. සමහර
කෙනකු මරණාසන්නයෙහි මෙබඳු මිහිරි බස් හා මුහුණු පැහැ ඇති
වන්නේය. දැන් තොයිත් නොබෝ කලකින් මියෙයි. එබැවින්
මෙබඳු රූපශ්‍රීන් බබළයි. දැන් දැන් තා මරා හිස කපා ජය පානය
බොමි’යි කීහ.
මෙසේ රජහු බෝධිසත්ත්වයන් හා දොඩන
වේලෙහි මහතාණන්ගේ රූප ශෝභාව දුටුවා වූ මහා සේනාව,
"අපගේ රජ්ජුරුවන් හා මහෞෂධ පණ්ඩිතයන් දෙන්නා කතාවක්
කෙරෙති ඒ කුමක් බවත් නොදැනුම්හ. කොල, අසන්නට යම්හ"යි
එක් සියයක් රජුන් හා සමඟ රජහු සමීපයට ගියහ. මහතාණෝ
සිතන සේක්, “මේ රජ තව ම මා මහෞෂධ පණ්ඩිත බව නොදනී.
මම මා මරා ගත නොදෙමි'යි වදාරන සේක්, "මහරජ, යම් දවසක්
නුඹ වහන්සේ කේවට්ටයා හා දෙන්න සිතින් එකක් සිතා බසින්
එකක් කළ මන්ත්රණයෙක් වී ද, එයින් සිතින් සිතුවා නොවීය. බසින්
කීවා ම විය"යි ප්‍රකාශ කෙරෙමින්:-
‘ මොඝං තෙ ගජ්ජිතං රාජ භින්නමන්තොසි ඛත්තාය
දුග්ගණ්හෝහි තයා රාජ කලුංකෙනෙව සින්ධවො,
‘තිණ්ණොහි රාජ ගංගං සාමාඤ්චො සපරිජ්ජනො
හංසරාජා යථා චකො අනුජ්ජවං පපතිස්සති
මෙයින් වදාරා "මහරජ, නුඹ වහන්සේ හා කේවට්ටයා හා
දෙන්නා මතු මාලේ තනි ව ශ්‍රී යහන් ගබඩාවේ හිඳ රහස් මන්ත්‍රණයක්
කරන්නාහු 'අප දෙන්නා මුත් අනික් දන්නෝ නැතැ'යි සිතා කළ
මන්ත්‍රණය නො දනිතියි සිතූ සේක්ද? එසේ නොසිතුව මැනැව. ඒ
මන්ත්‍රණය මට කියා ලූ දෙයක් සේ ඉඳුරා ම දනිමි. නුඹ වහන්සේගේ
මන්ත්‍රණය භින්නව ගියේය. එසේ හෙයින් අපගේ රජ්ජුරුවෝ
තමන්ගේ නුවරට පලා ගියෝය. ඉදින් 'ලුහුබඳවා ගනිමි'යි සිතන සේක්
වී නම් එයිත් නොපිළිවන. අපගේ රජ්ජුරුවෝ ජාති සෛන්ධවයකු
නැඟී බලවත් අශ්චාචාර්යයකු වැන්නාහ. නුඔ වහන්සේ කොටළුවකු නැඟි
ඉතා බාන සුලු වූ පුරුෂයකු වැන්නාහ. එසේ හෙයින් ලුහුබඳවා
අල්ලා ගන්නට නොපිළිවන. කේවට්ටයා කොටළුවා වැන්න. නුඹ
වහන්සේ කොටළුවා නැඟි පුරුෂයා වැනි සේක. මම අජානේය
සෛන්ධවයා වැන්නෙමි. අපගේ රජ්ජුරුවෝ ඒ සෛන්ධවයා නැඟි
පුරුෂයා වැන්නාහ"යි උපමා කොට වදාළ සේක.
“මහරජ වැළිත් ගඟින් එතෙරව යන්නාහු තනි ව ගියාහු
නොවෙති: සේනා වාහන සහිත ව අමාත්‍ය මණ්ඩලයා පිරිවරා
මහ පෙරහරින් වැඩි සේක. ඉදින් නුඹ වහන්සේ ලුහුබඳවා අල්ලා
ගනිමි'යි සිතා දිවන සේක් වී නම්, අල්වා ගත නොහී අතරමඟ
නස්නා සේක. කුමක් මෙන්ද යත්: ස්වර්ණ හංසයකු ලුහුබඳවා දිවන
කොකකු මෙනැ”යි කියා නැවතත් අසම්භීත කේසර සිංහ රාජයෙකු පරිද්දෙන්
උපමාවක් දක්වමින්:-
සිගාල රත්තිභාගස්මි ඵුල්ලං දිස්වාන කිංසුකං
මංසපෙසීති මඤ්ඤන්ත පරිප්පුළ්හා මාගධමං
එවමෙව තුවං රාජ වෙදෙහං පරිවාරිය
ආසච්ජින්තො ගමිස්සයි සිගාලා කිංසුකං යථ
“මහරජ, නුඹ වහන්සේ මේ සා සේනාවක් ඇරගෙන
තුන්යම් රාත්‍රියෙහි නිදිවරා සිතූ අර්ථයෙන් ස්වල්ප මාත්‍රයකුත්
සාධාගත නුහුණු නියාව කුමක් මෙන්ද යත්: යම් සේ ගොදුරු
සොයා ඇවිදිනා සිවල් මුළෙක් සුපුෂ්පිත වූ කෑල වෘක්ෂයෙක
චන්ද්‍රාලෝකයෙන් වත් තාරකාලෝකයෙන් වත් විද්යුල්ලතාදියෙන්
වත් යම් කිසි ආලෝකයකින් එල්ලෙන්නා වූ මල් කැන් දැක මේ
වූ කලී ඒකාන්තයෙන් මස් වැදැලි යයි වරදවා සිතා ගත්තාහු,
අනෙක් ගොදුරක් සොයා නොගොස්, 'දඩමස් කම්හ'යි ගස් වට
කොටහිඳ අරුණු නැඟී පහන් වූ කල සුපුෂ්පිත වූ කෑල මල් දැක ඒ
ශෘංගාලයෝ ඔවුනොවුනට 'කොල මස් වැදලි නොවෙයි. කෑල මල්
කැනැ'යි නියම දැන එහි ආලය හැරපියන්නාහ. එපරිද්දෙන් මහරජ,
නුඹ වහන්සේ 'වේදේහ රජු අසු කෙළෙමි'යි සිතා රාත්‍රිය මුළුල්ලෙහි
නිදි වරා ඇවිද අධම චූ කැනහිලුන් පරිද්දෙන් අපගේ රජ්ජුරුවන්
කෙරෙහි ආලය හැරයන සේක් වේ දැයි? වදාළ සේක.
රජ්ජුරුවෝ බෝධිසත්ත්වයන් වහන්සේ කිසි චකිතයක් නැති ව නිර්භීත ව කියන්නා වූ බස් අසා සිතන්නාහු, මේ ගොවියා පුත් බුහුටි ව රජහු පැලෑහ'යි කියන්නේය. මොහු විසින් රජහු යවාපු සේ සැබෑ සැටිය'යි අතිශයින් කිපී, 'පෙරත් අපි මේ ගොවියා පුතු ම නිසා මොහුගේ නුවරට ගියමෝ හන්කඩටත් උතුරු සළුවටත් අස්වාමික වැ දමා පියා ආම්හ. දැන් හස්තප්‍රාප්ත වූ පසමිතුරා පලවා පියන ලද, මූ තරම් අනර්ථකාරී එකෙක් නැත. රජුටත් මූටත් කළ මනා ඉස් සිඳීම් ආදි වූ යම් වධයෙක් ඇත්නම් මොහුට ම කෙරෙමියි විධාන කරන්නාහු “මේ මහෞෂධයා මා හස්ත ප්‍රාප්ත වූ සතුරු වේදේහ රජහු, ගලවායවා පිය. එසේ කළා වූ මොහුගේ දෑත් දෙපා කන් නාසා කපාහරුව. ඇඟ මස් කපා ලියා උල අවුණා ගින්නේ ලා පලහා පියහ. තව ද සිංහ-ව්යාඝ්ර වෘෂභ-මෘග ආදීන්ගේ සම් බිම් වනා වට කණු ගසා වියළන්නාහ. එපරිද්දෙන් මේ මහෞෂධයා බිම හොවා සතර අතට කණු ගසා වධ කරව. තව ද මොහු බිම හොවා තියුණු මුවහත් ඇති කඩුවෙන් කොටා පළා ව්යාඝ්ර මෘග සූකරාදීන්ගේ මාංශ පරිද්දෙන් ඉරා ලියා වධ කරව'යි කීහ.
මේ එක් රජකු තබා දස දහසක් සක්වළ රජ දරුවෝ එක්
වත් මාගේ ස්වාමිදරුවනට එවැන්නක් කරන්නට අසමර්ථයහ. ඒ
රජහුගේ බස මුත් කීවායින් කිසිවකුත් කළ නොහෙන්නාහ. බසින් වූ
බස් අසා බෝධිසත්ත්වයන් වහන්සේ සිනා පහළ කොට වදාළ සේක.
ඒ රජහු කිපෙත් කිපෙත් මාගේ ස්වාමි දරුවාණන් මූණ පෙම් වඩනා
නියාව කුමක් වැනිදයත්: බ්‍රහ්මදත්ත රජහුගේ ඉතා රළු වූ ක්‍රෝධ
නමැති සුනුයෙන් උලා ඔප් නැගූ රන් කැට පතෙක පැහැ සමාන ව
වඩ වඩා ශෝභමානවත් ව අතිශයින් බබළන්නට වන. එවිට සිතන
සේක්, "මේ නුවණ නැති රජ තමාගේ නෑයන් ආ ගිය අත් නොදැන
මට වධ විධාන කරන්නේය. මෑණියනුත් අඹුදරුවනුත් ගෙන්වාගෙන
මියුලු නුවරට යැවූ නියාව නොදැන මට සෑහෙන්නේය. මේ රජ මහා
ඓශ්චර්යයෙහි පිහිටා සිටියේ, මා කළක් කෙළේය'යි සිතා ක්‍රෝධ
වශයෙන් අත තුබූ හීයෙන් විද පී නමුත් අන් කිසි උපක්‍රමයකින් නසා පී
නමුත් නපුර, මේ රජහු ශෝකයෙන් මුර්ජා කරවා උන් ඇතු පිට ම
විසංඥ කරවා පියා නැවත අස්වසා ලමි”යි සිතා වදාරන සේක්.
‘සචෙ මෙ හත්ථෙ ච පාදෙ ච කණ්ණානසඤ්ච ජෙදයී
එවං පඤ්චාලචණ්ඩස්ස වෙදෙහො ජෙදයිස්සති,
‘ සචෙ මෙ හත්තෙථ ච ලාද්රෙහ ච කණ්ණනාසඤ්ච ජෙදයී එවංපඤ්චාලචණ්ඩියා වෙදෙහො ජෙදයිස්සති,
‘සචෙ මෙ හත්ථෙ ත පාදෙ ච කණ්ණනාසඤ්ච ජෙදයි එවං තෙ පුතුතදාරස්ස වෙදෙෙහො ජෙ දයිස්සති,
‘සචෙ මෙ හත්ථ පාදංච කණ්ණනාසඤ්ච ජෙදයි එවං තෙ ලුත්තදරස්ස වෙදෙෙහෙ ජෙදයිස්සති,
‘සචෙ දෙ හත්ථ පාදංච කණ්ණනාසඤ්ච ජෙදයී එවං තන්දාදෙවියා චෙදෙහො ජෙදයිස්සති,
‘සචෙ මෙ හත්ථ පාදංච කණ්ණනාසඤ්ච ජෙදයි එවං තෙ පුත්ගදාරස්ස වෙදෙෙහො ජෙදයි ස්සති,
‘සචෙ මංසච පාතබ්බං සුලෙ කත්වා පච්ස්සති එවං මංසච පාතබ්බං චණ්ඩස්ස වෙදෙහො පාචයිස්සති,
‘සචෙ මංසංච පාතබ්බං සුලෙ කත්වා පචිස්සසි එවං පඤ්චාල චණ්ඩඩියා වෙදෙහො පාචයිස්සති’
“මහරජ, ඉදින් නුඹ වහන්සේ මාගේ අත් පා කන් නාසා
කප්පවා වධ කැරැවූ සේක් වී නම් නුඹ වහන්සේ මට කැරැ වධ
මුළුල්ල නුඹ වහන්සේගේ පුතණුවන් දියණියන් නන්දා දේවීන් නුඹ
වහන්සේ වැදූ මෑණියන් යන සතර දෙනාට අපගේ රජ්ජුරුවෝත්
කරවන්නාහ. මහරජ, මාගේ ඇඟ මස් ලියා උල අවුණා වධ කරවා
පී දෑ වී නම්, අපගේ රජ්ජුරුවෝත් නුඹ වහන්සේගේ නෑයන් සතර
දෙනාට මට කළ වධයට දිවුණක් කරවන්නාහ. තව ද සිංහ ව්යාඝ්ර
මෘග වෘෂභාදීන්ගේ සම් බිම වනා කණු ගසා වියළන්නා සේ මට වධ
කරවා පී දෑ වී නම්, නුඹ වහන්සේ නෑයන් සතර දෙනාටත් අපගේ
රජ්ජුරුවෝ නොයෙක් චිත්‍ර වධ කරවන්නාහ. තව ද, මහරජ, සම්
කරුවන් ලවා සම් සියයක් පටින් සකස් කරවා වැළඳ ගන්නා ලද
සන්නාහය තම හට බැහැරින් වදනා සැර ආදී උපද්‍රව නිවාරණය
කොට ආත්මාරක්ෂාව පිණිස වන්නේද - එ පරිද්දෙන්ම මම මාගේ
රජ්ජුරුවනට සම් සියක් පටින් කළ සන්නාහයක් පරිද්දෙන් ඉදිරියේ
සිට කිසි භයක් නොවැද්ද දී සැප එළවමි"යි වදාළ සේක.
මෙසේ කියා නැවත වදාරන සේක්, “මහරජ, වැළිත් මේ නිකම්
කියන දෙයකැයි නොසිතුව මැනැව. නුඹ වහන්සේගේ අඹුදරුවන්
හා මෑණියන් අපගේ රජ්ජුරුවනට පාවා දී මියුලු නුවරට යවන්නෙම්,
මහරජ, ඉදින් චූලනි රජ්ජුරුවෝ නුඹ වහන්සේ 'තමනට සොරා
යවාපී හ'යි මා අල්ලාගෙන කන් නසා අත් පා කප්පවා වධ කරවූ
නම් කුමක් කරන සේක්දැයි කී හෙයින්, මහෞෂධ පණ්ඩිතයෙනි,
ඒ රජ සැබවින් තොපට වධයක් කෙළේ වී නම් ඒ තොපට කළ වධ
මුළුල්ල ම ඒ රජ තමා මහා බල ඇති හෙයින් ඕහට කළ නොහෙතත්
ඔහුගේ අඹුදරුවන් මෑණියන් යන සතර දෙනාට, තොපට කළ
වධයට දිවුණක් ම කරව'මි' කියා ප්‍රතිඥා ගතිමි'යි කියා 'මහරජ, නුඹ
වහන්සේ මා එක තැනැත්තවුට එක් වධයක් කරවූ සේක් වී නම්
නන්දා දේවීන් හා දරුවන් දෙන්නා ඇතුළු වූ නෑයන් සතර දෙනාටත්
අපගේ රජ්ජුරුවෝ තමනට පිළිවන් වධ බන්ධන කරවන්නාහ'යි
වදාළ සේක. මෙසේද කියා 'මහරජ, නුඹ වහන්සේගේ ප්‍රඥා නමැති
හීයට මම සම් සියක් පටින් කළ සන්නාහයක් ව ඉදිරි ව සිට මාගේ
රජ්ජුරුවනට ඒ සැරයෙන් වන්නා වූ උපද්‍රව දුරු කොට සැපයක් ම
එළවමි'යි වදාළ සේක.
ඒ අසා චූලනී රජ්ජුරුවෝ සිතන්නාහු, 'මේ ගොවියා පුත්
කුමක් කියාද? මම 'යම් වධයක් තමාට කරවමි' කීම් නම් මේ තෙමේ
‘තමාගේ රජ්ජුරුවෝ මාගේ අඹු දරුවනට කරවති' කියති. මම ඊයේ
එන්නෙම් මාගේ අඹුදරුවනට සුරක්ෂිත කොට රැකවල් ලවා ලා ආමි.
ඒ නියාව නොදන්නා වන, නොබෝ කලෙකින් මේ මියන්නේය.
එබැවින් මරණ විකලයෙන් නන්දොඩව'යි කියා මහතාණන්ගේ බස්
නොහැදහූහ.
පර සිත් දන්නා නුවණැති මාගේ බෝධිසත්ත්වයන් වහන්සේ
රජු සිතුවා දැන 'මේ රජ මා මරණ භයින් නන් දොඩතියි සිතයි.
සැබවින් ම අඹු දරුවන් මියුලු නුවරට යැවූ නියාව දන්වා ලමි'යි
සිතා වදාරන සේක්, 'මහරජ, මරණ භයින් නන් දොඩති' සිතූ බැවින්
මාගේ බස් අදහන පිණිස තොපගේ අන්තඃපුරයට මිනිසුන් යවා
මාළිගාව බැලුව මැනැව. නන්දා දේවීන් හා දරු දෙදෙනා හා නුඹ
වහන්සේගේ මෑණියන් ඇතුළු වූ නෑයන් සතර දෙනා සුළු උමඟින්
බා ගෙන'වුත් වේදේහ රජ්ජුරුවනට පාවා දී මහ උමඟින් මියුලු
නුවරට යවා පියන ලද්දාහු මෙතැනට සාර සියයක් ගවු ගෙවා මියුලු
නුවරට යන්නාහ'යි වදාළ සේක.
එවිට රජ්ජුරුවෝ සිතන්නානු, 'පණ්ඩිතයෝ ඉතාම තරව
බුහුටිව ම කියන්නාහු, මධ්‍යම රාත්‍රියෙහි ගං තෙර රැකවල් බලා
ඇවිදින මා විසිනුත් නන්දා දේවීන්ගේ ශබ්දයක් සේ ම කටහඬකුත්
අසන ලදී. මේ පණ්ඩිතයෝත් එසේ මෙසේ කෙනෙක් නො
වන්නාහ. මුන් හා සමාන ප්‍රඥා ඇති කෙනෙක් කොයිත් නැත්තාහ.
එබැවින් මුන්ගේ බස් සැබෑ සැටිය'යි උපන්නා වූ බලවත් ශෝක
ඇත්තහු රාජ ධෛර්ය උපදවා ගෙන නිශ්ශොකී එකක්හු මෙන්
එක් අමාත්‍යයකු කැඳවා මාලිගාව බලවන්නාහු, 'එම්බා දරුව, මේ
මහෞෂධ පණ්ඩිතයෝ කියන්නාහු 'මාගේ අඹුදරුවන් ආදී වූ අවශ්‍ය
බන්ධූන් සතර දෙනා උමඟින් ගෙන්වා තම රජ්ජුරුවන්ට පාවා දී
මියුලු නුවරටයවා පිමි'යි කිවූය. උන්ගේ බස් සැබෑද පරීක්ෂා කොට
පියා වහා එව'යි ගාථාවකින් කීහ.
ඉඃඝ අන්තො පුරං මයහං ගන්ත්වාන විචිනාථනං
යථා ඉමස්ස වචනං සච්චං වා යාදි වා මුසාති
ඒ අසා අමාත්‍යයා සේනාව පිරිවරා මාලිගාවට ගොස් දොර
හැර රජගෙට වැද, ඒ රජගෙයි රැකවල සිටියවුන් අල්වා අත් පා බැඳ
කට කඩ රෙදි ඔබා බිත්ති කොකුවල එල්ලා පියා තිබූ අන්තඃපුර
රකින්නන්ද කුදුන් කුරුන් ආදි වුවන් ද බඳුන් බිඳ ඒ ඒ ස්ථානයෙහි
විසුරුවා පියා තුබූ කන බොන දෑ ද, රුවන් ගබඩාවල දොරහැර
රුවන් උකා ගත් තැන ඉස පියා තුබූ රුවන් සමූහයද, දොරහැර
තුබූ ශ්‍රී යහන් ගබඩාව ද, එසේ ම ඇර පියා තුබූ සී මැදුර කවුළුවෙන්
ඇතුළට වැද, උනුනුන් කටින් පූ උදුරා කන්නා වූ කා රැස් බැඳ
ඇවිදිනා වූ කපුටු සමූහයන්ද මූදු බඩ කෙවුලන් හැරපියා ගිය සැඬි
ගමක් සේද, අමුසොහොනක් සේද, ඉතා නිශ්‍රීක වූ රාජ භවනය බලා පියා
ඇවිත් කියන්නේ,
“එවමෙතං මහාරාජා යථා ආහ මහොසධො
සුඤ්ඤං අන්තොපුරං සබ්බං කාකපටට්නකං යථා”
“මහරජ, යම් සේ මහෞෂධ පණ්ඩිතයෝ කිවුද, උන්
කීවායින් එක බසෙකත් බොරුවෙක් නැත. ඒ සැබෑ මය. පෙර නුඹ
වහන්සේගේ මාළිගය දිව පුරයක් වැන්නැයි සිතමි. එසේ වූ රජගෙය
දැන් මූදු තෙර බඩ කෙවුළන් ඇර පියා ගිය ගමෙක මස් ගඳට
හැසිරෙන්නා වූ කාක සමූහයක් සෙයින් ඒ මාළිගය කපුටු සමූහයන්
ගෙන් අතුරු, සිදුරු නැති ව තුබුයේය. ඒ රජගෙයි නුඹ වහන්සේගේ
අඹුදරුවෝත් මෑණියෝත් මා දුටුවේ නැත. ආ ගිය තෙනක් ඇසූ දෑත්
නැතැයි, පණ්ඩිතයන් කීයේ සැබෑ මය'යි කීහ. රජ්ජුරුවෝ නෑයන්
සතර දෙනාගේ වියෝ දුකින් කම්පිත ව වෙවුලන්නාහු 'මේ
දුඃඛය ගොවියා පුතු නිසා ම මට වූයේ යැ’යි දණ්ඩෙන් පහරන ලද
ආශීර්විෂයකු පරිද්දෙන් බෝධිසත්ත්වයන් කෙරේ පළමු තරමටත්
වඩා ක්‍රෝධ ඉපිද වූහ.
බෝධිසත්ත්වයන් වහන්සේ රජුගේ ආකාරයෙන් ම දැන ලා
සිතන සේක් 'මේ රජ්ජුරුවෝ මහා යසස් හා කීර්ති හා පරිවාර හා
ඇත්තාහ. යම් සේ ක්‍රෝධ වශයෙන් තමාට මතු මා නිසා වන්නා වූ
අභිවෘද්ධි නොසලකා රාජ මානයෙන්, ඔවුන් ගෙන් මට ප්‍රයෝජන
කිම්ද'යි නොසොයා මට හිංසාවක් කළෝ නම් නපුර, නුවණ නම්
මෙසේ වූ තැනට වේද? 'උපායකින් මේ රජු මා කරා නමා ගන්මි'
සිතා නන්දා දේවීන් පෙර මේ රජ නොදුටු විරූ කෙනකුන් මෙන්
ඒ බිසවුන්ගේ රූප ශ්‍රී වර්ණනා කෙළෙම් නම් බිසවුන් සඳහන්
කරන්නහුට 'මේ මහෞෂධ පණ්ඩිතයන් මරා පිම් නම් එබඳු මාගේ
ස්ත්‍රී රත්නය නොලබන්නෙමි, ඉදින් නොමැරිම් නම් ඒකාන්තයෙන්
නෑයන් සතර දෙනා ලබන්නෙමි'යි සිතා තමන්ගේ බිසොවුන් කෙරේ
කළ ස්නේහයෙන් මට කිසි අපරාධයක් නොකරන්නාහ'යි සිතා තමන්
වහන්සේගේ ආත්මාරක්ෂාව පිණිස මාළිගයේ මතු මහලේ සිටි සේක්
ම සන්ධ්‍යා වලා පටලයක් හස්සෙන් ගැසූ විදුලියක් පරිද්දෙන් පෙරව
සිටියා වූ රත් පලස යටින් රන්වන් වූ ශ්‍රී හස්තය මෑත් කොට ගෙන,
නන්දා දේවීන් ගිය මඟ මේයයි කියන්නා සේ උන්ගේ රූප වර්ණනා
කරන සේක්, මෙසේ වදාරන සේක.
‘ඉතො ගතා මහාරාජ නාරි සබ්බංගසොහනා
කොසුම්භ ඵලක සුස්සොණි හංසගග්ගරභාණිනි.
“සූරත්තපාද්රා කල්යාගණි ුවණ්නමණිමෙඛලා
පාරවතක්ඛී සුතනු බිම්බොට්ඨා තනුමජ්ඣිමා
“සුජාතා භුජංගලට්ඨිව වෙල්ලීව අනුමජ්ඣිමා
දීගස්ස කෙසා අසිතා ඊසකග්ග පචෙල්ලිතා
‘සුජාතා මිගජාපිව හෙමන්තග්ගි සිකාරිව
නදිව ගිරිදුග්ගෙසු සඤ්ජන්නා බුදුදවෙළුහි
“නගනාසූරු කල්යාසණි පඨමාතිම්බරුත්ථනී
නෙවාතිදීසා නාරස්සා නලොමා නාතිලොමසා’
මෙයින් වදාරා "රජ්ජුරුවන් වහන්ස, සිවු සැටක් පමණ ස්ත්‍රී
ලක්ෂණයෙන් විරාජමාන වූ නන්දා දේවී මෙසේ ගියාහ. කෙසේ ගියාද
යත්? උන් මා විසින් උමඟකින් පිටත් කරවා වේදේහ රජ්ජුරුවන් හා
කැටි ව මියුලු නුවරට යවා පියන ලදු. තව ද මහරජ, නුඹ වහන්සේ
ඒ බිසවුන් කෙසේ වූ රූ ඇති කෙනකුනැ'යි සිතන සේක්ද? උන්ගේ
උපමා රහිත වූ රූප ශ්‍රී විලාසය මා අතින් අසා ගත මැනැව, ගන රන්
පෝරුවක් බඳු වූ ඉතා මට සිලුටු වූ ශ්‍රෝණි ප්‍රදේශ ඇත්තාහ. බාල
හංස පෝතකයන්ගේ ශබ්ද හා සමාන වූ මිහිරි වූ ළඳ බොළඳ ප්‍රිය
තෙපුල් දන්නාහ. කශී දේශයෙහි රන්කම් කළ තිහිරි පිළි ඇන්දාහ.
ස්වභාවයෙන් ම රන්වන් ශරීර ඇත්තාහ. ජාත රූපයෙන් කරන ලද
මිණි මෙවුල්දම් පැළැන්දාහ. මෙසේ සර්වාංග සුන්දර වූ ඒ නන්දා
දේවී මා විසින් මෙසේ යවා පියන ලදැ'යි වදාළ සේක.
තව ද අලතා පිරියම් කළාක් වැනි වූ රත් වූ පතුල් ඇත්තාහ.
ළද මුව පොල්ලන්ගේ ඇස් හා සමාන ව කනට රහස් කියන්නට
ගියාක් වැනි ව දික් වූ කෘෂ්ණ මණ්ඩලය පරවියන්ගේ ඇස් මෙන් ඉතා
කොට වැ නිලුපුල් පෙති පරදවන්නා වූ පස් පෑ දිස්නා නේත්‍ර ඇත්තාහ:
මනා ව විලිකුන් බිඹු පල සේ රත් වූ අධර පල්ලව ඇත්තාහ: තව ද
දෑ හිඟුල් පල්ලෙක්හි ගා වැද්දු සක් කැබලි පෙළක් සේ ශෝභමාන වූ
දන්ත පංක්ති ඇත්තාහ. තව ද මනා ව හට ගත් කළථුවැල් ලතාවක්
මෙන් ඉතා චංචල ගාත්‍ර ඇත්තාහ: සිහින් වූ මධ්‍ය ප්‍රදේශ ඇත්තාහ.
තව ද ඉතා නිල් වූ දික් වූ සිනිඳු වූ අක් බඹුරු වූ කේශ කලාප
ඇත්තාහ: තව ද අබිනව මෘගාංගනාවක් සේ ඉතා යහපත් බැලුම්
ඇත්තාහ: හේමන්ත කාලයෙහි ගිනි කඳක් මෙන් බැලූ බැලූවන් ඇසට
ඉතා ප්‍රිය වන්නාහ. ඇයි ගිනි කඳක් දැකත් ප්‍රිය වෙත්ද යත්, ඒ
මෙසේ යයි දතයුතු, හිම සමයයෙහි ගින්නක් දුටු කල්හි එහි අත
තවා පියන්නට නොසිතන කෙනෙක් නැත්තාහ. එසේ පැහැපත්
වහ්නි රාශියක් මෙන් සියලු රූපශ්‍රීන් බබළන්නා වූ ඒ නන්දා දේවීන්
දුටුයේ නම් උන් ප්‍රාර්ථනා නොකරන එකද පුරුෂයෙක් ම නැති.
තව ද පර්වත ප්‍රාන්තයෙන් හුණු ගංගාවක් දෙහිත්තියෙන් දියට හී
එක පිට ගමන් ගෙන සිටි සිහින් නළ කොළ සමූහයෙන් හොබනීද,
එපරිද්දෙන් ම ඒ බිසවු ඇඟ තුනු වූ, නොදික් වූ, නිල් වූ, එකහී සිටියා
වූ රෝම රාජියෙන් හෙබියාය.
තව ද නන්දා දේවී ඡවි කල්‍යාණය, මාංස කල්‍යාණය, වය
කල්‍යාණය, දන්ත කල්‍යාණය, කේශ කල්‍යාණය යන ඉතා ආශ්චර්ය වූ
පඤ්ච කල්‍යාණයෙන් යුක්තය. තව ද ඉතා යහපත් ස්වර්ණ ඵලකයෙහි
තබා ලූ රන් තිඹිරි ඵල දෙකක් සේ ඉතා සන්තෝෂකර වූ, දරුවන්
කොතෙක් ලදත් ආයුෂ කෙතෙක් ගියත් සොළොස් හැවිරිද්දෙහි තන
මෙන් ඉතා දැඩි වූ තන සඟළ ඇත්තාහ. ඒ බිසවුන්ගේ තන දැඩි
නියාව කියන්නට කාරණා කිම්ද යත්, යම් ස්ත්‍රියක් දිව්‍යාංගනාවක්
සේ යහපත් වූ රූ ඇත්තී නමුත් එසේ වූ ස්ත්‍රිය නඛාග්රයෙහි පටන්
කේශාග්‍රය දක්වාත් ඇගේ සර්වාංගයෙහි ඒ ඒ ස්ථානයෙහි සැරහුවමනා
චිචිත්‍ර වූ නොයෙක් පළඳනාවෙන් අනූන ව සැරසී සිටියා නමුත්
ඇගේ තනය මොළොක් වී නම් පුරුෂයන් ඈ කෙරෙහි කරන්නා
වූ ස්නේහය සුඟත් තනය සේ ම මොළොක් වන්නේය. එබැවින්
බිසවුන්ගේ රුවත් සිත්කලුය, තන දෙකත් ඔවුන් දුට පුරුෂයන්ගේ
ස්නේහ වඩනා පරිද්දෙන් ඉතා දැඩිය. එසේ වූ සිවුමැලි බිසව මෙසේ
මියුලු නුවර බලා ගියහ'යි ශ්‍රී හස්තය ඔසවා පෑ වදාළ සේක.
මෙසේ ඒ මහතාණන් වහන්සේ නන්දා දේවීන්ගේ රූප ශ්‍රී
වර්ණනා කරත් චූලනී රජ්ජුරුවෝ නන්දා දේවී පෙර තමන් නුදුටු විරූ
කෙනකුන් පරිද්දෙන් බලවත් ස්නේහ ඉපැද වූහ. රජහුගේ ස්නේහය
ආකාරයෙන් දැන වදාරා 'මහරජ, මෙ බඳු රූපත් බිසවුන් මිය යෑමෙහි
සතුටු සේක්ද උන් මළ කල නුඹ වහන්සේට කිසි ප්‍රයෝජනයෙක් ම
නැද්ද? තවත් උන් මළහොත් මට සන්තෝෂ කරය, කාරණා කිම්ද
යත්: නුඹ වහන්සේ මා මොබදී මරා පූ නම් මාගේ රජ්ජුරුවෝ ඔබින්
නන්දා දේවීන් මරා පියති. එකල නන්දා දේවීත් මමත් දෙන්නා සම ව
යම රජු ළඟට යම්හ, ඉතා ධර්මිෂ්ඨ වූ යමරජ අප දෙන්නා බලා පියා
කියන කල පුරුෂයන් ගෙන් මහෞෂධ පණ්ඩිතයන් වැනි කෙනකුන්
නැත. ස්ත්‍රීන් ගෙන් නන්දා දේවීන් වැනි කෙනකුන් නැතැ”යි කියා,
"නන්දා දේවී මහෞෂධ පණ්ඩිතයන් තරම්හ. නන්දා දේවීන් මට ම
පාවා දී පියන්නාහ. එබැවින් මා මියත් එබඳු ස්ත්‍රී රත්නයක් ලබන
කල සෙසු කුමක් නම් මට සිද්ධ නොවේද? එබැවින් මා මිය යාමෙහි
කිසි හානියක් නැතැ”යි වදාළ සේක. බෝධිසත්ත්වයන් වහන්සේ
මෙ පරිද්දෙන් නන්දා දේවීන් ම වර්ණනා කළ සේක. සෙස්සවුන්ගේ
නමකුත් නොකී සේක. කුමක් නිසාද යත්: පුරුෂයෝ නම් තමන්
ප්‍රිය භාර්යාවන් කෙරෙහි මෙන් සෙස්සවුන් කෙරෙහි ස්නේහ
නැත්තාහ. ඒ නන්දා දේවීන් සඳහන් කරන්නෝ දරු දෙන්නාත්
සඳහන් කරත්මය”යි සිතා නන්දා දේවීන් ම වර්ණනා කළ සේක.
තලතා දේවී මැහැලි හෙයින් උන්ගේ නමකුත් නොවදාළ සේක.
ප්‍රඥා සම්පන්න ඒ මාගේ ස්වාමි දරුවාණන් නුවණින් යෙදී මධුර
ස්වරයෙන් වර්ණනා කරත් කරත් ම නන්දා දේවී අවුත් තමා ඉදිරියේ
පෙනී ගියා සේ වැටහිණ.
එවිට රජ්ජුරුවෝ සිතන්නාහු, 'මේ මහෞෂධ පණ්ඩිතයන්
හැර අනික් කෙනෙක් නන්දා දේවීන් ගෙනවුත් මට දෙන්නට සමර්ථ
නැතැ'යි සිතූහ. මෙසේ ඒ බිසවුන් සිතන්නා වූ රජහට බලවත් ශොක
උපන්නේය. ඒ බව තමන් වහන්සේ දැන 'මහරජ, නොසිතා වදාළ
මැනැව. නන්දා දේවීත් පුතණුවෝත් මෑණියන් වහන්සේත් තුන් දෙනා
ම එන්නාහ. උන් මීට එන්නට බාධා නම් මා යන පමණක් මය. මා
ගිය විට ම එන්නාහ”යි වදාළ සේක. මෙසේද කියා නැවත වදාරන
සේක්, "මහරජ, මා ඉන්ද දී මෙ විචරකට ශෝක නොකළ මැනැව,
අස් වැසුණ මැනැව”යි රජහු අස්වසා වදාළ සේක. එවිට රජ්ජුරුවෝ
සිතන්නාහු, ඉතා ආශ්චර්ය නියාය, මාගේ නුවර සුරක්ෂිත කොට
රැකවල් ලවා මහත් වූ බල ඇණි පිරිවරා අවුත් මේ නුවර මෙසේ
රැකවල් ගෙන සිටිය දී, මේ පණ්ඩිතයෝ නුවරින් නන්දා දේවීන් ඇතුළු
වූ මාගේ නෑයන් සතර දෙනා කිසි කෙනකුන් නොදන්නා පරිද්දෙන්
ගෙන්වා ගෙන වේදේහ රජුට පාවා දී, අප හැම තමා හුන් මේ
නුවර තුන්යම් රාත්‍රියෙහි නිදි මරා රැකවල් ගෙන සිටිය දී, අප ගෙන්
කාත් නොදන්නා පරිද්දෙන් වේදේහ රජු හා සේනාව නුවරින් පිටත්
කොටයවා පීය. දිව්‍ය මායමක් දනිද්දෝ නොහොත් ඉන්ද්‍ර ජාලයක්
දනිද්දෝ හෝ'යි විචාරා බලමි'යි සිතා කියන්නාහු:-
‘දිබ්බං අධියසෙ මායං අකාසි චක්ඛුමොහනං
යො මෙ අමිත්තං හත්ථගාතං වෙසදහං පරිමොචයි’
“මේ කිමෙක්ද පණ්ඩිතයෙනි, මේ සා රාජ සේනාවක් වටලා
ගෙන සිටිය දී එසේ රැකවල උන් මාගේ නෑයන් සතර දෙන ගෙන්වා
මාගේ සතුරු වේදේහ රජුත් එක්කොට නුවරින් පිටත් කොට යවාපූ
තෙපි දිව්‍ය මායමක් දනුද? නොහොත් ඇසට ඉන්ද්රජාලයක්
දනුදෝ හෝ'යි විචාළහ.
ඒ අසා මහතාණන් වදාරන සේක්, "මහරජ,
මම දිව්‍ය මායමුත් දනිමි. ඉන්ද්රජාලයත් නොදන්නෙම් නොවෙමි,
නුවණැත්තාහු දිව්‍ය මායම් ඉගෙන යම් තමහට භයක් පැමිණි කල ඒ
භයින් තුමූත් ගැලවී ආශ්‍රය කළවුණුත් ගලවන්නෝ වෙත්ය'යි වදාරා
මේ ගාථා වෙන් කීහ:
‘අධියන්තෙ මහාරාජ දිබ්බමායිධ පණ්ඩිතා
තෙ මොචයන්ති අත්තානං නිස්සිතෙ මන්තිනො ජනෙ.
‘සන්ති මානවපුත්තාමෙ කුසලා සන්ධිදෙකා
තෙසං කතෙන මග්ගෙන වෙදෙමහා මිථිලං ගතො.
“මහරජ, මා විසින් කළ මායමකුත් නැත. ඇසට ලූ ඉන්ද්‍ර
ජාලයකුත් නැත. එසේ කල කෙසේ ගියෝද යත්? උමං බිඳීමෙහි
දක්ෂ වූ මාගේ තරුණ යෝධයන් විසින් දිව්‍ය පුරයක් මෙන් විසිතුරු
කොට සරහන ලද උමඟකින් වේදේහ රජ්ජුරුවෝ නුඹ වහන්සේගේ
නෑයනුත් ඇරැගෙන මියුලු නුවරට පලා ගිය සේක”යි වදාළ සේක.
ඒ අසා රජ්ජුරුවෝ සිතන්නාහු, එකකු දෙන්නකු පවා
උමඟින් යන කල මහා ව්‍යසනයෙන් දුක සේ පිටත් වන්නේය. මේ
පණ්ඩිතයෝ සේනා සහිත රජ්ජුරුවන් උමඟින් සුව සේ පැලෑහ'යි
කියති. ඒ උමඟ කෙබඳු දෝ හෝ'යි උමඟ දක්නා කැමැති වූහ.
බෝධිසත්ත්වයන් වහන්සේ රජ්ජුරුවන්ගේ ආකාරයෙන් ම 'රජහු
උමඟ දක්නා කැමැති සැටිය, උන්ගේ මන දොළ පුරා උමඟ දක්වා
පියමි”යි සිතා රජහට වදාරන සේක්:-
ඉඞිඝ පස්ස මහාරාජ උම්මග්ගං සාධු මාපිතං
හත්ථිනමථ අස්සානං රථානමථ පත්තිනං
ආලොක භූතං තිට්ඨන්තං උම්මග්ගං සාධු නිට්ඨිතං’
මෙසේ වදාරා "මහරජ, මා විසින් කරන ලද උමඟ චිත්රකාරයන් විසින් සරහා සිටුවන ලද ඇතුන්ද අසුන්ද එසේ ම රථාලංකාරයෙන් සරහා සිටුවන ලද රථ වාහනද, යුද්ධයට සැරසී සිටියාක් මෙන් ආවේයයි වහා නොදත හැක්කා වූ නොයෙක් ආයුධ අත් ඇති ව සිටි මහත් වූ පාබල සේනාව ද යන සියලු අලංකාරයෙන් දිව්‍ය සභාවක් මෙන් දස දහසක් සක්වළ එකද තෙනකත් මෙබඳු ආශ්චර්යයෙක් නැත. එබඳු උමඟ බලා වදාළ මැනැව”යි කියා නැවතද වදාරන සේක්. “මහරජ, මාගේ ප්‍රඥා නමැති චන්ද්‍රයා හා උපාය නමැති සූර්යයා එක් ව නැංගා වූ ස්ථානයෙහි සරහන ලද උමඟ අසූවක් පමණ මහ දොර ඇත්තේය. සිවු සැටක් පමණ සුළු දොර ඇත්තේය. එක් සියයක් ශ්‍රී යහන් ගබඩා ඇත්තේය. නොයෙක් සිය ගණන් පහන් ගබඩා ඇත්තේය. මේ සියල්ල ම දක්නා පිණිස වඤ්චා සිතක් නැති ව සතුටු සිතින් අවෛරි ව මට අවනත ව අව මැනැව. එක් සියයක් රජදරුවන් හා අමාත්‍ය මණ්ඩලය පිරිවරා මේ උපකාරී නුවරට වැඩිය මැනැව.
ඉතින් එසේ නොව 'වේදේහ රජහු ගියත් අර්ධයක් ලද්දේ
පණ්ඩිතය'යි කීවා සේ මා කෙරේ මායමින් ඉත සිතින් අඟවා නොසතුටු
ලෙසින් නුවරට වැද, දෙන්නාට කළ මනා දෙය මූට ම කෙරෙමි”යි
සිතා මා අල්වා ගන්නට මායම් සිතකින් ආ සේක් වී නම් මේ එක දස
දහසක් යොදුන් දඹදිව එක් සියයක් රජුන්හා අටළොස් අක්ෂෞහිණි
සංඛ්‍යාත චතුරංඟනී සේනාවක් තබා සෘද්ධි සම්පන්න චක්‍රවර්ති
රජෙක් තමාගේ ආනුභාවයෙන් සතර මහාද්වීපයෙහි සේනාව ඒ
ඒ රජදරුවන් සහිත ව ගෙනා යේ වී නම්, මාගේ එකදා උපන්
යෝධයන්ගෙන් එක් යෝධයෙක් ම ඒ සේනාව මරා ලුහුබඳවා ජය
ගෙන මා රැක ගන්නට පොහොසත් වන්නේය. එබැවින් මහරජ මා
කෙරේ පරණ වෛරයක් සිත ඇත් නම් එසේ වූ දුර්මතයක් නොසිතා
වහා වැඩිය මැනැව”යි උපකාරී නුවර වාසල් හරවා වදාළ සේක.
42. බ්‍රහ්මදත්තයන් උමඟට වැදීම
චූලනී රජ්ජුරුවෝ එක් සියයක් රජුන් හා අමාත්‍ය මණ්ඩලය පිරිවරා උපකාරී නුවරට වන්හ. අභිමතාර්ථ සාධක චින්තා මාණික්‍යයක් බඳු වූ ජනනේත්ර රසාඤ්ජන වූ මාගේ ස්වාමි දරු වූ තිලෝගුරු බෝධිසත්ත්වයන් වහන්සේ ඇත් සේනාවක් මැදට නොබා නික්මුණු අභීත කේශර සිංහ රාජයකු සේ මාලිගයෙන් බැස රජ්ජුරුවන් වැඳ බ්‍රහ්මත්ත රජ්ජුරුවන් ඇතුළු එක් සියයක් රජදරුවන් හා මහා සේනාව පිරිවරා උමඟට වන් සේක. බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝ රාජ මංගල්‍යයට සරහන ලද මාහැඟි වූ නුවරක් බඳු වූ ඉතා ආශ්චර්යවත් වූ උමඟ දැක බෝධිසත්ත්වයන්ගේ ගුණ කියන්නාහු, 'එම්බා රජදරුවෙනි, යම් රජක්හුගේ ජනපදෙහිද එක රටද එක නුවරද එක රජගෙයිද මේ 'මහෞෂධ පණ්ඩිතයන් වැනි කෙනෙක් වෙසෙත් නම්, ඒ ජනපදයටත් රටටත් ඒ නුවරටත් ඒ රජුටත් ලාභයෙක් මුත් අලාභයෙක් නැත්තේය. එසේ හෙයින් පණ්ඩිතයන් හා සමඟ වසන්නා වූ වේදේහ රජහට එසේ ම මහා ලාභයෙකැ”යි බෝධිසත්ත්වයන්ට ස්තුති කරන්නාහු වේදේහ රජු කෙරේ ව්‍යාජයෙන් "ඉදින් මහෞෂධ පණ්ඩිතයෝ මා සමීපයෙහිවත් මාගේ නුවරවත් මාගේ ජනපදයෙහි වත් මාගේ ආඥා පවත්නා රට දනව්වෙහි වත් වෙසෙත් නම් මටත් වන්නේ මහා වැඩෙක් මය. මහා අභිවෘද්ධියෙක් මය”යි මහා පසාරයෙන් කීහයි. දත යුතු.
ඉක්බිති බෝධිසත්ත්වයන් වහන්සේ එක් සියයක් ශ්‍රී යහන් ගබඩා දැක්වූ සේක. ඉන් එක් ගබඩාවෙක දොරහළ කල මුළු ගබඩාවල ම දොර හැරුණේය. එකක් පිහි කල මුළු දොර පිහීයන්නේය. මෙසේ ආශ්චර්යවත් වූ උමඟ විස්තර බලමින් රජ්ජුරුවෝ පළමු ව යන්නාහ. පණ්ඩිතයන් වහන්සේ පසු ව යෙති. එක් සියයක් රජදරුවන් හා රජ්ජුරුවන්ගේ අගම්පඩි සේනාව උමඟට වන්නාහ. මහඋමඟ දෙගවුවක් පමණ ගෙවා ගෙන ගොස් රජ්ජුරුවෝ උමං දොර එළිපතින් පිටත් වූහ. බෝධිසත්ත්වයන් වහන්සේ රජහු පිටත් වූ බව දැන තමන් වහන්සේ පිටත් වන සේක් අනිකක්හු පිටත් විය නොදී උමඟ දොර පියන සේක් නොහඟවා එක් ඇණයක් මැඬලූ සේක. ඒ ඇසිල්ලෙහි අසූවක් මහ දොරය, සූ සැටක් සුළු දොරය. එක් සියයක් ශ්‍රී යහන් ගබඩාවල දොරය. සිය දහස් ගණන් පහන් ගබඩාවල දොරය යන සියලු දොරවල් ඒ ක්ෂණයෙහි පිහී අගුලු වී ගියේය. ඒ සියලු ම උමඟ ලෝකාන්තරික නරකය මෙන් විය. මහජනයෝ භයින් තැතිගෙන ගියෝය. උමඟ හසු වූවෝ ඔවුනොවුන්ගේ ශබ්දය මුත් 'මූ මූ මැ යැ'යි නොදන්නාහ.
බෝධිසත්ත්වයන් වහන්සේ ඊයේ මධ්‍යම රාත්‍රියෙහි සරණ පාවා දී වේදේහ රජ්ජුරුවන් යවා නැවත උමඟට වදිමින් තමන් වහන්සේගේ මඟුල් කඩුව වැල්ලේ සඟවා තුබූ සේක්ද, ඒ කඩුව තුබූ තෙනින් වහාම අතට ගෙන අටළොස් රියනක් පමණ තැන් ආකාශයට පැන නැඟී බිමට බැස, වමතින් රජහු අත අල්වාගෙන කඩුව බොටුවට පෑ අමෝරා භය ගන්වා “මහරජ, මේ සියලු දඹදිව රාජ්‍යය කාටදැ”යි විචාළ සේක.
රජ්ජුරුවෝ භයින් තැති ගෙන, “පණ්ඩිතයෙනි තොපට මය, තොපට මය, තොපට මය”යි තුන් වරක් කියා “මා නොමරා මට අභය දෙව”යි කීහ. එබසට බෝධිසත්ත්වයන් වදාරන සේක්, "මහරජ! නොබව මැනැව, නුඹ වහන්සේ මරන පිණිස කඩුව එසවුයෙම් නොවෙමි. මාගේ ප්‍රඥාවේ ආනුභාව දක්වන පිණිස කඩුව එසවීමි” කියා රජ්ජුරුවන් අතට කඩුව දුන්සේක්. “මහරජ ඉදින් මා මරනු කැමැති සේක් වී නම් මේ කඩුවෙන් දැන් මා මැරුව මැනැව, නොමරන සේක් වී නම් අභය දුන මැනැවැ”යි වදාළ සේක. ඒ අසා රජ්ජුරුවෝ “මා විසින් තොපට අභය දෙන ලද්දේය, තෙපි මා කෙරෙහි සැක නොකරව”යි මතුත් ඔවුනොවුනට නොවරදනා ලෙස කඩුව ගෙන සපථ කළහ.
ඉක්බිති රජ්ජුරුවෝ කියන්නාහු
“පණ්ඩිතයෙනි, තොපගේ මෙබඳු ප්‍රඥා බල හා කාය බල ඇති
ව කුමක් පිණිස රාජ්‍යය නොගනුදැ?”යි කී කල්හි “මහරජ, ඉදින්
කැමැත්තෙහි නම් සියලු රජදරුවන් මරා රාජ්‍යය ගනිමි. අනුන් මරා
යසස් ගැන්ම නුවණැත්තන් විසින් නින්දා කරන ලදැ'යි වදාළ සේක.
රජ්ජුරුවෝ එබසට සතුටු ව කියන්නාහු 'පණ්ඩිතයෙනි, උමඟට හසුවූ
මහජනයා උමං දොර නොහරනෙන් වලප්නාහ. උමං දොරහැරැ ඒ
සා සත්ත්වයනට ජීවිත දානය දෙව”යි කීහ.
සකල ජනානන්දකර වූ තිලෝගුරු වූ අනාථනාථ වූ කරුණා නිධාන වූ මාගේ ස්වාමිදරුවාණෝ ඒ වේලෙහි දොර හළ සේක. සියලු උමඟ ඉරු නැංගා සේ ඒකාලෝක විය. මහජනයෝ අස්වස් ලදින් සැප සේ සිටියහ. එක් සියයක් රජදරුචෝ තම තමන්ගේ අගම්පඬි සේනාවං හා සමඟ උමඟින් පිටත් ව බෝධිසත්ත්වයන් සිටි තෙනට ගියහ. ඉක්බිති රජ්ජුරුවෝ කියන්නාහු 'තොප නිසාය පණ්ඩිතයෙනි, අප ජීවිත ලද්දේ. මඳ ඇසිල්ලෙකින් දොර නොහළුවෝ නම් අප හැම උමඟ මළම්හ'යි කීහ. ස්වාමි දරුවාණෝ වදාරන සේක් 'දැන් මතු නොවෙයි, තොප හැම මා නිසා රැකුණේ පළමුත් රැකුණේ වේදැ'යි වදාළ සේක, පළමු තමන් ඔබ නිසා රැකුණු නියාව නොදන්නා රජ්ජුරුවෝ 'ඒ කවර කලකද, පණ්ඩිතයෙනි?'යි කීහ. ස්වාමි දරුවාණෝ උන්හැම ගිවිස්වා සලකුණු වදාරන සේක්, “රජදරුවෙනි, 'අපගේ මියුලු නුවර තබා සියලු දඹදිව රාජ්‍යය ගෙන මේ උත්තර පංචාල නුවරට අවුත් 'මඟුල් උයන දී, ජය පානය බොම්හ'යි මන්ත්‍රණය කර රා මස් ආදී සියල්ලක් සැරහූ දවස් සිහි කරවූ'යි වදාළ සේක. 'එසේය, පණ්ඩිතයෙනි සිහි ඇතැ'යි කීහ. එසේ වී නම් මේ රජ්ජුරුවන් හා කේවට්ටයා කළ නපුරු මන්ත්‍රණයකින් කේවට්ටයාගේ බස් ගෙන විෂ මිශ්‍ර රා හා මච්ඡ මාංශ කවා තොප හැම මරන පිණිස කළා වූ මන්ත්‍රණය මම දැන, මා සේ වූ පණ්ඩිතයකු ජීවත් ව ඉන්දැ දී මා බල බලා මේ රජ්ජුරුවෝ අනාථ මරණින් නොමියෙත්ව'යි සිතා මාගේ සහජාත යෝධයන් එවා රා හා මච්ඡ මාංශ පිරූ ඒ සැළවල් බිඳුවා, මොවුන් දෙදෙනාගේ මන්ත්‍රණය බිඳ තොපහැම දෙනාට ම ජීවිතදානය දුන්නෙම් වේදැ'යි වදාළ සේක.
ඒ රජදරුවෝ කළකිරුණු සිත් ඇති ව, 'සැබෑද මහ රජ,
එසේ කෙළේ? 'යි කීහ. 'කේවට්ටයාගේ බස් ගෙන, රජදරුවෙනි,
මා එසේ කෙළේ සැබෑය, බොරුවක් නොවෙයි. පණ්ඩිතයන් කී
බස් සැබව'යි කීහ. ඒ රජදරුවෝ සැම දෙන ම බෝධිසත්ත්වයන්
සිප ගෙන 'පණ්ඩිතයෙනි, අප හැම දෙනාට පිහිට ව සිටියෝ තෙපි
මය. තොප නිසා අප දිවි ලද්දෝය' තමන් තමන් පලන් ඔටුනු
සහිත වූ සැට ආභරණයෙන් බෝධිසත්ත්වයන්ට පූජා කළහ. ඒ
පූජා විඳ ගෙන සිටි චූලනී රජ්ජුරුවනට උපන් කනස්සල්ල හරණ
සේක්, "මහරජ නොසිතුව මැනැව, නුඹ වහන්සේගේ වරදක්
නොවෙයි මේ වූ කලී දුෂ්ට වූ කේවට්ටයාගේ පාප මිත්‍ර සංසර්ග
යෙන් වූ දෝෂයෙකි. මතු මෙ වැන්නක් නොකරන්නෙමි"යි මේ
රජදරුවන් ඇම ක්ෂමා කර ගත මැනැව”යි වදාළ සේක. රජ්ජුරුවෝ
කියන්නාහු, "රජදරුවෙනි, මාගේ නුවණින් තොපහැම දෙනා
කෙරෙහි ජන්මාන්තර වෛරයකින් මා කළ දෙයක් නොවෙයි, තෙල
ඉතා දුර්ජන වූ, ගුණමකු වූ, ලාමක වූ, කෙළෙහි ගුණ නොදන්නා වූ,
අලජ්ජි වූ අනාර්ය ස්වරූප ඇති අවලක්ෂණ වූ කේවට්ට නම් ජඩයා
නිසා, මා නොදැන කළ අපරාධ ක්ෂමා කරවා නැවත මා පණ තබා
මෙ වැන්නක් කරන්නේ නැතැ”යි ක්ෂමා කර වූහ. මෙසේ රජදරුවන්
ඔවුනොවුන්ගේ වරද දෙසා හැම එක් සිත් වීමෙන් සමාගම වූහ.
43. මහෞෂධයන් රඳවා ගන්නට ප්රයත්න කිරීම
ඉක්බිති බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝ බොහෝ කන බොන දෑ හා මල් ගඳ විලවුන් ගෙන්වා සියලු රජදරුවන් හා උත්තර පංචාලය, වේදේහ යන දෙරට සේනාව එක් ව, සත් දවසක් උමඟ ඇතුළෙහි ම කෙළ, ඉන් නැඟී උපකාරී නුවරට වැද, බෝධිසත්ත්වයන් වහන්සේට බොහෝ සත්කාර සම්මාන කොට එක් සියයක් රජදරුවන් පිරිවරා මාලිගයේ මතු මහල් තෙලෙහි හුන්නාහු, බෝධිසත්ත්වයන් තමන් සමීපයෙහි රඳවනු කැමැති ව කියන්නාහු, "මහෞෂධ පණ්ඩිතයෙනි දවස් පතා ජීවිත වෘත්තියට දෙන ලද වියදම් ආදියද, ගම් -බිම්-ගව මහීෂ-ඇත්- අස් ආදීන් හා වාහන සමූහයාද, මුතු-මැණික්-පබළු-වෛදුර්ය-මසාරගල්ල-ලෝහිතංක-රජත-ස්වර්ණාදී දශවිධ රත්න සමූහයද දෙමි. ඒ ඒ දේශයෙහි අනේක ප්‍රකාර වස්ත්‍ර සමූහයෙන්ද දාසි දාස ආදී වූ නොයෙක් කර්ම කාරයන්ගෙන්ද මාගේ රාජාභිවෘද්ධියට දෙ වනු කොට සිටුවා ලමි. වේදේහ රජ්ජුරුවන් තබා දුන් වෘත්තියට හැම දෙයින් ම කිසිවකුත් නොවරදවා ද්විගුණ කොට දෙවාලමි. එක දේශයට නායක වේදේහ රජ්ජුරුවන් තොප රැක ලිය හෙන කල, දස දහසක් යොදුන් දඹදිවට නායක වූ මම රැක්ක නොහෙම්ද? තව ද තෙපි මියුලු නුවර එක වේදේහ රජ්ජුරුවනට හා වේදේහ රටට සෙනෙවිරත් කම් කරන පමණෙක් වේද? මා සමීපයෙහි රැඳුණා වූ දෑ වී නම් දස දහසක් යොදුන් දඹදිවටත් එක් සියයක් රාජධානියෙහි රජදරුවන්ටත් මටත් තොප තනි ව සෙනෙවිරත් ධූරය කරන හෙයින් රජහු එක් සියයක් දෙනය, එක සෙනෙවිරද්දුය. රජදරුවන් මුළුල්ලට වඩා තොපගේ ආඥාවත් තේජසත් ප්‍රඥාවත් කීර්තියත් සිටින්නේය. ඉදින් මෙහි තෙපි රඳා උන්නු නම් එක් සියයක් රාජධානිවල අමාත්‍ය මණ්ඩලයා සහිත වූ මනුෂ්‍යයෝ තොප මුත් අප ඇතැ'යි කියා නොදන්නාහ. තව ද අවශේෂ වූ මනුෂ්‍යයන් හා එක් සියයක් රජදරුවන් තබා මමත් තොප කීවා මුත් සිතින් සිතා කිසිවකුත් නොකරමි, රඳව'යි කීහ.
රජුගේ සම්පත් බෝධිසත්ත්වයන් වහන්සේ ප්‍රතික්ෂේප කරන සේක් මෙසේ වදාරන සේක. "මහරජ, යම් පුරුෂයෙක් බොහෝ දවසක් බොහෝ සම්පත් දී භර්තෘ ස්වාමී ව රක්ෂා කළ රජක්හු සමීපයෙන් අනික් රජක්හු 'ඒ සම්පතට වඩා සැපත් දෙමි' කීවයි, ඒ චිරාත් කාලයක් මුළුල්ලෙහි රැකි රජහු හැර, අමුතුව සැපත් දෙමි කී රජහුගේ සම්පත් නිසා එහි ලෝභයෙන් ගියේ වී නම් ඒ හට සිතිනුත් නින්දා ම ය, අනුන් විසිනුත් නින්දා ම ය”යි වදාළ සේක. ඒ කෙසේද යත්: තමා විසින් ලබන නින්දා නම්, මේ රජ්ජුරුවෝ තමාට සෙසු නෑසියකමක් නැති ව සත් ඇවිරිද්දෙහි පටන් මා තමන් සමීපයෙහි රඳවා මා නිසා ම මාගේ දෙමවුපියනට ඒ සා මහත් උපකාරයකුත් කොට මා මේ සා මහත් තනතුරකට තබා මහා ඓශ්චර්යයෙහි පිහිටුවා රකිමින් සිටියහ. ඒ රජහු අත්හැර 'වඩා සැපත් දෙමි' කීවයි මා කළදෑ නපුරැ”යි තමා තමාට ම නින්දා කරන්නේය. තමා බාල අවස්ථාවෙහි පටන් කාරණාකාරණා උගන්වා 'සම්පත්තීන් සමෘද්ධ කොට මේ සා තනතුරෙක තබා රකිමින් සිටි රජහුහැර, සැපත් වඩා දෙමි'යි කී පමණින් මෙතෙක් දවස් කළ උපකාර ජල රේඛාවක් පරිද්දෙන් කෙළේය. නැවත අන් රජ හටත් මෙතෙක් වේදැ”යි අනුන්ගෙන් ලබන නින්දා නම් මේය. මෙසේ දෙතැනින් නින්දායෙන් මට ගැලවීමෙක් නැත. එබැවින් මාගේ රජ්ජුරුවෝ යම් තාක් ජීවත් ව ඉඳිද්ද ඒ තාක් කල් මුළුල්ලෙහි ම වේදේහ රජ්ජුරුවන්ගේ මහෞෂධ පණ්ඩිතයෝයයි කිවවුන් ලවා බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්ගේ මහෞෂධ පණ්ඩිතයෝයි නොකියවමි. මියුලු නුවර මහෞෂධ පණ්ඩිතයෝයයි කියවුන් ලවා උත්තර පංචාල දේශයෙහි මහෞෂධ පණ්ඩිතයෝය'යි නොකියවමි. මේ මාගේ රජ්ජුරුවන් ජිවත් ව ඉන්ද දී මා රඳන්නේ නැතැ”යි වදාළ සේක.
නැවත රජ්ජුරුවෝ කියන්නාහු, “එසේ වී නම් පණ්ඩිතයෙනි, තොපගේ රජ්ජුරුවන් ස්වර්ගස්ථ වූ කල එන්නෙමි” කියා ප්‍රතිඥා දෙව" කීහ. “මහරජ, ජීවිතය නම් මහලුය, බාලයයි නියමයෙක් නැත. එතකොට මම රැකී උනිම් නම් එන්නෙමි”යි වදාළ සේක. ඉක්බිති රජ්ජුරුවෝ බෝධිසත්ත්වයන් වහන්සේට ප්රමාණාතික්රාන්ත මහා සත්කාර කරවූහ. සත්දවසක් ඉකුත් වූ කල්හි මහතාණෝ ගමනට සමු ඉල්ලූ සේක. නැවත රජ්ජුරුවෝ “පණ්ඩිතයෙනි, තොපට මේ මේ දෙය දෙමි. ඒ ගන්ව”යි ප්‍රසාද කියන්නාහු, මේ ගාථාවෙන් කියත්:
“දම්මි නික්ඛ සහස්සං තෙ, ගාමාසීති ච කාසිසූ
දාසීසතානි චත්තාරි, දම්මි හරියා සතං ච තෙ,
සබ්බසෙනඬ්ගමාදාය, සොත්ථිං ගච්ඡ මහොසධ”.
මේ ගාථාවෙහි අභිප්‍රාය නම් "මහෞෂධ පණ්ඩිතයෙනි,
තොපට නික දහසක් දෙමි, හෙවත් රන් පස් විසිදහසක් දෙමි.
තව ද තොපගේ වේදේහ රටට ආසන්න වූ කශී දේශයෙන් එකී
එකී ගමකින් අවුරුද්දකට ලක්ෂයක් අය නිමන්නා වූ මෙසෙයින්
අවුරුද්දකට අසූ ලක්ෂයක් නිමන උත්තම තරමේ සළු ගම් අසූවක්
දෙමි. තව ද නොමැහැලි වූ බාල පරම්පරායෙහි සිටි කෙල්ලන් සාර
සියයක් දෙමි. තව ද නොයෙක් බිසෝ පළඳනාවෙන් සරහා නිම
වන ලද ශරීර ශෝභා ඇති සර්වලක්ෂණ සම්පන්න වූ බිසෝවරුන්
සියයක් බිරින්දන් කොට පාවා දෙමි. තව ද මාගේ ඇත් අස් රථ
පදාති සේනාවන් තොපට නින්දේ ම ප්‍රසාද සේනාවන් කොට දෙමි.
තොපගේ සේනාවත් මාගෙන් දුන් සේනාවත් ඇරගෙන සුව සේ
තොපගේ රටට යව'යි සමු දුන්හ.
ඉදින් නන්දා දේවීන් හා නෑයන් සතර දෙනා වේදේහ
රජ්ජුරුවෝ නේවත් නමුත් පණ්ඩිතයන් වහන්සේ තමන්ගේ යාඥාවට
රැඳුණු දෑ වී නම්, බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝත් චක්‍ර රත්නය හස්තප්‍රාප්ත
වූ සක්විති රජක්හු මෙන් සතුටු වෙත් මුත්, පිටත මාගේ බිසවුන්
හා නෑ කෙනෙක් ඇත්තෝ වෙද්දැ'යි කියන්නා තබා සිතිනුත්
නොසිතන්නාහ.
44. මහෞෂධයන් පෙරලා මියුලු නුවරට පැමිණීම
බෝධිසත්ත්වයන් වහන්සේ සමු දුන් රජ්ජුරුවන් අස්වසා වදාරන සේක්, මහරජ, නුඹ වහන්සේගේ නෑයන් 'මාගේ නෑ කෙනෙක් සාර සියයක් ගව්වෙන් පිටත වෙත්දැ'යි නොසිතුව මැනැව. මම මාගේ රජ්ජුරුවන් නික්මෙන දවස් ම මෙසේ වූ සම්මතයක් කෙළෙමි. කෙසේද යත් : 'මහරජ තෙල නන්දා දේවීන් මවු තනතුරේ තබා දුට මැනැව. පංචාලචණ්ඩ කුමාරයන් මල් තනතුරේ තබා දුට මැනැව'යි කියා පංචාලචණ්ඩි කුමාරිකාවන් අභිෂේකයට පමුණුවා සොළොස් දහසක් බිසෝවරුනට නායක කොට ඔටුනු පළඳවා, රජහට පාවා දී යැවීමි. නුඹ වහන්සේගේ නෑයන් මෑණියන් වහන්සේත් බිසවුන් වහන්සේත් පුතණුවන්දෑත් මා ගිය නොබෝ දවසකින් වහා එවා ලන්නෙමි' වදාළ සේක.
"යහපත, පණ්ඩිතයෙනි”යි කියා තමන්ගේ දියණියනට දුන මනා දායාදයට දාසි දාස වස්ත්රාභරණ අලංකාර මුතු මැණික් ආදී දශවිධ රුවන් සමූහයද රත්නාලංකාරයෙන් සරහන ලද ඇත් අස් රථ ආදී වූ වාහන සමූහයද යන මේ දායාද මුළුල්ල කිසිවෙකිනුත් අඩු නොකොට තමන්ගේ නායක තනතුරට හා 'රජ ව මුත් මෙසේ දිය හැකිදැ'යි කට කට කයිවාරු කරන පරිද්දෙන් නොයෙක් සම්පත් මුළුල්ල මාගේ දියණියනට දෙව'යි බෝධිසත්ත්වයනට පාවා දී බෝධිසත්ත්වයන් කැටි ව යන සේනාවට දිය යුතු වියදම් ආදී සියල්ලට විධාන කරන්නාහු එහි නියුක්තයනට මෙසේ කියත්, 'කෙසේදයත්:-
"එම්බා සගයෙනි, වේදේහ රජ්ජුරුවන්ගේ සොළොස් දහසක්
ඇත් ඇණිය. සොළොස් දහසක් අස් ඇණිය, සොළොස් දහසක් රථ
ඇණිය, ඒ තරමට නොමඳ වූ සේනාවය යන සියල්ලෝ ම වේදේහ
රජ්ජුරුවන් හා කැටි ව පළමු පලා ගියහ. පණ්ඩිතයන් කැටි ව ම
සිටියාහු බොහෝ දෙනෙක් නොවන්නාහ. උන් තමනට අගම්පඩි ව
සිටින්නාහු සොළොස් දහසක් ඇත් ඇණිය, සොළොස් දහසක් අස්
ඇණිය. සොළොස් දහසක් රථ ඇණිය. ඒ තරමට ම වඩා සිටිනා වූ
මහා සේනාවය, උන් උනට දෙන්නේ වැඩියෙක් නොවෙයි. උන් උනට
පළමු දෙන තරම් පණ්ඩිතයන්ගේ වියදම් අතින් නියම දැන පළමු
උන්ගෙන් දෙන්නාට දෙන වියදම් දැන් එකකුට බැගින් සියල්ලනට
දෙන වෘත්තිය උත්තමයන් කෙරේ පටන් අධමයන් දක්වා, ඇතුන්
පටන් ගවයන් දක්වා, පළමු වියදම් කා සිටින වුනට කිසිවෙකිනුත්
රැහැණි නොකරවා, අන්නපාන වස්ත්රාභරණ ආදී වූ සියල්ලකිනුත් අඩු
නොකොට වහා දෙව. එසේ කල සාර සියයක් ගවු ගෙවා යන්නාහු
මග සුව සේ නිදුකින් ක්ලාන්ත නොවී යන්නාහ"යි විධාන කළහ.
නැවත බෝධිසත්ත්වයන් වහන්සේට සමු දෙන්නාහු මෙසේ
කියත්:-
හස්ති අස්සා රථා පන්ති ගච්ඡෙවාදාය පණ්ඩිත
පස්සතු තං මහාරාජා, වෙදෙහො මිථිලාගතං
මෙයින් කියා, "මහෞෂධ පණ්ඩිතයෙනි, ඇත් අස් රථ පාදාති සේනාව පිරිවරා මහා සන්තෝෂයෙන් 'අසුර විජය කොට ජය ලත් ශක්‍ර දේවේන්ද්‍රයා පරිද්දෙන් වහා නික්මෙව, තොප සුව සේ මියුලු නුවරට ගියවුන් දකින්නට පුල පුලා වේදේහ රජ්ජුරුවන් හා පෙරමඟ බල බලා හිඳිනා නුවරවාසීහු, තොප ගියවුන් දැක සතුටු වෙත්ව”යි කීහ. එක් සියයක් රජදරුවෝද බෝධිසත්ත්වයන් වහන්සේට බොහෝ 'සත්කාර කොට බොහෝ පඬුරු දුන්හ.
ඒ ඒ රජදරුවන් අතරේ සිටි චරපුරුෂයෝ එක් සියයක් දෙන තමන්ගේ පර්ෂද් සමඟ අවුත් පණ්ඩිතයන් වහන්සේ පිරිවරා ගත්හ. මහතාණන් වහන්සේ, ප්‍රාමාණාතික්‍රාන්ත වූ නොහොත් මෙතෙකැයි පමණ නැන්තා වූ චතුරංගිනී සේනාවෙන් ගොඩ ගමන් ගත් මහා සමුද්‍රය පරිද්දෙන් නික්මුණු සේක්, අතරමඟ සිට බ්‍රහ්මදත්ත රජ්ජුරුවන් දුන් සළු ගම් අසූවෙහි අය ගෙන්ව”යි මිනිසුන් යවා තමන් වහන්සේගේ වේදේහ රටට සම්ප්රාජ්ත වූ සේක.
45. මහෞෂධයන් පිළිගැනීම
එදවස් උමඟින් යන්නටය'යි කී බසින් දණ නළල වැළමිටි කඬරෙදි බැඳ කෝනමක් හැඳ සැරසුණු ප්‍රඥා සමුද්‍ර වූ ඉතා ගැටවා සේනකයා මතු වන්නා දැන, අතරමග එක් පුරුෂයෙක් සිටුවන්නේ මෙසේ කියා "එම්බා කුඩෙනි! චූලනි රජ්ජුරුවන් මෑත එන්නක් වත් අනෙක් කිසි කෙනකුන් මෑත එන්නක් වත් වහා අවුත් මට කියව"යි කියා සිටුවීය. ඒ පුරුෂයා මියුලු නුවර දොළොස් ගව්වකින් ඔබ්බේ වඩනා මහා බෝසතාණන් දැක, "මහෞෂධ පණ්ඩිතයන් වහන්සේ මහ පෙරහරින් වඩමින් සිටි සේකැ”යි අවුත් සේනකයාට කීහ. ඒ අසමින් සේනකයා වහා රජගෙට ගොස් රජහට කීය. රජ්ජුරුවෝ පණ්ඩිතයන් වහන්සේ එන නියාව දැන, මාලිගාවේ මතු මහලට නැඟී සී මැදුරු කවුළුවෙන් පිටත බැලූ කල්හි සේනාව දැක කියන්නාහු ”අපගේ පණ්ඩිතයන් වහන්සේගේ සේනාව මඳය, උන්හැම තබා සොළොස් දහසක් රථ ඇණිය, එපමණ තරම් සේනාවට වඩා පා බල සේනාවය, ඉතා භයානක ඇත්තේය”යි භයින් තැති ගෙන 'සේනකයා අතින් විචාරන්නාහු:-
“හ්තථි අස්සා රථා පත්ති සෙනෙහි දිස්සතෙ මහ
චතුරඬ්ගිනි භිසංරූපං කින්නු මඤ්ඤසි පණ්ඩිත.”
”ඇත් සේනාවය, අස් සේනාවය, රථ සේනාවය, මේ තෙකැයි
පමණ නැති පදාති සේනාවය, මෙසේ හෙයින් ඉතා භයානක ස්වරූප
ඇත්තේය. සේනකයනි! තෙපි අන් කවුරුනැයි සිතවුද?”යි කීහ.
සේනකයා රජහු සැක හරවා තත් වූ පරිද්දෙන් කියන්නේ
"මහරජ! නොබා වදාළ මැනැව. නුඹ වහන්සේට උතුම් සන්තෝෂයක්
වන්නේය. ඊට කාරණා කිම්ද යත්: එක් සියයක් රජදරුවන්ගේ
සේනාවය, බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්ගේ සේනාවය. මියුලු නුවර ගිය
සේනාවයයි යන චතුරංඟනී සේනාව පිරිවරා සුවසේ එන සේක් වේද
අපට යස දායක වූ අපගේ ළයක් වැනි අපගේ ඇසක් වැනි අපගේ
ජීවිතයක් වැනි අපගේ ස්වාමිදරු වූ ජනානන්දකර වූ ලෝක ස්වාමි
වූ තිලෙගුරු වූ තිලෝක තිලක වූ ප්‍රඥා සම්පන්න වූ ශරණාගත
වජ්රපඤ්ජර වූ ප්‍රඥා ප්‍රදීප වූ අපගේ මහෞෂධ පණ්ඩිතයන් වහන්සේ
වඩනා සේකැ”යි කීය.
”සේනකය, කුමක් කියවුද පණ්ඩිතයන්ගේ සේනාව
මඳය. මේ සේනාව එ දවස් බ්‍රහ්මදත්තයන් ආ නියාව මෙන් මහා
සේනාවකැ”යි කීහ. නැවත සේනකයා කියන්නේ "මහරජ, නොසිතා
වදාළ මැනැව. අපගේ ස්වාමිදරුවාණන්ගේ ඉතා මිහිරි වූ කර්ණ
රසායනයක් බඳු වූ ධර්මාන්විත වූ මධුර කතායෙහි බැඳුණ රජ්ජුරුවන්
විසින් ඔබ කෙරෙහි පැහැද ඔබට ප්‍රසාදයෙන් දුන් සේනාවය. සැක
නොකොට මැනැවැ”යි කීහ.
ඒ අසා ඉතා සතුටු ව නුවර බෙර ලවන්නාහු "මේ මාගේ
සත් යොදුන් මියුලු නුවර දිව්‍ය පුරයක් මෙන් සරහා පණ්ඩිතයනට
පෙර ගමන් කෙරෙත්ව”යි කියා බෙර ලැවූහ. නුවර වාසිහු දැක්මට
පුල පුලා උන්නාහු එබස් අසමින් ම අටවිසි ගව්වක් පමණ ඒ සා
මහත් නුවර අසුර විජය කොට ජය ලදින් එන ශක්‍ර දේවේන්ද්රයාට
සරහා නිමවන ලද ශක්‍ර භවනයක් මෙන් අති මනෝහර කොට ධජ
පතාක පුන් කලස් කදලි තොරණ ආදියෙන් හා සුදු වැලි ලද පස් මල්
ආදියෙන් විසිතුරු කොට සරහා නුවරවාසීහු ස්ර්වාභරණයෙන් සැරහී
ස්වාමිදරුවාණනට පෙර ගමන් කොට වඩා ගෙනාහ. පණ්ඩිතයන්
වහන්සේ ඒ නුවර වාසී වූ ස්ත්‍රී පුරුෂයන්ගේ නේත්‍ර සමූහයන් සතුටු
කඳුළෙන් පුරා, තුෂාරයෙන් ආර්ද්‍ර වූ නිලුපුල් පෙති සේ කෙරෙමින්,
ඇස් සිත් නිවා, තමන් වහන්සේ පස් මසක් මුළුල්ලෙහි නුදුටුවන් ගේ
ශෝක සන්සිඳුවා, ළෙහි අමාදිය එව, ඇසට රසාඤ්ජන දෙන්නාක්හු
මෙන් අනන්තයා සේ දහසක් මුඛ මවා ඉදින් කිවහොත්, ඒ
මහතාණන්ගේ ශ්‍රී විලාශයෙන් ස්වල්ප මාත්‍රයකුත් කියන්නට අසමර්ථ
වූ අනුපමේය වූ ශ්‍රී විභූතීන් රජගෙට වැද රජ්ජුරුවන් දුටු සේක.
46. පිළිසඳර
රජ්ජුරුවෝ බෝධිසත්ත්වයන් දැක බුද්දක ප්‍රීතිය, ඛණික ප්‍රීතිය, උබ්බේගික ප්‍රීතිය, ඔක්කන්තික ප්‍රීතිය, ඵරණ ප්‍රීතිය, යන පස්වනක් ප්‍රීතීන් පිනා ගියහ. වහා හුනස්නෙන් නැඟී ඉදිරියට අවුත් සිප ගෙන ඉස සිඹ සනහා නැවත ගොස් ආසනයේ ඉඳ සිහි කටයුතු වූ මිහිරි කතා කොට උපමාවක් කියා බලමි”යි සිතා
“යථා පෙතං සුසානස්මිං ඡඩ්ඩෙත්වා චතුරො ජනා
එවං කම්පිල්ලියෙ ත්වඤ්ච ඡඩ්ඩයිත්වා ඉධා ගතා.
“අථ ත්වං කෙන වණ්ණෙන කෙනා වා පන හෙතුනා
කෙන වා අත්ථජාතෙන අත්තානං පරි මොචයි”
“එම්බා පණ්ඩිතයෙනි, යම් සේ මළ මිනිසකු සතර දෙනෙක්
කුරාලයෙක ලා උසුලා ගෙන ගියාහු, අමු සොහොනේ දමා පියා ඔහු
කෙරේ කිසි අපේක්ෂාවක් නැති ව නැඟී එද්ද, එපරිද්දෙන් ම අපිත්
තොප කම්පිල්ල දේශයෙහි ලා පියා අපගේ පණ ගලවා ගෙන තොප
කෙරේ කිසි අපේක්ෂාවක් නැති ව නැඟී ආම්හ. දැන් තෙපි කවර
කාරණයකින් කවර උපායකින් කවර නුවණකින් කවර හේතුවකින්
තෙමේත් රැකී සේනාවත් රැකගෙන කෙසේ ගැලැවී ඇවුදැ”යි විචාළහ.
ඒ අසා පණ්ඩිතයන් වහන්සේ මේ ගාථාවෙන් වදාරන සේක්:
“අත්ථං අත්ථෙන වෙදෙහ මන්තං මන්තෙන ඛත්තිය
පරිවාරියිස්ස රාජානං ජම්බුදීපංච සාගරො.”
“මහරජ, බ්‍රහ්මදත්ත රජ්ජුරුවන් සිතින් සිතූ යම් අර්ථයක් වී ද, මාගේ තීක්ෂණ වූ ප්‍රඥාවෙන් අනෙක් අර්ථයක් සිතා ඔහු සිතූ යම් යම් අර්ථයක් ජය ගතිමි: ඒ රජ යම් මන්ත්‍රණයක් සිතූයේ නම් ඔහුගේ මන්ත්‍රණය මාගේ මන්ත්‍රණයෙන් ම ජය ගතිමි. තව ද මහරජ, දඹදිව පිරිවරා සිටි සාගරය පරිද්දෙන් දඹදිවට අධිපතිව එක් සියයක් රජුන් හා සේනාව මාගේ ප්‍රඥා බලයෙන් මා පා පිට ගස්වා මම චක්‍රවර්ති රජහු සේ සියලු රජුන් හා සේනාව පිරිවැරූ යෙම් වේදැ'යි වදාළ සේක.
මෙසේද කියා නැවත වදාරන සේක්, බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්
සටනට මෙහෙයූ තැන් පටන් නුවර වාසල් හරන තුරා කී කළ දෙයත්,
නැවත උමඟට වන් තැන් පටන් උමඟින් රජු ගෙන ගොස් මහ
විසල් මලුවේ දී කඩුව සැඟවූ තැන් දක්වාත් එතැන දී සපථ කොට
රජුගේ යාච්ඥාවෙන් උමඟ අසු වූ රජුන් සභිත සේනාව දොරහැර
මරනින් මුදා නැවත සත් දවසක් උමං කෙළියෙන් දවස් යවා ඉක්බිති
රජ්ජුරුවන් හැම දෙනා තමන් වහන්සේට දුන් පඬුරු හා නැවත
බ්‍රහ්මදත්ත රජ්ජුරුවන් දුන් නොයෙක් ප්‍රසාද හා නැවත එම රජහු
දුවණියනට දුන් දායාද හා නැවත චූලනී රජ්ජුරුවන් ඇතුළු වූ සියලු
රජදරුවන් තමන් වහන්සේට දුන් ප්‍රසාදත් මේ මේය'යි වදාරන
සේක්,
“දීන්තං නික්ක සහස්සා මෙ ගාමාසීති ච කාසිසු
දාසි සතානි චත්තාරි, දින්නං හරියා සතාච මෙ
සබ්බසෙනඩ්ගමාදාය සොත්ථර්නාම්හි ඉධාගතො.”
මෙයින් වදාරා “මාඪ රත්රන් පස් විසි දහසක් දුන්හ.
සර්වාභරණයෙන් සැරැසූ ශරීර ඇති තන සිටි බාල කෙල්ලන්
සාර සියයක් විසින් පිරිවරන ලද නොයෙක් පළඳනාවෙන් සැදි
බිසෝවරුන් සියයක් මට බිරියන් කොටැ, අපගේ
මේ වේදේහ රටට ආසන්න තමන්ගේ කාශි දේශයෙන් ගමකින්
අවුරුද්දකට ලක්ෂයක් බැගින් අය නිමවන්නා වූ ගම්, අසූවක් දුන්හ.
බ්‍රහ්මදත්ත රජුරුවන් හා සියලු රජදරුවෝත් තමන්ගේ චතුරඬ්ගිනි
සේනාව කෙරෙහි නිරපේක්ෂ ව ප්‍රසාද සේවාවක් කොට මට ම දුන්හ.
ඒ සියලු සේනාව පිරිවරා උකටලීයක් නැති ව මහා සන්තෝෂයෙන්
යුක්ත ව නැඟී ආමි”යි වදාළ සේක.
ඒ අසා ප්‍රීතින් පිනා ගිය රජ්ජුරුවෝ බෝධිසත්ත්වයන්ගේ
ගුණ කියන්නාහු, මේ ගාථාවෙන් කීහ.
“සුසුඛං වත සංවාසො පණ්ඩිතෙහී ති සෙනක
පක්ඛීව පඤ්ජරෙ බද්ධෙ මච්ඡෙ ජාල ගතෙරිව
අමිත්ත හත්ථත්ථ ගතෙ මොචයි නො මහොසධො”
"සේනකය, නුවණැත්තන් හා එක් ව විසීම ඉතා යහපත්
වන්නේය. ඉදින් මේ මහෞෂධ පණ්ඩිතයන් හා එක රටක එක
නුවරක එක තෙනක යමෙක් වෙසෙත් නම් මේ ලොව සොර
සතුරු බියෙක්වත් පරලොව අපාය භයෙක් වත් නැත්තේය. ඊට
කාරණා තෝ ම දුටුයෙහි වේද, අටළොස් අක්ෂෞහිණි සංඛ්‍යාත
ඒ සා මහත් සේනාවක් මැද මැඳිරියෙක බැඳි සියොතුන් සේද, දැල
බැඳි මසුන් සේද, හසු වූ තොප දෙමුරයක ගලවා ගත් බව තොපට
මදැනෙන්නේ වේද, එසේ හෙයින් නුවණැත්තවුන් හා එක් ව
විසීම ඉතා යහපතැ"යි ගුණ වර්ණනා කළාහ. සේනකයාත් රජහු
බස මුඳුනින් පිළිගෙන "සැබැව"යි කියා තමා ඇති වක් පටන් සම
සිතින් බෝධිසත්ත්වයන්ගේ ගුණ කියන්නේ, "මහරජ ඒ සැබව,
නුවණැති පණ්ඩිතවරු නම් මේ ලොවින් පර ලොවින් ඉෂ්ටයක්
මුත් අනිෂ්ටයක් විය නො දෙන්නාහ. මැඳිරියක බැඳි සියොතුන්
සේද, දැලහසු වූ මසුන් පරිද්දෙන් ද සතුරනට අත්පත් ව ජීවිත
විනාශයට පැමිණ සිටියා වූ අප හැම දෙනා ගලවා සැපයෙහි
පිහිටුවා ලූ සේක. සමස්ත ලෝකයෙහි නුවණැත්තා වූ සියලු
සත්ත්වයනට ශත සහඝ්ර ගුණයෙන් වඩනා සේක්: අපගේ මේ
"මහෞෂධ පණ්ඩිතයන් වහන්සේය"යි තමාගේ මුව නොසෑහෙන
පරිද්දෙන් වෙනසක් නැති සම සිතින් ම ගුණ වර්ණනා කෙළේය.
47. සැණකෙළි
ඉක්බිති රජ්ජුරුවෝ නුවර බෙර ලවන්නාහු “සත් දවසක් සැණකෙළි කෙළව. යම් කෙනෙක් මට හිතයෝ නම්, ඒ සියල්ලෝ ම පණ්ඩිතයනට නොයෙක් පඬුරින් සත්කාර සම්මාන කෙරෙත්ව”යි විධාන කළහ. ඒ බව ප්‍රකාශ කොට වදාරන බුදු රජාණන් වහන්සේ මෙසේ වදාරන සේක,
“ඔරොධා ච කුමාරා ච වෙසියානො ච බ්‍රා හ්මණ
බහුං අනනං ච පානංච පණ්ඩිතස්සාභිහාරයුං
“භත්ථාරුහා අණිකට්ඨා රථිකා පත්ති කාරකං
බහුං අන්නං ච පානං ච පණ්ඩිතස්සාභිහාරයුං
“සමාගතා ජානපදා තෙගමා ච සමාගතා බහුං අන්නං ද පානං ච පණ්ඩිස්සාභිහාරයුං”
“බහුජ්ජනො පසන්නොසි දිස්වා පණ්ඩිතමාගතෙ පණ්ඩිතම්හි අනුප්පත්තෙ වෙලුක්ඛෙපා අවත්ථටා”
“එම්බා මහණෙනි, ඒ වේදේහ රජුගේ විධානයෙන් සියලු
වීණා වාද්‍ය ඉතා සිත්කලු කොට ගායනා කළහ. තව ද කර සක්
විජය සක් ජයතුරා සක් ආදී වූ පඤ්ච ප්‍රකාර සංඛ නාද පැවැත්වූහ.
ආතත ය, විතත ය, විතතාත ය, ඝන ය, ශුශිර ය යන පඤ්චාඩ්ගික තූර්යය
නාද පැවැත් වූහ. නුවර වාසීහු හා ජනපද වාසිහු ස්වභාවයෙන් ම
ස්වාමිදරුවාණනට සත්කාර කරන්නට සිතන්නාහු, බෙරහඬ අසමින්
වඩ වඩා සන්තෝෂ ව තම තමන්ගේ විභවානුරූප කොට මහත් චූ
සත්කාර සම්මාන කළහ. උදුම්බරා නම් අග මෙහෙසුන් බිසව අතුළු
ව සොළොස් දහසක් බිසෝවරුද රාජ කුමාරයෝද ව්යාපාරයෝද
බ්‍රාහ්මණයෝද යන සියල්ලෝ ම කන බොන දෑ හා බොහෝ පඬුරු
ගෙන ගියාහ”යි වදාළ සේක. තව ද ඇත් අස් රථාදී වාහන
නැගෙන්නෝද පාබල මහ සේනාවද ජනපද වාසීහුද නියම් ගම් වැස්සෝ ද
බොහෝ කන බොන දෑ පඬුරු ගෙන පණ්ඩිතයන්ගේ ගෙට ගියහ'යි
වදාළ සේක.
එක් සියයක් රජදරුවන් හුන් තෙනට තමන්ගේ රටින් සාර
සියයක් ගවු ගෙවා ගොස්, තමන් මරන්නට වට ලා ගත් රජදරුවන්
හා ඒ සා මහත් චතුරංඟනී සේනාව තමන්ගේ ප්‍රඥා බලයෙන් තනි
ව ජයගෙන උත්තර පංචාල දේශයෙන් මියුලු නුවරට ආ දවස් රැස්වූ
බොහෝ ජනයෝ සුව සේ ආවා වූ පණ්ඩිතයන් දැන් බ්‍රහ්මදත්ත
රජ්ජුරුවන් ඇතුළු වූ එක් සියයක් රජුන් ජය ගෙන ආ සේකැ'යි
ඉතා ප්‍රසන්න ව, ඔද වැඩි ව සතුටු වූවාහු ඒ පණ්ඩිතයන්ගේ කීර්තිය
පැතිරෙන්නාක් පරිද්දෙන් සත් දවසක් මුළුල්ලෙහි පිළී සිසාරා
නෙයියාඩම් කෙළියහ'යි වදාළ සේක.
48. බ්‍රහ්මදත්තයන් ගේ නෑයන් යැවීම
මෙසේ බෝධිසත්ත්වයන් වහන්සේ සත් දවසකින් සැණ කෙළි අන්ත වූ කල්හි රජගෙට ගොසින්, 'මහරජ, චූලනී රජ්ජුරුවන්ගේ මෑණියන්ද පුතණුවන්ද බිසවුන්ද වහා යැව්ව මැනැව"යි වදාළ සේක. "යහපත, පුත මට කියන්නේ කිම්ද? යවා පියව”"යි කීහ. බෝධිසත්ත්වයන් වහන්සේ තුන්, දෙනාට වෙන වෙන ම බොහෝ සත්කාර සම්මාන කොට, එක් සියයක් රජදරුවන් හා බ්‍රහ්මදත්ත රජ්ජුරුවන් තමනට ප්‍රසාද සේ දුන් චතුරංඟනී මහා සේනාවට බොහෝ සත්කාර සම්මාන කරවා ඒ මහා සේනාවත් බ්‍රහ්මදත්ත රජ්ජුරුවන් තමනට පාවා දුන් බිසෝවරුන් සියයක් හා කම්මිත්තන් සාර සියයක්ද නන්දා දේවීනට පාවා දී ප්‍රසාද සේනාවත් උන්හැර ලා ලා එන පරිද්දෙන් උනට ම පාවා දී මහ පෙරහරින් යැවු සේක.
ඒ රජදරුවෝ තුන් දෙන අපමණ වූ රජ පෙරහරින් යන්නාහු
සියක් යොදුන් මග ගෙවා උත්තර පංචාල නුවරට පැමිණියහ.
බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝ මෑණියන් විචාරන්නාහු, කිමෙක්ද, මෑණියන්
වහන්ස, වේදේහ රජ්ජුරුවෝ 'සතුරාගේ මෑණියෝය'යි මා කෙරේ
කළ වෛරයෙන් නුඹ වහන්සේ කෙරෙහි නොසතුටු ව විසූද?
නොහොත් සංග්‍රහ කළෝදැ”යි කීහ.
දේවී කියන්නාහු, “පුතණ්ඩ, කුමක් කියන්නේද මා මවු
තනතුරටත් වඩා දේවතා තනතුරෙහි තබා දුටහ. නන්දා දේවීන් මවු
තනතුරෙහි තබා දුටහ. පංචාල චණ්ඩ කුමාරයන් එක කුසින් උපන්
මල් තනතුරෙහි තබා දුටහ. බොහෝ සත්කාර සම්මානයෙන් බොහෝ
ආචාර සමාචාරයෙන් සංග්‍රහ කළහ”යි මැහැලින් වහන්සේ තමන් මුඛ
නොසෑහෙන පරිද්දෙන් ගුණ කීහ. රජ්ජුරුවෝද එබස් අසා වඩ වඩා
සන්තෝෂයට පැමිණ බෑනණුවනට බොහෝ පාක්කුඩම් හා පඬුරු
යැවූහ.
වේදේහ රජ්ජුරුවන් කළ සංග්‍රහ මෑණියන් අතින්
විචාරන්නටත් නන්දා දේවීන් අතින් නොවිචාරන්නටත් කාරණා කිම්ද
යත්: නන්දා දේවීන් තරම් රූ ඇති කෙනෙක් මුළු දඹදිව අනෙක්
තෙනක ඇත්තේ නැත. "මා සමීපයෙන් ගොස් සාර සියයක් ගව්වේ
උන් තැනැත්තී මා කෙළෙක් කෙළේය”යි සිතා, මා කෙරෙහි
ආදරයක් භයක් නැති ව අනාචාරශීලී ව, තමා සිත් වූ පරිද්දෙන් වැස
පූ නම් විචාළ කල නැත්තක් මුත් ඇත්තක් නොකියන්නීය. නැන්දෝ
නම් යෙහෙළිණියනට කුකුළන් හා බළලුන් හා සේ කෙනෙක. ඇත්තක්
තබා නැත්තක් කියා බිඳු වන්නට කියන්නාහ. එසේ හෙයින් බිසවුන්
අතින් නොවිචාරා මෑණියන් අතින් විචාළහයි දතයුතු, එතැන් පටන්
දෙ පක්ෂයේ ඇත්තෝ ම ඔවුනොවුන් හා සමඟ එක් සිත් ව විසූහ.
මහා උම්මග්ග කාණ්ඩය නිමි.
49. දියරකුසු පැනය
පංචාලචණ්ඩි බිසවු වේදේහ රජ්ජුරුවන් ප්‍රිය සිත් ගෙන වසන්නාහු දෙවන හවුරුදු පුතණු කෙනෙක් වැදූහ. ඒ කුමාරයන් වැඩී දස හැවිරිදි කළ වේදේහ රජ්ජුරුවෝ ස්වර්ගස්ථ වූහ. බෝධිසත්ත්වයන් වහන්සේ දස හැවිරිදි කුමාරයන් ධවලච්ඡත්‍ර නංවා රාජ්‍යයෙහි පිහිටුවා "දේවයන් වහන්ස, නුඹ වහන්සේගේ මුතුන් රජ්ජුරුවන් සමීපයට යෙමි”යි වදාළ සේක. කුමාරයෝ, "මා බාල තැනැත්තවූ ඇර පියා නොයව. මම තොප පිය තනතුරේ තබා රකිමි. සියල්ලෙන් ම ආදර කෙරෙමි”යි කීහ. ඒ අසා පඤ්චාලචණ්ඩි බිසවු කියන්නාහු, "මාගේ මවුපියන් ඇතත් මට පිය තනතුරේ සිට මේ සාර සියයක් ගව්වට මා සරණ දුන් දෑත් නුඹදෑ මය. ජන්මාන්තර වෛරී රජදරුවන් කිරල සේ කරවා අවෛරී කළ දෑත් නුඹදෑ මය. එසේ හෙයින් මටත් ම පුතණුවන්ටත් අභිවෘද්ධි දෑ නුඹ දෑ මය. නුඹ මේ නුවරින් ගිය කල අපට කිසි පිටිවහලෙක් නැත. නොගිය මැනැව, දරුවන්ගේ පිය රජ්ජුරුවන් සිටියා සේ සියලු සම්පත් වළඳා රාජ්‍යය කළ මැනැව”යි කීහ.
එබසට වදාරන සේක්, 'ඒ එසේ මය, එදවස් මා එන ගමනේ
වේදේහ රජ්ජුරුවන් මළ කල එන්නෙමියි නුඹ වහන්සේගේ පිය
රජ්ජුරුවනට ප්‍රතිඥා දී එන ලද, එසේ හෙයින් නොගොස් රඳන්නට
නොපිළිවන”යි කියා මියුලු නුවර බොහෝ ජනයන් කරුණාවෙන්
බැගෑව හඬමින් සිටිය දී අමරා දේවීන්දෑ හා සහජාත යෝධයන් හා
අවශේෂ වූ දැසිදස් ආදීන්ගෙන් කැටි ව එනු කැමැත්තන් ඇරගෙන
නික්මුණු සේක්, සියක් යොදුන් මඟ ගෙවා උත්තර පංචාල නුවරට
වැඩි සේක. මහෞෂධ පණ්ඩිතයන් වහන්සේ එන සේකැ”යි චූලනී
රජ්ජුරුවෝ අසා චතුරංගනී සේනාව පිරිවරා පෙර ගමන් කොට
ඉදිරියට අවුත්, මහ පෙරහරින් ගෙන ගොස් ඉඳිනට මා හැඟි
මාලිගවක් දුන්හ. පළමු දුන් සළු ගම් අසූව විනා අමුතු ව දුන් කිසිවකුත්
නැත්තේය. එසේ වුවත් එහි කිසි කනස්සල්ලක් නොව කළ මනා රාජ
සේවය පමා නොකරන සේක.
එ සමයෙහි ඉතා නුවණැත්තා වූ කීමෙහි බිණීමෙහි දක්ෂ වූ
කාරණා කාරණා දන්නා ඉතා ධර්මිෂ්ඨ වූ භෙරී නම් පරිබ්‍රාජිකා
කෙනකුන්දෑ එක් වන් රජගෙයි දී වළඳා මඟුල් උයන හිඳිනා සේක.
"මහෞෂධ පණ්ඩිතයෝයයි යන කෙනෙක් රජ්ජුරුවනට සේවය
කෙරෙත් ල, උන් හා සමාන කෙනෙක් නැත්ල'යි පරිබ්‍රාජිකාවන්
දෑ නමින් අසා දන්නා සේක. මෙ බඳු ගුණ ඇති කෙනකුන් දෑ
රජගෙයි වළඳන සේකැ'යි බෝධිසත්ත්වයන් වහන්සේ අසා දන්නා
සේක. එක දවසකුත් ඔවුනොවුන් දුටු විරූත් නැත් මය.
නන්දා දේවීත් 'එදවස් උමඟින් සොරා ගෙන ගොස් මසක් වන ගණන් රජ්ජුරුවන් කෙරෙන් මා වියෝ කොට පීහ'යි තමන්ගේ පමණ ප්‍රිය විප්‍රයෝගයට බෝධිසත්ත්වයන් කෙරෙහි නොපහන් තැනැත්තේ වෛරයෙන් තුමූත් කිසිවකුත් කොට ගන්නට අසමර්ථ ව තමන් කෙරේ වල්ලභ ස්ත්‍රීන් පස් දෙනකුට කියන්නාහු, තෙපි ඇම මහෞෂධ පණ්ඩිතයාගේ අපරාධයක් පරීක්ෂා කොට රජ්ජුරුවන්ට කියා බිඳුවා පියව'යි කීහ. ඔවුහු පස් දෙන මහතාණන්ගේ වරදක් සොයන්නාහු ඔබ යන එන තෙන අනුනට කිසිවක් නොහඟවා පරීක්ෂා කොට ඇවිදිනාහ.
එක් දවසක් පරිබ්‍රාජිකාවන් දෑ, රජ ගෙහි දී වළඳා තමන් වහන්සේගේ ආශ්රමයට වඩනා සේක්, බෝධිසත්ත්වයන් දෑ රාජ සේවයට වඩනා වුන් රාජාංගණයෙහි මිදුලෙහි දුටු සේක. මහතාණෝ පරිබ්‍රාජිකාවන් දෑ වැඳලා සිටි සේක. පරිබ්‍රාජිකාවන් දෑ සිතන සේක්, 'මේ පණ්ඩිතයන් නුවණැත්තෝල. එබැවින් මුන් නුවණ පරීක්ෂා කෙරෙමි'යි සිතා 'බසින් කීවා කවුරු නො දනිද්ද? හස්ත මුද්‍රා නම් බැරි දෙයක. එබැවින් හස්ත මුද්‍රාවෙන් ප්‍රශ්නයක් විචාරමි'යි සිතා බෝධිසත්ත්වයන් දෑ මූණ බලා අතක් විදහා පෑ සේක. එකුමක් නිසාද යත්: කිමෙක්ද පණ්ඩිතයෙනි! රජ්ජුරුවෝ තොප රටින් මෙරටට ගෙන්වා ගෙන අත විදා සම්පත් දී පියා සුව සේ රකිත්දැයි නො රකිත්දැ?'යි සිතින් සිතා බසින් නොකියා අත්ල විදහා පෑ නියාය. බෝධිසත්ත්වයන් දෑ සිතන සේක්, 'මා අතින් හස්ත මුද්‍රාවෙන් ප්‍රශ්න විසඳන සේක් වනැ'යි තමන් වහන්සේගේ ප්‍රඥා නමැති දිවැසින් දැන, ඒ ප්‍රශ්න විසඳන සේක්, තමන් වහන්සේගේ මිට හකුළුවා පෑ සේක. කුමක් කී නියාද යත්: 'මා සමීපයට එව'යි ප්රතිඥාගෙන, මාගේ රටින් මා ගෙන්වා ගෙන, මිටින් තර ව ගත් දෙයක් අනුනට නොදෙන්නා සේ අමුතු කිසිවකුත් මට නොදෙන්නාහ'යි සිතා, අතින් ප්රශ්නය විසඳූ නියාය. පරිබ්‍රාජිකාවන් දෑ ඔබ දැන ගත් නියාව දැන අත ඔසවා තමන්දෑගෙ හිස පිරිමැඬ ලූ සේක. කුමක් කී නිසාද යත් : ඉදින් උකටලී වූ නම් අප සේ මහණ ව නොගණුද'යි හැඟැවූ නියාය. එයිත් දැනලා තමන් වහන්සේගේ බඩ පිරිමැඬ ලූ සේක. ඉන් හැඟවූයේ 'මා විසින් රකිනා බඩවල් බොහෝය. ඒ බැවින් පැවිදි වන්නට නොපිළිවන'යි කී නියාය. මෙසේ ඒ පරිබ්‍රාජිකාවන් දෑ, හස්ත මුද්‍රාවෙන් ප්‍රශ්න විචාරා තමන් වහන්සේගේ ආවාසයට වැඩි සේක. බෝධිසත්ත්වයන් දෑත් පරිබ්‍රාජිකාවන් වැඳ රාජ සේවයට ගිය සේක.
නන්දා දේවීන්ගේ වල්ලභ ස්ත්‍රීහු රජගෙයි සී මැඳුරු කවුළුවෙන් පිටත බැලුවාහු මේ ක්‍රියාව දැක, රජ්ජුරුවන් සමීපයට ගොස්, දේවයන් වහන්ස, මහෞෂධ පණ්ඩිතයෝ පරිබ්‍රාජිකාවන් හා එක් ව නුඹ වහන්සේ සතු රාජ්‍යය ප්‍රාර්ථනා කරන්නාහ. නොබෝ කලකින් නුඹ වහන්සේ මරා රාජ්‍යය ගන්නාහයයි බිඳුවා පීහ.
ඒ අසා රජ්ජුරුවෝ කියන්නාහු, 'කිමෙක්ද, තොප දුටු දෙයෙක්ද? ප්රත්යක්ෂ කොට ඇසූ දෙයෙක්දැ'යි කීහ. 'අසා වදාළ මැනැව, පරිබ්‍රාජිකාවන් දෑ, ඊයේ රජ ගෙහි දී වළඳා යන්නවුන් දෑ රජගෙයි මිදුලේ දී මහෞෂධ පණ්ඩිතයන් දැක, බොහෝ දෙනා හෙයින් බසින් මන්ත්රණයට භය ඇති ව අතින් ඉඟි පානාහු, "පණ්ඩිතයෙනි, තෙපි නුවණැති තැනැත්තවුන් වුව, දඹදිව සියලු රාජ්‍යය අතුල් තලයක් මෙන්ද නොහොත් කර මඬලක් මෙන්ද තනාගෙන, රාජ්‍යය තොප අත්පත් කරන්නට නොපොහොසත්දැ'යි තමන්ගේ අත්ල විදහා උපමා කොට පෑදෑය. පණ්ඩිතයෝත්, ඒ දැන ගෙන, 'කඩුව මිරිකා ගනිම් නම් කීප දවසකින් රජහු මරා රාජ්‍යය අත් පත් කොට ගනිමි' කඩුව ගන්නා ලෙස මිට අකුළුවා පෑහ. පරිබ්‍රාජිකාවෝ 'එසේ වී නම් රජහු ඉස කපාහැර පියව'යි තමන් හිස පිරිමැඳ ලූහ. එවිට පණ්ඩිතයෝ 'ඉසට ගැසූ පහර මාගේ භයින් අත වැරදී මුඳුනින් හිස පළා ගිය නම් නපුර, බඳ මැදින් පොලු කෙරෙමි'යි සිත තබා බඩ පිරිමැඬ ලීය, මහරජ, ඇසූ දෙයක් කුමට කියමෝද? අපි සියැසින් ම දුටුම්හ'යි කියා නැවතත් කියන්නාහු, 'අප්‍රමාද ව මහෞෂධ පණ්ඩිතයන් මරා පිය මැනැවැ'යි කීහ.
රජ්ජුරුවෝ උන්ගේ බස් අසා මෙසේ සිතූහ. පණ්ඩිතයන් විසින් මා කෙරේ වරදනට නොපිළිවන. පණ්ඩිතයන් කීවයි කියන කාරිය පරිබ්‍රාජිකාවන් දෑ අතින් විචාරා දැන පියමි'යි සිතා දෙවන දවස් පරිබ්‍රාජිකාවන් දෑ වළඳා අන්තයෙහි උන් දෑ විචාරන්නාහු, 'කිමෙක්ද පණ්ඩිතයෝ දුටුද?'යි කීහ. “මහරජ, ඊයේ රජගෙයි වළඳා යන්නමෝ අතර මඟ දී දුටුම්හ”යි කී සේක. “උන් හා කළ කතාවෙක් ඇද්දැ”යි කීහ. “මහරජ, උන්හා බසින් කී දෙයක් නැත. 'උහු නුවණැත්තාහ'යි යනු අසා ඉදින් නුවණැත්තාහු වී නම් දැන ගන්නාහයි සිතා පරීක්ෂා කරන පිණිස හස්ත මුද්‍රාවෙන් ප්‍රශ්නයක් විචාළම්හ, අප විචාළ ප්රශ්නය දැන අප සිත් වූ පරිද්දෙන් විසඳූහ”යි ඒ වූ නියායෙන් වදාළ සේක. “ස්වාමීනි, පණ්ඩිතයෝ නුවණැත්තෝද?” කීහ. “මහරජ, නුවණැත්තෝය. උන් හා සමාන කෙනෙක් එක තෙනෙකත් නැත්තාහ”යි වර්ණනා කළ සේක. රජ්ජුරුවෝ පරිබ්‍රාජිකාවන්ගේ බස් අසා වැඳ පන්සලට යැවූහ.
උන් වහන්සේ ගිය ඉක්බිති, බෝධිසත්ත්වයන්දෑ ආ සේක.
පරිබ්‍රාජිකාවන් විචාළ නයින් ම 'කළ කථා කිම්දැ'යි කීහ. ඔබ මා
හා බසින් කී දෙයක් නැත. හස්ත මුද්‍රාවෙන් ප්‍රශ්නයක් විචාළ සේක.
ඔබ විචාළ ප්‍රශ්න මමත් නොවරදවා හස්ත මුද්‍රාවෙන් ම විසඳීමි'යි
පරිබ්‍රාජිකාවන් දෑ කී පරිද්දෙන් නොවරදවා ම වදාළ සේක.
එ දවස් රජ්ජුරුවෝ, මහතාණන් කෙරෙහි පැහැද, දස දහසක් යොදුන් දඹදිව මුළුල්ලට නායක කොට සෙනෙවිරත් ධූරය දී පට බැන්දාහ. සියලු රාජ්‍යය මුළුල්ල පණ්ඩිතයන් කීවක් මය, මෙවක් පටන් උන් කීවක් මා කරන්නේය'යි යනාදීන් සියලු දඹදිව විධාන ව උන් වහන්සේට පාවා දුන්හ. හිමාලයෙන් හුණු පංච මහා ගංගාවන් මහ මුහුදට වදනා පරිද්දෙන්, බෝධිසත්ත්වයන් වහන්සේගේ ගෙට සියලු සම්පත් හා ඓශ්චර්යය මහ මුහුදට වඩ බා දිය සේ ප්රමාණාතික්රාන්ත ව ඉතා බොහෝ විය.
රජහු තමන් වහන්සේට යසස් දුන් ඉක්බිති නුවණැති
මහතාණන් වහන්සේ මෙසේ සිතූ සේක. කෙසේද යත්: රජ්ජුරුවෝ
එක විට ම මේ සා මහත් තනතුරක් දී තමන් හැර මා මුත් සියලු
සම්පත්තින් ආඪ්‍ය කෙනකුන් නැති නියාවට මේ සා මහත්
ඓශ්චර්යයෙහි පිහිටුවා ලූහ. රජදරුවෝ යමක්හු කෙරෙහි වෛර වූ නම්
පස්වරු නසත් නම් පෙරවරු බොහෝ සම්පත් දෙන්නාහ. දැන්
මටත් මෙතෙක් දවස් කිසිවකුත් නොදී මහෝඝයක් සේ මේ සා මහත්
සම්පත් එක පැහැර දී පීහ. රජ්ජුරුවන් මා කෙරෙහි ඉත සිතින් දුන්
බවත් අහිත සිතින් දුන් බවත් නොදනිමි. කල් නොයවා එයින් දැන
පීම් නම් යහපතැ'යි සිතා, රජ්ජුරුවන්ගේ අදහස් තත් වු පරිද්දෙන්
දැන පියන්නට අන් කෙනකුනට නොපිළිවන. භෙරී පරිබ්‍රාජිකාවන්
වහන්සේ මහා නුවණැති සේක. උන් වහන්සේ එක් උපායකින්
ඒ දැන පියන්නට තරම් සේකැ'යි බොහෝ සුවඳ මල් හා ගිලාන
ප්‍රත්‍යයෙන් කිසිවකුත් ගෙන්වා ගෙන පන්සලට ගොස්, සුවඳින් මලින්
පූජා කොට 'ස්වාමීනි, නුඹ වහන්සේ මාගේ ගුණ කීවාක් පටන්
රජ්ජුරුවෝ තමන් හැර සම්පතින් මා මුත් අනෙක් කෙනකුන් නැති
නියාවට මහ වතුරක් පරිද්දෙන් මාගේ මාළිගය නොයෙක් අයුරින්
සමෘද්ධ කොට පීහ. ඒ මා කෙරෙහි සම සිතින් දුන් බවත් මා නසා
පියන සිතින් දුන් බවත් නොදනිමි. රජහු මා කෙරෙහි ඇති සමාධි
ගුණය තත් වූ පරිද්දෙන් දැන පිය මැනැව'යි වදාළ සේක.
පරිබ්‍රාජිකාවන් දෑත් 'යහපතැ'යි ගිවිස, දෙවන දවස් රජගෙට
යන ගමනේ දී ම 'දිය රකුසු පැනය'යි එක් ප්‍රශ්නයක් සිතා, නැවත
මෙසේ සිතන සේක්, 'පණ්ඩිතයන් හා එක් ව කතා කළ චර පුරුෂයකු
සේ නොව උපායෙකින් ප්‍රශ්න විචාරා රජ්ජුරුවන්ගේ හිත අහිත දෙක
දැන පියම්ය'යි වළඳා අන්තයෙහි රජ්ජුරුවන් ඇවිත් වැඳ හුන් කල්හි
පරිබ්‍රාජිකාවන් දෑට මෙසේ වූ අදහසක් වූයේය. කෙසේ ද යත්: 'ඉදින්
මේ ප්රශ්නය බොහෝ දෙනා මැදයෙහි විචාළෙම් නම්, රජ්ජුරුවෝ
පණ්ඩිතයන් කෙරෙහි වෛර වූ නම් බොහෝ දෙනා මධ්‍යයෙහි
ම වෛර බව කිවයුත්ත නොවෙයි" සිතා, 'මහරජ, තනි ව රහස්
කතාවක් කියනු කැමැත්තම්හ'යි වදාළ සේක. රජ්ජුරුවෝ සමීපයෙහි
මිනිසුන් පිටත් කැර වූහ. එවිට පරිබ්‍රාජිකාවන් දෑ කියන දෑ මහරජ,
තොප අතින් ප්‍රශ්නයක් විචාරමි'යි වදාළ සේක. 'විචාළ මැනැව,
ස්වාමීනි, දනිම් නම් කියමි'යි කීහ. එවිට භෙරී නම් පරිබ්‍රාජිකාවෝ
කියන්නාහු, මේ 'දිය රකුසු පැනයෙහි' පළමු වන ගාථාව වදාරන
සේක්:-
“සචෙ වො වුය්හමානානං සත්තන්නං උදකණ්ණවෙ මනුස්ස බලි මෙසානො නාවං ගණ්හෙය්ය් රක්ඛසො අනුපුබ්බං කථං දත්වා මුඤ්චසි දකරක්ඛනො”
මේ ගාථාවෙන් කීහ. 'එසේ වී නම් මහරජ, තොපගේ වැදූ මෑණිය තලතා දේවීය, තොපගේ නායක බිසවු නන්දා දේවිය, තොපගේ එක කුස හොත් මලණුවෝ තීක්ෂණ මන්ත්‍රී කුමාරයෝය. තොපගේ යහළු වූ ධනුශේඛර කුමාරයෝය, අග්‍ර පුරෝහිත කේවට්ට බ්‍රාහ්මණයෝය. මහෞෂධ පණ්ඩිතයෝය. තෙපිය යන මේ සත් දෙනා මහා සමුද්‍රයෙහි එක නැවකින් යන්නවුන්, මිනිසුන් කා ඇවිදිනා උදක රාක්ෂයෙක් මිනිස් බිල්ලක් සොයා ඇවිදිනේ තොප සත් දෙනා නැඟී යන්නා වූ නැව දැක, මුහුදු දිය දෙබෑ කොට අවුත් නැව අල්ලාගෙන තොපට කියන කල, 'මහරජ, මේ තොප හා කැටි ව නැවින් යන සදෙනා පිළිවෙළින් දුන හොත් මුත් නැව නාරිමි'යි කී නම්, ඒ සදෙනාගෙන් කවුරුන් පළමුව දෙවුද? දෙ වැනි ව තුන් වැනි ව, සතර වැනි ව, පස් වැනි ව දී කවුරුන් අන්ත කොට බිලි දී ඒ ජල රාක්ෂයා අතින් ගැලවෙවුදැයි? විචාළහ.
ඒ අසා රජ්ජුරුවෝ තමන් සිත වඤ්චා නැති ව අදහස් වූ
පරිද්දෙන් කියන්නාහු :
“මාතරං පඨමං දජ්ජං හරියං දත්වාන භාතරං තතො සහායං දත්වාන පඤ්චමං දජ්ජ බ්රාරහ්මණං ජට්ඨාහං දජ්ජ මත්තානං නෙව දජ්ජං මහොසධං.”
මේ ගාථායෙහි අභිප්‍රාය නම්, 'ස්වාමීනි, සැබැවින් ජල
රාක්ෂසයා නැව අල්ලාගෙන, 'සදෙන මට පිළිවෙළින් බිලි දී තෙපි
ගැලවෙව'යි කී නම් ඕහට බිල්ලට පළමු කොට මාගේ මෑණියන් දෙමි,
දෙ වැනි ව නන්දා දේවීන් දෙමි, තුන් වැනි ව මාගේ මලණුවන් දෙමි,
සතර වැනි ව මාගේ යහළුවා දෙමි, පස් වැනි ව කේවට්ටයා දෙමි,
පස් දෙනා දී මහෞෂධ පණ්ඩිතයා මා හා දෙන්නා ම මතු සිටි කල්හි
තවත් බිලි ඉල්වා නම් පිළි තරව හැඳගෙන කැහැපට කවාගෙන දස
දහසක් යොදුන් දඹදිවට මා කරන්නා වූ රාජ්‍ය ශ්‍රී නොසිතා, එම්බල
මා කා පියවයි කියා මහෞෂධ පණ්ඩිතයන් මා පිටිපස්සට දමා පියා,
ඒ රාක්ෂසයා කට දල්වා ලූ කල්හි, පණ්ඩිතයන් මාරුවෙහි ඔහු කටට
පැන, මම ඕහට බිලි වෙම් නමුත් මා පණ ඇති ව හිඳ, මා ඇසින්
බල බලා, මාගේ පණ්ඩිතයන් රාක්ෂසයාට නොදෙම්මැ'යි කීහ.
මේ ප්රශ්නය මෙතෙකින් ම නිමියේය. එතෙකුදු වුවත්
රජ්ජුරුවන් පණ්ඩිතයන් කෙරේ ඇති ඉත සිතත් මා විචාළ ප්‍රශ්නයත්
මා ඇසූ පමණින් ම ප්‍රසිද්ධ වන්නේ නොවේ. එබැවින් මුහුදු දිය
පිට ඉසැලූ තෙලිත්තක් මුළුල්ලෙහි විහිද යන පරිද්දෙන් කෙළෙම්
නම් යහපතැ”යි සිතා "මහ රජහු සමඟින් මාළිගායෙන් බැස, ජන
සමාගමය කරවා ඒ තැනත් රජහු අතින් විචාරමි. රජ්ජුරුවෝ මට
පළමු කී ලෙස ම 'පස් දෙනා පිළිවෙළින් දී පණ්ඩිතයන් රකිමි'යි
කියති. එතැන මම මෑණියන් ආදී පස් දෙනාගේ ගුණ බොහෝ
දෙනා මැදයේ කියමි. පණ්ඩිතයන්ගේ නුගුණ කියමි. රජ්ජුරුවෝ
උන්හැම දෙනා නුගුණ බොහෝ කොට කියා පණ්ඩිතයන්ගේ ගුණ
කියති. එසේ කල්හි බෝධිසත්ත්වයන්ගේ ගුණ ආකාශයෙහි පූර්ණ
චන්ද්‍රයා පරිද්දෙන් ප්‍රසිද්ධ වන්නේය"යි සිතා "මහරජ, තොපගේ
අන්තඃපුරවාසීන්ද රාජ කුමාරවරුන්ද මේ සා මහත් නුවර ප්‍රසිද්ධ
ජනයන් එක හෙළා රැස්කරවා රාජාංඟණයෙහි මාහැඟි ආසනයක්
පනවා විසිතුරු කරව"යි අනර්ඝ වූ ආසන පනවා, එහි උන්
පරිබ්‍රාජිකාවන් දෑ රජහු අතින් පළමු තනි ව විචාළ පරිද්දෙන් ප්‍රශ්න
ආදියෙහි පටන් විචාරා, රජ්ජුරුවනුත් තමන් පළමු කී පරිද්දෙන් ම
ඒ රාක්ෂසයාට "පළමු මෑණියන් හා සවැනි ව තමන් පිළිවෙළින්
බිලි දී මහෞෂධ පණ්ඩිතයන් රකිම් මය. මා පණ තබා ඇසිල්ලකුත්
මාගේ පණ්ඩිතයන් කෙරෙන් වියෝ ව විසිය නොහෙමි'යි කී කල්හි
පරිබ්‍රාජිකාවන් දෑ කියන සේක්, "මහරජ, සිත එකක් තබා බසින්
එකක් නොකියව. අප වැන්නන්ටත් මායම් කියත්ද? තොප කියන්නේ
කවුරුන් අදහා ගන්නා බසෙක්ද? "දිය රකුසා නැව අල්ලා ගත් කල
වැදූ මෑණියන් පටන් තොප සදෙනා පිළිවෙළින් බිලි දී පණ්ඩිතයන්
රකිමි”යි කිව. බැලූ කල මහෞෂධ පණ්ඩිතයන් තරම් තොපට
සතුරෙක් නැත. වැදූ මවුන් නම් සත්ත්වයනට උන් විනා උපකාරි
කෙනකුන් නැත. ඉනුත් තොපගේ මෑණියෝ සෙස්ස වුන් සේ අල්ප
වූ ගුණ ඇති කෙනෙක් නොවෙත්, තොපට බොහෝ උපකාරී වුව.
එසේ ගුණ ඇති මෑණියන් කුමක් පිණිස දෙවුදැ”යි රජහට ප්රත්යක්ෂ
කොට දැනෙන පරිද්දෙන් කියන සේක්:-
“පොසෙතා තෙ ජනෙත්ති ච දීඝරත්තානකම්පිකා ජබ්බෙ තයි පදුඨස්මිං පණ්ඩිතා අත්ථදස්සිනී අඤ්ඤං උපනිසං කත්වා වධා තං පරිමොවයි.
“තං තාදිසිං පාණදායිං ඔරසං සබිබධාරිණිං මාතරං කෙන දොසෙන දජ්ජාසිදකරක්ඛනො.”
මෙහි අර්ථ කෙසේද යත්: මේ චූලනී රජ්ජුරුවන්ගේ පියාණන්
සමයෙහි චූලනී කුමාරයන් බාල කල ඒ රජහු පිරිමසා සිටි ඡබ්බ
නම් පුරෝහිත බමුණා හා මේ තලතා දේවීන් ලෝකස්වාද රතියෙන්
සතුටු ව සමඟ වසන්නාහු විස මිශ්‍ර භෝජනයකින් රජහු මරා
බමුණාට ධවලච්ඡත්‍ර නංවා ඕහට අග මෙහෙසුන් ව, බමුණා රාජ්‍යය
කරන සමයෙහි එක් දවසක් චූලනී කුමාරයන් 'මෑණියන් වහන්ස, බඩ
සාය'යි කී කල්හි ඕහට සකුරු මී පැණියක් ගා කැවුම් දෙවූහ. එහි
මැස්සෝ පිරිවරා ගත්හ. කුමාරයෝ රන් තැටියෙන් මී බින්දු බිම
හෙළා තැටියේ උන් මැස්සන් ගසා නෙරපූහ. ඒ මැසි සමූහයා බිම මී
බින්දුවල වසා ගත්හ. ඒ වේලෙහි කුමාරයෝ මැස්සන් නෙරා කැවුම්
කා අත කට ශුද්ධ කොට කෙළියට ගියහ.
බමුණා මේ ක්‍රියාව දැක සිතන්නේ, මේ ඉස නොනැඟීම
තමා කන කැවුමේ මැස්සන් පලවා කැවුම් කෑය. ඉදින් නොනැසී
වැඩිණි නම් මට රාජ්‍යය නොදෙන්නේය. මොවුන් දෑ දැන් ම මරවා
පියමි'යි සිතා, එපවත් තලතා දේවීන්ට කීහ. බිසවු කියන්නාහු
“දේවයන් වහන්ස, මම නුඹ කෙරෙහි කළ ස්නේහයෙන් මාගේ
එවැනි රජ්ජුරුවන් පවා විෂ ලවා මරා පීමි. එබැවින් මට මුන්
ගෙන් ප්‍රයෝජන කිම්ද? සැල නොකොට සොරා මරා පියම්හ”යි
බමුණු අස්වසා ලා ඉතා නුවණැති බිසවු උපායක් ක්ෂණයෙහි සිතා
අරක්කැමියා කැඳවා "දරුව, ම පුතණුවෝ චූලනී කුමාරයෝත්
තොපගේ පුත් ධනුශේඛර කුමාරයාත් එකදා උපන්හ. සමාන වූ
කුමාර පෙරහරින් වැඩියහ. එබැවින් ඔවුනොවුන් ප්‍රාණය සමාන
යහළුවහ. දැන් ඡබ්බ නම් බ්‍රාහ්මණයා ම පුතණුවන් මරනු
කැමැත්තේය. තෙපි මා දරුවන් දිවි රැක දෙව”යි කීය. යහපත
දේවීන් වහන්ස, කුමක් කෙරෙම්ද?යි කී කල්හි 'එසේ වී නම් මාගේ
පුතණුවෝ එක් වන් තොපගේ ගෙයි ම වෙසෙත්වා, කවුරුනුත්
සැක නොකරන පරිද්දෙන් හා හැමදෙනා ම දන්නා පරිද්දෙන් හා
කීප දවසක් තූන් දෙන ම තනි ව මුළුතැන් ගෙයි වැද හෙව චූලනී
කුමාරයන් හා අරක්කැමියා හා පුතු ඇතුළු වූ තුන් දෙනා මුළුතැන්
ගෙයි ම දවස් යවන්නේ සැක නැති වූ කල තොප වැද හොත්
තැන එළුවන්ගේ ඇට ඇද ලා පියා මිනිසුන් රෑ නිදි ගත් කල
මුළුතැන්ගේ ගිනි ලා පියා, කිසි කෙනකුන්ටත් නොහඟවා. මාගේ
පුතාත් හැර ගෙන, මේ නුවර හළ පැලැල්ලෙන් පළමු නික්ම පසල්
දනවුවෙහි අනෙක් නුවරකට පළා ගොස්, ම පුතණුවන් රජ කුමාර
බව නොහඟවා දිවි රැක දෙව"යි කීහ.
ඒ "යහපතැ”යි ගිවිස්සේය, දේවී තුමූ මුතු මැණික් ආදී වූ රුවනින් යම් තාක් දෙයකුත් දුන්හ. ඒ අරක්කැමියා ආදී තුන් දෙන ම මුළුතැන්ගේ ගිනි ලා යන්නාහු ක්‍රමයෙන් ගොස් මදුරට සාගල පුර නුවරට වැද තමන්ගේ ජාති ඇඟවූහ.
මදු රජ්ජුරුවෝ තමන්ගේ පරණ අරක්කැමියා ඇර ඔහුගේ
මුළුතැන්ගේ රක්නා ධූරය ඕහට පාවා දුන්හ. කුමාරවරු දෙදෙන
ඔහු සමඟ ම එක් වන් රජගෙට යන්නාහුය. රජ්ජුරුවෝ "කුමාරවරු
කාගේ දරුවෝදැ?”යි විචාළහ. මාගේ දරුවෝය”යි කී කල්හි "මේ
එක් වැනිය. මේ එක් වැනි නොවේ'යි කී කල්හි "මාගේ බිරින්දන්
දෙන්නාගේ දරුවෝ දෙන්නාය, එබැවින් මේ මා වැනිය, මේ
මෑණියන් වැනිය”යි කීහ, එසේ කල් යත් යත් ඔවුහු යහළුව ගොස්
මදු රජ්ජුරුවන්ගේ දුවණියන් හා එක් ව රජගෙයි ම කෙළනාහ.
නැවත චූලනී කුමාරයන් හා දෙදෙන එක් වන් දැක්මෙන් ඔවුනොවුන්
කෙරෙහි පිළිබඳ වූ අදහස් ඇති වූහ. කෙළි මඬලේද චූලනී
කුමාරයෝ තමන් කෙළනා පලස් හූවටත් ලණුවත් කුමාරිකාවන් ලවා
"තෙලෙ ගෙනෙව”යි යනාදීන් තමන් සිටි තැනට ගෙන්වන්නාහුය.
සමහර විටෙක නොගෙනාව තරව ඔළුවේ ඇන ලන්නාහ. කුමාරයා
තමාගේ රාජ මානයෙන් තරව ගැසූ පහර සමහර විට ස්නේහයෙන්
ඉවසා පියති. සමහර විට ඉතා ම රිදී යන්නා ඉවසිය නොහී අත්
ගගා හඬන්නාහ. ඒ අසා රජ්ජුරුවන් "මාගේ දරුවනට ගැසුවෝ
කවුරුද?"යි කී කල කිරිමවු ගොස් විචාළ කල "ඉදින් මම ‘මේ මට
ගැසුයේය"යි කීම් නම් ම පියාණෝ ඕහට රාජාඥ කරවන්නාහ”යි
සිතා ඔහු කෙරේ ස්නේහයෙන් ඒ බව වලහා, 'කුමක් කියවුද? මා
කවුරු මරද්ද? නිකම් අඬාපීමි"යි යට කරන්නීය.
නැවත එක් දවසක් මරන්නවුන් රජ්ජුරුවෝ තුමූ ම දැක මෙසේ සිතක් සිතූහ. "මේ කුමාරයා මූ හා එක සැටියත් නොවෙයි. ස්වර්ණ ප්‍රතිබිම්බයක් සේ බැලුවනට ප්‍රසාද එලවන්නේය, මේ රජගෙයකැවත් රජ්ජුරුවන්ගේ දුවකැ'යි වත් 'මම නොරටින් ආමි'යි වත් අරක්කැමියාගේ පුතෙකිමි' වත් කිසි භයක් තැති ගැන්මක් නැත්තේය. මට වළහා කී බව මූත් මේ අරක්කැමියාගේ පුතෙක් නොවෙයි සිතා එවක් පටන් විමසන්නාහ. කිරිමවු කුමාරිකාවන් කෙළනා තැනට කැවුම් ගෙනයන්නෑහ. කුමාරිකාවෝ සෙසු බාල දරුවනටත් බෙදා දෙන්නාහ. සෙස්සෝ දික් කළ කැවුම් ගන්නා කල දන වක නමාගෙන නැඹුරුව දෝතින් දික් කොට ඇරගෙන කන්නාහ. චූලනී කුමාරයෝ කෙළිමින් සිට අතින් උදුරා ගෙන කන්නාහ. එයිත් රජ්ජුරුවෝ තුමූ ම දුටහ.
නැවත එක් දවසක් චූලනී කුමාරයන් කෙළනා බමර දමාලුව. රජ්ජුරුවන්ගේ කුඩා යහනයට වැද ගියේය. ඒ ගන්නා කුමාරයෝ තමන්ගේ රාජ මානයෙන් "මේ ප්‍රත්‍යන්ත රජුගේ ඇඳ යටට ඉස නැමීම නම් ඔහු වැන්දාට අඩුදැ?”යි අභිමාන ව දණ්ඩකින් මෑත් කොට ගත. රජ්ජුරුවෝ ඒ ක්‍රියාවත් දැක ඒකාන්තයෙන් මේ අරක්කැමියාගේ පුතෙක් නොවෙ”යි සිතා අරක්කැමියා කැඳවා, “මේ කාගේ පුතෙක්දැ?”යි විචාළහ. 'මාගේ ම පුතාය'යි කී කල, "එම්බල තාගේ පුතාත් නොපුතාත් මම දනිමි, බොරු නොකියා ඇති සැටියේ කියව. බොරු කීයෙහි නම් දන්නෙම් වේදැ”යි කඩුව අමෝරා භය ගැන්වූහ. ඒ මරන භයින් තැතිගෙන, 'තනි ව දන්වා ලමි'යි කී කල්හි, රජ්ජුරුවෝ මිනිසුන් දුරු කළහ. එවිට අභය ඉල්වා ගෙන, මාලු චූලනී රජ්ජුරුවන් විෂ බේත් ලවා මැරූ තැන් පටන් රජහු විචාළ තැන් දක්වා තමන් කොට ආ පවත් කතාව වූ පරිද්දෙන් නොවළහා කීහ. රජ්ජුරුවොත් තත් වූ පරිද්දෙන් අසා දැන, තමන්ගේ දුවණියන් බිසෝ පළඳනාවෙන් සරහා චූලනී කුමාරයනට පාවා දුන්හ. මේ චූලනී කුමාරයන් මදුරට විසූ නියාවය.
අරක්කැමියා හා කුමාරවරුන් ගිය දවස්, අරක්කැමියාත්
පුතාත් චූලනී කුමාරයෝත් තූන් දෙන මුළුතැන් ගෙයි ගත් ගින්නෙන්
දා මළහ'යි සියලු නුවර මුළුල්ලෙහි ඒක කෝලාහල විය. තලතා දේවී
එපවත් අසා බමුණාට කියන්නාහු, "නුඹ හා අප හා සිත ඇත්ත මුදුන්
පත් විය. ඒ තුන් දෙනා එක ගෙයිදා මළහ”යි කීහ. බමුණු ඔද වැඩී
සතුටු විය. ඒ තලතා දේවී 'චූලනී කුමාරයන්ගේ ඇටය”යි එළු ඇට
ගෙන්වා බමුණාට පෑ ගිවිස්සුහ.
මේ නිසා පරිබ්‍රාජිකාවන් දෑ "අනික් උපක්‍රමයක් තමන්ගේ නුවණින් දක්වා තොප මරනින් මුදා රැක්කීය. කියා ඒ අසා අපමණ සැපත් දුන් එවැනි මෑණියන් කවර වරදෙකින් ජල රාක්ෂසයාට දෙවූදැ”යි කීහ.
ඒ අසා රජ්ජුරරුවෝ කියන්නාහු, "මාගේ මෑණියන් දෑගේ
ගුණ බොහෝ බවත් දනිමි. නුඹ වහන්සේ වදාළ ගුණයට වඩා මා
දන්නා නුගුණ බොහෝය"යි කියන්නාහු, 'ස්වාමීනි, උන් දෑ නුගුණ
හැම කියන්නට නොපිළිවන, යම් තම් දෙයක් කියමි, අසා වදාළ
මැනැව”.
“දහරා විය අලංකාරං ධාරෙති අපිළින්ධියං දොවාරිකෙ අනීකට්ඨෙ අතිවෙලං පජග්ඝති.
“තතොපි පටිරාජානං සයු දූතානි සාසති මාතරං තෙන දොසෙන දජ්ජාහං දකරක්ඛනො.”
“තමන් දෑ ඉතා වයස්ගත ව සිට බාල ස්ත්‍රීන් පළඳනා වූ
මිණිමෙවුල්දම් ආදී නොපැළැන්ඳ මනා පැළඳ මා අමාත්‍ය මණ්ඩලයා
පිරිවරා සිංහාසනාරූඪ ව උන් කල්හි බොහෝ දෙනාට පෙනෙන
පරිද්දෙන් සක්මන් කොට ඇවිදින දෑය. පැළැන්දා වූ මණි මේඛලා
දාමයෙහි ශබ්දය සියලු රජගෙය ඒකනින්නාද කරමින් සිටිනීය.
අමාත්‍ය මණ්ඩලයා මැද උන් මම මුන් වහන්සේ පැළඳි ආභරණයෙහි
ශබ්දය නියා දැන, ලජ්ජාවෙන් කර බාමි. අමාත්‍ය සමූහයා ඔවුනොවුන්
මුහුණ බලන්නාහ. තවත් නොකට යුත්තක් බලා වදාළ මැනැව.
මුන් දෑගේ ඉඳුල් කන්ටත් තරම් නුවූ දොරටුපාල කොල්ලන්ද ඇත්
ගොව්වන් ආදීන්ද කැඳව කැඳවා බොහෝ වේලක් උන් හා සමඟ
මහත් කොට සිනාසෙන දෑය. මා සතු ප්‍රත්‍යන්ත රජදරුවනට මා
යව්වා කොට පත් ලියා යවන කල 'මාගේ මෑණියන් දෑ මැහැලි
නොවන්දෑය. සොළොස් ඇවිරිද්දෙහි සිටියනටත් මුන්දෑ වඩනා දෑය.
මේ නම් රජ්ජුරුවෝ අවුත් තමන් බිරින්ද කොට යෙත්ව”යි මට
සොරා පත් යවන දෑය. රජදරුචෝ පත් බලා පියා භයින් තැති ගෙන
නැවත මට පත් එවන කල 'අප තමන් වහන්සේගේ සේවකයන් වූව.
මෙසේ නොතරම් කටයුතු කියා එවුවේ ඇයිදැ”යි පත් එවන්නාහ.
ඒ ගෙනා පත් සබෙහි කියවන්නට වන් කල, ඉස් වැද්දන තැනක්
නැත්තා සේ මහා ලජ්ජාවෙන් පොළොව පැළී නොයන සේය”යි
සිතමි. ස්වාමීනි, මේ වැරදි නිසා මෑණියන් දිය රකුසාට දෙමි”යි කීහ.
“තොපිගේ භාර්යාවෝ නම් තොප බාල අවස්ථාවෙහි පටන්
තොපට උන් තරම් ගුණ ඇති කෙනෙක් නොවූහ'යි” නන්දා දේවීගේ
ගුණ කියන මේ පරිබ්‍රාජිකාවන් දෑ,
“ඉත්ථීගුම්බස්ස පවරා අච්චන්තපියවාදිනි අනුග්ගතා සීලවති ජායාව අනපායිනි “අක්කොධනා පඤ්ඤවතී පණ්ඩිතා අත්ථදස්සිනී උබ්බරිං කෙන දොසෙන දජ්ජාසි දකරක්ඛනො
මෙයින් කියා, "මහරජ, මේ නන්දා දේවී නම් තොපගේ සොළොස් දහසක් බිසෝවරුනට නායක ව පඤ්ච කල්‍යාණයෙන් හා සියලු රූපශ්‍රීන් විරාජමාන ව, බාලයෙහි පටන් ස්වකීය වූ ඡායාවක් පරිද්දෙන් තොප අත් නොහැර පවත්නීය. උන්ගේ ගුණ කියත් නම් මදු රට සාගල නුවර තොප වසන සමයෙහි තොප තළා මැරූ කල ගෙඩි කත් මුත් තොපගේ ආඥාව මරුත්තු නොකොට තොප කෙරේ ස්නේහයෙන් දෙමවුපියනටත් නොකිවුය. මෙබඳු ගුණ ඇති නොකිපෙන සුලු ඉතා නුවණැති අභිප්‍රාය දන්නා තොප සිත් වූ පරිද්දෙන් වැස, තොප සේ පිනැති දූදරුවන් වදා රාජාභිවෘද්ධිය වඩා දුන් නන්දා දේවීන් කවර වරදකින් ජල රාක්ෂසයාට දෙවුද?”යි කීහ.
රජ්ජුරුවෝ ඒ අසා උන්ගේ නුගුණ කියන්නාහු, මෙයින් කීහ.
“බිඩ්ඩා රතිසමාපන්නං අතත්ථවසං මාගතං සා මං සකානං පුත්තානං ආයාචං යාවතෙ ධනං
සොහං දදාමි සාරත්තො බහුං උච්චාවචං ධනං සුදුච්චජං චජිත්වාන පච්ජා සොචාමි දුම්මනො උබ්බරිං තෙන දොසෙන දජ්ජාමිදකරක්ඛනො”
“ස්වාමීනි, මේ නන්දා දේවී, රහසිගත ව ලෝකාස්වාද
රතියෙන් සතුටු ව, මා තමා වසඟත්වයට පමුණුවා මාගේ සෙසු
බිසෝවරුනට හා උන්ගෙන් උපන් දරුවනට මා විසින් ස්නේහයෙන්
කරවා පළඳවන ලද නොඉල්විය යුතු පළඳනා මා අතින් ඉල්ලයි. මම
ඒ දුන් කල මතු ඒ නිසා වන පසුතැවිලියෙක් ඇතැ'යි නොසිතා,
කාමරාගයෙන් දවන ලද අදහසින් 'ඇර ගනුව'යි ඉල්ලූ පළඳනා උදුරා
දෙමි. මෝ රජහු විසින් මට දෙන ලදැ'යි දරුවන් හඬද්දී ඇරගෙන,
‘දරුවනට දුන් පළඳනා උදුරා ගත්මි'යි අතිශයින් සතුටු වෙයි. එකල
බිසෝවරු හා දරුවෝ අවුත් 'මේ කීවා දුන්නෙත් ඇයිද? නැවත
උදුරා ගත්තෙත් හැයිද?”යි සභාවේ උන් මට 'ඈ මැඳහත් නියාය'යි
මැසිවිලි කියති. බාලදරුවන් අඬත් අඬත් මටත් ශෝක උපදනේය.
‘මා කළ දෑ නපුරැ'යි පසුතැවිලියට පැමිණ නැවත භාණ්ඩාගාරයෙන්,
ඇර ගත්තාට වඩා දිවුණක් දීත් උන් හැම සංසිඳුවා ගත නොහෙමි.
මේ සා දොම්නසක් වන්නේ උන් නිසා වේද? මේ වරද මුල් කොට
නන්දා දේවීත් ජල රාක්ෂසයාට දෙමි”යි කීහ.
“ඒ වන්නා මේ වරදින් බිසවුන් බිලි දෙව. තොපගේ මලණුවෝ
මහා උපකාරී වූහ. උන් කවර වරදින් රාක්ෂසයාට දෙවුදැ”යි කියන
සේක්, මෙයින් වදාරන සේක.
“යෙ නොවිතා ජානපදා ආනීතං ච පටිග්ගහං ආහතං පර රාජ්ජෙහි අඟිට්ඨාය බහුං ධනං
“ධනුගගහානං පවරං සුරං තිඛින මන්තිනං භාතරං කෙන දොසෙන දජ්ජාසිදකරක්ඛනො”
මෙයින් "මහරජ, තොප ස්වදේශයෙන් ගොස් අන්‍ය දේශයෙන්
උන්නවුන් තමන්ගේ උපායෙන් ගෙනවුත් සියලු සම්පත්තීන් සමෘද්ධ
වූ රාජ්‍යයෙහි පිහිට වූ, තවද දස දහසක් යොදුන් දඹදිව දුනුවායනට
අග්‍ර වූ වැරසර වූ තීක්ෂ්ණමන්ත්රී වූ එක කුසින් උපන් මලණුවන්
කවර වරදෙකින් බිලි දෙවුදැ?” විචාළ සේක. ඒ තික්ෂ්ණමන්ත්රී
කුමාරයෝ නම්. මෑණියන් තලතා දේවීන් මාලු චූලනී රජ්ජුරුවන්
විෂ ලවා මරා බමුණා හා එක් ව වසන කල උපන්හ. එසේ බව මුත්
උපන්නේ මාලු චූලනී රජ්ජුරුවන්ටය. ඒ බමුණු කුමාරයන් වැඩුණු
කල කඩුවක් අතට දී ලා "මේහැර ගෙන එක් වන් මා ළඟ සිටුව”යි
කීය. ඒ කුමාරයෝත් බමුණානෝ තමාගේ පියාණෝ මය'යි සිතා
සේවය කරන්නාහ. (එකලත් දැන් සේ ම වියරුවෝ ඇති වන්නාහ.)
එක් අමාත්‍යයෙක් සෙමින් කියන්නේ, "කුමාරයෙනි, තෙපි මුගේ පුත්
කෙනෙකැ'යි නොසිතව. තොප මවු කුස වසන සමයෙහි, තොප
මවු මේ බමුණා පිණිස තොප පියාණන් මරා මෝ හට ධවලච්ඡත්‍ර
නංවා, මොහු රාජ්‍යයෙහි පිහිටැවූහ. තෙපි මහා චුලනී රජ්ජුරුවන්ගේ
පුතණුවෝය'යි කීය.
ඒ කුමාරයෝත්, දණ්ඩෙන් ගැසු නයෙකු මෙන් කිපී, "එක් උපායකින් මේ බමුණා මරමි” සිතා රජගෙට ගොසින් වැද ඒ බමුණු තමනට දුන් කඩුව තමන් ළඟ සිටි එකක් හට දී අනෙකක් හට කියන්නාහු තෝ තෙල කඩුව මාගේ කඩුව යැයි වාද කොට කලහ කරව” කියා රජගෙට වන්හ. ඔහු දෙ දෙන, "මේ මාගේ කඩුව උදුරා තට දුන්නේ කවුරුදැ”යි කලහ කළහ. කුමාරයෝ පළමු නොදන්නා වන්ව, 'කොල කුමන කලහයෙක්ද?යි එකකු බලන්නට යැවූහ. ඒ අවුත් "නුඹ වහන්සේගේ කඩුව අනිකක් තමාගේ කඩුව යයි උදුරා කලහ කෙරෙති'යි කීහ. බමුණා ඒ අසා, 'කුමක්දැ?'යි විචාළ කල්හි “නුඹ වහන්සේ මට දුන් කඩුව අනික් කෙනකුන්ගේ කඩුවදැ?”යි කීහ. "කුමක් කියවුද? මාගේ භාණ්ඩාගාරයෙහි සිය දහස් ගණන් කඩු තිබියැ දී තොප එක පුතණුවනට අනුන්ගේ කඩුවක් කුමකට දෙම්දැ?"යි කීහ. එසේ වී නම් නුඹ වහන්සේ මට දුන් කඩුව ඇඳින ගත හෙන සේක්ද? පරීක්ෂා කරන පරිද්දෙන් ගෙන්වමෝදැ?"යි කීහ. “ඇයි පුත, මා දුන් කඩුව මම නොහඳුනම්ද? වහා ගෙනෙව”යි කීහ. කුමාරයෝ කඩුව ගෙන්වා කොපුවෙන් මෑත් කොට 'බැලුව මැනැව'යි කඩුව පානා එකක්හු පරිද්දෙන් වමතින් කොපුව ගෙන විදුලියක් ගැසූ ඇසිල්ලක් මෙන් එක පහරින් ම බමුණා හිස කපා තමන් පා පිට හෙළා ගත්හ. ඒ මළ බමුණා රජ ගෙන් පිටත් කොට ගෙන පවිත්‍ර කරවා කුමාරයනට ධවලච්ඡත්‍රය නංවා සිටි කල්හි, මෑණියෝ චූලනී කුමාරයන් සාගල නුවර වසන නියාව කීහ. ඒ අසා තීක්ෂණ මන්ත්‍රී කුමාරයෝ චතුරංඟනී සේනාව පිරිවරා ගොස් බෑයන් ගෙනවුත් රාජ්‍යාභිෂේක කරවා රාජ්‍යයෙහි පිහිට වූහ. ඒ කුමාරයෝ ක්ෂණයෙහි සිතා පියන බුද්ධි ඇත්තාහ. එයින් තික්ෂණ මන්ත්‍රී කුමාරයෝයැයි දඹදිව ප්‍රසිද්ධ වූහ. පරිබ්‍රාජිකාවන් දෑ මෙවැනි කුමාරයන් කවර වරදකින් රාක්ෂසයාට දෙවුදැ?"යි වදාළ සේක.
ඒ අසා රජ්ජුරුවෝ මලණුවන්ගේ නුගුණ කියන්නාහු
මෙයින් කීහ.
“තයොචිතා ජානපදා ආනීතංච පටිග්ගං ආභතං පර රජ්ජෙහි අභිට්ඨාය බහුං ධනං”
ග’ධනුග්ගහානං පවරො සූරො තිබිණ මන්තිසො මයා සො සුඛිතො රාජා අතිමඤ්ඤති දාරකො
“උපට්ඨානම්පි මෙ ආය්යෙ න සො එති පථාපුරෙ භාතරං ෙතන දොසෙන දජ්ජාහං දකරක්ඛනො”
මේ ගාථා කිය කියා "නිර්ධනී ව විසූ මොහු මේ නුවර ගෙනවුත් මට පැමිණි රාජ්‍යයෙහි පිහිටුවා ලීමි කියාත්, තද දුනු ඇදීම් විදීම්හි සියලු ධනුශ්ශිල්පයෙහි දඹදිව මට වඩා දක්ෂයෝ කවුරුදැ?”යි කියාත් මා ඉක්ම සිතන්නේය. සෙස්ස තබා පෙර රාජ සේවයට එන කල බොහෝ දෙනාට කල් තබා එන්නාහ. දැන් මෙම නියා අභිමානයෙන් කල් යවාත් එන්නේය. සමහර දවස් තමා ම නොළඑන්නේය. මේ වරද නිසා ජල රාක්ෂසයාට බිලි දෙමි”යි කීහ.
“මලණුවන් ඒ වරදින් දෙව, ධනුශේකර කුමාරයන්ගේ ගුණ කියන සේක්”:-
“එකරත්තාව උභයො ත්වංචාපි ධනුශෙඛරො
උභො ජාතෙත්ථ පඤ්චාල සහායා සුසමාවසා
චරියායං අනුබන්ධිත්ථො එකදුක්ඛ සුඛො තව
උස්සුක්කො තෙ දිවාරත්තං සබ්බකිච්චෙසු ව්යා වටො
සහායං කෙන දොසෙන සජ්ජාසි දකරක්ඛනො.”
මේ ගාථාවෙන් වදාරා "මහරජ, ධනුශේඛරයා නම් තද දුනු
ඇඳීම් ආදි ධනුශ්ශිල්පයෙහි ඉතා දක්ෂය, මේ පංචාල නුවර තොප හා
එක දවස් උපන. තොපගේ ඡායාව පරිද්දෙන් සුව දුක් දෙක එක් ව
විඳ ඇවිද ආය, තව ද තොපගේ රාජ කෘත්‍යයෙහි රෑ දෙවෙහි අප්‍රමාද
ව වසන්නේය. එසේ වූ බන්ධු සමාන යහළුවා කවර වරදකින් යකුට
දෙව්දැ”යි කීහ. ඒ අසා නුගුණ කියන්නා වූ රජ්ජුරුවෝ මේ ගාථා
තුන කියත්:-
“චරියායං අයං අය්යෙස පජග්ඝිත්ථො මයා සහ අජ්ජාසි තෙන චණ්ණෙන අතිවෙලං පජග්ඝති
“උබ්බරියාපි මෙ අය්යෙෙ මන්තයාමී රහෙගතො අනාමන්තොව පවිසති පුබ්බේ අප්පටිවෙදිතො
“ලඬවාරො කතොකාසො අහිරාකං අනාදරං සහායං තෙන දොසෙන දජ්ජාහං දකරක්ඛනො.”
“ස්වාමීනි, මාගේ යහළුවා කුමාර කල පටන් එක් ව කා බී
සිට එක් ව කෙළ බොහෝ දවසක් මා කෙරෙහි භය රහිත ව විසූ
පමණකින් දැන් මා රජ ව සිටි කලත් පළමු පරිද්දෙන් ම මා කෙරෙහි
ගෞරව ආදර නැත්තේය. තව ද තමාට රැකවල් නැති හෙයින් කවර
වේලකවත් බිසවුන් හා රහස් කතාවක් කෙරෙම් නමුත් සිටි රැකවලුන්
නැවතුවත් උනට ඵරුෂ බැණ උන් භය ගන්වා අභීත ව තනි ව
උන් තැනට ගොස් වදනේය. අනාදර කරන්නේය, මා ඉදිරියේ අත
පොළා සෙන්නේය: මා දුප්පත් සමය සේ දැනුත් සිතන්නේය. පළමු
කියා නේවා ම මා උන් යම් ම තෙනකට වහා එන්නේය, මේ වරදින්
යහළුවා දිය රකුසාට දෙමි”යි කීහ.
“යහළුවා ඒ වරදින් දෙව. කේවට්ටයා නම් තොපට බොහෝ
උපකාරීය”යි ඔහුගේ ගුණ කියන සේක්. මේ ගාථාවෙන් වදාරන
සේක්:-
“කුසලො සබ්බ නිමන්තානං රුදඤ්ඤු ආගතාගමො උප්පාදෙ සුපිනෙ නියානෙ ච පවෙසනෙ.
“පණ්ඩො භුම්මන්තලික්ඛස්මිං නක්ඛත්ත පාද කොවිදො බ්රාපහ්මණ කෙන දොසෙන දජ්ජාසි දකරක්ඛනො”
මේ ගාථාවෙහි අභිප්‍රාය නම් 'මහරජ, මේ කේවට්ටයා නම්
බසින් නොකියා අනුන් සිතූ දෙයක් තමා ඇසූ දුටු දෙයක් සේ
ශාස්ත්‍ර බලයෙන් ම, දන්නා වූ රාජ නීති ආදී ලෝක ව්‍යවහාරයෙහි
දක්ෂ වූ දුටුවා වූ ස්වප්නයෙහි අවැඩ අතැඹුල සේ දන්නා වූ ගමනා
ගමනයෙහි අභිවෘද්ධි මේයයි නොවරදවා දන්නා වූ චන්ද්‍ර ග්‍රහණ
ආදිය, තත් වූ පරිද්දෙන් නොවරදවා දන්නා වූ ඉදින් සිතීම් නම්
අහස පොළොව දෙක ගැට ලන තරම් සියලු උපායෙහි දක්ෂ වූ
සිතූ අර්ථයක් සාදා ගන්නා තරම් නුවණ හා මන්ත්‍රිකමින් අග්‍ර වූ
කෙනෙක. ඒ බ්‍රාහ්මණයා කුමක් පිණිස රකුසාට දෙව්දැ'යි වදාළ
සේක.
ඒ අසා බමුණාගේ වරද කියන්නා වූ රජ්ජුරුවෝ මේ
ගාථාවෙන් කියත්:-
පරිසායම්පි මේ අය්යෙ - මීලයිත්වා උදික්ඛති, තස්මා අජ්ජ භමුං ලුද්දං - දජ්ජාහංදකරක්ඛිනො.
මේ ගාථාවෙන් කීයේ 'මම අමාත්‍ය මණ්ඩලය පිරිවරා සිංහාසනාරූඪ ව උන්නෙම් මේ තමාගේ බැම රැළියෙන් වැසී තිබෙන්නා වූ ඇටිකුකුළන් ඇස් මෙන් ඉතා රත් වූ ඇසින් බැමය නගාලා කිපී බලන එකකු මෙන් එක් වන් මා මුහුණ බලන්නේය. සීනෙන් දුටුවන් බාන තරම් මොහුගේ රූප විලාසය හා කඩදත් හා මුහුණ හා රත් වූ ඇස් ඇති මොහු රාක්ෂයකු දුටුවා සේ ඉතා භය පත්ව දක්නා සේයයි සිතමි. එසේ ම විරූප වූ බැලුම් නපුරු වූ බමුණා මේ සෙයින් දිය රකුසාට දෙමි'යි කීහ.
ඒ අසා පරිබ්‍රාජිකාවන් දෑ 'වැදූ මෑණියන් ආදී වූ පස් දෙනා
රකුසාට බිල්ලට දී මේ සා රාජ්‍ය සම්පත්තියක් හා ශ්‍රී විභූති අලුයම
දැමූ කෙළ පිඩක් සේ නොසිතා තොපගේ ජීවිතය මහෞෂධ
පණ්ඩිතයනට දෙමියි කිව, ඒ පණ්ඩිතයන්ගේ පෙර ගිය දවස වත්
දැන්වත් මතු එන දවසවත් කවර ගුණයක් දැන එවැන්නක් කරවුදැ'යි
රජ්ජුරුවන්ගේ යසස් හා කීර්තිය වර්ණනා කරන පරිබ්‍රාජිකාවන් දෑ:-
“ස සමුුද්ද පරියායං මහං සාගර කුණ්ඩලං වසුන්ධරා ආවසසි අමච්ච පරිවාරිතො.
“චාතුරන්තො මහාරාඨො විජිතාවි මහම්බලො පථව්යාත එකරාජාසි යසො තෙ විපුලං ගතො.
“සොළසිත්ථී සහස්සානි ආමුත්තමණි කුණ්ඩලා නානා ජනපදා තායො දෙවතඤ්ඤා සමාපහා.
“එවං සබ්බංග සම්පන්නං සබ්බාකාම සමිද්ධිනං සුඛිතානං පියං දීඝං ජීවිතං ආහු ඛත්තිය.
“අථ ත්වං වණ්ණෙන කෙන වා පන හෙතුනා පණ්ඩිතා අනුරක්ඛන්තො පාණං චජසි දුච්චඡං
මෙයින් කියා 'මහරජ, තෙපි වූකලී සතර දිගින් මුහුදු දිය
කෙළවර කොට ඇති දස දහසක් යොදුන් දඹදිවට අග රජ ව
තොපට සේවක වූ සෙසු දරුවනට අනුශාසනා කරව. අමාත්‍ය
සමුහයා පිරිවරා බල වාහනයෙන් යුක්ත ව සියල්ල වුන් ජය
ගතුව. ශක්‍ර දේවේන්ද්‍රයා මෙන් යසස් හා කීර්ති ඇති ව තව ද
බහා පළඳනා ලද මාණික්‍ය කුණ්ඩලාභරණාදී වූ නොයෙක් බිසෝ
පළඳනාවෙන් විභූෂිත වූ සොළොස් දහසක් පුර ස්ත්‍රීන් පිරිවරන
ලදුව මේ සේ වූ ජනපද, ගම්, නියම්ගම් රාජධානි ගෘහ උද්‍යාන
ක්ෂේත්‍ර වස්ත්රාභරණ අන්නපාන දැසිදස් පුත්‍ර දාරා ගව මහිස
රන් රුවන් ආදියෙන් හා ඇත් අස් රථ දෝලි කූනම් ආදියෙන්
හා චතුරංඟනී සේනා ආදී නොයෙක් වාහනයෙන් හා පංච
කාමයට නිවාස ස්ථානයක් බඳු මේ තොපගේ ආත්ම ස්වභාවය
නුවණැත්තවුන් විසින් තමාගේ ජීවිතය සේ තමාට ප්‍රිය වස්තූයෙක්
නැතැ'යි වර්ණනා කරන ලද්දේය. ඒ ආත්මය කුමක් නිසා මේ
මහෞෂධ පණ්ඩිතයන් මාරුවේ දී මනුෂ්‍යයන් විසින් නොකට ගත
හැකි නොසිතිය හැකි ප්‍රාණ පරිත්‍යාගය කරවුදැ'යි වදාළ සේක.
ඉක්බිති රජ්ජුරුවෝ 'ස්වාමීනි, කුමක් වදාරන සේක්ද? පණ්ඩිතයන්ගේ ගුණ මා තබා දස දහසක් සක්වළ දිව්‍ය බ්‍රහ්මයන් හා නාග සුපර්ණාදී වූ දෙවියෝ ද ඒ ඒ සක්වළ අනන්ත නම් නාග රාජයෝද තමන් එකී එකී දෙනා දහසක් මුඛ මවා එකි එකී මුබයකින් කී ගුණ අනෙක් මුඛයකින් නොකියා එකි එකී මුඛයෙන් එකී එකී ගුණයෙන් ම කියත් නම් මහෞෂධ පණ්ඩිතයන්ගේ ගුණ තම තමන් ආයු පමණින් කියාත් උන්ගේ ආයුෂය හෙවත් මුත් ගුණෙහි නිමාවක්වත් කෙළවරක්වත් දැකුමක්වත් හැක්කැයි නොසිතමි. එසේ වූ ප්රමාණාතික්රාන්ත ගුණ හා නුවණ ඇති පණ්ඩිත කෙනෙක් මුන් විනා ගිය දවස උපන්නෝත් නැත. එන දවස උපදින්නෝත් නැත. මෙදවස උපන්නෝත් නැත. එබැවින් උන්ගේ අනල්ප වූ ගුණයෙන් ස්වල්ප මාත්‍රයක් ඉදිකටු මලින් ආකාශය පානා සේ කියමි'යි කී හ.
“යථාපි ආගතෙ අය්යෙ මම හත්ථං මහොසාධො නාභිජානමි ධීරස්ස අනුමත්තම්පි දුක්කටං
“සචෙ ච කිස්මිවි කාලෙ මරණං මෙ පුරෙ සියා පුත්තෙෙච මෙ සපුත්තෙව සුඛාපෙය්යස මහොසධො
“ අනාගතං පච්චුප්පන්නං සබ්බමත්ථං විපස්සති අනාපරාධකම්මන්තං නෙව දජ්ජං මහොසධං
"ස්වාමීනි, මේ මහෞෂධ පණ්ඩිතයන් මොබ ආවක් පටන් අද මේ වේලාව දක්වා ස්වල්ප මාත්‍රයක් පමණ මා නුරුස්සනා වරදක් දුටු දෑ නැත. ඇසූ දෑත් නැත. ඉදින් තමනට පළමු මාගේ නම පිරිහුණුයේ වී නම් මාගේ දරුවන්ද මුණුබුරන්ද තමාගේ ප්‍රඥා බලයෙන් උන්හැම දෙනාට ම කිසි දුකක් නොවැද්ද දී සැපයෙහි පිහිටුවා ලන්නාහ. තව ද අතීත අනාගත ප්‍රත්‍යුත්පන්න යන තුන් කල්හි පවත්නා වූ ඉෂ්ටානිෂ්ට අර්ථානාර්ථ දෙක ලොව්තුරා සර්වඥ කෙනකුන් මෙන් තමන්ගේ ප්‍රඥා බලයෙන් ඉඳුරා ම දන්නාහ. නිරපරාධිකාරී අසමධූර වූ පණ්ඩිතයන් මා පණ තබා මම රැකී, උදක රාක්ෂසයාට බිල්ලට නොදෙම් මය"යි බෝධිසත්ත්වයන්ගේ ගුණ සඳමඬල අඳනා සේ තමන් සිත් පරිද්දෙන් නොසඟවා නොවලහා සියලු ජනයාට ඇසෙන පරිද්දෙන් කීහ.
රජහු සිත දෙවළයක් නොකොට තමන් සිත් වූ පරිද්දෙන්
නොවළහා කී කල්හි පරිබ්‍රාජිකාවන් දෑ ඒ සා මහා ජන සමාගමයෙහි
රැස් බොහෝ දෙනා හට ඇසෙන පරිද්දෙන් තව තවත් තර කොට
ප්‍රසිද්ධ වන ලෙස වදාරන සේක්:-
“ඉදං සුනොථ පඤ්චාල චූළනීයස්ස භාසිතං පණ්ඩිතං අනුරක්ඛන්තො පාණං චජති දුච්චජං
“මාතු හරියාය භාතුච්ච සඛිනො බ්‍රා හ්මණස්සව අත්තනොවාපි පඤ්චාලො ඡන්නං චඡති ජීවිතං
“ඒවං මහිද්ධිකා පඤ්ඤා නිපුණා සාධු චින්තනී දිට්ඨ ධම්ම හිතත්ථාය සම්පරාය සුඛායව.”
මෙයින් වදාරා, 'එම්බා පින්වත්නි, මා කියන්නක් අසව,
චූලනී රජ්ජුරුවෝ තමන්ගේ වැදූ මෑණියන් ඇතුළු වූ අවශ්‍ය බන්ධූන්
පස් දෙනාත් තුමූ තමන්ගේ ජීවිතයත් සදෙන ජල රාක්ෂසයාට බිලි දී
වත් මේ මහෞෂධ පණ්ඩිතයන් රකිත්ල. ඒ බව පින්වත්හු නුවරවාසී
හැම දෙන ම ඉඳුරා අසා සිත තබත්වා'යි කීහ.
මෙසේ ප්‍රඥා තොමෝ සිතූ සිතූ අර්ථ සාධක බැවින් මහා
සෘද්ධි ඇත්තීය. සියක් වර පැළූ අස් රොම් අගක් සෙයින් ඉතා
සියුම්, ඓහලෞකික සකලාර්ථ ජාත පිණිසත් එසේ ම පාරලෞකික
සකලාර්ථය පිණිසත් අත්‍යන්තෝපකාර බැවින්. 'කේවල ප්‍රශස්තය'යි
සිතිය යුක්තීය, කියා පරිබ්‍රාජිකාවන් දෑ සත් රුවන් මාලිගෙයක
මැණික් කොතක් පළඳවන්නාක් මෙන් බෝධිසත්ත්වයන් වහන්සේගේ
ප්‍රඥා ගුණ සමූහය තමන් වහන්සේගේ නුවණින් දේශනා කොට
කුළුගන්වා මේ දිය රකුසු පැනයෙන් මේ උම්මග්ග ජාතකය නිමවා
වදාළ සේක.
50. පූර්වාපර සන්ධි ගැලපීම
මෙසේ ඒ මාගේ තිලෝගුරු බුදු රජාණන් වහන්සේ දුක්ඛ සත්‍යය සමුදය සත්‍යය නිරෝධ සත්‍යය මාර්ග සත්‍යය යන චතුරාර්යය සත්‍යය ප්‍රකාශ කොට ධර්ම ශාලවෙහි රැස් වූ භික්ෂූන් වහන්සේ මධ්‍යයෙහි තමන් වහන්සේගේ ප්‍රඥා පාරමිතාව සඳ මඬල අඳනා සේ දේශනා කොට ජාතකය නිමවා වදාළ සේක. ඒ ධර්ම දේශනාව බොහෝ දිව්‍ය මනුෂ්‍ය නාග සුපර්ණයනට අභිවෘද්ධිදායක විය. මෙසේ ජාතකය නිමවා වදාරා අන්තයෙහි මහෞෂධ පණ්ඩිතයන් ආදී වූ එවක් ප්රසිද්ධයන් වෙන වෙන ම තෝරා වදාරන බුදු රජාණන් වහන්සේ මෙසේ වදාරන සේකි:-
භෙරී උප්පලවණ්ණාසි - පිතා සුද්ධෝදනෝ අහු, මාතා ආසි මහාමායා - අමරා බිම්බසුන්දරී.
'සුවෝ අහෝසි ආනන්දෝ - සාරිපුත්තෝසි චූළනී, 'මහෝසධෝ ලෝකනාථෝ - ඒවං ධාරේථ ජාතකං.
මේ ගාථාවෙන් 'එම්බා මහණෙනි, එසමයෙහි පරිබ්‍රාජිකාවන්
දෑ නම් මාගේ සස්නෙහි උපුල්වන් මහා ස්ථවිරීය. පණ්ඩිතයන්ගේ
පියාණෝ සිරිවඩ්ඪන සිටාණෝ නම් සුද්ධෝදන මහ රජ්ජුරුවෝය.
පණ්ඩිතයන්ගේ මෑණියෝ සුමනා දේවී නම් දැන් මහාමායා
දේවීය. පණ්ඩිතයන්ගේ බිරින්ද අමරා දේවී නම් මෙවක එක්
ලක්ෂ සයානු දහසක් බිසෝවරුනට නායක ව ම පුතණුවන් රාහුල
කුමාරයන් වැදූ යශෝධරා දේවීය. පණ්ඩිතයනට රහස් මේවර
කොට සියලු වැඩ සාදා දුන් ගිරාණෝ නම් සස්නෙහි බුදුනට
උපස්ථාන කරන්නට අග්‍ර වූ ධර්ම භාණ්ඩාගාරික වූ සිහි නුවණ
ඇත්තවුනට අග්‍ර වූ බුදුන් කෙරේ වල්ලභ වූ මාගේ බුදු සසුන් නමැති
ආකාශයෙහි පූර්ණ චන්ද්‍රයා වැනි වූ මාගේ ම මල් වූ ජනානන්ද
කර වූ ආනන්ද ස්ථවිරයෝය. එසමයෙහි පණ්ඩිතයන්හුන් නුවරට
අටළොස් අක්ෂෞහිණියක් පමණ සේනාව ගෙනවුත් පැරද බිඳී
පැල වූ චූලනී බ්‍රහ්මදත්ත රජ නම් දැන් මට දකුණත් සවු මා විනා
නුවණැත්තවුනට අග්‍ර වූ ශාරිපුත්‍ර ස්ථවිරයෝය. එසමයෙහිත් සත්
හවුරුද්දෙහි පටන් සේනකය, පුක්කුසය, කාවින්දය, දේවින්දය,
කේවට්ටයයන ප්‍රඥා සම්පන්න පණ්ඩිතවරුන් නුවණින් ජය ගත්තා
වූ මහෞෂධ පණ්ඩිතයෝ නම් දැන් ලොව්තුරා බුදු වූ මම් මය'යි
තමන් වහන්සේ දක්වා වදාළ සේකි.
උම්මග්ග ජාතක කතාව
මෙතකින් නිමියේය.
1. නිදාන කථාව
1. එක් සමයෙක්හි - එක් කාලයක, ශාක්‍ය සිංහ වූ - ශාක්යන්ට ප්‍රධානයා වූ (ශාක්‍යයන්ට සිංහයකු බඳු නායකයා වූ) සමන්තභද්‍ර වූ - හැම අතින් ම උතුම් වූ, අසම සම වූ - බුදුවරුන්ට ම පමණක් සමාන වූ, (අන්‍යයන්ට සමාන නොවූ), ත්‍රෛලෝක්‍ය තිලක වූ - තුන් ලෝකවාසීන්ට ම තිලකයක් වැනි වූ ("තිලකය”"යනු නළලෙහි තබන තිත, මොට්ටුවය. තුන් ලොවට ම ප්‍රධාන වූ, මුදුන් වූ යන අර්ථයි.) ත්‍රිභූවන චූඩාමාණික්‍ය වූ - තුන් ලොවට ම සිළුමිණක් බඳු වූ, (සිළුමිණ වනාහි ඔටුනු ශීර්ෂයෙහි බැඳි මාණික්‍ය රත්නයයි. තුන් ලොවට ප්‍රධාන වූයන අර්ථයි.), කරුණා නිධාන වූ ~ කරුණාව තැන්පත්ව ඇති නිධානයක් බඳු වූ, මෛත්‍රී නිවාස වූ -~ මෛත්‍රියට වාසස්ථානයක් වූ, ප්‍රඥාවට වල්ලභ වූ - නුවණට ස්වාමි වූ, අචින්ත්‍ය -නොසිතිය හැකි වූ, දෑරඟ මිණක්.- උප්පත්තියෙන් ම ඔපය සහිත මැණිකක්. (සාමාන්‍යයෙන් මැණිකක් කපා ඔප ගැන්විය යුතුය. එහෙත් දෑරඟ මාණික්‍යය උත්පත්තියෙන් ම ඔපය සහිතය.) ක්ෂීර සාගරයෙන් - කිරි මුහුදෙන්, (මෙම සාගරය මහාමේරු පව්වට නැඟෙනහිර දෙසින් පිහිටා ඇත.) සුධා ධවල - හුණු ආලේපයෙන් සුදු පැහැගැන් වූ, ප්රකාරවළයෙන් - පවුරු වළල්ලෙන්, ඵල පල්ලවයෙන් - ගෙඩි හා කොළවලින්, සඤ්ජන්න - සමන්විත වූ, තරුවර ශතයෙන් - උතුම්/වටිනා ගස් සිය ගණනින්, පස් පියුම් - සුදු නෙළුම්, රතු නෙළුම්, මහනෙල්, ඕලු, කුමුදු යන පස් පියුම්, පුෂ්කරණි ශතයෙන් - පොකුණු සිය ගණනින්, නානාභරණ විභූෂිත - නොයෙක් ආභරණ වලින් සැරසුණා වූ, නර නාරි ගණාකීර්ණ - මිනිස් ගැහැනු සමූහයාගෙන් ගැවසුණා වූ, නිසා - ඇසුරු කොට, චංක්‍රමණ පරිවෙණාදී - සක්මන් මළු පිරිවෙන් ආදී, (අධ්‍යාපනය ලබන ආයතනය) මෛත්‍රී - සියලු සත්ත්වයන් කෙරෙහි හිත පැතිරවීම/ස්නේහය, කරුණා - දුකට පැමිණි සත්ත්වයන්ගේ දුක පහ කිරීමට කැමැති බව/අනුන්ගේ දුකේ දී තම සිතේ ඇති වන අනුකම්පාව, මුදිතා - මෘදු බවයි/ සැපයට, ආර්ය විහාරයෙන් - ආර්යයන් ගේ විසීමෙන් . ආර්යයන් “ආර්ය” නම් වෙති. භවයෙන් - සංසාරයෙන්.
2.හිරු අස්ත පර්වත ගත වේලෙහි - හිරු බැස ගිය කල්හි, ශීල සමාධි ප්‍රඥා දී - කය වචනයේ යහපැවැත්ම ශීලයයි. සිතෙහි එකඟකම සමාධියයි, සියලු සංස්කාර ධර්මයන් අනිත්‍ය, දුක්ඛ, අනාත්මාදී වශයෙන් මෙනෙහි කිරිම ප්රඥාවයි, ගුණාංග සංගත ගුණාංගයන්ගෙන් සමන්විත, රාත්‍රී ස්ථානයෙන් - රෑ පහන් කරන තැන/රාත්‍රී වාසය කරන ස්ථානය, සුවිනීත - මනා කොට හික්ම වූ, යෝධ මුළක් - යුද්ධ හමුදාවක්, මැණික් සන්නාහ සන්නද්ධ - මැණික් ඔබ්බවා කරන ලද යුධ ඇඳුමින් සැරසුණු, ගඳැත් - මෙනම් ඇති හස්නි විශේෂයක්, (මොවුන්ගේ වසුරු සුවඳ විහිදු වන හෙයින් මෙනම් වේ), එකවර - තනිව ම හැසිරෙන, සැඳෑවලා - සවස් කල ඇති වලාකුළු, සුරක්තවර පවුල් - අතිශයින් රත් පැහැ වූ, උතුම් පාංශුකූලික සිවුර, (සොහොන් ආදී තැන්වල ඉවත ලන රෙදි කැබලි එක් කොට මසා තනා ගත් සිවුර (පවුල්) නම් වෙයි.) පෙරව - පොරවාගෙන, ගන්ධදාම - සුවඳ වර්ගවලින් කරන ලද වැල් (දාම), පුෂ්පදාමාවලම්බිත - මල්වැල් එල්ලන ලද, කනක රජත මණි තාරකාදියෙන් - රන් රිදී මැණික් ආදියෙන් නිම වන ලද තරු ආදියෙන්, විචිත්‍ර විතාන - විසිතුරු වූ වියන්, නානා ප්‍රභා සමුදය සමුජ්ජවලිත - නානාප්‍රකාර පැහැ සමූහයෙන් බබලන, ශක්රාගමනය - ශක්‍රයාගේ පැමිණීම, ධර්ම ස්වාමී වූ - ධර්මයේ හිමිකරු වූ, තිලෝගුරු - තුන්ලෝකාග්ර/තුන් ලොවට ගුරු වූ, නුවණ පෙරුම - ප්‍රඥා පාරමිතාව, ශීලස්කන්ධාදියෙහි - සිල් කොටස් ආදියෙහි, ගතියක් - ස්වභාවයක්, තුෂ්ටි - සතුට, ඥෙය මණ්ඩලයෙහි -දතයුතු ධර්මතා රැසෙහි (සංස්කාර, විකාර, ලක්ෂණ, නිර්වාණ, ප්රඥප්තියන ඥෙය මණ්ඩලය පස) ජවනහංස ගතියක් - වේගයෙන් දුවන හංසයකුගේ විලාසයක්, අර්ථ ධර්ම නිරුක්කි ප්‍රතිභානාදියෙන් - ත්රිපිටකාර්තගත බුද්ධ වචනය”ධර්ම" නමි. ඒ ධර්ම යෙන් ඉගැන්වන දේ "අර්ථ”ය. එම ධර්මයෙහි පද සිද්ධි ප්‍රයෝග ආදි වූ ව්‍යාකරණ "”නිරුක්ති”ය, අර්ථ ධර්ම නිරුක්ති යන තුන අවබෝධය ප්‍රතිභානය. පරඬලා පතෙක -දිරා ගිය කෙසෙල් ආදී පරඬලෙක, නොපැකිල - පැකිලීමක් නැති ව/බාධාවක් නැති ව, යහුලක් -යකඩ කැබැල්ලක්/උලක්, අතුල් තලයෙහි - අල්ලෙහි, සර්වාකාරයෙන් - සියලු ආකාරයෙන්, දෘෂ්ටිජලානුගත - පෙනීම හෙවත් ඇදහීම නැමැති දැලට අසු වූ, අන්‍ය තීර්ථක ජනයන්ගේ - අන්‍ය ආගමික මිත්‍යාදෘෂ්ටි තාපස කොටසක්, ශාශ්වතෝච්ඡේදාදි - ශාස්වතවාදී ආගමික විශ්වාසය නම්, සත්ත්වයා සදාකාලිකය යැයි දැක්මයි. උච්ඡේදවාදී ආගමික විශ්වෘසය නම්, සත්ත්වයා මරනින් පසු නැවත උපතක් නැත යන දැක්මයි. අසාධාරණ වූ - අන් අයට සාධාරණ නොවූ/බුදුන් වහන්සේට පමණක්ම ආවේණික වූ, විදුරු නුවණින් - දියමන්ති තුඩක් මෙන් කවර තරමේ තද දෙයක් වුවද විනිවිදයන නුවණින්. අනෙක බ්‍රාහ්මණ ශතයන්ද - නානාප්‍රකාර වූ සිය ගණන් බමුණන්, පරිබ්‍රාජක - ගිහි ගෙදරින් නික්ම තාපස ප්‍රවෘජාවෙන් වෙසෙන තාපස පිරිසක්, චණ්ඩ ඵරුෂ - නපුරු සහගත/රෞද්‍ර වූ, මනුෂ්‍ය මාංශ භක්ෂණයෙහි - මිනී මස් කෑමෙහි, ජනිත ප්‍රසාද විරහිත - උපන් පැහැදීමක් නැති, ආමර්ග ප්‍රතිපන්න -නොමඟට බැස්සා වූ, සම්‍යක් ප්රතිපත්තීන් -යහපත් පිළිවෙත්, මාන මර්දනය කොට - මාන්නය/ අහංකාරකම මැඬ පවත්වා, ස්වර්ග මෝක්ෂ භාවය - දිව්‍යලෝක සැපය හා නිර්වාණ සැපය, ප්‍රවෘජ්‍යාව -පැවිදි භාවය, සතර මඟ සතර ඵලයට - සෝවාන්, සකෘදාගාමී, අනාගාමි, අර්හත්, යන මාර්ග සතර හා ඵල සතර, උක්ත ප්‍රකාර -කියන ලද පරිද්දෙන්.
3. සනරාමර ලෝක චූඩා මණි-මරිචි මඤ්ජරි පුඤ්ජ පූජ පූජිත චරණාම්බුජ ඇති - දෙව් මිනිසුන් සහිත
ලෝකයාගේ සිළුමිණි (චූඩාමණි) රැස් නමැති (මරිචි) මල් කළඹ
වලින් පුදන ලද පාද නැමැති පියුම් ඇති (චරණ අම්බුජ), ජගදානන්ද
ලෝචන වූ - ලෝකයා සතුටු කරන ඇසක් වූ, කතා ස්වරූපය - කතා
ප්‍රවෘත්තිය, ගඳකිළි - ගන්ධකුටිය / සුගන්ධ කුටිය, (සුවඳවත් වූ බුදුරදුන්
වැඩ වසන කුටිය හෙයින් මෙනම් විය). වර රුචිර ගන්ධ කුටි වාසය -
උතුම් සිත්කලු ගඳ කිළියෙහි වාසය කිරීම, සමාපත්තීන් - ධ්‍යානයන්ට
සම වැදීමෙන්, ලාක්ෂා රසයෙන් - ලාකඩ දියෙන්, මුරුත මල් - එනම්
වර්ගයේ (කහපාට) මල් විශේෂයක්, කළඹක් - පොකුරක්, ත්‍රිමණ්ඩල
ප්රතිචඡාදනයෙන් - තුන් මඬුලු (නාභිය සහ දණහිස් දෙක) වැසීමෙන්,
සංවිධාන කොට - සකස් කොට, සන්ධ්‍යා ඝණ වලාවෙක - සවස්
කල්හි ඇති ඝන වලාකුළක, සිය රැලි - සිය ගණන් රැලි ඇති, පටීධාතු
- ඉණ බඳින පටිය, ඝනරන් - තනි රත්තරන්/පිරිසිදු රත්තරන්, රත්
පලසකින් - රතු පැහැ කම්බිලියකින්, අටළොස් රියන් - දහ අට රියන්
(රියන් යනු පැරැණි මිනුම් ඒකකයකි.) රන් ඇගෑයකට - රත්රන්වලින්
නිමැවූ පහන් කුළුනකට, පබළුදැලක් - ළා රතු පැහැයෙන් යුතු මුතු
විශේෂයකින් කරන ලද දැලක්, බඳු වද මල් - රතු වද මල්, සුපක්ව -
මනාකොට පැසුණු, විලිකුන් - හොඳින් ඉදුණු, සුප්පතිට්ඨිත පාදතාදී
වූ - මනාව පිහිටියා වූ පාද ඇති බව ආදී වූ, දෙතිස් පුරුෂ මහා
ලක්ෂණයන් - මහා පුරුෂ ලක්ෂණ තිස් දෙකකින්,
ශ්‍රී විභූති - ශෝභාවෙන් යුත් සම්පත්, අභිභවමින් - යටපත් කරමින්,
අශීත්යනු ව්‍යඤ්ජන - (දෙ තිස් මහ පුරිස් ලකුණු අනු වැ ගිය) අසුවක් වූ අනු (කුඩා) ලකුණු,
ඛ්‍යාම ප්‍රභා කේතූමාලාලංකාරයෙන් - හිස වටා සියලු අතට බඹයක්
තරම් දුර විහිදෙන කොඩියක් (කේතුවක්) මෙන් වූ රශ්මි සමූහය,
විරාජමාන ව - බබළමින්, අනන්ත කාලයක් - අසීමිත වූ කාලයක්,
තෙමේ තමාට ඇරන ලද දොර ඇති - තමන් වහන්සේට විවෘත වූ
දොර ඇති, මේඝකූටයකින් - ඝන වලාකුළකින්, නුකුසීත ව - කම්මැලි
බව කිසිවක් නැති ව, සත්බුමු - සත් මහල් ඇති, අටතුරා සියක් -
සියයට අටක් එකතු වූ එනම් එකසිය අටක්, මඟුල් ලකුණෙන් - මංගල
ලක්ෂණයන්ගෙන්, නේත්රකාන්තීන් - නෙත් කැලුම් හෙළමින්,
මහීකාන්තාවට - මිහිකතට, අමෘතාහිෂේක - අමාදියෙන් තෙමී, සවණක්
රැසින් - නීල, පීත (කහ), ලෝහිත (රතු), ඕදාත (සුදු), මාංජේෂ්ඨ (තැඹිලි), ප්රභාෂ්වරයන ෂඩ්වර්ණයන් ඇතුළත්
රශ්මි කදම්බයෙන්, ඉඳුනිල් මිණි - ඉන්ද්රනීල මාණික්‍යය (ඉතා නිල්
මැණික්), පස් පෑ දිස්නා - වර්ණ පහකින් බබලන, සත් රුවන් - රන්,
රිදී, මුතු, මැණික්, වෙරළු මිණි, දියමන්ති, පබළු, සදෘෂ්‍ය වූ - සමාන
වූ, දැමුණු ඉඳුරන් - දමනය කරන ලද ඉඳුරන් ඇති, චිත්ත සන්තාන - සිත් සතන් (සිතිවිලි), පෙරාතු -
පෙරටු කොට/පළමු කොට, අනල්ප - අල්ප නොවූ/බොහෝ, කෝටි
ශත සහස්‍රයන් - කෝටි සිය දහස් ගණනක්, කාය වාග් සුචරිතයෙන්
- කය වචනයේ සංවරයයි. නොහොත් සීලයයි, පූර්ව භාගයෙහි -
පෙර කාලයෙහි, පිරිසිඳ - සම්පූර්ණයෙන්/කෙළවර කොට, ධර්මයට යට
මුබ දී - ධර්ම දේශනාවට පටන් ගැන්ම ඇති කොටැ, තුෂ්නිම්භූත ව - නිහඬ
ව /නිශ්ශබ්ද ව.
4. දෙතිස් කතාවෙන් - රජුන් පිළිබඳ, සොරුන් පිළිබඳ ස්ත්‍රීන් පිළිබඳ ආදී භික්ෂූන් නොකළ යුතු කතා තිස් දෙකක්, නූන්නම් හ ~සිටියේ නො වෙයි, සුවිසුද්ධ - ඉතා පිරිසිදු වූ, තීක්ෂණ - තියුණු, රසාස්වාදයෙන් - රස විඳීමෙන්/රස ආස්වාදය, නුමූ කළ - නොමේරූ, පාරමී ධර්මයන් - පාරමිතා ධර්මයන්. එනම් දාන, සීල, නෙක්ඛම්ම, ප්‍රඥා, වීරිය, ශාන්ති, සච්ච, අධිට්ඨාන, මෙත්තා, උපෙක්ඛා යන දහයයි. (සංසාර සාගරයෙන් එතෙර කර වීමට ඉවහල් වන ධර්ම හෙයින් "පාරමී ධර්ම" නම් වෙයි.) අනුමනියෙන් - අවසරයෙන්, සිවුරු කස් කොට - සිවුර ඒකාංශ කොට, පෙරව - පොරවා/ඇඳ, ඇඳිලි බැඳ - දෙඅත් එක් කොට, ප්රස්තුත හෙයින් - කියන ලද නිසා, පූර්ව ජන්මයෙහි -පෙර භවයෙහි, නුමුකළ නුවණින් - නොමේරූ ඥානය, භවයෙන් -සංසාරයෙන්, කඩතුරාවක් - තිරයක්, විචිත්‍ර - විසිතුරු, ප්‍රවෘත්ත වූ ~පැවැත්තා වූ.
2.මහෞෂධ කුමාරයෝ
1. යටගිය දවස - පෙර කාලයේ/අතීතයේ, අර්ථයෙන් ධර්මයෙන් - ධන ධාන්‍ය ආදිය මෙසේ රැස් කළ යුතුය. රාජ්‍යය මෙසේ පාලනය කළ යුතුය. ධමානුකූල ව මෙසේ හැසිරිය යුතුය යනාදී වශයෙන් පුරණ ලද පාරමිතා - පෙරුම් දම් සම්පූර්ණ කළ, බුද්ධාංකුර - බුදු බව පතන/බෝධිසත්ත්ව/(බුදු පැළය, පිළිසිඳ - කුස ඉපිද/ප්රතිසන්ධි ව /මවුකුසට බැස, සෙණ්ඬුවාලුව - රාජාංගනය /රජගෙයි මිදුල, නාඹ තල්කඳ සා - තරුණ තල් ගසක කඳක් හා තරම් වූ, තලක්කටටුව - පොළොවේ සිට උඩට/මුඳුන, කදෝපැනියකු සා - කනාමැඳිරියකු තරම්, ආලෝක මැඬගෙන - එළියයට පත් කරමින්, සර්ෂප - අබ, රෝම කූප මාත්‍රය කුදු - ලොම් සිදුරක් ප්‍රමාණයක් වන්. වෙලෙහි පටන් - වෙලාවේ සිට, නොනිඳා - නිදා නොගෙන, පහන් කළහ - එළි කළහ, (එළි වන තුරු සිටියහ.) උදාසනක් සේ - උදෑසනින් ම/එළිය වැටුණු ගමන්, නොබව මැනැව - බිය නොවනු මැන, අභිභවා - යටපත් කොට, අසදෘශයහ - අසමානයහ. වාසල් - දොරටු, නියම්ගම් - ප්‍රධාන ගම්, ඇඹණියෝ -භාර්යාව/ බිරින්දෑ, චුත ව - නික්ම/පහ ව, (මරණයට පත්වීම වශයෙන්). චන්ද්රරේඛාව - අලුත් සඳක්, නොහොත් - නැතහොත්, වැදූහ - ප්‍රසූත කළහ, නොපෙනෙන ශර්ර ඇති ට අවුත් - ශරීරය සියුම කොට නොපෙනෙන සේ, ඔබ අත - බෝසතුන් අත.
මිටින් - අත මිට මොළවා, මඳ විළි වේදනාවකුදු - ප්‍රසූත කිරීමේ දී ඇනි වන දරුණු වේදනාවකි, එම 'වේදනාවෙන් ශේෂයක්වත් නැති ව'යන අදහසයි, ඩබරාවකින් - පෙරහන් කඩකින්, (ගොට්ටකින්), වෑහෙන දියත්තක් - වැටෙන දිය බිඳක් (ස්වල්පයක්) සේ, දිව සඳුන් ගැටය - දිව්‍යමය (දෙවියන් විසින් දෙන ලද) සඳුන් කැබැල්ල.
පහරන - වේදනාගෙන දෙන/පාරන්නා වූ, තුටුපහටු ව -
සතුටු වී, සඳුන් සණ - සඳුන් ගලෙහි, ප්රබන්ධයෙහි පහළ - නොකඩවා
(අඛණ්ඩව) වේදනාව දුන්නා වූ, කාසශ්වාසාදි - කැස්ස ඇදුම ආදී,
සුඟක් - ටිකක්/ස්වල්පයක්, වැකි පමණින් - ගෑවුණු සැනින්, ව්‍යාධීහු
- ලෙඩ/රෝග.
හුදෙකලාව - තනිව ම, කුමාර පළඳනා - කුමරුවන්ට අවශ්‍ය අඳුම් ආයිත්තම් ආභරණ ආදිය, මනා රූ - යහපත් වූ රූපයක්.
3.ශාලාව
කෙළනා - ක්‍රීඩා කරනා, උන් වහන්සේ - මහෞෂධ කුමාරයෝ, වැසි ආදිය - වර්ෂාව ආදී, මැකෙන්නේය - ඉවත් වන්නේය. මිරිකෙන්නේය - පීඩාවට පත් වන්නේය.
වැසි නගන්නා - වැහැගෙන එන බව, දිවමින් - දුවමින්, ඔවුනොවුන් පය පැකිළ - එකිනෙකාගේ පය හැපී, මස්සක් - මසුරමක්, උයිත් වදාළ ලෙස ම - ඔවුනුත් කී ලෙසට ම, රෑණ ලන සැටි - ලණු අදින සැටි, මෙලෙස රෑණ - මේ ලණුව ඉවත් කොට/ගලවා, මනා කොට - නිවැරදි ව, එළාලිය හෙයිදැ - ඇඳියහැකිද, වදන - ප්‍රසූත කරන, නිඹිරිගෙය - ප්‍රසූත ගෘහය, ආගන්තුක - බාහිරින් පැමිණි, කෙළි මඬල - ක්‍රීඩා පිටිය, අධිකරණ ශාලාව - වරදකරුවනට දඬුවම් නියම කරන ස්ථානය, සිත්තරුන් - චිත්‍ර ශිල්පීන්, සුධර්මාව - තවිතිසා දෙව්ලොව ඇති දෙවිවරු ධර්ම සාකච්ඡා පවත්වන ස්ථානය, හොබනේ - සම්පූර්ණ, උළු වඩුවන් - පෙදරේරු ශිල්පීන්, පනා - කොස්, පුවඟු - පුවක්, ලග්නට- නවාතැන් ගැනීමට, දන්වැට - අඛණ්ඩව දෙන දානය (නොකඩ වා), පතළාය - පැතිරිණි/ප්‍රසිද්ධ විය, ස්වරූපය - හැටි/හැඩහුරුකම, කලමනා යුක්ති අයුක්ති - කළ යුතු නොකළ යුතු දේ.
විධානයෙන් - නියෝගයෙන්/අණ කිරීමෙන්, පිරිහුණු සත් හැවිරිදි - සත්වන විය පිරුණු, ගුණමකු - කළගුණ නොදත් අසත්පුරුෂ (ඇති ගුණ නොකියන), මුවෙන් නොබිණූහ - කිසිවක් නොකීය/ තෘෂ්ණිම්භාවය, සංක්ෂේපයෙන් - කෙටියෙන්.
4.මාංසාදිය
අංගාණියේ - මස් කඩයෙහි, මස් කොළොඹුවකින් - මස් කපන කොටයකින්, මස් වැදැල්ලක් - මස් කැබැල්ලක්, එළවම්හයි ~ බිමට දම්මවා ගනිමියි, ඈත් මෑත් බලා - එහා මෙහා බලා, ආනුභාවයෙන් - අනුහසින්, ළෙන් ඇනී - පපු පෙදෙසෙන් ඇනී, ඡායාව - සෙවණැල්ල, ආශ්චර්යය - අසිරිමත් සිදුවීම, ඔල්වරසන් - අත්පොලසන්, තුඩපත් - පණිවිඩය/ලිපියක්, කදෝපැනියන් - කණාමැඳිරියන්, නිශ්ප්‍රභා වැ -බැබළීමක් නැති ව/ප්රභාවක් නැති ව, ගුණමකු - අනුන්ගේ ගුණයට පත් කරන (නොකියන).
ගොන් ප්රශ්නය
වැසිදිය එළාලූ කල - වර්ෂාව වැටී ජලය පිරුණු කල, ගොන් ගෙයක් - ගොන් බානක්, ඒ ඇසිල්ලෙහි - ඒ වෙලාවෙහි, කලහ ~ කෝලාහලය/ගැටලුව, ඩබර - රණ්ඩුව, දොරකඩින් - ඉදිරිපසින්, විකිණි ගත් නියාව - මිලයට ගත් බව, ලුහුබැඳ - පසුපස එළවාගෙන ගොස්, දැහැමෙන් විනිශ්චය - ධාර්මික ව (සාධාරණ) තීන්දුවක්, ගන්වා -සිතට කාවද්දවා, පසිඳිනා - විසඳනා, උළුකැන් - දිය බත්/බත් කැඳ, තලමුරුවට -, තල පුන්නක්කු, පුවඟු - රුක් (එනම් ගස් වර්ගයක්, තණ - තණකොළ, සභායෙහි උන්නවුන් ගිවිස්වා
ප්රශ්නය විසඳන කල්හි සභාවෙහි රැස්වහුන් අයට ඒ බව කියා,
වනයෙහි - වංගෙඩියෙහි, පැන් මඬවා - ජලය දමා මිරිකා/පොඩිකර, කණම නැඟූහ - තණකොළම වැමෑරූහ, අතින් පයින් තළා - අතින් පයින් ගසා, මේ ජන්මයෙහි ම - මේ ජීවිතයේදී ම, පරලොව - මරණින් මතු, නරකාදියෙහි - අවීචි මහා නරකාදිය ආදී අපායන්හි, ඇම්මුව - ඉවසුව.
ගැටහූ පළඳනා ප්රශ්නය
ගැටහූ පළඳනාව - නූල්වලින් ගොතන ලද පළඳනාවක්, කඩ මත්තේ - රෙද්ද උඩ, ලෝභ උපදවා - ආශාව ඇති ව, පමණදැන
- තම තරමදැන සිටුව, නැඟී ගියාය - පැන ගියාය, එකරුතුපට - නෙරිය/ උතුරැ පට අල්ලාගෙන, මෝ සෙරය වඤ්චාකාර තැනැත්නියය, පළඳනෙයි - පළඳන්නේ
ඔසුදවටුවකු - බෙහෙත් වර්ග සාදන්නෙකූ, ධූර්ත වඤ්චාකාර ස්ත්‍රිය.
හූවටෙගි ප්රශ්නය
හූවට - නූල් පන්දුව කපු සේනක් - කපු වැවූ හේනක්, පොලා වලුකොට - ශුද්ධ කොට තැනූ පුළුන් වැටියෙහි, සීන්හූ කැට - සිහින් නූල් පන්දුව, , කනවන ලද - කරවන (හාරවන) ලද යුක්තිය - සාධාරණය, පසුන් නියාවට - විසඳූ ආකාරය, තුටු පහටුව - අතිශයින් සතුටු ව.
5.පුත්රා දිය.
පුත්‍ර ප්රශ්නය
ආදි කොට - ප්‍රථම කොට/පළමුවෙන්, කනු කැමැතිව - කෑමට කැමැති වී, ඉතා හොබනාහ - ඉතා ලස්සනය/බෙහෙවින් යහපත්ය, මූ - මොහු, ඇස් නොමරන - ඇහි පිල්ලම් නොගසන, රත්ව - රතු පැහැව, හිරක් අඳවා - ඉරක් අන්දවා, දරුවා හොවා - දරුවා තබා, ළය - හදවත, ඡායාවක් - සෙවණැල්ලක්.
8. කාළගොළ ප්රශ්නය (ගෝල කාල ප්රශ්නය)
කඹුට - බැලමෙහෙවර කොට, අඹුවක - බිරිදක, බණවා - කතාකර, කැවුම් පෙවුම් - කෑම බීම, නොබැණ - නොකියා, ප්‍රතික්ෂේප කරන - ඉටු නොකරන, ගිවිස්වා - පොරොන්දු කරවා, පඬුරු - තෑගි, මගට පිළිපන්නේ - මාර්ගයට බැස්සේ, බානාහ - බියහ, ගංතෙර - ගං ඉවුර, දැති මුවර - දැති මෝරු, පුරුදුකම්- මිතුරුකම්, බැදෑනියන්දෑ - සොහොයුරාගේ බිරිඳ, කෙළිල්ලෙ බැසැ - දණගසා ගෙන/තුනටියෙන් පහත් කොට.
මාරු නොවන්නේ - පොව්වන්නේ නැතැයි, අඟුටුමිටියා- කුරුමිට්ටා,
මා නොහරු නම් - මා අතනොහරි නම්.
රැකෙම්වා මියෙම්වා - නොමැරුණත් මැරුණත් කම් නැතැයි, දිය මද නියාව දැන - ජලය අඩු බව දැන, කොල - බොල, කර අල්වාගෙන - බෙල්ලෙන් අල්ලා, දමාලීය - තල්ලු කළේය නන්දොඩන - පිස්සුවෙන් කියවනවා/කටට එන එන දේ කියන
9, රථ ප්රශ්නය
ඒ ඇසිල්ලෙහි - ඒ වෙලාවෙහි, පසුකඩ - පිටුපස, කුඩෙනි - දරුව, ශරීර කෘත්‍යය - වැසිකිළි කටයුතු/(මළ පහ කිරීම ආදී), රථය ඇති පුරුෂයා - වාහනය අයිති පුද්ගලයා, යුහු ව - වහා ම, ඇස් නොමරන - ඇසිපිය නොහෙළන, දිවිය නොහෙන්නේ - දිවීමට නොහැකි ව, ඩා බිඳකුත් - ඩහදිය බින්දුවකුදු, ඈනීමකුත් - ඈනුම් ඇරිමකුත්, පුරුෂ විශේෂය - පුරුෂ වික්‍රමය.
6. දණ්ඩකාදිය
10.දණ්ඩක ප්රශ්නය කිහිරිදණ්ඩක් - කිහිරි (එනම් ගස් වර්ගයේ) ලීයක්, තත්තකාරයෙකු - ලියන වඩුවකු, කෙලිමඬලෙන් - පිට්ටනියෙන් /ක්‍රීඩා පිටියෙන් 11, ශීර්ෂ ප්රශ්නය විභාග - වෙනස්කම්, ඉදිව - කෙළින්/සෘජුව, වක් - වක්‍රව.
12. අහි ප්රශ්නය
අභි - සර්පයා සැපින්නක - නයාගේ ගැහැනු සතා, සැහැපුවා සේ - හපා සේ, අර්ධව - භාගයක්.
13. කුක්කුට ප්රශ්නය
සර්වාංගයෙන් ධවල වූ - මුළු ශරීරයම සුදු ආරම්භය, මධ්‍යමය, අවසානය සඳහා කාලය ඉක්මවා නොයෙවා නේ වූ නම් - එව්වේ නැතිනම්,හැළි - සුදු.
14. මණි ප්රශ්නය
මී ටිකක් - මී පැණි ටිකක්, පලස්හුයින් - පට නූලෙන්, රිංගවා, බිලයක - බෙනයක, ඩැහැගෙන - කටින් ගෙන පැත්තෙන්, ඇවිණී - ඇමිණීම,
15. විජායන ප්රශ්නය
විජායන - ප්‍රසූත කිරීම, හං සකස් කොට - අං මැද පිරිසිදු කොට, කසා නාවා - කහදිය ගල්වා, මඟුල් ගොනා - මංගල ගවයා, ප්‍රසූත කරවා, බුහුටි පුරුෂයකු - දක්ෂ මිනිසකු, පිටිදෑ හරියටම පිට මැද, යා - යව, වදාගත නොහෙති - ප්‍රසූත කරන්නට නොහැකිය, විළි පහරන්නේ - විළි රුදාව/වැදීමේ දී ඇතිවන වේදනාව, පිළිසරණ - පිහිට, නන් දොඩයිද? - පිස්සුවෙන් කියවන්නේද
16. ඕදන ප්රශ්නය
තුදුස් - දහතුන (13), පැසි බතින් - කරුණු අටකින් යුතු බතක්
සාලිනුත් - සහල්වලින්, දර උඳුන - දර ළිප, පියෙවි ගිනි - ප්‍රකෘති ගින්දර හසරකින් - අඩි පාරකින්, දණ්ඩේ හෙළූ ගිනි - දඬු දෙකක් අතුල්ලා ගනු ලබන ගින්දර අස් ඔබා - සීල් තබා
7. වාලුකාදිය
වාලුකා -වැලි, වැලි යොතින් - වැලි කඹයෙන්, අස්නක් - ලිපියක්, ඕවිල්ලෙහි - ඔන්චිල්ලාවෙහි, කෙළෙනා - ක්‍රීඩා කරන සමාන පැනයකින් ම - සමාන ප්‍රශ්නයකින් ම, සීන - සිහින්, දළ මහත, රෑණ මාල්ලක් - පරණ ලණු (කඹ) කෑල්ලක්, නොවූ වීරිය - මීට පෙර නො වීය.
18. තටාක ප්රශ්නය
තඩාග - පොකුණු, දිය කෙළිනා - දිය ක්‍රීඩා කරනු, - රක්තු - රතු, නීල - නිල්, ශ්වේතාදී - සුදු ආදී, මුඛරි - කට වාචාල/කතාවෙහි දක්ෂ, ඔලිඳැට සේ රත්කොට - ඔලිඳ ඇට මෙන් රතු පැහැ වූ පිළි - ඇඳුම්, මඩ වැකුණු - මඩ තැවරුණු, වියදඬු - විය ගහ, කැවිටි - කෙවිටි, බහන් - රෑන්, කැට මුගුරු - ගල් කැට වෙනෙහි - වනයෙහි/කැලයෙහි, අට්ටාල - මුර කුටි, පවුරු - තාප්ප, පදනම් - අත්තිවාරම්, අගල - දිය ඇල/ දිය අගල, වාසල් -ගොඩනැඟිලි, වලටම - කැලයට ම, මරන්නමෝද - ගැසුවේ නමුත්/පහරදුන් නමුත්, නහුණම්හ - නොහැකි විය, ගියදවස - පෙර කළ.
19. උද්‍යාන ප්රශ්නය
චම්පකාශෝක - චම්පක නොහොත් සපුහා අශෝක (යන ගස්), වකුල - මූනමල් ගස්, තිලකාදීන් - සඳුන්, සුපුෂ්පිත - හොඳින් පිපුණු, (මනාකොට) පිපුණු, තරුවරාකීර්ණ - උතුම් වූ (වටිනා) ගස් වලින් යුක්ත, ලාභ මාත්සර්යය - ලාභයට ඇති කැමැත්ත// (ගිජු කම) හැම්මුන මැනැව - ඉවසුව මැන.
පසිඳි - විසඳූ , හස්ත්යාශ්වාදී - ඇත් අස් ආදී, පරිවාරයෙන් - සේනාවෙන්, මඟුලසු - මංගල අශ්වයා, පැකිලී - පැටලී, තුෂ්ණීම්භූතව- නිශ්ශබ්දව, අශ්වතරයෙකු - වෙළඹගේ කුසෙහි කොටළුවකුට දාව උපන් අශ්වයා, ශ්‍රේෂ්ඨතරයකු - ඒ අශ්වයාගේ පියා වන කොටළුවෙක්,
මෙහෙවර කරන්නකු - සේවය කරන්නකු පනිවිඩකාරයෙකු, යවුව මැනැව - යවනු මැන.
8. ගද්‍රභ මණි ප්‍රශ්න
සිසතින් - හිස් අතින්, හෙළඟිතෙල් - ගිතෙල්, පිළිසඳර සතුටු සාමීචියේ යෙදී, අස්නක් - ආසනයක්, පරීක්ෂා කොට විමසා බලා ඉක්බිත්තෙන් - අනතුරු ව, සළකූණෙන් - ඉඟියෙන් හුනස්නෙන් නැඟී - ඉඳගෙන සිටි අසුනෙන් නැගිට, පැනයෙක් - ප්‍රශ්නයක්. රජගෙට වැද - රජ මැඳුරට පැමිණ (පිවිස).
සර්වාලංකාරයෙන් - සියලු ආකාරයෙන්, සැරහුණු - සැරසුණු මුඛය බන්ධනය කොට - කට බැඳ, පරක්කුවෙකින් - රෙද්දක් භාවිතයෙන් කළ කදකින්, මූල - මොහුලූ, උපන්නාහු -උපදින විට, තෘප්තියට නොපැමිණෙන්නාහ - සෑහීමකට (සතුටකට) පත් නොවෙනවා, අස්නක් - ආසනයක්, දුර්මුඛ - දුර්වර්ණ (අසතුටු) වූ මුහුණු ඇති, කනස්සලු - කනගාටුව/ ශෝක වීම, පා මුල හොවාලා -දෙපා ළඟින් තබා, අට මස්සක් - මසුරන් අටක්, අජානීය අශ්වයා -(අශ්ව කුල අතර උසස්ම කුලය) උතුම් අශ්වයා, අගය නැතැයි - අගය සීමා කළ නොහැක/ අසීමිත අගයකින් යුතු, ඇම තන්හි ම - හැම තැන දීම, සබා වී නම් - සැබෑ වී තම්, අසමර්ථව - සමත් නොවී/ අසමත්ව, සෙන්නාහ - සිනාසෙයි, අත්පත් ගා ලත් සේක්දැ - අතපත ගා සොයා ගත්තේද?, පරිහව බැණ - දෝෂාරෝපණය කර/කුල මලයෙන් ගර්හා කොට, වැඩි පසස්නා - වැඩ පිණිස කැමැති නම්, ගද්‍රභ - කොටළු, සොම්නස් - සතුටු, රාජ පර්ෂද් - රාජකීය පිරිස්, ඔල්වරහඬ - ප්‍රීති ඝෝෂා, අසුරුසන් - අසුරු - සැනක්/ඇසිපිය හෙළන ක්ෂණයක්/මහපට ඇඟිල්ල මැදගිල්ලේ තබා දඹරගිල්ලෙහි ගටන තරම් සුළු කාලයක්, පිළි - රෙදි, ඉස නැටවීම් - හිස වටා කරකවමින් වැළි - නැවත, අවමානයක් “ නිගරු කිරීමක්, අසුන්යවන ලද හසුන් පත් යවා. රන් කෙණ්ඩියාව - රනින් කළ කොතලය පමුණු කොට - නින්දගම් කොට, අනුභව කරව - භුක්ති විඳුව සම්මත වෙත්ව - යටහත් සේවක වෙත්වයි, සිරිකන් - කනේ උඩු කොටසේ පළඳූ ආභරණයක් (කඩුක්කන්), තෝඩු - කරාබු/අරුංගල්, තැලි - මාල (විශේෂ සැරසුමක් සහිත මාල), පට්ටකාර - බෙල්ලේ පළඳින මාලයක්, පාසළඹ - පයේ පළඳින මිණිහඬ නැඟෙන ආභරණක් පාදජාලා - පයේ ලනදැල් විශේෂයක් (ආභරණයකි), පහන් ව - සතුව/පැහැදි, ළෙහි හොවා - පපුවට තුරුලු කර, නොසිතුව මැනවි සිතෙහි කුකුසක් තබා නොගන්න/කනස්සලු නො වන්න/දුක් නො වන්න.
21. මණි ප්රශ්නය
විමසනු - පරික්ෂා කරනු, කවුඩු කැදැල්ලෙක - කපුටු කූඩුවක, මිණි රුවනෙක් - මාණික්‍යය රත්නයක්, ඡායාව - ප්‍රතිබිම්බය, බිම කැණ - පොළොව හාරා.
'පොහොසතුයි - හැකිදැයි, මැණික පාමි - මැණික පෙන්වමි, නුවණෙහි බල - ප්‍රඥා මහිමය, පැන් තළියක් - පැන් බඳුනක්, පොකුණෙගහි ම මතු - පොකුණේ පමණක්, බාවා ගත මැනැව - බිමට ගෙන්වෘා ගනු මැනැවි, බණන්නාහු - කියන්නාහු, දුන්නක්දමා ගිය එකක්හු කළයෙහි අතගානා සේ - දුන්නක් නැති වූවෙක් කළයෙක වැටෙන එහි ගැටයේ ඡායාව කළය තුළ දැක එය දුන්න යැයි සිතා එය ගැනීමට කළය තුළ අතගානා සේ, පුස්නා - වටිනා, මුත්හර - මුතුහර/'මුතුමාලය, සම්මත කළහ - නියෝග (නියම) කළහ.
9.කකණ්ටක සිරි කාලකණ්ණි ප්රශ්නය
1. කකණ්ටක -කටුසු බෙහොඬෙක් -කටුස්සෙක් .වියැට සමාරක් වී ඇට එක හමාරක් .දෙ වියැට සමාරක් වී ඇට දෙක හමාරක් .නිබඳ වැ නිතර.
2. උපෞෂථ පෙහෝ. පණිවා - ප්රානණඝාතා.
3. අර්ධ මාෂක සම්මත වූ -අඬ මසක් යැ යි නියම කරන ලද. අඩ මස්සක් පමණ වූ අර්ථචර්යා -අනුන්ගේ අර්ථයෙහි
(යහපතෙහි) හැසිරිම අනුනට වැඩදායක කථා කිරිම සමානාත්මතා අනුන් හා තමන් හා සමාන සේ සැලකීම. ඉක්මැ -ප්රිමාණය ඉක්මවා.
4. නිමන සුන්වත් ලැබෙන අය බදු වෘත්තිය - පිළිවෙළ.
5. දිසා පාමොක් ආචාරින් -දිශාවට ප්රකමුඛ ආචාර්යයන්. වණ පොත් කරවා -පාඩම් කළ දැ ගුරුන් ඉදිරියෙහි කියවා කුලයෙහි -පවුලෙහි විශිෂ්ට -අඟනා.
6.නුරුස්නේ මැ -නො කැමැත්තේ මැ නො කැමැති වුවද මරුත්තු නො කෙරෙමි නො ඉක්මවමි. නො සලකා නො හරිමි.
7.දිඹුල් -අත්තික්කා.
8..සායාහ්න සමයහි -සවස් වේලෙහි.
9 ආදියෙන් -පළමු කොටැ.
10. ආචාර ශිලයෙන් -මනා පැවැත්මෙන්, දෛව -භාග්යි.
10.මෙණ්ඩක ප්රශ්නය
මෙණ්ඩක -එළු,
1.දහවල් මෙහෙ -දහවල් අහර ගැන්ම සැදැල්ලෙහි ෙගවලමෙතු මහලෙහි. ආවරණ රහිතවැ කරන ලද මිදුල වැනි කොටසෙහි balcony සි මැදුරු කවුළුවෙන් සිංහ රූප කැටයම් යොදා කරන ලද කූඩුවක් සහිත වැ ප්රාරසාද මුදුනේ සන්ථවය මිත්රක සම්බන්ධය. මිත්රි වැ පැවැතීම. නො කන තුරු -(ඇතු) කන්නට පළමු.මරා-තළා. පිට අවුරා-පිට වසා, පිට සරසට. බිතන් කනැ බිත්ති කොනෙහි. වසුන් කොටැ-වසා මලා-බදුන් නඟා පියා වමනය කොටැ.
2. ස්වරූප - තොරතුරු.
3. සමගි වැ ගත හෙමෝ නම් -සමගි වන්නට පිළිවන්නම්. පිට පදනමැ-පිට කයියෝරුවෙහි.
4. පස මිතුරු-සතුරු සත් පියවරකුත් පවා -සත් පියවරක් (එක් වැ) යන තුරුවන් සබඳමිත්රර.
6. නානාලම්බනෙයෙහි -නොයෙක් අරමුණු වලැ.
7. පරික්ෂාකාරි පරීක්ෂාකරන සුලු.
8. නඩයෙහි -මතු මහලෙහි සැඳැල්ලෙහි සනිටුහන් සලකුණු
9.අනෙක ලෙසැ සලකා -නොයෙක් අයුරින් සිතා උකටලී වැ කනගාටු වී, තැවී ගර්ව වැ ආඩම්බර වැ.
10. ඟුවන ත්ර යයෙහි -තුන් ලොවෙහි නහමක් නසිත්වයි-නො නසිත්ව යි.
11. වැදුවන් ඉදිරියෙහි කොළොම්බු ලන්නා සේදරුවන් වැදුවන් ඉදිරියෙහි මේ දරුවනැ’යි ලී කොට පෙන්වන්නා සේ වියත් කම-පණ්ඩාතනම. මන වඩී -සිත් වඩයි,ආශා ඇති වෙයි. ආස්තරණ -ඇතිරිලි ප්රඩගුණ -පුහුණු, මාන කොටැ අවබෝධ.
12. පුකාශ පැහැදිලි අසරණ සරණ පිහිට නැත්තනට පිහිට වූ ජනමුර්ත වූ මනුෂ්යුයකු නම් මෙසේ වියැ යුතු යැයි මවන ලද ජන ‘ආදර්ශයක්’ (MODEL)වැනි වූ. අවිචියෙහි පහළින් මැ ඇතැයි සලකන නිරයෙහි භවාග්රෂය-භවයෙහි කෙළවර (මුදුන):අකනිටා බඹ ලොව තත්ත්ව වශයෙන් -තත්වූ පරිදි ,සිදු වු ලෙස ගොචර -ගොදුරු පෙරැළිය-ස්වභාව විධියට වෙනස් වූ ක්රිූයාව.ප්‍ර ත්‍ය-ක්ෂ කොටැ -ඇස් ඉදිරි කොටැ, ඇස් ඉඳිරියෙහි.
13. ප්රිශ්නව්යා.කරණයෙහහි-ප්රෂශ්න විසැඳිමෙහි. සුවිනිශ්චිත මනා සේ විනිශ්චය කරන ලද.
14. වන්නා ව!-වන දෙයක් වේවා! මෙහි ව! යනු ව (වීමෙහි) ධාතුයෙන් වන විධි ක්‍රි යා යි.
11.සිරිමන්ද ප්රශ්නය
2. ක්ෂත්රිදය බ්රාරහ්මණාදි -රජ බමුණු ආදි සේවාවටත්-මෙහෙ කිරීමටත්.
3. අලාමක වූ-ලාමක (නන්දිත) නො වූ. ප්රතශංසා කටයුතු වූ ස්ථානාන්තරාදි- තනතුර ආදි.මේ ලොව බලන්නේ මේ ලොව ගැණැ පමණක් බලන්නේ. ඓඹ්චර්ය මදයෙන් ඉසුරු (සම්පත්) නිසා ඇති වන මත් බැවින් : භාග් වන්නේ යැ -කොටස් වන්නේ යැ.පැමිණෙන්නේ යැ. උපේක්ඹා පූර්වංගම වූ චින්තාවක් -(මෙ ලොව හා පරලොව හා ගැනැ කල්පනා කිරීමේ දී) මධ්යනස්ථ බව පෙරටු කොටැ ඇති සිතිවිල්ලක්.
4. පුත්රවදාරාදිපුතුන් අඹුන් ආදි දෘෂ්ටාන්ත -නිදර්ශන දෙ කොළින් දෙ කම්මුලින්.
5. කලබ්-පොකුරු දළයෙහි දෙ පසෙහි අතුරු වීථියට අතුරු පාරට සලා පියා-සොලවා.
6.ප්රමමාද ප්රසත්ය යෙන් ප්රවමාද හේතුවෙන් ඤාති ව්යපසනාදි නෑයන් වැනැසීම් ආදී චක්රායක් (රෝදයක්) මෙන් පෙරැළෙමින් පවත්නා වූ මසකු මත්ස්යමයකු.
7. ඵල සම්පන්න -ගෙඩිවලින් යුක්ත මියුරු පක් ඇති -මිහිරි ගෙඩි ඇති.ශාරිකා -සැල ළිහිණි වර්ගයෙකි.අමුරන් -පෙළොවින් හාරාගත් වන මැ ( ශුද්ධ නොකරන ලද) රන් උපභොග පරිභෝග වස්තුය. අභයන්තරයෙන් ප්රියෝජන ගන්නා ධාන්යාගදිය උපභොග වස්තුය. බැහැරින් ප්රපයෝජන ගන්නා ඇඳ පුටු ආදිය පරිභෝග වස්තු යැ. සෙවුණා හ- සේවනය කරන්නා හ.
8. අණ සක -ආඥ චක්රපය, ආඥව තාඩන බන්ධනාදි-තැළිම් බැඳිම් ආසි පශ්චාත්තාප-පසු තැවිලි අභිභූත වැ යටත් වැ පෙළි ,හඬන්නා මැ- හඬද්දී මැ.
9. කදුරැළි -දිය ඇලි ගගුලැලි ජලාශය-ජලය ඇති තැන් නිම්න වැ-නැමි. නම් ගොත් -නාම ගොත්රශ. නාම ව්යවවහාරය ප්‍ර වේශයට -ඇතුළු වීමට ආධාරත්වයෙන් -ආධාර බව ඇති වැ.
10. ද්වයයෙකින් - දෙකෙකින් වූ - අනවතර වූ - නැවැතීමක් නැත්තා වූ නිතොර වූ. අර්ථානර්ථයෙක්හි - වැඩෙක්හි අවැඩෙක්හි.
11. කායාදි සංයමයක් - කය හික්මැවීම ආදියක්, අධිකරණයෙහි - යුක්ති විසැඳීමෙහි.
12. අපායගාමි - අපායයට පැමිණෙන්නේ.
13. වෙල්හැල් - ඇල් වී වර්ගයෙකි. අකක් - වියැට 20 ක ප්‍ර මාණය. සම්මුඛයේ - මුහුණ ඉදිරියෙහි. වර්ධන යැ - වැඩියැ. උසස්යැ.
14. සබ වස - සැබෑ වචනය. සුභාෂිතා - මනා (යහපත්) කොටැ කියන ලද.
15. ගවමහිසාදි - හරක් මීහරක් ආදී. කනක - රන්. රනින් කළ කටක - අත් වළලු. වරහනෝ -උතුම් ස්ත්රීහහු. 16. නිරපෙක්ෂ කොටැ - බලාපොරොත්තු රහිත කොටැ පලක් - පරයංකයක. (“එරමිණිය ගොතා ගෙනැ”) සෘද්ධි - අහසින් යෑම් ආදීය කළ හැකි අනුභාව. කාමාවචර දෙවියෝ - කාම ලෝකයන්හි හැසිරෙන (කාම ලෝකයට අයත්) දෙවියෝ. චන්දන - හඳුන්. උත්පල - මහනෙල්. ජීවමාන ශරීරයෙන් මැ - පණ පිටින් මැ. විවර වැ - සිදුරු වැ, පැළී. බඳු වැ - මෙන් වළදිනා ලද්දේ - වෙළා ගන්නා ලද්දෙ.
18. විදුරක් - වජිර සූචියක්. දියමන්ති කටුවක්. එයින් කවර තරම් තද වූ ද දෙයක් විද්ද හැකි යැ. එයින් අන් සියල්ල බිඳියැ හැකියැ. ගැත්තකු - මෙහෙකරුවකු. අවලෝකනය කොටැ - බලා කල්පනා කොටැ, කණ ගෙරි වල් වන්නා සේ - අන්ධ වූ හරකුන් කැලෑ වැදුනාක් මෙන්.
19. පෝසත්තු නම් - පෝසත්හු (පිළිවන්හු) නම්. රැකෙන මාන - රැකෙන ආකාරයක්. 20. ආකාශ ගංගාව - ගංගා නදිය.
21. සුශික්ෂිත - මනා කොටැ හික්මවන ලද.
12. ජන්නපථ ප්රශ්නය
ජන්නපථ - ලසඟවා කී මාර්ගය (පිළිබඳ.)
1. බූනණියේ - සොහොවුරියෝ, අභිප්රානය - අදහස්. සිතට එකඟ. සන්නාලි උපකරණ - ගෙත්තම් කිරීමේ උපකරණ
2. හුළු කැන් - සහල් කැඳ.
3. විදා -විදහා. සරණ නුහුණු බව - සරනෙකැ නො වැටුණු බව. සරනෙකැ නො ගිය බව. මියන - මැරෙන. පූර්ව දෙවතාවනට - මවු පියෝ, දරුවනට පළමු මැ දෙවි වන හෙයින් (වැඩ සලසා ලන හෙයින්) ‘පූර්ව දෙවතා නම් වෙති. සුසාන - සොහොන.
4. පැවැරූ හ-ඉල්ලා සිටිය හ. පෙරැත්ත - ඉල්ලිම. මණ්ඩය නො දෙවැ - බඳුන නො සෝදා. අළලා - කළතා. හුළු - බත් ඇට. බොල් වනැ - ඝන වැනි යැ. යන සේ පෙනේ. පූදිහ අගැ - පදිමේ අවසාන භාගයේ දී.
5. මඟ හොස්සේ - මඟ හොත් (වැටුණු) සේ, මග දිගේ. අස්සුණු අග්ගලා.
13. ස්ත්‍රී ප්රශ්නය
1. කැඳිත්තක් - කැඳ ස්වල්පයක්.
2. මසවුළින් - මසින් හා අවුලින්. පූ ආදි කැවිලි වර්ග අවුළු යි. පෑළ දොරින් - පසු දොරින්
3. පැසැ - නිවුඩු ආදිය හරින පිණි සැ “පැහැ ලා” කබලක් - මුඛයට වරකට ගන්නා ප්‍ර3මාණය. පිසමත් - පිසීම්. අලෝපයක් - පිඩක්, මන් - නැති බව-මාන (උඩඟු) නැති බව. ඔයත්-ඕ තොමෝත්.
4. නුඹ වහන්සේ රක්ෂාවට නො සිතු මැනැව - ඇය රක්ෂා කිරීම පිළිබඳ නුඹ වහන්සේ කරදර නුවුව මැනැවි. සරූප - ස්වරූප. මේ කටයුත්ත කරන සැටි, තමා ගෙනා කාන්තාව පිළිබඳ වැදතමා කරන්නට යන දේ පිළිබඳ වැ ද තොරතුරු. පා පිසුන් - පා පිස්නය. රක්ෂිත -රකින ලද, පාලනය කරන ලද.
5. සමාධීන් - ප්‍රී තියෙන්. පරදාර කර්ම - අනුන්ගේ භාර්යාවන් හා එක් වීම. පාමුදු - පයෙහි ලන මුඳු. පාඩගම් - පා වළලු. පා සලඹ - පයෙහි ලන නාද ඇති ආභරණයක්. ශිරෝ ජාලා -හිස් දැල්. වර්තමානසයෙහිස්ත්රී හු ද හිසැ කේ අවුල් විම වළකනු සඳහා හිසෙහි දැල් වෙසෙසක් පළඳිති. කර්ණාාභරණ - කණෙහි ලන ආභරණ, මාල ආදිය. කෛපොට්ටු - වළලු විශේෂයෙකි. හිඳෝලුවෙකැ - දෝලා - වෙකැ කැළි - කළු. එළැලා - ‘තල එළලු’ යැයි ව්යෝවහාරයෙහි එයි.
7. ආදි කොටැ - ප්රුධාන කොටැ.
14. මහෞෂධයන් පලා යෑම.
1. නො සෑහෙම් හ - තරම් (සමාන) නො වම් හ.
2. පණයම් -කුලිය.
3. වක - දාතම. දවස - සඳු දා ආදී වශයෙන් සතියේ දවස.
15. බජ්ජොපණභූරී ප්රශ්නය
1. බජ්ජොපණ - කදෝ පැණි. දළ පුඬු සේසතැ - ඇත් දළයෙන් කළ පුඬු ඇති සුදු කුඩයෙහි, රජුන් ගේ සිංහාසනයට උඩින් මෙය ඇත. අධිගෘහිත - අරක් ගත්. කුරවික - කෙවුල්.
4. විපරිත - පෙරැළුණු. වෙනස් වුණු. වැරැදි. ලොට තන - කිරිබරින් එල්ලෙන තන. සමවු යැ. සමානයහ.
6. සක වටා - (කුඹල්) සක කරකවා.
7. ලබ්ධි - ඇදැහීම. අදහස්. ස්මෘති ශක්තියක් - සිහිකිරීමේ ශක්තියක්.
8. මුහුකුරවන්නෙම් - මෝරවන්නෙම්. විරියකරණයට - වීරියකිරිමට. රග්ගල් තලා - මනොසීල පරිවත තලයෙකැ. හිමාලය ප්රිදේශයෙහි මනො සීල පර්වත වේ ල. විග්රිමණය කරන විශේෂ කරන - විශේෂ ලීලාවෙකින් ( හෙවත් මහත් ගරිවයෙන්) කරකැවෙන (හැසිරෙන). අසම්භීත වැ නිර්භය වැ.
9. බා - භය වී.
11. සිවුරඟ සෙනඟ - ඇත්, අස් රිය, පි බල යන සතර කොටස් වූ සෙනඟ. විජයොත් මහපායෙන් - ශක්‍ර යා ගේ ප්‍රා සාදය “විජයොත්” නම්. අමන්ත්රී හෙයින්- කටයුතු නො කටයුතු විසදා ගැන්මෙහි ශක්තියක් නැති හෙයින්. අර්ථ චින්තනයෙහි - අර්ථ (උපාය ආදිය) සිතීමෙහි. නො වැරැද්දු - වරදනට නො සිටියහු. වරද නො කළහු.
12. කායික චෛතසික - කය පිළිබඳ වූ ද සිත පිළිබඳ වූ ද, සිත් හසරට - සිත යන මාර්ගයට, සිත. ක්‍රි යා කරන පිළිවෙළට. යමක් හට - යමකු හට - පස් කම් සුව - ඇස්, කන්, නාසා, දිව යන ඉන්ද්රිකය පිනවන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන සුව පස. ගෘහස්ත තෙමේ - ගිහියා. කොපී - කොප ඇත්තේ. දශ රාජධර්මචයෙන් - දානය, ශීලය, පරිත්යදගය, සෘජු බව, මධ්යේස්ථ බව, තපස, (වෘත ආදිය රැකීම) අක්රොරධ බව, අවිහිංසාව, ක්ෂාන්තිය (ඉවැසීම), අවිරුද්ධකම (කිසිවෙකුට විරුද්ධත්වයක් නො පෙන්වන බව) යන මේ රාජ්‍යක ධර්මි දහයෙන්.
16. දේවතා ප්රශ්නය
2. චාතුර්මහාරාජිකාදි සා දිව්යස ලෝකයෙහි - චතුර්මහාරාජිකය. තාවතිංසය, යාමය, තුසිතය, නිර්මාණරතිය,පරනිර්පමිත වසවර්තිය යන දිව්‍යං ලොක සයෙහි. සොළොස් බඹ තෙලෙහි - බ්රහහ්ම ලොක දහසයෙහි.
ඇඹුල - හෙළ මහනෙල්. සර්වඥ ප්‍ර චාරණයක් - බුද්ධ පැවැරීමක්. බුදුහු “කැමති දෙයක් අසවු. සියල්ල විසඳමි” යි පවරති. එ බදු පැවැරිමක් සර්වඥ ප්රයචාරණය’යි.
3. සව් නේ - සංස්කාර, විකාරාදි වශයෙන් වූ දත යුතු ධර්ම්.
4. ළ හෝ පලු පත් - ළා අශෝක කොළ, මොළොකැටි - ඉතා මොළොක්. මූණ අන්නේ- මුණට අනින්නේ. වගුළ - වැගුරැණු. වැටුණු. ඔරැ - උකුළෙහි. නහො මධ්‍ය යෙහි - අහස මැද.
6. කකුල් දඩ ගොසින් - පයින් “පා දඩ” යනු ව්ය වහාරයි. කට හෙළන පමණක් - කටට එන තරම්. හැවිලි හවන්නාහු - දෙස් පමුණුවන්නාහු. සිඟිත්තකුත් - ඉතා ස්වල්පයකුත්.
8. ලොකස්වාද රතියෙන් - කාම සම්භොග ආශායෙන්. බැහැරැ යැ - මා සෙනෙවිරත් - සෙනාපති.
17. රහස්‍ය ප්රශ්නය
1. ජරපත් ශෘගාලයන් - ජරාවට ගිය (මහලු) සිවලුන්.
3. පොළොවට ඉසුරු වූ - පොළොවට අධිපති වූ. කෙලෙස් වසඟ හෙයින් ක්ලේශනයට යටත් හෙයින්. පතිව්ර්තා ධමර්යට - එක් පතියකු(සැමියකු) බමැ කෙරෙහි පවතින ධර්මතය.
4. ආතුරයා - පීඩිත වූවහු. මැදිබැවැ - වැඩි මහල්ලාටත්, තමාටත් මධ්‍ය යෙහි, කිස්දොවුන් - බාල, “බඩපිස්සා.” ධුර්ත වැ - ක්රීකඩා ධූරයෙහි (දූ කෙළීම ආදියෙහි) වැටී.
5. දූසා - කේළාම්. තත්ත්වයත් - තොරතුරුත්.
18. සේනාකාදීන් ගේ රහස්
1. හඹුහොරුවෙක් - කැඳ ඔරුවක්.
2. ශ්රීඹ බුද්ධියට - රජු ගේ බුද්ධිය හෙයින් මෙ සේ කියැවිණ. හෙද කාරින් - හෙද කරන්නන්. ඇලී සිටැ - රැඳී සිටැ.
4. හන් - ඇන්දා වූ. අලෙවි කළේ - වික්කේ, රාජාපරාධ කටයුත්ත රජුට අපරාධ කිරිමේ කටයුත්ත. රාජ නීතිය උල්ලංඝනය කිරීම රජුට කරන අපරාධයෙකි. කිලාස කුෂ්ඨයෙක් - කසන හොරි වර්ගයෙක්
6. අව පසළොස් වක් දවස් - අමාවක (මාසේ පෝය) දිනයෙහි, වියරු හුණු - පිස්සු වැටුණු. ආවිෂ්ඨ - ආවේශ.
9. ඇදැහිලි පුරුෂයකු - විශ්වාස කටයුතු පුරුෂයකු. විචිත්‍රා ස්තරණයෙන් විභූෂිත - විසිතුරු ඇතිරිල්ලෙන් අලංකාර කරන ලද.
19. මහ රෑ යැවුණු අග්ගලාව
1. චිත්තාස්වාදයක් - සිතට අස් වැසීමක්. කවුරුන් ගේ විෂයෙහි - කවුරුන් ගොචර කොටැ. වාග්විෂයාතික්රාෂන්ත - වචනයෙහි බලය ඉක්මැ වූ.
2. කම්මිත්තකට - දාසියකට.
3. වර්ජිත කරන ලද - වරන (බැහැර කරන) ලද චණ්ඩ වාතයෙන් සැඬ - සුළඟින්.
4. අනූපම වූ - උපමා නැත්තා වූ. අසමාන වූ. උපලක්ෂිත වැ- යුක්තවැ.
20. රහස් හෙළිවීම
1. අපරීක්ෂිත වැ - අපරීක්ෂ්යූකාරී වැ. නො සොයා බලා.
2. කාලත්‍ර ය වර්ති වූ - (අතීත වර්තමාන අනාගත යන) තුන් කල්හි මැ පවතින්නා වූ. ලාමක - නින්දිත. කර පය මස්වා - අත් පා මස්වා. (මාංචු විලංගු ආදිය ලා) උන්මත්ත සුනඛයකු - පිස්සු බල්ලකු.
5. සප්ජිත කොටැ - සදා. පිළියෙළ කොටැ. සිංහ ස්වර - සිංහයකු ගේ වැනි ස්වර (ශබ්ද) ඇති විසංඥ - සිහිවිකල. සිහි නැති
6. නිෂ්පන්නවූ අර්ළථය - නිපදවන ලද (සිද්ධකොටැ ගන්නා ලද) අදහස් (කාර්ය) ඇත්තේ. හදවතක් - හෘදය වස්තුවක්. ආමිෂයෙන් - භෝජනයෙන්. කූට ඉ- කපටි. ආක්රො ශ පරිභව -“ගොනා බූරුවා” ආදී වශයෙන් නින්දා කිරීම අක්රො ශයි, කුලමල කියා නින්දාකිරීම පරිභවයි. ප්රෙච්ජන්න - වැසුණු.
8 . පිටි තල හයා බැඳැ - අත් දෙක පිටි කරට ඇදැ තබා බැඳැ, කටු සැමිටියෙන් - කටු සහිත වේ වැලින්. විජිතයෙහි - පුරයෙහි රටෙහි. නෙරනට - නෙරැපන්නට. වචනෞෂධයෙන් - වචන නමැති බෙහෙදින්.
9. ප්‍ර භූශක්තියක් - ප්රතභූ (උසස්) කෙනෙකුගේ ශක්තියක් පරඛණ්ඩ කථා පිරවර කථා.
21. මහෞෂධ පණ්ඩිතයන් ගේ රාජ්‍යය පාලනය
1. ධවලච්ජත්රඩ - සේ සත. සීමා පවුරක් - නගරයෙහි සීමාව දක්වන පවුරක්. තරය - ස්ථීරත්වය. මහා පදනමක් - පවුරෙහි ශක්තිය පිණිසැ කරන ලද පිළක් වැන්නක්. සාරිගෙවල් - මුරගෙවල්. වට බඳ වෙට්ටම් - වට කොටැ බඳනා ලද වැටි. පුලිමුඛම් - ව්යා ඝ්ර් මුඛ. උගුල් වෙසෙසෙකි. මෙය පොළොව සාරා දමති. එයට පයක් ආදියක් අසූ වු කලැ කට පියැ වේ. ශශුමාර මකාරදි - කිඹුල් මෝර ආදී. සඤ්ජන - ගැවැසුණු, කලල් - කමඬ. මාලු ගෙවල් - පරණ ගෙවල්. කටුකෝල් පෙරැළැවු සේකැ - අලුත් වැඩියා කැරැවු සේකැ. කුළුපග - කුලයට (පවුලට) පැමිණියා වු, විශ්වාස වූ. අරුණු වන් මඬ - අරුණාලෝකයේ පැහැ ඇති මඬ, රතු මඬ. වාරිමාර්ගවල් ජල මාර්ග, දිය බැසැ යන ඇළවල්ආදිය.
2. නිෂ්ඨාවෙක් - කෙළවරෙක් 3. ආත්ම සමාන - (තමාගේ) ශරිරය හා සමාන. 4. සන්නාහ - යුද්ධ ඇඳුම්. ශතපාක සහස්ර පාක තෛලයෙන් - සිය දහස් වර පැසවන ලද තෙලින්.
22. සතර කන් මන්ත්‍රණය
1. ගන්ධදාම පුෂ්පදාමවලම්බිත - සුවඳ වැල් මල් වැල් ද එල්වන ලද. විචිත්රතවිතානොපලක්ෂිත - විසිතුරු වියනින් යුක්ත. මඟුල් සල්වටෙහි - රජු ගේ උයනෙහි ඉඳ ගැනීම සඳහා පිළියෙළ කොටැ ඇති ගලෙහි.
3. කුරු බිලියෙන් - කුඩා රහස් දොරින්. නතුවව - යටත්ව. මැඬිල්ලේ - මඬුල්ලේ,මණ්ඩලයේ.
5. සාල්ලෙකැ - උඩහල්ලෙකැ. වර්චස් - අසූචි.
6. වතෙක් - පැවැත්මෙක්. ප්ර්තිපත්තයෙක් දසරුවට - උරහිසට. සුවපොතකයන් - ගිරා පැටියන්.
7. මැඳිරියෙහි - කූඩුවෙහි
23. මන්ත්‍රණය නිෂ්ළුල වීම.
4. චර පුරුෂයෝ - (තොරතුරු සෙවීම පිණිසැ වෙස් වළා) හැසිරෙන පුරුෂයෝ.
5. කූඩම්වලැ - “පීප්ප” වැනි බඳුන් වෙසෙසකි. “ඔඩම්”යනු ද පාඨයි. “ඔඩම්” නම් රා බීමට ගන්නා කුඩා බඳුන් යර. මසවුළු - මස් අවුළු. අන්තස්සර පුරුෂයෝ - චර පුරුෂයෝ.
6. වැඩි තරම් කෙනෙක් - වැඩි වූ හෝ තරම් වූ කෙනෙක්. වාසි බෙණෙම්න් - වහසි බස් (කොප උපදවන වචන) කියමින්. මුව පොල්ලන් - මුව පැටියන්, යමුගුරු බාලා - යකඩ පොලුවලන් ගසා. තූ තූ කොටැ - සුනු විසුනු කොටැ. සඟවා - හඟවා, දන්වා.
7. සමු -අවසර. අඩයටි - හෙලි. පත් කොහොල් - මේ ද අනිනා ආයුධ විශේෂයෙකි. පාරා වළලු - වටේට මැ කැපෙන චක්ර්කාර ආයුධයෙකි. පසල් දනව්වැ - ප්රාත්ය න්ත ජනපදයෙහි, පිටිසර. ක්ෂොහ කොටැ - කලඹා.
24. මියුළු නුවර වට ලෑම
1. ශෘංගි ලා ඉදිකරන ලද -සිහිරි (විෂ) දමා පිළියෙළ කරන ලද. තල් පැන් පකක් - තල් ගෙඩියක්. අක්ෂෞහිණියක් - ඇතුන් 21870 කින් ද, ැශ්වයන් 656210 කින් ද, රථ 21870 කින් ද, යොධයන් 199350 කින් ද යුක්ත වූ සේනාවක්.
2. වෙරම්බ වාතයෙන් - සිවු දිගින් මැ එති යි. කියන සැඩ සුළඟින්, හැළැලී - කැලඹී. පටහැණි වීම -විරුද්ධ වීම.
3. විද්වංසනය - විනාශ. පරම්ලරා ශබ්දයෙන් -කටින් නට යෑමෙන් ශබ්දයෙන් ආරංදියෙන්.
4. පෙරසන්ධ්යාලයෙහි මැ -සැන්දෑවේ මුල් කොටසෙහි මැ. දඩු වැට පහන් - විලක්කු . පා පොළොන් අගළ - වියැළි වැලි ඇති අගළ. නොෂය - ලිඟු කොපුව, ගුදමාර්ගය - මල මාර්ගය. ජය අකුසු -පෙර යුද්ධවල දී කරන ලද වික්‍ර මයනට ගෞරව වශයෙන් ලැබී ඇති අකුස. තොමරාදී - තොමර නම් අනින ආයුධ විශේෂයෙකි. ඇතරුවන් - හස්ත්යාැරොහකයන්, කාම්බෝජය, අරාබිය ආදී. ග්රීිසියට ද යොනක දේශය යැයිඅ සඳහන් වේ නානාභරණ ප්රිතිමණ්ඩිත වැ - නොයෙක් ආභාරනයෙන් සැරැසී. අසරුවන් - ආශ්වාරෝහකයන් අසුන් පියැ නඟින්නන්. කාහළ - නළා විශේෂයෙකි. ග්රී වයෙන් ග්රීනවය - බෙල්ලන් බෙල්ල. චර්ණනධ්වජ -පාට කොඩි. සතර හුලස් කොඩි ධ්වජ නම් වේ. හියවුරු -හී අවුරු, හී කොපු, ධනුධර්ධරයන්-දුනු දරන්නන්.නෛෂ්ක්රීම්ය ,ප්‍ර ඥා, වීර්ය, ක්ෂාන්ති, සත්යස අධිෂ්ධාන ,මෛත්රීැ උපේක්ෂා යන මේ පාරමිතා දසය - දාන පාරමිතාව , දාන උප පාරමිතාව දාන පරමර්ථ පාරමිතා යන වශයෙන් ගත් කලැ -සම තිසෙක් වේ. බෝධි ද්රැපමයක් -බෝ ගසක් . සත්තිස් බෝධි පක්ෂික ධර්ම - බෝධියට (සතර මාර්ගාදිය අවබෝධ කිරීමට) පක්ෂ (එක්) වැ යන ධර්ම් තිස් හත. සතර සතිපට්ඨාන, සතර සම්ය)ක් ප්‍ර ධාන වීර්ය. සතර සෘද්ධිපාද, පඤ්ච ඉන්ද්රිාය , පඤ්ච බල , සප්ත බොධ්යංගග, අය්යීව අෂ්ටාංගික මාර්ග යන මෙ තිස් හත. විදුරසුන් - වජ්රයෙන් කරන ලද ආසනය. අසි -කඩු ,ශක්ති - අඩයටි. හෙණ්ඩිවාල - කරවාල - අනිනා ආයුධ විශේෂයි. දස බිම්බරක්- බිම්බර දහයක්. ‘ බිමිබර’ නමි ඉතා විශාල සමුහයෙකි. බළ ඇණිහට සමුහ.
5. විගමනයෙන් - වෙන්වැ යෑ මෙන් . කුඤ්ච වාදයෙන් - ඇතුන් ගේ හඩ ‘ කුඤ්ච නාද’ නම් , හෙෂරවයෙන් - අස්න්ගේ හඬ මේ නමි. සක් - සංඛ හක් ගෙඩි, සින්නම් - හොරණැ. හර කයිතාලම් , තන්තිරි පට බෙර වෙසෙසෙකි . ගැට පහටු - ගැට බෙර. පනාබෙර- උඩැක්කි.
7. අස්වස් - සැනැසිලි . ද්වාරට්ටාල - දොරටු , අටුලු , දොරටු වලැ කරන ලද මුර ගෙවල් ‘ අටිටාල’ නමි දැව පත්රප- ලෑලි , සංගාලියම් - දම්වැල් . වේට්ටම් ලෑලි -හැඩ කපන ලෑලි . දාරු සම්භාරය - දැව රාශිය. ගහන බැවින් - ඝනවැ ගැවැසී ඇති බැවින් . උර පිටින් - පස්ය පිටින් පස්ව තදවි මැ ගියහ. ‘ මෘදංග මිහිගු බෙර , මුදු පරගාන සේ - මුහුද නාද කරන්නා සේ, “පරාග” ධාතු යි.නියෝග වචන-වාග් භේදයෙන් දන්වන්නට නො පිළිවන් හෙයින්- යුද්ධයෙහි දී දෙන අණ (සේනාවෙහි විශාලත්වය නිසා) වචනයෙන් දක්වන්නට නො හැකි හෙයින් . මද්දලාදි -( මද්දල+ආදි) මද්දල නම් උඩැක්කියකි. ස්වර්ණ ජාලා-රන් දැල් හස්ති කුන්ත-ඇතුන් ගේ සැට්ට -වැනි සැට්ට .තිසරනාදාමය -මෙවුල් දම තාඩාංග-තෝඩු.වලය-අත් වළලු තිසර පට-මාපය, අවුල් හර මුතු භර.උදරබන්ධන-බඩෙහි බඳින පටිය.ගැට නිමුල්හර-මාල විධේෂයකි.ලස් රෑ-කර්ණබභරණයෙකි.පස්වළලු -වළලු වෙසෙසකි. පේරැස් -මුදු වෙසෙසකි.එක් වැටි ලොකු මුතු පටි පාඩගම්-පා වළලු. පාදත්රර පා වහන්.පාදාභරණ ආදී,සමුජ්චලිත-මොනොවට බබළන.සුප්රාතිෂ්ඨිත-මනා කොටැ පිහිටි. (සැදුණු)
8. කච්චිය-රෙද්ද (දෙමළෙනි)
9.අභිප්රාචය-රුචි කැමැති
10. අනූන -නො අඩු බොහෝ
12. අවස්ථා පිළියමක් - අවස්ථාවට (වේලාවට) සුදුසු පිළියමක්. බඩැ බන් - බඩෙහි බැන්ද, ඉණෙහි ඇන්දා වූ, අස්වාමික - අහිමි ඉස් ලූ ලූ - හිස හැරැවූ හැරැවූ.
13. අන්නපාන -කෑම් පීම්, මහා පානයත් - සුරා පානයත්. එළුසන් - සිවුරු හඬලීම. අස්රු සන් - අසුරු ගැසීම .
25. නුවර ගැන්මට යෙදු උපායය
1. නො සිඳෙන්නේ යැ - නො කඩන්නේ යැ.
2. රජකු බොළඳ නියා යැ - රජකු ගේ බොළඳ බවෙකැ සැටි!
3. ආශීවිෂයක්හු - සර්පයක්හු.
අතළැ බටහ නම් - අගළෙහි (අගළට) බැස්සාහු නම්.
අන්තරට්ටාලවලැ - අතුරු අටලුවලැ, විත් - බොන බඳුන්.
7. අභිමතාර්ථ සාධක ව- කැමති දේ සිදු කරන්නාවූ. චින්තාමාණික්යභයක් සිතූ පැතූ දේ දෙන මැණිකක්. නො මිය - නො මැරෙවූ. හුයා -උයා
10. “ඇයි තිබී දැ’යි - ඇයි ඉතිරි කෙළේ දැ’යි තිලින් -තෙල පෙනෙන තැනින්.
11. වලක් -වනයක්. කැලෑවක්, පවුරු පිටින් -පවුරු මතු පිටින් හරවා - අස්කරවා, සයිනු් - ක්ෂුධාවෙන්, බඩ ගින්නෙන්.
12. ගෙයක් පණවා - ගෙයක් පාසා.
13. උපාය නම් තමා -උපාය නම් වනාහි.
26. ධර්ම යුද්ධය
3. පුර දියවකැ - මාසේ පෝය ගිය දෙ වැනි දිනැ. කල් යේ නු -කල් යන්නේ නොවේද?
4. පා පිහුම් -පා නැමැති නෙළුම් මල්, කසී සළුවක් කසී දේශයෙහි කළ (සිහින්) සළුවක්.
5. ඩාඩහදිය විජෘම්භණය කෙරෙමින් -වැජැඹෙමින් රූපෛශ්චර්ය රූප සම්පත්තිය. උපමා විෂායාතික්රා්න්ත වූ උපමා කිරීමේ ව්ෂය (බලය පවත්නා සීමාව) ඉක්මැ වූ.
6. සිටි පැළැ -සිටි තැනැ.
7. නැඹුරු වූ හ-නැමුණු හ.පිටිකර -බෙල්ල පිටිමුල -කොන්ද කොරසැඬි-කොරපොතු වකා - තවරා. ඉස්බක් බඹ 35 ක්.
8.කොක්සන් -කොක් හඬ . කොකුන් ඇති කරන වැනි හඬ.
අලජ්ජි වූ-ලැජ්ජා නැත්තා වූ පවිටු - පාපිෂ්ඨ. නිකෘෂ්ට අනාචාර ස්වරුප ඇති -අධම වූ අනාචාර ස්වභාව ඇති.
27. “අනුකේවට්ට” උපාය
1. වැඳිම් මාන - වැඳිමේ ක්රපම.
2.කැටක් වත් -ගල් කැටයක් වත්.
3.අනායාසයෙන් -ආයාසයක් (වෙහෙසක්) නැති වැ පියදු-යෙදු , ඇරියා වූ උළු සුනු- උළු කුඩු මන්ත්රසභේදක සොර මන්ත්‍ර)ණය භෙද කළ සොර. අඩුවැඩියත් -අඩු දේත් වැඩි දේත්. දුර්වල දේත් ශක්තිමත් දේත් මා ලත් ලසු -මා ඔබට ලැබුණු පසු භින්න වැ -භෙද කරන ලදු වැ-හෙද කරන ලදු වැ ප්රසපඤ්ච-ප්රාමාද.
4.නො වරදවා -අත් නො හැර
5.හන්පළන් වස්ත්‍රා භරණාදිය- ඇන්දා වූ වස්ත්‍රාදියෙහි ද පැළැන්දා වූ ආභරණදියෙහි ද.
7.නිල කරව -විධාන කරව. කඩියාලම -කටකලියාව. භයා ලු කලැ ඇද්ද කලැ අවකම්පන සෑදිමෙන්-කඩියාලම භයා ලූ කලැ නො රදා ඉිරියට මැ දුවන ලෙස සෑදීමෙන්
8. නිනාද - නාද කීපයක් මිශ්රට වීමෙන් ඇති වන නාදය නිනාදයයි.
9. කඹදම් ආදී - කඹ දම්වැල් ආදීය.
10. නො වන පසු - නො වන කලැ. දෙපෝයක් මැ - පෝය දෙකක් මැ අඬ මසක් මැ. දශ විධ රත්නයන් - මුතු, මැණික්, වෛදූර්ය, ගොමෙද, වජර, ප්රවවාල, පද්මරාග, මකරත, නීල, ශ්වෙත යන මෙ දස විධ රත්නයෙන්.
28. විවාහ මන්ත්‍රණය
1. දිව්යධප්සරාවක - දෙවඟනක
2. අප දෙන්නා මතු - අප දෙන්නා පමණක්. ශ්‍ර වණසංසර්ගයෙහි - ඇසීම නිසා ඇති වූ ආශාවෙහි. විද්දත් නායකයො - නායක වන්දිහට්ටයෝ (විරුදුකාරයෝ) කඤ්චුතාළම් - එකට එක හැපීමෙන් හඬ නැගෙන ලොහමය පියන් වෙසෙසක්.
4. නාටකයනට - නළුවනට.
29. විවාහ යෝජනාව
2. මාරුක් - පොල්
3. පාක්කුඩම් - පඬුරු. එකාත්මික වැ - සමාන ආත්ම ඇත්තන් වැ සන්නිඃශ්රි ත - යුක්ත
5. පිරිබඩ ගන්වන සේක්. රක්ත - රතු වස්ත්‍ර යක්. දෑඟුල් බොල ඇති කොටැ - අඟල් දෙකක් ගන කම ඇති කොටැ.
7. කපවලැ - කනුවලැ. සූක්ෂ්ම - සියුම්. උග්‍රම ගවර පිරි ගොවුදකට වන් ගව මාල්ලකු සේ - තෙත් ගොම පිරිණාවු ගව හලට වැදුණු මහලු ගොනකු සේ . පලව පලවා- -විද්ද විද්දා. මිරිමිරියේ-මිරි මිරි යන හඬින්. නුවන-ඇස. පිටි දැ මැදැ-පිටිකොන්ද මැදැ.
8. ආන ආනා-කට දල්ව දල්වා. කථා සංසන්දනය-කථා සැසැඳීම, දෙ දෙනා අතරැ වු කථාව. අනාර්ය ස්වරූප ඇති-ආර්ය (ශිෂ්ට) නූව ස්වභාවය ඇති. සාධු ගුණයක්-යහපත් ගුණයක්.
9. ප්‍ර ඥා සමුද්ර්යෝ-සමුද්ර්ය මෙන් නුවණ ඇත්තෝ.
10. පාර ප්රාසප්තයැ-පාරයට ( පරතෙරට-කෙළවරට) පැමිණියේ යැ. ප්රභත්යු ත්පන්න-වර්තමාන. පරොපදේශ-අන්‍ය-යන් ගේ උපදේශ. ස්වයම්භූ ඥානයෙන්-තමා විසින් මැ ඇති කර ගන්නා ලද නුවණින්. ගංගෝදකය ගංගා නදියෙහි ජලය. යමුනොදකය-යමුනා නදියෙහි ජලය.
12. පඤ්ච ප්රයකාර බලයෙන්-අර්ථ(ධන), කාය, ප්රිඥා, සේනා, ස්ථානාන්තර යන මේ බල පසින්. ගැලැ-ගිලැ. පණැ-පර්ණඅයෙහි. (එල්ලන ලද) කොළවලැ.වැද්දන් ආදීන් විසින් එල්ලන ලද කොළ දැකැ ආශායෙන් පැමිණ මුවෝ නැසෙති. හෙළදෙඩුව යි-පහත් කොටැ සලකා දෙඩුව යි. ළෙහි-දා හෘදයෙහි උපන්. තමාට මැ දා වූ. නිමුත් මිටැ-නඟුල් මිටැ.
13. තුළු ගසව-තෙෙල තැනැත්තාට ගසව. සිටි පියෙන් නො ඉගිළි-සිටි අඩියෙන් නොසෙලැ වී නො මේ වරෙයි-නො කල යුතු මෙහෙවරෙහි.
30. ගිරවාණන් ගේ දූත මෙහෙවර
1. පක්ෂද්වයක්-පියාපකත් දෙකක්හ. පැදැකුණු කොටැ-යමක් පැදැකුණු කිරීම නම් ඒ දෙසට තමාගේ දකුණු පස සිටින සේ වටා යාම යි. කොත් කැරුල්ල-කොබෝ ගෙඩි වළල්ල. ප්රැතිවචන-පිළිතුරු වදන්. ඇණැ තොල් මිටි බඳවා ගෙනැ-ඇණීමෙන් තොල් බිඳුවා ගෙනැ.
3. හිඳිනැ-හිඳින්නැ.
4. රසාඤ්ජනයක-රස අඳුනක්. ඇසෙහි අඳුන් ගෑ කලැ සියලු දැවීම් ආදිය නිවා මහත් සැපයෙක් ලැබේ.
5. කූටාගාර කුක්ෂියෙහි-කුළු ගේ නමින් ඇතුළෙහි, එක් මුඳුනක් ඇති වන සේ කල ගෙය කූටාගාර නමි. මෙහි සඳහන් කූටාගාරය වූයේ පහය මුදුනේ යැ. කුළු ගෙයැ ආසින්-කුළුගෙයට ඉහළ ඇති අහසින්. දැරි ඇති හෙයින් සරණ බණවා-සරණ කථා කොටැ, සරණ විමසා.
7. බැහැවුම්-නොකැමති කම්. දස බෑ රජ්ජුරුවනට-වාසුදෙව, බලදෙව, අර්ජුන, ප්රුද්යුවම්කන, චන්ද්‍රර දෙව සූර්ය දෙව, යඥ දෙව, අග්නි දෙව, සත, අංකුර යන සහෝදර රජවරුන් දස දෙනාට. මොහු දස දෙන දඹ දිවැ දිග් විජය කොටැ රජය කළ හ. ක්ෂත්රිුය කුලයෙහි-රාජ කුලයෙහි. ආදීනව විපාක, දොස් . තවුස් පැවිදිදෙන් මහණ වැ-.තාපස ප්රනවෘජ්යාොවෙන් මහණ වැ. තාපසයකු මෙන් පැවිදි වැ-(අනෙක ‘සෘෂි ප්රනවෘජ්යාොව”යි ) ජීවිත හරණය-ජීවිතය පහැරැ ගැනීම.පාද පරිචාරිකා-හර්යා.
9. ප්රජපඤ්ච-ප්රනමාද.
10. ඊනියා- ඒ නියා, එ බඳු. විරපති-වෙනස්.
11. කයිවාරු කොටැ-(බොරුවට) වර්ණ.නා කොටැ, කර්ම.- කර්මහ, කටයුතු. වැහැරැ-කෘශ වී. සමුණනට-ස්වාමියාණනට.
12. ආද්යවන්ත-මුල අග
31. මහෞෂධයන් උත්තර පඤ්චාල නුවරට පැමිණිම.
1. ඇසූ අනතුරු-ඇසුවා හා සමඟ මැ, ඇසූ පසූ. ජගත් පණ්ඩිතයකු ලෝක පණ්ඩිතයකු. මුළු ලොවට මැ මැ සුදුසු වූ පණ්ඩිතයකු.
2. උදන් අනන සේක්-ප්රීසතිය ප්රසකාශ කරන සේක්. අනූනන වැ-නො අඩු වැ. කාය වාඩ්මනස්-කය, වචන, සිත, ආපදාවක්-විපතක්. යදම්-යකඩ දම්වැල්. කඹුරු-ලෝහ වැඩකරු. සොම්මර- සම් වැඩකරු.
6.ලඝු කොටැ-බර අඩු කොටැ. අනවශ්යඩ කොටස් හැරැ.පියවර ලකුණින්.
7. ක්ෂොභවැ-කැලැඹී.
32. එක් දවසින් නව කෝටියක් වස්තු සැපැයීම
2. හිණි පා මුලැ-හිණි මඟෙහි(තරප්පුවෙහි) මුල. නපුරෙක්- වරදෙක්. නිලාකොටැ-නියම කොටැ.
4. රාජමාතාවෝ-රජ මවු. කියටි-කියනු කැමති දැ, පැමිණැවිය යුතු දඬුවම්.
6. ඒ වන්නා-ඒ වනාහි. ඔබට-මෙ තැනින් ඔබට, අනුනට.
7. පස් ලෝ-තඹ,පිත්තල, බෙලෙක්,ඊයම්,යකඩ මේ ලෝහ පස.
8. බා ගෙනැ-බැසැ ගෙනැ. වැදී. ලේ කැන්-ලේකැටි. ලේ මඩුලු-ලේ වට. වටා ලේඇති වීම. නො මිය නියායාවක්-නො මළ සැටියක්. නො මැරුණා පමණක්. මඳින්-මඳ හෙයින්. නෙරන මාන-නෙරපන ක්රිම.
9. ගත යුත්තතක්-කළයුත්තක්.
33.උමං කර්මාන්තය
1. ප්ිකරය විප්රනයෝග කිරීම-ප්රිනය දැයින් වෙන් කිරීම. සතුරන් දත නො හැක්කැ-සතුරන් වෙන් කොටැ ද ත නො හැක්කැ.
2. මේ මේ කරව-මේ මෙහෙ (වැඩ ) කරව.
3. ගංගායෙහි අස-ගංගායෙහි අංශය. ගං ඉවුර. වියන් පෝරු-වියන් මෙන් ඇති ලෑලි ‘සිවිලිම්’ සක ලා ගාවා-සක (හක්ගෙඩිය) දමා මැදැ. සක් ගෙඩිය. උළා මැදැ, අති ධවල- ඉතා සුදු පාන් ගබඩාවත්-පහන්අ ගෙවලුත්. නොයේක් පෑයෙන්-නොයෙක් පාටින්. කොඳු පලස්-කෙඳි පලස්.(කම්බලි). අතුට-අතුරා. පෙතැලි රූත්-පෙතැලි රූප ද, අජීව යැ. ජීවිත නැතැ. ශක්‍ර) විලාසය-ශක්‍ර.යාගේ විලාසය.(ආකාරය) සතර මහා සමුද්රනය-මහ මෙර වටා ඇතැ යි සලකන (නැගෙනහිරෙහි) කිරි මුහුද, (දකුණෙහි) නිල් මුහුද, (බටහිරෙහි ) පබළු මුහුද, (උතුරෙහි) රන් මුහුද යන සමුද්රැ සතර. සතර මහා ද්විපය-මහ මෙරට සතර දිගින් ඇතැයි යන (නැගෙනහිරින්) පූර්ව විදේහය, (දකුණින්) ජම්බුදිවීපය, (බටහිරින් ) අපරගොයානය, (උතුරින්) උතුරුකර දිවයින යන මහාද්වීප සතර. අනවතප්ත විල-අවටින් පර්වතයන් ගෙන් ගැවැසී ඇති නිසා සූර්ය රශ්මිෙයන් නො තැවෙන දිය ඇති විල. මෙය හිමාලය ප්රසදේයෙහි පිහිටියේ ල. සිරියෙල් අතල-හිමාලයෙහි ඇතැයි සලකන ‘මනොසිල’ පර්වත තලය. රිදීපටක්-රිදියෙන් කළ රෙද්දක්, නික්මෙන තොටැ-ගමන් ආරම්භ කරන තොටෙහි. උඩු ගඟ-ගඟෙහි ඒ තොටට ඉහළින්.
34. වේදේහයන් උත්තර පඤ්චාල නුවරට පැමිණීම
1. බිමැ පිසැ-බිම ගල් මුල් ආදිය උගුල්ලා පිසැ දමා බිම ශුද්ධ කොටැ
2. ඉඳුරා ප්රේත්යගක්ෂ (නියම ) වශයෙන්
3. නක්ෂත්ර්යෙක්-නැකැතෙක්. හදාළ හැදෑරූ. පිළීයෙළ කළ.
35. බ්රේහ්මදත්තයන් උපකාරී නුවර වටලෑම
පඤ්චායුධ-දුන්න, මුගුර, අඩටිය, පත් කොහොල, පාරාවළල්ල යන මේ ආයුධ පස.
2. ශ්රාපන්ත-වෙහසෙ.
3. අරුණු-අරණාලෝකය.
36. “මංගල වීථිය”
1. සහජාත-සමඟ උපන්. මහ විසල් මළුවේ-විශාල මිඳුලේ.
2. කුරුන් කුදුන්-කුරු මිනිසුන්, කුදු මිනිසුන්. කඩ රෙදි ගන්වා රෙදි කැබලි ඔබා. තාක් මුළුල්ල-ඇතිතාක් සියල්ල. චපල-ස්ථිර නැති.
3. බැණැවූ හ-කථා කැරැ වූ හ. අඬ ගැසූ හ.
5.රඳා-නැවැතී. පැලෑ හ-පලා ගිය හ.
6. මනදොළ-සිතෙහි ආශාව.
37.වේදේහයන් ගැලැවෙන උපාය සෙවීම.
1. අනන්තාපරිමාණ-(අනන්ත- අපරිමාන) කෙළවරක් ප්රිමාණයක් නැති. ළය ඉපිළැ-හෘදය (පපුව) උඩ පැනැ, ළය ගැස්සී. ශරකාශයෙහි-ශරත් (සෘතුවෙහි) ඇති අහසෙහි. ඒ කාලයෙහි අහස වලා කුළුවලින් තොර යැ. එ හෙයින් එ කලැ අහසෙහි ඇති තරු මනා වැ බැබළේ.
2. ජඩාඨ්ය -ජඩ (මෝඩ) කමින් ආඩ්‍ය (පිරුණ ) නොරට-පිට රට. නුපුරුදු රට.
3. එකොභාස-(එක+ උභාස ) එකාලොක.
4. කල්පැද්රැ මයක්-කල්ප වෘක්ෂයකුත්, සිතූ පැතූ දෑ දෙන ගසක්. අර්ථ බල-ධන බල. කාය බල-ශරීර ශක්තිය. සෙසු තුන් බලය නම්. ප්රටඥා සේනා, ස්ථානාන්තර යන මේ යි.
6. භින්න මන්ත්‍ර ණයෙන්-බිඳුණාවූ මන්ත්රයණයෙන්. මන්ත්‍ර ණය (අවවාදය) බිඳීමෙන්. ඉණකඩක්-ඉණට අඳින රෙද්දක්. පිඬක්-බත් පිඬක්. ආහාරයක්.
7. රජගෙයි අසලයෝත්- රජගෙයි ආසන්නයෝත්. රජ ගෙය පුරුදු ඇත්තෝ. විශ්වාසය වූවෝ. නිමුත් මිටැ-නඟුලෙහි මිටෙහි. බැවහර මඟුල් කරුණු පිළිබඳ වැ ව්යවවහාර(වන කරුණු). මරින්-මරණයෙන්.
8. වජිරබුද්ධි-වජ්රයක් (විදුරක්-දිය මනතියක්) මෙන් ඉතා තද වූ දැය ද විනිවිද යත හැකි බුද්ධියක්.ජනහිත නිරත වූ-ජනයනට හිතයෙහි වැඩෙහි ඇලුණා වූ. දැඩි කම්-තද දේ. ‘ගොරෝසු වැඩ’ජව සම්පන්න-ජවය(වේගවත් දිවීම්) ඇති. සදා-සරසා. කැහැටෙකින්-කෙවිටෙකින්.
9.පුරුෂ විශේෂය-අන්‍ය යනට වඩා යම් පුරුෂයකු කෙරෙහි ඇති විශේෂත්වය. අවිෂය වැ-බලය දැක්වියැ හැකි සීමාවක් නැති වැ. බල නැති වැ. ආකාශ චාරී-අහසෙහි හැසිරෙන. අහසින් යන. ගරුඬ-ගුරුළු.
10.නැව් බුන්නාවුන්-නැව් බිඳී ගියවුන්.
11. බැහැවෙන-දැපෙන. ආඩම්බරයෙන් සිතන. සපනි-සපනහි, සපන් වෙහි.
12. නමකට-එක් කෙනෙකුට
13. මල ඉදිකොටැ-තොංඩුව තනා නැත-නැත හොත්. ප්රිපාතයකට පල්ලමකට.
14. පැකුලුණුනට-පැකුලුණු අයට. (පොළොවෙහි) පය හැපුණු අයට. සකැ-හක් ගෙඩියෙහි.
15. නිරුදක-උදකයක් (ජලයක් ) නැති.
38. වේදේහයන් අස්වැසීම
1. ශරීණාගත වජ්රපඤ්ජරයක්-පිහිට සොයා පැමිණියවුනට වජ්රයෙන් කළ මැඳිරියක් (කූඩුවක් )
2. ව්ය ර්ථ-නිශ්ඵල. වා දහස-අවුරුදු දහස්. ජල රේඛාවක්- දියෙහි ඇඳි ඉරක්. තුච්ජ-හිස්. පේළාවකැ-පෙට්ටියෙකැ. පදාත-පාබළ. යුද්ධ ප්ර්යෝගයක්-යුද්ධය යෙදීමක්. යුද්ධකිරීමක්.
39. වේදේහයන් ගැලැවී යාම.
1. කෝනමක්- (කුණු ආදිය ගෑවෙතියි සිතා පිටතින් ඇන්ද ) වැරැහැල්ලක්. පොට්ටනියත්- ආභරණාදිය දැමූ පොට්ටනියත්.සලෙයිකඩ-යටට ඇඳි පරණ රෙදි කඩ.
2. සන් කම් කෙටැ කොටැ-සංඥා කෙරෙමින්.
6.සුහුරු බඬුණුවෝ-මස්සිනා. උභයකුල පරිශුද්ධ-මවු කුලයෙන් පිය කුලයෙන් හා පිරිසිදු.
8. අන්තර මාර්ගයෙහි-අතුරු මහැ. යොත්තකට-යොදුනකට.
13. නව වාහනයන්-අලුත් වාහන.
40. නිශ්ඵල ව්‍යායාමය
1.හියවුර-හී කොපුව.
2. ජීව ග්‍රා-හයෙන් -පණ පිටින්. කෘත හස්ත වූ -පුරුදු කරන ලද අත්ඇති. හසළා වූ. කරබටුවක් බටු විශේෂයෙකි. දඬු බස්නා මානයේ ඊ දංඩක වදින තරම් දුර. කුඤ්ජර-ඇතාට නමෙකි. වර්ෂදණයක්-වැස්සක්. සංග්රාදමයෙහි එඩි නො ලා -යුද්ධයෙහි දි ආඩම්බරය පස්සට නො දමා, නො පසු බැසැ. දුනුවා යෝධයෝ-දුනු දරන භටයෝ. සාදා ගන්නා හ- ජය ගන්නා හ. පෙටියන්-මත්ස්යර වර්ලයෙකි. සුනිසිත කොටැ-මනා වැ පිළියෙළ කොටැ. තුන් සණ-හණ තුනකැ. ජාති වානේ-උපන් වානේ. යකඩ ශුද්ධ කොටැ ගන්නා ලද වානේ නො වැ පොළොවින් එ හෙයින් මැ සාරා ගනු ලබන වානේ, වසුරු-අසූවි. පතාක යෝධයෝ-පතාකයක් (කොඩියක්) මෙන් කරනම් පැනැ ගෙනැ යන යෝදයෝ. කරපැ- කරක් ගෙඩියෙහි. වජ්රාංකුසයෙන් වජ්රයෙන් (දියමන්තියෙන්) කරන ලද අකුස්සෙන් (හෙංඩුවෙන්)
3. ආණ්ඩු පිරිස-තමාට යටත් පිරිස.
41. මහෞෂධ බ්‍රහ්මදත්ත සංවාදය
1. ත්රෛමලොකයික ගුරු-තුන් ලොවට එක මැ ගුරු. පරශත්රැන මර්දනය ප්රරතාප-පරසතුරන් මර්දනය කිරීමේ තේජස. සකල ගජ චක්රර මර්දන හාස්වර කෙශර සිංහරාජ වික්රරම-සියලු හස්ති සමූහයා මර්දනය කිරීමට කෙසුරින් බබළනන සිංහ රාජයෙකු ගේ මෙන් විත්රීම ඇති. රුවන් සෝලු-මැණික් ඔබා කළ වස්ත්රි විශේෂයෙකි. තාඩංක නාග වඩම් කාදු-කර්ණරභරණ විශේෂයෙකි.
2. ඔප්-ඔපය, කැටපතෙකැ-කන්නාඩියෙකැ.
3. සිරිහී-හිරි වැටී. ඉදි පොඩි වී.
4. සැහැසෙන්නාහු-කොප වෙන්නාහු-තට මතු නො වෙයි- තට පමනක් ඇති වෙන්නේ නො වෙයි.
5.තොයිත්- තෝ ද. මියෙයි-මියෙයි, මැෙරහි.
6. සිවල් මුලෙක්- සිවල් සමූයෙක්.
7. චකිතයක්- තැති ගැන්මක්.
8. බසින් වූ බස්-බසින් පැමිණි බස්: වචනයෙන් කියූ දැ. මා කළක් කෙළේ යැ-මා කළ දෙයක් කෙළේ යැ.
9. විසංඥ-සිහි නැති. දියුණුක්-දෙගුණයක්-විත්ර වධ. නොයෙක් විසිතුරු අන්දමේ වධ. නිවාරණය කොටැ වළක්වා.
10. මරණ විකලයෙන්-මරණය නිසා උපන් සිහි විපාර්යායයෙන්.
11. අන්තඃපුරයට-රජ, බිසෝ ආදීන් වසන ඇතුළු නුවරට.
12. නිශ්ශොකී-ශොක නැති.
13. රුවන් උකා- ( ගබඩායෙහි වළවලැ රැස් කොටැ තබන ලද) රුවන් හාරා. පූ-කැවුම්. රැස් බැඳැ-සමූහ වී. සැඬි ගමක්- සැඬ (දරුණු) මිනිසුන් ඇති ගමක්. නිශ්ශ්රීකක-ශ්‍රී යක් (ශොභනත්වයකත්) නැති අශෝභන.
14. ශෝණි ප්රපදේශ-කටිය. උකුළු පෙදෙස. තිහිරි පිළි-පට පිළි, ජාත රූපයෙන්-රනින්. සර්වාංග සුන්දර වූ-සියලු අංගයන්ගෙන් සොඳුරු (මනා) වූ.
15. අලතා-ලතු (ලාකඩ ) දිය. මුව පොල්ලන්-මෘග පෝතකයන්. මුව පැටියන්. කෘෂ්ණ මණ්ඩලය-කළු ඉංගිරියාව. පස් පෑ-නිල්, කහ, තද රතු, සුදු, මඳ රතු. විලිකුන්-ඉදුණ. බිඹු පල-කෝවක්කා ගෙඩි. රත් වූ-රතු වූ. අධර පල්ලව-තොල් නමැති දලු. දැහිඟුල් පල්ලෙක්හි-සාදිලිංගම් පත්රපයෙකැ. කළුවැල් ලතාවක්-කළු අගිල් වැලක්. වඤ්චාල-ලෙළ දෙන. අක්බඹරු-අග කරකැවුණු culred. අභිනව මෘගාංගානාවන්-තරුණ මුව දෙනුන්. හේමන්ත කාලයෙහි-ශීත සෘතුවෙහි. පර්වත ප්රාුන්තයෙන්-කඳු බෑවුමෙන්. දෙහිත්තියෙන්- දෙවුරින්. නළ කොළ-බට කොළ. තුනු සිහින්. රොම රාජියෙන්-ලොම් රොදින්.
16.ඡවි කල්යාොණ-කල්යාෙණ (යහපත්) ඡවි (සම) ඇති බව, කැලැල් රහිත සම් ඇති බව ඡවි කල්යාරණය යි. මාංස කල්යාාණය-ඉතා මහත් හෝ ඉතා කෘශ හෝ නො වී මනා වැ පිහිටි මස් පිඬු ඇති බව.(බිඹු පල පැහැති දෙ තොල් ඇති හෙයින් ද මාංස කල්යාමණයැ යි කියත් ල) වයඃ කල්යාදණ -බොහෝ දරුවන් ලැබූවත් සොළොසැවිරිදි කන්යා්වක ගේ මෙන් වයස නො පෙනෙන බව.දන්ත කල්යාිණය- සුදු, සිදුරු නැති සම දත් ඇති බව. කේශ කල්යා්ණය- මුදා ලූ කලැ ගොප් සම දක්වා වැටෙන මොනර පිල් කලඹක් සේ ශෝභන වූ අක්බඹුරු හිස කේ ඇති බව. ස්වර්ණලඵලකයෙහි-රන් පෝරුෙවහි. නඛාග්රදයෙහි - (පයෙහි ) නිය කෙළවරෙහි. ස්නෙන සුහත්-ස්නෙහ ස්වල්පයත්. සිවුමැලි-සුකුමාළ. මොළොක්.
17. දිව්ය් මායමක්- දෙවියන් ගේ මායමක්. ඉන්ද්රළජාලයක් සේ -ඇස් බැන්දුමක්.
18. අර්ධයක් ලද්දේ පණ්ඩිත යැ-පණ්ඩිතයන් ගත හොත් ඒ මා විසින් ලද මන ා දැයින් අඩක් ලැබුණේ වේ යැ. සිත් අඟවා-සිත් පෙන්වා. දුර්ම්තයක් නපුරු සිතිව්ල්ලක්.
42. බ්රහ්මදත්යන් උමඟට වැදීම.
1. වේදේහ රජු කෙරේ ව්යායජයෙන්- වේදේහ රජුට ඇති ලාභය වර්ණා්නා කරන්නාක් මෙන් හඟවා.
2. මහ පසාරයෙන්-මහ ‘පුරසාමින්’
3.අගම්පඩිසේනාව- පඩියටසේවය කරන පිරිස. අඟුළු හී-අඟුළු වැටී ලෝකාන්තරික නරකය-සක්වළ ගග් තුනක් මැදැ ඇතැ යි සලකන නිතර අඳුරු නිරය.
4. අමෝරා-ඔසොවා. ‘උලුක් කොටැ,
5. සපථ- දිවිරීම.
6. අනාථ මරණින්-අසරණ (දුප්පත් ) මරණින්.
7. සැළවල්- සැළි.බ
8. පාප මිත්‍ර සංසර්ගයෙන්-පාප මිත්රරයන් ගේ එක් වීමෙන්. වරද දෙසා වරද කියා. හැම-හැමදෙන.
43. මහෞෂධයන් රඳවා ගන්නට ප්ර්යත්න කිරීම
1. තෙජසත්................. කීර්තියත්- තෙජස නම් අනුන් තවන ගතිය යි. කීර්තිය නම් යමෙකු ගේ යහපත් ගුණ කථාව යි.
2. කර්ණතරසායනක්-කනට රසය (සුවය) පමුණුවන්නක්. ධර්මා න්විත ධර්ම.යෙන් යුක්ත:
3. ධජ පතාක-සතර හුළක් කොඩි ‘ධජ යැ, තුන්හුළක් කොඩි “පතාක” යැ. කදලි තොරණ-කෙසෙල් ගස් යොදා කළ තොරණ. ලද පස් මල්-ලද විළඳ ආදී කොටැ ඇති මල් පස් වර්ගය. විලඳ, සමන් කැකුළු,හෙළ අබ, ඊ තණ සුදු මල්. තුෂාරයෙන් ආර්ද්‍ර, වූ-පින්නෙන් තෙමුණා වූ.
46. පිළිසඳර
1. කුරාලයෙකැ-මිනී ගෙනැ යන මැස්සකැ. වර්තමානයෙහි ‘කුරාලය’ නම් තොවිලවලැ දී සාදන පැද්දෙන මැසි විශේෂයකි.
2. ඉෂ්ටයක්- යහපතක්. අභිවෘද්ධියක්. අනිෂ්ටයක්-අයහපතක්.
47. සැණ කෙළි
විභවානුරූප කොටැ-සම්පත්තියට අනුරූප කොටැ. ශක්ති පමණින්. ව්යාාපාරයෝ-වෙළෙන්දෝ පිළී සිසාරා-පිළි (රෙදි) හිස වටැ කරකවා. නෙයියාඩගම්-නැටුම්-ගැයුම් අාදී නොයෙක් විකාර සෙල්ලම්.
49. දිය රකුසු පැනය
(දියෙහි අරක් ගෙනැ සිටින රකුසු දිය රකුසුයි)
1. කිරඹ සේ - (කිරි+ අඹ) කිරි හා ජලය සේ. එ නම් පහසුවෙන් වෙන් කොට හැකි වැ එක් වූ සිටින සේ.
4. නො පහන්- නො පැහැදුණු. නො සතුටු වූ.
5. අත විදා- (කිසි මසුරු බවක් නැති වැ) අත විහිදා.
7. කල මඬලක්-කලවිටක්. කමතක්.
10. පට (බැන්දා හ)- සෙනෙවිරත් ධූරයට අයත් නළල් පට. වඩ බා දිය-වඩ දිය ඇති කල්හි සයුරු ඔද වැඩෙයි. (එහි ජලය නැඟී නැඟී වැඩිවෙයි.) එ හෙයින් මෙ සේ කියැවිණ.
11. කැහැපට කවා ගෙනැ- කැහැපට ගන්වා ගෙනැ. පණ්ඩිතයන් මාරුවෙහි- පණ්ඩිතයන් වෙනුවට.
14. මායම් - රැවටිලි වචන.
15. පිරිමසා- අනුශාසනා කොටැ.
16. ඉස නො නැඟී-හිස ඔසොවා. වැඩි වයසකට නො පැමිණ. සැල නො කොටැ-ආරංචි නො කොටැ.ප්රිසිද්ධ නොවන සේ . හළ පැලැල්ලෙන්-හරින ලද දොරින්.
17ජාති- උත්පත්ති ආදිය.
18. මේ එක් වැ යැ-මේ තෙමේ එක් වැනි ( සමාන ) යැ. පලස්හූයවට- පලස් නූලින් කළ පන්දුව.
19. ස්වර්ණසප්රකතිබිම්බයක්-රන් පිළිඹුවක්. රනින් කළ රූපයක්. දෝතුන් දොහොත්, දෑත්.
20.ප්රලත්යොන්ත-පිටිසර. ප්රිධාන රාජධානායෙන් බැහැරැ පළාතෙක
21. මා යවුවා කොටැ- මා යවන්නාක් මෙන්. ඉස්වද්දන - තැනක්-ඉස් සඟවා ගන්නට තැනක්.
23. මා යවුවා කොටැ- මා යවන්නාක් මෙන්. ඉස්වද්දන-තැනැක් -ඉස් සඟවා ගන්නට තැනැක්.
24. බාල්යුයෙහි- බාල කලැ.
25. මේ කීවා-මෙ කියන ලද දැ. ඈ මැදහත් නියා යැයි- ඈ (රජු හා අප හා) මැදැ සිටින නියා යැ යි. දිවුණක්- දෙගුණයක්.
26. තීක්ෂණ මන්ත්රීදවූ- සියුම් මණ්ත්ර ණය (කල්ප.න උපාය) ඇත්තා වූ.
27. නොදන්නා වන් වැ- නො දන්නාක් මෙන්.
28. නිර්ධනී වැ- ධනය නැති වැ. මා ඉක්මැ- මා පසු කොටැ. මටත් වඩා උසස් යැයි. තමා මැ -එකාන්තයෙන් මැ.
30. අතැඹුල-අතෙහි ඇති ඇඹුල (නෙල්ලි ගෙඩිය) අතෙහි ඇති නෙල්ලි ගෙඩියෙහි තත්වය මනා වැ පෙනේ, වැටැහේ.
31. එක්වන්-නිතරැ. කැබලි කඩදත් (කැඩුණු බිඳුණු) දත්.
33. නාග සුපර්ණාැදී- නා ගුරුළු අාදී. ආ වක්- ආ දින. ප්‍ර ත්යු්පන්න-වර්තමාන, නිරපරාධ කාරී- අපාරධ නොකරන සුලු. අසමධුර-සම ධූරයක් නැති.
34. දෙබළයක්- දෑතක්
35. ඓහලෞකික සකලාර්ථඛ ජාතය- මේ ලොව සම්මබන්ධ වූ සියලු අර්ථ (අභිවද්ධි) රාශිය. කෙවල ප්රසසස්ත-හුදු (තනි කැරැ ම) පැසැස්ස යුතු. කුළුගන්වා- සම්පූර්ණ කොටැ. ගෙවල් සම්බන්ධයෙන් ආ සම්ප්රසදාය වශයෙන් කියති.
50. පූර්වභපර සන්ධි
දුඃඛ සත්යපය- ‘සියල්ල දුක යැ’ යන ඇත්ත. සමුදය සත්‍ය ය- ‘දුකට හේතුව තෘෂ්ණාව යැ’ යන ඇත්ත. නිරෝධ සත්‍ය ය- ‘තෘෂ්ණාවෙහි නැවැත්මක් වෙයි, යන ඇත්ත. මාර්ග සත්‍ය ය- ‘‘තෘෂ්ණාව නැවැත්වීමේ මාර්ගයක් ඇත’ යන ඇත්ත. චතුරාර්ය සත්‍යයය- ආර්යයන් විසින් අවබෝධ කැරැ ගන්නා ලද සත්‍යය හතර.
2. ධර්ම භාණ්ඩාගාරික- ධර්ම නමැති භාණ්ඩාගාරය අයිතිකරු. පැලෑ වූ පලා ගියා වූ . මා විනා- මා හැරැ.